Back
/ 38
Chapter 34

තිස් හතරවන ස්වරය ❤️

තත් 🔞

"කෝ ඉස්සරහට යන්න...ඉස්සරහට."

"තව කොහෙ යන්නද ?"

"ඔය ඔතන ඉස්සරහා ඉඩ තියෙනවනෙ මල්ලි...තව මිනිස්සු ඉන්නව...දොර ලඟ ඉන්නෙ නැතුව ඉස්සරහට යන්නකො."

මුගේ ආච්චිට හාල් ගරන්න යකෝ මූ මට කියන්නෙ පිටිපස්සෙ දොරෙන් නැගලා ඉස්සරහ දොරෙන් බැහැලා යන්න කියලද මන්දා...රෙද්ද.

නැගපු වෙලේ ඉඳලා කොයන්නෙ ඉස්සරහට පල ඉස්සරහට පල කියලා..එහෙම යන්න ගිහින් ඇන්ටි කෙනෙකුගෙ පිටට තෙරපුනත් එක්ක...ඒ ගෑනිගෙන් කුඩේන් කෑවා කියලමයි මම හිතුවෙ...මේ බලු කොන්දාවනම් කන්න හිතිලා ඉන්නෙ මම.

"ඔය ලා කහපාට ශර්ට් එක...සල්ලිගන්න."

"ම්ම්ම්."

"කොහෙටද."

"####*...මට පොඩ්ඩක් කියනවද කිට්ටුකරලා."

"හරි...සීයක් දෙන්න."

"ම්ම්ම්."

සීයක දුර...මම මේ බස් එකක යනවා දැන් අර හැලපයාව හොයාගෙන ...අනේ මම මුගෙ කට කඩනව ඇයි යකෝ..මූගෙ කට නිසානෙ මම මේ කට්ට කන්නෙ.

උදේ ක්ලාස් යනව කියලා ගෙදරින් ආව ගමන් මම තාමත් රස්තියාදු වෙනවා බස්වල...මොන කරදරයක්ද මන්දා...මමනම් බස්වල යන්න ආසම නෑ...

සමහර ගෑනු ඉන්නව නේද ඕකුන්ගෙ මහ විසාල කොමඩු ගෙඩි අපේ මූනෙ ඉඳලා තදකරනව...හුස්මත් හිරවෙනවා...ඒත් වැරදිලා හරි අපේ අතක් වැදුනොත් බලන්න එපෑ නටන නැටුම.

ඒ අතින් ගෑනු කියන ජාතියනම් අනේ මන්ද...ඊව්

"ආ ගාමිනීහෝල් බහින්න...මරදාන ස්ටේශන් බහින්න...නෙලුම්පොකුන , සෞන්දර්‍ය කැම්පස් , තිඹිරිගස්‍යාය , පාමංකඩ , කොහුවල , බොරලැස්ගමුව , පිලියන්දල...නගින්න...නගින්නන්න්න්න්න්න්න්න....කැස්බෑව කැස්බෑව කැස්බෑව..."

මූනම් මහ කෙවුලෙක්...ශික්...කන්බෙරේ පිපිරුවද කොහෙද...කන අස්සෙ බෙරිහන් දෙනවා...පෙරේතයා..

ස්කූල් ටයිම් මේ පාරවල්වල ගිහින් නෑ...howww sadddd....ගීන් බලන්න...ආස හිතෙයි.

මට මුගෙ මේ ලබ්බෙ ටකරම අහන් ඉන්න බෑ...ඒක නිසා මම ඉයර්පොඩ්ස් දෙක කනෙක්ට් කරගත්තා සින්දුවක් අහන්න හිතාගෙන...විනාඩියක් ගියේ නෑ...ඩ්‍රයිවරයා කැසට් එක දැම්මා කියනවකො...මම නිකමට හිතුවා ලස්සන සින්දුවක් ප්ලේවේවි කියලා...ඒත්............................

"සඳක් වෙලා මනරම් ගලෙන් පැන ඇලෙන් දොලෙන් මුතුමල්...."

නොදකින් නොදෝමකින්...මේකනම් අපායට යන බස් එකක්ද කොහෙද...ආක්ශාගෙ උල්ලයි උල්ලයි ඌත් තිබ්බනම් සම්පූර්නයි...ශුවර් ශොට් මේක සාතන්ගෙ බස් එකක්.

අපෝ මේ වසංගත අහන්න බෑ...මම දාගන්නව ලස්සන සින්දුවක්...ඉතින් කෝමහරි සිංදුව නෙලුම් පොකුන හරියෙදි ශීට් එකකුත් සෙට්වුන නිසා මම හරිබරි ගැහිලා වාඩිවෙලා සිංදුවක් දාගත්තා හිත නිවෙන විදිහේ...නිරෝශා මිස්ගෙයි දිවුල්ගනේ සර්ග්ව්‍යි පිදුම තරම් සෞම්‍ය ලස්සනක් තියෙන මාස්ටර්පීස් එකක්...

"සත් මහලින් බැස එන්නම් - ඔබ මා පිලිගන්නවනම්

ආදරයේ පියගැටපෙල පාර කියාවී

මහපොලොවට පිලිගන්නම් සිටුසැප හැර එනවානම්

ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳවේවි

සිරියහනේ පොකුරු පිච්ච මල් තනිවේවී

දුකට කරුනු අහස අසාවී

පන් පැදුරේ අලුත් පැතුම් දලු ලියලාවී

ඒ පැදුරෙන් අප නොවැටේවී "

ඒ සිංදුව එක්ක මාව කොහේදෝ දුරක අතරමං වුනා....

නහයට අපුල දාඩිය ගඳින් පිරුනු බස් රියක් ඇතුලේ , අනවසරෙන්ම උකුල උඩ දහසක් මලු ගොඩගැහෙද්දි , ශීට් එකේ එහා පැත්තෙ ඉන්නෙ ඇන්ටියාගෙ කොන්ඩෙ හුලඟට මගෙ කටේ යද්දි , රස්නෙ ම රස්නෙ දූවිල්ලෙන් වැහුනු කොලඹ හුලඟ මට මොනාදෝ කියද්දි මම මේ සින්දුව එක්ක තනිවෙලා උන්නා..

කීපසැරයක් මම අර ඇන්ටියාගෙ කොන්ඩෙනම් අතින් ඈත්කලා...උකුනො හිටියොත් උන් මගේ කටේ 😒

මම ඇස්දෙක පියාගෙන ශීට් එකට ඔලුව තදකරගෙන හිටියා...අම්මටසිරි...කොන්දාට මම බහින ය්හැන මතක් කරන්න ඕන...නැත්නම් මම බහින්න වෙන්නෙ කැස්බෑවෙන්...මේක කැස්බෑව බස් එකක්නෙ...

"අයියෙ...මට ### බහින්න ඕන..."

"ආ හරි මල්ලි...තව ඉස්සරහා..."

"ඉතින් ආයෙම මම ඇස්වලට නිවාඩුදුන්නා..."

......................................

ට්‍රීං ට්‍රීං.....

මේ මම මේ බෙල් එක රින්ග් කරන දෙවෙනි පාර...මේ ගෙදර උන් මොන ලෝකෙ ගිහින්ද මම දන්නෙ නෑ...

එයා කිව් විදිහටනම් මේක තමා එයාගෙ අලුත් බෝඩිම...එයා කලින් දවසක මට කියලා තිබුනු මං සලකුනුවල මතකෙන් මම එයාව හොයාගෙන ආවා...ඒත් මේ ගෙදර මිනිස්සු දොර අරින්නෙ නෑනෙ අප්පා..

තුන්වෙනිපාරටත් මගෙ ඇඟිලි බෙල් එක උඩ නතරවෙද්දි මැදිවයසෙ කියන්න පුලුවන් ගෑනු කෙනෙක් ඇවිත් දොර ඇරියා...මේ මනුස්සයා ගැන බබා මට කියලා තියේ...ටිකක් එක විදිහක කෙනෙක්ලු.

"ආන්ටි...මට දැනගන්න පුලුවන්ද ඩොක්ටර් ### කියලා කෙනෙක් මෙහේ බෝඩ් වෙලා ඉන්නවද කියලා."

"මොන ...කවෘ ගැනද අහන්නෙ."

නොදකින්...මේ ගෑනිනම්...😒

මම මේකිව මංකොල්ල කන්න ආවා වගේනෙ මේකි හැසිරෙන්නෙ...

"අර ### හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක්..."

"ම්ම්ම්...ආ ඔයා කව්ද."

මම ලෝක පාලක...මොනාද බන් මේ ගෑනි මේ අහන්නෙ...අපරාදෙ මම cv එකක් ගෙනාවනම් හරි.

"මම මේ එයාගෙ යාලුවෙක්."

"ම්ම්ම්...හරි ඔහොම ඉන්නකො."

"හරි.."

හපෝ මහ මුඩුම ගෑනියෙක් තමා...මට ඇතුලෙන් වාඩිවෙන්නවත් කිව්වෙ නෑ...ඒ ගෑනි දොරත් අඩවන් කරන් ගෙට ගියා....නාඩා ඉඳින් කකුල් දෙක...🥺 මන් පවූඌඌඌඌඌඌ

"ආ ඒ ලමයා ෆෝනෙක ආන්ස්වර් කරන්නෙ නෑ...ඔතන අයිනෙ පඩිපෙලින් උඩට යන්නකො..."

"හරි.."

" බල්ලො බිරුවට ගනන් ගන්න එපා."

ආ බයවෙන්නෙපා ඇන්ටි...බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑනෙ.

එහෙම හිතින් හිතපු මම ඒ ගෑනිට හිනාවක් දීලාම ආයෙ පඩිපෙල තියෙනව කිව් තැනට...එතන උන්නු දඩෝරියෝ දෙන්නව දැකලා මට හිම් ගෑවුනා..

උන් දෙන්නත් මගෙ දිහා බල්න් හිටියෙ මේ මොකෙක්ද කියන්න වගේ..අපේ ඇස් එකට ගැටිලා තිබ්බෙ...උන්ගෙ බලු ඇස්.

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා

මගෙ දෑස්දිහා.....ආආආආ...

එකායි...දෙකායි...තුනායී.....මම යන්තම් අඩියක් ඉස්සරහට තිබ්බ විතරයි..

"බුහ් බුහ්...බුහ්..බුහ්බූභ් බුහ් බුහ්.."

හපෝ...පටන්ගත්තා...මුන් දෙන්නා මහා විසාල දඩෝරියො දෙන්නෙක්...ජර්මන් ශෙපර්ඩ් එකයි රොට්වයලර් එකයි...උන් අර කූඩු දෙක කඩන්න වගේ උඩ පනින්නෙ.

මම ඉක්මනට පඩිපෙල නැගගෙන උඩට ආවා...තාමත් බුරනවා..බුරන්න බැරිනම් මැරියව්...මට මොකද..හුහ්.

උඩ තට්ටුවෙ පොඩි වැරෙන්ඩා එකක් තිබ්බා...මට මතක්වුනා...එයාගෙ අලුත් බෝඩිමේ ඉඳන් එයා කතාකරද්දි මම මේ වැරන්ඩා එක දැකලා තියේ..

මම ඉතින් හෙමීට ඒකත් පාස්කරගෙන ඇවිත් දොරෙන් ඇතුලට එබුනා.

ම්හුක්...මොකුත් නෑ...අඳුරුයි...සද්ද බද්ද නෑහ්.

මම හෙමීට දොර තල්ලු කලා...අර හැලපයා මට දුන්න ගින්දරට ඕකව බයකරල මරනව මම... බුහ් හහ් හා...

ඒත් වැඩක් නෑ...

"ක්‍රීන්ස්....ක්‍රීන්ස්..."

මේ ලබ්බෙ දොර එක්ක බෑනේ...ද්‍රෝහියා.

එතකොටම එක කාමරේකින් අඩි සද්දය්ක් ඇහුනා..

"ආ නුවන්...උඹ අද කලින් ආවද....ආ...ඔයා ?"

"ඔව්..මම තමා...ඇයි පුදුමද...මොකාද නුවන්.."

"නුවන් කියනෙ මේ එහා කාමරේ එකා."

"තමුසෙ මොකටද ඌ එනකල් බලා ඉන්නෙ..ඌ උඹෙ මිනිහද."

"මම ඌ එනකල් බලන් උන්න එකක් නෑ..දොර ඇරෙන සද්දෙට බැලුවෙ."

"ම්ම්ම්."

"ඔයා කොහොමද මෙහෙ...ඔයා මෙහෙ කලින් ඇවිත් නෑනෙ."

"ඔව්...ඒත් මට හොයාගෙන එන්න බැරිකමක් නෑනෙ."

"හ්ම්ම්.."

"වතුර එකක් දෙනවා මට මහන්සියි.."

"හරි කාමරේට එන්න...මොකටද කියන්න මෙහෙ ආවෙ...අනවශ්‍ය වැඩ කරන්න එපා."

"හරි...මම ආවෙ මේවයෙ විසඳුමක් තියෙන්නෙ ඕන නිසා."

"මොන විසඳුමක්ද......මම කිව්වනෙ මට දැන් ඇතිවෙලා කියලා...මට පාඩුවෙ ඉන්න දෙන්න....ආ අතාරිනවා මාව...ශෙරෝ...මොකද මේ...අතාරිනවා......"

........................................................

මතු සම්බන්ධයි ❤️

මේක මෙතෙක් කලක් මම අපේ ඇත්තම කතාව වෙනස් නොකර දුන්නා...ඒත් මම හිතන්නෙ මම දැන් මේකට කොටස් එකතුකරොත් හොඳයි...මොකද 100%ක් ඇත්ත මට පලකරන්න අමාරුයි...ඒ නිසා මෙතනින් එහාට මේක සම්පූර්නෙන්ම ඇත්ත නෙවෙයි 😊

ඉක්මනින් ආයෙ එන්නම්.

Share This Chapter