Back
/ 38
Chapter 4

සිව්වන ස්වරය ♥

තත් 🔞

"සුදු මහත්තයා...මම බලාගෙන ෆෝන් එකේ මූන ඔබන් තනියම හිනාවෙනව....ආයෙම මගුලක්දෝ "

.

"අම්මට පිස්සු අනේ...එහෙම එකක් නෑ...මම කිව්වනෙ මම බඳින්නෙ නෑ කියලා."

"ඒ වුනාට මට මතකනේ නටපු නැටුම් වෙනදා...ඒ නිසා මට බයයි ...අනික හරි කාලෙදි බඳින්න ඕන."

"අනේ මේ අම්මේ....මම කිව්වා නේද සැරින් සැරේ මට පරන දේවල් මතක් කරන්න එපා කියලා....අම්මම නේද කීවෙ ඒවා හීනයක් කියලා හිතලා අමතක කරලා දානව කියලා.."

"හරි හරි ...ආයෙ කියන්නෙ නෑ...බඩිගිනිද.."

"ඔව් අප්පා...මොනවද උදේට කන්න හැදුවෙ .."

"අලුකෙසෙල් කිරට උයලා...අලු කෙසෙල් ලෙලි තෙල්දාලා...පපඩම් බැදලා"

"මොනාද අප්පා...දෙකම අලුකෙසෙල්නෙ අම්මෙ...අනික කොල්ලන්ට අලුකෙසෙල් හොඳත් නෑ"

"ගේ පලාතෙ එලවලුවක් නෑ...එලවලුවක් ගෙන්නගන්න යවන්න එකෙකුත් නෑ...මමම යන්න ඕන...කොල්ලො දෙන්නෙක් හැදුවට උන්ගෙන් වැඩක් තියෙනවයැ...ගෙට වෙච්චි කෙල්ලො දෙන්නෙක් වගෙනෙ...අලුකෙසෙල් හොඳ නැතිවෙන්න දවස ගානෙ කන්නෙ නෑනෙ සුදූ"

"ආ හරි හරි...මේ මෙනු එක මරු...මේම රසයි...ආ අම්මා අහන්නකො...මම දැක්කා උදේ කාඩ් එකක් ගන්න යද්දි නීල් මාමලයි කඩේ කැරන් කොකු මිටි ටිකක් තියනවා... ගිහින් කැරන් කොකු ටිකක් අරන් එන්නම්ද..හදලා දෙන්නකො අනේ මස් වගේ...අර තුනපහ කර කරලා."

"අනේ මන්දා ලමයෝ...හදන දේ කන්න බෑනෙ...ලපටි දලු වලින් ගේන්න හොදද...මෝරපුවා තිත්තයි."

කැරන් කොකු ...සමහර අයනම් අහලවත් නැතුව ඇති...මාතර අපිටනම් රජ කෑමක්...හරිම රසයි...මේක හැදෙන්නෙ අගල් අයින්වල , වගුරුවල , ගඟ අයිනෙ , වෙල්වල...මේක මීවන පව්ලට අයිති ලොකු පඳුරක් කියලා තමා මටනම් හිතෙන්නෙ...මට මතකයි බයෝ රිසෝස් බුක් එකෙත් පාරිරිසරික ජීව විද්‍යාව පාඩමේ කැරන් කොකු ගැන තිබ්බා....sri lankan golden leather fern කියල ඒකෙ තිබ්බේ.

අපේ ආච්චිලා වෙනදා කියනවා 88 /89 කලබල කාලෙ කන්නවත් තිබ්බෙ නෑලු...ඒ කාලෙ එයාලා වෙල්වල බැහ්ළා ගඟ අයිනෙන් එහෙම කැරන් කොකු කඩන් ඇවිත් තම්බලා පොල් එක්ක කෑවලු.

හැබැයි කොම්ලනේ දැන් ඒ සෙල්ලම් බෑ...නිල්වලා ගඟ තමා දැන් ලන්කාවෙ ලොකුම කිඹුල් ගහනය තියන ගඟ...ඒ නිසා දැන් ගඟට ඒ කිබුල් ගහනය දරාගන්න බෑ...ඔයාලා කිව්වොත් පුදුම වෙයි ...අර ට්‍රින්කොවල පාරවල්වල මුවෝ ඉන්නව වගේ...මාතර ටවුන් එකේ කානුවල පවා කිඹුල්ලු ඉන්නව...මගෙ ගෙවල් තියෙන්නෙ ටවුන් එකේමයි...අපේ ගේ පිටිපස්සෙත් අඩි හයේ කානුවක් තියේ...ඒකෙත් කිඃඋල්ලු ඉන්නව කිව්වම ආයෙ මොන කතාද.

(මේක ඇත්තම ෆොටෝ එකක් මම ම ගත්ත...මාතර උන් දන්නව ඇතිනෙ ටවුන් එකේ නිව් සිනමා එක...අන්න ඒකට එහා පැත්තෙ කානුවේ )

හෝව් හෝව්...ට්‍රැක පැන්නානෙ...පොඩ්ඩක් ඉන්ටකෝ..අපේ අම්මා එක්ක කැරැන් කොකු ගැන කතා කර කර නේද මම හිටියෙ..

මම මැජික් එකක් කරන්නද...මම අපේ අම්මාව කාලි අම්මා කරලා පෙන්නන්ද ...හැමදාම නෑ හැමතැනම් නෑ...ඔන්න එහෙනම් බලාගන්ටකෝ...

"හැබැයි අම්මේ...අර ඊයෙ චිකන් හැදුව විදිහටනම් හදන්න එපා...අප්පිරියයි...දිය රහයිනෙ...මොකක්ද අනේ...එකම විදිහට නොහදා වෙනස් වෙනස් විදි වලට හදන්නකො...එපාවෙනවනෙ..ඔහෙගෙ කෑම කාලම එපා වෙලා දැන් මටනම්."

හරී හරී...දැන් මට ටික ටික සීනු සද්දෙ ඇහෙනවා...මූන කලු වෙනවා...දිවනම් එලියට ආවෙ නෑ...පොල් කටු හැන්ද ත්‍රීශූලෙ වෙනවා..

ඔන්න දැන්නම් ස්තෝත්‍රත් ප්ලේ වෙනව හිත ඇතුලින්...

" හුම් හුම් කාරේ ශවාරූඩේ

නීල නීලජ ලෝචනේ

ත්‍රෛලෝකෛක මුඛේ දේවී

කාලිකායේ නාමෝස්තුතේ "

හරී හරී  ...තා සුට්ටයි...සුට්ටම සුට්ටයි...හරේ...පිපිරුනා..... බූම්..

"ඔව් ඔව්..උබලා මෙච්චර කල් කාලෙ අල්ලපු ගෙදරින් නේ...නේද...යකෝ මම පුදුම කරුමයක්නෙ කරගෙන තියෙන්නෙ...මෙච්චර මැරීගෙන උයලත් කවදාවත් හොඳක් නෑනෙ.."

"අනේ අම්මෝහ්...විහිලුවක්නෙ කලේ...අම්මත් නිකන් චන්ඩි රැජින වගේනෙ...කෝ එන්න උම්මක් දෙන්න."

"අනේ යන්න සුදූ...දත් මැදන් වරෙන් මුලින්"

"අනේ මේ...මම දත් මැද්දා හරිද...හුම්...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්හ්හ්හ් "

අම්මෝහ්...පෙරහැරේ කස සද්දෙ ඇහීගෙන එද්දි පාරමරුකලා වගේ වැඩක් මාත් කලේ...තා සුට්ටම් ලේට් වුනානම් අම්මගෙ ඔය සද්දෙ ඉවරවෙන්නෙ මටයි නන්ගිටයි මල්ලිටයි තුන්දෙනාටම බැනලා අවසානෙ තාත්තටත් බැනලා..."මිනිහත් එකයි ලමයිනුත් එකයි , මගෙ කරුමෙ " ඔන්න ඔහොම.

අම්මා පව්...අපේ අම්මා මතක ඇතිකාලෙ ඉඳලම වින්දෙ දුක...තාත්තා බැඳාලා ආවා තමයි...

බඳින්න කලින් ලමයි පස් දෙනෙක් වෙච්ච පවුලෙ වැඩිමලා වුනු මගෙ අම්මා අනෙක් නන්ගිටයි මල්ලිලා තුන්දෙනාටයි උගන්වන්න ගාමන්ට් ගියා එයාගෙ ඉගෙනීම් නවත්වලා...බැන්දට පස්සෙ අපේ තාත්තගෙ කුඩම්මගෙයි නගගෙයි හිරිහැර වලට ලක්වෙලා හෙම්බත්වෙලා...මට දැනුම් තේරුම් තියෙන කාලෙ වෙද්දි එයාලට මගෙ අම්මට වචනයක් කියන්න මම ඉඩනොදුන් බව ඇත්ත...ඒත් අපි පොඩි කාලේ උන් අම්මට නොසෑහෙන්න වද දීලා.

තාත්තත් ඒ කුඩම්මට පන බයයි....හැබැයි මමනම් ගෑනිට දුන්න පෝරියල් වල හැටියට ගෑනි මට ගූ බයයි.

අපේ අම්මා මාරම ලස්සන කෙනෙක්...බළල් ඇස් තියන කිරිම කිරි පාට හමක් තියන මාරම ලාස්න්න කෙනෙක්...අම්මගෙ ගමේ අය එයාට කියන්නෙ "අපේ ගමේ සබීතා" කියලා.

සබීතා පෙරේරයි අපේ අම්මයි එකම වගේ...එකම විදිහයි...දෙන්නව එක ළඟ තිබ්බොත් මාරුවෙනව...ශුවර්.

දහය වසරෙ මුල ගර්ල් කෙනෙක් එක්ක රූම් ගිහින් මම අම්මට අහුවුනා...මට අද ව්අගේ මතකයි අම්මට වඩා මට බැන්නෙ නන්ගි...ඒකි පොඩියි...ඒත් එකී මට බැන්නා හොඳටම අම්මව ඇඬෙව්වා කියලා...අම්මා මට කිව්ව වචන ටික මට අද වගේ මතකයි..

"කෙල්ලෙකුගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න කලින් උබටත් නගෙක් ඉන්න බව මතක තියාගනින් සුදූ.."

අපේ තාත්තා ගැන කියනවනම් එයා හරිම දරදඩු කෙනෙක්...එයා කවදාවත් අපි අහන දේකට හා කියන්නෙනම් නෑ...ඒ එයාගෙ හැටි..අපි අහන දේකට හා කිව්වොත් එයාට නිකන් මදි පුන්චිකමක් වගේ...ඒ නිසාම මායි තාත්තයි අතර දරුනු ගනයේ වලි යනවා...අපි දෙන්නාගෙ අන්තර් සම්බන්ධතාවය අන්තිමයි...කතා බහ ගොඩාක්ම අඩුයි...පාරෙදි ඉස්සරහට හම්බුනත් දෙන්නා දෙන්නව අඳුනන්නෙ නැති ගානට යන්නෙ.

අපේ අම්මා තමා මම් දැකපු ධෛර්‍ය වන්තම කේනා...මගෙ ජීවිතේ අම්මා තමා හුඟාක් තැන්වල මන් එක්ක හිටියෙ...ඇත්තටම එයානම් පිස්සුවක්...මම හැරෙද්දි අම්මාට දැනෙනව...ඒ තරම්ම බැඳිලා අපි

" වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්

දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්

කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්

වේනම් ලොවේ.........

නුඹයි අපේ අම්මේ "

මගෙ ජීවිතේ මම අම්මට හිතාගන්න බැරිතරම් ආදරෙයි...ඒත් එයා වගේම තව දෙන්නෙක් මන් ළඟ ඉන්නව...එක්කෙනෙක් පුන්චි ( අම්මගෙ නංගි ) , අනිත් කෙනා මගෙ ආච්චි (අම්මගෙ අම්මා

)ආච්චිනම් මාව දාල යියා මීට අවුරුද්දකට කලින්..පුන්චිත් බැඳලා කොලබ ඉන්නෙ..

...................................................................................................................................................................

"මේ අහන්නකො."

"ම්ම්ම්"

"මට ආසයි ආයෙම ඔයාව දකින්න."

"එන්නම් මම දවසක"

"කවදා වගේද."

"ම්ම්ම්...නෙක්ස්ට් සැටඩේ වගේ."..

"හරි ඔයා එන්නකො...ආවම අපි යමු ඇවිදින්න."

"කොහෙද එක්ක යන්නෙ මාව."

"කොහෙහරි...ඔයා එන්නකො මුලින්ම."

දැන් අපි මුනගැහිලත් මාසයක්...එයාව වීඩියෝ කෝල්ස් වලින් ඇර එදයින් පස්සෙ හැබැහින් දැක්කෙම නෑ...එයා හරුයට මහන්සි වෙනවා...දවසම හිටගෙන...හිස්ට්‍රි අරගෙන කටත් සිදෙනවලු..පව් මගෙ සූටියා...හිස්ට්‍රි ගන්නවා කියලා කියන්නෙ පේශන්ලාගෙන් අලගිය මුලගිය විස්තර සේරම අහගෙන නෝට් ඩවුන් කරගන්න සීන් එකක්.

එයාත් පව්..ගෙදර එයයි නන්ගියි ඉන්නේ...එයාගෙයි නන්ගිගෙයි ස්ටඩීස් වලටත් ලොකු ගානක් යනව...ඒ සේරම ඉතින් මගෙ පැංචා තමා බැලන්ස් කරන්නෙ...

මමනම් ඉතින් ඇඳට වෙලත් නිදි , ක්ලාස් වල ඩෙස්ක් උඩත් නිදි...හැබැයි ඔය මොනා වුනත් මම ගොඩක් ක්ලාස් වල ටොප් මාක්ස් ..

..............................................................................................................................

ගිනි අව්ව.....පිච්චෙනව වගේ...මම දැන් ඉන්නෙ තාරකා කොටුව ලඟ බස් හෝල්ට් එකේ...අද මගෙ පැටියා එන දවශනෙ...එයා එහෙන් උදේ 7.40 හයිවේ එකට නැගලා තිබ්බ..දැන් එක්සිට් වුනා කියලා මැසෙජ් එකකුත් දාම්මා...තාමත් නෑ හැබැයි.

ඔයලා අහලා තියනවද තාරකා කොටුව ගැන...මේක තරුවක් වගේ හදපු ලන්දේසි බලකොටුවක්...මාතර ටවුන් එක මැඳමයි තියෙන්නෙ..මාතර අඅවොත් බලන්න යන්න...ලොකූ ගස් වලින් පිරුනු අගලකින් වටවුනු හරි සිසිල් පරිසරයක් තියන තැනක්...නිස්කලන්කයි කියන්න නම් බෑ...මොකද මේක තියෙන්නෙ ටවුන් එක මැද...මාතරයි බෝධියයි , මාතර මහ රෝහලයි දෙකටම ළඟ...ඒ නිසා මේ අවට නිතරම සෙනඟ.

ඔන්න කියනකොටම එනව...මේක වෙන්න ඕනි බස් එක...පානදුර - මාතර...එයා මේ ටිකේ ම පානදුර හොස්පිට්ල් එකේ නෙ.

පොඩ්ඩක් හෝව්....ඕයි...මම මූව කන්වා...ම්ම අද මූව කනව..

නිල් පාට ඩෙනිම් ශෝට් එකකට අත් දිග රතු ටී එක...ලස්සනයි....ඒත් ගල් දෙකම එලියේ..ඔන්න ඔය වෙලාවට තමා මට නගින්නෙ...යකා බන් යකා...සින්දුවකුත් එහෙ මෙහෙ වෙනවා ඒ අස්සෙ..

අර ලතා වල්පොලගෙ සින්දුවක් තියෙන්නෙ..

"පෙම් දියෙන් තෙමී ගල ඔපය වැටී

පෙන්වයි ආලෙ මහිමේ .."

කියලා

මම කොහොමත් ඔය ගල ඔපවට්ටනවා හැබැයි පෙම් දියෙන් තෙමලා නෙවෙයි...සුදු පාට උකු දියරෙකින් තෙමලා...හී...මගෙත් කැත හිතනෙ ඉතින්...යකෝ මම විතරනෙ ඕවා දකින්න ඕන...මූ හොඳට ෆ්‍රි ශෝ දාගෙන එන ලස්සන.....

"හායි..."

"හායි හූයි නෙවෙයි මොකක්ද ඔය ඇඳන් ඉන්නෙ ...ආ.."

"මොකද අප්පා දැක්ක ගමන් කෑ ගහන්නෙ 🥺 "

"කෑගහන්නෙ කෑගස්සෙන නිසානෙ...බලනවකො ඇඳුමෙ හැටි."

"ඇයි කැතද."

"කැත නෙවෙයි ...බලනවකො කකුල් දෙකම එලියෙනෙ..."

"ඉතින්...මේක පහසුයිනෙ."

"පහසුවට අඳින්න ඔයා අඅවෙ ඩ්‍රිල් එකකට යන්නද."

"හරු ඉතින්...දැන් කෑගහන්න එපා අනේ."

"හ්ම්."

"කොහෙද යන්නෙ දැන්"

"මම යන්න හිතන් ආවෙ වෙහෙරහේන පන්සල්...කොහෙ යන්නද දැන් ඔහොම 😒"

"හා හා...ඇඳුමක් තියේ බෑග් එකෙක්ත් ඒකෙන් බොටමක් ඇඳගමු."

"හ්ම්ම්...එහෙනම් වොශ් රූම් එකකට ගිහින් චේන්ජ් කරගෙන යමු..%

"හරි ...අපි එහෙම කරමුකො...බොරුවටනෙ කෑ ගහන්නෙ ඔයා...ම්හුක්"

..............................................................................................................................

මේ හැලපයා එක්ක ගිහින් ශෝටත් මාරුකරගෙන ස්ටෑන්ඩ් එකෙන් වෙහෙරහේන හරහා තල්පාවිල බස් එකක නැග්ගා.

"ගොඩාක් දුරයිද ඒයි."

"නෑ ඒ තරම්ම නෑ...හැබැයි එහෙ ටිකක් අව්වයි...හැබැයි ලස්සනයි..."

"කමක් නෑ...ඔයා ඉන්නවනෙ...හී .."

අම්මට සිරි..මූ බලපන්කො...හුරතලේ...ඒ වුනාට තාම මට ආදරෙයි කිව්වෙ නෑ ගොබ්බ පැටියා.

හිටපන්කො සුද්දා මම උබව මට ඇබ්බැහිකරගෙන තමා පස්ස බලන්නෙ.

පස්ස බලන්නෙ කිව්වෙ පශ්චාත්භාගය නෙවෙයි යකුනේ...ආපසු හැරී බැලීම යන අර්ථය ...හුම්.

වෙල්වල මීහරක් බැහැලා ඉන්නව...තාම වපුරලා නෑ.

"බබා අර මීහරක් දැකලා තියේද...ඔයාලයි පැතිවල නෑනෙ."

"ආ මම දැකලා නෑනෙ...ඒක නෙවෙයි...ඔයාටයි උන්ටයි එකම මූනුවර තියෙන්නෙ ...නෑයොද ?"

ඈහ්...මගෙ ඇස් දෙක නලලට ගියා...මේ හිච්චි පඩස්තරයා අහපු කතාව බලකෝ..දෙන්නෙ උම්බට..හුම්...මමත් ශෙරෝ බොල..හිටාන්කෝ.

"ඔව් අනේ...නෑයෝනම් තමා...යාලු වෙලා ඉන්න එකාගෙ පැත්තෙන්."

ඩෙවිල් ස්මිරික් එකක් එක්ක මන් එහෙම කිව්වම මූන කෝච්චියට තියපු දහයෙ කාසියක් වගේ වුනා...ඇත්ද උම්බට...😁

"කොහෙන්ද දැන් අපි බහින්නෙ.ම්ම්ම්"

ලැජ්ජා හිතුනද කොහෙද...ගහගන්න වගේ කතාව මාරු කරලා බහින්නෙ කොහෙන්ද අහනවා දැන්...පව් අප්පා...රතුත් වෙලා

"මේක පන්සල ළඟම නවත්වනවා..අපි එතනින් බැහැලා මල් ටිකක් එහෙම ගමු..අද සතියෙ දවසක් නිසා සෙනග අඩු ඇති.

කෝ කෝ...නැගිටින්න...ඊළඟ එකේ බහිනව අපි..."

පුදුම ලස්සනයි...අඩි ගානක් උස බුදුපිලිමෙ ඉස්සරහ ඉද්දි හිතෙනවා අපි කොයි තරම් පුන්චිද කියලා...බුදුන්ගෙ ඉස්සරහදි අපි දූවිල්ලක් තරම්වත් වටිනෙ නෑ කොහොමත්...මේක ලොකූ පන්සලක්...ඒ වගේම ශ්‍රද්ධා නාලිකාවේ විකාශන මධ්‍යස්තානයක්...ඒ වගේම උමං විහාරෙකුත් තියේ...හරිම පින්පාට පන්සලක්.

අපි නිල්මානෙල් මල් ගත්තා...මගෙ පොඩි පගයා ඉතින් කතෝලිකනේ...ඒ නිසා එයාට ඒ තරම් වඳින විදිහ හුරු නෑ...මම ඉතින් මල්වල නැටි එහෙම කඩලා කියලා දුන්නා...

මේ තරම් සුවඳ ලස්සන නිල් මානෙල් මල් අපි බුදුපිලිමෙ ඉස්සරහා තියන මල් ආසනෙන් තියලා පැන් ඉස්සා...අපි දෙන්නගෙ ලස්සන මල් දෙකතුනට එහාපැත්තෙන් තවත් පරවුනු නිල් මානෙල් මල් ටිකක් තිබ්බා...ඒවා අව්වට වේලිලා ගිහින්.

හැමදේම මෙහෙමයි නේද...රූපය කියන දේ අද තියෙදි හෙට නැතිවේවි...ඒ න්ඉසා මට ඕන මගෙ රූපෙට නෙවෙයි ආත්මෙට ආදරේ කරන කෙනෙක්.

මේ බුදුරුව ඉස්සරහා මම ප්‍රාර්ථනා කරනවා මගෙ පැටියා මගෙ ආත්මයට ආදරේ කරන්න කියලා..

හෝව් හෝව්...මේකා මෙතන නෙවේ ඉන්නේ...වෙන ලෝකෙක...

"බබා...දරුවෝ...මොනාද හිතන්නෙ ම්ම්ම්. ?"

"මට බයයි."

මේන් මේකට බයයිලු...යකෝ මේ මෙච්චර හැන්සම් කොම්ලෙක් ළඟ තියන් බයවෙන්නෙ අහවල් රෙද්ඩකටද මන් අහන්නෙ.

බලමු මේකා මේ මහ දවල් බයවුනු යකා මොකාද කියලා...මාතර අපිට යක්කුත් බයයි බොලව්...මාතර මිනිස්සු කියන්නෙම මහසෝනට , රීරි යකාට වුනත් මචන් කියන ගානට ගුරුකම් දන්න මිනිස්සු...

"ඇයි මේ...ඇයි ඔයා බය "

"ඔයාට තේරෙනවනෙ..මම ඔයාට වඩා පොඩි වුනාට වයසින් මම ඔයාට වඩා අවුරුදු දහයක් වැඩුමල්...ඔයාට දකින්න වෙන්නෙ මම වයසට යන විදිහ...මට දකින්න වෙන්නෙ ඔයා තරුන වෙන විදිහ...ඒ නිසා මට බයයි...ඔයාට දවසක මන් ගැන කලකිරුනොත්...පසුතැවොනොත්.."

"අයියෝ දරුවෝ...අහන්නකො...ආදරේ පටන්ගැන්ම රූප මාත්‍රයක් වෙන්න පුලුවන්...ඔව් ඒක එහෙම තමා...ඒත් මම ආදරේ කරන්නෙ කෙනෙකුගෙ ඇතුලාන්තයට , ආත්මයට මිසක් රූපෙට නෙවෙයි...මන් ආදරේ කරන කෙනාට ඇසිඩ් වැදුනත් ආදරේ කරන්න මට පුලුවන්...මොකද ආදරේ බැඳෙන්නෙ ආත්මයට මිසක් රූපෙට නෙවෙයි...අනික රූපෙ අපිට වෙනස් කරන්න පුලුවන්..අද ලෝකෙ දියුනුයි...ඒ ව්උනාට අපිට අඅත්මයක් වෙනස් කරන්න පුලුවන්ද...බෑ න්එඑද....වෙනස් කරන්න පුලුවන් රූපයක් නිසා ආදරනීයම අඅත්මයක් අතාරින්න තරම් මම මෝඩ න්ඈ අනේ...ඒ න්ඉසා විකාර හිතන්න එපා...තේරුනාද."

"ම්ම්ම්ම්ම්ම්...හලී"

අමෝහ්...ඇඹරිල්ල බලකෝ...මෝඩ සිලා පැටියා මගෙ..

"කෝ එන්න අපි බුදුන් වඳිමු...වැඳලා උමං විහාරෙටත් ගිහින් වෙලා තිබුනොත් දෙවිනුවරත් ගිහින් එමු...හාද.."

හලී.

" නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස......................"

..............................................................................................................................

අපි දැන් ඉන්නෙ දෙවිනුවර යන්න බලන් වෙහෙරහේන පන්සල ළඟ බස් හෝල්ට් එකේ...අද උමන් විහාරෙ වහලා තිබ්බා...ආයි දන්නෑ..දෙවිනුවරට එක බස් එකෙන් යන්න බෑ ඉතින්...මෙතන ඉඳන් මැද්දවත්ත හන්දියට ගිහින්...එතනින් ගන්දර , දික්වැල්ල හරි ඒ පැත්තට යන වෙන බස් එකක හරි යන්න ඕනි..

අද කඩ ගොඩාක් අඩුයි සතියෙ දවසක් නිසා...ගිනි ගහන පට්ට අව්වෙන් බේරෙන්න අපි දෙන්නම දැන් ඉන්නෙ වහපු මල් කඩයක් අස්සෙ...එකපරට බැලුවට කාටවත් පේන්නෙ නෑ අපිට.

පන්සල නිසා ඉවසන් හිටියට මට දැන්නම් මේකගෙ මේ තොල් දෙක සුට්ටක් ඉඹින්නම ඕනි අප්පා...ඇයි අනේ...මම කියලත් රහත් වෙලාද නෑනෙ...මාත් පව්නේ.

"බබා මේ.."

"ම්ම්ම්"

"කිස් එකක් දෙන්නකො."

"එන්න."

......................................චොක්......................................

"ඒකක් නෙවෙයි අනේ ලිප්ස් වලට එකක්"

ආ හා මොකද මොකද මේ...මේ කඩේ සිමෙන්ති පඩිය කකුලෙ ඇඟිලිවලින් හාර හාර මේකා කුරහන් ගල වගේ ඇඹරෙන්නෙ...කුනු තක්කාලි ගෙඩිය වගේ රතු වෙලා...කන් දෙක රතුම රතු පාටයි.

"කෝ ඉතින්...දෙන්නකො"

"සුටි එකක් හාද"

"හා හා...දීපියකො දරුවො"

"කෝ සුට්ටක් පහත් වෙනවකො ඕයි...රිට වගෙනෙ."

දුන්නා...හැබැයි දුන්නත් නොදුන්නා වගෙ අප්පා...කාට කියන්න්ද මේ දුක ඔබ හැර...ඉම්හි ඉම්හි...තොල්දෙක යන්තම් ගෑවුනා විතරය්...මේකා මූනත් රතු කරන් මගෙ උරහිසේ මූන හන්ගගත්තා...පොඩි එකා මගෙ...පව් අනේ...එයාට දාඩියත් දාලා.

"ඔයාගෙ හැමදේම හරි රස්නෙයි...තුරුල් වුනත් රස්නෙයි...කිස් එකත් රස්නෙයි"

බලපල්ලකෝ මූ කුටු කුටු ගගාකිව් එක...මගෙ හැම එකම රස්නෙයි කියන්නෙ...ඔහොම යමුකො...ඔයිට වඩා රස්නෙ එකක් තියේ...ජම්බො සොසේජ් එකක්...මම ඒකෙ රස්නෙ විඳින්න සලස්සන්නම්කො පස්සෙ..

හී.....😁😁😁

..........................................................................................................................

මතු සම්බන්ධයි ♥

මම අසනීපෙන් උන්න්ජ් නිසා කතාව දාන්න වුනේ නෑ...බලන් උන්නු කෙනෙක් හිටියනම් සමාවෙන්න...ඊළඟ ස්වරයෙන් ආයෙම එන්නම්

මම ශෙරෝන් ♥

Share This Chapter