Back
/ 38
Chapter 9

නවවන ස්වරය ♥

තත් 🔞

"Ohh what a hectic day ..ඌෆ්ෆ්"

"හෙක්ටික් ඩේ නෙවෙයි...තාම දවස ඉවර නෑ...ඇඳුම් ගත්තා විතරයි...ඔයා පුන්චිට කිව්වා නේද දවල්ට කෑම උයන්න කියලා...ඒ නිසා රෙස්ට් කර කර ඉන්න වෙලාවක් නෑ ...මේ ගැම්මට ම යමු."

"අයියෝහ්හ්හ්....යමු ඒනම්...අහන්නකො...දැන් අපි පුන්චිලයි ගෙදර ගිහින් එහෙ දවස් දෙකක් ඉන්නවනෙ...ආයෙ එන්නෙ සඳුදා උදේ...ඔයා එහෙමම පානදුර හොස්පිට්ල් යනවා...මම බස් එකෙන් ගෙදර යනවා...ඒ නිසා ඔයාගෙ ස්ක්‍රබ් එකයි ස්තෙත් එකයි ගන්න මතක ඇතිව."

"හරේ...මම ඒ සේරම රෙඩි කරගෙනත් ඉවරයි."

"යමු එහෙනම්."

අන්තිමට මුලු කොලඹම ඇවිදලා බොරැල්ල , කඩවත , කිර්බත්ගොඩ , නුගේගොඩ , රාජගිරිය , හැඳල , ජාඇල සේරගෙම ඇවිද්දා...දැන් දවල් එකයි වෙලාව...මම පුන්චිට කිව්වා දවල් කෑමට එනවා ක්‍යලා ...ආ කියනකොටම පුන්චි කෝල්.

"හෙලෝ පුංචි"

"ඕ සුදූ..හෙලෝ...එන්නෙ නැද්ද ලමයෝ"

"මේ එන්න හදන්නෙ පුන්චි..පුන්චිල කන්නකො...අපි ඇවිත් හෙමින් සැරේ කන්නම්."

"හරි එහෙනම් පරිස්සමින් එන්න...යාලුවත් එනවනෙ."

"ඕ පුංචි."

"හරි මැනික...පරිස්සමින් එහෙමනම් හොඳේ...බුදුසරණයි "

"බුදුසරනයි පුංචි."

...........................................................................................................................

අඟුලානෙන් පානදුරට බස් එකේ ඇවිත් ආයෙම එතනින් රත්නපුර බස් එකකට අපි නගිනකොට 1.40 යි...දැන් ඉතින් තව යන්න එපැයි...අපේ පුංචිත් හද්ද ඩොටේනෙ අනේ.

"######## හන්දියට දෙකයි...අයියෙ පොඩ්ඩක් කියන්න හොඳේ."

"හරි මල්ලි...ඔතනින් ඉස්සරහට යන්නකො..මෙතන හිරවෙලානෙ."

කොහොමහරි වෑකඩ ,බන්ඩාරගම ,  එලුවිල , පොකුනුවිට එකී මෙකී හන්දි  පහුකරන් ### හන්දියෙ බැහැලා අපි පුංචිලයි ගෙදරට එද්දි අපි දෙන්නගෙම හතර හන්දි කැඩෙන්න ඔන්න මෙන්න .

පුන්චිලයි ගෙදරට යන්න තියෙන්නෙ අඩි හතරක විතර දෙවැටක් මැදින්..එතනින් යද්දිම මම ඈත තියා ම දැක්කා නංගියි මල්ලියි මග බලන් ඉන්නවා...පව් අනේ මට උන්ව මගෙ ම නංගියි මල්ලියි තමා...උන්ටත් මාව එහෙමයි.

මාව දැක්ක ගමන් සුදු අයියා එනවා කියලා මල්ලි මුදු ගෙදරම හොල්ලගෙන කෑගැහුව නිසා පුන්චි හිනාකටක් පුරෝගෙන ඇවිත් ඇවිත් මාව තද කරලා බදාගත්තා...එයා මට තවත් අම්මෙක්...මගෙ පුංචි.

බබාටත් හිනාවකින් සංග්‍රහ කරලා මගෙ අතින් ඇදගෙනම ගෙට ආව පුංචි මගෙ අතේ තිබ්බ බෑග් ටික කාමරේට අරන් ගියේ පුංචි උන් දෙන්නා මන් ළඟ දැවටි දැවටි ඉද්දි.

නංගි තමා වැඩුමල්...එයා හරිම සබකෝලයි...ඒ වුනාට මට උන් දෙන්නා ලඟින් තමන්ගෙ කමේ සුවඳ හැමදාම දැනුනා...අම්මගෙ නංගිගෙයි මල්ලිලා තුන්දෙනාගෙයි ලමයිනුයි අපියි කවදත් හරිම එකතුයි...මමනෙ සේරටම වැඩිමලා...උන් මට හරිම ආදරෙයි...අපි හැමෝම එකා වගේ ඉන්නවා...අපේ අම්මගෙ සහෝදරයෝ අතර ඉඳහිටක පොඩි පොඩී හිත් රිදීම් ඇති වුනත් උන් කවදාවත් තරහ අරන් බැනගෙන නෑ...එයාලා තමා මම දැකපු හොඳම සහෝදරයෝ...පස්සෙ කාලෙක එක මාමා කෙනෙක් ටිකක් වෙනස් වුනත් අනිත් හතර දෙනා පුදුමාකාර ආදරේකින් සමගියකින් ජීවත් වෙනවා..

"මේ සුදූ...ලොකු දේවල් හැදුවෙ නෑ මැනික...අද බාප්පාට හදිසි වැඩක් වැටිලා එන්න වුනෙ නෑ...ඒ නිසා කඩේ යවන්න කෙනෙක් නාතුව වත්ත පිටියෙ දේවල් තමා ඉව්වෙ..."

"අනේ කොච්චර ශෝක්ද පුංචි...ඔයා දන්නවනෙ මම ගමේ කෑමවලට කොයි තරම් ආසද කියලා."

"මොනාද පුන්චි මේ."

"බතුයි , බරුකොකු මාලුවකුයි , මියන දලුයි ජපන් බටු කොලයි කිරිහැන්ද කොලයි දාලා කලවම් මැල්ලුමකුයි , බිත්තර දාලා හදපු පැලවුනු මුංඇට මාලුවකුයි , පොලොස් ඇඹුලකුයි , හාල්මැස්සො බැදුමකුයි...පොලොස් ඇබුලනම් මම ඊයෙ රෑ හදා තිබ්බේ...පරන වුනාමනෙ රස."

"අම්මෝ පුංචි ඔයානම්...මේක රජ කෑමක්නේ...ඒකට උම්මක් දෙන්නම ඕන....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්හ්හ්හ්."

"අනේ කොල්ලෝඕඕඕ....දැන් වයස 18 ක් නේද දරුවෝ...තාම මුගෙ හුරතලේ."

"ඔයා දන්නවනෙ කොච්චර වයස ගියත් ඔයයි , අම්මයි , ආච්චියි ළඟ මම තාමත් හුරතල් වෙනවා කියලා.."

"අනේ මගෙ කොල්ලා මෙහෙම උස මහතට ඉන්නවා ආච්ච් දැක්කනම් කොයිතරම් සතුටු වේද."

"කමක් නෑ පුංචි...මම හිත හදාගෙන තියෙන්නෙ...ආච්චි පව් කලේ නෑ කවදාවත්ම...පින් විතරයි කලේ...එයා හොඳම් හොඳ තැනක ඇති."

"ඔව් මැනික...කෝ අර දරුව."

"දෙවියනේ පුංචි...මට ඒකාව අමතකත් වුනා...මූනකට හෝදගන්න ඕන කිව්වා...ඔය එන්නේ."

පුන්චිගෙ කෑම වේල ගැනනම්  කියන්නම ඕනි....මේවා ගොඩේ කෑම...අපි ඉතින් කනවා කියලා වස කද්දි එයාලාවත්ත පිටියෙ ගහකොල එක්ක නියම කෑම කනවා.

මෙහේ බත් අපි කන සාමාන්‍ය බත් වගේ නෙවෙයි ...මේ බත් ඇටේකින් ගහලා මිනිහෙක් මරත හැකි...එච්චරට ලොකුයි...එයාලා මේවා හදන්නෙ වෙනස්ම විදිහකට...පුංචිලාගෙම කුඹුරෙන් ගන්න වී මුලින් මගෙ පැංචගෙ පශ්ශ වගේ  මහා විසාල කල්දේරම් වල දාලා තම්බනවා...පස්සෙ වේලලා මෝලට යවලා හාල් කරවනවා...මෝල කිව්වෙ හාල් මෝල ඈ...වෙන වෙන මෝල් ගැන හිතුවොත් දෙනවා මෝල් ගහකින් මෝල් වෙලා යන්න...මේවට කියන්නෙ තම්බපු හාල් කියලා.

ඊ

ළඟට බරු කොකුනම් හුඟාක් අය දන්නවත් ඇති...මේකත් මීවන වර්ගයක්...මේවායෙ ලපටි දලු කුන්ඩලාකාර ප්‍රාක් පත්‍රනය පෙන්නනවා...බයෝ කරපු උන් දන්නවා ඒ මොන ලබ්බක්ද කියල.

හරිම රස , ආතරයිටීස් වලට පට්ට ගුන කෑමක්...ගොඩාක්ම මේ පඳුරු හැදෙන්නෙ පස් කන්ඩි වල , මැටි කන්ඩි වල.

මේක හරිම සුලබ ශාකයක්...ඇයි දන්නෙ නෑ මාතර පැතිවල හැමතැනම් තිවුනත් මිනිස්සු කන්නෙ නැ...මේක ගොඩාක් කෑගල්ල , නුවර , බදුල්ල පැත්තෙ අය තමා කන්නෙ...

ඊළඟ ව්‍යංජනය තමා මියන දලුයි ජපන් බටු කොලයි...මාතර අපිට ව්‍යංජන වුනාට මෙහේ අයනම් හැම කරියකටම කියන්නෙ මාලු කියලා.අනේ මන්දා...කන්ෆියුස් උන්ගා බුන්ගා වෙනවා අපි.

මියන දලු ගැන කිව්වොත් මියන දලු කියන්නෙ මීවන ගස්වල දලු...හැම මීවන වර්ගයක්ම කන්න ගන්නෙ නෑ...ඒකටත් ගන්න වර්ගයක් තියෙනව ටිකක් උසයන මීවන එකක්...අන්න ඒකෙ දල්ල තමා මේ මියන දලු කියන්නේ...පට්ටම ගුනයි...කිර් එරෙන්න කියාපු කෑම...කොල්ලන්ටනම් ඉතින් කිරි නෑනෙ...කම්පැනි විතරයි ප්‍රොඩක්ශන් නෑනෙ...

අනික මේක සෙවල ගතියෙන් පොහොසත්...සෙවලවලින් පොහොසත් තව දේවල් තියෙනවනෙ...මගෙ ඇඳ යට තියෙන රෙදි කෑල්ලෙන් ඇහුවානම් කියයි ඌ කොච්චර සෙවලවලින් පොහොසත්ද කියලා..හිකිස්.න්🤣

මේකත් ආතරයිටීස් , ඔස්ටියෝපොරෝසීස් වගේ ලෙඩවලටත් පෙනීමටත් ගොඩාක් ගුනයි කියලා තමා කියන්නේ...මේවානම් ගොඩාක් වෙලාවල් වල මාතර පොලෙත් විකුනනවා මම දැකලා තියේ..පොඩි තිත්ත රහකුත් තියේ හැබැයි.

මේ පැත්තෙ ජපන් බටු කියන පලා වර්ගෙට අපේ පැත්තෙනම් කියන්නෙ සිංගප්පූරු කොල කියලා...අපේ ගෙදරත් ගස් දෙකක තියේ මේවානම්...මම මේතරම් කාලෙකට කාලා තියන රසම පලා වර්ගය තමා මේ...මේකට සමහරු  multi vitamin plant  කියලත් කියනවා...එක දිගටම කන්න හොඳ මදි...ඒත් සතියකටවත් සැරයක් කන්න පුලුවන්නම් මාරම වටිනවා...පට්ට ගුනයි...ඒ වගේමයි රස.

මේකෙ ගෙඩි නිකන් පොඩි තලන බටු ගෙඩි වගේ.. ඒ නිසා වෙන්න ඇති ජපන් බටු කියන්නේ..මේ ගෙඩිත් ඇට අයින් කරලා උයනවා...මේ කොලවල මැද පොඩි පුස් වගේ අලු පාට පැල්ලමක් තියේ...නිකන් කොලේ උඩට කැ..........නෑ ඒක ඕනි නෑ එක්කෝ.

ඊළඟ ජාතිය තමා කිරිහැන්ද කොල...මේකට මේ නම ලැබිලා තියෙන්නෙ මේ පලා වර්ගෙ අම්මලාට කිරි එරෙන්න නිතර කන්න දෙන ජාතියක් නිසා...ඒ වගේම සමහරු කියනවා කිරිහැන්ද කොලේක එලකිරි හැන්දක ගුනේ තියෙනව කියලා...මේකත් රහ පලා වර්ගයක්...හැබැයි කපද්දි තැලුනොත් පොඩි තිත්ත රසක් එනවා...ඒ නිසා පොඩි නොවී ලියාගන්න ඕන...ඕනි තරම් බැදිවල , පිට්ටනි අයිනේ , පාලු ඉඩම්වල මේක වල් පැලයක් විදිහට තියෙනවා මම දැකලා තියේ....මේකෙ කුකුල් කරමලවල වගේ කූරක් වගේ මලක් එනවා...කූරක් වගේ ....ම්ම්ම්ම්ම්...

අනිත් ඒවානම් ඉතින් කවුරුත් දන්න ඒවානෙ...මුංඇට පැලකරන්නෙ උයන්න කලින් රැයක් පෙඟෙන්න තියලා එතකොට මුල් අදිනවා...එතකොට පෝශනයයි රසයි දෙකම වැඩිවෙනවා.

"ඒ බබා...යමු කන්න."

"අනේ ඔයා  කිව්වෙ නෑනෙ පොඩි දෙන්නෙක් ඉන්නවා කියා...මම හිතුවෙ ටිකක් ලොකු ලමයි වෙන්න ඇතිකියලා...මොනාහරි ගේන්නවත් තිබ්බනේ."

"හරි අපි හවසට මොනාහරි ගේමු කඩේකින්...දැන් යමු බඩිගිනියිනෙ."

කෝමහරි බුරිය උල් වෙන්න බතුත් කාලා අපි දෙන්නම වත්තට බැස්සෙ පොඩ්ඩක් වටේ පිටේ ඇවිදින්න....හැබ්‍යි මම දැනගෙන උන්නෙ නෑ ලොකු හෙනයක් ලඟ ලඟම එන බව.

"මේ අර ගහ මොනාද."

"ඒ දූරියන්...අර තියෙන්නෙ මල්...මේ බිමත් තියෙන්නෙ වවුල්ලු කඩාදාලා."

"අපොයි ඒ ගස්වල ලොකු."

"ඔව්...දූරියන් ඉදෙන කාලෙට පුන්චිලාවත් ගහ යටට එන්නෙ නෑ."

"අර ගහ..."

"ඒක මැංගුස්...පුංචි කිව්වා ඒකෙ ගැට තියෙනවා කියලා...යමු බලන්න...ඔයාගෙයි මගෙයි ලක් එක හොඳනම් ඉදුනු ගෙඩි ඇති."

"හා යමු."

"මේ බලන්නකො යන පාර දිගටම වෙරලුනෙ...අපරාදෙ බෑග් එකක් ගේන්න බැරිවුනානෙ."

""බෑග් මොකටද ...මගෙ සරම තියෙන්නෙ."

"සරම ගලවල හෙලුවෙන් යන්න්ද.."

"මෙන්න මෙහෙ දෙනවා...මොලේ නෑ බොගෙ ඉගෙන ගත්තට".

"ඌයි ගහන්නෙ."

"ආ දැන් දැක්කද...මේන් මෙහෙම සරම බොක්ක ගහගන්න පුලුවන්...ඒකට එකතු කරගමු...මේක පරන සරමක්...ඒ නිසා කහට ගෑවුනාට කේස් එකක් නෑ."

කොහොම හරි මැංගුස් ගහ ළඟට යනකොට දං , වෙරලු , ඇබුල් පේර ගෙඩිවලින් මගෙ සරම් බොක්ක පිරිලා...එයාට වෙරලු අච්ච්වරු කන්න ආසයි කිව් නිසා පොලු ගහලා අමු වෙරලු ටිකකුත් කඩාගත්තා...මැංගුස් නම් ගැට...අපේ ලක් එක ගැනනම් කියලා වැඩක් නෑ...අනේ වනේ වන දෙවියනේ......

"මේ අපි එයාට දාන නම මොකක්ද."

"හෑ...මොකාට."

"ඔහොම කතා කරන්නෙ ඇයි අනේ එයා පව්නේ."

"ඔහොම නැවතියන්...මොකා ගැනද ඔය කතා කරන්නේ..ආ ???...හොර එකක් ගැනද තවුසෙගෙ."

"හොර එක නෙවෙයි ඕයි තවුසෙගෙයි මගෙයි බබා ගැන."

"මෝල්ද මිනිහෝ."

"තාමනම් නෑ...තව ටිකකින් වෙන්නත් බැරිනැ."

"කුනුහර්ප නෙවෙයි...මොනාද ක්‍යවන්නෙ."

"ඇයි ඉතින් වෙරලු අක්චාරු වගේ ඇඹුල දේවල් කන්න ආසා හිතෙන්නෙ බඩ වුනාමනේ."

"අනේ...මම කියන්නෙ නෑ ඉතින්."

"කෑගහන්න එපා ඒයි...මම කීසැරයක් ඇතුලෙ යැව්වද...බඩවෙන්න බැරි කමකුත් නෑ....හෝව්...පොඩ්ඩක් ඉන්න...සද්ද එපා..අර බලන්න."

"අනේ කුකුල්ලුනේ...මොකද කුකුල්ලු දැකලා නැතුවයැ."

"ඒ නිකන් කුකුල්ලු නෙවෙයි...ඒ වලි කුකුල්ලු...අර බලන්නෙ කරමලේ මැද කහපාට රවුමක් තියෙන්නෙ."

"ඔව්මයි...ඒත් ඇයි මෙහේ."

"මේ කෑල්ල කෙලින්ම ගිහින් කැලේට මායිම් වෙන්නෙ..ඉතින් කැලෙන් එනවා ඇති...මේ කොල රොඩු අස්සෙ ඉන්න සත්තු අල්ලන් කන්නනෙ එන්නෙ ඔය."

"ඔව් වෙන්න ඇති...කුකුලෙක් zලග තියන් වලි කුකුල්ලු බලන පලවෙනි එකා මමද කොහෙද."

"යැයි යැයි තමා ...හරි විහිලුව."

"හිනාවෙනවකො ඉතින්.."

"මොකද කියන්නෙ මෙහෙම ම ගහකට හේත්තු කරගෙන පලන්නද."

"කරනවනම් ආසයි ...ඒත් දැන් නෙවෙයි...මට මුලින් වෙරලු අච්චාරු ඕන."

"අපෝ...දෙන්නම්...යමන්...මේ ටික හෝදන්නකො...මම එලියෙ ලිප බාප්පලයි අම්මට කියලා අවුලගන්නම් ඔය ටික තම්බන්න".

"හරී...ඒකනෙ මම ඔයාට ආදරෙ."

එහෙම කියලා යන්න හැරුනා විතරයි...මට ඇහුනේ මහා ගාන්ටර පූජාවක්..

"අනේහ්හ්හ්හ්හ්හ්.....ශෙරෝඕඕඕඕන්න්න්....මෙහේඑ එනවාආආආඅ."

වෙරලුයි අනිත් එව්වයි උඩින් ගියා...පට ගාලා සරම කැහිපට ගහගත්ත මන් කෙලින්ම ගෙට දිව්වෙ පලතුරු ටික එතනම බිම හලලා.

"මොකද යකෝහ්හ්හ් බෙරිහන් දෙන්නෙ...කියනවා...මොකද වුනේ."

මූට කතා කරගන්නත් බෑ....උඩ බලාගෙන ඇස් තදකරන් ඉන්නවා.

"මොකද යකෝ මේ...තමුසෙ මට නොකියා ආයෙ වත්ත පැත්තට ගිහින් මොනාටහරි බයවුනාද."

"

"නැ..............හ්."

"සුදූ කෝ...මේ ගිනිදවල් වත්ත පහලට ගියෙ ඇයි දරුවො...ඇල පැත්තටවත් ගියාද..."

"නෑ පුංචි...අනික අපි දෙන්නමයි ගියේ...තනියම නෙවෙයි...මට කොහොමත් ගානක් නෑ...ඕවට මම හිත ගස්සගන්නෙ නෑ...ඒත් මම මෙයාට තනිවෙන්න දුන්නෙ නෑ."

"මොකුත් තෙල් ජාතියක්වත් ගිලලද ගියේ...බැදුම් කාලා හොඳට වතුර බිව්වා නේද."

"ඔව් අනේ...මම මනෙ පුංචි වතුර එක ගෙනත් දුන්නෙ."

"පුතේ...මොකෝ වුනේ...සුදුනෝනා ආච්චි අම්මට කතා කරන් එන්නකෝ."

"නෙතූ...කතා කරනවකො...මොකද මේ...ඇස් දෙක අරිනවා...වැටුනද කොහෙහරි."

"මොකද මේ...ඈහ් පුතේ...මේ හැංදෑ කොරේ මොහොකටහරි හිත ගස්සගෙනදෑ...මේ ඉරමුදුන් යාමෙ ගස් ගල් ගානෙ යන්නෙ නෑ...අනික මේ කැලවල් පාලුයිනේ...මම සුදූටනම් කියලා තියෙනව නෙවැ මෙහෙ වෙන සමහර දේවල්..."

"අනේ මන්දා අම්මා..සුදූ එක්කලු ගියේ."

මට දැන් මාරාවේසයි...කියන්නෙත් නෑ...ඇස් දෙක තරකරන් උඩ බලන් ඉන්නවා

"කියන්ව ඕයි...මොකද වුනේ."

"මගෙ කකුල.!

"ඕ කකුල මොකෝ උනේ...කකුල ඇමැට්ටි වුනාද."

"නෑ."

"

"එහෙනම්...කියනවා "

"ලේ."

"තුවාල කරගත්තද."

"නෑ."

"අප්පිරියයි මට...අනේ."

"මොකක්ද ඕයි...තේරෙන සිංහලෙන් කියනවකො කියන දෙයක්."

"කූඩැල්ලෝ පේලියයි...ඊයාආආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්....."

"ඔය මදෑ...මූට දෙන්න හිතයි මට...කට ඇරලා බොට කියන්න බෑද ඕක."

"යකෝ අනින්නෙ නැතුව මුන්ව අයින් කරනවා...මට අප්පිරියයියියියි........ඊයාහ්හ්."

"ඉන්නවා ඉන්නවා.."

"ආච්චි අම්මා මෙන්න මේ කූඩැල්ලො එල්ලිලා...ඒකට බයේ මැරෙන්න හදන්නෙ."

"අනේ අම්මෝහ්...මාත් බයවුනා මේ හැංදෑ කොරේ හිත ගස්සගෙන කියලා...නූලක්වත් මතුරන්න හිතුවා මම...කෝ එහට්ට වුනානම් මම අහක් කොරන්න...ආ ලේ බීලා හොඳටෝම....ආ දැන් හරි...ලේ නවතින්න තේ දල්ලක් කඩන් ඇවුත් පොඩි කරලා තිබ්බනම් හරි."

මූ යකෝහ්...මගෙ තඩි කූඩැල්ලගෙන් ඉල්ල ඉල්ල කන්නේ...මේ හින්නිකිතර කූඩැල්ලෙකුට බයේ හුස්මත් හිරකරන්..දෙන්න හිතයි මූට.

මෝඩ හුරතලේ.

මොනාහරි හේතුවකට මට අද සින්දු මතක් වුනේ නෑ...බොන්න ඕනි පස්නයක්..හූම්ම්ම්...

............................................................................................................................

මතු සම්බන්ධයි ♥

සමාවෙන්න අද දවස ටිකක් අව්ල්...ඒනිසා එපියෙ අඩුපාඩු ගොඩාක් ඇති...හෙට අනිවාරෙන් දිගම දිග එපියක් දෙන්නම්...කියවන කීපදෙනා වෙනුවෙන් මම ලියනවා ඉතින්...ස්තූතියි ඒ වගේම සොරි.

මම ශෙරෝන්.😁♥

Share This Chapter