Back
/ 22
Chapter 6

4th Chapter

ආරාධනා දෑස් 💕

" අඩෝ අකිඳු "

දුලංජ clz එකට ආවේ හෙන චූන් එකේ. මොකද දන්නෑ. මූටත් කෙල්ලෙක් සෙට් වෙලාද?

" අහ් දුලෝ. GM "

" GM. GM. Very very GM. "

" පට්ට ආතල් එකෙනේ උඹ ඉන්නේ. "

" ඔව් බං. අපේ මිනෝලයගේ එක ලවක් හබක්. "

ආ. ඒකට නම් මූට පාර්ටි දාන්න තරම් සතුටක් ඇති. නැත්නම් ඔය පහම හම්බෙන්න යනකොට මූ එපැයි තනි රකින්න.

.... " මට දරාගන්න බෑ. "

ඔන්න මූණ වෙනතැනක තියාගෙන මිනෝල් ආවා.

" හරි බං එකක් නැතිවුනාට තව හතරක් හෑව් නේ. "

ඒත් ඌ කියන විදියට මූට නැතිවෙලා තියෙන්නේ හිටපු අවංකම කෑල්ලලු. ඒකි බ්‍රේක් අප් වෙලා තියෙන්නේ රට යන නිසාලු. නම නිශානි. අපිට වඩා අවුරුද්දක් වැඩිමල්. මිනෝල් ගේ අක්කි බබි.

මේවා අහන් ඉද්දි දේශාන්ටත් හිනා. ඇත්ත මූ කියන ඒවට හිනා නොවී ඉන්න පුළුවන් ද?

දැන් බලන්න ඕනේ මම කොහොමහරි අර උර චක්කරේන් ගැලවෙන්න. දුලාංජ ගෙන් උපදෙසක් ගත්තා නම් හරි.

... ඌ කියන්නේ මූණටම වැරදි ටික කියලා බලන්න කියලා. ඒත් හිත රිදෙයිද මන්ද.

" ආ දේශාන් ඔයා කෑවද? "

ඉන්ටවල් එක ආපු නිසා මම දේශාන්ගෙන් ඇහුවත් එයා මුකුත් කිව්වේ නැහැ. වැඩක් තියෙනවා කියලා ගියා. ආපු දවසේ ඉදන් මම එයා ඉන්ටවල් එකට කෑම කනවා දැකලා නැහැ.

ඒකට මේ මිනෝල් අපතයා. සවල් පාරවල් ගහන්නේ. බිත්තරේ කන්නේ ඩයිනොසිරස් වගේ. මූට දෙන්න ඕනේ පාරක් බිත්තරේ පස්සෙන් වැටෙන්න. මට මූ එක්ක මාර තරහයි. මූගේ අටමගල් වාසි ලබුගෙඩිය හින්දා තමා මම දුක් විදින්නේ.

....... ..........

අද නම් වල්පල් දොඩව දොඩව හිටියේ නැහැ. ගෙදර ආවා. කෑවා. Clz ගියා. පස්සේ ඉතිං මගේ ඒන්ජල් බේබි හම්බුනා. අම්මේ මොනවද මන්දා කියවනවා. මේකට කට රිදෙන්නෙ නැද්ද මන්දා. මගුල.

හැමදේම අහන් ඉදලා ආයේ ගෙදර ආවා. එපා වෙනවා.

ඔහොම ඉතින් හැමදාම ස්කූල් යනවා. ගෙදර එනවා. ක්ලාස් යනවා. ඕක තමා ලයිෆ් එක.

.......

අදත් උදේ වොලිබෝල් ප්‍රැක්ටිස් තිබ්බා. මොකද අපේ මැච් එක ළඟයි. දැන් මම clz ඉන්නේ නැති තරම්.

මම ඉන්ටවල් වෙලාවේ දැක්කා දේශාන් පිට්ටනියට වෙලා ඔහේ ඉදගෙන ඉන්නවා. ඒ කියන්නේ මෙයා කන්නේ නැද්ද?? ඇයි ඒ? හොස්ටල් එකේ කෑම දෙනවනේ. මම එයා ලඟට ගියා.

" දේශාන්. "

එයා ටිකක් ගැස්සුණා. වෙනත් කල්පනාවක ද මන්දා හිටියේ.

" අහ් අකිඳු "

" මොකො මෙතන කරන්නේ?

" නැ.. නැහැ මම.. මේ.. නිකං"

මට තේරුණා එයාට බොරුවක් කියන්න ඕන වුනත් එයාට මුකුත් කියාගන්න බැහැ කියලා. ඒ නිසා මම එයාට කිව්වා මාත් එක්ක කෑම එක කන්න එන්න කියලා. මොකද මට හිතුනා එයා කෑම ගේන්නේ නැති නිසා ඉන්ටවල් එකේදි පිට්ටනියට වෙලා ඉන්නවා කියලා.

මුලදි එයා මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළත් පස්සේ මම අමාරුවෙන් කැමති කරගත්තා. කෑම කාලා එයා පන්තියට ගියා. මම ආයේ වොලිබෝල් ප්‍රැක්ටිස් කළා. මොකද ළඟම අපේ පලාත් මැච් එනවා. ඒ නිසා.

...........

................☀️...................

වෙනදා වගේම අදත් උදේම ස්කූල් ආපු මම කල්පනා කළේ මලිෂා ගැලවෙන්න විදියක්. ස්කුල් පටන්ගන්න ඔන්න මෙන්න තියලා අර ගල් භූතයෝ දෙන්නත් ආවා.

ඒ එක්කම අපේ මිනෝල් භූතයා මට හින්ට් ගහන්න ගත්තා.

" අද ඉදලා අපි දෙන්නා ලන්ච් එක එකට ගමු දුලෝ "

මිනෝල් දුලාංජ ගේ අතිනුත් අල්ලගත්තා.

මොන විහිළුද මන්දා.

" ඒක තමා මිනෝ. "

ඒ පාර දුලාංජත් පටන් ගත්තා.

" මේ කුනුහබ්බ අහගන්නේ නැතිව. පැහැදිලිව විස්තර කරපං. "

මට යකා නැග්ගා. ඇයි අප්පා කියන දෙයක් තේරෙන්න කියන්න එපැයි.

" ඇයි උඹ ඩබල් ගේම් ගහන්නේ. "

අපෝ අර මලහෝන්තුව මලීෂා මොනහරි මූට කියලද? දැන් දවස් දෙකක ඉදන් මම එයාව මගහරිනවා. මල වදේ නැත්නම්.

" අනේ මේ මම ගහපු ගේමක් නැහැ. "

" ම්ම්... එහෙනම් උඹ ඊයේ පිට්ටනියේදි අර සෝමාලියානු කැරපොත්තා එක්ක ඉදගෙන කෑම කෑවේ. "

හුටා. මුනුත් සිසිටිවි වගේ. කොහොම දැක්කද දන්නේ නැහැ. මම ඉතින් ප්‍රැක්ටිස් ගියාම තනියම කන කෙනානේ. දැන් මම MK ??

" ආ.... ඒකද?? මට තනියම කන්න බෑ කියලා හිතුණා. මම ඌටත් කතා කරලා කෑවා. "

පොඩි ශේප්මන්ට් එකක් දාගත්තා කොහොමහරි. ඒත් දවසම මම එක එක ඒවා අහගත්තා. අන්තිමට මුන්ට කල්කිරි අරන් දීලා බේරුනේ.

ඒත් අද දේශාන් නම් ස්කූල් ආවේ නැහැ. මොකද දන්නෑ. මොනාවුනත් කොල්ලො වුනාම දවසක් ස්ටඩි ලීව් දාන්නත් ඕනි.

......

................ ඔය විදිහට යද්දි මලීෂා නම් මා එක්ක break up වුනා. එයා කිව්වා මම එයාව මගැරියා කියලා. පොඩ්ඩක් අප්සට් වුනා ඉතිං. මොකද එයා මට බොරුවක් කළේ නැහැ. මට වද දිදී හරි මා ගැන හොයලා බැලුවා. පව් ඉතිං. ඒත් මට පොඩි නිදහසක් එක්ක පොඩි පාළුවකුත් දැනුනා. පස්සේ ඒක හරි ගියා.

මම මගේ අධ්‍යාපනය වැඩකටයුතු වලටම ගොඩක් තැන දුන්නා. මොකද මැච් කාලේ ඉවරවෙලා දැන් ඔන්න දෙවනි වාර විභාගෙත් ළංවුනා.

....... ඔන්න අඟහරුවාදා ආවා. අපේ Econ Class එකට අපි තුන්දෙනාම වේලාසන ගියා. මොකද අපේ සැගවුණ අමුත්තා බලන්න. දේශාන් කොලුවා.

" ඒ මම කිව්වේ. ඌ තමා දේශාන්. "

" අපි ගිහින් කතා කරමු ද? "

දුලාංජයි මිනෝලූයි කතාවක.

" එපා යකෝ. එතකොට ඌ දැනගන්නවා අපි ඌ ගැන දන්නවා කියලා. "

මම එහෙම කිව්වේ සමහර විට දේශාන් අකමැති ඇති අපි එයාව දකිනවට. ඒ නිසානේ මාස්ක් එකක් දාන් වැඩ කරන්නේ.

අන්තිමට clz එක පටන්ගන්න වෙලාව ආවා. අපි card mark කරගෙන උඩට යද්දි මම අද ඕනෑකමින් ම card එක අමතක කරලා උඩට යන්න හැදුවේ. ඒත් එයා මට ආයේත් කතා කරලා clz card එක දුන්නා.

" අයියෝ. මට නම් මේක හැමදාම අමතක වෙනවා. "

මම එයා දිහා බලලා කිව්වත් එය ඇස් වලින් හිනාවුණා. ඒ ඇස් කතා කරනවා. ඔව්. එයාට තිබුණේ කතා කරන ඇස් දෙකක්. ඇස් වලින් පවා තව කෙනෙක්ට සැනසීමක් දෙන්න පුළුවන් හිනාවක්. මමත් එයා එක්ක හිනා වෙලා clz එකට ගියා.

Clz ඉවරවෙලා ඉද්දී නම් දේශාන් වෙනුවට හිටියේ මහත අක්කෙක්. මම එයාගෙන් ඇහුවා කලින් හිටපු පොඩි කොල්ලා කෝ කියලා. එතකොටත් එයා කොහෙද ගිහින්. අක්කා දන්නෙත් නැහැ.

පස්සේ මම ඉතින් ගෙදර ගියා. වෙන මොනා කරන්නද?

.......... තවත් දවසක හමුවෙමු........

Share This Chapter