Back
/ 35
Chapter 23

Part 22

සීමාවෙන් එහා

මම හිටියෙ ලයිබ්‍රරි එකේ මේසයක් උඩ ඔලුව ගහගෙන. එක්සෑම් එකට තියෙන්නෙ තව සති එක හමාරක් වගේ. ලබන සතියෙ ඉඳන් අපිට ස්ටඩි ලීව් දෙනවා. සෙමෙස්ටර් එක ඉවර වෙන්න ළඟ නිසා මේ ටිකේ අපිට ලෙක්චර්සුත් වැඩිය නෑ. ඒ නිසා මේ ටිකේම මම ඒ වෙලාවලත් ලයිබ්‍රරි ඇවිත් පාඩම් කරා.

පාඩම් කරන්න්නම් තියනවා තොගයක්...මම ලයිබ්‍රරි ඇවිල්ලත් පාඩම් කරනවා, ගෙදර ගිහිල්ලත් පාන්දර වෙනකම් ඉන්නවා. මේ ටිකේ නිදි මරලම ඇස් යටත් එක්ක කලු වෙලා තිබ්බෙ. සාමාන්‍යයෙන් ෆස්ට් ඉයර් එක්සෑම් ලේසි තමා. ඒ නිසාම තමා මම ගොඩක් මහන්සි වෙන්නෙත්. ෆස්ට් ඉයර් ලේසියෙන්ම 4 gpa එන විදිහට වැඩ කරගත්තනම් ෆෝර්ත් ඉයර් යද්දි අමාරු කෝසස් වලට රිසල්ට් අඩු වුණත් ලොකූ ඉෆෙක්ට් එකක් වෙන්නෑනෙ.

ලිට්‍රිචර් වල තමා මට එපාම කරපු කෝසස් තියෙන්නෙ. ඒ ලෙවලුත් මට අඩුම රිසල්ට් තියෙන්නෙ ඒකටනෙ. ලවන් ඉන්න නිසාම සමහර කෝසස් මම යන්තම් හරි තේරුම් ගන්නෙ.

මේ සතියම මම කරේ ලෙක්චර්ස් නැති වෙලාවල ලයිබ්‍රරි ඇවිත් පාඩම් කරපු එක තමා. මම නිතරම එන්නෙ වැඩිය කවුරුත් එන්නෙ නැති කොනකම තියන ටේබල් එකකට. අපෙ ලයිබ්‍රරි එකේ එක පැත්තක්ම පාඩම් කරන්න වෙන් කරලා තියනවා. අනිත් පැත්තෙන් තමා පොත් රාක්ක තියෙන්නෙ. ඔය පොත් රාක්ක වලට පිටිපස්සෙත් පාඩම් කරන්න පුටු දාලා තියනවා. ඒත් ඒ පැත්තට කවුරුත් එන්නෙ නෑ...කාටවත් පේන්නෙත් නෑ. හැමෝම යන්නෙ පාඩම් කරන්න වෙන් කරපු පැත්තට.

ඒත් මම යන්නෙම අර කබඩ් වලට පිටිපස්සෙ තියන පුටු වලට. මෙච්චර කල් ඒ පැත්තට කවුරුත්ම ඇවිත් නෑ පාඩම් කරන්න. මාරම නිදහස් ඒ නිසා. අද සිකුරාදා නිසා ෆස්ට් ඉයර් අය වැඩිය ඇවිල්ලා හිටියෙත් නෑ...මං හිතන්නෙ අද ලෙක්චර්ස් නෑ කාටවත්. ඒත් අද අසයිමන්ට් එකක් සබ්මිට් කරන්න තිබ්බ නිසා මම කැම්පස් එකට ආවා. ඒ ගමන්ම ලයිබ්‍රරි ඉඳලා පාඩම් කරලම යන්න හිතුනා. ගෙදර ගිහාම ඇඳ දැක්ක ගමන් නිදාගන්න හිතෙනවා.

මම ආවෙ උදේ අටට විතර. පැය තුනක් විතර එක දිගට පාඩම් කරපු මම ඩෙස්ක් එක උඩින් ඔලුව තියාගත්තෙ පොඩ්ඩක් ඇස් දෙක පියාගන්න. නිදිමතයි...ඊයෙත් වැඩිය නිදාගන්න වුණේ නෑනෙ.

මට විනාඩි දහයක විතර සනීප නින්දක් ගියා. ඒ කියන්නෙ ඉන්නෙ කොහෙද, වට පිටේ මොකද වෙන්නෙ කියලා තේරෙනවා. ඒත් එහෙම වෙලාවක වුණත් මහන්සි වෙලාවට යන සැප නින්දක් තියෙන්නෙ...අන්න එහෙම එකක්.

ටික වෙලාවකින් මට දැනුණා මගෙ ඩෙස්ක් එක ඉස්සරහ තියන පුටුව බර වෙනවා වගේ. මැස්සෙක්වත් එන්නැති මේ පැත්තට එක පාරට ආවෙ කවුද කියලා මට අමුතුවෙන් හිතන්න ඕන නෑ ඉතින්...අනික ඒ ජැස්මින් සුවඳ මට අඳුරගන්න බැරි වෙන්නෙ කොහොමද. ඒත් මම තාම හිටියෙ අඩ නින්දෙ. ඔලුව උස්සලා නැගිටින්න ඕන වුණත් මම එහෙම්ම ඔලුව ගහගෙන හිටියෙ හිත ඇහැරිලා වුණාට මගෙ ඇඟ තාම ඇහැරිලා නැති නිසා.

ටික වෙලාවකින් මට දැනුණා මගෙ කෙස් අතරින් සනීපෙට ඇඟිලි එහෙ මෙහෙ යනවා. පුදුම විදිහට මහන්සි වෙලා හිටපු මට ඒ වෙලේ දැනුනෙ කියන්න බැරි තරම් සැහැල්ලුවක්. එයා හිමින් ඔලුව අතගානකම් මම එහෙමම හිටියා.

"විදුර්..."

ලවන් කතා කරේ වෙනදටත් වඩා සොෆ්ට් විදිහට. එයා කොහොමත් මේ ටිකේ මට වෙනදට වඩා සලකනවා වැඩි...එක්සෑම් නිසා ස්ට්‍රෙස් වෙලානෙ ඉන්නෙ. මේ දවස් වල එයාගෙ එක වචනෙකුත් ඇති මාව නිවන්න.

"බබා...ඔයා ඇහැරලද ඉන්නෙ?"

තවමත් මගෙ ඔලුව අතගාන ගමන් ලවන් අහද්දි මම පොඩ්ඩක් එහෙ මෙහෙ වුණේ මට එයාව දැනෙනවා කියන එක අඟවන්න. ඒත් මේ දැනෙන සනීපෙට මට තවම නැගිටින්න හිතෙන්නෙ නෑ.

"විදුර්...ඔහොම නිදාගන්න බෑනෙ ළමයො. කෝ නැගිටින්නකො."

ලවන් මගෙ කම්මුල ගාවින් අත තියලා කියද්දි මම යන්තම් ඔලුව ඉස්සුවා. තාම හැබැයි මගෙ ඇස් බාගෙට පියවිලා තිබ්බෙ. මගෙ නිදිමත පෙනුම දැක්ක ගමන් ලවන් යන්තම් හිනාවෙනවා මම දැක්කා. එයා එක අතක් මගෙ කම්මුලක් සම්පූර්ණෙන් වැහෙන විදිහට තියලා අල්ලගද්දි මම ආයෙ ඇස් දෙක පියාගෙන ඒ පැත්තට බරවුණා.

"ඔය...ආයෙ නිදිනෙ ඉතින්. නැගිටින්න...අපි අපාට්මන්ට් එකට ගිහින් නිදාගමු ම්ම්?"

"මහන්සි ලවන්...ම්හ්."

"ඔයා මේ ටිකේම ගොඩක් මහන්සි වුණානෙ පැටියො...අදට රෙස්ට් කරමු. අපි යමුකො."

ලවන් හිමින් මගෙ කම්මුල පිරිමදින ගමන් කියද්දි මම ඇස් ඇරලා එයා දිහා බැලුවා. රෙස්ට් කරන්න ආසයි...ඒත් එක්සෑම් මතක් වෙද්දි එහෙම ඉන්න හිතෙන්නෙ නෑ. කාලෙ කනවා වගේ ෆීලින් එකක් දැනෙන්නෙ. මම ඇස් ඇරලා බලද්දි මාත් එක්ක යන්තම් හිනාවුණ ලවන් මගෙ කම්මුල අතෑරලා අත් දෙකින්ම මගෙ එක අතක් අල්ලගත්තා.

"පාඩම් කරන්න ඕනනෙ..."

මම නිදිමතේම කියද්දි හිනාවෙලා මගෙ ඔලුව අතගාපු ලවන් ආයෙම මගෙ අතින් අල්ලගත්තා.

"ඔයා මේ දවස් ටිකේම සෑහෙන්න පාඩම් කරානෙ. මම දන්නවනෙ. එක දවසක් රෙස්ට් කරමු...අඩු ගානෙ අද වගේ දවසකවත්."

ලවන් කියද්දි මම ඇස් යටින් එයා දිහා බලලා යන්තම් හිනාවුණා. අද වගේ දවසක කියන්නෙ...අද මගෙ බර්ත්ඩේ එක. අම්මා අද උදේම කිරිබත් හදලා දුන්නා. ලවනුත් හරියට රෑ දොළහට කෝල් කරලා ආදරේ හිතෙන වචන ගොඩාක් කියලා මට විශ් කරා. අද උදේ අලි පත චොක්ලට් එකකුත් ගෙනත් දුන්නා. බොහොම අමාරුවෙන් ඒක බෑග් එකට දාන් ඉන්නෙත්.

කොහොමත් මම ඉස්සර ඉඳන් බර්ත්ඩේ එකට මහලොකු දේවල් කරලා සැමරුවෙ නෑ. අම්මා අනිවාර්යෙන් කිරිබතුයි කේකුයි හදනවා. අප්පච්ච් හැමදාම දෙන්නෙ එකම ගිෆ්ට් එකක් මට අවුරුදු පහේ ඉඳන්ම, බුක්ෂොප් එකේ ගිෆ්ට් වවුචර් එකක්. මෙච්චර ලොකු වෙලත් මම තාමත් ඒ ගිෆ්ට් එක ගන්න බලන් ඉන්නෙ ආසාවෙන්.

අප්පච්ච් දන්නවා මම පොත් කියවන්න කොච්චර ආසද කියලා. දැන් ජොබ් එක තියන නිසා ඕන වෙලාවක ඕන තරම් පොත් ගන්න පුලුවන් වුණත් ඉස්සර එහෙම නෑනෙ...ඒ නිසා ඔය ගිෆ්ට් එකට මම බලන් ඉන්නෙ පුදුම ආසාවකින්. කොහොමත් අප්පච්චි ඒක දෙන්නෙම අඩුම පොත් දහයක්වත් ගන්න පුලුවන් වෙන විදිහට. කාලෙන් කාලෙට පොත් ගණන් යද්දි අප්පච්චිගෙ වවුචර් එකේ ගානත් වැඩි වුණා.

ඒ නිසා මට ඒ ගිෆ්ට් එක හරි ආදරණීයයි. දැන් මම ඉන්න තත්වෙ මොකක් වුණත් පොඩි කාලෙ ඔය දවස එනකන් බලන් හිටපු විදිහ මතක් වෙද්දි ඒ ගිෆ්ට් එක ගැන මගෙ හිතේ තියන ආසාව අදටත් එහෙමම තියනවා.

ඊට අමතරව ඉතින් මම ගෙවල් ළඟම තියන පිරිවෙනට පොත්පත්, පෑන් පැන්සල් වගේ ඉගෙනීමට ඕන කරන දේවල් පූජා කරනවා. මුලින්ම අම්මයි අප්පච්චියි තමා මං වෙනුවෙන් ඕක කරේ...ඊට පස්සෙ එයාලා දෙන කීය කීය හරි එකතු කරගෙන මමම ඒක කරන්න පටන් ගත්තා. දැන්නම් ඉතින් ඒ දේ කරන්නෙ මගෙම සල්ලි වලින්. මේ පාර හෙට උදේ තමයි අපි පිරිවෙනට යන්න හිතන් ඉන්නෙ. මේ සැරේ ලවනුත් ඉන්නවනෙ...ඒ නිසා මේ පාර ගොඩක්ම විශේෂයි.

එයා මට කිව්වා උදේ පිරිවෙන් ගිහින් හවස එයා එක්ක ඩේට් එකකට එන්න කියලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. කැෆේ යන්නත් නෑනෙ...එක්සෑම් නිසා මම සති තුනක නිවාඩුවක් දැම්මා. ඕක අද උදේ චොක්ලට් එක දෙද්දි තමා කිව්වෙ. 'මේක ඔයාට දෙන්න තියන ඒවගෙන් සීයෙන් එකක් විතරයි, හෙට ඉතුරු ටික' කියලා. කොහොමත් ලවන් මාව ස්පොයිල් කරන්න ගිහාම සීමාවක් නෑනෙ.

ඉස්සරනම් මම එයා එහෙම දේවල් කරද්දි ඕනවට වඩා දේවල් කරන්න එපා කියලා කිව්වා එයාට වියදම් යන නිසා. මං වෙනුවෙන් එයා දාස් ගණන් වියදම් කරනවට මම කැමති වුණේ නෑ. ඒත් මම දැන් එහෙම කියන්නෙ නෑ...ලවන් ඒ හැමදේම කරන්නෙ මට තියන ආදරේටනෙ. ඒ වෙලාවට එයාට යන වියදම් ගැන ලවන් වද වෙන්නෙ නෑ. ඇත්තම කතාව ඉතින් ලවන්ට සල්ලි වලින් අඩුවක් නෑ. එහෙම තියෙද්දි මම පොඩි වචනෙකින් හරි මේ දේවල් කරන්න එපා ලවන් කියන එකෙන් එයාගෙ හිත රිදෙනවනෙ. ඒ නිසා එයා මට ආදරේට කරන හැමදේම මම සතුටින් බාරගන්නවා.

කොහොමත් මම ලවන් එක්ක ඉන්නෙ එයාගෙන් ඒ දේවල් ගන්න බලාගෙන, සල්ලි බලාගෙන නෙවෙයි කියල එක එයා හොඳටම දන්නවා. මටත් සැලකිය යුතු ගාණක් මාසෙට හම්බෙනවනෙ. මාසෙකට අසූ දාහක් වගේ ගාණක් මට සින්ග් කරලා හම්බෙනවා. මට ඉතින් පවුලක් ජීවත් කරවන්න, ගෙදරට කන්න දෙන්න වගේ වගකීම් නෑනෙ. ඒ නිසා ඒ සම්පූර්ණ ගාණම මටම තමයි.

මමත් මට තියන විදිහට ලවන්ට එක එක ගිෆ්ට් අරන් දෙනවා වෙලාවකට. සමහර දවස් වලට අපි දෙන්නගෙ ඩේට්ස් වලට පේ කරන්නෙත් මම. ආදරේ කරන කෙනා වෙන්වෙන් එහෙම දෙයක් කරන්න බැරි වෙන්න හේතුවක් නෑ කියලා මමනම් හිතන්නෙ.  මම ඒ හැම දෙයක්ම කරන්නෙ එයාට ආදරේ නිසානෙ.

ගිෆ්ට් එකක් ගන්න ගිහාම ඒකේ ගාණ බලලා 'අපෝ ගණන් වැඩි' කියලවත් 'මේ වගේ එකක් දුන්නම එයා මොනවා හිතයිද' කියලවත් හිතෙන්නෑනෙ. ඒ වෙලාවට හිතෙන එකම දේ 'ලවන් මේකට ගොඩක් කැමති වෙයි' කියන එක විතරයි. ලවනුත් ගිෆ්ට් එකක් ගද්දි, ඩේට් එකකට පේ කරද්දි අනිවාර්යෙන් හිතන්නෙ ඒ දේ මිසක් ඒකෙ ගාණ ගැන නෙවෙයි කියන්න මම දන්නවා. ඒ නිසා මම ලවන් දෙන කිසිම දේකට කිසිම දෙයක් කියන්නෙ නෑ. කොහොමත් මම දවසක් කිව්වා වගේම... ඔය එක්ස්පෙන්සිව් දේවල් නැතුව දවසක එයා මට පාර අයිනෙ ගහකින් කඩා ගත්ත කැලෑ මල් පොකුරක් දුන්නත් මම අනිත් හැම ගිෆ්ට් එකක් වගේම සතුටින් ඒකත් බාරගන්නවා කියන එක ලවන් හොඳටම දන්නවා.

ලවන් කියපු දේ ගැන මම කල්පනා කරා...ඇත්ත තමයි ඉතින්. මම දැනටම ගොඩක් පාඩම් කරලා ඉවරයි. ගොඩක් කෝසස් ගැන මට කන්ෆිඩන්ස් එකක් තියනවා. ඒ නිසා අදයි හෙටයි රෙස්ට් කරා කියලා මුකුත් වෙන්නෑනෙ.

"ම්ම්...හරි එහෙනම්."

"ඇති යන්තම්...අපි යමු එන්නකො."

ලවන් මගෙ පොත් පත් ටික එකතු කරලා පෑන් ටික කේස් එක ඇතුළට දාන ගමන් කිව්වා. මම ඉස්සරහට වෙලා පපුව ගාවින් මේසෙට හේත්තුවක් දාන් ලවන් කරන දේ බලන් හිටියා.

"ලවන්...කොහොමද අපි යන්නෙ? අපි දෙන්නට එකට යන්න බෑනෙ."

"පේන්නැතිවෙන්න යමු...ඕවත් ප්‍රශ්නද?"

ලවන් පොත් ටික ඔක්කොම එකට හදලා එයා අතට ගන්න ගමන් කිව්වා. ලයිබ්‍රරි ඇතුළට ඉතින් බෑග් ගේන්නෑනෙ...ඒවා එළියෙන් තියලනෙ එන්නෙ.

"ඔයා මේ පැත්තට එනවා කවුරුත් දැක්කෙ නැද්ද...?"

"පේන්න එනවද බබා මෙහෙම තැන් වලට...?"

ලවන් දඟකාර හිනාවක් දාලා ඇස් යටින් මගෙ දිහා බලන ගමන් කිව්වා. මේ මනුස්සයා කැම්පස් එක ඇතුළෙ ෆුල් පවර්ස් පෙන්නන්න තියාගත්තද ඒ පාර?? කොහෙහරි කවුරුහරි දැක්කම තමා ආතල් දෙපිටින් යන්නේ.

"පිස්සුද ලවන්...?? පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුණානම්."

"පුරුදු වෙන්න කරන දේවල්ද අනේ මේවා...කෝ එන්න යමු."

ලවන් ඇහැක් ගහන ගමන් කියලා එක අතකින් අල්ලලා මාව නැගිට්ටුවා. මම රවාගෙනම එයාගෙ අත අල්ලන් නැගිට්ටා. කොහොමහරි අපි ආබාධයක් නැතුව කැම්පස් ගේට් එකෙනුත් එළියට ආවා. ඒ ළඟම වගේනෙ එයාගෙ අපාට්මන්ට් එකට හැරෙන පාර තියෙන්නෙ. ඒත් පාර කිට්ටුවටම වගේ ඇවිත් ලවන් නැවතුණා.

"විදුර් ඔයා ඔහොම්ම යන්න...මම ෆින්ගර් ප්‍රින්ට් තියලා එන්නම්."

"ඔහ්...ඔව්නෙ. හරි- ඒ මේ ඔයාගෙ පවර්ස් කොච්චර දුරට වැඩද? එක පාරට හොල්මනක් වගේ පාර මැද්දෙන් මතු වුණොත් මිනිස්සු බයවෙයි."

මම අහද්දි ලවන්ට හයියෙන් හිනාගියා.

"ඔයා බය නැතුව යන්නකො...මම මේ තරම් දුරට ආවෙත් ඒකයි. මම එනකන් ඉන්න හොඳේ...ඉක්මනට එන්නම්."

"හරි..."

මම අතුරු පාර දිගේ වැඩිය මිනිස්සු, ගෙවල් නැති හරියක් ළඟට ගිහින් නැවතිලා ලවන් එනකන් බලාගෙන හිටියා. මට තාම නිදිමතයි. යකගෙ නිදිමතක්නෙ මේක...අර සමහර වෙලාවල් එන්නෙ නෙස්කැෆේ මැෂින් එකක් පිටින් අමුවෙන් ගැහුවත් නිදිමත යන්නැති. අන්න එහෙම එකක්ද කොහෙද මේ.

මම ඊයෙ රෑ දොළහ වෙනකන්ම පාඩම් කරා. ඊට පස්සෙ ලවන් විශ් කරන්න කෝල් කරපු නිසා පැයක විතර මලක් කැඩුවා. ඊට පස්සෙ ඇවිත් තිබ්බ අනිත් මැසේජ් වලටත් රිප්ලයි කරලා දෙකට විතර නිදාගෙන ආයෙ හතරට ඇහැරියා අසයිමන්ට් එක කරන්න. ඒ ගමන්ම ලෑස්ති වෙලා කැම්පස් ආවෙ. නිදිමත නැතුව තියෙයිද ඉතින්.

මම ලවන් එනකන් එහෙමම එතන තිබ්බ තාප්පෙට හේත්තු වුණා. කොච්චර ඇස් ඇරන් ඉන්න ට්‍රයි කරත් බෑනෙ අප්පා...මේ මොනෝත්තක්ද?? ඊයෙ පිරිටන් එකක්වත් ගැහුවද...ඔව්නෙ. අයිස් ක්‍රීම් ගොඩක් කාලා ඒ ගමන්ම ඇවිත් නාලා පොඩි චුරු චුරුවක් තිබ්බ නිසා මම පිරිටන් එකක් බිව්ව නේන්නම්. අනික ඔව්වට බිව්ව දවසෙ නෙවෙයි ඊට පහුවදා තමා වැඩිපුරම නිදිමත එන්නෙ.

අනේ ඇස් පියාගන්න බෑ නැගිටලා ඉඳපන් රවීෂයා...මේ පාර මැද යකෝ. කොච්චර කිව්වත් මගෙ ඇහි පිහාටු කීකරු වුණේ නෑ. ඒවා පහළටම බර වුණා. අසිහියෙන් වගේ ඇස් පියවුණාට පස්සෙ මට මතක තිබ්බෙ උණුහුම් අත් දෙකක් මගෙ ඉන වටේ එතිලා මාව ඒ පැත්තට බර කරගන්නවා විතරයි.

"විදුර්...අනේ ඇයි මැණික මේ?? ඔයාට සනීප නැද්ද?"

"එහෙම- නෙවේ..."

මමත් මොනවදෝ කියවලා ඒ පපුවෙන් නහය තියන් ගොඩක් කාම් ජැස්මින් සුවඳින් හොඳහැටි පෙනහලු පුරවගත්තා.

"මම කිව්වනෙ ඔච්චර මහන්සි වෙන්න එපා කියලා ඔයාට...කෝ එන්න."

මම මුකුත් කියන්න කලින් ලවන් මගෙ බෑග් එකත් අරගෙන ඊට පස්සෙ ලුණු ගෙනියන්න වගේ මාව එයාගෙ කරෙන් තියාගත්තා. එතකොට තමා මෙච්චර වෙලා කොහෙදෝ නැති නිදිමතක් එක්ක ඔට්ටු වුණ මගෙ ඇස් ඇරුණේ. මේ මනුස්සයට කොච්චර වද දෙනවද අප්පා මම??

"අනේ ලවන්...මාව බිමින් තියන්න!! මට යන්න පුලුවන්."

"ඔව් ඔව් මට පේනවා...කෙලින් හිටගෙන ඉන්න පණ නෑ. බැහැලා යන්න කතාව."

"ඒ වුණාට- ඔයා පවුනේ..."

මම තඩි ඈනුමක් අරින ගමන් ලවන්ගෙ බෙල්ල ගාවින් කම්මුල හේත්තු කරන් කියද්දි ලවන්ට හිනාගියා.

"මම පවු නෑ...මගෙ මැණික නිදාගන්නකො. මම අපාට්මන්ට් එකට ගිහින් ඔයාට කතා කරන්නම්."

මට ලවන් කියපු එක ඇහුණෙ හීනෙන් වගේ. මම ආයෙ ඇහැරුණේ ලවන් මාව පරිස්සමට සෝෆා එක උඩින් තියද්දි. ඒ වෙලේනම් මට අර යකාගෙ නිදිමත තිබ්බෙ නෑ...පොඩ්ඩක් විතර හරි සිහියට ඇවිත් හිටියෙ.

"ඇහැරලා නේ...? මං හිතුවෙ ඇහැරවන්න වෙයි කියලා. මොනවාහරි කාලා නිදාගමු ම්ම්?"

ලවන් මගෙ ගාවින් ඉඳගෙන මගෙ කෙස් අතරින් හිමීට ඇඟිලි යවන ගමන් කිව්වා.

"ම්ම්..."

"ඔයා දවල්ට කාලද ඉන්නෙ...?"

"දවල්ට කන්න තරම්නම් තාම බඩගින්නක් නෑ ලවන්..."

නැතුව තියෙයිද?? උදේ කිරිබත් පිඟානක්ම ගිලලනෙ ආවෙ. හරිනෙ ඉතින්...ඒකනෙ මේ නිදිමත ට්‍රිප්ල් වෙලා තියෙන්නෙ. පිරිටනුයි කිරිබතුයි පැය දෙකේ නින්දයි...යසයි.

"මටත් එහෙම තමා...එහෙනම් පොඩි දෙයක් කාලා නිදාගමු. ශෝටීස් වගේ?"

"ශෝටීස් ගේන්න ආයෙ යන්න එපැයි ලවන්...වෙන මොනවාහරි කමු-"

මම කියලා ඉවර කරන්නත් කලින් ලවන් ප්ලේට් එකකට දාපු එග් බන් දෙකයි පැටිස් දෙකයි ස්ටූල් එක උඩින් තිබ්බා.

"මේ කොහෙන්ද...?"

මම අහද්දි ලවන් ඇහැක් ගහලා හිනාවෙලා මගෙ අතට එග් බන් එකක් දුන්නා.

"මම කැන්ටින් එකෙන් අරන් ආවෙ...කොහෙද ඉතින් ඒක පේන්නෙත් නෑ තාප්පෙට හේත්තු වෙලා වවුලෙක් වගේ නිදිනෙ."

"අනේ මේ...වවුලො නිදියන්නෙ එල්ලිලා. තාප්ප වලට හේත්තු වෙලා නෙවේ."

"ම්ම්...ඔය උත්තමයා කියන එකක් තමා. ඉන්න මම ඔරේන්ජ් ජූස් අරන් එන්නම්."

මම ලවන් නැගිටලා යන දිහා බලන් හිටියා. පවු අනේ...මං ගැන පොඩි දේත් එයා හිතනවා. ආදරේ හිතෙනවනෙ ඉතින් මේ වෙලාවට. එයා මම කනකන් ඉඳලා ඔරේන්ජ් ජූස් එකත් බිව්වට පස්සෙ එතන ඔක්කොම අස් කරා.

"බබා...ඔයාට දවල්ට කන්න ඕනෙ මොනවද කියලම නිදාගන්නකො. මම ඕඩර් කරලා තියන්නම්."

අපි දෙන්නා හැමදාම මෙහෙමයි ලවන්ගෙ අපාට්මන්ට් ආවම හරි ඩේට් එක්කට ගිහාම හරි. එයා කන්න කැමති එකයි මම කන්න කැමති එකයි දෙජාතියක් ඕඩර් කරනවා. ඊට පස්සෙ දෙන්නම දෙජාතියෙන්ම කනවා. මේන් මීල් එකයි ඩෙසටුයි ඩ්‍රින්ක්ස් ගන්නවනම් ඒවයි ඔක්කොම එහෙම තමා.

"ම්ම්...නාසි ගුරාන්ග්?"

"තව...?"

"තව...මට චොක්ලට් කේක් ඕනෙ."

"මම ඇහුවෙ ඩෙසර්ට් නෙවේ ළමයො...මේන් මීල් ආයෙ මොනවද ඕනෙ?"

ලවන් මං ගාවින් ඉඳගෙන අහද්දි මම පුදුමෙන් වගේ එයා දිහා බලන් හිටියා.

"ඉතින් මං කිව්වනෙ..."

"අද දෙකම ඔයා කියන්න...අද ඔයාගෙ ස්පෙශල් ඩේ එකනෙ."

එයා කිව්ව ඒ තරම් පොඩි දේකට මගෙ ඇස්වල කඳුලු පිරෙන්නෙ ඇයි කියන්න මම දන්නෙ නෑ. ලවන් මං ගැන පොඩිම පොඩි දේ ඉඳන් කෙයාර් කරන විදිහට මම මාරම ආසයි...ලෝබයි.

"එහෙම ඕනෙ නෑ ලවන්..."

"එහෙම නැතිකොට විශේෂයක් නෑනෙ...ඔයා කියන්නකො පණ්ඩිත වෙන්නැතුව."

"ම්ම්...චීස් කොත්තු."

මම ඇඟට පතට නොදැනී කිව්වම ලවන් ඇස් හීනි කරලා මගෙ දිහා බලන් හිටියා. එයා දන්නවා මට වැඩිය චීස් කොත්තු කන්න බෑ කියලා. මම කොත්තු කන්න ආසා නෑ කියලා නෙවෙයි මේ කියන්නෙ...මමත් හදවතින්ම ශ්‍රී ලාංකික ටොප් කොත්තු පෙරේතයෙක් තමා. ඒත් චීස් කොත්තු ගොඩක් කෑවම මගෙ බඩ ගොර ගොර ගාන ගතියක් තියනවා. ඒ නිසා ලවන් එක්ක කද්දි වුණත් මම චීස් කොත්තු ගොඩක් කන්නෑ. එහෙව් එකා කැමති දෙයක් ඉල්ලන්න කියද්දි චීස් කොත්තු ඉල්ලුවම මෙහෙම බැල්මක් යොමුවෙන එක සාධාරණයි.

"මම කැමති එක නෙවේ ඔයා කැමති එකක් ඉල්ලන්න කිව්වෙ..."

"මම කැමති එකක් තමා ඉල්ලුවෙ..."

"ඔයා චීස් කොත්තු කන්න වැඩිය ආසා නෑ විදු-"

ලවන්ට කියලා ඉවර කරන්න හම්බුණේ නෑ ෆෝන් එක උඩින් ගිහින් මගෙ අතට ආවා.

"මෙන්න මෙහෙ දෙනවා තවුසෙට බැයිනම් මම ඕඩර් කරන්න..."

"විදුර් කෝ ඕක දෙන්න මෙහෙට-"

"බෑ...මමනෙ මෙතන බර්ත්ඩේ බෝයි අහකට වෙලා ඉන්නවකො."

මම සෝෆා එකේ කොනකට වෙලා ලවන් ෆෝන් එක උදුරන්න එන එක මගෙ කකුල් දෙකෙන් අති සාර්ථකව වළක්වමින් නාසි ගුරාන්ග්, චීස් කොත්තු තව මට හිතෙන ඩෙසර්ට්, ඩ්‍රින්ක්ස් කාට් එකට ඇඩ් කරගෙන කරගෙන ගියා. කොහොමහරි ඉතින් ඕඩර් කරන්න කලින් ෆෝන් එක ආයෙම අයිතිකාරයා සතු වුණා.

"ඒයි...දෙන්න මම ඕඩර් කරේ නෑ තාම!!"

"දැන්ම ඕඩර් කරන්න එපා...කන වෙලාව කිට්ටු වෙලා ඕඩර් කරමු. නිවෙයිනෙ නැත්තම්."

කියන කතාවෙත් ඇත්තක් තියනවා...ඒත් මේකා මම නිදාගන්නකම් ඉඳලා ඕඩර් එක වෙනස් කරොත් එහෙම. ලවන් කලින් මගෙ දිහා බලන් හිටපු විදිහටම මම ඇස් හීනි කරලා එයා දිහා බලන් හිටියා.

"හැබැයි තවුසෙ ඕඩර් එක වෙනස් කරලා තිබ්බොත් ආයෙ ෆෝන් එක ඔබන්න බැරිවෙන්න ඇඟිලි ටික කපලා සොසේජස් වගේ බැදලා කොත්තු එක්ක මික්ස් කරන් කනවා හරිද?"

මම කියාගෙන යද්දි ලවන් බයවෙලා වගේ මං දිහා බලන් හිටියා. මොකටද අනේ එයාගෙ අහිංසක රෝස කුසුමට මෙච්චර බයවෙලා ඉන්නෙ??

"විදුර්-"

"විදුර් තමයි...කියනවා වෙනස් කරන්නෑ නේද?"

"හරි හරි වෙනස් කරන්නෑ..."

"අන්න එහෙම..."

මම ආයෙම පුටුවෙ හරිබරි ගැහිලා ඉඳගෙන අහිංසක හිනාවක් දැම්මම ලවන් කලින් වගේම කන්ෆියුස්ඩ් විදිහට මගෙ දිහා බලන් ඉඳලා ටික වෙලාවකින් එයත් හිනාවුණා.

"ඔයා වොශ් දාලා නිදාගන්නවද...?"

"නැගිටලම වොශ් එකක් දාගන්නවා..."

"ම්ම්...එහෙනම් රූම් එකට ගිහින් හොඳට නිදාගන්න. ඔයාගෙ ඇඳුම් කබඩ් එකේ ඇති."

"ඇයි ඔයා එන්නැද්ද...මොකක්හරි වැඩක්ද?"

"ලොකු වැඩක් නෙවේ...මම කිචන් එක අස් කරලා- විදුර්!!! මොකද අනේ මේ??"

ලවන් බෙරිහන් දුන්නෙ මම එයාව සෝෆා එක උඩ පෙරළගෙන එයාගෙ ඇඟ උඩින් සනීපෙට දිගාවෙලා පපුව උඩින් මූණ තියාගත්ත නිසා. මම කොහොමත් ආසයි මෙහෙම එයාගෙ අත් අස්සෙ නිදියන්න...දන්නෑ වගේ මොකජ විජුර් මේ ගාන හැටි විතරක්.

"ඔයා ළඟ සනීපයි..."

මම කියද්දි ලවන් යන්තම් හිනාවෙලා මගෙ නළල පැත්තකින් කිස් එකක් තිබ්බා.

"මගෙ පණ එහෙනම් නිදාගන්නකො...මම ඔලුව අතගාන්නද එතකන්?"

"ම්ම්..."

මම ලවන්ගෙ වේස්ට් එක හරියෙන් තද කරලා බදාගෙන එයාට තව තුරුල් වුණා. ඒත්...පොඩ්ඩක් ඉන්න. එයා මොකද්ද ඒ කිව්වෙ?? මම ඒ පමාවට ඇස් ඇරලා පුදුමෙන් වගේ ඔලුව උස්සලා එයා දිහා බැලුවා.

"ඇයි...?"

ලවන් ඇහුවෙ හරි සන්සුන් හිනාවක් එක්ක.

"ආයෙ කියන්න ඒක..."

මම ඇස් දෙකත් ලොකු කරලා කියද්දි ලවන් ආයෙම හිනාවෙලා මගෙ අතක් එයාගෙ අතක පටලගෙන අල්ලෙන් කිස් එකක් තිබ්බා.

"මොකද්ද පණ...?"

එයා ආයෙම ඒක කිව්වා. ඒ කියන්නෙ මට වැරදියට ඇහිලා නෑ...එයා ඇත්තටම ඒක කිව්වා. පපුව පුරාම දැනුණ දරාගන්න බැරි හැඟීම යන්තම් තොල් අතර මතුවුණ හිනාවක් විදිහට එයාට දැනෙන්න දුන්න මම ආයෙම ඒ ආදරේ පිරුණ පපුව උඩින් ඔලුව තියාගත්තා.

මගෙ හාට්බීට් එකේ වේගෙ වැඩිවුණ එක තේරිලාමද කොහෙද යන්තම් හිනාවුණ ලවන් මගෙ නළලින් දිග හාද්දක් තියලා මගෙ ඔලුව සනීපෙට අතගාද්දි කලින් වගේම ලොකු නිදිමතක් මාව වෙලාගන්නවා මට දැනුණා. සම්පූර්ණෙන් නිදි දෙව්දුව තුරුල් කරගන්න කලින් ඈත අවකාශෙකින් ඇහෙනවා වගේ එයාගෙ ආදරණීය කටහඬ මට ඇහුණා.

"ගැස්සෙන ඔය හදේ රිද්මයේ

සත්තට තුරුලු වී සැනහුනේ

ලස්සන සිනහවට පැටලුනේ

සිදගන ඔබද මා සුරතලී..."

පැය ගාණකට පස්සෙ මම ඇහැරෙද්දි හිටියෙ නිදාගත්ත තැනනම් නෙවෙයි...මම හිටියෙ ලවන්ගෙ ඇඳේ. එයා මාව ගෙනත් තියන්න ඇති. අමාරුවෙන් පටලන් හිටපු ඝනකම ශර්ට් එකයි ඩෙනිමයි අයින් කරලා ලවන් මට ශෝර්ට් එකක් අන්දලා තිබ්බා. මං හිතන්නෙ වෙලාව දෙක හමාරට විතර ඇති...බඩගින්නකුත් ලෝඩ් වෙලා දැන්නම්.

ඕඩර් කරපු කෑම ඇවිල්ලද දන්නෑ...මම කෑම ගැන මනෝ පාරක් ගහගෙනම හොඳට නාගෙන පහළට යද්දි ලවන් ටීවී බලනවා. එයා මාව දැකලා හිනාවෙලා මගෙ දිහාට අත දික් කරද්දි මම එයා ගාවින් වාඩිවෙලා උරහිසින් ඔලුව තියාගත්තා.

හොඳට නින්ද ගියාද...?"

"ඔව්...පොඩ්ඩක්වත් මහන්සි නෑ දැන්නම්."

"ඒක හොඳයි...බර්ත්ඩේ එක දවසෙම මූණ මලවන් ඉන්න එකට මාත් අවුල් ගිහින් හිටියෙ."

ලවන් කියද්දි මම හිනාවෙලා එයාගෙ කම්මුලින් හාද්දක් තිබ්බා. දැන්නම් ඇත්තටම ඒ ගතිය නෑ...නිදාගෙන ඇහැරලා නාගත්තටත් පස්සෙ මාර ෆ්‍රෙශ් ගතියක් තියෙන්නෙ.

"ඔයාට බඩගිනිද...?"

"ඔව්...කෑම ඩිලිවර් කරාද?"

"ම්ම්...ඉන්න මම ලෑස්ති කරන්නම්."

ලවන් ටීවී රිමෝට් එක පැත්තකින් තියලා උඩ දමාගෙන හිටපු කකුල් දෙකත් බිමින් තියලා නැගිටින්න ලෑස්ති වෙද්දි මම එයාගෙ අතකින් අල්ලගත්තා.

"ලවන්...කාලා මම යන්නම් නේ?"

"හහ්??"

ලවන් ඇහුවෙ බයවෙලා වගේ. මොකද යකොව් ඔච්චර බය වෙන්නේ?? ගෙදර යන්න ඕනෙ කියලනෙ කිව්වෙ.

"ගෙදර යන්න ඕනෙ කිව්වෙ...අම්මට කිව්වෙත් නෑ."

ලවන් එක පාරට බයවුණ විදිහ හොඳටම නෝට් වුණ නිසා මම ටිකක් හඬ බාල කරලා අවසර ඉල්ලන්න වගේ ඇහුවා.

"ආහ්...අම්මට මං කිව්වා ඔයා මං එක්ක ඉන්නෙ කියලා. බයවෙන්න එපා."

ලවන් ආයෙම නැගිටින්න යද්දි මම අතින් ඇද්ද නිසා එයා ආයෙම සෝෆා එකෙන් ඉන්ඳවුනා.

"අනේ ඩිනර් එකට කලින් යන්න ඕනෙ ලවන්..."

මම ඇස් දෙකත් බෝල කරලා කියද්දි ලවන් මගෙ පැත්ත හැරිලා ඉඳගෙන මගෙ අත් දෙකෙන් අල්ලගත්තා.

"අම්මගෙ ඩිනර් එකට යන්න නේද...?"

ලවන් අහද්දි මම හිනාවෙලා ඔලුව වැනුවා. එයා ඒක දන්නවා...අම්මා හැමදාම ගෙදර කාගෙමහරි බර්ත්ඩේ එකට ස්පෙශල් ඩිනර් එකක් හදනවා. මම දැන් ආදරේ කරන ලොකු කොල්ලෙක් වුණා කියලා ඒ දේ මඟෑරගන්න මට කොහොමින් ඕනෙ නෑ. අම්මා ආදරෙන් කරන දේනේ ඒ.

"මම ඒක දන්නවා පැටියො...මම ඩිනර් ටයිම් එකට කලින් ගිහින් දාන්නම්. තාම වෙලාව තුනයිනෙ. ඒත්...අනේ මටත් ඔයත් එක්ක ඉන්න ඕනෙනෙ."

"...."

"අද ඔයාගෙ බර්ත්ඩේ එක දවසෙ...මට ඔයාව තව ටිකක් තුරුල් කරන් ඉන්න දෙන්නකො."

ලවන් කියන එකත් ඇත්ත...අද ආවට මට එයා එක්ක ඉන්නත් බැරි වුණානෙ. මම නිදිකුම්බරයා වගේ නිදාගන්න තියාගත්තනෙ. ඩිනර් එකට හත වෙද්දි ගියත් ඇතිනෙ...තව පැය දෙක තුනක් ලවන් එක්ක ඉන්න පුලුවන්. අද වගේ දවසක විතරක් නෙවෙයි...හැම දවසකම ආදරේ කරන කිසිම කෙනෙක් මඟඇරෙන්නෙ නැති විදිහට ලයිෆ් එක බැලන්ස් කරගන්න ඕනෙ. මම කල්පනා කරලා එයාගෙ යෝජනාවට හා කියන්න ඔලුව වනද්දි ලවන් මගෙ කම්මුල් දෙකම මිරිකලා යන්න අල්ලලා නහය උඩින් හාද්දක් තිබ්බා.

"අපි මොකද ඉතින් කරන්නෙ...?"

"ම්ම්...තියන වෙලාවෙ හැටියට ෆිල්ම් එකක් බලමුද?"

"ඔහෝ...නෙට්ෆ්ලික්ස් ඇන්ඩ් චිල්ද ඔයාගෙ ප්ලෑන් එක?"

මම මනමාල හිනාවක් දාලා අහද්දි ලවන් ඇස් දෙක රෝල් කරලා නැගිටලා කෑම ලෑස්ති කරන්න ගියා. මගෙ බෝයිපෙන් මේ දවස්වල මාව අල්ලන්නෙ කරන්නෙ නෑ. ඒ කිව්වෙ අනාචාරයේ හැසිරෙන්න එන්නෙ නෑ. අපි කොහොමත් අනාචාරයේ හැසිරිලා නෑනෙ ඉතින්. මං මේ කියන්නෙ සොෆ්ට් කිස් එකක්, ඒ වගේ හග් එකක් ඇරෙන්න වෙන මුකුත් කරන්නෙ නෑ. එක්සෑම් නිසා ඒකට ෆෝකස් කරන්නලු.

එයා එහෙම කිව්වට මොකද ඒ නිසාම මටනම් නැගගත්ත ගමන්මයි ඉන්නෙ. ඒ කිව්වෙ මේ...මට මෙහෙම එකක් තියනවා. එක්සෑම් වෙලාවට පාඩම් කරලා කරලා ඇති වුණාම එනවා ස්ට්‍රෙස් එකක්...ඒ වෙලාවට ලවන්වමයි මතක් වෙන්නෙ. අහුවුණොත් ඇඳේ පෙරලන් ශර්ට් එකේ කෑලිත් හොයාගන්න බැරිවෙන්න ඉරලා දාලා රෝස පාට වෙනකන් හපාගෙන හපාගෙන යන්න හිතෙනවා. නැත්තම් එයාට යටවෙලා හුස්ම ඉල්ලලා කෑගහන්න වෙන තරමට, තොල් පැලිලා ලේ එන තරමට එයාට මාව කිස් කරන්න කියන්න හිතෙනවා. ඒක මේ එක්සෑම් එක්ක මික්ස් වුණ අමුතු හෝර්නි ලෙඩක්.

ලවන් කියන්නෙ ඒ නිසාම තමාලු මේ දවස්වල ලිමිට් ඇතුව ඉන්නෙ. මොකද මගෙ හිත ඇතුලෙන් එහෙම කරන්න ඕන වුණාට ඒවා හම්බෙන්නෙ නෑනෙ. ඒ නිසා එක්සෑම් එකට ෆෝකස් වෙනවා. නැත්තම් ඒවා හම්බෙන්න ගියොත් එක්සෑම් එකට ෆෝකස් නැතිවෙයි කියලා එයා කියන්නෙ.

ලවන් කෑම ලෑස්ති කරලා මට කතා කරද්දි මම හොඳ ළමයා වගේ කෑම කාමරේට ගියා. මේ දවස්වල හෙන සැලකිලි මේ චූටි පුතාට. මම පොඩි කැටයම් ටිකක් දාලා ලවන්ට කියලා කවාගත්තා. බොරුවට ගෑස් දැම්මට මෙයා හරි කැමති මට කවන්න.

ගෙනාපු සොෆ්ට් ඩ්‍රින්ක්ස් ටිකක් ගන්න ගමන් මටත් කවලා ලවනුත් කාලා ඉවර වුණාට පස්සෙ අපි දෙන්නා කේක් පීස් දෙකත් අරන් සාලෙට ගියා. එයා ඕඩර් කරලා තිබ්බෙ මම ඉල්ලපු චොක්ලට් කේක් එකයි බ්ලූබෙරි චීස් කේක් එකයි. ආයෙම සෝෆා එකෙන් ඉඳගෙන ටීවී එක ඔන් කරපු අපි දෙන්නා බලන්න ෆිල්ම් එකක් කල්පනා කරා.

"ඔයා කැමති මොකක්හරි තියනවද විදුර්...?"

"අනේ මන්දා ඒයි...අපි ගොඩක් ඒවා බලලා තියනවනේ."

"ඒකනෙ..."

"ම්ම්...ආ මේ මන්දාරා බලමුද??"

"අහ්...ඔව්නෙ. අපිට ඒක බලන්න යන්න බැරිවුණානේ."

ලවන් කේක් කාපු ප්ලේට් දෙක ස්ටූල් එක උඩින් තියලා මාව එයාගෙ අත් දෙක අස්සට ගන්න ගමන් කිව්වා. මන්දාරා මාස ගාණක් ෆිල්ම් හෝල්ස් වල පෙන්නුවා...මට ලවන්ව හම්බෙන්නත් කලින් ඉඳන්ම. ඕක බලන්න යන්නම් කියලා ඉන්නවා ඉන්නවා බැරිවුණා. ලවනුයි මායිත් ෆිල්ම්ස් බලන්න ගියාට ඒක බලන්න යන්න බැරිවුණා. දැන්නම් ඒක හෝල්ස් වල පෙන්නලා ඉවරයි. ඉතින් ලවනුයි මායි හිතුවා දැන් ඒක බලන්න.

ස්නැක්ස් ටිකකුත් අරන් ඇවිත් ලවන්ගෙ කකුල් දෙක මැද්දෙන් ඉඳන් එයාගෙ පපුවට හේත්තු වුණ මම ඉතිරි පැය දෙක හමාරම එයාගෙ සනීප තුරුල අස්සට වෙලා ෆිල්ම් එක බැලුවා.

ඇත්තටම ෆිල්ම් එකනම් ගොඩක් ලස්සනයි. දිනක්ෂි, මේඝ, චාන්දනී සෙනවිරත්න, බිමල් ජයකොඩි වගේ මම ආසා නලු නිළියො ගොඩක් හිටියා විතරක් නෙවෙයි ඒ ප්ලොට් එකත් ගොඩක් ලස්සනයි. හැබැයි මම ආසම වුණේ ඒ මොකටවත් නෙවෙයි...ඒ ලොකේෂන්ස් වලට.

ෆිල්ම් එකේ ගොඩක් කොටස් තිබ්බෙ නුවරඑළියෙ, විශේෂෙන් හපුතලේ. ඒ තේ වතු, බංගලා, රේල්වේ දකිද්දි මං මාරම ආසාවෙන් ඒ දිහා බලන් හිටියා. ඇත්තටම ලංකාවෙ මම ආසම ටවුන් එකක් තමා නුවරඑළිය කියන්නෙ. ඒ වුණාට වැඩිය යන්න වෙලා නෑ. ඉස්කෝලෙ කාලෙ ට්‍රිප් එකක් ගියා. ඊට පස්සෙ අපෙ පවුලෙ කට්ටිය දෙපාරක් විතර රිසෝට් එකක් අරන් ඉඳලා ඇවිත් තියනවා නිවාඩුවට.

මම මාරම ආසයි ඒ දවස් වලට. එහෙ ක්ලයිමෙට් එකටද, වටපිටේ ලස්සනටද මන්දා මම මාර විදිහට ආදරෙයි. පවුලෙ අය එක්ක ගියා වගේම කවදාහරි ලවන් එක්කත් යන්න තිබ්බනම්...

"ලවන්..."

"ම්ම්...?"

"අපිත් යන්කො නුවරඑළියේ..."

මම ලවන්ගෙ කකුල් දෙක මැද්දෙ ඉඳන්ම එයා දිහා බලලා කියද්දි මම හොඳටම දැක්කා...ඔව් මම හොඳටම දැක්කා එයාගෙ ඇස් බයෙන් ලොකු වෙනවා. එයා ඒක කොච්චර නොපෙන්නා ඉන්න හැදුවත් මම ඒක දැක්කා.

"නුවරඑළියෙ...ඒ මොකෝ බබා එක පාරට?"

අර...කටහඬත් වෙනස් වෙලා. වැරැද්දක් කරපු ගාණට බයවෙලා වගේ. එහෙම වෙන්න හේතුවක් නෑනේ...මම නුවරඑළි යමු කියලා විතරනේ කිව්වෙ.

"එක පාරට නෙවෙයි ඉතින්...මම කොහොමත් ආසයි. ඒ ෆිල්ම් එකේ පෙන්නපු විදිහට තවත් ආසා හිතුණා."

"ම්ම්..."

"අපි යන්ද...ඔයා කිව්වෙ සිතුම්යගෙ බැන්ග්ලෝ එකක් එහෙ තියනවා කියලා. අපිට ඉන්න පුලුවන්නෙ.?"

"අහ්?"

"එක්සෑම් ඉවර වෙලා යන්ද...?"

මම එයාගෙ වෙනස නොතේරෙන ගාණට ආයෙ ආයෙ ඒකම කියද්දි මට එයාගෙ ඇස් දෙක ඒ හැම පාරම බයෙන් ලොකු වෙනවා හොඳට නෝට් වුණා. ලවන්ගෙ සමහර දේවල් මට හිතාගන්න බෑ...එයා මට බොරුවක් කරන්නෙ නෑ කියලා මම දන්නවා. ඒත් හිටපු ගමන් එයාගෙ හැසිරීම...

එදා අත්තම්මලගෙ ගෙදරදි එක පාරටම අඬන්න ගත්ත විදිහ මට අමතක නෑ. දැන් මෙහෙම නුවරඑළි යන් කිව්වම එක පාරට වෙනස් වුණ විදිහ, ඒ කිසි දෙයක් මට නොපෙන්නා ඉන්න ට්‍රයි කරන විදිහ...ලවන්ට මම කොච්චර ආදරේ වුණත් එයාගෙ හැසිරීමෙ ඒ වගේ පොඩි පොඩි වෙනස්වීම් මාව බය කරනවා.

"ම්ම්...හරි- හරි ඒ එක්සෑම් ඉවර වෙලානෙ. තව කල් තියනවනෙ විදුර්."

ආයාසෙන් මූණට ගත්ත හිනාවක් එක්ක මගෙ ඔලුව අතගාලා කියපු ලවන් මාව එයාට ළං කරන් නළලින් හාද්දක් තිබ්බා.

තවත් පැයකට විතර පස්සෙ අපි දෙන්නා ගෙදර යන්න ලෑස්ති වෙලා ලවන්ගෙ කාර් එකේ හිටියෙ. කලින් වුණ දේ සම්පූර්ණෙන් නැතත් ඒ වෙද්දි මගේ හිතින් සෑහෙන්න අයින් වෙලා තිබ්බා. ලවන් එක්ක ඉද්දි හැමදේම මට මැජික් එකක් වගේ...මට ඒ වගේ නෙගටිව් දේවල් හිතන්න එයා ඉඩක් තියන්නෙම නෑ. සමහවිට ලවන් මට කිසිම විදිහකින් වැරැද්දක් කරන්නෙ නෑ කියලා, එයා මට ඇත්තටම ආදරෙයි කියලා මගෙ හිතේ තියන විශ්වාසෙ නිසා වෙන්න ඇති.

ලවන් අපාට්මන්ට් එකේ දොර ලොක් කරලා මගෙ බෑග් එකත් අරන් ඇවිත් ඒක පිටිපස්සෙ සීට් එකෙන් තියලා ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වුණා.

"බෑග් එකේ ගඩොල් බාග දාන් යනවද විදුර්...ඒකෙ බර."

"ගඩොල් බාග නෙවේ තවුසෙ දීපු ටයිටැනික් සයිස් චොක්ලට් එක නිසා ඒ..."

"චොක්ලට් එච්චර බර නෑ බබා...බොරු කියන්න එපා."

"ආහ්...ඔයාට කියන්න අමතක වුණානෙ. ඒකෙ පොතක් තියනවා."

"පොතක්...ඒ මොකද්ද?"

"ටික කාලෙකට Love in the Autumn කියවන එක නවත්තලා මට කියවන්න වෙන පොත."

මම කිව්වා විතරයි ලවන් එක පාරට බ්‍රේක් කරා. මේ මොකද යකොව් මේ...ඒ මදිවට බ්‍රේක් කරෙත් අර ලවන්ගෙ අපාට්මන්ට් එක ගාවම තියන පල්ලමේ. සීට් බෙල්ට් දාන් හිටියෙ නැත්තම් මූණ වීදුරුවෙ වැදිලා ඔම්ලට් එකක් වෙනවා.

"මො-මොකද්ද ඔයා කිව්වෙ??"

ලවන් කාර් එක නවත්තලම මගෙ දිහා බලන් ඇහුවා.

"මොකද ලවන්?? මේ පාර මැද ඔහොම බ්‍රේක් කරන්නේ?!?"

"ඔහ්...ආ- මේ...පාර මැද්දෙන් ලේනෙක් පැන්නා ඒකයි."

"ලේනෙක්?!? මම දැක්කෙ නෑනෙ..."

"ඔයා මගෙ දිහා බලාගෙනනෙ හිටියෙ...ඒ නිසා දැක්කෙ නෑ. හරි- හරි ඒක වැඩක් නෑ. ඔයා මොකද්ද දැන් අර වෙන පොතක් ගැන කිව්වෙ?"

ලවන් ඒක අහද්දි එයාගෙ ඇස් දෙක අමුතු එක්සයිට්මන්ට් එකකින් පිරිලා...ඒ මොකද දැන් එයා මම අලුත් පොතක් කියවන්න ගත්තා කිව්වම සතුටු වෙන්නෙ?? හරිනම් එයා රෙකමන්ඩ් කරපු පොත කියවන එක මට ටික කාලෙකට නවත්තන්න වෙනවා කිව්වම මෙයා දුක් වෙන්නනෙ ඕනෙ. මට තේරෙන්නෑ...මට තේරෙන්නෑ කඩවුලේ මේ මනුස්පයව.

"මෙහෙමයි...මං ඔයාට මුල ඉඳන් කියන්නම්කො."

ලවන් ආයෙම කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තම මම හරිබරි ගැහිලා සීට් එකේ ඉඳගෙන කිව්වා. ලවන් හෙන උනන්දුවෙන් කතාව අහන්න රෙඩි වෙලා හිටියෙ.

"ඔයාට මතකද රුෂිනි...ආර්ට් කෝසස් වල සමහර වෙලාවට මාත් එක්ක ඉන්නෙ."

"අර උස ගර්ල්නේ...ආ ඔව් ඉතින්?"

"දවසක් එයයි මායි ආර්ට් ලෙක්චර් එකක් ඉවර වෙලා කැෆටේරියා එකට ආවා...ට්වින් ඩබල හිටියෙත් නෑ ජර්මන් ලෙක්චර්ස් නිසා."

"ම්ම්..."

"අපි දෙන්නටම ආර්ට් ලෙක්චර්ස් වල යාලුවො වෙන කවුරුත් නැති නිසා එකට හිටියට අපෙ ලොකූ යාලුකමක් නෑනෙ...ඒ නිසා කැෆටේරියා වෙලා ඉඳගෙන කියවන්න තරම් දෙයක් තිබ්බෙ නෑ. ඒ නිසා වෙන්න ඇති එයා ටික වෙලාවකින් පොතක් ඇදලා අරන් කියවන්න ගත්තා. ඔයා දන්නවද මොකද්ද ඒ පොත කියලා?"

"මොකද්ද...?"

"The Ocean සීරීස් එකේ අන්තිම පොත...!!"

"වාව්...ඔයා අර හොය හොය හිටිය පොත නේද??"

"ඔව්...ඔයා දන්නවනෙ මම ඔය පොත කොච්චර හෙව්වද කියලා. හිතන්නකො ඒ පොත ඇස් මායිමේ තියනවා දකිද්දි මට මොනවා හිතෙන්න ඇද්ද කියලා."

"මට හිතාගන්න පුලුවන්..."

ලවන් හිනාවෙලා මගෙ කොණ්ඩෙ අවුස්සන ගමන් කිව්වා. ඇත්තටම ඔය පොත හොයාගන්න පුදුම කට්ටක් කෑවෙ මං. ඔය සීරීස් එකේ පළවෙනි, දෙවනි, තුන්වෙනි පොත් තුනම මං කියවලා තියනවා. අන්තිම එක ආවෙ දැන් මාස දෙකකට විතර කලින්. ඒක රිලීස් වෙනකොටත් පොතට සෑහෙන ඩිමාන්ඩ් එකක් තිබ්බා.

ඒක නිසාම වෙන්න ඇති ඔය පොත හොයාගන්න සෑහෙන්න මහන්සි වුණා. ලංකාවෙ නොබලපු බුක්ෂොප් එකක් නෑ. ඒත් ඒ එකකවත් තිබුණෙ නෑ. බැරිම තැන මම වෙන රටකින් හරි කමක් නෑ ගෙන්නගන්න පුලුවන්ද බැලුවා. එක්කො එයාලා ලංකාවට ශිප් කරන්නෙ නෑ, නැත්තම් සෝල්ඩ් අවුට්.

ඕකෙ සිංහල පොතකුත් දැන්ම එන්නෙ නෑ. ඒකෙ දැනට සිංහලට ට්‍රාන්ස්ලේට් වෙලා තියෙන්නෙ පළවෙනි පොත විතරයි. ඔන්ලයින් පර්චස් කරන්න පුලුවන් වුණත් මම ස්ක්‍රීන් එකක් දිහා බලන් පොත කියවන්න කැමති නෑ. ඒකත් අමුතු ලෙඩක් වෙන්න ඇති...ඒත් මට ඕන පොත අතේම තියන් කියවන්න. ඉතින් මෙච්චර නැහීගෙන හොයපු පොත රුෂිනි අතේ තියනවා දකිද්දි මට ආවෙ දෙයියො දැක්කා වගේ ෆීලින් එකක්.

"රුෂිනි...මේ The Ocean සීරීස් එකේ අන්තිම පොත නේද??"

"ආහ්...ඔව්! ඔයා කියවලා තියනවද??"

"අනේ නෑ...මම මේ හැමතැනම හොයනවා. ඔයා කොහෙන්ද ඕක ගත්තෙ?"

"මම ගත්තෙනම් නෑ විදුර්...අයියා තමා කැනඩා ඉඳන් ඉද්දි එහෙන් අරන් ආවෙ. ඇත්තටම මමත් ගොඩක් හෙව්වා හම්බුණේ නෑ. බැරිම තැන අයියට කිව්වේ."

"අනේ රුෂිනි...අවුලක් නැත්තම් ඔයා කියවලා මට දෙන්නකො. මම පරිස්සමට ආපහු ගෙනත් දෙන්නම්."

"ඔයාට දෙන්නනම් පුලුවන් විදුර්...හැබැයි පොඩී ප්‍රශ්නයක් තියනවා."

"මොකද්ද...?"

"මම පොත හොයලා හම්බුණේ නැති නිසා අයියා එයාගෙ පොත තමා අරන් ආවෙ...එයා ආයෙ යද්දි මේක අරන් යනවා. මොකද එයා කැමති නෑ බුක් කලෙක්ශන් එක හොල්ලගන්නවත්."

"ඔහ්..."

"මෙහෙමයි...මටනම් තව පොඩ්ඩයි තියෙන්නෙ. ම්ම්...මම මාර්ච් මැද වගේ කියවලා ඉවර කරලා දුන්නොත් ඔයාට ඒප්‍රිල් අග වගේ දෙන්න පුලුවන්ද? අයියා මැයි මුල වගේ තමා ආයෙ යන්නෙ."

"ආහ්...ඔව් පුලුවන්. මම ඒප්‍රිල් අන්තිම සතිය වෙද්දි දෙන්නම්."

ලේසි වෙන්නෙ නෑ තමා. එක්සෑම්, අවුරුදු ඔය ඔක්කොම එකට එන්න තියෙන්නෙ. මේ පොතත් අනික Love in the Autumn වගේ ඩබල් සයිස්. ඒත් කමක් නෑ...හොයලා හොයලා හම්බුණ පොත එහෙම කැපවීමක් කරලා කියවන්න මට බැරිකමක් නෑ. ඉතින් රුෂිනි පොරොන්දු වුණ විදිහට අද තමා පොත ගෙනත් දුන්නෙ.

"ඉතින් ඔයාට එච්චර ඉක්මනට කියවන්න පුලුවන්ද ළමයො...මාස එක හමාරක් වගේනෙ තියෙන්නෙ. අනික එක්සෑම්?"

මගෙ කතාවම අහන් හිටපු ලවන් සාධාරණ ප්‍රශ්නයක් යොමු කරා.

"කමක් නෑ...අර මං දවසක් ඔයාට කිව්වෙ. අහවල් දවස වෙද්දි කියවලා ඉවර කරලා දෙන්න කිව්වොත් ස්ට්‍රෙස් පිට කියවන්න වෙනවා කියලා. කමක් නෑ ඉතින්...කොහොමහරි කියවලා දෙනවා."

"ම්ම්...ඔයාට පුලුවන්නම් කමක් නෑ ඉතින්."

ලවන් කලින් වගේම අමුතු සතුටකින් කියලා එක අතක් මගෙ අතේ පටලගෙන මගෙ උකුල උඩින් තියාගත්තා.

"ලවන්...මොකෝ මේ?"

"ඇයි...?"

"ඔයා එක පාරට එක්සයිට් වුණේ...?"

"ආහ්...විශේෂයක් නෑ. සතුටුයි ඉතින්."

"ඒ මොකෝ සතුටු...??"

"මාසයක් හරි ලේට් වෙනවනෙ..."

"හහ්??"

"වට්??"

"ලේට් වෙනවා කිව්වෙ...?"

"ආහ්- මුකුත් නෑ මේ- ඕහ් අපි ගේ ගාවටම ඇවිත් විදුර්."

ඇත්ත තමයි...දන්නෙම නැතුව ගෙදරට හැරෙන අතුරු පාර ගාවටත් අපි ඇවිත්. එතනින් කාර් එක උඩට ගන්න ඕන නිසා ලවන් මගෙ අත අතෑරලා ආයෙම ස්ටියරින් වීල් එක අල්ලගත්තා.

කාර් එක මිදුලටත් දාලා නවත්තද්දි මම ගේ දිහා බැලුවම...මට මොකද්දෝ අමුත්තක් දැනුණා. පහළ ලයිට්ස් දාලා නෑනෙ. උඩනම් ලයිට්ස් පේනවා. ඒත් ඇයි පහළ?? අනික සද්දයක්වත් නෑ...වෙනදා මේ වෙලාවට අම්මයි අප්පච්චියි ටීවී බලනවනෙ. මට එක පාරට බය හිතුනා.

වෙනදා වගේ ලවන් ඇවිත් කාර් එකේ දොර අරිනකම් ඉන්නෙත් නැතුව මම ඉක්මනට එළියට බැස්සා. මම බයෙන් වගේ ගේ දිහාවට දුවලා යන්න ගියත් එතකොටම මගෙ ඉස්සරහට ආපු ලවන් මගෙ ඉන වටේ අත දාලා මාව ළං කරගත්තා.

"පැටියො ඇයි මේ...?"

"අනේ ලවන් පහළ ලයිට්ස් දාලා නෑනෙ...මට-"

"විදුර්...රිලැක්ස් වෙන්නකො. ඇයි මේ බය වෙලා ඔයා?"

මගෙ කම්මුල් දෙකින්ම අල්ලගත්ත ලවන් ඇහුවෙ ගොඩක් සන්සුන්ව.

"මෙහෙම වෙලා නෑ...මොකක්හරි කරදරයක්ද දන්නෑනෙ-"

මම ලවන්ගෙන් ගැලවිලා යන්න හැදුවත් එයා එක අතක් ආයෙම මගෙ ඉන වටේ දාලා මාව අල්ලගත්තා. වෙන දෙයක් නෙවෙයි...වයසත් එක්ක එන ලෙඩ මගෙ අම්මටයි අප්පච්චිටයිත් තියනවනෙ. අප්පච්ච් හාට් ප්‍රොබ්ලම් එකක් ඇවිත් එක පාරක් හොස්පිට්ල් පවා නැවතිලා හිටියා. මෙහෙම අසාමාන්‍ය දෙයක් දකිද්දි මට මතක් වෙන්නෙම ඒ දෙන්නව.

"මගෙ විදුර්...මගෙ දිහා බලන්නකො. කරදරයක්නම් එයාලා ඔයාට කියනවනෙ ම්ම්."

ලවන් මගෙ කම්මුලකින් අල්ලන් හිමින් පිරිමදින ගමන් කිව්වා. වෙනදා වගේම ඒ අලු පාට ඇස් දෙක මගෙ ඇස් එක්කම සමාන්තර වෙලා තියෙද්දි මම ටික ටික සන්සුන් වුණා. එයා කියන එක ඇත්ත. ලවන් මගෙ කම්මුලිනුයි තොල් වලිනුයි පෙක් එකක් තියලා අතාරිද්දි මම කලින් වගේ කලබල කරේ නැතත් දොර දිහාවට පය ඉක්මන් වුණා.

වෙනදනම් ලවන් මම කොහෙ ගියත් දොර ඇරලා දෙනවා මට යන්න. ඒත් මේ වෙලාවෙ මගෙ නොසන්සුන්කමත් එක්ක එයා එහෙම කරේ නෑ කියන එකත් මට අමතක වුණා. මෙච්චර වෙලා දාලා තිබ්බෙ නැති ලයිට්ස් මම දොර ඇරන් ඇතුළට යනකොටම ඔන් වුණා.

"Happy birthday Vidur!!!!"

මගෙ කන ළඟින් කීං ගාන සද්දයක් එක්ක ස්නෝ ස්ප්‍රේ වලින් මාව නෑවිලා ගියා. ඒ එක්කම කන්ෆෙටි වැස්සකුත් මගෙ ඔලුව උඩට වැටෙද්දි මොකෙක්හරි එකෙක් ප්‍රෑං ගාලා නලාවක් මගෙ මූණටම ඇල්ලුවා.

මට යන්තම් හරි ඇස් ඇරලා බලන්න හම්බුණේ ඒ වෙලාවෙ. අනේ...මුලු සාලෙම ලස්සනට ඩෙකරේට් කරලා තිබ්බා. මට මේ මුකුත් හිතාගන්න බෑ. මෙහෙම දෙයක් මම බලාපොරොත්තු වුණේම නෑ. මොකද මං කලිනුත් කිව්වා වගේ මම කවදාවත් මෙහෙම ලොකුවට බර්ත්ඩේ එක සමරලා නෑ. හැමදාම අම්මගෙ කිරිබත් කාලා අම්මා හදන කේක් එක කාලා අම්මගෙම ඩිනර් එක කාලා දවස ඉවර කරපු මට මේක දැනෙන්නෙ හීනයක් වගේ. මම හරියට වටපිට බලන්නත් කලින් අම්මා ඇවිත් මාව බදාගත්තා.

"සුබ උපන්දිනයක් මගෙ චූටි පුතාට...මේ වගේම හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා අම්මා විශ් කරනවා."

අම්මා මගෙ මූණ පුරාම ඉඹලා විශ් කරද්දි මම අම්මට දණ ගහලා වැන්ඳා. ඊට පස්සෙ මං ගාවට ආව අප්පච්ච් යන්තම් මගෙ උරහිසට තට්ටුවක් දාලා ඔලුව අතගෑවා. අප්පච්චිගෙ ඉතින් කොහොමත් වැඩි කතාවක් නෑනෙ...ඒත් ඇස් දෙකේ තියන උතුරලා යන ආදරේ මං හොඳටම දැක්කා.

"මගෙ චූටි කොල්ලට අවුරුදු විසි එකකුත් වුණා දැනුන්නෑ...උඹට වරදින්නෑ පුතේ. සතුටින් ඉඳපන් හැමදාම."

අප්පච්චිට වඳිද්දි තවමත් මගෙ ඔලුව අතගාන ගමන් අප්පච්ච් කිව්වා.

ඒ එක්කම හුරේ තියාගෙන ආපු කෙල්ලො දෙන්නා දෙපැත්තෙන් මාව බදාගත්තා. මාත් අත් දෙක ඒ දෙන්නගෙ උරහිස වටේ දාලා එයාලව ළං කරගත්තා.

"Happy birthday Viduu...may you always be happy and healthy!! Love you soo much."

ටිනාශා මගෙ එක කම්මුලකින් කිස් එකක් තියද්දි සිනෙලි මගෙ බෙල්ල වටේම අත දාලා අනිත් කම්මුලින් කිස් එකක් තිබ්බා.

"Happy birthday Vidur...උඹ ඔය වගේම හැමදාම හිනාවෙලා ඉන්න ඕන. ආදරෙයි!!"

"උඹලා දෙන්නට ආදරෙයි මාත් පැලෙන්න..."

මම කියපු එකට හිකි හිකි ගාපු උන් දෙන්නා ආයෙම මට ටයිට් හග් එකක් දීලා අයින් වුණා. ඊට පස්සෙ මාව බදාගත්තෙ සිතුම්ය.

"Happy birthday පොඩි මස්සිනා...උඹ ආවට පස්සෙ තමා මං මගෙ එකා වැඩියෙන්ම සතුටින් ඉන්නවා දැක්කෙ. මේ වගේම හැමෝගෙම ලයිෆ් එකේ හැපි පිල් එක වෙන්න, සතුටින් ඉඳපන් හැමදාම."

"තෑන්ක්ස් සිතුම්ය..."

මම සිතුම්යගෙ උරහිසට තට්ටුවක් දාලා හග් එක බ්‍රේක් කරාට පස්සෙ තමා හොඳටම ඩෙකරේශන්ස් දිහා බැලුවෙ. සාලෙ පැත්තක්ම බැලූන් වලින් කවර් කරලා තිබ්බෙ. ඒ බැලූන් විතරක් නෙවෙයි...බැක්ඩ්‍රොප් එක මට හිතාගන්න බැරි තරම් ලස්සනයි. ඒ ඔක්කොම තිබ්බෙ පර්ප්ල්, බ්ලැක්, ගෝල්ඩ් කලර් තීම් එකට.

ඒක හරි අමුතු කම්බිනේශන් එකක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. ඒත් මම චිත්‍ර අඳින්න වැඩියෙන්ම පාවිච්චි කරන කලර් පැලට් එක ඕක. ඒ මොකද මගෙ ආර්ට් මොන තීම් එකේ වුණත් මං ඒක වැඩිපුරම අඳින්නෙ ගැලැක්සි කන්සෙප්ට් එකට නිසා. ඒ කන්සෙප්ට් එකත් එක්ක මැච් වෙනම කලර් පැලට් එක තමා මේ කලර්ස් තුන. ඔය ගැන දන්න එකම එක්කනයි මගෙ ජීවිතේ ඉන්නෙ.

කොහොමත් මේ හැමදේම කරේ එයා කියන්න මට අමුතුවෙන් කවුරුත් කියන්න ඕනෙ වුණේ නෑ. මම හිමින් පිටිපස්ස හැරුණෙ මෙච්චර වෙලාම කිසිම සද්දයක් නැතුව හිටපු එයාව හොයාගන්න.

වෙනදා වගේම සන්සුන් හිනාවකින් හිටපු ලවන් සාක්කුවට අත් දෙකත් දාන් මගෙ දිහා බලන් හිටියා. තව තප්පරයක්වත් පරක්කු නොවුණ මම එයා ගාවට දුවලා යද්දි ඒයත් අත් දෙක දිගෑරලා මාව එයාගෙ තුරුලට ගත්තා. එයාට මේවා පේන්නැතිකරන්න පුලුවන් තමයි...ඒත් මේ වෙලාවෙ එහෙම කරන්න අපි දෙන්නටම ඕනෙ නෑ කියන එක මම දන්නවා. ලවන් මට කොච්චර ආදරෙයිද, මම එයා ගාව කොයි තරම් සැනසෙනවද කියන එක මට ආදරේ කරන අනිත් හැමෝම දකින්න ඕන.

මට වචනෙන් කිසිම දෙයක් කියන්න ඕන වුණේ නෑ...එයාව ආදරෙන් තද කරලා බදාගත්ත මම ටිකක් වෙලා එයාගෙ ඇස් දෙක දිහා බලන් ඉද්දි මට විශ්වාසයි මගෙ හිතේ තියන හැමදේම ඒ ඇස්වලින් කියවෙන්න ඇති. ලවන්ගෙ සතුටින් දිලිසෙන ඇස් දෙක දැක්කම ඒක තවත් තහවුරු වුණා.

හග් එක බ්‍රේක් කරලා මගෙ අතින් අල්ලගත්ත ලවන් මාව ඩෙකරේට් කරලා තිබ්බ තැනට එක්කන් ගියා. එතකොට තමා මම කේක් එකත් හරියටම දැක්කෙ. ඒකත් අර කලර්ස් තුනෙන්ම ගැලැක්සි තීම් එකට හදපු කේක් එකක්. එයා මං ගැන පොඩි දේවල් කොච්චර හිතනවද...කොච්චර මතක තියාගෙන ඉන්නවද. ලවන් ගැන මගෙ හිතේ තියන ආදරේ එන්න එන්නම වැඩි වෙන්නෙ මේ වගේ මං ගැන පොඩි දේ පවා එයා නෝට් කරන එකට.

මම තවමත් ඩෙකරේශන්ස් දිහායි කේක් එක දිහායි බලන් ඉද්දි ලවන් ලොකුම ලොකු රෝස මල් පොකුරක් මගෙ අතින් තිබ්බා.

"Happy 21st birthday my love...you're the best thing ever happened to me. Please keep shining like the brightest star that you already are. I love you so much...!"

ලවන් මගෙ කම්මුලකින් කිස් එකක් තියලා මට සොෆ්ට් හග් එකක් දීලා කිව්වා.

"I love you too...so much."

හිතේ තියන හැඟීම් ඔක්කොම ඒ වචන ඇතුළෙ දිය කරපු මම කිව්වෙ ලවන්ගෙ කම්මුලටත් චූටි කිස් එකක් දෙන ගමන්. හග් එක බ්‍රේක් කරද්දි තමා මම මල් බොකේ එක දිහා බැලුවෙ. පුරුදු පාටමයි,පුරුදු ව්‍රැපින් පේපර් එකමයි. ඒත්...පොඩ්ඩක් ඉන්න.

"ලවන්...මේ හෑන්ඩ්මේඩ් ෆ්ලවර්ස්ද?!?"

"ම්ම්..."

"එතකොට- මේවා ඔක්කොම හැදුවෙ ඔයාද??"

විශ්වාස කරන්න බැරි තරම් පුදුමෙකින් මම ඇස් දෙකත් ලොකු කරන් අහද්දි ආදරේ හිතෙන විදිහට හිනාවුණ ලවන් ඔව් කියන්න ඔලුව වැනුවා. දෙයියනේ...මෙතන මල් දෙසීයකට වැඩී. ඒ හැම එකක්ම එකින් එක, මෙච්චර ලස්සනට එයාගෙ අතින්ම හැදුවද?? ඒ කියන්නෙ...එක පාරට දෙයක් මතක් වුණ මම ලවන්ගෙ අත ඇදලා අරන් හරව හරව බලන්න ගත්තා.

"ඒ කියන්නෙ මේ බර්න් මාර්ක්ස්...ඒකද??"

දැන් සති දෙකක ඉඳන් ලවන්ගෙ ඇඟිලි වල ඉලෙක්ට්‍රික් ග්ලූ එකකට පිච්චුණ මාර්ක්ස් තියනවා. මං ඒ මොනවද කියලා ඇහුවත් ඒකට එක එක ඒවා කියලා මගෑරියා. දවසක් මමම බෙහෙත් දාලත් දුන්නා. ඒ කියන්නේ මේ තියෙන්නෙ මල් අලවද්දි සැරින් සැරේ ඇඟිලි පිච්චුන මාර්ක්ස්. එච්චර පේන් එකක් දරාගෙනද එයා මං වෙනුවෙන් මේ හැමදේම කරලා තියෙන්නෙ. අනේ මට මෙච්චර ආදරේ කරන්න එපා ලවන්...මම කොහොමද දරාගන්නෙ??

එක පාරට මගෙ ඇස් වල කඳුලු පිරෙනවා මට දැනුණා. ඒවා මේ වෙලාවෙ එළියට එන්නෙ නෑ කියන්න මම දන්නවා...මොකද ලවන් ඉස්සරහ මම කොච්චර අඬලා තිබ්බත් අනිත් අය ඉස්සරහ මම අඬන්නෙ නැතිම තරම්. අම්මා අප්පච්ච් ඉස්සරහ වුණත් චූටි කාලෙ ඇඬුවට පස්සෙ මම අඬලම නැතුවැති. කෙල්ලො දෙන්නා ඉස්සරහනම් කොහොමත් අඬලා නෑ.

කොල්ලෙක් විදිහට, පුතෙක් විදිහට කිසි දේකට අඬන්නැතුව ශක්තිමත්ව ඉන්න ඕනෙ කියන එක හැමදාම මගෙ හිතේ තිබ්බ නිසා මම කිසිම දේකට එයාලා ඉස්සරහා අඬලා නෑ. මම බය නැතුව අඬන්නෙ ලවන් ඉස්සරහ විතරයි...ආදරේ කරන කෙනා ඉස්සරහා කොහොමත් අපි හැමෝම ඒ වගේ තමයි. වෙන කිසි තැනකින් නොදැනෙන උණුහුම අපි එයා ගාව බලාපොරොත්තු වෙනවා. මට ඇඬුනෙ නැති වුණත් ඇස් දෙකේ කඳුලු පිරෙනවා දැක්ක ලවන් ඉක්මන්ට මට අනිත් ගිෆ්ට් එකත් දුන්නා.

එයා දුන්නෙ අපි දෙන්නා මේ මාස ගාණට ගත්ත ලස්සන ලස්සන ෆොටෝස් එකතු කරලා ෆ්‍රේම් කරපු තනි ෆොටෝ එකක්. ඒකෙ අපි දෙන්නගෙ මතක හුඟක් තිබුණා...ඩේට්ස් ගියපුවා, කැෆේ එකට ගියපුවා, අපි දෙන්නගෙ පළවෙනි කිස් එක දවසෙ ගත්ත ෆොටෝ එක වගේ ලස්සන මතක ගොඩක්.

මම ඒ ෆොටෝස් එකින් එක දිහා ආසාවෙන් බලන් ඉද්දි ලවන් මගෙ අතින් තවත් ගිෆ්ට් එකක් තිබ්බා. ඒක පොතක්...පොතක් කියන්නෙ ජර්නල් එකක් වගේ ලස්සන, ගැලැක්සි තීම් එකටම කවර් එකක් දාපු පොතක්. මම ඒකෙ පිටු එකින් එක පෙරලුවා. අනේ...ඒ හැම පිටුවකම හිටියෙ මම. පිටුවක් ගානෙම තිබ්බෙ මගෙ ෆොටෝස්...නිකන්ම ෆොටෝස් නෙවෙයි මම චිත්‍ර අඳින වෙලාවට ලවන් කැප්චර් කරපු ෆොටෝස්.

මගෙ ආර්ට් රූම් එකේ, කැම්පස් එකේ ආට් රූම් එකේ, ලවන්ගෙ අපාට්මන්ට් එකට ගිය වෙලාවට, සින්ග් කරන්න ක්ලිෆ් එක ගාවට ගිහාම, නැත්තම් මට හදිසියේ හිතුන වෙලාවට ටැබ් එක එළියට අරන් චිත්‍ර අඳින ඒවා පවා ඒකෙ තිබ්බා. ඒ ෆොටෝස් තිබ්බෙ නිකන්ම නෙවෙයි...හැම පිටුවකම ෆොටෝස් වෙන වෙන කලර් තීම් වලට ලස්සනට ජර්නල් කරලා පැත්තකින් පොඩි පොයම් එකක් ලියලා තිබ්බා. හැම පිටුවකම තිබ්බෙ වෙනස් පොයම්ස්.

ඒ පිටු එකින් එක පෙරලලා බලද්දි මට දරාගන්නම බැරිවුණා. මම මේ ලෝකෙ ආදරේම කරන දේ, මම ආදරේ කරන කෙනාගෙ ඇස් වල සටහන් වුණ විදිහ දකිද්දි...ඒ හැම වෙලාවකම එයාට දැනුණ දේ හීනියට කොනකින් සටහන් කරලා තියනවා දකිද්දි මෙච්චර වෙලා මගෙ ඇස් බොඳ කරපු කඳුලු මට තවත් හංගන් ඉන්න බැරිවුණා. කම්මුල් දිගේ කඳුලු ගලාගෙන යනවා දකිද්දි මම අනිත් පැත්ත හැරුණෙ අනිත් අය ඒක දකින්නැතිවෙන්න.

මම අනිත් පැත්ත හැරෙනවත් එක්කම ලවන් මාව කවර් කරන් එක සයිඩ් එකකින් බදාගත්තා.

"ශ්ශ්...අනේ අඬන්න එපා මැණික."

ලවන් කිව්වෙ මගෙ කඳුලු පිහදාන ගමන් මට විතරක් ඇහෙන විදිහට. ඒත් එයා කඳුලු පිහදාන පමාවට තවත් කඳුලු වැස්සක් සට සට ගාලා මගෙ කම්මුල් වලින් පල්ලම් බැස්සා.

"ලවන්...ඔයා- අනේ-"

"විදුර්...පැටියො අඬන්න එපා දැන්. කෝ කඳුලු පිහදාගන්නකො."

ලවන් කිව්වෙ ටිශූ එකක් අරන් මගෙ මූණ පුරාම පිහදාන ගමන්. එයා එහෙම මාව බදාගෙන ආදරණීය වචන කියද්දි මට දැනුනෙ තව තව මගෙ පපුව හිරිවැටෙනවා විතරයි. ඒත් මෙතන තවත් අඬන්න බෑ...තනියම එයාගෙ පපුවට හේත්තු වුණ වෙලාවට ඒ හැඟීම් ඔක්කොම දිය කරලා දාන්න ඕන. ඒත් දැන් බෑ...

ලවන් මගෙ කඳුලු ඔක්කොම පිහදානකන් හිටපු මම ආයෙම හිනාවෙලා අනිත් පැත්ත හැරුණා. අම්මා, අප්පච්ච්, සිනෙලි, ටිනාශා, සිතුම්ය ඒ හැමෝම අපි දිහා ගොඩක් ආදරෙන් බලන් හිටියා. කෙල්ලො දෙන්නගෙ ඇස් දෙකේ කඳුලු පිරිලා තියනවත් මම හොඳටම දැක්කා.

එයාලා මට බර්ත්ඩේ සෝන්ග් එක කියද්දි මම කේක් එක කපලා හැමෝටම කැව්වා. ඊට පස්සෙ මම කේක් පීස් එක ගානෙ හැමෝටම කපලා දුන්නා. අන්තිමට ඒ හැමෝම අම්මගෙ ස්පෙශල් ඩිනර් එකටත් හිටියා. ඒ අතරෙම අයියත් වීඩියෝ කෝල් එකක් අරන් මට විශ් කරා. ඒ රෑ අපි හැමෝම හිටියෙ ගොඩක් සතුටින්. මට විශ්වාසයි...මේ බර්ත්ඩේ එක මට අමතක නොවන බර්ත්ඩේ අතර උඩින්ම තියේවි.

හැමෝම කාලා ඉවර වෙලා පොඩි පොඩි කතා වලට සෙට් වෙද්දි මම ලවන්ගෙ අතින් ඇදන් මගෙ කාමරේට වැදුණා. කාමරේ දොර වැහෙනවත් එක්කම ලවන්ගෙ කර වටේ අත දාගත්ත මම එයාගෙ තොල් වලින් මගෙ තොල් තිබ්බා.

ඒක හරිම ආදරේ පිරිච්ච හාදුවක්...මට වචන වලින් කියන්න බැරි හැමදෙයක්ම අපෙ තොල් අතර හැංගුන හාදුවක්. ඉන දෙපැත්තෙන් මාව අල්ලගත්ත ලවන් මම වගේම උද්‍යෝගෙකින් හාද්දට හවුල් වුණා. විනාඩි පහක් විතරම එයාගෙ තොල් එක්ක ඔට්ටු වුණ මම කිස් එක බ්‍රේක් කරේ හති දාන ගමන්. වේගෙන් හුස්ම ගන්න ගමන්ම මගෙ කම්මුල් දෙක කප් කරපු ලවන් ලස්සනට හිනාවුණා.

"ලවන්...මට තේරෙන්නෑ මොනවා කියන්නද කියලවත්- ඔයා මට මෙච්චර ආදරේද??"

"මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ පණ...මේ හැමදේම මම කරන්නෙ ඔයාට තියන ආදරේටනෙ. ඔයාගෙ ඔය ලස්සන හිනාව දකින්න, මම නිසාම රෝස පාට වෙන කම්මුල් දකින්න මම ඕනම දෙයක් කරනවා.??"

මගෙ ඇස් දෙකට හාදු දෙන ගමන් ලවන් කියද්දි මගෙ පපුව පැත්තක් හිරිවැටීගෙන යනවා මට දැනුණා. මම කොච්චර වාසනාවන්තද මේ තරම් ආදරේ ලබන්න. විනාඩියක් විතරම ලවන්ගෙ ඇස් දෙක දිහා බලාගෙන ඒ ඇස් වල ආදරේ විඳගත්ත මම ඒ ආදරණීය පපුවට තුරුල් වෙද්දි උණුහුම් අත් දෙකක් මගෙ උරහිස වටේ එතුනා.

*******

Third person's pov

විදුර්ගෙ ගෙදර ඩිනර් එකටත් හිටපු යාලුවො දෙන්නා අද ගෙදර එන්න ගත්තෙ හොඳටම රෑ වෙලා. ලවන්ගෙ ගිෆ්ට් එකින් එක දකිද්දි විදුර්ගෙ ඇස් සතුටින් පිරුණ විදිහ සිතුම්යට තාම මතකයි. ඒ වෙලේ ලවනුත් කොච්චර සතුටින්ද හිටියෙ කියන එක සිතුම්ය හොඳටම දැක්කා.

ඒ විතරක් නෙවෙයි...ලවන්ට අද සතුටු වෙන්න තවත් හේතුවක් තියනවා කියලා සිතුම්ය දන්නවා. ඒ විදුර්ට කියවන්න අලුත් පොතක් හම්බුණ එක ගැන. තව ටික කාලයක් හරි වැඩියෙන් විදුර් එක්ක ඉන්න පුලුවන් වෙන එක ගැනත් ලවන් හිටියෙ සතුටින්.

ඒත් මොකද්දෝ හේතුවකට ලවන් ඉන්නෙ හිතේ මොකක්හරි බරකින් කියන්න සිතුම්යට තේරෙනවා. සිතුම්ය ඩ්‍රයිව් කරන අතරෙ පැසෙන්ජර් සීට් එකේ ඉඳගෙන කිසිම කතාවක් නැතුව හිටපු ලවන් බර සුසුම් දෙක තුනක්ම පහළ දානවා සිතුම්යට ඇහිලා තිබුණා.

"ලවන්..."

"ම්ම්...?"

"මචං ඇයි...මෙච්චර සතුටු වෙන්න රීසන් තිබිලත් උඹ අවුලෙන් වගේ?"

"විදුර්...එයාට නුවරඑළි යන්න ඕන කියනවා බං. එක්සෑම් ඉවර වෙලා යමුලු."

ලවන් කෙලින්ම එයාගෙ හිතේ තියන දේ කියද්දි සිතුම්යත් ටිකක් ගැස්සුණා. නුවරඑළි...?? මේ රටේ මෙච්චර දිස්ත්‍රික්ක තියෙද්දි මේ පොඩි එකාට නුවරඑළිම යන්න ඕන වුණාද?? සිතුම්යට හිතුනෙ එහෙම.

"මං මොකද බං කරන්නෙ...එයාට බෑ කියන්නද? හරි බෑ කිව්වා කියමු. හේතුව කියන්නෙ කොහොමද??"

ලවන් අහද්දි ඒ කිසි දේකට උත්තර නැතිවුණ සිතුම්යගෙනුත් බර හුස්මක් පිටවුණා.

"උඹ ආයෙ ඇත්ත කියන්න ට්‍රයි කරේ නැද්ද...?"

"කරා බං...විශේෂෙන් ගමේ ගිය වෙලාවෙ මම පුලුවන් තරම් ට්‍රයි කරා. ඒ වගේ පැතිවල කොහොමත් අමුතු දේවල් විශ්වාස කරනවනෙ. ඒත් විදුර් තාම එහෙම දෙයක් පිළිගන්න ලෑස්ති නෑ."

ලවන් කියද්දි සිතුම්ය ටික වෙලාවක් කල්පනා කරලා බැලුවා.

"මේ වෙලාවෙ තියෙන්නෙ එක විසඳුමයි බං..."

"මොකද්ද??"

සිතුම්ය කියන ඕන විසඳුමක් ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙලා හිටපු ලවන් ගොඩක් එක්සයිට් වෙලා සිතුම්ය දිහා බැලුවා.

"අප්පච්චි එක්ක කතා කරපන්..."

---------

කෝමද ඉතින්?? ඇයි ඒ අප්පච්චි එක්කම කතා කරන්න කියන්නෙ...පොඩ්ඩක් ඩොට්ස් කනෙක්ට් කරලා බලන්න 🫢

ලවන්ට නුවරඑළි යන්න බැරි ඇයි කියලා ඔය ළමයි දන්නවනෙ 😁 කතාව අවධානෙන් කියෙව්වනම් මතක් වෙන්න ඕන. මතක නැත්තම් කියන්න මං මතක් කරලා දෙන්නම්...

Share This Chapter