Back
/ 35
Chapter 24

Part 23

සීමාවෙන් එහා

"ලවන්...!! ඔයාගෙ මැණික ගෙදර ආවා!!"

එක්සෑම් ඉවර වුණ ගමන්ම පිම්මට ලවන්ගෙ අපාට්මන්ට් එකට ආපු මම හති දාන ගමන්ම දොර ගාව ඉඳන් කෑගැහුවා. කෑගැහුවට මොකද ලවන්නම් පේන්න හිටියෙ නෑ. කොයි වෙලාවක හරි එන්නෙ නැතැයි. ආපු ගමන් අසහනේ දුරු කරගන්න ඕනෙ.

ඇයි අප්පා එක්සෑම් ඉවර වෙනකන් සති දෙකක්...සති දෙකක් අල්ලන්නවත් දුන්නෑ. සති දෙකටම පෙක් එකක් විතරයි හම්බුණේ. ඒකත් එක්සෑම් පටන් ගන්න දවසෙ උදේ විශ් කරන්න. එදානම් කාටවත් පේන්නැතිවෙන්න යන්තම් පොඩ්ඩක් හම්බෙන්න පුලුවන් වුණා.

කොහොමහරි දැන් ඒකත් ඉවරයිනෙ...එක්සෑම් එක අමාරු වුණේ නෑ. මට හොඳටම විශ්වාසයයි මම මහන්සි වුණ තරමටම හොඳට ඒකට ෆේස් කරා කියලා. ඒ ගැන ආයෙ බයවෙන්න දෙයක් නෑ.

"විදුර්... ඔයා ආවද?? කොහොමද එක්ස්- ඔහ්හ්!! ම්හ්හ්හ්ම් වි- ම්ම්ම්හ්හ්ම්! පොඩ්ඩක් ඉන්න!! ආව්හ්-"

ලවන්ව දැක්කා විතරයි බෑග් එක බිමට දාන්නෙවත් නැතුව මම එයා ගාවට දුවලා ගිහින් කකුල් දෙක ඉන වටේ දාගද්දි ලවනුත් මාව ඉන ගාවින් අල්ලලා වඩාගත්තා. මම එයාට එක තප්පරයක්වත් ඉන්න දුන්නෙ නෑ. උරහිස වටේ අත් දෙකම දාගත්ත මම එයාගෙ මූණ හැමතැනම කිස් කරන්නයි බෙල්ල හපන්නයි ගත්තා. ඔය ආව් කිව්වෙ ඒකට වෙන්නැති...මමනම් නවත්තයි ඔය මොනවා කිව්වත්.

මම නවත්තන පාටක් නෑ කියලා තේරුණ නිසාද කොහෙද ලවන් එහෙමම මාවත් උස්සන් ගිහින් සෝෆා එකේ ඉඳගෙන මගෙ බෑග් එක අයින් කරා. ඒත් එක්කම මගෙ ඉන වටේ අත දාලා තව ටිකක් මාව එයාගෙ ඇඟට හිර කරගද්දි මම ඇති තරම් ඒ තොල් වල රස බැලුවා.

ලවන් මේ වෙලේ ඩොමිනන්ට් වෙන්න ට්‍රයි කරේ නෑ. ඇත්තටම මෙතන කන්ට්‍රෝල් නැතුව හිටියෙ මම. ඒ නිසා එයා මට කිස් එක ලීඩ් කරන්න දීලා මගෙ රිදම් එකටම එයාගෙ තොල් මූව් කරා විතරයි.

විනාඩි පහක් විතරම එයාගෙ තොල්, මූණ, බෙල්ල පුරාම රස්තියාදු වුණ මගෙ තොල් අන්තිම වතාවට ඒ තොල් වලින් පෙක් එකක් තියලා නැවතුනා. ඒ වෙද්දි ලවනුයි මායි දෙන්නම හිටියෙ හුස්ම අල්ලන්න ට්‍රයි කරන ගමන්.

"Oh God babe...you missed me that much??"

"Fuck you have no idea...!!"

මම ආයෙත් ලවන්ගෙ තොල් වලට ළං වෙන්න හැදුවත් එයා මගෙ පපුවෙන් අත තියලා මාව නැවැත්තුවා.

"දැන් ඇති...ආයෙ පස්සෙ."

ලවන් කියද්දි මම ඇස් හීනි කරන් එයා දිහා බලන් හිටියා. මම බලන් හිටපු විදිහ දැකලද කොහෙද ලවන්ට හිනාගියා.

"කාලා ඉමු මොනවාහරි...උදේ කාපු ගමන නේද තාම? මම ඔයා ආසම විදිහට පැස්ටා හැදුවා. අයිස් ක්‍රීමුත් තියනවා."

"සීරියස්ලි?!?"

"ම්ම්...යමුකො."

ලවන් මගෙ දිහාට අත දික් කරද්දි මම එයාගෙ අතත් අල්ලන් නැගිට්ටා. එයා මාව කුස්සිය පැත්තට එක්කන් යනකොටම පැස්ටා සෝස් සුවඳ මගෙ නහයට දැනුණා. හම්මේ...මෙච්චර වෙලා පොඩි බඩගින්නක් තිබ්බත් දැන් තමා මට ඒක ඩබල් වෙලා දැනෙන්න ගත්තේ.

කුස්සියට ඇතුල් වෙනකොටමනම් හැබැයි මට හිනාගියා. දහ දෙනෙකුට පැස්ටා හදලා වගේ කුස්සියේ හැටි...යකා නටලා වගේ. ලවන්ට යුරෝපියන් කෑම ඕන එකක් රසට හදන්න පුලුවන්. ලංකාවෙ කෑමත් එහෙන් මෙහෙන් පුලුවන් ඒත් රසටම හදන්නෙ පැස්ටා වගේ දේවල් තමා. හැබැයි ඉතින් උයන්න ගිහාම කිචන් එක දෙක කරනවා...ඒත් ලවන් හැමදේටම වඩා පිළිවෙලට ඉන්න කැමති නිසා උයලා ඉවර වුණ ගමන්ම කුස්සිය ක්ලීන් කරනවා තිබ්බ විදිහටම.

"අද කුස්සිය අස් කරන්න අමතක වුණාද ලවන්...?"

ලවන්ගෙ හැටි දන්න නිසාම මම විහිලුවට වගේ ඇහුවා.

"අස් කරන්න පටන් ගන්න තමා ගියේ...එතකොටම කොටි පැටියෙක් ඇවිත් මගෙ කරේ එල්ලිලා මාව හපන්න තියාගත්තනෙ."

ඔහ්...කවුද ඉතින් දන්නෙ.

"කොටි පැටියා අසහනෙන් ඒයි හිටියෙ..."

මම ලවන්ගෙ කර වටේ අත දාන් හුරතල් වෙද්දි එයා හිනාවෙලා මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.

"ගිහින් වොශ් එකක් දාන් එන්න...මම කෑම ලෑස්ති කරලා තියන්නම්. ඔයා අද රෑ වෙනකන් ඉන්නවා නේද?"

"ඔව් මම අම්මට කියලා ආවේ...මම ඔයාට ක්ලීන් කරන්න උදව් කරන්නද?"

"එපා...ඔයා තාම ආවා විතරනෙ විදුර්. වොශ් දාන් එන්න."

"ම්ම්..."

මම කිචන් එකෙන් යන්න කලින් ලවන් මගෙ තොල් වලින් ස්වීට් කිස් එකක් තිබ්බා. ඇත්තටම ලොකු නිදහසක් දැනෙන්නෙ එක්සෑම් ඉවර වුණාම. සති කීයක් නැහුනද. මම ස්ට්‍රෙස් එක යන්නත් එක්ක හොඳට නාලා ලවන්ගෙ පර්ෆියුම් ටිකකුත් ඇඟට හලාගෙන පහළට යන්න කලින් මුලින්ම කරේ ගැලරියේ තිබ්බ ෆස්ට් සෙමෙස්ටර් ෆොටෝස්, පීඩීඑෆ් ඔක්කොම ඩිලීට් කරපු එක. ෆයිල්ස් 1500කට වැඩියි යකොව්...ඒ ටික ඩිලීට් කරාට පස්සෙ තමා ලොකුම නිදහස දැනුනෙ.

මම යද්දි ලවන් කෑම මේසෙට ඇරලා තිබ්බා. පැස්ටා වල ඉතින් කවන්න දෙයක් නෑනෙ...නැත්තම් අදත් චාටුවක් දාලා බෝයිෆ්‍රෙන්ඩ්ට කියලා කවාගන්න තිබ්බා. අපි දෙන්නා කන ගමන් සති ගාණක ඕපදූප කතා කරා. ස්ටඩී ලීව් දුන්නත් හරි ලවන්ටයි මටයි හරියට කතා කරන්නවත් වුණේ නෑනෙ. දවසකට සැරයක් පුරුද්දට වගේ විනාඩි පහක් විතර කතා කරා ඇරෙන්න එයත් මට කරදර කරේ නෑ. ඊට වඩා කෝල් එක ඇදුනනම් ඒ මට ලිට්‍රිචර් මොනවහරි එයාගෙන් අහගන්න තිබ්බනම් විතරයි.

ඒ අතින් ලවන් මාරම සපෝටිව් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්. මොකද මම එක්සෑම් එක්ක බිසී වුණාට එයා එහෙම නෑනෙ...වෙනදා වගේම ලෙක්චර්ස් ටික විතරක් කරගෙන හිටපු එයාට ඕන තරම් ෆ්‍රී ටයිම් එක තිබ්බා.  ඒත් ලවන් මට වෙනදා වගේ කෝල් කරන්න මැසේජ් කරන්න ගියෙ නෑ. මං ඉන්න තත්වෙ එයා හොඳට තේරුම් ගත්තා.

උදේම ලවන් මට අනිවාර්යෙන් මැසේජ් එකක් දානවා. ඒත් හොඳට පාඩම් කරන්න, වෙලාවට කන්න, අමාරු පාට් එකක් තියනවනම් කෝල් එකක් ගන්න වගේ දේවල් කියන්න විතරයි. ආයෙ රෑ හත විතර වෙද්දි කෝල් එකක් අරන් දවසෙ තොරතුරු අහනවා, ආදරෙයි කියනවා එච්චරයි. එහෙම නැත්තම් අපි කතා කරේ මමම එයාට කෝල් එකක් ගත්තොත් විතරයි.

සමහර වෙලාවට ස්ට්‍රෙස් වැඩි වුණාම මම ලවන්ට කෝල් එකක් ගන්නවා දුක කියන්න. ඒ වෙලාවට එයා මට ආදරේ හිතෙන වචන ගොඩක් කියලා මාව කාම් ඩවුන් කරනවා.

හරියටම එක්සෑම් එකට කලින් දවසෙ ලවන් ආවා මාව බලලා යන්න. එදා එයා චූටි ලස්සන රෝස මල් පොකුරකුයි පාඩම් කරද්දි කන්න අනම් මනම් ගොඩකුයි අරන් ඇවිත් තිබ්බා. ඒත් වැඩි වෙලා හිටියෙ නෑ...පැය බාගයක් විතර මාත් එක්ක ඉඳලා හොඳට පාඩම් කරන්න කියලා මගෙ නළලට කිස් එකක් දීලා එයා ආයෙම ගියා. එයා එක්සෑම් කාලෙදි මාව තේරුම් ගත්ත හැටි, බලාගත්ත හැටි මතක් වෙද්දි එයා වෙනුවෙන් මගෙ හිතේ තිබ්බ ආදරේ තව වැඩි වුණා.

කාලා ඉවර වුණාට පස්සෙ අපි දෙන්නා අයිස් ක්‍රීම් කප් දෙක්කුත් අරන් ගිහින් හොඳට වැව එහෙම පේන විදිහට සෝෆා එකෙන් ඉඳගත්තා. ඔය කොච්චර අයිස්ක්‍රීම් තිබ්බත් ඉතින් මේ විදුර් ආසම චොක්ලට් අයිස්ක්‍රීම් කන්න තමා. ලවන් ඒකක්ම ගෙනත් තිබ්බා වෙලාවට.

අයිස්ක්‍රීම් කාලා ලවන් කප්ස් දෙක හෝදලා තියලා එනකන් මම කකුල් දෙකත් සෝෆා එක උඩට අරන් වැව දිහා බලන් හිටියා. ලවන් ආයෙම මගෙ ගාවට ඇවිත් කරට අත දාගන්න ගිහින් ආයෙම පොඩ්ඩක් එහාට වෙලා මගෙ තොල් දිහා බලන් හිටියා.

"ඇයි...?"

"එව්ව් විදුර්...පොඩි බබෙක් වගේ අයිස්ක්‍රීම් කන්න ගිහාම."

"ඇයි ගෑවිලාද...?"

තොල්වල ගෑවිලා වගේ...ඒකනෙ මෙයා මෙහෙම බලන් ඉන්නෙ. මම එතන පිහදාන්න හදනකොටම ලවන් ඉක්මනට මගෙ අතේ මැණික් කටුව ගාවින් අල්ලගත්තා. එක පාරට ගැස්සුන මම ටිකක් වෙලා අපි දෙන්නගෙ අත් දෙක දිහා බලන් ඉඳලා හෙමින් එයාගෙ ඇස් දෙක දිහා බැලුවා.

එයාගෙ ඇස් ගිනිගන්නවා වගේ...කට කොනකින් හිනාවුණ ලවන් ඔලුවත් යන්තම් ඇල කරලා මගෙ දිහා බලන් හිටියෙ හරි අමුතු විදිහට. සති ගාණක් පාලනය කරගත්ත එයාගෙ හැඟීමුත් ඔක්කොම මම ඒ ඇස් දෙකෙන් දැක්කා. වෙනදා වගේම...ලවන් මුකුත් නොකරම වුණත් එයා ඩොමිනන්ට් වෙද්දි දැනෙන ඒ ඕරා එකට මම නිරුත්තර වුණා.

මම ඇස් දෙකත් ලොකු කරන් ලවන් දිහාම බලන් ඉද්දි එයා හිමින් ඉස්සරහට වෙලා මගෙ තොල් ගාවින් රැඳිලා තිබුණ චොක්ලට් අයිස්ක්‍රීම් පැල්ලම දෙපැත්තෙන් එයාගෙ තොල් තිබ්බා. තොල් මූව් නොකරම එතන සක් කරපු ලවන් ඊලඟට එයාගෙ දිව ඒ පැල්ලම උඩ එහා මෙහා ගෙනියද්දි මම ඇස් පියාගත්තෙ ඒ වෙලාවෙ මට දැනුණ ඇඟම හිරිවට්ටන ෆීලින් එක කන්ට්‍රෝල් කරගන්න. ලවන්ගෙ ටච් එක කොච්චර මිස් වුණාද කියලා මටත් ඇත්තටම තේරුණේ ඒ වෙලාවෙ.

ටික වෙලාවකින් මගෙන් අඟලක් විතර ඈත් වුණ ලවන් පැල්ලම තිබ්බ තැන මහපට ඇඟිල්ලෙන් පිරිමදින ගමන් මගෙ දිහා බලන් හිටියා. තාමත් එයාගෙ ඒ හිනාව, ඒ අමුතු බැල්ම එහෙමමයි. මම ඒ ඇස් දෙක දිහාම බලන් ඉද්දි යන්තම් හිනාවුණ ලවන් මගෙ දනිස් දෙක ගාවින් අල්ලලා මාව එයා ගාවට ඇදගද්දි මගෙ කකුල් ඉබේම එයාගෙ ඉන වටේ එතුනා.

ආයෙම කලින් පැල්ලම තිබුණ තැනම ලවන් තොල් තිබ්බෙ කිස් එකක් විදිහට. එතන ටිකක් වෙලා ඒ තොල් නැවතිලා තිබුණත් ඒවා ටිකින් ටික සියුම්ව පහළට ගිහින් මගෙ බෙල්ල ගාවින් නවතිද්දි මම හිටියෙ පිස්සුවෙන් වගේ. ලවන්ගෙ ශර්ට් එකේ පිටිපස්ස අතට ගුලි කරගත්ත මම එයා කරන හැමදේටම ගොඩක් කැමැත්තෙන් ඉඩදීලා බලන් හිටියා.

මගෙ බෙල්ලෙ ටිකක් වැඩි වෙලා තොල් රඳවන් හිටපු ලවන් හිමින් මගෙ කන් පෙත්තක් එයාගෙ තොල් අතරට ගද්දි මට ඉවසුම් නැතුවම ගියා.

"ලවන්...හ්ම්හ්."

"You thought only YOU were being impatient...mm?"

කන් පෙත්ත හිමින් සක් කරන ගමන්ම ලවන් මගෙ කන ගාවින් මිමිණුවේ ගැඹුරු කටහඬකින්. මෙච්චර වෙලා හිරකරන් හිටපු කෙඳිරියක් මගෙ තොල් අතරින් පිටවෙද්දි ඉවසුම් නැතිවුණ ලවන් ඒ පමාවට එයාගෙ තොල් මගෙ තොල් එක්ක ක්‍රෑෂ් කරා.

විනාඩි ගාණක්ම ලවන් මගෙ තොල් එයාගෙ තොල් අතරට මැදි කරගද්දි මමත් ඒ පේස් එකටම තොල් එහා මෙහා ගෙනියන ගමන් ඒ මත් වෙන හැඟීම උපරිමේටම විඳගත්තා. සමහර වෙලාවට ලවන් මගෙ බෙල්ල දිහාට තොල් ගෙනියද්දි එයාගෙ කෙස් අහුරක්ම තද කරලා අල්ලන් ඒ නම හිමින් කෙඳිරුවෙ එයාව තවත් පිස්සු වට්ටන ගමන්.

ටික වෙලාවකින් මාව සෝෆා එකෙන් හාන්සි කරවපු ලවන් මගෙ අත් දෙක එයාගෙ අත් දෙකේ පටලලා මගෙ ඔලුවට උඩින් හිර කරගත්තා. ඒ වෙද්දිත් මම හිටියෙ හොඳටම මත් වෙලා වගේ හුස්ම ගන්නවත් බැරුව. ඒත් ඒ ටච් එක මට තව තව ඕන වුණා. මගෙ ප්ලීඩින් ඇස් දෙක දිහා තප්පර දෙකක් විතර බලන් හිටපු ලවන් ආයෙම මගෙ තොල් වේගෙන් කිස් කරන්න ගත්තා.

ඇත්තටම ඒක පිස්සුවක්...නිකටීන්, හෙරොයින්, මෝර්ෆීන් මේ හැමදේටම වඩා ඒ තොල් වල රස මාව මත් කරන හැටි...ඒ සියුම් ටච් එකකට පවා මගෙ ඇඟම හිරිවට්ටන හැටි...දරාගන්නම බැරිවෙද්දි ඒ නම කොඳුරන ගමන් ඇස් උඩ අතට පියවෙන හැටි...ඒ ෆීලින් එක මාව තව තව අවනත කරගන්න හැටි මටම හිතාගන්න බෑ.

විනාඩි ගාණක්ම මගෙ තොල් එක්ක ඔට්ටු වුණ ලවන් ටිකක් එහාට වුණේ හති දාන ගමන්. මම ඒ වෙලේ හිමින් මගෙ කඳුලු පිරුණු ඇස් ඇරලා එයා දිහා බැලුවා. මේ වෙද්දි මාව හොඳටම අවුල් වෙලා ඇති. මම ඒ විදිහට දැක්කම එයා තව තවත් මත් වුණා කියලා මට තේරුණේ ඒ ඇස් දිහා බැලුවම.

උඩට කරලා අල්ලගෙන හිටපු මගෙ අත් දෙකම එයාගෙ තනි අතකට මැදි කරගත්ත ලවන් අනිත් අත මගෙ ඉන ගාවින් තියලා මගෙ දිහා බලාගෙන හිටියා. මගෙ ඇස් වලින් එයාගෙ ඇස් නොගෙනම ඒ අත හිමින් මගෙ ශර්ට් එක අස්සෙන් ඇතුළට යද්දි මම තොල හපාගෙන ඇස් දෙක පියාගත්තා.

ඒ ටච් එක මට දැනෙන්නෙ කොච්චර කාලෙකින්ද...ලවන් එයාගෙ ඇඟිලි තුඩු වලින් මගෙ නිප්ල්ස් ටීස් කරද්දි තවත් කෙඳිරියක් මගෙන් පිටවුණා. නිදහස් නොවුණ අත් දෙක තද කරලා ගුලි කරගත්ත මම සැරින් සැරේ එයාගෙ නම කෙඳිරුවෙ ලවන් එයාගෙ අත මගෙ පපුව පුරාම ගෙනියද්දි.

ටික වෙලාවකින් ආයෙම පහත් වෙලා ලවන් මගෙ තොල් කිස් කරන්න ගත්තෙ එයාගෙ නිදහස් අත මගෙ ඇඟ පුරාම ගෙනියන ගමන්. මගෙ ඇඟ ගිනිගන්නවා වගේ...එයාගෙ තොල්, අත මේ හැමදෙයක්ම මගෙ සෙන්සිටිව් ස්පොට්ස් වලට යද්දි මට කරන්න පුලුවන් වුණ එකම දේ තව තව ඒ ෆීලින් එක ඉල්ලලා එයාගෙ නම කියලා මෝන් කරන්න විතරයි.

ලවන් කලබලෙන් මගෙ ශර්ට් එක ගලවලා අයින් කරලා මගෙ බෙල්ලට පහත් වෙද්දි නිදහස් වුණ අත් දෙකෙන් මම එයාගෙ කෙස් ගුලි කරලා අල්ලගත්තා. එයාගෙ තොල් ටික ටික පහලට ගිහින් මගෙ නිප්ල්ස් වල නවතිද්දි මම තදින් ඇස් දෙක පියාගත්තෙ ඇඟ පුරාම දැනෙන ෆීලින් එක දරාගන්න බැරුව. මගෙ නිප්ල්ස් වල ඇති තරම් එයාගෙ තොල් එහා මෙහා ගෙනියපු ලවන් ආයෙම ඉස්සිලා මගෙ තොල් කිස් කරන ගමන් එයාගෙ අත මගෙ පපුව පුරාමත් හිමින් එතනින් පහළටත් අරන් ගියා.

"ලවන්...ප්ලීස්-"

"ප්ලීස් වට්...බේබ්?"

ලවන් මගෙ කම්මුලින් අත තියලා ඇස් දෙක දිහා බලාගෙනම ඇහුවෙ මාව තවත් ටීස් කරන ගමන්.

"Please just- do whatever you want."

මම මගෙ හුස්මවත් කන්ට්‍රෝල් කරගන්න බැරුව කියද්දි ලවන් කට කොනකින් හිනාවෙලා මගෙ බෙල්ල කිස් කරන ගමන් එක අතක් හිමින් මගෙ ඉන ගාවින් පහළට අරන් ගියා. ඒ අත කකුල් දෙක මැද්දෙන් නවතින්න හදනකොටම-

ඩිං ඩොං~~

ශිට්...!! දොරේ බෙල් එක ගැහුවෙ මොකා වුණත් කුණුහබ්බ මාලාවක්ම මගෙ ඔලුවට ආවා. මොකාද යකෝ මේ මහ දවාලෙ?? ලවනුත් කර කර හිටපු වැඩේ නවත්තලා එක පාරට ඉස්සිලා මගෙ දිහා බැලුවා.

ඒත් එයා මගෙන් අයින් වුණේනම් නෑ. ආපු කෙනෙක් බෙල් කරලා ඇතිවුණාට පස්සෙ ආයෙ යන්නැතෑ...අනික අරින්නම වුණත් ඉතින් ලවන්ට එයාගෙ විදිහයි මගෙ විදිහයි ඔක්කොම චේන්ජ් කරලා මොනවාහරි කරන්න පුලුවන් ඇතිනෙ. මේ ඉන්න විදිහටනම් කොහොමත් මනුස්සයෙක් ඉස්සරහට යන්න බෑ. කොණ්ඩ අවුල් වෙලා තොල් රතු වෙලා...ඒ මදිවට මගෙ කොලර් බෝන්ස් පුරාම රතු පාට පැල්ලම්.

යන්තම් හුස්ම ගන්න විදිහ කන්ට්‍රෝල් කරගත්ත මම ලවන් දිහා බැලුවා.

"අවුලක් නෑනෙ නේද...කවුරු ආවත් you can change the situation right?"

"ඇවිත් ඉන්නෙ සිතුම්ය නෙවේනම් අවුලක් නෑ..."

"ඒ ඇයි සිතුම්යනම්-"

"මේ ඕයි!! පොඩි මස්සිනාගෙ ශූස් ඉස්සරහ තියනවා දැක්ක නිසා බෙල් කරේ. මට ඇතුළට එන්න පුලුවන් තත්ත්වයක් තියනවද??"

"ඕ ශිට්...!!"

ලවන් එක පාරට මගෙ ඇඟ උඩින් අයින් වෙලා කොහෙදෝ වැටිලා තිබ්බ මගෙ ටී ශර්ට් එක අරන් දෙද්දි මම ඉක්මනට සෝෆා එක උඩින් වාඩි වෙලා ඒක ඇඳගත්තා. අපි දෙන්නගෙ හැටි...අනික කිස් කරද්දි දැනුන ලේ රහත් එක්ක මට ශුවර් මගෙ තොල පැළිලත් ඇති.කොහොමද අප්පා මෙහෙම මනුස්සයෙක්ට මූණ දෙන්නෙ??

මම කල්පනා කරන එක තේරිලා වගේ ලවන් මං ගාවින් ඉඳගෙන අවුල් වෙලා තිබ්බ මගෙ කොණ්ඩෙ හදලා එයත් එයාගෙ කොණ්ඩෙයි ඇඳුමයි හදාගත්තා. සිතුම්යටත් වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද අප්පා??

"මට දවසම මෙතන ඉන්න බෑ බොලව්...!! තොපි ගෙදර ඉන්නවද??"

"අහ්...වරෙන් වරෙන්!"

පොඩ්ඩක් පිළිවෙලක් වුණාට පස්සෙ ලවන් කෑගහද්දි මම ලවන්ට යන්තම් හේත්තුවක් දාන් මූණ හංගගෙන හිටියා. අනික ඉතින් මූණ විතරක් නෙවේනෙ හංගගන්න තියෙන්නෙ, වෙන ඉස්මතු වෙච්ච ඒවත් හංගගන්න එපැයි. ඒ නිසා මං ලවන් අස්සටම ගුලි වෙලා හිටියෙ. සැක් අප්පා...මුටමයි මාට්ටු වෙන්නෙ.

ලවන් එන්න කියද්දිම නෝන්ඩි හිනාවක් දාගත්ත සිතුම්ය ඇතුළට ඇවිත් ෆ්‍රිජ් එකෙන් පෙප්සි කෑන් එක්කුත් අරන් ඇවිත් අපි ගාවින් වාඩි වුණා.

"කෝකටත් අහලම ආවා ඉතින්...නැත්තම් උඹලා දෙන්නා පොඩ්ඩ ඇත්තම් මෙතන චිත්‍ර අඳින්න තියාගන්නවනෙ."

සිතුම්ය කියද්දිම ලවනුයි මායි මූණෙන් මූණ බලාගත්තා. ඔය තාම කියවන්නෙ එදා අපි දෙන්නා රූම් එකේ කිස් කර කර ඉද්දි එයා ආපු එක ගැන. ලවන්ගෙ පිටේ ඇඳපු චිත්‍රයක් නිසා තීන්ත නාගෙන හිටියෙ කියලා මුට පැහැදිලි කරාම දැන් ඒක අල්ලගෙන ගොන් ජෝක් කරනවා හැම තිස්සෙම.

මොනවා වුණත් ලැජ්ජයිනෙ අප්පා...මම මුකුත් නොකියා තව ටිකක් ලවන්ගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්තා. මම ගුලි වුණ විදිහට හිනාවුණ ලවන් සිතුම්ය දිහාට හැරුණා.

"උඹ අද කලින්...?"

"අනේ බෑ බං හැමදාම හවස් වෙනකන් ඉන්න...කලින් ආවා. මම හිතුවෙ විදුර්ට එක්සෑම් කියලා. උඹලා දෙන්නම ඉන්නවා කියලා දන්නවනම් මම උඹලට නිදහසේ ඉන්න දීලා නෑවිත් ඉන්න තිබ්බා."

සිතුම්ය ඒක කියපු විදිහටනම් දුක හිතුනා. සිරාවටමයි එයා ඒක කිව්වෙ. එහෙම මඟුලක් නෑ අනේ...අපි දැනගන්න එපැයි කාමරේට ගිහින් කරන එකක් කරගන්න.

"පිස්සුද බං...එක අතකට උඹට කිව්වෙ නැති එකත් හොඳයි අද විදුර්ට එක්සෑම් ඉවරයි කියලා. නැත්තම් ඔහොම හිතලා වෙන කොහෙටහරි වෙලා ඉඳී."

"ම්ම්...කොහොමත් ඉතින් මම නැති ටිකට සෑහෙන දෙයක් කරගත්තනෙ නේ?? සෝක් චිත්‍රෙ හැබැයි ඈ."

මගෙ දිහා ඇස් කොනින් බලලා පෙප්සි කෑන් එක ගානක් නැතුව බොන ගමන් සිතුම්ය කියද්දි මම එක පාරට මගෙ බෙල්ල දිහා බැලුවා. මේ මනුස්සයගෙ ආර්ට්වර්ක් බෙල්ලෙ තියනවවත්ද?? ඒත් නෑනෙ...කොලර්බෝන් වල විතරයි පැල්ලම් තිබ්බෙ. ඒවා ටී ශර්ට් එක ඇන්ඳම වැහෙනවා.

එතකොටම තමා මම මගෙ අත් දෙක දැක්කෙ. හපොයි...ලවන් තද කරලා අල්ලන් හිටපු විදිහට මගෙ මැණික් කටුව ගාව රතුම රතු පාට ඇඟිලි පාරවල් හිටලා. ලෙච්චමීට වළලු දාලා වගේ. මම සිතුම්ය දිහා බලලා අත හංගගන්න යද්දිම ලවන් මගෙ අතක් අල්ලන් එයාගෙ අතේ පටලගත්තා.

"මාස්ටපීස් එකක් ළඟ තියෙද්දි තව පොඩ්ඩක් ලස්සනට ඩෙකරේට් කරලා ගන්න එකේ වැරැද්දක් නෑනෙ නේ බං...?"

ලවන් කිව්වෙ මගෙ අතේ තිබ්බ ඇඟිලි පාරවල් දිගේ හිමින් එයාගෙ ඇඟිලි තුඩු ගෙනියන ගමන්. හරියට එයා කරපු දේ ගැන ආඩම්බරෙන් වගේ. එයා මගෙ දිහා බලන් හිටපු විදිහට අමුතු බඩ කැලතෙන ගතියකුයි සිතුම්ය හිටපු නිසා දැනුන ලැජ්ජාවකුයි එක්ක මම බිම බලාගත්තා. එතකොටම මට දැනුණා ලවන් ඒ පැල්ලම් තියන තැන එයාගෙ තොල් ගාවට අරන් එතනින් කිස් එකක් තියනවා.

"ඔව්...උඹ කියන එක සම්පූර්ණ ඇත්ත."

සිතුම්ය මගෙ දිහා බලලා ඇහැක් ගහන ගමන් කිව්වා. ඒකට ලවනුයි මායි හිනාවෙද්දි සිතුම්ය ටිකක් වෙලා අපි දෙන්නා දිහා බලන් හිටියා.

"ඒ උඹලා දෙන්නා හෙන ලව්ලි බං...මං හරි ආසයි."

සිතුම්ය ඒක වැඩිපුරම කිව්වෙ මගෙ දිහා බලාගෙන. එතකොට එයාගෙ ඇස් දෙකේ තිබ්බ ෆීලින් එක මම හොඳටම දැක්කා. එයා තාම එයාගෙ ආදරේ අමතක කරලා නෑ...සමහර වෙලාවට අපි දෙන්නා දිහා බලාගෙන ඉද්දි එයාගෙ ඇස් දෙකේ තියන මේ ෆීලින් එක මම දැකලා තියනවා.

ඒක තරහක්වත් ඉරිසියාවක්වත් නෙවෙයි...දුකක් වගේ හැඟීමක්. තව ආදරෙන් ඉන්න කපල් එකක් දකිද්දි තමන්ගෙ නැතිවුණ ආදරේ මතක් වෙලා දැනෙන වේදනාවක් වගේ ෆීලින් එකක්. මනුස්ස හිතකට එහෙම හැඟීමක් දැනෙන එක හරිම සාමාන්‍ය දෙයක්.

ලවන් කොච්චර කිව්වත් සිතුම්ය දැන් ඒ දේ ගොඩක් දුරට අමතක කරලා ඉන්නෙ කියලා මමනම් එහෙම හිතන්නෙ නෑ...කොහොමද එච්චර ආදරේ කරපු කෙනෙක් සම්පූර්ණෙන් අමතක කරන්නෙ. 'මම දැන් ඒ ගැන හිතන්නෑ බං' කියන හැමෝම කරන්නෙ තමන්ගෙ හිත රවට්ටගන්න එක.

ටික වෙලාවක් අමුතු වේදනාවක් පිරුණු ඇස් දෙකකින් අපි දිහා බලන් හිටපු සිතුම්ය යන්තම් හිනාවෙලා බිම බලාගත්තා. ලවන් එයාගෙ උකුල උඩ තිබ්බ මගෙ අතේ එයාගෙ අත පටලගන්න ගමන් මගෙ දිහා බැලුවෙ එයාටත් ඒ දේ තේරිලා වගේ.

"සිතුම්ය උඹ කාලද ආවෙ...මම පැස්ටා හදලා තියෙන්නෙ."

ලවන් කිව්වෙ කතාව වෙන පැත්තකට හරවන්න.

"ම්ම්? ඔව් බං...මම එන ගමන් කෑවා. මම යනවා පොඩ්ඩක් නිදාගන්න. මහන්සියි..."

සිතුම්ය මොහොතකට කලින් වුණ හැමදේම අමතක කරලා වගේ හිනාවෙලා ලවන්ට පහක් දාන ගමන් මගෙ ඔලුවත් යන්තම් අවුස්සලා උඩ තට්ටුවට ගියා. එයා උඩට යනකන්ම ලවනුයි මායි හිටියෙ ඒ දිහා බලාගෙන.

"එයා පව් ලවන්...කොච්චර කල් ගියත් එයා තාම මිතූ අමතක කරලා නෑ වගේ."

මම කියද්දි ලවන් බර හුස්මක් පහළ දාලා මගෙ දිහා බලන් හිටියා.

"ම්ම්...ඒකට උට වැරැද්දක් කියන්න බෑ විදුර්. අවංකව ආදරේ කරපු කෙනා සදහටම නැතිවෙද්දි කොහොමද දරාගන්නෙ."

"මිතූ කොහොම කෙනෙක්ද ලවන්...ඒ දෙන්නා ගොඩක් ආදරෙන් හිටියද?"

"මම දවසක් ඔයාට කියපු විස්තර ටිකම තමා මාත් දන්නෙ විදුර්...මොකද ඒ කාලෙ මටත් සිතුම්යව හම්බෙලා නෑනෙ. සිතුම්යට මිතූව හම්බෙලා තියෙන්නෙ එයා සවුත් ඉන්දියා ගිය වෙලාවක."

"ම්ම්..."

"එහෙත් කොෆී ශොප් එකක තමා සිතුම්ය වැඩ කරලා තියෙන්නෙ...මට ඔයා මුලින්ම දැක්ක වෙලාවෙ විශේෂයක් දැනුනා වගේම තමා, සිතුම්යටත් මිතූ ගැන එහෙම හිතිලා තියෙන්නෙ පළවෙනි පාරම."

"ඒ කියන්නෙ මිතූ කොෆී ශොප් එකට ඇවිත්ද...?"

"ම්ම්...සාමාන්‍යයෙන් කොෆී එකේ කස්ටමර්ගෙ නම ලියනවනෙ. එතකොට එයාගෙ ෆුල් නේම් එක මිතූ සිවාජිනි කියලා දැනගත්තම සිතුම්ය ඒක ෆේස්බුක් සර්ච් කරාලු."

"මේකනම් ඉන්ට්‍රස්ටින් ස්ටෝරියක්...ඉතින්?"

"එතකොට සිතුම්ය දැනගෙන තියෙන්නෙ...මිතූ ෆේස්බුක් එකේ ස්ටෝරිස් ලියන කෙනෙක්ලු. ඒ කියන්නෙ ශෝර්ට් ස්ටෝරිස් වගේ. එක රැයට සිතුම්ය ඒ ස්ටෝරිස්  තිස් ගාණම කියවලා."

"...."

"කොහොමහරි මිතූ පහුවෙනිදත් ආවලු...එතකොට සිතුම්ය එක්ක වැඩ කරන කෙනෙක් කිව්වලු ඒ ගර්ල් අනිවාර්යෙන් සතියට දෙතුන් පාරක් වැඩ ඉවර කරලා යන ගමන් මෙතෙන්ට එනවා කියලා. ඉතින් දවසක් සිතුම්ය කොෆී එක දෙන ගමන් කිව්වලු මම ඔයාගෙ ස්ටෝරිස් කියෙව්වා ඒවා ගොඩක් ලස්සනයි කියලා..."

"ම්ම්..."

"මිතූ ගොඩක් සතුටු වුණාලු ඒකට...එයා කියලා තිබ්බා එයා ආසාවට ස්ටෝරිස් ලිව්වට එයාට ලොකු ඕඩියන්ස් එකක් නෑ කියලා. ඉතින් කවුරුහරි කෙනෙක් එයාගෙ ස්ටෝරිස් එකක් නෑර කියෙව්වා කිව්වම එයාට ගොඩක් සතුටු හිතිලා. එතනින් තමා ඒ දෙන්නගෙ කතාව පටන් අරන් තියෙන්නෙ."

"ඊට පස්සෙ ඒ දෙන්නා අවුරුද්දක් වගේ කාලයක්ද එකට හිටියෙ...?"

"ඔව්...පස්සෙ කාලෙක තමා සිතුම්යට එයා කියලා තියෙන්නෙ ඒ ස්ටෝරිස් හැම එකක්ම වගේ එයාගෙ අත්දැකීම් කියලා."

"වාව්...ඒ දෙන්නගෙ කතාව පටන් අරන් තියන විදිහ හරි ලස්සනයි."

මම කිව්වෙ ලවන්ගෙ ඉන වටේ අත දාලා එයාගෙ උරහිසින් ඔලුව තියාගන්න ගමන්.

"පටන් ගන්න විදිහ ලස්සන වුණාට හැම කතාවෙම අවසානෙ ලස්සන නෑ විදුර්...ඒක තමා ලෝකෙ හැටි."

ලවන් කිව්වෙ හුස්මක් පහළ දාන ගමන්. මාත් එක්ක නොකිව්වට ලවනුත් සිතුම්ය ගැන සෑහෙන්න හිතෙනවා. තමන්ගෙ හොඳම යාලුවත් තමන් වගේම ආදරෙන් සතුටින් ඉන්නවා බලන්න කවුද අකමැති.

"මේ මම ඔයාගෙන් අහන්න හිටියෙ..."

මම කිව්වෙ ලවන්ගෙ උරහිසින් අයින් වෙලා එයාගෙ මූණ දිහා බලන ගමන්.

"ඇයි ඔයා අර වෙලේ කිව්වෙ ඇවිත් ඉන්නෙ සිතුම්ය නෙවේනම් ප්‍රශ්නයක් නෑ කියලා...අනික ඇවිත් ඉන්නෙ සිතුම්ය කියලා දැනගත්තම කලබල වුණේ?"

මම අහද්දි ලවන්ගෙ කට කොනකින් හිනාවක් ගියා. මේ මොකෝ හිනාවෙන්නෙ?? කොහොමත් මට ඔය ප්‍රශ්නෙ එදත් ආවා...එදා කියන්නෙ සිතුම්ය කඩාගෙන බිඳගෙන අපෙ රූම් එකට ආපු දවසෙ. මට ඕක ලවන්ගෙන් අහන්න වෙලාවක් තිබ්බෙ නෑ.

"මම දැන් හේතුව කිව්වොත් ඔයා ෆ්‍රීක් අවුට් වෙන්නෙ නෑ කියලා ශුවර්ද...?"

"ඇයි ෆ්‍රීක් අවුට් වෙන්නෙ...ඒක එච්චර ලොකු හේතුවක්ද?"

මම ඇස් දෙකත් ලොකු කරන් අහද්දි ලවන් තවත් ටිකක් හිනාවෙලා මගෙ අත් දෙකත් අල්ලන් මූණට එබුණා.

"මේකයි බබා...සිතුම්යටත් මගෙ පවර්ස්ම තියනවා. මම කොච්චර අපි ඉන්න විදිහ වෙනස් කරත් වැඩක් නෑ එයාට පේන්නෙ අපෙ ඇත්තම විදිහ."

"වට්?!?"

කියන මෙලෝ දෙයක් හිතාගන්න බැරුව මම බෙරිහන් දෙද්දි ලවන්ට ආයෙම හිනාගියා. හිනාවෙන්න නෙවෙයි මනුස්සයෝ හරියට කියහන්...ඒ කියන්නෙ මේ මිනිස්සු දෙන්නටම පවර්ස් තියනවද?? ඒත් එයා කියන්නෙ වෙනස් විදිහෙ පවර්ස් දෙකක් ගැනනෙ.

"මෙහෙමයි...මම ඔයාට කිව්වෙ මම අපි දෙන්නගෙ විදිහ වෙනස් කරනවා කියලා කරන්නෙ අපෙ ඩයිමෙන්ශන් මාරු කරන එක කියලා."

"ඔව්...ඉතින්?"

"ඉතින් සිතුම්යටත් ඒ පවර් එකම තියනවා...ඉතින් එහෙම කෙනෙක් ඉස්සරහ කොච්චර ඩයිමෙන්ශන් මාරු කරත් එයාට පේන්නෙ අපි ඉන්න ඔරිජිනල් ඩයිමෙන්ශන් එක."

"ඒ කියන්නෙ- ඔයත් එහෙමද? ඒ වගේ වෙන කෙනෙක් ඩයිමෙන්ශන් මාරු කරත් ඔයාටත් එයාලගෙ ඇත්තම විදිහ පේනවද?"

"ම්ම්...ඔව්."

"ඕහ්...වාව් ඔය දෙන්නා නියමයිනෙ ඒයි. ඔයාලා වෙන ලෝකෙකින් ගොඩ බැස්සවත්ද??"

මම කිව්වෙ විහිලුවට වුණත් මම ඒක කියද්දි ලවන්ගෙ ඇස් දෙක ලොකු වුණා. එයා මගෙ දිහා බලන් හිටියෙ මම තවත් මොනවාහරි කියනකම් වගේ.

"ඇයි- ඇයි ඔයා එහෙම හිතන්නෙ...?"

"මම එහෙම හිතන්නෑ හලෝ...විහිලුවක් කරේ."

මම ලවන්ගෙ උකුල උඩට පැනලා වාඩි වෙලා පොඩ්ඩක් හුරතල් වෙන ගමන් කිව්වා. ඒක ඉක්මනට අමතක කරවන්න ඕන...නැත්තම් අර මායා බන්ධන එකේ පෝල් වෙන ලෝකෙකට ගිහින් ඇවිත් ඒ විස්තර කියද්දි හැමෝම එයාට පිස්සු කියලා හිතුවා වගේ ලවනුත් හිතයි මට පිස්සු කියලා.

"නෑ ඉතින් එහෙම වෙන්න පුලුවන්නෙ...මෙහෙම පවර්ස් තියෙද්දි ඔයාට හිතෙන්නැද්ද අපි ඇත්තටම වෙන ලෝකෙකින් ආවා කියලා."

ලවන් මගෙ නහයට තට්ටුවක් දාලා ආතල් එකට අහද්දි මම ආයෙම මගෙ නහයෙන් එයාගෙ නහය බූප් කරා.

"ඔහොම අමුතු පවර්ස් තියන අය ඉන්නවා කියලා මම අහලා තියනවා අනේ...සිරාවට කොහෙන්ද ඕක ඉගෙන ගත්තෙ?? UK ඉද්දිද?"

"නෑ...අර වෙන ලෝකෙන් තමා ඉගෙන ගත්තෙ."

මේ මොකද ඒ පාර වෙන ලෝකයක් ගැන කියවන්නෙ...මදැයි මාත් එකක් කියලා කරගත්තා. දැන් මෙයා ඒකෙන් ආතල් ගන්නවා ඉතින්.

"අනේ මේ...ඇති අප්පා. තවුසෙ යන ලෝකෙක මාත් එක්කන් යනවා හරිද? එච්චරයි හුම්."

මම කියද්දි ලවන් හිනාවෙලා මාව ඉනෙන් ඇදලා තව ටිකක් ළං කරගත්තා.

"මගෙ මැණික එක්කන් තමා යන්නෙ..."

ලවන් මගෙ තොල් වලින් පෙක් එකක් තියන ගමන් කියද්දි මම ස්වීට් කිස් එකකට එයාගෙ තොල් අල්ලගත්තා. කලිනුත් හරියට ඉවර කරන්න බැරිවුණානෙ...ඒ නිසා මට ඇති කියලා හිතෙනකම මම එයාගෙ තොල් කිස් කරද්දි ලවනුත් ඒ එනර්ජි එකෙන්ම මගෙ තොල් එයාගෙ තොල් වලට මැදි කරගත්තා.

රොමෑන්ටික් කිස් එකකට පස්සෙ ටික වෙලාවක් වැව දිහා බලන් කියව කියව හිටපු අපි කුස්සියට ගියේ ලවන්ට එක පාරට පළතුරු කන්න ඕන වුණ නිසා.

කොහොමත් දවල්ට කාලා ටික වෙලාවකින් අපි දෙන්නා ෆ්‍රිජ් එකේ තියන පළතුරු ඔක්කොම එළියට අරන් කපලා ප්ලේට් එක්කට දාන් කනවා. ඒක දැන් පුරුද්දකට ගිහින් තියෙන්නෙ. ලවන් කෑම හදන්නත් මහන්සි වුණ නිසා එයාට පැත්තකට වෙලා ඉන්න කියපු මම පළතුරු ටික එළියට අරන් සෝදලා කපන්න ගත්තා. ඒ අතරෙ ලවන් හිටියෙ මං ගාවම පුටුවක වාඩි වෙලා ෆෝන් එක ඔබන ගමන්.

"ඒයි....විදුර්!!! මේ...බලන්නකො."

මම පාඩුවේ පළතුරු කප කප ඉද්දි එක පාරට ලවන් බෙරිහන් දුන්නා. යකොව්...හාර්ට් ඇටැක් එනවා තව ටිකෙන්.

"මොකද මනුස්සයෝ...තව පොඩ්ඩෙන් ඇඟිල්ල ගහලා යනවා."

"ඇඟිල්ල නෙවේ අනේ මේ බලන්නකො...අප්පච්ච්-"

"අප්පච්චි?? මේ අපෙ අප්පච්ච්?? ඇයි??"

"එයා අපිට- ආ ඔයාම බලන්නකො."

ලවන් ලොකු හිනාවක් එක්ක එයාගෙ ෆෝන් එක මට දෙද්දි මම පිහියත් පැත්තකින් තියලා අත් දෙක පිහදාගෙන ෆෝන් එක අතට ගත්තා. ලවන් පෙන්නුවෙ අප්පච්ච් එවපු වට්ස්පැප් මැසේජ් එකක්. ඒකෙ තිබ්බෙ අපි දෙන්නට දවස් දෙකකට ඉන්න ඇල්ලෙ රිසෝට් එකක් බුක් කරා කියලා.

වෙයිට් වට්?!? ඇල්ලෙ රිසෝට් එකක්?? අපි දෙන්නට?? බුක් කරලා තිබ්බෙ අනිද්දයි ඉන් අනිද්දයි. ඒ කියන්නෙ අපි ඇල්ලෙ යන්නද යන්නෙ??

"ලවන්...?"

මම මුකුත් හිතාගන්න බැරුව පුදුමෙන් බලාගෙන ඉද්දි ලවනුත් ඒ විදිහටම මගෙ දිහා බලන් හිටියා.

"බබා...අප්පච්ච් ඔයාට කිව්වද මෙහෙම දෙයක් ගැන??"

"නෑනෙ...ඔයාට කිව්වද? ඔයාටනෙ මැසේජ් එක දාලා තියෙන්නෙ."

"නෑ...බලන්න සමහරවිට ඔයාටත් මැසේජ් කරලා ඇති."

මම ලවන්ගෙ ෆෝන් එක එයා අතට දීලා දඩිබිඩි ගාලා මගෙ ෆෝන් එක බැලුවා. ඔව්නෙ...අප්පච්ච් මටත් ඒ මැසේජ් එකම දාලා. අනේ...අප්පච්ච් අපි දෙන්නටම වැකේශන් එකකට පේ කරලද?? මට එක්සෑම් ඉවර නිසාද ඒ? නැත්තම් අවුරුදු ළඟ නිසාද? මම ආයෙම ලවන් දිහා බැලුවෙ එයා ළඟ සමහරවිට උත්තර ඇති කියලා හිතාගෙන.

"මට තාම හිතාගන්න බෑ ලවන්...අප්පච්චිට අපි දෙන්නව සර්ප්‍රයිස් කරන්නවත් ඕන වෙලාද?"

"සමහරවිට වෙන්න ඇති. අහන්නකො...මම ගිය සතියෙ අප්පච්චිට කිව්වා ඔයා එක්සෑම් ඉවර වෙලා නුවරඑළි යන්න ඕන කිව්වා, මම ඒ ගැන හිතනවා කියලා. ඒ නිසා අප්පච්චිට හිතුනද දන්නෑ මෙහෙම කරලා අපි දෙන්නම සර්ප්‍රයිස් කරන්න."

"නුවරඑළි...?? ඇල්ල තියෙන්නෙ බදුල්ලෙනෙ ලවන්. නුවරඑළි නෙවේනෙ."

මම ෆෝන් එකත් මේසෙ උඩින් තියලා අමුතු හිනාවක් දාලා කියද්දි ලවන්ගෙ හිනාව පොඩ්ඩක් අඩුවුණා.

"ඔහ්...ඔව්නෙ. අප්පච්චිට ගානක් යන්න නැතුවැති ඒක. ඔයා- ඔයා කැමති නැද්ද?"

"පිස්සුද අනේ...ඇල්ල මොකෝ නුවරඑළි මොකෝ. දෙකම එක වගේ ලස්සන තැන්නෙ. I only care about being with you in such a beautiful place...!!"

දැනෙන සතුටට මම පොඩ්ඩක් උඩ පැනලා ලවන්ව බදාගද්දි එයා මාව අත් අස්සට අරන් තුරුල් කරගත්තා. ඇත්තනෙ අනේ...මම නුවරඑළිය කියලා අදහස් කරේ ඒ ලස්සන වීව්ස්, ක්ලයිමෙට් එකනෙ. ඉතින් ඇල්ලත් ඒ වගේමනෙ. මට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. අනික අප්පච්ච් එච්චර ගානක් වියදම් කරලා අපි දෙන්නව සතුටු කරන්න එහෙම කරාට පස්සෙ මේ නුවරඑළිය නෙවේ බදුල්ලනෙ කියලා ඒකට රණ්ඩු කරන ජාතියේ ස්පොයිල්ඩ් බ්‍රැට් කෙනෙක් නෙවෙයි මං.

"අප්පච්චිට ලොකු ගාණක් යන්න ඇති විදුර්...ෆැමිලි එකකට ඉන්න තියන රිසෝට් එකක් අපි දෙන්නට විතරක් බුක් කරන්න. අනික මේ අවුරුදු කාලෙ."

අපි හග් එක බ්‍රේක් කරාට පස්සෙ ලවන් කිව්වා.

"ඔව්...අපි පස්සෙ අප්පච්චිට කතා කරමු. කමක් නෑ. රිසෝට් එක බුක් කරන්න විතරනෙ. ඉතුරු වියදම් ඔක්කොම අපෙ ගානෙනෙ."

මම කියද්දි ලවන් ඇස් දෙකත් හීනි කරලා අමුතු හිනාවක් එක්ක මගෙ දිහා බලන් හිටියා.

"ඇයි...?"

"අපෙ ගානෙ?? අපෙ ගානෙ නෙවෙයි මගෙ ගානෙ...you don't have to worry about anything."

"ඒත් ලවන්-"

"බබා don't argue with me on this. ඔයා ගිය මාසෙ සති තුනක් කැෆේ ගියෙත් නෑ...ඉතුරු කරලා තියන ඒවා මේකට වියදම් කරන්න එපා. මම කිව්වනෙ."

ඒත් මගේ හිතට හරි නෑනෙ එහෙම...ලවන් ඒක හොඳටම දන්නවා. මම ගිල්ටි විදිහට ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි ඒක තේරිලා වගේ ලවන් මගෙ ඉන වටේ අත දාලා මාව ළං කරන් ඇඟට හේත්තු කරගත්තා.

"Just forget about everything else babe...you only have to care about being pretty."

ලවන් සරාගි විදිහට මගෙ දිහා බලලා කියද්දි මම එයාගෙ ඇස් මඟෑරලා බිම බලාගත්තා. ඒත් එතකොටම මගෙ නිකටින් අත තියපු ලවන් ආයෙම අපි දෙන්නගෙ ඇස් සමාන්තර කරා."

"Aaand being pink like this...my cute little prince."

ලවන් මගෙ තොල් වලට පහත් වෙන ගමන් කියද්දි ඉබේම මගෙ ඇස් පියවුණා. හාදුව අතරෙත් මට මැවුණෙ අපි දෙන්නා විතරක් ඒ වගේ ලස්සන පැත්තක තනියම ගෙවන ලස්සන වැකේශන් එක ගැන.

වැඩි දවසක් ඒ ගැන හීන මව මව ඉන්න්න ඕන වුණේ නෑ. ඒ දවස ඉක්මනට ආවා. පෙරේදා ඒ මැසේජ් එක ආපු ගමන්ම අම්මටයි අප්පච්චිටයි කතා කරලා තෑන්ක් කරපු අපි දෙන්නා හවස ඒකට ඕන බඩු ටිකක් ගන්න ගියා.

ඊයෙ උදේ වරුවනම් ඒකට මුකුත් කරේ නෑ...කාලෙකට පස්සෙ දවල් වෙනකම් හොඳට නිදාගත්තා. ඊයෙ රෑ තමා ආයෙ යන්න බඩු ටික ලෑස්ති කරගන්න. අද උදේ ලවන් අපෙ ගෙදර ආවා මාව පික් කරන්න. අම්මා අපි දෙන්නටම කෑමත් හදලා තිබ්බෙ. කාලා අම්මටයි අප්පච්චිටයි වැඳලා අපි උදේම පිටත් වුණා.

කලින්ම එතෙන්ට ගියොත් හවස් වරුවෙ කොහෙහරි යන්න පුලුවන්නෙ. අපි දෙන්නගෙනම් ප්ලෑන් එක තිබ්බෙ ලිට්ල් ඇඩම්ස් පීක් බලන්න යන්න. එතන සන්සෙට් එක මාරම ලස්සනයි කියලා මම අහලා තියනවා.

උදේ නවය වගේ අපි දෙන්නා පිටත් වුණේ. අවුරුදු නිවාඩුව ලබපු ගමන් නිසයි අද සිකුරාදා දවසක් වුණ නිසයි පාරෙ වාහනනම් සෑහෙන්න තිබ්බා. අපි ආවෙත් සාමාන්‍යයෙන් යන නුවරඑළිය හරහා පාරෙ නෙවෙයි...අප්පච්ච් කිව්වයි කියපු වෙන මොකද්දෝ පාරකින්. ඒ පාරෙනම් වැඩිය වාහන තිබ්බෙ නෑ. අපි දෙන්නා සින්දුත් දාගෙන ආතල් එකේ ඩ්‍රයිව් කරා.

ෆෝන් එක එළියට අරන් අපි දෙන්නගෙ සෙල්ෆි දෙක තුනක් ගහලා මගෙ සෙක්සි බෝයිෆ්‍රෙන්ඩ් ඩ්‍රයිව් කරනවා වීඩියෝ එකකුත් අරන් ෆෝන් එක පැත්තකට දාපු මම කා ඩෝ එකට හේත්තු වෙලා ලවන්ගෙ උකුල උඩින් මගෙ කකුල් දෙක තියාගෙන එයා දිහා බලන් හිටියා.

ඉස්සරනම් මෙහෙම කරද්දි එයාගෙ ලොකු සීන් තිබ්බෙ...ගමේ යද්දි එහෙම මතකනෙ. ඒත් දැන්නම් එහෙම නෑ. මම ගානට හදලා අරන් තියෙන්නෙ. මම කකුල් දෙක තියාගද්දිම මගෙ දිහා බලලා හිනාවුණ ලවන් ඒ උඩින් අත තියලා හිමීට පිරිමදින්න ගත්තා.

"You're so hot when you drive...you know that?"

"Am I...?"

"Mmm...what about me tho?"

"You're the hottest when you ride..."

ලවන් කට කොනකින් හිනාවක් දාලා ඉස්සරහ බලාගෙනම කියද්දි මම ඩෝ එකට තියන් හිටපු අත ඉබේම ලිස්සලා ගිහින් මාව කෙලින් වුණා. මොකද්ද ඒ කිව්වෙ??

"Calm down baby...I meant when you ride the bike."

ලවන් තප්පරේකට මගෙ දිහා බලලා හිනාවෙලා ආයෙම ඉස්සරහ බලාගෙන කිව්වා. එහෙම කිව්වට මොකද ඒ ඇස් දෙකෙයි හිනාවෙයි තිබ්බෙනම් වෙන මීනින් එකක්. ම්ම්...එහෙමද ආසා? එහෙනම් මාත් එහෙමයි.

ලවන්ගෙ උකුල උඩින් කකුල් දෙක අයින් කරගත්ත මම ටිකක් එයා පැත්තට ළං වුණා.

"Only the bike...?"

මම එයාගෙ කන ගාවටම වගේ ළං වෙලා සෙඩක්ටිව් වොයිස් එකකින් අහද්දි ලවන් මගෙ දිහා බලලා ආයෙම කට කොනකට හිනාවක් ගත්තා.

"Well I haven't seen you ride anything else so..."

"Would you like to- ලවන් බලාගෙන...!!"

මීදුම අස්සෙන් එක පාරට ඉස්සරහින් මතුවුණු ලයිට් එළිය දැක්ක මම කෑගහන් ලවන්ගෙ උරහිසේ මූණ ගහගද්දි එයා කොහොමහරි කාර් එක අනිත් පැත්තට අරන් ලයිට් එළිය මගෑරියා.

මගෙ අම්මේ!! නූලෙන් බේරුණේ...එක පාරට වුණ දේ නිසා මම ලවන් ගාවින් අයින් වෙලා හරි විදිහට සීට් එකේ ඉඳගත්තා. හොඳ වැඩේ අපිටත් ඩ්‍රයිව් කරන අස්සෙ විකාර කරන්න යනවට. බදුලු පාරෙ පරිස්සමට යන්න කියලමයි අප්පච්ච් අපි දෙන්නව එව්වෙත්. මදැයි...ආයෙනම් රිසෝට් එකට යනකම් හෙල්ලෙන්නෑ මෙහෙම්මයි ඉන්නෙ.

ලවනුත් හොඳටම ශොක් වුණා වගේ...විනාඩියක් යනකම් මුකුත් නොකියා ඉස්සරහ බලන්ම ඩ්‍රයිව් කරපු එයා ටික වෙලාවකින් මගෙ උකුල උඩින් අත තියලා මගෙ ඇඟිලි වල එයාගෙ ඇඟිලි පටලගත්තා. පව්...දාඩියත් දාලා.

රිසෝට් එකට යනකම් හෙල්ලෙන්නෑ කිව්වට මෙහෙම ඉන්න බෑ අනේ...දැන් ඒක හරි. මුකුත් වුණේ නෑනෙ. ගමනම අවුල් කරගන්න ඕනෙ නෑනෙ ඒ නිසා. මම සින්දුවේ සද්දෙ වැඩි කරලා ලවන් දිහා බලද්දි එයත් හිනාවෙලා මගෙ දිහා බැලුවා.

"මේ...ඒක අමතක කරමු."

මම ලවන්ගෙ අත මගෙ අත් දෙකෙන්ම අල්ලන් කියද්දි එයත් ඔලුව වැනුවෙ ඔව් කියන්න. පොඩ්ඩක් වේගෙත් අඩු කරලා තිබ්බෙ. අමතක කරමු කිව්වට කොහොමද කරන්නෙ. ම්ම්...එක විදිහක් තියනවා.

"Wherever you go, that's where I'll follow

Nobody's promised tomorrow..."

මම ලවන්ගෙ අත මයික් එකක් වගේ අල්ලන් ප්ලේ වෙවී තිබ්බ සින්දුව කියද්දි එයත් හැමදේම අමතක කරලා වගේ ලස්සනට හිනාවෙලා මගෙ දිහා බැලුවා.

"So I'ma love you every night like it's the last night

Like it's the last night..."

ලවන් එයාගෙ අත මගෙ අතෙන් ගලවගෙන එයා ගාවටම මයික් එකක් වගේ අල්ලන් කියද්දි ආයෙම කාර් එක හිනාවෙන් පිරුණා. අපි දෙන්නා වෙනදත් මෙහෙම තමා අනේ...අද පොඩ්ඩක් එහෙ මෙහෙ වුණාට.

මම ආයෙමත් ලවන්ගෙ අත ඇදලා අරගෙන මයික් එකක් වගේ තියාගද්දි අපි දෙන්නම ඉතුරු පද පේළි ටික කෑගහලා කිව්වා. එතනින් එහාට රිසෝට් එකට යනකන්ම කාර් එක අපි දෙන්නගෙ සින්දු කියන කටහඬවල් වලින් පිරිලා තිබුණා.

"If the world was ending, I'd wanna be next to you

If the party was over and our time on Earth was through

I'd wanna hold you just for a while and die with a smile

If the world was ending, I'd wanna be next to you..."

අපි දෙන්නා රිසෝට් එකට එද්දි දවල් වෙලා. දවල් වෙලා කිව්වෙ හවස් වෙන්නත් ළඟයි. අප්පච්ච් ශෙයාර් කරපු ලොකේශන් එකෙන් තමා අපි තැන හොයාගෙන ආවෙ. වාව්...එතන මාරම ලස්සනයි. එතන විතරක් නෙවෙයි මේන් රෝඩ් එකෙන් දාලා රිසෝට් එකට එනකන්ම තිබ්බ පාරත් ගොඩක් ලස්සනයි.

ඒ පාර දෙපැත්තෙම තිබුණෙ තේ වතු. එතන අපෙ රිසෝට් එක විතරක් නෙවෙයි රිසෝට් කීපයක්ම තිබ්බා...ඒ ඔක්කොම තිබුණෙ ළඟ ළඟ, හැබැයි අනිත් මිනිස්සු ඉන්න තැන් වලින් ගොඩක් ඈත. මාරම නිදහස්. රිසෝට් එක ළඟ තිබ්බට අනිත් කාගෙන්වත් කරදරයක් නෑ වගේ. මොකද අවුරුදු නිවාඩුව නිසා ඔක්කොම බුක් වෙලා තිබුණත් ඒ එකකින්වත් සද්දයක්වත් ඇහුණෙ නෑ. හැමෝම තමන්ගෙ පාඩුවේ හිටියා.

අපි දෙන්නා රිසෝට් එක ඇතුළට ගියේ ටික වෙලාවක් කට ඇරන් ඒ දිහායි එතන වටේටම පේන වීව් එක දිහායි බලන් හිටියට පස්සෙ. දවල් වරුවෙ මීදුම පොඩ්ඩක් බාලා තිබ්බ නිසා ඈත තේ වතු එහෙම ලස්සනට පේනවා. රිසෝට් එක ඇතුළට ගිහාම ඒක ඉස්සරහ තිබ්බ ග්ලාස් වෝල් එකෙන් පේන්නෙත් ඒ වීව් එකමයි.

බෑග්ස් ටික එහෙම ඇතුළට ගත්තට පස්සෙ අම්මටයි අප්පච්චිටයි කෝල් එකක් දීලා පරිස්සමට ආවා කියපු මම ග්ලාස් වෝල් එක ගාවට ගියේ ඒ ලස්සන වීව් එක බලන්න. සමහර තේ වතු වල ගෑණු අය තේ දලු නෙලනවත් පේනවා.

මම කොච්චර ආසාවෙන්ද හිටියෙ ලවන් එක්ක මේ වගේ අත්දැකීමක් විඳින්න. හෙට අපි දෙන්නට ඇති තරම් මේ වටේටම ඇවිදින්න පුලුවන්...එයාට තුරුල් වෙලා ඉන්න, වටේම දැනෙන සීතල අමතක වෙන විදිහට එයාගෙ තොල් වල උණුහුම අස්සෙ හැංගෙන්න මං කොච්චර ආසද.

මම කල්පනාවෙ ඉද්දිම ඒ උණුහුම මගෙ පිටිපස්සෙන් එතෙනවා දැනෙද්දි මම තව ටිකක් පිටිපස්සට වුණේ ඒ උණුහුම සම්පූර්ණෙන් විඳගන්නමයි. ලවන් මාව බැක් හග් කරලා කම්මුලෙන් කිස් එකක් තියද්දි මම එයාගෙ උරහිසට ඔලුව හේත්තු කරගත්තා.

"මගෙ මැණික...ඔයා සතුටින් නේද?"

ලවන් අහද්දි යන්තම් හිනාවුණ මම ඉන්න විදිහටම ඔලුව හරවලා එයා දිහා බැලුවා. ඒ ඇස් සතුටින් දිලිසෙනවා.

"මම ගොඩක් සතුටින්...අනිත් හැමදේටම වඩා මට සතුටු ඔයා මං ගාව ඉන්න එකට."

මම කියද්දි ලවන් මගෙ ඉනෙන් අල්ලලා මාව එයාගෙ පැත්තට හරවගත්තා. මම එයාගෙ වේස්ට් එක වටේ අත දාගන්නකොට එයාගෙ අත් මගෙ කම්මුල් වල නැවතුනා.

"Let's make this memorable..."

"Mm...every single second."

මේ හැමදෙයක්ම ලස්සන මතක වෙනවා කියලා මට විශ්වාසයි...ලවන්ගෙ දිග හාදුවක් මගෙ නළලින් නවතිද්දි මම එයාගෙ පපුවට තුරුල් වුණා. සනීපයි...මෙතෙන්ට ආපු වෙලාවෙ ඉඳන් දැනුන සීතල අංශු මාත්‍රයක්වත් නොදැනෙන තරමට උණුහුමයි. මගෙම විතරක් වුණු ඒ උණුහුමට දිගින් දිගටම ලෝබකමේ බැඳුන මම තව ටිකක් ඒ තුරුලට ළං වුණේ අපි දෙන්නගෙන් එහා මුලු ලෝකෙම මොහොතකට මගෙ මතකෙන් ඈතටම යද්දි.

--------------------

රීඩර්ස්ලා කන්ෆියුස් වෙයි කියලා හිතුන නිසා අර ඩයිමෙන්ශන් මාරු කරන කතාව මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.

මෙහෙමයි...ඔය "ඩයිමෙන්ශන් මාරු කරනවා" කියන වචන ටික මගෙ ඔලුවට ආපු දෙයක්. ඒ පවර් එක ෆික්ෂනල් වර්ල්ඩ් එකේ හැමෝටම තියන දෙයක්. සිතුම්යට ලවන්ට දෙන්නටම ඒක තියෙන්නෙ ඒකයි. ඒක වෙන්නෙ මෙහෙමයි.

ලවන්ට පුලුවන් එයා ඇත්තටම ඉන්න විදිහ නැතුව වෙන විදිහක් අනිත් අයට පෙන්නන්න. උදාහරණයක් විදිහට හිතමු ලවන් විදුර්ට කිස් එකක් දෙනවා කියලා. ලවන්ට පුලුවන් ඒක වෙනස් විදිහකට අනිත් අයට පෙන්නන්න. ඒ කියන්නෙ ඒ දෙන්නා නිකන්ම ඉඳගෙන ඉන්න විදිහට, කෑමක් කන විදිහට, මේ විදිහෙ ඕනම සාමාන්‍යය දෙයක් විදිහට. ඒකෙන් ලවන්ට එයා විඳින හැඟීම් එකකටවත් බාධා වෙන්නෙ නෑ...ඒ කියන්නෙ මේ වැඩේ කරන්න එයාට අමතර මහන්සියක් වෙන්න ඕනෙ නෑ. He just has to think about it and it automatically happenes.

ඒ වගේම එයාලා එහෙම කොච්චර වෙනස් කරලා පෙන්නුවත් ෆික්ෂනල් වර්ල්ඩ් එකේම වෙන කෙනෙක් එතන ඉන්නවනම් ඒක බලපාන්නෙ නෑ. එයාලට පේන්නෙ ඇත්තම විදිහ. මේ චැපියෙ ලවන් කියනවා වගේ එයා සිතුම්ය ඉස්සරහ කොච්චර වෙනස් දේවල් පෙන්නන්න හැදුවත් වැඩක් නෑ...සිතුම්යත් ෆික්ෂනල් කෙනෙක් නිසා එයාට පේන්නෙ ඇත්තම දේ.

ෆික්ෂනල් වර්ල්ඩ් එකේ අයට විශේෂ පවර්ස් වලට තියෙන්නෙ ඔච්චරයි. ඒකට හෙතු දෙකක් තියනවා. එකක් රියල් වර්ල්ඩ් එකේදි එයාලගෙ ආරක්ෂාවට. මොකද ෆික්ෂනල් වර්ල්ඩ් දාලා රියල් වර්ල්ඩ් ආපු ගමන් එයාලගෙ ආරක්ෂාව ගැන ෆික්ෂනල් වර්ල්ඩ් එකට මුකුත්ම කරන්න බෑ. හිතන්න මහ රෑ කවුරුහරි මදාවියො සෙට් එකකට අහු වුණා, නැත්තම් රියල් වර්ල්ඩ් එකේ තමන්ට මඟෑරලා යන්න ඕනම මොහොතක තමන් හිරවෙලා ඉන්නවා. එහෙම වෙලාවක යූස් කරන්න.

නැත්තම් ෆික්ෂනල් වර්ල්ඩ් එකේ අයව තම තමන්ට අඳුරගන්න. හිතන්න...අපෙ ලෝකෙ වගේම මිලියන් ගණන් මිනිස්සු ෆික්ෂනල් වර්ල්ඩ් එකේ ඉන්නවා. එතනින් කී දෙනෙක් අවුරුද්දකට රියල් වර්ල්ඩ් එනවා ඇද්ද? ඒ හැමෝම එයාලා අඳුරන්නෙ නෑනේ. ඒත් මේ පවර් එක පාවිච්චි කරද්දි ෆික්ෂනල් වර්ල්ඩ් එකේ වෙන කෙනෙකුට ඇත්තම දේ පේනවා විතරක් නෙවෙයි, ඒ ඕරා එක එයාලට දැනෙනවා. ඒ විදිහට එයාලා තමන් වගේම ඒ මොහොතෙ තමන් වටේ ඉන්න ෆික්ෂනල් අය අඳුරගන්නවා. හැබැයි ඒ අඳුරගන්න පුලුවන් එතනින් එක්කනෙක් හරි ඒ මොහොතේ ඒ පවර් එක පාවිච්චි කරනවනම් විතරයි. නැත්තම් දෙන්නම සාමාන්‍ය විදිහටනම් ඉන්නෙ ඒ දෙන්නගෙන් කාටවත් ඒක අඳුරගන්න විදිහක් නෑ.

අඳුරගත්තත් ඒක අඳුරගන්න පුලුවන් පවර් එක යූස් කරන කෙනාට නෙවෙයි අනිත් කෙනාට. උදාහරණයක් කියන්නම්. ලවනුයි සිතුම්යයි එකිනෙකා අඳුරන්නෙ නෑ කියලා හිතන්න. ඔන්න දෙන්නම එක තැනක ඉද්දි ලවන් පවර් එක යූස් කරනවා. ඒ කියන්නෙ තමන් ඉන්න විදිහ නෙවෙයි වෙන විදිහක් අනිත් අයට පෙන්නනවා. ඒත් ෆික්ෂනල් වර්ල්ඩ් එකෙන්ම ආපු සිතුම්යට පේන්නෙ ලවන් වෙනස් කරලා පෙන්නන දේ නෙවෙයි ඇත්තම දේ. ඒ වගේම ලවන් ඒ මොහොතෙ පවර් එක යූස් කරද්දි පිටවෙන ඕරා එකත් එක්ක සිතුම්ය දැනගන්නවා ලවන් ෆික්ෂනල් කෙනෙක් කියලා. ඒ ඕරා එක දැනෙන්නෙත් ෆික්ෂනල් අයට විතරයි. ඒත් සිතුම්ය ෆික්ෂනල් කෙනෙක් කියලා ලවන්ට දැනගන්න විදිහක් නෑ. මොකද සිතුම්ය ඒ මොහොතෙ පවර් එක පාවිච්චි කරන්නෙ නෑනෙ. ලවන් ඒක දැනගන්නනම් එක්කො සිතුම්ය ඇවිත් ලවන්ට කියන්න ඕන ඔයා වගේම මමත් ෆික්ෂනල් කේක් කියලා,නැත්තම් ලවන්ට දැනෙන විදිහට සිතුම්යත් එයාගෙ පවර් එක යූස් කරන්න ඕන.

තේරුම් ගන්න බෑ වගේද 🙉 බැයිනම් අහන්න. අහලා හරි කමක් නෑ තේරුම් අරන් මතක තියාගන්න. මේවා මේ හෑලි වගේ කියන්නෙ හේතුවක් ඇතුව 🥲

ප්‍රස්නයක් අහන්නත 🙃 බෝරිංද??

Share This Chapter