Back
/ 35
Chapter 25

Part 24

සීමාවෙන් එහා

"විදුර්..."

කන්දක් උඩට වෙලා පාඩුවේ ගිටාර් එක ගහ ගහ හිටපු මට එක පාරට මගෙ බෝයිපෙන්ගෙ කුචු කුචු සොෆ්ට් වොයිස් එක ඇහෙන්න ගත්තා. මම කන්ද උඩට එද්දි මෙයත් එක්කද ආවෙ?? නෑනෙ...හැබැයි නැති වෙන්නත් බෑ. නැත්තම් එයාගෙ වොයිස් එක මගෙ ළඟින්ම ඇහෙන්නයි එයාගෙ ඇඟිලි හිමින් මගෙ කෙස්ගස් අතරින් දැනෙන්නයි විදිහක් නෑනෙ.

"විදුර්...නැගිටින්නකො සුදූ."

මම නැගිටලනෙ ඉන්නෙ...මම ගිටාර් ගහනවා කියලා මේ මනුස්සයට පේන්නැද්ද ඇත්තට?? අනික ගිටාර් ගහද්දි ඇයි මෙයා ඔලුව අතගාන්නෙ??

"පොඩ්ඩකට නැගිටින්න මැණික...උදේම බ්‍රෙක්ෆස්ට් ඕඩර් කරන්න ඕන. ඔයාට ඕන එක කියලා ආයෙම නිදාගන්න."

බ්‍රෙක්ෆස්ට්?? මේ මහ රෑ කන්දක් උඩ මොන බ්‍රෙක්ෆස්ට්ද? අනික ලවන් මගෙ අත අල්ලගත්තා නේද?? කෝ එතකොට මගෙ ගිටාර් එක?? දැන් ඒක මගෙ අතේ තිබ්බනෙ...දෙයියනේ දෙයියනේ!! මගෙ රත්තරන් ගිටාර් එක නෑ කියලා දැනිච්ච ගමන්ම මම එක පාරට ඇස් දෙක ඇරියා.

හෑ...කෝ කන්ද?? මම ඉන්නෙ කන්දෙ නෙවෙයි ඇඳේනෙ. දැන් ටිකකට කලින් කන්දක් උඩට වෙලා ගිටාර් ගැහුවෙ එතකොට...හීනයක්ද?? සැක්...ගිටාර් එක නෑ කියලා දැනිලා බඩ පපුව දාගෙන ගිහින් ඇහැරුණේ බොරුවටනෙ.

මෙන්න මේ මනුස්සයා නිසා තමා...උදේ පාන්දර සීතලේ මොන එහෙකට මාව ඇහැරුවද මන්දා. ඇඳ ගාවම පුටුවක ඉඳගෙන මගෙ ඔලුව හිමින් අතගගා හිටපු ලවන්ට රවලා මම ආයෙම ශීට් එක අස්සෙ ගුලිවුණා. ඒකට යන්තම් හිනාවුණ ලවන් ඇඳේ මගෙ එහා පැත්තෙන් ඉඳගෙන ආයෙම මගෙ ඔලුව අතගාන්න ගත්තා.

"අනේ ඔයාව ඇහැරෙව්වට සොරි පැටියො...කියන්නකො මොනවද ඕනෙ. මම කැමති එක විතරක් අරන් බෑනෙ."

මාව ඇහැරපු එකට අවුලෙන් වගේ ලවන් කියද්දි මටත් ටිකක් දුක හිතුනා. ඒත් තාම නැගිටින්න මෙව්වා එකක් නෑ අප්පා. මම ලවන් මගෙ ඔලුව අතගගා හිටපු අත ඇදලා අරන් ඒක බදාගෙන ආයෙම ඇස් පියාගත්තා.

"කියන්න...මොනවද ඕනෙ?"

"ඉඤිම්ප..."

"ඈ!? ඒ මොනවද?"

මම හීනෙන් මුමුණද්දි ලවන් පුදුමෙන් වගේ මගෙන් ඇහුවා. ඇයි අප්පා ඕක තේරෙන්නැද්ද??

"ඉඳියප අනෙහ්.."

"ඉඳි ආප්පද...?"

"ම්ම්..."

"තව...?"

"ඇති..."

"බොන්න...?"

"පැෂන් ෆෘට්-"

මම තඩි ඈනුමකුත් ඇරලා කියද්දි ලවන් පාත්වෙලා මගෙ කම්මුලින් හාද්දක් තිබ්බා. ඒකටනම් මගෙ මූණෙ යන්තම් හිනාවක් ඇඳුනා නිදිමතේම. මම ලවන්ගෙ අතක් තද කරලා බදන් හිටපු නිසා එයා අනිත් අතින් ෆෝන් එක ඔබ ඔබ ඕඩර් එක දානවා මට ඇහුණා.

"ඔයා උදේම නැගිට්ටද...?"

මම යන්තම් ඇස් ඇරලා අහද්දි ලවන් ඔව් කියන්න ඔලුව වැනුවා.

"ස්ටාෆ් එකෙන් කෝල් කරපු නිසා ඇහැරුණා...ආයෙ නින්ද ගියෙ නෑ ඉතින්."

"දැන් කීයද වෙලාව..."

"හතයි-"

ලවන් කියලා ඉවර කරන්නත් කලින් මම ඇස් දෙක සම්පූර්ණෙන් ඇරලා බයවෙලා වගේ එයා දිහා බැලුවා. පිස්සුද අනේ මේ උදේ පාන්දර නැගිටින්න??

"හතයි?? තව ටිකක් නිදාගමු අනේ..."

මම ලවන්ගෙ අත තව හොඳට බදාගෙන ඇස් දෙක පියාගද්දි මගෙ පස්ස කිස් කන්න පාරක් වැදුනා.

"ආව්ව්ව්!!"

"ට්‍රිප් ආවෙ නිදාගන්නද?? නැගිටින්න විදුර්..."

"බෑ...තව පැයක් ඉමුකො. අනේ~~"

මම ලවන්ව පහළට ඇදලා බඩ ගාවින් අත දාන් පොඩ්ඩක් එයා අස්සට වෙද්දි ලවන්ට හිනා ගියා. මේ වෑයම රජ වීමට නොව තව සුට්ටක් නිදා ගැනීමටයි. අනික හොඳටම සීතලයි...ලවන් අස්සට තුරුල් වුණාම ඒක පොඩ්ඩක්වත් දැනෙන්නෑ.

"කම්මැලිකම තියන..."

"පැයයි අනේ..."

මම එක ඇහැක් විතරක් ඇරලා ලවන් දිහා බලලා කියද්දි එයා හිනාවෙලා මගෙ නළලින් හාද්දක් තියලා මං ගාවින්ම හාන්සි වුණා. මමත් පොඩි හිනාවක් දාලා එයාගෙ පපුව ගාවින් ඔලුව තියාගද්දි ලවන් මගෙ කර වටේ අත දාලා මාව ළංකරගත්තා.

"ඔයා ඔහොම හුරතල් වෙද්දි මටත් නැගිටින්න හිතෙන්නෑනෙ ඉතින්...බඩගින්නට කන්න ඕනෙත් නෑ වගේ."

බඩගින්නට කොහොමත් කන්නම ඕනෙ නෑ තමා...වෙන ඕන තරම් විදි තියනවා. කොහෙද ඉතින් කිසි උනන්දුවක් නෑනෙ. ඊයෙ රෑ අර කන්ද නැගලා ඇවිල්ලත් එහෙම තමා. අඩු ගානෙ මේ වගේ රොමෑන්ටික් වටපිටාවක් තියෙද්දිවත් මම මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. ඒත් මොන...ආවා, වොශ් දාගන්න විදුර් කියලා එයා එළියෙන් හිටියා, කෑවා, පොඩ්ඩක් කඩ්ල් කර කර ඉඳලා නිදාගත්තා. එච්චර තමා.

ඊයෙ රෑනම් හැබැයි අපි දෙන්නටම පොඩි මහන්සි ගතියකුත් තිබ්බා. ලවන්ට උදේ ඩ්‍රයිව් කරපු නිසා මටත් වඩා මහන්සි දැනෙන්න ඇති. අපි ලිටිල් ඇඩම්ස් පීක් බලන්න ගියේ හවස් වෙලා...සන්සෙට් එක බලන එක තමා අපි දෙන්නටම ඕන වුණේ.

කන්ද නගින්නනම් හෙනම කට්ටක් කෑවෙ මං. කොහොමත් මම කිව්වෙ...මං ඉස්කෝලෙ කාලෙකවත් ස්පෝර්ට් කරලා නෑ. දැන් කියලත් ෆිට්නස් මුකුත් කරන්නෑනෙ. ගිලලා පිට්ටු බම්බුව වගේ ඉන්නවා මිසක්. වෙලාවට ඉතින් ජාන වල හොඳකමට ගානට කෙට්ටුවට ඉන්නවා. ලවන්නම් ඉතින් එක්සයිස් කරන නිසා කඳු නගිනවා වගේ ඒවා ගේමක් නෑ. එයාගෙ අතේ එල්ලිලාම නැගපු නිසා තමා පොඩ්ඩක් හරි ශේප් වුණේ මටත්.

කොහොමත් කන්ද උඩට ගියාට පස්සෙනම් මට මහන්සිය අමතකම වුණා. එතන මාරම ලස්සනයි...වටේම තියන තේ වතු, ලස්සන කඳු, යන්තමින් ඒවා වහගත්ත මීදුම. මම ලවන්ව බදාගෙන ගොඩක් වෙලා එතන හිටියා.

අපි දෙන්නම ඒ වෙලේ වැඩිය කතා කරේ නෑ. ඒත් අපි දෙන්නගෙම හිත්වල තියන හැඟීම් අපි දෙන්නටම ඒ වෙලේ හොඳට දැනුණා. ලවන් සැරින් සැරේ මගෙ මූණෙ තැනින් තැන හාදු තියද්දි මම එයාව තවත් ටිකක් තද කරලා බදාගෙන තුරුල් වුණේ මගෙ පපුව හිරිවට්ටන ඒ හැඟීම මට උපරිමෙන් දැනුණ නිසාමයි.

ටික වෙලාවක් ඉද්දි අපි දෙන්නා බලාගෙනම හිටපු මොහොත ආවා. මෙතන සන්සෙට් එකනම්...ඒ ලස්සන ගැන කියන්න වචන නෑ. ඒ වෙලේ ලවන් හිටියෙ මාව බැක් හග් කරන්.සන්සෙට් එක බලන්න අපි විතරක් නෙවෙයි තව ගොඩක් අය ඇවිත් හිටියා...වැඩිපුරම හිටියෙ කපල්ස්.

ඒ හැමෝම වගේ හිටියෙ තමන්ගෙම ලෝකවල...අපි දෙන්නා වගේම. ලවන් මගෙ උරහිස වටේ අත දාලා මාව බැක් හග් කරන් අපි දෙන්නගෙ කම්මුල් හේත්තු කරන් ඉද්දි මම එයාගෙ පපුවට හේත්තු වෙලා සන්සෙට් එක දිහා විනාඩි ගාණක්ම බලන් හිටියා.

ඒ වෙලේ මම යන්තම් හැරිලා එයාගෙ ඇස් දෙක දිහා බැලුවා...ඈත අහසෙ තැඹිලි පාටයි වටේටම තියන කඳු වල කොළ පාටයි දෙකම එයාගෙ අලු පාට ඇස් වල තැවරිලා ලස්සනම ලස්සන විදිහට දිස්නෙ දෙන්න අරන් තිබුණෙ. මම කොහොමත් ගොඩක් ආසයි ලවන් සතුටින් ආදරෙන් ඉන්න වෙලාවට එයාගෙ අලු පාට ඇස් දෙක වෙන පාට එකතු කරගෙන මවන අලුත්ම පාට දිහා බලන් ඉන්න. ඒ මම ආර්ටිස්ට් කෙනෙක් නිසාද නැත්තම් ලවන්ගෙ ආදරේ පිරුණ ඇස් දෙක දිහා බලන් ඉන්න තියන වුවමනාවටද කියන්න මම දන්නෙ නෑ.

ටික වෙලාවකින් ලවනුත් එයාගෙ ඇස් මගෙ ඇස් එක්ක සමාන්තර කරා. එයා බලන් හිටියෙ මගෙ දිහා වුණත් එයාගෙ ඇස් වල තිබුණ ලස්සන පාට පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ...වෙනදා වගේම දිලිසෙන ඇස් වලින් ගොඩක් ආදරෙන් එයා මගෙ දිහා බලන් හිටියා.

"ඔයාගෙ ඇස්...ඒවා ලස්සනයි ලවන්."

මම කියද්දි ලවන් නැවිලා මගෙ තොල් අගින් හාද්දක් තිබ්බා.

"ඒවා ඔයාගෙනෙ..."

"මගෙ...?"

"ම්ම්...ඒවා දිහා ඔහොම බලන් ඉන්න අයිතිය තියෙන්නෙ ඔයාට විතරනෙ."

ලවන් මාව තවත් ටිකක් ළං කරගද්දි මම හිනාවෙලා එයාගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා. ඒ ඇස් විතරක් නෙවෙයි...ඒ ඇස් වල ආදරේ පිරුණ බැල්මත් අයිති මට විතරයි කියලා මතක් වෙද්දි මට දැනෙන්නෙ අමුතුම ආඩම්බරයක්. ඒ ආඩම්බරේ පිරුණ ඇස් දෙකෙන්ම මම ලවන් දිහා බලන් ඉද්දි එයා මටම විතරක් අයිති වුණ ඒ තොල් මගෙ තොල් දිහාවට පහත් කරා.

අපි දෙන්නා එතනින් ආවෙ ටිකක් රෑ වෙන්න කිට්ටුව. බය වෙන්න දෙයක් තිබ්බෙත් නෑ...අපි එක්කම ආපු ගොඩක් අය එතන හිටියා. අන්තිමට අපි හැමෝම පහළට බැස්සෙත් ටීම් එකක් විදිහට. අපි එද්දි ඩිනර් ටයිම් එකත් කිට්ටු කරලා.

ඒ වෙලාවෙනම් අපි දෙන්නම හොඳටම මහන්සි වෙලා හිටියෙ. දවසම කරේ ඇවිදපු එකනෙ. වොශ් එකක් දාගත්තට පස්සෙ තමා ටිකක් හරි සනීපයක් දැනුණෙ. රිසෝට් එකටම ඩිනර් සර්ව් කරන නිසා අපිට ආයෙ කොහෙවත් යන්න වුණෙත් නෑ...හොඳට කාලා ඇඳට වැටුණ අපි දෙන්නටම වැඩි වෙලා යන්න කලින්ම නින්ද ගියා.

"බබා...අද මොකද කරන්නෙ?"

ඊයෙ දවස ගැන මනෝ පාරක් ගහන් හිටපු මම ලවන්ගෙ වොයිස් එකෙන් හරි සිහියට ආවා.

"ම්ම්...නයින් ආර්ක් යමුද?"

"නයිස්...මම හිතුවෙත් එහෙම."

ලවන් මාව ඇඳේ පෙරලගන්න ගමන් කියලා එහෙමම එක දිගට මගෙ කම්මුල් වලින් හාදු තියන්න පටන් ගත්තා.

"අනෙ- අයින් වෙන්න~"

"ඇයි...දැන් මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කිස් කරන්නත් පර්මිශන් ගන්න ඕනද?"

ලවන් මනමාල හිනාවක් දාලා අහද්දි මම ඇස් රෝල් කරලා අහක බලාගත්තා. පර්මිශන් මඟුලක් නෙවෙයි...තාම දත්වත් මැදලා නෑ. මෙහෙම කිස් කරන්න පුලුවන්ද?? නැගිටලා මනුස්සයෙක් වගේ වෙලා ඉන්න එපැයි ඉස්සර වෙලා.

ඒත් ලවන් මාව කිස් කරන එක නවත්තන්නෙම නැති පාර මම එයාව ඇඳේ එහා පැත්තට පෙරරලා වොශ් රූම් එකට ගිහින් දොර වහගත්තා. ඕක තමා ඕන වුණේ මුල ඉඳන්ම...හොර ගෙඩියා. වොශ් රූම් ආපු එකේ මම දත කට මැදලා මූණ හෝදගත්තා. මේ උදේ පාන්දර කවුද අප්පා මෙහෙම නැගිටින්නෙ...ට්‍රිප් ආවත් මෙච්චර උදේ නැගිටිනවද මං අහන්නේ?? ගෘහස්ථ හිංසනය යටතේ නඩු දාන්න වටිනවා මේවට.

මම වොශ් දාන් ඇවිත් ආයෙම ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටපු ලවන් අස්සට ගිහින් ඇස් පියාගත්තා. ලවන් ඒ අතරෙ මාව ඇහැරවලා තේ එක්කුත් හදලා දුන්නා ඉතින්. කොහොමත් ආයෙ නිදාගන්න වුණේ නෑ...බ්‍රෙක්ෆස්ට් සර්ව් කරපු නිසා අපි දෙන්නම උදේම හොඳට කෑවා.

අපි දෙන්නා ලෑස්ති වෙලා පිටත් වුණේ උදේ දහයට විතර. නයින් ආර්ක් පාලම බලන්න ගොඩක් අය එනවනෙ. එතන වීව් එකත් ගොඩක් ලස්සනයි කියලා මම අහලා තියනවා. එදා ලවනුයි මායි බලපු මන්දාරා ෆිල්ම් එකෙත් අන්තිම සීන් එක තියෙන්නෙ ඔය පාලම ගාව. එතන බලලා පොඩ්ඩක් ඇවිදලා දවල්ටත් කාලම එන්න තමා අපි හිතන් හිටියේ. කොහොමත් තාම කෑවා විතරනෙ...ආයෙ හවස දෙක වෙනකන්වත් බඩගිනි එන එකක් නෑ.

සැදී පැහැදී නයින් ආර්ක් ගාවට ගියාට මොකද එතන තත්වෙනම් අපි හිතුවට වඩා සම්පූර්ණෙන් වෙනස්. අවුරුදු නිවාඩුවයි අද සෙනසුරාදා දවසක් වුණ නිසයි එතන පුදුම සෙනඟක් හිටියෙ. දකිද්දිත් මට නිකන් කැරකිල්ල වගේ ආවා.

නයින් ආර්ක් ගාවට ළං වෙද්දිම කූඹි ගුලි වෙලා වගේ තැන් තැන් වල ඉන්න සෙනඟ ගොඩ දැක්ක ගමන් ලවනුයි මායි දෙන්නම ඉබේම නැවතුනා. ටිකක් වෙලා ඒ දිහා බලන් හිටපු අපි දෙන්නා මූණෙන් මූණ බලාගත්තෙ හරියට එතෙන්ට යන්නම ඕනද වගේ ෆීලින් එකක් ඇස් වල රඳවගෙන. ඊට පස්සෙ ඉතින් දෙන්නටම මුකුත් කියන්න ඕන වුණේ නෑ. එහෙමම අනිත් පැත්ත හැරුණ අපි දෙන්නා ආයෙම කාර් එක ගාවට ආවෙ ඒ පැත්තවත් හැරෙන්නෙ නැතුව. කාර් එක ගාවට ආපු අපි දෙන්නා ඇති පදම් හිනාවුණේ වචනයක්වත් නොකියා දෙන්නම ආයෙ හැරිලා ආපු හැටි මතක් වෙලා.

ලවනුයි මායි දෙන්නම හරි අකමැති මිනිස්සු පිරුණ සෙනඟ තැන් වල ඉන්න. සාමාන්‍යය දවස් වල වුණත් අපි වැඩිය ඇවිදින්න යන්නෙ නැතුව ලවන්ගෙ අපාට්මන්‍ට් එක අස්සට රිංගගන්නෙ ඒකයි. ඒක මාරම නිදහස්.

සිනෙලි එහෙමනම් කියන්නෙ ඒක හරි බෝරිං කියලා. එයාගෙ විදිහත් එක්ක අපි දෙන්නා බෝරිං වගේ පේනවා ඇති. මොකද සිනෙලි හරි කැමති ට්‍රිප් යන්න ඇවිදින්න වගේ දේවල් වලට. එයාගෙ ෆැමිලි එකත් කොහොමත් සාමාන්‍යය වීක් එන්ඩ් වල පවා ට්‍රිප් යන අය. එහෙම කෙනෙකුට ඉතින් අපි දෙන්නා බෝරිං වගේ පේනවා ඇති.

ඒත් එක එක්කනාගෙ විදිහ වෙනස්නෙ...මම වැඩිය කැමති නෑ ඇවිදින්න යන්න. ලවන් හම්බෙන්න කලින් වුණත් මං එහෙමයි. ලෝන්ග් වීක් එන්ඩ් එකක් සෙට් වුණත් වෙන මිනිස්සු ට්‍රිප් යද්දි මම මොකාද එකා වගේ පුපට එළිය වැටෙනකම් බුදියනවා. මම මගෙ ලයිෆ් එක එන්ජෝයි කරනවා කියන්නෙ තනියම මගෙ පාඩුවේ මම කැමති දෙයක් කරගෙන ඉන්න එකට.

ලවන්ව හම්බුණාට පස්සෙ ඉතින් මගෙ ජීවිතේ 'මම කැමති' කියලා කරන හැම දේකම එයත් කොටසක් වුණා. වෙලාවට ඉතින් මට හම්බුණ මනුස්සයත් මම වගේම වැඩිය ඇවිදින්න කරන්න කැමති නැති සෙනඟ අස්සෙ ඉන්න කැමති නැති පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. නිකන් හරි හිතන්න ඔය පර්සනැලිටි දෙක වෙනස් වුණානම්...පොඩ්ඩක් කේස්නෙ.

හම්බෙලා මාස පහකට කිට්ටු වෙලත් අපි දෙන්නා ආපු පළවෙනි ට්‍රිප් එක මේකනෙ. ඒක වුණත් ආවෙ මේ වගේ වෙනස් පරිසරේක අපි දෙන්නට ඉන්න තිබ්බ ඕනකම නිසා මිසක් ඇවිදින්න නෙවේනෙ. ඒක ඉතින් අපි දෙන්නගෙම හැටි...අනිත් අයට බෝරිං වගේ පේනවා ඇති. ඒත් අපි දෙන්නා උපරිමෙන් අපෙ ලයිෆ් එක එන්ජෝයි කරනවා.

ගිය පයින්ම ආපහු හැරිලා කාර් එකට ආපු අපි කතා වුණේ මොකද කරන්නෙ කියලා. අනිත් තැන් බලන්න ගිහිල්ලත් වැඩක් නෑ...මේ වගේම සෙනඟ ඇති. තාම දවල්ට කන්න බඩගින්නකුත් නැති නිසා අපි ශෝටීස් වගයක් කාලා තේ බීලා ආයෙම රිසෝට් එකට එන්න ආවා.

අපි රිසෝට් එකට යන පාර මාරම ලස්සනයි...පොඩි කන්දක් වගේ මැද්දෙන් පාර තියෙන්නෙ. දෙපැත්තෙම තේ වතු. දවල් වරුව නිසා මහා ලොකුවට මීදුම නැතිවුණත් එහෙ සාමාන්‍යයෙන් දැනෙන සීතල එහෙමම තිබ්බා.  රිසෝට් එක පේන මානෙට වගේ එද්දි මම ඩ්‍රයිව් කර කර හිටපු ලවන්ගෙ අතින් අල්ලගත්තෙ පහළ තියන තේ වතු දිහා බලාගෙනමයි.

"ඇයි විදුර්...?"

"ලවන්...පොඩ්ඩක් මේ හරියෙ ඉඳලා යමුද?"

මම අහද්දි ලවන් ලස්සනට හිනාවෙලා මගෙ දිහා බැලුවා...හරියට එයාටත් ඒ අයිඩියා එකම ආවා වගේ. පාර අයිනට වෙන්න කාර් එක නවත්තපු ලවන් මගෙ දිහා බලලා මගෙ අතින් අල්ලගත්තා.

"මාත් මේ ඔයාට කියන්න හැදුවා විතරයි...මේ හරිය ලස්සනයි නේද?"

"ඔව්...අනික ඉතින් සෙනඟකුත් නෑනෙ. නිදහසේ අපි දෙන්නට ආදරේ කරන්න පුලුවන්."

මම ලවන්ට ළං වෙලා එයාව අත් දෙකත් හිරවෙන්නම බදාගෙන කියද්දි හිනාවුණ ලවන් මගෙ නළලින් හාද්දක් තිබ්බා.

"එහෙනම් එළියට යමු...මේක අස්සෙ ඉඳගෙන අපි ඇතිවෙන්න ආදරේ කරලා තියනවනෙ."

ලවන් මනමාල හිනාවක් දාලා කියද්දි මම එයාගෙ ඇස් මඟෑරලා එළිය බැලුවෙ එළියට ගිහින් ඉන්න තැනක් තියනවද බලන්න. මේක අස්සෙනම් ඇතිවෙන්න ආදරේ කරලා තියනවා තමා...ඒවා ඕනවට වඩා මතක් කරන්න ඕනෙ නෑ. ලැජ්ජයි.

"දැන් මම රෝස පාට වෙන්න දෙයක්ද කිව්වෙ...මෙහෙ එන්න විදුර්."

රෝස පාට වෙන එව්වා කියලා දැන් බබා වගේ රඟපාන හැටි...ලවන් කාර් එකෙන් එළියට ගිහින් මටත් දොර අරිද්දි මම එයාගෙ අත අල්ලන් එළියට බැස්සා.

වෝහ්...මෙතන ඇත්තම ලස්සන පේන්නෙ මෙහෙම එළියට ඇවිත් බලද්දිනෙ. කාර් එකෙන් බැහැපු ගමන් මගෙ ඇස් දෙක සතුටින් එළිය වුණ විදිහ දැකලද කොහෙද හිනාවුණ ලවන් මගෙ කර වටේ අත දාලා මාව ළං කරගත්තා.

"මෙතන මාරම ලස්සනයිනෙ ලවන්..."

"ඒක තමා...අර ඈත ගෙවල් එහෙම බලන්නකො."

ලවන් ඇඟිල්ල දික් කරලා ඈතින් පේන කන්දෙ තියන ගෙවල් පෙන්නද්දි මමත් ඒ දිහා බැලුවා. වාව්...කන්දෙ මැද්දට වෙන්න මීදුම බාලා නිසා අපිට පේන්නෙ කන්ද පාමුල කොටසයි මුදුන් කොටසයි විතරයි. කන්ද මුදුන කිට්ටුවත් ගෙවල් කීපයක්ම තිබුණා. මැද කොටස මීදුමෙන් වැහිලා නිසා කන්ද මුදුන පේන්නෙ හරියට ඒ ටික අහසෙ පාවෙනවා වගේ.

"වෝහ්...මීදුම බාලා තියන විදිහට ඒ ගෙවල් වෙනම ලෝකෙක වගේනෙ පේන්නෙ."

"ම්ම්...කොහොමද ඒ වගේ තැනක ඉන්න තිබ්බනම්?"

"වෙන ලෝකෙකද...?"

"ඔව්...ඇයි හොඳ නැද්ද?"

ලවන් දඟකාර හිනාවක් දාලා මාව තව ටිකක් ළං කරන් ඇහුවා.

"නරක නෑ...ඔයා එක්ක ඉන්න තියනවනම් මට කොයි ලෝකෙත් කමක් නෑ."

ලවන් වගේම දඟකාර හිනාවක් දාපු මම කිව්වෙ එයාගෙ නිකට හරියෙන් ලාවට හපන ගමන්. අපි හිටපු තැන ඉඳන් පහළටම තිබ්බෙ තේ වතු. පාර කිට්ටුවටම වෙන්න තේ දළු මැද්දෙන් ඉඳගෙන ඉන්න පුලුවන් විදිහෙ ගලක් තියනවා දැක්ක අපි දෙන්නා එතෙන්ට ගියා. අවුරුදු කාලෙට වහින නිසා එතෙන්ට බහින්න්නත් පොඩ්ඩක් අමාරු වුණා...ලිස්සනවනෙ. ඒත් අපි දෙන්නම අනිත් එක්කනාගෙ අතින් අල්ලන් පරිස්සමට බැස්ස නිසා අවුලක් වුණේ නෑ.

ගල උඩ පොඩි තෙත ගතියක් තිබ්බා. ඒත් ඕවත් ප්‍රශ්නද අනේ අපිට...එතන තත්වෙ බලලා ඉඳගත්ත ලවන් මගෙ අතින් අල්ලලා මාවත් එයා ගාවින් වාඩි කරගත්තා.

"මෙහ්...කූඬැල්ලො ඉන්නවද දන්නෑ."

ඉඳගත්ත ගමන් වටපිට බලපු මම කිව්වා. ඇත්තම කිව්වොත් මම කූඬැල්ලන්ට බයයි...ඒ නැතත් කූඬැල්ලො මට ටිකක් විසයි. කූඬැල්ලො විතරක් නෙවෙයි ඔය පොඩි පොඩි හපන සත්තු ඉන්නෙ. උන් ඔක්කොම, කොටින්ම නයි කූඹි පවා මට විසයි. ඩොක්ටර්ස්ලනම් කියන්නෙ ඒ මගෙ ලේ වල අවුලක් කියලා.

"ඔයා ඒ ගැන බයවෙන්න එපා..."

"බය වෙන්න එපා කියන්නෙ...?"

"ඇයි ඔයා හිතන්නෙ මගෙ පවර්ස් වැඩ කරන්නෙ මිනිස්සුන්ට විතරයි කියලද...ඒවා සත්තුන්ටත් අදාලයි."

"කූඬැල්ලා කොහොමත් එන්නෙ පේන දේට නෙවෙයි තමා...ඌ එන්නෙ සුවඳට."

මම කියද්දි ලවන් හයියෙන් හිනාවුණා...මේ මොකද මේ හිනාවෙන්නෙ??

"ඇයි...?"

මම රවාගෙන අහද්දි ලවන් මගෙ කොණ්ඩෙ පොඩ්ඩක් අවුස්සලා තොල් වලින් පෙක් එකක් තිබ්බා.

"අනේ බබා...මම වෙනස් කරන්නෙ ඔය හැමදේම තමා. මොකද්ද ඔයාලා ඒකට කියන්නෙ, පංච ඉන්ද්‍රිය නේද? අන්න ඒ හැම එකකටම අහුවෙන ඒවා තමා මම වෙනස් කරන්නේ. පේන එක විතරක් වෙනස් කරොත් හොඳට තියෙයි."

ඔහ්...ඇත්තනෙ. පේන දේ විතරක් වෙනස් කරලා හඬ එහෙම වෙනස් කරන්න බැරිවුණොත් එතන කිසි ගැලපීමක් නෑනෙ. මගෙ මෝඩ මොළේට ඕක කල්පනා වුණේ නැති හැටියක් කලින්.

"ඒ කියන්නෙ කූඬැල්ලො එන්නෑනෙ...?"

"නෑ නෑ..."

"එහෙනම් ඉතින් එච්චරයි..."

මම ලවන්ගෙ ඉන වටේ අත දාලා එයාට තුරුල් වෙන ගමන් කිව්වා. ලවනුත් පුරුදු විදිහටම මාව එයාගෙ අත් අස්සට අරන් මගෙ හිස් මුදුනින් හාද්දක් තිබ්බා.

"මේ තමා මම කැමති විදිහ...ඔයයි මමයි අපිට නිදහසේ ආදරේ කරන්න පුලුවන් වටපිටාවයි."

"වෙන කිසිම සද්දයක් නැතුව යන්තම් එන හුළං සද්දෙයි අපි දෙන්නගෙ හුස්ම සද්දෙයි විතරක් අහන් ඉන්න පුලුවන් තැනක්නම් ඒක තමයි මමත් ආසම තැන විදුර්..."

ලවන් කිව්වෙ මගෙ අතින් අල්ලගෙන ඇඟිලි හිමින් අතගාන ගමන්. ඒවා සීතල වෙලා තිබ්බෙ...වටේටම සීතලයිනෙ. ලවන් මගෙ අත එයාගෙ තොල් ගාවට අරන් පරිස්සමට ඇඟිලි එකින් එක උඩින් තොල් තියද්දි මට කලින් දැනුණ සීතල නොදැනිම ගියා. එයාගෙ තොල් ඒ තරම් පිස්සුවක්.

අපි දෙන්නා කොයි තරම් වෙලාවක් එතන හිටියද කියන්න මම දන්නෙ නෑ...ඒත් ඒ මුලු වෙලාවම හරි ආදරණීයයි. අපි දෙන්නා ඇති තරම් කතා කරා, ඇති තරම් එකිනෙකාට හාදු දුන්නා, සීතල යන්තම්වත් නොදැනෙන තරමටම ලවන්ගෙ තොල් මාව පිස්සු වට්ටලා තිබුණා. පැයකටත් වැඩිවුණ අපි දෙන්නගෙ ආදරණීය මොහොතට යන්තමින් හරි බාධාවක් ඇතිවුණේ පොඩිම පොඩි වැහි බිංදුවකින්.

ලවන්ගෙ තොල් මගෙ තොල් වල පැටලිලා තියන වෙලාවක මගෙ කම්මුල උඩට වැටුණ වැහි බිංදුව මගෙ අවධානෙ වෙනස් කරා. කිස් එක නතර කරපු ලවනුත් අහස දිහා බැලුවෙ එයාටත් ඒ දේ දැනිලා වගේ. එතකොටම තවත් වැහි බිංදු එකක්, දෙකක්, ඊටත් වඩා වැඩි ගාණක් අපි දෙන්නගෙ මූණ තෙමන්න ගත්තා.

"ඔහ්...වහිනවනෙ."

"වැස්ස වැඩිවෙන්න වගේ යන්නෙ විදුර්...අපි රිසෝට් එකට යමු."

ලවන් කියද්දි මම තොල් දෙකත් උල් කරන් අකමැත්තෙන් වගේ එයා දිහා බැලුවා. එතන දාලා යන්නවත් මම කැමති වුණේ නෑ...අපි දෙන්නා එතන ගත කරපු මොහොත ඒ තරම් ලස්සනයි, ආදරණීයයි. මම බලන් ඉන්න විදිහට ලවන්ට ඉබේම හිනාගියා.

"ඔයාට ඕනමනම් හෙට යන්න කලින් මෙතෙන්ට එමු...දැන් යමු වැස්ස වැඩිවෙන්න කලින්."

ලවන් කියද්දි මම එයාගෙ අත අල්ලන් නැගිට්ටා. වැස්සෙ තෙමෙන්නත් ආසයි. ඒත් කොහෙද ඉතින්...මේ මනුස්සයා එක්ක බෑනෙ. මේ වගේ සීතල පැත්තකට ඇවිත් තෙමෙන්න තියාගෙන ලෙඩ වුණාම සෝක් එකට තියෙයි.

අපි දෙන්නා රිසෝට් එකට එද්දි හොඳටම වැස්ස වැඩිවෙලා තිබුණෙ. අපි දෙන්නා කාර් එකෙන් බැහැලා ඇතුළට දුවන් එන ටිකටත් හොඳටම තෙමුණා. මඩ ගොඩක ඉඳගෙන ඉඳලා ඊට පස්සෙ වැස්සෙත් තෙමිලා අපි දෙන්නටම හරි විහිලු සහගත පෙනුමක් ඇවිත් තිබ්බෙ. ඒ ඉන්න විදිහට අපිටම ඇති පදම් හිනාවුණාට පස්සෙ මම ඇඳගෙන හිටපු ජර්සි එක අයින් කරේ වොශ් එකක් දාගන්න.

මේ රිසෝට් එක ෆැමිලි එකකට ඉන්න හදපු එකක් නිසා රූම්ස් දෙකක් තිබුණත් එන්නෙ අපි දෙන්නෙක් නිසා එයාලා අනිත් රූම් එක රෙඩි කරලා තිබුණෙ නෑ. ඒක ලොක් කරලා තිබුණෙ. ඒ නිසා මම වොශ් එකක් දාන් එනකන් ලවන්ට ඉන්න වුණා.

මම හොඳට නාගෙන බාත් රොබ් එකත් පටලන් එළියට එද්දි ලවන් කාමරේ තියන සෝෆා එකට වෙලා ෆෝන් එක ඔබනවා. මම ටවල් එකත් පැත්තකින් වනලා ඇඳ ගාවම තියන කණ්ණාඩි මේසෙ ගාවින් ඉඳගත්තෙ මගෙ සුවඳ ගහන රූටින් එක පටන් ගන්න. මම ඉතින් සුවඳට ඉන්න ආසයි කියලා මම කලිනුත් කියලා තියනවනෙ.

ඔලුවට ඕඩිකොලොන් ටිකක් හලාගත්ත මම ඊළඟට බොඩි ලෝෂන් එක අතට අරන් බාත් රොබ් එකේ එක කරක් පහළට කරේ ලෝෂන් එක ඇප්ලයි කරන්න. මුලින්ම බෙල්ල පුරාම ඇප්ලයි කරපු මම ඕපන් වුණ උරහිසෙත් සීරුවට ලෝෂන් එක ගෑවා. අනිත් පැත්තෙ මේ විදිහට ඇප්ලයි කරන්න අමාරු නිසා ඒ පැත්තෙත් බාත් රොබ් එකේ කර පහත් කරපු මම ඕපන් වුණ උරහිසේ විතරක් නෙවෙයි පපුවෙ උඩ හරියෙත් ලෝෂන් එක ගෑවා.

එතනින් පහළටත් ලෝෂන් එක ගාන්න තව ටිකක් බාත් රෝබ් එක පහළට කරන්න ගියත් මම නැවතුනා. ඒ මට එක පාරට අමුත්තක් දැනුණ නිසා. අමුත්තක් කියන්නෙ...මගෙ දිහාවට එල්ල වුණ ස්ට්‍රෝන්ග් ගේස් එකක් මට දැනුණ නිසා. මම තාමත් හිටියෙ කණ්ණාඩියෙන් පේන මං දිහා බලාගෙන වුණත් මට ඒ ගේස් එක හොඳටම දැනුණා.

ලවන් හිටියෙ මට එහා පැත්තෙන් ග්ලාස් වෝල් එක ගාව තිබ්බ තිබ්බ සෝෆා එකේ ඉඳගෙන. මම මෙතනින් ඉඳගද්දිත් එයාගෙ ඇස් දෙක තිබුණෙ අතේ තිබුණ ෆෝන් එකේ. ඒත් ඒක දැන් එයාගෙ ඇස් දෙක තියෙන්නෙ වෙන තැනක කියන එක මට හිතුනෙ මට දැනෙන අමුතු ෆීලින් එක දැනුණෙ නිකන්ම නෙවෙයි කියලා මම දන්න නිසා.

ලවන්ව මට දැනට පේන්නෙ ඇස් කොනින් විතරයි. මම ඉන්න විදිහටම හෙමින් ඔලුව හරවලා අපි දෙන්නගෙ ඇස් සමාන්තර කරා. මම හිතුවා වගේම...එයාගෙ ඇස් දෙක ඒ වෙනකොටත් තිබ්බෙ මගෙ දිහාවට. නිකන්ම නෙවෙයි...ලවන්ගෙ ඇස් දෙකේ තිබ්බෙ මම මෙච්චර කාලෙකට දැකලා නැති තියුණු බැල්මක්. මාව දියවෙලා යන තරමෙ මත්වුණ බැල්මක්.

ලවන් තාමත් හිටියෙ කලින් හිටපු ඉරියව්වෙන්ම ෆෝන් එක අතේ තියාගෙන. ඒත් එයාගෙ ඇස්, අවධානෙ හැම එකක්ම සම්පූර්ණෙන් තියෙන්නෙ මගෙ දිහාවට...ඒ බැල්ම මගෙ ඇඟේ සෛලයක් ගානෙම මට දැනුණා. විනාඩියක් විතරම ලවන්ගෙ මත්වුණු අලු පාට ඇස් තිබුණෙ මගෙ ඇස් ගාව. ඒවා හිමින් පහළට ගිහින් මගෙ තොල් ගාව නවතිද්දිත් මම හිටපු විදිහටම හෙලවෙන්නෙවත් නැතුව එයා දිහා බලන් හිටියා. ඇත්තටම මට මුකුත් කරගන්නවත් පණක් තිබ්බෙ නෑ...ඒ බැල්ම විතරක් ඇති  මාව නිරුත්තර කරන්න.

එතනිනුත් පහළට ගිය ලවන්ගෙ ඇස් නැවතුනේ මගෙ නිරාවරණය වුණ උරහිසෙන්. මම ඕන තරම් ලවන් ඉස්සරහ හාෆ් නේකඩ් වෙලා ඇති, ඕන තරම් අපි දෙන්නා ඉන්ටිමේට් වෙලා ඇති. ඒත් මේ වෙලාවෙ ලවන්ගෙ බැල්ම මගෙ ඇඟේ ඕපන් වුණ තැනින් නවතිද්දි මට දැනුණෙ වෙන කිසි දවසක දැනුණෙ නැති අමුතුම ෆීලින් එකක්.

ඒක අපහසුවක්වත් නොසන්සුන්කමක්වත් නෙවෙයි...එයා ඒ බලන් ඉන්න විදිහට මම ගොඩක් කැමති වුණා. ඒත් මගෙ බඩේ සමනල්ලු පියාඹන්නෙ වෙනදට වඩා ටිකක් වෙනස් විදිහට කියන එක මට හොඳටම දැනුණා. ලවන්ගෙ ඇස් මගෙ උරහිස පුරාම හෙමින් යද්දි අමුතුම සීතලක් මගෙ උරහිස් වටේ කැරකෙන්න ගත්තෙ වැස්සත් එක්ක එන සීතල නිසාද නැත්තම් ලවන්ගෙ බැල්ම මාව හිරිවට්ටපු නිසාද කියන්න මම දන්නෙ නෑ.

සීරුවට මගෙ ඇඟ පුරාම ඇස් ගෙනියන ගමන් ලවන් එයාගෙම තොල් දිවෙන් තෙත් කරගද්දි මට දරාගන්නම බැරිවුණා. එක පාරටම දැනුණ ඇඟම හිරිවැටුණ ෆීලින් එකත් එක්ක මම බාත් රොබ් එක දෙපැත්තෙන් අල්ලලා ආයෙම තිබුණ විදිහට හදාගත්තෙ ලවන් දිහාවත් බලන්නෙ නැතුව.

මම උරහිස් දෙක වහගන්නවත් එක්කම ගැස්සුණ ලවන් එක පාරට හරි සිහියට ඇවිත් වගේ එක දිගට ඇහි පිල්ලම් ගහලා ලොකු හුස්මක් අරන් පහළ දැම්මා. ෆෝන් එකත් පැත්තකින් තිබ්බ ලවන් ආයෙම මගෙ දිහා බැලුවා කියලා මට දැනුණත් මම එයා දිහා බැලුවෙ නෑ. ඒ එක්කම ලවන් නැගිටලා මගෙ දිහාට එද්දි මගෙ වටේ තිබ්බ සීතල වැඩියෙනුත් මගෙ වටේ එකතු වෙනවා කියන එක මට දැනුණා.

ලවන් මං ගාවටම එද්දි මම ඔලුව උස්සලා එයා දිහා බැලුවා. මගෙ එක උරහිසක් උඩින් අත තිබ්බ ලවන් හිනාවෙලා මගෙ කම්මුලින් කිස් එකක් තිබ්බා.

"මම වොශ් එකක් දාන් එන්නම් බබා..."

මීට ටික වෙලාවකට කලින් කිසිම දෙයක් නොවුණ ගාණට කියපු ලවන් ආයෙම මගෙ තොල් අගින් පෙක් එකක් තියලා ටවල් එකත් අරන් බාත් රූම් එකට ගියා. තවමත් වුණ කිසි දෙයක් හිතාගන්න බැරිවුණ මම කණ්ණාඩියෙන් පේන මගෙ දිහා බැලුවෙ එයා ගාවවත් මේවට උත්තර තියනවද බලන්න. ඒත් මම වගේම පුදුමෙන් වගේ ඇස් දෙකත් ලොකු කරගත්ත එයත් ආපිට මගෙ දිහා බලාගෙන හිටියා.

මෙච්චර කාලෙකට ලවන්ගෙන් දැනුණ හැම ටච් එකකටම වඩා මේ දැන් උරහිසෙන් දැනුණ ටච් එකයි තොල් අගින් දැනුණ කිස් එකයි නිසා මාව ගිනියම් වෙලා ගියා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි...ලවනුත් ඒ ටච් එක තරම්ම ගිනියම් වෙලා හිටපු නිසා වෙන්නැති. ඇස් වලට, එක බැල්මකට මනුස්සයෙක්ව මේ තරම් පණ නැති කරන්න පුලුවන් කියලා මම අහලා තිබුණත් ඒක හරියටම අත් වින්දෙ අද.

ලෝෂන් එකත් පැත්තකින් තිබ්බ මම නැගිටලා ග්ලාස් වෝල් එක ගාවට ගියේ කලින් දැනුණ ෆීලින් එක ඒ විදිහටම ඇඟ පුරාම දැනෙද්දිමයි. එළියෙ හොඳටම වහිනවා...ඈත කන්ද පේන්නෙ නැති තරමටම මීදුම බාලා. ඒත් රිසෝට් එකට ඉස්සරහම තියන තේ වතු හොඳට පේනවා.

අපි දෙන්නා ගමේ ගිය වෙලාවෙ ඈත කඳු දිහා බලාගෙන සින්දු කියපු හැටි මට මතක් වුණා.

"මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ

සිහින ඇන්ද සානුවේ

ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න

කොළ පාට හැලුනු ඈත නිම්නයේ..."

ඒ විදිහටම...කොළ පාට නිම්නෙක, මීදුම් දුමාරෙන් පිරුණු සීතල හැන්දෑවක අපි දෙන්නා තනි වෙලා හිටියා. ආදරේ උපරිමෙන් විඳගන්න මීටත් වඩා ලස්සන මොහොතක් තියනවද?

ඈත කොළ පාට නිම්නෙම ඇස් රඳවගෙන ඉද්දි මගෙ ඉන වටේ එතුන අත් මාව තවත් ටිකක් ඒ උණුහුමට ළං කරගද්දි ඒ ආදරේ පිරුණ පපුවට මම ඔලුව හේත්තු කරගත්තා. මගෙ කන් පෙත්ත ගාවින් සියුම් හාද්දක් තියපු ලවන් මගෙ උරහිස උඩින් නිකට තියාගෙන මාව තවත් ටිකක් තදින් බැක් හග් කරා.

"මීදුම් දුමාරෙ සීතල හැන්දෑවක තනිවෙන්න අපි හීන දැක්කා ඔයාට මතකද විදුර්...?"

ලවන් අහද්දි මම ඇස් දෙකත් ලොකු කරලා පුදුමෙන් වගේ එයා දිහා බැලුවා. මට හිතුන දේ ඒ විදිහටම...?? ඒත් මම ඒ ගැන ප්‍රොසෙස් කරන්නත් කලින් ලවන් එයාගෙ තොල් නිරාවරණය වුණ මගෙ බෙල්ලෙන් තිබ්බා. ඒවා ගොඩක් සීතල, තෙත හාදු. ඒත් ඒ සීතල නොදැනෙන තරමටම ලවන්ගෙ ටච් එක මාව උණුහුම් කරලා තිබුණා.

මගෙ බාත් රොබ් එක යන්තම් පාත් කරපු ලවන් මගෙ උරහිස පුරාමත් ඒ වගේම හාදු තියද්දි මගෙ එක අතක් මාව බැක් හග් කරන් හිටපු එයාගෙ කෙස් ගස් අතර නැවතුනා. අපි දෙන්නගෙන් කාටවත් කිසිම කලබලයක් තිබුණෙ නෑ...වෙනදට වඩා ලොකු ඩිසයර් එකක් ලවන්ගෙ ඇස් වල තිබුණත් වෙනදා වගේම එයාගෙ ඉරියව් සන්සුන් වුණා.

මගෙ ඉනෙන් අල්ලලා ලවන් මාව එයාගෙ පැත්තට හරවගද්දි අපි දෙන්නගෙ ඇස් සමාන්තර වුණා. එයා ඇඳලා හිටියෙ ටවල් එකක් විතරයි. එයාගෙ ඇස් වලින් මගෙ ඇස් ගලවගත්ත මම ආර්ට් එකක් තරම් ලස්සන එයාගෙ අපර් බොඩි එක පුරාම ඒවා ගෙනියද්දි මගෙ හැඟීම් තව තවත් මත් වෙද්දි.

ආයෙම අපි දෙන්නගෙ ඇස් මුණ ගැහෙන වෙලාවෙ සරාගි විදිහට මගෙ දිහා බලන් හිටපු ලවන්ගෙ කට කොනකට හිනාවක් එද්දි මම ඒ වගේම හිනාවකින් එයාට උත්තර දුන්නා. එයාගෙ උරහිසේ තිබ්බ මගෙ එක අතක් අරගෙන පිට අල්ලට හාද්දක් දීපු ලවන් හිමින් මගෙ තොල් වලට පහත් වුණා.

සීතල වෙලා තිබුණ අපි දෙන්නගෙම තොල් ටිකෙන් ටික උණුහුම් වෙනවා මට දැනුණා. මාරුවෙන් මාරුවට මගෙ තොල් අතර ලවන්ගෙ තොල් එහෙ මෙහෙ යද්දි එයාගෙ දත්වල හීනි පාරවලුත් සැරින් සැරේ මට දැනුණා. ටික වෙලාවක් තොල් අතර විතරක්ම වුණ ගනුදෙනුවට අපෙ දිවත් පැටලුණේ හාදුව තවත් තෙත් කරන ගමන්.

විනාඩි ගානක්ම අපෙ තොල් මේ විදිහට රස බලද්දි මගෙ අත් ලවන්ගෙ නිරුවත් පිට පුරාම රස්තියාදු වුණා. ලවන්ගෙ අත් මගෙ ඉන දිගේ උඩ පහළ ගියා විතරක් වුණත් මට ඒ ටච් එක තව වැඩියෙන් ඕන වුණා. කිස් එක බ්‍රේක් නොකරම මම එයාගෙ බෙල්ල වටේ අත දාලා තව ටිකක් ඇඟටම හිරවුණේ ඒ නිසාමයි.

මම එයාගෙ ඇඟට තද වෙනවත් එක්කම කිස් එක නවත්තපු ලවන් කම්මුල් කප් කරලා මගෙ දිහා බැලුවා. ලවන් හිටියෙ හැඟීම් වල උපරිමේට ඇවිත් කියන එක මට ඒ එක බැල්මෙන් තේරුම් ගන්න පුලුවන්. ඒවා තිබුණෙ ඒ තරම්ම මත් වෙලා.

මගෙ ඇස් වල තිබුණ හැඟීමුත් එයාගෙ හැඟීම් වලට සමානයි කියලා තේරුම් ගත්ත ලවන් ආයෙම මගෙ තොල් වලට පහත් වුණා. ඒ එක්කම ලවන් මාව උස්සලා ගනිද්දි මගෙ කකුල් ඉබේම එයාගෙ ඉන වටේ එතුනා. මාව කිස් කරන ගමන්ම අත එහෙ මෙහෙ යවලා රිමෝට් එක හොයාගත්ත ලවන් ඒකෙන් ග්ලාස් වෝල් එකේ කර්ට්න්ස් අදිද්දි මම එයා දිහා බැලුවෙ පුදුමෙන් වගේ.

"ලවන්...ඇයි?"

"ම්ම්...?"

"කර්ට්න්ස්...? ඒවා නැතත් ඔයාට පුලුවන්නෙ-"

"Oh baby~~I wanna focus...completely."

ලවන් කට කොනකට හිනාවක් අරන් කියද්දි මට දැනුනා මගෙ ඇඟම හිරිවැටිලා යනවා. මගෙ තොල් ඉබේම තද වුණේ කියන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව. ඒත් කිසිම දෙයක් කියන්න විතරක් නෙවෙයි හිතන්නත් කලින් ආයෙම අපි දෙන්නගෙ තොල් පැටලුනා.

ලවන් මාව ඇඳ ගාවට අරන් ගියේ කිස් එක බ්‍රේක් නොකරමයි. මාව ඇඳෙන් හාන්සි කරපු ලවන් මගෙ ඇඟ උඩට ඇවිත් ආයෙම මාව කිස් කරන්න ගත්තා.

ඇති වෙනකන් මගෙ තොල් වල රස බලපු ලවන් මගෙ බෙල්ලට පහත් වුණේ එතන තෙත හාදු වලින් විතරක් නෙවෙයි ගනින්න බැරි තරම් පැල්ලම් වලින් පුරවන ගමන්. ලවන් ආයෙමත් මගෙ තොල් වලින් කිස් එකක් තියද්දි මට දැනුනා බාත් රොබ් එකේ පටිය ගැලවිලා අයින් වෙනවා. මම එයාව නවත්තන්න හැදුවෙ නෑ...එහෙම කරන්න කිසිම හේතුවක් තිබ්බෙත් නෑ.

පටිය අයින් වුණත් මම තාම හිටියෙ සම්පූර්ණෙන් වගේ කවර් වෙලා. මගෙන් ටිකක් එහාට වුණ ලවන් බාත් රොබ් එක දෙපැත්තට කරලා මගෙ අපර් බොඩි එක විතරක් ඕපන් කරා. මගෙ පපුව මැද්දෙන් හිමින් එයාගෙ ඇඟිලි තුඩු ගෙනියපු ලවන් මගෙ නිප්ල් එකකින් තොල් තිබ්බෙ අනිත් එක එයාගෙ ඇඟිලි අතරට ගන්න ගමන්.

එයාගෙ සීතල තොල් මගෙ නිප්ල්ස් වලින් දැනෙද්දිම මගෙ තොල් වලින් ඉබේම කෙඳිරියක් පිටවුණා. ලවන් ඒකට තවත් ඇවිස්සුනා කියලා මට තේරුණේ එයාගෙ තොල් වල වේගෙ විතරක් නෙවෙයි අතේ ග්‍රිප් එකත් තව තද වෙද්දි. මගෙ ගනින්න බැරි කෙඳිරුම් අතරෙ පපුව පුරාම තොල් ගෙනියපු ලවන් ආයෙම ඉස්සිලා මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.

මගෙ කම්මුලින් එක අතක් තියලා මහපට ඇඟිල්ලෙන් හිමින් පිරිමදින ගමන් ලවන් මගෙ දිහා බලාගෙන ඉද්දි මම ඇස් ඇරලා එයා දිහා බැලුවා.

"Baby...can I see you? Do I have the permission?"

"Y-yes..."

මගෙ අවසරේ ලැබුණ පමාවට ලෝවර් බොඩි එකෙත් බාත් රොබ් එක දෙපැත්තට වෙනවා මට දැනුනා. ඒත් ලවන් තවමත් බලාගෙන හිටියෙ මගෙ ඇස් දිහා. මම මීට කලින් ලවන් ඉස්සරහ මෙහෙම ඉඳලා නෑ...සීතල හුළං පාරවල් මගෙ ඇඟ පුරාම විතරක් නෙවෙයි, මීට කලින් කිසි කෙනෙක් ඉස්සරහ නිරාවරණය නොවුන තැන් වලිනුත් දැනෙද්දි මම ඇස් දෙක පියාගත්තෙ ඇඟට දැනෙන අමුතුම ෆීලින් එක ලවන්ගෙන් හංගගන්න.

"මගෙ දිහා බලන්න විදුර්...you don't have to hide."

ලවන් කියද්දි මම ආයෙම ඇස් ඇරලා එයා දිහා බැලුවා. ඒ ගමන්ම ලවන් මගෙ තොල් හාද්දකට අල්ලගද්දි බාත් රොබ් එක සම්පූර්ණෙන් මගෙ ඇඟෙන් අයින් වෙලා ඇඳ පාමුලට වැටුණා. ලවන් මගෙ ඇඟ උඩින් ටිකක් එහාට වෙලා මගෙ දිහා බැලුවෙ ඊට පස්සෙ. මගෙ ඇඟේ අඟලක් ගානෙම ලවන්ගෙ ඇස් එහෙ මෙහෙ යද්දි ඒවා තිබුණටත් වඩා මත් වෙලා කියන එක මට දැනුනා. එයා නිසාම ඉස්මතු වුණ හැඟීම් දිහා ලවන් බලාගෙන ඉද්දි ඒ බැල්ම දරාගන්න බැරුව මම ඇස් දෙක පියාගත්තා. ඒ එක්කම මට දැනුනා ලවන් ආයෙම මගෙ ඇඟ උඩට එනවා.

"God really took his time making you huh...?"

මගෙ කන ගාවට පාත් වෙලා කන් පෙත්තෙන් පොඩි හාද්දක් තියන ගමන් ලවන් කියද්දි මම ඇස් ඇරලා ඒ දිහා බැලුවා. ඒත් ඒ පමාවට ආයෙම ඒවා පියවුණේ ලවන්ගෙ ඇඟිලි මගෙ හැඟීම් වටේ එතෙද්දි. ඒ ආගන්තුක ටච් එක පළවෙනි පාරට දැනෙද්දි මගෙ ඇඟම හිරිවැටිලා ගියේ හිතාගන්නවත් බැරි විදිහට.

"ලවන්...ම්හ්."

"ඔයා මගෙ නම මෝන් කරද්දි කොච්චර ලස්සනද කියලා දන්නවද...ම්ම්?"

"Ahh...keep going."

මගෙ වටේ එතුන ලවන්ගෙ ඇඟිලි එහා මෙහා යද්දි මම කෙඳිරුවත් ලවන් ඒ එක්කම එයා කර කර හිටපු දේ නැවැත්තුවා.

"ඔහොම බෑ මැණික...be a good boy."

"H-huh...??"

හැඟීම් වල උපරිමේට ඇවිත් හිටපු මම කිසිම දෙයක් හිතාගන්න බැරුව අහද්දි ලවන් කට කොනකින් හිනාවුණා. මේ තරම් වෙලා තිබුණ උණුහුම් ටච් එක නැවතිලා ඒ වටේ සීතල සුළඟ එතෙද්දි මට ආයෙම ලවන්ගෙ ටච් එක ඕන වුණා.

"ලවන්...ප්ලීස්-"

"Mm...just like that. Say the word."

"P-please...touch me."

මම එහෙම කිව්වත් ලවන් මාව ටච් කරේ නෑ. කට කොනකින් හිනාවුණ එයා පිටිපස්සට වෙලා මගෙ එක කකුලක් එයාගෙ උරහිස උඩින් තියාගෙන කලවා වලින් තෙත හාදු තියන්න ගත්තා. ඒ විදිහට කකුල් දෙකේම කලවා පුරාම, ඉන දෙපැත්ත  වී ලයින් එක මේ හැමතැනම ලවන් තොල් අරන් ගියත් මට ඕන වුණ තැන එයා තාමත් ටච් කරේ නෑ.

"Lavan touch me...I can't-"

"ඔයා ආයෙම නෝටි වෙනවනෙ බබා...that's not how you say it."

"Please...please touch me- I beg you."

එයාට අහන්න ඕන වුණ වචනෙ විතරක් නෙවෙයි...අසරණ වෙලා හිටපු මම ඊට වඩා වචනත් කියද්දි ලවන් මගෙ දිහා බැලුවෙ පුදුමෙන් වගේ. ඒත් ඒ එක්කම එයාගෙ සුපුරුදු හිනාව කට කොනට ආවා.

"Mm...if you say so."

මගෙ නිප්ල්ස් වලින් තොල් තියන ගමන් ආයෙම මගෙ හැඟීම් ලවන්ගෙ ඇඟිලි තුඩු වලට මැදිවෙද්දි ඇඳේ ශීට් එකක් තදින් අතට ගුලි කරගත්ත මම ඇස් පියාගත්තා. ලවන්ගෙ අත එහා මෙහා යන ගමන්ම එයාගෙ තොල් හිමින් මගෙ අපර් බොඩි එක දිගේ පහළට ගියේ මාව උපරිමේටම පිස්සු වට්ටන ගමන්.

මිලි තප්පර ගානකට එයාගෙ අත එහාට වුණත් මට සීතලක් දැනෙන්න කලින්ම එයාගෙ තොල් මගෙ හැඟීම් වටේ එතුනෙ මගෙන් ලොකු කෙඳිරියක් පිටවෙද්දි. දිව්‍යලෝකෙ කියන්නෙ මේ හැඟීමට කියලා හිතෙන තරමටම ලවන්ගෙ තොල් අතර මගෙ හැඟීම් හිරවුණා. ලවන් වේගෙන් තොල් එහා මෙහා කරද්දි මට කරන්න පුලුවන් වුණ එකම දේ එයාගෙ කෙස්ගස් තදින් අතට ගුලි කරගෙන මෝන් කරන එක විතරයි.

විනාඩි ගානකටම කාමරේ පිරිලා තිබුණෙ මම මෝන් කරන සද්දෙයි බර හුස්ම සද්දෙයි විතරයි. ඒ විනාඩි ගානට මගෙ මුලු ඇඟම උපරිමේට හැඟීම් වලින් පුරවන්න ලවන්ට පුලුවන් වුණා. දරාගන්න බැරිම වුණ තැන ඒ හැඟීම් නිදහස් වුණේ ලවන්ගෙ මූණෙ කොටසක්ම තෙත් කරන ගමන්.

තොල් අග පිට අල්ලෙන් පිහදගත්ත ලවන් ආයෙම මගෙ තොල් වලට පහත් වුණා. මගෙම හැඟීම් වල රස ලවන්ගෙ තොල් වල රසත් එක්ක කලවම් වෙලා මගෙ දිවට දැනුණා. ඒත් මට කිස් එක නවත්තන්න ඕන වුණේ නෑ...ලවන් නිසාම එළියට ආපු හැඟීම් පොදිවල රස ලවන්ගෙ තොල් වලින්ම මට දැනෙද්දි මම ඒකට ගොඩක් කැමති වුණා.

කිස් එක බ්‍රේක් කරලා ලවන් මගෙ එහා පැත්තෙන් හාන්සි වුණාම මම මොහොතක්වත් පරක්කු නොකර එයාගෙ ඇඟ උඩට ආවා. ටික වෙලාවක් අපෙ තොල් පැටලිලා තියෙද්දි ඒ අතරෙම ලවන් ඉස්සිලා ඇඳ වියලට හේත්තු වුණා. ලවන්ගෙ පපුව පුරා සියුම්ව මගෙ අත ගෙනියපු මම මේ තරම් වෙලා හයියට ලවන්ගෙ ඉන වටේ පැටලිලා තිබ්බ ටවල් එකේ කොනක් ඇඟිලි තුඩු වලින් අල්ලගත්තා. It did a great job...but now your service is over.

ටවල් එක ඇදලා ඇඳ පාමුලට දාපු මම ටිකක් පිටිපස්සට වුණේ ග්‍රීක් ප්‍රතිමාවක් වගේ ලස්සන එයාගෙ ඇඟේ අඟලක් ගානෙම මගෙ ඇස් දෙකෙන් විඳගන්න. සමහරවිට මම වැරදි ඇති...මොකද එයා ග්‍රීක් ප්‍රතිමාවක් වගේ නෙවෙයි, ඊටත් වඩා සිය ගුණයක් ලස්සනයි. මම නිසා පණ ගහපු එයාගෙ හැඟීම් වලට මගෙ ඇහැ යද්දි නොදැනිම මගෙ කට කොනකට හිනාවක් ආවා.

"ඇයි...?"

ලවන් ඇහුවෙ මගෙ ඉන ගාවින් අත තියලා ළං කරගන්න ගමන්.

"I was right...you really are pink."

"Well you're pink up here...I'm pink down there. We are balanced."

ලවන් කිව්වෙ මගෙ කම්මුලකට තට්ටු කරන ගමන්. ලවන් ඉස්සරහට වෙලා මගෙ තොල් වලින් පෙක් එකක් තියලා ඇඳ වියලට හේත්තු වෙද්දි ආයෙම මගෙ ඇස් ගියේ එයාගෙ පිරිපුන් පපුවට. ඇති තරම් එයාගෙ අපර් බොඩි එක පුරාම මගෙ තොල් රස්තියාදු වෙද්දි ලවන්ගෙන් ආපු කෙඳිරිලි මාව තවත් පිස්සු වැට්ටුවා. මම වැඩියෙන්ම මත් වුණේ එයා මගෙ නම විතරක්ම කියලා මෝන් කරද්දි.

මම ටිකින් ටික මගෙ තොල් ලවන්ගෙ ලෝවර් බොඩි එක දිහාවට අරන් යද්දි එයා කඳුලු පිරුණු ඇස් වලින් මගෙ දිහා බලන් හිටියා. තවත් එයාට ඉවසන්න අමාරුයි...මම දන්නවා. එයාගෙ ඉස්මතු වුණ හැඟීම් වටේ මගෙ ඇඟිලිතුඩු ඔතලා එක පාරක් ස්ට්‍රෝක් කරද්දි උඩ අතට ඇස් රෝල් කරපු ලවන් ඇඳ වියලෙ ඔලුව හැප්පුවා.

"විදුර්...අහ්හ්- ටේක් මී."

"I will...if you do as I say."

මම කිව්වෙ එයාගෙන් අත අහකට නොගෙනම ලවන්ගෙ මූණට කිට්ටු වෙන ගමන්.

"Anything...just- ahh"

"මගෙන් ඇස් අහකට ගන්න බෑ...මුලු වෙලාවම මගෙ දිහා බලන් ඉන්න ඕන. Got it?"

"What?!"

ලවන් පුදුමෙන් වගේ ඇස් ලොකු කරලා අහද්දි මට කට කොනකට හිනාගියා. එහෙම ඉන්න බෑ...ඒ හැඟීම ඇඟ පුරාම දැනෙද්දි ඉබේම ඇස් පියවෙනවා. ඒක මම නොදන්නවා නෙවෙයි. ඒත්...පොඩ්ඩක් ට්‍රයි කරලා බලන එකේ වැරැද්දක් නෑනෙ.

"ඔයා අහක බැලුවොත් මම නවත්තනවා..."

මම කිව්වෙ ලවන්ගෙ කම්මුල දිගේ තොල් ගෑවෙන නොගෑවෙන විදිහට ගෙනියන ගමන්. ඒ සියුම් ටච් එකට පවා ලවන් තවත් ඇවිස්සෙනවා කියන්න මම දන්නවා.

"හරි- හරි ඕකේ...ප්ලීස්-"

මම ඔය වචනෙ කියනකම් එයත් ඔය වගේම ගණන් ඉස්සුවනෙ...දැන් ඉතින් මගෙ වෙලාව. ලවන්ගෙ ඇස් වලින් ඇස් අහකට නොගෙනම මම පහත් වෙලා එයාගෙ පණ ගහපු හැඟීම් තොල් මැද්දට ගන්න කලින් ටිප් එකෙන් කිස් එකක් තිබ්බා.

ඒ පොඩි ටච් එකට විතරක් ඇස් රෝල් කරපු ලවන් තදින් ඒවා පියාගත්තා.

"ඔයා මම කියන දේ අහන්නෙ නෑනෙ ඉතින්..."

මම කිව්වෙ මගෙ තොල් විතරක් නෙවෙයි අතත් අහකට අරගෙන. ඒකට කලබලෙන් වගේ ඇස් ලොකු කරපු ලවන් ඉස්සරහට වෙලා මගෙ අතින් අල්ලගත්තා.

"හරි ආයෙ ඔයා දිහා බලන්නම්...ප්ලීස්-"

දැන්නම් එයාට දරාගෙන ඉන්නම බෑ කියන එක මම දන්නවා. තව මොහොතක්වත් ඉන්නෙ නැතුව ලවන්ගෙ හැඟීම් පොදියම මම තොල් අතරට ගත්තෙ එයා මගෙ නම කියලා හයියෙන් මෝන් කරද්දි. මගෙ දිහාවටම ඇස් රඳවගෙන ඉන්න ලවන් කොච්චර ට්‍රයි කරත් එයාට ඒක කරන්න පුලුවන් වුණේ මුල් ටිකේ විතරයි. මගෙ ස්පීඩ් එක වැඩිවෙන්න වැඩිවෙන්න එයාගෙ ඇස් තදින් පියවුණා.

අහක බැලුවොත් නවත්තනවා කියලා මම කිව්වත් ඒ වෙලේ මම නැවැත්තුවෙ නෑ. පොඩ්ඩක් ඔහොම ඉන්නකො...දැන්ම නෙවෙයි ඒක මම පස්සෙ බලාගන්නම්.

"Vidur...I'm gonna-"

හැඟීම් නිදහස් කරන්න අන්තෙටම ඇවිත් හිටපු ලවන් හයියෙන් මෝන් කරද්දි මම කර කර හිටපු දේ නැවැත්තුවා. ලවන් ඇස් දෙකත් ලොකු කරලා අසරණව මගෙ දිහා බලද්දිනම් හිනා යන්නත් ආවා ඉතින්. එයා තවත් අසරණ වුණේ මම එයාට නිදහස් කරන්න් බැරිවෙන්න ටිප් එක මහපට ඇඟිල්ලෙන් කවර් කරද්දි.

"විදුර් මොකද්ද කරන්නෙ...let me release. Please..."

"ඔයා මම කිව්ව දේ ඇහුවෙ නෑනෙ...මම කිව්වනෙ නවත්තනවා කියලා."

"...."

මුකුත් කියන්නත් බැරි තරම් ලවන් අසරණ වෙලා ඉද්දි මම ටිකක් ඉස්සරහට වෙලා එයාගෙ කන ගාවින් මගෙ තොල් ගෙනිච්චා.

"ඒකටනම් පනිශ්මන්ට් එකක් දෙන්න ඕන..."

සෙඩක්ටිව් වොයිස් එකකින් කියපු මම පිටිපස්සට වෙන්න යද්දිම ලවන් මගෙ බෙල්ල් ඉස්සරහින් අත තියලා මාව එයා පැත්තට ඇදගත්තා. එක පාරට වුණ දේ නිසා මම පොඩක් ගැස්සුණා. ලවන්ගෙ ඇස් දෙක කලින් වගේ අසරණ නෑ...මේ වෙලාවෙ එයාගෙ ඇස් දෙකේ තිබ්බෙ ඩොමිනන්ට් ලුක් එකක්.

"If you won't let me cum right now, my love...I would fuck you so hard you won't even be able to walk tomorrow."

මගෙ ඇස් දෙක දිහා බලාගෙන ගැඹුරු කටහඬකින් කියද්දි මගෙ ඇඟම වෙව්ලලා යනවා මට දැනුනා. මම කොච්චර මෙතන ඩොමිනන්ට් වෙන්න ට්‍රයි කරත් ඇත්තටම ටොප් කවුද කියන එක තප්පරයක් ඇතුළත මතක් කරලා දෙන්න ඒ වචන ගානට පුලුවන් වුණා.

මම මුකුත්ම නොකියා ආයෙම ලවන්ගෙ ලෝවර් බොඩි එකට පාත් වෙද්දි එයා සක්සීඩ් වුණා කියලා දැනගත්ත ලවන් කට කොනකින් හිනාවෙලා ඇඳ වියලට හේත්තු වුණේ අත් දෙකත් ඔලුව පිටිපස්සෙන් තියාගන්න ගමන්. ආයෙම මම ලවන්ගෙ හැඟීම් මගෙ තොල් මැද්දට අරන් විනාඩියක් යන්නත් කලින් එයාගෙ හැඟීම් ඔක්කොම නිදහස් කරේ ගැඹුරු කටහඬකින් මගෙ නම කොඳුරන ගමන්.

හිටපු විදිහටම ටික වෙලාවක් හේත්තු වෙලා හිටපු ලවන් පහත් වෙලා ඇඳෙන් හාන්සි වෙද්දි මමත් එයා ගාවින්ම වැතිරිලා පපුව උඩින් ඔලුව තියාගත්තා. ලවන් අපි දෙන්නවම කවර් වෙන්න බ්ලැන්කට් එක දාලා මගෙ උරහිස වටේ අත දාගත්තා.

ලවන්ගෙ තොල් මගෙ නළලෙ තියනවා මට දැනුණෙ අපි දෙන්නගෙම හුස්ම වැටෙන වේගෙ සාමාන්‍යය වුණාට පස්සෙ.

"You are amazing Vidur...your lips are a miracle."

"That's just a trial love...I can do better."

"ම්ම් එහෙමද...I'll be patient then."

ලවන් මගෙ නළලෙ පැත්තකින් කිස් එකක් තියලා කියද්දි මම යන්තම් ඔලුව උස්සලා එයා දිහා බැලුවා. පොඩ්ඩක් ලැජ්ජයි වගේ තමා...කමක් නෑ.

"You're amazing too..."

"That too...is a trial."

ලවන් කියද්දි අපි දෙන්නටම හිනාගියා. එයාගෙ පපුව උඩින් තිබ්බ මගෙ අතක් අල්ලගත්ත ලවන් මගෙ ඇඟිලි සියුම්ව අල්ලද්දි මම එයා දිහාට හැරුණෙ හිතේ තිබ්බ ප්‍රශ්නයක් අහන්න.

"ලවන්..."

"ම්ම්...?"

"Are we gonna- umm...you know. Do more?"

"No...දැන්ම නෙවෙයි."

"ඇයි ඒ...?"

"විදුර්...අපිට එන්න තියන ප්‍රශ්න වලින් බාගයක්වත් විසඳගන්නැතුව මට ඒ තරම් දුර යන්න බෑ. ඒ හැම දෙයක්ම ඉවර වුණාම, හිතේ කිසිම බරක් නැතිවුණ දවසක මම ඔයාව මගෙම කරගන්නම්."

"...."

"එතකන් මගෙ මැණික...අපි ඉවසමු."

ලවන් කිව්වෙ මගෙ පිට අල්ලෙන් හාද්දක් තියන ගමන්. කැමති දෙයක් කරන්න මෙච්චර චාන්ස් එක තිබිලත් ඒ තරම් දේවල් ගැන හිතලා එයා තමන් වටේම සීමා දාගද්දි මට ලවන් ගැන තවත් ආදරේ හිතුනා. ඒ ආදරේ පිරුණ ඇස් දෙකෙන්ම එයා දිහා බලන් ඉද්දි යන්තම් හිනාවුණ ලවන් මගෙ තොල් වලට පහත් වුණේ රොමෑන්ටික් කිස් එකකට මගෙ තොල් අල්ලගන්න ගමන්.

අපි දෙන්නගෙ ආදරණීය මොහොතට පස්සෙ ආයෙම නාලා පිරිසිදු වෙලා ඇඳට ආවෙ ලොකු නිදිමතක් එක්ක. ඒ පිරිසිදු වෙන වෙලාවෙත් යම් යම් දේවල් වුණා ඉතින්...තවමත් එළියේ හෝ ගාලා වහිද්දි, අපි දෙන්නම ෆුල් නේකඩ් බාත් ටබ් එකේ ඉද්දි ඉවසන්න අපි දෙන්නගෙන් කාටවත් ඕන වුණේ නෑ.

අද දවසටත් දෙපාරක්ම නාලා වැස්සෙත් තෙමුණ නිසා මම කෝකටත් ලවන්ට නිදාගන්න කලින්ම පිරිටන් එකයි විටමින් සී එකයි දුන්නා. ඒ නිසාම එයා තාමත් නිදි. මම ඇහැරුණේ ඩිනර් එක ඕඩර් කරන්න ස්ටාෆ් එකෙන් ආපු කෝල් එකට.

අපි දෙන්නා ඩිනර් ඕඩර් කරන වෙලාව එනකන්ම පැය ගානක් නිදාගෙන. අද රෑට චීස් පැස්ටා කනවා කියලා කලින්ම ඩිසයිඩ් කරලා තිබ්බ නිසා මම ඒක ඕඩර් කරලා ආයෙම ලවන් පැත්තට හැරිලා එයාව බදාගත්තා. හිතුවා වගේම එයාට ටිකක් අසනීපයි වගේ...ඇඟ රස්නෙයි. ඒ නිසා මම ආයෙම ස්ටාෆ් එකට කෝල් එකක් ගත්තෙ සුප් එකකුත් හදන්න කියන්න.

කෝල් කරන එකෙන් ලවන්ට ඩිස්ටර්බ් වෙන නිසා මම කෝල් එක ගත්තෙ නැගිටලා රූම් එකේ අනිත් පැත්තට ඇවිත්. කෝල් එක අරන් ඕඩර් එක දැම්මට පස්සෙ මම රිමෝට් එක අරන් ලවන් කලින් ක්ලෝස් කරපු ග්ලාස් වෝල් එකේ කර්ට්න්ස් ඕපන් කරා.

වෝහ්...මෙතන ලස්සනම වීව් එක තියෙන්නෙ රෑටනෙ. ඈතින් පේන කන්දෙ තියන ගෙවල් වල පත්තු වුණ ලයිට් එළි මෙතෙන්ට පෙනුණෙ මාරම ලස්සන විදිහට. වැස්ස පොඩ්ඩක් පායලා තිබ්බ නිසා මීදුම අඩු වුණත් අහසෙ තරුනම් පේන්න තිබුණෙ නෑ.

ඊයෙ අපි ආවෙත් රෑ වෙලා නිසා මේ වීව් එකට අවධානෙ දෙන්න වුණේ නෑනෙ...අනේ ලවනුත් ඉක්මනටම නැගිටිනවනම් අපි දෙන්නටම තුරුල් වෙලා මේ වීව් එක දිහා බලන් ඉන්න තිබ්බා. ඒත් දැන්මම එයාට ඩිස්ටර්බ් කරන්න ඕනෙ නෑ. ඒ නිසා තනියමම ටිකක් වෙලා ඒ දිහා බලන් හිටපු මම එතනම පුටුවකින් ඉඳගත්තෙ ෆෝන් එක ටිකක් බලන්න. දවස් දෙකටම අම්මට කතා කරා ඇරෙන්න වෙන ලොකු දෙයක් කරන්න වුණේ නෑ.

ෆේස්බුක් එකේ උඩ පහළ ගියත් මහා ලොකුවට බලන්න දෙයක් තිබ්බෙ නැ...තිබ්බෙ ඉතින් අවුරුද්දට කට්ටිය ට්‍රිප් ගියපුවයි ගමේ ගියපුවයි තමා. ෆෝන් එක ආයෙම පැත්තකින් තියන්න ගියත් මම නැවතුනේ එක පාරට ලවන් කියපු දෙයක් මතක් වෙලා.

සර්ච් බාර් එකට ගිය මම ඒ නම ටයිප් කරේ වැඩිය හිතාමතා නෙවෙයි...එයා ස්ටෝරිස් ලියපු කෙනෙක් කිව්ව නිසා පොඩ්ඩක් හොයලා බලන්න ආසා හිතුනා. Mithu Sivajini කියලා මම සර්ච් කරපු නමට රිසල්ට් කීපයක්ම ඇවිත් තිබුණා. මෙතනින් කෝකද හරි එක?? මිතූ මොන වගේ කෙනෙක්ද කියන්න මම දන්නෙ නෑනෙ.

නම් එකින් එක සර්ච් කර කර මම පහළට ගියේ ස්ටෝරිස් ලියලා තියන කවුරුහරි ඉන්නවද බලන්න. මට වැඩි වෙලා හොයන්න ඕන වුණේ නෑ...Story writer කියලා බයෝ එකේම දාලා තියෙද්දි ඒ එයාමයි කියන එක තේරුම් ගන්න මට ලොකු වෙලාවක් ගියෙ නෑ.

මුලින්ම මම කරේ එයාගෙ ප්‍රොෆයිල් ෆොටෝ එක බලපු එක. එයා මම හිතුවටත් වඩා ගොඩක් ලස්සන ගර්ල් කෙනෙක්...ටිකක් වෙලා ඒ දිහා බලන් හිටපු මගෙ හිත අමුතු දුකකින් පිරිලා ගියේ එයා තව දුරටත් මේ ලෝකෙ නෑ කියලා මතක් වෙලා. සිතුම්යයි මිතුයි කොයි තරම් ආදරෙන් ඉන්න ඇද්ද...

ටිකින් ටික ප්‍රොෆයිල් එකේ පහළට යද්දි ඒ පුරාම වැඩිහරියක් එයා කරලා තිබ්බෙ කතා ලියලා තිබුණ එක තමයි කියලා මට තේරුණා. සමහර ඒවා ලියලා තිබ්බෙ කොටස් විදිහට. ටිකක් පහළට ගිය මම ආයෙම උඩට ආවෙ එයා එක කතාවක් පින් කරලා තිබ්බා කියලා මම දැක්ක නිසා.

කතාවෙ ටොපික් එක දැක්ක මගෙ ඇස් ඉබේම ලොකු වුණා. මිතූත්...මම වගේම හිතන කෙනෙක්ද?? මොකද මේ වගේ ටොපික් එකක් ලේසියකට කාටවත් හිතෙන්න විදිහක් නෑ. සමහරවිට එයත් පොත් කියවන කෙනෙක්ද?

මම ඒ කතාව කියවන්න පටන් ගන්න ගියත් ඒක නැවතුනේ ලවන් ඇහැරලා කියලා මට දැනුන නිසා. මම ලයිට්ස් වලිනුත් ඔන් කරලා තිබ්බෙ මම ඉඳගෙන හිටපු පැත්තෙ එක විතරයි. ඒ එළියෙන් මම ලවන් දිහා බලද්දි එයා නිදිමතේම ඇස් ඇරලා සන්සුන් හිනාවක් එක්ක මගෙ දිහා බලන් ඉන්නවා මම දැක්කා.

"විදුර්..."

"ඇයි ලවන්...ඔයාට අමාරුයිද?"

"නෑ අවුලක් නෑ..."

නින්දෙන් ඇහැරපු ගමන් නිසා තවමත් ගොරෝසු කටහඬින් ලවන් කියද්දි මම නැගිටලා ගිහින් ඇඳේ එයාගෙ එහා පැත්තෙන් ඉඳගත්තා.

"මම කෑම ඕඩර් කරා...සුප් එකකුත් හදන්න කිව්වා. කාලා පැනඩෝල් දෙකක් බොමු."

"ම්ම්..."

"මම ඔලුව අතගාන්නද...?"

"ඕනෙ නෑ...මෙතනින් හාන්සි වෙන්නකො මට ඔයාව තුරුල් කරගන්න."

ලවන් මගෙ අතක් අල්ලන් කියද්දි මම හිනාවෙලා ෆෝන් එක පැත්තකින් තියලා එයා ගාවින් හාන්සි වුණා. ඒ පමාවට ලවන් මාව එයාගෙ අත් අස්සට ගනිද්දි මම එයාගෙ පපුවට හේත්තු වුණා. දැන්නම් කලින් තරම් රස්නෙ නෑ...ඒත් කෝකටත් පැනඩෝල් බොන එක හොඳයි.

මම ළඟ නැති නිසා ඇහැරුණාට මොකද ලවන්ට ආයෙමත් ඉක්මනින් නින්ද ගියා. ඩිනර් සර්ව් කරනකන් ඔහොම හිටපුවාවෙ...හිමින් සීරුවෙ ලවන්ගෙ කෙස් අතර ඇඟිලි ගෙනියන ගමන් හිටපු මට ආයෙම මිතූගෙ පින් කරපු කතාව මතක් වුණා. නිදහස් වෙලාවක ඒක කියවන්න ඕන.

එතකන් කතාව සේව් කරන්න කියලා හිතාගෙන මම ආයෙම ෆෝන් එක අන්ලොක් කරලා කතාවෙ ටොපික් එක දිහා බැලුවෙ අනිවාර්යෙන් වෙලාවක් හම්බුන ගමන් ඒක කියවන්න හිතාගෙනමයි.

'My Fictional Boyfriend'

-by Mithu Sivajini

(Mithu)

----------------------

මගෙ ඉන්ග්ලිශ් කතා වල මේ වගේ සීන් අමුවෙන්ම ලියලා තිබ්බට සිංහලෙන් ලියපු පළවෙනි වතාව 🫢 ඒ නිසා අඩුපාඩු ඇතොත් සමාවෙන්ටෝන.

මේ ඒක නෙවේ

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

දැන් දෙන්නා සතුටින් හිටියා ඇති වගේ නෙහ් 😁

Share This Chapter