Back
/ 35
Chapter 26

Part 25

සීමාවෙන් එහා

අවුරුදු සතිය හරි ඉක්මනට ගෙවුනා. මේ පාර අවුරුද්ද ගොඩක් විශේෂ වුණේ ලවනුත් මාත් එක්ක හිටපු නිසා. මාත් එක්ක හිටියා කියන්නෙ...අවුරුදු දවස් දෙක එයා අපි එක්ක තමා හිටියෙ. ලවනුයි සිතුම්යයි දෙන්නම මීට කලින් අවුරුදු එක්ස්පීරියන්ස් එක අරන් නැති නිසායි ඒ දෙන්නා ඉන්නෙ තනියම නිසායි අම්මයි අප්පච්චියි ඒ දෙන්නට කිව්වා අවුරුදු දවස් දෙක අපෙ ගෙදර ඇවිත් නවතින්න කියලා.

එතකොට දෙන්නට පාලුවකුත් නෑ, අවුරුදු චාරිත්‍රත් මේ ගෙදර බෑනා පොඩ්ඩත් එක්කම කරන්න පුලුවන්නෙ. මම නෙවෙයි ඔය අදහස දැම්මෙ අප්පච්චිමයි...මට ගොඩක් සතුටු හිතුනා ඒක අහද්දි. දනිපනි ගාලා පුටුත් පෙරලන් නැගිටලා ඒ ගැන ලවන්ට කියන්න ෆෝන් එක ගන්න යද්දි අප්පච්චි කිව්වෙ ඒ වෙද්දිත් ලවන් ඒ ගැන දන්නවා කියලා. මට කියන්න කලින්ම මාමණ්ඩිලා බෑනලා ඒ ගැන කතා වෙලා...පුහ්ඃ.

ඒ දෙන්නා අපෙ ගෙදර ආවෙ 13 හවස. නොනගතය ලබන්න තිබ්බෙ 13 රෑනෙ. අම්මා කිව්වා දෙන්නට ඊට කලින් එන්න කියලා. දෙන්නම ඉන්න නිසා පහළ අමුත්තන්ගෙ කාමරේ තමා දෙන්නට ලෑස්ති කරේ. අමුත්තො කිව්වට සිනෙලියි ටිනාශයි තමා ඕකෙ වැඩි හරියක් පදිංචි වෙලා ඉන්නෙ...ඒවා පොඩ්ඩක් අස්පස් කරලා මේ දෙන්නට කාමරේ ලෑස්ති කරා.

ලවන් පහළ හිටපු නිසා අපි දෙන්නා දවසක් කතා වුණා වගේ මගෙ බැල්කනි එකට වෙලා කියව කියව ඉන්නනම් වුණේ නෑ. මම තනියම ඉන්න වෙලාවට ලවන් උඩට ආවෙත් නෑ. අපි දෙන්නා ඕන තරම් තනියම ඉඳලා තියනවා තමා...ඇයි හත් දෙයියනේ ට්‍රිප් එකකුත් ගියේ. ඒත් අම්මයි අප්පච්චියි ගෙදර ඉද්දි අපි එහෙම තනිවෙන එක එච්චර හරි නෑ කියලා ලවන් කිව්වෙ. ඒකත් ඇත්ත තමයි එක අතකට.

කොහොමත් එහෙම තනි වෙන්න තරම් වෙලාවක් හම්බුනෙත් නෑ...ලවන් ඇවිත් ටික වෙලාවකින් නොනගතය ලැබුවා. ඊට කලින් අම්මා දෙන්නට හොඳට කැව්වා හෙට උදේ වෙනකන් බඩගින්නෙ කියලා. අම්මා පාන්දර ලිප ගිනි මොලවන්න නැගිටිද්දි අපි ඔක්කොමත් නැගිට්ටා. කොහොමහරි උදේ හත වෙද්දි අපි නැකතට කාලත් ඉවරයි.

අප්පච්චි ලවන්ට කවන වෙලාවෙනම් මට ඇස් වල කඳුලු උනන්න තරම් සතුටක් දැනුණෙ. හැමදාම හිතුවා මේ වගේ දවසක් එයි කියලා...කවදාහරි මම තෝරගන්න කෙනාට අම්මයි අප්පච්චියි ආදරෙන් සලකනවා කියලා මම දැනන් හිටියා. ඒත් ඒ දේ ඇස් ඉස්සරහ පේන්න තියෙද්දි දැනෙන සතුට කියන්න වචන නෑ.

අයියත් අපි එක්ක වීඩියෝ කෝල් එකකින් නැකත් වෙලාවල් හැම එකකදිම හිටියා. ටයිම් ඩිෆරන්ස් කොහොම වුණත් එයා වෙලාව හදාගත්තා ඒකට. දැන් අයියත් ලවන්ට ඒ හැටි අකමැත්තක් නෑ. අකමැත්තක් නෑ කිව්වට ඉතින් කැමැත්තකුත් නෑ...ඒත් දැන් අපි යාලුවෙලා මාස ගාණක්නෙ. ඒ කාලෙ ඇතුළත ලවන් මං ගැන කෙයාර් කරපු හැටි මම බලාපොරොත්තු වුණ විදිහටම ආදරේ දුන්න හැටි පරිස්සම් කරපු හැටි අයියා දන්න නිසා ඉස්සර වගේ වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ.

හිසතෙල් ගාන නැකතටත් ලවනුයි සිතුම්යයි අපෙ ගෙදර හිටියා. ඒ දවස් ගානනම් ඇත්තටම සැහෙන්න ආදරේ සතුට පිරුණ දවස් ගානක්. අපි හැමෝම පවුලක් වගේ එකට ගොඩක් සතුටින් ගත කරා.

හිස තෙල් ගාපු දවසට පස්සෙ දවසෙ අපි ගමේ ගියා. ඒකටනම් සිතුම්ය ආවෙ නෑ...කොහොමත් ඒ දවසෙම එයාලගෙ කොෆී ශොප් එක නිවාඩුවට පස්සෙ ඕපන් වුණ නිසා එයාට එන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ලවන්ටයි මටයිනම් ඉතින් ලබන සතියෙ සඳුදා වෙනකන්ම නිවාඩුනෙ. අනික ලවන්ව දැන් එහෙ හැමෝම දන්නවනෙ මගෙ හොඳ යාලුවෙක් විදිහට. ඒ නිසා එයත් අවුරුද්දට ගමේ එන එක කිසි ප්‍රශ්නයක් වුණේ නෑ.

අපෙ පවුලෙ හැමෝම හැම අවුරුද්දෙම මහ ගෙදරට එකතු වෙන සිරිතක්නම් නෑ...ඒත් ගොඩක් අවුරුදු වල ඒක වෙනවා. මේ පාරත් අත්තම්මා, අපි, පුංචිලා, චූටි මාමලා ඔය හැමෝම මහ ගෙදරට එකතු වුණා. අත්තම්මා තමා වැඩියෙන්ම සතුටු වුණේ ලවන්ව ආපහු දකින්න. චූටි මාමනම් ඉතින් කින්ඩි දදා හිටියා...යන යන තැන එකටමයි කියලා.

ඔය අතරෙම මම නිකිනිටත් ලවන් ගැන කිව්වා...මම නොකිව්වත් ඒකි තේරුම් ගන්නවා කොහොමත්. ඒ තරම් ඔය ඇන්ටනා වැඩ. මම ඒ ගැන කිව්වා විතරයි ඒකි හුස්ම හිර කරන් මැරෙන්න ගියා. එයා අපි දෙන්නවම බදාගෙන විශ් කරලා මගෙ මූණ පුරාම හාදු ගොඩකුත් තිබ්බා. අම්මා අප්පච්ච් ඇරෙන්න මං ගැන අවංකවම සතුටු වෙන දෙන්නෙක් පවුලෙ ඉන්න එක ගැන මට දැනුණෙ ලොකු සතුටක්.

අපි මහ ගෙදර දවස් දෙකක් නැවතිලා හිටියා. ඒ දවස් දෙකෙත් අපි උපරිම ෆන් එකක් ගත්තෙ. පවුලෙ හැමෝම මහ ගෙදරට එකතු වෙලා පරණ දේවල් මතක් කරද්දි, අවුරුදු සෙල්ලම් කරද්දි, අත්තම්මගෙ රසම රස ගමේ කෑම කද්දි, ගමේ අනිත් මිනිස්සු එක්ක හිනාවෙලා කතා කරද්දි දැනෙන සතුට මෙච්චරයි කියන්න බෑ. ඒ හැම දෙයක්ම මට දෙගුණයක් වැඩියෙන් දැනුණෙ ලවනුත් මාත් එක්ක හිටපු නිසා.

අවුරුදු සතිය ඉවර වුණාට පස්සෙ ඉතින් බැක් ටු රියැලිටි තමා...ගිය සතියෙ අපිට අලුත් සෙමෙස්ටර් එක පටන් ගත්තා. අලුත් සෙමෙස්ටර් එක කිව්වෙ ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එක. ඒ අතරෙ ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් රිසල්ටුත් ආවා ඉතින්. අවුරුද්ද ලබන්න කලින් ඔක්කොගෙම රිසල්ට් දීලා ඉවර කරා.

මට හැම කෝස් එකකටම A, A+ තිබුණා. ඔහොම එකක් දැක්ක ගමන් මගෙ මනුස්සයගෙ හැටි දන්නවනෙ ඉතින්...මල් බොකේ එකයි චොකලටුයි තව අනම් මනම් ගොඩකුයි අරන් දුන්නා මට. පවුලෙ බාලයා වෙලත් ගෙදරින්වත් මාව ස්පොයිල් කරලා නෑ ලවන් තරම්. එක අතකට එහෙම පාර්ට්නර් කෙනෙක් හම්බෙන්නත් පින තියෙන්න ඕන.

අපෙ අලුත් සෙමෙස්ටර් එක කලින් එක තරම් පැක් වෙලා නෑ. සෙම් එකටම මට කෝසස් පහයි තියෙන්නෙ. ඒ නිසා හිතුවට වඩා ෆ්‍රී ටයිම් එකක් මට තිබුණා. පළවෙනි සතිය නිසා ගිය සතියෙ වැඩිය ඉගැන්නුවෙත් නෑ. සිකුරාදා දවස මුකුත්ම තිබ්බෙ නෑ. වැඩි හරියක් කරේ ලවන් එක්ක රවුම් ගහපු එකයි රුෂිනි දීපු පොත කියවපු එකයි තමා.

මේ අප්‍රේල් අන්තිම සතිය...රුෂිනි කිව්වෙ මේ කාලෙ වෙද්දිවත් පොත දෙන්න කියලනෙ. ඒත් තව චැප්ටර්ස් දෙකක්ම මට කියවන්න තියනවා. ඉක්මනට කියවලා ඉවර කරන්න ඕන නිසා මම ගමෙත් අරන් ගියා ඔය පොත. ඒත් එච්චර ලොකු පොතක් මාස එක හමාරෙන් කියවන එක ලේසි නෑ ඉතින්. තව දවස් දෙකකින් කියවලා ඉවර කරන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ මම අර කියව කියව හිටපු පොත කියවලා ඉවර කරන්න ඕන. ඒක ඇද්දා හොඳටම ඇති දැන්.

අද ලෙක්චර්ස් උදේ එකොළහ වෙද්දි ඉවරයි. මම ට්වින් ඩබලත් එක්ක ලෙක්චර් හෝල් එකෙන් එළියට ආවෙ කැෆටේරියා එකෙන්ම දවල්ට කනවද නැත්තම් ලවන් එක්ක කොහෙටහරි යනවද කියලා හිත හිත...කොහොමත් අද හවස හම්බෙන එකනෙ.

"මේ උඹලා දෙන්නා දැන් මොකෝ කරන්නෙ...?"

"ලයිබ්‍රි යන්න කියලා බැලුවෙ බන්...ජර්මන් අසයිමන්ට් එකක් තියනවා කරන්න. ගෙදර ගියොත් ඕක කරන්නෙ නෑ."

ඒවනම් ඉතින් එහෙම තමා...ගෙදර ගිහින් ඇඳ දැක්ක ගමන් මෝටිවේසන් ලෙප්ට්.

"දැන්ම...? උඹලා කන්නෙ නැද්ද?"

"කන්න තරම්නම් බඩගින්නක් නෑ...උඹට බඩගිනිද? එහෙනම් යමන් මොනවහරි කාලා එමු-"

"නෑ නෑ...මටත් බඩගින්නක් නෑ. මටනම් ලයිබ්‍රරි යන්න තරම් වැඩක් නෑ බං. මම ගෙදර යනවා එහෙනම්."

ගෙදර යනවා කිව්වට ගෙදර යන්නෙ නෑ ඉතින්...බෝයිපෙන් හම්බෙන්න යන්න ඕන. එයාට අද මල් බලන්න යන්න ඕනෙලුනෙ. මල් බලන්න කිව්වෙ මේකයි. අප්‍රේල් අන්තිම සතිය කියන්නෙ පේරා මල් සීසන් එක.

අපි ඔය හැමතැනම දකින පේරාදෙණිය කැම්පස් එකේ කහ පාට රතු පාට එක එක පාට මල් තියෙන්නෙ. ඕවා හැම කාලෙටම පිපෙන්නෙ නෑ...සාමාන්‍යයෙන් අප්‍රේල් අග මැයි මුල කාලෙ වගේ තමා මල් පිපෙන්නෙ. මුලින්ම පිපෙන්න ගන්නෙ රොබරෝසියා, අප්‍රේල් මුල වගේ. ඒවනම් ගොඩක්ම තියෙන්නෙ සයන්ස් ෆැකල්ටි එක ගාව.

ඊළඟට තමා සුප්‍රසිද්ධ කහ මලුයි රතු මලුයි පිපෙන්න ගන්නෙ. ඔය එල්ලෙන කහ මල් වලට කියන නම මම දන්නෙත් නෑ...කැම්පස් ළමයි කියන්නෙත් කහ මල් කියලනෙ. ඒවා සරසවි උයන ස්ටේශන් එක පාස් වෙනවත් එක්කම තියන රේල් පාර පුරාම තියනවා. තව සයන්ස් ෆැකල්ටි එක පිටිපස්සෙ, මෙඩිකල් ෆැකල්ටි එක ඉස්සරහ වගේම වැඩියෙන්ම තියෙන්නෙ ආර්ට් ෆැකල්ටි එක ඉස්සරහ.

ඔය කහ මල් පිපුණම ඒ පළාතම කියන්න බැරි තරම් ලස්සනයි. මුලු ගහම කහ පාට වෙනවා විතරක් නෙවෙයි ගහ යටත් මල් පෙති හැලිලා කහම කහ පාටයි. ඔය කාලෙට ළඟ පාත ඉන්න ගොඩක් අය එනවා මල් බලන්න. කොහොමත් පේරා කැම්පස් එකේ තහංචි නෑනෙ...මම දන්න විදිහට ගේට්ටු තාප්ප දාලා වෙන් කරලා නැති ලංකාවෙ එකම කැම්පස් එක පේරාදෙණිය.

නුවර-ගලහ පාර නුවර-ගම්පල පාර තියෙන්නෙත් කැම්පස් එක මැදින්නෙ. ඒ නිසා මිනිස්සු නිදහසේ එහෙ මෙහෙ යනවා, පාරෙ වාහන යනවා, කැම්පස් ප්‍රමිසස් එක ඇතුළෙ ගෙවලුත් තියනවා. නිදහසේ යනවා කියන්නෙ කාටවත් ෆැකල්ටි, ලෙක්චර් හෝල්ස් ඇතුළට යන්න අවසරයක් නෑ ළමයින්ට ඇරෙන්න. ඒත් කැම්පස් ප්‍රමිසස් එක ඇතුළෙ ඕන කෙනෙකුට එන්න පුලුවන්.

එහෙම වුණත් මේ අවුරුදු ගාණටම මම දැකලා නෑ එහෙම එන කිසි කෙනෙක් කැම්පස් එකේ ළමයින්ට බාධා වෙන විදිහට හැසිරෙනවා. ඔය ඉඳලා හිටලා වඳුරු ජාන තියන පොඩි ඇච්චො ටිකක් ට්‍රිප් එකක් ඇවිත් මේ පළාතම දෙක කරලා ගියොත් ඇරෙන්න පේරා කැම්පස් එකම හරි නිහඬ නිස්කලංක ඒරියා එකක්.

මල් සීසන් එකට තමා ගොඩක්ම පිටින් කට්ටිය එන්නෙ. ඒ කියන්නෙ අර දවසක් පේරා කැම්පස් එක මහජනයට ඕපන් කරා වගේ අතුරු සිදුරු නැතුව පිරෙන්නෙ නෑ. ඔය පේරා මල් සීසන් එක මහා ලොකුවට ප්‍රසිද්ධ දෙයක් නෙවෙයිනෙ...මල් පිපෙනවා කියන එක ප්‍රසිද්ධ වුණාට. ඉතින් ඒ කාලෙට මල් බලන්න කියලා කැම්පස් නොවන අයත් ඇවිත් පොඩ්ඩක් වෙලා අර මල් පෙති හැලෙන ගස් යට ඉඳලා ෆොටෝ එකක් ගහලා යනවා.

ගොඩක්ම කට්ටිය එන්නේ ආර්ට් ෆැකල්ටි එක ගාව තියන ගහ බලන්න. ඒක සෑහෙන ලොකුයි...ඒ ගහේ අතු විහිදිලා ඇති සෑහෙන කොටසක් කවර් වෙන විදිහට. ඉතින් ලවන් මල් බලන්න යන්න ඕන කිව්වම මම හිතුවෙ එයාවත් එතෙන්ට එක්කන් යන්න. කාලා බීලා හවස් වෙලා යන්න බැරියැ. හවස් වරුව නිදහස්.

ට්වින් ඩබල ලයිබ්‍රරි ගියාට පස්සෙ මම ලවන් කොහෙද අහන්න කෝල් එකක් ගන්න යනකොටම එයාගෙන් මට කෝල් එකක් ආවා. ම්ම්...දැක්කනෙ ටෙලිපති.

"ලවන්...මම කෝල් කරන්න ගියේ ඔයාට."

"ඔහ් එහෙමද...ලෙක්චර්ස් ඉවරද විදුර්?"

"ඔව්...ඔයාට ඉවරද?"

"ඔව් ඉවරයි...තව පොඩි වැඩ ටිකක් කරන්න ස්ටාෆ් රූම් යන්න ඕන. ඔයා එළියෙන් ඉන්නවද එහෙනම් මම එනකම්?"

"හරි මම ඉන්නම්.."

කෝල් එක කට් කරාට පස්සෙ මම බයික් එකත් අරන් ලවන්ගෙ අපාට්මන්‍ට් එකට යන පාර ගාව නවත්තන් හිටියා. එයා කොහොමත් පයින්නෙ එන්නෙ...අපි දෙන්නට බයික් එකේ යන්න පුලුවන්. මල් නෙවෙයි මොනවා බලන්නත් කලින් කාලා ඉන්න එපැයි. මුලින්ම ටවුන් එක පැත්තෙ ගිහින් දවල්ට කන්න ඕන.

මම ඇවිත් විනාඩි පහක් විතර ගියාට පස්සෙ ලවන් ආවා. හම්මේ මෙයාගෙ ලස්සන...මේ දවස්වල අලුත් ළමයි ලොකුවට නැති නිසා මෙයාලා ෆෝර්මලුත් නෙවේ කැශුවල් අඳින්නෙ. ඒකත් ලෙක්චරර් කෙනෙක්ට ගැලපෙන විදිහෙ කැශුව්ල් ඇඳුමක්. සෙස්සි අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. කණ්ණාඩි දෙකක් විතරයි අඩු...ඒකත් තිබ්බනම් මාව මෙතන දියවෙලා වැක් කෙරෙනවා.

"ඉවරද අයි රේප් කරලා...?"

මං ළඟටම ආපු ලවන් අහද්දි මම උඩ ගිහින් හරි සිහියට ආවා.

"කවුද අයි රේප් කරේ?? වැඩේමයි මට..."

"හරි හරි ඇති තරම් කරගන්න...ඔයා නැතුව වෙන කවුරු කරන්නද?"

"අපෝ කරන අයනම් ඉන්නවා ඕන තරම්...ඔයා ඒවා දකින්නෑනෙ. වෙලාවකට සමහර අම්මණ්ඩිලා බලන් ඉන්න විදිහට ඇත්තමයි කෙස් වල්ල ගලවලා අතට දෙන්න හිතෙනවා."

මම බුම්මගෙන කියද්දි ලවන් හයියෙන් හිනාවුණා. හිනාවෙද්දිත් සෙස්සිනෙ අප්පා අද.

"අනේ ඇත්තට විදුර්...මමනම් දකින්නෙත් නෑ ඕවා."

"දකින්න ඔයා බලන්නෑනෙ ඉතින්..."

"බලන්නෑ තමා...මට බලන්න එක්කනෙක් ඉන්නවනෙ."

ලවන් මගෙ මූණට එබිලා මනමාල හිනාවක් දාලා කියද්දි මම පොඩ්ඩක් ඇඹරිලා බිම බලාගත්තා.

"ඉන්නවද...?"

"ඔව්නෙ...පොඩ්ඩ ඇත්තම් රෝස පාට වෙන රෝස මලක් ඉන්නවනෙ මට."

ඕකනෙ ඉතින් බැරි...ඔහොම කියද්දි තවත් රෝස පාට වෙනවනෙ. මම ලවන්ගෙ ඇස් මඟෑරලා අනිත් පැත්ත හැරෙන්න කලින් ලවන් ටක් ගාලා මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා. ඒ ගමන්ම එයාගෙ කොලර් එකෙන් ඇදගත්ත මමත් ඉක්මනට එයාගෙ තොල් වලින් කිස් එකක් තියලා එහාට වුණා. කවුරු බලන් හිටියම මට මොකෝ...මගේනෙ.

"ඔයා කාලද විදුර්...?"

"තාම නෑ...යන ගමන් කාලා යමුද? කොහොමත් අව්ව බැස්සම යන එක තමා හොඳ."

"ම්ම්...කොහෙටද යන්නෙ?"

"අදනම් සයිවර් කඩේකින් කන්න ඕනෙ වගේ..."

මම කියද්දි ලවන් හිනාවෙලා ආයෙම මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා. අපිට කොහොමත් එක එක දවසට එක එක ආසාවල් එන්නෙ...සයිවර් කඩේ ඉඳන් ලොකු රෙස්ටොරන්ට් වෙනකම් ඔය කෝකත් එකයි අපිට.

"ම්ම්...එහෙනම් යමු. ඔයා ළඟ හෙල්මට් එකක් තියනවද?"

ලවන් අහද්දි මම බයික් එකෙන් එක්ස්ට්‍රා හෙල්මට් එක අරන් දුන්නා. මම කොහොමත් ඕක තියාගෙන ඉන්නෙ හදිසියකට. මම හෙල්මට් එක දුන්නම ලවන් ඒකත් දාගෙන පිටිපස්සට නැගලා මගෙ බඩ මැදින් අත දාලා මාව බදාගත්තා. ඒක හරි අමුතුයි වගේ...මම මගෙ හෙල්මට් එක දාගන්නෙත් නැතුව ඒක අතේ තියන් අර අමුතු ෆීලින් එක විඳලා යන්තම් ලවන් දිහාට හැරුණා.

"ඇයි...?"

"හරි අමුතුයි වගේ..."

"ඇයි මම බඩ මැදින් අත දාගෙන හේත්තු වුණ ටිකට ඔයාට ටොප් ෆීලින් එකක් ආවද?? ඒවා හඳේ ආ..."

ලවන් මගෙ ඔලුව පිටිපස්සට ඇඟිලි දෙකකින් තට්ටුවක් දාලා කියද්දි මට හිනාගියා.

"ඉතින් බයික් එක පිටිපස්සෙ ඉඳන් ඔහොම බදාගෙන හේත්තු වෙන්නෙ බොටම්නෙ සාමන්‍යයෙන්...හා නැද්ද?"

"එහෙමද...එහෙනම් ඔයා ඇවිත් පිටිපස්සෙන් ඉඳගෙන මාව බදාගන්නකො. මම බයික් එක ගන්නම්."

"අනේ මේ...ඔයාට බයික් එක දුන්නොත් අපිට බලන්න වෙන්නෙ පේරාදෙණියෙ මල් නෙවෙයි මල් වඩමක මල් තමා. මේන් වැන්දා ඔයා තමා ටොප්. හරිනෙ...බයික් එක දෙන්නෙ නෑ."

මම කියද්දි ලවන්ට හයියෙන් හිනාගියා. කාර් එක ඩ්‍රයිව් කරනවා වගේ නෙවෙයි ලවන් බයික් එක ගත්තම ඉගිල්ලෙනවා. එක දවසයි දුන්නේ එදානම් මම යනකම් මරණ බයේ ගියේ...ආයෙනම් අල්ලන්නවත් දෙන්නෑ ඇත්තමයි.

"අන්න එහෙම...කෝ හොඳ ළමයා වගේ බයික් එක ස්ටාර්ට් කරන්නකො."

ලවන් කියද්දි මම එයාට රවලා හෙල්මට් එක දාගත්තා. තප්පරයක් යන්නත් කලින් අපි දෙන්නටම බකස් ගාලා හිනාගියා මේ කියවන ඒවට. මල සමයං...

අපි දෙන්නා දවල්ට කෑවෙ පේරාදෙණිය පාරෙ සයිවර් කඩේකින්. ඇති තරම් බතුත් කාලා ඩෙසටුත් කාලා තමා අපි එතනින් ආවේ. බත් කන අතරෙ අපි දෙන්නා හිතලම වගේ පොඩ්ඩක් කාලෙ කෑවා පැයක් විතර. ලන්ච් අරන් එන ගමන් ජූස් බාර් එකකට ගොඩ වෙලා ෆෘට් ජූස් එකකුත් බොන ගමන් කියව කියව හිටියා. ඔහොම ඉඳලා ගලහ හන්දිය පැත්තට එනකොට හවස තුනට විතර...ගානට වෙලාවට.

මම බයික් එක දැම්මෙ සයන්ස් ෆැකල්ටි එක ගාව. එතන කොහොමත් කැම්පස් ළමයින්ගෙත් බයික් නවත්තලා තියනවා. අනික සයන්ස් එකේ කොමන් එක ඉස්සරහමනෙ...බයවෙන්න දෙයක් නෑ. අනික මට ඕන වුණේ ලවන් එක්ක එතන ඉඳන් ආට් ෆැකල්ටි එකටම පයින් යන්න.

සයන්ස් ෆැකල්ටි ඉස්සරහම රොබරෝසියා ගස් දෙකක් තිබුණට මේ වෙද්දි ඒවගෙ මල් නෑ...අප්‍රේල් මුල වෙද්දි තමා ඒ ගස් මල් වලින් පිරෙන්නෙ. ඒ කාලෙ ඉතින් මට එක්සෑම් ඊට පස්සෙ ට්‍රිප්, අවුරුදු ඔය මූඩ් වල හිටපු නිසා අපිට රොබරෝසියා බලන්න එන්න වුණේ නෑ. ඒත් කමක් නෑ. කහ මල් තමා මල් සීසන් එකේ පීක් එක.

බයික් එකෙන් බැහැලා හෙල්මට් පරිස්සමට අරන් තියලා පාර මාරු වෙද්දි ලවන් මගෙ අතින් අල්ලගත්තා. අපි දෙන්නා හිටියෙ කැම්පස් ග්‍රවුන්ඩ් එකට උඩින් තියන පේව්මන්ට් එක දිගේ ආර්ට් ෆැකල්ටි එක පැත්තට යන ගමන්.

මමත් ආසාවෙන් හිටියෙ පේරා එන්න තමා. කොහොමත් හැමෝම කියන්නෙත් පේරාදෙණිය හරි ප්‍රේමණීයයි කියලනෙ. ලවන්ව හම්බෙන්න කලින් මමත් ආසාවෙන් හිටියෙ පේරාදෙණියෙ ඇවිත් මේකෙන්ම පාර්ට්නර් කෙනෙක් හොයාගෙන ආදරෙන් ඉන්න. ඒත් දේවල් ඇත්තටම වුණ විදිහට මම ගොඩක් කැමතියි.

මොකද පේරා ඇවිත් මේකෙන් කොල්ලෙක් හිටියනම් අපිට මේ වගේ නිදහසේ ආදරේ කරන්න බෑනෙ. දාස් ගණන් ළමයි ඉන්න, සිය ගනන් මිනිස්සු එහා මෙයා යන කැම්පස් එකේ අපි දෙන්නා මෙහෙම නිදහසේ අත් අල්ලන් හරි යන්නෙ ලවන් නිසානෙ.

අනික ඇත්තම කතාව ඉතින් ලංකාවෙ අපි වගේ අයගෙ ආදර කතා සාර්ථක වෙන්වා හරි අඩුයි. ඇත්තටම ආදරේ කරන අය ඉන්නවා තමා...ඒත් අපෙ රටේ තත්වෙත් එක්ක ගොඩක් අය ෆයිට් නොකරම නොකරම වෙන් වෙනවා මිසක් තමන් වෙනුවෙන් කතා කරන්නෙ නෑ.

එහෙම කරන්නෙ නැත්තෙ ඇයි කියන එකත් මට හිතාගන්න බැරි නෑ. සාමාන්‍ය පිරිමි ළමයි දෙන්නෙක්, නැත්තම් ගෑනු ළමයි දෙන්නෙක් සමාජෙට බම්බු ගහගන්න කියලා බැන්ඳයි කියමුකො. ඊට පස්සෙ සමාජෙන් එන අපහාස වලට මූණ දෙන එක ලේසි නෑ...නොදැනිම ඒ දෙන්නටම දෙන්නව එපා වෙයි එතකොට. එහෙම මිනිස්සු කියන කිසි දෙයක් ගණන් නොගෙන ඉන්නනම් ඒ කතා හදන කිසි කෙනෙක්ට වචනෙකින්වත් ළං වෙන්න බැරි සමාජ, ආර්ථික මට්ටමක් තියෙන්න ඕනෙ. ඇත්තම කතාව ඉතින් ලංකාවෙ බහුතරේකට ඒ තත්ත්වෙ නෑනෙ.

ඉතින් ඕන තරම් අපි වගේ කප්ල්ස් වල ආදර කතා හැංගිලා ගිහින් ඇති. ඒත් ලවන් මං වෙනුවෙන්, අපෙ ආදරේ වෙනුවෙන් ඕනම රිස්ක් එකක් ගන්න ලෑස්ති කියන එක මම දන්නවා. එයා ඒක ආයෙ ආයෙ මට කියලත් තියනවා. මමත් එහෙමමයි...ආදරේ වෙනුවෙන් ඕනම රිස්ක් එකක් ගන්න ලෑස්ති වෙද්දි අපි දෙන්නගෙ අනාගතේ ගැන මට විශ්වාසයි.

ප්‍රශ්නනම් එයි...ඒත් අපි දෙන්නට දෙන්නා කොච්චර ආදරේද කියලා මතක් වෙද්දි මට ඒ ගැන පොඩ්ඩක්වත් බය නෑ. එහෙම ආදරයක් ලබන්න කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද? ඒ නිසා මගෙ ජීවිතේ මේ වෙනකන් සිද්ධ වුණ හැම දේටම මම ආදරෙයි.

ඔය හැමදේම ගැන කල්පනා වෙද්දි මම නිදහස් අතින් ලවන්ගෙ වැලමිට ගාවින් බදාගෙන එයාගෙ උරහිසට හේත්තු වුණා.

"මොකෝ මේ...?"

ඇවිදින අතරෙම මගෙ දිහා හැරිලා බලපු ලවන් අහද්දි මම එයා එක්ක හිනාවුණා.

"ආදරේ හිතුනා..."

"එක පාරට...?"

"එක පාරට නෙවේ අනේ...මම කොහොමත් ඔයාට ආදරෙයි."

"මම දන්නවා මැණික..."

ලවන් මගෙ නළලෙ පැත්තකින් ලාවට කිස් එකක් තියන ගමන් කියද්දි මම ඇස් දෙක පියාගත්තා. ඇත්තටම...මට වචනවලින් කියාගන්න බැරි තරම් ආදරයක් ලවන් ගැන දැනුනා.

"මමත් ඔයාට ආදරෙයි...ගොඩක්."

ඇස් දෙකේ පිරුණු මහා ගොඩක් හැඟීම් එක්ක ලවන් කියද්දි ඒ ඇස් අස්සෙ තප්පර ගාණක් අතරමං වෙලා හිටපු මම ආයෙම එයාගෙ උරහිසට හේත්තු වුණා.

මම ලවන්ගෙන් ටිකක් ඈත් වෙලා ලවන්ගෙ අත විතරක් අල්ලගත්තෙ ජිම් එකට හැරෙන පාර ගාවට ආවට පස්සෙ. එතනින් තමා ලොකු කහ මල් පිපෙන ගහ ගාවට යන්න තියෙන්නෙ. අපි හෙමින් හෙමින් ගහ ගාවට ඇවිදගෙන යන ගමන් ඒ පාරෙ තියන අනිත් මල් ගාවත් ෆොටෝස් එහෙම ගත්තා.

මම කලින් කියපු ලොකු මල් ගහ ගාවට යද්දි ලවන් කටත් ඇරන් ඒ දිහා බලන් හිටපු විදිහ දැක්කම මට හිනාත් ගියා. ඒ ගහ ඒ තරම් විසාලයි. ගහේ හෙවනෙ තැනින් තැන ගොඩක් අය ඉඳන් හිටියා. කැම්පස් එකේම කියන්න පුලුවන් කපල්ස් වගේම මල් බලන්න ආපු යාලුවො කියන්න පුලුවන් කොල්ලො කෙල්ලො කණ්ඩායම් විදිහට එතන හිටියා.

ගොඩක් අය පහළට එල්ලිලා තියන මල් එක්ක ෆොටෝස් ගන්නවා. සමහරු ගහ යට තැන් තැන් වල ඉඳගෙන කතා කර කර ඉන්නවා. අපි දෙන්නත් මුලින්ම කරේ ෆොටෝස් ගහපු එක තමා...මේවා ලස්සන මතක විදිහට කවදාහරි අපිට ආයෙම බලන්න පුලුවන්නෙ.

අපි දෙන්නම සෙල්ෆි ගොඩක් ගත්තට පස්සෙ ලවන් මගෙ තනි ෆොටෝස් අරන් දුන්නා. එයා හැමදාම හරි ලස්සනට මාව කැප්චර් කරනවා...මගෙ බර්ත්ඩේ එකට දීපු ගිෆ්ට් එකත් එහෙම එකක්නෙ. එයා කියන්නෙ මට තියන ආදරේට ඉබේම එහෙම කැප්චර් වෙනවා කියලා. ඊට පස්සෙ ලවන්ගෙත් ෆොටෝස් ගත්තට පස්සෙ අපි දෙන්නා කවුරුත් වැඩිය නැති තැනක් බලලා ගහ යටට ඇවිත් ඉඳගත්තා.

ඉඳගත්ත ගමන්ම ඉතින් මම පුරුදු විදිහට ලවන්ගෙ වැලමිට ගාවින් බදාගෙන උරහිසට හේත්තු වෙද්දි එයා මගෙ හිස් මුදුනින් හාද්දක් තියලා මගෙ ඔලුවට එයාගෙ ඔලුව හේත්තු කරගත්තා.

"කොච්චරනම් මේ ගහ දැකලා තිබ්බත් අද තමා ඒක ලස්සනටම දැක්කෙ විදුර්..."

"ම්ම්...හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි නේද?"

"ඔව්...ඔයානම් මේ එක්ස්පීරියන්ස් එක කලින් අරන් ඇතිනෙ."

ලවන් කියන්නෙ ඇත්ත තමා...මතක ඇති කාලෙක ඉඳන් මම අප්පච්චි එක්ක කැම්පස් එකට එනවා. මම ප්‍රයිමරි ඉස්කෝලෙ ගියෙත් නුවර ලොකු ඉස්කෝලෙකට නෙවෙයි කැම්පස් එක කිට්ටුවම තියන ඉස්කෝලෙකට. මට ඉස්කෝලෙ ඉවර වුණාම අප්පච්චි එනවා මාව එක්කන් යන්න. අප්පච්චිට ඒ වෙලාවට ලෙක්චර්ස් තිබුණත් ටිකක් වෙලා ගිහින් හරි අනිවාර්යෙන් මාව ගන්න එනවා.

ඊට පස්සෙ ඉතින් අම්මා ඉස්කෝලෙ වැඩ ඉවර වෙලා මාව කැම්පස් එක ළඟින් ගන්නකන්ම අප්පච්චි එක්ක මාත් කැම්පස් එකේ තමා හිටියෙ. එහෙම ඉන්න වෙලාවට අප්පච්ච් බිසී එහෙම නැත්තම් මාව කැම්පස් එක වටේම එක්කන් යනවා...මල් පිපෙන කාලෙට මල් බලන්නත් ඇවිත් තියනවා.

ඊට පස්සෙ අයියා කැම්පස් ඉන්න කාලෙ එයත් එක්කත් ආවා. සිනෙලියි ටිනාශයි එක්කත් ඇවිත් තියනවා. ඒ නිසා මල් සීසන් එකනම් මට අලුත් දෙයක් නෙවෙයි තමයි. ඒත් ලවන් එක්ක ඒ එක්ස්පීරියන්ස් එක ගන්න එක...ඒක මම මීට කලින් විඳලා තියනවට වඩා සම්පූර්ණ වෙනස් අත්දැකීමක්.

"ම්ම්...but it's totally different when I'm with you."

"I understand..."

ලවන් එයාගෙ නිදහස් අතකින් මගෙ අත අල්ලගන්න ගමන් කිව්වා. කහ පාට මල් පෙති එක දිගට අපි දෙන්නව නාවද්දි, මල් පෙති අපි දෙන්නා වටේ ලස්සන පලසක් වගේ වැටිලා තියෙද්දි මම ලවන්ට තවත් තුරුල් වුණා.

ලවන් එක්ක ඉන්න හැම වෙලාවෙම මට එයාගෙ ආදරේ අඩුවක් නැතුව දැනෙනවා. මම දන්නවා එයාටත් ඒක එහෙම්මයි කියලා. ඒත් මේ වගේ රොමෑන්ටික් තැන් වල ඉද්දි, අපි වටේටම ආදරේ හිතෙන විදිහෙ දේවල් විතරක්ම තියෙද්දි මට එයාගෙ ආදරේ දැනෙනවා වැඩි.

අපි දෙන්නා මහා ලොකුවට කතා කරේ නෑ...ඉඳලා හිටලා පොඩි දෙයක් කතා කරාට අපි දෙන්නා වැඩිපුරම කරේ එක දිගට හැලෙන මල් පෙති දිහා බලාගෙන තුරුල් වෙලා හිටපු එක. ඒ අතරෙ සැරින් සැරේ ලවන්ගෙ හාදු මගෙ නළලින් දැනෙද්දි මම තවත් ආදරෙන් මත් වුණා.

"විදුර්..."

මගෙ අතක් හිමින් පිරිමදින ගමන් ලවන් කතා කරේ විනාඩි ගානක නිශ්ශබ්දතාවකට පස්සෙ.

"ම්ම්...?"

"ඔයාට පේරා එන්න බැරිවුණ එක ගැන දුකයිද...?"

ලවන් අහද්දි මම ටිකක් එහාට වෙලා එයාගෙ මූණ දිහා බැලුවා. එයා හිටියෙ තැනින් තැන ඉඳගෙන තම තමන්ගෙ ලෝක වල හිටපු කැම්පස් එකේම ළමයි දිහා බලාගෙන.

"ඉස්සරනම් එහෙම හිතුනා...ඒත් දැන් ඒක ගාණක් නෑ. මොකෝ ප්‍රයිවට් කැම්පස් එක්කට ගියා කියලා මට වැරදිලා නෑනෙ."

"ම්ම්...කොහෙ ගියත් බැච් ටොප් වෙන එක ලේසි නෑනෙ නේද?? But you did it!"

ලවන් මගෙ කම්මුලක් ලාවට තොල් වලින් හපන ගමන් කිව්වා.

"තාම ෆස්ට් ඉයර් ෆස්ට් සෙම්නේ අනේ...ඕවා වෙනස් වෙයිද කවුද දන්නෙ?"

"මගෙ විදුර් දිගටම බැච් ටොප් තමා...I just know it."

"බැච් විතරද-"

මට අහලා ඉවර කරන්න හම්බුනෙත් නෑ ලවන් ඔරවලා මගෙ දිහා බැලුවා.

"හරි හරි අනේ...විහිලුවක් තේරෙන්නෑනෙ මෙයාට."

මම ලවන්ගෙ අතේ එල්ලිලා පොඩ්ඩක් හුරතල් වෙද්දි ලවන්ට හිනා ගියා. එයා ටොප් තමා අනේ...ඒ වුණාට මෙහෙම අවුස්සගන්න එකත් හෙනාතල්.

"අනිත් එක..."

මම ආයෙම සීරියස් මූඩ් එකට ආවෙ ලවන් මුලින් අහපු ප්‍රශ්නෙ මතක් වෙලා.

"මම පේරා ආවනම් මට ඔයාව හම්බෙන්නෑනෙ ලවන්...වෙන්න තියන දේවල් වුණේ හරිම විදිහට."

"එහෙමම කියන්නත් බෑ...සමහරවිට ඒක ප්‍රශ්නයක් නොවෙන්න තිබුණා."

"ඒ කොහොමද...? ඔයා මාව දැක්කෙ මම ඔයාගෙම කැම්පස් එකට ආපු නිසානෙ. අනික මම පේරා ගියානම් සමහරවිට එදා බුක්ෂොප් එකට නොයා ඉන්නත් තිබුණා."

"ඔයා කියන එක මට තේරෙනවා...කොහොමද කියන්න මමත් දන්නෙ නෑ විදුර්. But...if we're meant to be, everything works out perfectly."

ලවන් මගෙ දිහාම බලන් කියද්දි මම හිනාවුණා. එයා කියන්නෙ ඇත්ත...මේ ජීවිතේ හරි පුදුමයි. මගෙ අනාගතේ ලවන්නම්, එයාගෙ අනාගතේ මමනම් ඒ මොහොතෙ මම බුක්ෂොප් නොගියත් ලවන් ඒ වෙලාවෙ මාව මුලින්ම නොදැක්කත් මොනම විදිහකින් හරි අපි මුණ ගැහෙන්න තිබ්බා.

මම එයා දිහා බලන් ඉද්දි ලවන් මගෙ කම්මුලක් කප් කරලා මගෙ දිහාවට ළං වුණා.

"We ARE meant to be Vidur...nothing can stop that."

මගෙ ඇස් දෙක දිහා බලන් ගොඩක් විශ්වාසෙන් කියපු ලවන් හිමින් මගෙ තොල් වලට බර වෙද්දි ඉබේම මගෙ ඇස් පියවුණා. අපි දෙන්නා අතර හුවමාරු වුණේ ගොඩක් සොෆ්ට, ආදරණීය හාදුවක්. කිස් කරන අතරෙම ලවන් මගෙ ඉන වටේ අත දාලා මාව තව ටිකක් ළං කරගද්දි මගෙ ඇඟේ අංශුවක් ගානෙම තවත් මත් වුණා. මගෙ කම්මුල් දෙකින්ම අල්ලගත්ත ලවන් ගොඩක් ආදරෙන් මාව කිස් කරද්දි එයාගෙ ශර්ට් එක අත් දෙකට ගුලි කරගත්ත මම ඒ තොල් අතර අතරමං වුණා.

විනාඩි ගාණකින් අපි දෙන්නා එහාට වුණේ ලවන් මගෙ තොල් වලින් ඉක්මන් පෙක් එකක් තියද්දි. අපි පොඩ්ඩක්වත් අවුල් වෙලා හිටියෙ නෑ...ඒක ගොඩක් ආදරේ පිරුණ සන්සුන් හාදුවක්. කිස් එකට පස්සෙ ලවන් මාව ආයෙම එයාගෙ අත් අස්සට ගද්දි පුරුදු විදිහටම මම එයාට තුරුල් වුණේ ඈතක ඇස් රඳවගෙන.

ඒත්...එක පාරට මම ටිකක් ගැස්සුණා. ඈතක ඇස් රඳවගත්තා කියලා හිතුවට අහම්බෙන් වගේ මගෙ ඇස් නැවතිලා තිබුණෙ ටිකක් දුරින් මල් ගහක් ගාව හිටපු පිරිමි ළමයෙක් ගාව. එයාට කැම්පස් පෙනුමක්නම් තිබ්බෙ නෑ...ලවන්ගෙම වයසෙ වගේ කියන්න පුලුවන් කෙනෙක්. මම ගැස්සුණේ වෙන මොකටවත් නෙවෙයි. එයාගෙ ඇස් රැඳවිලා තිබ්බෙත් මගෙ දිහාට වුණ එක.

ඔව්...මට වැරදුණේ නෑ. එයා හිටියෙ ඈතක වුණත් ඒ ඇස් අමුතු විදිහට මගෙ දිහාවටම එල්ල වෙලා තිබුණ එක මට හොඳට නෝට් වුණා. එයා මම මීට කලින් දැකලවත් නැති කෙනෙක්නෙ. එහෙම කෙනෙක් ඒ විදිහට මගෙ දිහා බලන් ඉද්දි මට හරි අපහසුවක් දැනුනා.

අපි දෙන්නා ඉන්න විදිහෙ ප්‍රශ්නයක් වෙන්න බෑනෙ...ලවන් ඒක වෙනස් කරලා තියෙන්නෙ කියන එක මම දන්නවා. මොකද එහෙම නැත්තම් මෙතන හැමෝම අපි දිහා හැරිලා බලන්න එපැයි. අපි දෙන්නා දැන් විනාඩි ගානක කිස් එකකුත් ශෙයාර් කරගත්තා එහෙම කිසිම අවුලක් වුණේ නෑනෙ.

විනාඩියක් විතරම ඒ පිරිමි ළමයා මගෙ දිහා බලන් ඉද්දි මමත් මුකුත් නොකර ආපිට එයා දිහා බලන් හිටියත් මම එක පාරට කලබල වුණේ එයාගෙ ඇස් ලවන් දිහාවට යද්දි. බැරිවෙලා හරි...එයාට අපිව පේනවද?? ඒත් එහෙම වෙන්න විදිහක් නෑනෙ. ඒත් එක පාරට දැනුණ අපහසු ගතිය නිසා මම කලබලෙන් වගේ ලවන්ගෙන් එහාට වුණා.

"විදුර්...ඇයි පැටියො?"

මම එහාට වුණ විදිහට ලවනුත් බයවෙලා වගේ මගෙන් ඇහුවා. මම හිටියෙ ටිකක් නොසන්සුන් වෙලා කියලා දැක්ක නිසාම වගේ ලවන් තව ටිකක් කලබල වුණත් මම ආයාසෙන් හිනාවෙලා එයාව සන්සුන් කරා.

"ලවන් අහන්නකො...ඔයා කලබල වෙන්නැත්තම් මම දෙයක් කියන්නම්. මට- එක පාරට අමුත්තක් දැනුනා."

"අමුත්තක්?? ඇයි...මොකද්ද?"

මම හිටපු විදිහත් එක්ක ආයෙම නොසන්සුන් වුණ ලවන් ඇහුවෙ මගෙ කම්මුල් දෙකම කප් කරන ගමන්. ඒත් අර පිරිමි ළමයා බලන් හිටපු විදිහත් එක්ක කලබල වෙලා හිටපු මම ලවන්ගෙ අත් දෙක මගෙ කම්මුලින් එහාට කරා. කිසිම දවසක ලවන්ගෙ ටච් එක රිජෙක්ට් නොකරපු මම එක පාරට මෙහෙම කරද්දි ලවන්ගෙ ඇස් දෙක බයෙන් ලොකු වුණා.

"මැණික ඇයි මේ...?"

තවත් ලවන්ව නොසන්සුන් කරන්න මට ඕන වුණේ නෑ...මම ඒ පිරිමි ළමයා ගැන ලවන්ට කියද්දි ලවනුත් හිමීට ඔලුව හරවලා ඒ දිහා බැලුවා. සාමාන්‍යයෙන්නම් මනුස්සයෙක් තමන්ව නෝට් කරා කියලා තේරුණාම ආයේ ඒ දිහා නොබලා අහක බලාගන්නවනෙ. ඒත් මෙයා තාමත් හිටියෙ අපි දිහා බලාගෙන. ලවන් ඒ පැත්ත බලනවත් එක්කම ලවන්ට කට කොනකින් හිනාවුණ පිරිමි ළමයා ආයෙම අහක බලාගත්තා.

"ලවන්...ඇයි එයා ඒ විදිහට බලන් හිටියෙ? අපිව පේන්නෙ නෑනෙ."

"එහෙම වෙන්න බෑනෙ විදුර්...මම වෙනස් කරනවනෙ- ඔහ්!"

ලවන් කිය කිය හිටපු එක නවත්තලා එක පාරට කල්පනාවකට වැටෙද්දි මම තවත් කලබල වුණා.

"ඇයි...ඒ ඔයා දන්න කෙනෙක්ද?"

"ම්ම්? නෑ...අපි- අපි ඒ ගැන හිතන්නැතුව ඉමු. එයා දැන් අපි දිහා බලන් නෑනෙ."

ලවන් කියද්දි මම ආයෙම ඒ දිහා හැරිලා බැලුවා. දැන්නම් එයා අපි දිහා බලාගෙන නෑ තමා...ඒත් ඒ වුණ දේ නිසා අපි දෙන්නගෙම මූඩ් එක සෑහෙන්න වෙනස් වුණා. විශේෂෙන් ලවන් මට නොපෙන්නුවට එයා මට වඩා මොනවාහරි දෙයක් තේරුම් ගත්තා කියන එක මම දන්නවා. ඒත් මම ඒක අහන්න ගියෙ නෑ. ගොඩක් වෙලාවට මම කලබල වෙන දෙයක්නම් ලවන් ඒක මට කියන්නෙ නෑ. ලවන් කිව්වා වගේම දැන් ඒක අමතක කරන්න ඕන.

"අපි යමුද එහෙනම්...දැන් ගොඩක් වෙලා මෙතන හිටියනෙ."

මම ලවන්ගෙ වැලමිට ගාවින් අල්ලලා කියද්දි එයා හිනාවෙලා මගෙ දිහා බලලා ඔලුව වැනුවා.

"ම්ම්...ඒක හොඳයි. ඔයා කියපු මිල්ක් බාර් එකටත් ගිහින් යමු."

ලවන් මතක් කරනකම් මට ඒක අමතක වෙලා තිබ්බෙ. සැක්...මේ කොහෙවත් ඉන්න කොල්ලෙක් නිසා අපෙ මූඩ් සම්පූර්ණෙන් වෙනස් වුණානෙ. ජිම් එකට හැරෙන පාර ගාවම තියනවා මිල්ක් බාර් එකක්. ගොඩක්ම කැම්පස් ළමයි තමා ඕකට එන්නෙ. ඒකෙ අයිස් ක්‍රීම් මාරම රහයි...රහයි කියන්නෙ කිරි රහයි. තව ඉතින් චොක්ලට් මිල්ක්, එළකිරි වගේ අනම් මනම් තියනවා.

ලවනුයි මායි වෙච්ච දේවල් අමතක වෙන්නත් එක්ක මිල්ක් බාර් එකට ගිහින් චොක්ලට් මිල්ක් දෙකක් බිව්වා. ඒ විනාඩි ගානට මමනම් කලින් වගේ චිල් මූඩ් එකට ආවත් ලවන්ගෙ හිතේනම් පොඩි නොසන්සුන්කමක් තාමත් තියනවා කියන එක මට තේරුණා.

එයා සෑහෙන්න ට්‍රයි කරා මට ඒක නොපෙන්නා ඉන්න. ඒත් ආදරේ කරන කෙනාගෙ පොඩි හරි වෙනසක් තේරුම් ගන්න බැරිකමක් නෑනෙ...ඒත් මං ආයෙ වුණ දේවල් මතක් කරන්න ගියෙවත් හාර හාර එයාගෙන් මුකුත් අහන්න ගියෙවත් නෑ. එහෙම වුණානම් මගෙත් මූඩ් අවුල් යනවා. මම පුලුවන් තරම් වෙන වෙන දේවල් කියලා සිටුවේශන් එක කූල් ඩවුන් කරන්න ට්‍රයි කරා.

හවස හතර හමාරට විතර අපි දෙන්නම අපෙ ගෙදර ආවා. ඒ වෙලේ අප්පච්චිනම් ගෙදර හිටියෙ නෑ...අම්මට විතරක් කතා කරලා වැඩි වෙලා ඉන්නෙත් නැතුව ලවන් යන්න ලෑස්ති වුණා. මම මුකුත් කිව්වෙත් නෑ. අපි දෙන්නම ආවෙ මගෙ බයික් එකේනෙ. එයා පික්මී එකක් දාගෙන යනවා කිව්වෙ. ඉතින් වාහනයක්වත් නැතුව රෑ වෙනකන් ලවන්ට නවතින්න කියන්න මටත් හිතුනෙ නෑ.

"පරිස්සමින් යන්න ලවන්...ගිහින් මට කෝල් එකක් දෙන්න."

"ම්ම්...මගෙ මැණික පරිස්සමින් ඉන්න හොඳද. හෙට හම්බෙමු."

ලවන් මගෙ උරහිස වටේ අත දාලා නළලින් කිස් එකක් තියලා කියද්දි මම එයාගෙ ශර්ට් එක අතකට ගුලි කරගත්තා. මමත් ලවන්ගෙ කම්මුලින් කිස් එකක් තිබ්බට පස්සෙ මගෙ ඔලුව යන්තම් අවුස්සපු ලවන් ගේට් එකෙන් එළියට යනකන්ම මම එයා දිහා බලන් හිටියා.

Third person's pov

විදුර් එක්ක ගත කරපු ආදරණීය පැය ගානට පස්සෙ ලවන් ගෙදර ආවෙ හවස පහත් පහුවෙලා. එයාගෙ හිත පොඩ්ඩක් ගැස්සුණේ නැතුව නෙවෙයි...ඒ පිරිමි ළමයා ලවන් ජීවිතේට නොදැකපු කෙනෙක් වුණත් මේ වෙද්දි එයා යමක් අනුමාන කරලා තිබ්බා. ඒක එහෙමනම්??

පළවෙනි වතාවට ඒ දෙන්නගෙ අනාගතේ ගැන ලවන්ට බය හිතුනා. කොච්චර සැහැල්ලුවෙන් හිතුවත් තමන් ඉන්නෙ කොච්චර සීමා ගොඩක් මැද්දෙද කියන එක එයාට මතක් වුණා.

අපාට්මන්‍ට් එකට හැරෙන පාර ගාව පික්මී එක නවත්තපු ලවන් ඇතුළට ගියේ විදුර්ට මැසේජ් එකකුත් දාන ගමන්. එයා ගෙදර ආවෙ මේ වෙනකන් වුණ ඔලුව අවුල් වෙන දේවල් ඔක්කොම අමතක කරන්න. ඒත් ගේ ඇතුළට අඩිය තියනවත් එක්කම වුණ දේ නිසා එයාගෙ ඔලුව තවත් අවුල් වුණා කිව්වොත් හරි.

"ලවන්...උඹ ආවද?? මම උඹට කෝල් කරන්න ගියා විතරයි."

ලවන් සාලෙට යද්දිම එයා දිහාවට දුවගෙන ආපු සිතුම්ය කලබලෙන් වගේ ලවන්ව බදාගද්දි එයා තවත් ටිකක් නොසන්සුන් වුණා.

"සිතුම්ය...මේ මොකද??"

"හරි- මම කියන්නම්. ඊට කලින් ඉඳගනින්කො. මට කියපන්...අද මොනවහරි වුණාද?"

"මොනවහරි වුණාද අහන්නෙ...?"

"මම කෙලින්ම කියන්නම්...උඹ කලබල වෙන්න එපා බං. උඹට intermediate room එකට කෝල් එකක් ඇවිත්."

සිතුම්ය කියනවත් එක්කම ලවන්ගෙ ඇස් දෙක බයෙන් ලොකුවුණේ වෙන කිසිම දවසක නොවුණ විදිහට. Intermediate room...ෆික්ෂනල් වර්ල්ඩ් එකේ අය යන්න අකමැතිම තැනක් කිව්වොත් හරි.

රියල් වර්ල්ඩ් ඒකට ආපු ෆික්ෂනල් කැරැක්ටර් එකකට එයාගෙ කාලෙ ඉවර වෙනකන් ආයෙ ෆික්ෂනල් වර්ල්ඩ් එකට යන්න බෑ වගේම, රියල් වර්ල්ඩ් එකේ ඉන්න එයාලගෙ ඕතර්ස්ලට ෆික්ෂනල් වර්ල්ඩ් එකට යන්න බෑ. මේ කාලෙ ඇතුළත ෆික්ෂනල් කැරැක්ටර්ස් වලට එයාලගෙ ඕතර්ස්ලව හම්බෙන්න පුලුවන් එකම තැන intermediate room එක.

ලේසියකට ෆික්ෂනල් වර්ල්ඩ් එකේ කෙනෙකුට intermediate room එකට කෝල් එකක් එන්නෙ නෑ. මොකද නීති මාලාවම දැනගෙන රියල් වර්ල්ඩ් එකට එන ෆික්ෂනල් කැරැක්ටර් එකකට ආයෙ එයාලගෙ ඕතර්ස්ලව හම්බෙන විදිහෙ වුවමනාවක් එන්නෙ නැති නිසා.

මෙච්චර කාලෙකට රියල් වර්ල්ඩ් එකේ ඉද්දි  වලට intermediate room එකට කෝල්ස් ඇවිත් තියෙන්නෙ ගොඩක්, ගොඩක්ම අඩු පිරිසකට. ලවන් ඒ එකින් එක දන්නෙ නෑ....ඒත් ඒ කෝල්ස් ආවෙ හොඳ හේතු වලට නෙවෙයි කියන එකත්, ඒ හැම අවස්ථාවක්ම ඉවර වුණේ හොඳ විදිහට නෙවෙයි කියන එකත් ලවන් දන්නවා.

ලවන් කලබල වුණ බව දැක්ක සිතුම්ය නැගිටලා ලවන්ගෙ එහා පැත්තෙන් ඉඳගත්තෙ එයාව සන්සුන් කරන්න හිතාගෙන.

"මුලින්ම උඹ කලබල නොවී ඉඳපන්කො...මම ඒකයි ඇහුවෙ අද මොනවහරි වුණාද කියලා."

මේ දේ වුණේ කොහොමද කියන එක ලවන්ට හිතාගන්න අමාරු නෑ...විදුර් එක්ක එයා මල් ගහ ගාව ඉද්දි නොදන්න කෙනෙක් එයාලා දිහා බලන් හිටපු හැටි ලවන් සිතුම්යට කිව්වා.

"මට නිකමට හිතුණා ඒ අපෙ එකෙක් කියලා බං...ඒ බලන් හිටපු විදිහට ඌ අපි දෙන්නගෙ ඇත්තම විදිහ දැක්කා කියන එක මට තේරුණා. ඒත්- මෙච්චර ඉක්මනට?"

"අපෙ ලෝකෙ මේ වගේ දේවල් වෙන්න වැඩි වෙලා යන්නෙ නෑ බං...උඹ ඒක දන්නවා."

"...."

"විදුර්...එයාට මොනවහරි දැනුනද?"

"නෑ...ඒ වෙලාවෙ පොඩ්ඩක් අවුල් ගිහින් හිටියා විතරයි."

"ම්ම්...දැන්ම පොඩි එකාව ගාවගන්න යන්න එපා. අපි අපිම මේවා විසඳගන්න බලමු."

සිතුම්ය කිව්වෙ ලවන්ගෙ පිටට තට්ටුවක් දාන ගමන්. ලවන්ව සනසන්න කිව්වට සිතුම්ය වුණත් දන්නෙ නෑ මේවා කොහෙන් කොහොම පටන් ගන්නද කියලා...විශේෂෙන් එයත් මේ වගේම සිද්ධියකට මූණ දීපු කෙනෙක් වෙද්දි.

"සිතුම්ය..."

"ම්ම්...?"

"උඹත් intermediate room එකට කෝල් කරලා තියනවා නේද...? ඒ-"

"මගෙයි මිතූගෙයි සම්බන්ධෙ එයාලා දැනගත්තට පස්සෙ..."

සිතුම්ය කියනවත් එක්කම ලවන්ගෙ ඇඟ හිරිවැටිලා ගියේ එයාවත් නොදැන. මේ දේ කොච්චර හොඳින් හිතන්න ඕන වුණත් කලින් වෙලා තියන දේවල් එක්ක ලවන්ට එහෙම හිතන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. කොච්චර තමන් වෙනුවෙන් ෆයිට් කරන්න ගට් එක තිබ්බත් මෙහෙම වෙලාවක බයවෙන එක සාමාන්‍යයි.

සමහරවිට....එයාලා සතුටින් සැහැල්ලුවෙන් හිටපු කාලෙ ඉවර ඇති. මෙච්චර කල් බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රශ්න පටන් ගන්නෙ දැන් වෙන්න ඇති.

ලවන්ගෙ හිතේ තියන හැඟීම් පොදියම තේරුම් ගත්ත සිතුම්ය ආයෙම ලවන්ගෙ අතින් අල්ලගත්තා.

"කලබල නොවී ඉඳපන් ඉස්සරලා...මෙහෙම දේවල් වලට කවදාහරි ෆේස් කරන්න වෙනවා කියලා උඹ දැනන් හිටියනෙ."

"ම්ම්..."

"දැන් ඉතින් ඒ දේවල් වලට මූණ දෙන්න ලෑස්ති වෙයන්...උඹ විදුර්ට ආදරෙයි නේද?"

"More than anything..."

"Now it's time to prove it..."

සිතුම්ය ලවන්ගෙ අත තද කරලා කියද්දි ලවන්ගෙ මූණෙ යන්තම් හිනාවක් ඇඳුනා.

"කෝල් එක ඇවිත් තියෙන්නෙ ඔතෝරිටි එකෙන්ද මාස්‍ටර්ගෙන්ද බං...?"

"මාස්ටර්ගෙන්..."

සිතුම්ය කියනවත් එක්කම ලවන්ගෙ මූණෙ තිබ්බ බය, නොසන්සුන්කම පොඩ්ඩක් අඩු වුණා. වෙන්න යන්නෙ හොඳ දෙයක් නොවෙන්න පුලුවන්...ඒත් ඔතෝරිටි එකට මූණ දෙනවට වඩා මාස්ටර්ට මුණ දෙන එක දහ ගුණයකින් ලේසි දෙයක්.

එයාලගෙ මාස්ටර් ඇලිසන් ග්‍රීන්වුඩ් එයාගෙ කැරැක්ටර්ස් වලට ගොඩක් ආදරේ කෙනෙක් විදිහට ප්‍රසිද්ධ කෙනෙක්. සමහරවිට මාස්ටර් තේරුම් ගනීවි. කොහොම වුණත්...කෝල් එක ආවෙ මාස්ටර්ගෙන් විතරයි කියලා දැනගත්ත ලවන්ට පොඩි සැහැල්ලුවක් දැනුනා.

"හැබැයි...ඔතෙන්ට කලින් ගිය කෙනෙක් විදිහට මම උඹට එක දෙයක් කියන්නම් බං..."

"මොකද්ද...?"

"උඹ විදුර්ට ආදරෙයි තමයි...ඒත් අමතක කරන්න එපා උඹ තාම ඉන්නෙ උඹට මුකුත් කරගන්න බැරි රියල් වර්ල්ඩ් එකේ කියලා. ඒ නිසා අහන දේවල් වලට හොඳට හිතලා බලලා උත්තර දීපන්."

"ඒ කිව්වෙ...?"

"උඹට ඒ වෙලාවට තේරෙයි...මම කිව්ව දේ මතක තියාගනින්."

"ම්ම්..."

"දැන් යමන්...බය වෙන්න එපා. මම උඹත් එක්ක ඉන්නවා."

සිතුම්ය ලවන්ගෙ උරහිසින් අත තියලා කියද්දි හිනාවුණ ලවන් එයාගෙ යාලුවව තදින් බදාගත්තා. මේ වගේ වෙලාවක සිතුම්ය එයා ළඟ ඉන්න එක ලවන්ට කියාගන්න බැරි තරම් ලොකු හයියක්.

තමන්ට අනන්‍ය වුණ කාඩ් එක අරන් ලවන් නැගිට්ටෙ ඇත්තට මූණ දෙන්න...කාඩ් එකේ බට්න් එකක් ප්‍රෙස් කරද්දි සාලෙ පැත්තකින් ඕපන් වුණ intermediate room එකේ දොර දිහා ලවන් බලාගෙන හිටියා.

"පරිස්සමින්...මම කියපුවා මතකනෙ."

ලවන්ගෙ පිටිපස්සෙන් හිටගෙන හිටපු සිතුම්ය උරහිසින් අත තියලා කියද්දි ලවන් ඒ පැත්ත හැරුණා.

"විදුර් කෝල් කරොත් ආන්ස්වර් කරපන්...එයා බයවෙයි නැත්තම්."

"හරි...මං ඒක බලාගන්නම්."

සිතුම්ය හිනාවෙලා කියද්දි ලවනුත් අනිත් හැමදේම මොහොතකට අමතක කරලා හිනාවුණා. විදුර්ගෙ නම මතක් කරත් ඇති ලවන්ට තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙන්න...හිත ආදරෙන් පිරෙන්න.

දැන් ඒ ආදරේ වෙනුවෙන් ෆයිට් කරන්න ඕන කාලෙ...ඒ ආදරේ ඔප්පු කරන්න ඕන කාලෙ. විදුර්ගෙ ලස්සන හිනාව මතක් කරගත්ත ලවන්ට අනිත් හැමදේම අමතක වෙන්න ගියේ පොඩි වෙලාවයි. අන්තිම වතාවට හැරිලා සිතුම්ය දිහා බලපු ලවන් intermediate room එකේ දොරෙන් ඇතුළට අඩිය තිබ්බෙ බයකටත් වඩා බලාපොරොත්තු ගොඩක් හිතේ රඳවගෙන.

Chatgpt එකට කොච්චර කිව්වත් මට ඕන විදිහට ෆොටෝස් දෙන්නෙ නෑ 😒 ඒත් something is better than nothing කියලා ඔන්න ඔය ටික හොඳා.

-----------------------

ඔක්කොටම කලින් මට කියන්නකෝ තේරුනාද කියලා 🙉 තේරුන්නැත්තම් මම ඊළඟ චැපියෙන් තේරුම් කරන්නම්. එතකන් පුලුවන් විදිහට තේරුම් ගන්න බලන්නකො.

පේරා මල් සීසන් එක ඔයාලා දැකලා ඇති කියලා මං හිතනවා. කැම්පස් ජීවිතේ මම ආසම කරපු සීසන් එකක්. පහළින් තියෙන්නෙ 2021 මල් සීසන් එකේ මම ගත්ත ෆොටෝස් වගයක්.

මම කියපු ගහම තමා මේ හොඳේ. 🫢

ප්‍රස්න තියනවනම් ඉදිරිපත් කරන්න පුලුවන් 🎤

Share This Chapter