Back
/ 35
Chapter 29

Fictional World - 2

සීමාවෙන් එහා

මම මීට කලින් චැප්‍ටර් එකේ කිව්වනෙ, තව කියන්න අමතක වුණ දේවල් පොඩ්ඩක් තියනවා ටයිප් කරන්න කම්මැලි කියලා. ඒකත් වෙනම ස්පෙශල් චැප්‍ටර් එකක් විදිහට දෙන්න හිතුවා මම.

කලින් චැප්‍ටර් එක ගැන කියද්දි කියන්න ඕන...මම හිතන්නෙ චැප්‍ටර් 26 නොටිෆිකේශන් ගොඩක් අයට ගියෙ නෑ. මේකෙ නොටිෆිකේශනුත් ඔයාලට එන්නෙ නැති වෙයිද දන්නෑ ඒත් මේකෙ නොටිෆිකේශන් ඇවිත් චැප්‍ටර් 26 වල ආවෙ නැත්තම්...මම චැප්‍ටර් 26 අප්ඩේට් කරා ජනවාරි 28 වෙනිදා. ඒ කියන්නෙ ලවන්ට intermediate room එකට කෝල් එක ආවට පස්සෙ චැප්‍ටර් එක.

ඒකත් බලලම එන්න. මට හිතෙන විදිහට මේ කතාවෙ පීක් වෙන කොටස් දෙකක් තියනවා...ඒකෙන් එකක් තමා මේ ඔන්ගොයින් චැප්ටර්ස් ටික. ඒ නිසා මිස් කරගන්න එපා 🫢

එනිවේ ආයෙම කියන්න ආපු එකට යන්නම්කො. පොඩි කාරණාවෙන් පටන් ගන්නම්.

මම කලින් චැප්‍ටර් එකක කියලා ඇති මුලින් ලවන්ගෙ ෆික්ෂනල් නේම් එක වෙන්න තිබුණෙ ලවන්‍ය, ඒත් ඒක ලෙවින් වුණා කියලා. එහෙම වෙන්න හේතුව සහ එයාලගෙ නම් ගැන පොඩි දෙයක් කියන්නම්.

ඒක සරලයි ඉතින්...මුලින්ම ලවන් එංගලන්තෙ බේස් වුණ කැරැක්ටර් එකක් කියලා මගෙ ඔලුවෙ තිබ්බෙ නෑ. මුලින් තිබුණෙ එයා ෆික්ෂනල් කැරැක්ටර් එකක් කියන එක විතරයි. ඒත් කතාවෙ තව හිතද්දි මට හිතුනා ඇත්තම ලවන්ගෙ කැරැක්ටර් එක, එහෙමත් නැත්තම් එයාගෙ පොතේ චරිතෙ එංගලන්තෙ කැරැක්ටර් එකක් කරන්න.

එහෙ අයට ඉතින් ලවන්‍ය කියලා නම් තියෙන්න විදිහක් නෑනෙ 😐 ඉන්ග්ලිශ් නමක් වෙන්න එපැයි. ෆික්ෂනල් කැරැක්ටර්ස් ඔක්කොගෙම නම් එහෙම තමා. ඒ ඒ කැරැක්ටර් එක බේස් වෙන රට අනුව තමා එයාලගෙ ඇත්තම නම් ලැබෙන්නෙ.

ඔන්න ලංකාවෙ ෆික්ෂනල් කැරැක්ටර් එකකටනම් ලවන්‍ය කියලා තියෙන්න පුලුවන්. ලවන්ගෙ කැරැක්ටර් එක එංගලන්තෙ නිසා තමා ලෙවින් කියන නම ලැබුණෙ.

එතකොට එයාලා රියල් වර්ල්ඩ් යනකොට, එයාලගෙ ඇත්තම නමට සමාන ලෝකල් නමක් එයාලට ලැබෙනවා. සමානනම් සිතුම්යගෙ නම වොරන් වුණේ කොහොමද කියලා ඔයාලා කල්පනා කරනවනම්...අමතක කරන්න එපා එයාගෙ මුල් නම වරුන්. 😁

හරි නම් ගැන කියන්න තියෙන්නෙ ඔය ටික. අනිත් දේ තමා...අවුරුදු 18ට අඩු අය ෆික්ෂනල් වර්ල්ඩ් එකේ නැත්තෙ ඇයි කියන එක ගැන සමහරවිට ඔයාලට ප්‍රශ්නයක් එන්න ඇති. හේතු දෙකයි.

එකක්...අවුරුදු 18ට අඩු කෙනෙක්නෙ අපි ළමයෙක් කියලා සලකන්නෙ. එයාලා ඇවිල්ලා දෙමව්පියන්ගෙ වගකීමක්. ඕක අපෙ රටේනම් ටිකක් වෙනස් තමා. මොකද අපි හැමෝම අවුරුදු 18 පැනලත් කැම්පස් යනකම්,රස්සාවක් කරලා ස්ථාවර වෙනකම් දෙමවුපියො අපෙ වගකීම දරනවනෙ.

කන්න බොන්න දෙන එක, කැම්පස් එකට ඕන සල්ලි දෙන එක, කොටින්ම අපි ඉන්නෙත් අම්මලා අප්පච්චිලාගෙ ගෙදරනෙ. ඒත් පිටරටවල, වැඩිපුරම බටහිර රටවල විදිහ වෙනස්.

එයාලා අවුරුදු 18 වෙනකන් විතරයි තමන්ගෙ ළමයෙක්ගෙ වගකීම දරන්නෙ. කන්න බොන්න් දෙන්නෙ ගෙදර තියාගන්නෙ පවා අවුරුදු 18 වෙනකන් විතරයි. එයාලට අනුව ඊට පස්සෙ කෙනෙක් වගකීමක් දරන්න පුලුවන් තමන් වෙනුවෙන් හම්බ කරන් ජීවත් වෙන්න පුලුවන් වැඩිහිටියෙක්.

ඉතින් අවුරුදු 18 වුණ ගමන්ම ළමයෙක් ගෙදරින් යනවා...ගොඩක් වෙලාවට කොහෙහරි රෙන්ට් එකට තමා. ඇයි ඉතින් අවුරුදු 18 ලබපු ගමන් වැඩිහිටියෙක් වුණාට සල්ලි ඉබේ පහළ වෙනවයැ. එහෙම ගෙදරින් නොගිහින් දෙමවුපියොන්ගෙ ගෙදරම හිටියත් රෙන්ට් එක ඒ දෙන්නට දෙන්න ඕන. ඒ නිසා ඔය රටවල ළමයි ගොඩක් වෙලාවට අවුරුදු 18න්ම බාර්ටෙන්ඩර්, ඩිලිවරි බෝයි වගේ රස්සා කරනවා.

ඉතින් කන කෑමෙ ඉඳන්, අඳින ඇඳුමෙ ඉඳන්, රෙන්ට් එකේ ඉදන් විතරක් නෙවෙයි කොලේජ් ෆී එක පවා එයාලා අවුරුදු 18න් පස්සෙ තනියම හම්බ කරගන්න ඕන. එහෙ දෙමවුපියො පවා කියන්නෙ අවුරුදු 18 වෙනකන් විතරනෙ ඊට පස්සෙ අපි නිදහස්නෙ කියලා.

ඉතින් මේ ෆික්ෂනල් වර්ල්ඩ් කියන එකේ කන්සෙප්ට් එකම වගකීම් නැති, නිදහස් කියන එකනෙ. ඉතින් එහෙ "ළමයි" කියන වගකීමෙනුත් හැමෝම නිදහස්. සල්ලි ප්‍රශ්නනම් නෑ තමා...ඒත් ළමයෙක්ව බලාගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයිනෙ.

අවුරුදු 15, 16 ළමයිනම් මොකක්හරි කියමුකො. නිකමට හිතන්න අවුරුදු 3,4,5 ළමයි...අනිවාර්යෙන් එයාලව බලාගන්නම එපැයි. අනික අමතක කරන්න එපා මෙයාලා වයසට යන්නෙත් නෑ. ඒ කියන්නෙ එයාලගෙ අමරණීය මුලු ජීවිත කාලෙම අත දරුවෙක්ව බලාගන්න ඕන.

හනෙ අම්මේ ඊට වඩා හොඳයි ආයෙ නැගිටින්නැතිවෙන්න ඩීප් ස්ලීප් එකකට යනවා 🙂

ලොකු අය ගැන එහෙම ප්‍රශ්නයක් නෑනෙ. අවුරුදු 14න් උඩ ළමයන්ට යම්තාක් දුරට තේරෙනවා තමා ජීවිතේ ගැන. ඒත් ලෝකෙ හැමෝම වැඩිහිටියෙක් කියලා පිළිගත්ත වයස අවුරුදු 18නෙ. ඒ නිසා ඕතර්ස්ලත් ඒ වයසින් උඩ අයට ෆික්ෂනල් වර්ල්ඩ් එකේ පණ දෙන්න තීරණය කරලා තියෙන්නෙ.

ලවන්ගෙ වුණත් අම්මා තාත්තගෙ චරිත ෆික්ෂනල් වර්ල්ඩ් එකේ ඉන්නවා. ඒත් ලවන් කියන්නෙ අවුරුදු 25ක කෙනෙක්නෙ...බලාගන්න දෙයක් නෑනෙ.

අනිත් එක ඉතින් පොතේ හැටියට ඒ දෙන්නා බැඳලා හිටියට ෆික්ෂනල් වර්ල්ඩ් එකෙත් ඒ දෙන්නම එකට ඉන්න ඕනෙ කියලා එකක් නෑනෙ. එහෙනම් ඉතින් ලවන් රියානට ආදරේ කරන්න එපැයි. පොතක චරිතයක් වුණාට එයාලා වෙනම ලෝකෙක පණ ලබපු හැඟීම් දැනීම් තියන මිනිස්සු...පොතේ විදිහටම ජීවිතේ ගෙවන්න ඕනෙ කියලා එකක් නෑනෙ. ඒ නිසා කොහොමටත් දරුවෙක්ගෙ වගකීම කිසිම කෙනෙක්ට දෙන්න බෑ මේ ලෝකෙ.

ඔය මම කිව්වෙ එක හේතුවක්. ඒ තමා දෙමව්පියන්ට වෙන්න තියන බලපෑම. අනිත් එක ඒ ළමයින්ට වෙන්න තියන මානසික බලපෑම. හිතන්න...අවුරුදු 6 වගේ වයසක හැමදාම ඉන්න වෙනවා කියන්නෙ ප්‍රැක්ටිකල් දෙයක් නෙවෙයිනෙ.

වැඩිහිටියොන්ටනම් තේරෙනවා ෆික්ෂනල් කැරැක්ටර් එකක් කියන්නෙ මොකද්ද කියන එක. ඒත් පොඩි දරුවෙක්ට ඔයවගේ දේවල් තේරුම් ගන්න බෑ. එයාලගෙ දැනුම හැදෙන්නෙත් අවුරුදු 6ක ළමයෙක්ගෙ විදිහට.

අනික පොඩි ළමයෙක්ට රියල් වර්ල්ඩ් යන්න් දෙන්නත් බෑනෙ...වෙන කෙනෙක් එක්ක තමා යන්න ඕන. ඒත් වැඩිහිටියෙක් එක්ක ගිහින් ඒ කෙනාට වෙන්නෙ රියල් වර්ල්ඩ් ගිහිල්ලත් අර ළමයව බලාගන්න එක විතරයි. මොකද තනි තීරණ, පරිස්සම් තීරණ ගන්න තරම් එයාගෙ මොළේ මෝරලා නෑනෙ. කීයටවත් ළමයෙක්ව රියල් වර්ල්ඩ් යවන්න බෑ එතකොට.

එහෙම කිසි වෙනසකුත් නැතුව ඒ වයසෙම අමරණීයව ඉන්නවා කියන්නෙ ඒ වගේ නොමේරූ මොළේකට දරාගන්න අමාරුයි.

ඔන්න ඔය හේතු දෙක නිසා අවුරුදු 18ට අඩු අයට මේ ලෝකෙ පණ දෙන්නෙ නෑ. ඔය ටික තමා මට කියන්න ඕන වුණේ.

ස්පෙශල් චැප්ටර්ස් මෙතනින් එහාට නැතිවේවි...කියවෙන්න ඕන ඔක්කොම ටික කිව්වා. කතාව කියවන හැමෝටම ආදරෙයි. ඊළඟ චැප්‍ටර් එකේ ලොකු දෙයක් වේවි 🙉 ඒ නිසා දිගටම කියවන් යයි කියලා හිතනවා.

ආයෙත් මතක් කරනවා චැප්‍ටර් 26 ගැන...ඔයාලට මිස් වුණානම් ඒක කියවලා එන්න ❤️

දෙන්න කියලා විශේෂ පොටෝවක් නෑ 🙂 ඕන් ඔය දෙක තියාගන්න.

Share This Chapter