Back
/ 35
Chapter 30

Part 27

සීමාවෙන් එහා

"විදුර්...ම්හ්හ්හ්ම් අපි- ම්හ් අපි රූම් එකට යම්හ්හ්හ්හ් යමු-"

කිස් එක අතරෙම ලවන් කියද්දි මම ටිකකට එයාගෙන් එහාට වෙලා අපාට්මන්‍ට් එකේ දොර දිහා බැලුවා. රූම් එකට යන්න කියන්නෙ...මුලින්ම කාර් එකෙන් බහින්න ඕන. ඊට පස්සෙ අපාට්මන්‍ට් එකේ දොර ගාවට යන්න ඕන. ඊට පස්සෙ උඩ තට්ටුවට යන්න ඕන. ඊටත් පස්සෙ ඇඳ ගාවට යන්න ඕන. අපෝ මේ...එච්චර කාලෙ නාස්ති කරන්න බෑ.

"බෑ...I want you right here."

මම ආයෙම ලවන්ගෙ තොල් වලට පහත් වෙද්දි මට රූම් එකට යන්න කිසිම වුවමාවක් නෑ කියලා තේරුණ ලවන් ඒ වගේම උද්‍යෝගෙකින් මාව කිස් කරා. අපි දෙන්නා ලවන්ගෙ අපාට්මන්‍ට් එක ඉස්සරහ කාර් එක නතර කරන් හිටියෙ. රූම් එකට යන්න ඇති තරම් වෙලා තිබුණත් මට ඒ තරම්වත් ඉවසීමක් තිබුණෙ නෑ.

ලවන්ට ඉක්මනටම යන්න වෙනවා කියලා එදා කැෆේ එකේදි මට කියලා හෙටට සති දෙකක්...මේ සති දෙකට අපි දෙන්නා වෙන් වුණේම නැති තරම්. පුලුවන් හැම වෙලාවකම හිටියෙ එකටමයි. ටික කාලෙකට හරි වෙන් වෙන්න කලින් හැම තප්පරයක්ම එකිනෙකා එක්ක ගත කරන්න අපි දෙන්නටම ඕන වුණා.

මම මෙච්චර කාලෙකට ලවන් එක්ක වීක් ඩේස් වල අපාට්මන්‍ට් එකේ නැවතිලා හිටියෙ නෑ. ඒත් මේ ටිකේ සමහර වීක් ඩේස් වලත් මම එයා එක්ක හිටියා. උදේට කැම්පස් ගියෙත් එහෙ ඉඳලා. මම අම්මටයි අප්පච්චිටයිත් කියලා තිබුණෙ ලවන්ට ආයෙ UK යන්න වෙනවා ටික කාලෙකට කියලා. ඒ නිසා ඒ දෙන්නත් අවුලක් වුණේ නෑ මම ලවන් එක්කම ඉන්න එක ගැන. ඕන කෙනෙකුට තේරෙනවනෙ ඉතින්...

මේ සති දෙකට අපි දෙන්නා ඉමෝශනලි වගේම ෆිසිකලිත් තවත් ළං වුණා කිව්වොත් හරි. පුලුවන් තරම් ළඟින් හිටියා වගේම අපි දෙන්න ඉන්ටිමේට් වුණත් වැඩි...ඕරල්ම වෙන්න ඇති දහ පාරක් විතර. කොච්චරද කියනවනම් දවසක් අපෙ ගෙදර මගෙ රූම් එක ඇතුළෙත් එහෙම දෙයක් වුණා. බොහොම අමාරුවෙන් සද්දයක් ඇහෙන්නැතිවෙන්න කන්ට්‍රෝල් කරන් හිටියෙ.

වෙලාවකට හිතෙනවා අපි දෙන්නම දුක අඩු කරගන්නද කියලා මෙහෙම කරන්නෙත්. ඒත් එහෙම වෙලාවල් වල කිසි වෙනසක් තිබුණෙ නෑ...ඊට කලින් අපි දෙන්නා ඒ වගේ දේවල් එන්ජෝයි කරා වගේම මේ සති දෙකේ වුණ දේවලුත් එන්ජෝයි කරා. ඒ එක්සයිට්මන්ට් එක වෙනදා වගේම එහෙමම තිබුණා.

අදත් මම මේ තුනට ලෙක්චර්ස් ඉවර වෙලා එන ගමන්. ලවන්ට එකොළහට ඉවර වුණ නිසා එයා ටවුන් ගියා වැඩ වගේකට. හෙට සෙනසුරාදත් නිසා මම අද ලවන් එක්ක නවතින්න හිටියෙ. එයා එන ගමන් මාව පික් කරන් ආවා. වෙසක් පෝයත් එක්ක එන ලෝන්ග් වීක් එන්ඩ් එක නිසා හෙට අපෙ කැෆේ එකත් වහලා. ඒ නිසා හෙට දවසම ලවන් එක්ක ඉන්න පුලුවන්.

අපාට්මන්‍ට් එක ඉස්සරහට ඇවිත් කාර් එක නතර කරපු ගමන් ලවන්ගෙ උකුල උඩට ගිහින් එයාව කිස් කරන්න පටන් ගත්ත ගමන විනාඩි දහයක් විතර යනකන්ම අපෙ මේක් අවුට් සෙශන් එක ඉවර වුණේ නෑ. අන්තිමට ඉතින් අපි දෙන්නගෙම හැඟීම් ඉස්මතු වෙලා පේන්න ගත්තම තමා ලවන් කිව්වෙ රූම් එකට යමු කියලා.

පිස්සුද අනේ...විනාඩි ගාණක් හරි නාස්ති කරන්න. එළියෙ පොඩි චුරු චුරු වැස්සකුත් තියනවා අනික. මෙතන හොඳටම හොඳයි.. ! මම පිස්සුවෙන් වගේ ලවන්ගෙ තොල් කිස් කරද්දි එයාගෙ අත් මගෙ අපර් බොඩි එක පුරාම රස්තියාදු වුණා.

අපි දෙන්නගෙ තෙත හාදුව ටිකකට නැවතුනේ ලවන් මගෙ ශර්ට් එකේ බට්න්ස් ගලවන්න පොඩ්ඩක් පිටිපස්සට වෙද්දි. එයා බට්න්ස් එකින් එක ගලවනකම් මම එයාගෙ දිහාම බලන් හිටියා.

"අනේ මන්දා බබා ඔයත්...බලන්න මෙතන ඉඩත් නෑ."

මගෙ ශර්ට් එක ගලවද්දි පිටිපස්සෙ ස්ටියරින් වීල් එක තියන නිසා පොඩ්ඩක් හිරවෙලා මඟුලක් වෙද්දි ලවන් මගෙ දිහා බලලා කිව්වා. තරවටු කරන්න වගේ කිව්වට මොකද ඒ වෙලාවෙ එයාගෙ මූණෙ තිබ්බෙ මනමාල හිනාවක්. මමත් ඒ විදිහෙම හිනාවකින් එයාට උත්තර දෙන ගමන් ලවන්ගෙ ටී ශර්ට් එකේ කොනක් අල්ලගත්තා.

"Oh come on~~stop acting like you are not enjoying it."

"I enjoy every second with you baby..."

ලවන් මට ඇහැක් ගහලා කියද්දි ඒකට හිනාවුණ මම එයාගෙ ටී ශර්ට් එක ගලවලා අයින් කරා. උඩුකය නිරුවත් වුණ ගමන්ම ඇඟට දැනුන තප්පරේක සීතල නැති වුණේ ලවන් මාව එයා පැත්තට ඇදලා අරන් මගෙ බෙල්ලෙන් තොල් තියද්දි. ලවන්ගෙ තොල් මගෙ බෙල්ලෙ ඉඳන් ටිකින් ටික පහළට යද්දි මම එයාගෙ කෙස් අහුරක්ම අතට ගුලි කරන් හිමින් එයාගෙ නම කෙඳිරුවා.

විනාඩි ගාණක්ම මගේ නිප්ල්ස් වල තොල් ගෙනියපු ලවන් ආයෙම හිමින් උඩට ඇවිත් මගෙ තොල් අල්ලගත්තා. මාව ඉනෙන් අල්ලලා තව ටිකක් ළං කරගෙන එයා මාව කිස් කරන ගමන්ම එයාගෙ අත් දෙක මගෙ පපුව පුරා විතරක් නෙවෙයි පිට පුරාමත් අරන් ගියේ සීතල පොඩ්ඩක්වත් මට නොදැනෙන විදිහට.

ඒ වෙද්දි මම හිටියෙ පොඩ්ඩක්වත් ඉවසන්න පුලුවන් තත්වෙක නෙවෙයි. ලවන් කිස් කරන අතරෙම මම මගෙ අත් දෙක එයාගෙ පපුව දිගේ පහළට අරන් ගිහින් එයාගෙ ඩෙනිම් එකේ බට්න්ස් දෙක පැන්නුවා. ඒ වෙලේ කිස් එක නවත්තපු ලවන් සීට් එකට හේත්තු වෙලා මගෙ දිහා බලන් හිටියෙ කට කොනකින් හිනාවකුත් එක්ක.

"Impatient much...?"

"මේ ඉවසුව තරමත් හොඳටම වැඩි..."

මම කිව්වෙ ලවන්ගෙ ඩෙනිම් එක යන්තම් පහළට කරලා අන්ඩවෙයා බෑන්ඩ් එක අල්ලගන්නවත් එක්ක. ඒත් ඒ එක්කම මගෙ අත් දෙක එයාගෙ අතකට මැදි කරගත්ත ලවන් මාව ස්ටියරින් වීල් එකේ හේත්තු වෙන විදිහට පිටිපස්සට කරලා ආයෙම මගෙ තොල් කිස් කරන්න ගත්තා. ඒ අතරෙම ලවන්ගෙ අතින් මගෙ ඩෙනිමෙත් බට්න්ස් ගැලවෙනවා මට දැනුනා.

ඒ එක්කම මගෙන් ලොකු මෝන් එකක් පිටවුණේ ලවන්ගෙ අත මගෙ කකුල් දෙක මැදින් නවතිද්දි. අන්ඩවෙයා එකට උඩින් වුණත් මගෙ පණ ගහපු හැඟීම් උඩ ලවන් එයාගෙ අත එහා මෙහා ගෙන යද්දි මගෙ ඇස් උඩ අතට රෝල් වුණේ ඒ ටච් එක දරාගන්න බැරුව.

ටික වෙලාවක් මාව ඒ විදිහට ටච් කරපු ලවන් මගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඩෙනිම් එකයි අන්ඩවෙයා එකයි දෙකම පහළට කරේ මගෙ ඉස්මතු වුණ හැඟීම් අපි දෙන්නගෙම ඇස් ඉස්සරහ මතු කරන ගමන්.

ලවන්ගෙ ඇඟිලි ඒ වටේ එතෙන්න කලින් මම ලවන්ගෙ අන්ඩවෙයා බෑන්ඩ් එකත් පහළට කරේ මේ තරම් වෙලා ෆැබ්‍රික් අතර හිරවෙලා හිටපු එයාගෙ හැඟීමුත් නිදහස් කරන වෙද්දි. මාසයක් විතරම කොයි තරම් ඒ හැඟීම් මගෙ ඇස් වලට අහුවෙලා තිබුණත්, කොයි තරම් ඒවගෙ රස බලලා තිබුණත් අලුතින් දකින දකින හැම වාරයක් ගානෙම මම ලවන්ට තව තවත් ඇබ්බැහි වුණා. එයා ඒ තරම් පිස්සුවක්.

ලවන්ට මං ගැන දැනෙන්නෙත් ඒ වගේම හඟීමක් කියන එක මට එයාගෙ ඇස් දෙක දිහා බලද්දි තේරුම් ගන්න පුලුවන් වුණා. ඒ වෙද්දි එයාගෙ ඇස් නැවතිලා තිබුණෙ මගෙ හැඟීම් දිහාවට. තව මොහොතක් යන්න කලින් එයාගෙ ඇඟිලි ඒ වටේ එතෙද්දි මම ඇස් දෙක තදින් පියාගෙන ඉස්සරහට නැමුනෙ ඒ ෆීලින් එක දරාගන්න බැරුව. මම ඉස්සරහට වෙද්දි ලවනුත් මගෙ පැත්තට වෙලා මාව එයාගෙ උරහිසට වාරු කරගත්තා.

"මෙච්චට කල් ගිහිනුත්...ඔයා තාමත් හරි සෙන්සිටිව් විදුර්."

ලවන් කියද්දි මම කට කොනකින් හිනාවෙලා එයා දිහා බැලුවා.

"Only me...?"

මම ඇහුවෙ මගෙ අත එයාගෙ හැඟීම් වටේ එතෙද්දි. ඒ එක්කම ලවනුත් ඇස් දෙක පියාගෙන කෙඳිරුමක් පිටකරා.

"ඔහ් ගෝඩ් විදුර්..."

"See...it's both of us."

"Well...don't blame me. You drive me crazy."

ලවන් මගෙ දිහා ගොඩක් සෙඩක්ටිව් විදිහට බලලා කියන ගමන් එයාගෙ අත මගෙ හැඟීම් වල එහා මෙහා ගෙනියන්න ගත්තා. ඒ වේගෙන්ම මමත් එයාව ස්ට්‍රෝක් කරන්න ගද්දිම ආයෙම කලබලෙන් වගේ අපි දෙන්නගෙ තොල් එකතු වුණා. ඒ මොහොතෙ ඉඳන් විනාඩි ගාණක්ම යනකන් කාර් එක පුරා දෝංකාර දුන්නෙ අපි දෙන්නගෙ කෙඳිරුම් සද්ද විතරයි.

අන්තෙටම ආපු මගෙ හැඟීම් නිදහස් වෙලා ලවන්ගෙ ඇබ්ස් තෙත් කරද්දි එයාගෙ හැඟීමුත් නිදහස් වුණේ මගෙ නම කෙඳිරුමක් විදිහට පිටකරන ගමන්. ඒ ගමන්ම නළලට නළල හේත්තු කරගත්ත අපි දෙන්නා තප්පර ගාණක්ම හුස්ම අල්ලන්න ට්‍රයි කරා. වටපිටාවෙ සීතලත් එක්ක ඒ මොහොත අපි දෙන්නා උපරිමෙන් එන්ජෝයි කරා.

හුස්ම ගන්න වේගෙ ටිකක් සාමාන්‍ය වුණ ගමන් ලවන් සීට් එකට හේත්තු වෙලා මාව එයා පැත්තට වාරු කරගත්තා. මාත් තවත් ටිකක් එයාට ළං වෙලා එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා.

"විදුර්..."

"ම්ම්..."

"ඩේට් එක යනවද...?"

ලවන් අහද්දි මට හිනාගියා. අපි දෙන්නගෙ ප්ලෑන් එක තිබ්බෙ අපාට්මන්‍ට් එකට ඇවිත් වොශ් එකක් දාලා කොහෙහරි යන්න. ඒත් කොහෙද ඉතින්...මෙහෙම දෙයක් සිද්ධ වුණානෙ ඇතුළට යන්නත් කලින්. අනික මේ වැස්සෙ මොන ඩේට්ද අනේ. හවස හතරටත් කිට්ටුයි අනික.

"ඕන්නෑ නෙහ්...තුරුල් වෙලා දොයියගමු."

"ම්ම්...මාත් එහෙම තමා හිතුවෙ."

ලවනුත් කිව්වෙ හිනාවෙන ගමන්. මම එයාගෙන් අහකට වෙන්න යද්දිම මගෙ නිකටින් අල්ලලා උස්සපු ලවන් තොල් වලින් ස්වීට් කිස් එකක් තිබ්බා. එයා ටිශූ දෙක තුනක් අරන් අපි දෙන්නව ක්ලීන් කරනකන්ම මම එයාගෙ පපුවට හේත්තු වෙලා හිටියා.

ලවන්ගෙ රූම් එකට ආපු මම මගෙ බඩු ටික ස්ටූල් එක උඩින් තියලා වොශ් එකක් දාගන්න යන්න ලෑස්ති වුණා. දැන්නම් ඉතින් අපි ඉස්සර වගේ බාත් රූම් දෙකක නාන්න යන්නෙ නෑ. වතුර ඉතුරු කරන්න එපැයි නේ...හුම්.

අදනම් මේ වෙලාවට නාලා පොඩ්ඩක් කේස් වෙයි කියන එකනම් මට ඉවෙන් වගේ දැනිලා තිබ්බෙ. මෙහෙමනෙ ඉතින්...ලවන්ට වගේ දරුණුවට නැති වුණාට ඕනවට වඩා සීතල වුණොත් අපි හැමෝටම ලෙඩ හැදෙනවනෙ. ඊයෙ හවස ගෙදර ගිහින් දමාගෙන අයිස්ක්‍රීම් ගොඩක් කාලා ඒ ගමන්ම නාලා මට රෑට පොඩි උණ ගතියක් තිබ්බා.

අම්මා බෙහෙත් ටිකක් දුන්නට පස්සෙ අද උදේ වෙද්දි උණ අඩු වෙලා තිබුණා. ඒත් හවස් වෙලා නාලා ආයෙ උණ ගයිද දන්නෑ. ඒත් කමක් නෑ...උදේ ඉඳන් කැම්පස් එකේ ඉඳලා ඒ මදිවට දැන් ටිකකට කලින් වෙන අනම් මනම් ඒවත් කරලා නාන්නැතුව මල පෙරේතයෙක් වගේ නිදාගන්න බෑනෙ.

ඒත් මගෙ මනුස්පයටනම් කියන්න හොඳ නෑ ඕවා...ඇයි අප්පා විහින් ලෙඩ හදාගත්තම සැලකිලි හම්බුනාට ඒ වගේම බැනුම් අහන්නත් එපැයි. ඒ නිසා ඕන්නෑ. ගැම්මට නාගන්න ඕන ලෙඩ පාට් දාන්නැතුව.

නාලා ඇවිත් ලවන් අපි දෙන්නටම කෝපි හැදුවා. එයාටනම් ඉතින් කොහොමත් හොඳ නෑනෙ රෑ වෙලා නාන්න කියන්න. ඒ නිසා නාපු ගමන් ඇඟ රත් වෙන්නත් එක්ක කෝපි එක බොන එක හොඳයි.

නාලා අපි දෙන්නම නින්දක් දාන්න කලින් ලවන් බෙහෙත් පෙති දෙක තුනක් බිව්වා පෙර සූදානමට. මම සද්ද නැතුව හිටියා...හේතු කිව්වොත් බැනුම් අහන්න වෙයි කියලා. හැබැයි ඉතින් නොකිව්ව මෝඩකම කියලා හිතුනේ නිදියලා ඇහැරුණාට පස්සේ.

මම ඇහැරෙද්දි රූම් එකම කලුවරයි. පෝය කිට්ටු නිසා යන්තම් හඳ එළිය විතරක් රූම් එකට වැටිලා තිබුණා. පැය ගානක් නිදාගෙන වගේ. ඇහැරෙනකොටම මට දැනුනා ඇඟ රත් වුණ ගතියක්. බබා හම්බෙලා වගේ...මදැයි ලොකුකමට බෙහෙත් නොබී හිටියා.

මම ඇඳේ අනිත් පැත්ත අතපත ගාලා බලද්දි ලවන් හිටියෙත් නෑ...එයා සමහරවිට කෑම හදන්න යන්න ඇති. මම අතපය විසි කරලා ෆෝන් එක හොයාගෙන වෙලාව බලද්දි හත හමාරයි. හරිනෙ...ලවන් ඩිනර් රෙඩි කරන්න තමා යන්න ඇත්තෙ.

යන්තම් ඇඟට දැනෙන රස්නෙත් එක්ක මට නැගිටින්න හිතක් තිබ්බෙත් නෑ. ඒ නිසා මම ෆෝන් එක බලලා ඇවිත් තිබ්බ මැසේජ් වලට රිප්ලයි කර කර ඉද්දි කාමරේ පැත්තකින් තිබුණ පොඩි ලයිට් එක ඔන් වුණා.

"විදුර්...ඇහැරියද ඔයා?"

ලවන්ගෙ කටහඬ ඇහෙද්දි මම ෆෝන් එක තියලා එයාගෙ පැත්තට හැරුණා. සූටි කුකූ දැක්කත් ඇති අප්පා ලෙඩ හොඳ වෙන්න...ඒත් ඉතින් සූටි කුකූ බැස්කවිල් බල්ලා වෙන හැටි බලාගන්න පුලුවන් තව ටිකකින්. ඊට කලින් මගෙ හුරතල් කැටයම් ටිකක් දාලා ශේප් වෙන්න ඕන.

"ම්ම්.."

"මම කෑම හැදුවා...අපි කන්න යමු."

ලවන් ඇඳේ පැත්තකින් ඉඳගෙන මගෙ ඔලුව අතගාන ගමන් කිව්වා. මං හිතන්නෙ එයාට මීටර් වුණේ ඒ වෙලාවෙ. එක පාරට බයවුණ ලවන් මගෙ නළලටයි බෙල්ලටයි අත තියලා රස්නෙ බැලුවා.

"විදුර්...ඔයාට උණනෙ පැටියො. වැස්සෙ තෙමුණවත්ද අද?"

"ම්හ්ම්..."

මම නෑ කියන්න ඔලුව වනද්දි ලවන් ආයෙම මගෙ ඔලුව යන්තමින් අතගාන්න ගත්තා. සනීපයි...මම එයාට තව ටිකක් ළං වෙලා බඩ වටේ අත දාලා ඉන ගාවින් ඔලුව ගහගත්තා.

"මොකද එක පාරටම...මේ ටිකේ වැඩි වුණාවත්ද?"

ලවන් අහන එක තේරුණ මම ඇස් ඇරලා එයා දිහා බලද්දි එයා අමුතු හිනාවකින් මගෙ දිහා බලන් හිටියා. මේ ටිකේ පිටවුණානම් ටිකක් වැඩි තමා ඒත් අපි උණ ගැනෙන්න තරම් දෙයක් කරායැ. අතින් කටින් වැඩක් ගත්තා මිසක්. අනික ඉතින් කොහොමත් උණ හැදෙන්න හේතුව එහෙම එකක් නෙවේ අයිස්ක්‍රීම්නෙ...ඒක දන්නෙ මමනෙ.

"මං මේ කල්පනා කරේ බබා...ඕවා කරලත් ඔයාට උණ ගැනෙනවනම් ඊට වඩා දෙයක්- ආව්ව්!! ආව්- හරි හරි...මුකුත් නෑ. ආව්හ්!"

මම ලවන්ට කොට්ටෙකින් දමලා ඇරලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. ආවා මෙතන අපහාස කරන්න. ඇයි යකොව්...අයිස්ක්‍රීම් එකක් නිසා මම විඳින නින්දා අපහාස බලහන්කෝ. උණ හැදෙනවද නැද්ද බලන්න කරලා ඉන්න එපැයි ඉස්සර වෙලා.

මම අනිත් පැත්ත හැරුණත් එක්කම මට දැනුනා ලවනුත් ඇඳේ දිගා වෙනවා. හැරිලවත් බලන්නෑ හිටපන්කෝ. මම එහෙමම ඉද්දි ලවන් මගෙ ඉන ගාවින් අත දාලා එයා දිහාවට ළං කරන් මගෙ ඔලුව යන්තම් උස්සලා එයාගෙ අත උඩින් තියාගත්තා. මම සම්පූර්ණෙන් හිටියෙ එයාගෙ අත් අස්සෙ හිරවෙලා.

ඒකටනම් මනමාල හිනාවක් යන්න ආවා මටත්...ඒත් කන්ට්‍රෝල් කරගත්තා. වෙලාවට අනිත් පැත්ත හැරිලා ඉන්නෙ.  නැත්තම් මෙච්චර ඉක්මන්ට සටන පාවා දුන්නොත් විලි ලැජ්ජයි.

"බබා..."

"...."

"කෝ මෙහෙ බලන්නකො..."

"යන්න...!!"

"විහිලුවක් කරේ..."

"මටෝන්නෑ..."

"කාවද...මාවද?"

"ඔව්...යන්න."

"එහෙම යන්න බෑනෙ මගෙ දේවල් දාලා..."

ඔය ඉතින් ආයෙ මනමාල හිනාවක් යන්න ආවා අර 'මගෙ දේවල්' කිව්ව එකට. එයාගෙ තමා ඉතින්...ආදරේ හිතෙනවනෙ අප්පා මේවට.

"ඔයාගෙ නෙවේ...එහාට වෙන්න."

"මගෙ නෙවේද?"

"නෑ..."

"එහෙනම් කාගෙද...?"

දීපන්කො දැන් ඉතින් උත්තර...වෙන කාගෙ වෙන්නද ඉතින්. අනේ මට ඕනෙත් නෑ වෙන කාගෙවත් වෙන්න. මම එක පාරට සයිලන්ට් වුණ නිසාද කොහෙද ලවන්ට හිනාගියා.

"මේ පැත්ත හැරෙන්න විදුර්...කෝලම් නැතුව."

ලවන් කියද්දි මම අනිත් පැත්ත හැරුණෙ නැතත් මම හිනාවෙනවා කියලා ලවන්ට තේරෙන්න ඇති. එයා මාව තව ටිකක් එයාගෙ අත් අස්සේ හිර කරන් බෙල්ල පිටිපස්සෙන් හීනියට හාදු තියන්න ගත්තා.

"එපා අනේ...කිචි."

"එහෙනම් මේ පැත්ත හැරෙන්න..."

කොහමත් මම ඒ පැත්ත හැරෙනකන්ම මේ මනුස්සයගෙන් ආයෙ ගැලවිල්ලක් නෑ. මම හිමින් ලවන් පැත්ත හැරිලා එයාගෙ ඇස් දිහා බලද්දි එයා ලස්සන හිනාවක් එක්ක මගෙ දිහා බලන් හිටියා. ඇත්තමයි...මොන ලෙඩේ තිබ්බත් ලවන්ගෙ ආදරේ පිරුණු ඇස් දෙක දැක්කම ඒ හැම දෙයක්ම අමතක වෙනවා.

ලවන් හිමින් මගෙ කෙස් අතරින් ඇඟිලි අරන් යද්දි මම ඇස් පියාගත්තා. එයා විනාඩි දෙක තුනක්ම එහෙම කරද්දි මගෙ ඔලුවෙ කැක්කුමත් අඩු වෙලා ගියා.

"ඇයි විදුර් එක පාරටම...ඔයා ඊයෙ හොඳට හිටියනෙ."

"මේ....මේ- ඊයෙ මේ...මම-"

මම ගොත ගගහා ලවන් දිහා බලද්දි...හිතුවා හරි. අර ආදරේ බැල්ම අඩු වෙලා ඇස් දෙකත් හීනි කරන් ලවන් මගෙ දිහා බලන් හිටියෙ ඊළඟට මම මොකද්ද කියන්නෙ දැනගන්න වගේ.

"හැබැයි බනින්න බෑ හොඳේ..."

"ඒ කියන්නෙ බැනුම් අහන විදිහෙ වැඩක් කරා...?"

"නෑ මේ- මෙහෙමයි හොඳද. ඊයෙ ගෙදර යද්දි ෆ්‍රිජ් එකේ අයිස් ක්‍රීම් එකක් තිබ්බනෙ. ඒක මගෙ දිහා අසරණව බලන් හිටපු විදිහට කටක් නොකා යන්න හිතුනේ නෑ...මම ඉතින් එයාගෙ හිත හැදෙන්න බාගයක් විතරම කාලා ඒ ගමන්ම නාපු නිසා- ආආආ...ආව් අනේ!! අතාරින්න...!!"

මම කියලා ඉවර කරන්නත් කලින් ලවන් මගෙ කනෙන් අල්ලලා ඇඹරුවා. තරු නෙවෙයි සෞරග්‍රහ මණ්ඩලයම පෙනිලා ක්ෂීරපථ මන්දාකිණියෙ කෙලවරත් පෙනුනා ඒකටනම්.

"අනන්ත කියලා තියනවා කෑම කද්දි පරිස්සම් වෙන්න කියලා...ඒ ගමන්ම නාලත් ඒ මදිවට. කීයටද නෑවෙ?"

"රෑ අටට- ආව්ව්ව්ව් මනුස්සයො!! කන ගලවන්නද හදන්නෙ?!?"

"ගලවලා අතට දෙන්න තමා වටින්නෙ...දැන දැන හදාගන්න ලෙඩනෙ ඕවා."

"හරි අනේ ඉතින්...ලෙඩ වෙයි කියලා හිතුවෙ නෑ."

"මී වදේකට ඇනලා මී මැස්සො විදී කියලා හිතුවෙ නෑ වගේ කතාවක්නෙ ඒක..."

ලවන් ඒක කියපු විදිහට කනේ වේදනාවයි උණයි ඔක්කොම අමතක වෙලා මට හිනාගියා. මම හිනාවෙද්දි ලවන්ගෙ ඇස් දෙක ආයෙම සොෆ්ට් වෙනවා මම දැක්කා. අර අර දැක්කනෙ...පොඩි මායම් ටිකක් දාන්න විතරයි ඕන.

"අනේ බනින්න එපා ඉතින්...මට දුක හිතෙනවනෙ."

"ඔක්කොම කරලා හුරතල් වෙන්න විතරයි දන්නේ...එතකොට මමත් ඔක්කොම අමතක කරනවා කියලා දන්නවනෙම්ම්ම්හ්."

මම ලවන් කතා කරද්දිම එයාගෙ තොල් වලින් කිස් එකක් තියලා පපුව අස්සෙ මූණ ගහගත්තා. ලවනුත් හිනාවෙලා මගෙ වටේ අත දාලා මාව ළං කරගත්තා. බොරුවනෙ ඉතින්...කැටයම් ටිකක් දැම්මම කේන්තිය කැලේ.

මමත් ලවන්ගෙ වේස්ට් එක ගාවින් අත දාලා තව ටිකක් එයාට ළං වුණා. ලවන් තවමත් හිමින් මගෙ ඔලුව අතගානවා.

"බෙහෙත් ගන්න යමුද විදුර්...?"

"ඕනෙ නෑ...ඊයෙත් පැනඩෝල් පිරිටන් බිව්වම අඩු වුණා."

"ම්ම්...එහෙනම් අදත් කාලා බොමු."

"හා..."

මම ලවන්ගෙ පපුවෙ මූණ හංගගෙනම උත්තර දුන්නා. එයා මාව බලාගන්න විදිහට මට හෙන ලෝබයි...විශේෂෙන් මේ වගේ වෙලාවක. අසනීපයක් වුණාම අපි ඕන කෙනෙක් වෙනදටත් වඩා ආදරේ බලාපොරොත්තු වෙනවනෙ. ලවන් ඒ ආදරේ මම බලාපොරොත්තු වෙනවටත් වඩා මට දෙනවා. මෙහෙම ළඟින් ඉන්න එකත්, වචනෙන් හරි මගෙ අසනීපෙ ගැන වදවෙන එකත් මට ගොඩක් ආදරේ දැනෙන දේවල්.

ඒත්...එයා ගියාට පස්සෙ කවුද මාව එහෙම බලාගන්න ඉන්නෙ? මම කාටද මෙහෙම තුරුල් වෙලා ඉන්නෙ? පොඩි දෙයක් වුණත් ඒ දේ කියන්න කාටද කතා කරන්නෙ? මම සතුට දුක හැමදේම බෙදාගත්තෙ ලවන් එක්කනෙ...මට දැන් ඒ කිසිම මොහොතක් ගැන එයා නැතුව හිතන්න බෑ. ඒ තරම් එයාව මගෙ ජීවිතේට බැඳිලා.

ඒ ගැන කල්පනා කරද්දි මගෙ පපුවෙ පැත්තක්ම රිදෙන්න ගත්තා. අනේ මට එයා නැතුව ඉන්න බෑ...දැනෙන වේදනාවට මම ලවන්ගෙ ශර්ට් එක පපුව ගාවින් ගුලි කරලා අල්ලගත්තත් වැඩක් වුණේ නෑ. දරන්නම බැරිවුණ තැන මගෙ ඇස් අගින් වැටුණ කඳුලු බිංදුවක් ලවන්ගෙ ශර්ට් එක තෙත් කරලා ඒ අස්සෙ හැංගිලා ගියා.

"විදුර්...මැණික ඇයි මේ?"

මාව පොඩ්ඩක් පපුවෙන් එහාට කරලා ලවන් බයවෙලා වගේ ඇහුවෙ මගෙ කඳුලු බිංදුව එයාට දැනුන නිසා වෙන්න ඇති. ඒත් මම එයාගෙ මූණ දිහා බැලුවෙ නෑ...මට බලන්න බෑ. තවත් ඇඬෙයි.

"අනේ විදුර් ඇයි...? ඔයාට අමාරුද? නැත්තම් මම කෑගැහුව නිසාද-"

ලවන් ඒ දේ අහන්නත් කලින් මම නෑ කියන්න ඔලුව වැනුවා. ඒ වගේ දේකට එයා මට කෑගහන්නෙ ආදරේට කියලා මම දන්නවා. එහෙම වෙලාවක එයා මට කාගැහුවට මට දුක හිතෙන්නෙ නෑ...තව ආදරේ හිතෙනවා මිසක්. මට ඒ දේ නිසා හිත රිදුනා කියලා ලවන් හිතනවට මම කැමති නෑ.

"කෝ මගෙ දිහා බලන්නකො..."

ලවන් මගෙ නිකට ගාවින් උස්සලා අපි දෙන්නගෙ ඇස් සමාන්තර කරා. එයා හිටියෙ හොඳටම බයවෙලා වගේ. මගෙ කම්මුලක් කප් කරපු ලවන් මගෙ මූණට තව ටිකක් එයාගෙ මූණ ළං කරගත්තා.

"එහෙනම් ඇයි මැණික...මාව බය කරන්න එපා."

ලවන් කිව්වෙ ගොඩක් සොෆ්ට් විදිහට මගෙ කම්මුල පිරිමදින ගමන්.

"ලවන්...ඔයා ගියාම මම- මට ගොඩක් පාලු තියෙයිනෙ. මේ වගේ වෙලාවල මට ගොඩක් ඔයාව මතක් වෙයි."

මම කියද්දි ලවන් හෙල්ප්ලස් විදිහට මගෙ දිහා බලන් හිටියා. එයා කියලා මොනවා කරන්නද...මෙහෙම ඒවා කියලා අපි දෙන්නම හිත රිද්දගන්නවා විතරයි.

"මගෙ පණ...මට සමාවෙන්න ඔයාට මෙහෙම ගින්දර දෙනවට."

"එහෙම නෑ-"

"ඒත්...මම වෙන මොනවා කරන්නද මැණික. මමත් ගොඩක් අසරණයි."

"...."

"මෙච්චර කල් අපි දෙන්නම ඒ ගැන හිතන්නැතුව හිටියා වගේ...ඒ මොහොත එනකන් අපි වෙනදා වගේ සතුටින් ඉමු."

"ම්ම්..."

"මම ඔයාට කෙනෙක් කියපු දෙයක් කියන්නද...?"

"මොකද්ද...?"

"සමහර දේවල් වලට අපිට තියෙන්නෙ පොඩි කාලයක් වෙන්න පුලුවන්. ඒත් ඒ ගැන හිත හිත ඉන්න ගියොත් අපිට මේ මොහොතෙ ඒ ලස්සන විඳින්න බැරිවෙනවා..."

"...."

"කොහොමත් අපි කවුරුත් ඉන්න ඇවිල්ලා නෑනෙ...දවසක යන්න වෙනවා. ඒත් එදාට අපෙ මතකෙට එන්නෙ අපි ඒ විඳපු මොහොතෙ ලස්සන මිසක් අපි ඒ මොහොතෙ කොච්චර වෙලා හිටියද කියන එකවත්, ඒ මොහොත වෙනුවෙන් කොච්චර කාලයක් බලන් හිටියද කියන එකවත් නෙවෙයි. ඒ නිසා...අපි මේ මොහොත ගැන විතරක් හිතලා ඒක උපරිමේන් විඳිමු.  ඉස්සරහට වෙන දේවල් ගැන හිතන්න තාම කල් වැඩි."

ලවන් එක දිගට කියන් යද්දි මම ඇස් හීනි කරන් එයා දිහා බලන් හිටියා. මෙයාට මම කියපුවා වචනයක් නෑර මතකයිනෙ.

"මගෙම වචන වලින් මට උපදෙස් දෙන්න එනවද...?"

මම යන්තම් හිනාවෙලා අහද්දි ලවනුත් හිනාවෙලා මගෙ නළලින් කිස් එකක් තිබ්බා. ඔව්...ඒ වචන කොහොම අමතක වෙන්නද? අපි දෙන්නා මුලින්ම අපෙ පුරුදු ක්ලිෆ් එකට ගිය දවසෙ, අපි ගොඩක් රෑ වෙනකන් එතනට වෙලා කතා කර කර හිටපු දවසෙ මම ඔය ටික ලවන්ට කිව්වා මට හොඳට මතකයි.

එදා ලවන් අසරණ වෙලා ඉද්දි ඒ වචන ටික මම එයාට කිව්වෙ එයාගෙ හිත හදන්න. අද මම ඉමෝශනලි අසරණව ඉද්දි එයා මගෙ හිත හදන්න ඒ වචන ටිකම කියනවා. අපි දෙන්නට දෙන්නා අනිත් එක්කනා දුකින් ඉන්න හැම වෙලාවෙම මේ වගේ ළඟින් ඉන්න විදිහට මම හරි ආදරෙයි.

මම ගොඩක් ආදරෙන් ලවන් දිහා බලන් ඉද්දි එයා ආයෙම මගෙ නළලින් කිස් එකක් තියලා මාව පපුවට තුරුල් කරගත්තා.

"ඔයා BTSලට ආසයි නේද...Spring Day අහලා ඇතිනෙ."

"ම්ම්..."

එයා කියන්නෙ මොකද්ද කියන එක මට දැනටම තේරිලා තිබුණෙ. සීත කාලෙන් පස්සෙ අනිවාර්යෙන් වසන්තෙ එනවමයි. ඒ සින්දුවේ කියන්නෙම ඒක.

"Pass the end of winter's cold

Until the spring day comes again

Until the flowers bloom again

Please stay, please stay there a little longer..."

ලවන් මම ආසම සින්දුවක පද පේළියක් මුමුණද්දි මම එයා දිහාට ඇදිලා කම්මුලින් හාද්දක් තිබ්බා. වෙනදා වගේම ඒකට එයාගෙ ඇස් දෙක එළිය වෙනවා මම දැක්කා.

"I believe in our love Lavan...Spring Days will come"

"They surely will..."

මම ලවන්ගෙ තුරුලට වෙලා තව විනාඩි ගාණක්ම ඉද්දි හිතට එක පාරට ඇතිවුණ වේදනාව නැතිවෙලාම ගියා. එයා ඔලුව අතගාන ගමන් නළල පැත්තකින් සැරින් සැරේ හාදු තියද්දි මට දැනුනා ආයෙම මගෙ ඇස් බර වෙනවා.

"ඔයා තව චුට්ටක් වෙලා ඉන්නකො...මම සුප් එකක් හදලා ඔයාට කතා කරන්නම්."

"ඔයා කරදර වෙන්න එපා ලවන්...දැන් කෑමත් හැදුවනෙ."

"මගෙ විදුර්ව මට කරදරයක් වගේ පේනවද...ම්ම්?"

ලවන් අහද්දි මම එයා දිහා බලලා නිදිමතේ වගේ හිනාවුණා. ලවන් මගෙ කම්මුලින් කිස් එකක් තියලා සීට් එක හරියට පෙරවලා ඇඳෙන් නැගිට්ටා.

"සුප් එක බීලා බත් කන්න පුලුවන්නම් කමු...ඊට පස්සෙ බෙහෙත් බොමු හොඳද?"

"හරි..."

ලවන් කාමරෙන් ගියාට පස්සෙ මම කොට්ටෙත් බදාගෙන තව ටිකක් වෙලා නිදාගත්තා. ඒත් ලොකුවට නින්ද ගියෙනම් නෑ...ඒත් ඇස් පියන් ඉද්දි සනීපයි. පැය බාගෙකින් විතර ලවන් සුප් එක ඇඳ ගාවටම අරන් ඇවිත් පෙව්වා. මම කන්න පහළට ගියේ සුප් එක බීලත් ටිකක් වෙලා ගියාට පස්සෙ.

මම පහළට යද්දි ලවන් අපි දෙන්නට කෑම පිඟානට බෙදලා තිබුණා. එයා හදලා තිබුනෙ රයිස් එකයි චිකන් කරි එකයි චොප්සි එකකුයි. ලවන්ගෙ රයිසුත් හරි රසයි...එයා කොහොමත් මම ගෙදර ආපු දවසට මම ආසා ඒවා තමා හදන්නෙ. වෙලාවකට අපි දෙන්නම කෑම හදලා කිචන් එක දෙක කරනවා. අර අහිංසකයා තමා හැම දේකින්ම පීඩාවට පත් වෙන්නෙ.

"සිතුම්ය කන්නෙ නැද්ද...?"

"කාලා ආවෙ කිව්වා...අපි දෙන්නා කමු."

ලවන් මං ගාවින් කෑම එක තියලා මගෙ එහා පැත්තෙන් වාඩි වුණා. මම කෑම එක දිහා බලලා ඇස් දෙකත් ලොකු කරලා බබා වගේ ලවන් දිහා බැලුවා.

"මොකද...?"

"කවන්නකො.."

"මං ඒත් බැලුවා මොකද ඕක කියන්න පරක්කු කියලා..."

ලවන් හිනාවෙලා මගෙ කම්මුලක් මිරිකන ගමන් කිව්වා. මගෙ මායම් ටික එළියට දාන වෙලාව ලවනුත් දැන් ගානට දන්නවා...මේක හරියන්නෑ වෙනසක් කරන්න ඕන.

ලවන් මට කවන ගමන්ම එයත් කෑවා. වෙනදා වගේම රසට හදලා තිබ්බා එයා. අපි දෙන්නම කාලා ඉවර වුණාට පස්සෙ ලවන් පැනඩෝල් දෙකයි පිරිටන් පෙත්තකුයි අරන් ඇවිත් මගෙ එහා පැත්තෙන් ඉඳගත්තා.

"විදුර්...හෙට මාළිගාවට යන්න පුලුවන් වෙයිද?"

"පුලුවන්...ඇයි?"

"ඔයාට හොඳ වෙයි නේද...?"

"අපෝ ඔව්...අදත් අඩු වෙලා තිබ්බෙ. නාපු නිසා වැඩිවෙන්න ඇත්තෙ. හෙට උදේ වෙද්දි අඩුවෙයි."

මම ලවන්ගෙ අත අල්ලලා කිව්වෙ එයාගෙ බය නැති කරන්න. අපි දෙන්නා හෙට හවස් වෙලා මාළිගාවට යන්න හිටියෙ. ඉඩක් හම්බුණ හැම වෙලාවෙම අපි මාළිගාවට ගියත් හවස් වරුවෙ යන්න වෙලාවක් හම්බුනේ නෑ.

හවස මාළිගාවෙ තියෙන්නෙ වෙනමම අමුතු ෆීලින් එකක්. මම කලින් අම්මයි අප්පච්චියි එක්ක ඇවිත් තියනවා...ලවන් එක්කත් යන්න ඕන.

වෙසක් තියෙන්නෙ එන සඳුදා නිසා දැනටම මාළිගාව විතරක් නෙවෙයි මුලු ටවුන් එකම වෙසක් සැරසිලි වලින් සරසලා තියෙන්නෙ. වෙසක් දවසෙම යන්න තිබුණනම් හොඳයි...ඒත් ලවන්ගෙයි මගෙයි හැටි දන්නවනෙ. එදාට ගොඩක් සෙනඟ ඉඳීවි.

හෙටත් සැලකිය යුතු සෙනඟක් ඉඳී ඉතින්...වීක් එන්ඩ් එක පටන් ගත්ත නිසා. ඒත් සඳුදා තරම් ඉඳීවි කියලා මම හිතන්නෑ. ඒ නිසා අපි දෙන්නම හිතුවෙ සෙනසුරාදා හවස් වෙලා යන්න.

අපි හිතුවා වගේම සෙනසුරාදා ලොකු සෙනඟක් හිටියෙ නෑ. සාමාන්‍ය දවසක දවාලෙ ඉන්නවා වගේ සෙනඟක් හිටියෙ. මේ වෙලාව මාරම නිදහස්...දෙපැත්තෙන් පත්තු කරලා තියන පහන් එළි මැද්දෙන් පත්තිරිප්පුව දිහාවට ඇවිදන් යන පොඩි මොහොතට මගෙ හිත නිවෙනවා මට දැනුනා.

අපි දෙන්නා ඇවිදන් ගියේ හුඟක්ම හිමින්. හරියට...මේ මොහොත ගෙවිලා යනවට අපි දෙන්නම කැමති නෑ වගේ. මම අත් දෙකෙන්ම සුදු නෙලුම් මල් වට්ටියක් අල්ලගෙන හිටියෙ. ලවන්ගෙ අතෙත් පිච්ච මල් වට්ටියයි තෙල්, හඳුන්කූරුයි තිබුණා.

ටිකින් ටික අපි මාළිගාව දිහාවට ළං වෙද්දි ලවන් එයාගෙ එක අතකින් මම මල් වට්ටිය අල්ලන් හිටපු අතක මැණික් කටුව ගාවින් අල්ලගත්තා. මම ඒ අතින් මල් වට්ටිය අතෑරලා ලවන්ගෙ අතේ මගෙ අත පටලගත්තෙ එයාගෙ දිහා බලන ගමන්.

ලවන් ආදරේ හිතෙන ඇස් දෙකකින් මගෙ දිහා බලලා හිනාවුණා. ඒ වෙලාවෙ පහන් එළියෙ පාටත් එක්ක එකතු වෙලා එයාගෙ ඇස් දෙක අමුතු රත්තරන් පාටකින් දිලිසෙන්න අරන් තිබුණෙ.

"කොච්චර ඇවිත් තිබුණත්...හැමදාම පළවෙනි පාර ආවා වගේම හිත නිවෙනවා විදුර්."

"ම්ම්...මගෙත් හිතේ තිබුණ ගොඩක් දේවල් අමතක වෙලා ගියා වගේ දැනෙන්නෙ."

මම ලවන් දිහා බලලා කියද්දි එයා මාත් එක්ක හිනාවුණා. මාළිගාව ඇතුළට ගිහින් වන්දනා කරලා පහන් පත්තු කරලා එළියට එනකන්ම ඒ දැනුන සන්සුන් හැඟීම මගෙ හිතේ එහෙමම තිබුණා.  මම දන්නවා ලවන්ටත් ඒ හැඟීම ඒ විදිහටම දැනුනා කියලා.

පහන් පත්තු කරලා පහළට එනකන්ම අපි දෙන්නා වැඩිය කතා කරේ නෑ...ඒ අපි දෙන්නගෙම හිතේ තියන ගොඩක් දේවල් නිදහස් කරගන්න නිශ්ශබ්දතාවෙ ඕන වුණ නිසා. අපි දෙන්නා එකිනෙකා ගැන ඒ වගේ පොඩි දේවලුත් තේරුම් ගන්නවා. ඒත් පහළට ඇවිත් එළියට යන ගේට් එක දිහාවට ඇවිදන් යනකන්ම අපි දෙන්නගෙ අත් කලින් විදිහටම පැටලිලා තිබුණා.

පුරහඳ නැතත් පෝයට තිබ්බෙ දවස් දෙකක් විතරක් නිසා හඳ එළිය ලස්සනට හැමතැනම එළිය කරලා තිබුණා. වෙසක් කූඩු, වෙසක් සැරසිලි, හිමින් දාලා තිබුණ ගාථා මේ හැම එකක්ම අපිට දැනුන සන්සුන්කම වැඩි කරා.

යන්තම් තරු පිරුණ අහස යට මේ වගේ ලස්සන තැනක ඇවිදන් යද්දි දැනෙන හැඟීම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ලවන් ඔලුව උස්සලා අහස දිහා බලද්දි මමත් එයත් එක්කම ඒ දිහා බැලුවා.

"අද අපෙ චූටි තරුව පේන්න නෑනෙ විදුර්..."

"අද එයාට ඇවිදලා මහන්සි වෙන්න ඕන නෑනෙ ලවන්...එයාගෙ හඳ අහසෙ පායලා තියනවනෙ."

මම ලවන්ට ටිකක් ළංවෙලා කියද්දි එයා මට දුන්නෙ හරි සන්සුන් හිනාවක්. ගේට් එකෙන් එළියට ආවම එයා මගෙ අත අතෑරලා උරහිස වටේ අත දාලා මාව ළං කරගත්තා.

"මං ඔයාට ආදරෙයි විදුර්...ගොඩක් ආදරෙයි."

"මමත් ආදරෙයි..."

මම කිව්වෙ ලවන්ගෙ උරහිසින් ඔලුව හේත්තු කරගන්න ගමන්. ඒ වෙලේ ලවන් මගෙ නළලට තියපු හාදුවෙන්, ගොඩක් සන්සුන් වුණ අපි දෙන්නගෙම හිත්වල තිබුණ වෑස්සෙන ආදරේ මට අඩුවක් නැතුව දැනුනා.

මාළිගාවෙන් ඇවිත් රෙස්ටොරන්ට් එකකින් රෑට කෑවටත් පස්සෙ ලවන් මාව ගෙදරින් ගෙනත් ඇරලුවා. අදත් ලවන් එක්ක ඉන්න ආසයි...ඒත් ඊයෙ හිටියෙත් නෑනෙ. අම්මයි අප්පච්චියි ගෙදර තනියෙන් ඉද්දිත් පාලුයිනෙ ඒ දෙන්නට.

මම ගෙදර යද්දි රෑ අට හමාරට විතර ඇති. ලවන් අම්මයි අප්පච්චියි එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳලා ආයෙම යන්න ගියා. ඊයෙ මට්ටු වුණ නිසා අද මම වෙනදා වගේ ලතවෙන්නැතුව ඉක්මනට වොශ් දාගත්තා.

ලෝන්ග් වීක් එන්ඩ් නිසාම කරන්න එකතු වුණ ඇකඩමික් වැඩ ගොඩකුත් තියනවා. ඒත් දැන්නම් කම්මැලි...හැබැයි තාම ඒ හැටි රෑ වෙලත් නෑ. දහයට කිට්ටුයි. මේ නිදාගන්න වෙලාව නෙවෙයිනෙ.

මම ෆෝන් එක අරන් ඇඳ වියලට හරිබරි ගැහිලා හේත්තු වෙලා ලවන්ට මැසේජ් එකක් දැම්මා. ඊයෙ ඉඳන් කියවලා කියවලා අපි දෙන්නට ඒ හැටි කතා කරන්න දෙයක් තිබ්බෙත් නෑනෙ. එයා කෝල් එකක් අරන් විනාඩි පහක් විතර කතා කරලා ගුඩ් නයිට් කියලා කට් කරා.

මට මතක් වුණේ ඒ වෙලාවෙ...මිතූගෙ කතාව මාසෙකට විතර කලින් සේව් කරගත්තට මොකද තාම කියවන්න බැරිවුණා. එහෙන් මෙහෙන් වැඩ සෙට් වුණාම ඒක අමතක වෙනවා.

මම ෆේස්බුක් එකේ සේව් කරලා තිබ්බ පෝස්ට් සර්ච් කරලා මිතූගෙ කතාව හොයාගත්තා. ඒකෙ ටයිට්ල් එක දැක්ක වෙලේමයි මට ඒක කියවන්න ආසා හිතුනෙ.

My Fictional Boyfriend...ලේසියෙන් කෙනෙක්ට හිතෙන්නෙ නැති විදිහෙ කන්සෙප්ට් එකක්.

කතාව ලියලා තිබුණෙ එයාගෙ pov එකෙන්මයි. මුල් ටිකෙ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එයාට හම්බුණ විදිහ විස්තර කරලා තිබුණා. එයා වැඩ ඇරිලා කොෆී ශොප් එකකට යද්දි එතන වැඩ කරන කෙනෙක් එක්ක නොදැනිම ආදරෙන් බැඳුන හැටි මිතූ හරි ලස්සනට ලියලා තිබුණා.

ඒ කතාව මිතූට ඇත්තටම සිතුම්ය හම්බුණ විහිදට හරි සමානයි. කතාවෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පෙනුමත් සිතුම්ය වගේමයි. කොහොමත් එදා ලවන් කිව්වනෙ මිතූගෙ කතා ගොඩක්ම එයාගෙ ඇත්තම අත්දැකීම් කියලා. මේකටත් එයාගෙ ඇත්තම ආදර කතාව බේස් කරගන්න ඇති.

එතනින් එහාට තමා කතාව ඉන්ට්‍රස්ටින් වෙන්න ගත්තෙ. කතාවෙ කියන විදිහට මිතූ ළඟදි ගත්ත පොතේ කොෆී ශොප් එකේ අයිතිකාරයා තමා එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්. හරියට...ඒ ෆික්ෂනල් කැරැක්ටර් එකට පණ ඇවිත් වගේ. ඒ කැරැක්ටර් එක එක්ක බැඳුන ඇත්තම කෙනෙක් ජීවත් වෙනවා වගේ.

අනේ...ඇත්තටම එහෙම කෙනෙක්ට ආදරේ කරන එක හරි ලස්සන හැඟීමක් වෙන්න ඇති. පොත් වල පිටු අතරෙ ඉන්න ආදරේ පුරෝගත්තු ආදරවන්තයෙක් පිටු අතරින් මතුවෙලා ඇවිත් මගෙ වෙනවනම් කියලා මම ඉස්සර අනන්ත හීන දැකලා ඇති.

ඒත් මට ඒ ගැන දුක් වෙන්න දෙයක් නෑනෙ. පොත්වල ආදරවන්තයෙක් වගේම මට නොසෑහෙන්න ආදරේ දෙන කෙනෙක් මගෙ ජීවිතේ ඉන්නවනෙ...ලවනුත් මට ආදරේ දෙන්නෙ ෆික්ෂනල් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේමයි.

ඒ ගැන මතක් වෙලා එක පාරට හිනාවුණ මම ආයෙම කතාවට අවධානෙ දුන්නා. මිතූ විස්තර කරලා තිබුණෙ ෆික්ෂනල් වර්ල්ඩ් එකක් ගැන. ඒ කියන්නෙ...මේ පණ ගැහෙන ෆික්ෂනල් කැරැක්ටර්ස් වලට විතරක් වෙන්වුන අමුතු ලෝකයක් ගැන. ඒ කන්සෙප්ට් එක හරි අමුතුයි...රයිටර් කෙනෙක්ගෙ හිතේ මැවුණ දෙයක්ද මේ කියලා විශ්වාස කරන්න බැරි තරම් ලස්සනට මිතූ ඒ ලෝකෙ ගැන විස්තර කරලා තිබුණා.

ඊට පස්සෙ ආයෙම තිබුණෙ ඒ දෙන්නගෙ ආදර කතාව ගැන. ෆික්ෂනල් වර්ල්ඩ් එකේ තියන නීති නිසා ඒ දෙන්නට ආපු ප්‍රශ්න ගැන. ඒ කොටසත් හරියට මිතූ ඇත්තටම මූණ දීපු දෙයක් වගේ...කවදාවත් නොදැකපු, නොදන්න කතාවක චරිත දෙකක් වෙනුවෙන් මගෙ පපුව රිදෙන්න ගන්න තරමෙ වේදනාවක් දැනෙන විදිහට ඒ හැමදේම ලියලා තිබුණා.

ඒත්...එක වාක්‍යක් ළඟ මගෙ ඇස් දෙක නතර වුණේ අමුතු හැඟීමක් එක්ක.

"...But he says he has to go back once I complete reading the book. But I cannot let him go..he is a part of me now. Will he stay..if I stop reading the book...??"

ඒ කොටස දකිනවත් එක්කම අකුණක් කෙටුවා වගේ මට එක දෙයක් මතක් වුණා. මම දන්නෑ ඇයි මට එක පාරට ඒ දේ මතක් වුණේ කියලා...ඒත් ඒ එක්කම මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා කියලා විතරක් මට තේරුණා.

"ඇයි..මම ඒක කියවන එකෙයි ඔයා යන එකෙයි මොකද්ද තියන සම්බන්ධෙ?"

"මගෙ විදුර්...පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො."

මීට සති දෙකකට කලින් කැෆේ එකේදි ලවනුයි මායි අතර වුණ කතාව මට එක පාරට මතක් වුණේ ඇයි කියන්න මම දන්නෙ නෑ. ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ තිබුණ මගෙ ඇස් ඇඳේ එහා පැත්තෙන් තිබුණ Love in the Autumn පොත දිහාවට ගියේ මටත් නොදැනිම. නෑ...එහෙම වෙන්න විදිහක් නෑ. ඒක නිකන් හිතළුවක් විතරයි. මම මේ කියවන්නෙ මිතූගෙ හිතේ මැවුණ කතාවක් විතරයි.

මම ඔලුව ගසලා මට හිතුන හැමදේම අමතක කරලා ආයෙම කතාව කියවන්න පටන් ගත්තා. ඒත්...මට හරියට කතාවට ෆෝකස් කරන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. කම්පියුටර් ස්ක්‍රීන් එකක එක දිගට ටයිප් වෙනවා වගේ මහා ගොඩක් දේවල් එක දිගට මගෙ මනසෙ මැවෙන්න ගත්තා.

---

"ඒත් ඔයා...you're just like a fictional character. මට ඒක එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නෑ...ඒත් ඔයා එක්ක ඉද්දි මට ඒ රියැලිටියෙ හැමදේම අමතක වෙනවා ලවන්. මම ආසම non-existent ෆික්ෂනල් ලෝකෙ ජීවත් වෙනවා වගේ මට දැනෙන්නෙ. You're- you're my fantasy."

"May be because I AM fictional..."

"Huh...?!"

"You FEEL I'm fictional...that's because I really am fictional."

---

"But... I'm just asking. If there is a fictional world, will you come with me?"

"Oh...without a doubt."

---

"ඕහ්...වාව් ඔය දෙන්නා නියමයිනෙ ඒයි. ඔයාලා වෙන ලෝකෙකින් ගොඩ බැස්සවත්ද??"

"ඇයි- ඇයි ඔයා එහෙම හිතන්නෙ...?"

"මම එහෙම හිතන්නෑ හලෝ...විහිලුවක් කරේ."

"නෑ ඉතින් එහෙම වෙන්න පුලුවන්නෙ...මෙහෙම පවර්ස් තියෙද්දි ඔයාට හිතෙන්නැද්ද අපි ඇත්තටම වෙන ලෝකෙකින් ආවා කියලා."

එක පාරට ඔලුවෙ මේ හැමදෙයක්ම මැවෙද්දි ෆෝන් එක මගෙ අතින් අතෑරිලා ඇඳ උඩට වැටුණා. මම හිටියෙ මුකුත් හිතාගන්න බැරුව. මටත් නොදැනිම කම්මුල් දිගේ කඳුලු බිංදුවක් ගලාගෙන යද්දි මම හෙමින් පොත අතට ගත්තා.

මම බුක්මාක් එක තිබුණ තැන පෙරලලා බලද්දි...මට කියවන්න තිබුණෙ තව චැප්ටර්ස් පහයි. ඒ එක්කම අකුණක් කෙටුවා වගේ මට තවත් දෙයක් මතක් වුණා.

---

"මට ඉක්මනටම යන්න වෙනවා විදුර්..."

"ලවන්...ඔයා කවද්ද යන්නෙ?"

"තවම දිනයක් නෑ...ඒත් ඉක්මනටම."

ඒ කියන්නෙ...යන්න වෙනවා කිව්වෙ- නෑ...එහෙම වෙන්න විදිහක් නෑනෙ. මම කලබලෙන් වගේ පොතේ මුල් පිටුව පෙරලුවෙ ආයෙමත් ඒ කොටස කියවන්න. එයාව විස්තර කරලා තිබුණ හැටි කියවන්න. නෑ...මම වැරදි නෑ.

ඒ හඬ, ඒ පෙනුම, ඒ කතාව, විශේෂෙන්ම...ඒ අලු පාට ඇස් දෙක...

"ලවන්...?!?"

--------------

හරිද...දැන් සතුටුද ඔය ළමයින්ට? සතුට සමරන්න ඕතරී ගානෙ හැමෝටම ලොලිපොප් එකක් දෙනවා. 😁 පෝළිමේ ඇවිත් ගන්න 🍭

විදුර් ඒක දැනගන්න චැප්ටර්ස් 27ක්ම ගියා...කල් වැඩි නෑ කියලා මම හිතනවා. එයා එක පාරට ඒ ගැන දැනගන්නවට වඩා එයාලගෙ කතාවෙ පොඩි පොඩි තැන් ගොඩක් ඔයාලා දැනගෙන, ඒ ආදරේ මුල ඉඳන්ම දන්න අය විදිහට ඒ මොහොත ගැන කියවන එක වැඩියෙන් ෆීල් වෙයි කියලා මම හිතනවා.

එනිවේ ඒක නෙවෙයිනෙ ප්‍රස්නෙ 🥲 වට්ටියේ නොටිපිකේසන් යන්නෙ නෑ නේත?

මම අප්ඩේට් කරලා අනවුස්මන්ට් එකක් දානවා...ෆලොවර්ස්ලාටනම් ඒකෙන් දැනගන්න පුලුවන් මම හිතන්නෙ.

අනිත් අය ඉතින් සතියකට දෙකකට සැරයක් ඇවිත් බලන්න 🥲 මම ඒ වගේ ගැප් එකක් තියලා කතාව අප්ඩේට් කරනවනෙ. කලින් අප්ඩේට්ස් මිස් වුණානම්...මම හිතන්නෙ නොටිෆිකේශන් නැවතුනේ Chaptere 26 වලින්. එතන ඉඳන්ම කියවන් එන්න.

එහෙනම් ඊළඟ එක අරන් ඉක්මනට එනකම් කස්ටිය පරිස්සමින් ඉන්න 😁❤️

Share This Chapter