Back
/ 35
Chapter 31

Part 28

සීමාවෙන් එහා

දැන් නොටිපිකේසන් වැඩ නේද 🫢 කලින් චැප්‍ටර්ස් මිස් වුණ අය ඉන්නවනම් චැප්‍ටර් 26 ඉඳන් කියවන් එන්ඩෝ....

----------------------

මම ඇහි පිල්ලම්වත් නොගහා කොච්චර වෙලා ෆෝන් එක දිහා බලන් හිටියද කියන්න මම දන්නෙ නෑ...කොච්චර කඳුලු මගෙ ඇස් වලින් පිට වුණාද කියන්න මම දන්නෙත් නෑ. කිසි දෙයක් හිතාගන්න බැරුව මම ශොක් වෙලා වගේ ඔහේ බලන් ඉන්න ගමන් එයා හම්බුණ දවසෙ ඉඳන් හැම දෙයක්ම මම මතක් කරගන්න ට්‍රයි කරා.

ලවන් මට කොච්චර කියන්න උත්සාහ කරාද. මම මහ මෝඩයි...එයා එච්චර කියද්දි මට විශ්වාස කරන්න තිබුණා. මිතූගෙ කතාවෙ තිබ්බ ගොඩක් දේවල් මාව බය කරලා තිබ්බෙ. එයා- ලවන් වයසට යන්නෙ නැද්ද?? එයාට ආයෙ නුවර එන්න බැයිද?? එතකොට කොහොමද අපි දෙන්නා අනාගතයක් ගැන හිතන්නෙ??

ඒත්- තවම පරක්කු නෑ. මොන විදිහකින් හරි මේවට  උත්තර තියෙන්න ඕන. මම කලබලෙන් ඇඳෙන් නැගිටලා පිජාමා එක ගලවලා අතට අහුවුණු ඇඳුමක් දාගත්තා. මට ෆෝන් එකෙන්වත් කතා කරන්න වුවමනාවක් තිබ්බෙ නෑ...ලවන්ව හම්බෙන්න ඕන. එයාගෙ මූණ බලන් කතා කරන්න ඕන.

බයික් කී එක සාක්කුවට දාන් පොතයි ෆෝන් එකයි අරන් මම පහළට ආවා. අසිහියෙන් වගේ යන්න හැදුවත් මට මතක් වුණේ ඒ වෙලාවෙ. අම්මයි අප්පච්චියි...මම එක පාරට ගෙදර නැති වුණාම එයාලා බයවෙයිනෙ. වෙලාව රෑ එකොළහයි...එයාලා නිදිද දන්නෙත් නෑ.

ඒත් මම පුරුද්දට වගේ අප්පච්චිගෙ ඔෆිස් රූම් එක දිහා බැලුවා. අප්පච්චි රිටයර් වුණාට තාම කැම්පස් එකේ ප්‍රොෆෙසර්ස්ලා එක්ක ඩොක්ටර්ස්ලා එක්ක රිසර්ච් වැඩ කරනවා. ඒ නිසා රෑ වෙනකන් ඇහැරලා ඉන්නවා වෙලාවකට. වාසනාවට...අප්පච්චිගෙ ඔෆිස් රූම් එකේ ලයිට් එක දාලා තිබුණා.

මේ රෑ වෙලා මට යන්න දෙයිද...ඒත් මගෙ මනස ඒ කිසි දෙයක් හිතන්න ලෑස්ති වුණේ නෑ. මට ලවන්ව ඕන. එයාව බදාගන්න ඕන. මේ වෙලාවෙ මට එයාව නැතුව බෑ.

මම අප්පච්චිගෙ ඔෆිස් රූම් දිහාට යනකොටම රූම් එකේ දොර ඇරිලා අප්පච්චි එළියට ආවා. ළමයෙක් දුකින් ඉද්දි දෙමවුපියන්ටත් ඒක දැනෙනවා කියන්නෙ මේක වෙන්න ඇති. මම ඒ පැත්තට යද්දිම අප්පච්චි එළියට ආවෙ කලබලෙන් වගේ...හරියට මම අවුලෙන් ඉන්නවා කියලා දැනිලා වගේ.

"චූටි පුතා...මොකද මේ?"

"අප්පච්චි...අනෙ- මට ලවන්ව හම්බෙන්න යන්න ඕන."

"මේ මහ රෑ...?!  අනික දැන් හම්බෙලානෙ ආවෙ"

"අනේ අප්පච්චි...මට දැන්ම එයාව හම්බෙන්න ඕන."

"ඒත් ඇයි හදිසියේ-"

අප්පච්චි ප්‍රශ්නාර්තෙකින් වගේ මගෙ දිහා බලන් ඉද්දි හෙමින් මගෙ අතේ තිබුණ පොත දිහාවට ඇස් අරන් ගියා. අප්පච්චිගෙන් අවසර ගද්දි ආපු බයත් එක්ක මම පොත පපුව ගාවට අරන් අත් දෙකෙන් තද කරන් හිටියෙ.

මම පොත අතේ තියන් ඉන්නවා දැක්ක ගමන් අප්පච්චිගෙ ඇස් දෙක ටිකක් සන්සුන් වෙනවා මට දැනුනා. ඒ ඇයි කියන්න මම දන්නෑ...ඒක හිතන්න තරම් සිහියකුත් මට නෑ. මගෙ ඔලුවෙ තිබ්බෙම ලවන් ගාවට යන්න ඕන කියලා විතරයි. අප්පච්චි පොත දිහා බලන් තප්පර ගානක් කල්පනා කරන දිහා මම බලන් හිටියා.

"කොහොමද යන්න යන්නෙ...?"

"බ-බයික් එකේ..."

"ඔයා ඔය ඉන්න විදිහට බයික් එකේ තනියම යන එකට මම කැමති නෑ චූටි...මටත් දැන් එන්න විදිහක් නෑනෙ. පොඩි මීටින් එකක්. මම පික්මී එකක් දාන්නම් ඔහොම ඉන්න."

"අප්පච්ච්...ඕනෙ නෑ-"

"එහෙම නැත්තම් ගෙදර ඉන්න පුලුවන්..."

අප්පච්චි ටිකක් දැඩි විදිහට මගෙ දිහා බලන් කියද්දි මම මුකුත් නොකියා බිම බලාගත්තා. මම කලබලෙන් ඉන්නෙ කියන එක අප්පච්චිට දැනෙන්න ඇති. කොහොමටත් ඒ වගේ දේවල් මේ දෙන්නගෙන් හංගන්න බෑ...ඒත් ඒ ඇයි කියලා හාරා අවුස්සන්න අප්පච්චි ගියෙ නෑ.

"විනාඩි දහයෙන් එයි...එතකන් ඉන්න ඔහොම."

අප්පච්චි කියද්දි මම ඔලුව උස්සලා බැලුවා.

"තෑන්ක්ස් අප්පච්චි..."

ඒ වෙලේ දැනුන හැඟීම් ඔක්කොම කන්ට්‍රෝල් කරන් වෙව්ලන කටහඬකින් මම කියද්දි අප්පච්චි මං ගාවට ආවා. මම කඳුලු පේන්නෙ නැති වෙන්න ආයෙම බිම බලාගත්තා. ඒත් අප්පච්චි හෙමින් මගෙ ඔලුව අතගාද්දි මට ඒ කඳුලු නවත්තගන්න බැරි වුණා.

"මොකද්ද ප්‍රශ්නෙ චූටි...?"

"ම්-මුකුත් නෑ...මට ලවන්ව හම්බෙන්න ඕන."

"ම්ම්..."

"අප්පච්චි..."

"කියන්න..."

"අම්මා...?"

"මම කියන්නම්..."

මම කඳුලු පිහදාන් අප්පච්චිට හේත්තු වුණා. අප්පච්චි යන්තම් හිනාවෙලා දිගටම මගෙ කෙස් අතරින් හිමීට ඇඟිලි අරන් ගියා.

"මොන දේ වුණත්...ඒ හැමදේම හරියයි. හොඳද? ඔය දෙන්නගෙ ආදරේ විශ්වාස කරන්න. එතකොට මොන බාහිර ප්‍රශ්නෙ ආවත් ඔයාලව වෙන් කරන්න බෑ."

"...."

"අනිත් එක...අනිත් හැම දේකටම වඩා ආදරේ කරන කෙනාගෙ වචන විශ්වාස කරන්න. ඔයා ලවන්ව තෝරගත්තෙ එයාව විශ්වාස කරලනෙ...එහෙනම් ඒ බැඳීම දිගටම තියාගන්න. එහෙම නොවෙනකොට බාහිර දේවල් වලට ඔයාලා මැද්දට එන්න තියන අවස්ථාව වැඩි. තේරුණාද...?"

අප්පච්චි කියද්දි කඳුලු අතරින්ම මගෙ මූණෙ හිනාවක් ඇඳුනා. මේ දෙන්නට මම ගොඩක්ම ආදරේ මේකයි...ප්‍රශ්නයක් වුණ වෙලාවක තවත් අපිව ස්ට්‍රෙස් කරේ නෑ. ඒ වෙලාවෙ සැනසීමක් වුණා මිසක්.

මොකද්ද වුණේ අහන්නැතුව මෙහෙම වචනෙකින් හරි අප්පච්චි මගෙ හිත හදන එක ඒ වෙලේ මට ලොකු දෙයක් වුණා. කොහොමත් අම්මගෙයි අප්පච්චිගෙයි ආදර කතාවත් රෝස මල් පාරක ආපු එකක් නෙවෙයිනෙ...ඒ නිසා ඒ සම්බන්ධවනම් හොඳට උත්තර දෙන්න ඒ දෙන්නටම පුලුවන්.

පික්මී එක ආවට පස්සෙ මම අප්පච්චිගෙන් එහාට වෙලා වැඳලා එන්න පිටත් වුණා.

"පරිස්සමින් චූටි..."

"හරි අප්පච්චි..."

අප්පච්චි ළඟ ඉද්දි දැනුන උණුහුම කාර් එකට නැග්ග ගමන් මට ආයෙම නොදැනී ගියා. අමුතු තනිකමක් හිතේ හොල්මන් කරන්න ගද්දි මම පොත තද කරලා පපුවට තුරුල් කරගත්තා.

වෙන්න පුලුවන් දේවල් එකින් එක මගෙ හිතේ ඇඳෙද්දි මම තවත් කලබල වුණා. ලවන්ට දිගටම මෙහෙ ඉන්න බෑනෙ...හිටියත්- ඒක කරන්න බෑ. මට එයා එක්ක යන්න බැයිද?? එක පාරට හිත හදාගන්න බැරිවුණත්...එහෙම කරන්න පුලුවන්නෙ. මට එයා එක්ක හැමදාම ඉන්න පුලුවන්නෙ එතකොට.

ලවන්ගෙ අපාට්මන්‍ට් එක ගාවට ළං වෙනකන්ම කල්පනාවක හිටපු මට එතෙන්ට එනවාවත් දැනුනෙ නෑ. ඩ්‍රයිවර් කතා කරාම තමා හරි සිහියට ආවෙ. අප්පච්චි කලින්ම පේ කරලා තිබුණ නිසා මට ඒ ගැන වදවෙන්න වුණෙත් නෑ.

කාර් එකෙන් බැහැපු ගමන්ම මම දොර ගාවට දුවන් ගියා. මෙච්චර වෙලා වේලිලා තිබ්බ කඳුලු ආයෙම මගෙ ඇස් වල එකතු වෙනවා මට දැනෙනවා. මට ලවන්ව ළඟ තියාගන්න ඕන...මං ගාවම විතරක්. අනිත් හැමදේන්ම හංගලා පරිස්සමට තියාගන්න ඕන, වෙන කිසිම දේකින් ප්‍රශ්නයක් එන්නැති විදිහට එයාව මං ගාවම විතරක් තියාගන්න මට බැයිද??

ඔය හැමදේම හිත හිත මම පිස්සුවෙන් වගේ බෙල් කරා. පහළ තට්ටුවේ ලයිට්ස් ඔන් කියලා මට පේනවා. රෑ වෙලා වුණත් සමහරවිට ලවන් පහළ ඇති. කෝල් එක ගන්නවත් සිහියක් නැතුව මම එක දිගට බෙල් කරද්දි දොර අන්ලොක් වෙනවා මම දැක්කා.

මම ටිකක් දොර ගාවින් පිටිපස්සට වෙනවත් එක්කම ලවන් දොර ඇරියා. මාව දැකපු ගමන්ම එයාගෙ ඇස් පුදුමෙන්...එහෙමත් නැත්තම් බයෙන් වගේ ලොකු වුණා.

"විදුර්...ඔයා?? මේ වෙලාවෙ-"

ලවන් මාව දැකලා බයෙන් වගේ අහද්දි මම එයාවත් තල්ලු කරන් ගේ ඇතුළට ගියා. ලවන් දොර වහලා මගෙ පැත්තට හැරිලා මගෙ වැලමිට ගාවින් අල්ලගත්තා.

"විදුර් ඇයි මේ...මොකද වුණේ??"

"ලවන්...ඔයා-"

ඒ වෙලේ කියන්න ආපු කිසි දෙයක් වචන වුණේ නෑ. ලවන් දැක්ක ගමන් මට කිසි දෙයක් කතාකරගන්න බැරිවුණා. මම මෙච්චර කල් හිතන් හිටියෙ එයාට කරන්න තියෙන්නෙ වෙන රටකට ගිහින් එනවා වගේ ලේසි වැඩක් කියලනෙ...ඒත් එයාව මෙහෙම මගෙන් ඈතට යවන්න බෑ...කීයටවත්ම බෑ.

"මැණික...ඇයි මේ?! ඔයා මාව බය කරනවා."

ලවන් මගෙ කම්ම්ල් කප් කරලා කඳුලු පිහදාන ගමන් ඇහුවා. එයා තාමත් බයෙන් ඒත් ආදරෙන් මගෙ දිහා බලන් ඉද්දි මම පොත තදින් පපුවට තුරුල් කරගත්තා.

"ඔයා- ඒ ඔයා නේද? එතකොට- එතකොට ඔයා ආයෙ එන්නැද්ද-"

"මොකද්ද-"

ලවන් අහද්දිම එයාගෙ ඇස් මම පපුවට තුරුල් කරන් හිටපු පොත දිහාවට ගියා. එක පාරට එයාගෙ ඇස් ගැස්සුණත් ඒ පමාවට ඒවගෙ සැනසීමක් ඇඳෙනවා මම දැක්කා. ඒ එක්කම ආයෙම අපෙ ඇස් සමාන්තර කරපු ලවන් මගෙ දිහා බලන් හිටියෙ සන්සුන් හිනාවක් එක්ක. අනේ එයා කොච්චර බලන් ඉන්න ඇද්ද මම තේරුම් ගන්නකම්.

"ලවන්...අනේ එහෙම නෑ කියන්නකො. ඔයාට යන්න ඕනෙ නෑ නේද?? මම- මම මේක කියවන එක නැවැත්තුවොත් ඔයා මාත් එක්ක ඉන්නවා නේද-"

"ශ්ශ්...මගෙ මැණික ඉස්සරලා සන්සුන් වෙන්නකො."

"බෑ...මට එහෙම වෙන්න බෑ. ඔයාට යන්න දෙන්න බෑ ලවන්!! මට කියන්නකො ඔයා ඉන්නවා කියලා-"

"මම ඔයාට හැමදේම කියන්නම්...ඔයා දැන් මං ගැන දන්නවනෙ. ම්ම්? ඒත් ඔයා ඔහොම අඬද්දි මට දරාගන්න බෑ මැණික."

ලවන් එහෙම කියන ගමන් මාව පපුවට තුරුල් කරගත්තා. එයා එහෙම කරේ එයාගෙ කඳුලු හංගන්නත් එක්ක කියන්න මම දන්නවා. එයා මාව එහෙමම උස්සලා ගද්දි මම එයාගෙ ඉන වටේ කකුල් දෙක දාලා උරහිසට හේත්තු වුණා.

ලවන් මාවත් එක්කම සෝෆා එකේ ඉඳගෙන මාව බදගද්දි මම එයාගෙ උරහිසේ ඔලුව ගහගෙන ගොඩක් වෙලා ඇඬුවා...මගෙ කඳුලු වලින් එයාගෙ ශර්ට් එකේ පැත්තක්ම තෙත් වෙන තරමට.

"මට සමාවෙන්න- ලවන්...ඔයා කියපු දේ මට අහන්න- තිබුණා."

"විදුර්...මගෙ වස්තුව. දුක අඩු වෙනකන් ඔයා ඇති තරම් අඬන්න. මම ඔයාගෙ කඳුලු පිහදාන්නම්...අඬලා ඉවර වෙනකන් තුරුල් කරන් ඉන්නම්. ඔයාට මාත් එක්ක තරහනම් ඇති තරම් මට රිද්දන්න...ඒ හැමදේම මං දරාගන්නම්. ඒත් සමාව ඉල්ලන්න එපා මැණික...ඔයාගෙ වැරැද්දක් නෑ. ඔයාට වරද පටවගන්න එපා."

"අපි- අපි මොකද කරන්නෙ ලවන්...මට ඔයාව ඕනෙ."

මම අහද්දි ලවන් මාව උරහිසින් ඈත් කරලා මගෙ කම්මුල් වලින් අල්ලගත්තා.

"ඔයාට කරන්න දෙයක් නෑ පණ...හැම ප්‍රශ්නයක්ම එන්නෙ මම නිසානෙ. ඒවට උත්තර හොයන්න ඕන මමමයි."

"ඒත්- මට බයයි..."

තවමත් නැවතිලා නැති කඳුලු අතරින් මම කියද්දි ලවන් මගෙ අතින් අල්ලගත්තා.

"මම මේ අත අල්ලගත්තෙ අතාරින්න නෙවෙයි මැණික...මාව විශ්වාස කරන්න. මම කොහොමහරි ආපහු ඔයා ගාවට එනවා."

ලවන් මගෙ කඳුලු පිහදාලා නළලට හාද්දක් දෙන ගමන් කිව්වා.

"එතකොට- ඔයා මොකද්ද කරන්න ඉන්නෙ?"

"ඔයා දැන් ඉන්නෙ ශොක් වෙලා විදුර්...අපි හෙට උදේට කතා කරමු. ම්ම්? දැන් නිදාගමු. එන්න මම ඔයා ගාවම ඉන්නම්-"

"මට බෑ...මේ කිසි දේකට උත්තර නැතුව මට නින්ද යන්නෙ නෑ-"

මම කිය කිය හිටපු දේ නැවතුනේ ලවන් මගෙ තොල් වලින් ස්වීට් කිස් එකක් තියද්දි. ඒකට මම ගොඩක් සන්සුන් වුණා...වෙනදා වගේම එයාගෙ තොල් වල උණුහුම මට දැනෙද්දි මම ගොඩක් නිවුණා.

මගෙ හිත නිවුණට ඒ කිස් එකත් එක්ක මගෙ ඇඟම ඇවිලුනා. පොඩි කාලෙකට හරි වෙන් වෙලා ඉන්න වෙනවා කියලා හිතද්දි මට එයාව වැඩියෙනුත් ඕන වුණා. මේ සති දෙකම අපි දෙන්නට වුණෙත් ඒකනෙ. මේ වෙලාවෙ...මේ මොහොතෙ මට ඒක ගොඩක්ම දැනුනා. එයා මගේ...

ලවන් කිස් එක බ්‍රේක් කරලා පිටිපස්සට වුණත් මම ඒ එක්කම මගෙ තොල් එයාගෙ තොල් එක්ක ක්‍රෑශ් කරලා පිස්සුවෙන් වගේ එයාව කිස් කරන්න ගත්තා. ලවන් මුලින් මාව නවත්තන්න හැදුවත් මගෙ තොල් වල උණුහුමට එයත් ඉබේම මෙල්ල වුණා.

ටික වෙලාවකින් අපි හිටියෙ ලවන්ගෙ රූම් එකේ, එයාගෙ ඇඳ උඩ. අපි දෙන්නම ඇඳ උඩට ආවෙ කොහොමද කියන්නවත් අපි දෙන්නගෙම ඇඳුම් ඔක්කොම අයින් වෙලා ඇඳ පාමුල වැටුණෙ කොහොමද කියන්නවත් මට මතක නෑ. ඒ තරම් මත් ගතියෙන් මම ලවන්ගෙ තොල් කිස් කරා.

ලවන් කිස් එක බ්‍රේක් කරලා මගෙ ඇස් දිහා බැලුවා. මට එයාව පෙනුනෙ කාමරේ කොනක තිබුණ පොඩි ලයිට් එළියෙනුයි හඳ එළියෙනුයි. ලවන්ගෙ තොල් පැලිලා...ඇස් වල කඳුලු පිරිලා. මගෙත් ඇස් ඒ වගේමයි කියන්න මට තේරුණේ මගෙ උඩින් හිටපු ලවන්ගෙ මූණ ටිකින් ටික බොඳ වෙද්දි.

මම ඇස් දෙක තදින් පියාගෙන ඒ කඳුලු ඇස් වලින් දිය කරලා ඇරලා ආයෙම ලවන් දිහා බැලුවා. ඒ අලු පාට ඇස් දෙක තිබුණෙ මගෙ ඇස් ගාවමයි. මම පළවෙනිම දවසෙ එයාව හම්බෙද්දි ඒ ඇස් මගෙ ඇස් එක්ක මුණගැහුණ හැටි මට මතක් වුණා...එදා තිබුණ ඒ ඕරා එක අදටත් එහෙමමයි.

මේ ඇස් නිසා මම කොච්චර සතුටින් ඉන්න ඇද්ද...මම කොච්චර ඒ ඇස් ගාව සැනසෙන්න ඇද්ද. මට විශ්වාසයි...මට ඕන හැමදාම ඒ ඇස් ගාව ඉන්න, ඒ ඇස් ගාව විතරක්ම ඉන්න. මට එයාව ඕන...හැම විදිහකින්ම.

"ලවන්..."

"මැණික...අපි නිදාගමු. ම්ම්?"

මගෙ ඇස් වල තිබුණ ඉල්ලීම තේරුම් ගත්ත ලවන් මගෙ ඇඟ උඩින් අයින් වෙන්න හදන ගමන් කිව්වා. ඒත් මම එයාට අයින් වෙන්න නොදී තදින් උරහිස් වලින් අල්ලගත්තා.

"ලවන් ප්ලීස්...I want you."

"Come to your senses my love...මේ ඒකට වෙලාව නෙවෙයි."

"මට වෙලාව එනකන් ඉන්න ඕන නෑ...ප්ලීස්. මට මේ හැමදේම අමතක කරන්න ඕන. ඔයා- ඔයා කැමති දෙයක් කරන්න ලවන්. මට රිද්දන්න. මගෙ දුක නැති වෙනකන්ම රිද්දන්න-"

"ඔයාට අපෙ ෆස්ට් ටයිම් එක මතක තියාගන්න ඕන එහෙමද විදුර්...?"

ලවන් මගෙ කම්මුලක් කප් කරලා අහද්දි මම ඉබේම නිශ්ශබ්ද වුණා. ඇත්තටම මම කියන්නෙ මොනවද කියලවත් මම දන්නෙ නෑ...මම ඉන්නෙ අසිහියෙන් වගේ කියලා මට තේරෙන්වා. ඒත් ලවන්ගෙ ඇස් දෙක දිහා බලපු ගමන් මම ආයෙම සන්සුන් වුණා.

"ම්ම්? මම ඔයාට රිද්දුවා කියලා...අපි දෙන්නම හිටියෙ දුකින් කියලා...අපි දෙන්නම ඇඬුවා කියලා...එහෙමද ඔයාට ඒක මතක තියාගන්න ඕන?"

ලවන් සන්සුන්ව අහද්දි මම නෑ කියන්න ඔලුව වැනුවෙ ඇස් දෙක පියාගන්න ගමන්. ඒ වෙලාවෙ ලවන් මගෙ ඇස් දෙකටම හාදු තියනවා මට දැනුනා.

"අපිට ඒක ලස්සනට මතක තියාගන්න වෙලාවක් එයි මැණික...I promise to cherish you with so much love on our special day."

"...."

"ඔයාට දැන් ඕන දුක නැතිකරගන්නනෙ...මට තුරුල් වෙලා නිදාගන්න. ඔයාට නින්ද යනකම් මම ළඟින්ම ඉන්නම්. හදිසි තීරණ අරන් හෙට උදේ ඔයා පසුතැවෙනවා බලන්න මම කැමති නෑ..."

"ලවන්...අම් සොරි-"

"ශ්ශ්...හැමදේම හරි. දැන් නිදාගන්න...එන්නකො."

ලවන් ඇඳේ හාන්සි වෙලා මාව ළං කරගද්දි මම එයාගෙ පපුව උඩින් ඔලුව තියාගත්තා. ලවන්ගෙ පපුවෙ ගැස්ම මගෙ කම්මුලට දැනෙනවා..අඬලා අඬලම මගෙ ඇස් දනවා. ඒත් තවත් ඇඬෙන්න කඳුලු මගෙ ඇස්වල නෑ. මම ලවන්ව තදින් බදාගෙන තුරුල් වෙද්දි එයා හිමින් මගෙ කෙස්ගස් අතරින් ඇඟිලි අරන් ගියා. කිසිම ඇඳුමකින් බාධාවක් නොවී අපි දෙන්නම ළං වෙලා ඉද්දි එයාගේ ආදරණීය උණුහුම මට වැඩියෙනුත් දැනුනා. ලවන් හිමින් මගෙ ඔලුව අතගාන ගමන් මගෙ නළලින් හාදු තියද්දි ටිකින් ටික මගෙ ඇස් බරවුණේ මටත් නොදැනිම.

මට ආයෙම ඇහැරුණේ ඉර එළිය මගෙ මූණට වැටෙද්දි. අඬලා නිදාගත්ත නිසා ඔලුව රිදෙනවා. වෙලාව කීයද දන්නෙත් නෑ. වෙලාව බලන්න ෆෝන් එක කොහෙද කියන්නවත් මම දන්නෙ නෑ. මම හිමින් හැරිලා ඇඳේ එහාපැත්ත බැලුවා. ලවන් හිටියෙ නෑ...ඒ කියන්නෙ එයා ඇහැරින්න ඇති.

මම ඇඳේ උඩු අතට වැතිරිලා කල්පනා කරන්න ගත්තා. ඊයෙ රෑ කලබල වුණාට...අසිහියෙන් වගේ හැසිරුණාට මම දැන් හරි සිහියට ඇවිත් හිටියෙ. ඒ කියන්නෙ...ලවන් ඇත්තටම ෆික්ෂනල් කෙනෙක්. පොතක පිටු අතරින් මතුවුණ කෙනෙක්...මම බලාපොරොත්තු වුණ විදිහටම.

ඒ ගැන හිතද්දි මගෙ හිත අමුතු සතුටකින් පිරෙන්න ගත්තා. එහෙම කෙනෙක් ගැන හීන දැක්කට එහෙම කෙනෙක් මගෙ වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒ වගේ කෙනෙක්ගෙන් ආදරේ ලබන්න තරම් මම වාසනාවන්තයි කියලා මම හිතුවෙ නෑ. ඒත් ඇත්තටම...එහෙම කෙනෙක් මගෙ වුණා. ෆික්ෂනල් කෙනෙක් මට ආදරේ කරනවා... මම ලවන්ගෙ කොට්ටෙ අරන් මූණට තද කර ගත්තෙ ආපු හිනාව කන්ට්‍රෝල් කරගන්න. අනිවාර්යෙන්...මගෙ කම්මුල් රෝස පාට වෙලා ඇති.

ලවන්ගෙ සුවඳ කොට්ටෙන් දැනෙද්දි මම ලොකු හුස්මක් අරන් ඒ සුවඳින් පෙනහලු පුරවන් කොට්ටෙ පහළට කරේ ඇස් දෙක විතරක් එළියට මතුවෙන විදිහට. ඒ කියන්නෙ...ඇත්තටම ෆික්ෂනල් අයට පණ තියනවද? එහෙම ලෝකයක් තියනවද?

විසඳගන්න දේවල් ගොඩක් තියනවා තමා...ඒත් ලවන් මට දිගින් දිගටම පොරොන්දු වෙද්දි ඒ ගැන සැකයක් තියාගන්න ඕනෙ නෑ. අප්පච්චි කිව්වා වගේම...මට ඒ තරම් ආදරේ කරන, පරිස්සම් කරන කෙනාගෙ වචන මම විශ්වාස කරන්න ඕන.

මම නැගිටලා ඇඟ සෝදගෙන ලවන්ගෙ ශර්ට් එකකුත් දාන් පහළට යන්න ලෑස්ති වුණා. ඒක ඇන්දම මගෙ ශෝර්ට් එක සම්පූර්ණෙන් වැහෙනවා. කමක් නෑ...ලවන් විතරනෙ ගෙදර ඇත්තෙ. කොහොම ගිහාම මොකද.

මම පහළට යද්දි ලවන් කිචන් එකේ කෑම හදනවා. එයා හිටියෙ ශර්ට්ලස්...මට ඒ ගැන හිතද්දි යන්තම් හිනාගියා. මේකත් හරියට පොතක සීන් එකක් වගේමනෙ...සාමාන්‍යයෙන් කපල් එක පළවෙනි රෑ එකට ගත කරාම කොල්ලා ඇවිත් ශර්ට්ලස් බ්‍රෙක්ෆස්ට් හදනවා. කෙල්ල කොල්ලගෙ ටී ශර්ට් එකක් ඇඳන් කිචන් එකට එනවා. ඊට පස්සෙ රොමෑන්ටික් දෙබස් ටිකක් කියනවා.

අපි අතර එච්චර දෙයක්නම් වුණේ නෑ තමා ඒත් උදේ නැගිට්ට වෙලේ ඉඳන් දේවල් ෆික්ෂනල් විදිහට වුණා වගේ...එයත් ෆික්ෂනල් එකේ මට හිතුනා ඉතුරු කෑල්ලත් ෆික්ෂනල් විදිහටම කරන්න. මම ලවන්ගෙ ගාවට ඇවිදන් ගිහින් එයාව බැක් හග් කරලා උරහිස ගාවින් කම්මුල හේත්තු කරගත්තා. වෙනදා වගේම එයාව බදාගද්දි දැනෙන පපුව හිරිවැටෙන හැඟීම මට දැනෙනවා.

මං හිතන්නෙ මම ආව කියන එක ලවන්ට දැනුනෙත් ඒ වෙලාවෙ. එයා එක පාරට යන්තම් ගැස්සිලා මගෙ පැත්තට මූණ හැරෙව්වා. මම එයාගෙ උරහිස උඩින් නිකට තියන් බලන් ඉද්දි ලවන් මාත් එක්ක හිනාවුණා.

"ගුඩ් මෝනින්..."

"ම්ම්...ගුඩ් මෝනින්."

"ඔයා කොයි වෙලේද නැගිට්ටෙ...මම දන්නෙත් නෑනෙ."

"දැන් වගේ...ඔයා උදේම නැගිට්ටද?"

"ඔව්...මම ඔයා ආසම සැන්ඩ්විච් හැදුවා. අපි උදේ තේ එක බීලා කමු."

"ම්ම්..."

මම ලවන්ගෙ කම්මුලින් හාද්දක් තියන ගමන් කිව්වා. වෙනදා වගේම එයාගෙ ඇස් ලස්සනට එළිය වුණා. ලවන් ඒ වෙද්දිත් තේ හදලා තිබ්බෙ. එයා කෝප්ප දෙකම අරන් මගෙ පැත්තට හැරිලා එකක් මට දුන්නා.

පුරුදු විදිහටම එයාගෙ ඇස් දෙකේ ආදරේ පිරිලා තිබුණා. මොකක්හරි හේතුවකට...මට ඊයෙ ඉඳන් එයාගෙ ආදරේ වැඩියෙන් දැනෙනවා. ටිකක් වෙලා ලවන්ගෙ ඇස් දෙක දිහා බලන් හිටපු මම තේ කෝප්පෙ ආයෙම මේසෙ උඩින් තියලා ඉන වටේ අත දාලා ලවන්ව බදාගත්තා.

ලවන් එක පාර ටිකක් පුදුම වුණත් එයත් කෝප්පෙ පැත්තකින් තියලා මාව බදාගත්තා. මම ඉන්නෙ සතුටින් කියලා තේරුණ නිසාද කොහෙද ලවන් කලබල වුණේ නෑ.

"විදුර්...මොකෝ මේ?"

"ආදරෙයි..."

මම ලවන්ගෙ පපුවෙන් නිකට තියන් එයා දිහා බලලා කියද්දි එයාගෙ ඇස් ගොඩක් සොෆ්ට් වෙනවා මම දැක්කා.

"ඔයා මාත් එක්ක තරහ නැද්ද විදුර්...?"

"තරහ වෙන්න...ඇයි ඒ?"

මම ඇහුවෙ ලවන්ගෙන් ටිකක් එහාට වෙලා එයාගෙ උරහිස් වලින් අල්ලගන්න ගමන්.

"ඔයා මේ ගැන දැනන් හිටියෙ නැති එක ගැන...?"

"ඔයා ඉතින් මට කොච්චර කියන්න ට්‍රයි කරාද...මමනෙ ඇහුවෙ නැත්තෙ. හරිනම් ඔයයි මාත් එක්ක තරහ වෙන්න ඕන."

"සමහර වෙලාවට අත හොඳට මිට මොලවලා තරු පේන්න ටොක්කක් අයින්නනම් හිතුනා තමා මොළේ පෑදෙන්න..."

ලවන් මගෙ නහය මිරිකන ගමන් කියද්දි මට හිනාගියා. ඇත්තට මොනවා නොහිතෙන්න ඇද්ද මම හැමදාම ඒක විහිලුවක් කියලා මඟාරිද්දි. කොහෙද ඉතින් මම හිතුවෙ ලවන් මගෙ හිතේ තියන මනස්ගාත වලට සපෝට් කරන්න හදනවා කියලනෙ.

ලවනුයි මමයි දෙන්නම තේයි සැන්ඩ්විචුයි ඔක්කොම අරන් සාලෙට ආවෙ සෝෆා එකට වෙලා ග්ලාස් වෝල් එකෙන් එළිය බලන් කන්න. ආයෙ තේ බීලා ඉවර වෙනකන් ඉන්නෙ මොකෝ...මට බඩගිනි.

ලවන් කිව්වා වගේම මම ආසා විදිහට සැන්ඩ්විච් හදලා තිබුණේ. මම බටර් වෙනුවට ගාන්නෙ චීස්. පාන් පෙති දෙකටම චීස් ගාලා මැද්දට ලූණු, තක්කාලි, අමු මිරිස් අනම් මනම් දාලා ටොමෙටෝ සෝස් ටිකකුත් දාලා ලුණුයි ගම්මිරිසුයි ටිකක් ඉහා ගත්තම...හම්මේ රස.

මම ඉතින් සැන්ඩ්විච් පෙති දෙක තුනක්ම ගිලලා තේ එක බොන්න පටන් ගත්තා. ලවනුත් කාලා තේ බොන ගමන් මගෙ කර වටේ අත දාලා මාව ළං කරගත්තා. මම එයාගෙ උකුල උඩින් මගෙ කකුල් දෙකම් දාගෙන ලවන්ගෙ උරහිසට හේත්තු වුණා.

"ලවන්..."

"ම්ම්..."

"මම දෙයක් අහන්නද...?"

"අහන්න...කොහොමත් ඔයාට ගොඩක් දේවල් අහන්න ඇතිනෙ."

"ගොඩක් දේවල් තියනවනම් තමා...ඒත් මේක ඒවට සම්බන්ධ නෑ."

මම කියද්දි ලවන් නළල රැළි කරන් මගෙ දිහා බැලුවා.

"මොකද්ද..."

"එදා රෑ අපි වැව රවුමෙ ඇවිදන් ආපු දවසෙ...මගෙ ටයිප් එක ෆික්ෂනල් කියද්දි ඔයාට මොකද හිතුනෙ?"

මම අහද්දිම ලවන් හිනාවෙලා බිම බලගත්තා. මේ මොකත මේ??

"ඇයි හිනාවෙන්නෙ...කියන්නකො."

"ම්ම්...කොහොමද ඒක කියන්නෙ. ලෝකෙම දිනුවා වගේ ෆීලින් එකක්."

"ආහ්...?! ඒ කිව්වෙ?"

මම ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරලා පුදුමෙන් වගේ. ලස්සන උත්තරයක් බලාපොරොත්තු වුණාට මේ තරම් එකක් බලාපොරොත්තු වුණේ නෑ.

"මෙහෙමයි..."

ලවන් කිව්වෙ මගෙ අතක් එයාගෙ අතක පටලගන්න ගමන්.

"මම ඒ වෙද්දිත් ඔයාට ආදරේ කරන්න පටන් අරන් තිබ්බෙ. ඔයාටත්...මං ගැන මොකක්හරි එකක් තිබ්බනෙ. නේ?"

"ම්ම්..."

"ඔයා මට කැමති වෙයි කියලා දැනන් හිටියත් හිතේ පොඩි බයක් තිබ්බා...මේ වගේ දේවල් දැනගත්ත දවසක රිඇක්ශන් එක මොන වගේ වෙයිද කියලා."

"...."

"ඒත්...ඔයා ඒක කිව්වට පස්සෙ ඒ බය නැත්තටම නැති වුණා. එහෙම දෙයක් අඩු ගානෙ ඔයාගෙ ඔලුවෙ හරි තියනවා කියන්නෙ...මම හිතුවා ඔයා දැනගත්ත දවසක ඒක තේරුම් ගනී කියලා."

"තේරුම් ගන්නවා කියන්නෙ ඉතින්...මට මා~~රම හැපී. හිතේ තිබ්බට කවුද හිතුවෙ මගෙ ටයිප් එකම මගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙයි කියලා."

මම ලවන්ගෙ වැලමිට ගාවින් බදාගෙන ලවන්ට හේත්තු වෙන ගමන් කියද්දි එයා මගෙ නළලෙ පැත්තකින් කිස් එකක් තිබ්බා.

"ඔයාට හිතෙන්නෙ එහෙමනම් මටත් සතුටුයි...නැත්තම් ඊයෙ මම බයවුණා ටිකක්."

ඊයෙ මම හැසිරුණ විදිහ මතක් වෙලා මම ලවන්ගෙ බෙල්ලෙම මූණ හංගන් බිම බලාගත්තා. ඊයෙ ලවන් බයවුණ එකනම් සාධාරණයි ඉතින්...ඒත් මං ඕවර් රිඇක්ට් කරා කියලා ම්ම හිතන්නෙත් නෑ. ඒක ඒ වගේ දෙයක් දැනගත්තම ඇතිවෙන නෝර්මල් රිඇක්ශන් එකක්.

"මට...එක තප්පරේකට මට හිතුනා පාඩුවේ හිටපු ඔයාව ළං කරන් ඔයාටත් මේ ගින්දරා දීලා මම කරේ වැරැද්දක්ද කියලා-"

ලවන් ඒ ටික කියද්දිම මම මගෙ දබර ඇඟිල්ල එයාගෙ තොල් වලින් තියලා එයා කියන එක නැවැත්තුවා. මට හිතුනා එයා එක වතාවක් හරි එහෙම හිතන්න ඇති කියලා...ඒත් ලවන් කීයටවත් එහෙම හිතන්න ඕන නෑ.

"ලවන්...එහෙම කියන්න එපා. ඔයා එහෙම හිතන්නවත් එපා. මං ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා මගෙ ජීවිතේ මම ගත්ත හොඳම තීරණ වලින් එකක්."

"...."

"මම මේවා කියන්නෙ ඔයාට තියන ආදරේ නිසා බොළඳ වෙලාවත් ඔහේ හිතට එනවටවත් නෙවෙයි ලවන්...මම ඔයාට ළං වුණේ ඔයාගෙ ආදරේ මට දැනුන නිසා. ආසාවට එහා ගිය ආදරයක් මට දැනුන නිසා."

"විදුර්..."

"මට මීට කලින් ඕන තරම් අයගෙ ඇටෙන්ශන් එක හම්බෙලා තියනවා...ඉස්කෝලෙ, ක්ලාසස් වල, ට්‍රිප් යද්දි, සින්ග් කරන්න යද්දි, ආට් කම්පිටිශන් යද්දි ඕන තරම් මිනිස්සු මගෙ දිහා අමුතු විදිහට බලලා තියනවා. ඔයා විශ්වාස කරනවනම් කරන්න...කසාඳ බැඳලා ළමයි ඉන්න ක්ලාසස් වල උගන්නපු සර්ලත් මට ඕන්නැති යෝජනා කරලා තියනවා."

"ආහ්...?!?"

"ඔව්...සමහර අය වචනෙට ආදරෙයි කියලා කිව්වට ඒ වචන ඇතුළෙ තිබ්බ ඇත්තම අරමුණ මොකද්ද කියලා මට තේරුණා. ඔය නිසාම මම ආදරේ ගැන අදහස ගොඩක් දුරට අතෑරලා තිබ්බෙ. මම හිතුවෙ මිනිස්සු ඔක්කොම මේ වගේ ඇති කියලා. හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තිබ්බා මාව ආදරෙන් බලාගන්න කෙනෙක් හම්බෙයි කියලා...ඒත් දිගින් දිගට වෙන දේවල් එක්ක මම කලකිරිලා හිටියෙ."

"...."

"ඒත් ඔයා ලවන්...ඔයාගෙ හිතේ මං ගැන තියෙන්නෙ ඇත්තම ආදරයක් කියලා මට තේරුණා. ඔයා මුල ඉඳන්ම මාව බලාගත්තෙ හරි පරිස්සමට, පොඩ්ඩක්වත් හදිස්සි වෙන්නැතුව. ඔයා...ඔයා අදටවත්, මගෙ අවසරේ තිබිලවත්, කවදාවත් ඔයාගෙ ලිමිට්ස් වලට එහා ගිහින් නෑ. එහෙම කරනවනම් ඔයාට ඕන තරම් චාන්ස් එක තිබුණා, විශේෂෙන් ඊයෙ...මම ඕනම කියද්දිත් ඔයා මම ඉන්න තත්වෙ තේරුම් ගත්තා. ඔයා දන්නවද මම කොච්චර ඔයාට ඒ දේවල් වලට කොච්චර රෙස්පෙක්ට් කරනවද කියලා?"

මම එයාගෙ ඇස් දිහාම බලන් අහද්දි ලවන්ගෙ ඇස් වල කඳුලු පිරෙනවා මං දැක්කා. මම කවදාවත් මෙච්චර මගෙ හිතේ තියන දේවල් එයාට කියලා නෑ...මම කියන වචනයක් ගානෙ එයාගෙ හදවතටම දැනෙනවා කියලා මට තේරුණා. මම ලවන්ගෙ උකුලින් වාඩි වෙලා එයාගෙ උරහිස වටේ අත දාගෙන තවත් ටිකක් එයාට ළං වුණා.

"ආදරේට රාගය ඕනෙ තමා...ඒත් රාගය කියන්නෙ ආදරේ නෙවෙයි. අද කාලෙ ගොඩක් මිනිස්සු ඕක පටලන් ඉන්නෙ. බාහිර පෙනුමට දැනෙන ඇට්‍රැක්ශන් එකටත් එයාලා කියන්නෙ ආදරෙයි කියලා. ආදරේ කියන්නෙ වෙලාව හම්බුණ ගමන් නිරුවත් වෙලා ඇඳට පනින එක නෙවෙයි. එතෙන්ට යන්න කලින් දෙන්නෙක් කොච්චර ඉමෝශනලි බැඳන්න ඕනද...කොච්චර අනිත් එක්කනා ගැන දැනගන්න ඕනද?"

"ම්ම්..."

"මටනම් අනිත් හැමදේටම වඩා ආදරේ දැනෙන්නෙ ඒ වගේ පොඩි තැන් වල. මම ආසම දෙයක් දැක්කම 'මට මේක දැකලා ඔයාව මතක් වුණා' කියන එකට, 'ඔයා ආසා නිසා මම මේක ගත්තා' කියන එකට, අසනීපයක් වුණාම පැනඩෝල් දෙකක් බීලා නිදාගන්න කියනවට වඩා 'ඔයාට නින්ද යනකම් මම ඔලුව අතගාන්නද මැණික' අහන එකට, හැමදාම මම යන්න කලින් ඔලුව අතගාලා නළලට කිස් එකක් දෙන එකට, මම පොඩ්ඩක් ස්ට්‍රෙස් වුණ ගමන් මම ආසම දෙයක් අරන් ඒ පමාවට මාව බලන්න එන එකට, අනිත් හැමදේටම වඩා මාව ඔයාට වටිනවා කියලා දැනෙන්න දෙන එකට, තව ගොඩක් දේවල් ලවන්...ඒ වගේ පොඩි දේවල් වලින් ඔයාගෙ ආදරේ මට ගොඩක් දැනුනා. ඒ හැමදේම එක්ක රාගය කියන එකත් විඳිද්දි තමයි ආදරේ කියන එක මට උපරිමේටම දැනුනෙ."

"...."

"ඒ නිසා...ඔයා තමයි මගෙ ජීවිතේ හම්බුණ හොඳම දේ ලවන්. ඔයාට වඩා මට ආදරේ කරන කෙනෙක් ගැන මට හීනෙන්වත් හිතාගන්න බෑ. ප්‍රශ්නනම් එයි. ඔයා මේ ලෝකෙම කෙනෙක් වුණත්...අපි කොල්ලො දෙන්නෙක්. අනිවාර්යෙන් අපිට ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. ඉතින් මේ දේවල් වලටත් ඔයා එක්ක මූණ දෙන්න මට බයක් නෑ. කොහොමත්...ඔයා එක්ක ජීවිතේ බිංදුවේ ඉඳන් පටන් ගන්න වුණත් මම පොඩ්ඩක්වත් ඒකට බය නෑ. මාව වටින, මට වටින කෙනෙක් මගේ වුණ එක ගැන මට තියෙන්නෙ වචනෙන් කියන්න බැරි තරම් සතුටක්, ආඩම්බරයක්."

"...."

"ඉස්සරනම් ආදරේ කියද්දි මට ගොඩක් දේවල් ඔලුවට එනවා...මේ වගේ කෙනෙක්, මේ විදිහට මාව බලාගන්න කෙනෙක්, මේ විදිහෙ පෙනුම තියන කෙනෙක් වගේ මම බලාපොරොත්තු වෙන විදිහෙ ගොඩක් දේවල්. ඒත් දැන්...මට ආදරේ කියන්නෙ එක වචනයක් විතරයි. කවුරුහරි මගෙන් ඇහුවොත් ආදරේ කියන්නෙ මොකද්ද කියලා...මට උත්තර දෙන්නෙ 'ලවන්' කියලා විතරයි. මට දැන් ආදරේ කියන්නෙම ලවන් ඔයා විතරයි."

මම කියලා ඉවර වෙනකන්ම මගෙ ඇස් දිහා ගොඩක් ආදරෙන් බලන් හිටපු ලවන්ගෙ ඇස් වලින් කඳුලක් වැටුණෙ එයාටත් නොදැනිම. එයා එයාගෙ අත උඩට ගන්නත් කලින් මම ඒ කඳුලු පිහදාලා කම්මුල් වලින් අල්ලගත්තා.

"මම ඔයාට ආදරෙයි ලවන්...ඔයා එක්ක ඕනම දේකදි මම ඉන්නවා."

"මගෙ මැණික..."

ලවන්ගෙ ඇස් වල ආයෙමත් කඳුලු පිරෙද්දි  එයා ඉස්සරහට වෙලා මාව බදාගත්තා. මට දැනෙනවා එයාගෙ කඳුලු වලින් මගෙ, 'එයාගෙම' ශර්ට් එක තෙත් වෙනවා. මම එයාට අඬන්න දුන්නා...මොකද එයා අඬන්නෙ මම කියපු වචනයක් ගානෙ දැනුන සතුටට කියන්න මම දන්නවා. හිතේ තියන දේ කිව්වට පස්සෙ මටත් දැනුනෙ ලොකු නිදහසක්. ලවන් සන්සුන් වෙනකන්ම මම එයාව තුරුල් කරන් හිටියා.

ලවන් මගෙන් ටිකක් එහාට වෙද්දි මම එයාගෙ කම්මුල් දෙකේම කඳුලු පිහදාලා නළලට මගෙ නළල හේත්තු කරගත්තා.

"මමත් ඔයාට ගොඩක් ආදරෙයි මගෙ වස්තුව..."

ලවන් කිව්වෙ මගෙ තොල් වලට බරවෙන ගමන්. වෙනදටත් වඩා ආදරේ දැනුන අපි දෙන්නගෙ ආදරණීය හාදුව විනාඩි ගාණක්ම මම වින්ඳා. සෑහෙන වෙලාවකට පස්සෙ මම ලවන්ගෙන් එහාට වුණේ ටිකින් ටික හුස්ම ගන්න බැරිවෙද්දි.

ලවන් පුරුදු විදිහටම මාව තුරුලට ගද්දි මම කකුල් දෙක එයාගෙ උකුල උඩින් තියාගත්තා. ඊට පස්සෙ ගොඩක් වෙලා යනකන් ලවන් මට එයාලගෙ ලෝකෙ ගැන කිව්වා. ඒ කියපු විදිහටනම් ඇත්තටම ආසා හිතෙනවා එහෙම ලෝකෙක ජීවත් වෙන්න...කොයි තරම් නිදහස්ද. මම කොහොමත් ෆික්ෂනල් වර්ල්ඩ් එකක ජීවත් වෙන්න හීන දකින එකේ ඇත්තටම එහෙම දෙයක් තියනවා කියන එක මට තාමත් හිතාගන්න බෑ.

ඒත්...ලවන් කියපු විදිහට අපිට ඒ ලෝකෙට යන්න බෑ. මිතූ නැතිවුණෙත් එහෙම ගියාට පස්සෙ කියලා දැනගත්තට පස්සෙ මගෙ හදවතම නතර වුණා වගේ මට දැනුණෙ. දෙයියනේ...ඒ දෙන්නා කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඉන්න ඇත්තෙ. සිතුම්ය කොහොම දරාගන්න ඇද්ද...එයා කොච්චර එයාටම දොස් කියාගන්න ඇද්ද. එයාට තාමත් මිතූව අමතක කරන්න බැරි ඒක වෙන්න ඇති. තමන් වෙනුවෙන් එච්චර කැපකිරීමක් කරපු කෙනෙක්ව කොහොම අමතක කරන්නද?

ලවන් ඊට පස්සෙ තමා මට කිව්වෙ එයාගෙ මාස්ටර්ට මේ ගැන ආරංචි වෙලා තිබ්බා කියලා...මාස්ටර් එක්ක වුණ කතාවත් අකුරක් නෑර එයා මට කිව්වා. පව්...මෙච්චර කාලයක් ලවන් මේ හැමදේම තනියම දරාගෙන.

"එතකොට...ඔයා මොකද කරන්න ඉන්නෙ ලවන්? අපිට කිසිම විසඳුමක් නෑනෙ."

මම ලවන්ගෙ අත අල්ලන් ඇහුවෙ පැය බාගයක් විතරම එයා ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන මට කිව්වට පස්සෙ.

"මෙහෙමයි විදුර්...අපෙ ලෝකෙට දැන් අවුරුදු දාහකට කිට්ටුයි. ඒ කාලෙ ඉඳන්ම ජීවත් වුණ අය අදටත් ඉන්නවා. මෙහෙ වගේම බිලියන් ගානක් අය එහෙ ඉන්නවා. ඔය අයගෙන් එක්කනෙක් හරි මේ ලෝකෙ කෙනෙක්ට ආදරේ කරලා නැතිවෙන්න විදිහක් නෑ..."

"ඔයා එහෙම හිතනවද...?"

"මට සීයට සීයක් විශ්වාස නෑ...ඒත්- එහෙම ඉන්න ඕන. අපි දන්නෙ සිතුම්යගෙ කතාව විතරක් වුණාට අපි නොදන්න කතා තියෙන්න පුලුවන්නෙ."

"ම්ම්..."

"ඒ නැතත්...මෙහෙ වගේම එහෙත් ලයිබ්‍රරිස් තියනවා. අවුරුදු දාස් ගානක් ඕතර්ස්ලා ලියපු පොත් ඒවගෙ තියනවා. එහෙ තියෙන්නෙ ෆික්ෂනල් අය ලියපු පොත්. ඒ එකක හරි- සමහරවිට රියල් කැරැක්ටර් එකකට ආදරේ කරන කතාවක් ලියවිලා තියෙන්න බැරි නෑ. මට- මට ඔය කාවමහරි හොයාගන්න පුලුවන් වෙයි විදුර්...ඒ කා ගාවහරි උත්තරයක් තියෙන්න පුලුවන්."

"හරි ඔයා උත්තරයක් හොයාගත්තමයි කියමුකො...කොහොමද ආයෙ එන්නෙ? ඔයාට ආයෙ නුවර එන්න බෑනෙ."

"මම තාම ඒ ගැන හිතුවෙ නෑ විදුර්...එක සැරේට එක දෙයක් ගානෙ හිතමු අපි. ම්ම්? කොහොමත් උත්තරයක් හම්බුණ ගමන් මම එන්නෙ ඔයා ගාවට තමයි...අනික මට නුවර එන්න බැරි වුණාට ලංකාවෙ තව කොච්චර තැන් වලට එන්න පුලුවන්ද?"

ලවන් මගෙ නහයට එයාගෙ නහයෙන් තට්ටුවක් දාන ගමන් කිව්වා.

"ඔව්නෙ...ඔයාට පුලුවන්නෙ වෙන තැනකට ඇවිත් මට කෝල් එකක් දෙන්න."

"මගෙ විදුර්...කෝල් එකකින්වත් අපිට ඒ ඒරියා එකේ කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න බැරිවෙන්න තමයි සිස්ටම් එක හැදිලා තියෙන්නෙ. අපි බලමුකො ඒක එතකොට."

"ඔය මොන දේ කරත්...ඔයා පරිස්සමින් ලවන්."

"ම්ම්...මම ගොඩක් පරිස්සම් වෙන්න ඕන තමා. එයාලා නිකන් හරි දැනගත්තොත් මම මෙහෙම දෙයක් හොයනවා කියලා...ලේසි වෙන්නෙ නෑ."

"ඒත්-"

"ඔයා බයවෙන්න එපා...මම පරිස්සම් වෙන්නම්. අනික මට උදව්වක් ගන්න පුලුවන් විශ්වාසවන්ත අයත් එහෙ ඉන්නවා. සිතුම්ය...එතකොට රියානා-"

ලවන් කියන්න ගිය එක නවත්තගත්තෙ රියානගෙ නම කියද්දිම මම හොඳවයින් දෙකක් රවපු නිසා.

"අයියෝ බබා...තාමත්?? එයා මට පාර්ට්නර් වෙන්නෙ පොතට විතරයි."

"පොතටවත් ඕන්නෑ...හුහ්."

මම අත් දෙකත් බැඳගෙන ඈතක් බලන් කිව්වා. පොතට විතරයි කියලා මට තේරෙනවා අනේ...එච්චර සිඟිති වැඩ කරන්නෑ මං. ඒ වුණාට මෙහෙම අවුස්සන එකෙත් ආතල් එකක් තියනවා.

"රියානයි එයාගෙ බෝයිෆ්‍රෙන්ඩුයි...කොහෙද ඔයා මට කියලා ඉවර කරන්න දුන්නෑනෙ."

"ඔහ්...එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?"

"ඔව්...එයානම් එහෙම එක්කනෙක්."

"ම්ම්...ඔයාලා හොඳ යාලුවොද?"

"ඇත්තම කිව්වොත් විදුර් අපි දෙන්නා හම්බෙලා කතා කරලා තියෙන්නෙ දෙතුන් පාරයි. ඒත්...ඔයා මේක කොහොම තේරුම් ගනීද දන්නෑ. පොතක් ඇතුළෙ ආදරේ කරන ෆික්ෂනල් කැරැක්ටර්ස් දෙකක් අතරෙ ඉබේම අමුතු බොන්ඩ් එකක් ගොඩනැගෙනවා. ඒක ආදරේම වෙන්නත් පුලුවන්...හරියට මගෙ අම්මයි තාත්තයි වගේ. පොතේ වගේම ඇත්තම කපල් එකත් ඒ දෙන්නා තමා."

"වෝහ්...රියලි?!?"

"ම්ම්...ඒක හරි රෙයා කේස් එකක්. ඒත් පොතක් ඇතුළෙ මොන කතාව තිබ්බත් අපිත් අපිටම කියලා හැඟීම් තියන අයනෙ. අපි ගෙවන්නෙ අපෙම ජීවිත. ඒ කොහොම වුණත් පොතක් ඇතුළෙ, එහෙමත් නැත්තම් කතාවෙ ආදරේ කරන දෙන්නෙක්ගෙ ෆික්ෂනල් කැරැක්ටර්ස් දෙකත් ගොඩක් ඉමෝශනලි ළං වෙනවා. මටයි රියානටයි තියෙන්නෙත් ඒ වගේම බොන්ඩ් එකක්. හම්බෙලා කතා කරපු කීප වතාවෙ මට ඒක දැනිලා තියනවා. ඔයා ගැන කිව්වොත් ඒ දෙන්නා මට අනිවාර්යෙන් උදව් කරාවි."

"ඔයාට ආයෙ එයාලව හම්බේවිද...?"

"ම්ම්...එයාලා නිතර අපෙ කැෆේ එකට එනවා."

"අපෙ කැෆේ එක?? ඒ කිව්වෙ...?"

මම ඇහුවෙ පුදුමෙන් වගේ...මීට කලින් මට ඔහොම දෙයක් ඇහිලා නෑනෙ.

"ඕහ්හ්...මෙච්චර ඒවා කියලත් ඔයාට ඒක කියන්න බැරිවුණාද? සිතුම්ය එහෙ කරන්නෙත් කොෆි ශොප් එකක්. එයා තමා ඒකෙ ඕනර්. මම එයා එක්කම ඒකෙ බුක්ෂොප් එකක් කරනවා."

"වෙයිට්...සීරියස්ලි?!?"

"ඔව්...ඇ-"

"ඕ මයි ගෝඩ්...ඕ ගෝඩ් ලවන්!!"

"විදුර්...මොකද මේ??"

මම ලවන්ගෙ උකුල උඩ නැගලා බම්ප් වෙවී බෙරිහන් දෙන්න ගත්ත පාර ලවන් බයවෙලා වගේ මගෙ දිහා බැලුවා. අනේ...කොෆී ශොප් එකක් එක්කම තියන බුක්ෂොප් එකක්, ඒ එක්කම තියන ෆ්ලවර් ශොප් එකක්...මම හරි ආසයි එහෙම තැනකට. ඒ වගේ තැනක් මගෙම කරගන්න තිබ්බනම් කියලා අනන්ත හිතලා ඇති.

"නෑ- නෑ මේකයි...මම කොෆී ශොප් වලට ආසයි කියලනම් ඔයා දන්නවනෙ. ඒ වගේම බුක්ෂොප් වලටත්. ඒ දෙකම එකතු වුණ තැනකට මා ගොඩක්...ගොඩා~~රියක් ආසයි. එතකොට ඔයාලා දෙන්නා එහෙම තැනක් කරනවා කියන්නෙ- වාව්!!"

මම ලවන්ගෙ කම්මුල් දෙක ඉඹගෙන ඉඹගෙන ගිහින් ඈත් වෙන ගමන් කිව්වා.

"ඔයා ඔච්චර ඒකට ආසයි කියලා මම දන්නෑනෙ පැටියො..."

"ආසයි...ඒ එක්ක ෆ්ලවර් ශොප් එකක් එහෙම නැද්ද? නැත්තම් ආර්ට් ගැලරි එකක්?"

"ම්ම්...තාමනම් නෑ. ඔයා එහෙම හිතලා තියනවද?"

"ඔව්...අහන්නකො. මම කැමති මෙහෙම. කොෆී ශොප් එන අයට එතනම බුක්ෂොප් එකෙන් පොත් අරන් කියවන්න පුලුවන්. අරන් ගිහින් කියවලා ගෙනත් තියන්න පුලුවන්...නැත්තම් අරගෙනම යන්න පුලුවන්. ඒ එක්කම ෆ්ලවර් ශොප් එකක් නැත්තම් ආර්ට් ගැලරි එකක් තිබ්බොත් එයාලට පුලුවන් එයාලා කැමති විදිහෙ මල් නැත්තම් ආර්ට් එතනින් අරන් යන්න."

"ම්ම්...තව?"

"ගොඩක් වෙලාවට මල් නැත්තම් ආර්ට් ගෙනියන්නෙ කාටහරි දෙන්නනෙ. එතකොට ශොප් එකේ පොතක් තියලා තියනවා...අරන් යන අයට පුලුවන් අනොනිමස්ලි ඒකෙ එයාලා මල් අරන් යන්නෙ කාටද කියලයි හේතුවයි ලියලා යන්න. මට පුලුවන් හවස ශොප් එක වැහුවට පස්සෙ කොෆී එකක් බොන ගමන් ඒ හේතු ටික කියවන්න. ඒකෙ ගොඩක් ආදරණීය දේවල් තියේවි."

"වාව් විදුර්...ඒකනම් ඇත්තටම ලස්සන කන්සෙප්ට් එකක්."

"ඉතින් කරන්නකො ඔයාලගෙ එකෙත් එහෙම..."

"ඒක ඔයාගෙ අයිඩියා එකක් වුණ එකේ...ඔයා එක්කම එහෙම එකක් කරන්න ආසයි. ඔයාට පුලුවන්නෙ ආර්ට් ගැලරි එක කරන්න."

අපි දෙන්නා අතරෙම තිබුණ එක්සයිට්මන්ට් එකෙන් ලවන් කිව්වත් ඒ එක්කම අපි දෙන්නගෙම හිනාව අතුරුදන් වුණා. එහෙම කරන්න බෑනෙ...එයා කියන තරම් සැහැල්ලුවෙන් ඒක කරන්න බෑ.

මම අවුල් වුණා කියලා තේරුණ නිසාද කොහෙද ලවන්ගෙ ඇස් පොඩ්ඩක් කලබල වුණා. ඒත් මං ප්‍රශ්නයක් නෑ කියලා දැනෙන්න යන්තම් හිනාවෙලා ඔලුව දෙපැත්තට වනද්දි එයත් සන්සුන් වුණා.

"Once we find a way...we'll surely do it.

ලවන් මගෙ අත එයාගෙ තොල් ගාවට අරන් කිස් එකක් තියලා කියද්දි මම හිනාවුණා.

"ලවන්...ඔයාට මතකද මුලින්ම ඔයා ෆික්ෂනල් කියලා මට කියන්න ට්‍රයි කරපු දවස?"

"ම්ම්...ඔව්. ඇයි?"

"එදා මම කියපු දේ ඔයාට මතකද...?"

"Be my fantasy...but make sure I survive in this reality...That's what you said."

මම කියපු දේ ලවන් ඒ විදිහටම කියද්දි දැනුන සතුටත් එක්ක මම එයාට තවත් ටිකක් ළං වුණා. ලවනුත් මගෙ ඉනෙන් අත තියලා මාව ළං කරගත්තෙ තොල් වලින් පෙක් එකක් තියන ගමන්.

"ඒත්...අද මම ඔයාට කියන්නෙ එහෙම නෙවෙයි."

"...."

"Be my fantasy...and make me forget about this reality. Make me forget about me even existing in this reality."

"My baby...I'm more than ready to be your one and only fantasy."

------------

ටිකක් විශේෂ චැප්‍ටර් එකක් නිසා ලියන්න වෙලා ගියා. ඖලක් නෑ කියලා හිතනවා 🤧

Share This Chapter