Back
/ 35
Chapter 32

Part 29

සීමාවෙන් එහා

"බබා...කවද්ද කැෆේ එකේ ඇනිවසරි එක තියනවා කිව්වෙ?"

"ජූනි දහය..."

"ඔහ්...තව සතියක් වගේනෙ. ඔයා ලෑස්තිද පෆෝමන්ස් එකට?"

ලවන් සෝෆා එකේ ඉඳගන්න ගමන් අහද්දි මමත් එයාට ටිකක් එහායින් වාඩි වුණා.

"අනේ මන්දා අප්පා...සින්දු දෙක තුනක් ප්‍රැක්ටිස්නම් වුණා. ඒකත් එනවා, ඒ මදිවට කැම්පස් එකේ කොන්සට් එකත් එනවා, ඊට පස්සෙ ජූලි ඉඳන් එක්සෑම් එකට පාඩම් කරන්න ඕන. අනේ මට බෑහ්...!"

මම පණ නැතුව වගේ ලවන්ගෙ ඇඟට කඩන් වැටෙන ගමන් කියද්දි එයා හිනාවෙලා මගෙ කර වටේ අත දාන් මාව ළංකරගත්තා.

"ඔයනම් කම්මැලිකම...මම දන්නවනේ ඔයාට ඔය ඔක්කොම බැලන්ස් කරන්න පුලුවන් කියලා."

"පුලුවන් තමා...ඒත් හිතද්දිත් පිස්සු වගේ ඒයි."

මම කිව්වෙ ලවන්ට තවත් ටිකක් තුරුල් වෙන ගමන්. පහුගිය සති ටිකේ ට්‍රිප් ගියපුවටයි නටපුවටයි හරියන්න මේ දවස් වල හොඳටම පැක් වෙලා හිටියෙ. ලබන දහවෙනිදා අපෙ කැෆේ එකේ පස්වෙනි ඇනිවසරි එක. එදාට එයාලා ටිකක් ලොකුවට සෙලිබ්‍රේට් කරන්න ඉන්නෙ.

දවල් වරුවෙ එක එක පෆෝමර්ස්ලා ගෙනල්ලා පොඩි ඉවෙන්ට් එකක් තියනවා. කැෆේ එකේ වෙන සමහර දවස් වල පෆෝම් කරන අයත් ඉන්නවනෙ...සෙනසුරාදා මම වගේ. එහෙම අයයි නුවර ටිකක් ප්‍රසිද්ධ තව ඔය වගේ පෆෝමර්ස්ලයි විතරක් නෙවේ...අන්තිමට පෆෝම් කරන්න දනිතුත් එනවා. එයත් ඉතින් නුවර පළාතෙනෙ...අපෙ කැෆේ එකට ගොඩක් වෙලාවට එනවා නිදහස් නිසා. එයාට කලින් තමා මම පෆෝම් කරන්න ඉන්නෙ.

ඔය අතරෙ ජූනි මාසෙ අන්තිමට කැම්පස් එකේ ජූන් ග්ලූම්ද මොකද්ද කොන්සට් එකක් තියනවා. සින්ග් කරන්න මදිවට ඒකෙ කපල් ඩාන්ස් එක්ක සෙන්ටර් පොසිශන් එකටත් සෙට් වුණා මං. ප්‍රැක්ටිස් වෙන හැම පාරම ලවන් දමාගෙන රවලා මේන් හෝල් එකෙන් යනවා. මම එයාට රියානා පාවලා දීපුවා පල දෙනවද කොහෙද...එයාව අවුස්සන වැඩෙත් ආතල් හැබැයි. පොඩ්ඩක් හුරතල් වෙන්න විතරනෙ තියෙන්නෙ යාලු කරගන්න.

ඕවා ඔක්කොම ඉවර වෙද්දි ඉතින් ජූලි...ජූලි මැද සෙකන්ඩ් සෙමෙස්ටර් එක්සෑම් එකට ස්ටඩි ලීව් දීලා අගෝස්තු එක්සෑම් තියන්න ප්ලෑන් කරලා තියෙන්නෙ. හපොයි හිතද්දිත් හොඳ පණ යනවා.

අද කැෆේ එකේ පෆෝම් කරලා අපාට්මන්‍ට් එකට ඇවිත් කාලා ලවනුයි මමයි ටවුන් එක දිහා බලන් පචයක් හලන අතරෙ තමා ලවන් ඔය ගැන ඇහුවෙ. එයත් හරි එක්සයිට් වෙලා ඉන්නෙ මම කැෆේ එකේ පෆෝම් කරනවා බලන්න. අනික ඩාන්ස් එක කරද්දි ජෙලි මාලුවෙක් වගේ රඟපෑවට මොකෝ ලවන් හරි ආසයි මගෙ මූව්ස් වලට. දවසක් අපාට්මන්‍ට් එකට ආපු ගමන් මාව කිස් එක්කට අල්ලගත්ත ගමන මට ඉන්න දුන්නෙම නෑ...සිවිලිමේ ෆෑන් එක කැරකෙනවා විතරයි එදානම් මට මතක තිබ්බෙ.

"මුලින්ම තියෙන්නෙ කැෆේ එකේ පෆෝමන්ස් එකනෙ...ඒක ගැන හිතන්න. එක්සෑම් එක ගැනත් දැන්ම හිතන්න ගිහින් ඔයා නිකන් ස්ට්‍රෙස් වෙනවා විතරයි."

හැමදාම වගේ ලවන් මගෙ හිත හැදෙන්න කතා කරන ගමන් හෙමින් මගෙ ඔලුව අතගෑවා.

"ම්ම්...ඔයා කියන්නෙ ඇත්ත."

"ඒකනෙ...මමම ඉන්න ඕන ඉතින්."

"ඔයා හින්දා තමා අනේ මෙහෙම ඔලුව කෙලින් තියන්නෙ ඉන්නෙ..."

"ඔයා මං නිසා හරි එහෙම ඉන්න එක ලොකු දෙයක් ඒත්...මාව නැතුව ඉන්නත් පුරුදු වෙන්න ඕන නේද?"

ලවන් මගෙ නළලින් තොල් තියලා සොෆ්ට් විදිහට අහද්දි මම උත්තරයක් නොදී නිශ්ශබ්දව හිටියා. මම ලවන් ගැන දැනගත්තට පස්සෙ මේ සති දෙකට අපි වැඩිය ඔය ගැන කතා කරේ නෑ...කියව කියව හිටපු පොත කොහෙද කියන්නවත් අඩු ගානෙ මම දන්නෙ නෑ.

එයා සැරින් සැරේ මට ඒක මතක් කරන්න හැදුවා. ලවන් එහෙම කරන්නෙ මට එක පාරට දුක හිතෙන එක නැතිකරන්න කියලා මම දන්නවා. ඒත් මට දුකයිනෙ...මම මුකුත් නොකියා ශර්ට්ලස් හිටපු ලවන්ගෙ බඩේ මගෙ ඇඟිල්ලෙන් බලි අඳින්න ගත්තා.

"ඔන්න ඉතින්..."

"හරි අනේ...ඔයා යන්නෙ මට ඕන වෙලාවටනෙ. මම කියනකන් ඉන්න ඒ නිසා."

මම තොල් උල් කරන් කියද්දි ලවන් හිනාවුණා.

"කොහොමත් මම නොවැම්බර් වල යන්න ඕනෙ බබා..."

"මම දන්නවා ලවන්...අඩු ගානෙ- මට එක්සෑම් ඉවර වෙනකන් හරි."

"එතකන් මම අනිවාර්යෙන් ඉන්නවා මැණික..."

ලවන් මගෙ තොල් වලින් පෙක් එකක් තියන ගමන් කිව්වා. කලින් එක්සෑම් එකේදි ලවන් දීපු සපෝට් එක ගැන මම කිව්වනෙ...සෙකන්ඩ් සෙමෙස්ටර් එක්සෑම් එකෙත් එයා මං ළඟ ඉන්න් එක මට ලොකු හයියක්. ලවන් මට පොඩිම විදිහකින්වත් ස්ට්‍රෙස් වෙන්න දුක් වෙන්න දෙන්නෙ නෑ කියලා මම දන්නවා.

"මේ පාරනම් අර කලින් වගේ කෝලම් බෑ හොඳේ...මට අල්ලන්නයි කිස් කරන්නයි ඕනෙ."

මම ලවන්ගෙ ඇස් දිහා බලලා බොරු තරහක් මවන් කියද්දි එයාට හයියෙන් හිනාගියා. හිනාවෙන්න දෙයක් කිව්වෙ නෑනෙ දැන් මං...හහ්.

"ම්ම්...එච්චරයි. වෙන මුකුත් නෑ ඒ කාලෙට."

"අනේ මට ඕනෙත් නෑ වෙන මුකුත්..."

හපොයි...වරද්දගත්තා නේද කට. මම ඇස් කොනෙන් ලවන් දිහා බලද්දි එයා ඇස් හීනි කරන් මගෙ දිහා බලන් හිටියා.

"ඕන්නැද්ද...?"

"නෑ මං කිව්වෙ-"

මට කියලා ඉවර කරන්න වුණේ නෑ. මාව සෝෆා එකේ පෙරලගත්ත ලවන් මගෙ අත් දෙකම ඔලුවට උඩින් තියලා තද කරගත්තා. එයා කට කොනකින් හිනාවෙලා මගෙ දිහා බලන් ඉන්න විදිහට ඇඟම හිරිවැටිලා යනවා. ඒත් මට හෙල්ලෙන්නවත් පුලුවන් විදිහට නෙවෙයි ලවන් මාව හිර කරන් හිටියෙ.

"මොකද්ද කිව්වෙ...ආයෙ කියන්න බලන්න."

"මුකුත් නෑ...එහාට වෙන්නකො."

මම ලවන්ගෙ පපුවට අත තියලා තල්ලු කරන්න හදන ගමන් කිව්වත් එයා පොඩ්ඩක්වත් එහාට වුණේ නෑ. මම ඇස් දෙකත් ලොකු කරන් ලවන් දිහා බලන් ඉද්දි එයා එයාගෙ තොල් මගෙ තොල් වලින් තියලා ආවේගෙකින් වගේ කිස් කරන්න ගත්තා. එක අතකින් තවමත් මගෙ අත් හිර කරන් හිටපු ලවන් අනිත් අත මගෙ ශර්ට් එක ඇතුලෙන් පපුව පුරාම ගෙනියන්න ගත්තා.

ග්‍රේ ස්වෙට්පෑන්ට් එකක් ඇඳන් හිටපු ලවන් එයාගෙ ලෝවර් බොඩි එක මගෙ පැත්තට තද කරද්දි මගෙන් කෙඳිරුම් පිටවුණේ ඉබේටමයි. එයාගෙ තොල් මගෙ මූණ, බෙල්ල පුරාමත් යද්දි ඉවසගන්න බැරිවුණ මම ඉනෙන් ඉස්සිලා ලවන්ගෙ පැත්තට වුණේ මොනම විදිහකින් හරි එයාගෙ ටච් එකක් බලාපොරොත්තුවෙන්.

ඒත් ඒ එක්කම මගෙන් එහාට වුණ ලවන් මගෙ දිහා බලලා අමුතු හිනාවක් දාලා සෝෆා එකෙන් නැගිට්ටා. මොකක්...?!? මාව මෙච්චර ඇවිස්සුවට පස්සෙ?? නැග්ගුවනම් ඒවා ගැන වගකියනවා මිනිහෝ...!!

"ලවන්...?!"

"ම්ම්...?"

මෙලෝ ගානක් නැතුව බලන් ඉන්න හැටි. අර නෝන්ඩි හිනාවනම් එහෙම්මයි හැබැයි. මට කියාගන්න බැරි තැන ඉස්මතු වෙලා තියන මගෙ අවයව දිහාවට ඇහැ ගෙනිච්චෙ ලවනුත් ඒ දිහා බලද්දි.

"අනේ~"

"ඇයි දැන් ඕන්නෑ කිව්වෙ...මට බෑ."

ලවන් මට සමච්චල් හිනාවක් දාලා අපි කලින් කාපු පලතුරු ප්ලේට් දෙකත් අරන් කුස්සියට ගියා. තවුසෙට මම...මම නැගිටින්න හැදුවත් මේ සිප්පිකටු හිකනලා ඒ වෙද්දිත් කුස්සියට ගිහින් ඉවරයි. මාත් ඒ ගමන්ම නැගිටලා කුස්සියට ගියා. ඇයි යකොව්...හරි වැඩක්නෙ මේක.

මම යද්දි ලවන් ප්ලේට් දෙක සෝදලා රැක් එකෙන් තියනවා. මම එයාව දැක්ක ගමන්ම දුවලා ගිහින් පිටේ එල්ලිලා කකුල් දෙක ඉන වටේ දාගත්තා. ලවනුත් ඒ දේ බලාපොරොත්තු වුණා වගේ උරහිස උඩින් මගෙ දිහා බලලා හිනාවුණා.

"මොකෝ...?"

"ඇඳට යන්කො ඒයි..."

"ඒ මොකටද...?"

"ආලවන්තකම පොල්ල කන්න මට දීලා යන්න හද...ගැස්ම. නීල අම්බරේ-"

"විදුර්...මොනවද ඔය කියන්නෙ??!"

"ඇයි අනේ අර නංගි බබෙක් සින්දුවක් කියන්නෙ...ආලවන්තකම-"

"හරි- හරි...ඒ කියන්නෙ කොල්ල කන්න කියලා නැතුව- ඔයා ඔය කියන එකක් නෙවෙයි."

ලවන් මගෙ දිහා බලන්නැතුව තාම බොරුවට බඩු අස් කරන ගමන් කිව්වා. ඒවා කන වෙලාවට හොඳයි...කිව්වම තමා මෙතන බබා වෙන්න හදන්නේ.

"හරි හරි මොකක්හරි...දීලා යන්න බැහ්?"

"කන්න දෙන්නම්...දීලා යන්න බෑ හැබැයි."

ලවන් කට කොනකින් හිනාවෙන ගමන් කියද්දි මම හයියෙන් එයාගෙ උරහිස හැපුවා. තාම පිටේ එල්ලිලානෙ ඉන්නෙ...වැඩේ ලේසි.

"ඔව් ඉතින් දීලා යන්න බෑනෙ කොහොමත්...මටමනෙ පාඩු වෙන්නෙ."

"අනේ ඇත්තට විදුර් ඔයත්...හැදිලා ඉන්නවා දැන් හොඳ ගානකට."

ලවන් කිව්වෙ එයාගෙ අත පිටිපස්සට එවලා මගෙ කන මිරිකන ගමන්. හෝර්නි වැඩි වෙලාද කොහෙද මට ඒ කන මිරිකන එකත් හෙන සෙස්සි ටච් එකක් වගේ දැනෙන්නෙ.

"මම කොහොමත් හැදිලා තමා හිටියෙ...ඒ හැදිච්චකම් ඔයාට පෙන්නුවෙ නෑ."

"ඒකනම් හිතාගන්න පුලුවන්...මේ මොනවාහරි කනවද?"

ලවන් යන්තම් මගෙ පැත්ත හැරිලා ඇහුවා. කන්න?? දැන් රෑට කාලා පලතුරුත් කෑවනෙ...ආයෙ මොනවා කන්නද? ඩෙසට් එකක් කන්නනම් ඉඩ තියනවා හැබැයි.

"ම්ම්...වොෆ්ල්ස්?"

"මොනාත් එක්කද...?"

"විප්ඩ් ක්‍රීම්..."

"ඇන්ඩ් චොක්ලට්...?"

"ඇන්ඩ් ස්ට්‍රෝබෙරි..."

අපි ගානට කම්බිනේශන් එක කම්ප්ලීට් කරපු විදිහට අපි දෙන්නටම හිනාගියා. එහෙම තමා ඉතින් සෝල්මේට් වුණාම...කිය කිය ඉන්න ඕනෙ නෑ ඉබේම හිතේ තියන එක තේරෙනවා. ලවන් එයාලගෙ අමුතු ගැජමැටික් මැෂින් එක ගාවට යද්දි මම එයාගෙ කරෙන් බැස්සා. පවුන් දැන් කොච්චර වෙලා උස්සන් හිටියද.

හැබැයි කරෙන් බැස්සට එහෙම ඈතින් ඉන්න බෑනෙ...ලවන් අර මැෂින් එකේ මොන මොනවදෝ බට්න් වගයක් ප්‍රෙස් කරද්දි මම එයාව බැක්හග් කරන් එයා කරන වැඩේ දිහා බලන් හිටියා. කෑම එක රෙඩි වෙනකන් ලවන් මේසෙට හේත්තු වෙද්දි මම ආයෙම එයාව ඉස්සරහින් බදාගත්තා.

"මොකද මේ...ඇලවෙන්නමයි බලන්නෙ."

ලවන් හිනාවෙලා කියන ගමන් මගෙ ඔලුව යන්තම් ඇවිස්සුවා.

"ඔයාගෙ ඇලවෙන්නැතුව වෙන කාගෙ ඇලවෙන්නද මං...හහ්."

"ඇයි අර ඩාන්ස් එකේ-"

"යන්න අහකට...ඩාන්ස් එකක් අල්ලන් කියවනවා ප්‍රැක්ටිස් වෙන්න පටන් ගත්ත දවසෙ ඉඳන්. ආයෙ එන්නෑ ඇලවෙන්න නෙවෙයි අල්ලන්නවත්."

මම ලවන්ගෙන් එහාට වෙන්න යද්දිම එයා මාව අතින් අල්ලලා එයාගෙ පැත්තට ඇදගත්තා. මම ආයෙම එහාට වෙන්න ගියත් ලවන් මගෙ ඉන වටේ අත දාලා මාව හිරකරගත්තෙ මට හෙලවෙන්නවත් බැරිවෙන්න. මම එයාගෙ මූණවත් බලන්නැතුව අහක බලන් ඉද්දි ලවන් මගෙ නිකටින් අල්ලලා හොලවලා හිනාවුණා. මොකද දන්නෑ හිනාවෙන්නෙ.

"අපරාදෙ මම ස්ට්‍රෝබෙරිත් ඕනෙ කියලා මැෂින් එකේ දැම්මෙ...මේ ඉන්නෙ රතුම රතු වුණ ස්ට්‍රෝබෙරි ගෙඩියක්."

"මං තරහයි..."

"ඔහ් නෝ...මගෙ විදුර් මාත් එක්ක තරහයි??"

ලවන් ඇහුවෙ අත් දෙකම මගෙ ඉන වටේ දාලා මාව ළංකරගන්න ගමන්. මමත් අර මොකාද එකා වගේ ලවන්ගෙ ඇඟටම ඇලිලා අහක බලන් හිටියා. ලවන් මගෙ දිහා හිනාවෙලා බලන් ඉඳලා තොල් වලින් පෙක් එකක් තිබ්බා.

ඔන්න ඕවටනම් පොඩ්ඩක් ගනන් බහිනවා ඉතින්...කමක් නෑ ගනන් උස්සන්ම ඉන්න ඕන. ඒත් ලවන් එක දිගට පෙක් කරද්දි ගනන් උස්සන් ඉන්න බෑනෙ. ලවන් පෙක් හය හතක්ම මගෙ තොල් වලින් තියලා මගෙ ඇස් දිහා බලද්දි මම තප්පරේකට වගේ එයා දිහා බලලා අහක බලාගත්තා.

"ආ...හරි රෝස පාට වුණා. දැන් තරහ නෑනෙ."

ලවන් මගෙ මූණට එබිලා ඇහුවා. මේන් මේ වර්ණ විපර්යාසෙ හින්දා තමා මොකවත් කරගන්න බැරි. නිදහසේ කේන්ති ගන්නවත් බෑනෙ. කේන්ති වුණාම රතු පාට වෙනවා කේන්තිය බැහැලා ආදරේ හිතුන ගමන් රෝස පාට වෙනවා.

එතකොටම කෑම එක රෙඩි කියලා සිග්නල් එක වැදුනා. දැන්නම් ඉතින් කොහොමත් තරහ වෙලා ඉන්න බෑනෙ. කෑම අංක එක...අනිත් ඔක්කොම දෙක.

ලවන් එක අතකින් මගෙ ඉනෙන් අල්ලගෙනම අනිත් අතින් කෑම එක එළියට ගන්න හැටි මම බලාගෙන හිටියා. ප්ලේට් එකට වොෆ්ල්ස් දාලා ඊට උඩින් විප්ඩ් ක්‍රීම් දාලා තිබුණා. ආයෙ චොක්ලට් ඩිප් එකයි ස්ට්‍රෝබෙරි ප්ලේට් එකයි. වෝහ්...දැක්කමත් කටට කෙල උනනවා.

ලවන් ඒ ඔක්කොම එළියට ගද්දි මම ෆ්‍රිජ් එකෙන් කිස්ට් ග්‍රීන් ඇපල් කෑන් දෙකකුයි විප්ඩ් ක්‍රීම් කෑන් එකයි එළියට ගත්තා. තව ඕන වුණොත් එහෙම...ලවන් ඩෙසට් එකත් අරන් සාලෙට යද්දි මාත් ඒ පස්සෙන් ගියා.

එයා ප්ලේට්ස් ඔක්කොම ස්ටූල් එක උඩ තියලා සෝෆා එක ගාවම බිමින් වාඩි වුණා. වෙලාවකට අපි දෙන්නා ඩෙසට් හරි ස්නැක්ස් හරි කන්නෙ බිම වාඩි වෙලා තමයි. අපි දෙන්නම හරි ආසයි එහෙම. ඒක නිකන් පිස්සුවක් වගේ ඇති...ඒත් සෝෆා එකට හේත්තුවක් දාන් ස්ටූල් එකට ළං වෙලා එහෙම කද්දි වැඩියෙන් ආදරණීය ගතියක් දැනෙනවා. ටවුන් එකේ වීව් එකත් මෙහෙම ලස්සනයි.

මාත් එයා ගාව වාඩි වෙලා කෑන් ටික ස්ටූල් එක උඩින් තියලා එයාටම හේත්තුවක් දාගත්තා. ලවන්ට ළං වෙද්දිම එයා මං දිහා බලලා හිනාවෙලා මගෙ නහය මිරිකලා මූණ දෙපැත්තට වැනුවා.

"කෑම දැක්කම කේන්ති ගියපුවයි තරහ වුණ ඒවයි ඔක්කොම අමතකයි..."

"එහෙම තමා..."

මමත් ලවන්ට හිනාවෙලා තොල් වලින් පෙක් එකක් තියලා උඩින්ම තියන වොෆ්ල් එක කන්න පටන්ගත්තා. ලවනුත් ගෑරුප්පුව අරන් වොෆ්ල් කන ගමන් ඈතක ඇස් රඳවගත්තා.

ටික වෙලාවක් යනකන් වොෆ්ල්සුයි ස්ට්‍රෝබෙරියි ටික ටික ඉවර වෙලා ග්‍රීන් ඇපල් කෑන් දෙකත් හිස් වෙනකන්ම වැඩි කතාවක් වුණේ නෑ. රස කෑමක් කනකොට වෙලාවකට අපි ඔහොම තමා. ලවන් දෙපාරක් විතර මට චොක්ලට් වල ඩිප් කරපු ස්ට්‍රෝබෙරි දෙකක් කැව්වා...එච්චරම තමා.

මෙහෙම බෑනෙ...කලින් මාව අවුස්සලා ගිය හැටි මට අමතක නෑ. මොකක්හරි පියවරක් ගන්න ඕන. ලවන් තව ස්ට්‍රෝබෙරි ගෙඩියක් චොක්ලට් වල ඩිප් කරලා මගෙ කට ගාවට ළං කරද්දි මං එයා දිහා බැලුවා. ලවන් එතකොටත් මගෙ දිහා බලාගෙන හිටියෙ. කලින්නම් මං එයා ස්ට්‍රෝබෙරි කවද්දි පාඩුවේ කෑවා.

මේ පාර මං එයාගෙ ඇස් දිහා බලාගෙනම ස්ට්‍රෝබෙරි ගෙඩියෙ තුඩේ තැවරුණ චොක්ලට් ටිකක් ලික් කරා. ලවන්ගෙ සාමාන්‍යය විදිහට තිබුණ ඇස් දෙක ටික ටික ඇවිලෙන්න ගත්තා කියලා තේරුණ නිසා මම කට කොනකින් හිනාවෙලා ස්ට්‍රෝබෙරි ගෙඩිය වටේම මගෙ දිව අරන් ගියා.

වටේ තිබුණ චොක්ලට් ටික ලික් කරලා ස්ට්‍රෝබෙරි ගෙඩියම කට ඇතුළට අරන් කෑල්ලක් හපලා ගන්කන්ම මම හිටියෙ ඇස් දෙක පියාගෙන. ස්ට්‍රෝබෙරි එක කාලා කට වටේ ගෑවුණ චොක්ලට් ටිකත් ලික් කරාට පස්සෙ මම ලවන් දිහා බැලුවා. දැන්නම් එයාගෙ ඇස් මගෙ දිහාවට එල්ල වෙලා තිබ්බෙ සම්පූර්ණෙන්ම ඇවිලිලා. ම්ම්...මිශන් සක්සස්ෆුල්.

මම ඒක ගාණක් නෑ වගේ ලවන්ට ඇහැක් ගහලා හිනාවෙලා වොෆ්ල් කෑල්ලක් අරන් කන්න පටන් ගත්තා. ඒ වෙද්දි අපි අන්තිම එක කන ගමන් හිටියෙ.

"බබා...ක්‍රීම් මදි නැද්ද වොෆ්ල් එකට?"

"ම්ම්...?"

මම කන ගමන්ම ලවන් දිහා ඇස් දෙකත් ලොකු කරලා බලලා ඇහුවා. එයා කට කොනකින් හිනාවෙලා අන්තිම වොෆ්ල් එක උඩට විප්ඩ් ක්‍රීම් ගොඩක් ස්ප්‍රේ කරන හැටි මම බලාගෙන හිටියා. ක්‍රීම් ටිකක් ඇඟිලි තුඩු දෙකකට ගත්ත ලවන් ඒ ටික මගෙ කට ගාවට ළං කරද්දිත් එයාගෙ ඇවිලුන ඇස් දෙක එහෙමම තිබුණා.

"There should be a lot of cream baby...that's when it tastes delicious."

ලවන් කිව්වේ මගෙ මූණ ගාවට හොඳටම ළං වෙලා...ක්‍රීම් පිරුණ ඇඟිලි දෙක මගෙ තොල් උඩ හිමින් ගෙනියන ගමන්. මම මෙතන රැස් පෙන්නුවට ඉතින් ලවන් මෙච්චර ඩොමිනන්ට් වෙනකොට මම තාමත් ටිකක් නර්වස් වෙනවා. ඒක බයක් නෙවෙයි...ලව්න්ගෙ ඕරා එක ඒ තරම් පවර්ෆුල්.

මම එයා දිහා බලාගෙනම යන්තම් හිනාවෙලා ඇඟිලි තුඩු වල තිබුණ ක්‍රීම් ටික මුලින්ම ලික් කරා. ඇඟිලි දෙක සම්පූර්ණෙන්ම කට ඇතුළට අරන් ලික් කරන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. මගෙ ටච් එක දැනේද්දි ලවනුත් ඇස් පියාගන්නවා මම දැක්කා.

ඇඟිලි දෙකම සම්පූර්ණෙන් ලික් කරනකන්ම මම පොඩ්ඩක්වත් ලවන්ගෙ ඇස් දෙකෙන් මගෙ ඇස් අහකට ගත්තෙ නෑ. එයත් ඉන්නෙ නොඉවසිල්ලෙන් කියලා මට තේරෙනවා. ලවන් ඇඟිලි දෙක අහකට අරන් මගෙන් පොඩ්ඩක් එහාට වුණේ මගෙ තොල් වල රැඳුණු විප්ඩ් ක්‍රීම් ටික එයාගෙ දිවෙන් ලික් කරලා ගන්න ගමන්. මෙච්චර වෙලා යන්තම් හරි කන්ට්‍රෝල් වෙලා හිටපු මම ඒකටනම් සම්පූර්ණෙන් ඇවිස්සුනා.

ඒක තවත් වැඩි වුණේ ලවන් මට කවපු ඇඟිලි දෙකේම ආයෙ විප්ඩ් ක්‍රීම් තවරලා එයාගෙ කට ඇතුළට දාගද්දි. ඒ වෙලේ ලවන් මගෙ දිහා බැලුවෙ නෑ...ඒත් අපි දෙන්නා අතර තිබුණ ටෙන්ශන් එක මට උපරිමෙන් දැනුනා.

ලවන්ට පේන්නම තව ස්ට්‍රෝබෙරි ගෙඩියක් ගත්ත මම ඒක සාමාන්‍යය තරමට වඩා වැඩියෙන් චොක්ලට් වල ඩිප් කරලා මගෙ කට ගාවට ගත්තා. ඒත් චොක්ලට් ගොඩක් තිබුණ නිසා මම ඒක කන්නත් කලින්ම වැඩිපුර තිබුණ චොක්ලට් ටිකක් මගෙ පිජාම එක ඇතුළෙන් පපුව උඩට වැටෙනවා මට දැනුනා. ඒක මේ මම හිතලා කරපු දෙයක් නෙවෙයි හොඳේ...ෆුල් කොයින්සිඩන්ස් එකක්. හෙහෙ.

"ඔහ්...හැලුනනෙ."

මම ස්ට්‍රෝබෙරි එක පැත්තකින් තියලා ශර්ට් එකේ කර පොඩ්ඩක් පහළට කරන ගමන් කිව්වා.

"You're so clumsy~"

ලවන් මගෙ දිහා බලලා අමුතු විදිහට හිනාවක් දැම්මා. ඒක ඉතින් මගෙ ක්ලම්සිකම නිසා වුණ දෙයක් නෙවෙයි කියලා එයාට නොතේරෙනවැයි...ඒ හිනාව දැක්කම හොඳට තේරෙනවා එයාගෙ හිතේ තියන ඒවත්. ලවන් එයා අතේ තියන් හිටපු ස්ට්‍රෝබෙරි ගෙඩිය පැත්තකින් තියලා මගෙ පැත්ත හැරෙද්දි මම කට කොනකින් හිනාවුණා.

ලවන් මුලින්ම මගෙ බෙල්ල ගාවින් ඇඟිල්ලක් තියලා හිමින් බෙල්ල දිගේ පපුව ගාවට යනකන්ම පහළට අරන් ගියා. එයාගෙ තනි ඇඟිල්ලෙන්ම මගෙ ශර්ට් එකේ බට්න් එකක් අන්බට්න් වෙද්දි මම ටිකක් ගැස්සුණා.

"Why are you nervous...hmm? I'm just trying to help."

ලවන් කිව්වෙ මගෙ බෙල්ල ගාවට ළං වෙලා කම්මුල් වලින් ගෑවෙන නොගෑවෙන විදිහට තොල් තියන ගමන්. මමත් එයාගෙ පැත්තට වෙද්දිම මගෙ ශර්ට් එකේ තවත් බට්න් එකක් අන්බට්න් වුණා.

ඒ එක්කම ලවන් එහාට වෙලා මගෙ ශර්ට් එක තවත් ටිකක් කරෙන් පහළට කරේ මගෙ පපුවෙ පැත්තක්ම නිරාවරණය වෙන විදිහට. මගෙ අතින් හැලුන චොක්ලට් ටික පපුවෙ උඩ හරියට වෙන්න තිබුණා.

ඒ වටේ මාව ඇවිස්සෙන විදිහට ඇඟිලි සීරුවට අරන් ගිය ලවන් එතනින් තොල් තිබ්බෙ මගෙන් ලොකු මෝන් එකක් පිටවෙද්දි.  එයා චොක්ලට් ටික ලික් කරලා විනාඩියක් විතරම එතන තොල් එහෙට මෙහෙට ගෙනියනකම් මම එයාගෙ කෙස් තද කරලා අල්ලන් හිටියා. මගෙන් සැරින් සැරේ කෙඳිරුම් පිටවෙද්දි මගෙ ඉනේ තිබ්බ ලවන්ගෙ ග්‍රිප් එක ටික ටික තද වුණේ එයත් ඉන්නෙ නොඉවසිල්ලෙන් කියලා මට අඟවන ගමන්.

ටික වෙලාවකින් ලවන් එහාට වෙද්දි මම හිටියෙ හොඳටම ඇවිස්සිලා. ලවන්ගෙ ගිනි ගන්න ඇස් දෙක දැක්කම මම තවත් මත් වුණා. කලින් පැත්තකින් තිබුණ ස්ට්‍රෝබෙරි ගෙඩිය අරන් ආයෙම චොක්ලට් වල ඩිප් කරලා මම කට ඇතුළට දාගත්තත් වැඩිපුර තිබුණ චොක්ලට් මගෙ පපුව පුරාම හැලුනා විතරක් නෙවෙයි තොල් වලිනුත් පහළට ගලාගෙන ගියා.

"Still wanna help me...?"

තොල් පැත්තකින් ගලාගෙන යන චොක්ලට් ටිකක් ලික් කරලා මම සෙඩක්ටිව් විදිහට අහද්දි තව තප්පරයක්වත් නාස්ති නොකරපු ලවන් මගෙ තොල් වලින් එයාගෙ තොල් තියලා වේගෙන් කිස් කරන්න ගත්තා. මගෙ ශර්ට් එක ගැලවිලා අයින් වෙනවා දැනෙද්දි කිස් එක අතරෙම හිනාවුණ මම ලවන්ගෙ උකුල උඩට ගියා.

ලවන්ගෙ කිස් එකේ වේගෙ ටිකින් ටික අඩුවෙලා ගියේ මගෙ තොල් වල විතරක් නෙවෙයි නිකට ගාවට යනකන්ම තිබුණ චොක්ලට් සේරම එයාගෙ තොල් මැද්දට ගත්තට පස්සෙ. මගෙ බෙල්ල දිගේ තොල් පහළට අරන් ගිය ලවන් පපුවෙ රැඳිලා තිබුණ චොක්ලට් සේරම උඩිනුත් එයාගෙ තොල්, දිව අරන් ගියේ ඇති තරම් වෙලා ගන්න ගමන්. ඒ මුලු විනාඩි ගානම මම ඇස් දෙක තදින් පියාගෙන ලවන්ගෙ කෙස් අතට ගුලි කරන් හිටියා. පපුවෙ තිබුණ චොක්ලට් සේරමත් ලික් කරලා ඉවර වුණ ලවන් මාව එහෙමම උස්සලා සෝෆා එක උඩ හාන්සි කරලා මගෙ ඇඟ උඩට ආවා.

ලවන් මාව කිස් කරන අතරෙම මගෙ අනිත් ඇඳුමුත් ලවන් අතින් ගැලවිලා අයින් වුණා. මගෙ ඇඟ පුරාම එයාගේ අත් ගෙනියන ගමන් විනාඩි පහක් විතරම මාව කිස් කරපු ලවන් මගෙන් ටිකක් එහාට වුණේ මත් වුණ ඇස් දෙකක් එක්ක.

"You know what...you're so delicious."

ලවන් කිව්වෙ මගෙ ඇස් දිහා බලාගෙනම චොක්ලට් ඩිප් එක තිබුණ ප්ලේට් එක අතට ගන්න ගමන්.

"But you're even more delicious-"

මත් වුණ ඇස් දෙකකින් මගෙ දිහා බලාගෙන කියපු ලවන් චොක්ලට් ඩිප් එක හෙමින් මගෙ පපුව උඩ තීරු විදිහට හලන්න ගත්තා. එක පාරට චොක්ලට් ගොඩක් හම උඩින් තැවරෙද්දි දැනුන සීතලට මම ඇස් පියාගත්තෙ ලවන්ගෙ නම කොඳුරන ගමන්.

චොක්ලට් මගෙ පපුව උඩ විතරක් නෙවෙයි...බඩ, ඉන හරියෙත් එතනින් පහළටත් හලනකන් මට කරන්න පුලුවන් වුණ එකම දේ තොල් හපාගෙන ඉවසන් ඉන්න එක විතරයි. එයා මෙච්චර මාව ටීස් කරන්නෙ මාව පුලුවන් උපරිමේට අවුස්සන්න කියලා මම දන්නවා.

චොක්ලට් එක පැත්තකින් තියපු ලවන් විප්ඩ් ක්‍රීම් එක අරගෙනත් කලින් විදිහටම මගෙ ඇඟ පුරාම තැවරුවා.

"-with some toppings on you..."

එයා කලින් කියපු දේ කම්ප්ලීට් කරපු ලවන් එක පාරක් මගෙ ඇඟ දිහා බලන් ඉඳලා ඒ එක්කම මගෙ පපුවෙන් තොල් තිබ්බා.

"ලවන්- ම්හ්ම්..."

"Shh...let me take care of you."

මගෙ තොල් වලින් ස්වීට් කිස් එකක් තියපු ලවන් ආයෙම මගෙ පපුවට පහත් වුණා. එතනින් පහළටත් තොල් ගෙනියපු ලවන් මගෙ ඇඟ පුරාම තිබුණ චොක්ලට්, විප්ඩ් ක්‍රීම් එයාගෙ තොල් මැද්දට ගන්නකන්ම මට මතක තිබුණ එකම දේ එයාගෙ නම කියලා දහස් වතාවක් විතර මෝන් කරනවා විතරයි.

***

සතියක් ගෙවිලා ගියේ නොදැනිම. අන්තිමට අපෙ කැෆේ එකේ ඇනිවසරි දවසත් ආවා. අද සතියෙ දවසක්...අනික වෙනදා වගේ හැන්දෑ වරුවෙ නෙවෙයි. එයාලා ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබුණෙ දවල් වරුවෙ. අද ලවනුයි මමයි දෙන්නම කැම්පස් ගියෙ නෑ. ලෙක්චර්ස් නම් මොනවාහරි කරලා කවර් කරගන්න පුලුවන්...ඒත් මේ වගේ චාන්ස් එකක් මිස් කරගන්න බෑනෙ. ට්වින් ඩබල කොහොමත් මට ඔය වගේ වෙලාවට නෝට්ස් ටික කම්ප්ලීට් කරලා දෙනවා.

උදේම ලවන් මාව පික් කරන්න ආවා. මේයා මේ මාව පික් කරන්න උදේ පාන්දර එන්නෙ අම්මගෙ කෑම ගිලින්න කියලත් හිතෙනවා වෙලාවකට. ඇයි ඉතින් උදේට එනවා මට කිස් එකක් දෙනවා එතනින් එහාට කරන්නෙම අම්මත් ඒක්ක පච හල හල මට කන්න තියන කෑම ටික ගිලින එක තමා.

ඒ වුණාට ඉතින් මට ආදරෙයි කියලා මං දන්නවනෙ...අද උදෙත් ලොකුම ලොකු රෝස මල් පොකුරයි චොක්ලට් එකයි උස්සන් ආවා පෆෝමන්ස් එක නිසා කියලා. චොක්ලට් එකක් එයා අතින්ම කවලා කිස් එකකුත් දුන්නා. මං මේ තාම උඩට වෙලා ඉන්නෙ රෝස පාට අඩු වෙනකන්. ලවන්නම් කලින්ම කුස්සියට ගියා එයා තව හිටියොත් වැඩියෙනුත් එක්ක රෝස පාට වෙලා පුපුරයි කියලා.

අපි කාලා බීලා කැෆේ එක ළඟට යද්දිත් එතන සැලකිය යුතු සෙනඟක් හිටියා. කැෆේ එකේ කොල්ලො කෙල්ලො ටික කඩියො වගේ එහෙට මෙහෙට දුවනවා ඉවෙන්ට් එකේ වැඩ වලට. කන්ෆිඩන්ට් පිට ආවට මොකද කාර් පාක් එකේ කාර් එක නැවැත්තුව ගමන් මට අමුතු නර්වස් ගතියක් දැනෙන්න ගත්තා.

මේකනෙ...මම ගොඩක්ම සින්දු කියන්නෙ පොඩි ඕඩියන්ස් වලට. වැඩිපුරම ඉතින් කැෆේ එකේනෙ. එයාලා කොහොමත් පොඩි ඕඩියන්ස් එකක් විතරක් නෙවෙයි මට ගොඩක් ෆැමිලියර්. අනිත් එක ලොකු ඕඩියන්ස් වලට පෆෝම් කරත් මම ඒක කරන්නෙ රෑට.

හේතුවක් කියන්න දන්නෑ...දවල්ට පෆෝම් කරනවට වඩා රෑට කරද්දි කාම්. ඒ නිසා නර්වස් වෙන ගතිය ගොඩක්ම අඩුයි. ඒත් අද දවල්...ඒ මදිවට ලොකු සෙනඟකුත්. දනිත් එන නිසා ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා. මෙතන ඉන්න බලන්න ආපු හැමෝම ටිකට් එකක් අරන් ඇවිත් තියෙන්නෙ. මම නිකමට කීයක් විතර ඉන්නවද කියලා හිතින් ගනන් කරලා බැලුවා.

මං හිතන්නෙ දෙසීයක් විතර ඉන්නවා. අනේ සූර්යග්‍රහණයක්වත් එන්නකො අප්පා...මට මෙහෙම පෆෝම් කරන්න මොකද්ද මොකද්ද වගේ. මම කල්පනා කර කර ඉද්දි ලවන් මට බහින්න් දොර ඇරපු නිසා මම එයාගෙ අත අල්ලන් කාර් එකෙන් බැස්සා. පුලුවන් තරම් ලවන්ට පෙන්නන්නැතුව ඉන්න ඕන මම ටිකක් නර්වස් කියලා.

"මොකද මේ...බය වෙලාද ඉන්නෙ ම්ම්?"

ලවන් මගෙ ඉන දෙපැත්තෙන් අල්ලන් ඇහුවා. කාටද ඉතින් මං මේ මගෙ හැඟීම් හංගන්න හදන්නෙ...පළවෙනි දවසෙ ඉඳන් මගෙ පොඩි දේත් තේරුණ කෙනාට මම කොහොම දෙයක් හංගන්නද.

"ම්ම්...ටිකක්."

"ඇයි ඒ...ඔයා හැමදාම මෙතනට එනවනෙ විදුර්. අද සෙනඟ වැඩිද?"

ලවන් අහද්දි මට නර්වස් පොඩ්ඩක් අඩු වෙලා හිනාගියා. හැමදේම ලස්සනට තේරෙන හැටි. මම මුකුත් නොකියා ඉද්දි ලවන් මගෙ ඔලුව පැත්තකින් අත තියලා හිමින් අතගෑවා.

"මගෙ විදුර්...කෝ මෙහෙ බලන්නකො."

"ම්ම්...?"

"ඔයාට දැනෙන විදිහ මට තේරෙනවා මැණික...ඒත් අදත් වෙනදා ඔයා කැෆේ ඇවිත් සින්ග් කරනවා කියලා හිතන් කියන්න. ඔයා ගොඩක් ප්‍රැක්ටිසුත් වුණානෙ. ඔයාට පුලුවන්."

"...."

"අද දනිතුත් එනවා...වෙනදට වඩා හොඳට පෆෝම් කරන්න ඕන හොඳද?"

ලවන් කිව්වෙ තවත් ටිකක් මට ළංවෙලා ඔලුව අතගාන ගමන්. මම එහෙමම ලවන්ගෙ පපුවට හේත්තු වුණා. මීටත් වඩා සැනසීමක් මට තියනවද...ලවන්ගෙ පපුවෙ ගැස්ම අහන් ඉද්දි, එයා මගෙ ඔලුව හිමින් අතගාද්දි මෙච්චර වෙලා මගෙ හිතේ තිබුණ නර්වස් ගතිය හිතෙන් ඈතටම ගියා.

"විදුර්...?"

"මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න...I'll be all right."

මම කියද්දි ලවන් හිනාවෙලා මගෙ නළලෙ පැත්තකින් හාද්දක් තිබ්බා. වචනයක්වත් නොකිව්ව්ත් එයාගෙ පපුවෙ ගැස්මට විතරක් මගෙ හිත නිවෙනවා කියන්න ලවන් හොඳටම දන්නවා.

ටික වෙලාවකින් මම ලවන්ගෙන් එහාට වුණාට පස්සෙ එයා මගෙ කම්මුලක් කප් කරගත්තා.

"දැන් හරිද...?"

"හරි..."

මම ටිකක් චියර්ෆුල් විදිහට කියද්දි ලවන්ගෙත් ඇස් දෙක එළිය වුණා.

"Mm...that's my boyfriend!! අපි ඇතුළට යමු. ඉන්න මම ගිටාර් එක ගන්නම්."

"ලවන් කාර් එකේ පිටිපස්සෙන් මගෙ ගිටාර් එක අරන් දෙනකන් මම එහෙමම හිටගෙන හිටියා. ගිටාර් එක මගෙ අතට දුන්නට පස්සෙත් ලවන් ලස්සනට හිනාවෙලා මගෙ ඔලුව අතගෑවා.

"ලස්සනට පෆෝම් කරන්න හොඳද...මම ඔයා එක්ක ඉන්නවා."

ලවන් එහෙම කියලා මගෙ නළලින් දිග හාද්දක් තිබ්බා. අනේ...මට ගොඩක් ආදරේ හිතෙනවා. පොඩි පොඩි හැම දේකින්ම මට ආදරේ දැනෙන තරම මං හිත්න්නෑ කිසි කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් කියලා. ලවන් මගෙන් ටිකක් එහාට වෙද්දිම මමත් එයාගෙ කම්මුලින් ඉක්මනට කිස් එකක් තියලා එහාට වුණා.

"මම අද ඩ්‍රෙසින් රූම් එකට එන්නෙ නෑ බබා...ගොඩක් අය ඉන්නවනෙ. ඔයාට පුලුවන්නෙ යන්න."

"ඔව්...ඔයා වෙනදා තැනම නේද ඉන්නෙ?"

"ම්ම්..."

"හරි එහෙනම්...මං යනවා~"

මම ලවන්ගෙ අනිත් කම්මුලටත් කිස් එකක් දීලා එතනින් දුවගෙන ඇවිත් ආයෙ හැරිලා ෆ්ලයින් කිස් එකකුත් යවද්දි එයා පුදුමෙන්, ඒත් ගොඩක් ආදරෙන් මගෙ දිහා බලන් හිටියා.

ඇතුළට ගියාට පස්සෙනම් කිසිම අවුලක් දැනුනෙ නෑ...මම අඳුරන තව පෆෝමර්ස්ලා දෙතුන් දෙනෙකුත් හිටියා. දනිතුත් අපි එක්ක කතා කරා ඇවිත්. එයත් හරි ආතල් චරිතයක්...අවුරුදු ගානක් අපිව අඳුරනවා වගේ අපිත් එක්ක කතා කරේ.

ඇනිවසරි පාටි එකත් ජයටම තිබ්බා. ඒ කියන්නෙ ඉතින් අපෙ සිගින් ඩාන්සින් ඉවෙන්ට් එක විතරක් නෙවේනෙ තිබ්බෙ...කන්න බොන්න එහෙමත් තිබ්බනෙ. ඇවිත් ඉන්න හැමෝම ඇති තරම් එන්ජෝයි කරනවා දකිද්දි පෆෝමර්ස්ලා විදිහට අපිටත් දැනුනෙ මාරම සතුටක්.

කොහොම කොහොමහරි ඉතින් අනිත් හැමෝගෙම පෆෝමන්ස් ඉවර වෙලා අන්තිමට මගෙ වෙලාව ආවා. හැමෝගෙම කිව්වෙ ඉතින් දනිත්ගෙ නැතුව අනිත් හැමෝගෙම. මාව දන්න කියන අයත් ඉන්න නිසා මම ස්ටේජ් එකට යද්දිම සෑහෙන්න චියර්ස් තිබුණා.

ස්ටේජ් එකට ආපු ගමන් මගෙ ඇස් හෙව්වෙ එයාව...ලවන් පුරුදු තැනම වාඩි වෙලා පුරුදු ආදරේ හිතෙන බැල්මෙන්ම මගෙ දිහා බලන් හිටියා. එයා දිහා බලලා ලස්සනට හිනාවුණ මම ස්ටේජ් එක මැද තිබ්බ පුටුවෙන් ඉඳගෙන මගෙ ගිටාර් එක රෙඩි කරගත්තා.

මට වෙලාව දීලා තිබුණෙ සින්දු තුනකට. මම ඒ තුනට හින්දි සින්දුවකුයි ඉන්ග්ලිශ් එකකුයි සිංහල එකකුයි තෝරගත්තා. හින්දි එක සාමාන්‍ය අප්බීට් සින්දුවක්. ඉන්ග්ලිශ් එක සෑහෙන්නම නැටවෙන සින්දුවක්. ඕඩියන්ස් එකත් මාත් එක්ක ලොකු එනර්ජි එකකින් එකතු වුණා.

දෙකම පොඩ්ඩක් නැටවෙන සින්දු නිසා මම සිංහල සින්දුව ගොඩක් ස්ලෝ එකක් තෝරන් තිබ්බෙ. මේ ඕඩියන්ස් එක ඒවටත් කැමති ගොඩක්...මීට කලින් තිබුණ ඒ වගේ සින්දුත් එයාලා ගොඩක් ඉමෝශනල් විදිහට අහන් හිටියා මම දැක්කා.

සින්දුව පටන් ගන්න කලින් මම තව එක වතාවක් ලවන් දිහා බැලුවා. මට හම්බෙන චියර්ස් වලට එයා ගොඩක් එක්සයිට් වෙලා හිටියෙ. මම ඒ දිහා බලද්දිම ලවන් මට තම්බ්ස් අප් එකක් දුන්නා. මම එයා එක්ක යන්තම් හිනාවුණා ඒකට.

මොකද...ඊළඟ සින්දුව මගෙ කතාව වෙන්න පුලුවන්. ඒත් ඒක ඔයාට කොයි විදිහට දැනෙයිද කියලා මම දන්නෑ ලවන්. මම හිතුවා වගේම...මම සින්දුවේ ඉන්ට්‍රො එක ප්ලේ කරද්දිම ලවන්ගෙ හිනාව මූනෙන් අතුරුදහන් වුණා.

අනේ මම ඔයාව රිද්දන්න හදනවා නෙවෙයි ලවන්...මම හදන්නෙ මාවම නිවාගන්න. ඔයා මගෙ ජීවිතේට එන්න කලින් ඉඳන්ම දුක හිතුන වෙලාවට දුක නිවෙන්න මම අතට ගත්තෙ පින්සලයි මේ ගිටාර් එකයි. ඉතින් මේ වෙලාවෙත්...ඔයාට ඇරෙන්න මගෙ හිත හදන්න පුලුවන් ඒ දෙකට විතරයි.

ටික කාලෙකට හරි ඔයත් මගෙ ජීවිතෙන් ගිහාම මට ආයෙම පින්සලයි ගිටාර් එකයි එක්ක තනිවෙන්න වේවි. ඉතින්...මම දැන්ම එයාලත් එක්ක මගෙ හිත හදාගන්න එකේ වැරැද්දක් නෑනෙ. ලවන්ගෙ දුකින් පිරුණ මූණ දිහා ටිකක් වෙලා බලන් හිටපු මම ඇස් දෙක පියාගෙන සින්දුව කියන්න පටන් ගත්තා.

"යනවා නම් නුඹ ඈත දුරකට

මටත් නොකියම නොඑන්න

දුටුවොතින් සඳවතිය අහසේ

යන තැනක තතු කියන්න

නුඹේ මග දිග තුරුලතා වල

මල් පිපී දැයි බලන්න

අපේ ආදර කතාවේ කෙටි

පටුන පෙති මත ලියන්න..."

මම සින්දුවේ බාගයක් කියලා ඇස් ඇරලා ලවන් දිහා බලද්දි...එයා හිටියෙ මගෙ දිහා බලාගෙන නෙවෙයි. මෙච්චර වෙලාම මගෙ දිහා බලාගෙන ක්ලැප් කරපු චියර් කරපු ලවන් මේ වෙලේ හිටියෙ බිම බලාගෙන. මේ වෙලාවෙ එයාට දැනෙන වේදනාව මට හිතාගන්න බැරි නෑ. අනේ මට සමාවෙන්න...මේ වගේ තැනක, ගොඩක් අය ඉස්සරහ මගෙ දුක දිය කරලා ඇරියම මට ඒක දරාගන්න ලේසි වේවි.

"පියුම් දහසක් පිපුනු පොකුනක්

හමූඋනොත් මග රැදෙන්න

බඹර සමනල මී මැසින්හට

සෙනෙහසේ කවි කියන්න..."

ලවන් ඔලුව උස්සලා මගෙ දිහා බැලුවෙ මම ඒ පද පේළි ටික කිව්වට පස්සෙ. එයාගෙ ඇස් දෙක වේදනාවෙන් පිරිලා වුණත් මාත් එක්ක වෙනදා වගේම ලස්සනට හිනාවුණා. ලවන් මාව තේරුම් ගන්නවා...මම දන්නවා.

"ඉතින් නුඹ තව දුර ගියෝතින්

මාව අමතක නොවෙන්න

හිත හැදෙන්නට දුක නිවෙන්නට

මටත් කවියක් ලියන්න..."

අන්තිම පද පේළිය කියද්දි මගෙ එක ඇහැකින් ගලාගෙන ගිය කඳුලු බිංදුවක් මට නවත්තගන්න බැරිවුණා. ලවන් ඒක ගැන බලාගනී කියලා මං හිතනවා. කොච්චර දුකින් හිටියත් මට ඕන නෑ ඒක ඕඩියන්ස් එකට පෙන්නන්න.

මම ඒ ටික කිව්වෙ ලවන් දිහා බලාගෙනමයි. හැබැයි දුකින් නෙවෙයි...මම ගොඩක් ආදරෙන් එයත් එක්ක හිනාවුණා. ලවනුත් කඳුලු පිරුණු ඇස් දෙනෙක් මාත් එක්ක හිනාවුණේ මගෙ හිතේ තියන දේ තේරුණා වගේ.

මම සින්ග් කරලා ඉවර වුණ ගමන් ඕඩියන්ස් එකට බෝ කරලා කෙලින්ම ගියේ ලවන් ගාවට. ඔය හැමදේම ලවන් වෙනස් කරනවා කියලා මම දන්න නිසා මට කිසිම බයක් හිතුනෙ නෑ. මම ළඟට යද්දිම ලවන් අසරණ විදිහට මාත් එක්ක හිනාවුණා.

"ලවන්..."

"මැණික..."

ලවන් මගෙ අතින් සොෆ්ට් විදිහට අල්ලලා මාව එයාගෙ ඔඩොක්කුවෙන් වාඩි කරගත්තා.

"ඔයාගෙ සෝන්ග් සිලෙක්ශන්...ලස්සනයිනෙ."

"අනේ- මම ඔයාට රිද්දන්න හිතුවෙ නෑ-"

"මගෙ වස්තුව...ඔයාගෙ හිතේ තියන හැමදේම මට තේරෙනවා. ඔයා එහෙම කරේ මට රිද්දන්න නෙවෙයි කියලා මම දන්නවා."

ඇස් අග නලියපු තවත් කඳුලු බිංදුවක් මගෙ කම්මුල් දිගේ ගලාගෙන ගියේ ලවන් ඒ ටික කියද්දි. මම දැනගෙන හිටියා වගේම...ලවන් මාව තේරුම් ගන්නවා. කඳුලු බිංදුව වැටෙන පමාවට ඒක පිහදාපු ලවන් මගෙ කම්මුලින් හාද්දක් තිබ්බා.

"විදුර්...අපි මෙතනින් යමුද? ම්ම්?"

ලවන්ගෙ ඔඩොක්කුවේ ඉඳගෙනම එයාගෙ උරහිස වටේ අත දාලා එයාට හේත්තු වෙද්දි ලවන් මගෙන් ඇහුවා. ඔව්...කොහොමත් අපි දෙන්නටම දැන් ඕන තනිවෙන්න කියන්න මම දන්නවා. මේක ඉවෙන්ට් එකේ පීක් එක වෙන්න ඇති. ඕඩියන්ස් එකේ හැමෝම පිස්සුවෙන් වගේ චියර් කරනවා මට පේනවා. ඒත් මට දැන් ඕන මම ආදරේ කරන කෙනා එක්ක තනිවෙන්න.

"ම්ම්..."

"කොහෙටද යන්න ඕන...?"

"ක්ලිෆ් එකට..."

"That's what I thought..."

ලවන් කියද්දි අපි දෙන්නටම යන්තම් හිනාගියා. ආය ඕක කියන්නත් දෙයක්ද...මෙච්චර හිත් කියවන අපි දෙන්නට.

ටික වෙලාවකින් අපි දෙන්නම හිටියෙ අපි දෙන්නා ආසම ක්ලිෆ් එක ගාව. නිතර මෙතෙන්ට එන්න පුරුදු වෙලා හිටිය අපි පහුගිය ටිකේ හම්බුණ ෆ්‍රී ටයිම් එකේ ගොඩක්ම ආවා. ඒ නිසා අපි දෙන්නගෙ ආදර කතාවෙ මේ ක්ලිෆ් එකට තියෙන්නෙත් හරි විශේෂ තැනක්.

විනාඩි පහළවක් විතරම අපි දෙන්නා අතර කිසිම කතාවක් වුණේ නෑ. කොහොමත් මම හැමදාම කියනවා වගේ...අපි දෙන්නා අතර ගොඩක්ම වැදගත් කතා හුවමාරු වුණේ වචනවලින් නෙවෙයි. මම ලවන්ගෙ උරහිසට හේත්තු වෙලා ඉද්දි එයා මගෙ කර වටේ අත දාලා ළං කරන් සැරින් සැරේ නළලින් හාදු තියද්දි හිතේ තිබුණ හැමදේම අමතක වෙලා මගෙ හිතට නිදහසක් දැනුනා.

"ලවන්..."

"ම්ම්..."

"මං හිතන්නෙ- මං ඒ ගැන කතා කරන්න ලෑස්ති..."

මම කියද්දි ලවන් මාව උරහිසින් ටිකක් ඈත් කරලා මගෙ දිහා බැලුවා. ලවන් යන එක ගැන එයා කොච්චර මාත් එක්ක කතා කරන්න ට්‍රයි කරත් මම හැමදාම ඒක මගෑරියනෙ. ඒත් මං හිතන්නෙ...අපි අනිවාර්යෙන් මේ දේවල් ගැන කතා කරලා තියාගන්න ඕන. මොකද මම කොච්චර මඟෑරියත් එයා යන දවස තවත් ළං වෙනවා මිසක් ඈත් වෙනවා නෙවෙයි.

"ඔයාට විශ්වාසද...?"

"ඔව්..."

මම කියද්දි ලවන් මගෙ කම්මුල කප් කරලා මහපට ඇඟිල්ලෙන් යන්තම් පිරිමැද්දා.

"හරි...ඔක්කොටම කලින් කියන්නකො පොත කෝ කියලා."

"දන්නෑ..."

මම යන්තම් හිනාවෙලා කියද්දි ලවන්ටත් හිනාගියා.

"දන්නෑ...?"

"එදා ඔයාලගෙ අපාට්මන්‍ට් එකට එද්දි අරන් ආවා විතරයි මතක..."

"ම්ම්...ඒක මම ආයෙ ඔයාගෙ රැක් එකේ පරිස්සමට ගිහින් තිබ්බා."

"ඔහ් එහෙමද...මම දැක්කෙ නෑ."

මම කියද්දි ලවන් යන්තම් මගෙ නහය මිරිකුවා.

"දැන් දන්නවනෙ...අපි ඒක හිමීට කියවන්න ගමු."

ලවන් කියනවත් එක්කම මම එක පාරට ඔලුව උස්සලා එයා දිහා බැලුවා.

"දැන්ම...?"

"දැන්ම කියන්නෙ බබා...මෙහෙමයි. මම හිතුවෙ සැප්තැම්බර් වල යන්න-"

"සැප්තැම්බර්...?!? මාස දෙකක්ම තියෙද්දි?"

"ඔයා කියන දේ මට තේරෙනවා පණ...ඒත්- හිතලා බලද්දි ඒක තමයි හොඳම ඔප්ශන් එක."

"...."

"ඔයාට අගෝස්තු අග එක්සෑම් ඉවර වෙනවා...ඊට පස්සෙ සෙකන්ඩ් ඉයර් ලෙක්චර්ස් පටන් ගන්නෙ ඔක්තෝබර් මැදනෙ. නේද...?"

"ම්ම්..."

"මම සැප්තැම්බර් වල ගියොත්...සෙකන්ඩ් ඉයර් පටන් ගන්න කලින් ඔයාට ටික කාලයක් තියනවා හිත හදාගන්න...මම නොවැම්බර් වල යන්න හිටියා කියන්නෙ- ඒ ඔයාගෙ සෙකන්ඩ් ඉයර් එකේ මිඩ් එක්සෑම්, ක්විසස් වැටෙන කාලෙ. ඒ කාලෙ ඔයාට එක පාරට මේ වගේ දුකක් දෙන්න මම කැමති නෑ. මගෙ මැණිකට තේරෙනවා නේද?"

"ඔව්...මට තේරෙනවා ලවන්."

"මම ඔයාලගෙ ඉයර් එන්ඩ් බ්‍රේක් එකේ ටික දවසක් ඔයා එක්ක ඉන්නම්...ඊට පස්සෙ මම යන්න ඕන. ඔයාට සෙකන්ඩ් ඉයර් පටන් ගන්න කලින් මාසයක් විතර තියනවා...මම දන්නවා මගෙ පණ ඒ කාලෙ ඇතුළත කොහොමහරි හිත හදාගන්නවා කියලා...මගෙ විදුර්ගෙ හිත ගොඩක් හයියයි. මම ඒක දන්නවා."

"ඔයා ඒ තීරණේ ගත්තෙත් මං ගැන හිතලද ලවන්...?"

මම කඳුලු පිරුණ ඇස් වලින් ලවන් දිහා බලලා ඇහුවෙ එයා කියන හැමදේම ගැන අහන් ඉඳලා. එයා කියන දේ මට තේරෙනවා...එයා කියන්නෙ ඇත්ත. නිවාඩු කාලෙ ඇතුළත මට ඕන තරම් හිත හදාගන්න කල් තියනවා. අනික මම දන්නවා කෙල්ලො දෙන්නා මාව කොහොමහරි බලාගන්නවා කියලා.

ඒත් ලවන්...පැහැදිලි කරපු කිසිම තනක එයා එයා ගැන කිව්වෙ නෑ. එයා හිත හදාගන්නෙ කොහොමද?

"මං- මං වෙන කවුරු ගැන හිතන්නද?"

"එතකොට ඔයා...?"

"මම මං ගැන බලාගන්නම් විදුර්...ඔයා වගේ කෙනෙක්ගෙ ආදරේ අයිති මට කියලා හිතන එකම ඇති මගෙ හිත හදාගන්න."

ලවන් ඒක කොච්චර විශ්වාසෙන්ද කිව්වෙ කියලා දකිද්දි මගෙ පපුවෙ පැත්තක්ම හිරිවැටිලා යනවා මට දැනුනා. එයාට විතරක් නෙවෙයි...ලවන් වගේ ආදරේ වෙනුවෙන් තමන්ගෙ මුලු ලෝකෙම නීති වලට පිටින් යන්න ලෑස්ති කෙනෙක් මගෙ වුණ එක ගැන මටත් තියෙන්නෙ කියාගන්න බැරි තරම් ආඩම්බරයක්.

"අනික...මාස දෙකක් හරි කමක් නෑ කලින් යන එක හොඳයි. කවුද දන්නෙ මට එන්න කොච්චර කල් යයිද කියලා. මම ආයෙ එද්දි ඔයා මට වඩා වැඩිමල් වෙලා හිටියොත් එහෙම."

"එහෙම වුණොත් මට පුලුවන් ටොප් වෙන්න...නෙහ්?"

මෙච්චර වෙලා තිබ්බ සීරියස් මූඩ් එක කාලා මම කියද්දි ලවන් එක පාරට ඔලුව උස්සලා මගෙ දිහා බැලුවා.

"ඇයි වැඩිමල් එක්කනා ටොප් වෙන්න ඕනෙ කියලා කොහෙහරි ලියලා තියනවද...?"

"ලියලා තියෙන්නම ඕනද...මම එතකොට ෆිසිකලිත් ලොකු වෙලා ඉඳී."

"ඉතින් ෆිසිකලි ලොකු වුණා කියලා ටොප් වෙන්න ඕනෙ කියලා නීතියකුත් නෑනෙ..."

ලවන් එයාගෙ ටොප්කම රැකගන්න දඟලන තරම් දැක්කම මට හිනාගියා. පවු අනේ බයවෙලාද කොහෙද.

"ඉතින් ඔයා ඊට කලින් එන්නකො..."

මම ලවන්ගෙ අත අල්ලලා හුරතල් විදිහට කියද්දි ආයෙම එයාගෙ ඇස් සොෆ්ට් වුණා.

"මම වැඩිමල් වෙන්නයි ලොකු වෙන්නයි කලින් ආයෙ එන්න...එතකොට හරිනෙ."

"මං එන්නම්..."

ලවන් මගෙ අතේ එයාගෙ අත පටලගෙන කම්මුලින් හාද්දක් තියන ගමන් කිව්වා.

"මාව අමතක වෙන්නෙ නෑ නේද...?"

"මගෙ වස්තුව අමතක කරන්න පුලුවන්ද මට...ම්ම්?"

"එහෙනම්...අමතක නොවෙන්න කවියක් ලියනවද?"

ලවන්ගෙ තොල් වල මගෙ තොල් ලාවට ගාවන ගමන් මම අහද්දි ලවන් අහිංසක විදිහට හිනාවුණා.

"ම්ම්...මම හඳටත් ඔයා ගැන කියලා තියන්නම්. ඔයා කැමතිද එහෙම?"

"මගෙ හඳ ඔයානෙ...ඔයා කොහොමත් ඔයාගෙ චූටි තරුව ගැන හොඳට දන්නවනෙ. නේද...?"

"ම්ම්..."

අපි දෙන්නා විතරක්ම දන්න අපෙ ආදර කතාවෙ තැන් කීපයක්ම මතක් කරලා ඒ මතක අලුත් කරගත්ත අපි ආදරේ පිරුණ හිත් එක්ක අපෙ තොල් ළං කරා. දැනුන වේදනාව නැත්තටම නැති වෙනකන් අපි දෙන්නගෙ තොල් ආදරණීය විදිහට එකතු වුණා.

-------------

හායි 😁 හිතේ තිබ්බ ඒවා ඒ විදිහටම ලියවුණාද කියලා ශුවර් නෑ ඒයිලා. කියවලම බලන්නකෝ 🥲

Share This Chapter