Back
/ 35
Chapter 33

Part 30

සීමාවෙන් එහා

"අඩෝ විදූ...!! උඹ නියමයි ඕයි!! සද්දෙ වහලා ඉඳලා ඕඩියන්ස් එකම හෙල්ලුවා නේ?!?"

ටිනාශා මාව තද කරලා බදාගන්න ගමන් කිව්වා. යකෝ...පර්ශු සෙට් එක ලෙප්ට්ද කොහෙද ඒ බදාගැනිල්ලටනම්.

"සිරාවට යකූ...අපි දැනන් හිටියෙ නෑනෙ අපෙ සිත්තරාට මෙච්චට ලස්සනට ඩාන්ස් කරන්න පුලුවන් කියලා."

"කොහෙද ඉතින් ඉස්කෝලෙ කාලෙ මුට නර්තන හැකියාව පෙන්නන්න චාන්ස් එකක් හම්බුන්නෑනෙ..."

"සිරාවට උඹෙ ඩාන්ස් එක මරු බං ආ...ප්‍රැක්ටිස් වෙද්දි දැක්කට මොකෝ අද තමා ලස්සනටම දැක්කෙ."

"අනිත් එක අයියෙ මුගෙ කොස්ටියුම් එක බලපංකො...සෙස්සි අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. ගානට සෙට් වුණා ඩාන්ස් එකට."

"ම්ම්...ඔව් ආ."

කෙල්ලො දෙන්නයි ට්වින් ඩබලයි දමාගෙන මගෙ ඩාන්ස් එක වර්ණනා කරනවා. මම දැන් ඉන්නෙ මුරුංගා අත්තෙ ප්‍රෙන්ස්...මුරුංගා අත්තෙ.

අද අපෙ කැම්පස් එකේ ජූන් ග්ලූම් කොන්සට් එක. අපෙ ඩාන්ස් එක තමා අන්තිමටම තිබ්බෙ. සිරාවටම...ඒක නැගලම ගියා. ඕඩියන්ස් එක සුපිරියට එන්ජෝයි කරා ඒකනම්. කොන්සට් එක ඉවර වෙලා ඩ්‍රෙසින් රූම් පැත්තට යද්දි තමා මුන් හතරදෙනා මාව අල්ලගත්තේ.

තාම කට්ටියම ඉන්නෙ අන්තිම පෆෝමන්ස් එකත් එක්ක ආපු එක්සයිට්මන්ට් එක එක්ක. අද කොන්සට් එකනම් තිබ්බෙ කැම්පස් එකේ ඔඩිටෝරියම් එකේමයි. සාමාන්‍යයෙන් කල්චර් එකක් විදිහට තමා බැච් එකක් මුලින්ම කරන කොන්සට් එක සිටි හෝල් එකේ තියන්නෙ...අනිත් හැම එකක්ම තියෙන්නෙ ඔඩිටෝරියම් එකේ.

‍රෑ එකොළහට විතර තමා කොන්සට් එක ඉවර වුණේ. නටලයි සින්දු කියලයිම හති...දැන් ඉතින් ප්‍රශංසා ටික අහගෙන ගෙවල් බලා යන්න තියෙන්නෙ.

"අභීෂාත් මූ එක්ක හරි හරියට නැටුවා හැබැයි ඈ...උඹලා දෙන්නා සෙන්ටර් පොසිශන් හිටපු නිසා තමා ඩාන්ස් එක නැගලම ගියේ."

මිහිඳු මගෙ පිටට දඩාස් ගාලා පාරක් ගහන ගමන් කිව්වා. නෑ සිරාම කතාව ඉතින්...අභීෂා සෑහෙන හෙල්ප් එකක් දුන්නා මට ඩාන්ස් එකේදි. මොකද මම මේ ඉස්කෝලෙක වුණත් වැඩිය නටලා තිබ්බෙ නෑ. මම ඉතින් ප්‍රසිද්ධ ගායකයා විදිහටනෙ. සෙන්ටර් පොසිශන් එක නිකන් මේ මගෙ පෙනුම නිසා පිනට සෙට් වුණ එකක්. ඒත් අභීෂා ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම ඩාන්සර් කෙනෙක්. එයා මට සෑහෙන්න හෙල්ප් කරා ප්‍රැක්ටිස් වලදි.

"අභීෂාත් උඹට මරුවට ගැලපෙනවා හැබැයි...නේ අයියෙ?"

ඔන්න ඔන්න පුතේ ඉතින් උඹ රෝන්ග් සයිඩ් යන්න යන්නේ...අදාල පුද්ගලයා නිකන් හරි අහලක පහලක නොපෙනී ඉන්නවනම් ගලපයි මාව. මෙච්චර කලුත් රටේ නැති ඒවා කිය කිය හිටියේ ඩාන්ස් එකට.

මිහිඳු ඇහැක් ගහලා ඒක කියද්දි හතරදෙනාම හිනාවුණා. ඔව් ඉතින් උඹලා හිනාවෙයල්ලා...මේ අසරණයට මොනවා වුණත් කමක් නෑ.

"බෑනෙ මල්ලි ඉතින්...මූ සම්පූර්ණ එකක් හොයන්නෙ ඉන්නෙ දැනටම."

සසිඳු කියද්දි මම ගොන්පහේ හිනාවක් දැම්මා. සම්පූර්ණ එක හොයාගන්න ඕන දැන්...ගෙදර යන්න එපැයි. කොයි ලෝකෙද දන්නෑ.

"හැමෝටම තෑන්ක්ස් හොඳේ මාව උඩ යැව්වට...ඒක නෙවේ දැන් උඹලා කොහොමද ගෙවල් වලට යන්නෙ?"

"තාත්ති එනවා...ඇවිත් ඇති දැන්. අද සිනුත් අපෙ ගෙදර යන්නෙ."

ටිනාශා හිකි හිකි ගාලා සිනෙලිගෙ ඇඟේ ඇලෙන ගමන් කිව්වා. ආ...දෙන්නා එහෙම කතාවක් කිව්වා තමා. කොහොමත් රෑ වෙනකන් මොකක්හරි තිබ්බොත් දෙන්නා ගොඩක් වෙලාවට එක ගෙදරකට යනවා. ලේසිනෙ...එක්කනෙක්ගෙ ගෙදරින් විතරනෙ එන්න ඕන.

"ආ...පරිස්සමට යමල්ලා එහෙනම්. උඹලා දෙන්නා?"

"අපිනම් ඩ්‍රයිව් කරන් යන්නෙ...උඹ එතකොට?"

"මම ල- ආව්ව් අම්මාහ්හ්හ්හ් කකුල!! මොන හු-"

"අඩේ...සොරි විදූ සොරි~ මේක අතෑරුනානෙ. උස්සන් ඉද්දි බරයි බං ඒක. අනේ කොහෙද වැදුනෙ රත්තරනෙ??"

ටිනාශා බොරූවට මගෙ නැමිලා මගෙ කකුල අතගාන ගමන් කිව්වා. ඒකි ඩෙකරේශන් වලට ගෙනාපු මොකද්දෝ තඩි පෙට්ටියක් මගෙ කකුල උඩට අතෑරලා දැන් රඟපාන ලස්සන. හැබැයි ඉතින් වෙලාවට එහෙම කරේ...තව ටිකෙන් අරුන් දෙන්නා ඉස්සරහ කියවෙනවා. ඒ නිසා තරහ ගන්නත් බෑ ඉතින්.

මගෙ කෑගැහිල්ලටයි ටිනාශගෙ අති ගෞරවනීය රඟපෑමටයි මිහිඳුයි සසිඳුයිත් බයවෙලා වගේ මගෙ දිහා බලන් හිටියා.

"අඩෝ ඒකනම් සුපිරියට වැදුනා ඈ...උඹට අවුලක් නෑ නේද?"

"නෑ බං ශේප්...සපත්තුව උඩටනෙ වැටුණෙ."

"වැදුන වෙලේ රිදුනට පස්සෙ හරියයි...සිරාවට අවුලක් නෑනෙ?"

සසිඳුත් මගෙ කකුල ගාවට නැමිලා ඇහුවා. සිනෙලිනම් හිනාව කන්ට්‍රෝල් කරගන්න ෆුල් ගේමක් දෙනවා. ටිනාශත් මේ නැමිලා මගෙ කකුල අතගගා හිටියට මොකෝ මට ඇහෙනවා හිනාව කන්ට්‍රෝල් කරගන්න දඟලන හැටි. හරි හරි ඉතින් පොඩි මිස්ටේක් එකක් වෙන්න ගියා කොල්ලා අතින්...ඔහොම හිනාවෙන එක හරිද මං අහන්නෙ.

හැබැයි ඉතින් සිරාම කතාව වැදිච්ච ගමන් අම්බානට රිදුනා. ටිනාශටත් ඒ වෙලේ වෙන දෙයක් මතක් වෙන්න නැතුව ඇති. ඒ වුණාට විනාඩි පහකින් විතර වේදනාව අඩු වෙලා ගියා.

"අද මුට ඇස් වහ වැදිලද කොහෙද...ගෙදර ගිහින් ඇස් වහ පුච්චගනින්."

මම ආයෙ නෝර්මල් වුණාට පස්සෙ සසිඳු හිනාවෙලා කිව්වා. ආයෙ අමුතුවෙන් කිය කිය ඉන්න දෙයක් නෑ ඉතින්...ගෙදර ගිය ගමන් අම්මා මාව ඇස් වහ පුච්චන්න ඇදන් යනවා කියලා මං දන්නවා. මේ ඇවිල්ලා ඇස් වහ නෙවෙයි මගෙම ගොංකං වල ප්‍රතිඵලයක්නෙ.

"මෙහ්...උඹ කිව්වෙ නෑනෙ. කොහොමද යන්නෙ?"

"ආහ්...මේ අප්පච්චි එනවා බං. මම ඩ්‍රෙසින් රූම් යන්නත් ඕන බඩු ටික ගන්න."

"හරි එහෙනම්...අපි යන්නද විදූ?"

කොහොමත් මේ වෙලේ මට කට්ටිය එක්ක ඉඳන් ලවන් හොයාගන්න බෑ කියලා දන්න නිසා ටිනාශා ඇහුවා. කොහෙ හැංගිලා ඉන්නවද දන්නෑ මගෙ බෝයිපෙන්.

"හරි හරි...උඹලා යමන්. මම කොහොමත් අප්පච්චි එනකන් ඩ්‍රෙසින් රූම් යන්න ඕන."

මාව තනියම දාලා යන්න ට්වින් ඩබල කැමති නැති වුණත් සිනෙලියි ටිනාශයි ගිය නිසා උන් දෙන්නත් විනාඩි පහක් විතර මාත් එක්ක ඉඳලා ගියා.

ඒ දෙන්නා ගිය ගමන් මම ගියේ ඩ්‍රෙසින් රූම් පැත්තට. කොන්සට් එක ඉවර වෙලත් ගොඩක් වෙලා නිසා ඒ වෙලේ ඒ පැත්තෙ ගොඩක් අය හිටියෙ නෑ. මගෙ ගිටාර් එකයි ඇඳුම් ටිකයි ඩ්‍රෙසින් රූම් එකක් ඇතුළෙ තිබ්බෙ. ඒ ටික හොයන් ලවන්ට කෝල් එකක් දෙනවා.

මම ඩ්‍රෙසින් රූම් එකට ගිහින් දොර ඇරලා ඇතුළට අඩිය තියනවත් එක්කම කොහෙන්දෝ ආපු ෆෝස් එකකින් මාව රූම් එක ඇතුළට ඇදිලා බිත්තියට තද වුණා. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින් ෆෝස් එක කාගෙද කියලා...මෙතනද මෙයා මෙච්චර වෙලා හිටියෙ ඒ කියන්නෙ? ලවන් කලබලෙන් වගේ ඩ්‍රෙසින් රූම් එකේ දොර ලොක් කරලා මං ගාවට ඇවිත් එක අතකින් මගෙ ඉනෙන් අල්ලගෙන අනිත් අත මගෙ මූණට එහා පැත්තෙන් බිත්තියේ තියාගත්තා.

ලවන්ගෙ ඇස් දෙක හොඳටම මත් වෙලා වගේ...මම එයාට කතා කරන්න හැදුවත් ඒකටවත් ඉඩ නොදීපු ලවන් තදින් මගෙ තොල් කිස් කරන්න ගත්තා. මමත් එයාට කිස් එක ලීඩ් කරන්න දීලා ඒ රිදම් එකට තොල් මූව් කරා. ටික වෙලාවකින් එයා එහාට වෙද්දි මම හිටියෙ හුස්ම ගන්නවත් බැරුව.

"ලවන්- ම්හ්...ඇති."

එයා ආයෙම මගෙ තොල් වලට පහත් වෙද්දි මම එයාගෙ පපුවෙන් අත තියලා එයාව නැවැත්තුවා. මේ මොකද අනේ මේ...දාඩියත් දාලා. ඔහ්...පොඩ්ඩක් ඉන්න. මම එක පාරට දෙයක් මතක් වුණා වගේ නිකමට පහළ බැලුවා. මම හරි වගේ.

"හපොයි ලවන්...ඒ ටිකට නැග්ගද?"

"ටික?? හොඳ ටික...ඒකට නැග්ගෙ නැත්තම් මම රොබෝ කෙනෙක් වෙන්න ඕනෙ."

ලවන් කියද්දි මම ඇස් දෙක ලොකු කරලා පුදුමෙන් වගේ එයා දිහා බැලුවා. වෙනදා මම නැග්ගද වගේ කතා ඇහුවොත් මොනවද විදුර් ඔය කියවන්නේ කියන කෙනා අද අනිත් පැත්තට මෙහෙම කියද්දි...අන්දුන් කුන්දුන් වෙන්නැද්ද. නැටුමක් කරපු හරියක් කිව්වලු.

මම බලන් හිටපු විදිහට ලැජ්ජා හිතිලා වගේ ලවන් හිනාවෙලා අහක බලාගද්දි මමත් තොල හපාගෙන බිම බලාගත්තා. දැන් ඉතින් මක් කරන්නද.

"You want me to help-"

"No...! No just- stay away."

"ඇයි ඉතින්...ඉන්න මම-"

"බබා මේ කැම්පස් එක...අමතක වුණාද?"

ඔහ්...හරි ඒකත් ඇත්ත තමා. කවුරුත් බලාගෙන නැති එක ඇත්ත ඒත් ඉගෙන ගන්න තැනටයි රස්සාව කරන තැනටයි රෙස්පෙක්ට් කරන්න අපි දැනගන්න එපැයි.

"You looking at me like that is not helping..."

මම අමුතු විදිහට ලවන් දිහා බලන් ඉද්දි එයා කිව්වා. ඇයි යකොව් දැන් බලන් ඉන්නත් බැයිද...මම ඇස් රෝල් කරලා අනිත් පැත්ත බලාගෙන මගෙ බඩු ටික අස් කරන්න ගත්තා. ඕන එකක් කරගන්නැතෑ. අදනම් ඉතින් ගිහිල්ලා මුකුත් කරගන්න වෙන්නෙත් නෑ පුතේ...ඊට කලින් කරන එකක් තමා.

මොකද අද අපි යන්නෙ අපෙ ගෙදර. ලවන් දවසක් කිව්වනෙ මගෙ බැල්කනි එකේ ඉඳන් අහස දිහා බලන් ඉන්න ආසයි කියලා. මම කිව්වා අද යමු කියලා. අපි වැඩිය ඒ ගැන කතා කරේ නැති වුණාට...අපි වෙන්වෙන දවස් ළං වෙනවා. ඊට කලින් මට ඕන එයා එක්ක අපි ආසම විදිහෙ හැම මතකයක්ම එකතු කරගන්න. කොහොමත් කොන්සට් එකෙන් පස්සෙ මම ආයෙම ස්ටඩීස් එක්ක බිසී වෙනවා. ඒ නිසා අපි දෙන්නම හිතුවා අද තමා හොඳම දවස කියලා.

ටික වෙලාවකින් ලවන් නෝර්මල් වුණාට පස්සෙ අපි දෙන්නා ඩ්‍රෙසින් රූම් එකෙන් එළියට ආවා. රෑ දොළහටත් කිට්ටුයි...දැන්නම් ගොඩක් අය ගෙවල් වලට ගිහින් හිටියෙ. මගෙ බඩු ටික ඔක්කොම ලවන් කාර් එකේ පිටිපස්සට දාලා පැසෙන්ජර් සීට් එකේ දොර ඇරලා දුන්නම මම ඇතුළෙන් ඉඳගත්තා.

ලවන් හිටියෙ හරි සතුටින් වගේ. කාර් එක පාරට දාපු ගමන්ම එයාගෙ අතේ මගෙ අත පටලන් මගෙ පිට අල්ලෙන් කිස් එකක් තිබ්බා.

"ලවන් මොකෝ මේ...?"

"මට ආඩම්බරයි ඉතින්..."

"ආඩම්බරයි...ඇයි ඒ?"

"මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ටෝටල් පැකේජ් එකක්නෙ...බලන්නකො ඔයාට ලස්සනට සින්දු කියන්න පුලුවන්, චිත්‍ර අඳින්න පුලුවන්, ලස්සනට ලියන්නත් පුලුවන්, ඇකඩමික් වලින් ගත්තත් ඔයා බැච් ටොප්...ලස්සනට ඩාන්ස් කරන්නත් පුලුවන් කියලා දැනගත්තෙ අදනෙ. ඉතින් මට ආඩම්බර හිතෙන්නැද්ද??"

ලවන් කියද්දි මට එක පාරට ලැජ්ජාවක් ඇවිත් බිම බලාගත්තා.

"අනික ඒ වගේ ඊස්තෙටික් දේවල් හැම එකකින්ම ඉස්සරින් ඉන්න එක ලේසි නෑ...ඔයා- ඒ ටිකට රෝසපාට වෙලානෙ ඉතින්."

"ඔයා ඔහොම කියද්දි රෝස පාට වෙනවනෙ ඉබේම..."

මම ලවන්ගෙ අත මගෙ උකුල උඩින් තියාගෙන එයාගෙ උරහිසට හේත්තු වෙලා කිව්වා. මට දැනුනා එයා මගෙ හිස් මුදුනින් හාද්දක් තියනවා. මම තව ටිකක් එයාගෙ අතට බරවෙලා ඇස් පියාගත්තා. මම ආදරෙයි...

අපි එද්දි රෑ දොළහත් පහු වුණාට මොකද අම්මයි අප්පච්චියි ඇහැරන් ඉඳලා අපි එනකම්. අප්පච්චිනම් කොහොමත් ගොඩක් දවසට ඇහැරලා ඉන්නවනෙ. එයාගෙ රිසර්ච් පාර්ට්නර්ස්ලා ගොඩක් ඉන්නෙ ඇමරිකාවෙ. ඉතින් මෙහෙ වෙලාවෙන් මහ රෑට තමා මීටින් එහෙම සෙට් වෙන්නෙ.

අම්මා ලවන්ට අයියගෙ රූම් එක ලෑස්ති කරලා තිබ්බා. අපි වොශ් දාලා පහළට එද්දි අම්මා කෝපි හදලා තිබ්බා. රෑටනම් කාලනෙ ආවෙ...මේ වෙලාවට සීතලටත් එක්ක කෝපි එකක් මරු. කෝපි බොන ගමන් අම්මයි අප්පච්චියි එක්ක අපි කොන්සට් එකේ විස්තර කතාකරා.

ලවන් මං ගැන හෙනම වර්ණනාවක් දුන්නෙ. එයා අම්මටයි අප්පච්චියිටයි වීඩියෝස් පෙන්නද්දි මූණ සතුටටම රතු වෙලා...මට ගොඩක් ආදරේ හිතුනා එයා ඒ මං ගැන කතා කරන විදිහට. අම්මයි අප්පච්චියිත් මම සින්දු කියන වීඩියෝ එකට වඩා බැලුවෙ ඩාන්ස් එක. සින්දු කියන එක ඉතින් එයාලටත් අමුතු දෙයක් නෙවෙයිනෙ...ඒත් මං මෙහෙම ඩාන්ස් කරනවා කියලා කාටවත් හිතාගන්න බැයිද කොහෙද.

ටික වෙලාවක් කතා කර කර ඉඳලා ලවනුයි මායි උඩට ආවා. දැන්නම් ඉතින් පාන්දර...ඒත් කමක් නෑ. තාම තරු අහසෙ ඇතිනෙ. මම බැල්කනි එකට ආවෙ ලවන්ගෙ අතින් ඇදගෙන. එයත් හිනාවෙලා මගෙ පස්සෙන් බැල්කනි එකට ඇදිලා ඇවිත් දොර වැහුවා.

මම ලවන්ව මගෙ පැත්තට ඇදගද්දි එයා අත් දෙක මගෙ දෙපැත්තෙන් බැල්කනි එකට තියලා මගෙ මූණට එබුණා. කලුවරේ ඩිම් ලයිට් එළියත් එක්ක එයාගෙ ඇස් පේන්නෙ කලු පාටට. ඒ නිසාමද කොහෙද වැඩියෙනුත් ආදරණීය ගතියක් එයාගෙ ඇස් වලින් දැනුනා.

"ඔයා මෙහෙම දවසක් එනකන් ආසාවෙන් නේද හිටියෙ...?"

ලවන් මුලින්ම මගෙ රූම් එකේ බැල්කනි එකට ආපු දවසෙ කියපු දේ මතක් වෙලා මම ඇහුවා.

"ම්ම්...ඔයා එදා කිව්වා හරි. අර ඈත ගෙවල් පේන්නෙත් අහසෙ තරු වගේ."

ලවන් කිව්වෙ ඈතක ඇස් රඳවගෙන. මෙච්චර වෙලා ලවන් දිහා බලන් හිටපු මාත් අනිත් පැත්ත හැරිලා ඈත පේන ලස්සන වීව් එක දිහාවට ඇස් රඳවගත්තා. ලවන් මාව බැක් හග් කරලා උරහිසින් එයාගෙ නිකට තියාගත්තා.

අහස මාරම පැහැදිලියි...පෝය පහුවෙලත් සති දෙකක් විතර නිසා අහසෙ හඳ පේන්න තිබුණෙ නෑ. තරු දාස් ගාණක් ලස්සනට අහසෙ දිලිසි දිලිසි තිබුණා. ලවන් ඒ දිහාම බලාගෙන ඉද්දි මම තවත් ටිකක් පිටිපස්සට වෙලා එයාගෙ ඇඟට හේත්තු වුණා. ලවනුත් තව ටිකක් තදින් මාව බදාගෙන මාව ළං කරගත්තා.

"විදුර්...අර බලන්නකො!!"

ලවන් එක්සයිට් වෙලා වගේ අහසට අත දික් කරද්දි මමත් ඒ දිහා බැලුවා. ඔහ්...අපි දෙන්නගෙ චූටි තරුව අදත්.

"අද එයාගෙ ආදරේ අහසෙ නෑනෙ ලවන්..."

"ම්ම්...ඒත් මට එයා ගැන දුකයි විදුර්."

"දුක් වෙන්න එපා..."

"ඇයි ඔයා එහෙම කියන්නෙ...?"

"මොකද එයා ඉන්නෙ දුකින් නෙවෙයි...ඒ නිසා ඔයා දුක් වෙන්නත් එපා."

මම සන්සුන් විදිහට කියද්දි ලවන් මාව බැක්හග් කරන්ම මගෙ දිහා හැරිලා බැලුවා.

"ඔයා කොහොමද එච්චර විශ්වාසෙන් කියන්නෙ...?"

"ඇයි අනේ...ඔයාට එයා දුකින් ඉන්නවා වගේද පේන්නෙ?"

මම ටිකක් දඟකාර විදිහට අහද්දි ලවන් ඇහිබැම අකුලලා මගෙ දිහා බැලුවා.

"අර බලන්නකො එයා අරෙහෙන් මෙහෙන් දාලා ගැම්මට යන හැටි...එයා දුකින් වගේ පේන්නෑනෙ."

මම තරුව දිහා බලලා කියද්දි ලවන් හිනාවුණා.

"ඒත්- මම ඇත්තටම අහන්නෙ විදුර්...ඔයාට විශ්වාසද අපෙ චූටි තරුව ඉන්න් දුකින් නෙවෙයි කියලා?"

ලවන් ටිකක් සීරියස් විදිහට මගෙ දිහා බලලා ඇහුවා. හැමදාම වගේ...අපි තවදුරටත් කතා කරන්නෙ තරුව ගැන නෙවෙයි.

"ම්ම්...කවදාහරි හඳ අහසෙ පායනවමයි කියලා දන්නවනම් මොකටද දුක් වෙන්නෙ?"

"...."

"I'm fine Lavan...I mean- I will be sad but I won't be heartbroken. Trust me."

මම මේ පාර උපමා මුකුත් නැතුව ලවන් දිහා බලලා කෙලින්ම කියද්දි එයා දිලිසෙන ඇස් වලින් මගෙ දිහා බැලුවා.

"ඔයා ඒ තරම් හරි හිත හදන් ඉන්න එක මට ලොකු හයියක්..."

"ඔයා කිව්වා වගේම ඔයාගෙ විදුර්ගෙ හිත හයියයි...අපි එතකන් වෙනදා වගේම සතුටින් ඉමු."

මම ලවන්ගෙ කම්මුලින් හාද්දක් තියලා කියද්දි එයා සැනසීමෙන් වගේ ලොකු හුස්මක් පිට කරලා මාව තව ටිකක් එයාට ළං කරගත්‍තා.

"ලවන්..."

"ම්ම්..."

"එහෙත් රෑ අහස මේ වගේම ලස්සනද...?"

මම හැමදාම මගෙ හිතේ තිබ්බ දෙයක් ලවන්ගෙන් ඇහුවා. මම ගොඩක් වෙලාවට එයාලගෙ ලෝකෙ දේවල් ගැන අහනවා. ඇත්තටම මෙච්චර කල් මගෙ හිතේ තිබ්බ හීනමානයක් විතරක් කියලා හිතන් හිටපු ෆික්ෂනල් ලෝකෙ ඇත්තටම තියනවා කියන එක පිළිගන්න මට ටිකක් කල් ගියා.

ලවන් කියන විදිහට...ඒක මම මවාගෙන හිටියටත් වඩා සිය ගුණයකින් ලස්සනයි කියලා මට දැනටම තේරිලා ඉවරයි. හැමදේටම වඩා එයාලට තියන නිදහස...කරන්න ඕන දේ නෙවෙයි, කරන්න ආසා දේ කරන් ජීවත් වෙන්න තියන අයිතිය...ලස්සන හිත් වලින් විතරක් පිරුණ මිනිස්සු...මේ හැමදේම ගැන හිතද්දි ලවන් එක්ක ඒ වගේ තැනක ජීවත් වෙන්න මට තියන ආසාව තවත් වැඩිවුණා විතරයි.

"එහෙ අහස මීට වඩා ලස්සනයි පැටියො..."

ලවන් හිනාවෙලා කියද්දි මම පුදුමෙන් වගේ ඇස් ලොකු කරා.

"ආහ්...?"

"ම්ම්...මම මේ කොපර්නිකස් ටෝක් දෙන්න හදනවා නෙවෙයි හොඳද. ඔයා දන්නවනෙ නේද මෙහෙ අහස මේ වගේ පේන්නෙ එයා කොලිටි අවුල් නිසා කියලා? හරිනම් අහස මීට වඩා ක්ලියර් වෙන්න ඕන."

"ආහ්...ඔව්. මම අහලා තියනවා එහෙම. එයා කොලිටි හොඳයිනම් ඇන්ඩ්‍රොමිඩා ගැලැක්සි එක අහසෙ පේන තරමට අහස ක්ලියර් වෙනවා කියලා."

"ඉතින්...අපෙ ලෝකෙ පොඩ්ඩක්වත් එයා කොලිටි අවුල් නෑනෙ. සෝ-"

"OMG you're right...!! ඔයා කියන්නෙ...එහෙ ගැලැක්සි පේන තරමටම අහස ක්ලියර් කියලද ලවන්?? මීටත් වඩා ලස්සන ලස්සන පාටට අහස පේන තරමට??"

"ඔව්..."

"අනේ~~මට ආසයි ලවන් මේ වගේම ඔයත් එක්ක ඒ අහස දිහා බලන් ඉන්න."

මම ලවන්ගෙ අත අල්ලන් යන්තම් උඩ පනින ගමන් කියද්දි එයා වේදනාවෙන් වගේ හිනාවුණා.

"මමත් ආසයි මැණික ඔයාව මෙහෙම තුරුල් කරන් මගෙම ගෙදර බැල්කනි එකට වෙලා රෑ අහස දිහා බලන් ඉන්න...ඒත්- ඒක හීනයක්ම විතරනෙ."

"හීනයක්ම විතරක් වුණ කීයක් දේවල් ගැන අපි දැනටම හීන දකිනවද ලවන්...? හරිනම්, ඔයයි මායි එකට ඉන්න එක ගැනවත් හීන දකින්න අපිට අයිතියක් නෑනෙ."

"ම්ම්...ඔයා කියන්නෙ ඇත්ත."

"ඒත් අපිට ඒ ගැන කීයක් බලාපොරොත්තු තියනවද...ඉතින් මේ ගැනත් අපි එහෙමම බලාපොරොත්තු තියාගමු. ලස්සනට තරු පායපු රෑක...ඔයයි මමයි ඔයාගෙ බැල්කනි එකට වෙලා මේ වගේම දවසක රෑ අහස දිහා බලන් ඉමු. හොඳද? එදාටත් ඔයා මේ වගේම මාව බැක්හග් කරන් ඉන්න."

මම ලවන්ගෙ ඇස් දෙක දිහාම බලන් කියද්දි එයා ගොඩක් ආදරෙන් මගෙ දිහා බලන් හිටියා.

"This is why I love you..."

ලවන් මගෙ තොල් වලින් පෙක් එකක් තියන ගමන් කිව්වා. එයා නොකිව්වට මගෙ වචන වලට සෑහෙන්න හිත හැදුණා කියලා මට තේරුණා. ඒක එයා හැමදාම කියන දෙයක්...බලාපොරොත්තු නැත්තටම නැතිවුණ තැන්වල මගෙ එක වචනෙකුත් ඇති ආයෙම හිත බලාපොරොත්තු වලින් පුරවගන්න එයාට පුලුවන් කියලා.

"ඔයා අර මට මුලින්ම කෝල් කරපු දවසෙ...ඔයා ආසම සින්දුවක් ගැන කිව්වා මතකද?"

"මතකයි..."

"මොකද්ද...?"

මම ඔලුවත් ඇල කරන් ලවන් දිහා බලලා ඇහුවා. කවුද දන්නෙ බොරුවට කියනවද කියලා.

"දවසක් ඒවි අපිත්...අපෙ හීන වලට යාවී

ඒ හැම මොහොතේ ළඟින්...නුඹ හිටියොතින් ඇතී..."

ලවන් ඒක සින්ග් කරලම පෙන්නද්දි මම හිනාවුණා. එයාට ඇත්තටම මතකයි...

"ඉතින්...එහෙම දවසක් ඒවි."

මම කියද්දි ලවන් මගෙ කම්මුලින් දිග~හාද්දක් තියලා මාව තව ටිකක් තද කරලා බදාගත්තා.

"මම ආදරෙයි විදුර්...ඔයා ගැන හැම පුංචි දේටම මම ආදරෙයි."

"මමත් ආදරෙයි..."

මම කිව්වෙ ලවන්ගෙ තොල් වලින් ස්වීට් කිස් එකක් තියන ගමන්.

"දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද...?"

ලවන් ඇහුවෙ මගෙ කම්මුලින් එයාගෙ කම්මුල හේත්තු කරගන්න ගමන්.

"ම්ම්...අහන්න."

"මම ෆික්ෂනල් කියලා දැනගත්ත වෙලේ ඔයාට මොකද හිතුනෙ...?"

ලවන් මගෙ ඇස් දෙක දිහාම බලාගෙන ඇහුවා. එයා කවදාහරි ඕක අහයි කියලා මම දැනගෙන හිටියා. ඒත් ඇත්තටම...මට ඒකට දෙන්න හරි උත්තරයක් නෑ. මිතූ කියලා තියන දේවල් දැක්කම බය හිතුන නිසා මම ටිකක් කලබල වුණා තමයි.

ඒත් පස්සෙ මම ඒ ගැන හිතද්දි...මට දැනුන හැඟීම් වචන කරන්න මට තාමත් බෑ. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා තමා අපි හීන දකින, අපෙ හිතේ ඉන්න කෙනා අපිට හම්බවෙයි කියලා. පොතක පිටු අතර කෙනෙක්ගෙ වෙන්න ඒ කාලෙ ඉඳන් මම හීන දැක්කත් ඒක හීනයක්ම විතරයි කියලා මගෙ හිත දැනගෙන හිටියා.

ලවන්ට මම ආදරේ කරන්න ගත්තෙ ඒ කිසිම දෙයක් දැනගෙන නෙවෙයිනෙ...එයා මට ආදරේ කරපු විදිහට, මාව බලාගත්ත විදිහට. එයා කොයි තරම් ෆික්ෂනල් කැරැක්ටර් එකකට සමාන ජෙන්ට්ල්මන් කෙනෙක්ද කියලා මමම අනන්ත එයාට කියලා ඇති. ඒත් මම ආදරේ කරන, මට ආදරේ කරන කෙනා ඇත්තටම මම බලාපොරොත්තු වුණ විදිහෙම කෙනෙක් කියලා දැනගද්දි මට දැනුන හැඟීම කියාගන්න අදටත් මට වචන නෑ.

"ම්ම්...ලෝකෙම දිනුවා වගේ ෆීලින් එකක්."

"කපටියා...those are my words!!"

ලවන් මගෙ කන් පෙත්ත යන්තම් හපන ගමන් කිව්වා.

"මෙහෙමයි...ඇත්තටම ඒ වගේ ෆීලින් එකක් තමයි ලවන්. මම ලෝකෙ වාසනාවන්තම කෙනා කියලා හිතෙනවා."

"...."

"මෙහෙමයි...මම දන්නෑ ඔයාගෙ හිතේ තිබ්බද කියලා කවදහරි ආදරේ කරන්නෙ මේ වගේ කෙනෙක්ට කියලා. ඒත් මම හැමදාම ආදරේ කරේ පොත්වල පිටු අතර ඉන්න ආදරණීය චරිත වලට. අන්තිමට ඒ වගේ කෙනෙක්ම මගෙ වුණාම දැනෙන හැඟීම මම කොහොමද වචන වලින් කියන්නෙ?"

මම කිව්වෙ ලවන්ගෙ ඉන වටේ අත දාලා එයාට තුරුල් වෙන ගමන්.

"අනික ලවන්...මම ඒ ගැන දැනගෙන හරි නොදැන හරි ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා කියමු. ඒත් ඔයත් මට ආදරේ කරන එක...ෆික්ෂනල් කැරැක්ටර් එකකට ආදරේ කරන්න බලාගෙන ඉන්න මටම ඔයාට ආදරේ කරන්න හිතුන එකම පුදුමයක් නෙවෙයිද? ඉතින් මම මේ ලෝකෙ වාසනාවන්තම කෙනා කියලා හිතන එකේ වැරැද්දක් නෑනෙ."

"මම ඔයාට ආදරේ කරන එක ගැන ඔයා ඒ තරම් ආඩම්බර වෙනවද වස්තුව...?"

"Oh you have no idea..."

මම ලවන්ගෙ පිජාමා කොලර් එකෙන් ඇදලා මං ගාවට ළං කරගන්න ගමන් කිව්වා. ආදරණීය තොල් එකතු වෙන්න මීටත් වඩා හොඳ වෙලාවක් තියනවද??

ගොඩක් සන්සුන් ඒත් ආදරණීය අපෙ හාදුවට පස්සෙ ලවන් ආයෙම මාව එයාගෙ අත් අස්සට ගත්තා. පාන්දර දෙකටත් කිට්ටුයි...ඒත් මේ ලස්සන තරු පිරුණ අහස දාලා යන්න අපි දෙන්නටම වුවමනාවක් තිබ්බෙ නෑ. හෙට නිවාඩුත්නෙ. ඇති තරම් නිදාගන්න පුලුවන්. ඒත් ආයෙ ලවන් එක්ක මේ වගේ චාන්ස් එකක් එයිද කියන්න බෑනෙ.

අපි දෙන්නා තව ටිකක් වෙලා ෆික්ෂනල් වර්ල්ඩ් එක ගැන කතා කරා. ලවන් කියන හැම දෙයක් ගානෙම මට ඒ ලෝකෙට දවසකට හරි ඇතුල් වෙන්න තියන ආසාව තවත් වැඩි වෙනවා. මැරුණත් කමක් නෑ කියලා අඩිය තියන්න හිතෙනවා ඒ වෙලාවට. ඒත් බෑනෙ...මම මැරුණොත් මගෙ බෝයිපෙන් පවුනෙ.

"මෙහ්...තවුසෙ මාව හැපුවොත් මාත් ෆික්ෂනල් වෙයිද??"

"මොකක්...?!?"

"නෑ ඉතින්...අර එඩ්වඩ් බෙලාව හපලා ලේ බිව්වට පස්සෙනෙ එයත් එඩ්වඩ් වගේම වැම්පයර් කෙනෙක් වුණේ. සමහරවිට ඔයා මාව හැපුවොත් මාත් ෆික්ෂනල් වෙයි."

"අනේ විදුර්...වෙලාවකට ඔයා කියන ඒවා ඇත්තමයි- මම වැම්පයර් කෙනෙක් නෙවෙයි."

"හරි ඉතින් වැම්පයර් කෙනෙක් නොවුනට ෆික්ෂනල්නෙ...හපලා බලමුත?"

"ආයෙ අමුතුවෙන් හපන්න දෙයක් තියනවද?? මම කොච්චර ඔයාව හපලා තියනවද? අනික ලේ බිව්වෙ නැතිවුණාට වෙන-"

"හරි- හරි ඇති...නවත්තන්න."

ලවන් ඊළඟට කියන්න යන එක තේරුණ මම් එක පාරට එයා පැත්තට තවත් ඇදිලා ගිහින් එයාගෙ කට වැහුවා. ලැජ්ජාවක් කියලා එකක් නැද්ද අප්පා මේ මනුස්සයට?? හරි ඒවා කරනවා තමා එහෙමයි කියලා මෙහෙම මූණට කියන සිරිතක් නෑනෙ හහ්.

මම ලැජ්ජාවෙන් වගේ අහක බලාගද්දි ලවන් කට කොනකින් හිනාවෙලා මගෙ අත එයාගෙ මූනෙන් අයින් කරා.

"මොකෝ මේ...මගෙ විදුර්ට ලැජ්ජා හිතුනද?"

"නැහ්..."

"ඔයා කියනවනම් හපලා බලමු ඉතින්...කෝ එන්න-"

"යන්න අනේ~~ඕන්නෑ. මම නිකන් ඒක කිව්වෙ."

මම ආයෙම අනිත් පැත්ත හැරිලා කියද්දි ලවන් මාව එයාගෙ ඇඟට තද කරගත්තා. ආයෙම වතාවක් එයා හිටියෙ මාව බැක්හග් කරගෙන. ගොනා වගේ හපපු කතාවක් කියපු නිසා ලවන් මගෙ බෙල්ලට පාත් වෙලා හිමින් එයාගෙ දත් වලින් හපන්න ගත්තා. ඉවසන් ඉන්න කොච්චර ට්‍රයි කරත් කෙඳිරුමක් පිටවෙන එක නවත්තන්න මට පුලුවන් වුණේ නෑ. ලවනුත් ඒ නිසා එයාට ඇති තරම් වෙලා මගෙ බෙල්ල පිටිපස්සෙන් හාදු තිබ්බා. හෙට උදේට අම්මයි අප්පච්චියි ඉස්සරහට යන්න පුලුවන් විදිහට බෙල්ල ඉතුරු කරොත් ඇති.

"ලවන්...ඇත්තටම ඇයි ඒ අපිට ඔයාලගෙ ලෝකෙට යන්න බැරි?"

මම ඇහුවෙ ලවන් එයාගෙ හැපිල්ල නවත්තලා ආයෙම මගෙ කම්මුලෙන් එයාගෙ කම්මුල හේත්තු කරගත්තට පස්සෙ.

"ඒක වෙනම ලෝකයක් වුණාට...ස්වභාවිකව ඇතිවුණ ලෝකයක් නෙවෙයිනෙ විදුර්. අපි එහෙ ජීවත් වෙන්නෙ අපිව ඒ සිස්ටම් එකෙන් අඳුරගන්න නිසා."

"ඒ කිව්වෙ...?"

මම් ලවන් පැත්ත හැරිලා බැල්කනි එකට හේත්තු වෙලා ඇහුවා. මේක මට අලුත් දෙයක්. මෙච්චර කල් ලෝකෙ ඇතුළ ගැන අහ අහ හිටියට මේක ඇහුවෙ නෑනෙ. ලවන් මගෙ ඉන දෙපැත්තෙන් අල්ලන් මට ළං වුණා.

"පොතක ඩීටේල්සුයි කැරැක්ටර් එක ගැන ඩීටේල්සුයි ඔක්කොම සිස්ටම් එකට එන්ටර් කරාට පස්සෙ තමා අපිව ඒ ලෝකෙ ඇතුළෙ ජෙනරේට් වෙන්නෙ. කැරැක්ටර් එකක් වුණත් ජෙනරේට් කරන්න පුලුවන් නීති තුනක් යටතෙ. මම ඔයාට කිව්වනෙ..."

"ම්ම්..."

"ඉතින් ඔය ඩීටේල් එකක් හරි මිස් වෙනවනම් එයාට අපෙ ලෝකෙ ඉන්න බෑ..."

"හ්ම්...හරිම අසාධාරණයි අප්පා."

මම තොල් උල් කරන් කිව්වා. ඔය මුකුත් නැත්තම් මට පාඩුවේ ලවන් එක්ක ගිහින් එහෙ ඉන්න තිබ්බනෙ. මම ඒක කියපු විදිහට ලවන් හිනාවෙලා මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.

"මේ ලෝකෙ හැමෝම ඔයා වගේ ලස්සන නෑනෙ විදුර්..."

එයා ලස්සන කියන එකෙන් මීන් කරන්නෙ හිත් ලස්සන කියන එක මම දන්නවා. මට නොතේරෙනවා නෙවෙයි...ඒ වගේ ලස්සන ලෝකෙකට එහෙම නීති තියෙන්නම ඕන. නැත්තම් වෙන්න පුලුවන් දේවල් හිතන්නවත් මම කැමති නෑ.

"මට තේරෙනවා..."

මම සන්සුන් විදිහට හිනාවෙලා කිව්වා. ඒකට සැනසීමෙන් වගේ හිනාවුණ ලවන් මගෙ බෙල්ල දිගේ පරිස්සමට ඇඟිලි අරන් ගිහින් නෙක්ලස් එක මගෙ පිජාමා එකෙන් එළියට ගත්තා. ඒකෙ ඉන්ෆිනිටි සයින් එක දිගේ ලවන් හිමින් එයාගෙ ඇඟිල්ල රන් යන දිහා මම බලන් හිටියා.

ඔහ්...මට මතක් වුණේ දැන්නෙ. මම ඇස් දෙකත් ලොකු කරලා එක පාරට කෙලින් වුණ විදිහ දැක්කම ලවනුත් බයවෙලා වගේ මගෙ දිහා බැලුවා.

"පැටියෝ...මොකද මේ?"

"මුකුත් නෑ...ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්නවද?"

"ඇයි-"

"ඉන්නකො...මම රූම් එකට ගිහින් එන්නම්."

මම කන්ෆියුස් වෙලා ඉන්න ලවන්ව බැල්කනි එක උඩ දාලා රූම් එකට ඇවිත් මගෙ කබඩ් එක අදින්න ගත්තා. කොහෙද ඒක තිබ්බෙ...ඔහ් මේ තියෙන්නෙ. මම මේක ගත්තෙ සතියකට විතර කලින්. ඒත් ලවන්ට ඒක දෙන්න හොඳම වෙලාවක් හම්බුණේ නෑ.

මම හිතන්නෙ...මේක තමා හොඳම වෙලාව. ලවන් මට නෙක්ලස් එක දුන්නෙත් මෙතනම, මේ වගේ අපි දෙන්නා ඈත ලස්සන බලන් ඉද්දිනෙ. මම මගෙ අතේ තිබ්බ චූටි බොක්ස් එක ඇරලා බැලුවා. ඔව්...මේක තමා එයාට දෙන්න තියන හොඳම දේ.

මම ඒකත් අරන් බැල්කනි එකට යද්දි ලවන් තාමත් කන්ෆියුස් වෙලා වගේ මගෙ දිහා බලන් ඉන්නවා. පවු අනේ...මම බොක්ස් එකත් පිටිපස්සට කරන් හිනාවෙලා එයා දිහා බලන් හිටියා.

"ලවන්...මට ඔයාට දෙන්න දෙයක් තියනවා."

"මට...? මොකද්ද?"

"ඔයා මට මේ නෙක්ලස් එක දුන්නෙ ඇයි...?"

මම මගෙ නෙක්ලස් එක ඇඟිලි තුඩු වලින් අතගාන ගමන් ලවන් දිහා බලන් ඇහුවා. ලවන් හිනාවෙලා මගෙ ඉන වටේ අත දාලා මාව ළං කරගත්තා.

"It was a promise...to let you know that I will come back to you. And will always love you."

"And now...I wanna seal my promise too."

"Huh...?"

ලවන් පුදුමෙන් වගේ අහද්දි මම මගෙ අතේ තියන් හිටපු බොක්ස් එක අපි දෙන්නා මැද්දට අරන් ඕපන් කරා. ඒක ඇතුලෙ තිබුණ ඉන්ෆිනිටි සයින් රින්ග් එක දැක්කම ලවන්ගෙ ඇස් දෙක ලස්සනට දිලිසුනා.

"විදුර්...?"

"මටත් ඔයාට ප්‍රොමිස් වෙන්න ඕන...I will be waiting for you. 'Cause you're my one and only. And don't worry...I will take care of myself. When you come back you will see the best version of me."

ලවන් පරිස්සමට මගෙ කම්මුල කප් කරලා මගෙ දිහා බලන් හිටියා. එයාගෙ ඇස් වල ආදරේ උතුරනවා.

"And you have to promise me that too...please don't forget about yourself."

මම කියද්දි ලවන් හිනාවුණා. වෙන් වුණාට අපි දෙන්නගෙන් එක්කනෙක්වත් තමන්ව අමතක කරන්න ඕනෙ නෑ...මට ඕන අපි ආයෙ හම්බෙන දවසෙ අපි දෙන්නම හිටියටත් වඩා හොඳින් ඉන්නවා බලන්න.

"Mm...I promise to be the best version of myself when I come back my love."

ලවන් කියද්දි මම හිනාවෙලා එයාගෙ වම් අත අල්ලගත්තා. මම රින්ග් එක දැම්මෙ එයාගෙ සුලැඟිල්ලට. මේක ප්‍රොමිස් එකක්නෙ...ඒ නිසා මම හිතුවෙ ඒක ගැලපෙන්නෙම සුලැඟිල්ලට කියලා. මම රින්ග් එක දානවත් එක්කම ලවන්ගෙ ඇස් වල කඳුලු පිරෙනවා මම දැක්කා.

"විදුර්-"

"ශ්ශ්...මුකුත් කියන්න ඕන නෑ. ඔයාගෙ හිතේ තියන දේ මට තේරෙනවා."

"I'm so glad I chose you...I can't think of anyone better to be my life partner Vidur. I love you so much."

"මගෙ ලවන්...මාත් ගොඩක් ආදරෙයි."

මම සන්සුන් හිනාවකින් කියද්දි ලවන් කඳුලු පිරුණු ඇස් වලින්ම පුදුමෙන් වගේ මගෙ දිහා බලන් හිටියා. එයා එහෙම පුදුමෙන් ඉන්නෙ ඇයි කියලා හිතාගන්න මට අමාරු නෑ...

මෙච්චර කල් මට ලවන් ගොඩක් ආදරේ හිතෙන විදිහට කතා කරලා ඇති...මගෙ විදුර්, මගෙ මැණික, මගෙ පණ, මගෙ වස්තුව...ඔය වගේ හුඟක් ආදරේ හිතෙන වචන. ඒත් මම ඒ වගේ දේවල් වලින් එයාට කතා නොකරපු තරම්.

මම එයාට කතා කරේ ලවන් කියලා විතරයි. මගෙ කටහඬින් නම විතරක් හරි අහන එක එයාට කොයි තරම් වටිනවද කියලා මට තේරුණේ දවසක් සිතුම්ය කියපු දේකින්. ලවන් එයාගෙ මාස්ටර්ට කියලලු මීට පස්සෙ එයාගෙ ඇත්ත නමින් නැතුව ලවන් කියලා කතා කරන්න කියලා. එයා කියලා තියෙන්නෙ මේ ලෝකෙ අහන්න ආසම කටහඬින් එයාට කතා කරන නම දැනටම එයාගෙ ඇත්තම නම වෙලා ඉවරයි කියලා.

ඒක අහපු වෙලේ මට ඇත්තටම හිතාගන්න බැරිවුණා. මගෙ පොඩි දේටත් ඒ තරම් වටිනාකමක් දෙන කෙනෙක්...ඉතින් එයාට වෙනදට වඩා ආදරේ දැනෙන්න කතා කරන එකේ කිසිම වැරැද්දක් නෑනෙ.

ලවන් තාමත් ඇස් දෙකත් ලොකු කරන් මගෙ දිහා බලන් ඉද්දි මම එක අතකින් එයාගෙ කම්මුල කප් කරා.

"ආයෙ කියන්න..."

ලවන් කිව්වෙ හරි හෙමින්...අපි කවුරු වුණත් ආදරේ කරන කෙනා ඉස්සරහ හරියට පොඩි ළමයෙක් වගේ. පිටට පෙන්නන හැම පර්සනැලිටි එකක්ම අමතක කරලා ආදරේ කරන කෙනා ගාව පොඩි ළමයෙක් වගේ උණුහුම බලාපොරොත්තු වෙන්න අපි හැමෝම කැමති. ලවනුත්...දැන් හරියට ඒ වගේ.

"මගෙ...ඔයා මගෙනෙ. නේද?"

මම අහනවත් එක්කම ලවන් මාව තදින් පපුවට  තුරුල් කරගත්තා. මට දැනුනා එයාගෙ ඇස් වලින් ගලාගෙන ගිය කඳුලු බිංදුවක් මගෙ උරහිස උඩට වැටෙනවා.

"ඔයාගෙ තමයි...මගෙ විදුර්."

ලවන් මගෙ නළලෙ පැත්තකින් යන්තම් තොල් තියලා කියද්දි මම තවත් ලවන්ට තුරුල් වුණා. එයාගෙ පපුවෙ ගැස්ම අහන් ඉද්දි හැමදාම වගේ මට ආදරේ දැනුනා. එයා ගොඩක් වෙලා මාව තුරුල් කරන් සැරින් සැරේ නළලින් හාදු තිබ්බා.

ආදරණීය පැයක...ආදරේම විතරක් දැනෙන වෙලාවක මම මේ ලෝකෙ ආදරණීයම මනුස්සයගෙ පපුවට හේත්තු වෙලා හිටියා. මට වෙන කිසිම දෙයක් ඕනෙ නෑ...ජීවිත කාලෙම මේ ආදරණීය පපුවට තුරුල් වෙලා ඉන්න ලැබෙන්න කියන එක විතරයි මගෙ එකම බලාපොරොත්තුව.

එදා නිදාගත්තම මට පෙනුනෙ ලස්සන හීන විතරයි...අපි දෙන්නා ආදරෙන් ඉන්න ගොඩක් ලස්සන හීන. මම ඇහැරෙද්දි මට දැනුනා එළිය වැටිලා කියලා. කීය වෙනකන් නිදාගත්තද? කොහොමත් ඊයෙ රෑ පාන්දර වෙනකන් ඇහැරලත් හිටියනෙ. ලවන් මට නින්ද ගියාට පස්සෙ අයියගෙ කාමරේට යන්න ඇති.

මම ෆෝන් එක බලද්දි...හපොයි! උදේ දහය හමාරයි. එච්චර වෙලා නින්ද ගිහින්ද?? මම දඩිබිඩි ගාලා නැගිටලා පිස්සෙක් වගේ තිබ්බ කොණ්ඩෙ හදාගෙන ලවන් ඉන්න කාමරේට හොම්බ දාලා බැලුවා.

ඈ...කෝ මගෙ මනුස්සයා. ඇඳත් ලස්සන පිළිවෙලට හදලා. මම ඊයෙ දැක්කෙ හීනයක්වත්ද?? නෑනෙ...මේ බෙල්ලෙ පහළට වෙන්න තියන පැල්ලම හීනෙන් ආපු එකක් නෙවෙයිනෙ.

ආ...මට හිතාගන්න බැරි නෑ වෙලා තියන දේ. උදේ පාන්දර නැගිටලා අම්මගෙන් ලකුණු දාගන්න පහළට යන්න ඇති. එයා කොහොමත් හරි කැමති ගෙදරින් මගෙ ලකුණු කපනවා බලන්න. කොහොමත් ඉතින් තේ එක බොන්න පහළට යන්නම එපෑ.

මම කුස්සියට යද්දි...මම හිතුවා හරි. අර ඉන්නෙ අම්මා අස්සට වෙලා පච හල හල. එයානම් මූණ හෝදලා අලුත් ඇඳුමකුත් දාගෙන. හරි...දැන් ඉතින් මට අහගන්න වෙන ඒවා දැනටම කන් දෙක ඇතුළෙන් දෝංකාර දෙනවා වගේ. ඔන්න කිව්වා...එකයි, දෙකයි,තු-

"චූටි...අනේ ඇත්තට නැගිටින වෙලාව. බලන්න මේ ළමයනම් උදේ නැගිටලා මට උයන්නත් උදව් කරා."

මම ලවන්ට රවාගෙන එයා පාස් කරන් යද්දි ලවන් මට නෝන්ඩි හිනාවක් දැම්මා.

"එයාට වගේ නෙවෙයි අම්මා මට මහන්සි...ඊයෙ නටලයි සින්දු කියලයිම කොච්චර අමාරුද."

"ඉතින් ලවන් පුතාලටත් කරන්න කොච්චර වැඩ තියෙන්න ඇද්ද...ඔය යස අගේට නැගිට්ටෙ."

"ඔව් ඔව් තිබ්බා වැඩ...අපි දීපු සැන්ඩ්විච් එක ගිලලා පෆෝමන්ස් දිහා කට ඇරන් බලන් ඉන්න එක තමා එයාලට තිබ්බ වැඩේ."

මම බුම්මන් කියද්දි ලවන් මගෙ කනෙන් අල්ලලා මිරිකුවා. ඇත්ත කිව්වම කාට කාටත් රිදෙනවා තමා. අම්මා අපි දෙන්නගෙ කෝලම් දිහා බලලා ආයෙම තේ හදන්න ගත්තා. එයාලනම් උදේ තේ බීලා උදේට කාලා ආයෙ දහයෙ තේ එකත් බොන්නද කොහෙද යන්නෙ. මම තමා මේ මොකාද වගේ තාම උදේ නැගිට්ට ගමන් තේ එක බොන්න යන්නෙ. මම මගෙ කෝප්පෙ අරන් ශේප් එකේ අම්මා ගාවට පාස් කරා.

"අම්මෙ...මටත්."

"කෝ දෙන්න...අන්න අර බකට් එකේ ක්‍රීම් බනිස් ඇති ඒකවත් කන්න දැන්. ආයෙ කන්න වෙන්නෙ දවල්ටනෙ."

"ක්‍රීම් බනිස් කොහෙන්ද...අම්මා චූන් පාන් එකෙන් ගත්තද?"

මම ක්‍රීම් බනිස් එක අරන් ඒකෙ පැකට් එක කඩන ගමන් ඇහුවා.

"නෑ මේන් මේ ළමයා උදේ ෆුඩ්සිටි ගිහින් ගෙනත් තිබ්බෙ...මම දන්නෙත් නෑ ගිහින් එනකන්."

හප්පා සෑහෙන්න ලකුණු දාගන්න වැඩ කරලා වගේ මෙයා උදේම. නැන්දම්මගෙ හිත දිනාගන්නනෙ මේ සේරම.

"ඔයා කෑවද...?"

මම ලවන්ට යන්තම් හේත්තුවක් දාන් එයා පැත්තට බනිස් එක දික් කරන ගමන් කිව්වා.

"ඔව් අපි ඔක්කොම කාලා ඉන්නෙ...ඔයා කන්න."

ලවන් කිව්වත් මම එයා පැත්තටම බනිස් එක දික් කරන් ඉද්දි එයා මගෙ හිත හැදෙන්න වගේ ඒකෙන් පොඩි කෑල්ලක් හපලා කෑවා. ලවන් හිටියෙ මගෙ පිටිපස්සට වෙන්න. මම තේ එක බොන ගමනුත් එයාටම හේත්තුව දාන් ඉද්දි ලවන් ශේප් එකේ මගෙ පිජාමා එකේ කොලර් එක ටිකක් උස්සලා හැදුවා.

මේ මොකද- අපොයි. මම මේ මිනිහට කිව්වා හපන එකක් සීල් වදින්නැතිවෙන්න හපන්න කියලා. අහන්නෑනෙ කිව්වට. දැන් කොහොමද කියාන්කො ටී ශර්ට් එකක්වත් අඳින්නෙ?? එක අතකට මගෙම වැරැද්ද...මමනෙ කට වරද්දගත්තෙ.

කොහොම වුණත් එයාටත් තිබ්බා ඔච්චර හපන්නැතුව ඉන්න. මම රවලා ලවන් දිහාවට හැරෙද්දි එයා හිනාවුණා.

"I can change that...don't worry."

හම්මේ ඔව්නෙ...පවර්සුත් අමතක වෙනවා මේ වෙලාවට. ඒත් මම දිගටම රවාගෙනම ඉඳලා අනිත් පැත්ත හැරුණා.

"You look prettier with these marks..."

"Oh shut up~"

අපි තේ බීලා අම්මට උයන්න උදව් කරන්න හැදුවත් වැඩ දෙක කරන්නැතුව යන්න කියලා අපිව කුස්සියෙන් එළවගත්ත නිසා ආයෙම කාමරේට ආවා. විශේෂ දෙයක් කරන්නත් නෑ...හවස කැෆේ යන්න ඕන නිසා ලවන් මාත් එක්කම ඉඳීවි එතකන්. ඇඟේ මහන්සිය යන්නත් එක්ක මම උණු වතුරෙන් හොඳට නාලා දවල් කෑම වෙලාව එනකන්ම ලවන් එක්ක කියව කියව හිටියා.

අපි කන්න පහළට යද්දි අප්ප්ච්චිත් කෑම මේසෙට ඇවිත් හිටියා. අම්මට කරි දීසි ටික මේසෙට ගේන්න උදව් කරලා ලවනුයි මායිත් කෑම මේසෙන් වාඩි වුණා.

"උදේ පුතාලා බලන්න එන්නත් බැරිවුණා මට...මේ ටිකේ ටිකක් බිසීනෙ."

"අනේ ඒකට කමක් නෑ අප්පච්චි...මේ දවස් වල රිසර්ච් වැඩද?"

"ඔව් ලවන් පුතා...මෙහෙ කැම්පස් ළමයි දෙන්නෙක් එක්ක රිසර්ච් එකක් කරා. මේ දවස් වල ඒකෙ පබ්ලිකේශන් වැඩ බලනවා. ඒ අතරෙ ලොකූගෙ කැම්පස් එක එක්කත් රිසර්ච් එකක් පටන් ගත්තා."

"අයියත් එක්ක...?"

"ඔව්...එයා තමා ඒක ලීඩ් කරන්නෙ."

අප්පච්චි ආඩම්බරෙන් කිව්වා. කොහොමත් ඉතින් ඒ දෙන්නගෙ ෆීල්ඩ් එකේ ඉස්සරහට ගියේ එයාලගෙ ලොකු පුතානෙ. ආඩම්බර වෙන්න එපැයි.

"අම්මටනම් දැන් නිදහස් ඇති නේද රිටයර් වුණ නිසා...?"

ලවන් අහද්දි අම්මා හිනාවුණා.

"නිදහස්නම් තමා පුතා...ඒත් පාලුයි. අවුරුදු කීයක් ජොබ් එක කරාද."

"ඔව් නේද අම්මෙ..."

"දැන් ඉතින් මේ රවීලා වගේ මේ වටේ පිටේ ගෑනු ටිකත් එකතු වෙලා සතියකට සැරයක් මොකක්හරි හමුවීමක් තියන්න හිතන් ඉන්නෙ..."

අම්මා කියද්දි අපි හැමෝම හිතුවෙ ඒක හොඳයි කියලා. ඒකෙන් පාලුව හරි නැතිවෙනවනෙ...එහෙම හම්බෙලා හිනාවෙලා සින්දුවක් කියලා ඉද්දි ඔය වයසට එන ලෙඩ වුණත් ලේසියට එන්නෙ නෑ.

"ඉතින් ලවන් පුතා...ඔයා ඉක්මනට යනවා කිව්වා නේද?"

අම්මා අහද්දි මම ලවන්ගෙ මූණ බැලුවා. එයාගෙ මූණෙත් උත්තර නැති පෙනුමක් තිබ්බෙ. ලවන් ඉක්මනට යනවා කියලා මම ගෙදරට කිව්වෙ මැයි මුල. ඒත් දැන් මාස දෙකක් ගිහිල්ලත් ලවන් තාම ඉන්නවනෙ...අම්මා එහෙම ප්‍රශ්නයක් අහන එක සාධාරණයි. අප්පච්චිනම් ඒ ගැන කිසි ගාණක් නැතුව පාඩුවේ බත් කන ගමන් හිටියෙ.

"ආ...ඔව් අම්මා. ගමන පොඩ්ඩක් පරක්කු වුණා. මම සැප්තැම්බර් වල තමයි ආයෙ යන්න ඉන්නෙ."

ඒක කියනවත් එක්කම මෙච්චර වෙලා ගාණක් නැතුව හිටපු අප්පච්චිත් ඔලුව උස්සලා බැලුවා.

"සැප්තැම්බර්...?"

"ඔ-ඔව් අප්පච්චි..."

"ම්ම්...දෙන්නා කතාබහ එහෙම කරාද ඒ ගැන?"

"ඇයි රවී එහෙම ඇහුවෙ...?"

අම්මා කුතුහලෙන් වගේ අප්පච්චිගෙන් ඇහුවා. නෑ ඉතින් ඇත්තනෙ...ලවන්ට යන්නම වෙන හේතුවක්නම් ඒ ගැන මං එක්ක මොනවා කතා කරන්නද? ඒ නිසා අප්පච්චි එහෙම අහපු එක ගැන අම්මට ප්‍රශ්නයක් එන්න ඇති.

ඒත් මට ආපු ප්‍රශ්නෙ ඒක නෙවෙයි...අප්පච්චි කොහොමද හරියටම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවෙ?? මම ලවන් ගැන තාම මේ දෙන්නටම කියලා නෑනෙ.

"මේකයි මාලි ඉතින්...ලවන් පුතා ආවට පස්සෙ අපෙ චූටි එයා එක්කමනෙ හිටියෙ. දෙන්නා වෙන් වුණේම නෑනෙ. ඉතින් එක පාරට පුතා ගිහාම චූටිට ටිකක් කල් යයි ඒකට හුරුවෙන්න."

"ආ...ඕකනම් මොකද්ද? අද කාලෙ ෆෝන් තියනවනෙ කතාබහ කරලා ඉන්න. ගොඩක් පාලු හිතෙන එකක් නෑ."

ඒත්...අපි දෙන්නට එහෙමවත් කතා කරන්න බෑ කියලා කොහොමද අම්මට තේරුම් කරන්නෙ. අප්පච්චි අපි දෙන්නා ඒකට උත්තර දෙයි කියලා හිතලා වගේ අපි දෙන්නම දිහා බැලුවා. අප්පච්චිගෙ ඒ තියුණු බැල්මට මට බය හිතෙනවා...ඒවගෙ තරහක් නෑ. ඒත් ඒ ඇස් දිහා බැලුවම මට හිතෙන්නෙ අප්පච්චි හැම දෙයක්ම දන්නවා කියලා. මම පුලුවන් තරම් ඒ ගැන නොහිතා ඉන්න උත්සාහ කරා.

"ලවනුයි මායි ඒ ගැන කතා කරා අප්පච්චි...ප්‍රශ්නයක් නෑ."

මම ලවන් දිහා බලලා අප්පච්චිට කියද්දි අප්පච්චි හිනාවුණා.

"ම්ම්...එහෙනම් කමක් නෑ. කොහොමත් චූටිට පාලු හිතුනොත් හරි දුක හිතුනොත් හරි අපියි මෙයාගෙ යාලුවො දෙන්නයි ඉන්නවනෙ බලාගන්න."

"දැන්නම් එයාට යාලුවො දෙන්නෙක් නෙවෙයි හතරදෙනෙක්ම ඉන්නවා අප්පච්චි..."

"ආ අර නිවුන් ළමයි දෙන්නා නේද...අනේ හරි හොඳ දරුවො දෙන්නෙක්. මට දෙවතාවක් විතර හම්බුණා."

අම්මට හොඳයි කියන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ හොඳයි තමා. උන් දෙන්නා කොහොමත් හොඳයි කියන්න මම දන්නවා...මං කියන්නෙ අම්මා හොඳයි කිව්වනම් ආයෙ අහන්න බලන්න දෙයක් නෑ බය නැතුව ආශ්‍රය කරන්න පුලුවන්.

ඔහොම පටන් ගත්ත කතාව දිගට ඇදිලා ගිහින් අපි පැයක් විතරම කෑම කෑවා. සාමාන්‍යයෙන් දවල් කෑම මේසෙ අප්පච්චි කතා නොකරට අපි හතර දෙනාම කෑම මේසෙට එකතු වුණේ කාලෙකින් නිසා එයත් මුකුත් කිව්වෙ නෑ.

කාලා කෑම මේසෙ අස් කරලා අපි ආයෙම කාමරේට ගියා. කැෆේ යන්න වෙලා තියන නිසා අපි හිතුවා එතකන් ෆිල්ම් එකක් බලන්න. මම ලැප් එක අරන් එනකන් ලවන් ඇඳෙන් ඉඳගෙන හිටියා. මම වෙලාවකට ලැප් එක චාර්ජ් කරන්නෙ අයියගෙ කාමරේ. ඇයි ඉතින් මගෙ කාමරේම ඔය ඔක්කොම ගහන්න ඉඩ නෑනෙ.

මම ඇවිත් ලැප් එක ඇඳ උඩින් තියලා ලවන් දිහා බලද්දි...අනේ එයා මම දීපු රින්ග් එක දිහා බලාගෙන ඒක හිමින් ඇඟිලි තුඩු වලින් අතගානවා. එයාට මම ආපු එකවත් ගානක් නෑ වගේ. ඒ දිහා බලන් ලොකු කල්පනාවක හිටියෙ. ඒත් එයගෙ ඇස් වල වේදනාවක් නොතිබුණ නිසා මගෙ හිතේ බයක් දැනුනෙ නෑ.

මම ලවන්ට ළංවෙලා එයාගෙ අත උඩින් මගෙ අත තියද්දි එයා ගැස්සිලා වගේ මගෙ දිහා බැලුවා. ඒ එක්කම එයා හිනාවෙලා අපි දෙන්නගෙ අත් දෙක පටලගෙන මගෙ මූණට ලංවෙලා නළලට නළල තියාගත්තා.

"Forever...?"

"Forever...and a little more."

-------

හායි 🙂 දැන්නම් ඉතින් හිත් හදාගන්න කලින්ම කිව්වා ඕං 😮‍💨

ඉක්මනට එන්නම්

Share This Chapter