Back
/ 27
Chapter 11

💙හාදුව

සුසුම්.

දවසින් දවස කාලය ගෙවෙනවා.ඉස්කෝලෙ පටන් ගන්නත් තව කල් ගියා මොකද රටේ එක එක ප්‍රශ්න ආපු නිසා.බෝම්බ කේස් නිසා අපිට ඉස්කෝලෙ නිවාඩුව තව ටිකක් වැඩි කරා.හැබැයි සති තුනක් වගේ.මන් හිටියෙ ඉවසීමේ අන්තයේ.මොකද මන් මහීශව බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ.කොයි වෙලේද මහීශව තුරුලු කරගන්නෙ කියලා හිත හිත ඉද්දි මෙහම වුණාම මට ඇත්තටම ගොඩක් දුක හිතුනා.ඒත් මොනා කරන්නද..ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා කියනවනේ....

මන් අදත් වෙනදා වගේම උදෙන්ම නැගිටලා මූණත් හෝදගෙන phone එක අරගෙන ගෙදර පිටිපස්ස වත්තට යද්දි අක්කත් ඉන්නවා බංකුවක වාඩි වෙලා.මාත් ඒ ළගින් ගිහින් වාඩි වුණා.

දෙන්නා අතර නිශ්ශබ්දතාව බින්දෙ අක්කා.

"මේ ඒයි"

"ඇයි?"

"දැන් තමුසෙගෙ ඔය සම්බන්ධෙ තාම තියනවද?"

"නැතුව!"

"දැන් ඉස්කෝලෙ යන්නත් නෑ...උඹට මහීශාව හම්බෙන්න වෙන්නෑනෙ ලොකු කාලෙකට...ඉස්සරහට ඉස්කෝල වහයිද කවුද දන්නෙ?"

අක්කා ඒ කියපු දෙයින් නම් මගේ හිත ගොඩක් කලබල වුණා.මට එකපාරට දැණුනෙ මගේ පපුව හිර වෙනවා වගේ.එහෙම වෙයිද...මට එයාව ආයෙ කවදාවත් බලන්න බැරි වෙයිද!

"එහෙම වෙයිද?"

"හ්ම්...දන්නෑ බන්"

"මන් මොකක්ද කරන්නෙ ඉතින්?"

"තමුසෙට ඕනෙමනම් යනවා ගිහින් හම්බවෙනවා...කෙල්ලො දෙන්නෙක්නෙ...යාලුවා කියලා යන්න බැරියැ..මට මේ කොල්ලෙක් ඉදගෙනනේ හම්බවෙන්න බැරුව දගලන්නෙ..තමුන්ටනම් මොකද!"

"ආහ්?.... තමුන් කියන්නෙ මහීශගේ ගෙදර යන්න කියලද?"

"හ්ම්.."

මට ඉබේටම කෙල ගිලුනෙ ඒ අදහස නරකමත් නැති නිසා.ඒ වෙලාවෙ හැටියට ගෙදරින් පැනලා හරි යන සයිස් එකක් තමා මට තිබ්බෙ.මොකද මට ගෙදරට වෙලාම ඉදලත් ඇති වෙලා තිබ්බෙ.මේ වගේ වෙලාවක අක්කා දුන්න අදහස නම් වටිනවා.මෝඩි!

"හරි මන් යන්නම්"

"සිරාවට!"

"ඔව් ඉතින්...අවුලක් නෑ..යාලුවනේ"

මන් අක්කට ඇහැක් ගහලා එතනින් නැගිටලා කුස්සියට ගියේ අම්මට මේ ගැන කියන්න.මන් කුස්සියට යනකොට අම්මා උදේට උයන ගමන් හිටියෙ.මන් හිමින් අඩිය තියලා අම්මා ළගට ගියා.

"අම්මේ.."

"ම්ම්..?"

"මට ගෙදර ඉදලම කම්මැලි අනේ "

"ඉතින් "

"මන් යාලුවෙක්ගෙ ගෙදර යන්නද?"

මන් ඒක කිව්ව ගමන් අම්මා ඇස් හීනි කරලා මන් දිහා බැලුවා.මන් කට ඇදලා ලොකු හිනාවක් දාගෙන හිටියා.

"කවුද යාලුවා?"

"මහීශා අර හිරුශිගෙ අනික් යාලුවා"

"මන් දන්නෑ තාත්ගෙන් අහන්න සෙනුලි"

"හ්ම් හා"

මන් අම්මා කිව්ව විගස සාලෙට දිව්වා.තාත්තා ඉන්නවා tv බලබල.

"තාත්තෙ මට යාලුවෙක්ගෙ ගෙදර යන්නෝනෙනෙ"

"ඇයි ඒ?"

"නිකන්...දැන් එක දිගටම ගෙදර ඉදලා එපා වෙලා.ඉස්කෝලෙත් කවදා පටන් ගනීද දන්නෑ...."

"කවද්ද?"

"අද වුණත් කමක් නෑ"

"හ්ම් ලෑස්ති වෙන්නකො එහෙනම්"

තාත්තා මන් ඉල්ලන ඕනම දෙයක් දෙනවා..ඒකේ දෙකක් නෑ..එයා කොහොමත් මේකට එපා කියන්නෑ කියලා මන් දන්නවා.මන් ඉක්මනට කාමරේට ගියේ හිතේ ඇති වෙච්ච සතුට දරා ගන්න බැරුව අතත් වෙවුලද්දි.මන් ඉක්මනින් මහීශට call එකක් අරන් අපි එනවා කිව්වා.ගෙදරට යන පාරත් අහගෙන මන් තද නිල් ඩෙනිමකට රෝස මල් තියෙන රතු ටොප් එකක් ඇද ගත්තා.කොණ්ඩෙ පෝනිටේල් එකක් දාලා perfume නාගෙන ලෑස්ති වුණේ මහීශව බලන්න යන්න.මට සතුටුයි.සතුටටට උඩ පනින්නත් හිතයි.

මායි තාත්තයි පැය භාගයක් විතර යද්දි මහීශගෙ ගෙදර ගාවට කාර් එක දැම්මා.අපි එනකොටම මහීශත් එලියට ඇවිත් කාර් එක දිහා බැලුවා.මන් දුරින් හිටියත් මහීශව දුවලා ගිහින් තුරුලු කරගන්න හිතුනා.

"ඔයාටත් මාර යාලුවොනෙ ඉන්නෙ"

තාත්තා හිනා වෙවීම එහෙම කියද්දි මට තේරුණේ නෑ එයා මොකක්ද ඒකෙන් අදහස් කරේ කියලා.මායි තාත්තයි ගේ ඇතුලට යද්දිම තාත්තා නැවතිලා මට කතා කරා.

"මන් ටවුමට ගිහින් එන්නම්...ඔයා යාලුවත් එක්ක ඉන්න."

ඒ වෙනකොටත් මහීශගේ තාත්තයි අපේ තාත්තයි හදුනාගෙන තිබ්බ නිසා තාත්තා මාව එහේ දාලා ටවුමට යන්න පිටත් වුණා.මන් ගේ ඇතුලට යද්දිම මහීශා මගේ අතින් අල්ලගෙන එයා ගාවට ගත්තෙ මුණේ ලස්සන හිනාවකුත් තියාගෙනයි.

"ආවනේ එහෙනම්..ම්ම්.."

"හ්ම්...නැතුව"

"ඉන්න මන් වෙන t shirt එකක් දාගෙන එන්නම්"

"හ්ආ"

මහීශා එහෙම කියලා මාව සාලෙ තියලා ගියා.මන් හිමින් ගේ ඇතුලට ඇවිද්දෙ කුස්සිය හොයාගෙන වෙද්දි මහීෂගේ අම්මා කුස්සයේ උය උය හිටියා.

"හායි ආන්ටි!"

"ආහ්...දුව ආවද?"

"ඔවු ආන්ටි දැන් තමා ආවෙ"

"හ්ම් වාඩි වෙලා ඉන්නකො මන් බොන්න මොනවා හරි හදන්නනම් "

"එහෙම මුකුත් එපා ආන්ටි"

"පොඩී ඒත් මට කිව්වා අද දුව එනවා කියලා."

මහීශගේ අම්මා හරිම හොද කෙනෙක්.මහීශා තරම් සුදු නොවුණත් එයා පෙනුමට හිටියා. ඒ වගේම එයා හැම කෙනෙක් එක්කම සුහදශීලී ව කතා කරනවා.මහීශා ඒ වෙනකොටත් ඇන්ටිට මන් ගැන වර්ණනා කරලා තියනවා..මන් දන්නවනේ එයාගෙ හැටි.මන් හරි හොදයි! පාඩම් කරන උනන්දු ළමයෙක්! යැයි යැයි තමා...

මන් ආන්ටිට කතා කරලා සාලෙට ගියා.එතන sofa එකේ වාඩි වෙලා අත් දෙක එකතු කරගෙන ඇගිලි ගුලි කරකර හිටියේ මහීශා එනකම්.ටික වෙලාවකින් මහීශා මන් ගාවට ඇවිත් මට එහා පැත්තෙන් වාඩි වුණා.

"ඔයා අද ලස්සනයි"

"තෑන්ක්ස්!...අර කවුද?"

සාලෙටම පේන කාමරේක හිටපු වයසක ගෑණු කෙනෙක් අපි දිහා බලන් ඉන්නවා දැක්ක නිසා මන් මහීශගෙන් ඒ කවුද කියලා ඇහුවා.

"ආහ් ඒ මගේ ආච්චි..අම්මගෙ අම්මා"

"ආහ්"

මන් හිමින් මහීශගෙ අත අල්ලගනිද්දි මහීශා කරේ මාව නැගිට්ටවපු එක.

"ඇයි?"

"මෙතන බෑ. ආච්චි දකියි. කාමරේට යන්"

"හරි"

එහෙම කියලා මහීශා මාවත් අරන් ළග කාමරේකට ගියා.ඒක හරිම පොඩි කාමරයක් හැබැයි ලස්සනයි.

"මේකද ඔයාගෙ කාමරේ?"

"ඔව් මායි අක්කයි එකට ඉන්නෙ මේකෙ"

මහීෂටත් අක්කා කෙනෙක් ඉන්නවා.හැබැයි එයා අපේ අක්කට වඩා බාලයි.මහීශගේ අක්කා අපේ ඉස්කෝලෙම ශිෂ්‍ය නායිකාවක්. එයත් හොදයි..වැඩිය කතා කරලනම් නෑ.

"අක්කා කෝ?"

"ඉන්නවා...ඇති"

මන් මහීශගෙ ඇදෙන් ඉදගෙන කාමරේ වටපිටාව ඔලුව හරව හරල බැලුවා.ඒ අතරෙ කාමරේ ඇතුලට ආවෙ මහීශගේ අක්කා.එයාගෙ අතේ phone එකක් තිබ්බා.ඒක දිහා බලන් ආපු නිසා එයා ඇතුලට එනකම්ම මන් ඉන්නවා දැක්කෙ නෑ.ඒත් ටිකකින් මාව දැකල මට හිනා වුණා.

"දැන්ද නන්ගි ආවෙ?"

"ඔව් අක්කි..ටිකකට කලින්"

"හ්ම්"

"පොඩී මගේ පනාව ගත්තද?"

"අර මේසේ බලන්න"

අක්කා එතන තිබ්බ මේස ලාච්චුවෙන් පනාවක් අරන් මට හිනාවෙලා එලියට ගියා.මාත් පොඩි හිනාවක් දීලා මහීශා දිහා බැලුවා.එයා ඉන්නවා ජනෙල් පඩියෙ වාඩි වෙලා බෙල්ලත් ඇල කරගෙන මන් දිහා බලන්.මන් මහීශටත් හිනා වුණා.මන් දැන් මෙතන මොනවා කරන්නද කියලා මටම හිතා ගන්න බෑ.

ඒත් ටිකකින් මහීශා එතනින් නැගිටලා ගිහින් කාමරේ දොර ලාවට වහලා මට එහා පැත්තෙන් ඇදේ වාඩි වුණා.

"සෙනුලි"

"හ්ම්"

"මන් දැන් කරන්න යන දේ කරාට කමක් නැද්ද?"

"ම්-මො-ක්කද්ද?"

මට ගොත ගැහෙද්දි මහීශා කරේ කට කොනින් හිනා වෙච්ච එක.මන් ලැජ්ජාවට අනික් පැත්තට මූණ හරවගත්තා.ඒත් මට එහෙම ඉන්න හම්බුනේ තත්පර කිහිපයයි.මහීශා මගේ මූණෙන් අල්ලල වේගෙන් එයාගෙ පැත්තට හරවගෙන මගේ තොල් එක්ක එයාගෙ තොල් සම්බන්ධ කරා.වුණ දේ හිතා ගන්න බැරුව ඇස් දෙකත් ලොකු කරගෙන ටික වෙලාවක් හිටපු මම ඒ එක්කම වගේ මහීශගෙ ඒ හාදුවට ප්‍රතිචාර දක්වන්න ගත්තෙ මගේ හිතත් ඒ දේට කැමැති වෙද්දි.මගේ පලවෙනි ම දෙතොල් හාදුව ඒ විදිහට තමන් ආදරේ කරන කෙනාගෙන් ලැබීමම මට ලොකු සතුටක් වෙද්දි මන් හරිම හිමින් මගේ අත් මහීශගෙ බෙල්ල පිටි පස්සට අරන් ගිහින් එයාගෙ මූණ ඇල කරගත්තෙ හාදුවට සම්පුර්ණයෙන්ම ඉඩ හදා ගන්න ගමන්.මහීශ මගේ උඩු තොල උරන්න ගනිද්දි මන් මහීශගේ යටි තොල උරන්න ගත්තෙ හරිම හිමින්.ඒත් ටිකකින් මගේ සීමාව නැති වෙද්දි මගේ වේගේ ඉබේම වැඩි වුණේ මටත් නොදැනීමයි.මන් වේගෙන් මහීශගේ බෙල්ලෙන් අල්ලගෙන එයාගෙ තොල් තදින් උරන්න ගද්දි මහීශා මගේ ඉණෙන් අල්ලල තද කරලා මාව එයා ගාවට ගත්තා.ඒත් ටිකකින් අපි දෙන්නටම හුස්ම ගන්න බැරි වෙද්දි දෙන්නම තොල් වලින් ඈත් වෙලා එකිනෙකාගෙ ඇස් දිහා බලන් හිටියෙ වේගෙන් හුස්ම ගනිමින්.

"ම්ම්හ්..පැටියෝ"

මහීශා එයාගෙ නළල මගේ නළලෙන් තියාගෙන මගේ දිහා බලන් එහෙම කියද්දි මගේ ඇග දිගේම කරන්ට් එකක් යන්න ගත්තා.මේ දේවල් දරා ගන්න ඇත්තටම අමාරුයි.මගේ පලවෙනිම පාර නිසා සීමාව හොයාගන්න කොහොමත් අමාරුයි.

"ම්ම්"

"ඔයානම්...ඇබ්බැහියක්"

"හ්හ්ආ...එහෙම වෙන්නෙ කොහොමද"

මට පොඩි හිනාවක් ගියේ මට මේ වගේ වෙලාවල් වලදි හැසිරෙන්නෙ කොහොමද කියල තේරුමක් නැති වෙද්දි.ඒ දේට මහීශටනම් තරහ ගියාදත් මන්ද.

"එහෙම තමා!"

"හරි හරි..දැන් අපි එලියට යමු..ආන්ටි එයිනෙ "

"අම්මා දැන්ම එන්නෑ.එයා දවල්ට උයනවා පැටියෝ...film එකක් බලමුද?"

"අනේ හා"

"එහෙනම් උඩට යන්.."

"ඇයි සාලෙ නෙවේද බලන්නෙ?"

"සාලෙ බලන්න ඕන්නෑ.උඩ කාමරයක් තියනවා. ඒකෙ tv එකක් තියනවා.අපිට තනියම ඉන්න පුලුවන් ම්ම්"

"ආහ්.. හරි"

මහීශා ඒ කියලා මගේ අත අල්ලගෙන සාලෙට යද්දි එයා කෑ ගහලා ආන්ටිට කිව්වෙ අපි උඩට යනවා කියලා.පස්සේ මහීශා මාව එක්කන් ගියේ පොඩි ලී පඩිපෙලක් නැගලා යන්න තියන උඩතට්ටුවකට. ඒක හරියට ඇටික් එකක් වගේ.ඒ වුණාට ඒක කාමරයක්.තනියම කෙනෙක්ට වෙනම ඉන්න පුලුවන් විදිහට හදපු එකක්.

මහීශයි මායි ඒ කාමරේ ඇතුලට ආවම මන් එතන තිබ්බ ඇදෙන් ඉදගද්දි මහීශා දොර ලොක් කරලා tv එක දැම්මා.

Share This Chapter