Back
/ 27
Chapter 13

💙බැඳීම

සුසුම්.

මෙතෙක් වුණු කුලුදුල් දේවල්වලින් හොදටම මත් වෙලා සිහියක් නැතුව සෙනුලි තවමත් ඇදේ වැතිරිලා නිදි.මහීෂා එලියට ගිහින් විනාඩි දෙකකින් වගේ ආයෙත් ඇතුලට ඇවිත් දොර වහලා ඇදෙන් ඉදගත්තෙ කිරි තේ දෙකකුත් අතේ තියාගෙනයි.මහීශා කෝප්ප දෙකම ළඟ ස්ටූල් එකෙන් තියලා සෙනුලි ගාවට ගියා.ඇද උඩින් දණිස් තියලා සෙනුලිව උස්සල අරන් තමන්ගෙ පපුවට හේත්තු කරගෙන මහීශා ඇදේ හෙඩ්බෝර්ඩ් එකට හේත්තු වුණා.

"සෙනුලි..නැගිටින්නකො "

තවමත් සෙනුලි අඩ නින්දේ. මහීශා සෙනුලිගෙ කොණ්ඩ ගස් අතරින් ලාවට ඇඟිලි යවමින් සෙනුලිගෙ නලළට හාද්දක් තිබ්බා.

"කෝ නැගිටින්න"

"ම්ම්හ්...හ්ම්."

"තේ බීලා ඉන්න"

"අනේ..ම්ම්"

"අනේ නෙවෙයි කෝ .දැන් දවල් වෙලත් එක්ක"

ඒ කියද්දිනම් සෙනුලි එකපාරට ඇස් ඇරලා ඇදේ කෙලින් වුණා.

"වෙලාව කීයද?"

"11 යි"

"තාත්තා...ආවද?"

"අන්කල් තාමනම් ආවෙ නෑ. අම්මට කතා කරනවද?"

"හ්ම්.."

"හරි තේ එක බීලා ඉන්නකො"

මහීශා ඒ කියපු ගමන් සෙනුලිට තේ එක දුන්නා. සෙනුලි ඇදට හේත්තු වෙලා තේ එක බොන්න ගද්දි මහීශා සෙනුලිගෙ අම්මට එයාගෙ phone එකෙන් කෝල් එකක් අරන් සෙනුලිට දුන්නා.

"හෙලා අම්මා"

"ආහ්..කීයටද එන්නෙ?"

"තව පැයකින් විතර එන්නම්. ඇන්ටි දවල්ට කෑමත් හදනවා. කාලා එන්නම්"

"තාත්තා කතා කරා. එයා ටවුමට ගියා කිව්වා. ඉක්මනට එන්න ගොඩක් වෙලා ඉන්නෙ නැතුව "

"හරි"

"දැන් ඔය මොකද කරන්නෙ?"

ඒ ප්‍රශ්නෙට නම් දෙන්නම මූණෙන් මූණ බලා ගත්තෙ දෙන්න උත්තරයක් හිතා ගන්න බැරුව. ඒ වෙද්දි සෙනුලිගෙනම් කම්මුල් හොදටම රතු වෙලා තිබ්බා.මහීශා කට කොනින් හිනා වෙලා එයාගෙ තේ එක බොන්න ගත්තා.

"මේ film එකක් බලනවා"

"හාහා...මන් තියන්නම්. ඉක්මනට එන්න"

"හරි"

"ක්හ්ම්"

සෙනුලි ලාවට උගුර පාදලා phone එක පැත්තකින් තිබ්බෙ හොරෙන් මහීශා දිහාත් බලමින්.සෙනුලි තමන්ගෙ යටි තොල දත් අතරට මැදි කරගෙන ලැජ්ජාවෙන් තේ එක බොන අතරෙ හිමින් මහීශා දිහාවට හැරුණා.

"මේ...මට ඔයාගෙ එකෙනුත් ටිකක් දෙන්නකෝ!"

ඒ ඉල්ලීමට මහීශා තේ එක කට ළගම තියා ගෙන ඇහි බැමක් උස්සලා සෙනුලි දිහා බලද්දි සෙනුලිනම් ඉක්මනින් මහීශගෙ කෝප්පෙ අරන් ඉවරයි.

"ඉව්...මේකෙ සීනි නෑනෙ!!"

සීනි නැති තේ එක කට ගාලා මූණ ඇද කරගත්ත සෙනුලි දිහා මහීශා බලන් හිටියෙ මූණේ හිනාවකුත් රඳවගෙන.

"මන් සීනි දාලා බොන්නෑ "

"එහෙමද? ඒකත් හොදයි..healthy නෙ"

"හ්ම්.."

"මේ..."

"ම්ම්?"

සෙනුලි ටිකෙන් ටික මහීශා ගාවට ඇවිත් මහීශගෙ අස්සටම ගුලි වෙද්දි මහීශා අත් ඈත් කරලා සෙනුලිව තද කරගත්තා.

"මට පිස්සු වගේ ඒයි"

"ඒ මොකෝ?"

"ඔයානම් මාරයි. මන් කවදාවත් මට දැනිලා නැති හැඟීම් මට දැනෙන්න දෙන්න ඔයාට මොකක්හරි බලයක් තියනවද?"

"හ්ආ...මොකා?"

මහීශා හිනා වෙලා සෙනුලිගෙ ඇස් දිහා බැලුවා.ඒ ඇස් එකට ගැටෙන හැම මොහොතකම දෙන්නම නිහඬයි. ඒ නිහඬතාවය ගොඩක ලොකු කතාවක් කියන බව දෙන්නම දැනගෙන හිටියා.

"මට එහෙම බලයක් නෑ බබා. ඒත්, මන් හිතන්නෙ ඒ බලේ තමා ආදරේ!"

"ආදරේ?"

"අපි ආදරේ කරනවා. ඒ ආදරේ එක්ක රාගය එකතු වුණාම ඒක වෙනම මැජික් එකක් තමයි.හැබැයි ඒ රාගය ආදරයේ නාමයෙන් එන්න ඕන දෙයක්. ආදරේ නැති තැන රාගය වේදනාවක් විතරයි."

මහීශා කියන හැම වචනයක් ගානෙම ඒ එකට ගැටෙන දෙතොල් දිහා සෙනුලි බලන් හිටියෙ අඩවන් වුණු ඇස් වලින්.මහීශගේ කටින් පිට වෙන වචනයක් වචනයක් ගානෙ සෙනුලිට දුන්නෙ ඇඟම හිරි වට්ටන්න හැඟීමක්. ඉතින්, සෙනුලි මහීශගෙ තොල් උඩින් තත්පර කිහිපයක හාදුවක් තියලා ඈත් වෙලා මහීශගෙ ඇස් දිහා බලන් හිටියා.

"මන් ආදරෙයි ඔයාට!"

සෙනුලි හීන් හඬකින් මිමිණුවා.

"මන් දන්නවා"

මහීශා තම තොල් සෙනුලිගෙ නලළ මත තද කරා.

"අපි පහලට යන්ද. මට ඔයාට දෙන්න දෙයක් තියනවා"

ඒ කියද්දි සෙනුලිගෙ ඇස් බෝල වුණා.ඉතින් මහීශා කට කොනින් හිනා වෙලා ඇඳෙන් බැස්සා. පස්සෙ සෙනුලිට ඇඳෙන් බහින්න තම අත දිගු කරද්දි සෙනුලි හිමින් මහීශගෙ අත අල්ලන් ඇඳෙන් බැස්සෙ හරියට රාජකීය කුමාරයෙක් කුමාරියට බෝල් නැටුමකට දෙන ආරාධනය හිස මුදුනින් පිළිගත් රාජකීය කුමාරිකාවක් වගේ.ඉතින් ඒ දෙයින් දෙන්නටම හිනා. මහීශා සෙනුලිගෙ ඉණෙන් අල්ලගෙන සෙනුලිත් එක්කම පහලට ගියා.

"දෙන්නා film එක බලලා ඉවරද?"

ඒ වෙද්දි මහීශාගෙ අම්මා දවල් කෑම මේසෙට තියන ගමන් හිටියෙ. ඉතින් බලපු film එක ගැන නම් දෙන්නටම හොදටම මතක ඇති.ඒත් දෙන්නාම මූණෙන් මූණ බලලා හිනා වුණේ දෙන්නගෙම ලැජ්ජාව වහ ගන්න.

"හ්ම්"

ඉතින් ඒ මහීශා. මහීශා හූමිටියක් තියලා සෙනුලිගෙ අතත් අල්ලන් තමන්ගෙ කාමරයට ගියා.

"ඔතනින් ඉඳ ගන්නකො "

මහීශා සෙනුලිට තමන්ගෙ ඇඳ පෙන්නලා එතනින් වාඩි වෙන්න කිව්වා.සෙනුලි වාඩිවෙද්දි මහීශා අල්මාරියේ ලාච්චුවෙන් යම් කිසි දෙයක් එලියට ගත්තා. අරගෙන සෙනුලි ගාව දණගහගද්දි නම් සෙනුලිට කෙල තලියක් ගිලුණෙ වෙන්න යන දේ හිතා ගන්න බැරුව.ඉතින් මහීශා සෙනුලි ගාව දණ ගහගෙන සෙනුලිගෙ වම් අත අල්ලගෙන එයාගෙ ඇස් දිහා බලන් හිටියා.

"මැණික!"

"හ්ම්?"

"මන් ඔයාට ගොඩක් ආදරෙයි. මන් දන්නවා මේ වයසට අපි දුර යනවා වැඩී. ඒත් මට ඒක ගැන හිතන්න ඕන නෑ.මොකද මට ඕන එකම දේ ඔයා. ඔයාවම විතරයි. මාත් එක්ක ඉන්න. මන් ආදරෙයි."

"මහීශා"

ඉතින් මහීශා සෙනුලිගෙ වම් අතේ ඇඟිල්ලකට සිල්වර් පාට මුද්දක් දැම්මෙ සෙනුලිට තමන්ගෙ ඇස්වල කඳුලු පිරෙද්දි.මහීශා සෙනුලිගෙ වෙදැඟිල්ලට මුද්ද දාලා ඒ ඇඟිල්ලටම හාද්දක් තිබ්බා.

"අනේ මහීශා!"

"ම්ම්?..මන් ආදරෙයිනෙ. මගේ සෙනුලි!"

මහීශා හිමින් සෙනුලිගෙ තොල් වලට පහත් වුණේ සෙනුලිගෙ කම්මුල් දෙකම අත්වලට මැදි කරගනිමින්.ඉතින් විනාඩි කිහිපයකින් දෙන්නම තම හාදුවෙන් ඈත් වෙලා නලලට නලල හේත්තු කරගෙන තම ඇස් දිහා බලාගෙන හිටියා.

"සතුටුයිද ඔයාට ම්ම්?"

"ඔව් ගොඩක්!"

"එහෙනම් හරි. මන් දිනුම්"

"ඔව් ඔව් හ්ආ.. ඔයා අපේ ගෙදරත් දවසක එන්න හරිද. "

"හා"

"සෙනුලි, තව දෙයක් තියනවා."

"ඇහ්?"

"අත දෙන්න"

කියපු පමාවට සෙනුල තම වම් අත දික් කරා. මහීශා සිල්වර් පාට හීනි බේස්ලට් එකක් අරන් සෙනුලිගෙ අතට දැම්මා.ඒක දැකපු සෙනුලිගෙ ඇස් බෙස්ලට් එක් වගේම දිලිසෙන්න ගත්තා.ඉතින් සෙනුලි මහීශගෙ බෙල්ල අස්සෙ මූණ ගහගෙන තදින්ම මහීශව බදාගත්තෙ පුදුමාකාර සතුටකින්.ඉතින්,මේක නෙමේද අපි ජීවිතෙ ජීවත් වෙලා ඉන්න කාලේ මොහොතකට හරි බලාපොරොත්තු වෙන සතුට. තමන්ගෙ ආදරණීයන්ගෙන් ලැබෙන පොඩිම හරි මතක සටහන්,ඒකත් හරිම ආදරණීය විදිහට විඳගන්න එක!

"මෙච්චර දෙවල් ඕන නෑ.."

"ඇයි? ඔයාට හැම එකක්ම ලස්සනයි."

"ඒත්?"

"ශ්ශ්"

මහීශා සෙනුලි දෙයක් කියන්න යද්දිම සෙනුලිගෙ තොල් උඩින් ඇගිල්ලක් තියලා ඒක නැවැත්තුවා.ඉතින් සෙනුලි කට උල් කරගෙන මහීශා දිහා බලද්දි මහීශා හිමින් හිනා වෙලා සෙනුලිව නැගිට්ටුවා.

"දැන් කන්න යන්. ටිකකින් ඔයාලගෙ තාත්තත් එයි"

"හ්ම්"

"ඔයා සාලෙට යන්නකො මන් මූණ ටිකක් හෝදගෙන එන්නම්. ඔයාටත් ඕනනම් එන්න"

"නෑ මන් ඉන්නම්. ඔයා යන්න"

"හ්ම්"

ඉතින් ටිකකින් සෙනුලි වාඩි වෙලා හිටිය කෑම මේසෙට එයාගෙ ඉස්සරහින් මහීශා ඇවිත් වාඩි වුණා. එයා අලුත් t shirt එකක් ඇදලා හිටියෙ. ඉතින් සෙනුලි මහීශට හිනා වෙද්දි සෙනුලිගෙ ඇස් ගියේ මහීශා දාන් ඉන්න මාලෙ ගාවට. ඒක කලින් එයා දාගෙන හිටියෙ නැති නිසා එකපාර කැපිලා පෙනුණා.ඒක සිල්වර් පාට හීනි චේන් තියන එකක්. ඒක දිහාවට ඇස් තියන් ඉන්න බව මහීශා දකිද්දි මහීශා ඇහිබැමක් උස්සලා සෙනුලිගෙන් ඇයි කියලා අහද්දි සෙනුලි නැහැ කියලා ඔලුව වනලා කෑම බෙදා ගන්න පටන් ගත්තා.

"මේවත් බෙදා ගන්න දුව"

"හරි ආන්ටි"

ඉතින්,දෙන්නම කාලා ඉවර වුණාට පස්සෙ සෙනුලි හිමීට මහීශා ඉන්න තැනට නැගිටලා ගිහින් ඉක්මනටම බෙල්ලෙ තිබ්බ මාලෙ ඇදලා පෙන්ඩන්ට් එක බැලුවා. ඒකෙ තිබ්බෙ කැපිටල් S අකුර තියන යකඩ කෑල්ලක්. ඉතින්,සෙනුලිට මහ ආඩම්බරකාර හිනාවක් යන්න තත්පරයක්වත් ගියේ නෑ.මහීශත් හිමීට නැගිටලා සෙනුලි ගාවට ඇවිත් සෙනුලිගෙ ඉණෙන් අල්ලගෙන තමන් ගාවට ඇදලා ගත්තා.

"ඒ ඔයා..my S"

ඉතින් සෙනුලි යටි තොල හපාගෙන බිම බලාගත්තෙ මූණට ආපු කෝල් හිනාව මහීශගෙන් හංගගන්න.ඒත් ඒක කරන්න පුලුවන් දෙයක් නෙවේ.මහීශා සෙනුලිගෙ නිකටට අත තියලා හිමීට මූණ ඉස්සුවා.

"අපි නටමුද?"

"ආහ්?"

සෙනුලිට හිතන්නවත් වෙලාවක් නොදී එතන තිබ්බ ස්පීකර් එක on  කරලා සින්දුවක් දාපු මහීශා සෙනුලිගෙ අත අල්ලල ළඟට ඇදලා ගත්තා.ඉතින් දැන් සෙනුලි තමන්ගෙ අත් මහීශගෙ උරහිස උඩ තියාගෙන ඉද්දී මහීශා සෙනුලිගෙ ඉණෙන් අල්ලගෙන හිටියා. ටිකකින් දෙන්නම සින්දුවෙ තාලෙට රිද්මයකට අනුව පැද්දෙන්න ගත්තෙ ඇස් එකට යා කරගෙනමයි.

We go together

Better than birds of a feather,you and me

We change the weather,Yeah

I'm feeling heat in December when you're 'round me...

"ආහ්...අනේ..හාහ්හා"

මහීශා සෙනුලිගෙ අතක් අල්ලල උඩට කරලා සෙනුලිව කරකැව්වා. සෙනුලි ලැජ්ජාවෙන් හිනා වෙනකොට මහීශත් හිනා වෙලා සෙනුලිගෙ පිරුණු වල ගැහෙන ඒ රතු වෙච්ච කම්මුලක් හෙමින් අල්ලගෙන ඒකට හෙමින් තොල් තද කරා.

I've been dancin' on top of cars

Stumblin' out of bars

I follow you through the dark can't get enough

You're the medicine and the pain,the tatto inside my brain

And baby you know it's obvious

I'm a sucker for you....

මහීශා සෙනුලිගෙ කන ගාවට නැමිලා රහසින් සින්දුව මුමුණද්දි සෙනුලිගෙ කන් දෙක රතු වෙලා ඇඟම හිරි වට්ටන කරන්ට් එකක් ඇඟ දිගේ යන්න ගත්තා.ඉතින් මහීශා සෙනුලිගෙ මූණට එබුනා.

"මහීශා!"

"ම්ම්?"

"වෙන් වෙන්න එපා. මාව දාලා යන්න එපා. හරිද?"

"මන් දාලා යන්නෑ. මගේ සෙනුලි ගාවින් මන් ඉන්නවා!"

ඉතින් වෙන් වෙන අන්තිම මොහොතෙ පවා දෙන්නා අතර ඇති වුණ මේ විශ්වාසය දෙන්නගෙම හදවත් ඇතලේ දලුදාන්න ගත්තා. අනාගතය හරිම එලිය විදිහට මවාගන්න පැකිලුනේ නෑ.ඉතින්,ඉස්සරහට මොන දේ ආවත්,සෙනුලි මහීශා දෙන්නා සමාජයට මොන විදිහට පෙනුණත් දෙන්නගෙ අතර තියන බැඳීම කාටවත්ම කඩන්න බැරි වෙයි!!!?

Share This Chapter