Back
/ 27
Chapter 15

💙එහෙම වෙන්න ඕනද?

සුසුම්.

[සෙනුලි pov]

ඉස්කෝලෙ ඇරුණු ගමන් මන් තෙදිනි එක්ක බස් එකට නැගලා ක්ලාස් එකට එන්න ආවා. අද මට හවස සයන්ස් ක්ලාස්.තෙදිනි තමා මාත් එක්ක ක්ලාස් යන්න හැමදාම සෙට් වෙන්නෙ. හිරුශිට අපි යන ක්ලාස් වලට දුර වැඩි නිසා එයා ගෙවල් ළඟ ඒවට යන්නෙ.මන් තෙදිනි එක්ක කයියක් ගහගෙන කඩෙන් කෑමත් අරන් ක්ලාස් එකට ආවා.ඒ වෙනකොට වෙලාව 2.15 ට ඇති. ක්ලාස් පටන් ගන්නෙ 3 ට.ඉතින් අපිට වෙලාව තියන නිසා එලියෙ හිස් ක්ලාස් එකකට ගිහින් කන්න ගත්තා.අපි එක්ක තව ක්ලාස් එකේදි සෙට් වෙච්ච වෙන ඉස්කෝලෙක ළමයෙකුත් ඉන්නවා.

ඒත්,අපි කකා ඉන්න ක්ලාස් එක ගාව පිරිමි ළමයි කට්ටියක් අපි දිහා බලබල කැරෙනවා වගේ තේරුණ නිසා මන් තෙදිනිගෙන් ඇහුවා.

"මේ,ඇයි අරගොල්ලෝ මේ පැත්ත හැරි හැරී බලන්නෙ?"

මන් කියද්දි තෙදිනිත් ඒ පැත්ත හැරිලා බැලුවා.

"අනේ මන්දා! අදුරන කවුරුහරිද සෙනුලි?"

"නෑනෙ"

"හ්ම්"

අපි කෑම කාලා ක්ලාස් එකට එන්න ආවා.අද ඉස්කෝලෙදි මහීශා හැසිරිච්ච විදිහ තාමත් මගේ හිතට වද දෙනවා.එයාට තරහ ගිහින් තිබ්බ හේතුව මට තාම හිතා ගන්න බෑ.මන් කල්පනා කරකර ඉන්න අතරෙ මන් දැක්කා කලින් දැක්ක කොල්ලො සෙට් එක අපේ පේලියට සමාන්තරව ඇවිත් ඉඳ ගන්නවා.ඒකත් මේ පැත්ත බලබලම.මට ඉබේම නලල රැලි වුණේ වෙන දේ හිතා ගන්න බැරුව.

"මේ සෙනුලි !"

මේ අතරේ තෙදිනි මට වැලමිටෙන් ඇනලා කතා කරා.එයා හිටියෙ මට වම් පැත්තෙන්.මන් පිරිමි ළමයි පැත්තෙ.

"ඇයි?"

"මට හශාන් ඔයාට දෙයක් කියන්න කිව්වා"

"හශාන් කිව්වෙ"

"අර කලින් ඉස්කෝලෙ අපේ ක්ලාස් එකේ හිටියෙ. "

"ආහ් ඔව් ඉතින්"

මන් දැක්කා තෙදිනි ටිකක් කලබලයි වගේ.එයා මොකක්ද මට කියන්න යන්නෙ!

"එයාගෙ යාලුවෙක් මෙහෙ බෝයිස් ස්කූල් එකේ ඉන්නවා.අපේ අල්ලපු වැටේ බෝයිස් එකේ හරිද,"

මන් මුකුත් නොකියා අහන් හිටියා.

"එයාගෙ නම චිරාත්! එයා කියලා ඔයාට එයා කැමතීලු.මට කිව්වෙ කියන්න කියලා.කලබල වෙන්න එපා හරිද."

මට ඉබේටම කෙල තලියක් ගිලුනා.මට කවදාවත්ම පිරිමි ළමයෙක් කැමතී කියලා තිබ්බෙ නෑ මීට කලින්.මන් ටිකක් ඒ නිසා කලබල වුණානම් තමා.ඒත්,මන් මොකටද කලබල වෙන්නෙ.මන් හොද හුස්මක් ගත්තා.

"හ්ම්"

"එයා ඉන්නවා අපේ පේලියට එහා පැත්තෙ.ඔයාට එහා පැත්තෙම. "

"ආහ්?"

මන් දන්නෑ මන් ඒ කියපු සැණින් ඒ පැත්ත බැලුවා.මන් දන්නෑ මට බැලුණා.ඕහ්! ඉතින් මට මොකද අනේ.මන් කැමති එයාට නෙවේනෙ.මහීශටනේ.මට ඕන්නෑ ඔය එක්කෙනෙක්වත්. හුම්! මන් බලපු වෙලාවෙම ඒ කොල්ලත් මන් දිහාම තමා බලන් හිටියෙ.මට එකපාරටම ආපු ලැජ්ජාවට මන් අහක බලා ගත්තා.ඒකත් රවලම.ඇයි යකෝ.මෙහේ වෙසක්ද.

"ඉතින්, මට මොකද?"

මන් ගනන් ගන්නෙ නැතුව තෙදිනිට කියද්දි එයා කරේ හිනා වෙන එක.

"ඔයාට මොකද නෙවේ. ඔයා කැමති නැද්ද?"

"නෑ"

"ටික දවසක් යනකන් ඔහොම තමා.පස්සෙ හරි යයි"

"මොනවද!"

මට තරහින් ඇහුවා.මොනවා හරියන්නද?

"එයාට ඔයාව හොදට ගැලපෙනවා.බලන්නකො! එයාත් සුදුයි උසයි.ඔයත් සුදුයි උසයි."

"සුදුයි උසයි? "

මන් ඇහි බැමක් උස්සලා තෙදිනිගෙන් ඇහුවා.

"ඕ"

"එතකොට එච්චරක් ඇතිද?"

"තව මොනවද අනේ."

මට ඇත්තටම කියන්න දෙයක් හිතා ගන්න බැරුව ලතැවුණා. එතකොට යාලු වෙනවා කියලා,කෑමත්ත දෙනවා කියලා මෙයාලා හිතන් ඉන්නෙ පෙනුමෙන් ගැලපෙන එක විතරද?මට ඇත්තටම ඒක එයාගෙන් අහන්න ඕන වුණත් මන් කටවහගෙන තවත් ඔය දේ දුරදිග නොයවා හිටියා.ඉතින්, ඒ දෙයින් පස්සෙ ක්ලාස් එක පටන් අරන් දිගටම උගන්නන එක තමා කරේ.

.

.

.

.

ක්ලාස් ඉවර වෙලා මන් ගෙදර ආවෙ හෙම්බත් වෙලා.එහෙන්ම මන් ඇඟ හෝදගෙන කෑම බෙදාගෙන සාලෙට එනකොට අම්මයි අක්කයි tv බලනවා.මන් පුටුවෙන් ඉඳ ගෙන tv එක බලබම කන්න ගත්තා.ඒ එක්කම අම්මා මට කතා කරන්න ගත්තා.

"සෙනුලි"

"ඕ"

"මොනවද ළමයෝ මට මේ ආරංචි වෙන කතා?"

මන් ඇස් ලොකු කරලා අම්මා දිහා බැලුවේ හිතා ගන්න බැරුව. ඇත්තටම දැන්නම් මට දාඩිය දාන්න ගන්නවා.කන බත් ටික පවා උගුරෙන් පහලට යන්නෑ.මන් එහෙන්ම කන එක නවත්තලා අම්මා පැත්තට හැරුණා.

"මොනාද?"

"මන් ඉස්කෝලෙ ගාව ඉද්දි ළමයින්ගෙ අම්මලා කියන කතා තමා"

"මොනවද අම්මා ඉතින් ඒ කතා?"

"ඉස්කෝලෙ ඔයාලගෙ වයසේ ගැණු ළමයි දෙන්නෙක් යාලු වෙලාලු. ඉස්කෝලෙටත් අවනම්බු වෙන වැඩ කරනවලු"

ඒ දේ ඇහුනට පස්සෙනම් මට ඉන්න තැන හරියට ඉදගෙනවත් ඉන්න හිතුණෙ නෑ.මට හුස්ම ගන්නත් අමතකයි.මට බයයි.මේ මොනාද වෙන්නෙ.මේක මෙහෙම වෙන්න ඕන දෙයක් නෙවේ.අපි වැරැද්දක් කරේ නෑ.මන් කලබල වුණත් ඒ බව පිටට නොපෙන්නා ඉන්න ලොකු උත්සාහයක් ගත්තා.මන් දැක්කා අක්කත් මන් දිහා කණගාටු වෙච්ච බැල්මකින් බලනවා.මන් එහෙන්ම අම්මා දිහා බැලුවා.

"ඉතින් අම්මා?"

"ඉතින් කියන්නෙ.මන් ඒ ළමයි කවුද කියලානම් දන්නෑ.ඒත් මට ඒවා ඇහෙද්දී හරි වරදකාරී හැඟීමක් එනවා සෙනුලි."

මට අම්මා පව් කියලත් හිතුණා. ඒත් එයාට එහෙම හිතෙන්න අනිවා මන් ගැන සැකයක් තියෙන්න ඕනනෙ.ඒත් මන් ඒ ගැන නොතේරෙන්න හැසිරෙන්න වග බලා ගන්න ඕන. මොකද මේවා දැන් මේ විදිහට විසදෙනවට මන් කෙහෙත්ම කැමති නෑ.

"ඇයි අම්මට එහෙම හිතෙන්නෙ?"

"හ්ම්...මන් දන්නෑ. ඔයා වුණත් ඉස්කෝලෙ ඉද්දි පරිස්සමෙන් ඉන්න.ඔය වැරදි වලට අහු වෙලා විනාස වෙයි"

මට කෙල ගිලුණා.ඇත්තටම මට බය මිශ්‍ර කලකිරීමක් දැණුනා.වරදට අහු වෙන්න? විනාස වෙන්න? එතකොට..මන් අහු වෙලා ඉන්නෙ වරදකටද? මට තේරෙන්නෑ.මට මේවා තේරෙන්නෑ.මට කදුලු එන්න ඔන්න මෙන්න තිබ්බත් මන් ඒවා උගුරටම තද කරලා ගිල ගත්තා.මට ඕන්නෑ හැමෝම ඉස්සරහ අඩලා දුර්වලයෙක් වෙන්න.මන් මේවා දරා ගන්නවා.මන් ඒ අත අල්ල ගත්තෙ මේ දේවල් වෙන බව දැනගෙනමයි.

"හ්ම්"

මන් අම්මට හූමිටියක් තියලා බත් එකත් අරන් කාමරේට ගියා.මන් එහෙන්ම දොර වහගෙන මේසෙට ඔලුව තියාගෙන හිටියා.මටත් නොදැනිම මගේ ඇස් බොඳ වෙනවා මට දැනෙනවා.ඔව්!මන් අඬනවා. මට ඇඬෙනවා. ඇයි මට මෙහෙම වුණේ.ඇයි? ඇයි? මට වැටෙන්න බෑ.මන් ශක්තිමත්. අනේ ඒත්,තමන්ගෙ අම්මගේ කටින්ම එහෙම දෙයක් ඇහෙද්දී මට ඒක දරාගන්න පුලුවන්ද දෙයියනේ!!මට ඉකි ගැහෙන්නම ඇඬෙනවා. මන් මගේ අත තදින් හපා ගෙන ඒ සද්ද නතර කර ගත්තා. මගේ මුලු ඇස් දෙකම අඬලම ඉදිමිලා වගේ.වටේම බොඳ වෙලා පේන්නෙත් නෑ.මන් එහෙන්ම කෑම එක වහලා තියලා ඇඳට ඇවිත් හාන්සි වුණා.සිවිලිම දිහා බලාගෙන මන් ඔහේ කල්පනා කරා.මොනව වෙයිද ඉස්සරහට.අපිට වෙන් වෙන්න වෙයිද? අපි අපිට දුන්නු පොරොන්දු,තියාගත්ත බලාපොරොත්තු හුළඟට ගහන් යන වරා මලක් වගේ ගහගෙන යයිද? ඒත් ඒවා ගහගෙන යන්න තරම් සැහැල්ලුද? මන් ඔහේ උඩ බලන් කල්පනා කර කර ඉඳලා ටිකකින් ආයෙත් හොද සිහියට ඇවිත් ඇඳේ ඉදගත්තා.පස්සෙ හොද හුස්මක් අරන් පහලට දාලා බත් එක කන්න ගත්තා.මට වැටෙන්න බෑ.මන් දරා ගන්නවා.මොන දේ ආවත් මන් දරා ගන්නවා.එච්චරයි!

.

.

.

.

.

අද සිකුරාදා.අපි සිල් ගන්නයි යන්නෙ.හැමෝටම ඉස්කෝලෙන් කියලා තිබ්බෙ ළමා සාරි ඇඳන් එන්න කියලා.මන් කොහොමත් 7 වසරට වෙනකන් දහම් පාසල් ගියා.ඒවුණාට ඒ කාලෙ ළමා සාරි දැන් දාන්නවත් බෑ.ඒ නිසා අලුතෙන් එකක් මහන්න වුණා.මන් උදෙන් නැගිටලා වත්තෙන් වතුසුද්ද මල් ටිකකුත් කඩා ගෙන යන්න ලෑස්ති වුණා.ඒ එක්කම අම්මා මන් ගාවට ආවා.

"දැන් සිල් ගත්තා කියලා යාලුවො එක්ක එහෙ මෙහෙ දුවන්න එපා.ඔය රෙද්දක් ඇදන් පැටලිලා වැටෙයිවත්"

"හරි හරි. දුවන්නෑ. "

"ඒක නෙවේ. මට දෙයක් කියන්න තියනවා සෙනුලි"

මන් හිමින් අම්මගෙ පැත්තට බෙල්ල හැරෙව්වෙ මල් කඩ කඩ ඉද්දිමයි.

"අර මහීශා කියන කෙල්ල එක්ක වැඩිය කතාවට යන්න එපා.මට ඒ කෙල්ලව එච්චර අල්ලන්නෑ."

මන් එහෙන්ම හිටිය තැනම ගල් වුණේ දැන් ඇහිච්ච දේ එක්ක.මගේ පපුව පුරා රිදිල්ලක් ඇවිත් මුලු ඇඟම එක පාරට ගල් වුණා වගේ මට දැණුනෙ.ඒත් මන් හැඟීම් විරහිත බැල්මකින් අම්මා දිහා බලන් හිටියා.

"ඇයි ඒ ?"

"ඇයි කියන්නෙ.ඔය දෙන්නා ඕනවට වැඩී දැන්. මට මේ ටිකේම තේරුණා.මන් ඒත් කට වහන් හිටියේ. ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ. තේරුණාද? යාලුවෝ කියලා ඔච්චර උඩ දාගන්න ඕන්නෑනෙ "

අම්මා ටිකක් සැරින් වගේ අත් දෙකත් පිටි පස්සට බැඳගෙන කියද්දි නම් මට බය හිතුණා.ඒත්,අපි යාලුවො නෙවේනෙ.මන් එයාට ආදරෙයිනෙ  අම්මෙ! මට එහෙම කියන්න ඕන වුණත් කට පියාගෙන අම්මා කියපු දේට ඔලුව වනලා හිටියා.මට මෙතනදී කියන්න කිසිම දෙයක් නෑ තමා.

අම්මා කියපු දේවල් එක්ක මගේ දවසම අප්සට් වුණත් සිනා මුසු මුහුණින් මන් ගියේ සිල් ගන්න.උදේ යනකොට ළමයි හැමෝම සුදු ඇඳගෙන වැඩ.මන් මල් වට්ටියත් බාර දීලා පන්තියට ගියා.පන්තියට යනකොට මහීශා ඉන්නවා හිරුශියි,කල්පනීයි එක්ක කදේ දාගෙන.මන් ආවා කියලා දැක්ක ගමන් මහීශා මට හිනා වුණා.මාත් එයාට හිනා වෙලා එතනට ගියා.

"හායි!"

"හායි"

මායි මහීශයි දෙන්නට දෙන්නා රහසින් වගේ හායි කියනකොට මන් දැක්කා හිරුශි ඉනට අත් දෙක තියන් අපි දෙන්නා දිහා බලන් ඉන්නවා.මට ඒක දැකලා නම් හිනා.

"හරි හරි ඔහොම යමන්"

මන් ඉතින් හිරුශිට පල් හිනාවක් දීලා එයාලා හද හද හිටපු ලොකු මල් වට්ටිය හදන්න මාත් උදව් වුණා.මහීශා ළමා සාරියට ඇත්තටම ලස්සනයි.ඒත් මන් හිතනවා එයා ඒක ඇදින්නැත්තෙ අකමැත්තෙන් කියලා.මට මූණෙන් කියන්න පුලුවන්..හිහී..

පන්තියෙ ළමයි හැමෝම මැද මිදුලට ගියේ සිල් ගන්න එතනට එන්න කියලා තිබ්බ නිසා.අපි සෙට් එකත් අන්තිමට වගේ යන්න ලෑස්ති වෙනකොටම මහීශා මගේ අත අල්ලගෙන මාව නවත්තගත්තා.මන් පිටිපස්ස හැරිලා බලද්දි මහීශා කිව්වා මට ඉන්න කියලා.ඉතින් ,එයා ඒ කියලා අපි ඉන්න ඩෙස් ගාවට ගිහින් බෑග් එකෙන් මොනවද අදිනවා වගේ දැක්ක නිසා මාත් එතනට හිමීට ගියා.

එක පාරට ලොකු බෑග් එකක් මහීශා මට දික් කරා.මන් ඇස් ලොකු කරලා පුදුමෙන් වගේ බලන් හිටියෙ ඒ මොකක්ද කියලා හිතා ගන්න බැරුව.

"මොකක්ද මේ?"

"අරන් බලන්න"

මන් ඒක අරගෙන දිග ඇරලා බලද්දි තමා මට කෑ ගහන්න හිතුණෙ.අනේ ඒක ටෙඩි බෙයාර් කෙනෙක්.ටිකක් ලොකු රෝසම රෝස පාට බෙයාර් කෙනෙක්.කියුට්! මට මටත් නොදැනිම ලොකුවට හිනා ගියා.ඇත්තටම මන් ආසයි.මහීශවනම් හපලා ගිල්ලත් මදි අප්පා මට.ඇයි එයා මෙච්චර දේවල් මට දෙන්නෙ.මට ඒ දේවල් ඕන නෑ. එයා හිටියනම් හොදටම ඇති.

"මේක?"

"ඔයා ආසයිද"

"ඔව් ඒත්, මේ දේවල් ඕන නෑ මහීශා. සල්ලි වියදම් කරන්න එපා"

"ඔයා ආසනම් එච්චරයි.අනික ඕක ඔයා වගේ නිසාමයි මන් ගත්තෙ."

මොකක්! දැන් මෙයා මට කියන්නෙ මන් ඒ තරම් මහතයි කියලද.මන් ආසම නැති දෙයක් තමා මට කවුරුහරි මහතයි කියන එක. ඒක නිසාම මහීශා හැම තිස්සෙම වගේ මට මහතයි ගගා විහිලු කරනවා. ඒ වෙලාවටනම් දෙන්න හිතයි මේ කෙල්ලට!

"අනේ මේ. මන් මෙච්චර මහත නෑ හරිද!"

"හ්හ්ආ..හාහා..මහත නෑ"

"හුම්! තෑන්ක්ස්"

"ම්ම්"

ඉතින් මහීශා මාවත් ඇදගෙනම පහලට යද්දි ළමයි හැමෝම වගේ මැද මිදුලෙ වාඩි වෙලා.අපි යද්දි හිරුශියි කල්පනී අයිනකට වෙලා අපි එනකම් කයිය ගගහා ඉන්නවා.අපිව දැකලා උන් අපිට අත වනද්දි අපි දෙන්නා එතනට ගියා.

"මේ මහීශා අපිට ඉන්න ඉඩ නෑ බන්. බලපන්. උඹලා ලව් කරලා එනකොට අපිට අහසේ තමා ඉන්න වෙන්නෙ."

"හරි හරි කලබල නොවී ඉන්න."

"අනේ පලයන්!"

"මේ හිරුශි, අපි අතන පඩිපෙලේ ඉඳ ගමුනේ. එතන කවුරුත් ඇත්තෙත් නෑනෙ."

මන් එහෙම කියද්දි නම් කට්ටියම ඒකට කැමැත්ත පල කරා.ඉතින් අපි එතනට යන්න හැරෙද්දිම වගේ අපි ගාවට ළමයි හෙන තොගයක් ඇවිල්ලා අපි එතනම හිර වුණා.හෙල්ලෙන්වත් මේ ඉස්කෝලෙ ඉඩක් නෑ කියලා මන් කලින් කියලා තියනවනේ.මන් ළමයි අතරේ හිර වෙන්න යද්දිම මහීශා මාව එයාගෙ ඉස්සරහට ඇදලා එයාගෙ පපුවට හේත්තු කරගෙන මාව එයාගෙ ඇඟටම තද කරගත්තා.හිරුශියි කල්පනී නම් අපිට එහා පැත්තෙ තැලීගෙන ඉන්නවා. දැක්කමත් හිනා යනවා.පව් හැබැයි!

ටිකක් වෙලා යනකම්ම ළමයි ටික එතනින් ගියේ නෑ.මට ඉන්න අපහසුවක් දැනෙද්දි මන් එහෙට මෙහෙට ඇඹරෙන්න ගනිද්දි මහීශා මගේ ඉණෙන් තද කරලා අල්ලලා මගේ කනට නැමිලා කියපු දෙයින් නම් මගේ ඇඟ දිගේම හිරිගඩු පිපුණා.

"ශ්ශ්...දඟලන්න එපා පැටියෝ..ම්ම්.."

මහීශගේ උණු හුස්ම මගේ බෙල්ලෙ වදිනවා.මට කිති වගේ.ඉතින් මන් එතන හිටියේ හරිම අපහසුවෙන් කිව්වොත් හරි. මොකද අහල පහල ළමයිත්  ඉන්නවා,මැඩම්ලත් ඉන්නවා. අපි දෙන්නව මෙහෙම කවුරුහරි දැක්කොත්!

"යන්නකො අනේ"

"ම්ම්.."

හොඳ වෙලාවට ටිකකින් අපිට එතනින් නිදහස් වෙන්න පුලුවන් වුණා.ඒ කරලා ඉතින් අපි පඩිපෙලට වෙලා සිල් ගත්තා. සිල් කිව්වෙ කයිය තමා ගැහුවෙ ගොඩක්ම. කවද්ද මල්ලේ අපි සිල් ගත්තෙ?

සිල් ඉවර වුණ ගමන් මහීශා මාවත් ඇදගෙන හැමෝටම කලින් පන්තියට ආවා.ඒ එනකොට පන්තිවල කවුරුත් හිටියා කියලනම් මන් හිතන්නෑ. ඉතින්, මන් මහීශගෙ අතින් ඇදලා එයාගෙ තොල් මගේ තොල් එක්ක ඉක්මනින් පටලවගත්තා.අපි තත්පර පහක් වත් එහෙම ඉන්නැති. ඒත් එක පාරට කවුද කෑ ගහගෙන ඇවිත් අපිව වෙන් කරනවා විතරයි මට ඇහුණෙ.

"එපා බන්!!!"

Share This Chapter