Back
/ 27
Chapter 16

💙දැනෙන්නෙත් හදවතකට!

සුසුම්.

සෙනුලි තමන්ගෙ තොල් මහීශගේ තොල් උඩ ඉක්මනින් තියලා වේගෙන් උරන්න ගත්තා.මහීශත් ඒ හරිම පොඩි වෙලාවෙ සෙනුලිගෙ ඉණ තදින් අල්ලගත්තෙ හාදුවට ප්‍රතිචාර දක්මවමින්.ඉතින්,හාදුව අතරෙම මහීශට සිනහවක් ගියේ සෙනුලිගෙ මේ ඉක්මන් නමුත් ආදරණීය පියවර නිසා.ඒත් ඔවුන්ට එහෙම ඉන්න වුණේ තත්පර කිහිපයයි.මහීශගෙ සහ සෙනුලිගෙ හාදුව වෙන් කරන්න එතනට කෑ ගහගෙන ආවෙ වෙන කවුරුත් නෙවේ හිරුශි.

"එපා බන්!!!"

හිරුශි වේගෙන් එතනට ඇවිත් දෙන්නව ඇදලා වෙන් කරත් හරි මහීශා හිරුශි දිහා ඇස් පුංචි කරලා බැලුවා.සෙනුලිටනම් වුණේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව බය වෙලා හිටියෙ.

"පිස්සුද උඹලට. අතන දිල්ශි ඉන්නවා බල්ලනේ!! ඒකි දැක්කා උඹලව!"

හිරුශි කියපු දේ නිසා සෙනුලි විතරක් නෙවේ මහීශත් ගැස්සිලා වම් පැත්තෙ ක්ලාස් එක දිහා බැලුවා.ඉතින්,ඒ එයාලගේ අල්ලපු ක්ලාස් එක.දෙන්නම උඩට එනකොටනම් කවුරුත් ඉන්න බවක් දෙන්නම නොදැක්කත්, දැන් බලද්දි පන්තියේ කොනේම uniform ඇඳන් ඉන්න ළමයෙක් ඇසුත් ලොකු කරන් මේ පැත්ත බලන් ඉන්නවා.ඉතින්,ඒ වෙලාවෙදිනම් සෙනුලිට දාඩියත් දැම්මා.මහීශා කරේ ලොකු හුස්මක් පිට කරලා සෙනුලි ගාවට ගියපු එක වෙද්දි සෙනුලි තාමත් දිල්ශි දිහා ඇස් ලොකු කරන් බයෙන් බලන් ඉන්නවා.එතන කට්ටියගේ ඒ ඇතිවෙච්ච ආතතිය වටේටම තියෙන්නැති. මොකද දැන් දැන් පන්තියට ළමයි පිරෙන බව එයාලටත් ගානක් නෑ.ඒ අතර කල්පනිත් හිනා වේගෙන පන්තියට එනකොට කට්ටියගේ මූණු දැකලා හිනාව දිය වෙලා ගියේ හරියට අයිස් ක්‍රීම් එකක් වගේ.

"මොකෝ මේ?"

"මන් කිව්වනේ මුන් කවදහරි නාගන්නවා කියලා.අද නාගත්තා බන්"

හිරුශි තරහින් නමුත් දුකින් කියද්දි කල්පනී කපල් එක දිහා බැලුවා.

ඒත්,දිල්ශි තාමත් මේ පැත්ත බලන් ඉන්න නිසා මහීශා කරේ සෙනුලිගෙ අතින් අල්ලගෙන සෙනුලිව තමන් ගාවට ගත්ත එක.

"බේබි!"

සෙනුලි,මහීශා කතා කරාට පස්සෙ හිමින් මහීශා දිහා ඇස් අස්සෙන් බැලුවෙ,මොකද මහීශා මේ වෙනකොට සෙනුලිගෙ බෙල්ල ගාවට නැවිලා නිසා.

"මහීශ්..ශා"

"Don't be afraid right?"

මහීශා දිල්ශිට අභියෝගාත්මක බැල්මක් දීලා සෙනුලිවත් ඇදගෙන පන්තියට ගියා.වටේ අයත් බලනවා මෙතන මොකද වෙන්නෙ කියලා. ඒත්,ඒ ගැන වගේ වගක් නැති හතර කට්ටුවම ඇවිත් වාඩි වෙලා මුකුත් නොවුණ ගානට හිටිය එකෙන් අනික් අයත් ආයෙම තම තමන්ගෙ වැඩ වල යෙදුණා.

"මහීශා!"

සෙනුලි මහීශගෙ අත අල්ලල කතා කරේ හරිම හිමින්.

"ම්ම්?"

"මට බයයි නෙ"

"මන් දන්නවා"

"ඉතින් අපි මොකද කරන්නෙ?"

"මොකක්ද දැන් ඔයාට කරන්න ඕන?"

"ම්ම..ට..."

"ශ්ශ්ශ්..වෙන්න ඕන දේවල් ඒ විදිහට වෙයි සෙනුලි. ඔයා බය නැතුව ඉන්න."

"අපි කියමුද?"

සෙනුලි කියපු දේට මහීශා ඇස් ලොකු කරලා සෙනුලි දිහා බැලුවෙ ටිකක් බය වෙලා.

"ආහ්?"

"අපි ගැන?"

"කාටද?"

"එයාලට"

"වටේටම කිය කිය යන්නද හදන්නෙ? කට පියාගෙන ඉන්නවා සෙනුලි!"

මේ වතාවෙදිනම් මහීශා සෙනුලිට සැර කරපු විදිහ ටිකක් දරුණුයි.මහීශා කෑ ගහපු හැටියට සෙනුලි බය වෙලා බෙල්ල නවාගත්තෙ ඇස් වලට උනපු කදුලු හංගගන්න වුණත් මහීශගෙන් ඒවා හංගනවා බොරු. ඉතින්,සෙනුලිට තමන් අල්ලන් හිටපු මහීශගේ අත තද වුණේ ඇතිවුණ බයටත් එක්ක.ඒත් මහීශා තමන්ට ආපු තරහට සෙනුලිගෙ අත අතැරල පන්තියෙන් යන්න ගියේ කාටවත්ම මුහුණ නොදී.ඉතින්,මහීශගේ මේ හදිසි හැසිරීම හිරුශිටනම් ලොකු පුදුමයක්.

"ඒ..මොකද බන් වුණේ? ඇයි මහීශා ගියේ?"

මේ වෙනකොටත් සෙනුලි තමන්ගෙ කදුලු හංගන්න ඔලුව පහත් කරගෙන හිටියත් හිරුශි නිසා එයා ඔලුව උස්සලා බැලුවා.ඒ වෙනකොට සෙනුලිගෙ ඇස්වල කදුලු දැකපු හිරුශි කලබලෙන් ඇවිත් සෙනුලි ගාවින් වාඩි වුණා.

"අඩෝ ඇයි බන් මේ?

"මුකුත් නෑ"

සෙනුලි මුකුත් නෑ කියමින් කදුලු අතරින්ම හිනා වුණා.

"අනේ පලයන් බන්! මුකුත් නැති වෙන්න නම් අඬන්න ඕනද?"

"ඔව්"

"අනේ මේ..කියපන්කෝ කේස් එක මොකක්ද? කලින් වුණ දේද? ඕක බන් දිල්ශි දැක්කා කියලා අවුලක් නෑ. වැඩිය හිතන්න එපා."

"හ්ම්...හිරුශි!"

"ඕ"

"මට කියන්න ඕන"

"ආහ්?"

ඉතින් සෙනුලි මේ මොනවා ගැන කියනවද කියලා අදහසක් නැති හිරුශි මූණත් ඇද කරලා සෙනුලි දිහා බැලුවා.ඒ බැල්මටනම් සෙනුලිටත් හිනා ගියා.

"අපි ගැන"

"සිරාවට!"

"ඔව්! මට මේක තවත් හංගන් ඉන්න බෑ. ඒක ලොකු පීඩනයක්. අපි මොකටද මේක හංගන්නෙ ආහ්? ඇයි අපි කාටවත් බය වෙන්නෙ. අපි ආදරේ කරන එකට බය වෙන්න ඕනද?"

සෙනුලි ලොකු තරහකින් අත මිට මොලවගෙන ඇස් රතු කරගෙන මේ කියන දේවල් දිහා හිරුශි වගේම කල්පනිත් අහන් හිටියෙ හරිම සංයමයෙන්.

"මට කියන්න බන්! ඇයි? ඇයි? එහෙම වෙන්න ඕන. අපි කෙල්ලොම දෙන්නෙක් නිසාද? ඒක අනික් අයට අප්පිරියයිද ආහ්? මට කියන්න..."

"..............."

"මට ඇහුනා මට ඇහෙන්න සමහර ළමයි මට hint ගහනවා.ලෙස්බියන් කෙල්ලොනම් අප්පරියයිලු,සමලිංගිකයොලු, ඒඩ්ස් හැදෙයිලු.මොනවද මේ ආහ්?මේකද ආදරේ කියන්නෙ. මට කියපන් බන්. මට මේවා දරා ගන්න බෑ.මට මැරෙන්න හිතෙනවා.අම්මත් කියනවා මේවා වැරදි වැඩලු,නාස්ති වෙනවලු. එතකොට මන් එයාට ආදරේ කරපු එකද මෙතන ලොකුම වැරැද්ද ආහ්?"

"සෙනුලි! මේ අහපන්කො..මෙතන කෑ ගහන්න ඕන්නෑ. අපි යන්කො එලියට ම්ම්...වරෙන්කො"

හිරුශි සෙනුලිව ඇදගෙන එලියට ගියත් හරි කල්පනිත් එයාලා පස්සෙන් ආවා.කොරිඩෝව අයිනටම ඇවිල්ලා හිරුශි සෙනුලිගෙ උරහිසින් අල්ලලා සෙනුලි දිහා බැලුවා.

"අහපන්කො..උඹට ඕනෙනම් කියපන්.මන් බල කරන්නෑ.ඒත්,මන් නම් හිතන්නෙ ඒක තමා බන් අපේ සමාජෙ.අපිට ඒක වෙනස් කරන්න බෑ.උඹලා කරන්නෙ කොහහෙත්ම වැරැද්දක් නෙවේ.ඒත් අපි ඉන්නෙ ලංකාවෙනෙ බන්"

"හ්අ"

සෙනුලි තමන්ටම මහ අවනම්බුවක් දැනුණ විදිහට හිනා වෙලා අහක බලා ගත්තෙ ඇඟ ඇතුලෙන් ආපු තරහ පාලනය කර ගන්න. ඔව්! කවදාවත් නැතුව සෙනුලිට තරහ ගිහින්. මේ දේවල් එයාට දරා ගන්න බෑ.එයාට ඕන නිදහසේ ආදරේ කරන්න මිසක් හැංගෙන්න නෙවේ.ඒත් ඒකට හරිම වේදිකාව නෙවෙයි සෙනුලිට හම්බුනේ.

"උඹ දැන් ඕක කිව්වත් එකයි නැතත් එකයි බන්. කොහොමත් දැන් සෙක්ශන් එකේම ඕක ගිහින් ඉවරයි.තව ටික දවසකින් ඉස්කෝලෙටම යයි.මේ ළඟදි බුද්ධිනි මගෙන් ඇහුවා උඹලා දෙන්නා යාලුද කියලා.මන් මොනවත් නොකියා හිටියා බන්. මන් කියලා මොනා කරන්නද!"

"අනික අද වුණ දේ නිසා ඒ දේ තවත් තහවුරුයි නෙ බන්.අනේ මන්ද උඹලටත්. හැමිනෙන්න ගියාම ඉන්න තැන ගැනවත් හිතපන්!"

හිරුශි වේගෙන් වේගෙන් කියවන් යද්දි සෙනුලි කරේ බැල්කනි එකෙන් පේන ඉස්කෝලෙ දිහා විඩාබර ඇස් වලින් බලන් හිටපු එක.ඒ අතරේ කල්පනිත් ඒකට හවුල් වුණා.

"සෙනුලි, මගෙනුත් ළමයි ඇහුවා ඔය දෙන්නා ගැන. අපිට දෙන්න උත්තරත් නෑ.උඹලා ගැන අනික් එවුන්ට කියලා පාවලා දෙන්න බෑනෙ බන් අපිට.මන් හිතන්නෙ දෑන් හැමෝම දන්නවා කේස් එක"

"හ්ම්"

සෙනුලි හූමිටි තිබ්බෙ ඒ කිසිදෙයක් ගනන් ගන්න පාටින් නෙවේ වෙද්දි හිරුශි ආයෙත් කතා කරන්න ගත්තා.

"උඹට ගානක්වත් නැද්ද බන්?"

"නෑ"

කිසිම පැකිලීමකින් තොරව සෙනුලි මේ දෙන උත්තර නිසා හිරුශි වගේම කල්පනිත් අන්දුන් කුන්දුන් වෙලා හිටියෙ.ඒ දෙන්නා මූණට මූණ බලා ගත්තෙ වෙන දේවල් හිතා ගන්න බැරුව.

"මහීශා ගියා..එයා කොහෙද ගියේ"

සෙනුලි එක පාරට අහන්න ගත්තා.

"දන්නෑ බන්..අපි වොශ්රූම් පැත්තෙ ගිහින් බලමු වරෙන්කො එහෙ ඇති"

"හ්ම්"

ඉතින් තුන් දෙනාම වොශ්රූම් වලට යද්දි මහීශවනම් ඒකෙන්වත් හොයා ගන්න බැරි වුණා.අනිත් එක වොශ් රුම් එකේ ළමයි මේ වෙලාවෙ පිරිලා හිටියා වෙද්දි මහීශා ඔතන කොහොමත් ඉන්න විදිහක් නෑ.ඉතින් එයාලා එතනින් යන්න හැරෙද්දිම වගේ ළමයි කට්ටියක් එයාලා ගාවට ආවා.

"ආහ්..බන්ලා...! කොහොමද ?"

ඒ ඇවිත් හිටියෙ නම් සෙක්ශන් එකේම රැඩිකල්ම චරිත ටික කිව්වොත් වැරදි නෑ.මොකද කව්ශිකා, සඳුනි,නිමේශා කිව්වම ඉස්කෝලෙ කාගෙත් මූණ ඇද වෙන තැනට එයාලා එයාලගේ චරිත බොහොම හොදට හදාගෙන තිබ්බා!මේ අය දැන් මේ කතා කරන්නෙ මොන අරමුණකට ද කියන්නනම් සෙනුලි තියා කවුරුත් දන්නෑ.කොහොම වුණත් හිරුශි කව්ශිකාව ඉස්සර ඉඳන් අඳුරන නිසා කතා කරා වෙන්නැති කියලා සෙනුලි ගානක් නැතුව හිටියා.ඉතින් අහපු දේට උත්තර දුන්නෙත් හිරුශි.

"කොහොමද බන්"

"උඹලා දැන් අපිව දැක්කත් මග හරින සීන් එකක් නෙ තියෙන්නේ මචන්.ඇයි,අලුත් යාලුවො හොඳද ආහ්?"

"එහෙම නෑ බන් ඉතින්. අපි හම්බෙන්නෑනෙ වැඩිය නේ?"

"නෑ නෑ...එහෙම නෙවේ ඉතින්. අලුත් ස්ටයිල් එකේ යාලුවො හම්බුනාම උන්ව ලොකු වෙනවා තමා.නැද්ද බන්"

කව්ශිකා කිණ්ඩියට වගේ අනික් අය එක්ක හිනා වෙද්දි නම් සෙනුලිට තද වෙන්න ඔන්න මෙන්න. ඒත්,කල්පනී සෙනුලිගෙ අත අල්ලගත්තෙ කලබල වෙන්න එපා කියමින්.

" ඒ කිව්වෙ උඹ මොකක්ද ඒකෙන් අදහස් කරේ?"

හිරුශිත් ටිකක් තදින් අහද්දි කව්ශිකා කට කොනින් හිනා වෙලා සෙනුලි දිහා බැලුවා.

"කෙල්ලො ගහන එවුන්!"

ඔව්! ඉතින් ඒක තමා සෙනුලිගෙ සීමාව.තවත් නම් ඉවසන්න බෑ. ඉතින්,බැරිම තැන සෙනුලි තරහින් කව්ශිකාගෙ ඇස් දිහා බලලා ඉස්සරහට ගියේ කිසිම බයක් නොපෙන්වමින්.

"මොකක්ද තමුසෙ කිව්වෙ?"

"ඇයි?..මන් වැරදිද? ඔච්චර ලස්සන රූපයක් තියාගෙන කෙල්ලෙක් මත්තෙ නැහෙන්න ලැජ්ජ නැද්ද? තුහ්!"

සෙනුලි ඉස්සරහට කව්ශිකා කෙල ගහන්න වගේ කරපු දෙයින් සෙනුලිගෙ ඇස් වලට කදුලු ඉනුවා. ඔව්! එයාට මේ දේවල් දරා ගන්න දැන්නම් කොහෙත්ම බෑ.ඒ වගේම තමා මේ ඇහෙන බොරු කතා තවත් එයාට විශ්වාස කරන්න ඕන නෑ.ඉතින්,සෙනුලිට තවත් කව්ශිකාගෙ ඇස් දිහා බලන්න බෑ.ඒත් එයාට පැරදෙන්න බෑ. ඉතින්,ආයෙමත් සෙනුලි ඇස් දෙක තද කරලා හොද හුස්මක් අරන් පිට කරලා කව්ශිකාගෙ ඇස් දිහා බැලුවෙ සමච්චලේට හිනා වෙමින්.ඒ බැල්මට කව්ශිකා වගේම ඒ පැත්තෙ අනික් කෙල්ලන්ටත් පුදුම හිතුණා.

"ඔව්! මන් කෙල්ලො ගහනවා..හැබැයි ගහන්නෙ එක කෙල්ලෙක්ට...ජීවිතේටම එකයි.තමුසෙලා වගේ වටේටම ගගහ යන්න මන් වල් වැදිලා නෑ"

සෙනුලි හුස්මක්වත් නොගෙන ඒ කියපු දේ නිසා කව්ශිකාගෙ විතරක් නෙවේ එතන හිටිය හැමෝගෙම ඇස් ජිල් බෝල වගේ ලොකු වෙන්න එච්චර වෙලා ගියේ නෑ.

"මොකද්ද!"

"ඇයි? තමුන් අහපු දේට තමා උත්තර දුන්නෙ"

"ඒ කියන්නෙ තමුසෙ..එහෙමයි.ඇත්තටම එහෙමයිද?"

"මොකක්ද දැනගන්න ඕන?"

"කවුද ඒ?"

කව්ශිකා සැකෙන් නමුත් තරහින් අහද්දි සෙනුලි කරේ තවත් සම්ච්චලේට හිනා වෙන එක විතරයි.

"තමුන්ට මොකටද?"

"මහීශද?"

කව්ශිකා ඒ අහපු දෙයින් සෙනුලි යම්තාක් දුරට ගැස්සුනත් ඒ බව පිටට නොපෙන්නා ඉන්න ලොකු උත්සාහයක් ගත්තා.

"කියපන්!! මහීශා සෙබෙස්තියන් ඩයස්ද ඒ!!"

තවමත් සෙනුලි නිහඬයි. ඒවගේම තමා හිරුශියි කල්පනිත් නිහඬව මේ දිහා බලන් හිටියේ කටත් ඇරගෙන.

"ඔව් ඇයි?"

අන්තිමේ සෙනුලි ඇත්තම කියන්න තීරණය කරා.ඒත් ඒ උත්තරය දුන්නත් හරි හිරුශි තදින් ඇස් දෙක වහගත්තෙ බය වෙලා.ඒත් සෙනුලිගෙ ඇස් වලනම් බයක් කියල නාමයක් ගෑවිලා තිබ්බෙ නෑ.ඒ උත්තරය කිව්වත් හරි කව්ශිකා හිනා වෙන්න ගත්තා.

"මන් දැනගත්තා..ඕකි තමුසෙ පස්සෙ යද්දි"

"ඉතින් තමුසෙට මොකද මන් පස්සෙ කවුරු ආවත්"

"තමුසෙට මම!!!"

කව්ශිකා තරහින් සෙනුලි ගාවට ලං වෙන්න ගියත් ඒක කරන්න පුලුවන් වුණේ නෑ. මොකද එතනට ආවෙ එතනට එයි කියලා හිතන්නවත් බැරි කෙනෙක් වෙද්දි හැමෝම සෙනුලිගෙ පිටිපස්සට ඇස් යොමු කරා.

"මොකදෙ මෙතන වෙන්නේ?"

ඒ ඇවිත් හිටියෙ මහීශා වෙද්දි සෙනුලිගෙ පිටිපස්සෙ ඉදන් uniform එකේ සාක්කු දෙකට අත් දෙකත් දාගෙන ඇහිබැමක් උස්සන් හිටිය මහීශා දැකලා සෙනුලිට තමන්ගෙම යටි තොල හැපුනා.ඒත මහීශා තාමත් සෙනුලිගෙ ඇස් දිහා බැලුවෙ නැති නිසා සෙනුලි ටිකක් දුක් වුණා.

"ආහ්!! තමුසෙ ආවද? අපි මේ නාට්ටියක් රඟපානවා. Main කැරැක්ටර් එක දැන් තමා එන්ටර් වුණේ. වරෙන් වරෙන්"

".........."

ඉතින් මහීශා නිහඬයි.එහෙන්ම මහීශා කව්ශිකාවවත් එතන හිටිය කිසි කෙනෙක්වත් ගනන් නොගෙන සෙනුලිගෙ බෙල්ලට ලං වෙලා කනට දෙයක් කෙඳිරුවා.

"තවත් ඔතන ඉන්නෙ නැතුව එනවා යන්න!"

සෙනුලි ඇස් ලොකු කරන් ඇස් කොනින් මහීශා දිහා බැලුවත් මහීශා නෙවේ සෙනුලි දිහා බැලුවෙවත්.ඉතින්,මහීශා කව්ශිකාගෙ උරහිසේ වැදීගෙනම එතනින් යද්දි හිරුශියි කල්පනීත් සෙනුලිගෙ අතින් ඇදගෙන එතනින් යන්න තමා ගියේ.ඒත්,කව්ශිකා සෙනුලිගෙ අතේ මැණික්කටුව ගාවින් අල්ලගෙන සෙනුලිට කතා කරා.

"ඇයි බන්..එහෙම වුණේ ආහ්?"

කව්ශිකා දුකින් නමුත් හැගීම් විරහිතව අහද්දි සෙනුලි කරේ මුකුත් නොකියා බිම බලන් හිටිය එක. ඉතින්,ටිකකින් කව්ශිකාම සෙනුලිගෙ අත අතඇරපු නිසා සෙනුලි ඉක්මනින් පිටිපස්සවත් නොබලා එතනින් යන්න ගියා.

Share This Chapter