Back
/ 27
Chapter 17

💙සම්මතය?

සුසුම්.

'හමුවූවා දවසක ඒ ගැඹුරු ඇස්.

ගිලුනෙමි මා එහි ගොඩ ඒමට නොහැකි තරම්

පතන්නම් ඔබේම වෙන්නට හැමදා.

ඇය දුටු මුල් දින

දැණුනා කුමක් නමුත් මා හදවත ඔබවම ඉල්ලන බව.

ඉතින්,එය මා දුන්නෙමි මගේ හැඟීම ඔබට නැවත ලබාගත නොහැකි ලෙසටම.

බැඳුනෙමි ඔය ආත්මයටම

ඇය මගේ කියා මා සැනසෙමි

මගේ ඇය. ඇයයි දුන්නෙ මගේ ආත්මයටම සැනසීමක්.

දුන් පොරොන්දු එලෙසම තියා ගන්නම්

මුල්ම හමුවීම නිහඬය අප අතර.

නමුත් හඬ නැගුවේ අප හදවත්ය.'

තම නෝට් බුක් එකේ අවසාන වාක්‍ය කටු ගෑ සෙනුලි ලොකු හුස්මක් පිට කරමින් මෙතෙක් වෙලා ඇඟිලි අතර තද කරගෙන හිටි පෑන මේසෙ උඩින් තිබ්බා.තම හදවතේ තියන හැඟීම් පිටුවක වචනයකට පෙරලන්න සෙනුලි කවදත් අමතක කරන්නෙ නෑ.ඉතින්,අදත් ඒ වගේම දවසක්.ඒත්,අතීතයේ ලියවුණු හැඟීම් වලට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් මේ හැඟීම් වලට තිබ්බා වෙනකොට,සෙනුලි තමන්ගෙ ඇස් අග රැඳී තිබුණු කදුලු බිංදුව බිමට වැටෙන්නම ඇස් තද කරලා පුටුවෙන් නැගිට්ටා.

සෙනුලි තමන්ගෙ phone එකෙන් මහීශට msg එකක් දාන්න හිත හිත කල්මරනවා.අදට දවස් තුනක් වෙනවා සෙනුලිට මහීශා හොඳින් කතා නොකරපු.සෙනුලිවත් දන්නෑ මහීශගේ මේ හැසිරීම ට හේතුව.ඉතින්,අදත් msg එකක් දාන්න හිතලා අන්තිම මොහොතේ ඒ අදහස තමන් අතහැරියා.ඒත්,ඒ වෙලාවෙම වගේ සෙනුලිට දවස් 3 කින් මහීශගේන් පණිවේඩයක්. ඔව්!ඒක හරිම පුදුමයක්. ඉතින්,සෙනුලි ඇස් ලොකු කරලා screen එක දිහා බලන් හිටියෙ මේ දේ හරි හැටි විශ්වාස කරන්න බැරුව.

Maheesha:- senuli!

Me:- maheesha..ඔයාට මොකද වුණේ.ඇයි මට කතා කරේවත් නැත්තෙ??

Maheesha:- sorry senuli! Eth..mt oyagen ahnn deyk tiynw.

Me:- mokdd?

Maheesha:- do you have a boyfriend??

ඉතින්,මේ වෙලාවෙදි සෙනුලිගෙ හදවතේ ගැහෙන වේගෙ ගැන එයාටත් ගානක් නෑ.හදවත එලියට අරන් වගේ රිදුම් දෙනවා.මේ වෙද්දි සෙනුලි ට කතා කරන්න ගොඩක් දේවල් තියන පාටයි!

Me:-what? නෑ මහීශා!

Maheesha:- sure?😐😑

Me:- යෙස්..ඔයාට මාව විශ්වාස නැද්ද ආහ්? මට මොන කොල්ලොද මහීශා?

Maheesha:- ඒකත් එහෙමද? මට බොරු කරලා ඔයාට හොඳින් ඉන්න බෑ කොහොමත්. කවුද චිරාත් කියන්නෙ ආහ්?"

ඒ නම තම ඇස් වලට ගැටෙද්දි සෙනුලිගෙ හුස්මත් නැවතෙන්නැති.ඒත්,චිරාත් කියන්නෙ සෙනුලිට කවුරුත් නෙවෙයි.හැබැයි චිරාත් ගැන දැනගත්ත ඒ පලවෙනි දවස වගේ නෙවේ. මේ වෙනකොට ඊට වඩා දෙයක් වෙලා තිබ්බා.ඉතින්,ඒ දේවල් ගැන මතක් වෙද්දි සෙනුලිට කන් වලිනුත් දුන් දාන්න ගන්නවා.තමන් වැරැද්දක් නොකර බව දැනගත්තත්,මේ වෙද්දි මොන කටකතාවක් ඒ සම්බන්ධව ගිහින්ද කියලා සෙනුලිට හිතෙනකොටත් පපුව ගිනි ගන්නවා.

ඒ දේ ගැන කිව්වොත්,පෙරේදා සෙනුලිට ක්ලාස් තිබ්බා.ඒ දවසේ සෙනුලි හිටියෙ ඇත්තටම මේ තරම් දුකකින් නොවුණත් මහීශගේ මග හැරීම් මැද සෙනුලි හිත පාරවගනිමින් හිටියා.ඉතින්,එදා ඉන්ටවල් එකේ මුලු පන්තිය මැද්දෙම චිරාත් ඇවිත් සෙනුලිගෙ අතටම චිට් එකක් දීලා ගියේ හැම දෙනාගෙම අවධානෙ ඒ පැත්තට හම්බෙද්දි.සෙනුලිටත් ඒ වුණ දේ තේරුම් ගන්න බැරි වෙද්දි චිරාත් ඇවිත් සෙනුලිගෙ අත අල්ලල සෙනුලිටම ඒ චිට් එක දෙනකන් සෙනුලි නෙවේ මේ ලෝකෙ සිහියකින් හිටියෙ.

සෙනුලිට ඒ චිට් එක හම්බුණගමන් මුලු ක්ලාස් එකම සූසූසූ ගාන්න ගත්තෙ සෙනුලිව තවත් අපහසුතාවයට පත් කරමින්.ඉතින්,තෙදිනි කිව්වා ඒ චිට් එක කියවලා බලන්න කියලා.සෙනුලිගෙ ඒ අහිංසක හිතට මොකක්දෝ දුකක් ඇවිත්,ඒ චිට් එක ඇරලා කියවද්දි තමා සෙනුලිට ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තෙ.ඒකෙ තිබ්බෙ "මන් ඔයාට ගොඩක් කැමතියි " කියලා වෙද්දි ඊට පහලින් phone number එකකුත් එක්ක හදවතක් ඇඳලා තිබ්බා.තෙදිනි මේ දේ දැකලා හිනා වෙනකොට සෙනුලි කරේ කට ඇද කරගෙන ඔහේ බලන් හිටපු එක විතරයි.තමන්ගෙ හිතට කිසිම හැඟීමක් නොආපු නිසා සෙනුලි ඒ චිට් එක එහෙන්ම ගවුමේ සාක්කුවට දැගත්තා වෙද්දි,දැන් දැන් සෙනුලිට හිතෙනවා ඇති ඒ කරපු දේ බරපතල කම!ඉතින්,සෙනුලිට දැන් තේරුම් ගන්න පුලුවන් කටකතාවල තත්වෙ.මොකද දැන් තමන් ආදරේ කරන කෙනාගෙ අවිශ්වාසය කියන තැනටම ඒ කටකතා තමන්ව ඇදලා දාලා.

Me:- noone maheesha!

Maheesha:- එහෙමද? No one d? Mokkd oya me krnne senuli? Me dewal aha gannad mn oyat adare krnne aa?

Me:-please understand me. Mn waraddk kre na!

Maheesha:- Okay! I trust you.

දැන්නම් සෙනුලිට හීන් හිනාවක් ගියා.මොකද ඒ වචනෙම ඇති හිත හැදෙන්න.

Me:- thank you!❤️ my love..i know you trust me

Maheesha:- habai aye chances na!okay?

Me:-Okay!😎

Maheesha:- mn oyw ignore krt sorry! Mt baya hituna mt oyaw nathi wei kiyl.❤️

Me:- mtt sorry😟aye ehm dewal wenne na. I love you maheesha! I love you more than anything🩷

Maheesha:-i love you too baby!❤️

Me:- itim...kelle,mtt deyk ahnn tiynw huh!😒

සෙනුලි තමන්ගෙ යටි තොල දත් අතරට අරගෙන තරහින් වගේ බලන් හිටියා.

මේ මොනවා අහන්න යනවද කියලා සෙනුලිම තමා දන්නෙ.

Maheesha:- monwd?

Me:- kwd Adithya akka kiynne? Ex d??😒😒🫠

තත්පර ගානක් යනකන් එහා පැත්තෙන් ප්‍රතිචාරයක් නැති වෙද්දි නම් සෙනුලිගෙ කන් හිටන් තරහින් රත් වෙන්නැති.

Maheesha:- එයා බබා..මගේ පොඩි කාලෙ crush එකක්. එච්චරයි.අනේ මන්දා ඔයත් මේවා කාගෙන් දැනගන්නවද කියලා😂🤭

Me:- kagen danagthm mko.mn dana ganna epai ewa 😗😗eya lassanad itim mt wada..🤨

දැන්නම් ටිකෙන් ටික සෙනුලි මහීශව අමාරුවෙ දානවා.ඉතින්,ඒ නිසාම සෙනුලිටත් හිනා.ඒත්,සෙනුලි මහීශව අවුස්සලම තමා පස්ස බලන්නෙ.

Maheesha:- nane..oya lssnine😇❤️

Me:- ahh aththaduuu.....

Maheesha:- ඇත්තනෙ මැණික!💋

සෙනුලිට තමන්ටත් නොදැනිම මහ කොල හිනාවක් ගියා.ඉතින්,මේ දෙන්නගෙ ආදර වදන් ඒ දෙන්නට එහෙම සීමා වෙද්දි,සෙනුලිට අවට ලෝකය අමතක වුණා.මොකද මේ මොහොත වෙද්දි කාමරේ දොර බාගෙට ඇරලා තිබුණ අතර ඒ අතරින් සෙනුලිගෙ අම්මා සෙනුලි මේ හිනා වෙන දිහා බලන් හිටියෙ මූණේ හැඟීමක් නැතිවමයි.

ඉතින්,සෙනුලිට මහීශා එක්ක ආදර වදන් තෙපලන්න වුණේ පොඩි වෙලාවයි.ඒ සැණින් කාමරේට ආපු අම්මා,

"සෙනුලි!!!"

Screen එකටම ඇස් යොමාගෙන හිටපු සෙනුලි අම්මගෙ කෑ ගැහිල්ලත් එක්ක ගැස්සිලා පපුවත් අල්ලගෙ පිටි පස්ස හැරිලා බලද්දි අම්මා ඇසුත් රතු කරගෙන සෙනුලි දිහා බලන් හිටියෙ යකෙක් දැක්ක ගානට.

"අම්මා?"

"මෙහෙ දෙනවා ඕක!"

සෙනුලිගෙන් අම්මා phone එක උදුරන්න යනකොටම සෙනුලි කරේ ඒක පපුවට තියලා තද කරගත්ත එක වෙද්දි ඒ වැඩෙන් තවත් තරහ ගිය අම්මා සෙනුලිට ගහන්න අතක් ඉස්සුවා.ඒත්,ගහන්න වුණේ නෑ.මොකද එතනට කඩාගෙන බිඳගෙන සෙනුලිගෙ අක්කා වගේම තාත්තත් ආවා වෙද්දි,දැන්නම් සෙනුලිට මෙතනම පන ගියානම් හොදයි කියලා හිතෙන්නැති.

"මොකද මේ කෑ ගහන්නෙ? පහලටත් ඇහෙනවා කෑ ගැහිල්ල?"

ඒ ඇහුවෙ සෙනුලිගෙ තාත්තා වෙද්දි සෙනුලි වගේම අම්මත් ඒ පැත්ත හැරුණා.

"කෑ ගහන්න?? කෑ ගහන්න නෙවේ මහත්තයා..මේ ළමයට ඔය අතේ තියන phone එක දැන්ම මට දෙන්න කියන්න"

"ඇයි මොකද වුණේ? ඇයි සෙනුලි මේ?

සෙනුලි තාත්තා අහපු දේට කිසිත් නොකියා බිම බලා ගත්තා.දැන් දැන් සෙනුලිට ඇඬෙන්න ඔන්න මෙන්න. ඒත්,තාමත් සෙනුලි ඒ කදුලු උගුරටම ගිල ගන්න සමත් වුණා.

"මේ ළමයින්ට කන්න අඳින්න දීලත් මේ දේවල් මෙහෙම වෙන්නද මහත්තයා අපි ළමයි හදලා තියෙන්නෙ?"

"සෙනුලි! අම්මට ඉල්ලන දේ දෙන්න කෝකෝ "

ටිකක් වෙලා යනකන් කවුරුත් මුකුත් නොකියා නිහඬව ඉද්දි සෙනුලි තමන්ගෙ හිතට ශක්තිය ගත්තෙ වෙන ඕන දෙයක් දරා ගන්නවා කියන අදහසින්.මොකද දැන් මෙතන කරන්නෙ වෙන කිසිම දෙයක් නෑ.මේකෙන් බේරෙන්න කොහෙත්ම බැරි එකේ මේ දේට මුහුණ දෙන එක තමා මේ වෙලාවෙ කරන්න පුළුවන් හොදම දේ.ඉතින්,සෙනුලි තමන් අතේ තිබ්බ phone එක හිමින් අම්මට දික් කරද්දි අම්මා ගස්සලා phone එක ගත්තා.ගත්ත ගමන් අම්මා කරේ screen එක දිහා තත්පර ගානක් බලා හිටපු එක වෙද්දි ටිකකින් තමන්ම ඒක ඇඳ උඩට විසි කරලා සෙනුලි දිහා ඇස් රතු කරගෙන බැලුවා.ඉතිං,සෙනුලි හිස් බැල්මකින් අම්මා දිහා බලන් ඉද්දි එක පාරටම සෙනුලිට හම්බුනේ තමන්ගෙ අම්මගෙන්ම කම්මුල් පාරක්!

"උඹ! උඹ! මන් හිතුවා තෝ හැරෙද්දිම. ලැජ්ජ නෑ තොපිට..ඔන්න බලන්න මහත්තයා..ඔයාගෙ දුවගෙ හැටි."

"මොකද මේ!!! ඇයි මේ..."

සෙනුලිගෙ තාත්තා කලබලෙන් සෙනුලිගෙ ඉස්සරහට ඇවිත් අහද්දි අම්මා තාත්තා පැත්තට හැරුණේ තමන්ගෙ ඇඟිල්ල සෙනුලිට දික් කරගෙනමයි.

"මේ ගෑණු ගෑණු කුණුහරුප කරනවා මහත්තයා මෙවුන්..අනේ මටනම් අප්පරියාවෙ බෑ! මොනවද මේ මහත්තයා...දැන්නම් හිතෙනවා ඉපදෙනකොටම මරලා දැම්මනම් කියලා!"

සෙනුලිගෙ අම්මගෙ කටින්ම සෙනුලිට ඒ ඇහිච්ච මහම මහ කාලකින්න වචන අහන් සෙනුලි හිටියෙ හදවතට පිහියකින් කොටාගෙන කොටාගෙන තවත් ඒකට පෙට්රල් දාලා පුච්චනවා වගේ වේදනාවක්.තවත් ජීවත් වෙලා මොකටද කියලා සෙනුලිට නොහිතුණාමත් නෙවේ.ඉතින්,අන්තිමටම තමන්ගෙ ඇස් වලට ආපු කදුලු කැටයක් රූටලා වැටෙද්දී ආයෙමත් සෙනුලි කදුලු හිර කරගත්තෙ අඬන්නෙ නෑ කියන චේතනාවෙන්.

"සන්සුන් වෙන්න..කෑ ගහන්න එපා!ඔහොම කතා කරන්න එපා"

තමන්ට අඩුම හොඳින්වත් කතා කරන එකට සෙනුලි තමන්ගෙ තාත්තට හිතින් දහස් වාරයක් පින් දුන්නා.

"මෙහෙම නැතුව කොහොමද කතා කරන්නද?? අර මහීශා කියන ගෑණි එක්ක මේ නටන නාඩගම මන් කලින්ම කිව්වා නතර කරපන් කියලා...කියන සිංහලක් තේරෙන්නෑ මුන්ට! අම්මපා උඹලට මෙහෙම සලකනවට අපිට ගහන්න ඕන."

"අපි මේක හිමින් විසඳගමු. දැන් කෑ නොගහ ඉන්න.අහල පහල ගෙවල් වලටත් ඇහෙනවා.කෝ කට්ටියම දැන් යන්න නිදා ගන්න. සෙනුලි ඔයත් නිදා ගන්න"

ඉතින්,සෙනුලිගෙ තාත්තා හැමෝමව සාමකාමීව විසිර යැවුවත් සෙනුලි එහෙන්ම එතන බිමට කඩාගෙන වැටුණේ මෙච්චර වෙලා දරාගෙන හිටියත් දැන්නම් දරාගන්න තවත් දෙයක් ඉතුරු නෑ වගේ.සෙනුලි බිම ඉඳගෙනම ඔහේ බලාගත්ත අත බලාගෙන හිටියෙ හරියට හොල්මනක් වැහිච්ච ගානට.සෙනුලිගෙ ඇඳේ තියන phone එකෙන් msg එන සද්දෙ එක දිගට ඇහෙද්දිවත් සෙනුලිට ගානක්වත් නොවෙද්දි, එහෙන්ම බිම ඉඳගෙන තමන්ගෙ අතේ ඇඟිලි දිහා බලන් හිටියෙ පිස්සු හැදිච්ච ගානට.

ඒත්,එතනට ආපු සහස්මි සෙනුලිගෙ ඇඳෙන් ඉඳගෙන සෙනුලිගෙ phone එක ගත්තා.

"නංගි!"

"............."

"නංගි!!"

"..............."

"මේ මහීශා දිගට හරහට msg එවනවා...ආ"

ඒ කරලා සහස්මි සෙනුලිට phone එක දික් කරන් හිටියෙ සෙනුලි ඒක ගන්නකන්.

"ඕයි!! කන් ඇහෙන්නැද්ද?"

".................."

"මන් තමුසෙට කිව්වා..ඕවා අහු වුණාම දුක කියාගෙන එන්න එපා කියලා.උඹ කරගත්තනම් උඹම විඳගනින්..ආ මේක ගන්නවා!"

සහස්මි කිසිම හිතක් පපුවක් නැති ගානට phone එක සෙනුලිගෙ උකුලට විසික් කරලා එතනින් යන්න ගියේ සෙනුලිට වචනයක්වත් නොකියා.

ඉතින්,කවුරුත් නැති ඒ කාමරේ තනියම මේ දරාගැනීම විඳගන්න සෙනුලි තාමත් ලාමක වැඩිද කියලා කෙනෙක් අහන්න පුලුවන්. ඒත්,ඒක එහෙම වුණත් ඒ හැමදේම සෙනුලි තවත් එක කදුලක් වත් වැටෙන්න දෙන්නෙ නැතුව විඳ ගත්තා කිව්වොත් තවත් කෙනෙක් විශ්වාස කරන්නෙ නැතිවෙයි.ඒත්,සෙනුලි ඒක දරා ගත්තා.එයා එක පාරක්වත් ආයෙ අඬන්නෑ කියලා තමන්ටම පොරොන්දු වුණා වගේම ඒ දේ එහෙන්ම කරන්න එයාට ශක්තිය තිබ්බා!

Share This Chapter