Back
/ 27
Chapter 19

💙හිස්තැන්

සුසුම්.

ඉස්කෝලෙ ඇරිලා හවස පන්ති යන්න තෙදිනි එක්ක බස් එකට නැග්ග සෙනුලි ජනේලෙන් එලිය බලාගෙනම ආවෙ ටිකක් ඔලුව රිදෙන්න අරන් තිබ්බ නිසා.අද දෙන්නත් එක්ක තෙදිනිගෙ අම්මත් ඇවිත් හිටිය නිසා දෙන්නම කාලා බීලා ක්ලාස් එකට ගිහින් වාඩි වුණා.ක්ලාස් එකෙ ළමයි පිරිලා හිටියා වෙද්දි අදනම් සෙනුලිලා ටිකක් පරක්කු වුණ නිසා අන්තිම පෝලිමේ වගේ තමා ඉඩ හම්බවුණේ.මොනවා කරත් ඉතින් ඉන්න වෙන නිසා අන්තිම පේලියට ටිකක් ඉස්සරහ පෝලිමේ දෙන්නත් එක්කම වාඩි වුණේ සෙට් එකේ අනිත් යාලුවොත් එනකම්.ටිකකින් ක්ලාස් එක ළමයින්ගෙන් full වෙලා තිබ්බෙ කචකචෙත් වැඩි කරලා.

"මේ සෙනුලි! චිරාත් ආවා අන්න.අපිට එහා පැත්තෙ. බලපන්කො"

තෙදිනි රහසින් සෙනුලිට කියද්දි සෙනුලි එවෙලෙ ඩෙස් එකේ ඔලුව තියන් හිටියෙ.ඉතින් කියපු විගසම සෙනුලිත් ඒ පැත්ත බැලුවෙ හරියට මොකක්මහරි දෙයක් දැනගන්න වගේ වුණත් ඒකේ බැරෑරුම් කම සෙනුලිවත් හිතන්න නැතුව ඇති.

සෙනුලි ඔලුව දකුණුට හරවලා පිරිමි ළමයි ඉන්න පැත්ත බලවත් එක්කම චිරාත් එයා දිහා බලන් හිටියා.ඉතින් සෙනුලිට දැනිච්ච අපහසුතාවයට ඉක්මනින් අහක බලා ගත්තා.

"මේ බන් මට මලිත් චොකලට් එකක් දුන්නා බන්. ආහ් ඔයත් කන්න"

තෙදිනි එහෙම කියනවත් එක්කම සෙනුලි ඇස් පොඩි කරලා බැලුවෙ කියපු දේ හරියට තේරුම් ගන්න වෙද්දි,ටිකකින් සෙනුලිට මතක් වුණේ මලිත් කියන්නෙ තෙදිනිගේ bf කියලා.ඉතින්,සෙනුලිත් චොකලට් කෑල්ලක් අරන් ඒක කන්න ගත්තෙ කන දෙයක් නම් ඕන මගුලක් වෙච්චාවෙ කියලා.

"ඉස්කෝලෙ හෙන සීන් එකක් යනවා නේද බන්?"

"මොකක්ද?"

සෙනුලි තමන්ගෙ ඇගිලිවල චොකලට් ලෙවකමින් තෙදිනිගෙන් ඇහුවා.

"කෙල්ලො දෙන්නෙක් යාලු වෙලා කියලා,අනේ මන්ද"

"ක්හැම් ක්හෑ...."

"ඔය මොකද!! බලාගෙන කාපන්! චොකලට් එකක්වත් කාගන්න බැරිද උඹට ?"

තෙදිනි කියපු දේ එක්ක කකා හිටිය දේ හිරවෙන්න යද්දි බොහොම අමාරුවෙන් නවත්ත ගත්ත සෙනුලි හොද හුස්මක් අරන් කතාවට ඇහුම්කන් දෙන්න හිතුවා.මොකද දැන් වෙද්දි තමන් ගැන මොනවගේ කටකතාවක් පැතිරිලා තියනවද කියලා දැනගන්න සෙනුලිට තිබ්බෙ ලොකු වුවමනාවක්.

"මොනවද ඉතින් උඹ කියන්නෙ?"

"මන් දන්නෑ..අපේ ක්ලාස් එකේ ළමයි කතා වෙනවා අපේ සෙක්ශන් එකේම දෙන්නෙකමලු ඒ. කව්ශිකාලා එහෙම කතා වෙනවා ඇහුණලු "

"ආහ්"

කව්ශිකා කියන නම ඇහෙනවත් එක්කම සෙනුලිගෙ මූණට ආවෙ මහ නෝන්ජල් හිනාවක්.ඉතින් කට කොනින් හිනාවුණ සෙනුලි පොතට මූණ ඔබාගෙන හිටියෙ තමන්ගෙ මූණෙ හැඟීම් පිටට නොපෙන්වා ඉන්න ලොකු උත්සාහයක් දරන ගමන්.

"මන්නම් කියන්නෙ බන් උඹ වුණත් පරිස්සමෙන් ඉඳපන්. ඕවා කොහෙන් ගිහින් කොහෙන් ඉවර වෙයිද දන්නෑ."

"ඇයි ඒ? මන් මොකටද පරිස්සම් වෙන්නෙ?"

"නෑ මන් කිව්වෙ මේ නිකන්.දැන් උඹට කොල්ලෙක් ඉන්නවනෙ කොහොමත්. ඒ නිසා වැඩිය අවුලක් නෑ"

සෙනුලිගෙ මූණ කලුවෙන්න ගියේ තත්පර කිහිපයක් වෙද්දි හිතන්නවත වෙලාවක් නොදී පන්තියට සර් ආවා.තමන්ට කොල්ලෙක් ඉන්න වගවත් තමන් කොහොමද නොදැන ඉන්නෙ. වටේ ඉන්න මිනිස්සු කොහොමද මෙච්චර අනිත් අයගෙ පෞද්ගලික ජීවිතේට ඇගිලි ගහන්නෙ කියලා හිතද්දි සෙනුලිටනම් දැනුනෙ පිළිකුලක්.

තමන්ගෙ වටේ දැන් තියන තත්ත්වය අනුව තමන් තෝරගන්නේ කාවද කියන එක හිතන්නවත් සෙනුලිට ඕන වුණේ නෑ. මහීශා,තමන්ගෙ පවුල,යාලුවො,තමන්ගෙ නම්බුව මේ හැමදේම එකට පැටලිච්ච දැලක් වගේ තමන්ගෙ ඔලුව වටේ කැරකෙන්න ගනිද්දි සෙනුලිට වමනෙට වගේ එන්න ගත්තා.තමන් කොහොමද මෙච්චර දුර්වල වුණේ කියන එකවත් හිතාගන්න සෙනුලිට බැරි වෙද්දි ඉස්සරහට මොනවගේ දේවල් වෙයිද කියලා නිකමට වගේ සෙනුලි හිතලා බැලුවා.

මේ වගේ අදහසක් සෙනුලිට ආවෙ කොහොමද කියන්නවත් තේරුමක් නැති සෙනුලි ඒ වචනෙ එහෙම්මම එලියට දාන්න තීරණය කරා කිව්වොත්,

"එහෙනම්,අද ඉදන් මගේ bf චිරාත් වෙයි.හරිනෙ?"

"සිරාවට!! උඹ සිරාම ද කියන්නෙ?? උඹත් කැමතියි කියලා මන් දැනන් හිටියා.."

"ම්ම්..."

කිසිම ආයාසයක් නැතුව සෙනුලි කියලා දැම්මෙ තමන්ගෙ පොත් බෑගය හදන ගමන්. ඉතින් තෙදිනිනම් දැන් සතුටෙන්. ඒත්,සෙනුලි කියපු දේ හරිම තේරුම මොකක්ද කියලා දන්නෙ සෙනුලිම විතරක් නෙවේද?ලොකු හුස්මක් පිට කරපු සෙනුලි ක්ලාස් එකෙන් යන්න නැගිටිද්දි තමන් දැක්කෙ තෙදිනි චිරාත්ලගෙ පෝලිමේ කෙනෙක්ට කතා කරන වග. ඉතින්,තමන් කියපු ඒ තමන්ට සුභ නොවන අන් අයට සුභ වන පණිවිඩය දැන් පැතිරුණා කියන අදහසින් සෙනුලි එතනින් ගියේ ඇස්වල කදුලු පුරවගෙනමයි..

.

.

.

.

.

.

.

.

.

.

ගෙදර ගියපු ගමන් තමන් අම්මට කතා කරන්න ඕන කියලා හිතා ගත්ත නිසා පොත් බෑග් එක මේසෙන් තියලා කෙලින්ම ගියේ කුස්සියට.

"අම්මා!"

"........."

ඉතින්,කිසිම පිලිතුරක් නැති වුණත් බලාපොරොත්තු වුණ රූපය නම් ඉස්සර හිටිය නිසා සෙනුලි අදහස් අත් හැරියේ නෑ.

"මන් කරපු දේ ගැන කතා කරන්න ආවෙ"

තමන් කියපු දේ එක්කම ගෑස් එකේ යම් දෙයක් හැදි ගගා හිටිය සෙනුලිගෙ අම්මා හිමින් තමන්ගෙ පැත්තට හැරෙද්දි සෙනුලි දිගටම කතා කරන්අං ගත්තා.

"මහීශා..එයා මගේ යාලුවෙක් විතරයි.ඔයා හිතනවා වගේ දෙයක් අපි අතරෙ නෑ."

"එහෙමද?"

"ඔව්."

සෙනුලි අම්මගෙ ඇස් දිහා බලාගෙන ඔව් කිව්වෙ හරිම ස්ථීර විදිහට වෙද්දි ඒ බැල්ම අම්මට නම් දුන්නෙ යම් සැකයක්.

"ආයෙම ඒ වගේ දේවල් වෙන්න බෑ.තේරුණාද? කිසිම ආරංචියක් එන්න බෑ.ලැජ්ජ වෙන කිසිම දෙයක් කියන්න හිතන්නවත් එපා"

"මන් කාටවත් ලැජ්ජා කරේ නෑ අම්මෙ. මන් ආයෙ කිසි දෙයක් වෙන්න දෙන්නෑ. ඒ ගැන බය වෙන්න එපා."

"හ්ම්ම්...කෑවද?"

"නෑ. තාම.මන් ඇඟ හෝදලම කන්නම්."

ඉතින්,ඒ විගසම සෙනුලි තමන්ගෙ කාමරේට වැදිලා දොර වහගත්තෙ තමන්ගෙ වේගෙන් ගැහෙන පපුවට අතක් තියාගෙනමයි.තමන් මේ කරන්නෙ මොකක්ද? මේකේ අරමුණ මොකක්ද කියලවත් දෙන්න නොසිටිය සෙනුලි කෙලින්ම මහීශට call එකක් ගත්තා.

"හෙලෝ!!"

"සෙනුලි! කියන්න "

"මන්...ගත්තෙ..නිකන්.."

සෙනුලිගෙ කම්මුල් දිගේ බේරෙන කදුලු අල්ලෙන් පිහගෙන ලොකු හුස්මක් අරන් කතා කරපු සෙනුලි එතනම බිම වාඩි වුණේ දරන්න බැරි පපුවෙ අමාරුවක් ආපු නිසා.

"මැණිකෙ? මොකක්හරි අවුලක්ද?ම්ම්"

"න්නෑ...මට කතා කරන්න ඕන වුණා..ම්ම්..ඔයා වැඩක්ද?"

"නෑ බබා.මන් නිදාගෙන නැගිට්ට ගමන්.අද ක්ලාස් නැති නිසා ටිකක් නිදා ගත්තා."

"හ්ම්ම්...අපි හොදට ඉගෙන ගමු.පස්සෙ දෙන්නම එකට රට යමු හොදේ?"

"හා..එහෙම කරමුකෝ...මොකද මේ එකපාරට ආහ්? මොකද වුණේ?"

"මොකුත් නෑ අනේ. මට පාලු හිතුණා. අපි කැනඩා යන්ද? ඔයාගෙ favourite singer ඉන්නෙත් එහෙනෙ නේ හි"

"හ්ආ...හරි එහෙනම් අපි කැනඩා යන්කො. ඉස්සෙල්ලා හොදට exam කරගමුකො නේ?"

"හ්ම්..අපි එහෙ ගිහින් බඳිමු. අපි දෙන්නම තනියම ජීවත් වෙමු. හොදේ?"

"මැණික ඉද්දි මන් කොහෙහරි කමක් නෑ ඉන්නවා.අපි බැඳලා ළමයිත් හදමු....කොහොමද ඒක?"

"හ්ආ..හ්ආආ.....අප්පෝ ඔයානම්..හුම්!"

"ම්ම්..සෙනුලි..!"

"ම්ම්?"

"..........."

"ඇයි?"

"...මන් ආදරෙයි... my princess"

සෙනුලිගෙ ඇස් ඉබේටම පිය වෙද්දි තමන්ගෙ හදගැස්මත් වැඩි වෙමින් තිබ්බා.වෙන කිසිම කෙනෙක්ගෙ කිසිම වචනයකට තමන්ව මේ විදිහට කලබල කරවන්න සමත් නොවෙද්දි මේ දැනෙන හැඟීමට සෙනුලි පුදුමතරම් ලොභ කම් කරන්න පටන් අරන් තිබ්බා.ඒත්,අද කලින් සිද්ද වුණ දේවල් මහීශා දැනගත්තොත් මොනවයින් මොනවා වෙයිද කියලා සෙනුලි හිතද්දි තමන්ගෙ අත phone එකටම තියලා තද කරගත්තෙ දත් මිටි කාගෙනමයි.

"මහීශා..im sorry"

"මොකටද?"

"මන් ඔයාට වැරැද්දක් කරානම් sorry"

"............."

"මට ඔයා තරම් ආදරේ දෙන්න බැරි වුණොත් සමාවෙන්න.ආයෙ ආයෙත් ඒ දේ වුණොත් ඔයා මට ආයේ අවස්ථාවක් දෙන්න එපා."

"ඇයි එහෙම කියන්නෙ. ඔයා මට ආදරේ නැද්ද ඒ කියන්නෙ?"

"ආදරෙයි!!!! මන් ආදරෙයි..මහ ගොඩක්.."

"ම්ම්..හැබැයි ආයෙ අවස්ථාවක් දෙන්න එක ගැන මට හිතන්න වෙන්නෙ ඒ දේ අනුව බබා.ඔයා එහෙම නොවෙන විදිහට වැඩ කරන්න"

"එහෙම නොකරම බ..බැරිනම්..ගොඩක් අසරණයි නම්..හැම පැත්තෙන්ම හිර වෙලානම්..."

"එහෙනම්...ඒ අවධානම නොගෙන ඉන්න එකයි හොඳ "

"ම..හී..ශා..."

"මාව යකා කරගන්න එපා..ඔයා මොකක්ද කියන්න හදන්නෙ ආහ්? මාව අත්අරින්නද ඕන?"

"නෑ...මට..අනේ..මට"

"කියනවා..හරි කෙලින් කියනවා"

"මන්..මට..ඕනේ සතුටෙන් ඉන්න..හැංගෙන්නෙ නැතුව සැහැල්ලුවෙන් ඉන්න. මට හරි බරයි මහීශා මේ දේවල්..මන්..මට පුරුදු නෑ..මේ විදිහට ඉදලා."

"මගෙන් වෙන් වුණාම ඔයාට සැහැල්ලුවක් ලැබෙයිද? ආහ්?"

"නෑ..කොහෙත්ම නෑ!! මට ඕන ඔයත් එක්ක ඉන්න. ඒත්,ඇයි ඒක අනික් අයට තේරෙන්නැත්තෙ..මට තේරෙන්නැත්තෙ ඇයි එයාලට තේරුම් ගන්න බැරි කියලා."

"බබෙක් වෙන්න හදන්නෙ ඇයි.මන් එකපාරක් කිව්වනේ මෙතන වෙන්නෙ මොකක්ද කියලා.එහෙම නැත්ත..න්..........ඔයාට චිරාත් ගැන කැමැත්තක්වත් හිතුණද?"

ඒ ඇහිච්ච දේ එක්ක සෙනුලිගෙ ඇස් ඉබේටම ලොකු වුණා.ඔව්...චිරාත් කොහොමද මෙතනට ගෑවුණේ.ඒත් ඒක සධාරණයි නේද.මොකද ඕනම සම්බන්ධයක් කැඩෙන්න තවත් පුද්ගලයෙක් නිසාමනෙ.

"ච්..චිරාත්?"

"ඔයා ලෙස්බියන් නෙවේ කියලා මන් දන්නවා.ඉතින්,බය නැතුව කියන්න.තමුන් එයාට කැමතිද?"

සෙනුලි කරේ ඉස්සර බිත්තිය දිහා හිස් බැල්මකින් බලන් හිටපු එක විතරයි.තමන් කැමති එකම කෙනා මහීශා වෙද්දි ඒ දේ ඒ කෙනාවත් පිලිනොගන්න එක දැන් සෙනුලිට ගෙනදුන්නෙ තරහක්.

"කතා කරන්න සෙනුලි!!"

"................"

ඉතින්,සෙනුලි තවමත් නිහඬයි.හිස් බැල්ම තවමත් එහෙමමයි.මේ තේරුම් ගැනීම් හරිම අසාර්ථක දේවල් කියලා සෙනුලි හිතන්න ගත්තා.ඇස්වල කදුලු තමන්ගෙ වේදනාවට සාක්ශි දරද්දි කවුරුවත් තමන්ව මේ වෙලාවෙ සනසන්නෙ නැති බවත් සෙනුලි දැනන් හිටියා.

"ඒ කොල්ල එක්ක ඔච්චර ඉන්න ඕනනම්..වටේ යන්නැතුව කියන්න.කෙල්ලෙක් එක්ක ඉන්න එක අඩුවක් වගේද ඔයාට? මට කොල්ලෙක් වෙන්න බෑ. ඒත් මන් ඔයාට ආදරේ දෙනවා..මන් ආදරෙයි.ඇයි තේරෙන්නැත්තෙ"

"මහීශා...මන් ඔයාට ආදරෙයි.එච්චරයි!"

Beeeeeeeeeepppp...............

Share This Chapter