Back
/ 27
Chapter 22

🩵ආදරෙයි

සුසුම්.

හීන!අපි හැමෝටම එක එක හීන අපේ ජීවිත වල තියනවා.ඒත්,ඒ හීන හැබෑවෙනවිදිහ හීන දකින එකත් අපි කැමතිම දෙයක්.ඒ දකින හීන ටිකෙන් ටික බොඳ වෙනකොට ඒක වේදනාවක් විතරක්ම ගෙන දෙනවා.හරියට ඇස් ඇරන් ගිනි දැල් දකිනවා හා සමානයි.තමන්ගෙ ජීවිතේ තමන් ආදරය කරන මිනිස්සු තමන්ට ලොකු බලාපොරොත්තු දීලා ඒවා බොඳ වෙන විදිහට වැඩ කරද්දි දැනෙන වේදනාව අහලා තියනවද? ඉතින් සෙනුලි වගේම මහීශත් දෙපැත්තෙන් විඳවනවා ඇති.පිටින් බලන කෙනෙක්ට ඒක බොලඳ දෙයක් වගේ පෙවුණත්, ඒක විඳවන කෙනාමයි දන්නෙ ඒකෙ වේදනාව කොච්චරක්ද කියලා.

සෙනුලි මේ හැම ප්‍රශ්නයකින්ම ටික දවසක් ඈත් වෙලා ඉන්න තීරණය කරා.හරියටම ලොකු කුණාටුවකට කලින් තියන ලොකු නිහැඬියාව වගේ.දවස් කිහිපයක් යනකන් සෙනුලි මහීශා එක්ක කතා කරේ නෑ.මහීශා කලින් තමන්ට කතා කරපු විදිහ නිසා සෙනුලිගෙ හිත තාමත් රිදිලා.ඒත්,ඒ වේදනාවට තවත් වේදනාවන් එක්වෙනවා කියලා සෙනුලි නොදැනඉන්න ඇති! මහීශා එදයින් පස්සෙ අඩුම msg එකක්වත් සෙනුලිට  දාලා තිබ්බෙ නෑ.සෙනුලිත් ඊට නොදෙවෙනි වෙන්න කිසි දෙයක් කියලා තිබ්බෙ නෑ.මේ විදිහට එකිනෙකාව මගහැරගෑනීම දැන් දැන් එයාලට පුරුද්දකට ගිහින්.ඒත,ඒක හොද දෙයක්ද!

අද අඟහරුවාදා දවසක්!සෙනුලි ගෙදර ඉඳන් පාඩම් කරන්න අද ඉස්කෝලෙ ගියේ නෑ.අද හවස ක්ලාස් එකක් තියන නිසාත්,මේ ටිකේම පාඩම් වැඩ මගහැරුණ නිසාත් සෙනුලි මේ නිවාඩුව ගන්න තීරණය කරා.උදේ ඉදන් පාඩම් කරලා හවස ක්ලාස් එකට යද්දි තෙදිනි වගේම එයාලා එක්ක ටික දවසක ඉඳන් ක්ලාස් එන ගීතත් හිටියා.එයාලා හිටියෙ ඉස්කෝලෙ ඇඳුමින්, මොකද එයාලා අද ඉස්කෝලෙ ගිහින් තිබුණා.සෙනුලි මද හිනාවක් දීලා එයාලා ගාවින් ඉඳ ගත්තා.

"අද මොකෝ ආවෙ නැත්තෙ?"

"හ්ම් එන්න හිතුන්නෑ ඒ"

"මාර දවසකනෙ ඔයා ආවෙ නැත්තෙ?"

තෙදිනි ඒ කියපු දෙයින් සෙනුලි ඇස් හීනි කරලා තෙදිනි දිහා බැලුවෙ කුතුහලයෙන්.

"ඇයි අද මොකද වුණේ?"

"වෙන්න ඕනෙ ඔක්කොම වුණා හලෝ!"

ගීතා හරිම නාට්යානුසාරයෙන් කියද්දි සෙනුලිට ඒ කිසිදෙයක් හිතා ගන්න බැලුව උඩ බිම බැලුවා.

"මොනවද ඉතින් වුණේ?"

"අද prefects ලා අපේ පන්තිවල බෑග් වෙක් කරා.අම්මෝ මරු මරු ඒවා වුණේ"

සෙනුලිට අහේතුකව හරි තඩි කෙල ගුලියක් ගිලුණේ ඇයි කියලා එයාවත් දන්නෑ.එයාට ඒකෙන් බයවෙන්න දෙයක් නෑ කියලා එයා දන්නවා.ඒත්,මොකක්දෝ මන්දා හේතුවකට සෙනුලිට බයක් දැණුනා.

"එහෙමද?"

කිසි හැඟීමක් නැතුව සෙනුලි කියලා දැම්මෙ තමන්ගෙ පොත් ටික එලියට ගමින්.

"ඔව් ඈ...D එකේ කට්ටියගෙ ගොඩක් perfume,chocolate එහෙම අහු වුණා..හැබැයි හොඳම එක තමා..උඹලගේ පන්තියෙන් හම්බුනේ"

සෙනාලිගෙ බෙල්ල වේගෙන් තෙදිනි දිහාවට හැරුණා .දැන්නම් සෙනුලිගෙ හද ගැස්ම එලියටත් ඇහෙන තරමට වේගෙන් ගැහෙනවා.ඒත්,ඒක එහෙම වෙන්න ඕනද!

"ම්මොකක්ද?"

"මහීශගෙ බෑග් එකෙන් ලියුමක් හම්බෙලාලු...ලව් ලෙටර් එකක් කියලා තමා කියන්නෙ..මට හිතාගන්නවත් බෑ මහීශා වගේ silent කෙනෙක් ඔහොම දෙයක් කරයි කියලා."

සෙනුලිගෙ ඉහෙන් කනෙන් දාඩිය දාන්න ගත්තෙ දැන් තමා.අවට පරිසරය මොහොතකට නතර වුණා වගේ ගල් ගැහිලා ඉස්සර බලාගෙනම ඉන්න සෙනුලි දිහා තෙදිනි වගේම ගීතත් බලන් හිටියෙ හරිම උනන්දුවෙන්.ටිකකින් තෙදිනි තමන්ගෙ හඬ අවදි කරේ සෙනුලිට තවත් එතන ඉන්න කිසිම වුවමනාවක් නැති විදිහෙ සිතිවිල්ලක් ඇති කරමින්.

"මන් දෙයක් අහන්නම්,හැබැයි මුකුත් හිතන්න එපා.උඹයි මහීශයි...අතරේ මොකක් හරි දෙයක් තියනවද?"

"..........."

සෙනුලි තෙදිනි දිහා යකෙක් වැහිලා වගේ බලන් හිටියෙ ඇස් පිල්ලමක්වත් නොගහ.දැන් දැන් සෙනුලිගෙ රතු වෙච්ච සහ දාඩිය දාපු මූණ පිට කෙනෙක්ට හොඳට හඳුනගන්න පුලුවන් විදිහටම වෙන් වෙලා පේනවා.ඒ තරමටම සෙනුලි දැන් බයවෙලා වගේම නොසන්සුන්.

"සෙනුලි?"

"ආහ්...මන්..මහීශා එක්ක..මොනවගේ සම්බන්ධයක් ගැනද අහන්නෙ"

"හරියට, කොල්ලයි කෙල්ලයි අතර වගේ එකක්!"

සෙනුලි වේගෙන් හුස්ම ගන්නවා.කටේ කෙල හිදිලා.ඒත්,තමන් කොච්චර නොසන්සුන් වුණත්,මේ දේට කවදහරි මුහුණදෙන්න වෙනවා කියලා සෙනුලි දැනන් හිටියා.අනික සෙනුලි මේ දේ කාට කාටත් කියන්න පැකිලෙන්නෙ නෑ.ඒත්,සෙනුලි කලබල වෙලා ඉන්නෙ ඉස්කෝලෙ සිද්දියත් එක්ක දැන් මහීශා මොනව කරන් ඇතිද කියලා හිතලා.

"හ්ම්..මහීශට බැන්නද? ගැහුවද? මැඩම්ලා..මොකක්ද වුණේ කියනවද?"

""මට හරියටම කියන්න බෑ. ඒත්,විනයබාර මැඩම් මහීශට කතා කරනවනම් දැක්කා.තව මැඩම්ලා කිහිප දෙනෙක් මහීශට බැන්නා ඇහුණා."

"එත්..එතකොට..එයා..තනියෙන්ද හිටියෙ?"

සෙනුලිගෙ ඇස් වලට කදුලු ඉනුවත් තමන් ඒවා තද කරගෙන එලියට නොපනින්න වග බලා ගත්තා.

"හ්ම්..ඔව්..උඹලගෙ කවුරුත් ඇවිත් හිටයෙ නෑ මන් හිතන්නෙ.අද ළමයි අඩුයි"

".........."

සෙනුලිට කියන්න කිසිම දෙයක් ඉතුරු නෑ.තමන් මහීශව ඕනම දවසක තනි කරාවගේ තමන්ට දැනෙන්න ගත්තා.දැන්ම තමන්ට මහීශා ගාවට ගිහින් හැමදේම හොඳින් වෙයි කියලා බදාගෙන අඬන්න හිතුණා.මේ දේවල් මෙහෙම වෙන්න ඕන නෑ.තමන් ආදරෙන් ලියපු ඒ වචන නිසාම මහීශට අද කරදරයක් වෙලා.ඒකත්,තමන් නිසා නේද කියලා හිතලා සෙනුලි තමන්ටම වැරැද්ද පටවගන්න තරම් සංවේදී වුණා.

"මන් අහන්නෙ මහීශව උඹට කවුද බන්? මේ ඇහෙන කටකතා ඇත්තද? ඔයයි මහීශයි එහෙමද."

සෙනුලි ලොකු හුස්මක් පිට කරලා අත මිට මොලවගත්තෙ ගත්තෙ තමන්ගෙ පීඩනය දරා ගන්න වෙද්දි කට කොනක හිනාවක් අරන් සෙනුලි තෙදිනි පැත්තට හැරුණා.

"ඔව්..අපි අතරෙ එහෙම මගුලක් තියනවා.ඔය කටකතා ඔක්කෝම ඇත්ත.දැන් සතුටුද?"

"ම්..මො..මොකක්!!"

තෙදිනි වගේම ගීතත් ඇස් ලොකු කරන් සෙනුලි දිහා බැලුවත් සෙනුලිගෙ ඇස් එක මොහොතකටවත් ගැස්සුණේ නෑ.තමන් එකම අරමුණක ඉන්න නිසා තමන්ට බයක් දැනෙන්නෙ නෑ කියලයි සෙනුලි හිතන් හිටියෙ.

"දැන් මගෙන් ආයේ ඕක අහන්න එපා.මට යකා නගිනවා.කට වහන් ක්ලාස් එකේ උගන්නන රෙද්දක් අහන් ඉන්නවා."

එතනින් පස්සෙ සෙනුලි ක්ලාස් එකේ හිටියෙ ඉවරවෙන්නෙ කොයි වෙලේද කියලා හිතාගෙන.මොකද සෙනුලිට මේ දැන්ම මහීශට කෝල් එකක් අරන් හොඳින්ද කියලා අහනකන් ඉවසුමක් තිබ්බෙ නෑ.අත්ලට දාඩිය දාලා සෙනුලිව වෙවුලනවා.ඒත්,ගෙදරට එනකම් ඒ බව පිටට නොපෙන්නා දරා ගන්න සෙනුලි සමත් වුණා.ගෙදර ආපු ගමන්ම කාමරේට ගිහින් දොර වහගත්තෙ මහීශට කෝල් කරන්න.වේගෙන් phone එක වෙවුලන අත්වලින් එලියට අරන් බයෙන් බයෙන් සෙනුලි මහීශට කෝල් ගත්තා.කිහිප සැරයක් යනකන් ආන්සර් කරේ නැති වුණත් හතරවෙනි පාරට කෝල් එක ආන්සර් වුණාම සෙනුලිට ලොකු හුස්මක් පිට වුණා.

"හ්හෙ.ලෝ..මහීශා ඔයා හොඳින්ද?"

".........."

අනික් පැත්තෙන් කිසිම ප්‍රතිචාරයක් නැති වෙද්දි සෙනුලිගෙ හද ගැස්ම තවත් වැඩි වුණා.ඒත්,වෙවුලන හඬින් හරි සෙනුලි දිගටම කතා කරා.

"හෙලෝ...මන් සෙනුලි"

"මන් දන්නවා.."

ඒ කටහඩ කාලෙකින් ඇහුණ නිසාද මන්දා සෙනුලිගෙ ඇඟ දිගේම හිරියක් යන්න ගත්තා.සෙනුලි තමන්ගෙ යටි තොල හපාගෙනම හැඟීම් පාලනය කරගන්න උත්සාහ කරා.

"මන් ගත්තෙ මේ අද ඉස්කෝලේ"

"ආහ්..ඒක අහන්නද ගත්තෙ?ඔයාට ඉක්මනට ආරංචි එනව වගේ"

"මන්..මට කතාකරන්න දෙන්නකො"

"මොනවද කියන්න තියෙන්නෙ.කියන්න ඉතින්"

"ඇයි ඔයා කෑගහන්නෙ මට? මන් මොකක්ද කරපු වැරැද්ද? මට මෙහෙම කරන්න එපා මහීශා!"

"හෙට ඉස්කෝලෙ එනවද?"

"....ඔව් ඔයා?"

"මාත් එනවා.අර ලියුම ගැන කිව්වොත්..ඒක දැන් හැම මැඩම් කෙනෙක්ම කියවලා ඉවරයි.අනික් එක මන් ඔයාට ..ආශ්!! වැඩක් නෑ. Shit shit!!"

"මහීශා..මහීශා..අනේ..මගේ මහීශා..ඇයි මේ..ඔයා අඬනවද? අනේ මගේ කෙල්ලෙ..ඇයි මේ..ඉන්නකො..මේ හැම දේම හොඳින් වෙයි.ඒත්,ඇයි ඔයා ඒ ලියුම...?"

"මන් ඒක හංගන්න තැනක් නැති නිසා තමා මගේ බෑග් එකටම දාගත්තෙ.ඒක මට ඒකෙන් අයින් කරන්න අමතක වුණා. දැන් ඒවා වැඩක් නෑ.ඔයා දන්නවද සෙනුලි..මගේ..සෙනුලි!මගේ මැණික..මට ඔයා නැතුව පාලුයි.මාව බලන්න එන්නකො.මට දුකයි.බයයි නෙ"

සෙනුලිට මේ ඇහෙන වචන ඉස්සරහ ඉනුවෙ කඳුලු. මහීශා තමන්ට මෙච්චරම සංවේදීව කතා කරපු පලවෙනි දවස අද වෙද්දි ඒ දෙයින් සෙනුලිට මහීශා ගැන තියන ආදරේ තවත් වැඩි වුණා.

"මන් අහන් ඉන්නම් මහීශා කියන්නකො:

"ඒ වචන..ඒවා හරි ලස්සනයි.මට ඒවා ලෝකෙන් හංගන්න ඕනෙ.ඒත්,බැරි වුණා.මට සමාව දෙන්න පැටියො.මන් ඔයාට බැන්නා,හිත රිද්දුවා නේද?..හ්අ...ම්ම්...මට සමාවෙන්න..මන් දන්නවා ඔයා චිරාත්ට කැමති නෑ කියලා ඒත්,මට බයයි ඔයා නැති වෙයි කියලා.ඒ ලියුමෙ තිබ්බ හැම අකුරකටම මන් ආදරෙයි.ඔයා දන්නවද..ඔයා දන්නවද මගේ පණ..! අද ඒ මැඩම්ලා ඒ ලියුම දිහා බැලුවෙ ජරා ගොඩක් දිහා බලනව වගේ..මට මට තරහයි..ඒ ඔයාගෙ වචනනෙ...ඔයා මට දුන්න ආදරේනෙ..නේද? මන ආදරෙයි අප්පා! ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නෙ?"

සෙනුලිට ඉකි ගැහෙන්නම ඇඬුනා.තමන්ගෙ පපුවට පිහියෙන් අනිනවා වගේ රිදීමක් ආවා.ඒත්,තමන් තමන්ගෙ අතක් මිට මොලවලා පපුවට ගහගෙන ඒ රිදීම නවත්තන්න වෙර දැරුවා.

"මන් හරි ලෝබයි ඔයාට..මට කියන්න ඕන මට ඔයාව තමා ඕන.ඒත්,ලොකු අය මට බනිනවා මන් නරකලු, අරහෙමලු මෙහෙමලු, ලැජ්ජා කරනවලු..මන් එයාලට කිව්වා මේ ලියුම දුන්නෙ මට ආදරේ කරන කෙනා කියලා.මන් පසුතැවෙන්නෑ.මට බයයි.මේවා මෙහෙම වෙන්න ඕනද සෙනුලි?"

"මහීශා..මන් හෙට එනවා.මන් මැඩම්ලට කියන්නම් මන් තමා ඔයාට එහෙම එකක් දුන්නෙ බලෙන් කියලා.ඔයා මේකට ගෑවෙන්න එපා.තේරුණාද?"

"එපා!!එහෙම කරන්න හිතන්නවත් එපා.මොකද ඔයා මේකට ගෑවෙන්න ඕන නෑ.ඒ වගේම තමා..මන් අද ඔයාට දෙන්න....."

මහීශා ඒ දේ කියන්න ටිකක් පසුබැස්ස නිසා සෙනුලි නිහඬව හිටියෙ මහීශා කියනකන්.

"මාත් අද ලියුමක් ගෙනාවා මැණික.මන් දන්නෑ අද ඔයා නිවාඩු කියලා..sorry.මන් දන්නෑ..මට කතා කරන්න තිබ්බා"

"අනේ මහීශා..අඬන්න එපා.හැමදේම හරියයි.අපි ආදරේ කියාගන්න ලියුම් පාවිච්චි කරා.ඒකෙ වැරැද්දක් මන් නම් දකින්නෑ.මන් හෙට එනවනෙ ම්ම්...බය නොවී ඉන්නකො.අපි බලමු මේකට මොකක්ද කරන්නෙ කියලා.ඔයා දැන් නිදි මරන්න එපා.රෑට නිදාගන්න හරිද?"

"ම්ම්..."

"මන් තියන්නම්..ඔයා කිසිම වැරැද්දක් කරේ නෑ.ඔයා තමා මටනම් හොඳම.හ්ම්?"

"මන්ද හොඳම?"

සෙනුලිට ලාවට යටි තොල හැපුනෙ කෝල හිනාවක් එක්කමයි.ටිකකට කලින් දෙන්නම අඬලා දැන් හිනාවෙනවා. ඒකත් හොඳයි!

"ඔව්නෙ "

"මොනවද මගේ හොඳ ම්ම්?"

"හැමදේම..හිහී"

"Cute!"

"ම්ම්..ඔයා මැච් එක ගැහුවද? තරහ වෙලා හිටිය නිසා අහන්නත් බැරි වුණා."

දැන් දැන් සෙනුලි තමන්ගෙ කකුලෙ මහපටැඟිල්ලෙන් පොලොව හාර හාර කෝල වෙන්න ගත්තා.

"හ්ම්ම්..මන් photoes දාන්නම්..මැච් එකනම් ඩ්රෝ.."

"ආහ්...කමක් නෑ.එහෙනම් මන් තියන්නද? අම්මා කන්න කතා කරනවා"

"හරි බබා..තියන්න.good night!"

"නයිට්! ලව්යූ!"

"ලව් යූ ටූ!!"

Share This Chapter