Back
/ 27
Chapter 24

💙දරාගැනීම

සුසුම්.

"STOP!"

මහීශා ටිකක් සද්දෙන් නමුත් තදින් කියද්දි සෙනුලි ඉස්සරහට තිබ්බ අඩිය නවත්තලා මහීශගෙ ඇස් දිහා බැලුවා.සෙනුලිට ඇහුන දේ තවමත් ඇත්තක්දෝ කියලා සෙනුලිට හිතා ගන්න බෑ.

"What?"

"I said...don't "

මහීශා කදුලු පිරුණු ඇස් වලින් ඔලුව දෙපැත්තට කරලා කියද්දි සෙනුලිගෙ ඇස්වලින් කම්මුල් දිගේ කදුලු බේරුණා.ඒත්,සෙනුලි තමන්ගෙ දකුණු අත ඉස්සරහට කරලා මහීශව අල්ලන්න හදද්දිත් මහීශා පිටිපස්සටම වුණේ හරියට සෙනුලිට ලං වෙන්න එපා කියන්න වගේ.ඒ දෙයින් සෙනුලිගෙ හදවත වේදනා දුන්නා.හරියට පපුව හිර වෙන හැඟීමක්!

"මහීශා"

"අපි වෙන්වෙන්න ඕන සෙනුලි"

ඉතින්,සෙනුලිගෙ ඇස්වල ඇතිවුණු ඒ මලානික බවත් එක්ක තවත් ඒ ඇස් වලට කදුලු ඉනුවත් දිගටම සෙනුලි මහීශගෙ ඇස් දිහා බලන් හිටියා.

"ඔයා,මම මේක නවත්තමු. Let's break up"

"න්..නෑ...නෑ..ඔයා..එහෙම කිව්වෙ නෑ.."

"මන් එහෙම කිව්වා! මට තවත් මේක කරන්න බෑ..ඔයා මම හැමදාම කරේ දුක් වුණ එක,බය වුණ එක විතරයි.අපිට නිදහසක් නෑ."

"............"

සෙනුලි මහීශට කිසිම පිලිතුරක් දෙන්න උත්සාහ නොකර මහීශට ලං වෙන්න හැදුවා.මේ පාරනම් මහීශා පිටිපස්සට ගියේ නෑ.ඒත්,මහීශා සෙනුලිගෙ බැල්ම මගහැරලා වෙනතක් බලාගත්තා.

ඉතින්,සෙනුලි මහීශා ගාවට ඇවිත් මහීශගෙ අතකින් අල්ලගෙන ඒ අත ලාවට අතගාන්න ගත්තෙ හරිම සිනිදුවට.සෙනුලිගෙ ඇස්වලින් වැටුණ කදුලක් විත් මහීශගේ පිට අල්ලට වැටෙනකොට ඒ දැනුණ සීතලට මහීශා තමන්ගෙ අත දිහා බැලුවා.

"ඔයා බයයි නම්..අපි නවත්තමු.ඒත් මගේ මේ හිත කෑලි කෑලි වලට කැඩුනොතින් ඒක ආයේ හදන්න බෑ.ඒත්,අන්තිම වතාවට මට කියන්න තියෙන්නෙ ඇයි?"

".........."

"ඇයි මට බලාපොරොත්තු දුන්නෙ ඇයි?"

සෙනුලිගෙ ඉකි ගැසීම් එන්න එන්න වැඩි වෙද්දි මහීශා කරේ අත දිහාම බලාගෙන තොල් තද කරන් ඇස් පියාගත්ත එක.

"ඔයා කිව්වා මාව දාලා යන්නෑ කියලා.මන් ගාවින්ම ඉදන් ආදරේ දෙනවා කිව්වා.මේකද ආදරේ?"

තවමත් මහීශා නිහඬව ඉන්න නිසා සෙනුලිට තරහ ගියා.සෙනුලි මහීශගෙ අත ගසලා දාලා අඩියක් පස්සට ගියා.ඒ වෙද්දිනම් මහීශා ආයෙම සෙනුලි දිහා බැලුවෙ මලානික ඇස්වලින්.

"අපි යන්න ඕන.ගයනි මැඩම් බලන් ඇති.එනවනම් එන්න"

ඒ කරලා සෙනුලි යන්න හැරෙනකොට මහීශත් සෙනුලිගෙ පස්සෙන්ම ආවා.ඒත්,දෙන්නා අතර කිසිම වචනයක් හුවමාරු වුණේ නෑ.අඩුම එකිනෙකා දිහා බලාගත්තෙවත් නෑ.

ගයනි මැඩම්ගෙ office එකේ දොරට සෙනුලි කිහිප වතාවක් තට්ටු කරද්දි මැඩම් ඇතුලට එන්න කියලා කිව්වා.ඉතින්,දෙන්නම් ආචාරශීලීව ඇතුල් වෙද්දි දැකගන්න ලැබුණේ ගයනි මැඩම් වගේම එතන වාඩි වෙලා ඉන්න එයාලගෙ පන්තිභාරයි තව මැඩම්ලා කිහිපදෙනෙකුයි. ඉතින්,දෙන්නම ඇතුලට එද්දි ඒ හැම ගුරුවරයෙක්ම තමන් දිහා බලන් ඉන්න නිසා සෙනුලි යම්තාක් දුරට කලබල වුණා.

"ආහ් ඔය ළමයි මෙතනින් ඇවිත් හිට ගත්තනම්"

ඉතින්,කියපු විගසම සෙනුලි වගේම මහීශත් එකිනෙකට සමාන්තරව ගයනි මැඩම් ඉස්සර හිටි ගත්තෙ අත් දෙකත් පිටිපස්සට බැඳගෙන.

"අපි කෙලින්ම කතාවට යමුකො.මේ මොකක්ද?"

සෙනුලි ඔලුව උස්සලා බලද්දි සෙනුලිට දකින්න ලැබුනෙ ගයනි මැඩම්ගෙ අතේ තිබ්බ ඒ ලියුම.තමන් මහීශට ආදරෙන් ලියපු ඒ වචන ටික.ඉතින්,ඒ දිහා බලන් සෙනුලි ටිකක් කල්පනා කරලා තමන්ගෙ දකුණු පැත්තෙ ඉන්න මහීශා දිහා බලල ආයෙම මැඩම් දිහා බැලුවා.සෙනුලි හරිම මහන්සි විදිහට මේ හැමදේම දිසා විපරමින් බැලුවත් මහීශනම් තමවම් ඔලුව නමාගෙන ඉන්නවා.ඉතින්,මේ වෙලාවෙදි සෙනුලි මේ දේට හරියට මුහුණ දෙනවා කියලා තමන් හිතා ගත්තා.

"ලියුමක් මැඩම්"

"ඒක අපි දන්නවා!! මට කියනවා මේකෙ අයිතිකරු කවුද?"

ඉතින්,සෙනුලිට හිතුණෙ මේ වගේ එකිනෙකාගෙ පවුද්ගලික දේවල් හාරාඅවුස්සලා මේ ගුරුවරු බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලා.ඒත්,දැන් ඉන්න තැන අනුව මේ අහන දේවල් වලට උත්තර දෙන්නම වෙන නිසා සෙනුලි කතා කරා.

"මම"

ඒ උත්තරයත් එක්ක ගයනි මැඩම් විතරක්ම නෙවේ එතන හිටපු හැම කෙනෙක්ගෙම මූණූ ගැස්සිලා ගියා කිව්වොත් හරි.මොකද සෙනුලිගෙ උත්තරය ඒ තරම් කෙලින් වුණා.

"එහෙමද? ඒත්,මේක කාටද ලිව්වෙ?"

"මන්.."

"ඕක අපි වෙන කෙනෙක්ට ලියපු එකක් මැඩම්"

සෙනුලි දෙයක් කියන්න හදනකොට මහීශා පැනලා උත්තරයක් දුන්නා.ඒත්,ඒ උත්තරේ එක්ක සෙනුලි මහීශා දිහා ඇස් පොඩි කරලා බැලුවෙ ඒ මොකක්ද කිව්වෙ වගේ බැල්මකින්.

"මොකක්ද?"

"මැඩම්.ඕක සෙනුලිගෙ ක්ලාස් එකේ ගෑණු ලමයෙක්ට උදව්වකට එයාගෙ පිරිම ළමයව යාලු කරගන්න දුන්න ලිව්මක්. අපි කතාවෙලා තමා ඕක ලිව්වෙ.ඒ කෙල්ල කැමති නෑ ඒ කෙල්ලගෙ නම අනික් අය දැනගන්නවට ඒ නිසා තමා සෙනුලිගෙ නම දැම්මෙ මැඩම්"

මහීශා හුස්මක්වත් ගන්නෙ නැතුව මේ එකපාරට මොනවද කියන්නෙ කියලවත් සෙනුලිට හිතාගන්න බැරි වුණා.මේක කලින් කතාවුණ දෙයක්වත් නෙවේ නිසා සෙනුලි මේ වෙලාවෙ ලොකු පටලැවිල්ලක වගේම ලොකු තරහක හිටියෙ.ඉතින් සෙනුලි රහසින් මහීශට කිව්වා,

"මොකක්ද කියන්නෙ?"

"කට පියන් මන් කියන විදිහට කියන්න.අපි දෙන්නම බේරෙන වැඩක් කරන්නෙ"

"ඔය කුටු කුටුව නවත්තගන්නවා.ඇයි තමුසෙලා කපුවොද වෙන කපල් සෙට් කරවන්න ලියුම් ලියන්නෙ? අපේ කනෙන් රිංගන්න නම් හදන්න එපා පුතෝ"

සෙනුලිට මේ වෙන දේවල් දරා ගන්න තියා තවත් එතන ඉන්න වත් හිත දුන්නෑ.වටේම කැරකෙනවා වගේ දැනීමක් ආපු නිසා සෙනුලි තමන්ගෙ නලල දෙපැත්ත තද කරගත්තා.

"ඔය දෙන්නා අනවශ්‍ය සම්බන්ධයක් අරගෙන යනවා කියලා අපිට ආරංචියක් ආවා.ඒක එහෙමනම් අපිට ලොකු පියවරක් ගන්න වෙනවා.අනිත් එක මේ වගේ ඉස්කෝලෙක මෙහෙම සම්බන්ධයක් ගැන මන් මේ ලොකුවට ඇහුවමයි.මේ දේවල් කරන්න ලෑස්ති වෙන්න එපා.ලැජ්ජා නැති වැඩ කරලා තමන්ගෙ ඉස්කෝලෙටත් නරක නාමෙ එන විදිහට වැඩ කරන්න එපා.මේ ලියුම කියෙව්වම මටනම් හිතෙන්නෙ නෑ තමුන් ඔය කියන කතාව ඇත්තක් කියලා.අනික අනික් ළමයි අපිට complai n කරල තියනවා එයාලට මේ හැසිරීම් හරිම පිළිකුලක් ගෙන දෙනවා ඒ නිසා මේක වහාම නවත්තන්න පියවර ගන්න කියලා.අපි ටික දවසක් මේ ගැන බලලා තමා තීරණයක් ගත්තෙ."

ගයනි මැඩම් දිගටම කියාගෙන යන දේවල් සෙනුලි වගේම මහීශත් සාවදානව අහන් හිටියා.

"ඔය ළමයින්ගෙ දෙමව්පියන් ගෙන්නන්න වෙනවා!"

ඉතින්,ඒ දේ ඇහෙනවත් එක්කම සෙනුලි ඇස් ලොකු කරලා ඉස්සරහ බැලුවා.මහීශත් ඇස් පොඩි කරගෙන තමන්ට ඇහෙන්න විතරක් කුණුහරුපයක් කියාගත්තා.සෙනුලිගෙ අල්ලෙ දාඩිය ගවුමෙන් පිහාගෙන සෙනුලි කතා කරන්න ගත්තා.

"මැඩම්..ඒත්,අපි කිසිම වැරැද්දක් කරේ නෑ.අපිට මේ වගේ දෙයක් කරන්නෙ කොහොමද?"

"වැරැද්දක්!!හ්අ..කරන්න තියන ජහජරාම වැඩ කරලා දැන් තමන්ව සුද්ද කරගන්න එනවද?"

"මැඩම් වටේ ළමයින්ගෙ කටකතාවක් අහලා අපිට මෙහෙම චෝදනා කරන්නෙ? ඒවා කටකතා විතරයි. අඩුම හරිහැටි සාක්ශියක්වත් නැතුව එහෙම කරන්න පුලුවන්ද"

"කට!!කට වහනවා!! ගුරුවරයෙක්ට කතා කරන්න ඉගෙන ගන්නවා.පහත් වැඩ කරන අය කොහොමත් මැනස් කියන දෙයක් දන්නෑනෙ නේ.අනික තමුන්"

ගයනි මැඩම් ඊට පස්සෙ ඇගිල්ල දික් කරේ ඔහේ වෙන දේවල් බලා ඉන්න මහීශා දිහාවට.

"තමුන්ගෙ වැඩ මන් බලාගන්නම්..සෙනුලි වගේ ළමයෙක්ට තමුන් වගේ අය ඉද්දි කොහොමත් පාඩුවෙ ඉන්න බෑ කියලා දන්නවා."

ඉතින්,ඒ කියපු හැම වචනයක් ගානෙම මහීශගෙ ඇස් වලට කදුලු පිරෙද්දි සෙනුලි තමන්ගෙ අත මිටි කරලා තද කරගත්තෙ මේ ඇහෙන දේවල් ආයෙම තමන්ගෙ කනට ඇහෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින්.

"තමුන්ගෙ කපුකම් අපි විශ්වාස කරන්නෑ.අපිව අල්ලෙ තියලා නටවන්න නේද හැදුවෙ?අම්මා තාත්තා හැටි දැනගත්තම දෙකක් දීලා හදාගයිනෙ. "

"මැඩම්!!sorry for this manner. But you can't Say things like that to her"

"Why?"

ගයනි මැඩම් මහීශට කතා කරපු විදිහනන් සෙනුලිට කොහෙත්ම ඇල්ලුවෙ නෑ.ඒත්,මේ වෙලාවෙ හැටියට සෙනුලි මෙහෙම හරි කට ඇරපු එක ලොකු දෙයක්.

"It's haertbreaking"

සෙනුලි අත් මිට මොලවගෙන බිම බලාගත්තෙ හරිම අසරණ විදිහට.ඉතින්,ඒ අතරෙ සෙනුලිට දැණුනෙ තමන්ගෙ සුලැඟිල්ලෙ මහීශා තමන්ගෙ සුලැඟිල්ල පටලවනවා.ඉතින්,ඒ දේ නිසා සෙනුලි කදුලු අතරින්ම හිනා වුණා වගේම ඒ දෙයින් සෙනුලිගෙ හදවත පැත්තක්ම හිරි වැටිලා ගියා.මොකද සෙනුලි හිතුවෙ නෑ මේ වගේ වෙලාවක මහීශා එහෙම දෙයක් කරයි කියලා.

ඉතින්,ඒ එකට පැටලිච්ච ඇඟිලි දිහා ඇස් පොඩි කරලා බලපු ගයනි මැඩම් ඇස් රෝල් කරලා ආයෙත් හඬ අවදි කරා.

"අනිද්දා principal madam එනවා මේ ගැන කතා කරන්න.අනිද්දා හවස දෙමව්පියන් එන්න ඕන දෙන්නගෙම.එහෙම නැති වුණොත් කෝල් කරලා ගෙන්නගන්න වෙනවා.දැන් යන්න පුලුවන්"

පස්සෙ දෙන්නම greet කරලා office එකෙන් එලියට ආවා.ඒත් තවමත් සෙනුලිගෙ ඇගිල්ල මහීශගේ ඇගිල්ල එක්ක පැටලිලා නිසා සෙනුලි ඒ දිහා බැලුවෙ මද හිනාවක් එක්ක.

"මහීශා"

"ම්ම්"

"ඇයි?"

"ම්ම්?"

"ඇයි එහෙම කරේ? මොකක්ද හේතුව?"

"..........."

"මට තේරෙන්නෑ ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?"

".........."

"මට ඔයාව තේරුම් ගන්න අමාරුයි මහීශා"

"එහෙනම් තේරුම් ගන්න එපා"

"මට බෑ.මට ඕන."

මහීශා සෙනුලිගෙ ඇගිල්ල අතහැරලා සාක්කුවට අත දාගෙන එතනින් යන්න යද්දි සෙනුලි මහීශා යන දිහා කදුලු පිරුණු ඇස් වලින් බලන් හිටියා.තමන්ගෙ හිස් වුණු ඒ ඇගිල්ල තමන්ගෙ අල්ලට තද කරගත්ත සෙනුලි යටි තොල දත් අතරට හිර කරගත්තෙ පිටවෙන ඉකිය පාලනය කරගන්න.මහීශගෙ සේයාව නොපෙනී යනකන්ම සෙනුලි එකතැන හිටගෙන ඒ දිහා හිස් බැල්මෙන් බලන් හිටියා.ඒ අතරම නුවර අහස කලු කරමින් වැස්සක් ඇදහැලුණේ සෙනුලිගෙ ඒ කදුලුවලට සාධාරණයක් කරන්න!

Share This Chapter