Back
/ 27
Chapter 25

💙තනිව

සුසුම්.

"අම්මා"

සෙනුලි රෑ නිදා ගන්න ලන් වෙලා අම්මට කතා කරේ හෙට ඉස්කෝලෙට එන්න තියන වග කියන්න හිතාගෙන.ඒත්,තමන්ට ඒකට හේතුව හරියටම කියන්න හයියක් නැති නිසා සෙනුලිගෙ අත්ලට දාඩිය දාලා වෙවුලන ගමන් තිබ්බා.ඒත්,කකුල් දෙකට පන ගත්ත සෙනුලි අම්මා ඉස්සරහට ගියේ මලානික විදිහට.

"ඇයි?"

මේ ටිකේම සෙනුලිගෙ අම්මා සෙනුලි එක්ක ලොකු හොඳක් නැති නිසා අදත් ඒ විදිහටම අමනාපෙන් ඇයි කියලා අහලා සෙනුලි පැත්තට හැරිලා කුස්සියේ පැන්ට්‍රියට හේත්තු වුණා.ඒත්,සෙනුලිගෙ දැන් පෙනුම දැකපු අම්මට ඉබේම ඇස් ලොකු වුණා.සෙනුලි දැන් හිටියෙ බාගෙට මැරිලා වගේ.ඊයෙ වගේම අද දවස ඇතුලත තමන්ට දරාගන්න බැරි ගොඩක් දේවල් සිද්ද වුණා වගේම ඒ හැමදේම අතරම සෙනුලි පාඩනුත් කරා.රෑ එලිවෙනකන්ම ඇහැරන් හිටිය සෙනුලිගෙ ඇස් මේ වෙනකොට යම්තාක් දුරට රතු වෙලා වගේම ඇස්යට පවා ටිකක් කලු වෙලා ඇවිත් තිබුණා.ඒ වගේම වෙනදට වඩා ඇඟ කෙට්ටු වෙලා තිබ්බ නිසා මේ වෙනස්වීම සෙනුලිගෙ අම්මව පුදුම කරා විතරක් නෙවේ,ඒ එක්කම පොඩි වේදනාවකුත් එකතු කරා.

"මේ මොකද දුව මේ?"

සෙනුලි ගාවට ඇවිත් හිටගත්ත අම්මා සෙනුලිගෙන් හිමින් ඇහුවා.

"ඇයි?"

"නෑ මේ මූණත් එක්ක වේලිලා ගිහිල්ලා.කනවා අඩුයිද මන්ද මේ ළමයා. "

"එහෙම එකක් නෑ.මන් මේ ආවෙ පොඩි දෙයක් කියන්න"

සෙනුලි මේ වෙනකොට තර්ක කරන්න තියා හරියට හිටගන්නවත් බැරුව ඉද්දි හරිම මලානික හා මහන්සි විදිහට අම්මට කතා කරේ ඇඟිලි එකට පටලන ගමන්.

"ම්ම් කියන්න බලන්න"

"හෙට ඉස්කෝලෙට එන්න පුලුවන්ද?"

"ඒ මොකටද?"

සෙනුලිගෙ අම්මා ඇස් හීනි කරලා සැකෙන් සෙනුලි දිහා බැලුවා.ඉතින්, මේ වෙනකොට සෙනුලිට කියාගන්න දෙයක් නැති තරමට පත් වෙලා.ඒත් සෙනුලිට ඕන වුණා මේක කොහෙන් හරි ඉවරයක් කරලා නිදහස් වෙන්න.මේ වේදනාව තමන්ට ලොකු බරක් කියලා තමන්ට දැනෙද්දි සෙනුලිට ඕන වුණේ ඒ බරින් නිදහස් වෙන්න.

"එන්න කිව්වා.පොඩි ප්‍රශ්නයක් වෙලා ඒ ගැන කතා කරන්න"

ටික වෙලාවක් සෙනුලි දිහා හීනි වුණ ඇස් වලින් බලන් හිටපු සෙනුලිගෙ අම්මා ලොකු හුස්මක් උඩට අරන් පහලට දැම්මා.පස්සෙ සෙනුලිගෙ එක උරහිසකින් අල්ලගත්ත සෙනුලිගෙ අම්මා,

"මන් කිව්වනෙ ඕවට මන් නෑ.තාත්තලා දුවලා බලාගන්න එකයි ඇත්තෙ.තාත්තව එක්කන් යන්න."

කෑම කාමරේට දොර දිහා බලන් එහෙම කියලා සෙනුලිගෙ උරහිස් අතඇරලා අම්මා නම් එතනින් ගියා.ඒත්,සෙනුලි පිටිපස්ස හැරෙන කොට තමන්ට දකින්න හිටියෙ තමන්ගෙම තාත්තා.තාත්තා මේ දේවල් මෙච්චර වෙලා අහන් ඉඳලා කියලා දැන් වෙද්දි සෙනුලිට තේරෙන්න ගද්දේ සෙනුලි කරේ කදුලු පිරුණු ඇස් වලින් තාත්තා දිහා බලන් හිටපු එක විතරයි.

"මන් එන්නම්!"

"ආහ්?"

තාත්තා තමන්ට කියපු දේ තාමත් අදහ ගන්න බැරි වුණ සෙනුලි පුදුමෙන් ඇස් ලොකු කරලා තාත්තා දිහා බැලුවා.

"හෙට කීයටද එන්න ඕන?"

"2.00 à¶§"

"ම්ම්"

ඉතින්,වචන හුවමාරුවනම් එච්චරයි.නමුත්, දෙමව්පියන්ට තමන්ගෙ දරුවෙක් කරදරේ වැටිලා ඉද්දි තේරුම් ගන්න එක මහ දෙයක් නෙවේ.ඉතින්,ඒ අතින් ගත්තොත් කිසිත් නොකියා එන්නම් කියපු එකම සෙනුලිට මහමෙරක් වගේ වුණා.ඉතින්,හැමෝම නිදාගන්න යද්දි තමන් විතරක් කුස්සියේ ඉතුරු වුණ නිසා සෙනුලිත් තමන්ගෙ කදුලු පිහගෙන කාමරේට ගියා.

.

.

.

.

.

.

.

අද ඉරිදා දවසක්.හවස 5 වෙන්න ලං වෙලා කහ ඉර එලිය පලාතක්ම වෙලාගෙන ඉර බහින්න ළඟ බව පණිවිඩ දෙනවා.ඒ කහ වුණු අහස දිහා ඈත බලන් හිටියෙ වෙන කවුරුත් නෙවේ සෙනුලි.තමන්ගෙ කාමරේ ජනේලෙන් පේන ඒ කහ අහස දිහා ඔහේ බලන් හිටියෙ තමන්ගෙ ඇස්වලින් කම්මුල් දිගේ පල්ලම් බහින කදුලු ගැනවත් හාන්කවිසියක්වත් නැතුව.එක් පැත්තකින් දැන් දැන් සෙනුලිට කදුලු කියන්නෙ දිනපතා සාමාජිකයෙක් වගේ.ඒ වේදනාව විඳලම දැන් සෙනුලිට කදුලු කියන දේ සන්වේදී අවස්ථාවක් නෙවේ.ඒත්,සෙනුලිගෙ හදවතටනම් තවමත් ඒවා සන්වේදී!

මේ හැම දේම සිද්දවෙලා දැනට සති 3 ක්.තමන්ගෙ පාසලෙන් තමන්ට වෙන්න පුලුවන් උපරිම නරක දේත් වෙලා,තමන්ගෙ ගෙදරිනුත්, පවුලෙ අයගෙනුත් නින්දා අපහාස විදිමින් ජීවත් වීම දැන් දැන් සෙනුලි ටිකෙන් ටික පුරුදු වෙමින් යනවා.දැනෙනවද ඒ වේදනාව තමන් හැර අනික් හැමෝම හරි පාරෙ,ඒත් තමන් වැරදිය කියලා තර්ක කරන අවස්ථාවක?

මේ වෙනකොට සෙනුලිගෙ ජීවිතේ මහීශා කියන්නෙ පිට කෙනෙක් ගානටම වැටිලා ඉවරයි.කෙනෙක්ට කියන්න පුලුවන් මේක දුක්ඛිත අවසානයක්!අපි බලාපොරොත්තු වුණේ සතුට කියලා.ඉතින්,සෙනුලි බලාපොරොත්තු වෙන්නෙත් සතුට නෙවේද?ඒක මෙහෙම අවසාන වෙන එකේ වැරැද්ද කාගෙද?මේ හැමදේම ගැන හිතලා හිතලා අන්තිමට සෙනුලි වටේට කැරකිලා එන්නෙ වේදනාවම විතරයි.ඉතින්,ඒ දේවල් සිහි කරන එකේ තේරුමක් තියෙනවද!

සෙනුලි තමන්ගෙ මේසෙ පුටුවෙන් වාඩි වෙලා පෑනෙන් කුරුටු ගගා අහස දිහා බලන් හිටියෙ කම්මුලට අතක් තියාගෙනමයි.ඒ අවස්ථාව සෙනුලිට තමන්ගෙ ඒ අතීතය මතක් කරන්න සමත් වුණා.ඒ දේවල් අමතක කරන්න කොච්චර උත්සාහ කරත් ආයෙම ආයෙම පපුව හිරිවැටිලා ඒවා මතක් වෙන එකට සෙනුලි වෛර කරා.නමුත්,තවමත් ඒ දෙවල් වලට එයා ලෝභ කරනවා.

••••••••••••••••••••••

"ආහ්..හිහී..අනේ එපා...අහ්හ්...හ්ආ.."

"මොකක්ද ඒ කියපු කතාව කියනවා බලන්න ආයෙ?"

"අනේ..ආහ්...එපා..මට කුචි අනේ...අතඅරින්නකො..හිහ්.."

"හරි කෝ මෙහෙ එනවා.."

මහීශා සෙනුලිව තමන්ගෙ පපුවට ලං කරගෙන තමන් ඇදේ හාන්සි වෙලා සෙනුලිව තදින් බදාගෙන හිස් මුදුනට හාදු තියන්න ගත්තා.සෙනුලිත්,තමන්ගෙ ඇඳේ පෙරලිලා ගිහින් මහීශගෙ ඇඟ උඩ හොදට හරිබරිගැහිලා තුරුල් වුණා.

"මන් කිව්වෙ ඉතින්,ඔයානේ පටන් ගත්තෙ හුම්!"

"මන් කිස් එකක් විතරයි දුන්නෙ!ඔයා තමා මාවත් අවුස්ස ගන්නෙ හරිද?"

"ම්හුක්!"

"මොකද මොකද ඈහ්!! දැන් එතකොට මන්ද වලත්තයා ඔයාද ආහ්?"

"ඔයා තමා"

සෙනුලි ඇස් බෝල කරලා මහීශා දිහා ඔලුව උස්සලා බලදිද් මහීශ සෙනුලිගෙ නලලින් සියුම් හාදුවක් තිබ්බෙ සෙනුලිගෙ ඇස් ඉබේම පිය වෙද්දි.

"මේකට මන් ආසයි"

සෙනුලි මහීශා දාගෙන හිටිය සිල්වර් චේන් එක ටී ශර්ට් එක යටින් අත දාලා උඩට අරන් ඒක දිහා බලන් හිටියා.

"ම්ම්.."

සෙනුලි ඒකෙ තිබ්බ S සලකුණින් කරලා තිබ්බ පෙන්ඩන්ට් එක දිගෙ ඇඟිල්ල  අරන් ගියා.ඒකට ඉර එලිය වැටිලා දිලිසෙන දිහා සෙනුලි බෝල ඇස්වලින් බලලා හිනා වුණා.එතකොට ඒ වලගැහෙන කම්මුල් දිහා මහීශා ලා හිනාවක් එක්ක බලන් ඉදලා ඒ උඩින් ලාවට තොල් තද කරා.

"මගේ සෙනුලි!"

"හිහී"

"Cute!"

පස්සෙ සෙනුලි මහීශගෙ උකුලට ඇවිත් ඒ පෙන්ඩන්ට් එක මහීශගෙ තොල් උඩ තියලා ඒක උඩින් තමන්ගෙ තොල් තියලා තද කරා.මහීශගෙ ඉණ වටේට කකුල් දාලා මහීශගෙ උකුල උඩ ඉන්න සෙනුලිගෙ ඉණ දෙපැත්ත මහීශගෙ wrist band පහක් දාපු දකුණු අතට හිර කර ගන්න ගමන් මහීශත් ඒ හාදුවට ප්‍රතිචාර දැක්කුවා.සෙනුලි පස්සෙ විදුලි වේගෙන් ඒ පෙන්ඩන්ට් එක අහකට කරලා මහීශගෙ තොල් අල්ලත්තෙ මහීශට හිතන්නවත් වෙලාවක් නොදී.මහීශත් ඒ දේට නොදෙවෙනි විදිහට සෙනුලිගෙ කට තුල හැම රහක්ම හොයන්න මහන්සි වුණා.

"ආහ්..ම්ම්"

සෙනුලිට ටිකකින් හුස්ම් ගන්න බැරි වෙද්දි සෙනුලිගෙ කටින් කෙඳිරිලි පිට වෙන්න ගත්ත නිසා මහීශා හාදුව නවත්තලා ඇස් ලොකු කරගෙන සෙනුලි දිහා බැලුවා.

"බබා!"

"ඇයි?"

"ඔයාගෙ අම්මා ආවොත්?

"නෑනෑ..එයා ටවුමට ගියේ ටිකකට කලින්.වෙලා යයි එන්න. මෙහෙ එන්න අනේ"

ඉතින්,ඒ කියලා සෙනුලි මහීශගෙ බෙල්ල වටේට අත් ඔතාගෙන නැවතත් හාදවට මුල් පිරුවා.මේ පාරනම් මහීශා සෙනුලිව ඇඳ උඩ පෙරලගත්තෙ සෙනුලිගෙ කකුල් මහීශගෙ ඉණ වටේ පැටලෙද්දි.

"ම්හ්..හ්"

මහීශ සෙනුලිගෙ තොල් තමන්ගෙ දිවෙන් තෙත් කරමින් අත් වලින් සෙනුලිගෙ ඉණ තදින් මිරිකුවා.ඒ දේ නිසා සෙනුලිට හාදුව අතරෙම ලොකු කෙඳිරිල්ලක් පිට වුණා.මහීශා හාදුව අතරින්ම හිනා වෙලා සෙනුලිගෙ තොල් අත ඇරලා සෙනුලිගෙ බෙල්ල පිටි පස්සෙන් හාදු තියන්න ගත්තා.ඒ තැන සෙනුලිගෙ සන්වේදීම තැනක් වෙද්දි මහීශා තමන්ගෙ හාදුව ගැඹුරු කරමින් තදින් සෙනුලිගෙ බෙල්ල සිපගත්තා.

"ආහ්..ම්හ්.හ්හ්..."

දැනෙන වින්දනයට සෙනුලි කොන්දෙන් ඉස්සුනාම මහීශා සෙනුලිගෙ ටිශර්ට් එකට යටින් අත දාලා සෙනුලිගෙ නිරුවත් ඉණ උඩ ඉඳන් පහලට අතගාන්න ගත්තා.ඒ අතරම මහීශා සෙනුලිගෙ කනට කොඳුරද්දි සෙනුලි කරේ වේගෙන් හුස්ම ගන්න ගමන් මහීශගේ බෙල්ලෙ එල්ලිලා හති ඇරපු එක.

"සෙනුලි...you are soo.....mhmm...i wanna taste every inch of yours '"

"හ්ම්...ම්ම්.."

"Words....baby..!"

මහීශා ටිකක් තදින් කතා කරලා සෙනුලිගෙ බඩ තදින් මිරිකුවෙ සෙනුලි ඉබේම බඩ හකුල ගනිද්දි.

"ආහ්...!"

"ශ්ශ්ශ්....ම්ම්...හ්"

මහීශා සෙනුලිගෙ කොණ්ඩෙ පිටෙන් අයින් කරලා පපුව ඉස්සරහට දාලා සෙනුලිගෙ පිට ටී ශර්ට් එකෙන් නිරාවරණය කරගත්තා.මහීශා ඒ නිරුවත් පිට දිගේ ලාවට ඇඟිලි අරන් ගියේ සෙනුලිගෙ බෙල්ල පිටිපස්සට හාදු තියන්න ගමන්ම කට කොනින් හිනා වෙමින්. ඒ ස්පර්ශයට සෙනුලි ඇඹරෙන්න ගත්තා වුනත් මහීශා දිගින් දිගටම ඒ දේ කරේ මූණේ ඒ හිනාව රඳවා ගෙනමයි.

"ආහ්..ස්ස්ස්....මහීශා..ආහ්"

"You feel it right? Look at you...moaning under me..."

"ම්හ්හ්...."

"This is your love for me...i love you and i love it...your love for me"

සෙනුලි කට බාගෙට ඇරන් කෙඳිරි ගාද්දි මහීශා ආයෙම සෙනුලිගෙ යටි තොල් දත් අතරට අරන් ඇදලා අත ඇරියා.පස්සෙ සෙනුලිගෙ ඇස් දිහාම බලන් හිටියා.

"මේ හැඟීම මාරයි සෙනුලි!මට ලෝභයි."

"මන් ආදරෙයි මහීශා"

"මන් දන්නවා..ඒත්,දුක් වෙන්න බලන් ආදරේ කරන්න සෙනුලි"

"ආහ්?"

"........."

"ඇයි ඒ?"

"වැඩක් නෑ..එන්න නැගිටින්න"

•••••••••••••••••••••••

Share This Chapter