Back
/ 27
Chapter 5

🩵මල්සර

සුසුම්.

දැල්වී නිමෙන දුර ඈත අනන්තය තෙක් දිවී ගිය ඒ රාත්‍රී අහසේ විහිදී ඇති තරු, සීතල සුලගක් එක්ක පැටලී යන හඳ එලිය,ඈතින් පේන පාරේ යන වාහන සද්දය හා රැහැයියන් ගේ නාදයෙන් පිරුණු පරිසරය,වවුලන් ඔබ මොබ යන්නෙ හෙලිකොප්ටර මෙනි.මේ චමත්කාර දසුන සෙනුලිට ගෙන දුන්නෙ හුදෙකලාවක් සමග තනිකම මිශ්‍ර වූ අමුතු හැගීමක්.තමන් ගෙදර තිබ්බ එක බැල්කනියකට වෙලා headphone එකෙන් තමන් කැමතිම සින්දු වලට සවන් දුන්නා. ඒ අතරම ඇයට මතක් වුණේ අද දවසේ කෙනෙක් තමන්ට කියපු දේවල්.තමන්ගේ මතකයට එන එන පාසා ඒ මතකයන් වලට හදවතින්ම කැමති වුණා කිව්වොත් ඒක ඇත්තක්. ඒ ජීවය දෙන කතා,අලුත් අත්දැකීමක් ගෙන දුන්නා. නමුත් මේ ආගන්තුක හැගීමේ අරුත කුමක්ද? කිසිදු අදහසක් නම් සෙනුලිට තවත් හිතා ගන්න බෑ. මොන දේ වුණත් තමන් ජීවත් වන්නට කැමති වුනේ අවංක හැගීම් සමග කියන්න සෙනුලි තේරුම් ගත්තා.

මහීශා කියන්නෙ දැන් දැන් එයාට ආගන්තුක නොවෙන කෙනෙක් වුවත් එයා ගැන දැනෙන හැගීම මෙහෙමයි කියල වචන කරන්න සෙනුලිට බෑ.ඇරත් සෙනුලි ඒකට තාම සූදානම් නෑ.

ඈත අහසට ඇස් යොමන් ලොකු හුස්මක් පිට කරපු සෙනුලි ඉදන් හිටපු තැනින් නැගිට්ටෙ පහලට යන්න. දැන් එයාලා රෑට කන වෙලාව නිසා තවත් තමන්ට තනි වෙන්න බෑ. ඒ වගේම ඉස්සරහට එන කඩඉමට තමන් ලොකුවට මහන්සි වෙන නිසා ඉක්මනින් පාඩම් කරල නිදා ගන්නත් ඕන.

"ආහ්...ඔය එන්නෙ සින්දු අහල ඉවරද?"

සෙනුලි පඩිපැල් බැහැගෙන කෑම කාමරයට එනකොටම ඇහුනෙ අම්මගෙ කටහඩ.

"ම්ම්"

ඉතින්, එච්චරයි. සෙනුලි මේ ටිකේම ඉන්නෙ ලොකු කල්පනාවක කිව්වොත් ඒක ගෙදර අයටත් නොපෙනුනාම නොවෙයි. ඒත් එයාලා ඒක වැඩිය හිතට ගත්තෙ නෑ. මොකද එහෙම ලොකුවට දේවල් ප්‍රශ්න කරන ජාතියෙ කට්ටියක් නෙවෙයි නිසා.

"දැන් sports meet තියනවා නේ..එච්චර ඉස්කෝලෙ යන්නෙ නැතුව ගෙදරට වෙලා වැඩක් කරගන්න"

ඇත්තම කිව්වොත් සෙනුලිගෙ පවුලෙ අය වැඩිය භාහිර දේවල් කරනවට කැමති වුණේ නෑ. එහෙමයි කියල සෙනුලි ඒවගෙන් ඈත් වුණෙත් නෑ. පොඩි කාලෙ ඉදන්ම නර්තනයට අති දක්ෂ වුණා වගේම දැනුත් නර්තනය ලොකු ආසාවකින් ඉගෙන ගන්න විෂයක් වුණා. නමුත්, සෙනුලිගෙ අම්මා නම් ඕනවට වඩා භාහිර වැඩ නොකර පාඩම් කරන්න කිව්වා. ලොකුවට බල නොකරත් ඒ කියන පොඩි වචනත් ඇති සෙනුලිට හිතට ගන්න.

.

.

.

.

උදේම ඉස්කෝලෙට යනකොට වෙනදා වගේම ලමයි තම තමන්ගෙ කතාවල වල. ඉතින් සෙනුලිත් හිරුශි ගාවට ගියා. දැන් එයාලගේ sports meet ඉවර වෙලා සතියක් වගේ කාලයක් ගිහිල්ලා. මේ ගෙවෙන්නේ අවුරුදු කාලය. ඉතින් කාගෙත් හිත් සාමකාමීව සතුටු කරන්න පුලුවන් ඒ අපූරු උත්සවේට ඉස්කෝලෙන් උත්සවයක් ලෑස්ති කිරමින් හිටියා.

"මේ බන් ! මේ පාර අපේ අවුරුදු උත්සවේට ගොඩක් දේවල් තියෙයි.අලුත් principal ආවත් හරි ලොකුවටම කරන්න ඉන්නෙ"

"එහෙමද?"

"මහීශා මොකද කියන්නෙ. මොකට හරි යමන්කො..උඹට මොනවද පුලුවන්...."

හිරුෂි තමන්ගෙ නිකටට අත තියාගෙන දාගෙන කල්පනා කරේ මහීශාට යන්න item එකක්. ඒත් සෙනුලි නම් කරේ මහීශා දිහා බලන් හිනා වුණ එක.

"මහිශා!"

ඒ සෙනුලි. එයා මහීශව කතාවට අල්ලගන්න මුලින්ම කතා කරන්න හිතා ගත්තා.

"ම්ම්?"

"මන් one direction ලගේ සින්දු ඊයේ ඇහුවා..ඒවා ලස්සනයි!"

ඉතින්. ඒ කිව්ව දෙයින් මහීශගේ ඇස් දිලිසෙන්න ගත්තා. ඒ දිහා බලන් හිටපු සෙනුලිටත් හීන් හිනාවක් ආවා.

"එහෙමද? මොකක්ද අහපු සින්දුව?"

"හ්ම්...එහෙනම් අහගන්න"

"Let's go crazy, crazy, crazy 'til we see the sun

I know we only met,but let's pretend it's love

And never ,never, never stop for anyone

Tonight let's get some

And live while we young....."

සෙනුලි සින්දුව තාල තියමින් හිමින් මුමුනද්දි මහීෂා කරේ ඒ එකට ගැටෙන දෙතොල් වලට ඇස් යොමන් සෙනුලිගෙ මූණෙ ඇදුන හැගීම් කියවමින් ඇස් පිල්ලමක්වත් නොගහ බලන් හිටපු එක.

ඒත් සින්දුවේ අන්තිම වාක්‍ය කියවනත් එක්ක සෙනුලි තාලෙට ම බෙල්ල හරවල මහීශා දිහා බැලුවා .ඒ ඇස් ආයෙමත් එකට යා වුණේ දෙදෙනාගෙම ඇග දිගේ සිතලක් එක්කම හිරියක් ඇති කරමින්.

ඒ සැනින් මහීශා ඒ ඇස්වලින් අයින් වෙලා බිම බලාගත්තා.

"....ලස්සනයි"

".......ම්ම්තෑන්ක්ස්............"

"තව සින්දු තියනවා. මන් වෙලාවක ඔයාට පෙන්නන්නම්කො"

"ඒ කොහොමද?"

"Phone එකෙන්"

"ඒත්..?"

"මන් දන්නවා....මෙහෙදි නෙවේ. අපේ ගෙදරදි. වෙලාවක එන්න"

මහීශා මෙහෙම කතා කරනකොට සෙනුලිට දැනුණෙ පුදුම තරම් නිදහසක්. ඒ නිසාම සෙනුලිත් තොල් තද කරන් හිනා වුණේ ඔලුව වනලා ඒ කියපු දේට එකඟ වෙමින්.

"මේ අහපන්කො!"

මෙච්චර වෙලාම වෙනම ලෝකෙක හිටපු දෙන්නව මේ ලෝකෙට ගත්තෙ වෙන කවුරුත් නෙවේ හිරුශි.

"මන් හිතන්නෙ මහීශා විකට ඇදුම් තරගෙට ගියානම් හරි"

"හ්ආ?"

ඒ කියපු දේට සෙනුලි විතරක් නෙවේ මහීශටත් හිනා ගියා.

"එහෙමද උඹ හිතන්නෙ. අනේ පලයන්!"

මහීශා හිරුශිටත් රවලා අහක බලා ගද්දි සෙනුලිට නම් තාම හිනා. ඉතින් එයා කරේ හිරුශිත් එක්කම එකතු වෙලා හිනාවුණ එක.

ඒ වෙනකොටත් පන්තියට පන්තිභාර මැඩම් ඇවිත් හිටයෙ.

"ලමාමාමායි! අපේ අවුරුදු උත්සවේට අපේ පන්තියෙන් items වලට යන්න කැමති අය නම් දෙන්න මට"

ඒ එක්කම ලමයි කුටු කුටු ගාන්න ගත්තා.

ඒ අතර තවත් ළමයෙක් පන්තියට ආවේ file එකකුත් උස්සගෙනන.

"ඔව්!"

පියරපාන ඒ ළමයට කතා කරේ මොකටද ආවේ කියල අහන්න.

"මැඩම් මන් 12 Arts එකෙන්. මේ පාර අපි තමා අවුරුදු උත්සවේ organize කරන්නෙ. අපිට මේ grade එකෙන් නම් ලැයිස්තුවක් ඕන කරනවා මේ පාර අවුරුදු කුමාරිට යන අයගෙ"

ඒ කියනවත් හරි හැම ළමයම වගේ කලබලෙන් හැසිරෙන්න ගත්තා. ඒ අතර,

"මේ...උඹ පලයන්කෝ!"

හිරුෂි සෙනුලිට කිව්ව දෙයින් සෙනුලි නම් හිටියෙ ඇසුත් ලොකු කරන් බය වෙලා.

"ම්..ම..ම්.."

"ඔව් ඔයා යන්න"

මහීශාත් ඒකට එකතු වුණේ යන්න කියමින්.

"සෙනුලි! ඔයා යන්නකෝ!"

පන්තියෙ අනිත් ළමයිත් ඒ දේට උඩගෙඩි දෙන්න ගද්දී පියරපානත් හිනා වෙමින් සෙනුලි දිහා බැලුවා. දැන්නම් තමන් ලැජ්ජාවටම රතු වෙලා බව දැනෙන නිසාම සෙනුලි හිටියෙ අපහසුවෙන්.

"ම්ම්...සෙනුලි දුව යන්න එහෙනම්...තව කවුද කැමති?"

ඉතින් අවුරුදු කුමාරිට යන්න සෙනුලි වගේම පන්තියෙ තව ලමයි දෙන්නෙක් ඉදිරිපත් වුණා. එයාලගේ නම් අරන් ආපු ළමයා යන්න ගියා.

ඉතින් උගන්නන හැම පීරියඩ් එකකම සෙනුලි මහීශා දෙන්නා හැම තිස්සෙම වගේ මුණෙන් මූණ බලා ගන්නවා. හොරෙන් බලනවා. ඒ වගේම තමා හම්බෙන හැම free වෙලාවකම සෙනුලි කරේ මහීශා එක්ක songe,movies ගැන කියව කියව එකිනෙකාගේ අදහස් බෙදා ගත්ත එක.

ඒක දෙන්නටම ලොකු නිදහස් බවක් ගෙන දුන්නා.

ඒත් සෙනුලි හිතන්නෙවත් නැති විදිහට මහීශා කරපු දෙයින් සෙනුලිගෙ මුලු ගතම ගිනි ගොඩකට දැම්මා වගේ රත් වෙන්න ගත්තා.ඒ දෙන්නා කතා කරන අතරතුරේ මහීශා සෙනුලිගෙ කම්මුලට ලාවට හාදුවක් තිබ්බා. ඒ දෙයින් සෙනුලි පුදුම වුණා විතරක් නෙවේ, ඒ වුණ දේ තේරුම් ගන්න සෙනුලිට තත්පර ගානක් ගියා.ඒත් සෙනුලි මහීශගේ මුණ දිහා බැලුවෙ මොකක්ද ඒ කරේ වගේ බැල්මකින්.

"ම්ම්..."

මහිශා එක ඇහිබැමක් උස්සල එහෙම කියද්දි සෙනුලිට එතන ඉන්න බැරි වුණා. මොකද දැන් තමන්ගෙ හදවත එලියට පනින තරම් වේගෙන් ගැහෙනවා. කන් රත් වෙලා වගේම දාඩිය දාලා. ඒකත් අහල පහල කවුරුහරි දැක්කනම් ඊටත් වඩා බයයි. මේ හැම දේම මැද සෙනුලිනම් හිටියෙ ලැජ්ජාව දෝරෙ ගලමින්.

"...................."

"මටත් ඕන"

මහීශා තමන්ගෙ දබර ඇඟිල්ලෙන් තමන්ගෙ කම්මුලම පෙන්නලා කියද්දි සෙනුලිට හිතා ගන්න බෑ. ඇයි මෙහෙම දෙයක් වෙන්නෙ.!!

"ආහ්?"

"ඇයි? බැරිද?"

"න්..නෑ...එහෙම නෙවේ.."

සෙනුලි ඒ කියල ලැජ්ජාවටම තමන්ගෙ යටි තොල හපාගෙනම මහීශාගේ මූණට ලං වුණා. ඒ වෙද්දි සෙනුලිට මහීශාව මෙච්චර ලගින් පෙනෙන්න ගන්නකොට තමන්ගෙ මුලු ඇගම හිරිවැටෙන ඒ අමුතු තිගැස්ම ආයෙමත් එන්න ගත්තා. ඉතින් සෙනුලි කකුල් දෙකෙන් යන්තම් ඉස්සුනෙ මහීශගේ උසට තමන් ලං වෙන්න. එහෙම ලං වුණ සෙනුලි මහීශගේ කම්මුල් උඩ තොල් තද කරල ක්ෂණයෙන් ඒවා ඈත් කරල රතු වුණ මූණ හංගගන්න බිම බලා ගත්තා.

"තෑන්ක්ස් "

මහීශා එහෙම කියද්දි සෙනුලිනම් තාමත් හිටියෙ බිම බලාගෙන. ඉතින් මහීශා ආයෙමත් සෙනුලිගෙ මූණට එබුනා.

"සෙනුලි"

"හ්ම්?"

සෙනුලි ඇස් උඩින් මහීශා දිහා බැලුවේ හිනාව තද කරගන්න තොල් එකට තද කරගෙන.

"කියුට්!"

...........................................................................

Share This Chapter