Back
/ 27
Chapter 6

💙විශ්වාසය

සුසුම්.

"අනේ.... අම්මේ! රතු පාට එපා. රෝස පාට ගන්නකෝ "

"...හාහා.රෝස පාට දෙන්නකෝ එහෙනම්"

"ඔච්චර ඕන්නෑ අනේ..අවුරුදු කුමාරිනෙ අනේ..miss world නෙවේ!"

"ඒ වුණාට එහෙම බෑනෙ දරුවො. යන එකේ ලස්සනට යන්න එපැයි."

"මැඩම් මේක දුවට ලස්සනට තියෙයි. බලන්න පොඩ්ඩක්"

සෙනුලි අම්මත් එක්ක හෙට තියෙන අවුරුදු උත්සවයටඅවුරුදු කුමාරිට අදින්න ඇදුමක් ගන්න ඇවිත්.ආපු වෙලාවේ ඉදන් ලස්සන ලස්සන ඇදුම් තෝරන එකනම් සෙනුලිට ටිකක් එපා වෙලා තියෙන්නෙ.ඒත් තමන්ගෙ අම්මගෙ වදේට ඉවසන් ඉන්න වෙනවා.

.

.

.

.

.

"ඇහැළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි...

වලි කුකුලන් හඬලනකොට අහන් ඉන්න හරි හැඩයි.."

හැමොම බලන් හිටපු ඒ අවුරුදු උත්සවයක් උදා වුණා. සෙනුලි වෙනදටත් කලින් ඉස්කෝලෙට ගියේ එයාට ඇදුම් මාරු කරගන්නත් තියන නිසා. ඉස්කෝලෙට එනකොට රෙද්ද හැට්ට ඇදන් එන්න සෙනුලිට ඕන වුණේ නෑ.

"අඩෝ! කට වහපන් බන්.."

"ඇයි ඇයි තෝ! මන් දවස් ගානක් මේක පුරුදු වුණේ drama practicals වලට. කලින් ඉදන් ලෑස්ති වෙන එක ඇඟට ගුණයි."

"අනේ තෝ ඔහොම කෑ ගහන්න ගන්නකොට අපේ කන් ලෙප්ට් "

"ඉරිසියාව!"

"වැඩේමයිනේ "

හිරුෂි උදේ පාන්දරම ආපු ගමන් මේ සෙනුලි එක්ක රණ්ඩු වෙන්නෙ සින්දුවක් අල්ලගෙන. හිරුෂිගෙ නාට්ටි වැඩ දැන් දැන් සෙනුලි ආතල් එකකට ගන්නවා.

"Good morning! ගායිස්"

මහීෂා එයාලා ගාවට ආවේ ලොකු බෑග් එකකුත් අතේ තියාගෙන.

"Good morning! ඔය මොනවද?"

සෙනුලි බෑග් එකට ඇගිල්ල දාලා එබිල බලමින් ඇහුවා.

"ආහ් මේ මන් විකට ඇදුම් තරගෙට යන්න කියල. "

"අඩෝ සිරාවට...ගැම්මක් තමා බන්.කාටද අදින්නේ බන්?"

හිරුෂි හිනා වෙවී කියද්දි සෙනුලි ඇසුත් ලොකු කරල මහීශා දිහා බැලුවා. එයාට විශ්වාස කරන්න බෑ මහීශා ඒකට යනවා කිව්වම.

"ඇත්තටම!"

සෙනුලි මහීශාගෙන් ඇහුවම මහීශා හීනි හිනාවකින් ඔලුව වනලා ඔව් කිව්වා.

"මන් justin bieber ගේ cosplay එකක් කරනවා"

"Wow...ඒක මරුනේ..."

"කවුද බන් ඒ?"

හිරුශි නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතුව ඇස් හීනි කරල බැලුවා. ඒ බැල්මට සෙනුලිටයි මහීශටයි හිනා.

"අයියෝ...බන්...එයා ප්‍රසිද්ධ singer කෙනෙක්.උඹ ඉතින් දන්න මගුලක් නෑනෙ."

"අනේ පලයන් සෙනුලි. මන් දන්නෑ තමා.මට ඕවා බලන්න දෙන්නෑ බන් ගෙදරින්. අඩුම phone එක ඉල්ලගන්නෙත් බොහොම අමාරුවෙන්."

"ඔව් ඉතින්. උඹට phone දුන්නොත් මොනවද බලන්නෙ කියල මන් දන්නවනේ."

"අඩෝ අඩෝ...ඕවනම් කියාගෙන එන්න එපා. අපි හොද ළමයි!"

"අනේ තොගෙ හොදකම මන් දන්නැද්ද"

මේ දෙන්නගේ කියවිල්ල දිහා මහීශා හිනා වෙවී බලන් හිටියත්, මහීශගේ ඇස් නම් නිතරම ගියේ සෙනුලිගෙ හිනාවෙනකොට වල ගැහෙන ඒ කම්මුල් වලට.

සෙනුලිත් එකපාරට මහීශා දිහා බලද්දි ඒ වෙනකොටත් මහීශා තමන් දිහා බලන් හිටිය නිසා තරමක් පුදුම වුණත් ඒ ඇස් එකට ගැටිල ටික වෙලාවක් ගියත් දෙන්නටම තේරුණේ නෑ.සෙනුලිටත් දැන් හිතා ගන්න බෑ මේ මහීශා කරන්න හදන cosplay එක. එයාට හරිම කතුහලයයි මහීශාව තමන් ඒ විදිහට දකිනකන්.

"ඔයා ඇදුම ඇදගෙන නෙවේද ආවේ?"

මහීශා සෙනුලිගෙ ඇස් දිහා බලාගෙනම ඇහුවා.

"ආහ්..මන් blouce එක ඇදන් ආවේ.මේ ජර්සි එක දාගෙන ආවේ ඒකයි. රෙද්ද එවෙලෙට ඇදගන්නවා.

"ආහ්.."

"ඔයා..."

"හ්ම්?"

මහීෂා ඇහිබැමකුත් උස්සලා ඇයි වගේ අහද්දි සෙනුලි තොල් තද කරගෙන බිම බලාගත්තෙ ඇත්තටම එවෙලෙ දැනිච්ච ලැජ්ජාවට. තමන්ට මේ විදිහට දැනෙන්නෙ ඇයි කියලවත් තේරුමක් සෙනුලිට නෑ!

"මොකක්ද අහන්න ගියේ ම්ම්?"

"..ඇත්තටම මට ආසයි ඔයා cosplay එකේ ඉන්න විදිහ බලන්න. ඇයි ඔයා එහෙම එකක් තෝර ගත්තෙ?"

"හ්ම්...මන් bieber ට කැමතියි. අනිත් එක වෙන මොනවා කියල කරන්නද මන්..හ්ආ..හ්ආ. කෙල්ලෙක් වගේ අදින්න ඈ?නැත්තන් කුමාරිහාමි කෙනෙක් වගේ. හ්හහා..."

මහීශා සෙනුලි දිහා බලන් හිනා වෙනවා.සෙනුලි කටත් ඇරන් මහීශ දිහා බලන් ඉන්නවා මොනවද මේ කියන්නෙ වගේ ලුක් එකකින්.

"ආහ්? ..."

"පුදුමයිද?"

"......................."

"පුදුම වෙන්න එපා. ඉස්සරහට දැනගන්න ගොඩක් දේවල් තියෙයි."

සෙනුලි අන්දුන් කුන්දුන් වෙලා වගේ නලල රැලි කරන් මහීශා දිහා බලන් හිටියෙ එයාට ඒ කිසි දෙයක් තේරුම් ගන්න බැරි වුණ නිසා.ඇත්තටම මහීශා අදහස් කරේ මොකක්ද කියල එයා දිගටම හිතුවත් කිසිම අදහසක් ඔලුවට ආවේ නෑ.

.

.

.

.

.

"අඩෝ ඕක ඇගේ ඇනෙයි හරියට ගහපන්කෝ"

"අනේ යකෝ. කෑ ගහන්න එපා.කල්පනී මෙන්න මේක අල්ලගනින්. මට ඔක්කොම එල්ලගෙන මේ වැඩේ කරන්න බෑ"

"අයියෝ! සෙනුලි ඔයාට රෙද්දක්වත් හරියට ඇදගන්න බෑනේ.හ්ආ.."

"අනේ මේ කල්පනී..! කට වහන් උදව් කරනවකො . මේ හිරුෂි මට හැට්ටකටුවලින් අනිනවා යකෝ."

"හ්ආ.හ්ආ.හ්ආආආ...."

සෙනුලිට අම්ම අරන් දුන්න රෝස පාට මල් තියෙන රෙද්ද සෙනුලිගෙ සුදු හමට හරි හරියට කැපිලා පේනවා.ඒ වගේම වැලමිට ලගට වෙන්න තියන අතයි ඇගටම හිර සුදු ලේස් බලව්ස් එකට සෙනුලිගෙ හැඩ ඇග වගේම කිරි සුදු බඩත් හොදින් කැපි පේන විදිහට තියෙනවා.ගොතාගෙන හිටිය කොණ්ඩ දෙක කඩලා පනාවෙන් කොණ්ඩෙ පීර ගත්ත සෙනුලි කණ්ණාඩියකින් තමන් දිහා බැලුවා.

"අම්මට! ඒ මේක හිර වැඩි නැද්ද හිරුෂි?"

"පිස්සුද බල්ලො. ඔය ඉන්නෙ ලස්සනට."

"අනේ මන්ද"

"හරි හරි. වරෙන්කො මූණේ මොනවා හරි උලමු "

මේ අතර මහීෂා තමන්ගෙ ඇදුම් මාරු කරගෙන පන්තියට එන ගමන් හිටියෙ.පන්තියෙ දොර ගාව නැවතිලා ගල් වෙලා වගේ සෙනුලි දිහා බලපු මහීශාට කෙල ගිලින්නත් අමතකයි.තමන් හිටපු විදිහටම හිටගෙන ඉන්න නිසා හිරුශි මහිශාගෙ දැහැන බින්දා.

"ආහ්..මහීශා..මෙහෙ වරෙන්"

ඒත් තවමත් මහීශනම් හිටියෙ ඒ විදිහටමයි. මහීශාගෙ ඇස් කණ්ණාඩියෙන් මූණ බලබල ඉන්න සෙනුලි ගාව ලොක් වෙලා.මහීශට හීන් දාඩිය දාන්න ගත්තෙ සෙනුලිව මෙහෙම දකින පලවෙනි පාර නිසා.ඇත්තටම මේ සෙනුලිගෙ ලස්සන පෙනුම මහීෂගෙ ඇස් දැනටත් වසග කරගෙන ඉවරයි.

මහීෂනම් එයාගෙ විකට ඇදුම් තරගෙට ලෑස්ති වෙලා ඉවරයි. කලු පාට ඩෙනිම් එකකට කලු arm cut ස්කිනර් එකයි ඊට උඩින් කලු,තද නිල් චෙක් ශර්ට් එකේ බොත්තම් ඔක්කොම ගලවල ඒක කෝට් එකක් වගේ දාන් හිටියා. සිල්වර් පාට චේන් එකක් එක්ක තව මාලයක් දාගෙන කොණ්ඩෙ බාගෙට අල්ලල පෝනි ටෙල් එකක් බැදගෙන හිටියෙ.කලු සන්ග්ලාස් දෙකක් ස්කින්ර් එකේ ගහගෙන හිටපු මහීෂා දිහා මුලු පන්තියම හැරිලා බැලුවෙ ඇසුත් ලොකු කරලා.

හැම කෙල්ලෙක්ගෙම අවධානය ගන්න පුලුවන් අමුතු කඩවසම් පෙනුමක් ඒ වෙනකොට මහීශා ගාව තිබ්බා. ඒ නිසාම හැම කෙනාම මහීශා දිහා බලන් හිටියා. ඒත් සෙනුලි නම් තාමත් කණ්ණාඩිය දිහා බලන් මොන මොනවද මතුර මතුර ඉන්නවා. සෙනුලි මහීශට පිටුපාලා හිටිය නිසා තාම එයා මහීශව දැක්කෙ නෑ.

"මොනවද බන් ඔතනට වෙලා කරන්නෙ. වරෙන්කෝ"

හිරුෂි කෑ ගහද්දි තමා මහීශා මෙලොව සිහියට ආවේ.මහීශා තමන්ගෙ ඔලුව දෙපැත්තට ගසලා තමන්ටම හිනා වෙනගමන් හිරුෂිලා ගාවට ආවා.

"ඇඳගෙන ඉවරද ඔයාලා?"

මහීශා සෙනුලිගෙ උරහිස උඩින් මූණ දාලා කණ්ණාඩියෙන් සෙනුලි දිහා බලලා අහද්දි සෙනුලි ඇසුත් ලොකු කරන් මහීශා දිහා බලන් හිටියා.සෙනුලි මහීශව දැකල පුදුම වුණත් ඒ බව නොපෙන්වා හිමිට මහීෂා දිහාවට හැරුණා.සෙනුලිගෙ ඇස් මහිශගෙ මුලු ඇග පුරාම යනවා.ඒ වගේම මහීශා සෙනුලි දිහා බලන් හිටියෙ කට කොනේ හිනාවකුත් දාගෙන් අත් දෙකත් පිටිපස්සට බැඳගෙන.

සෙනුලි කෙල ගිලිමින් මුකුත් නොකිය හිටියෙ එයාට මහීශගෙ පෙනුම ඇත්තටම හිතා ගන්න බැරි නිසා. තමන් මොනවද මේ කරන්නෙ කියල තමන්ටම හිතුණත් එයාට ඒ සිතිවිලි වලින් එලියට එන්න උවමන්වක් තිබ්බෙ නෑ.

"උදව්වක් ඕනද?"

මහිශා සුපුරුදු කට කොනේ හිනාව දාගෙන සෙනුලිගෙන් අහද්දි සෙනුලි මහීශා දිහා බැලුවෙ ලොකු කෙල තලියක් ගිලින ගමන්.

"අහ්..."

"දන්නවද...අදනම් ඔයා මාර ලස්සනයි!"

සෙනුලි තමන්ගෙ තොල් දිවෙන් තෙත් කරමින් තොල් දෙක තද කරගත්තෙ ලැජ්ජාව වගේම හිනාව නවත්තගන්න.

"මේ බන්. උඹ ලිප්ස්ටික් ගාන්න දන්නවද? සෙනුලිගෙ ගාපන්කො. මට තේරෙන්නෑ බන් ඔව්වා"

ඒ අස්සෙ හිරුෂි කියපු දේට මහීශනම් ප්‍රතිචාර දැක්වුවෙ තවදුරටත් කට කොනින් හිනා වෙලා.ඒ වෙනකොටත් සෙනුලිගෙ අතේ ලිප්ස්ටික් එකක් තිබ්බා. ඒ දිහා බලපු මහීශා හිමින් සෙනුලි පහත දාගෙන ඉන්න අතේ තියන ලිප්ස්ටික් එක ගන්න යද්දිම ඒ සියුම් ස්පර්ශයට සෙනුලි ගැස්සිලා ගියත් තාමත් එයා මහීශගේ ඇස් දිහා බලන් හිටියෙ.මහීශා සෙනුලිගෙ ලිප්ස්ටික් එක ගන්න කලින් සෙනුලිගෙ ඇගිලි තමන්ගෙ ඇගිලි වලින් ලාවට ඇල්ලුවා.ඒ ස්පර්ශය සෙනුලිගෙ මුලු ගතම දවා ඇවිලුවා. කොන්ද දිගේ වගේම කකුල් වල ඉදන් බඩට යනකම් විදුලි ධාරාවක් යනව වගේ සෙනුලිට දැනුණා.සෙනුලි හයියෙන් හුස්ම ගන්න දිහා බලන් හිටපු මහීශටනම් හීන් හිනාවක් ගියේ හරිම ජයග්‍රාහී පෙනුමකින්.

"මන් ගාන්නද?"

"..අහ්...හ්හ..හා.."

සෙනුලි ගොත ගහමින් උත්තර දෙද්දි මහීශා සෙනුලිගෙ මූණට ටික ටික ලන් වුණේ ලිප්ස්ටික් එක ගාන්න.දෙන්නම දෙන්ගෙම ඇස් දිහාම බලාගෙන ඇස් වලින් වෙනම ලෝකෙක ගිලිලා හිටියා.

මේ දේවල් හිරුෂියි කල්පනී බලන් හිටියෙ ඇස් හීනි කරන් වෙන දේ තේරුම් ගන්න ගමන්.

"උඹට හිතෙන්නැද්ද බන් ලොකු ප්‍රශ්නයක් අත ළග කියලා"

කල්පනී හිරුශිගෙ කනට කරල කිව්වා.

"අනේ මන්ද බන්...මටත් හිතා ගන්න බෑ."

"අපි හිතනකොට හැම දේම වෙලා තියෙයි බන්"

"උඹ එහෙම හිතනවද?"

"හ්ම්...පේන විදිහටනම් එහෙම තමා.අපි ඉතින් නිදාගෙන නැගිටලා ඇහ්.ඉස්සර ඉදන් මේකේ හිටපු අයනේ.සෙනුලිගැන තමා ටිකක් බය"

"ඇයි?"

"මටත් හිතා ගන්න බෑ. බලමුකො"

"අපිට පේන පේන දේ එහෙම විශ්වාස කරන්න බෑ බන්"

"හ්ම්.."

Share This Chapter