Back
/ 27
Chapter 7

💙පහස

සුසුම්.

[සෙනුලි pov]

'රට පුරාම අවුරුදු සිරි මේන් බලන් එරබදු මල්

බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා...

මීණ රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන

හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේන් බලල්ලා.......

සිතගේ පැතුම් ඉටුවේ මුවගේ සිනා වෑහේ

සිරිලක පිරි අවුරුදු සිරි මේ...'

ගොක්කොළ සැරසිලි, අවුරුදු කැවිලි, රතිඤ්ඤා සද්දෙ ,මේ හැමදේම අවුරුද්ද කියන හැගීම මට උපරිමෙන් දෙනවා. මන් කැමතිම උත්සවයක් තමා සිංහල දෙමල අලුත් අවුරුද්ද!

පවුලේ අයත් එක්ක එකට කැවිලි කන එකට අමතරව මේ වගේ ඉස්කෝලෙ යාලුවොත් එක්ක එකට ඉන්න එක වෙනමම ආතල් එකක්.ඒකත් අවුරුදු දාට වෙනම feeling එකක්.

මන් අම්මා දාලා දුන්න මේකප් බඩු එහෙන් මෙහෙන් ගාගත්තෙ අවුරුදු කුමාරිට යන්න තව ටික වෙලාවකින් ලෑස්ති වෙලා ඉන්න ඕන නිසා. ඇත්තමයි මට හිතුණොත් මේ රෙද්ද ගලවල විසික් කරනවා. මේවා ඇදන් ඉන්න බෑ.දාඩියයිත් එක්ක. කොණ්ඩෙ බෙල්ලෙ ගෑවෙන එකනම් හරිම අපහසුයි.

ඒ මොනවා නැතත් මගේ මේකප් එක දැකලා මටම හික් ගෑවුණා.යකෝ මේ මන්මද ?මහීශගෙ මේකප් වැඩ නරකමත් නෑ.මට ඉතින් තිබ්බෙ එයාගේ මූණ දිහා බලන් ඉන්න එක විතරයි. මහීශා ඉන්න විදිහට මගේ හාර්ට් එක එකසිය ගානට ගැහෙනවා.ඒ මදිවට දාඩියකුත් දාලා.කම්මුල් දෙක රතු වෙලා තියන නිසා මහීශා මාව විහිලුවකටත් ගත්තා. විලි ලැජ්ජයි.ඇයි මටම මෙහෙම වෙන්නෙ?

ලිප්ස්ටික් ගානවා කියලා මහීශනම් කරේම මගේ මූණ දිහා බලන් භාවනා කරපු එක.මටත් ඉතින් වෙන වැඩ නෑනෙ,මාත් එයාගෙ ඇස් දිහාම බලන් හිටියා ඉතින්.!!

"ඔන්න හරි ම්ම්..."

මහීෂා අන්තිමට මගේ මූණෙන් ඈත් වෙලා ලොකු හුස්මක් පහත දාලා කිව්වා.

"බලන්න හොදයි ද කියලා"

"හ්ම්.."

මන් එහෙම කියලා කණ්ණාඩියෙන් බැලුවම තමා දැක්කෙ පොඩ්ඩක් ඇහිබැම ඇඳලා වැඩියි කියලා.හ්ආ!බුදාම්මෝ මන් යකෙක් වගේ ඒකටනම්. මොනවද මහීශා කරන්නෙ!

"මේ..eyebrows වැඩියි නේ ඒ!"

"ආහ්? එහෙමද? කෝ බලන්න"

"නෑනෑ. එපා! මන් කරගන්නම්. ඔයා යන්න දැන්"

තවත් මෙතන මාව කනපිට හරවන්න කලින් මන් එහෙම කියලා මහීශව එතනින් එලව ගත්තා.නැත්තන් මේක අද කරල ඉවරයක් කරන්න වෙන්නෙ නෑ.ඔක්කොම මේකප් වැඩයි, කොණ්ඩෙ හදන වැඩයි ඉවර කරගෙන මන් අපේ සෙට් එක වාඩිවෙලා ඉන්න තැනට ආවා.හිටන් ඉදලා කකුලුත් රිදෙනවා!

"ආහ්! ඉවරද බල්ලො?"

"හ්ම්...අනේ බන් මේකට යන්නම ඕනද බන්. එපා වෙනවනේ"

"පිස්සුද මෙච්චර මේ ලෑස්ති වෙලාවෙ මගුලක් කතා කරන්න එපා"

ඒ වෙනකොට පන්තියෙ පුටු වටේටම රවුමක් විදිහට හදල මැදම ඩෙස් කිහිපයක් එකතු කරල ලොකුවට කැවිලි මේසයක් හදල තිබ්බා. වටේට තිබ්බ පුටුවල ළමයි ගානටම හරියන්න ඉඩ තිබ්බෙ නැති නිසා පුටුවල සම්පූර්ණයෙන්ම වගේ ළමයි පිරිලා හිටියා.මන් ඉඳගන්න තැනක් හෙව්වත් කිසිම තැනක් හම්බුනේ නෑ. අපේ එවුනුත් ගුලි වෙලා වගේ ඉන්න එකේ එක පුටුවක් හොයනවා කියන්නෙ ඉතින් ලොවෙත් වෙන දෙයක් නෙවේ.

"මේ හිරුෂි! පොඩ්ඩක් එහාට වෙයන් මටත් ඔතනින් පොඩ්ඩක් වාඩි වෙන්න"

"මෙතන කොහේ ආයේ වාඩි වෙන්නද? මේ කල්පනී මගේ ඇගේ රිංගගෙන ඒ අස්සෙ."

අයියෝ මුන්ටත් තැනක් හොයාගන්න බැරි හැටි. වෙනදටනම් සෙට් එකටම ඉන්න හොද පොට් එකක් සෙට් වෙනවා.ඒත් අද කරුමෙට ම ඔක්කොම ළමයි ඇවිල්ලා වගේ. මේ හද්ද පොඩි පන්තියේ හැරෙන්නත් ඉඩ මදි යකුනේ..!

මන් කල්පනා කරකර ඉන්නවා මහීෂා දැක්කා. හරි, දැන් ඉතින් මොකක් හරි කියයි.මෙන්න යකෝ මගේ අතේ ඇගිලි වලින් අල්ලනවා!අත අරිනවා මාව.මගේ හාට් එක ගැහෙනවා.මට මොකක්ද මේ වෙන්නෙ. ඒක නිකන් ටච් එකක් විතරයි.තව කොච්චර අය ඔයාව ඔහොම අල්ලල තියනවද.සන්සුන් වෙන්න සෙනුලි!

"එන්න!"

මහීෂා එයාගෙ ඔඩොක්කුව පෙන්නලා මට එන්න කිව්වා. ඈ! ඔඩොක්කුවට!!මන් කොහොමද?..අනේ මට ලැජ්ජයිනෙ.මට බෑ. මොකද යකෝ මේ මනමාලි වගේ ඇඹරෙන්නෙ. ඒක නිකන් දෙයක්. යාලුවො උනාම එහෙම තමා.තෝ නටන්නැතුව ඉදපන්.

දහසක් සිතුවිලි මැද්දෙ මන් මූණත් රතු කරන් ඇසුත් ලොකු කරන් මහීශා දිහා බලන් ඉද්දි,මහීශගේ ඉවසීම අන්තෙටම ගිහින් මාව ඇදල අරන් එයාගෙ ඔඩොක්කුවෙන් ඉන්දව ගත්තා.මාත් ඉතින් ඇදිලා ගිහින් එයාගෙ ඈත් වෙච්ච කකුල් උඩ ඉන්දවුනා නිකන් හුලගක් වගේ.මගේ අත් එයාගෙ උරහිස් දෙක දෙපැත්තෙන් තියාගෙන හිටියෙ මන් වැටෙයි කියලා හිතිලා.ඇයි ඉතින් ඇදලා ගත්ත පාරට මන් හිතුවෙ බිමට පතබෑවෙයි කියල.

මට බැලුනෙ ඒ ඇස් දිහා. අහංකාර පෙනුමැති ඒ ඇස් එක්ක මගේ පුදුම සහගත ඇස් එකට ගැටෙද්දි වෙනද වගේම අර නුපුරුදු හැගීම මගේ සිරුර පුරා දිව ගියේ මට හිතන්නවත් වෙලාවක් නොදී.මහීශා මගේ ඉණෙන් අල්ලන් මාව තවත් එයා ගාවට ගද්දි මන් එයාගෙ බෙල්ල වටේට අත් දාගත්තෙ මගේ රතු වෙච්ච මූණ ගැනම හිතනකොට මටම එන ලැජ්ජාව වහගන්න ගමන් එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංගගන්න.

ඇත්තටම මට මොකද මේ වෙන්නෙ.ඒක හරිම අමුතුයි. අලුත් වගේම ඒ දැනීම මාව සනසවනවා. මන් කැමතියි.ඒත්? ඇයි? මට හරි අමුතුයි. මට තේරෙන්නෑ.ඒත් මන් කැමතියි.මන් දන්නෙ එච්චරයි.

එයා ගාවින් ආවෙ අමුතු සුවදක්. හරියට නාපු ගමන් එන ශැම්පු සුවදක් එක්ක ජස්මින් මිශ්‍ර වුණු අමුතු සුවදක්. මන් එයාගෙ බෙල්ල. අස්සෙ මූණ ගහන් ඒ සුවද වින්දා.මට ඕන වුණේ ඒ සුවද දිගටම විදින්න. ඒක මාව වෙනම ලෝකෙක අතරමං කරා.ඒ එක්කම මහීෂා මගේ ඉණෙන් අල්ලල මාව ඈත් කරල මගේ මූණ දිහා බැලුවා.මට ඉන්න බෑ දැන්නම්.අපි ඉන්නෙ පන්තියෙ කියලවත් අපිට ගානක් තිබ්බෙ නෑ.මොකද අපි අපේ ලෝකෙ එකිනෙකා අතර තනි වෙලා හිටියෙ.ඒකෙන් මිදෙන්න දෙන්නටම ඕනකමක්නම් තිබ්බෙ නෑ.

මහීශා ඇහිබැමක් උස්සල මගෙන් ඇයි වගේ ඇහුවෙ මගේ එලියට නිරාවරණය වුණු ඉණ තදින් අල්ලන ගමන්.මට ඒ ස්පර්ශය හොදින් දැනුන නිසා පොඩ්ඩක් දැඟලුණා. ඒත් මන් දිගටම මහීශා දිහා බලන් ඉදලා ටිකකින් මුකුත්ම නොකියා එයාට පිට දීලා එයාගෙ උකුලෙන් වාඩි වුණේ අපි ඉන්න තැනේ හැටියට මෙහෙම හැසිරෙන එක එච්චර හොද දෙයක් නෙවේ නිසා.මහීශත් මන් හැරෙද්දිම මගේ බඩ වටේට අත දාලා එයාගෙ පපුවට මාව තද කර ගනිද්දි මමත් හරි හරියට එයාට තද වුණේ එයා ගාවින් එන ඒ උණුසුමට මන් ගොඩක් ලෝභ කරන්න ගත්ත නිසා.ඔව්!මන් ඒකට ලෝභ වෙන්න අරන්.දැනුණ පලවෙනි පාරම එයාගෙ උණුසුමට මන් කැමතියි කියලා මන් පිලිගන්නවා.ඒක ඇත්තටම අරුම පුදුම හැඟීමක්. මන් කවදාවත් විදලා නැති ආගන්තුක හැඟීමක්.

ඒත් ටිකකින් ඉස්කෝලෙ වැඩ ටික පටන් අර ගත්තා.ඒ නිසා අපිට එකට ඉන්න වෙලාවක් හම්බුනේ ම නෑ.මන් ගියා main hall එක පැත්තට.මොකද අවුරුදු කුමාරි තරගෙට එන්න කියලා තිබ්බෙ එතනට.ඒ වගේම මහීශා ගියා මැද මිදුලට

එතන තමා අනික් events තිබ්බෙ.මට පොඩ්ඩක් අවුල් හිතුනෙ මහීශාගේ ඇක්ට් එක මට බලන්න බැරි වෙන නිසා.මේ මගුල නැත්තන් මාත් එතනනෙ.ශීට්!

"ආහ් සෙනුලි! මේ බලන්නකො මෙයාගෙ ලස්සන!"

මන් හෝල් එකට ගියපු ගමන් ගීතලයි තව කට්ටියකුයි මාව වට කරගෙන මාව වර්ණනා කරන්න ගත්තා.මාත් ඉතින් පොඩ්ඩක් මගේ ඩිම්පල් එක පේන්න හිනා වුණා.

"Thanks"

"උඹනම් අද දිනනවා බන්"

"ඒත් බන් මට ශුවර් නැත්තෙ අරකි ඉන්න නිසා"

ගීතා මට අපේ පන්තියෙ තරුෂිව පෙන්නලා කියද්දි මන් ඒ දිහා බැලුවා.එයත් මන් වගේම උස ලස්සන කෙනෙක්.අපි යාලුකමට එහෙන් මෙහෙන් කතා කරනවා ඉදලා හිටලා.කොමස් පීරියඩ් එකේ තමා එයාව මට සෙට් වෙන්නෙ.ඒත් ඉතින් ඒකෙයි මේකෙයි තියන සම්බන්ධෙ මොකක්ද. මන් ප්‍රශ්නාර්ථ සහිත බැල්මකින් ගීතා දිහා බැලුවා.

"ඇයි එහෙම කියන්නෙ?"

"නෑ ඉතින් දන්නැද්ද. ඒකි ඉතින් මීඩියා යුනිට් එකෙයි,කථික තරඟ වලයි හෙන ප්රසිද්ධයිනෙ. ජජ් බෝර්ඩ් එකේ මීඩියා සර් ඉන්නවා බන්. මට හිතෙන්නෙ ඒකිට ඇද්දොත් වත් කියලා."

"එහෙම වුණත් නැතත් මට මොකද.මන් මේ මේකට ආවේ පන්තියෙ එවුන්ගෙන් කනක් ඇහෙන්න නැති හින්දා. අනික හිරුෂි මාව මරන් කනවනෙ බන් යන්න කියලා.එපා වෙනවා!"

"අප්පෝ ඔව්! මන් ඒත් පුදුම වුණා උඹ මේකට යනවා කිව්වම. හ්ආ.."

"à¶´à¶½ à¶´à¶½"

"ඒ අන්න stage එකට එන්නලු. අංකෙ කීයද උඹේ?"

"11"

"හරි හරි එලම.good luck! අපි චියර් පාරක් දාන්නම්"

"හ්ම්.."

මන් හූමිටි තියලා සටේජ් එකට නැග්ගෙ වෙන කරන්නම දෙයක් නැති තැන.මට එහා පැත්තෙන් හිට ගත්තෙ අර තරුෂි.එයා මට ලස්සන හිනාවකින් සංග්‍රහ කරා.මාත් හිනා වුණා.දැන් අවුරුදු කුමාරි පටන් ගන්නයි යන්නෙ.

.

.

.

.

.

.

"අවසන් වටයට තේරෙන අංක වන්නෙ........"

නිවේදනය කරන අක්කා ඇදලා පැදලා කියන දිහා පහල හිටපු ප්‍රෙක්ෂකයො කුතුහලයෙන් බලාගෙන හිටියා.ඒ වෙනකොට තරගෙට ආපු අයගෙන් භාගයක්ම අයින් වෙලා දැන් මායි තව ළමයි හයක් වගේ හිටියෙ.තරුෂිත් තාමත් මට එහා පැත්තෙ.අපි දෙන්නා ස්ටේජ් එකට වෙලා කයියක් ගහන් හිටියා.

එතකොටම තමා මන් දැක්කෙ පහල ඉදන් මන් දිහා බලන් ඉන්න මහීශාව.ඒ ඇස් මගේ ඇස් එක්ක ගැටුණා.මට කෙල ගිලුණා.අහෝ!මට දාඩියයි.මට කොහෙවත් නැති ලැජ්ජාවකුත් ආවා.එයා කලින් හිටපු ඇදුමින් uniform එකට මාරු වෙලා හිටියෙ.ඒ කියන්නෙ එයාගෙ තරගෙ ඉවර ඇති.මන් මහීශා දිහා බලලා හීන් හිනාවක් දාද්දි එයා අතින් මට තම්ස්අප් එකක් දුන්නා.මන් ඒකට ආයෙත් හිනා වෙලා ලැජ්ජාවෙන් ඇඹරුණා. හයියෝ ඇයි මන් මෙහෙම හැසිරෙන්නෙ.මට මොකද මොකද වෙනවා වගේ.හදවත ගැහෙනවා හරියට ඒක එලියෙ අයටත් ඇහෙන තරමට.

"මොකෝ ඇඹරෙන්නෙ?"

මට එහා පැත්තෙන් හිටපු තරුෂි මට වැලමිටෙන් ගහල අහද්දි තමා මන් මෙලොව සිහියට ආවෙ.

"අහ්?"

"මොකෝ දඟලන්නෙ බන්?"

"න්.නෑ..මුකුත් න්නෑ"

මන් බොරුවට හිනා වෙලා බිම බලා ගද්දි නිවේදනය කරන අක්කා අන්තිම වටේට යන අයගෙ අංක කියනවා ඇහුනා.ඒ අතරෙ 11 කියද්දි මන් දැක්කා මහීශගේ මූණේ ඇදිච්ච හිනාව.මට ඇත්තටම ඒක හොදටම ප්රමාණවත් වුණා අද දවසම මගේ හිත සතුටෙන් පිරෙන්නම. මන් පපුවට අත් දෙකත් තියාගෙන එයා දිහාම බලන් ඉද්දි තරුෂි මට ඇන්නෙ ඇස් වලින් ස්ටේජ් එකෙන් බහින්න කියන ගමන්.

.

.

.

.

.

.

අන්තිම වටය මැද මිදුලේ පැවැත්වෙද්දි බැල්කනි වල ඉදන් ළමයි අන්තිමට තේරිලා ඉන්න පස් දෙනාගෙ අංක කිය කිය චියර් කරනවා මට ඇහුනා.ඒ අතරේ ගීතායි හිරුෂියි මගේ අංක කිය කිය කෑ ගහනවා දැක්ක මට කට කොනක හිනාවක් ආවා.කොච්චර වුණත් උන්ටනෙ මේ අමාරුව තිබ්බෙ දැන් සතුටු ඇති.හ්අ!

කොහොමින් කොහොම හරි මන් දින්නෙ නෑ....අහෝ දුකකි ඉරකි තිතකි!.ඒත් මට දුකක් නෑ.හැබැයි අන්තිම වටයට ආපු එකේ දිනන්න තිබ්බ කියල පොඩි දුකක් තිබ්බා.දින්නෙ නම් කිව්ව විදිහටම තරුෂි තමා.තව මගේ යාලුවෙක් වුණ එහා පන්තියෙ මාත් එක්කම එකට ක්ලාස් යන තෙදිනි තමා දෙක වුණේ.තුන වුණේ නම් අක්කා කෙනෙක් ද කොහෙද.අන්තිමට ඉතින් එයාලට සුභ පතලා මන් පඩිපෙල් දිගේ උඩට ගියේ පන්තියට යන්න.

මන් ගියපු ගමන් මගේ ඉස්සරහට පැන්නෙ හිරුෂියි ගීතයි අනික් මගේ සෙට් එකයි.ඒත් මන් බලාපොරොත්තු වුණ විදිහට මහීශනම් මාව බදා ගන්න ආවෙ නෑ.ඇත්තටම ඒකට මට දුකක් හිතුනා.ඒත් ඇයි දුක් වෙන්නෙ.ඒක එහෙම වෙන්න ඕනද!

"කමක් නෑ බන් උඹ ගිය එකම ලොකු දෙයක් නෙ"

"හ්ම්"

මට ඇත්තටම එයාලා කියන කිසි දෙයක් ඇහුණෙ නෑ.මගේ ඇස් තිබ්බෙ හිරුශිලාට පිටුපාලා මගේ දිහා බලාගෙන හිස් බැල්මකින් ඉන්න මහීශා ගාව.මන් හිමීට එයා ඉස්සරහට ගිහින් හිට ගත්තෙ එයාගෙ ඇස් දිහා බලාගෙනමයි.මට තේරෙන්නෑ මේ වෙලාවෙ මන් කරන්න ඕන මොකක්ද කියලා.මන් අතරමං වෙලා!

ඒත්,

මහීශා මගේ ඉණෙන් අල්ලල මාව එයාගෙ පපුවට ඇදලා ගද්දි මට හිතන්නවත් වෙලාවක් නොදී එයා මාව බදා ගත්තා.මන් ටිකක් වෙලා පුදුමෙන් හිටියත් ටිකකින් ඒ උණුහුමට පුරුදු කෙනෙක් වගේ මගේ අත් මහීශගෙ බඳ වටේ යවලා එයාට තුරුල් වුණා.ඒ එක්කම මගේ හිත කිව්වෙම එයාගෙ බෙල්ලට හාදුවක් දෙන්න කියලා.ඒත්! ඒත්! ඒත්!

හිත තමයි දින්නෙ.මන් හිමීට එයාගෙ බෙල්ලට හාදුවක් දුන්නා.මන් හිතන්නෙ ඒක මහීශට දැනෙන්න නැතුව ඇති.ටිකකින් මහීශා මාව එයාගෙ තුරුලෙන් ඈත් කරලා මගේ මූණ එයාගෙ අත් දෙකටම අර ගත්තා.අපේ ඇස් ආයෙම එකට ගැටෙනවා.මගේ හාටුවත් සීයට ගැහෙනවා.සන්සුන් වෙයන් සෙනුලි....

"දන්නවද! ඔයා තමා මටනම් එතනින් ලස්සනම"

එයා ඒ කියපු දේ නිසා මට ඉබේටම ලොකු කෙල තලියක් ගිලුණා.මන් ගැන එයා එහෙම කතා කරන්නෙ ඇයි.ආහ්! මට තේරෙන්නෑ.ඒත් මගේ හදවත දැන් මැරතන් දුවනවා.මට හුස්ම ගන්න බෑ.මට මොකක්ද මේ වෙන්නෙ.

මන් ලාජ්ජාවටම තොල් තද කරන් බිම බලා ගත්තෙ රතු වෙච්ච මූණ හංගගන්න. ඒත් මහීශා මගේ එක කම්මුලක් සිනිදුවට එයාගෙ මහපට ඇඟිල්ලෙන් පිරි මදින ගමන් මගේ මූණ උඩට ඉස්සුවෙ ඒ ඇස් එක්ක ආයෙම ගැටෙන්න සලස්වලා. මන් ඇස් ලොකු කරල එයා දිහා බැලුවෙ ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා මටම හිතා ගන්න බැරුව දෙලාවක අතරමං වෙලා ඉද්දි.ඒත්,

මහීශා මගේ කම්මුලකට එයාගෙ තොල් තද කරා.මට ඉබේටම ඇස් පියවුණේ ඒ පහස හදවත පතුලෙන්ම විදින්න තියන කැමැත්ත දෝත පුදා මහීශාට පුද කරමින්.මේ හැඟීම මට ආගන්තුකයි.නමුත් මාව නැවත නැවතත් පුබුදුවන්න පුලුවන් මේ කුලුදුල් හැඟීම මන් ආසාවෙන් පිලි ගන්නවා.මොකද එතන මට සැනසීමයි. ඇත්ත! හරිම සැනසීමයි....

Share This Chapter