Back
/ 27
Chapter 8

💙අර්ථය

සුසුම්.

අවුරුදු උත්වෙත් ඉවර වෙලා දැන් හැමෝම ආයෙම සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරන්න අරන්.මාත් වෙනදා වගේම පොත පතේ වැඩ වලට මුල් තැන දුන්නා.ඕලෙවල් ගොඩදාන එක තමා මගේ එකම මූලික අරමුණ. ඉතින් ඒකට මන් පුලුවන් උපරිමෙන් මහන්සි වෙනවා.හැබැයි ඉතින් ඉතිහාසය තමා මට එපාම වෙන විෂය.කොච්චර පාඩම් කරත්,කොච්චර short notes ගැහුවත් මතක හිටින්නෙම නෑ.මාර කරුම මේවා.

මේ සති අන්තයේ මන් හිතා ගත්තා මග හැරිච්ච වැඩ ටික ඉවරයක් කරන්න. අද සෙනසුරාදා.ගෙදර අය ඔක්කොමලා ඉන්නවා.මාත් ඉතින් ටිකක් පරක්කු වෙලා නැගිටලා phone එක අතට ගත්තෙ ඊයේ තිබ්බ අවුරුදු උත්සවේ ගැන කට්ටියගෙ කතාව කොහොමද බලන්න.අපේ සෙට් එකේ group chat එක Open කරලා මන් ඒකෙ උඩට යටට ගියේ මැසේජ් කියවන්න.

මුන්ටත් කුණුහරුප කියන්න තිබ්බොත් ඒ හොදටම ඇති.හිරුෂි කියලා තියන දේවල් වලට මන් තනියම හිනා වෙවී ඉන්නකොට මට මහීශගෙන් inbox මැසේජ් එකක් ආවා.මහීශා දැන් මට දවස් ගානක් ඉදලා මැසේජ් කරනවා.ඔය හායි බායි වගේ දේවල් හැරෙන්න ඊට එහා දෙයක් නම් කතා කරලම නැතුව ඇති.හැබැයි සින්දුවල ලින්ක්ස්නම් ශෙයාර් කරගෙන ඇති.අදත් වෙනදා වගේම හායි කියලා තමා දාලා තිබ්බෙ.

Maheesha: HI🙂

ME: HI....

Maheesha: kohomda itim? Iye oya lassnata hitiya ..

මේ මනුස්සයා මේක දැන් කීවෙනි පාරටද කියන්නෙ.ඊයේ මාව ඉඹලත් තවත් කියවනවා.ඔහොම කරනකොට මට මාවම පාලනය නැතුව යනවා.මට තේරෙන්නෑ ඒ වගේ දේවල් වලට කොහොමද රියැක්ට් කරන්න ඕන කියලා.මට වෙලාවකට බයත් හිතෙනවා ඉස්සරහට කරදරයක් වත් වෙයි කියලා.ඒත්,

Me: thanks🫢....

Maheesha: monday iskole enwd?

Me: hmm

Maheesha: moko?

Me: ai?

Maheesha: mood gahal?

Me: ehema na.

Maheesha: ehenm...mn iye krpu deeta oya kamathi nadda?

මොකක්! එයා ඒකෙන් අදහස් කරේ මොකක්ද. මෙයා මොකටද එන්න හදන්නෙ.වෙනදට අඩුම වචන දෙකක් චැට් කරන එයා අද මෙහෙම කතා කරනවා.පුදුමයි!

Me: ane ehm deyk na!😆

Maheesha: ee kiyanne? Do you like it mm?

මෙයා අහන දේවල් වලට මන් තනියම phone එක දිහා බලාගෙන මගේ යටි තොල හපාගත්තෙ මොනවා නැතත් මට එන ලැජ්ජාවට.ඕක තමා හෙනේ.කවුරුහරි දැන් මාව දැක්කොත් අනිවා මට පිස්සු කියලා හිතයි.තනියම phone එක දිහා බලන් ඇඹරෙන නිසා.

Me: kamattak hitha gannako...

මට දැනෙන දේ මටවත් නොතේරෙන එකේ එහෙම කෙලින්ම කියන එක හරිනෑනෙ.

Maheesha: ohh! Ehnm mn hitha gannam oya kamathi kiyl?😉

Me: Okay.

Maheesha: senuli!

මට දැන් කෙල ගිලින්නත් අමතකයි.screen එකට ඇගිල්ල ලං කරගෙන චැට් එක දිහා බලන් හිටියෙ හරියට හොල්මනක් දැක්ක ගානට.මට දැනෙන්නෙ මන් ගිනි ගොඩක ඉන්නවා වගේ.මට දාඩිය දාලා.චැට් කරද්දි ත් එයා ගාව ඉන්නවා වගේම දැනෙන්නෙ ඇයි?

Me: mmm?

Maheesha: do you like girls?

මෙන්න මෙයා මොනවද අහනවා.අනේ මට දැන් හිතා ගන්න බෑ. මට තඩි කෙල ගුලියක් ගිලුනා.ඇත්තටම මන් ගෑණු ළමයින්ට කැමතිද? මටවත් තාම ඒක හිතා ගන්න බෑ.හැබැයි එතන කොස්සකට තියෙන්නෙ මහීශා.ඔව් මහීශා.ඇත්තටම මහීශා ගාවදි වෙන අය ගාව ඉන්නවට වඩා මට වෙනසක් දැනෙනවා.ඒක විශේෂ නැද්ද.මට හිතා ගන්න බෑ. ඒත් මන් හිත හයිය කරගෙන උත්තරයක් දෙන්න හිත හදා ගත්තා.

Me: mn danna. Mt hitha ganna ba maheesha!

Maheesha: monwad hitha ganna bari dan?

Me: mn kamathid kiyl.

Maheesha: oya kamathi knk innawd itim?🫣

මන් කැමති කෙනෙක්! එහෙම කෙනෙක් ඉන්නවද ඇත්තටම. ඔව් මන් හිතන්නෙ මට දැන් දැන් මගේ හදවත තේරුම් ගන්න පුලුවන්.මන් තොත්ත බබෙක් නෙවේ.මටත් මොලයක් තියනවා.හෑඟීම් දැනීම් තියනවා.කැමැත්ත කියන දේ මොනවගේද කියන්න මට තේරෙන්නෑ.ඒත් මට දැනෙන එකම දේ මට මහීශව විශේෂයෙන් දැනෙනවා කියලා විතරයි.මට මේ විදිහට කවදාවත් දැනිලා නෑ.ඉතින් මේකද කැමැත්ත?

මන් මගේ කාමරෙන් එලිය බලාගෙන ටිකක් වෙලා කල්පනා කරා.මගේ ඔලුව බරයි.මේ වයසට මේවා බර වැඩියි වෙන්නැති.මන් හිතන්නෙ මන් මේ දේවල් හිර කරන් ඉන්න එකෙන් වෙන්නෙ තවත් ඒ දේවල් බර වෙන එක විතරයි කියලා.

Me: mn hithanne innw.

Maheesha: Ooh! Ee kwd kiyl mt ahanna one na...mn hithanne mt eka danenw Senuli..🤫

මෙයාට පේන කියන්නවත් පුලුවන්ද. මෙයා මොනවද මේ කියන්නෙ.මට ඉබේටම ඇස් දෙක ලොකු වුණේ ඒ කියපු දේත් එක්ක.

Me: ???

Maheesha: I"ll Take some time. Oya ethkn iwsn innwd?

Me: සීමාවක් තිබ්බොත්, මන් ඒ සීමාව ඇතුලෙ ඉවසන්නම්. හැබැයි ඒ සීමාව බිඳුනොත් මට ඒකෙ වගකීම ගන්න බෑ!

Maheehsa: හ්ම්! මන් වගකීම ගන්නම්.එතකන් ඉන්න●•

Me: hari.

Maheesha: promise?

Me: promise.

Mageesha: Okay. Ehnm echri. Mn giya. oyath kala nida ganna. Monday enna.Good night!😉

Me: Okay.good night!

ඉතින්,එච්චරයි.ඉස්සරහට මොන දේ වුණත් මන් ඒවට මුහුණ දෙනවා.මොකද මටත් ඕන නිදහසක්.මේක නෙවේද නිදහස? තමන්ට පහසුවක් දැනෙන බැඳීම්,හදවත් තාලයට අර්ථයක් දෙන්න පුලුවන් මනුස්ස ආත්මයක්. ඔව්.

ඒ එයා.

මන් ලොකු හුස්මක් පිට කරලා phone එක off කරලා ඇඳට විසි කරේ පාඩම් වැඩ ටික ඉවර කරන්න.

.

.

.

.

.

.

උදේම ඉස්කෝලෙට ගියේ දැන් ආයෙත් ඉගෙනීමට මුල් තැන දෙන්න ඕන නිසා.ඒකත් මහීශගෙ චැට් එකෙන් පස්සෙ මට එයාගෙ මූණ බලනකන් ඉවසිල්ලක් තිබ්බෙම නෑ.ඒ නිසාම උදේම දුවගෙන දුවගෙන ගියේ හති වැටෙන එකත් ගනන් ගන්නෙ නැතුව.

"හායි!"

පන්තියට ආපු ගමන්ම මන් මහීශට කතා කරේ හිරුශිව දැක්කත් මොකෝ මගේ ඇස් තිබ්බෙම එයා ගාව.ඒ ඇස්, මට ඕනෙ ඒවගෙ අතරමන් වෙලාම ඉන්න.

"හායි.."

"දැන් උඹට අපිව පේන්නෑනේ?"

හිරුශි උදේම කියවන් එන්න ගත්තා.

"ආහ්! උඹත් ඉන්නවද? දැන්නෙ දැක්කෙ"

"අනේ පලයන් බන්! "

මන් හිරුෂිව අවුස්සල ගන්න ආතල් එක වෙනම වැඩක්.ඒකිත් ඉතින් ඇවිස්සෙනවා අම්බානක.මන් හිරුෂිගෙ උරහිසට පාරක් ගහලා මහීශා ගාවින් වාඩි වුණා.

"මේ මහීශා..."

මන් ඉතින් පොඩ්ඩක් හුරතල් පාටක් දාගෙන ඒක ඇහුවෙ.මොකද දැන් දැන් මට එයා ගාවදි මගේ හැසිරීම ගැන ඕනවට වඩා හිතන්න ඕන නෑ කියලා මට හිතෙනවා.මට මමම වෙන්න පුලුවන් එයා ගාව.ඉතින් මොකටද තවත් සීමා!

"ම්ම්ම්.."

"ඔයාලගේ ගෙදර අපි කට්ටියම වෙලාවක එන්නම්කො"

"ආහ්..ඔව් ඔව් එන්නකො. "

"අඩෝ ඒක තමා සෙට් එකම යන්න තිබ්බනම් හොදයි.ඒත් බන් අපේ ගෙදරින් එවන්නෑනෙ. දන්නවනෙ"

"ඒකත් එහෙම තමා."

"එහෙනම් ඔයාහරි වෙලාවක එන්නකො.අපි film එකක් එහෙම බලලා fun එකක් ගමු"

මහීශා මට ලස්සන හිනාවක් දීලා මගේ උරහිසේ එයාගෙ උරහිස වද්දලා කිව්වා.ඇත්තමයි මට කොහෙද නැති සතුටක් තමා එවෙලේ ආවෙ.

"හ්ම්...එන්නම්කො"

"දැන් නිවාඩු දෙන නිසා මටනම් කොහොමත් එන්න වෙන්නෑ.උඹලා සෙට් වෙනවනම් වෙයන්."

"හරි හරි එවා අපි බලා ගන්නම්"

"ඔව් ඔව් මට පෙනී යනවා උඹට දැන් බලාගන්න දේවල් තියෙන බව"

හිරුෂි කට කොනින් හිනා වෙලා ඒ කියපු දේ නිසා මට අමුත්තක් නොදැනුනාම නෙවේ.ඒත් මන් ඒක පිටට පෙන්නන්න ගියේ නෑ.

"සෙනුලි"

මහීශා මගේ ඩෙස් එක උඩ තිබ්බ අතේ ඇගිලි එක්ක එයාගෙ ඇගිලි පටලවන් මට කතා කරා.මාත් එයාට ඒක කරන්න ඉඩ දීලා එයාගෙ අත මට තවත් තද කර ගත්තා.හරිම උණුහුමයි.

"හ්ම්"

"මට පාලුයි"

පාලුයි! ඒ කිව්වෙ එයාට....නෑනෑ..එහෙම වෙන්න විදිහක් නෑ.මන් නලල රැලි කරල එයා දිහා බැලුවා.

"නිවාඩුවට ඔයාව බලන්න බැරි වෙයි.එහෙම වුණොත් මට ගොඩක් පාලු හිතෙයි"

මන් නැතුව කෙනෙක්ට පාලුයි කියන හැඟීම මට දැනෙන්න ගත්තෙ ජීවිතේ පලවෙනි වතාවට.ඒ වචන ඇත්තටම මට බලාපොරොත්තු ඉහටත් උඩින් දුන්නා.මන් තොල් තද කරන් මහීශට හිනා වුණා.ඇත්තටම මේ මගේ මූණේ ඇදෙන හිනාවන් මගේ පේශිවල ඉඳන්ම මට කියන්නෙ හරිම අව්‍යාජ බවක්.මට දැනෙනවා ඇඟේ සෛලයක් සෛලයක් ගානේ ඔක්සිජන් පිරෙනවා.ඔව් මන් සතුටෙන්.මට ඕනෙ මේ සතුටේ ගිලලා ඉන්න. ගොඩට එන්නනම් කොහෙත්ම ඕන නෑ.

"ඔයා මට මැසේජ් කරනවා නේද සෙනුලි? පොරොන්දු වෙන්න. මට අඩුම කෝල් එකක්වත් ගන්නවා කියලා"

"හ්ම්...මන් ගන්නම්"

මන් දැක්කා මහීශගේ කලබලකාරී හැසිරීම.කලබලයෙන් උස් පහත් වෙන ඒ පපුව වගේම ලාවට දාඩිය දාපු නලල.මගේ අතේ ඇඟිලිවලට එයාගෙ අතේ දාඩිය හොදින්ම දැනුණා.එයා කලබලයි.මාත් කලබලයි.ඒත් නිහඬයි. ඒ නිහඬ බව ඇති කරේ ලොකු නොසන්සුන්තාවක්. ඒක පිටට පේන කෙනෙක්ට නොපෙනුනත් මට වගේම මහීශටත් එකිනෙකාගෙ ආතතිය දැනෙන්නැති........

Share This Chapter