Back
/ 27
Chapter 9

💙පිළිගැනීම

සුසුම්.

ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් වොශ් දාලා ඇදට ආපු සෙනුලි නින්දක් දාන්න කලින් phone එක අතට අරන් බැලුවේ කාගෙන්වත් මැසේජ් තියනවද බලන්න. කවුරුත් ඔන්ලයින් නැති නිසා සෙනුලි නිදා ගත්තා.නැගිටිද්දි හවස හයත් පහුවෙලා තිබ්බා.ඒ වෙනකොට සෙනුලිගෙ තාත්තත් වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා හිටියෙ.

"සෙනුලි!!!! නැගිටින්න දැන්...රෑට කන්නත් ඕන. නිදියන්නෙ එහෙම නෑ"

සෙනුලිගෙ අම්මා කෑ ගැහුවෙ දැන් රෑ 8 ටත් කිට්ටුයි ඒත් සෙනුලි තාම නිදි නිසා.

"ම්ම්හ්.."

සෙනුලි නිදි ගැට කඩ කඩ කාමරෙන් එලියට එද්දි හැමෝම කෑම කනවා.ඉතින් සෙනුලිත් එහෙන්ම මූණත් ටිකක් හෝදගෙන කෑම කන්න පටන් ගත්තා.කෑම එකත් බෙදාගෙන කාමරේට ආවේ phone එක බලන්න හිතා ගෙන.ඒ වෙනකොට මහීශගෙන් මැසේජ් ගොඩක් ඇවිත් තිබ්බ නිසා සෙනුලි ඉක්මනට චැට් ඒක Open කරා.

Maheesha: HI! Oya gedr awad? Mt class tibba ekai hawasa msg ekk danna bari une..

Maheesha: oya nidid? Tharhd?

Maheesha:😟😟ko oya?

Maheesha: passe ennko ehnm.

සෙනුලි එක කෙල බිඳක් ගිලින්නෙ නැතුව මැසේජ් ටික කියවන් කියවන් ගියේ මහීශට එයා නිසා දුක හිතිලා කියලා හිතාගෙන.ඇත්තටම ඒ වෙලාවෙ සෙනුලිගෙ පපුව රිදෙන්න ගත්තා.එයාට බය හිතුණා මහීශා එයා එක්ක මේ පොඩි දේටත් තරහ වෙයිද කියලා.ඉතින් එයා බෙදන් ආපු බත් එකත් මේසෙන් තියලා චැට් කරන්න ගත්තේ හරිම කලබලෙන්.

Me:Hi..mn gedr awa. tikk nida gththa.

ඒ සැණින් මහීශා රිප්ලයි කරේ හරියට සෙනුලිගෙන් මැසේජ් එකක් එනකන් මහීශා බලන් හිටියා වගේ.

Maheesha: hmm..

Me: tharhd? Ane sorry.mt ninda giya.🤗

Maheesha:🙂no

Me: ehnm?

Maheesha: senuli!

Me: mmm?

Maheesha: deyk kiyannd?

Me: ha

Maheesha: MN OYATA KAMATHI!!!!

නෑ! නෑ! ඒක වෙන්න බෑ...සෙනුලිගෙ හිත කිව්වෙම එහෙමයි.මේ වෙලාවෙ මෙහෙම මේක වෙන්නෙ කොහොමද? තමන් කරකවලා අත ඇරියා වගේ හැඟීමක් සෙනුලිට එන්න ගත්තා.එයාට දාඩිය දාලා.හොදටම කලබල වෙලා ටිකක් අතත් වෙවුලුවා.ඒත් එයා මේක බලාගෙන නෙවේද හිටියෙ.හෘද සාක්ෂිය කියන්නෙනම් ඒක.ඒත් තමන්ගෙ මොකක්මහෝ ප්‍රතිරෝධයක් ඒ සිතුවිල්ල යටපත් කරන්නෙ සෙනුලිටත් නොදැනීමයි.එයා මේක එච්චර ඉක්මනට සමහරවිට බලාපොරොත්තු වෙන්න නැතුව ඇති!

ඒත්,ඉස්සරහට එන ඕනම දෙයක් විඳගන්නවා කියන හැඟීම යට තමන් තීරණයක් ගන්න සෙනුලි මන්දගාමී වුණේ නෑ.මොකද මේකයි හැඟීම හදවතට දැණුනු! තමන්ට නිදහසේ හුස්මක් ගන්න හිතෙන,ජීවිතේට දැනුණු අමුතුම හැඟීම,ඒ වැට කඩුළු බිඳිමින් සීමාවෙන් පනින්න එයාට ඕන වුණා.ඒ නිදහස වෙන කවුරු මොනවා කිව්වත් ලෝකෙ තමන් දිහා කොහොම බැලුවත් තමන්ට දැනුණු තැන නතර වෙන්න නෙවේද ඕන?! ඉතින්,සෙනුලිගෙ ඇස්වල කදුලු! ඔව්. ඒ සීමා මායිම් නැති කැමැත්ත හමුවේ හදවත කොනිත්තන හැඟීම නිසා සෙනුලිගෙ ඇස්වලට ඉනුවෙ කදුලු. තමන්ගෙ ජීවිතේ පලවෙනි පාරට තමන් තමන්ට විතරක් වටින බව දැන දැනත්, තමන් වෙනුවෙන් කෙනෙක් මේ විදිහට බලා හිඳින බව තේරෙද්දි,ඒකත් තමන්ගෙ සීමාව ඇතුලට එන්න ඉඩ දුන්නු,තමන් ගෙ සත්‍ය මනුස්ස ආත්මය හා සම්බන්ධ වෙන්න යටි හිතින් අවසර දුන් ඒ කෙනා තමන්ගෙ හීනයක් වගේ වුණු ඒ හැඟීමට පණ දෙද්දී දැනෙන්නෙ සතුට මිසක් වෙන මොකක්ද?

Me: Maheesha??oya atthamada??

Maheesha: mn boru kiyanne mokatd?

Me: eth me man??

Maheesha: ekt kmk na. Oya onanm thw kal ganna.danm uttara denna one na.

Me: na ehm newe..mn baya una..attatm oya mt kamathi nathi wei kiyl. Mata wtrk ehem danenw kiyl. Ekai mn baya une...math oyata godak kamathi Maheesha..

Maheesha: oh my god! SENULI!!!mn hituwe na oya mt kamathi wei kiyl. I'm so happy..

Me: 😄Yeah.. me too!!

Maheesha: heta niwadu denawne..heta enna hode iskole.

Me: hmm..enwa..oyath enwne?

Maheesha: ou ou aniwaren. Mn enw oyaw balnna...mt dan oyawa nodak inna ba wge babe!

සෙනුලිට මේ දේවල් ඇත්තටම නුහුරුයි. ඒ නිසා මහීශා කතා කරන විදිහට එයාට ලැජ්ජා හිතෙන එක සාමාන්‍ය දෙයක්.සෙනුලිගෙ කම්මුල් රෝස පාට වෙන්න ගියේ ඉතා අඩු කාලයක්.ඉතින් තමන්ගෙ යටි තොලත් හපා ගත්ත සෙනුලි තමන්ටම හිනා වුණා.

Me:🤭🤭hehe

Maheesha: cutie!!❤️

Me:epa ane...

Maheesha: moko?😉

Me:😒

Maheesha: heta ennko. Mn allagnnm!!

Me: ane me!!mn ynw..

Maheesha: 😂😂Okay Okay.math dan ynw.good night babe!!❤️❤️

Me:hmm.good night❤️

ඉතින්,සෙනුලි තමන්ගෙ මහපටැගිල්ලෙ නියපොත්ත හප හප phone එක දිහා බලන් හිටියෙ දැන් වුණ දේ හිතා ගන්න බැරුව.ඒත් එයා මහීශගේ නම එයාට ගැලපෙන ම විදිහට ❤️හදවතක් එක්ක සේව් කරන්න අමතක කරේ නෑ.ඉතින් ඒ දෙයින් පස්සෙ සෙනුලිටනම් හෙට වෙනකන් ඉවසුම් නැතුව හිටියෙ.

.

.

.

.

.

.

.

.

.

.

.

.

උදේම ඉවසිල්ලක් නැතුව ඉස්කෝලෙට පය තිබ්බෙ මහීශව බලන්න තියන වුවමනාවට.මේ වෙච්ච දේවල් එක්ක සෙනුලිට මහීශට මුහුණ දෙන්නත් ලැජ්ජා හිතුණා.ඒත් එයාට මහීශව බලන්න ඕන වුණා.එයා එක්ක අන්තිම දවසෙ හරි ළගින් ඉන්නයි එයාට ඕන කරේ.

"අඩෝ gm"

හිරුශි ඇවිත් සෙනුලිගෙ කරේ එල්ලෙනවත් එක්ක සෙනුලි පොඩි හිනාවක් දීගෙන ගිහින් මහීශා ගාවින් ඉද ගත්තා.මහීශගේ ඇස්නම් තිබ්බෙම සෙනුලි ගාව වෙද්දි සෙනුලිගෙ මූණ රතු වෙන්න නම් එච්චර වෙලාවක් ගියේ නෑ.

"හායි!"

ඉතින් සෙනුලි හිමීට මහීශට කිව්වා.

"හායි පැටියෝ!"

ඒ වචනෙ ඇහෙද්දිනම් සෙනුලිගෙ කන් හිටන් රත් වෙන්නැති.තමන්ගෙ කොන්ද දිගේ යන හිරිය දරාගන්න බැරිම තැන නියපොත්තෙන් ඩෙස් එක පහුරු ගාන්න ගත්ත සෙනුලි දිසා මහීශා කට කොනින් හිනා වෙලා බලන් හිටියා.

"තවත් ලස්සන වෙලානෙ ඔයා"

මේ වර්ණනා සෙනුලිටනම් හරිම ආගන්තුකයි. ඒ දේවල් හමුවේ සෙනුලිට ලැජ්ජාව දෝරෙ ගැලුවා.

"ම්ම්..."

නිවාඩු දෙන දවස නිසා පන්තියේ ළමයි අද දවසම නිකන්.

ඉතින්,සෙනුලි,මහීශා,හිරුෂි,කල්පනී හතර දෙනත් කතා කර කර පන්තියට වෙලා හිටියා.ඒ අතරේ සෙනුලිට එහා පැත්තෙ හිටිය මහීශා තමන්ගෙ කලවා උඩින් අත තියලා තද කරනවා දැනුණ නිසා සෙනුලිගෙ මුලු ඇගම රත් වෙන්න ගත්තා. මහීශගෙ උණුසුම් සුසුම් සෙනුලිගෙ බෙල්ල ගාවින් දැනෙද්දි සෙනුලි හිටපු විදිහටම ගල් වෙලා හිටියෙ එයාට හුස්ම ගන්නවත් සිහියක් නැති වෙද්දි.මේ අතරේ මේ ආතතිය පැත්තක ඉදන් තව දෙන්නෙක් බලන් හිටියෙ නම් ඇසුත් හීනි කරගෙන.

ඒ සැණින් හිරුෂි පුටුවත් පිටිපස්සට විසික් වෙන්න නැගිටලා එතනින් යන්න ගියේ අනික් අයගෙ මූණූ පුදුමෙන් පිරෙද්දි.මහීෂයි සෙනුලියි මුණෙන් මූණ බලා ගත්තෙ ඒ මොකක්ද වුණේ වගේ බැල්මකින්.

"මොකද බන් වුණේ? හිරුෂි ඇයි ගියේ?"

සෙනුලි කල්පනීගෙන් ඇහුවා.

"හ්ම්...ඒකනම් දන්නෑ බන්.මට දෙයක් උඹලගෙන් අහන්න තියෙනවා"

"මොකද්ද?"

සෙනුලිගෙ ඇස් ඉබේටම හීනි වුණා.

"උඹලා දෙන්නා අතරේ මොනවහරි දෙයක් තියනවද?"

"එ-ඒ කිව්වෙ?"

සෙනුලිගෙ අත් වල ඇඟලි එකට පැටලෙන්න ගත්තෙ ඒ වෙලාවෙ එයාට දැනුණු බය නිසා.

"ඒ කිව්වෙ උඹයි මහීශයි ...?"

කල්පනී ඒ කියලා මහීශගේ මූණ දිහා බැලුවා. ඒත් මහීශනම් ඒ බැල්ම මග හැරියේ හරිම ලේසියෙන්.

"මන් නිකන් ඇහුවෙ. අපිට වෙනසක් පේන නිසා.එහෙම තියනවනම් නොකියා ඉන්න එපා. විශේෂයෙන්ම හිරුශිට. මොකද ඌ අවුල් යයි එකට ඉදලත් කිව්වෙ නෑ කියලා."

කල්පනී සෙනුලි දිහා බලලා එහෙම කියලා එයත් නැගිටලා එතනින් යන්න ගියේ මහිෂශයි සෙනුලිවයි තනි කරලා.

මේ වෙනකොට සෙනුලිටනම් ඇස්වල කදුලු එන්න ඔන්න මෙන්න.ඒත් එයා ඒවා තද කරන් හිටියා. සෙනුලි මහීශා දිහාවට හැරිලා මහීශගේ උරහිසෙන් අත තිබ්බා.

"අපි දැන් මොකද කරන්නෙ?"

මහීශා ලොකු හුස්මක් පහත දැම්මෙ මෙච්චර වෙලා ඒ හුස්ම හිර කරන් හිටියා වගේ.ඒ කරලා මහීශා සෙනුලිගෙ අත අල්ලගත්තෙ හරිම පරිස්සමෙන්.

"අපි කියමු..එයාල මේක දැනගනී කොහොමත් කවදහරි.මේවා හංගන් ඉන්න බෑ කොහොමත්.දැන්ම කියන එක ලේසියි. නේද?"

"ඔ-ඔයා ක්කියන්නෙ?? "

"හ්ම්.. ඔයා කියන්න හිරුශිට. මට දැන් එයා එක්ක කතා කරන්න මූඩ් එකක් නෑ"

"........."

සෙනුලි ගල් ගැහිලා මහීශා දිහා බලන් හිටියා.එයාට පුදුමයි මහීශගේ මේ හැසිරීම. ඒත් ටිකකින් එයා මහීශගෙ අත අතඇරල පන්තියෙ එලියට ගියේ අර දෙන්නා කොහෙද කියලා බලන්න. ඒ වෙනකොට කල්පනීනම් කොරිඩෝවේ ඉදන් බැල්කනියට වෙලා පහල බලන් ඉන්නවා.හිරුශිනම් පේන්න හිටියෙ නෑ.ඉතින් සෙනුලි හිමින් කල්පනී ගාවට ඇවිදන් ගිහින් එයාට එහා පැත්තෙන් හිට ගෙන පහල බලන්න ගත්තා.

"ආහ්!! උඹ ආවද?"

"හ්ම්."

"මොකෝ තත්වෙ?"

"හ්හ්...මොනවා වෙන්නද අනේ..හිරුශි කෝ?"

"ඒකි ගියා ගියාමයි තාම නෑ.කොහේ ගිහින්ද මන්දා"

"එහෙමද? එයාට අවුල් යන එකත් සාධාරණයි."

"ඒකනෙ"

"මායි මහීශායි යාලුයි තමා බන්. එයා ඊයේ තමා මට confess කරේ.ඒත් මෙච්චර ඉක්මනට ඔයාලට කියන්න හිතුවෙ නෑ.ටික දවසකින් කියන්නම් කියලා තමා මන් හිතන් හිටියේ"

"එහෙමද? ඒක එහෙමයි කියලා උඹ කියපු එක හොදයි. මටත් ඒක ස්ථිර කර ගන්න ඕන වෙලා හිටියෙ"

".....ආහ්?.."

"බය වෙන්න එපා බන්. උඹලා ඔය හැසිරෙන විදිහෙන් අපිට ඕක තේරුම් ගන්න බැරිනම් මනුස්සයෙක්ට මොළයක් තියෙන්නෙ මොකටද බන්!"

"ඒත්?"

"ඒත් මේත් නෙවේ...මට නම් කලින් ඉදන්ම හිතිලා තිබ්බෙ. ඒත් හිරුශිට මන් ඒ ගැන කිව්වම ඒකිනම් ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. ඒකිට sure කරන්න හිතෙන්නෙ නැතුව ඇති"

"ඔයාලා?"

"හ්ම්...අපි කතා වුණා බන්. උඹලා ඇලී ගැලී ඉන්නකොට ඒක හැමෝම දකිනවානේ.අපිනම් කමක් නෑ. ඒත් අනික් ළමයි දැනටත් මොන මොනා පතුරලද දන්නෑ."

"ඔයාලට ප්‍රශ්නයක් නැද්ද? මන් කිව්වෙ මේ අපි ...දෙන්නම...."

"අහ්හ්හ්....ඒක අවුලක් නෑ බන්. හිතන්න එපා."

"ම්ම්..."

"උඹ හිරුශිට මේක කියපන්."

"හ්ම්..."

"පරිස්සමින්! ඉස්සරහට මොනව වෙයිද කියලා හිතා ගන්නවත් බැරි වෙයි. මේ ඉස්කෝලේ ඉන්නෙ හරිම සූක්ෂම ළමයි සහ ගුරුවරු. හ්ආහ්ආ..."

කල්පනී හිනා වෙවී ඒ කියපු දේ නිසා සෙනුලිටනම් හිනා ගියේ නෑ. එයාගේ හදවත කලබලයි.මේ වෙන දේවල් දැනටත් එයාට බර වැඩියි.ඉතින්, ඉස්සරහට මොන දේ වුණත් දැන් ආපහු සෙනුලිට හැරෙන්න බෑ.හිතේ හයිය අරන් වෙන දේකට මුහුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් සෙනුලිට ඉතිරි වෙයිද!!!

Share This Chapter