Back
/ 43
Chapter 10

Chapter 10

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  දහ වන කොටස 🌙

................................................................

ඔවුන්ගෙන් වෙන් වුනාට පස්සෙයි මම කලෙ මොකක්ද කියලා මට හරියටම තේරුනෙ.

" දෙයියනෙ මම වීපි සර්ට..... මොකක්ද ඒ කලේ......

ම.... මම....මොකක්ද ඒ කලේ....

එයා දැන් අනිවාර්යෙන්ම මාව මරලා දායි.... "

මට දැනුනෙ හුස්ම හිරවෙනව වගේ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" බේබි ඩෝල්.....

නැගිටින්න බේබි ඩෝල් මේ හීන බලන වෙලාවක් නෙමේ.... "

බර වෙලා තිබුණ ඇහි පියන් මා විවර කරගත්තෙ සීතල වතුර බිංදු මගේ මුහුණ සිපගන්න මොහොතෙ. සෙමින් සෙමින් බෙහෙවින් අපහසුව මා දෑස් විවර කරගත්තා. මගේ ඇස් ඉස්සරහම මූණට එබිගෙන වුන්නෙ වීපි සර්. ඔහුගෙ මුහුණ පුරා සුපුරුදු කඩාකප්පල්කාරී සිනහව ඇදිලා තිබුණා.

" ව.... වතුර.... "

ගතට දැනෙන අපහසුව විස්තර කල නොහැකි තරම්. දිව ගිලෙන්න තරම් පිපාසයක් දැනෙද්දි මම වතුර ඉල්ලුවෙ ආයාචනාත්මකව. කට කොනකට මවාගත්ත හිනාවකින් පිරවූ වතුර ජෝගුවක් රැගෙන ආ වීපි සර් එය පසෙකින් තබා මාව නැගිට්ටුවාගත්තා.

දෙයත් පිටුපසට කර බැද දමා තිබුණු නිසාත් වීපි සර්ගෙ බෙල්ට් පාරවල් වලින් ගත දුර්වල වෙලා තිබුණ නිසාත් තනිවම නැගිටගන්න පුලුවන්කමක් මට තිබුනෙ නෑ. සිහි නොමැතිව බිම වැතිරිලා උන්න මාව ඉන්දවාගෙන ඔහුගෙ දකුණු අත් බාහුවට වත්තම් කරගත්තේ වතුර ජෝගුවද ලඟට ගනිමින්.

" මේ රස්නෙ කාලෙ හොදට වතුර බොන්න ඔනෙ බේබි ඩෝල්....

ඒක හොද පුරුද්දක්....  "

ඔහු කතා කරන හැම වචනෙකම තිබුනෙ උපහාසයක්.

ඔහු එවැනි විකාර දොඩවමින්ම වතුර ජෝගුව මගේ කට ලගට ලං කලා. ඔහුට ඕන වුනෙ සම්පූර්ණ වතුර ජෝගුවම මට පොවන්න. ඇත්තටම වීපි සර් මට සලකන්නෙ  සතෙක්ටත් වඩා අන්ත විදියට.

" ඇ.... ඇති..... ! "

නොකඩවාම මට වතුර පොවන්නට උත්සහ කරන වීපි සර්ගෙන් පුංචිම හරි අනුකම්පාවක් බලාපොරොත්තුවෙන් මම වචන එකතු කර ගත්තා.

වතුර ඉස්මොල්ලෙ යාමෙන් ඇති වූ කැස්ස නිසා මා තව තවත් පීඩාවට පත් වෙද්දි ඒ තරම් සතුටක් වීපි සර්ට නොතිබුණු තරම්.  ඔහුගෙ වියරු සිනහ හඬ කාමරයෙ බිත්ති වල ගැටි දෝංකාර දෙන්නට වුණා.

ඔහු ඒ වියරුවෙන්ම වතුර ජෝගුවෙන් මා නැහැවූයෙ ඒ අකාරුණික සිනහවෙන්මයි. වතුර බිංදු ගත පුරා රූරා වැටෙද්දි බෙල්ට් පාරවල් වලින් ඇති වුන තුවාල තව තවත්  රිදුම් දෙන්නට වුණා.  මම දෑස් තදින් පියාගෙන තොල් සපා ගත්තෙ වේදනාව දදරාගත නොහැකිම තැන.

මා වේදනාවෙන් විදවන හැටි බලාගෙන සතුටු වුන වීපි සර් ක්ෂනිකව මගේ නිකටෙන් අල්ලලා මගේ මුහුණ ඔහු වෙත ලං කරගත්තේ යක්යක්ෂයෙකු වගේ.

" බේබි ඩෝල් තමුසෙ මගේ සෙල්ලම් බඩුවක් විතරයි....

එතකොට මම තමයි තමුසෙගෙ මාස්ටර්....

මට පුලුවන් තමුසෙට ඕනෙම දෙයක් කරන්න....

ඒ වගේම මම කියන ඕනෙම දෙයක් තමුන්ට කරන්නත් වෙනව බේබි ඩෝල්....

මට පේන්නෙ බේබි ඩෝල්ට මේවා අමතක වෙලා....

මම බලාගෙන උන්නෙ...

මගේ බේබි ඩෝල් ලගකදි ඉදන් දගලනව හොදටම වැඩි.... "

ඒ ඇස් වල තිබුනෙ වෛරයකට එහා ගිය පිස්සුවක්.  ආයෙත් පාරක් මාව පසෙකට තල්ලු කල ඔහු බිම වැටිලා තිබුණු බෙල්ට් එක අතට ගද්දි මම ආයෙත් ගැහෙන්න පටන්ගත්තා. ඔහු වමතට බෙල්ට් එක වටයක් ඔතා ගද්දි මම හඬා වැටුනා.

" අනේ එපා....  "

ඔහු නැවතත් මූණට නැමුනා.

" ඔයා ආයෙත් මං දිහා ඒ විදියට බලනවද බේබි ඩෝල්..... "

" නෑ ..... වීපි සර් නෑ....

ම.... මට.. සමාවෙන්න.....

මං කලේ.... වැ.... වැරැද්දක්..... "

මා ඔහු ඉදිරියෙ හඩා වැටුනෙ මරණයට කැපවූ සතෙකු තරම්ම අසරණව.

" එතකොට ඔයා කියන්නෙ... ඔයා අද කරපු දේ මට අමතක කරන්න කියලද බේබි ඩෝල්..... "

" ම.... මට සමාවෙන්න....

ආයෙත් මගෙන් ..... එහෙම වැරැද්දක් වෙන්නෙ නෑ....

මං.... පො .. පොරොන්දු   වෙනවා  වීපි   සර්...... "

ඔහුගෙ මූණට හිනාවක් ඇදිලා මැකිලා ගියෙ ඉබේටම. තවත් ටිකක් මට ලං වුන ඔහු මගේ කම්මුලක් පිරිමදිමින්නට වුනෙ බෙහෙවින් සියුමැලිව. එතරම්ම සියුමැලි ස්පර්ශයක් මීට පෙර මා ඔහුගෙන් විද තිබුනෙ නෑ.

" මට ඕනෙ... අන්න ඒ විදියෙ බේබි ඩෝල් කෙනෙක්.... මගේම විතරක් වෙන... මට ඕන විදියට ඉන්න බේබි ඩෝල් කෙනෙක්...

ආයෙත් මාව තරහගස්සන්න එපා... "

බෙල්ට් එක පසෙකට විසි කල දැමු ඔහු කාමරයෙන් පිට වුනෙ මගේ ජීවිතෙ තවත් එක වේදනාත්මක මොහොතක අවසානය ගෙන එමින්. වීපි සර් කාරයෙක් පිටතට එනවත් එක්කම අම්මත් සිම්මිත් කාමරයට දිව ආවේ කලබලයෙන්.

" දෙයියනෙ සීනු..... !! "

දෙයත් බැද දමා තිබුණු ලණුව ඉවත් කල සිම්මි මාව ඇයගෙ වතට වත්තම් කරගත්තා.

දෙයත් බැදගෙන මං දිහා බලාගෙන වුන්න අම්මගෙ ඇස් වල වේදනාවක් නොතිබුණා කිවුවොත් බොරු. අම්මා කෙනෙක් ලෙසින් නොවුනත් ගැහැණියක් ලෙසින් හෝ ඇය මා ගැන දුක් වීම ගැන මගේ හිතට දැනුනෙ සතුටක්. ඒත් ඉක්මනින්ම ඇය ඒ හැංගීම සඟවා ගත්තා.

" ඔයා මොනවද කලෙ සිනුදි...

වීපි සර්ට මේ තරම් තරහ යන්න... ඔයා මොකක්ද කලේ..... "

" මට මැරෙන්න ඔනේ අම්මේ...

ඔයාට පුලුවන් ද මාව මරලා දාන්න..... "

මම කතා කලෙ අම්මගෙ ප්‍රශ්නයට හාත්පසින්ම නොගැලපෙන දෙයක් ගැන.

" ඔව් මැරෙන්න සිනුදි..... අපිවත් මරාගෙනම මැරෙන්න....

අනික අමතක කරන්න එපා... වීපි සර් ඉන්න තත්වෙට වගකියන්න ඕනෙත් ඔයයි...

ඒ මනුස්සයට පිස්සු හැදෙව්වෙ තමුනුයි සිනුදි...

දැක්ක පළවෙනි දවසෙ ඉදන්ම ඒ මනුස්සයව පිළිකුල් කලා... ඒ මනුස්සයට වෛර කලා....

වීපි සර් කොච්චර උත්සහ කලා ද ඔයාගෙ හිත දිනාගන්න....

ඔයා මොකක්ද කලේ... එක දවසක්වත් ඒ මනුස්සයට හොදින් සැලකුවද...

නෑ නේද....

අන්තිමේදි ඒ මනුස්සයා පිස්සෙක් වුණා...

අද ඔයා ඉන්න තත්වෙට වගකියන්න ඕනෙ ඔයාමයි.... "

අම්ම පිස්සුවෙන් වගේ කියවගෙන යන දිහා මම බලාගෙන වුන්නෙ පුදුමයෙන්.

" මොනවද අම්මේ ඔයා මේ කියන්නෙ....

ඒ මනුස්සයට පිස්සු.... ඒකට මං මොනා කරන්නද දෙයියනේ.....

ඔයාට මගේ තුවාල පේන්නෙ නැද්ද අම්මේ.....

ඔයා මටත් පිස්සු හදවන්නද යන්නෙ...

මං ගැන පුංචිම හරි අනුකම්පාවක් නොදැනෙන්න තරමටම මම ඔයාට මොකක්ද කරපු වැරැද්ද අම්මේ.... "

මම කෑගැහුවේ මෙතරම් වෙලා හිතේ හිරකරගෙන උන්න වේදානාවේන්. සිම්මි තව තවත් මාව තුරුලු කරගත්තෙ මම සීමාව ඉක්මවද්දි.

" ඔයා මට මොනවද නොකලෙ සිනුදි...

මගේ ජීවිතෙ...

මගේ තරුණ කාලෙ... ඔයා නිසා විනාශ වුණා.....

ඔයා ඉපදුනේම පව්කාර ළමයෙක් විදියට...

ඔයාගෙ තාත්තයි ඔයයි එකතු වෙලා කරපු පව් තමයි ඔයාට ගෙවන්න වෙලා තියෙන්නෙ....

මැරෙන්න නම් ඕනෙ මාවත් මරාගෙනම මැරෙනවා...... "

අම්මගෙ කතාවෙන් මගේ හුස්ම හිරවෙන්න තරම්ම වේදනාවක් හහදවතට තදින්ම දැනුනා. අම්මා ගස්සගෙන කාමරයෙන් එළියට යද්දි මම හැරුනෙ සිම්මිගෙ පැත්තට.

" අම්මා මොනවද ඒ කියන්නෙ සිම්මි....

එයා ඇයි මට එහෙම කතා කරන්නෙ.....

මං ඒ තරම්ම පව්කාරයි ද සිම්මි.... "

මම ඇයගෙ උරහිසෙ මූණ හංගගත්තෙ හඩමින්මයි.

" ඒ ගැන වැඩිය හිතන්න එපා සීනු....

ඔයා දන්නව නේ... අම්මා හැමතිස්සෙම ඔය කතාව කියනව කියලා.....

ඒ කතාවෙ තේරුම එයාම තමයි දන්නෙ...

දැන් නැගිටින්න සීනු... ඔය ඇති ඇඬුවා....."

සිම්මි මගේ කදුළු අතින් පිස දැම්මෙ මගේම සොයුරියක් තරම්ම ආදරෙන්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" අයියෝ සිනුදි මම නම් මහ මෝඩියෙක්....

ශිට් මම කලින් දැනගෙන වුන්නා නම් ඒ ආවේ වීපි කියලා....

මම උඹට ඒ ෆයිල් එක අරන් ඇතුලට යන්න දෙන්නෙ නෑ....

මං හෙන මෝඩ යාලුවෙක් නේද.... "

උදේන්ම මාව කතාවට අල්ලගත්තෙ හිමාෂා. ඊයේ දවස ගැන ඇය ඕනාවටත් වඩා දුක් වෙනවා. පෙර දින කාර්යාලයට පැමිණි කඩවසම් කුමාරයා වීපි ගෘප් හී ප්‍රධානියා බව දැන් කා අතරත් රහසක් නොවේ. මම වගේම  සයුරිත් හිමාෂාත් මෙම ආයතනයට සම්බන්ධ වී ලොකු කාලයක් නොවුන නිසා ඔවුන් දෙදෙනා වීපි සර්ව හදුනා නොගත්ත ද  මගේ අනිත් කාර්යාල මිතුරන් නම් වීපි සර්ව හදුනගෙන තිබුණා.

ඉතිං හිමාෂා  ඊයේ දිනය මතක් වෙන මතක් වෙන සැරේට මගෙන් සමාව ඉල්ලන්නෙ මගේ ජීවිතේ ලොකුම වැරැද්ද කරලා තියෙන්නෙ ඇය වගේ.

" හිමාෂා ආයෙත් ඔයා එක සැරයක් හරි සොරි කියන වචනෙ කිවුවොත්... මම ආයෙ ඔයත් එක්ක කතා කරන්නෙම නෑ..... "

ආපනශාලාවෙ ඉදන් කාර්යාල කාමරයට එමින් ගමන මම ඇයට සැර කලෙ බොරු තරහක් අරගෙන.

" හරි හරි....

ඒක නෙමෙ සිනුදි....

අනිත් දවසෙ ඔය ඇදුම අදින්න එපා....

ඒක උඹට මැච් වෙන්නෙ නෑ.... "

" හ්ම්.... එහෙම කරන්නම්කෝ.... "

මම ඇයට හිනා වෙලා පිළිතුරු දුන්නත් ඇත්ත පිළිතුර බෙහෙවින් වේදනාත්මකයි. පෙර දින වීපි සර් විසින් ඇති කල තුවාල කැලැල් නොපෙනෙන්න කිසිම ගැලපීමක් නැති ඇදුමක් මම තෝරගත්තෙ විලාසිතාවන්ට ඉඩ නොදි. මා සසුන්දරව පෙනෙන විලාසිතාවන්ට වඩා ආත්මගරුත්වයට මා මුල් තැන දුන්නා.

අපේ කාර්යාල කාමරයට ඇතුලු වීමට කලින් මම ඇස් උස්සලා ආගත් සර් පැමිණ ඇති දැයි බැලුවෙ ඔහුව හමුවීමට ඇති උවමනාවට. ඔහු ඒ වෙද්දිත් කාර්යාල කාමරයට වී ලිපිගොනු කිහිපයක් පෙරලගෙන උන්නා.

" හිමාෂා ඔයා යන්න...

මම බොස්ව හම්බවෙලා එන්නම්.... "

" අහ්... උදේ පාන්දරම වන්දනාව පටන්ගත්ත ද....

හරි හරි බලමුකො...

අපිටත් ඉතිං දවසක් එයි නේ.... "

" අනේ මේ.... "

විහිලුවට හිමාෂාට තට්ටු කරගෙනම ආගත් සර්ගෙ කැබින් එක ලගට ගිය මම එයට ඇතුලු වුනෙ අවසර අරගෙන.

ලිපිගොනු කිහිපයක් පෙරලගෙන උන්නත් සර් කරමින් උන්නෙ වෙනම දෙයක්. ප්‍රතමාධාර පෙට්ටියත් ලං කරගෙන ඔහු  බෙහෙවින් අපහසු යම් කාර්යක නිරතවෙමින් වුන්නා. මම තවත් මේසයට ලං වේද්දි ඔහුගෙ අත තුවාල වෙලා ඔහු එයට බෙහෙත් ගල්වමින් සිටින බව දැකගත්තේ.

අතට පිබිමින් බෙහෙත් පොඩ්ඩක් ගල්වමින් ආයෙත් අතට පිබිමින් ඔහු බෙහෙත් කරගනිමින් උන්නෙ පොඩි එකෙක් වගේ. ඒ සිද්දිය බලාගෙන උන්න මට හිනා යන්න ආවත් එය ආයාසයෙන් මැඩගෙන මා උදෑසන සුභ පැතුම් එක් කලා.

" ගුඩ් මෝනින් සර්.... "

මගේ හඬට ඔලුව උස්සලා බලපු ඔහුගෙ බැල්ම නතර වුනෙ මගේ උවන මත. ඔහුගෙන් පෙරලා උදෑසන සුභ පැතුම් නොලැබෙන බව දන්න නිසාම මම ආයෙත් කතා කලා.

" සර්ගෙ අත තුවාල වෙලා නේද... "

" නේද කියලා අහන්නෙ... ඇයි ඔයාට පේන්නෙ නැද්ද.... "

සර් කතා කලෙ සුපුරුදු ආඩම්බරයෙන්.

" පේනව සර්....

මම ආවේ... සමාව ගන්න.... ඊයේ උන වැරද්දට..   "

මොහොතක් කල්පනාවට වැටුන ඔහු මා වෙත ඔහුගෙ තුවාල වූ අත දිගු කලෙ වෙන්නෙ මොකක්ද කියලා තේරුම්ගන්න බැරුව මා පුදුමයෙන් බලන් ඉද්දි.

" සමාව ගන්න ඕනෙ නම්...

බෙහෙත් දාන්න....

තුවාල කරනව වගේම බෙහෙත් දාන්නත් දන්නව ඇති නේ.... "

මම මොහොතක් ඇහිපිය නොසෙලාම බලාගෙන වුන්නා. ඔහු වැනි ආඩම්බරකාරයෙක් එවැනි දේකට ඉඩ දීමම මට පුදුමයක්. ඔහු ඉක්මන් කරන්න කියලා ඇස් වලින් ඉගි කරද්දි මම පියවි සිහියට ආවේ.

මම ඒ අත අල්ලගෙන බෙහෙත් ගල්වන්න පටන්ගද්දි ඔහු අහක බලාගත්තෙ පොඩි එකෙක් වගේ. කලබල වෙන්න තරම් නොවූ කුඩා පිලිස්සුම් තුවාලයකටත් ආඩම්බරකාර නපුරා හොදටම බය වෙලා.

" ක.. කරන දෙයක් හිමීට කරන්න හරි ද....

මට රිදෙනවා.... "

ආත්මගරුත්වය, ආඩම්බරය පැත්තකින් තියලා ආගත් සර් එහෙම කියද්දි නම් මම සිනහව පාලනය කරගත්තේ අපහසුවෙන්.

" සර් පිච්චුනෙ කොහොමද.... "

මම ඇහුවෙ බෙහෙත් ගල්වා අවසානයෙ. එය අවසන් වූ සැනින්ම සුපුරුදු ආඩම්බරයෙන් ඔහු අත ඇදල ගත්තෙ ස්තූති හෝ නොකර.

" පුච්චලා මදිවට අහන ලස්සන.... "

ඔහු මිමිණුවෙ ලිපිගොනු මත බැල්ම රදවාගෙන.

ඒ කියන්නෙ පිච්චුනෙ මගේ අතින් ද.. මට මතක් වුනෙ ඊයේ සිදුවීම. දෙවියනේ ඒ කෝපි කෝප්පෙට ද සර්ව පිච්චුනෙ. මොකක්දෝ නොදන්න හැගීමකින් ආයෙත් හිත බර වෙන්න ලොකු වෙලාවක් ගත වුනෙ නෑ.

ඔහුගෙන් එය ස්තීරවම දැනගැනීමට මට උවමනා වුණා. ඒ ගැන අහන්න ඉස්සර වෙනවත් එක්කම කාර්යාල කාමරයට ඇතුලු වුනෙ මානව සම්පත් කලමනාකරණ අංශයෙ නිලදාරියෙක්.

" ගුඩ් මෝනින් බොස්.... "

" මාධව අර  මැනෙජර්ස්ලාගෙ වැඩේට මොකද වුනෙ... "

" ඒ ප්‍රශ්නෙ විසදුනා සර්.... "

මාධව එසේ කියමින්ම ලිපිගොනුවක් ආගත් සර්ගෙ මේසය උඩින් තිබ්බා.

" සර් මේ ෆයිල් එකෙ තියෙන්නෙ අපි ඉන්ටවිව් කරපු අලුත් පර්සනල් සෙකට්‍රිලාගෙ ඩීටේල්ස්...

එතකොට සර් මේ ෆයිල් එක... අපේ කම්පැනි එක ඇතුලෙන්ම ඒ පෝස්ට් එකට ඇප්ලයි කරපු අයගෙ ඩීටේල්ස්.... "

ආගත් සර්ගෙ මුහුණෙ ඇදුනෙ ප්‍රශ්නාර්ථයක්.

" කම්පැනි එක ඇතුලෙ අයටත් ඇප්ලයි කරන්න පුලුවන් ද.... "

" ඔව් සර්...

ඇත්තටම ගොඩක් අය ඩිපාට්මන්‍ට් ට්‍රාන්සර්ස් ඉල්ලනවා...

ඉතිං ඒ ප්‍රශ්නෙ විසදගන්න තමයි අපි මේ වගේ චාන්ස් එකක් දිලා තියෙන්නෙ.....

අපේ කම්පැනි එකේම අයව අපි ආයෙ විශේෂයෙන් ඉන්ටවිව් කරන්නෙ නෑ....

සර්ට පුලුවන් ඩීටේල්ස් බලලා සිලෙක්ට් කරන්න.... "

ආගත් සර් ලිපිගොනුව පෙරලමින් ගියෙ හැම කෙනෙක්ගෙම විස්තර උඩින් පල්ලෙන් කියවමින්. ඔහුගෙ තෝරාගැනීම කවුරුන් වේදැයි මා උන්නෙ උනන්දුවෙන්. මම ලේඛම් තනතුරට අයදුම් නොකිරිම ගැන පුංචි දුකක් නොදැනුනා කිවුවොත් බොරු. ඉතිං ඔහුගෙ නව ලේඛම්වරිය කවුරුද යන්න බලාගන්න මම උන්නෙ ඕනාවටත් වඩා උනන්දුවෙන්.

ලිපිගොනුව පෙරලගෙන ගිය ඔහු එක පිටුවක් ලග උවමනාවෙන්ම නතර වුණා. ඔහු මුහුණෙ ඇදුනෙ පුදුමයක්. ඊළගට ඔහුගෙ බැල්ම මා වෙත යොමු වෙද්දි මම උන්නෙත් පුදුමයෙන්.

" මිස් සිනුදි.... ඔයාට තව මොනා හරි කියන්න තියෙනව ද.... "

" අහ්... මේ.... නෑ.... "

" එහෙනම් ඔයාට යන්න පුලුවන්.... "

" තැන්ක් යූ සර්.... "

මම කාර්යාල කාමරයෙන්  එළියට ආවේ ඔලුවත් බිමට හරෝගෙන ලැජ්ජාවෙන්.

ඇත්තටම මං මොකට එතනට වෙලා හිටගෙන වුන්න ද මන්දා..

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මම පිළිගැනීමෙ අංශයට ආවේ රාජකාරි වැඩකට. ඔවුන්ගෙන් තොරතුරු ලැබෙන තුරු ප්‍රවේශ ශාලාවෙ අසුනකට බර වෙලා වුන්න මගේ ලගට ආවේ මානව සම්පත් කලමනාකරණ අංශයෙ ප්‍රධානියා. ඔහු කාර්යාලයෙන් පිටවන අතර තුර මට මුණගැසුනෙ අහම්බයෙන්.

" අහ් සිනුදි... "

විශ්‍රාම යන්න තවත් අවුරුදු කිහිපයක් පමණක් ඉතුරුව තිබුණු ඔහු අප ආයතනයේ ජේෂ්ඨ  නිලධාරියෙක්. මම ඔහුගෙ කැමතිම ඒ සුදු රැවුල් කොට අතරින් පෙනෙන අව්‍යාජ සිනහවට.

මගේ තාත්තාත් උන්නා නම් මේ වයසෙදි ඔහු වැන්නෙකු වේයැයි මට මතක තාත්තගෙ අපහැදිලි රූපයෙන් මම සිහින මැව්වා.

" කන්ග්‍රැටුලේෂන්ස් සිනුදි.... "

ඔහු මට අතට අත දෙද්දි මම එය ලෙන්ගතුව  පිළිගත්තත් ඔහුගෙ ඒ සුභ පැතුමෙ තේරුම නම් මම දැනගෙන වුන්නෙ නෑ.

" තැන්ක් යූ සර්....

එත්.... මොකටද.... "

" අහ් ඔයා තාම දන්නෙ නැද්ද සිනුදි....

ඔයා තමයි ඉන්ටවිව් එකෙන් සිලෙක්ට් වුනේ.... "

" මො... මොන ඉන්ටවිව් එකෙන් ද සර්... මට තේරෙන්නෙ නෑ.... "

මම ඇහුවෙ හොදටෝම පැටලිලා.

" බොස්ගෙ පර්සනල් සෙකට්‍රි පොසිෂන් එකට ඔයා ඇප්ලයි කරලා තිබුණා නේද...

කොහොම හරි ඔයාගෙ ඇප්ලිකේෂන් එක තමයි සිසිලෙක්ට් වුනේ..

අගෙයින්... කන්ග්‍රැටුලේෂන්ස් සිනුදි... "

ඔහු නැවතත් මට අතට අත දෙද්දි මම ඔහුට අතට අත දුන්නෙ හීනෙන් වගේ.

පිළිගැනීමේ අංශයට පැමිණි කාරණයත් අමතක කරලා මම දිවුවේ හිමාෂාව හොයාගෙන. මා කෙතරම් නොසන්සුන් ද කිවුවොත් විදුලි සෝපානය පැමිණෙන තුරු හෝ නොහිද  තට්ටු හතරක් පඩි පෙළ නැග්ගෙ පිස්සුවෙන් වගේ.

" හිමාෂා..... ! "

ෆොටෝ කොපි මැෂින් එක ලග වුන්න හිමාෂාව අල්ලගෙනම මම හතිදාන්න ගත්තා.

" මොකෝ මේ... "

හිමාෂා ඇහුවෙ කට කොනින් හිනාවෙන ගමන්.

" ලොකු අවුලක් වෙලා හිමාෂා.... "

මම කිවුවේ කලබලයෙන්.

" කිසිම අවුලක් වෙලා නෑ සිනුදි....

වෙන්න ඕනෙ දේ ඒ විදියටම සිද්ද වෙලා.... "

" මොකක්ද කියන්නෙ.... "

මම ඇහුවෙ කුතුහලයෙන්.

" සිනුදි උඹට මතකද... එදා උඹ මට පොරොන්දු වුණා... ජීවිතෙට අලුත් බලාපොරොත්තුවක් ලැබුනොත් ඔය යන පාර  වෙනස් කරනව කියලා...

මතක ද...

අලුත් ජොබ් එක තමයි උඹේ අලුත් බලාපොරොත්තුව....

ඒක සිනුදිගෙ හීනෙට යන පළවෙනි අඩිය කියලා හිතාගන්න...

මට දැනෙන දේ හරි නම් මම කලෙ හරිම දේ සිනුදි.... "

" ඒ කියන්නෙ.... මගේ ඇප්ලිකේෂන් එක දැම්මෙ ඔයා ද.... "

" නැතුව ඉතිං.... "

" ඔයාට නම් හොදටම පිස්සු හිමාෂා... "

මම ඇයව වැලදගත්තෙ සතුටින්. අදත් මගේ ඇස් වලට කදුළු පිරුනා. ඒත් ඒ සතුටු කදුළු.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter