Back
/ 43
Chapter 13

Chapter 13

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  දහතුන්  වන කොටස 🌙

................................................................

" අම්මා.... සිම්මි.....

ඔයාලා කොහෙද...... අම්මා..... ! "

විසිත්ත කාමරය පුරාම ඇස් ගෙනගිය මට දැනුනෙ ලොකු බයක්. කුමක් හෝ නපුරක් සිදුව ඇති බව නම් නිසැකයි. ඒත් ඒ නපුර මට දරාගන්න බැරි තරමෙ එකක් නොවේවා කියලා මම දහස් වරක් ප්‍රාර්ථනා කලා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" සිම්මි....!!  අම්මා.....!! "

තව දුරටත් ගේ ඇතුලට අඩි තියන්න දැනුන බය නිසාම දොරකඩට වෙලා මම කෑගැහුවා. මගේ හඬ ඇහිලද කොහෙද සිම්මි හැඩු කදුලින්ම මා වෙත දිව ආවේ වේගයෙන්. ඇය මට තුරුලු වුනෙත් ඉකිබිදිමින්මයි.

සිම්මිගෙ ජීවිතයට අනතුරක් නොමැති බව තේරුම්ගත් තැන මම සැනසුම් සුසුමක් හෙලුවා. සිදුව ඇති දේ කුමක් වුනත් එයින් ජීවිත අනතුරක් සිදු වී නොමැති බව නම් මට ස්තීරයි.

" සිම්මි....

මොකද වුනේ....

අම්මා කොහෙද.... "

මගේ පපුවෙ මූණ හංගගෙන අඬන සිම්මිගෙ මුහුණ දෝතට ගත් මා ඇසුවේ කලබලයෙන්.

" ඇයි ආන්ටිගෙ කෝල්ස් ආන්ස්වර් නොකලෙ සිනුදි.... "

" ම... මට සමාවෙන්න සිම්මි.....

කියන්න මොකක්ද මෙතන වුනෙ කියලා... "

" ඔයා එකපාරක් ආන්ස්වර් කලා නම් මෙහෙම වෙන්නෙ නෑ සීනු....

වීපි සර්... එයා.... එයා තනිකරම යක්ෂයෙක් වගේ හැසිරුනෙ...

මතක් වෙද්දිත් මට බය හිතෙනව සිනුදි...

මට බය හිතෙනවා... "

මම ආයෙත් කනපිට හැරවිලා තිබුණු විසිත්ත කාමරය පුරා ඇස් ගෙන ගියා. වීපි සර් උපරිම දරුනු ලෙසින් හැසිරි ඇති බවට එහි සාක්ෂි ඕනාවටත් වඩා තිබුණා.

" සිම්මි.....

අම්මා කොහෙද.....?. "

ක්ෂනිකවම මට මතක් වුනෙ අම්මව. වීපි සර්ගෙන් සිම්මිට කරදරයක් නොවන බව මම දැනගෙන උන්නා. ඒත් වීපි සර්ගෙත් අම්මත් අතර නම් ඒ තරම් හොද හිතක් තිබුනෙ නෑ. ඔවුන් දෙදෙනා අතර ගණුදෙනු සිදු වුනාට වීපි සර් කොහොමටවත් මගේ අම්මට කැමති නෑ. ඇත්තටම මගෙ හිතේ ඇරුනම වීපි සර් වැනි යක්ෂයෙකුගෙ හිතේවත් මගේ අම්මා ගැන පුංචිම හරි කැමැත්තක් නෑ.  මම තව දුරටත් ඇය ගැන දුක් වෙන්නෙ ඒ නිසාමයි. මගේ අම්මට මම ඇරුනම වතුර උගුරක්වත් දෙන්න වෙන කවුරුත් නෑ.

" එයා රූම් එකේ සිනුදි....

ඔයාව හරියට බලාගත්තෙ නෑ කියලා වීපි සර් ආන්ටිට ගැහුවා.... "

සිම්මිගෙ වචන වලට මට හීල්ලුනෙ ඉබේටම. වීපි සර්ගෙ බෙල්ට් පාරවල් වල රස මම තරම් දන්න කෙනෙක් නැතුව ඇති. ඒ වේදනාව මම නිසා මගේ අම්මටත් විදින්න වුණා කියලා දැනගත්තාම මට මං ගැනම ඇති වුනෙ පිළිකුලක්.

අතේ තිබුණු බෑග් එකත් අතැරලා දාපු මම එක තත්පරයක්වත් නොහිද දිවුවේ අම්මගෙ කාමරයට.

" අම්මා.......!! "

ඇඳ විට්ටමට හේත්තු වෙලා ගැඹුරු කල්පනාවක වුන්න ඇය දිහා මම බැලුවෙ ඇස් වල කදුළු පුරෝගෙන. තොල් අඟ පැලිලා සිදුනු ලේ පැල්ලම් අම්මගෙ මූණට ලස්සන නෑ. නළලත තිබුණු පුංචි තුවාලෙට නම් සිම්මි බෙහෙත් ගල්වලා තිබුණා. ඇස් අඟ තිබුණු දම්පාට තැල්ම පැල්ලම  මගේ හිත වේදනාවෙන් පුරවන්නට සමත් වුණා.

සුදු පාට හිස් බිත්තිය මත ඇස් රදවාගෙන අම්මා වුන්නෙ ලොකු කල්පනාවක. ඇයට මම කාමරයට ආපු බව ගැනවත් වගක් වුනෙ නෑ. මම ඇය අසලින්ම බිම වැටිලා හිද ගත්තෙ ගලාගෙන යන කදුළු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා.

" අම්මා.... "

මගේ හඬට ප්‍රතිචාර නොදක්වන තරමටම අම්මා ගැඹුරු කල්පනාවක. ඇයව පියවි සිහියට ගැනිමෙ අරමුණෙන් මම ඇයගෙ අතකින් අල්ලගත්තෙ ටිකක් තදින්.

" අම්මා මම ආවා.....

සිනුදි ආවා අම්මා.... "

මගේ ස්පර්ශයෙන් පියවි සිහියට ආව ඇය මුහුණ හරවලා මම දිහා බැලුවෙ ලොකු කලකිරිමකින්. මගේ ඇස් හා ඇගේ ඇස් ගැටුනු මොහොතෙම ඇය නොසන්සුන් වුණා. ඇය නැගිටගත්තෙ කලබලයෙන්.

" සිනුදි ඉක්මන් කරන්න.... ඔයා මෙහෙන් යන්න....

බඩු ටික ලෑස්ති කරගන්න සිනුදි ඔයා ඉක්මනටම මෙහෙන් යන්න ඕනේ....

සිම්මි ඔයත් ලෑස්ති වෙන්න....

ඔයාලා දෙන්නම මෙහෙන් යන්න ඕනෙ...

වී... වීපි සර් ආයෙ එන්න කලින් ඉක්මන් කරන්න සිනුදි.... "

කාමරයෙ එහාට මෙහාට බර අඩි තියමින් ඇවිදින්නට වූ අම්මා හැසිරුනෙ හරි අමුතු විදියට. ඇගේ කතා විලාශයෙ ඉදන් හැම දෙයක්ම වෙනස් වෙලා. මට අම්මා ගැන දැනුනෙ බයක්. ඇයව සන්සුන් කරලා ඇද මතින් හින්දවාගත්තෙ අම්මා ගැන දැනුන අමුත්ත නිසාමයි.

" අම්මා.... ඔයා හොදටම කලබල වෙලා ඉන්නෙ.... අපි හෙට කතා කරමු අම්මා...

ඔයා දැන් නිදාගන්න.... "

" නෑ සිනුදි... මට නිදාගන්න වෙලාවක් නෑ....

ඔයාව මෙහෙන් ඉක්මනට යවන්න ඕනෙ...

අ.. අර මනුස්සයා එන්න කලින් ඔයා යන්න ඕනේ..... "

" මං කොහෙවත් යන්නෙ නෑ අම්මා....

ඔයාව දාලා කොහෙවත් යන්නෙ නෑ.... "

ඊළග මොහොතෙ අම්මා මගේ මූණ අතගෑවෙ ආදරෙන්.

" මම අදයි දැනගත්තෙ.... වීපි කියන්නෙ මොන තරම් දරුණු මනුස්සයෙක් ද කියලා.....

ම..... මට සමාවෙන්න.... "

අම්මා අත් එකතු කරලා මගෙන් සමාව ඉල්ලද්දි මට දැනුන හැගීම විස්තර කරන්න බැරි තරම්. මම ඉක්මනින්ම ඇයගෙ අතින් අල්ලගත්තා. අම්මා මගෙන් සමාව ඉල්ලනව බලන් ඉන්න පුලුවන් තරම් හිතක් මට තිබුනෙ නෑ.

" සමාව දෙන්න මම කවදාවත් ඔයාට වෛර කලෙ නෑ අම්මේ....

මට සතුටුයි.... ගොඩක් සතුටුයි අන්තිමේදි හරි ඔයා මාව තේරුම්ගත්තා....

ඔයා මගේ පැත්තෙ ඉන්නකම් මම ආයෙත් වීපි සර්ට බය වෙන්නෙ නෑ ඒ මිනිහගෙන් පැනල යන්නෙත් නෑ..... "

මම අම්මව තුරුලු කරගත්තේ කියාගන්න බැරි තරම් සතුටකින්. පළවෙනි වතාවට අම්මා කියන වචනයට විතරක් සීමා වුන ඇය තුළින් මම ඇත්තම අම්මා කෙනෙක්ගෙ ආදරය දැක්කා. අම්මා කියන නම අද මගේ මුවින් පිට වුනෙ නැවුම් වචනයක් ලෙසින්. මට දැනුනෙ මම ආයෙත් ඉපදුනා වගේ. අම්මා ගැන මේ තරම් ආදරයක් මතක ඇති කාලෙක මට දැනිල නෑ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

පසුව දා ඉරුදිනක් වූ නිසා වගේම හිතට දැනුන නිදහසත් එක්ක මම ටිකක් උදේ වෙනකම් නිදාගත්තා. වත්ත පහළ පැනි දොඩම් ගහට එන කුරුල්ලොත් තරගෙට කීචිබීචි ගාන්නෙ මාව නැගිට්ටවන්න වගේ. මුලුතැන්ගෙයින් අම්මගෙත් සිම්මිගෙත් හිනා හඬවල් ඇහෙද්දි මට හිතුනෙ මම තවමත් ඉන්නෙ හීනෙක කියලා.

ඉර එළිය වැටුනා කියලම කෙනෙක්ගෙ දවස ලස්සන වෙන්නෙ නෑ.. නැග එන හිරුත් බැස යන සදුත් එක්ක මගේ ජීවිතෙ ඕන තරම් දවස් ගෙවිලා ඇති. ඒත් තාත්තා නැති උනාට පස්සෙ මේ පළවෙනි දවස මගේ ජීවිතෙට ඉර පායපු. වෙනදට තව දවසක ආරම්භයට අකමැති මම අද බය වෙලා ඉන්නෙ මේ දවස ඉක්මනින්ම ගෙවිල ඉවර වෙයි කියලා. ඔව් ඒ නිසාම මට ලෝබයි මේ දවස පටන්ගන්න.

" සීනු නැගිටිනවා...."

ඔලුවෙ ඉදන් පෙරවගෙන උන්න පොරෝනය සිම්මි ඉවත් කලෙ බොරු නින්දක උන්න මාව ඇහැරවමින්. ලොකුම ලොකු හිනාවකින් මූණ පුරෝගෙන මම ඇද විට්ටමට හේත්තු වුණා. තේ කෝප්පය මගේ අත උඩින්ම තියපු සිම්මි ඇදේ මගේ ලගින්ම ඉදගත්තෙ මොකක්දෝ බිය මුසු වුන හැගීමකින්.

" මොකෝ... "

තේ කෝප්පය තොලගාමින්ම මම ඇහුවෙ සිම්මිගෙ මුහුණෙ තිබුණු හැගීම තේරුම්ගන්න බැරුව.

" ඔය තරම් සතුටු වෙන්න එපා සිනුදි....

ප්‍රශ්නෙ තාම පටන්ගත්ත තැනමයි...

කිසිම දෙයක් තාම හරියට විසදිලා නෑ....

මට බය හිතෙනවා...

අපේ ජීවිත තිබුණටත් වඩා අපායක් වෙයි කියලා.... "

සිම්මි කියලා ඉවර වෙනවත් එක්කම තරමක පෙට්ටියකුත් උස්සගෙන අම්මා කාමරයට එඹුනා.

" ඒ ප්‍රශ්න ඉක්මනින් විසදෙයි....

මම දන්නවා මොකක්ද කරන්න ඕනෙ කියලා.... "

අම්මා ලොකු විශ්වාසෙකින් එහෙම කියද්දි දුවලා ගිහින් මම ඇයව තුරුලු කරගත්තා.

" අම්මා මගේ පැත්තෙ ඉන්නව කියන්නෙ.... මට නම් තවත් ප්‍රශ්න නෑ.... "

ඒ සුදු කම්මුල් මත හාදුවක් තියලා මම එහෙම කියද්දි සිම්මි හොරාට ඇස් අග රැදුනු කදුළු බිංදුවක් පිසලාගත්තා.

" සිනුදි බලන්නකො මම ඔයාට මොනවද ගෙනාවෙ කියලා.... "

අම්මා අතේ තිබුණු පෙට්ටිය මේසය මතින් තියලා ඇය පැත්තකට වුණා. මම ඒ පෙට්ටියට එබුනෙ කුතුහලයෙන්.

දෙවියනේ මට අදහගන්නත් බැරි වුණා. මම ලොකු හිනාවකින් මූණ පුරෝගෙන අම්මා දිහා බැලුවෙ ස්තූතියි කියන බැල්මකින්.

ඒ පෙට්ටිය ඇතුලෙ තිබුනෙ මම මගේ ජීවිතෙ වගේ පරිස්සම් කරපු මතකයන් ගොඩක්. තාත්තගෙ මතකයන් වගේම මගේ පුංචි කාලෙ ගමේදි ගතකරපු ලස්සන මතකයන් ගොඩක් ඒ පෙට්ටිය ඇතුලෙ තිබුණා.

තාත්තා නැති වුණාට පස්සෙ අපිට කන්නවත් සල්ලි නැති වෙද්දි අම්මා සල්ලි හොයන්න තෝරගත්තෙ ගොඩක් වැරදි මාර්ගයක්. එක එක පිරිමින්ට විකිනෙන එකට මම හැමදාමත් අම්මත් එක්ක රණ්ඩු කලා. ඒ කාලෙ සිම්මි මගේ ජීවිතෙ උන්නෙත් නැති නිසා මගේ හැම දුකක්ම සතුටක්ම මම  බෙදාගත්තෙ මේ මතකයන් එක්ක. තාත්තගෙ මතකයන් මම පරිස්සම් කලෙ මගේ පණ වගේ.

අම්මා පළවෙනි වතාවට වීපි සර්ව මට මුණගස්වපු දවසෙ මම ගොඩක් හිතුවක්කාර විදියට හැසිරුණා. මම අම්මට එකඟ වුනේම නෑ. මම මැරෙන්න පවා උත්සහ කලා.. මම ගොඩක් නපුරු විදියට එදා හැසිරුනා. අන්තිමේදි අම්මට මාව පාලනය කරගන්නම බැරි තැන මේ පෙට්ටියට විතරයි ඒක කරන්න පුලුවන් වුනෙ. එදා අම්මා මේ මතකයන් සේරම මගෙන් ඈත් කලා. මම අම්මට කීකරු වුනෙ නැත්නම් එයා මේ මතකයන් විනාශ කරනව කියලා දිවුරුවා. මම මගේ පණ වගේ පරිස්සම් කරපු ඒ මතකයන් මගේ ඇස් ඉස්සහම පිච්චිලා යනව බලන්න මට ඕන වුනෙ නෑ. කවදාම හරි අම්මා ආයෙත් මට ඒ මතකයන් දෙයි කියන විශ්වාසයෙන් මම ටික ටික එයාට අවනත වුණා.

එදා දවස ගැන මතක් කරමින් වුන්න මගේ ඇස්  වලට කදුළු පිරුනෙ ඉබේටම. අම්මා පිටිපස්සෙන් ඇවිත් මගේ උරහිසට අත තියද්දි මම ගැස්සුනෙ ඇය  කදුළු දකිවි කියන බයෙන්.

" සිනුදි ඔයාට මතකද එදා දවස....

ඒ දේවල් මතක් වෙද්දි මට තේරෙනවා... ඔයාගෙන් සමාව ඉල්ලන්න වත් මට අයිතියක් නෑ කියලා....

මට සමාවෙන්න සිනුදි.... "

" අම්මා ප්ලීස්.....

මට ඔය දේවල් ගැන ආයෙත් කතා කරන්න ඕනෙ නෑ.....

එහෙම කාලයක් තිබුනා කියලා මම අමතක කරනවා... ඔයත් අමතක කරන්න අම්මා... එතකොට අපිට සතුටින් ජීවත් වෙන්න පුලුවන්....  "

මම එහෙම කිවුවේ අම්මගෙ ඇස් වල කදුළු පිසලන ගමන්. ඊළගට ඇය පෙට්ටියට එබිලා පිටතට ගත්තෙ  රෝල් කරපු ලොකු කඩදාසියක්. අම්මා ඒ කඩදාසිය දිග හරිද්දි සිම්මිත් ඒකට එබුනා.

" වාව්....

සිනුදි මේක ඔයාද ඇන්දේ.... "

කඩදාසිය පුරා තිබුණු සිතුවම දෙස දෑස් විසල් කරගෙන බලන් උන්න සිම්මි මගෙන් එහෙම අහද්දි මම ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන බිම බලාගත්තා.

ලැවැන්ඩර් මල් යාය මැද අත් අල්ලගෙන හුළගත් එක්ක දුවන පුංචි ගෑණු ළමයෙකුත් පිරිමි ළමයෙකුත් ඉන්න ඒ සිතුවම මගේ අතින් නිර්මාණය වුන අමතක නොවන මතකයක්. ඇත්තටම ඒක නිර්මාණයක් විතරක්ම නෙමේ. අදටත් හදවතෙ එක කොටසක් සම්පූර්ණයෙන්ම අයිති කරගෙන ඉන්න මගේ අතීතය. ඔව් මට මඟහැරුණ තවමත් මගේ හිත හොයන එයා.. මට ලැබුණු අතීතයෙ ලස්සනම මතකය.

ඒ සුන්දර අතීතයට යන්න හැදුවත් අම්මගෙ හඬින් මම ආයෙත් පියවි සිහියට ආවා.

" සිනුදි... ඔයා ආයෙත් පටන්ගන්න...

ඔය ජොබ් එකෙන් අයින් වෙලා ඔයා ආයෙත් චිත්‍ර අදින්න පටන්ගන්න...

පොඩි කාලෙ ඉදන්ම ඔයාට ඕන වුනෙ චිත්‍ර ශිල්පිනියක් වෙන්න නෙ...

මේ පාර මං ඔයාට උදව් කරනවා...

අපි මුල ඉදන් පටන් ගමු.... "

දුක් මහ ගොඩක් විදපු මට හදිස්සියේම එකපිට එකපිට ලැබෙන මේ සතුට දරාගන්න බැරි තරම්. හිත හොදටෝම පිරිලා.  මම අම්මගෙ කතාවට පිළිතුරු නොදීම හිනා වුනෙ හදවතින්ම. මට ඕන වුනා මුලු ලෝකෙටම කෑගහලා කියන්න සිනුදි තරම් මේ වෙලාවෙ සතුටින් ඉන්න කෙනෙක් තවත් නෑ කියලා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

නිවාඩු දවසට විතරයි එළියට බැහැලා වත්තේ ඇවිදින්නවත් මට නිදහසක් තියෙන්නෙ. අම්මත් එක්ක ඒ තරම් හිත හොදින් නොසිටි දිනවල නම් මම ගෙදර එක වැඩකටවත් සම්බන්ධ වුනෙ නෑ. අම්මා මාව  ඒ දේවල් වලට එකතු කරගත්තෙත් නෑ. මොකද වීපි සර් අම්මට තහනම් කරලා තිබුණා මගෙන් පුංචිම හරි වැඩක් ගන්න එක. වීපි සර්ට ඕන වුනේ සෝකේස් එකක දාලා ඉන්න ලස්සන බෝනික්කෙක් වගේ මම ඉන්නව දකින්න. එයාට ඕනෙ වෙලාවට විතරක් අරගෙන සෙල්ලම් කරලා ආයෙත් සෝකේස් එකට දාන්න.

ඒත් ඊයේ රැයින් පස්සේ මගේ ජීවිතෙ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. කාලෙකට පස්සේ මම සිම්මිත් එක්ක වත්තේ මල් පැලවලට සාත්තු කරන්න ගත්තෙ ඒ නිදහස භුක්ති විදිමින්.

" සිම්මි ටැප් එක අරින්නකෝ.... "

" ඔන්න අරිනවා.... "

වතුර බටෙන් වේගයෙන් එන වතුර පාර හරියට හසුරවගන්න මට බැරි වුණා. එක පාරටම ආව වතුර පාර නිසා මෙරුන් පාට දිග සායෙ පැත්තක්ම වතුර වලින් තෙමෙද්දි සිම්මි නැමීගෙනම හිනා වෙනවා. මම බොරුවටත් එක්ක රවලා මල් පැල වලට වතුර එක ඇල්ලුවේ තෙමුන සාය ගැන වගක් නැතිව. වතුර බටය අල්ලගෙන ගත වුනෙ විනාඩි කිහිපයයි. අපේ කළු පාට ගේට්ටුව ඉස්සරහ නතර වුනෙ රතු පැහැති බෙන්ස් රථය. මේ පාරට නුපුරුදු නොවන වීපි සර්ගෙ මෝටර් රථය ගේට්ටුව ඉදිරිපිට නතර වෙද්දි මගේ අතින් වතුර බටේ අතෑරුනෙ ඉබේටම.

මෝටර් රථයේ එන්ජිම නතර කල ඔහු එයින් බැසගත්තෙ නොසන්සුන් මනසින්. මගේ දිහා යක්ෂයෙක් වගේ බලාගෙනම ඔහු මෝටර් රථයේ දොර වහල දැම්මෙ සද්දෙන්. මට ගේ ඇතුලට දුවන්න ඕන වුනත් කකුල් වලට පණ නෑ. මම ගල් වෙලා වගේ හිටගෙන ඉද්දි ඔහු අඩියෙන් අඩිය මට ලං වුණා. ඇත්තමයි හුස්ම ගන්නත් මට අමතක වෙලා තිබුනෙ.

" තමුසෙ තාමත් මං ගැන හරියට දන්නෙ නෑ බේබි ඩෝල්.... "

ඔහු පැමිණි වේගයෙන්ම මගේ කෙස් වැටියෙන් අල්ලගත්තා.

" එනව යන්න....

අද එක්කො මම ප්‍රශ්න විසදගන්නවා... එහෙම නැත්නම් උඹ මගේ අතින් අද මැරෙනව බේබි ඩෝල්.... "

මගේ කෙස් වැටියෙන් ඇදගෙනම ඔහු ආවේ කාමරයට. මාව ඇද උඩට තල්ලු කරපු ඔහු දොර වහල දැම්මෙ මම සහමුලින්ම ගැහෙන්න පටන්ගද්දි.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter