Back
/ 43
Chapter 16

Chapter 16

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃    දාසය වන කොටස 🌙

................................................................

" ඒවා අරලිය ගස්....

මම දන්න කාලෙ ඉදන්ම ඕවා ඔතන තමයි තියෙන්නෙ.... "

" ඉතිං මට මොකද...

ඔය කතාව නවත්තලා සමරි එක මට මේල් කරනවා.... "

දුරකථනයෙන් සෑදු ලිපිගොනුව විද්‍යුත් තැපෑල ඔස්සෙ ආගත් සර්ගෙ ලිපිනයට යවපු මම අවසානයෙ එය අවසන් බව ඔහුට දැනුම් දුන්නා. හදිසියේම පැවරු රාජකාරියක් මේ තරම් ඉක්මනින් අවසන් කිරීම ගැන පුංචි ස්තූතියක්වත් නැතුව ඔහු ඔහුගෙ දුරකථනයෙන් ලිපිගොනුව දිගහැර ගද්දි මම හොරැහින් රැව්වෙ එළිපිට ඔහුට රවන්න බැරිකමට.

ඊළගට මම අත්දෙකත් බැදගෙන අසුනට හේත්තු වුණේ තවදුරටත් ඔහුත් එක්ක කතා කරන්න තිබුණු අකමැත්තට.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" කොහොමද මිස්ටර් ආගත්.... "

සම්මේලනය අවසානයෙ ශාලාවෙන් පිටතට එන අතරෙ වීපි සර්ව අපිට මුණගැසුනා. සම්මේලනය පුරාවට ඔහුගෙන් සැගවී සිටින්නට කෙතරම් උත්සහ කලත් අවසාන මොහොතෙ ඒ උත්සහය ව්‍යර්ථ වුනෙ අවාසනාවකට.

" හොදින්.... "

ආගත් සර් ඔහුට අතට අත දෙන අතරෙත් වීපි සර්ගෙ ඇස් තිබුනෙ මගේ ලඟ. මම බිම බලාගෙනම උන්නෙ ඒ මූණ දිහා බලන්න තිබුණු අකමැත්තට.

" අලුත් පොසිෂන් එකට මගෙන් සුභ පැතුම් මිස් සිනුදි.... "

ඔහු ඊළගට මා වෙත මවාගත් මිත්‍රත්වයේ දෑත් දිගු කරද්දි මම ඒ ඇස් දිහා බැලුවෙ රවාගෙන. වීපි සර්ට බයවෙලා ජීවත් උන කාලය අවසන් වෙලා තිබුනත් තවමත් මට ඔහු ලගදි නිදහසක් දැනෙන්නෙ නෑ. බොහෝ දෙනාගෙ අවදානය මා වෙත යොමු වෙලා තිබුණු නිසාම බොරු හිනාවක් මූණට ආරූඪ කරගෙන මම ඔහුට අතට අත දුන්නා. ඔහු මගේ අත අනවශ්‍ය ලෙසින් ස්පර්ශ කරද්දි මට දැනුනෙ පිළිකුලක්. මම ඉක්මනින්ම ආයෙත් මගේ අත ඇදගත්තෙ මහපොළොවට රවමින්.

" තැන්ක් යූ සර්..... "

ඔහු ඉදිරියෙ වචන දෙක තුනක් පවා මා අමුණගත්තෙ අපහසුවෙන්. මම තවමත් ඔහු ඉදිරියෙදි අසරණ වන බව දැනගෙන ඒ මූණෙ ඇදුනෙ අපහාසාත්මක හිනාවක්.

" මිස්ටර් ආගත් මගේ ෆයිල් එක මට කවද්ද ලැබෙන්නෙ.... "

ආගත් සර් තවත් ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ සාකච්ඡාවක. ඒ සාකච්ඡාවට බාදා කරමින් වීපි සර් කතා කලා.

" මේ දැන් උනත් මට ෆයිල් එක දෙන්න පුලුවන් මිස්ටර් වීපි....

ඒක දැනටමත් මගේ කාර් එකේ තියෙනවා...... "

" එහෙනම් අපිට තවත් රස්තියාදු වෙන්න ඕනෙ නෑ....

අපි ඒ ප්‍රශ්නෙ මෙතනදිම විසදගමු.... "

ආගත් සර් තරමක් ව්‍යාකූල වූයේ ඔහුට ඒ මොහොතෙ අනෙක් ව්‍යාපාරික මිතුරන් හා සාකච්ඡාව අතහැර යා නොහැකි නිසයි. ඒ ගැටලුවට ඉක්මනින්ම විසදුමක් හොයාගත්ත ඔහු ක්ෂනිකවම මා වෙත හැරුනා.

" සිනුදි....

වීපි ගෘප් එකේ ෆයිල් එකක් ඇති මගේ කාර් එකේ....

ඒක මේ සර් ට ගෙනත් දෙන්න...

ඒ වගේම ඇග්‍රිමන්ට් පේජස් ටික අයින් කරලා දෙන්න ඕකේ.... "

ආගත් සර් මගේ අත උඩින් මෝටර් රථයේ යතුර තියලා කල යුතු දේ ගැන පැහැදිලි කර අවසානයෙ ඔහු නැවතත් ව්‍යාපාරික මිතුරු සාකච්ඡාවට එකතු වුණා. වීපි සර් මගේ දිහා බලන් උන්නෙ ගොදුරකට ඉව අල්ලන මෘර්ගයෙකු වගේ.

" මෙතනින් ඉන්න.... මම ෆයිල් එක ගෙනත් දෙන්නම්...... "

වෙනතක් බලාගෙනම එසේ කියු මම ඉක්මනින්ම  රථගාල වෙත දිව ගියෙ තවත් එතනට වී ඉන්න හිත ඉඩ නොදුන් තැන.

රථගාලට ඇතුලු වන පිටවන දොරටු අසල ආරක්ෂක නිලදාරින් දෙදෙනෙකු සිටියා මිස මා පැමිණි මොහොතෙ මෝටර් රථ හැරෙන්නට තවත් මිනිසුන් එහි සිටියෙ නෑ. රථගාල තුළ තිබුණු පාලු ස්භාවය මගේ හිත බය කලෙ මොහොතකට පෙර වීපි සර් මුණගැසුනු නිසා වෙන්න ඇති. එහෙම හිතමින්ම මම ආගත් සර්ගෙ මෝටර් රථය වෙත ගියෙ ඉක්මන් ගමනින්. පිටුපස අසුනෙ තිබුණු ලිපිගොනු අතර වීපි සර්ගෙ ආයතනයට අදාල ලිපිගොනුව තෝරාගෙන ආගත් සර් කියු ලෙසින්ම ගිවිසුම් ලේඛන ඉවත් කර නැවතත් මා ලිපිගොනුව සැකසූවා. අවසන් කල ලිපිගොනුව රැගෙන පිටතට එන්න හදනවත් එක්කම මාවත් තල්ලු කරගෙන කෙනෙකු මෝටර් රථයට ගොඩ වුනෙ මට හිතන්නවත් කාලයක් ඉතිරි නොකර.

" මොනවද මේ කරන්නෙ..... "

ඔහු මාත් එක්කම පිටුපස අසුනට බර වෙද්දි  මම කලබල වුණා. ඉක්මනින්ම මෝටර් රථයේ දොරගුළු ක්‍රියාත්මක කල ඔහු මා වෙත හැරුනෙ ඊළගට.

" වීපි සර්...!! "

ඒ විනාශකාරී බැල්ම අපහාසාත්මක සින්හව මාව තව තවත් නොසන්සුන් කලා.

" මට යන්න දෙන්න.... නැත්නම් මං කෑගහනවා.... "

දැනටමත් ඇස් වලට කදුළු උනලා තිබුනත් ඒ කදුළු හංගගන්න මන් උපරිම උත්සහයක යෙදුනා.

" ඉතිං කෑගහනවා.......

බලමු කවුද එන්නෙ කියලා...... "

පිටුපස අසුනෙ සුවපහසුව හේත්තු වෙමින් ඔහු මා වෙත හෙලුවෙ කට කොනකට මවාගත්ත අපහාසාත්මක හිනාවක්.

" ඇයි දෙයියනෙ මට මෙහෙම කරන්නෙ... "

දෝතින්ම මුහුණ වසාගෙන මම අඬන්න පටන්ගත්තා. කෑගැහුවා කියලා කිසිම දෙයක් නොවෙනස් වන බව මා තේරුම්ගත්තෙ අදක ඊයෙක නොවේ.

වීපි සර් අල්ලගත්තෙ මගේ වම් අත. බැන්ඩේජ් කරලා තිබුණු දබරැගිල්ල මතින් ඔහු ඇගිලි තුඩු යැවුවෙ බෙහෙවින් සෞම්‍යව.

" බේබි ඩෝල්ව මම ද තුවාල කලේ....

අයිම් රියලි සොරි බේබි ඩෝල්....

ප්ලීස්.. ෆොගිව් මී....

ප්ලීස් ඩෝන්ට් ලීව් මී බේබි ඩෝල්....

අයි කාන්ට් ලිව් විතවුට් යූ....

මාව දාලා යන්න එපා.... මාත් එක්කම ඉන්න ප්ලීස්.... "

වීපි සර්ගෙ වචන ඉස්සරහ මට අඬන්නත් අමතක වුණා. ඔහු මේ මොනවද කියවන්නෙ කියලා මට හිතාගන්න බෑ. මේ මොහොතෙ මගේ ඉස්සරහ උන්නෙ මම කාලයක් තිස්සෙ හදුනන වීපි සර් නෙමේ.

ඔහු මගේ තුවාල උන අත උඩින් උණුසුම් හාදුවක් තවරද්දි මම ඒ තරම් පුදුම වුනෙ ජීවිතෙ පළවෙනි වතාවට. වෙන්නෙ මොකක්ද කියන එක ගැන පුංචිමවත් වැටහීමක් මට තිබුනෙ නෑ. මම දකින්නෙ ඇත්තක් ද බොරුවක් ද කියන එකවත් මම දන්නෙ නෑ.

වෙන කවදාවත් නැති විදියට මම සිතුවිලි අතර අතරමන් වෙලා ඉද්දි වීපි සර් මගේ මුහුණ ඔහු වෙත ලං කරගත්තා.

" මං දන්නවා ඔයා මගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනෙ නෑ කියලා....

ඒත් තවත් මේ රහස හංගගෙන ඉන්න බෑ.....

අයි ලව් යු බේබි ඩෝල්......

අයි ලව් යූ... "

ඔහු ඒ වචන කිවුවේ මගේ ඇස් දිහාම බලාගෙන. මම මොහොතකට හැගීම් අතර අතරමන් වුණා.

කියන්න ඕනෙ මොනවද මේ වෙලාවේ හැසිරෙන්න ඕනෙ කොහොමද කියන එක ගැන සැලසුමක් මට තිබුනෙ නෑ. මොකද මම කවදාවත් වීපි සර්ගෙන් මේ වගේ දවසක් බලාපොරොත්තු වුනෙ නෑ.

මම තවමත් පුදුමයෙන් නිහඬවම ඉද්දි ඒ නිහඬ බව බිදිමින් වීපි සර් මහ හයියෙන් හිනාවෙන්න පටන්ගත්තා. පෙරටත් වඩා මම පුදුම වුනෙ ඒ මොහොතෙ දි.

" තමුසෙ මහ මෝඩයි බේබි ඩෝල්....

මොනවද හිතුවේ....

මං වෙනස් වුනා කියල ද....

නෑ බේබි ඩෝල් නෑ.....

මම වෙනස් වෙන්නෙ නෑ... මාව වෙනස් කරන්නත් බෑ.....  "

තත්පර ගාණකට කලින් ඔහු වෙනස් වෙලා ඇති කියලා මගේ හිතෙ ඔහු වෙනුවෙන් ඇති වුන ඒ හැගීම ගැන මම ලැජ්ජා වුනා.

" තමුන් තිරිසනෙක් වීපි සර්....

ආදරය , සමාව කියන වචනවත් ඔය කටින් කියන්න එපා...

මොකද තමුන් වගේ තිරිසනෙක්ට ඒ වචන ගැලපෙන්නෙ නෑ..... "

මගේ කතාව ඉවර වෙනවත් එක්කම වීපි සර්ගෙ දකුණු අත ඇවිත් මගේ කම්මුලක් මත නතර වුණා. ඒ කම්මුල් පහරෙ වේගයෙන් මම නතර වුනෙ මෝටර් රථයේ දොරට බර වෙලා. මම වේදනාවෙන් කම්මුල මත අත තියාගද්දි වීපි සර් මාව නැවතත් ඔහු වෙත ඇදගත්තෙ මගේ කෙස් වැටියෙන් අල්ලගෙන .

" හීන දකින එක නවත්තනවා බේබි ඩෝල්....  තමුසෙ මගේ.... කාටවත් ඒක වෙනස් කරන්න බෑ... "

" මට පාඩුවෙ ඉන්න දෙන්න වීපි සර්.... වැදලා ඉල්ලන්නම් මට පාඩුවෙ ඉන්න දෙන්න.... "

මම කිවුවේ අත් දෙකත් එකතු කරගෙන ආයාචනාත්මක ස්වරයෙන්.

" හරි මං එහෙම කරන්නම්... හැබැයි ඒ වෙනුවෙන් බේබි ඩෝල්ට දෙයක් කරන්න වෙනවා.... "

" මොකක්..... "

මම ඇහුවෙ කුතුහලයෙන්.

" අර ආගත් කියන එකා හිතාගෙන ඉන්නේ ඌට විතරයි බිස්නස් කරන්න පුලුවන් කියලා.....

දැනටමත් ඌ මගේ බෙල්ල ලගටම ඇවිත්.... ඌ මගේ නහයට උඩින් යනකම් මට බලන් ඉන්න බෑ....

බේබි ඩෝල් කරන්න ඕනෙ බොහොම පොඩි දෙයයි....

මට ඕනෙ කරන ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා.... බේබී ඩෝල් ඒවා මට ගෙනත් දෙන්න ඕනේ.... "

" මම එහෙම කලෙ නැත්නම් මොකද වෙන්නෙ.... "

වීපි සර්ගෙ කතාවට මම හරස් වුණා. මොහොතක් මං දිහා කට කොනින් හිනාවෙගෙන බලන් උන්න ඔහු ඊළග තත්පරයෙ සඟවාගෙන සිටි පිස්ටලයක් පිටතට ගත්තෙ මම ගැස්සෙන විට.

" තමුන්ගෙ අම්මා මට කරපු දේ එච්චර හොද නෑ.... එතකොට අර චුටි ඩෝල් සිම්මිගෙත් කට හොදටම වැඩි....

මම කැමති ඉක්මනින්ම ඒ දෙන්නා මැරෙනව නම්....

එතකොට මට ඔයාවත් ලැබෙනවා....

බේබි ඩෝල් මම කියපු දේ නොකලොත් සිම්මියි අම්මයි ගැන තියෙන අදහස අතැරගන්න.....

කොහොමත් තමුන්ගෙ අම්මයි මගෙයි අතර දැන් කිසි ගණුදෙනුවක් නැති නිසා මට මේ වැඩේ තවත් ලේසි.... "

මට ඕනෙ උනා කෑගහලා අඩන්න. මුලු ලෝකෙටම ඇහෙන්න අඬන්න. එක පැත්තකින් මගේ පවුල තව පැත්තකින් ආගත් සර්.. මම කාවද තෝරගන්නෙ.

" ඔය ඈඩියාව නවත්තනවා බේබි ඩෝල්...."

මෝටර් රථය තුළ තිබුණු ඔහුගෙ ලිපිගොනුව අතට ගත්ත ඔහු ඇස් වලින් පෙන්නුවෙ ඈතින් එන ආගත් සර් ව. ඔහු මෝටර් රථයේ දොර විවර කර එළියට යද්දි මම කදුළු පිසලාගත්තෙ ආගත් සර් අපි ගැන සැක නොකල යුතු නිසා.

මෝටර් රථයේන් පිටතට ගිය ඔහු නැවතත් මෝටර් රථය තුළට නැමුනා.

" බේබි ඩෝල් මේක තමුසෙගෙ අම්මට ගිහින් කියනවා...

ඒකිගෙගෙ ප්ලෑන් එක සක්සස් වෙන්න මං ඉඩදෙන්නෙ නෑ කිවුවා කියලා මතක් කරලම ඒ ගෑණිට ගිහින් කියනවා.... "

ආගත් සර් තව තවත් අපිට ලං වෙද්දි වීපි සර් බොරු මිත්‍රශීලී සිනහවක් මූණට ආරූඪ කරගත්තා. මම ඉක්මනටම කාර් එකෙන් බැහැ ගත්තෙ අවුල් වෙලා තිබුනු හිස කෙස් ටිකත් හදාගෙන.

" අහ් මිස්ටර් වීපි තවමත් මෙතන ද.... "

ආගත් සර් ඇහුවෙ මං දිහත් බලන ගමන්.

" අවාසනාවකට ඔව්...

මේ ෆයිල් එකේ පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා... ඉතිං  අපි ඒවා විසදගත්තා... එහෙම නේද මිස් සිනුදි.... "

වීපි සර් නොකියා කිවුවේ ඔහුගෙ පිළිතුර ස්තීර කරන්න කියලා.

" ඩොකියුමන්ට් ඕඩර් එකේ ප්‍රශ්නයක් තිබුණා සර්....

මං ඒක හදලා බාර දුන්නෙ...

දැන් හරි.... "

මම බිම බලාගෙනම උත්තර බැන්දෙ ආගත් සර්ට.

" සොරි මිස්ටර් වීපි....

ෆයිල් එක ගෙනාවට මට චෙක් කරන්න බැරි වුණා.... ඒක මගේ වැරැද්ද..... "

" ඉට්ස් ඔකේ ආගත් ඉට්ස් ඔකේ....

මේ වගේ සෙකට්‍රි කෙනෙක් ඉන්නකම් මිස්ටර් ආගත්ට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ....

එහෙනම් අපි ආයෙත් හම්බවෙමු.... "

වීපි සර් අපිට සමු දීලා යන්න ගියෙ ආයෙත් මං දිහා හැරිලා බලන ගමන්. ඔහුගෙ බැල්මෙ තිබුනෙ මට වෙන විසදුමක් නෑ කියන හැගීම.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

අපි බොහෝ දුරක් එනතුරුත් මම උන්නෙ වෙනම සිහියක. එන ගමනෙදි ආගත් සර් වුනත් මට බාදා කලෙ නෑ. ඔහු උන්නෙ තවත් ප්‍රශ්නෙක කියන එක මට තේරුණා.

සැරින් සැරෙට දුරකථනය වෙත යන ඔහුගෙ ඇස් කාගෙන් හෝ අත්‍යවශ්‍ය දුරකථන ඇමතුමක්  බලාපොරොත්තු වුණා වගේ. එම ඇමතුම ලැබෙන තුරු ඔහු නොයිවසිල්ලෙන්. තවත් විනාඩි කිහිපයකට පසු දුරකථනය නාද වෙද්දි එයට පිළිතුරු දෙන්න ඔහු ඉක්මන් වුණා.

" රෙහාන්.... මොකද වුනේ.... "

අනෙක් පසින් ලැබුන පිළිතුර මට නෑසුනත් ආගත් සර් නම් පිළිතුරු දුන්නෙ බොහොම පරිස්සමෙන්. ඔහු මෝටර් රථය පොඩි කඩයක් ලගින් නතර කලෙ ඇමතුම විසන්ධි නොකරම.

" ගිහින් මොනා හරි බොන්න අරන් එන්න...."

එහෙම කියලා ඔහු මා වෙත දිගු කලෙ ඔහුගෙ කාඩ් එක. පුංචි කඩය දෙසත් ඔහුගෙ කාඩ් එක දෙස වගේම ඔහු දෙසත්  මම බැලුවෙ ඇස් පුංචි කරගෙන.  මෙවැනි කඩයකට ණය පතක් දිගු කරන්න තරම්ම ඔහුගෙ ඔලුව විකාරයි කියලා මම දැනගත්තෙ අද. මේ සිද්දියට එකට එක කියනවට වඩා මගේ සල්ලි වලින් බීම අරන් එන එක මට ලේසි. එහෙම හිතලා බෑග් එකත් අරගෙන මම කඩේ පැත්තට ගියෙ ඔහු දිගු කරගෙන සිටි කාඩ් එක ගනනකටවත් නොගෙන.

" ප්‍රශ්නයක් වුනෙ නැත්නම් එච්චරයි...

හරි... ඔෆිස් එකට වරෙන්... මම එනගමන්.... "

මම ශීත කල බීම බෝතල් දෙකකුත් අරගෙන මෝටර් රථය වෙත එද්දි ඔහු රෙහාන් හා ඇමතුම අවසන් කලා. දුරකථනය පසෙකට කල ඔහු බීම බෝතල් දෙස බැලුවෙ අප්පිරියාවෙන්.

" මොන ජරාවක් ද ඔය.... මං ඔය ජාතිය බොන්නෙ නෑ....

වෙන මොනව හරි ගේන්න...

ඔරේන්ජ් ෆ්ලේවර් එකෙන්....  "

" ඔයාට ඕක කලින් කියන්න තිබුනෙ නැද්ද..... "

මට දැනුනෙ බීම එක ආගත් සර්ගෙ ඔලුවට හලන්න තරම් තරහක්.

" ඔයා මගෙන් අහලා ගියෙත් නෑ නේ.... "

එයා තව තවත් ආඩම්බර කතා කියවද්දි මම  මාවම පාලනය කරගන්න ලොකු හුස්මක් උඩට ගත්තා. බෑග් එක කාර් එකෙන් තියලා බීම බෝතලෙත් අරගෙන මම ආයෙත් කඩේ ඇතුලට යද්දි දඟකාර සිනහ රැල්ලක් ඒ මූණ මත ඇදිලා මැකිලා යනව මම බලාගෙන. ඔහුට හිතින් මුමුණමින්ම මම නැවත එන විට මගේ ෆෝන් එක තිබුනෙ ආගත් සර්ගෙ අතේ.

" කෝල් එකක්.... "

ඔහු මවෙත දුරකථනය දිගු කලා. එහි තිරයෙ සිම්මිගෙ සේයා රුව මැවෙද්දි මම දුරකථනය උදුරගත්තෙ ඉක්මනින්.

" සිම්මි.... කොහෙද ඉන්නේ....

ඔයා හොදින් ද....? "

" සිනුදි.....

මට කතා කරන්න ඕනේ..... "

දුරකථනයෙ අනෙක් පසින් ඇසුනෙ සිම්මිගෙ ඉකිබිදුම් හඬ. ඇය හඬන බව තේරුම්ගත් මා තව තවත් කලබල වුණා.

" කො..කොහෙද ඉන්නෙ කියන්න...

මං දැන්මම එනව සිම්මි ඔතනම ඉන්න... කොහෙවත් යන්න එපා.... "

ඇය ඉන්න තැන ගැන තොරතුරු දැනගත් මා ආගත් සර්ගෙ මෝටර් රථයට ගොඩ වුනෙද නොසන්සුන්ව.

" සර්... මගේ නංගිට පොඩි කරදරයක් වෙලා.... අනේ ප්ලීස් මාව මූන් ලයිට් හොටෙල් එකට අරන් යන්න.... "

මං පිස්සුවෙන් වගේ හැසිරෙද්දි ආගත් සර් මගේ දිහා බලන් වුන්නෙ පුදුමයෙන්.

" නංගි...??

ඔයාට සහෝදර සහෝදරියො නෑ නේ.... "

" සර් කොහොමද දන්නේ.....? ! "

" අහ් මේ.... මට මතක විදියට  ඔයාගෙ බයෝඩේටා එකෙ සිබ්ලින් ලා ගැන  විස්තරයක් තිබුනෙ නෑ..... ඒකෙ තේරුම ඔයාට නංගි කෙනෙක් ඉන්න බෑ කියන එක නේ....

එහෙම නැත්නම් ඔයා කම්පැනි එකට දුන්නෙ ෆේක් ඉන්ෆොමේෂන්ස් ද.... "

" අනේ නෑ සර්...

ඇත්තටම එයා මගේම නංගි නෙමේ....

ඒත් මගේම කෙනෙක්ටත් වඩා මට එයාව ලගයි....

අනේ සර් ප්ලීස් අපි ටිකක් ඉක්මනට යමු ද..... "

මං දිහා අමුතුම බැල්මකින් බලන් වුන්න ආගත් සර් කතාව පටන්ගත්තෙ මම බලාපොරොත්තු නොවුන තැනකින්.

" ඔයාට මාව පේන්නෙ ඩ්‍රයිවර් කෙනෙක් වගේද මිස් සිනුදි.....  "

" අනේ නෑ සර්....

ප්ලීස් මේ වෙලාවෙ මට උදව් කරන්න.... "

" මේ වෙලාවෙ තමයි මට උදව් කරන්නම බැරි..... "

ආගත් සර් හිමීට මිමිණුවෙ මට නෑසෙන ගානින් වුනත් ඒ කතාව මට හොදටම ඇහුණා.

" අනේ සර් ප්ලීස් එහෙම කියන්න එපා.... "

" මට වැඩ තියෙනවා සිනුදි.... බහිනවා....

මට එකේකාව නළව නළව ඉන්න වෙලාවක් නෑ.... "

ආගත් සර් මාව එතනින්ම බස්සලා යන්න ගියෙ වේගෙන්. සැරින් සැරෙට ලැබෙන සිම්මිගෙ ඇමතුම් මාව තව තවත් නොසන්සුන් කලා. බස් එකක් එනතුරු ඉවසිය නොහැකි තැන මම ත්‍රීවීලයකට නැගුනෙ ඉක්මනින්.

" කොහෙටද මිස්.... "

" හොටෙල් මූන් ලයිට්....

ඉක්මනට යමු.... "

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter