Back
/ 43
Chapter 17

Chapter 17

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  දාහත් වැනි කොටස 🌙

................................................................

" මට වැඩ තියෙනවා සිනුදි.... බහිනවා....

මට එකේකාව නළව නළව ඉන්න වෙලාවක් නෑ.... "

ආගත් සර් මාව එතනින්ම බස්සලා යන්න ගියෙ වේගෙන්. සැරින් සැරෙට ලැබෙන සිම්මිගෙ ඇමතුම් මාව තව තවත් නොසන්සුන් කලා. බස් එකක් එනතුරු ඉවසිය නොහැකි තැන මම ත්‍රීවීලයකට නැගුනෙ ඉක්මනින්.

" කොහෙටද මිස්.... "

" හොටෙල් මූන් ලයිට්....

ඉක්මනට යමු.... "

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මම හෝටලයට ලඟා වන විටත් පරක්කු වැඩි. බාර් ඒරියා එකට වෙලා තනිවම කියවමින් සිටි සිම්මි දැනටමත් හොදටෝම මත් වෙලා. වීදුරුව උස්සගන්නවත් බැරි තරමට මත් වෙලා උන්න ඇය අවසානයෙ මේසය මත හිස හොවාගත්තෙ තව දුරටත් සිහියෙන් ඉන්න බැරි තැන.

" සිම්මි.....

සිම්මි නැගිටින්න....

මොනවද මේ කරන්නෙ...... "

ඇයගෙ මේසයෙ ඇය ලගින්ම වාඩි උන මා උත්සහ ගත්තෙ සිම්මිව කෙලින් කරගන්න. මගේ කටහඬ අදුරගෙන සිම්මි දෑස් විවර කලත් ඇය උන්නෙ හොඳ සිහියෙන් නොවේ.

" ඇයි.... මම මුකුත් වැරැද්දක් කලා ද... "

සිම්මි ඇහුවෙ පොඩි එකෙක් වගේ.

" අපි ගෙදර යමු සිම්මි... දැන් ඔයා කතා කරන්න පුලුවන් සිහියකින් නෙමේ ඉන්නෙ.... "

මම ඇයව අරගෙන යන්න උත්සහ කලත් ඇය මගේ අත ගසලා දැම්මෙ ආයෙත් මත් පැන් වීදුරුව වෙත අත යවමින්.

" බෑ..... මට තව බොන්න ඕනේ.... "

මත් පැන් කියන්නෙ මටවත් සිම්මිටවත් නුපුරුදු දේවල් නොවුනත් සිම්මි වුන්නෙ එයාගෙ සීමාව පැනලා.

" දන්නව ද සිනුදි....

හිතේ ලෙඩ වලට මේ තරම් බෙහෙතක් තවත් නෑ..... "

මත් පැන් බෝතලය තුරුලු කරන් ඔහේ කියවන සිම්මි දිහා මං බලන් වුන්නෙ අනුකම්පාවෙන්.

ඇත්ත ලෝකේ වේදානවන්ගෙන් මිදිලා හීන ලෝකෙක සතුට හොයන් යන්න මත් පැන් කියන්නෙ තවත් එක මාර්ගයක් විතරයි.

සිම්මිගෙ අතේ තිබුණු මත් පැන් බෝතලය උදුරගත්ත මං ඇයගෙ මුහුණ දෝතට ගත්තෙ හිතට දැනුන ආවේගයකින්. සිම්මි මේ විදියට විදවනවා බලන් ඉන්න තරම් ඉවසීමක් මට තිබුනෙ නෑ.

" මොකක්ද වුනේ....

මට කියන්න සිම්මි... ඇයි මෙහෙම හැසිරෙන්නෙ.... "

සිම්මි අඬන්න පටන්ගත්තෙ මගේ ඇස් වලින් ඇස් හංගගෙන.

" එයා..... එයා මාව රැවැට්ටුවා..... "

සිම්මිගෙ කතාව අහගෙන ඉන්න මම සුදානම් වුණා. කොහොමටත් දුක බෙදාගත්තාම ඒ දුක අඩු වෙනව කියලා මම අහලා තියෙනවා.

" එයා මාව රැවැට්ටුවා සීනූ.......

එයාට වැරදීමක් ලු වුනේ.... මට බලාපොරොත්තු දෙන්න එයාට ඕනෙ වුනේ නෑ ලූ....

දන්නව ද එයා මාව එක්කගෙන ගියෙ කෙනෙක්ට රිද්දන්න ඕනෙ නිසා විතර ලු....

එතකොට මම... මගේ හැගීම් ඒ හැම දෙයක්ම කිසිම වැඩකට නැති දේවල් ද....

එක අතකට මට පිස්සු... එක දවසක් දැකපු මනුස්සයෙකුට ආදරේ කරන්න ගියා...

මං මේ ජීවිත කාලෙ ඇතුලෙ ඕනෙ තරම් පිරිමි ආශ්‍රය කරලා තියෙනවා සිනුදි...

ඒත් එයා වෙනස්...

ඇත්තටම එයා මට සැලකුවේ අනිත් හැමෝම වගේ නෙමේ...

එයා මට පුංචිම හරි ගෞරවයක්  පෙන්නුවා.... එදා  පළවෙනි වතාවට හිතුනා මම කාගෙවත් සෙල්ලම් බඩුවක් නෙමේ.. මටත් ආදරේ කරන්න ගෞරවයෙන් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා....

ඒත් ඒ දේවල් මට උගන්නපු කෙනාම අද මාව රැවැට්ටුවා...

ඒකත් මේ තරම් පහත් විදියට.... "

සිම්මි හිතේ තිබුණු බර නිදහස් වෙනකම්ම කටට ආපු හැම වචනයක්ම ඔහේ කියවන් ගියා. සිම්මිව නවත්තන්න මම උත්සහ කලෙත් නෑ. එයාට ඕනෙ තරම් කියවන්න ඉඩ දීලා මං එයාගෙ අත තදින් අල්ලගෙන ඒ දේවල් අහන් වුන්නා.

" ඔයාගෙ හිත මේ තරම් රිදෙන්න එයා අද මොනවද කලෙ සිම්මි.... "

මට ඕනෙ උනෙ ඇත්ත දැනගන්නවට වඩා ඉතිරිය කියාගන්න බැරුව ලතැවෙන සිම්මිට කතාව පටන්ගන්න අවස්ථාවක් හදල දෙන්න.

" හැමදාම වෙන දේ....

සල්ලි....

එයාට පාඩුවෙ ඉන්න දෙන්න කියලා එයා මට සල්ලි ගෙනත් දුන්නා..... "

" ඔයා සල්ලි ගත්ත ද..... "

" නෑ....

මං කොහොමද මගේ ආදරේ සල්ලි වලට විකුණන්නෙ....

මං ඒ සල්ලි ගත්තෙ නෑ..... "

" සතුටු වෙන්න සිම්මි.....

ඔයා තවමත් ඒ මනුස්සයට වඩා උසස්...

සල්ලි මත්තෙ ජීවිත ගැන තීරණය කරන මනුස්සයෙක්ව ඔයාට ගැලපෙන්නෙ නෑ සිම්මි.....

ඇත්ත තේරුම්ගත්තාම ඔයා අඬන්න නෙමේ  සතුටු වෙන්නයි ඕනේ.... "

සිම්මිගෙ රෝස කම්මුල් දිගෙ රූරා වැටෙන කදුළු බිංදු පිසලමින් මං එහෙම කිවුවේ සිම්මිගෙ හිත හදන්න.

" මට සතුටු වෙන්න තිබුණා.... අන්තිම පාරට එයාම ඇවිත් මට ඔය දේවල් කිවුවා නම්....

එයාට ඒ තරම්වත් මගේ ආදරෙ වටින්නෙ නෑ....

ඒ නිසා නෙ එයාගෙ යාලුවෙක් අතෙ සල්ලි එවලා තිබුනෙ....

අන්තිම වතාවට හරි මට එයාව දකින්න තිබුණා නම්..... "

සිම්මිගෙ කදුළු ආයෙත් අලුත් වෙද්දි මම ඇයව තුරුලු කරගත්තා. හිත නිදහස් වෙනකම්ම අඬන්න ඉඩ දිලා මම නිහඬවම වුන්නෙ ඇයටත් ඇගේ කදුළු වලටත් බාදාවක් නොවෙන්න.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ගෙදර ආවත් සිම්මි වැඩිපුරම කලෙ නිදාගන්න එක. වීපි සර්ගෙන් පස්සේ අම්මට මුණගැසුන හොදම ගැණුම්කරුවාවත් අහිමි වීම ගැන ඇය නම් උන්නෙ හිත හොදකින් නොවේ.

" ඉවරයි සේරම ඉවරයි....

කරන්ට් බිල් වෝටර් බිල් මේ ගෙදර රෙන්ට් එක...

මේවා දැන් ගෙවන්නෙ කොහොමද.....

දෙයියනෙ මම ඇයි මෙච්චර මෝඩ වුනේ....

වීපි සර්ගෙ වටිනාකම මේ වගේ වෙලාවට තමයි දැනෙන්නෙ.... "

මුදල් අහිමි වූ තැන නැවතත් පෙර සිටි අම්මාගෙ ගතිපැවතුම් ඉස්මතු වන බව මට දැනුනා. ඇය වඩාත්ම කලබල  වී ඇත්තෙ අපි ගත කරන සුඛෝපභෝගි ජීවිතය අපට අහිමි වේවියි යන බියෙන්.

" අම්මා..... !!

ඔයා ආයෙත් වෙනස් වුනොත්....

ඔයාට මේ පාර නම් මාව සඳහටම නැති වෙනව අම්මා...

මං ඒක දිවුරනවා.... "

වැඩිය දුරදිග නොසිතා කියවන් ගියත් මගේ වචන වලට අම්මා බෙහෙවින් බිය වුණා. මගේ ස්තීර වචන හමුවේ අම්මාගෙ පෙර තිබු ගතිපැවතුම් පසුබැස්ස සැටියකි.

" අම්මා කලබල වෙන්න එපා....

මට ජොබ් එකක් තියෙනවා නේ....

මං හැමදේම බලාගන්නම්....

මේ මාසෙ ඉදන් මගේ සැලරි එක මම මගේ ලගට අරගන්නවා...

තවදුරටත්  ඒක වීපි සර්ගෙ අකවුන්ට් එකට යන්න මං ඉඩදෙන්නෙ නෑ.... "

අම්මා ඒ කතාවෙන් තරමක් සැනසුනත් මගේ වේතනයෙන් මේ සියල්ල පියවිය නොහැකි බව ඇයත් මාත් අපි දෙදෙනාම හොදින්ම දැනගෙන වුන්නා.

මිදුලට ඇවිත් මම ඇමතුමක් ලබාගත්තෙ වීපි සර්ට. ඔහුගෙන් ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දුන්නා මිස මා ඔහුට ඇමතුම් ලබා ගන්නෙ එහෙමත් දවසක.

හිත ශක්තිමත් කරගෙන මම අනෙක් පසින් පිළිතුරු ලැබෙන තුරු ඉවසන් වුන්නා.

" වට් අ සර්ප්‍රයිස් බේබි ඩෝල්.....

ඩිඩ් යු මිස් මී....

මං දන්නවා.... අපි දෙන්නගෙ ආදරනීය මතකයන් ඔයාට අමතක කරන්න බෑ නේද....

මාව මීට් වෙන්න ඕන ද....

දකින්නෙ නැතුව ඉන්න බෑ වගේ ද....

ලැජ්ජා වෙන්න එපා කියන්න බේබි ඩෝල් කොහෙ උන්නත් ඔයා කිවුවොත් මම එනවා....

ඔයා ඒක දන්නව නේ.....

කොහෙදි ද මීට් වෙන්නෙ....

ගෙදරට ද.... නැත්නම් හොටෙල් එකකට ද..... "

ඇමතුම ලබාගත් මොහොතෙ ඉදන්ම ඔහු කියවන් ගිය ඒ නොසරුප් වදන් මම අහගෙන වුන්නෙ ඉවසීමෙන්. මට ඔහු ගැන තිබුණු පිළිකුල් හැගීම තව තවත් වැඩි වෙනව මිස අඩුවක් නම් නෑ.

" ඔයාට වැරදිලා වීපි සර්....

මම තවදුරටත් තමුන්ගෙ බේබි ඩෝල් නෙමේ....

ඒ වගේම මම කතා කලෙ ගණුදෙනුවකට නැතුව ඔය විකාර ගැන කියවන්නත් නෙමේ.... "

" ගණුදෙනුවක්....??

මගේ බේබි ඩෝල් දැන් මාත් එක්ක ගණුදෙනු කරන තරමටම ලොකු වෙලා ද....

වට් අ සර්ප්‍රයිස්....

බේබි ඩෝල් දැන් ලොකු වෙලා....

ඒත් අමතක කරන්න එපා බේබි ඩෝල් මම තවමත් ජීවත් වෙනවා.... "

" ඒක ඇත්ත....

අවාසනාවකට තමුන් තාමත් ජීවත් වෙනවා.....  "

ඔහුට අගෞරවයෙන් කතා කිරීම තරම් ඔහුව රිදවිය හැකි තවත් මාර්ගයක් මම දන්නෙ නෑ. එසේම  මම ඔහුට ඉහළින් වචන හැසිරවීම තරම් ඔහුව නොසන්සුන් කරන දේකුත් තව නෑ.

දුරකථනයෙන් ඔහුගෙ මුහුණ නොපෙනුනත් දැන් ඔහු සිටින මානසික තත්වය හිතින් මවාගත්ත මම කට කොනින් හිනා වුනෙ අපහාසයට. ඔහු මට හැමදාම උපහාසයෙන් සිනාසුනා. මා අද ඔහුට සිනාසෙනවා. මට දැනුනෙ නපුරු සතුටක්. කෙනෙකු පහත් කර රිදවා සතුටු වෙන්න මට ඕන වුනෙ නෑ. ඒත් මාව මේ තත්වයට ඇදලා දැම්මෙත් ඔහුමයි.

" කියනවා මොකක්ද ගණුදෙනුව.... "

ඉවසීම ඉක්මවූ තැන ඔහු කතාව නිවැරැදි මාර්ගයට හැරවූවා.

" ඔෆිස් එකේ ඩොකියුමන්ට්ස් තමුන්ට ගෙනත් දෙන්න මම ලෑස්ති....

ඒත් ඒ වෙනුවෙන් මට දෙයක් ඕනේ.... "

" මොනවද ඕනේ.... "

" මෙච්චර කාලයක්...

මගේ ජොබ් එකෙන්, මට ලැබුණු සැලරි එක ආයෙත් මට ඕනේ.... "

වීපි සර් අනෙක් පසින් සිනාසුනෙ උපහසාත්මකව.

" ඔයා මගේ ලග ඉන්න කාලෙ රැජිනක් වගේ උන්නෙ....

දැන් හිඟාකන්නත් වෙලා....

අමතක කරන්න එපා බේබි ඩෝල්  වීපි සර් ලග තවමත් ඔයාට ඉඩ තියෙනවා...."

" මම ඉල්ලන්නෙ මගේ අයිතිය....

මම එකතු කරපු සල්ලි....

අනිත් එක හිඟා කෑවත් මම ආයෙ තමුන් ලගට නම් එන්නෙ නෑ වීපි සර්....

මගේ ගණුදෙනුව සිද්ද වෙන්නව ද නැද්ද කියනවා.... "

වීපි සර් පිළිතුරු දුන්නෙ මොහොතක නිහැඩියාවකට පසු.

" හරි.... එකඟයි....

ඒ ගණුදෙනුව බේබි ඩෝල්ට ඕන  විදියට සිද්ද වෙයි.... "

මට අවැසි පිළිතුර වීපි සර්ගෙ මුවින් ලැබුණු වහාම මම ඇමතුම විසන්ධි කලා. කරන්න යන දේ ගැන හිතේ චකිතයක් තිබුනත් මට වෙන විසදුමක් තිබුනෙත් නෑ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

වංචාව..

වංචාව කියන්නෙ මං අකමැතිම වචනයක්. ඒත් අද මට ඒ අකමැතිම වචනයට අරුතක් දෙන්න උනා. ඔව්.. මේ තරම් දවසක් මගේ හිතට සහනයක් ගෙනාපු ආයතනයටම මම වංචා කලා. මොන තරම් දරුණු හිතක් ද මට තියෙන්නෙ. වෙන්න ඇති.. ඔව් මම දරුණු ඇති මම ගොඩක් ආත්මාර්ථකාමීත් ඇති ඒත් මම මෝඩයෙක් නෙමේ.

වීපි සර්ගෙ අතට දුන්න හැම ලේඛනයකම මම බොහෝ තැන් සංස්කරණය කලා. ඔහු වෙත ගිය තොරතුරු  සම්පූර්ණයෙන්ම සත්‍ය ඒවා නොවේ ඒත් ඒවා සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවත් නොවේ. ඉතිං ව්‍යාපාරික ලෝකය තුළ දැවැන්තයෙක් සේ සැලකෙන වීපි සර්ට මම ලබා දුන්න තොරතුරු ටිකත් ප්‍රමාණවත් මේ ආයතනය ඔහු ඉදිරියෙ දණගස්සවන්නට.

නමුත් මම කල හැකි උපරිමය කලා. මම හිත හදාගත්තෙ ඒ විදියට.

මගේ අතින් සිද්ද වුනෙ ලොකු වැරැද්දක්. ඒත් මට වෙන විසදුමක් තිබුනෙ නෑ..

නෑ.... සමහර විට මට තවත් විසදුම් තියෙන්නට ඇති. ඒත් මගේ ආත්මාර්ථකාමී හිත තෝරගත්තෙ ඇස් ඉස්සරහ තිබුණු ලේසිම පාර.

ඒත් ඒ ලේසි පාර දිගෙ ගිහින් මේ තරම් හිතින් විදවන්න වෙනව කියලා දන්නව නම් මම මේ මාර්ගය තෝර නොගෙන්න ඉන්න තිබුණා.

ඒත් දැන් හැමදේම වෙලා ඉවරයි. දුරකථන තිරයෙ මගේ ගිණුමට මුදල් බැර වූ බවට ලැබුණු කෙටි පණිවිඩය දිහා බලාගෙන මම කල්පනා කලා. මට තේරුනෙ නෑ ඒ වෙලාවේ මට දැනුනු හැගීම. ඇත්තටම මම අඬන්න ඕනෙ ද එහෙම නැත්නම් හිනා වෙන්න ඕනෙ ද..

මම මේ තරම් අවංකව සේවය කරපු ආයතනයට වංචා කරලා සතුටු වෙන්න මට පුලුවන් ද... මට එහෙම කරන්න බෑ.... ඒ වගේම ඇඬුවා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙත් නෑ...

හිතට දැනෙන වරදකාරී හැගීමෙන් බේරෙන්න මම ඉල්ලා අස්වීමේ ලිපිය මගේ අතින්ම ලියලා ඉවර කලා. මහා හිස් හැගීමක් එක්ක මම බලන් උන්නෙ වීපි සර් මගේ ආයතනයට විරුද්ධව පත්තු කරන පළවෙනි වෙඩි මුරය කුමක් වෙයි ද කියලා.

හිතුව වගේම ඒ දවස ඉක්මනින් උදා වුණා. අපි හැමෝම උන්නෙ ආගත් සර්ගෙ කාර්යාල  කාමරය ඇතුලෙ. ලිපිගොනු කිහිපයක් පාවෙලා ඇවිත් මගේ  කකුල් දෙක ලග වැටෙනකනුත් මම උන්නෙ ඔලුව උස්සලා ආගත් සර් දිහා බලන්න බැරුව. මගේ වරදකාරී හැගීම් මුහුණෙන් ඉස්මතු වේ යැයි මම වුන්නෙ බියෙන්.

ආයතනයේ විධායක නිලධාරීන් කිහිප දෙනෙකුත් මගේ කාකාර්යාල මිතුරනුත් ඉදිරියෙ ආගත් සර් කෑගහමින් උන්නෙ බෙහෙවින් නොසන්සුන්ව.

" කොහොමද එහෙම වුනේ..... කියනවා අයිසේ කොහොමද මේ දේවල් මෙහෙම වුනේ..... "

අපි හැමෝම නිහඬයි. අනිත් අය නිහඬ වීම සාමාන්‍යයි. ඒත් ඇයි මම නිහඬ. මට කියාගන්න බැරි වුනත් කියන්න ඕන ගොඩක් දේවල් මට තිබුණා.

මේ දේවල්වලට වග කියන්න ඕනෙ මම... මම ම විතරයි කියලා හැමෝටම ඇහෙන්න කෑගහලා කියන්න මට ඕනෙ වුණා.

ආයතනයෙන් ආගත් සර්ගෙන් සමාව ඉල්ලන්න මට ඕන වුණා. ඒත් මම මටවත් සමාව නොදෙද්දි ආගත් සර් මට සමාව දෙයි ද...

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter