Back
/ 43
Chapter 18

Chapter 18

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  දහාට වැනි කොටස 🌙

................................................................

" කොහොමද එහෙම වුනේ..... කියනවා අයිසේ කොහොමද මේ දේවල් මෙහෙම වුනේ..... "

අපි හැමෝම නිහඬයි. අනිත් අය නිහඬ වීම සාමාන්‍යයි. ඒත් ඇයි මම නිහඬ. මට කියාගන්න බැරි වුනත් කියන්න ඕන ගොඩක් දේවල් මට තිබුණා.

මේ දදේවල්වලට වග කියන්න ඕනෙ මම... මම ම විතරයි කියලා හැමෝටම ඇහෙන්න කෑගහලා කියන්න මට ඕනෙ වුණා.

ආයතනයෙන් ආගත් සර්ගෙන් සමාව ඉල්ලන්න මට ඕන වුණා. ඒත් මම මටවත් සමාව නොදෙද්දි ආගත් සර් මට සමාව දෙයි ද...

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ආගත් සර් නළලත තෙරපාගෙන ලොකු කල්පනාවක. මගේ කාකාර්යාල මිතුරන් මුහුණට මුහුණ බලාගත්තෙ අසරණව.

ලොකු හුස්මක් අරගෙන ආගත් සර් ආයෙත් කතාව ආරම්භ කලේ තරමක් ඉවසීමෙන්.

" තාරක....! "

" බොස්..... "

" අපි මොකක්ද මේකට කරන්නෙ.... "

ආගත් සර් ඒ ප්‍රශ්නෙට පිළිතුරු අපි හැමෝගෙන්ම බලාපොරොත්තු වුණා.

" වීපි ගෘප් එක අපේ අයිඩියාස් හොරකම් කරලා තියෙන්නෙ....

ඒ නිසා අලුත් ප්‍රොඩක්ට් එක අපිට සම්පූර්ණයෙන්ම ආයෙත් මුල ඉදන් පටන්ගන්න වෙනව බොස්... "

තාරක උත්තර දුන්නෙ හරි පරිස්සමෙන්.

ඊළගට මේසය මත තිබුණු කැලැන්ඩරය අතට ගත්ත ආගත් සර් කල්පනාවකට වැටුණා.

" අපේ ප්‍රොඩක්ට් ලාන්ච් ඩේට් එක තිබුනෙ දහ වෙනිදා....

එතකොට වීපි ගෘප් එකේ රිලීස් ඩේට් එක කවද්ද.... "

ආගත් සර් සිතින් ගණනය කරමින් අහන ප්‍රශ්න වලට පිළිතුරු දුන්නෙ හිමාෂා.

" බොස් එයාලා මීඩීයා වලට දීලා තිබුණ ඩේට් එක නමය... "

සිතින් කල ගණනය අවසානයෙ ආගත් සර් අපි හැමෝම දිහා හෙලුවෙ බැරෑරුම් බැල්මක්.

" අපි අලුත් ප්‍රොඩක්ට් එක ලාන්ච් කරනවා හත් වෙනිද ට.... "

ආගත් සර් කතා කලෙ ස්තීරවම. මේ තරම් වෙලා බිම බලාගෙන උන්න මාත් ඒ කතාවට  ඔලුව උස්සලා බැලුවෙ ගැස්සිලා. මගේ කාර්යාල මිතුරන් මෙන්ම අනෙක් විධායක නිලධාරීන් ද ඒ මොහොත ගත කලෙ ව්‍යාකූල මනසින්. ඒ හැමෝම උන්නෙ ආගත් සර් කියන දිනයට අපිට එය අවසන් කල නොහැකි කියන තැන.

" හත්වෙනිද ට නම් කොහොමටවත් බෑ බොස්....

අපිට වෙලාව මදි..... "

විධායක නිලධාරියෙකු අපි හැමෝම වෙනුවෙන් කතා කරද්දි ආගත් සර් ඔහු දෙස බැලුවෙ ඇහිබැමි හකුලුවාගෙන. ඒ බැල්ම නිසාම නිලදාරියා තවත් කිසිවක් නොකියා නිහඬ වුණා.

" හත්වෙනිදා ප්‍රොඩක්ට් එක රිලීස් කරනවා.... ඒක ස්තීරයි....

එදාට ඒ දේ කරන්න බැරි උනොත් දෙවෙනි අවස්ථාවක් අපිට ලැබෙන්නෙ නෑ....

අන්න ඒ නිසා හතර වෙනිදා ඉදන් අපි කැම්පේන් එක පටන්ගන්නවා....

සහන්... හැම මීඩියා එකකම සපෝට් එක අපිට ලැබෙන්න ඕනේ....

එතකොට හත්වෙනිදා ඉවෙන්ට් එකේ සම්පූර්ණ වගකීම ගන්න ඕනෙ මිස් සිනුදි ඔයා....

කිසිම වැරැද්දක් වෙන්න බෑ.....

තේරුණා නේ..... "

වීපි ගෘප් එකෙන් අපේ අදහස් සේරම ඔවුන්ගෙ වගේ ඉදිරිපත් කර ඇති වකවානුවක අපිට අලුතින්ම හැම දෙයක්ම මුල ඉදන් පටන්ගන්න වෙලා. වෙනද වගේ නෙමේ අපි හැමෝටම දහ ගුණයක් මහන්සි වෙලා ආයතනය වෙනුවෙන් වැඩ කරන්න වෙයි. කාලය මදි නම් කාලය හදාගෙන හරි ආගත් සර් නියම කල දිනට කලින් සිල්ලම අපිට සම්පූර්ණ කරන්න වෙයි. මේ වෙලාවේ එකම එක පුංචි වැරැද්දක්වත් වෙන්න ඉඩ දෙන්න බෑ. මොකද ඒ පුංචි වැරැද්ද පවා අපේ උත්සහය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුලුවන්. ඉතිං ඒ වගේ අවදානමක් මේ වෙලාවෙ කොහෙත්ම අපිට ගන්න බෑ.

අවසන් දින උත්සවයෙ සම්පූර්ණ වගකීම් පැවරුනෙ මා හට. මම ඒ අවස්ථාව දැක්කෙ කල වැරදි වලට සමාව ගන්න මට ලැබුණු හොදම මාර්ගයක් විදියට. වීපි සර්ට මොන තරම් උත්සහ කලත් ආගත් සර්ට මම වැටෙන්න දෙන්නෙ නෑ. මම කරපු වැරැද්ද මම ම නිවැරදි කරනවා කියන තැනයි මම උන්නෙ.

හැම දෙයක්ම හොදින් විසදුනාට පස්සෙ ඉල්ලා අස්වීමේ ලිපි සමගින්ම ආගත් සර්ට මේ ඇත්ත කියන්න මට ඕන උනා. එදාට ඔහු මට සමාව දුන්නත් නැතත් කමක් නෑ. මේ හැහැමදේම හොදින් විසදුනාට පස්සේ මට ලේසි වෙයි මගේ හිත හදාගන්න.

මම හිතුවෙ ඒ විදියට. ඒත් අපි හැමෝටම කලයුතු කාර්යන් ගැන පැහැදිලි කර අවසානයෙ තාරක ඇසු පැනයකට පිළිතුරු දුන්න ආගත් සර්ගෙ වචන මගේ හිත ආයෙත් සසල කලා.

" බොස්... මට තාමත් හිතාගන්න බැරි මේක උනේ කොහොමද කියලා.... "

ආගත් සර්ගෙ මුහුණෙ ඇදුනෙ උපහසාත්මක සිනහවක්.

" ඒක ඔය තරම් හිතන්න දෙයක් නෙමේ තාරක....

මගේ ළග ඉදන් මටම විරුද්ධව වැඩ කරන කවුරු හරි කෙනෙක් මේ කම්පැනි එක ඇතුලෙ ඉන්නවා....

ඒ වගේම මම ඉක්මනින්ම එයාව හොයාගන්නවා..... "

ආගත් සර්ගෙ කතාව හැමෝම ස්තීර කරද්දි මම ගැහෙන්න ගත්තෙ නොසන්සුන්ව. ඇස් වලට උනපු කදුළු හංගගන්න මම උපරිම උත්සහයක යෙදුනා.

ඒ වෙලාවේ මම තීරණය කලා. මම ඇත්ත කියනවා... ඔව් ඕනෙම දෙයක් උනදෙන්.. මං අද ඇත්ත කියනවා.

" සිනුදි...

ඔයාට මොනව හරි කියන්න තියෙනව ද.... "

මගේ කාර්යාල මිතුරන් ආගත් සර්ගෙ කාර්යාල කාමරයෙන් පිටතට යද්දිත් මම නැවතුනෙ කොහොම හරි සර්ට ඇත්ත කියන්න හිතාගෙන. ඒත් වචන ගොලු වෙලා. ඊළගට සිද්ද වෙන දේ ගැන මම ඕනාවටත් වැඩියෙන් බය වෙලා. මේ ආයතනය දාලා යන්න හිත හදාගන්න එක ඒ තරම් ලේසි නෑ. ඊටත් වඩා අමාරු ආගත් සර් ඉස්සරහ මට වැරදිකාරියක් වෙන්න වෙන එක.

" මිස් සිනුදි....??

මොකද ඔයාට වෙලා තියෙන්නෙ.... "

මගේ නිහඬබව තේරුම්ගත නොහැකිව ආගත් සර් ආයෙත් ප්‍රශ්න කලා. මම ඔලුව උස්සලා ඔහු දිහා බැලුවෙ අසරණව. මගේ ඇස් වල කදුළු දැකලා ඔහු ගැස්සෙනවා මම බලාගෙන.

" මට.... සමාවෙන්න සර්....

මගේ අතින් ලොකු වැරැද්දක් වුණා....

ගොඩක් ලොකු වැරැද්දක්....

මට සමාවෙන්න සර්.. "

ගිලෙන වචන මම එකතු කරගත්තේ අපහසුවෙන්.

" සිනුදි මොකද වුනේ.... "

මම අත් දෙකත් එකතු කරගෙන අඩන්න පටන්ගත්තෙ ඇත්ත කියන්න හිතට ශක්තියක් ලැබෙන තුරු. ඒත් ආගත් සර් ඉස්සරහ මම තව තවත් දුර්වල වුණා. වචන පවා අමතක වුන මොහොතකට අඬනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද මම.

" සිනුදි.... අඬන එක නවත්තලා මොකද වුනේ කියන්න.... "

මා තව දුරටත් නනිහඩ තැන ආගත් සර් මට ලං වුණා. ඔහු මගේ උරහිස් මතින් අත තියන්න සැරෙත්ම වාගේ හිමාෂා කාර්යාල කාමරයට ඇතුලු වෙන්න අවසර පැතුවෙ කලබලයෙන්. ආගත් සර් ඇය එන්න කියලා සංඥා කරමින්ම අත් දෙකත් බැදගෙන පසෙකට වුනෙ වෙනසක් නොපෙන්නවාම.

කලබලයෙන් කාර්යාල කාමරයට ඇතුලු වූ හිමාෂා ඉක්මනින් ඇවිත් මගේ ලගින් හිටගත්තෙ ආගත් සර්ට නොපෙනෙන්න මගේ අත තදින් අල්ලගෙන.

" සර් මේ....

සිනුදිගෙ අතින් ඊයේ රිපෝට් එකක් වැරදිලා....

ම.. මං බෑන්ක් එකටත් කතා කලා සර් ඒක ප්‍රශ්නයක් නෑ ඇත්තටම එයාලා ඒක රිටර්න් කරන්නම් කිවුවා....

ඒත් බලන්නකෝ සර්....

මේ සිනුදි ඊයේ ඉදන් ඕකට අඬන්නෙ... "

මම හිමාෂා දිහා පුදුමයෙන් බැලුවෙ ඇය මොකක්ද මේ කියන කතාව කියලා තේරුම්ගන්න බැරුව. ඇත්තටම ඇය ආගත් සර් ඉස්සරහ කිවුවේ කවදාවත් සිද්ද වුනෙ නැති ලොකුම ලොකු බොරුවක්. මගේ බැල්මට පිළිතුරු ලෙස හිමාෂා මා වෙත හෙලුවෙ තරවටු බැල්මක්.

" මොන්ටිසොරි බබෙක්ව නෙ මං වැඩට අරන් තියෙන්නෙ.... "

ආගත් ඈසෙන නෑසෙන ගානින් එහෙම කියද්දි හිමාෂා අවසර අරගෙන මාවත් ඇදගෙන එළියට ආවා. ආගත් සර්ගෙ කාර්යාල කාමරයෙන් පිටතට විත් නතර නොවුන හිමාෂා මාවත් ඇදගෙන කෙලින්ම ආවේ ලිපිගොනු ගබඩා කාමරයට. මගේ අත ගසලා දාපු හිමාෂා කතාව පටන්ගත්තෙ එහි අපි හැරුනම වෙන කවුරුත් නොමැති බව ස්තීර කරගෙන

" ඔයාට මොකද වෙලා තියෙන්නෙ සිනුදි....

පිස්සු හැදීගෙන එනව ද.... "

හිමාෂා ඒ තරම් තරහින් මින් පෙර කිසිදු දිනක මට කතා කරලා නෑ.

" ඔව්... මට පිස්සු...

ඒත් ඔයාට මොකද වුනේ හිමාෂා.... ඇයි බොස් ඉස්සරහ බොරු කිවුවේ... "

" මම බොරු කිවුවේ ඇත්ත දැනගන්න....

මේ මොකක්ද සිනුදි....

ඇයි ඔයා රෙසිග්නේෂන් ලෙටර් එකක් හැදුවේ...

කියන්න මට.... "

මගේ කබඩ් එක ඇතුලෙ තිබුණු ඉල්ලා අස්වීමේ ලිපිය හිමාෂාට කොහොම ලැබුනද කියන්න මම දන්නෙ නෑ. ඒත් මම හිමාෂා ගැන දන්නවා. අනිවාර්යෙන්ම ඇය සියල්ල තේරුම්ගෙන අවසන් ඇති.

" මං අයින් වෙනව හිමාෂා...

මට මේ ජොබ් එක දැන් එපා වෙලා තියෙන්නෙ.... "

අහක බලාගෙන මම කිවුවේ ලොකු බොරුවක්. හිමාෂා ඒ කතාව පොඩ්ඩක්වත් විශ්වාස කලෙ නෑ.

" බොරු කියන්න එපා සිනුදි.... බොරු කියන්න එපා....

ඇත්ත කියන්න ඔයා නේද වීපි ගෘප් එකට ඩොකියුමන්ට්ස් දුන්නෙ....

ඒ නිසා නේද මේ විදියට පැනල යන්න හදන්නෙ.... "

ඉතිං මං තවත් මොනව කියන්නද. මගේ ළගම මිතුරිය මුලු කතාවම තේරුම්ගෙන අවසන්. දෝතින්ම මුහුණ වහගෙන මම අඬන්න ගත්තා.

" ඇයි එහෙම කලෙ සිනුදි....

අර වීපි ඔයාට තර්ජනය කලා ද....

ඔයාව බය කලා ද....

මේ තරම් ලොකු වැරැද්දක් කරන්න තරම්ම ඒ මිනිහා ඔයාව අසරණ කලා ද සිනුදි.... "

කලින් ගොඩක් තරහින් කතා කරපු හිමාෂා දැන් සංවේදී වෙලා. ඇය කතා කලෙ බිදුණු හඩින්. කදුළු පිසලාගෙන මම හුස්මක් ගත්තා. කාට හරි ඇත්ත කියලා හිත නිදහස් කරගන්න මට ලොකු උවමනාවක් තිබුණා

" වීපි සර් මට ඒ දේ කරන්න කිවුවා තමයි ඒත්... මේ පාර සම්පූර්ණයෙන්ම වැරැද්ද මගේ....

ඕනෙ නම් මට තිබුණා ඒ දේ නොකර ඉන්න... ඒත් මම හොදට හිතලා.. හිතාමතාම ඒ හොරකම කලේ...

මම මහ ජරාම ජරා... මනුස්සයෙක්  නේද හිමාෂා.... "

හිමාෂා මට කම්මුල් පාරක් ගහන්න අත උස්සලත් ඒ අදහස ඇය අතැරියා.

" ඇයි එහෙම කලෙ සිනුදි.... "

හිමාෂා ඇහුවෙ බෙහෙවින් කාරුණිකව.

හිරකරගෙන වුන්න කදුළු ආයෙත් අලුත් වුනෙ ඒ මොහොතෙදි.

" මට සල්ලි ඕන වුණා...

සල්ලි නැති වුනොත් අම්මා ආයෙත් වෙනස් වෙයි කියලා මට බය හිතුනා හිමාෂා....

මේ පාර එයා වෙනස් වුනොත් මට ආයෙත් මගේ අම්මව නැති වෙනවා...

එයා වීපි සර් ලගට ගියොත්...

මට ආයෙත් ගැලවීමක් නෑ....

මං බය වුණා... මං ගොඩක් බය වුණා හිමාෂා....

ආයෙත් වීපි සර්ගෙ  අපායට නොවැටි ඉන්න මට ඕනෙම දෙයක් කරන්න පුලුවන්...

ඕනෙම දෙයක් හිමාෂා ඕනෙම දෙයක්... "

හිමාෂා මගේ අතින් අල්ලගත්තෙ හිතෙ ගැස්මක් එක්ක.

" මේ ඔයා නෙමේ කතා කරන්නෙ සිනුදි...."

හිමාෂාගෙ ඇස් වල තිබුනෙ මං ගැන ලොකු බයක්. මීට කලින් මං ගැන අනුකම්පාවක් ඇදිලා තිබුණු ඒ ඇස් අද මට බය වෙලා.

" මට උදව් කරන්න හිමාෂා...

මට මාව පාලනය කරගන්න බෑ....

මගෙ ජීවිතෙ ප්‍රශ්න විසදෙන දවසක් පේන්නවත් නෑ....

මට මේවා දැන් දරාගන්න බැරි මට්ටමටම ඇවිත්....

මට උදව් කරන්න හිමාෂා ප්ලීස්....

මට ආයෙත් පරණ සිනුදි වෙන්න ඕනේ... "

මම ටයිල් පොලව මත දණ තියලා හිදගත්තෙ හිස් හැගීමකින්.

ඔව් ඇත්ත මට මාවම පාලනය කරගන්න බෑ. මම මොනතරම් ශක්තිමත් වෙන්න උත්සහ කලත් වීපි සර්ට මගේ මනසෙ ඇති කරපු තුවාලෙ මට ඒකට ඉඩ දෙන්නෙ නෑ.

" ඔයාට ඉක්මනින්ම ආයෙත් පරණ සිනුදිව හම්බවෙයි සිනුදි....

එතකම් මම ඉන්නව ඔයත් එක්ක...

හැබැයි ආයෙත් මේ වගේ මෝඩ තීරණ නම් කවදාවත් ගන්න එපා... "

හිමාෂා කිවුවේ ආදරෙන් මගේ හිස අතගාමින්.

" ආගත් සර්... මට සමාව දෙයි ද..... "

" දන්නෙ නෑ සිනුදි....

ඉවෙන්ට් එක ඉවර වෙනකම් ආගත් සර්ට ඇත්ත කියන්න එපා....

ඊට පස්සේ අපි හොද විදියක් බලමු...

දැන් ඇඬුවා ඇති නේද...

යමු...

අපිට වැඩ ගොඩක් තියෙනවා.... "

" වීපි සර්ට දිනන්න මම ඉඩදෙන්නෙ නෑ....

යමු...

වැඩ ගොඩක් තියෙනවා.... "

කදුළු පිසලමින් මම නැගිටිද්දි හිමාෂා මගේ දිහා බලන් වුන්නෙ ආඩම්බරෙන්. හිමාෂාට හැමදාම ඕන වුනේ අඬ අඬ ඉන්නෙ නැති ශක්තිමත් සිනුදි කෙනෙක්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මගේ කාර්යාල ජීවිතය තුළ මෙතරම් කාර්යබහුල වූ කාලයක් පෙර නොතිබුණු තරම්.  අපි බොහෝ දින වල රාත්‍රිය වන තුරුම කාර්යාලයෙ ගත කලා. ‍රාත්‍රි වැඩ කාලය තුළ කෑම බීම වලින් නම් අඩුවක් වුනෙ නෑ. ආගත් සර් ඔහුගෙ කාර්යාල සේවකයින් ගැන ඕනවටත් වඩා හොයලා බැලුවා.

මේ දිනවල අධික කාර්යබහුලත්වය නිසාම මට සිම්මිත් එක්ක කතා කරන්න ලැබෙන වෙලාව අඩුයි. මා නිවසට එන වෙලාවෙදි  බොහෝ විට ඈ නින්දට ගිහින්. අම්මගෙන් ඇය ගැන ඇහුවත් දැනගන්න ලැබුනෙ දවස තිස්සෙම ඇය නිදාගන්න බව.

නිදාගෙන වුන්න සිම්මිව පොරෝනයකින් පෙරවූ මා මගේ ඇද විට්ටමට හේත්තු වුණේ හුස්මක් අරගෙන.

" සිම්මි.... ඔයා නිදි ද.... "

සිම්මිගෙ කට හඬ අහන්න තිබුණු ආසාවටම මම ඇයට කතා කලා. ඒත් ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නෑ.

රාත්‍රි දොළහ පසු වී තිබුණත් මගේ හිතට සැනසීමක් තිබුනෙ නෑ. මම වරදකාරීයක් වූ දින පටන්ම සුවබර නින්දක් මට නොලැබුන තරම්. නපුරු හීන දවසින් දවස මගේ මානසික මට්ටම පහතටම ඇදලා දැම්මා. ඉතිං පොතක් අතට ගත්තෙ පොත් කියවන්න තිබුණු උවමනාවට නෙමේ ඇත්ත ලෝකෙ මොහොතකට අමතක කරන්න. ඒ පොත් ඇතුලෙ හීන ලෝක වල අතරමං වෙලා ඉන්න එක එක විදියක සතුටක්.

පොත කියවමින් සිටි අතරෙ කිහිප වරක්ම සිම්මිගෙ දුරකථනයට කෙටි පණිවිඩ ලැබෙනව මම බලාගෙන. වෙන කෙනෙක්ගෙ කෙටි පණිවිඩ කියවීම අසීලාචාර වුනත් මම ඇයගෙ දුරකථනය අතට ගත්තා.  හාට් සළකුණක් යොදලා තිබුණු අංකයකින් ඇයට කෙටි පණිවිඩය කිහිපයක්ම ලැබි තිබුණා.

" පාඩුවෙ ඉන්න දෙනවා....

මොන කරදරයක් ද මේ..... "

ඇයට ලැබි තිබුණු අවසන් කෙටි පණිවිඩය ඒ. මට ආවේ තරහක්. ඒ තරහින්ම මම ඒ අංකයට ඇමතුමක් ලබාගත්තා. ඒත් එක් වරකට හෝ එම දුරකථනයේ හිමිකරු  ඇමතුමට සම්බන්ධ වුනෙ නෑ.

" මොන තරම් ජරා මිනිහෙක් ද...

කෙනෙක්ගෙ හැගීම් එක්ක මේ විදියට  සෙල්ලම් කරන්න තරම් මේ මනුස්සයා මොනවගේ කෙනෙක් ද.... "

ඔහුව කෙසේ හෝ සම්බන්ධ කරගැනීමේ අරමුණෙන් මම ඔහුගෙ  අංකය  මගේ කාර්යාල  දුරකථනයට සේව් කරගත්තා. ඒත් සිදු වූයෙ පුදුමයක්. ඒ අංකය ඒ වන විටත් මගේ දුරකථනය තුළ තිබුණු අංකයක්.

" එහෙම කොහොමද වුනේ...

මේ නම්බර් එක...

අපේ කම්පැනි නම්බර් එකක් නේ.... "

එය සේව් වී තිබුනෙ සුපුන් යන නමකින්. සුපුන් යන නමින් සේවකයෙකු මගේ මතකයට ආවේ නෑ. මම කෙතරම් කලබල වුණා ද කිවහොත් වෙලාව ගැන හෝ සැලකිලිමත් නොවි මම ඒ අංකයට මගේ කාර්යාල දුරකථනයෙන් ඇමතුමක් ලබා ගත්තා. කිහිප වරක්ම නාද වූවාට පසුව ඇමතුමට සම්බන්ධ වූ ඔහු කතා කලෙ නින්දෙන් වගේ.

" හෙලෝ.....  හෙලෝ......"

මම අහගෙන වුන්නෙ ඔහුගෙ කට හඬ. ඒත් මට කිසිම හුරුපුරුදු බවක් ඒ කට හඩේ තිබුනෙ නෑ.

" ඔහ් ශිට් සිනුදි මිස්...! "

ඔහු කවුද කියලා දැනගන්න තිබුණු උවමනාව නිසාම මා ඇමතුමට පිළිතුරු දෙන්න සැරසෙත්ම දුරකථනයෙ අනෙක් පසින් ඇසුනෙ කලබල වූ හඬක්. ඒ මොහොතෙම ඔහු ඇමතුම විසන්ධි කලා.

" හෙලෝ.... සුපුන්... හෙලෝ.... "

මගේ හඬ ඔහුට ඇහෙන්න පෙරම ඔහු ඇමතුම විසන්ධි කලා. නිසැකවම ඔහුගෙ කාර්යාල දුරකථනයෙත් මගේ නම ලියැවෙන්නට ඇති. නින්දෙ සිටි ඔහු කවුරුන් ද බව නොබලාම ඇමතුම ලබා ගන්නට ඇති. නමුත් ඒ මා බව දැනගත් වහාම ඔහු ඇමතුම විසන්ධි කලා.

" ඒ කියන්නෙ... මේ සුපුන් කවුරු වුනත් එයා දන්නව සිම්මිට මම සම්බන්ධයි කියලා...

ඒ නිසයි කට් කලේ...

කවුද මේ සුපුන්.... "

මගේ හිතෙ ප්‍රශ්න දාහක් මැවුනා.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter