Back
/ 43
Chapter 20

Chapter 20

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  විසි වැනි කොටස 🌙

................................................................

ආගත් සර් රෙහාන්ව ගනන් නොගෙන ඉන්න උත්සහ කරද්දි රෙහාන් උත්සහ කලෙ කොහොම හරි නැවතත් ආගත් සර්ගෙ හිත දිනා ගන්න.

" කොහෙටද යන්නෙ බොස්.... "

"  චිලව් බ්‍රාන්ච් එකට... "

රෙහාන් ආගත් සර්ගෙන් අහපු ප්‍රශ්නෙට ආගත් සර්  කඩන් පනිනවා වගේ පිළිතුරු දෙද්දි මම ඒ දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බැලුවෙ මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

අධික කාර්යබහුල සතියක අවසානය කෙතරම් සුවබර විය යුතු වුනත් මේ සති අන්තයෙදි නම් අපිට ඒ වාසනාව ලැබුනෙ නෑ. අලුත් ව්‍යපෘතියෙ අවසන් කල යුතු තවත් බොහෝ රාජකාරි තිබුණු නිසාම මගේ කාර්යාල මිතුරන් ස්වකැමැත්තෙන්ම  සති අන්තයෙදි ද සේවය කිරීමට තීරණය කලා.

මේ සති අන්තයෙදි සිම්මි හා කාලය ගත කිරීමට මා සිතාගෙන සිටියද අධික කාර්යබහුලත්වය හමුවෙ දිනෙන් දිනම මට ඇයව මඟහැරුණා.

ඇය තවත් නින්දෙ පසු වූ නිසා ඇයට බාදා නොකරම මම සූදානම් වුනෙ කාර්යාලයට යන්න.  රාජකාරි ඇදුමෙන් ඉවත්ව සැහැල්ලු ඇදුමකින් සැරසුන මට දැනුනෙ පහසුවක්.

කොන්ඩය සකසමින් සිටි මා ඒ කාර්ය අතර මග නතර කලෙ මගේ දුරකථනය නාද වීමත් සමග.

දුරකථන තිරයෙ වීපි සර්ගෙ නම ලියවෙද්දි මගේ හඳ ගැස්ම වැඩි නොවුනා කිවුවොත් බොරු.හිත ශක්තිමත් කරගෙන ලොකු හුස්මක් ගත්ත මම ඇමතුමට සම්බන්ධ වුනෙ දුරකථනය දෙවෙනි වරටත් නාද වන විට.

" හෙලෝ බේබි ඩෝල්....

ගුඩ් මෝනින්... "

මම පිළිතුරු දෙන්නත් කලින්ම ඔහු කියවගෙන ගියා.

" මොකටද මට කතා කලේ....

මට ආයෙත් කෝල් ගන්න එපා...

මං ඔය ජරා කටහඩ අහන්නවත් කැමති නෑ.... "

මම හැදුවෙ ඒ ටික කියලා ඇමතුම විසන්ධි කරන්න. නමුත් වීපි සර්ගෙන් මට එයට ඉඩක් ලැබුනෙ නෑ. දුරකථනයෙ අනෙක් පසින් ඇසුනෙ වීපි සර්ගෙ වියරු සිනහ හඬ.

" ඔයාට ජීවිත කාලෙ පුරාවටම මේ කට හඬ තමයි අහන්න වෙන්නෙ බේබි ඩෝල්....

මගේ මූණ දිහා බලාගෙන තමයි කවදා හරි උඹට මැරෙන්න වෙන්නෙත්....

මොනවද හිතාගෙන ඉන්නේ...

මම එච්චර ලේසියෙන් මගේ බේබි ඩෝල්ව අතැරියා කියල ද....

නෑ.... බේබි ඩෝල් නෑ.....

මම ඔයා ලගට නෙමේ.... මේ පාර  ඔයාට මගේ ලගටයි එන්න වෙන්නෙ.... "

" ඒක සිද්ද වෙන්නෙ නෑ වීපි සර්....

මං මැරුනත් තමුන් ලගට නම් මම ආයෙත් එන්නෙ නෑ..... "

" සීරියස්ලි.....

අපි බලමු බේබි ඩෝල්....

මේ ලෝකෙ එක තත්පරයක් ඇති ගොඩක් දේවල් වෙනස් වෙන්න....

ඒ ගැන කියන්න නෙමේ මම කතා කලෙ....

අයි මිස් යූ බේබි ඩෝල්....

ඊළග සතියෙ මට ඔයාගෙන් තවත් ඈතට යන්න වෙලා....

බිස්නස් ට්‍රිප් එක ඉවර වෙලා මම ආයෙත් ආවාම....

ඔයාව මගේ ලගට ගන්නවා....

නෑ..... නෑ.... ඔයා මගේ ලගට එනවා.... "

මම නිහඬවම වුන්නෙ ඔහුට පිළිතුරු දීමට තරම්වත් අවශ්‍යතාවක් මට නොතිබුණු නිසා.

" කියවලා ඉවර ද....

එහෙනම් දැන් වත් මම කෝල් එක කට් කරන්න ද...... "

වීපි සර් කියු කිසිවක් නෑසුන ගානින් මම එහෙම කියද්දි වීපි සර් නොසන්සුන් වෙතැයි මා සිතුව ද ඔහු සිනාසුනා මිස තරහ ගත්තෙ නෑ.

" පොඩ්ඩක් ඉන්න බේබි ඩෝල්....

තමුන්ගෙ බොස්... මහ ලොකු ආගත්ට ගිහින් කියනවා.... මේ වීපි ලේසියෙන් පරදින කෙනෙක් නෙමේ කියලා....

ඌ හිතාගෙන ඉන්නේ බිස්නස් කරන්න පුලුවන් ඌට විතරයි කියලා නේ....

මම කරන්න යන දේ ගැන එකාට හිතාගන්නවත් බැරි වෙයි....

බේබි ඩෝල් ඔයා... මම එනකම් පරිස්සමෙන් ඉන්න....

අයි මිස් යූ...."

" ඔය හිතාගෙන ඉන්න දේවල් සිද්ද වෙන්නෙ නෑ වීපි සර්....

අපි හැමෝම අපේ බොස් එක ඉන්නවා...

විශේෂයෙන් මම....

එයාට වැටෙන්න දෙන්නෙ නෑ...... "

" අපි බලන් ඉමු බේබි ඩෝල්.... "

වීපි සර් තවත් විකාර කියවන්න කලින් මම ඇමතුම විසන්ධි කලේ තරහින්. තව දුරටත් ඒ විකාර කතා අහගෙන ඉන්න මට ඕන වුනෙ නෑ.

" පිස්සෙක්....! "

දුරකථනය ඇඳ මතට විසි කල දැමු මා තරහින්ම ඇඳ උඩට වැටුනෙ දෝතින්ම හිස බදාගෙන. වීපි සර්ගෙ ඒ නපුරු කටහඬ අමතක කරන්න මම මොන තරම් උත්සහ කරනව ද. ඒත් සැරින් සැරෙට මතක් වෙන ඒ  අදුරු අතීතය ලේසියෙන් මට අමතක කරන්න පුලුවන් වුනෙ නෑ.

" ඔයා... අදත් ඔෆිස් යන්න ද යන්නේ..... "

දවස් ගානකට පස්සෙ සිම්මිගෙ හඬ ඇහෙද්දි මම ඔලුව උස්සලා බැලුවා. නින්දෙන් අවදි වුන ඇය ඇඳ විට්ටමට හේත්තු වෙලා මගේ දිහා බලාගෙන ඉද්දි මට දැනුනෙ සතුටක්. මොහොතකට පෙර වීපි සර් නිසා අදුරු වුන උදෑසන සිම්මිගෙ හඬත් එක්ක ආයෙත් හිරු කිරණින් බර වුණා.

මම ඇය වෙත දුවලා ගියෙ අඩියට දෙකට.

" සිම්මි....

අනේ කෙල්ලෙ දවස් කීයකට පසෙද මම මේ කටහඩ ඇහුවේ.... "

ඇයගෙ අතකින් අල්ලගෙන මම කතා කලෙ සතුටින්.

" ඔයාට මගේ හඬ අමතක වුණා ද... "

" පිස්සු ද....

මට එහෙම වෙනව ද සිම්මි....

ඔයා මගේ චුටි නංගි නේ.... "

" එයාට නම් අමතක වෙලා ඇති නේද... "

ජනේලයෙන් පිටත බලාගෙන සිම්මි කතා කලෙ සෝසුසුම් හෙලමින්. ඒ කතාවත් එක්ක  මගේ මුහුණ පුරා ඇදුනු සුන්දර සිනහව මැකිලා ගියා.

" ඔය කතාව දැන් ඇති සිම්මි...... "

සිම්මිගෙ මූණ මගේ පැත්තට හරවගත්ත මම ඉක්මනින්ම ආයෙත් මූණට හිනාවක් මවාගත්තා.

" මට අයිඩියා එකක් ආවා...

අද ඔයත් යමු මාත් එක්ක ඔෆිස්....

ප්‍රශ්නයක් වෙන්නෙ නෑ....

අද ඔෆිස් එන්නෙ අපේ ටීම් එක විතරයි....

අපේ ටීම් එක හරිම ජොලි.... ඔයාගෙ මූඩ් ෆික්ස් කරන්න හොදම තැන එතන වෙන්න පුලුවන්...

යමු ද....

එතකොට මට පුලුවන් ඔයාව හිමාෂාට හදුන්වලා දෙන්නත්...

එයා ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඔයාව දකින්න....

යමු ද.... හා කියන්නකෝ..... "

මම ඇහුවෙ සිම්මිට බෑ කියන්න බැරි වෙන තරමෙ හුරතල් හඬකින්. ඇස් පුංචි කරගෙන මම බලාගෙන වුන්නෙ සිම්මි හා කියන තුරු.

" මට බෑ...... "

ඒ වචන දෙකට පුලුවන් වුණා මගේ හිනාව ආයෙත් අතුරුදහන් කරන්න.

" අනේ සිම්මි ප්ලීස්......

ඔයා ගෙදර වුන්නා කියලා කරන්න දේකුත් නෑ නේ.....

යමු කෝ..... "

මම කොහොම හරි ඇයව කැමති කරගන්න උත්සහ කලා. නැගිටලා යන්න හදපු සිම්මිගෙ අතින් මම අල්ලගත්තෙ අවසන් උත්සහයත් දරන්න.

" මං තරහ වෙනව හැබැයි....."

" ඉතිං  තරහ වෙන්න... කමක් නෑ....

මට දැන් කාවවත් ඕනෙ නෑ....

ඔයාවවත් ඕනෙ නෑ......

මං එක සැරයක් කිවුවා නේ...

මට බෑ....."

මගේ අතත් ගසලා දාපු සිම්මි බාත් රූම් එකේ දොර වහගත්තෙ සද්දෙන්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

දවස් ගෙවිලා ගියෙ හරි ඉක්මනට. අලුත් නිශ්පාදනය ගැන පළමු මාධ්‍ය සාකච්ඡාව අවසන් කල ආගත් සර් ශාලාවෙන් පිටතට යද්දි මාත් ඔහු පිටුපසින් වැටුණා. දුර තියාම රෙහාන් මෝටර් රථයේ දොර විවර කල අතර මාද්‍යවේදීන් තව දුරටත් ඡායාරූප  ලබා ගැනීම සදහා අප පිටුපසින් ඇවිත් තිබුණා.

ආගත් සර් මෝටර් රථයයෙ පිටුපස අසුනට බර වුන අතර මාද පිටුපස අසුනෙ අනෙක් අසුනට බර වුනෙ ඉක්මනින්. මෝටර් රථය පරිශ්‍රයෙන් පිටව යන දසුන පවා මාද්‍යවේදීන් ඔවුන්ගෙ කැමරා කාචයේ සටන් කරගන්න අමතක කලෙ නෑ.

" රෙහාන් ෆැක්ට්රි එකට යමු....

සිනුදි ෆැක්ට්රි එකේ මැනේජර්ට කෝල් කරලා කියන්න අපි එනව කියලා... "

" මං කියන්නම් සර්..... "

" තැන්ක් යූ.... "

ආඩම්බරකාර නපුරු වචන වෙනුවට ස්තූතියි පූර්වක වචනයක් ආගත් සර්ගෙ මුවින් අහන්න ලැබුනෙ පළවෙනි වතාවට. මොකක්දෝ හේතුවකට අහම්බයෙන්ම මගේ මූණ රතු වුණා. හිත අනවශ්‍ය විදියට සතුටින් පිරිලා.

" මොකද....? "

ආගත් සර් ඇහුවෙ මම තවත් ඇස් ලොකු කරගෙන ඔහු දිහා බලාගෙන වුන්න නිසා වෙන්න ඇති..

" නෑ මේ මං පුදුම වුණා....! "

" මොකට ද... "

" නෑ.... මුකුත් නෑ සර්.... "

මට ස්තූතියි කරපු හේතුව අහලා ආඩම්බරකාර නපුරාගෙන් හිත රිදෙන වචනයක් අහගන්න වෙයි කියන බයට මම නිහඩ වුණා.

" මම ඔයාට තැන්ක්ස් කලෙ ඇයි කියලා නේද අහන්න ගියේ....

ඇතතටම සිනුදි ඔයා මේ ප්‍රොජෙක්ට් එකට ගොඩක්  මහන්සි වුණා....

ඒ නිසයි මම ස්තූතියි කලේ....

වැඩිය හිතට ගන්න එපා ඕකේ....

දැන් ෆැක්ට්රි එකට කෝල් කරන්න... "

ආගත් සර් සුපුරුදු ආඩම්බරයෙන් එහෙම කියද්දි මම මටම හිතින් බැන බැන බෑග් එකට අත දැම්මෙ දුරකථනය හොයාගන්න.

දුරකථනය අතට ගත්ත මම කර්මාන්තශාලාවේ කළමනාකරුව සම්බන්ධ කරගත්තා.

ඒ අතරෙ ආගත් සර්ට ඇමතුම් කිහිපයක් ලැබුනත් ඔහු ඒ  ඇමතුම් සියල්ල නොසලකා හැරියෙ හිතාමතාම. ආගත් සර්ගෙ දුරකථනය නාද වීම අවසන් වී තත්පර කිහිපයකින් රෙහාන්ගෙ දුරකථනය ද නාද වුණා. දුරකථනය අතට ගත්ත රෙහාන් ඇස් ලොකු කරගෙන ආගත් සර් දිහා බැලුවෙ කරන්න ඕනෙ මොකක්ද කියලා අහන්න වගේ.

" සොරි බොස්.... ආන්ස්වර් කරන්නම වෙනවා....."

" රෙහාන්..!! "

ඒ ඇමතුම ලබා නොගන්න යැයි ආගත් සර් හිසින් සංඥා කරද්දිත් රෙහාන් ඇමතුම හා සම්බන්ධ වුනෙ වෙන කරන්න දෙයක් නොමැති බව ආගත් සර්ට හගවලා. රෙහාන් ඇමතුමට පිළිතුරු දෙනවත් එක්කම ආගත් සර් නලලතට රැලි කරගත්තා.

" හරි මැඩම් හරි....

මම එක්කගෙන එන්නම්..... "

ඇමතුම විසන්ධි කල රෙහාන් පිටුපස අසුනට හැරුනෙ ආගත් සර්ගෙ අනුකම්පාව බලාපොරොත්තුවෙන්. රවාගෙන වුන්න ආගත් සර් එක්ක රෙහාන් දත් තිස්දෙකම පෙන්නලා හිනා වුනෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ කියන්න වගේ.

" මොනාද එයා කියන්නෙ...... "

ආගත් සර් ඇහුවෙ අත් දෙකත් බැදගෙන අසුනට තව ටිකක් හේත්තු වෙන ගමන්.

" බොස්ව එක්කගෙන එන්න ලූ....

අද චුටි මැඩම්ගෙ ෆියොන්සෙ එනවලු ලන්ච් එකකට....

මැඩම් කියනවා බොස් එතන ඉන්නම ඕන ලූ.... "

රෙහාන් පිළිතුරු දුන්නෙ හරිම අහිංසක ස්වරයකින්. ආගත් සර් ඊළග මොහොතෙ යක්ෂාරූඩ වෙයි කියන බයෙන් පිළිතුරු දුන්න රෙහාන් අහිංසක විදියට මාත් එක්කත් හිනා වුණා.

අද වෙද්දි නම් රෙහාන්ගෙත් ආගත් සර්ගෙත් මිත්‍රත්වය ආයෙත් එකතු වෙලා. ඔවුන් දෙදෙනා වෙනදා වගේම හැසිරෙද්දි මම ඒක තේරුම්ගත්තා.

" ඔය විකාර වලට මට වෙලාවක් නෑ....

ෆැක්ට්රි එකට යමු.... "

" එහෙම කරන්න එපා බොස්....

මං මැඩම්ට පොරොන්දු වුණා කොහොම හරි බොස්ව එක්කගෙන එනව කියලා...... "

" උඹ මොකටද ආන්ස්වර් කලේ.... "

" බොස්ගෙ අම්මා.. මගේ මැඩම් කෝල් කරද්දි ආන්ස්වර් නොකර කොහොමද බොස්.... "

රෙහාන්ට විරුද්ධව තවත් මොනව හරි කියන්න ආගත් සර් සුදානම් වෙනවත් එක්කම මම ඉස්සර වුණා.

" ලන්ච් එකට ඉදලා ෆැක්ට්රි එකට යන්න අපිට ඕන තරම් වෙලාව තියෙනවා... "

මම එහෙම කියද්දි ආගත් සර් අපි දෙන්නා දිහාම බැලුවෙ රවාගෙන.

" මෙතන බොස් කවුද.... "

" සර් තමයි බොස් ඒක අපි දන්නවා...

ඒත් සර්...

බොස් කෙනෙක්ට වැඩිය අයියා කෙනෙක් වටිනවා.....

සර් මේ වෙලාවේ සර්ගෙ නංගිත් එක්ක නේද ඉන්න ඕනේ...

ප්‍රොජෙක්ට් එක නැති වුනොත් අපිට අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන්ගන්න පුලුවන්....

ඒත් පවුලක් අතර බැදීම නැති වුනොත් මුල ඉදන් ඒ බැදීම් ගොඩනගන එක අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවට වඩා ගොඩක් අමාරුයි සර්.... "

ආගත් සර් මගේ ඇස් දිහා බැලුවෙ කියාගන්න බැරි හැගීමකින්. පළවෙනි වතාවට මම ඒ ඇස් ඇතුලෙ අසරණකමක් දැක්කා.

" ඔයා මොනවද මං ගැන දන්නෙ සිනුදි......

මොනවද ඔයා දන්නෙ... "

ඒ වචන ඇතුලෙ තිබුනෙ ලොකු දුකක්. ඒ හැගීම තේරුම්ගන්න මට අපහසු වුනේ නෑ.

ආගත් සර් මගේ ඇස් දිහා බලාගෙනම එහෙම කියද්දි මගේ හිතට දැනුනෙත් ලොකු බරක්. කියාගන්න බැරි මොකක්දෝ හැගීමක්.

මම නිහඬවම බැල්ම පහතට හරවාගත්තෙ  ඔහුගෙ බැල්ම හිතට බර වැඩි තැන.

හුස්මක් ගත්ත ආගත් සර් වීදුරුවෙන් පිටත බලාගද්දි රෙහාන් නැවතත් මෝටර් රථය ඉදිරියට ධාවනය කලෙ වචනයක්වත් කතා නොකර.

" කොහෙද උඹ ඔය යන්නේ....

කාර් එක හරවනවා.....

අපි ලන්ච් එකට යන්න ඕනේ....... "

කෝට් එක හදාගනිමින් ආගත් සර් එහෙම කියද්දි රෙහාන් පිටිපස්සට එඹුනෙ පුදුමයෙන්. මාත් ඔලුව උස්සලා බැලුවෙ හිතාගන්න බැරුව.

" බොස් මේ ඔයාම ද.....

අපේ බොස් ගත්‍ත තීරණයක් පළවෙනි පාරට ඔය වෙනස් කලාමයි.... "

රෙහාන් කියවන දේවල් නෑසුන ගානින් ආගත් සර් දුරකථන තිරය මත අවදානය රදවගත්තා. ඊළග මොහොතෙ රෙහාන් මෝටර් රථය හරවාගත්තෙ මං දිහා බලලා ඇසක් ඉගි කලාට පස්සෙ.

පළවෙනි වතාවට ආගත් සර් ගත්ත තීරණයක් වෙනස් කල සතුටින් රෙහාන් මෝටර් රථය ධාවනය කලෙ වේගයෙන්.

භෝජන සංග්‍රහය ආගත් සර්ගෙ නිවසෙ පැවැත්වෙතයි සිතුව ද රෙහාන් මෝටර් රථය නතර කලෙ සුවිසල් හෝටල් සංකීර්ණයක් ඉදිරිපිට.

රෙහාන් සමගින් මටත් මෝටර් රථයේ නවතින්න සිදු වුණා.

මෝටර් රථයෙන් බැසගත් ආගත් සර් නැවතත් මෝටර් රථයට එබුනෙ මම ගැස්සෙද්දි.

" එළියට එන්න.... "

ආගත් සර්ගෙ වචනයට කීකරුව ඉක්මනින් මමත් මෝටර් රථයේන් බැස ගත්තා.

ඔහුගෙ පිටුපසින් එන්න කියලා මට සංඥා කරමින් ඉදිරියට ඇදුන ඔහු නතර වුනෙ මගේ හඬට.

" මාත් එන්න ඕනෙ ද සර්.... ? "

මම ඇහුවෙ කුතුහලයෙන්. ආගත් සර්ගෙ පෞද්ගලික භෝජන සංග්‍රහයකට මා සහභාගි වීමේ අවශ්‍යතාවක් තිබුනෙ නෑ.

" ඔව්...

ඔයාට එතනට ගිහින් කරන්න වැඩක් තියෙනවා...... "

ආගත් සර් කතා කලෙ කලිසම් සාක්කුවලට අත් ඔබාගෙන හෙන උජාරුවෙන්.

" මොකක්ද සර්.... "

" හැම විනාඩි පහකට සැරයක්ම තමුන් මට වෙලාව මතක් කරන්න ඕනේ.... "

" මොකක් ?? "

ආගත් සර් කියපු කතාවෙ අගක් මුලක් මට තේරුනෙ නෑ.

" රඟපාන්න පොඩ්ඩක් හරි පුළුවන් ඇතිනෙ....

බය වෙලා වගේ.... හැම විනාඩි පහකට සැරයක්ම ඔයා කියන්න ඕනේ...

බොස් අපිට තව විනාඩි විස්සයි තියෙන්නෙ කියලා....

තේරුණා නේ...

ඒ කතාව ඔයා හැම විනාඩි පහකට සැරයක්ම කියන්න ඕනේ...

මම කාත් එක්ක කතා කරගෙන හිටියත් එතන කවුරු හිටියත් කමක් නෑ..

ඔයා මට අනිවාර්යෙන්ම වෙලාව මතක් කරන්න ඕනේ.... "

මම ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉද්දි අපිට පිටිපස්සෙ වුන්න රෙහාන් හොරෙන් හිනා වෙනවා.

ඊළගට ආගත් සර් හැරුනෙ රෙහාන්ගෙ පැත්තට.

" එතකොට රෙහාන් උඹ....

මට හැම තිස්සෙම කෝල් කරන්න ඕනේ...

හැම තිස්සෙම ඕකේ.... "

" ඕකේ බොස්.... ඒ විදියටම කරන්නම්.. "

ආගත් , රෙහාන් දෙන්නගෙම මූණවල් වල ඇදුනෙ කපටි හින්නාවක්. පෞද්ගලික භෝජන සංග්‍රහයන් වලදි මේ සිද්දිය හැමදාම වගේ වෙන දෙයක් කියලා මම තේරුම්ගත්තෙ ඒ දෙන්නගෙ කපටි මුහුණෙන්.

සුවිසල් හෝටල් සංකීර්ණයෙ කොරිඩෝ අතරින් ඉදිරියට ඇදුන ආගත් සර් නතර වුනෙ එක් භෝජනාගාරයක් ඉදිරිපිට. ලෑස්ති ද කියලා අහන බැල්මකින් මං දිහා බලපු ආගත් සර් භෝජනාගාරයෙ දොර විවර කරමින් ඇතුලට අඩි තිබ්බා. අපිට ඇතුලට ඇවිත් හුස්මක් ගන්නවත් ලැබුනෙ නෑ භෝජනාගාරයෙ එක් කොනක ඉදන් දුවගෙන ආව අයිෂා ආගත් සර්ගෙ අතේ එල්ලුනා. හැමෝගෙම ඉස්සරහ ඇගිලි තුඩු වලින් එසවිලා ආගත් සර්ගෙ කම්මුලක් මත ඇය හාදුවක් තිබ්බෙ බෙහෙවින් දගකාරව.

භෝජනාගාරය ඇතුලත ගෘහ නිර්මාණ කෙතරම් සුන්දර වුව ද එක මොහොතකින් මට ඒ සියල්ල එපා වුණා. අයිෂා මිස් ආගත් සර්ගෙ ලග දැවටෙද්දි මගේ හිත ගැහෙන්න ගත්තෙ වේගයෙන්. හිත මහා ලොකු දුකකින් පිරෙද්දි ඒකට හේතුව මොකක්ද කියලවත් මට තේරුනෙ නෑ.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter