Back
/ 43
Chapter 21

Chapter 21

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  විසි එක වැනි කොටස 🌙

................................................................

අපිට ඇතුලට ඇවිත් හුස්මක් ගන්නවත් ලැබුනෙ නෑ භෝජනාගාරයෙ එක් කොනක ඉදන් දුවගෙන ආව අයිෂා ආගත් සර්ගෙ අතේ එල්ලුනා. හැමෝගෙම ඉස්සරහ ඇගිලි තුඩු වලින් එසවිලා ආගත් සර්ගෙ කම්මුලක් මත ඇය හාදුවක් තිබ්බෙ බෙහෙවින් දගකාරව.

භෝජනාගාරය ඇතුලත ගෘහ නිර්මාණ කෙතරම් සුන්දර වුව ද එක මොහොතකින් මට ඒ සියල්ල එපා වුණා. අයිෂා මිස් ආගත් සර්ගෙ ලග දැවටෙද්දි මගේ හිත ගැහෙන්න ගත්තෙ වේගයෙන්. හිත මහා ලොකු දුකකින් පිරෙද්දි ඒකට හේතුව මොකක්ද කියලවත් මට තේරුනෙ නෑ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" ඔයා අදත් පරක්කුයි ආගත්....

පවුලෙ දේවල් වලට පරක්කු වෙලා එන එක ඔයාගෙ පුරුද්ද නේ ඉතිං..... "

අයිෂා ඇනුම්පද කීවේද බෙහෙවින් කෝමළව. මේ වෙද්දිත් ඇය ආගත් සර්ගෙ දකුණු අත සම්පූර්ණයෙන්ම ඇයගෙ තුරුලට ගෙන අවසන්.

" විකාර නවත්තනවා....

තමුන් මොනාද මෙහෙ කරන්නෙ.... "

තම අතේ එල්ලිගෙන වුන්න අයිෂාව පසෙකට කල ආගත් කතා කලෙ ඇයට පමණක් ඇසෙන තරම් සෙමින්.

" ආන්ටි එන්න කිවුවේ.....

එයාට ඕන ලු... අපි දෙන්නගෙ වෙඩින් එක ගැනත් අදම කතා කරගන්න..... "

ඒ කතාවට ආගත් සර්ගෙ මුවග රැදුනෙ උපහසාත්මක සිනහවක්.

" වෙඩින්...??

කාගෙ වෙඩින් එකක් ද......"

ඒ මුහුණෙ ඇදුනු හැම හැගීමකම තිබුනෙ උපහාසයක්.

අදුරු වුන මුහුණෙන් අයිෂා නිහඬ වෙද්දි ආගත් සර් ඉදිරියට අඩි තිබ්බෙ ඇයව දුහුවිල්ලක් තරම්වත් මායිම් නොකර.

ගැහැණියක අසරණ වන මොහොතෙ ඇය හා නැගි සිටිමට මගේ සිත මට බල කලත් මම මටම තරවටු කරගත්තා. අයිෂා මැඩම්ගෙත් ආගත් සර්ගෙත් ප්‍රශ්නයකට පෙර දිනයක මා මැදි වූ සැටි මගේ මතකයට ආවේ ඉබේටම. එදින සියල්ල අවසානයෙ මා  වැරදිකාරියක වූ සැටි ද මට මතකයි.

අද ප්‍රශ්නය ඊටත් වඩා සංකීර්ණයි. එදා මා හදුනා නොගත් ඔහු අද මගේ ආයතනික ප්‍රධානියා වෙලා. ඉතිං මගේ ආයතනික ප්‍රධානියාගෙ පෞද්ගලික ජීවිතයට එබිකම් කරන්න මට කවර නම් අයිතියක් ද.

අයිෂා මැඩම් දෙස නොබලාම මම ආගත් සර්ගෙ පිටුපසින් භෝජනාගාරයෙ ඉදිරියට අඩි තිබ්බා. නමුත් අයිෂා මැඩම් නම් මට රවනව මම බලාගෙන.

" ආගත්.... පුතා! "

භෝජනාගාරයෙ එක් කොනක තිබු මේසයක අසුන්ගෙන සිටි මැදි වියෙ කාන්තාවන් ආගත් සර්ට අත වැනුවෙ ඔහුව හදුනගෙන. කලු කරලා තිබුණු කොන්ඩය නවීන විලාසිතාවකට අනුව ඇය කණ දක්වාම  කොට කරලා තිබුණා. මැඩම්ට තිබුනෙත් ආගත් සර්ගෙ දිලිසෙන කලු ඇස්.

කෝට් එකේ බොත්තම් ලිහිල් කල ආගත් සර් ඇයට ඉදිරියෙන් වූ අසුනට හේත්තු වුණා. මම ආගත් සර්ගෙ පිටුපසින් සිටගත්තෙ අතේ තිබුන ටැබ් පරිගණකයෙන් ලිපිගොනුවක් දිග හැර ගනිමින්.

භෝජනාගාරයට ඇතුලු වූ මොහොතෙ හිතට දැනුන හැගීම මේ වෙද්දි වෙනස් වෙලා. මොකක්දෝ හේතුවකට හිත සතුටින් ඉපිලිලා. මොහොතකට පෙර මහත් වූ වේදනාවක් දැනුන හදවත දැන් සතුටින් ඉපිලිලා. මේ හැගීම් වෙනස් වීමට හේතුව මොකක්ද කියලා මට හිතාගන්න බෑ.

" සිනුදි....."

ආගත් සර් සංඥා කලෙ ඔහු අසලින් අසුන්ගන්න ලෙසට. ඉතිං මා පුදුම වුණා. මම ඇස් ලොකු කරගෙන ආගත් සර් දෙස බලද්දි ඔහු දෙවෙනි වරටත් අසුන්ගන්න ලෙසට සංඥා කලෙ අණ කිරීමකට ලග හැගීමකින්. එය තරමක් ඕනාවට වැඩි කියලා හිතුනු නිසාම මම මුහුණ බිමට හරවගෙන ආගත් සර් ලගම අසුනට බර වුණා.

වතුර වීදුරුවක් තොලගාමින් මැඩම් මටත් ආගත් සර්ටත් රවනව මම බලාගෙන.

" අම්මා මේ මගේ පර්සනල් සෙකට්‍රි සිනුදි....... "

ආගත් සර් මාව ඇයට හදුන්වලා දුන්නා. ඒ මොහොත වෙද්දිත් ඇය මගේ සියල්ල විමර්ශනය කර අවසන්.

" සිනුදි..!

ලස්සන නමක්.... ඒ වගේම මට ඒ නම කොහෙදි හරි අහලා පුරුදුයි.. "

මැඩම් මීට කලින් මගේ නම ඇහුනෙ කොහෙදිද කියලා මතක් කරද්දි මම ඔලුව උස්සලා බැලුවෙ ඇයට ස්තූතියි කරන්න.

" තැන්ක් යූ මැඩම්....

මැඩම්ව මුණගැහෙන්න ලැබුන එක සතුටක්..... "

ඇය මාවෙත ඇදිලා මැකිලා යන කෙටි හිනාවක් ත්‍යාග කර ආගත් සර්ගෙ මුහුණ මත බැල්ම නතර කලා.

" ආගත් පුතා...

මේක බිස්නස් මීටින් එකක් නෙමේ...

ඔයා මොකටද පර්සනල් සෙකට්‍රිව මෙතනට එක්කගෙන ආවේ...... "

" සොරි.....

මං හිතුවෙ මේකත් ෆැමිලි බිස්නස් මීටින් එකක් කියලා.... "

" ආගත්......!!

මොනාද ඔයා ඔය නොකියා කියන්නේ..... "

" ඇයි මං වැරදි ද.......

අම්මා නංගිගෙ ජීවිතෙත් එක්ක බිස්නස් ඩීල් එකක් නෙමේ ද කරන්නෙ.... "

" මොනාද පුතා ඔයා මේ කියන්නෙ...

අනිත් එක මේක, මගේ ප්‍රොපෝසල් එකක් නෙමේ.....

නංගිම තමයි ඒ ළමයව හොයාගෙන තියෙන්නෙ.....  "

ආගත් සර්ගෙත් මැඩම්ගෙත් අතර ඒ තරම් හොද සම්බන්ධයක් නොමැති බව තේරුම්ගන්න මට මීටත් වඩා සාක්ෂි ඕන වුනේ නෑ.

විනාඩි කිහිපයකට ඒ දෙන්නම නිහඬ වුණා. ඔවුන් අතර තිබුනෙ අම්මගෙත් පුතාගෙත් අතර තියෙන සම්බන්ධය නොවේ. ඒ දෙන්නම කතා කලෙ හිතේ මොනව හරි දෙයක් හංගගෙන.

" එක්ස්කියුස් මී..... ! "

කොහෙන්දෝ මතු වුන අයිෂා මිස් මගේ ලග හිටගෙන එහෙම කිවුවේ තරහින්. ඒ ඇස් වල තිබුණු වෛරය සම්පූර්ණයෙන්ම එල්ල වෙලා තිබුනෙ මට. ඇය නොකියා කියන්නෙ මොකක්ද කියලා තේරුම්ගන්න මට වැඩි වෙලාවක් ගත වුනේ නෑ.

" සොරි මිස්....."

මම සුදානම් වුනෙ ආගත් සර් ලග අසුන ඇයට ලබා දෙන්න. මම කලබලයෙ නැගිට ගන්නවත් එක්කම ආගත් සර් මගේ අතින් අල්ලගෙන මාව ආයෙත් ඒ අසුනෙන්ම ඉන්දවාගත්තා.

" ඔයා ඔහොම ඉන්න සිනුදි.... "

ආගත් සර් කතා කලෙ බොරු හිනාවක් මුහුණ මත ඇදගෙන.

ඒ මොහොතෙ මැඩම්ගෙ මූණත් එක දෙක වෙනව මම බලාගෙන. කාටත් හොරෙන් අත් මිටි මොලවාගත් අයිෂා ලොකු හුස්මක් අරගෙන මැඩම් ලග අසුනට ගියෙ හිත යට ගින්දර හංගගෙන.

" කොහෙද ගියේ.... "

මැඩම් අයිෂා මිස්ගෙන් එහෙම ඇහුවෙ හරි ආදරෙන්.

" වොශ් රූම් එකට ගියා අම්මා... "

අයිෂා මිස්ගෙ ඇස් වලින් ගිණි පුපුරු විසි වුනත් ඇය කතා කලෙ සුන්දර සිනහවකින් මූණ සරසගෙන. නිළියක් වීමේ වටිනාකම මට තේරුනෙ ඒ මොහොතෙ දි. හැම හැගීමක්ම හංගගෙන මිනිස්සු ඉස්සරහ හිනා වෙන්න ඔවුන් කෙතරම් නම් දක්ෂ ද.

ආගත් සර් මේසයට යටින් මගේ කකුලට තට්ටු කරද්දි මම ඔහු දෙස බැලුවෙ ගැස්සිලා. ඔහු ඇස් වලින් පෙන්නුවෙ අත බැදි ඔරලෝසුව. ඒ මොහොතෙදියි මා මෙතනට පැමිණි කාර්ය මට මතක් වුනෙ.

මගේ රඟපෑමේ හැකියාව ගැන මටම තිබුනෙ සැකයක්. ඉතිං කට ඉස්සර කරගන්න කලින් මම කිවයුතු දේවල් ගැන හිතින් කිහිප වරක්ම පුහුණු වුණා.

" එක්ස්කියුස් මී සර්...

අපිට තව විනාඩි විස්සයි තියෙන්නෙ..... "

ආගත් සර්ගෙ මුහුණෙ ඇදුනෙ ජයග්‍රාහී කපටි හිනාවක්. ඔහු ඉක්මනින්ම ඒ හිනාව ගිල ගත්තා. බෙහෙවින් බැරෑරුම් හැගීමක් ඉක්මනින් ආරූඪ කරගත් ආගත් සර් මැඩම් වෙත හැරුනෙ අත බැදි ඔරලෝසුවේන් වෙලාව බලමින්.

" අම්මෙ ඔයාගෙ කෝටිපති සන් ඉන් ලෝ එන්න තව වෙලා යයි ද.....

මොකද මට එච්චර වෙලාවක් නෑ.... "

ආගත් සර් කතා කලෙ කාර්යබහුලත්වය  මුලු සිරුරටම ආරූඪ කරගෙන.

ආගත් සර් ගැන ඒ තරම්  හිත හොදින් නොසිටියත් මැඩම් ක්ෂනිකවම මුහුණට ලෙන්ගතු  සිනහවක් මවාගත්තා.

" තව ටික වෙලාවක් බලමු පුතා...

ඒ ළමයට හෙට බිස්නස් ට්‍රිප් එකක්..

ජපැන් වලට... ඒ නිසා අද බිසී ඇති...

එතකම් අපිට පුලුවන් නෙ ඔය දෙන්නා ගැන කතා කරන්න.....

දැන් ඉතිං ඔය දෙපැත්තකට වෙලා හිටිය ඇති නේ......

ඔය දෙන්නගෙ වෙඩින් එකත් අපි ඉක්මනින්ම ඉවරයක් කරමු....

අයිෂා දුවගෙ අම්මලා කවද්ද ලංකාවට එන්නේ.....

මේ දේවල් වලින් මට ඉක්මනට නිදහස් වෙන්න ඕනේ..... "

මැඩම් අන්තිම වචන කිවුවේ මේසය මත තිබුණු අයිෂා මිස්ගෙ අත උඩින් ඇයගෙ අත තියාගෙන.

හේතුවක් නැතුවම මගේ හිත ආයෙත් ගැස්සුනා. ඒත් එක්කම ආගත් සර් හඬ අවදි කලෙ තරමක් ආවේගශිලීව.

" කවුරුත් කා ගැනවත් මුකුත් කතා කරන්න ඕනේ නෑ.....

සමහරවිට අම්මා දන්නෙ නැතුව ඇති...

මගෙයි අයිෂාගෙයි අතර දැන් කිසිම සම්බන්ධයක් නෑ..... "

ආගත් සර් ඒ වචන කියලා දැම්මෙ හරිම සැහැල්ලුවෙන්. ඒත් ඒ වචන වලට අයිෂා මිස්ගෙ ඇස් වලට කදුළු පිරෙනව මම බලාගෙන.

" ආගත්....!!

මොනාද ඔයා මේ කියන්නේ..... "

මැඩම් තරහින් කතා කලෙ ඇස් වලින් මාව පෙන්නමින්. මා වැනි පිටස්තරයෙක් ඉදිරියෙ එවැනි දේ කතා කරිමිට නුසුදුසු බවයි ඇය ආගත් සර්ට හැගවූයෙ. ඉන්පසුව ඔවුන් අතර තත්පර කිහිපයක නිහඬතාවක් ඇති වුනේ ඉදිකටු තුඩක් පොළව සිපගන්න හඩ පවා ඇසෙන තරමටය.

ඒත් එක්කම ආගත් සර්ට ඇමතුමක් ලැබුනෙ රෙහාන්ගෙන්.

" එක්ස්කියුස් මී "

මෙතෙක් වෙලා තිබුන නිහඩබවට තිත තිබූ ආගත් සර් රෙහාන්ගෙ ඇමතුමට පිළිතුරු දුන්නෙ වෙනස්ම ආකාරයකට. ඔවුන් කතා කලෙ මහා පරිමාණ ව්‍යාපෘතියක් ගැන. ආගත් සර්ගෙත් රෙහාන්ගෙත් කපටිකම ගැන නොදැන සිටින්නට මමද එම රංගනයට අසු වෙනවා නොඅනුමානය. ඒ රංගනයේ තාත්වික බව නිසාම මෙවැනි බැරෑරුම් මොහොතක පවා මගේ මුවගට එන්න පොරකන සිනහව මම පාලනය කරගෙන වුන්නෙ අපහසුවෙන්. ඇමතුම විසන්ධි කල ඔහු නැවතත් මැඩම්ගෙ මුහුණ මත බැල්ම නතර කරගත්තා.

" දැන් නම් මට යන්න වෙනවා....

තවත් නම් බොරුවට මෙතනට වෙලා ඉදගෙන ඉන්න මට බෑ...... "

යන්න සූදානම් වුන ආගත් නතර වුනෙ අයිෂාගෙ හඬට.

" අම්මා ඔයා දන්නව ද මෙයා මේ දවස් වල ආශ්‍රය කරන්නෙ කාව ද කියලා....

කියන්නත් ලැජ්ජයි අම්මා..... "

අයිෂාගෙ කතාව මැඩම් නතර කලෙ තරවටු බැල්මක් ඇය වෙත හෙලමින්.

" මට ආරංචි අයිෂා....මට ආරංචි....

දුව කලබල වෙන්නෙ නැතුව ඉන්නකෝ...... මම කොහොමත් මෙයත් එක්ක ඒ ගැන කතා කරන්න වුන්නෙ.....

ඒත් මේ ඒකට වෙලාව නෙමේ.... "

මැඩම් ආගත් සර් දෙස බැලුවෙ  අප්‍රසන්න බැල්මකින්.

" ආගත් මොනවද මේ කරන වැඩ....

ඔයාට නාස්ති වෙන්න දෙන්න බෑ ආගත්.....

මං අයිෂාගෙ අම්මලත් එක්ක කතා කරන්නම්.... ඔයා වෙඩින් එකට ලෑස්ති වෙන්න..... "

ආගත් සර් නැගිට්ටෙ වේගයෙන්.

" ඔයා ඕනෙ දෙයක් කරගන්න අම්මා....

හැබැයි මම මෙයාව මැරි කරන්නෙ නෑ එච්චරයි.....

සිනුදි අපි යමු...... "

ආගත් සර් කතා කරපු වේගයෙන්ම භෝජනාගාරයෙන් පිටතට යද්දි මම අයිෂා මිස්ගෙනුත් මැඩම්ගෙනුත් අවසර අරගෙන ආගත් සර් පිටුපසින් දිව ගියා.

ආගත් සර් ආවේගශිලීව පිටතට එද්දි රෙහාන් මගෙ දිහා බැලුවෙ මොකද වෙන්නෙ කියලා අහන බැල්මකින්. ඒත් එක්කම ඉක්මන් වුන රෙහාන් ආගත් සර් වෙනුවෙන් මෝටර් රථයේ දොර විවර කලා. ආගත් සර් මෝටර් රථයට නැගුනෙ ඔහුට ලැබුණු ඇමතුමකට පිළිතුරු දෙන අතරේමයි.

මෝටර් රථය හෝටල් සංකීර්ණයෙන් පිටතට එනවත් එක්කම මගේ ඇස් නතර වුනෙ හෝටල් සංකීර්ණය වෙත පිවිසෙන මෝටර් රථයක් ලග. වීපි සර්ගෙ  රතු පැහැති නවීන වර්ගයෙ මෝටර් රථය හදුනගන්න මට ඒ තරම් අපහසු වුනේ නෑ.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter