Back
/ 43
Chapter 23

Chapter 23

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  විසි තුන්  වැනි කොටස 🌙

................................................................

ඒත් ආගත් සර් ආයෙත් අයිෂා මිස්ගෙ වෙනව කියන හැගීම මට දැනුනෙ මගේ හිතට කවුරු හරි උල් පිහි තුඩකින් අනිනව වගේ හැගීමක්.

" මම මොනවද මේ හිතන්නෙ. මට පිස්සු හැදීගෙනවත් එනව ද.... "

මම නළලත පිරිමදිමින්ම ආගත් සර්ගෙ කාමරයෙන් පිටතට අඩි තිබ්බා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ළගකදි ඉදන් මගේ  දවස් ගෙවුනෙ හරි සැහැල්ලුවෙන්. හිතත් මට නොතේරෙන අමුතුම හැගීමකින් පිරිලා. මාව රිද්දන්න ගෙවුන දින කිහිපය තුළ මගේ ජීවිතයට කවුරුත්ම ආවේ නෑ. යම් තරමකට හරි හිත රිදුන නම් ඒ සිම්මි වෙනුවෙන් විතරයි.

වැටුන වැටුන තැන ඉදන් කල්පනා කරන සිම්මිව මම ගෙදර ඉන්න වෙලාවට මොහොතකට හෝ තනි කලෙ නෑ. එක තත්පරයකට මම සිම්මිට ඊරිසියා කලා. මොකද සිම්මි වගේ ආදරේ කරන්න මට අවස්ථාවක් ලැබුනෙ නෑ. ඉතිං මට ඕන වුණා. ඒ තරමටම ඊටත් වඩා පිස්සුවෙන් ආදරේ කරන්න. හිත හිරිවට්ටන ආදරයක් ලග නවතින්න.

මොහොතකට හිතුනා.. ආදරයක් නොලබාම ජීවත් වෙනවට වඩා.. ආදරයක් වෙනුවෙන් දුක් විදින ජීවිතය වාසනාවන්තයි කියලා. හරියට මමයි සිම්මි වගේ.

ඒ මොනව උනත් මම හැමදාමත් ප්‍රාර්ථනා කලෙ සිම්මි වෙනුවෙන්. මට විශ්වාසයි සිම්මි ඉක්මනින්ම හිත හදාගනි.

මගේ ජීවිතයෙ නිදහසේ ගෙවන ලස්සනම කාලයක් මම පසු කරමින් වුන්නා. දැන් මං රාත්‍රියට කැමති නැති තරම්. මට ඕනෙ ඉක්මනින් දවස පටන්ගන්නව දකින්න. ඒත් ඒ පටන්ගන්න දවස ඉක්මනින් ඉවර වෙනවට මම කැමති නෑ. ඒ නිසාමයි හවස උදාවෙනවට මම අකමැති වුනෙත්.

මොකද එතකොට මට කාර්යාලයෙන් පිටතට එන්න වෙනවා. ආගත් සර්ව දකින්න තියෙන මොහොතවල් සීමා වෙනවා.

මට මොනවා වෙලාද කියලා මට තේරුනෙත් නෑ. ඒත් බොරු හේතු හදාගෙන ආගත් සර්ගෙ කාර්යාල කාමරයට යන එක දැන් මට පුරුද්දට ගිහින්. මම හිතන්නෙ මගේ ඒ බොරු හේතු ගැන ඇත්ත ආගත් සර් උනත් දැනගෙන වුන්නා. බොරු හේතු හදාගෙන ඔහුගෙ කාර්යාල කාමරයට මම නිතරම එන එකට ආගත් සර් අකමැති වුනෙත් නෑ. මට හිතුනෙම මම කොයි වෙලෙද එන්නෙ කියලා බලාගෙන ආගත් සර් නොයිවසිල්ලෙන් වුන්නා කියලා.

ඉතිං මේ ගෙවෙන්නෙ මගේ ජීවිතෙ මම මීට කලින් නොවිදි ලස්සන කාලයක් නොවේද. මට දැනුනෙ මම ජීවත් වෙන්නෙ සුරංඟනා කතාවක කියලා. මේ කාලය තුළ මම වීපි සර්ගෙ නම අහම්බයෙන් වත් මතක් කලෙ නෑ.. වෙන කාටවත් මතක් කරන්න ඉඩ දුන්නෙත් නෑ. අලුත් ඉපදුනු ළදරුවෙකු වගේ මම නිදහසෙ හුස්ම ගන්න , ජීවිතෙ විදින්න පටන්ගත්තෙ දැන්.. ඉතිං ඒ ලස්සන ජීවිතය ඒ නපුරු නමත් එක්ක ආයෙත් අදුරු වෙනව දකින්න මට ඕන වුනේ නෑ.

සති අන්තය අවසානයෙ සදු දිනට උදා වන තුරු රාත්‍රිය මා ගත කලෙ නොයිවසිල්ලෙන්.

හිරුටත් කලින් අවදි වුන මම කාර්යාලයට යන්න සුදානම් උනෙත් වෙනදා නැති උද්‍යෝගයකින්. මම දන්නව ඒ උද්‍යෝගයට හේතුව.

ආගත් සර්ව බලන්න...

යටි සිත කියන ඒ උත්තරෙ උඩු සිත ස්තීර කරන්න කෝළයි.

මං මොකටද එයාව බලන්න යන්නෙ..

යටි සිතට එහෙම තරවටු කලත් මගේ මුලු මුහුණම දැනටමත් රතු වෙලා. හිත කෝළයි වෙනදටත් වඩා.

මම මහා මාර්ගයට යන හරස් මාර්ගය දිගෙ ඇවිදගෙන ආවා. ගෙදරට යන එන හරස් මාර්ගයෙ මම කවදත් ඇවිද්දෙ බිම බලාගෙන. එවිට මිනිස්සු මාව දැකලා මුහුණ වල ඇදගන්න පහත් හැගීම් මට පේන්නෙ නෑ. ඒක හරියට උගුරට හොරා බේත් බොනව වගේ. මිනිස්සු මං ගැන හිතන විදිය දැන දැනම මම බොරුවට හිත රවට්ටගන්නවා. ඒත් ඒකත් එක්තරා විදියකට මට සැනසීමක්.

බිම බලාගෙනම ඉස්සරහට අඩි තිබ්බ මම නතර වුනෙ මා පසු කරමින් පැමිණි මෝටර් රථයේ නළා හඬට. මම පිටුපස හැරුනෙ කරදකාරී හැගීමකින්. ඒත් ඒක්කම මගේ ඇස් ලොකු වුණා.

" ආගත් සර් ! "

මෝටර් රථයට හේත්තු වෙලා වුන්න ආගත් සර් අවුකණ්නාඩිය ගලවා මෝටර් රථය තුලටම විසි කලෙ මම තවත් ඔහුව හදුනාගත නොහැකි සේ පුදුමයෙන් බලන් ඉද්දි. පියවි සිහියට ආව මොහොතෙම මම ඔහු වෙත දිව ගියා.

" ගුඩ් මෝනින් සර්....

සර් මොනවද මෙහෙ කරන්නේ....

පොඩ්ඩක් ඉන්න....

අද  කොන්ෆ්‍රන්ස් එකක් ද....

අනේ දෙවියනේ මට කොහොමද අමතක වුනේ......

එහෙම නැත්නම් අද වර්ක්ශොප් එකක් තියෙනව ද....

ඒත් ඊයේ චෙක් කරද්දි ශෙඩූල් එකේ එහෙම ස්පෙෂල් මුකුත් තිබුනෙ නෑ නේ....

අනේ සොරි සර්.....

අපි දැනටමත් ලේට් වෙලා ද......

එහෙනම් අපි ඉක්මනට යමු......  "

මම කියවගෙන ගියෙ වේගයෙන්. හුස්මක්වත් නොගෙන මම කටට එන හැම වචනයක්ම කියවගෙන යන දිහා ආගත් සර් අත් දෙකත් බැදගෙන බලන් වුන්නා. මගේ අතින් ලොකු අතපසු වීමක් සිදුව ඇති බව මම ඒ නිසොල්මන් මුහුණෙන් තේරුම්ගත්තා. ආගත් සර්ගෙන් පාර මැද බැනුම් අහන්න වෙයි කියන බයට මම හැදුවෙ ඉක්මනින්ම මෝටර් රථයට නගින්න. ඉදිරිපස අනෙක් අසුන වෙත යන්න ගිය මාව ආගත් සර් ඇදලා ගත්තෙ මගේ දකුණු අත් බාහුවෙන් අල්ලලා.

ඔහු වෙත ඇදිලා ආව මම ඒ ඇස් දිහා බැලුවෙ පුදුමයෙන්. ඔහුගෙ දිලිසෙන කළු ඇස් මගේ ඇස් හා තත්පර ගානක් යා වෙලා තියෙන්න ඇති. තත්පර කිහිපයකින්ම  මම බැල්ම පහතට හරවාගත්තෙ ඔහුගෙ ඇස් වලින් මට දැනෙන අමුතු හැගීම දරාගන්න බැරි තැන. ඊටත් වඩා මම බය වුණා.. ඔහු මගේ ඇස් කියවාවි කියලා. එහෙම වුනොත් ඔහු දැනගනිවි මගේ හැගීම් ගැන.

" ඔයා ගුඩ් මෝනින් කිවුවට පස්සෙ අනිත් කෙනාටත් අවස්ථාවක් දෙන්න...

පිස්සුවෙන් වගේ කියවගෙන යන්නෙ නැතුව.... "

මගේ අත් බාහුව අතෑරපු ඔහු එහෙම කිවුවේ මට හීනියට රවමින්.

" ඒත් සර් කාටවත් ගුඩ් මොනින් කියන්නෙ නෑ නේ..... එහෙම නේද.... "

" ඔයා කොහොමද කියන්නෙ මම එහෙම කරන්නෙ නෑ කියලා.... "

මෝටර් රථයට හේත්තු වෙලා අත් බැදගත්ත ආගත් සර් කතා කලෙ සුපුරුදු ආඩම්බරයෙන්.

" සර් මීට කලින් කවදාවත් කාටවත් ගුඩ් මෝනින් කියලා නෑ නේ.....

ඉතිං මම දන්නවා... සර් එහෙම කරන්නෙ නෑ......

ඇත්තටම මම විතරක් නෙමේ ඒ ගැන මුලු ඔෆිස් එකම දන්නවා..... "

" ඔෆිස් එකේ අය මොනවද කියන්නේ.... "

ආගත් සර් ඇහුවෙ කුතුහලයකින්මත් නොවන ඒත් කුතුහලය මිශ්‍ර වුන හැගීමකින්.

" අහ් මේ.... එයාලා නම් කියනවා... සර් ආඩම්බරයි ලු කාවවත් ගණන් ගන්නෙ නෑ ලු.... ඒ නිසා ලු සර් කාටවත් ගුඩ් මෝනින් කියන්නෙ නැත්තෙ....

ඒ වගේම තවත් කතාවක් තියෙනවා ඉතිං...... "

" මොකක්ද ඒ...... ? "

ආගත් සර් ඇහුවෙ උනන්දුවෙන්.

" මේ....... එක්කො ඕනෙ නෑ.....

අපි යමු ද සර්...... "

" නෑ...... මට ඒක දැනගන්න ඕනේ....

මොනවද එයාලා කියන්නෙ..... "

" එයාලා කියනවා....

සර්ගෙ දිවේ ප්‍රශ්නයක් තියෙනව ලු..... ඒකලු සර්ට ගුඩ් මෝනින් කියන්න අමාරු....

මම නම් ඉතිං එයාලට කිවුවා එහෙම කියන්න එපා.....

මොනව වුනත් සර්රුත් මනුස්සයෙක් නෙ කියලා.... "

කාර්යාලයේ ආගත් සර් ගැන කතා වෙන ඇත්ත දැනගත්තට පස්සෙ නම් ඔහුගෙ රැස් ටිකක් අඩු වුණා වගේ. ඔහු ගැන කාර්යාලයෙ අය ඉහළින් කතා වෙනවා ඇති කියලා හිතාගෙන වුන්න ආගත් සර්ගෙ මූණ කලු වෙනව මම බලාගෙන. ඔහු පුංචි කරලා  නලලත පිරිමදිද්දි මම හිනාව සඟවගත්තෙ අපහසුවෙන්.

" කවුද කියන්නෙ මට බෑ කියලා.....

ඔයා මට ආයෙත් ගුඩ් මෝනින් කියන්න... "

" ආයෙත් කියන්න බෑ... සර්... මම කලිනුත් කිවුව නේ....... "

මම එහෙම කියද්දි ආගත් සර් මගේ දිහා බැලුවෙ සීතල රැවිල්ලකින්.

" හරි හරි ඉතිං......

ගුඩ් මෝනින් සර්.... "

" ගුඩ් මෝනින් සිනුදි..... "

පපුව ඉස්සරහට කරලා කෙලින් හිටගෙන කට උල් කරලා ආගත් සර් ගුඩ් මෝනින් කියද්දි මගේ කට ඇරුනෙ මටත් නොදැනිම. ගුඩ් මෝනින් කියන වචනෙත් ඔහු කිවුවේ පුදුම තරම් මවාගත්ත ආඩම්බරයකින්. තොල් සපාගෙන මම ඉක්මනින්ම සිනහව පාලනය කරගත්තේ ඔහු දකින්න කලින්.

" ගුඩ් මෝනින් සර්..... "

" ගුඩ් මෝනින් සිනුදි..... "

වෙන කියන්න දෙයක් නැති තැන මම ආයෙත් ගුඩ් මෝනින් කිවුවා. ඒත් නැවතත් ආගත් සර්ගෙන් පෙරලා සුභ පැතුම් මම බලාපොරොත්තු වුනෙ නෑ.

" ගුඩ් මෝනින් සර්..... "

" ගුඩ් මෝනින් සිනුදි..... "

" ඕක නවත්තන්න කෝ.....

මට පිස්සු වගේ....

හරි... හරි

සර්ට ගුඩ් මෝනින් කියන්න පුලුවන් මට තේරෙනවා...

අපි දැන් යමු ද සර්... ප්ලීස්...."

ගුඩ් මෝනින් කියන වචන දෙක නිසා මට මේ තරම් ලොකු අවුලක් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ. මෝටර් රථය ටික දුරක් එනකනුත් මං ආගත් සර්ගෙ මුහුණ නොබලා ඉන්න පරිස්සම් වුණා. ඒ සර් ආයෙත් ගුඩ් මෝනින් කියන්න පටන් ගත්තොත් කියන බයට.

" සර් ඇයි අද අපේ පාරට ආවේ.... "

තරමක් දුර ආවට පස්සෙ මම ඇහුවෙ අපි අතර තිබුණු නිහඬබව බිදින්න. ඒ ප්‍රශ්නෙට නම් ආගත් සර් තරමක් කලබල වුණා.

" අහ් මේ.....

සිනුදි ඔයා කොහෙන්ද අර ලැවැන්ඩර් මල් අරගෙන එන්නෙ....

මට ඒ ශොප් එකට යන්න ඕනා..... "

ආගත් සර්ගෙ ඒ උත්තරෙන් නම් මට හිතුනෙ හේතුවක් නැති තැන මොකක් හරි හේතුවක් සර් හදාගත්තා කියලා.

" ඉතිං සර් කෝල් කරලා කිවුවා නම් මම අරන් එනව නේ..... "

" එහෙම බෑ.....

මොකද මටම සිලෙක්ට් කරන්න ඕනේ.... "

" එහෙනම් යමුකෝ....

මම පාර කියන්නම්..... "

ලැවැන්ඩර් මල් සාමාන්‍යයෙන් හැමතැනම ගන්න නෑ. මම මේ තැන හොයා ගත්තෙත් ලැවැන්ඩර් මල් වලට තිබුණු ආසාව නිසාමයි.

සුපුරුදු මල් කඩය අසලින් මෝටර් රථය නැවතු අපි ඒ තුළට ගියෙ මල් සුවඳ විදිමින්.

" අර තියෙන්නෙ....! "

ඉතුරු වෙලා තිබුණු ලැවැන්ඩර් පොකුරු කිහිපය වෙත අත දිගු කරලා පෙන්නපු මම ඊළග තත්පරයෙම ඒ වෙත දිව ගියා. කලිසම් සාක්කුවට අත ඔබාගෙනම ආගත් සර් මගේ පිටුපසින් ආවේ මම ලැවැන්ඩර් මල් පොකුරක් අතට ගද්දි. පුරුද්දට වගේ අදත් මම ලැවැන්ඩර් මල් අතරින්  නාස් පුඩු ගෙන ගියෙ ඒ සුවදින් මගේ අතීතයෙ සුවඳ විදිමින්.

" සාමාන්‍යයෙන් පිරිමි ළමයි මල් වලට කැමති නෑ නේ.....

ඉතිං සර් මල් ගෙනියන්න හිතුවේ... ගෑණු ළමයෙක්ට ද.... "

ලැවැන්ඩර් මල් පොකුරක් ඔහුගෙ අත උඩින් තියපු මම එහෙම ඇහුවෙ හිත ඇතුලෙන් ඒ ලැබෙන පිළිතුර ගැන බය වෙවි. සර් ගෑණු ළමයෙකුට මල් ගෙනියනව කියලා කිවුවොත් මට මාව පාලනය කරගන්න බැරි වෙයි කියලා මම බය වුණා.

මගේ මූණට එබුනු ආගත් සර් වචන මිමිණුවෙ මට විතරක් ඇහෙන තරම් සෙමින්.

" කවුද කියන්නෙ පිරිමි ළමයි මල් වලට කැමති නෑ කියලා......

ඇස් ඉස්සරහ ලස්සන මලක් තියෙද්දි ඕනම කෙනෙක් වශී වෙනවා..... "

මගේ ඇස් දිහාම බලාගෙන ආගත් සර් මොනවදෝ කියවද්දි මම උන්නෙ වෙනම ලෝකේක. ඔව්.. මම ඒ කලුපාට දිලිසෙන ඇස් අස්සෙ අතරමන් වුණා.

" ඔයාලා බොකේ දෙකම ගන්නවද....."

මල් කඩයේ සේවිකාවක් අපි ලගට ඇවිත් කතා කරද්දි අපි දෙන්නම පියවි සිහියට ආවේ. මගේ මුහුණට එබිගෙන වුන්න ආගත් සර් ඉක්මනින්ම ඈත් වුණා.

" ඔ... ඔව්....

අපි දෙකම ගන්නවා..... "

කතා කරගන්න පුලුවන් වුන පළවෙනි තත්පරයෙම මම ඇයට පිළිතුරු දුන්නා.

" සමාවෙන්න එහෙම ඇහුවට...

මොකද අර මිස්ටත් ලැවැන්ඩර් බොකේහ් එකක් ඕන වෙලා.....

ඔයාලා දෙකම ගන්නව නම් ප්‍රශ්නයක් නෑ....

මම ඒ මිස්ට කියන්නම්.... "

එහෙම කියලා යන්න හදපු සේව්කාව නතර වුනෙ ආගත් සර්ගෙ වචනෙට.

" ඔහොම ඉන්න.....

අපිට බොකේ දෙකම ඕනෙ නෑ...... "

මගේ අතේ තිබුණු ලැවැන්ඩර් මල් පොකුර උදුරගත්ත ආගත් සර් ඒ පොකුර සේවිකාවට බාර දුන්නා. මට දැනුනෙ තරහක්. ඔහු ලගත් මල් පොකුරක් තියාගෙන ඔහු මගේ මල් පොකුර බලහත්කාරයෙන්ම වෙන කෙනෙකුට දුන්නා. ඉතිං මූණ නරක් කරගත්ත මම ආගත් සර් දිහා බැලුවෙ රවාගෙන.

" ඇයි එහෙම කලේ.......

ඒ මගේ මල් බොකේ එක.... "

තරහටත් වඩා ඒ කරපු දේ ගැන මට දුක හිතුනා. මොකද මම ඒ මල් පොකුර තෝරගත්තෙ ඔහු වෙනුවෙන්.

" ඔයා ඒක ගත්තෙ මට නේ.....

එහෙම නේද.... "

" නෑ.... සර්ට නෙමේ.....

සර්ගෙ ඔෆිස් එකට..... "

වෙනතක් බලාගෙන මම කිවුවේ හිතට එකඟ නැති බොරුවක්.

" එහෙනම් ප්‍රශ්නෙ ඉවරයි.....

මගේ කැබින් එකට මල් බොකේ දෙකක් ඕනෙ නෑ නේ..... "

" ඒ කියන්නෙ..... සර් මල් ගත්තෙත් ඔෆිස් එකට ද...... "

කට කොනකට මවාගත්ත හිනාවකින් ඔහු ඔහුගෙ ලග තිබුණු මල් පොකුර මගේ අත උඩින් තිබ්බා.

" උත්තර දෙන්නම ඕන ද.....?

නෑ නේ..... "

ඒ මුහුණ මත ඇදිලා මැකිලා ගියෙ මම ආස කරන ඒ දඟකාර හිනාව. ඒ හිනාව ඉස්සරහ මම මොහොතකට ගල් වුණා.

කට කොනකට මවාගත්ත හිනාවකින් ආගත් සර් කවුන්ටරය වෙත ගියෙ මම තවමත් ගල් වෙලා ඉද්දි.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter