Back
/ 43
Chapter 24

Chapter 24

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  විසි හතර වැනි කොටස 🌙

................................................................

" උත්තර දෙන්නම ඕන ද.....?

නෑ නේ..... "

ඒ මුහුණ මත ඇදිලා මැකිලා ගියෙ මම ආස කරන ඒ දඟකාර හිනාව. ඒ හිනාව ඉස්සරහ මම මොහොතකට ගල් වුණා.

කට කොනකට මවාගත්ත හිනාවකින් ආගත් සර් කවුන්ටරය වෙත ගියෙ මම තවමත් ගල් වෙලා ඉද්දි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මමත් හිමාෂත් ආපනශාලාවට ආවේ දහවල් ආහාරයට. මම අත සෝදන අතරෙ හිමාෂා අපි දෙන්නගෙම කෑම පෙට්ටි ඉවතට ගත්තා.

" උඹට මේ දවස් වල බඩගිනි වගේ නේද.... "

නිකටට අතත් තියාගෙන හිමාෂා එහෙම අහද්දි මම කෑම මේසය මතට අවදානය යොමු කලෙ. එහි කෑම පෙට්ටි දෙකක් වෙනුවට තුනක්ම තිබුණා.

" මොකද මේ ලන්ච් බොක්ස් දෙකක්....

තව කාට හරි එක්කද කෑම ගෙනාවේ.... "

අත් පිසලමින්ම මම කෑම මේසයෙ පුටුවට බර වුනෙ හිමාෂාට විහිලුවක් කරගෙන.

" ඒක මම උඹෙන් අහන්න ඕනේ සිනුදි...... "

කෑම පෙට්ටි දෙකක්ම මගේ ලගට කරපු හිමාෂා මගේ ඇනුම්පදය මටම හරවලා එව්වා.

උදේ අම්මා දුන්න බෑග් එක උස්සගෙන ආවට තියෙන කෑම මොනවද කියලවත් මම දැනගෙන වුන්නෙ නෑ. අම්මට වැරදෙන්න ඇති කියලා හිතුවත් ඒ මොහොතෙ අම්මගෙ අංකයෙන් ලැබුණු කෙටි පණිවිඩය මගේ ඒ සිතුවිල්ල වෙනස් කලා.

" සිනුදි ඔයාට ලන්ච් බොක්ස් දෙකක් වැඩි නම් එකක් ඔයාගෙ බොස්ට දෙන්න...

ගුඩ් ලක්..... "

අම්මගෙන් ලැබුණු කෙටි පණිවිඩය කියවූ මා හිසට අත තියාගත්තා. අම්මා තවමත් මාව මගේ බොස්ට ලං කරන සිතුවිල්ල නැති කරගෙන නෑ. ගෙවුන දින කිහිපයෙදි ද ඇය ඒ සඳහා විවිධාකාර උපාය මාර්ග බාවිතා කලා. අද කෑම පෙට්ටි සෙල්ලමක් පටන් අරන්.

" මොකද උනේ සිනුදි..... ප්‍රශ්නයක් ද.... "

ඔලුවට අතත් තියාගෙන දුරකථන තිරය දෙස බලාගෙන උන්න මගෙන් හිමාෂා ඇහුවෙ කුතුහලයෙන්. මම මුකුත්ම නොකියා ඇයට කෙටි පණිවිඩය කියවන්න දුන්නා.

" මොකක්ද සිනුදි මේ වෙන්නෙ.....

ආන්ටිගෙන් මෙච්චර ලොකු වෙනසක්.... හිතාගන්නත් බෑ..... "

හිමාෂා කතා කලෙ ඇසුත් ලොකු කරගෙන.

" කිසිම වෙනසක් නෑ.... අම්මා උන්න විදියමයි..... එයාට දැන් ඕනේ මාව ආගත් සර්ට ලං කරන්න.....

මොකද අපේ බොස් මේ පලාතෙ ලොකු සල්ලිකාරයෙක් නේ.....

ඉතිං මගේ අම්මට ආගත් සර් වගේ කස්ටමර් කෙනෙක් ලේසියෙන් අතාරින්න බෑ..... "

මම කලකිරිමක් එක්ක කතා කරද්දි හිමාෂා ඒ හැමදේම නිහඩව අහගෙන වුන්නා. ඒත් අන්තිම මොහොතෙ හිර කරගෙන වුන්න හිනාවක් හිමාෂාගෙ මුවින් පැන්නෙ ඉබේටම.

" මොකද ආ.... "

" නෑ මම මේ බැලුවෙ..... කවදා ඉදන් ද ආන්ටි මගේ පැත්ත ගත්තෙ කියලා.....  "

" මොකක්ද ඒ කියන්නෙ..... "

" ඒක උඹට වැඩක් නෑ.....

ඒක නෙමේ සිනුදි මට තිබුණු බඩගින්න නැති වුණා....

වැඩ වගේකුත් මතක් වුණා....

මේ.... මම පස්සේ කෑව නම් හරි වගේ...... "

" අනේ හිමා.... අපි දෙන්න නෙ හැමදාම ලන්ච් ගන්නෙ.....

ප්ලීස් කාලා යමුකෝ...... "

මම අඩන්න වගේ මූණ හදාගත්තෙ නැගිටලා යන්න හදපු හිමාෂව කොහොම හරි නවත්තගන්න.

" ඉතිං අද වෙනසක් කරන්නකෝ.... "

කෑම පෙට්ටි බහාලු බෑග් එක වමතින් ගත්ත හිමාෂා මාවත් ඇදගෙන ආවේ ආගත් සර්ගෙ කාර්යාල කාමරයට වෙත. ප්‍රධාන දොර ඉස්සරහ නතර වුන හිමාෂා මගේ අතට බෑග් එක දුන්නා.  හිමාෂාගෙ ඇස් වල තිබුණු කතාව තේරුම්ගත්ත මම ඇස් ලොකු කරගත්‍තා.

" පිස්සු හැදිල ද.....

ඒක නම් කීයටවත් කරන්න බෑ..... "

මට කියලා කට ගන්න ලැබුනෙත් නෑ හිමාෂා හිමිට දොර ඇරලා මාව කාර්යාල කාමරය තුළට තල්ලු කලා. මහපට ඇගිල්ල උස්සලා මට සුභ පැතුම් එක් කල හිමාෂා දොර වැහුවට පස්සෙ මම ආගත් සර් වෙත හැරුනෙ තරමක ගැස්මකින්.

දොරට පිටුපා සිටගෙන වුන්න ඔහු දුරකථන සංවාදයක නියැලෙමින් වුන්නා. ඒ නිසාම අවසර නොගෙන මා කාමරයට ඇතුලු වූ බව ඔහු දැනගෙන වුන්නෙ නෑ.

" නෑ රෙහාන්....

හත් වෙනිදා ඉවෙන්ට් එක ඉවර වුණාට පස්සෙ මම හැම ඇත්තක්ම එයාට කියනවා......

ඊට පස්සේ බලමු මොකද වෙන්නෙ කියලා.....

සමහරවිට එයා තේරුම්ගනි... සමහරවිට එයා මට අවස්ථාවක් දෙන එකක් නෑ.....

ඒ මොනව වුනත් මම ඇත්ත කියනවා...

මොකද මම කැමති නෑ අපි දෙන්නා අතර ඒ වගේ හිඩැසක් තියාගෙන ඊළග ලෙවල් එකට යන්න....

අනිත් එක එයාට තාම මාව අදුරගන්න බැරි වුණා......

එයා මට අවස්ථාවක් දුන්නෙ නැත්නම්....

එයාට අමතක දේවල් මම මතක් කරන්න යන්නෙත් නෑ...... "

ආගත් සර්ගෙ සංවාදය මට ඇහුනත් ඒ කියපු කිසිම දෙයක් මගේ මතකය තුළ ගබඩා වුනෙ නෑ. මොකද ඒ වෙලාවේ මම වුන්නෙ නොතෙරෙන අමුතුම හැගීමක තනි වෙලා. හිත කෝලයි, වෙලාවකට ව්‍යාකූලයි තවත් මොහොතකට හදවතෙ ගැස්ම උපරිමයි. ආගත් සර්ට කතා කරන්න බැරි තරමටම හිත ගැස්සිලා. ඉතිං මම කෑම පෙට්ටිය ආගත් සර්ගෙ අමතර මේසය මතින් තියලා ඉක්මනින්ම කාර්යාල කාමරයෙන් පිටතට ආවා.

ඔහුගෙ කාර්යාල කාමරයෙන් පිටතට විත් ඇස් දෙකත් වහගෙන වේගයෙන් කිහිප වරක්ම හුස්ම ගත්ත මම හිතෙ තිබුණු ගැස්ම නැති කරගෙන මගේ කාර්යාලයට ආවෙ මුකුත් නොවුන ගානට. හිමාෂාත් අනෙක් මිතුරනුත් ආපනශාලාව වෙත ගිහින් තිබුණු නිසා කාර්යාලයේ උන්නෙ මම විතරයි.

මේසය මතින් තත්පරයකට හිස හොවාගත්තා විතරයි කාර්යාල දුරකථනය නාද වන්නට වුණා. ආගත් සර්ගෙන් ඇමතුම ලැබෙද්දි මම ගැස්සුනෙ අහේතුකවම.

" කැබින් එකට එන්න..... "

ආගත් සර්ගෙන් ලැබුණු කැදවීමත් එක්ක මම ඔහුගෙ කාර්යාල කාමරයට ඇතුලු වුනෙ මෙවර නම් අවසර අරගෙන.

ලිපිගොනු කිහිපයක් දිගහැරගෙන උන්න ඔහු මා පැමිණි බව දුටු මොහොතෙ ඒ සියල්ල පසෙකලා මා වෙතට අඩි තිබ්බා.

ඔහු අත් දෙකත් බැදගෙන මගේ ඉස්සරහ හිටගද්දි මම බැල්ම පහතට හරවාගත්තා. ඒ ඇස් දිහා කෙලින් බැලුවොත් මම ආයෙත් ඒ ඇස් අස්සෙ අතරමං වෙයි කියලා මට බය හිතුනා.

"  සිනුදි ලන්ච් ගත්ත ද..... "

මම නෑ කියන්න ඔලුව හෙල්ලුවෙ බිම බලාගෙනම.

" ඒක හොදයි......

මොකද මට තනියම ලන්ච් අරගෙන පුරුද්දක් නෑ......

රෙහානුත් නැති නිසා මම කල්පනා කලෙ ඔයත් එක්ක ලන්ච් ගන්න...

ඔයාට ඒක ප්‍රශ්නයක් නෑ නේ.... "

මම ඔලුව උස්සලා බැලුවෙ පුදුමයෙන්. මම එයට කැමති ද අකමැති ද කියලා කියන්නත් කලින් ආගත් සර් කාර්යාල කාමරයෙ වූ සෝෆාවට බර වුණා. ඒ මේසය මත තිබුනෙ මම ගෙනිවිත් තියපු බෑග් එක.

ආගත් සර් ඇවිත් ඉදගන්න කියලා සංඥා කරද්දි වෙන්න යන්නෙ මොකක්ද කියන දේ ගැන මුකුත්ම මට හිතාගන්න බැරි වුණා. මම බොරු හිනාවකින් මූණ සරසගෙන සෝෆාවට වැටුණා.

" කන්න සිනුදි ලැජ්ජා වෙන්න එපා.... "

ආගත් සර් එයා ගෙනාව කෑම වගේ එක කෑම පෙට්ටියක් මගේ පැත්තට තල්ලු කරද්දි මගේ ඔලුව හොදටම අවුල් වුණා. මේ කෑම ගෙනාවේ මම කියලා සර් දැනගෙන මෙහෙම හැසිරෙනවද නොදැන හැසිරෙනවද කියලා මට හිතාගන්න බැරි තරමටම ආගත් සර්ගෙ හැසිරීම මාව පිස්සුවට්ටලා තිබුණා.

" ඔයා කන්නෙ නැද්ද....

ප්ලීස් පොඩ්ඩක් හරි කන්න.... මොකද මම කැමති නෑ කෑම නාස්ති කරනවට....

අනික බය වෙන්න එපා.... ඕවා මම ගෙදරින් ගෙනාවේ... කඩේ කෑම නෙමේ.... "

" අහ්.... මොකක්ද.... ?? "

ආගත් සර් කියපු ඒ පොළව පැලෙන බොරුවට නම් මගේ හුස්මත් හිර වුණා වගේ. ඊළගට දත් තිස්දෙකම පෙන්නලා අමුතු විදියට හිනා වුන ආගත් සර් කන්න පටන්ගත්තා.

ඔහුගෙ බලකිරිල්ල නිසාම හැදි දෙක තුනක් ගිල ගත්තත් මම උන්නෙ හොදටම අවුල් වෙලා. ආගත් සර්ගෙ හැසිරීම හරිම අමුතුයි.

" රසයි ද....?? "

" මෝ.... මොකක්ද.... ? "

කෑම එක ඉවර කරපු ආගත් සර් එහෙම අහද්දි මම තවත් පුදුම වුණා. මගේ ගෙදරින් ගෙනාව කෑම එක රසයි ද කියලා මගෙන්ම අහන මනුස්සයෙක්ව මම දැක්කෙ ජීවිතෙ පළවෙනි වතාවට. ඒ ප්‍රශ්නෙ හරි නම් මම නෙමේ ද අහන්න ඕනේ....

" මම ඇහුවෙ කෑම හොදයි ද කියලා සිනුදි....... "

" අහ්... මේ...... ඔව් සර්.... ගොඩක් රසයි....

සර් ද හැදුවේ....... "

සර්ගෙ විකාර හැසිරීමට පිළිතුරු විදියට මමත් ඇහුවෙ හෙන මෝඩ ප්‍රශ්නයක්.

" ඔයා කොහොමද හරියටම කිවුවේ... මේ කෑම හැදුවෙ මම කියලා...."

" අහ්..!!!

එතකොට සර් ද මේ කෑම ඇත්තටම හැදුවේ...... "

" ඔව්....... "

ආගත් සර්ගෙ ඒ කතාවට නම් මට කොහෙදෝ තිබුණු කැස්සකුත් ආවා....

" වතුර ඕන ද....... "

ආගත් සර් වතුර වීදුරුවක් මා වෙත දිගු කලෙ එහෙම කියාගෙන. ඒ වතුර වීදුරුව උදුරගත්ත මම එය එක හුස්මට බීගෙන ගියා.

" තැන්ක් යූ සර්...... "

ආගත් සරසර්ගෙ මුවග ඇදිලා තිබුනෙ උපහසාත්මක සිනහවක්. අත සෝදාගත් ඔහු නැවතත් ඔහුගෙ මේසය වෙත ගියෙ කට කොනකට මවාගත්ත ඒ හිනාවෙන්. ආගත් සර්ගෙ කාර්යාල කාමරය තුල තිබුණු නාන කාමරයෙන් අත හෝදගත්ත මමත් මේසය පිරිසිදු කරලා එලියට යන්න ලෑස්ති වුණා. කෑම පෙට්ටි මගේ උනත් මෙතන සිද්ද වුන නාඩගමත් එක්ක ඒවා අරගෙන යන්නත් මට බෑ. ඉතිං ඒවා බෑග් එකටම අසුරලා ඒ බෑග් එක අමතර මේසය මතින් තියපු මම පිටතට නොගිහින් නතර වුනෙ ආගත් සර්ගෙ හඬට.

" සිනුදි.....

ලන්ච් බොක්ස් අරන් යන්න....

හෙට එද්දි නූඩ්ල්ස් අරන් එන්න...

මොකද මම කැමති නූඩ්ල්ස් වලට... "

ඒ වචන ටික ඉක්මනින් කියලා දැම්ම ආගත් සර් මුකුත් නොවුන ගානට බැල්ම ලිපිගොනු මත නවත්තගත්තා.

හෙට එද්දි නූඩ්ල්ස් අරන් එන්න... ඒ වචන මගේ දෙසවන් අතර දෝංකාර දෙද්දි මම උන්නෙ පියවි සිහියෙන් නෙමේ. ඒ කියන්නෙ සර්ට හෙටත් මාත් එක්ක කෑම ගන්න ඕන වෙලා ද....

පියවි සිහියට ආව තත්පරයෙම මම රතු වුණ මුහුණ හංගගෙනම  කාර්යාල කාමරයෙන් පිටතට දිවුවා.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter