Back
/ 43
Chapter 38

Chapter 38

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  තිස් අට වැනි කොටස 🌙

................................................................

සාප්පු සංකීර්ණයෙන් එළියට ඇවිත් ඒ ආවේගයෙන්ම බොහෝ දුරක් පයින්ම ආවට පස්සෙයි මම හුස්මක් ගත්තෙ. සමබරතාවය ගිලි හී දෙපා අප්‍රාණික වෙන මොහොතෙ මම අසල තිබුණු පහන් කණුවකට හේත්තු වුණා.

තවත් නම් කදුළු පාලනය කරගෙන ඉන්න ශක්තියක් මට තිබුනෙ නෑ...

මහ පාරේ දෙනෝදාහක් සෙනඟ මැද ඉන්න බවත් අමතක කරලා පහන් කණුවට බර වීගෙනම මම අඬන්න පටන් ගත්තා. මහා වැස්සක් වගේ මම හොදටෝම ඇඬුවා..

පාරෙ යන එන කිසිවෙකුත් ගැන මට වගක් තිබුනෙ නෑ...

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" තව දවස් දහයයි...!! "

වීපි සර්ව අන්තිමට හමු වූ දිනයෙ පටන් හැම අලුත් දවසකම ඔහුගෙන් ලැබුනු අනතුරු ඇගවීමට සමාන කෙටි පණිවිඩය අදත් මා මහත් පිළිකුලකින් යුතුව කිය වූවා.

වීපි සර්ගෙත් යුමේෂාගෙත් විවාහ දිනයට තවත් තිබුනෙ දින දහයක් විතරයි.

මේ ප්‍රශ්නය නිසා මගේ ඔලුවත් විකාර වෙලා. මම සෝෆාවට හිස බර කරගෙන කල්පනාවකට වැටුනෙ ආගත් සර් නොකියාම පිටතට ගියාට පස්සෙ.

ආගත් සර් නිවසින් පිට වී ගත වුනෙ විනාඩි කිහිපයයි. මට ඇමතුමක් ලැබුනෙ අයිෂාගෙන්.

" ඔයා කොහෙද ඉන්නෙ.... "

ඇමතුමට සම්බන්ධ වූ තත්පරයෙම අයිෂා කියවගෙන ගියා.

" ගෙදර.. "

" එහෙනම් ඇවිත් දොර අරින්න.... "

එපමණක් කියු ඇය ඇමතුම විසන්ධි කරද්දි නිතරගයෙන්ම මගේ බැල්ම නතර වුනෙ දොර මත.

මම දොර වෙත ගියෙ ඉක්මනින්.

" ආගත් දැන්මම එන එකක් නෑ නේද... "

නිවස තුළට පැමිණි අයිෂා සෝෆාවට බර වුනෙ එහෙම කියාගෙන.

" ඒක හරියටම කියන්න බෑ....

ආගත් සර් මේ දවස් වල කීයටද එනවද කීයට යනවද කියලා මං හරියටම දන්නෙ නෑ...... "

මම කතා කලෙ කලකිරිමකින්. අයිෂා මොහොතක් මගේ කලකිරුනු මුහුණ මත ඇස් නතර කරගෙන වුන්නා. ඇයගෙ බැල්ම නිසා මට දැනුනෙ අපහසුවක්..

" ගෑණියෙක්ට ජීවත් වෙන්න පිරිමියෙක් ඕනෙම නෑ සිනුදි....

ඇයි ඔයා ඒක තේරුම්ගන්නෙ නැත්තෙ.... "

මම ඇස් උස්සලා බැලුවෙ අයිෂාගෙ ඒ අමුතු කතාවට.

" ඔයා මාව තේරුම් අරන් ඉන්නෙ මොන විදියටද කියන්න මම දන්නෙ නෑ අයිෂා....

ඒත් ඔයා හරි...

ගෑණියෙක්ට ජීවත් වෙන්න පිරිමියෙක් ඕනෙ නෑ....

මටත් ඕනෙ නෑ..... "

" එහෙනම් ආගත්ව අතාරින්න.....!!

එයාගෙ ජීවිතෙත් ඈතට යන්න....

ඔයා නිසයි මේ හැම ප්‍රශ්නයක්ම සිනුදි.....

ඔයයි විහානුයි ගැන හැම දෙයක්ම මම දැනගත්තා.....

මට ඔයා ගැන දුකයි සිනුදි....

ඇත්තටම දුකයි....

ඒත්....

ඔයාලගෙ ප්‍රශ්න වලට ඇයි යුමීගෙ ජීවිතෙ විනාශ කරන්න හදන්නේ..

ඒක හරි දෙයක් ද සිනුදි..... "

අයිෂා එහෙම කියවගෙන යද්දි මගේ ඇස් ලොකු වුණා.

" මට යුමීගෙ ජීවිතෙ විනාශ කරන්න ඕනෙ නෑ අයිෂා....

මටත් ඕනෙ එයාව බේරගන්න.... "

" නෑ... සිනුදි නෑ....

ඔයා එහෙම කරනවා....

ඔයා මොන තරම් ආත්මාර්ථකාමි ද....

ඔයාගෙ සතුට වෙනුවෙන්...

ඔයා හදන්නෙ යුමීව බිලි දෙන්න....

එහෙම නේද.... "

" නෑහ්!!!!

මොනවද මේ ඔයා කියවන්නෙ අයිෂා.... "

මම නැගිට ගත්තෙ අයිෂාගෙ වචන තව දුරටත් දරාගන්න බැරි තැන.

" ඔයාගෙ කෑගැහිල්ලට මම බය නෑ සිනුදි.....! "

අයිෂා මට ලං වුනෙ තරහින් ඇස් ලොකු කරගෙන. ඇය මගේ දෙවුරෙන් අල්ල ගත්තා.

" ඔයා හොදටම දන්නවා...

විහාන් මේ දේවල් කරන්නෙ ඔයා නිසා කියලා...

ඔයා ආගත්ගෙ ජීවිතෙන් ඈත් වුනොත් විහාන් මේ හැම දෙයක්ම නතර කරනවා සිනුදි.....

එතකොට මේ ප්‍රශ්නෙ හොදම විදියට විසදෙයි....

ඔයා මං ගැන වැරදියට හිතන්න එපා....

මං ඔයාට කියන්නෙ ආයෙත් විහාන් ලගට යන්න කියලා නෙමේ සිනුදි...

ආගත්ගෙන් ඈත් වෙන්න කියලා විතරයි.... "

මගේ  දෙවුරෙන් අතෑරලා බෑග් එක අතට ගත්ත ඇය යන්න හදලත් නතර වුනා. ඇය ආයෙත් වරක් මගේ ඉස්සරහ හිටගත්තෙ ඇස් වල කදුළු පුරෝගෙන.

" යුමී මට මගේම නංගි කෙනෙක් වගේ...

යුමීට වරදිනව දකින්න මම කැමති නෑ.....

මම ඔයා ගැන, විහාන් ගැන දන්න ඇත්ත එළි කරන්න මට අයිතියක් නෑ කියන එක මම දන්නවා....

මම එහෙම කරන්නෙත් නෑ.....

මොකද ඔයත් ගෑණු ළමයෙක්...

මට ඔයාව තේරුම්ගන්න පුලුවන් සිනුදි.....

ඒත් විහාන් ගැන දන්න ඇත්ත පුලුවන් විදියට යුමීට තේරුම් කරන්න මම උත්සහ කලා....

එයා පිලිගන්න ලෑස්ති නෑ සිනුදි....

ඒ නිසයි අද මේ වගේ ඉල්ලීමක් කරන්න මම ඔයාව හොයාගෙන ආවේ....

යුමීව විතරක් නෙමේ ආගත්වත් බේරගන්න සිනුදි.... "

අවසන් වචන ටික ආයාචනාත්මක ස්වරයෙන් කියපු ඇය පිටව යන දෙස මම හැගීමකින් තොරව  බලාගෙන වුන්නා. මම ගත කලෙ හුස්ම ගන්න පවා අමතක වුන මොහොතක්.

ඇය කියන ලෙසින් මට වෙනත් විසදුමක් ඇත්තෙම නැද්ද...

මම දෝතින්ම හිස බදාගෙන සෝෆාවට වැටුණා. හෝරාවකට ආසන්න කාලයක් මම පිස්සියක් වගේ වෙන්න පුලුවන් නරකම දේවල් ගැන කල්පනා කලා.

නෑ.... එහෙම වෙන්න දෙන්න බෑ...

මට තවත් එක විසදුමක් තියෙනවා..

මම සෝෆාවෙන් නැගිට ගත්තෙ මට ඒ වෙලාවේ ඉතුරු වෙලා තිබුන හොදම තීරණය අරගෙන. මම ලොකු හුස්මක් ඉහළට ඇදගත්තෙ මට ඒක කරන්න පුලුවන් කියන දැඩි විශ්වාසයත් එක්ක.

ඔව්... මට ඒක කරන්න පුලුවන්....

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ඒ දැඩි තීරණයෙන් පස්සෙ මම යුමේෂාව හමුවෙන්න ගියෙ ආත්ම විශ්වාසයකින්.

ඇයගෙ නිවසට යන විටත් ඇය උද්‍යානයට වී දුරකථන සංවාදයක නියැලෙමින් වුන්නා.

ඉක්මනින් ඇය වෙත ලං වූ මා ඇයගෙ අත අල්ල ගත්තෙ තදින්.

" යුමේෂා..... "

මගේ හඬෙහි වෙනසක් තේරිලාද කොහෙද යුමේෂා කලබලයෙන්ම ඇමතුම විසන්ධි කලා.

" මට කතා කරන්න ඕනේ....

තනියම...! "

තනියම යන වචනය මම බර කරලා කිවුවේ ඒ ළගම වුන්න මැඩම් දෙස ද හොරැහින් බලමින්.

" හරි... රූම් එකට යමු... "

මැඩම් දෙසත් බැලූ ඇය මට අවශ්‍යව ඇති දේ හරි ඉක්මනින් තේරුම් ගත්තා. මගේ අතින් අල්ලගෙන සුන්දරව සිනාසුන ඇය ඊළඟට මාව එක්කගෙන ආවේ ඇයගෙ කාමරයට. දොර වහලා දැම්ම ඇය මගේ පැත්තට හැරුනා.

" කියන්න සිනුදි....

ඇයි මේ ඔයා අමුතු වෙලා.... "

මම ලොකු හුස්මක් ගත්තෙ හිත ශක්තිමත් කර ගන්න.

හැම තත්පරයෙම ලෝකයෙන් හංග ගන්න උත්සහ කරපු මගේ අතීතය ගැන යුමේෂා ඉදිරියෙ හෙලි කරන්නයි මම තීරණය කරලා තිබුනේ. ඒත් ඒ මොහොත තත්පරයෙන් තත්පරේ ලං වෙද්දි මගේ හිත ආයෙත් දුර්වල වෙන්න පටන් අරන්. හිත හොදටෝම නොසන්සුන්. මට වචන පවා අමතක වෙලා.

ඒත් හිත තවදුරටත්  දුර්වල වෙන්න කලින් හැම දෙයක්ම යුමේෂාට කියන්න මට ඕන වුණා.

" මම කවුද කියලා ඔයා දන්නව ද.... "

මගේ ඒ ප්‍රශ්නෙට යුමේෂාගෙ මුහුණේ ඇදුනේ හිනාවක්.

" මොනාද අනේ මේ මෝඩ ප්‍රශ්න...

වෙන කවුද ඔයා සිනුදි නේ.....

මගේ අයියගෙ චුටි කාලෙ හොදම යාලුවා.......

ඇයි ඔයා එක පාරටම එහෙම දෙයක් ඇහුවෙ.... "

ඇය ඇහුවෙ කුතුහලයෙන්.

" වැරදි....

ඔයා මාව හරියටම දන්නෙ නෑ යුමේෂා....

ඕනෙ කෙනෙක්ට සල්ලි දිලා අර ගෙන සෙල්ලම් කරන්න  පුලුවන් ජාතියේ සෙල්ලම් බඩුවක් මම..... "

" මොනවද ඔයා මේ කියන්නෙ.....

අනික මට මොකටද ඕවා කියන්නෙ.... "

ඇය අඩියක් පස්සට තිබ්බෙ ඇස් ලොකු කරගෙන. මම ඇගේ දෙවුරෙන් අල්ලගෙන ඒ ඇස් වලට එබුනෙ හිත ගලක් කරගෙන.

" මොකද....

මාව සල්ලි දිලා ගත්ත මනුස්සයව තමයි ඔයා කසාද බදින්න යන්නෙ යුමේෂා....

ඔව්...

ඔයා ඉස්සරහ හිටගෙන ඉන්න මම තමයි විහාන් සදේෂ් පෙරේරාගෙ අනියම් පෙම්වතිය.... "

ඇය මගේ අත් ගසලා දැම්මෙ වේගයෙන්.

" ඕක නවත්තන්න....

විකාර කියවන්න එපා..... "

දෝතින්ම තම දෙසවන් වසා ගත් ඇය අඩියෙන් අඩිය පිටුපසට තල්ලු වී බිත්තියට හෙත්තු වුනා. ඒ ඇස් වල කදුළු නලියනවා මම බලාගෙන. ඒත් ඇය ඒ කදුළු මං ඉස්සරහ  වැටෙන්න නොදී පරිස්සම් කරගන්න තරම් ඇය  ශක්තිමත් වෙලා. ඒ ඇගේ ශක්තියද නැති නම් හිතුවක්කාරකම දැයි මට තේරුම් ගන්න පුලුවන් වුනෙ නෑ.

" ඇත්ත විකාරයක් වගේ පේන තරමටම ඔයා අන්ධ වෙලා යුමේෂා....

ඔයා ඇහුවා නේද අපි අතර තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා....

මේක තමයි ඒ ප්‍රශ්නෙ.... "

" නෑ!!!

මං පිළිගන්නෙ නෑ..... "

ඇය මහ හයියෙන් කෑගැහුවා.

" මං පිළිගන්නෙ නෑ සිනුදි....

ඔයාලා ඇයි මේ තරමටම මගේ විහාන්ට වෛර කරන්නෙ...

ඇයි අපි දෙන්නව ඈත් කරන්න හදන්නෙ...

ඔයාට ඔය බොරුව කියන්න කිවුවේ අපේ අයියා ද.....

ආ....

කතා කරන්න සිනුදි....

ඇයි මේ තරම් ලොකු බොරුවක් කරන්නෙ..."

මා ඇය ලගට යන්න උත්සාහ කලත් ඇය එක හස්ත සංඥාවකින් මට ඈතින් සිටින බවට සංඥා කලා. ඇය මම කියු කිසිවක් පිළිගන්න ලෑස්ති නැති බව මට ස්තීර වුනේ ඒ මොහෙතේ. මොන තරම් දේ කිවුවත් යුමේෂා ආදරයෙන් අන්ධ වෙලා.

ඇස් දෙක වහගෙන වීපි සර්ව විශ්වාස කරන තැනටම ඒ අසරණීගෙ මනස ඔහු විකෘති කරලා. මගේ ඇත්ත ඇයට තේරුම් කරන්න ගන්න පුලුවන් අවසන් උත්සහයත් ගන්න මම තීරණය කලෙ ඒ මොහොතෙදි.

" විශ්වාස කරන්න...

වීපි සර් නිසා මම ගොඩක් විදෙවුවා යුමේෂා.....

මම ඒ රාක්ෂයගෙ අනියම් පෙම්වතිය වුන එක නෙමෙ මෙතන තියන ප්‍රශ්නෙ යුමේෂා....

ඔයා දන්නවද... වීපි සර්ගෙ බේබි ඩෝල් විදියට මට ලැබුණු දේවල් මොනාද කියලා...

ඉන්න මං ඔයාට පෙන්නන්නම්....

ඔයාට පුලුවන් ඔයාගෙ ඔය ඇස් දෙකෙන්ම බලාගන්න.... "

ඇස් දෙක වහගෙන මොහොතක් හිත ශක්තිමත් කර ගත්ත මම ඇය ඉදිරියෙ මා ඇඳගෙන සිටි ගවුම අත් කටින් ලිහිල් කර ගලවා දැමුවේ ඇස් දෙක වහගෙනමයි.

" අහ්..!! "

ඇය හූල්ලනවා මම අහගෙන. මම දෑස් විවර කලෙ ඒ හීල්ලුමට.

ඇය දෝතින්ම මුව වසාගෙන මගේ නිරුවත් සිරුර පුරා තිබුණු බෙල්ට් පාරවල්, සිගරට් කොට වලින් පිච්චුන තුවාල කැලැල් දෙස දෑස් අයාගෙන වුන්නා.

" දෙයියනෙ....

මේ ඔයාට මොනවද වුනේ සිනුදි..... "

ඇය ඇහුවෙ තැති ගැන්මෙන්. මෙතරම් වෙලා නොහඬා ඉන්න තරම් ශක්තිමත් වූ ඇගේ කම්බුල් දිගේ කදුළු බිංදු රූරා ගියේ ඇයටත් හොරෙන් බව මට විශ්වාසයි.

" වීපි සර්ගෙ බේබි ඩෝල් වුන එකේ සමරු සටහන්.... "

මම කියලා දැම්මෙ හැගීමකින් තොරව. ඇය මගේ සිරුරේ තුවාල කැලැල් මතින් ඇගිලි තුඩු ගෙන ගියෙ වෙව්ලන දෑතින්. මගේම සිරුර දකින හැම දවසකම මට ඇති වුන පිළිකුල අද මම යුමේෂාගෙ ඇස් වලිනුත් දකිනවා.

තවත් කෙනෙක්ගෙ ඇස් වලින් දකින ඒ අනුකම්පාව මම දකින්න අකමැතිම දේවල් වලින් එකක්.

ඇය වචනයක් හෝ කතා නොකර නැවතත් මගේ ගවුම මා හට ඇන්දවූයේ ඇයට තවත් ඒ තුවාල කැලැල් දිහා බලාගෙන ඉන්න බැරි තැන වෙන්න ඇති.

" වීපි සර්ගෙන් ලැබුණු සමරු නම් තවත් තියෙනවා යුමේෂා....

ඔයාටවත් පෙන්නන්න බැරි විදියෙ.... "

මම කිවුවේ වෙනතක් බලාගෙන. යුමේෂා බලාගත් අත බලාගෙන වුන්නා. ඇය වුන්නෙ පියවි සිහියෙන් ගොඩක් ඈත.

මම ඇයට ලං වෙලා ඇයගෙ දෙවුරෙන් අල්ල ගත්තා.

" ඔයා දැන්වත් විශ්වාස කරනව ද....? "

මම ඇහුවෙ ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති තැන.

ඇස් උස්සලා මගේ දිහා බලපු ඇය මුලින්ම කලෙ ඇයගෙ දෙවුරෙන් මගේ අත් ඉවත් කරපු එක.

" ප්‍රශ්නයක් අහන්නද සිනුදි.... "

" අහන්න.... "

" කවුරු හරි කෙනෙක් අද ඔයා මට කියපු කතාව මගේ අයියා ආගත් ගැන ඔයාට ඇවිත් කිවුවොත්....

ඔයා විශ්වාස කරන්නේ මගේ අයියව ද... නැත්නම් ඒ කෙල්ලව ද.... "

" යුමේෂා...!"

මේතරම් දෙයකට පස්සෙත් යුමේෂා එහෙම කතාවක් කියද්දි මගේ අත එසැවුනේ ඉබේටම. නමුත් වාසනාවකට මට මාව පාලනය කරගන්න පුලුවන් වුණා. ආයාසයෙන් එසැවුන අත පහලට දැමු මා හුස්මක් අරගෙන ඇය පිළිතුරු දුන්නෙ නැත්නම් ඇයට තවදුරටත් තේරුම් කිරීම ප්‍රයෝජනයක් නැති බව තේරුම් ගෙනමයි.

"ආගත් සර්, වීපි සර් කියන්නෙ අහසයි පොළවයි වගේ...

ආගත් සර් වගේ කෙනෙක්ට වීපි සර්ව සංසන්දනය කරන එක නවත්තන්න යුමේෂා.... "

" ඕක මං අහපු ප්‍රශ්නෙට උත්තරෙ නෙමේ සිනුදි.... "

මම නිහඬ වුණා.

මං දෙන උත්තරය මත ගොඩක් දේවල් වෙනස් වෙයි.. හිතට එකඟව නම් මම විශ්වාස කරන්නේ ආගත් සර්ව..

ආගත් සර් ලග කොහොමටවත් වීපි සර් ලග වගේ තිරිසන් ගති ගුණ නෑ කියන්න මම දන්නවා.

ඒත්...

වීපි සර් යුමේෂාගෙ ඇස් ඉස්සරහ මවලා තියෙන චරිතයත් ඊට දෙවෙනි නොවන බව ඉබේටම මට මතක් වුණා...

ඉතිං මම ආගත් සර්ව විශ්වාස කරන තරමටම යුමේෂා වීපි සර්ව විශ්වාස කරනවා ඇති.

" ඔයාට උත්තර දෙන්න බෑ නේද සිනුදි....

කමක් නෑ....

ඔයා දැන් යන්න....

මට ටිකක් තනි‍යම ඉන්න ඕනේ.... "

ඇය කාමරයෙ දොර වසාගත්තෙ  මම කාමරයෙන් පිටතට අඩි තිබ්බාට පස්සෙ.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter