Back
/ 43
Chapter 39

Chapter 39

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  තිස් නව වැනි කොටස 🌙

................................................................

" ඔයාට උත්තර දෙන්න බෑ නේද සිනුදි....

කමක් නෑ....

ඔයා දැන් යන්න....

මට ටිකක් තනි‍යම ඉන්න ඕනේ.... "

ඇය කාමරයෙ දොර වසාගත්තෙ  මම කාමරයෙන් පිටතට අඩි තිබ්බාට පස්සෙ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

යුමේෂාට ඇත්ත පැහැදිලි කරන්න මම කරපු කැපකිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් වුනේ නෑ. සිම්මිවත් නොදැන සිටි දේවල් මම යුමේෂා ඉදිරියෙ හෙලි කලා.

ඒත්....

කිසිම දෙයක් වෙනස් වුනේ නෑ..

ගෙදර ආව වෙලාවෙ ඉදන් මම කාමරයට වෙලා අඬ අඬා වුන්නෙ ඒ ගැන සිතමින්.

" සිනුදි... "

දොරට තට්ටු කලෙ ආගත් සර්. කදුළු පිසලමින්ම මම දොර විවර කලා.

ඔහු අත් දෙකත් බැදගෙන දොර අභියස සිටගෙන වුන්නෙ බැරෑරුම් මුහුණකින්.

" අද යුමීව මීට් වෙන්න ගියා ද... "

මම හිස සැලුවෙ ඔව් කියන්න.

" මොකද වුනේ.... "

" මං එයාට හැම දෙයක්ම කිවුවා.... "

" එයා විශ්වාස කලා ද...? "

" නෑ... "

මම කිවුවේ පරාජිත හැගීමකින්.

බරැති සුසුමක් හෙලු ඔහු මගේ අතින් ඇදලා මාව ඔහුට තුරුලු කරගත්තා.

" හැම දෙයක්ම ඉක්මනින් විසදෙයි... "

ඔහු කිවුවේ මගේ හිස මෘදුව අතගාමින්. මම ඔලුව උස්සලා ඒ ඇස් දිහා බැලුවා.

" කොහොමද.... ? "

හැම දෙයක්ම ඉක්මනින් විසදෙන්නෙ කොහොමද කියලා මම අහපු ප්‍රශ්නෙට පිළිතුරු නොදි ආගත් සර් හිතාමතාම ඒ ප්‍රශ්නෙ මඟහැරියා.

" ලෑස්ති වෙන්න....

අපි අද ඩිනර් එකකට යනවා... "

ඔහු මුහුණ පුරා  හිනාවක් ඇදගෙන එහෙම කියද්දි මට දැනුනෙ අමුත්තක්.

ආගත් සර් අමුතු වෙලා...

ඔහු මට සුදානම් වෙන්න කියලා එතනින් පිටව යන දිහා මම බලාගෙන වුන්නෙ පුදුමයෙන්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ආගත් සර් කිවුව වෙලාවටත් කලින් ලෑස්ති වෙලා මම විසිත්ත කාමරයට ආවා. මම පුදුම වුනෙ මටත් කලින් ලෑස්ති වෙලා වුන්න ආගත් සර්ව දැකලා.

" අහ්.. යමු ද... "

ඔහු සෝෆාවෙන් නැගිට ගත්තෙ මේසය මත තිබුණු මෝටර් රථයේ යතුර ද අතට අරගෙන.

දම් පාට ලේස් මෝස්තරයකින් හැඩ වූ චාම් කෙටි ගවුමට කොන්ඩෙ කඩලා දැම්මෙ වැඩි මෝස්තර ඕනෙ වුනෙ නැති නිසා. ආගත් සර් නම් කෝට් කිට් එකෙන් ඩෙනිමට මාරු වෙලා තිබුණා. සුදු පාට ශර්ට් එකට රතු ජැකට් එක ආගත් සර්ට නම් නැතුවම බැරි දෙයක් වෙලා.

කවදාවත් නැතුව ආගත් සර් මෝටර් රථයේ දොර මා වෙනුවෙන් විවර කර දුන්නා. මෝටර් රථයේ පිටුපස අසුනෙ තිබුණු ලැවැන්ඩර් මල් පොකුර ආගත් සර් මගේ අත උඩින් තිබ්බෙ මං තවත් පුදුම වෙද්දි.

" ලැවැන්ඩර් වලට ඔයා කැමති නේ... "

" ගොඩක්...! "

මං කිවුවේ ලැවැන්ඩර් මල් සුවඳ නාස් පුඩු තුලින් විදිමින්.

අඩ හෝරාවකට ආසන්න ගමනකින් පසුව මෝටර් රථය නතර වුනෙ ආගත් සර් කලින්ම වෙන් කර ගත්ත සුඛෝපභෝගි අවන්හල ඉදිරි පිට.

මම අවන්හල වෙත ගියෙද ආගත් සර්ගෙ අතේ එල්ලිලා. ඒ තරම් ඔහුට සමීපව ගෙවන කාලය මට සතුටක් වුණා.

දීප්තිය අඩු විදුලි ආලෝකයත් තැනින් තැන දැල් වුන ඉටිපන්දම් එළියත් ඇස් වලට ගෙනාවේ සහනයක්. ඒ අවන්හලෙ ඇතුලත ගෘහ නිර්මාණය සැකසී තිබුනෙ වැසි වනාන්තරයක ස්භාවයෙන්. ඉතිං අවන්හල පුරා පැතිරුනේද හිත නිවන සෞම්‍ය සංගීත රාවයක්.

ආහාර වට්ටෝරුව තෝරාගැනීම ආගත් සර් මට භාර කලා. ඔහුගේත් කැමැත්ත ඇතුව අපි ඇණවුම් කලෙ ප්‍රසිද්ධ  ඉතාලියානු ආහාර වට්ටෝරුවක්.

මම ගෙවමින් සිටි ඒ රාත්‍රියේ සිදු වූ හැම දෙයක්ම සර්ව සම්පූර්ණයි. හරියටම මම හීනෙක වුන්නා වගේ.

ඇත්තටම මේක හීනයක් නම් මම කවදාවත් ආයෙත් ඇස් අරින්නෙ නෑ... ඒ හීනෙ අවදි වෙන්න ලෝබ හිතෙන තරමටම හරි ලස්සන හීනයක්.

" ෂැල් වී ඩාන්ස්.... "

ආගත් සර් මට ඔහුගෙ අත දිගු කලා. වට පිට බලපු මම මූණ රතු කරගත්තේ හිතාමතාම නොවේ.

" අනේ....

මට බෑ.... "

ඔහු මගේ ප්‍රතික්ෂේප කිරීම ගණනකටවත් ගත්තෙ නෑ. බලෙන්ම වගේ ඔහු මාවත් ඇදගෙන නැටුමට සම්බන්ධ වුණා.

එදා ඒ අවන්හලෙ සිටි බොහෝ දෙනා පෙම්වතුන් නැතිනම් අලුත විවාහ වූ නව යුවල්. ඒ හැමෝම වුන්නෙ එකින්නෙකාගෙ ලෝකවල් වල.

මමත් වුන්නෙ ආගත් සර්ගෙ ලෝකෙ. ආගත් සර්ගෙ අතේ එල්ලිගෙන තාලෙට අඩි තියමින් මම ඒ දිලිසෙන කළු ඇස් වල පැටලුනා.

මතක නෑ අපි කොච්චර වෙලාවක් තාලෙට පැද්දුනා ද කියන්න. ඒත් ගීත කිහිපයක්ම අවසන් වෙනව නම් මට තේරුණා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

රාත්‍රි ආහාරයෙන් පස්සේ අපි ආවේ මුහුදු වෙරළට. මෝටර් රථයට හේත්තු වෙලා නොපෙනෙන ඈත දියඹ දිහා අපි බලාගෙන වුන්නා.

" ආගත් සර්.... "

අපි අතර තිබුණු විනාඩි ගණනක නිහැඩියාවට පස්සේ මම හඬ අවදි කලා.

" කියන්න.... "

ඔහු කිවුවේ ඈත දියඹෙන් ඇස් අහකට නොගෙන.

" මට අමුත්තක් දැනෙනවා.....

ආගත් සර් මොනව ද කරන්න හදන්නෙ....

මට මුකුත් තේරෙන්නෙ නෑ.... "

මගේ කතාවට ඔහු කට කොනින් හිනා වෙගෙනම මගේ පැත්තට හැරුනා.

" දන්නව ද...

මං කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක තිබුණා....

අපි කෙනෙක්ට ලස්සන මතකයන් ඉතුරු කරලා ගියොත් ඒ කෙනාට මතකයන් එක්ක ජීවත් වෙන්න ලේසි වෙනව කියලා...

ඉතිං මමත් හිතුවා...

ලස්සන මතකයන් ටිකක් එකතු කරගන්න.... "

" ඇයි....

ඔයා කොහෙද යන්න යන්නේ.... ? "

මම ඇහුවෙ ඔහුගෙ කතාව අවසානයෙ.

මගේ වචන එක්කම ඒ ආඩම්බරකාර මූණ ඉබේටම අදුරු වුනත් ආයෙත් ඒ මුහුණ මත  හිනාවක් ඇදගන්න ඔහු ඉක්මන් වුණා.

" කොහෙවත් නෑ.... "

මගේ කර වටා අත් යවලා ඔහු මාව ලඟට ගත්තෙ මවාගත් හිනාවකින්.

" දැන් ගෙදර යමු නේද.... ? "

ඔහු ඇහුවෙ අත බැඳි ඔරලෝසුවේන් වෙලාව බලමින්.

" බෑ....

ගෙදර යන්න බෑ....

මට බය හිතෙනවා..... "

මම ඔහුගෙ වමත සම්පුර්ණයෙන්ම මගේ ග්‍රහණයට ගත්තා.

" මොකද මේ.... "

ඔහු ඇහුවෙ හිනා වෙවි.

" ගෙදර යන්න බෑ....

ගෙදර ගියොත් හෙට උදේ වෙනවා...

හෙට උදේ වුනොත් ඒ දවසත් වෙනද වගේම ගෙවිලා යයි....

ආයෙත් රෑ වෙයි ආයෙ උදේ වෙයි....

ඔය විදියට දවස් එකින් එක ගෙවිලා යයි... "

" සිනුදි....

මෙතනට වෙලා උන්නා කියලා හෙට උදේ වෙන එක නතර වෙන්නෙ නෑ..... "

" ඒකට කමක් නෑ.....

මට මෙතන ඉන්න ඕනේ.... "

ඔහුගෙ අතේ එල්ලිගෙනම මම ඒ උරහිසට ඔලුව තියාගත්තෙ හිතට දැනුන පුදුම තරම් බයකින්. ඔහුට අඩියක්වත් එහාට යන්න ඉඩ නොදි මම ඒ අතේ එල්ලිලා වුන්නෙ පොඩි එකෙක් වගේ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" තව දවස් හතරයි... "

සුපුරුදු විදියට වීපි සර්ගෙන් ලැබිලා තිබුණු කෙටි පණිවිඩය අදත් මම කිය වූවා.

තත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය එකතු වෙලා ඒ දවසට ලං වෙනවා.

එදා සිද්දියෙන් පස්සෙ ආගත් සර් මට යුමේෂාව මුණගැහෙන්න යන්න අවසර දුන්නෙත් නෑ.

ගිණුම්කරණ අංශයෙන් අවශ්‍ය ලිපිගොනු කිහිපයක් ලබා ගත් මා ආගත් සර්ගෙ කාර්යාල කාමරයට ඇතුලු වුනෙ සුපුරුදු ලෙසින්. ආගත් සර්ගෙ කාර්යාල කාමරය මගෙත් කාර්යාල කාමරය වී තිබුණු නිසාත් වෙනත් සිහියකින් ආව නිසාත් මට අවසර ගන්න අමතක වුණා.

ආගත් සර්ව මුණගැහෙන්න ඇවිත් තිබුනෙ යුමේෂා. ඇයගෙත්  ඔහුගෙත් කතාව දැනටමත් දුර දිග ගොස් ඇති බව ආගත් සර්ගෙ මුහුණෙ හැගීම් වලින් මම තේරුම්ගත්තා.

" යුමී මං එක සැරයක් කිවුවා....

ඕක මම කලිනුත් රිජෙක්ට් කරපු ප්‍රොපෝසල් එකක්....

කීයටවත් මම ඔය ප්‍රොජෙක්ට් එක කරන්නෙ නෑ..... "

" අයියා....!

එයාට ඕනේ ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න.....

ඔයාට උදව් කරන්න එයාට අවස්ථාවක් දෙන්නකෝ.... "

" යුමී....

කරුණාකරලා පෞද්ගලික ජීවිතෙ බිස්නස් වලට ගාව ගන්න එක නවත්තන්න...

අනික මම කවද්ද වීපිගෙන් උදව් ඉල්ලුවේ....

අහ්.....  "

" ඇත්ත ද අයියා....

ඔයා පෞද්ගලික ජීවිතෙ බිස්නස් වලට ගාව ගන්නෙම නෑ නේද.... "

යුමේෂා එහෙම කිවුවේ හොරැහින් මගේ දිහත් බලමින්. ඇය ලිපිගොනුව පපුවට තුරුලු කර ගෙන නැගිට ගත්තෙ තරහින්.

" ගොඩක් ස්තූතියි අයියා....

ඔයා ආයෙත් ඕප්පු කලා විහාන් ඔයාට වඩා හොදයි කියලා....

දන්නව ද...

එයාට ලැබුණු හොදම ප්‍රොජෙක්ට් එකට ඔයාව ජොයින් කරගන්නයි එයාට ඕන වුනේ....

ඒකත් මම නිසා....

මෝඩියෙක් වගේ මම විහාන්ට වද දුන්නා ඔයාට මේ ප්‍රොජෙක්ට් එක දෙන්න කියලා....

දැන් මට තේරෙනවා මං වැරැද්දක් කලෙ.....

සමාවෙන්න.... "

ඇය යන්න හැරිලත් නතර වුනෙ හදිස්සියේම දෙයක් මතක් වුණා වගේ.

" අයියා.. සිනුදි....

ඔය දෙන්නගෙන් එක්කෙනෙක් එක්කවත් මම තරහ නෑ.....

විහාන්ට විරුද්ධ වෙන්න ඔයාලට හේතු ඇති....

හැබැයි ඒවා සාදාරන ද කියන්න මම දන්නෙ නෑ....

විහානුත් වැරදි ඇති.... එයත් මනුස්සයෙක්.....

ඒත් එයාට දැන් ඕන ඔයාලත් එක්ක යාලු වෙන්න..

එයාට ඕනේ ආගත් තිසේරාගෙ මස්සිනා වෙන්න...

ඒත්... මං අද තේරුම්ගත්තා ඒක සිද්ද වෙන්නෙ නෑ කියලා....

ඔය දෙන්නගෙන් අන්තිම වතාවට පොඩි දෙයක් ඉල්ලන්නම්....

සිනුදි , අයියා...

අඩුම තරමෙ මගේ වෙඩින් එකටවත් එන්න....

ආශිර්වාද කරන්න ඕනෙ නෑ....

අයියා විදියට ඇවිත් මාව බලලා යන්න...

ඒ ඇති.... "

හුස්මක් අරගෙන හරි සාමාන්‍ය විදියට යුමේෂා පිටව යන දිහා මං හිස් හැගීමකින් බලන් වුන්නා.

" ආගත් සර් !! "

මම ගැස්සුනෙ ආගත් සර් මේසය මත තිබුණු ලිපිගොනු කිහිපයක් බිමට විසි කරලා දාද්දි.

" ඔයා හොදින් ද.... "

තරහ පාලනය කරගන්න බැරි තැන ඔහු මේසය මත හිස හොවා ගත්තා.

මට දැනුනෙ වේදනාවක්. වීපි සර් දැනටමත් යුමේෂාව ඉත්තෙක් කරගෙන ආගත් සර්ගෙ ව්‍යාපාර වලටත් එබිකම් කරන්න පටන් අරන්. මේ විවාහය සිද්ද වුනොත් තත්වය අදට වඩා වෙනස් වේවි.

යුමේෂා නිසා ආගත් සර්ට තව දුරටත් දැඩි තීරණ වල ඉන්න බැරි වුනොත් වීපි සර් සටන දින්නා වෙනවා.

මම නිහඬවම ආගත් සර්ගෙ හිස කෙස් අතරින් ඇගිලි තුඩු ගෙන ගියා. එයින් යම් තරමක හෝ සහනයක් ඔහුට ලැබේවි මා විශ්වාස කලා.

" මොනව හරි කියන්න සිනුදි.....

මට මේ සිද්දිය අමතක කරන්න ඕනෙ....... "

ඔහු කිවුවේ බෙහෙවින් අසරණ වූ ස්වරයෙන්.

" ආගත් සර්....

අපි ගමට ගිහින් එමු ද....

මට ගම ගොඩක් මතක් වෙනවා...

ලැවැන්ඩර් මල් , බංගලාව, ඒ සීතල හුළඟ ආගත් සර්ට මතක් වෙන්නෙ නැද්ද... "

මම කතාව පටන් ගත්තෙ ඒ විදියට. ඔහුගෙ හිත සැනසෙන තුරුම බොහෝ දේ ගිරවියක් මෙන් මම තනිවම කිය වූවා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

උදා වෙනවට අකමැති වුන ඒ දවස උදා වුණා.

පෙර දින නිවසින් පිටතට ගිය ආගත් සර් ආයෙත් ආවේ නෑ. මම මුලු රෑම නොනිදා ඔහු එන මඟ බලන් වුන්නා.

" පොරොන්දු වෙන්න....

හෙට කිසිම කෙනෙක් ගැන හිතලා මොන විදියෙ මෝඩ වැඩක්වත් කරන්නෙ නෑ කියලා මට පොරොන්දු වෙන්න... "

නිවසින් පිටව යන්න කලින් ඔහු මගෙන් ලබා ගත් අවසන් දිවුරුම ඒ.

මුලු රෑම ඔහු එවි යැයි පෙර මඟ බලා සිටි මා කුමන හෝරාවේ ඇස් පියාගත්තද කියලා මට මතක නෑ.

උදේ පාන්දරින්ම විදුලි සීනුව නොනවත්වාම නාද වෙද්දි මම දෑස් විවර කලෙ ගැස්සිලා.

ටයිල් පොළව මත හිදගෙන සෝෆාවට හිස බර කරගෙන සිටි මා අඩියට දෙකට දොර වෙත ගියෙ ආගත් සර්ව බලාපොරොත්තුවෙන්.

" ආගත් කොහෙද.... ? "

දොර බාගෙට විවර වෙනවත් එක්කම කලබලයෙන් නිවසට ඇතුලු වුනෙ රෙහාන්.

" එයා ඔයත් එක්ක නෙමේ ද ඊයෙ එළියට ගියේ..... "

මම ඇහුවෙ පුදුමයෙන්.

" මොකක්..! ඊයේ...???

එතකොට ඊයේ ඉදන්ම ආගත් බොස් ගෙදර ආවේ නැද්ද.... "

රෙහාන් ඇහුවෙ කලබලයෙන්. අඟක් මුලක් තොරාගැනීමටය නොහැකිව මම හිස සැලුවෙ ආගත් සර් පෙර දින පටන්ම නිවසට නොපැමිණි බව හඟවන්න.

" ශිට්..!! "

රෙහාන් දිවුවේ ආගත් සර්ගෙ කාමරයට. අනවසරයෙන්ම රෙහාන් එයට ඇතුලු වෙද්දි මමත් ඒ පස්සෙන් ආගත් සර්ගෙ කාමරයට එබුණා.

මුලු කාමරයම අවුස්සමින් රෙහාන් මොනව ද හොයනවා..

" ඒක නෑ.... "

රෙහාන් කිවුවේ හිස පිටුපසට අත් දෙකම තියාගෙන.

" මොකක්ද නැත්තෙ ?? "

" ගන් එක...!

ආගත් බොස් ගන් එක අරන් ගිහින්....

ඒක හොදකට වෙන්න බෑ.... "

එහෙම කියලා කලබලයෙන්ම දොර වෙත දිව ගිය ඔහු ආයෙත් හැරිලා මගේ ලගට ආවේ හදිස්සියේම දෙයක් මතක් වුණා වගේ.

" වදින්නම් සිනුදි ගෙදරට වෙලා ඉන්න..... "

ඔහු දුරකථනයෙන් කාට දෝ කතා කරමින්ම කලබලයෙ නිවසින් පිටතට දිව ගියා.

බිත්තිය දිගෙ රූරා විත් මම බිම හිද ගත්තෙ කිසිවක් තේරුම්ගත නොහැකිව.

සිද්දි එකින් එක මම ගලපන්න පටන්ගත්තා.

" අපි කෙනෙක්ට ලස්සන මතකයන් ඉතුරු කරලා ගියොත් ඒ කෙනාට මතකයන් එක්ක ජීවත් වෙන්න ලේසි වෙනව ලු...

ඉතිං මමත් හිතුවා...

ලස්සන මතකයන් ටිකක් එකතු කරගන්න.... "

" ඇයි....

ඔයා කොහෙද යන්න යන්නේ.... ? "

" කොහෙවත් නෑ.... "

මම පපුවට අත තියාගත්තෙ මට දැනෙන දේ ඇත්තක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින්.

බැරි වෙලාවත් ආගත් සර්ගෙ අතින් වීපි සර්ට කරදරයක් වුනොත් ආගත් සර්ගෙ මුලු අනාගතේම විනාශ වෙනවා නේද කියලා කල්පනා වෙද්දි මගේ හිත මහ හයියෙන් කෑගැහුවා.

හැම දෙයක්ම ඉක්මනින් විසදෙයි කියලා කිවුවට එයා මට කිවුවේ නෑ ඒ දේවල් විසදෙන්නෙ කොහොමද කියලා...

ආගත් සර්ට කරදයක් වුනොත් මේ හැම දෙයක්ම විසදිලා වැඩක් තියෙනව ද...

කිසිම කෙනෙක් වෙනුවෙන් මොන විදියෙ මෝඩ වැඩක්වත් කරන්න එපා කියුවට ඔයා වෙනුවෙන් කරන කිසිම දෙයක් මම මෝඩකමක් විදියට දකින්නෙ නෑ ආගත් සර්....

අයිෂා කියපු දේ හරි..

මට ඉතුරු වෙලා තියෙන්නෙ එක විසදුමයි.

මට දුරදිග හිතලා තීරණ ගන්න ඕන වුනෙ නෑ... මං ඉස්සරහ තිබුනෙ එක තීරණයක් විතරයි...

ඉතිං තවත් හිතන්න කාලය නාස්ති කිරීමත් බොරු වැඩක්. මම වීපි සර්ට ඇමතුමක් ගත්තා.

" කියන්න බේබි ඩෝල්......

මං මේ කෝල් එක එනකම් ඉවසිල්ලක් නැතුව වුන්නෙ... "

පළවෙනි තත්පරයෙම ඇමතුමට සම්බන්ධ වූ ඔහු කියවගෙන ගියා.

" මට තමුන්ව හම්බවෙන්න ඕනේ... "

මට ඕන වුනෙ ආගත් සර් වීපි සර් දෙන්නා මුණගැහෙන එක නවත්තන්න.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter