Back
/ 43
Chapter 40

Chapter 40

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  හතලිස් වැනි කොටස 🌙

................................................................

" කියන්න බේබි ඩෝල්......

මං මේ කෝල් එක එනකම් ඉවසිල්ලක් නැතුව වුන්නෙ... "

පළවෙනි තත්පරයෙම ඇමතුමට සම්බන්ධ වූ ඔහු කියවගෙන ගියා.

" මට තමුන්ව හම්බවෙන්න ඕනේ... "

මට ඕන වුනෙ ආගත් සර් වීපි සර් දෙන්නා මුණගැහෙන එක නවත්තන්න.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

" සෝමා නැන්දා....

ආගත් සර් ආවාම මේක එයාගෙ අතටම දෙන්න...

තේරුණා ද.... "

මම සෝමා නැන්දාගෙ අතට ගුලි කලෙ මගේ පෙන්ඩන්ට් එක. අවුරුදු දහාටකට කලින් ඇති වුනු අපි දෙන්නගෙ යාලුකමේ සංඛේතය ඒ.

" නෝනා කොහෙද යන්නෙ... "

" ගමනක්... "

මම ඇයට කෙටි සිනහවක් පා කර නිවසින් පිටතට ආවේ හිත දැඩි කරගෙන.

මාව රැගෙන යන්න වීපි සර්ගෙ මෝටර් රථයක් ඇවිත් තිබුණා. රියදුරෙකු පමණක් සිටි මෝටර් රථයේ පිටුපස අසුනට බර වෙලා මම වීදුරුවට හිස හොවාගත්තෙ කදුළු සඟවාගෙන.

මට අඬන්න ඕන වුනේ නෑ...

මම කරන්න යන දේ ගැන මම සතුටු වුණා.

මගේ එක මෝඩකමකින් තවත් ජීවිත ගොඩක් බේරෙනව නම් ඒක කොහොමද තව දුරටත් මෝඩකමක් වෙන්නෙ.. මම හිතුවෙ ඒ විදියට.

හෝරාවකට වැඩි ගමනකින් පසුව මෝටර් රථය නතර වුනෙ ඒ තරම් ජනාවාස නොවු වෙරළ තීරයක.

දුරකථන සංවාදයක නියැලෙමින්ම මෝටර් රථය වෙත පැමිණි වීපි සර් මම වෙනුවෙන් මෝටර් රථයේ දොර විවර කලා.

" බේබි ඩෝල්.... "

ඇමතුම අවසානයෙ ඔහු එසේ කිවුවේ මාව පිළිගන්න වගේ. මම වට පිට බැලුවෙ සැකෙන්.

වීපි සර්ගෙ ආරක්ෂකයින් කිහිප දෙනෙක් මෙන්ම කලු පාට කෝට් කිට් එකකින් සැරසුන මහත්මයෙක් යැයි කිවහැකි අයෙක්ද ලිපිගොනු කිහිපයක් ලග තබාගෙන අපිට තරමක් ඈතින් නැවති සිටියා.

" ඔය තරම් සතුටු වෙන්න එපා වීපි සර්....

තමුන් මුකුත් දිනලා නෑ.... "

වීපි සර්ගෙ මුහුණ මත ඇදෙන කපටි හිනාව දරාගන්න බැරි තැන මම ඔහුට විරුද්ධව කතා කලා.

" මං දිනලා ඉවරයි බේබි ඩෝල්....

දැන් බලන්න...

ඔයත් මගේ ලග... එතකොට මිස්ටර් ආගතුත් මගේ ලග....

එහෙන් යුමී බලන් ඉන්නව ඇති එයාගෙ මනමාලයා එනකම්.... "

" ආගත් සර් !!

කොහෙද එයා.......

තමුසෙ මොනවද ආගත් සර්ට කලෙ........ "

මම වීපි සර්ගෙ ශර්ටයෙන් ඇද ගත්තා.

" රිලැක්ස් බේබි ඩෝල් රිලැක්ස්....

මිස්ටර් හීරෝට මම මුකුත් කලෙ නෑ.... හැබැයි මිස්ටර් හීරෝ නම් ආවේ මාව මරන්න.... "

ඔහු දුරකථනයෙන් පෙන්නුවෙ ආගත් සර්ගෙ ඒ මොහොතෙ දර්ශන. පුටුවකට බැද දමා තිබුණු ඔහුගෙ මුලු සිරුර පුරාම තුවාල කැලැල්. හිස ඔසවා ගන්නවත් බැරි තරමට ආගත් සර් හෙම්බත් වෙලා.

" ආගත් සර්....!! "

මම කදුළු පාලනය කරගත්තේ අපහසුවෙන්.

" මිස්ටර් හීරෝව මරලා දාන්නත් මට තිබුණා....

ඒත්.. මම එහෙම කලෙ නෑ.....

මොකද මට හිතුනා මේ වගේ වැඩකට නැති මිනිහෙක්ව මරන එකත් අපරාදේ කියලා....

අන්න ඒ නිසා...

මිස්ටර් හීරෝගෙ හුස්ම ටිකක් මම ඉතුරු කලා බේබි ඩෝල්ට බලන්න.... "

වීපි සර්ගෙ විකාර වචන වලට තරහ ආවත් මම මාව පාලනය කරගත්තා. ඒ ආගත් සර්ගෙ ආරක්ෂාව වෙනුවෙන්. මගේ එක වචනෙක වැරැද්දකින් ආගත් සර්ගෙ ජීවිතෙ අනතුරෙ දාන්න මට ඕන වුනෙ නෑ.

" මං දැන් ආව නේ ඒ නිසා එයාට යන්න දෙන්න... "

මම කිවුවේ රවාගෙන. වීපි සර් මහ හයියෙන් හිනා වුණා. ඊළගට ඔහු මගේ මූණට එබුනෙ මම අකමැතිම ඒ උපහසාත්මක සිනහවෙන් මූණ පුරෝගෙන.

" බේබි ඩෝල් මගේ ලගට ආවොත් වෙඩින් එක නවත්තනවා කියලා  විතරයි නෙ මම පොරොන්දු වුනේ.... "

ඒ උපහසාත්මක හඬින් මම ව්‍යාකූල වුණා.

" තවත් මොනවද මම කරන්න ඕනේ... "

මම ඇහුවෙ ඕනම දේකට හිත හදාගෙන. ආයෙත් වීපි සර් ලගට එන්න තරම් හිත ශක්තිමත් කරගත්ත මට තවත් කරන්න බැරි තරම් අමාරු දේවල් තිබුනෙ නෑ.

" පොඩි දෙයයි.... "

වීපි සර්ගෙ එක සංඥාවකින් කෝට් කිට් එකකින් සැරසි සිටි ඔහු ලිපිගොනු කිහිපයක් ගෙනවිත් වීපි සර්ට බාර දුන්නා.

" ඔයාගෙන් ඕනේ පොඩි අත්සනක් විතරයි බේබි ඩෝල්.... "

වීපි සර් දුන්න ලිපිගොනුව මම පෙරලා බැලුවෙ කුතුහලයෙන්.

" මැරේජ් සර්ටිෆිකේට් ?? "

මම ඇහුවෙ පුදුමයෙන්. වීපි සර්ට මාව විවාහ කරගැනීමේ කිසිම අවශ්‍යතාවක් නොතිබුණු බව මම දැනගෙන වුන්නා.

ඔහුට ඕන වුනේ හැමදාමත් මම බේබි ඩෝල් වෙලා ඉන්නව දකින්න..

" ඇත්තටම බේබි ඩෝල්....

මට මේ... කසාද නාඩගමක් කරන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ.....

මැරි කලත් නැතත් ඔයා මගේ.. මගේම විතරයි....

ඒත් ඉතිං....

කලින් සැරේ වගේ හිතුනු හිතුනු වෙලාවට ඔයාට ඉගිල්ලිලා යන්න බැරි වෙන්න මම මොනාහරි කරන්න ඕනානේ බේබි ඩෝල්.... ඒ වගේම නීතිය පැත්තෙනුත් මට මොකක් හරි චාන්ස් එකක් තියෙන්න ඕන නේ...

මොකද අර මිස්ටර් හීරෝ එච්චර ලේසියෙන් පරාජය බාරගන්න කෙනෙක් නෙමෙ කියලා මම දන්නවා...... "

ඔහු කිවුවේ ඇහි බැමි හකුලුවාගෙන.

" මේ කොලේට අත්සන් කලත් නැතත් දැන් ඉතිං මගේ ජීවිතෙ වෙන්න ලොකු වෙනසක් නෑ....

මං අත්සන් කරන්නම්...

පෑනක් දෙන්න... "

කෝට් කිට් එකකින් සැරසි සිටි මහත්මයා රෙජිස්ටාර්වරයෙකු  බව මම දැනගත්තෙ ඒ මොහොතෙ. වීපි සර් අත්සන් කරලා තිබුණු සහතිකය මත අඩු පාඩුවකට තිබුනෙ මගේ අත්සන විතරයි.

රෙජිස්ටාර්වරයා දුන් පෑනෙන් විවාහ සහතිකය මත අත්සන් කල මා පෑන් තුඩ කඩලා දැම්මෙ වීපි සර් දිහාම බලාගෙන.

ඒත් එක්කම වගේ වීපි සර් ඇමතුමක් ලබා ගත්තා.

" දැන් අරූට යන්න දෙනවා..... "

වීපි සර් ඒ අණ කලෙ ආගත් සර්ව සිර කරගෙන සිටි ආරක්ෂකයින්ට විය යුතුයි.

" කන්ග්‍රැටුලේෂන්ස් බේබි ඩෝල්....

ඔයා මිස්ටර් හීරෝව සාර්ථක විදියට බේරගත්තා.... "

ඔහු මට අතට අත දුන්නෙ සුභ පතන්නට වගේ. හිතාමතාම මම ඔහුව නොසලකා හැරියා.

" යුමීට මොකද වෙන්නෙ.... "

මම ඇහුවෙ තදින් අත් බැදගෙන.

" අහ්.. යුමී....

යුමීට මොනවා වෙන්නද...

ටිකකට කලින් මම අපි දෙන්නගෙ මැරේජ් එක කැන්සල් කලා නේ...

මං හිතන්නෙ  කොහෙට හරි වෙලා අඬ අඬ ඇති... "

ඔහු ඒ දේවල් කිවුවේ හරි සාමාන්‍ය විදියට.

" මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන තමුසෙ මහ ජරා මිනිහෙක්.... "

ඔහු මහ හයියෙන් හිනා වුණා. ඊළගට මගේ මූණට එබුනෙ කට කොනකට මවාගත්ත හිනාවකින්.

" මං දන්නවා..

මම කොයි වෙලාවෙද කිවුවේ.. මේ වීපි හොද කෙනෙක් කියලා.... "

වීපි සර් මගේ කන ළග කෙදිරුවෙ රහසින් වගේ. ඔහුගෙ හුස්මක් වැදෙන විටත් දැනෙන පිළිකුලෙන් මම ඔහුගෙන් ඈතට වුණා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මාව ගෙනියන්නෙ කොහෙටද කියන එක මම දැනගන්නවට වීපි සර් කැමති වුනෙ නෑ. ඒ නිසා ගමන අවසන් වන තුරු මට කළු රෙදි පටියකින් දෑස් ආවරණය කරගෙන ඉන්න සිද්ද වුණා.

ගමන ආරම්භ වීමට ප්‍රථම ඔහු මගේ දුරකථනය මුහුදට විසි කලෙ තව දුරටත් මට දුරකථනයක අවශ්‍යතාවක් නොමැති බව කියමින්.

ජීවිතය එක්ක මෙච්චර කාලයක් පොරබැදුව  කියලා මට ලැබුණු දේකුත් නැති නිසා ඔහු කල කී දෑ කිසිවකට මම විරුද්ධ වුනේ නෑ..

හෝරා කිහිපයක ගමනකට පස්සේ මෝටර් රථය නතර වුණා. දෑස් බැද දමා තිබුණු පටි ගලවන්නට වීපි සර් අවසර දුන්නෙ මෝටර් රථය නතර වුණාට පස්සෙ.

අපි නඟරයෙන් බොහෝ ඈතට ඇවිත් තිබුණු බව මට අදුරගන්න අපහසු වුනේ නෑ.

තරමක් විශාල ඉඩමක මධ්‍යයේ තිබුණු පරන තාලෙ ගොඩනැගිල්ල වලව්වක ස්වරූපයක් ගත්තා.

තැනින් තැන ඉරි තලා ගිය බිත්ති, පාසි බැදුණු  දිය සීරාවන් වලව්ව බොහෝ කලකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බවට සාක්ෂිය.

දොර දෙකකින් යුතු ප්‍රධාන දොරේ ලී කැටයම් නම් තාමත් විරාජමානව නැගී වුන්නෙ පරණ වී ගිය වලව්වට ආලෝකයක් ගෙන දෙමින්.

වලව්ව තුළ ඉදන් දුවගෙන ආව පුංචි කෙල්ලක හා වීපි සර් මොනවදෝ කියවන්නට වුණා. ඔහු කියනා දේ අනුව වරක් දෙවරක් ඇය මා දෙස බැලුවෙ හොරැහින්.

වයස විස්සකට නොවැඩි ඒ කෙල්ල වීපි සර් කියු හැම දේකටම හිස වැනුවා මිස වචනයක්වත් කතා කලෙ නෑ.

පුංචි කෙල්ල හා කතාව අවසානයෙ වීපි සර් මාව එක්කගෙන ආවේ වලව්වේ ඉහළ මහලට.

ඉහළ මහල සම්පූර්ණයෙන්ම වෙන් වුනෙ නිදන කාමර සඳහා. එන අතර මඟදි මා ගණන් කරගත් ආකාරයට නම් වලව්වේ ඉහළ මහල කාමර හතරකින් සමන්විත වී තිබුණා.

කොරිඩෝවකින් ඇතුලට ගිය විට හමු වුන පළමු කාමරයෙ දොර වීපි සර් විවර කලෙ කට කොනකට මවාගත්ත හිනාවකින්.

ඒ කාමරයෙ පිටතට පෙනෙන්නට ලී දොරක් ද ඇතුලතින් විශාල අගුලක්ද සහිත යකඩ දොරක් ද වූවා. අද ඉදන් මගේ ජීවිතය ගෙවෙන්නෙ මේ කාමරය තුළ බව තේරුම්ගන්න මට අපහසු වුනේ නෑ.

" යනවා....! "

වීපි සර් මාව කාමරය තුළට තල්ලු කලා.

" බේබි ඩෝල් ඔයා... අර මිස්ටර් හීරෝ එක්ක එකතු වෙලා මේ දවස් ටිකෙ මට ගොඩක් වද දුන්නා...

ඒ නිසා....

අද කෑම නෑ...... "

ඔහු කිවුවේ යකඩ දොර අගුලු ලමින්.

" ඔයා කැමති විදියට ඉන්න...

මේ මුලු කාමරේම ඔයාගෙ....

හැබැයි එළියට එන්න..... හිතන්නවත් එපා...... "

ලී දොර වහලා දාන්න කලින් මනුස්ස කට හඬකින් ඇහුනු එකම වචන ටික ඒ.

දොර වහලා දැම්මට පස්සෙ මහ දවාලෙ වුනත් කාමරයට එළියක් තිබුනෙ නෑ. බිත්ති හතරකින් වට වෙලා තිබුණු කාමරයට එකම එක ජනේලයක් තිබුණත් එයද විවර කල නොහැකි ලෙසින් පිටතින් ලෑලි සවි කර තිබුණා.

ඇත්තෙන්ම එය සිර ගෙයකටත් අන්තයි.

උඩු වියන් යෙදු ඇඳක් , පරණ තාලෙ කණ්නාඩි මේසයක් ඇරුණාම කාමරය තුළ වෙනත් කිසිවක් තිබුනෙ නෑ. කාමරයට සම්බන්ධ වූ නාන කාමරයේ ද ජනේලයක් වෙනුවට තිබුනෙ කුඩා කවුළුවක් පමණයි.

මම ඇඳ මතට වැටුනෙ බරැති සුසුමක් හෙලමින්.

හිරු බැස ගොස් රාත්‍රිය උදා වෙමින් තිබුණා.

පරවියන්ගෙ මූසල අදෝනාව හැරුණු විට මිනිස් කට හඬක් නම් පරිසරයෙන් ඇහුනෙ කලාතුරකින්.

හවස් යාමයෙ වීපි සර්ගෙ මෝටර් රථය වලව්වේන් පිටතට යන ශබ්දය ඇසුනත් ආයෙත් පැමිණි හඬක් නම් ඇසුනෙ නෑ. ඔහු නැවතත් නඟරයට යන්න ඇති.

වීපි සර් කියු ලෙසින්ම මට එදා දවසෙ කිසිදු ආහාරයක් තියා වතුර වීදුරුවක්වත් ලැබුනෙ නෑ.

මුරන්ඩුකමටත් එක්ක විදුලි පහන් නොදල්වාම මම මුලු රාත්‍රියම අදුරේ ගත කලා. රාත්‍රි අදුරට නම් කාමරය තුළ මට මගේම අත පවා නොපෙනෙන තරම්.

පාලුවට ගිය පරණ වලව්වක අගුලු ලාපු තනි කාමරයක තනියම ඝණ අන්දකාරෙ මුලු රැයක්ම ගත වෙද්දි හිතට බයක් නොදැනුනා කිවුවොත් බොරු...

ඒත් මගේ මුරන්ඩු හිත මේ අදුරෙන් එළියට එන්න ඉඩ දුන්නෙ නෑ...

විශ්වාස කරන්න ජීවිතෙ පළවෙනි වතාවට අම්මා නිසා මගේ හිතට සහනයක් දැනුනා. ඝන අන්දකාරය තුළ මට දැනුනෙ අම්මා මගේ ලගින් ඉන්නව වගේ. ඇය සෙමින් මගේ හිස අත ගාද්දි මම තව තවත් ඒ උණුහුමෙන් වකුටු වුණා.

මොන හෝරාවේ දෑස් පිය වුණා ද කියන්න මම දන්නෙ නෑ. ඒත් මං ඇස් අරිද්දි පහුවෙනිදාට උදේ වෙලා තිබුණා.

කාමරයෙ විවර වූ ලී දොරින් මට පෙනුනෙ ඊයේ මා දුටු පුංචි කෙල්ලගෙ රුව. ඇයගෙ අතේ තිබුණු ඇදුම් කිහිපය යකඩ දොරේ කූරු වලින් කාමරයට විසි කල ඇය දොර වහලා දාන්න ඉක්මන් වුණා.

ඇය සමඟින් සිනා සෙන්නවත් මට අවස්ථාවක් ලැබුනෙ නෑ. ඇය ඒ තරම්ම ඉක්මනින් දොර වහලා දැම්මා.

මම ඇඳෙන් නගිට්ටෙ ඇය විසි කර ගිය දේවල් එකතු කරගන්න.

ඇදුම් විතරක් නෙමෙ තව අත්‍යවශ්‍ය  දේවල් කිහිපයක් ඇය මට ගෙනවිත් තිබුණා.

පෙර දින සිටම කුසට ආහාරයක් නොමැතිව සිටි මට රොටියකින් කුස පුරවාගන්න සිදු වුනෙ දහවලේදි.

වීපි සර් මට මේ තරම්ම වද වේදනා දෙන්නෙ හිතාමතාම බව මම දැනගෙන වුන්නෙ අත්දැකීමෙන්ම. ඉතිං මා මේ ගෙවමින් සිටියෙ වීපි සර්ට විරුද්ධ වීමේ ඵල විපාක.

සවස් යාමය උදාවත් එක්ක මට ඇහුනෙ වේගයෙන් පැමිණි මෝටර් රථයක් වත්ත තුළ නතර වන හඬ. එය වීපි සර්ගෙ මෝටර් රථය බව මම තේරුම්ගත්තා.

ඉන් විනාඩි කිහිපයකට පසුව මගේ කාමරයෙ දොර විවර වුනෙත් වීපි සර් ඇතුලට ආවෙත් මම බලාපොරොත්තු වූ ලෙසින්මය.

ඉතිං යකඩ දොර අගුලු දැමු ඔහු මා ගැන වගක් නොමැතිව කණ්නාඩි මේසය මත  කැමරාවක් ඇටවූයෙ මුලු කාමරයම පෙනෙන ලෙසින්.

" මොනවද තමුන් කරන්න යන්නෙ.... "

මම ඇහුවෙ කැමරාව දෙසත් ඔහු දෙසත් සැකයෙන් බලමින්.

" දන්නව ද බේබි ඩෝල් අද මොනවද වුනේ කියලා....

තමුසෙගෙ මහ ලොකු ආගත්කාරයා අද පොලිසිය එක්කගෙන ආවා මගේ ගේ චෙක් කරන්න...

මම ඔයාව බලෙන් හිර කරගෙන තියාගෙන ඉන්නව ලු....

ඒත් ඉතිං....

ඔයා මගේ ගේ ඇතුලෙ හිටපු නැති නිසා පොලිසිය නම් යන්න ගියා....

ඒත්....

මිස්ටර් හීරෝට මම පොරොන්දු වුනා...

ඌ අද කරපු දේට දඩුවම් මම බේබි ඩෝල්ට  දෙනව කියලා....

මං හිතනවා මේ වීඩියෝ එක දැක්කට පස්සෙවත් මිස්ටර් හීරෝ පාඩුවෙ ඉදි...

එහෙනම් අපි පටන් ගමු ද බේබි ඩෝල්.... "

වීපි සර් බෙල්ට් එක අතට ගද්දි නිරායාසයෙන්ම මගේ ඇස් වලට කදුළු පිරුණා.

" වී... වීපි සර්.... "

ඔහුගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු විය නොහැකි බව දැන දැනම වුවද මම දෙයත් එකතු කරගත්තා.

පළමු විනාඩි කිහිපය තුළ නම් ඔහුගෙ බෙල්ට් පාරවල් වලින් බේරෙන්න මට ශක්තිය තිබුණා. ඒත්... පළමු හෝරා බාගය අවසානයෙ තැලුම් පහරවල් එක්ක මම බිම වැතිර ගත්තෙ තව දුරටත් ඔහුගෙන් ගැලවීමට තරම් ශක්තියක් ඉතිරි වී නොතිබුණු තැන.

මා ගත දවටාගෙන සිටි ගවොමේ පිට ඉරෙන තරමටම වීපි සර්ගෙ බෙල්ට් පාරවල් ප්‍රබල වුණා.

හෝරාවක් පිරෙන්න තවත් විනාඩි කිහිපයක් ඉතුරුව තිබෙන තුරුම වීපි සර්ගෙ දරුණු පහරවල් ඉවසාගෙන සිටි මා පියවි සිහිය අතහැර යන්න තීරණය කලෙ අවසානයෙ දි.

බිම වැතිරි ගෙනම මම දෑස් පියාගත්තෙ තව දුරටත්  දරාගන්න බැරි තැන.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter