Back
/ 43
Chapter 41

Chapter 41

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  හතලිස් එක් වැනි කොටස 🌙

................................................................

මා ගත දවටාගෙන සිටි ගවොමේ පිට ඉරෙන තරමටම වීපි සර්ගෙ බෙල්ට් පාරවල් ප්‍රබල වුණා.

හෝරාවක් පිරෙන්න තවත් විනාඩි කිහිපයක් ඉතුරුව තිබෙන තුරුම වීපි සර්ගෙ දරුණු පහරවල් ඉවසාගෙන සිටි මා පියවි සිහිය අතහැර යන්න තීරණය කලෙ අවසානයෙ දි.

බිම වැතිරි ගෙනම මම දෑස් පියාගත්තෙ තව දුරටත්  දරාගන්න බැරි තැන.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

දවස් හරි ඉක්මනින් ගෙවිලා ගියා. ඒ වගේම අතැරලා දාපු සිනුදිගෙ පරණ ජීවිතේට මට ඉක්මනින්ම අනුගත වෙන්න සිද්ද වුණා.

වීපි සර්ගෙ ව්‍යාපාරික මිතුරන් ඉදිරියෙ නාට්‍යංගනාවක් මෙන් හැසිරීම දැන් මගේ ජීවිත කතාවේ ප්‍රධානම මාතෘකාව.

ඔහු මාව රැගෙන යන්නෙ කොහෙටද කා ලගටද කියන එක ගැන ප්‍රශ්න කරන්න මට අයිතියක් තිබුනෙ නෑ...

ඇත්තටම ප්‍රශ්න කලා කියලා සිද්ද වුනු වෙනසකුත් නෑ...

අදත් ඒ වගේ දවසක්...

විවිධ හෝටල් වල සමාජ ශාලා වල පෞද්ගලික නිකේතන වල වීපි සර්ගෙ ව්‍යාපාරික මිතුරන් ඉදිරියෙ මා ඕන තරම් නර්ථනයෙ යෙදිලා ඇති..

ඒත් අද පැමිණි සිටි පිරිස නම් වීපි සර්ගෙ අනෙක් ව්‍යාපාරික මිතුරන්ට වඩා වෙනස් බව මම තේරුම්ගත්තා.

කොන්ඩෙ රැවුල් අපිලිවෙලට වවාගෙන හැඩි දැඩි සිරුරු වල පච්ච කොටාගෙන සිටි ඔවුන් බොහෝ දෙනා සතුව ආයුද තිබුණා. වීපි සර් වුනත් ඔවුන් හා ගණුදෙනු කලෙ හරි පරිස්සමෙන්.

ඔවුන්ට තිබුනෙ පාතාල මැරවරයින්ට සමාන ලක්ෂන. ඔවුන්ගෙ රසවින්දනය වෙනුවෙන් නිවාඩුවක් නොලබාම බොහෝ වෙලාවක් මට නර්තනයෙ යෙදෙන්න සිද්ද වුණා.

ඔවුන්ගෙන් කිහිප දෙනෙක් මගේ නර්තනයෙන් මුසපත් වී සිටියත් තවත්  ප්‍රධාන කිහිප දෙනෙක් වීපි සර් සමගින් කුමක්දෝ බැරෑරුම් සාකච්ඡාවක.

මා ගැනම අවදානයෙන් සිටි පිරිස මට මොහොතකට හෝ නතර වෙන්න ඉඩ දුන්නෙ නෑ.

දරාගන්න බැරිම තැන මම වීපි සර් දෙස බැලුවෙ අනුකම්පාවක් බලාපොරොත්තුවෙන්.

ඔහු මා දෙසත් මා වට කරගෙන සිටි පිරිස දෙසත් විමසුම් බැල්මක් හෙලුවා.

" ඔය ඇති....

යනවා..!  "

වීපි සර්ගෙ එක සංඥාවකින් නතර වුන මා ඒ ලද අවසරයෙන් ඉක්මනින්ම ශාලාවෙන් පිටතට දිව ආවා.

" අයියෝ ලොක්කා වැඩේ කෑවා නේ... "

මම පිටතට දිව යනවාත් සමගම මට ඇහුනෙ මාව වට කරගෙන සිටි පිරිස තරමක් උරණ වන හඬ.

මම පිටතට එනවත් එක්කම වීපි සර්ගෙ ආරක්ෂකයින් දෙදෙනෙක් මඟ හරස් කරමින් සිට ගත්තා.

" මොන කරදරයක් ද මේ...

මම වොෂ් රූම් එකට යන්නෙ..... "

ඔවුන් පාරෙන් දෙපසට වුනෙ මම එහෙම කිවුවට පස්සෙ. මෙවැනි සාද වලදි මගේ ආරක්ෂාව බාරව තිබුනෙ ඔවුන් දෙදෙනාට.

මම යන එන හැම තැනකටම ඔවුන් දෙදෙනා ද මගේ පිටුපසින් ආවා.

" ඔයාලා ඇතුලටත් එනව ද.... "

මගේ කියවිල්ල නිසා ගැහැණුන් සඳහා තිබුණු නාන කාමරය ඉදිරිපිට ඔවුන් නතර වුනත් පුලුවන්කමක් තිබුන නම් ඔවුන් එය තුලටත් පැමිණෙනව නොඅනුමානයි.

බොහෝ වෙලාවක් තිස්සෙ රිදුම් දුන් නළල් තැල්ල මම ගලවලා දැම්මා. නළලත තෙරපමින් හිසට  දැනෙන විඩාබර ගතිය නිවා ලන්නට මා උත්සහ කරමින් වුන්නා.

ඝෝෂාකාරී හඬ බොහොමයක් එක් වරම නාන කාමරයට ඇතුලු වුනෙ මගේ හිසේ වේදනාව තවත් වැඩි කරමින්.

අරාබියානු Belly Dance ඇදුම් මෝස්තර වලින් සැරසි සිටි කෙල්ලන් දහ දෙනෙකුට වැඩි පිරිසක් එතන වුන්නා. මෙතරම් වෙලා නිහඬව තිබුණු නාන කාමරය ඊට පස්සෙ නම් තව දුරටත් නිහඬ තැනක් වුනෙ නෑ.

ඒ කෙල්ලන් ද සලෙලුන්ගෙ මනදොළ පින වීමට පැමිණි පිරිසක් බව තේරුම්ගන්න මට අපහසු වුනේ නෑ.

" ඔයා සිනුදි නේද.... "

අරාබි ඇදුමින් සැරසී සිටි එක් යුවතියක් මට ලං වුණා.

" ඔයා මාව දන්නව ද.... ? "

මම ඇහුවෙ පුදුමයෙන්. ඇයව මින් පෙර දැක තිබුණු බවට මතකයක් මට නෑ.

" කලින් නම් දැනගෙන වුන්නෙ නෑ....

ඒත් දැන් අදුරගත්තා....

ඒකෙන් වැඩක් නෑ...

මේක ඉක්මනට ඇද ගන්න... "

ඇය මගේ අත උඩින් තිබ්බෙ ඇයත් අනිත් තරුණියනුත් හැදගෙන සිටි අරාබියානු ඇදුම් කට්ටලයක්.

" ඔයා කවුද.... "

මම ඇහුවෙ ඒ ඇදුම් ඇදගන්න කියලා ඇය මට බල කරන මොහොතෙ.

" ඒක වැඩක් නෑ...

ඔයා එනකම් කෙනෙක් බලන් ඉන්නවා...

ඉක්මන් කරන්න... "

අනෙක්  තරුණියන් ද එය ස්තීර කලා.

සිදුවන දේ ගැන ලොකු පැහැදිමක් නැති වුනත් මම ඒ ඇදුම් ඇදගත්තෙ ඇයගෙ බල කිරීමට.

පිටතට යාමට පෙර ඇය මගේ මුහුණ දිලිසෙන සේද රෙදි කැබැල්ලකින් ආවරණය කලා. ඔවුන් සියල්ලෝද මුහුණු ආවරණය කරගත් පසු අපි හැමෝම එළියට ආවේ එකම රොත්තට.

පිටතට ඇස් පමණක් පෙනෙන තරුණියක් බොහොමයක් අතර මා හදුනාගැනීමට ආරක්ෂකයින් අපෝසත් වීම පුදුමයට කරුණක් නෙමේ. ආරක්ෂකයින් දෙදෙනාම මඟ හැර ඔවුන් මා රැගෙන ආවෙ නිකේතනයේ  පෞද්ගලික කාමර තිබුණු දිශාවට.

කාමර අංක තිස් තුන අසල ඔවුන් නතර වුණා. මම දැක්කෙ අපේ පැත්තට එන රෙහාන්ගෙ රුව. මද අදුරෙ වුව ද ඔහුව හදුනගන්න මට අපහසු වුනේ නෑ.

මා වෙත ලෙන්ගතු සිනහවක් පා කර එවු ඔහු අනෙක් තරුණියන්ට පොරොන්දු වූ මුදල් ලබා දුන්නෙ ස්තූති කරමින්.

ඊළගට ඔහු මා වෙනුවෙන් කාමරයෙ දොර විවර කර දුන්නා.

කාමරය තුළ ආගත් සර් ඉන්න බවට තවත් සැකයක් නෑ..

ඒත් මගේ හිත බය වුනෙ ඔහුට කෙසේ මුහුණ දෙන්න ද කියලා හිතාගන්න බැරුව.

ලොකු හුස්මක් අරගෙන මම කාමරය තුළට අඩි තිබ්බා. දොර වැහෙනවත් එක්කම ජනේලයෙන් පිටත බලාගෙන කල්පනාවක සිටි ඔහු මා වෙත හැරුණා.

" සිනුදි.... ! "

ඔහු මාව ඒ උණුසුම් පපුවට තුරුලු කරගත්තෙ ඇහි පිය සලන පමාවෙන්. ඒ හදගැස්ම වේගවත් වෙලා. විදගන්නට ආස ඒ උණුහුමේ විනාඩි කිහිපයක් ගත වන්නට ඇති.

ඒත් ඉක්මනින්ම ආයෙත් මම ඔහුගෙන් ඈත් වුණා. තව දුරටත් ඔහු ලග හුරතල් වෙන්න අයිතියක් මට තිබුනෙ නෑ. ඊටත් වඩා ඔහු ලඟ තවත් හුරතල් වුනොත් මට මගේ පාලනය නැති වේවියැයි මා බිය වුණා.

" සිනුදි ඔයා.....  ඔයා හොදින්.... "

ආගත් සර්ගෙ ඇස් වල කදුළු මම දැක්කෙ  පළවෙනි වතාවට. වචන පිටතට නොයෙන තරමට  ඔහු නොසන්සුන් වෙලා. කියන්න ඕනෙ මොනවද කරන්නෙ මොනවද කියලා හිතාගන්න බැරි තරමටම ව්‍යාකූල වෙන්න තරම් ඒ හිත මේ මොහොතෙ සතුටින්.

ඒ දේවල් දැක දැකම වුනත් මම මගේ හැගීම් සිර කරගෙන ඉන්න තරම්  දැඩි වුණා.

මට ඕන වුනෙ නෑ ඔහුට ආයෙත් බලාපොරොත්තු දෙන්න.

" අපි යමු..... "

ආගත් සර් මගේ අත තදින් අල්ල ගත්තා.

ඔහු මාව මේ අපායෙන්  අරගෙන යන්න ඇවිත්..

ඒත්... මම කොහොමද යන්නෙ...  මමත් දැන් මේ අපායෙ කොටසක්.

ඔහු මගේ අතින් අල්ලගෙන පිටතට යන්න හැදුවත් මම නොසෙල්වීම වුන්නා.

" සිනුදි අපි යමු.....

වීපි දැනටමත් දැනගෙන ඇති ඔයා නෑ කියලා.....

ඉක්මනට යමු සිනුදි....

මොනවද ඔයා හිතන්නෙ... "

ඔහු ඇහුවෙ මගේ දෙවුරෙන් අල්ලා ගෙන.

" මම යන්න ඕනෙ...

වීපි සර් මාව හොයනව ඇති.....

ඔයාව දකින්න ලැබුණු එක සතුටක් ආගත් සර්.....

ඇත්තටම සතුටුයි.... "

මම එහෙම කියද්දි මගේ දෙවුරෙන් ඔහුගෙ අත් ලෙස්සලා වැටෙනවා මම බලාගෙන. ආගත් සර් දෑස් විසල් කරගෙන මොහොතක් මං දිහා බලාගෙන වුන්නා.

මම බැල්ම පහතට හරවාගත්තෙ මගේ ඇස් ඔහු කියවාවි දෝයි බියෙන්.

" සිනුදි.... "

පිටතට යන්න හදපු මගේ අතින් ආයෙත් පාරක් ආගත් සර් අල්ල ගත්තා.

" මං යන්න ඕනේ ආගත් සර්.... "

එවර නම් මගේ හඬ තරමක් උස් වුණා.

" ඇත්තටම ද කියන්නෙ.... ?

මොනාද ඔයා කියන්නේ...

ඔයාට පිස්සු හැදිල ද සිනුදි.....!!!  "

ආගත් සර් වියරුවෙන් මෙන් කෑගැහුවේ  දෝතින්ම හිස බදාගෙන. මම ඒ කිසිවකටවත් ප්‍රතිචාර දැක් වූවේ නෑ.

හැගීම් දැනීම් නැත්තෙකු සේ නිහඬවම වුන්නා.

" හරි....

යන්න නේ ඕනේ.... ආයෙත් අර අපායට යන්න නේ ඕනේ....

යනවා..

ඉතිං යනවා.......!!

මං නවත්තන්නෙ නෑ... "

මම දොර වෙත අඩි තිබ්බෙ ඒ අවසරයෙන්. කුමන හෝ මොහොතක මා නතර වේවි යැයි බලාපොරොත්තුවෙන් ඔහු මා යන දෙස බලන් වුන්නා.

නතර වෙන්න තියා ආයෙත් හැරිලා පිටුපස බලන්නවත් මම මගේ හිතට ඉඩ දුන්නෙ නෑ.

හිස් හැගීමකින් මම පිටතට යන්න අඩි තිබ්බා. දොර අරින්න තවත් අඩියක් විතරයි මට ඉතුරු වෙලා තිබුණෙ.

ආගත් සර් පිස්සුවෙන් වගේ දොර අවහිර කරගෙන සිට ගත්තෙ කලබලයෙන්.

" ඔයා ඇත්තටම යනව ද..... "

බැල්ම පහතට හරවා ගෙන මම හිස සැලුවෙ ඔව් කියන්න. මට ඇහුනෙ ඔහු ඔහුටම උපහාසයෙන් හිනා වෙන හඬ.

ඊළගට ආගත් සර් දොර මැදින් ඉවත් වුණා.

" හරි.... ඔයා යන්න....

හැබැයි...

මතක තියාගන්න සිනුදි....

මං ආයෙත් එන්නෙ නෑ....

ඔයා දැන් ආයෙත් අර පිස්සා ලගට ගියොත්.....

ඔයාට ආයෙත් මාව ඕන වුනත් මං ආයෙ එන්නෙ නෑ සිනුදි....

ඔයාව මං අමතක කරලා දානවා...

සදහටම...!. "

මං වෙනුවෙන් දොර විවර කර දුන් ඔහු පැටලෙන වචන එකතු කර ගත්තෙ අපහසුවෙන්.

කියු ලෙසින්ම ඔහුට සදහටම මාව අමතක කරන්න පුලුවන් නම් ඔහුගෙ ජීවිතය තවත් සුන්දර වේවි. මගේ ප්‍රාර්ථනය වුනෙත් එයමයි.

ඔහුගෙ සතුට හදවතින් ප්‍රාර්ථනා කරමින්ම මම කාමරයෙන් පිටතට අඩි තිබ්බා.

රෙහාන් මාව නතර කරගන්න උත්සහ කලත් ආගත් සර් ඔහුට ඉඩ දුන්නෙ නෑ.

" ඔහොම ඉන්න සිනුදි.... "

කොරිඩෝව දිගේ අඩි කිහිපයක් ඇවිදගෙන ආව මම නතර වුනෙ පිටුපසින් ඇසුනු ආගත් සර්ගෙ හඬට.

ඔහු මා වෙත දිව ආවා. මොහොතක් මගේ ඇස් දිහා බලාගෙන වුන්න ඔහු ඊළග මොහොතෙ මගේ අතට ගුලි කලෙ අපේ යාලුකමේ සංඛේතයන්.

"  මට ඕවලින් දැන් වැඩක් නෑ.....

ඔයාව අමතක කලා සිනුදි....

සදහටම අමතක කලා.... "

එපමණක් කියු ඔහු රෙහාන් ද සමගින් ඈතට අඩි තියන අයුරු මං බලාගෙන වුන්නා. කදුළු කැට නොනවත්වාම කම්මුල් මත කඩා හැලෙද්දි මගේ පෙන්ඩන්ට් එකත් කුඩා පරවි රූපයත් මම තව තවත් අතට ගුලි කර ගත්තා.

එක පාරක් හරි ඔහු ආයෙත් හැරිලා බැලුව නම් හිතට මේ තරම් දුකක් නොදැනෙන්න තිබුණා.

" කෙල්ල අර ඉන්නෙ බොස්...! "

මට ඇහුනෙ වීපි සර්ගෙ ආරක්ෂකයින්ගෙ හඬ. මම ඉක්මනින් මගේ අතේ තිබුණු දේවල් හංග ගත්තා.

" සිනුදි....... "

මගේ ඉස්සරහ හිට ගත්ත වීපි සර් දෙපතුලෙ ඉදන් හිස දක්වාම බැල්ම ගෙන ගියෙ පුදුමයෙන්. ඒ මා හැදගෙන සිටි ඇදුම නිසා විය යුතුයි. මා දෙස විපරමෙන් බැලු ඔහු වට පිට බැලුවෙ සැකෙන්.

" මෙතන මොනවද සිද්ද වුනේ..... "

වීපි සර් ඇහුවෙ මගේ අත් බාහුවෙන් අල්ලගෙන.

" මුකුත් නෑ....

රිදෙනවා වීපි සර්..... "

මම කිවුවේ ඔහුගෙ දැඩි ග්‍රහණයෙන් මිදෙන්න උත්සහ කරමින්.

" තමුසෙ මෙතන නටපු නාඩගම මොකක්ද කියලා... මම ඉක්මනටම හොයාගන්නම් බේබි ඩෝල්..... "

ඔහු මගේ අතින් ඇදගෙන මෝටර් රථය වෙත යද්දි මමත් ඒ පිටුපසින් ඇදිලා ගියෙ ඉබේටම.

අන්තිම වතාවට තව එක සැරයක් ආගත් සර්ගෙ මුහුණ බලාගන්න මගේ ඇස් හැම තැනම ඔහුව හෙවුවත් ඒ උත්සහය නිෂ්ඵල වුණා.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

✒️ ශාන්‍යා ප්‍රනාන්දු

Share This Chapter