Back
/ 49
Chapter 10

Chapter 10

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

ඒ ආවෙ වෙන කවුරුත් නෙමෙයි "ඩැඩී"....

" ඕහ් ප්‍රාණව් ඇමතිතුමා ලොකු හදිස්සියක් වගේ මැනස් අමතක වෙන තරමටම..මොකද මේ.."

"අහ්ම් සොරි රාහුල්..මන් මේ ආවෙ තේජුව මීට් වෙන්න..තේජු.."

ඇයි දන්නෑ දැන් ආවෙ..තව ටිකක් පරක්කු වෙන්න තිබ්බානෙ..මන් ලොකු වැඩක්..කන එක තමයි මූලිකම වැඩේ..

මන් අමාරුවෙන් බත් කට ගිලලා තව කටල් ඉල්ලන්න කට අරිද්දි දුෂ්මන්තායි මගෙ මනුස්සයායි මන් දිහා අමුතු එකෙක් ගානට බලාගෙන ඉදියා..මොකද්ද අනේ මන් කනවානෙ..

ආයිෂ්ෂ්ෂ්....

" ඩැඩා..ඔයාට පුලුවන් මගේ කැබින් එකට වෙලා ඉන්න..මන් ඉක්මනට එන්නම්..give me 5 minutes.."

"තේජූ මන්-.."

" ඩැඩා මන් එන්නන් කිව්වානෙ.."

"හ්ම්..ඉක්මන්ට එන්න..මන් බලන් ඉන්නම්.."

" එයා ගියා..කවලා ඉවරද.."

" ඔහ් සොරි..ආ.."

ඩැඩා යන දිහා බලාගෙන මොනාදො කල්පනා කරන ගමන් ඉදපු එයාට මන් කතා කරලා ආයෙත් කවාගත්තා..

කාපු කටවල් දෙකට මගෙ කට ඇවිස්සිලා..ඒක මාර රසයි..කන්න කන්න ආස හිතෙන රසක් තියෙන්නෙ..

"ගිම්ම්ම්පිම්ම්ම් මම්ම්ම්ම් මැ අම්ම් ක්ම්ම්ම්ම්ම්මෝ.."

" මොකද්ද බේබි බෝයි.."

"මම්ම්..කිම්ම්වේ..ගීම්ම්පීස්..කම්ම්නෑ අයිම් කරන්න කියලා.."

"ගෝඩ් බෙබි බොයි හිරකරගන්නෙපා කාලා ඉන්න..ග්‍රීන් පීස්ද..ඔහ් හරි ඔන්න මන් ඒක කෑවා..කෝ..ආ කියන්න.."

එයා හිනාවෙවී මටත් කවන ගමන් එහෙන්ම කෑවා..

"ආ..ආ..අන්තිම කට මට.."

" ශුවර් බේබි බෝයි..ඒක ඔයාට තමයි.."

හික්කේ තේජූ..මොන ලැජ්ජ නැති වැඩක්ද උබ ඒ කරේ..ලැජ්ජයි කැතයි හිරිකිතයි..සෝමාලියන් පාත්තයෙක් වගේ පිගානෙ තිබුන අන්තිම කට කවන්නත් කලින් පැනලා ඉල්ලුවා..අනෙ ඉතිම් අන්තිම කට තමා කන්න ඕනිම..ඒක කෑවොත් තමයි බත් කෑවා කියලා දැනෙන්නේ..අන්තිම කට නොකෑවොත් ඇගට දැනුන්නෑ වගේ  කාපු ටිකත්..

මගේ අර්ද බුද්දික ක්‍රියාකලාපෙට හිනාවුන දුෂ්මන්තා අවසාන කටත් මට කවලා පිගානත් අරන් නැගිටලා ගියා..එයා වොශ්රූම් එකට ගිහින් එනකන් මන් පොඩි එකා වගේ අත් පටලන් ඔලුව හරො හරෝ වටපිට බල බලා උන්නා..

"බෙබි බෝයි කෝ මෙහෙට හැරෙන්නෙ..ම්ම්ම් හරි..කටවටේම ගෑවිලා..ආ මේ වතුර බොන්න.."

දුෂ්මන්තාගෙ කැබින් එකේ තිබුන starry night wall art එක දිහා බලාගෙන සම වැදිලා වගේ ඉන්නැද්දි මගෙ කල්පනාව බිදපු එයා මගේ මූන දිහාවට පාත්වෙද්දි මාව සෝෆා එකේ පිටිපස්සට බරවුනා..වෙට් ටිශූ එකක් අරන් ඇවිත් කටවටේම ගාගෙන කියලා එයා මගෙ තොල් පිහිදලා ලග තිබ්බ වතුර වීදුරුව මගේ අතින් තිබ්බා.

ආහ්..හරි රස්නෙයි අප්පා..

දිව ගිලෙන්න වගේ දැනුන නිසා එයා දුන්න වතුර එක හුස්මට ගහලා දැම්මා..හේ හේ දුෂ්මන්තේ ඔයත් හරි වැඩ තමා කරනවා..පිස්සු අංකල්..

" අහ්ම්..මේ..Thank you for the meal..මන් එහෙනම් යන්නන්.."

" ඔයා වෙනුවෙන් ඕනි දෙයක් බේබි බෝයී..ආ ඔයා හවස් වෙනකන් ඉන්නවා නේද..දැක්කානෙ අපේ ප්‍රොජෙක්ට් එක ඩවුන් වෙලා.."

" ආ ඔව් මන් ඉන්නම්..අපි හවසට ඩිස්කස් කරමු.."

දුෂ්මන්තාගෙන් සමුගෙන මන් ආපහු එන්න ඇවිත් දොර ගාවදි එයා ආයෙත් මට කතා කරා..

"බේබි බෝයි.."

" ඔහ් කියන්න.."

එයා මට ඉන්න කිව්වෙ ඇයි කියලා මන් අහද්දි සාක්කුවලට අත දාගෙන මන් ගාවට ආපු එයා මගෙ මූන ගාවට ලංවුනා..

"ම්ම්ම්..මේකයි..මන් හිතනවා ඔයාගෙ හිතට වද දෙන එ ප්‍රශ්නේ විසදන්න ඔයාගේ ඩැඩාගේ එක වචනෙන් පුලුවන්..ට්‍රයි කරලා බලන්න..ඔයාට පුලුවන් වෙයි එයාව කැමති කරවගන්න..ඉක්මන්ට මේ ප්‍රශ්න විසදගෙන කලින් තේජු වෙලා එන්න..මට රවලා ගස්සපූ ඒ මුරන්ඩු කොලු පැටියා නැතුව හරි අමාරුයි..දැන් යන්න.."

එයා කියපු දේ තේරුනා කියන්න ඔලුව වනලා එතනින් ආපු මම ඉක්මනින් මගෙ කැබින් එකට දිව්වා..

දොර ඇරලා ඇතුලට යද්දි ඩැඩි ඉන්නවා මට පිටුපාල පිටිපස්සට අත් බැදන්..ඇමති පුරුදු ඔව්වා..මන් උගුර පාදලා එයාවත් පාස් කරන් ටේබල් එක ගාවට යන්නයි හැදුවේ..එයාව පහුකරන් ඉස්සරහට යද්දිම එයා මගෙ වැලමිටින්  ඇදලා මාව හරවගෙන හිරකරගත්තා..

මන් නතර වුනේ එයාගෙ පපුව උඩ..කරවටින් අත දාලා මාව කිටි කිටියේ බදාගත්තු එයාව මන් වෙන්දා වගේ ආපිට බදාගන්න ගියෙ නෑ..

තප්පරේකට හැම දෙයක්ම අමතක කරලා මන් ඇස් වහගෙන ඒ සුවද වින්දා..එහෙම ඉදලා ඉක්මනින් එයාගෙන් ඈත් වෙන්න හැදුවත් ඒ ශක්තිමත් දෑත් අතරේ මාව තවත් තදවුන එකයි වුනේ..

එයාට ඇතිවෙනකන් මාව තුරුල් කරගෙන ඉන්න දීලා මුකුත් නොකර මන් ඔහේ ඉදියා..විනාඩි දහයකට ආසන්නව ඒ අත් අතර හිර වෙලා ඉදපු මාව හිමින් සීරුවේ අතාරිද්දි මුකුත් නොවුන ගානට මන් ටේබල් එක ගාවට ආවා..

ඒ මූන දිහා බලන්න බැරි කමක් හිතට දැනෙද්දි ලැප් එක ඔන්කරලා ඒක දිහාවට ඇස් යොමා ගෙන ඉද්දි විනාඩි ගානක් ගතවුනත් අපි දෙන්නාගෙන් කවුරුවත් කතා කරෙ නෑ..කැබින් එකම මීයට පිම්බා වගේ..ටේබල් එකේ පත්තු කරලා තිබුන ලැවෙන්ඩර් සුවද ඉටිපන්දම නිසා කැබින් එකම ඒ සුවද යටත්කරගෙනයි තිබුනේ..

" ඩැඩා ඔයාට කතා කරන්න දෙයක් නැත්තන් මන් ආයෙත් යන්නද..වැඩ තියෙනව මට.."

" ඩැඩා..කවුද ඩැඩා..තේජූ මොකද්ද මේ විකාරෙ ආ.."

"මොන විකාරයක්ද ඩැඩා.."

" ආයෙත් ඩැඩා..තේජු මන් කවුද.."

" කවුද ඉතින්.."

" ඒක තමා මාත් ඇහුවේ.."

" ගෝඩ් ඩැඩා..පොඩි ලමයි වගේ ආර්ගිව් කරන්න ටයිම් එකක් නෑ..ඔයාට කියන්න දෙයක් නෑනේ..ඕකේ මන් යනවා.."

මෙයා පණ කඩාගෙන ඇවිත් තියෙන්නෙ විකාර දොඩවන්න..අනේ මගේ බෝගම්බර උනහපුලුවා..මීට වැඩිය හොදයි..

සුවදුක් බලන්න ආපු ඩැඩාට යනවා කියාගෙන මන් සීට් එකෙන් නැගිටලා යන්න හදද්දි ඊරි යකා ආවෙස වුන ඩැඩා මගේ ඇගට කඩන් පැන්නා..

" මොන මගුලක්ද..කොහෙද උබ මෙ දුවන්නෙ..අරකාගෙ ගුබ්බෑයමටද..ආ දැන් ඌට කියලා කවාගන්න පුරුදු වුනාද.."

"මොකද ඩැඩා මේ..ඌ ඌ ගාන්නෙ දුෂ්මන්තට නේද.."

" ඔව් ඔව් උට තමා..ඇයි අවුල්ද..උට මොනාහරි කියද්දි දුකද.."

" මොංගල්ද ඩැඩී.."

"ආ ඕක අහගන්න තමා මන් මෙච්චර දැගලුවේ..කොහෙද ඕක ගිලිලා තිබුනේ.."

මොන මගුලක් කියනවද මන්දා මේ මිනිහා..

"මොකක් ගැනද අහන්නෙ..මොනාද දැන් ගිලුනේ.."

" තමුසෙ මෙච්චර වෙලා මට කතා කරේ ඩැඩා කියලනෙ ඕයි..අරූ ඉස්සරහත් ඒකම කිව්වා..බලපන්..ඌ මොනා හිතුවද දන්නෑ..තේජු උබ මට එහෙම කතා කරන්නෙ මන් එක්ක තරහා වුනාම..ඇයි කියපන්කෝ මාව මගාරින්නෙ.."

මෙ මොකද්ද වෙන්නෙ කියලා මොලේට ප්‍රොසෙස් කරගන්න මට විනාඩියක් ගියා..සොහොන් කාලි වගේ මගේ ඇගට පැනපු ඩැඩී ඒ ගමන අනංගයා වගේ මගේ ඇගේ එල්ලීගෙන දොන්ත වෙනවා..

"ඩැඩී.."

" ම්හ්ක්..මොකද.."

"  ඈ ඩැඩී ඔයාද බේබි මමද බේබි.."

" අනේ මේ තේජූ මගෙන් මුකුත් නාහා ඉදපන්.."

ඕන් ආයෙ මූඩ් මාරු වුනා..යකො මේ නාකියො ඔක්කොම අමු කටුස්සොනේ..

" මෙ ඩැඩී..විකාර නටලා ඉවරනම් මන් යන්නද.."

"  යන්න...කොහොමද උබ  මාව මෙතන දාලා යන්නෙ.."

" යන්නෙ කකුල් දෙකෙන්..ඇයි යකො මේක මාර කෙලියක් වුනානෙ..අනෙ මේ ඩැඩී ප්ලීස් ඔය විකාරෙ නවත්තගන්නකො..තොදොල් වෙන සීන් ඔයාට ගැලපෙන්නෑ..බඩත් දගලන්න වගේ.."

" එහෙනම් උබ මාව මගාරින්නැතුව ඉදපන්..දැන් තරහද කියපන්.."

" මගාරින්න නෙමෙ කරන වැඩ වලට මට......අනෙ ඩැඩී මගෙ අත දෙනවකෝ..කටර් අඩුවකට අහුවුනා වගේ.."

" බෑ..බෑ කියපන් තරහද කියලා.."

" නැ නැ මිනිහෝ අතෑරපන් මාව.."

අනේ කවුරු හරි මේ ඔට්ටපාලු කෑල්ලව අරන් යන්නකෝ..තේජු උබට හොද වැඩේ..ආදරෙයි ආදරෙයි ගාන් නටාගෙන ගියානෙ..දැන් විදෝපන්..

" එහෙනම් ඇයි කියපන් මට ඩැඩා කිව්වේ..මන් අහන්නෙ ඇයි??.."

" ඩැඩා කිව්වෙ තමුසෙත් මගෙ ඩැඩා වගෙ ගොංබඩුවක් නිසා..එයත් අර කාලයක් අහවල් එකේ අං ඇවිල්ලා තාත්තිව අතෑරියේ..තමුසෙත් ඒකාගෙ කපාපු පලුව..ද්වීනාෂ් වගේ නැතෑ අවිනාෂයත්..ගහේ කටු උල් කරන්න ඕන්නෑ කියන්නේ ඇත්තක්..අනේ මාව අතෑරපන්කෝ ඩැඩී.."

" තේජු..තමුසෙ ඔය තමුසෙ කිව්වෙ මටද.."

" නැ මෙ කැබින් එකෙ හොල්මන් කරන මැරුනු කිරි අත්තාට..අනෙ ඩැඩී බබා උකුන් නොවී ඉදපන්..කරන වැඩ වලට හරහට අරන් නලවන්නද දැන් කියන්නෙ ආආආ..."

" තේජු ටිකක් තේරුම් ගන්න බලනවකෝ.."

"මොනාද දැන් තේරුන් ගන්න කියන්නෙ..තව දවස් තුනකින් ඔයා අර කේප්ප වැස්සිව බදිනවා..ඊටපස්සෙ මන් දෝත් මුදුන් තියන් වැදලා ඒකිව පිලිගන්න ඕනි කියලද මන් දැන් තේරුන් ගන්න ඕනි..ආ.."

" පිස්සුද ඔයා එයාව පිලිගන්න ඕනි නෑ..ඒත් තේජු ටිකක් කලබල නොවී ඉදපන්කෝ.."

"කලබල නොවී ඉන්න..උබට මාව වෙස්සන්තර වගේද පේන්නෙ..අරකිට දන්දීලා අහක බලාගෙන ඉන්න..අනේ උබර් who car fun ඩැඩී.."

" තේජු උබ ඔය කුටු කුටු ගගා මට බනිනවානේද.."

නොබැන ඉන්නම උබ බඩුව..මගෙ කටට එනවා හොදවැයි දෙකක්..අම්මපා...

" නෑ සෙත් කවි කියනවා..අනෙ ඩැඩී මේ මගෙන් මුකුත් නාහා ඉන්නවද..දැන් ඩැඩී තමුසේ අරකිව බදිනවා..එහෙමනෙ..බදිනවනේ.."

"ඔව් ඉතිම් බදින්න වෙනවා.."

කියන ලස්සන..අනෙ අම්මපා මූ වෙන එකෙක් වුනානන් මෙලහාකටත් දත් ඇන්ද බඩට යන්න දෙකක් ඇනලා..ඩැඩී මෙ ප්‍රශ්නෙ මගෑරලා මාව වටේ අරන් යන ලස්සන..ඇමතියෝ කපටී කියන කතාව හෙන ගහන ඇත්තක්..

" ම්ම්ම් බදිනවද..හරි ඩැඩී එහෙනම් හිතාගන්න ඔයාට මේ තේජුව නැතිවුනා කියලා.."

එහෙම කියපු මම එයාගෙ අත් අතර හිරවෙලා තිබුන මගෙ අත ඇදලා අරන් එහාට වුනා

" තේජූ!!!!... මොනාද උබ කියවන්නෙ.."

" කියවන්නෙ ඇත්ත ඩැඩී..මන් දිව්රනවා..ඔයා අර ගෑනිගේ අත අල්ලන් පෝරුවට නගින දවසට මේ තේජුව ඔයාට සදහටම අහිමිවෙයි..."

"තේජු මන්.."

මෙච්චර වෙලා විකාර කියවපු ඒ මූන සීරියස් වෙන්න ගතවුනේ තප්පරයයි..

ඒ හකු තද වෙලා නලල රැලි වැටෙද්දි මන් දකින්න ආසම ඇස්වලට කදුලු පිරීගෙන එනවා මන් දැක්කා...

"ශ්ශ්ශ්..මුකුත් කියන්නෙපා ඩැඩී..බොරුවට අඩලා වැඩක් නෑ..මට කියන්න ඔයා මේ කසාදෙට එකග වුනේ කාගෙ අණකටද..ම්ම්ම්..මට කියන්න ඩැඩී..ඔයාට මන් තනිවෙන්න දෙන්නෑ..ඔයා මට කිව්වොත් අපිට පුලුවන් මෙ ප්‍රශ්නෙ විසදගන්න..කවුරු වෙනුවෙන්ද ඔයා මේක කරන්නේ..ප්ලීස් මන් වෙනුවෙන් කියලා නම් කියන්න එපා..මොකද මන් ඒක දැනටමත් දන්නවා..ඔයාට මේක කරන්න කිව්වේ මන් හිතන කෙනා නම්..ඔයා ඒ ගෑනිට බයවෙන්නෙපා ඩැඩී මන් ඉන්නවානෙ..මන් එදා ඉදපු පොඩි කොල්ලා නෙමෙයි..ඔයාට මාව නැතිවෙන වැඩක් නම් කරන්නෙපා ඩැඩි..එහෙම වුනොත් ඔයාට උදව් කරන්න මටවත් බැරිවෙයි.."

"මට කියන්න ඒ ගෑනි මොකද්ද මේ පාර නටන සෙල්ලම..මට එන කේන්තියට  ඕකිව මරන්න හිතයි.."

"තේජූ ඒ මගෙ අම්මා.."

"අම්මා හුම්මා තමයි..මතකනෙ ඩැඩි අශ්වින් සියා නිසා තාත්ති කොච්චර දුක් වින්දද කියලා..ඇස් දෙකෙන්ම ඔයා දැක්කානෙ.."

"බෑ තේජු බෑ..මට බෑ එයාට විරුද්ද වෙන්න..මට බැ ඔයාව නැති කරගන්න..මන්..මන් එයාට විරුද්ද වුනොත් මට ඔයාව නැතිවෙනවා..මන් එයාගේ කීමට එකග වුණත් මට ඔයාව නැති වෙනවා..මන් මොකද්ද බබා  කරන්නේ..මගෙ හැම බලයක්ම එයා අල්ල උඩ තියාගෙන මාව නටවනවා..එහෙම වෙලා මන් කොහොමද..අනික මට එයා කිව්වා මන් එකිව බැන්දොත්.."

"බැන්දොත් මාව ලගින් තියාගන්න ඉඩ දෙනවා..එහෙමද කිව්වෙ ඒ ගෑනී.."

"හ්ම්..බේබි ඔයාව මගේ ලගින් තියාගන්න පුලුවන් නම් මන් ගෑනූ සීයක් වුනත් බදින්න එකග වෙනවා..මොනදේ වුනත් මට ඔයා තරම් වටින දෙයක් නෑ දරුවො..මට ඉතුරු ඔය්ය්ම්ම්ම්ම්ම්ම්ම්හ්ක්ම්...ත්ම්ම්ම්ජ්ජ්ම්ම්හ්ම්ම්ජ්ම්ම්ම්ම්ම්ක්ම්ම්ම්ම්.."

මන් රිද්දගත්තෙ මන් වෙනුවෙන් ඕනම දෙයක් කැපකරන මනුස්සයෙක්ගේ අසරන තීරනයක් නිසයී..එයා අසරන වෙන්න මන් හේතුව වෙද්දි මේ කසාදෙ අකමැත්තෙන් වුනත් කරන්නෙ මන් නිසා කියලා ආයෙමත් දැනගද්දි ඒ හැගීම දරාගන්න බැරි තැන මගෙ පපුව කෑගහලා ඇඩුවා..ඉතින් එච්චරයි මන් තරම් වටින තව දෙයක් මේ ලෝකෙ නෑ කියපු එයාට එදා මන් කරපු දිව්රුම අද හැබෑ කරලා පෙන්නන්න ඒ රලු දෙතොල් බලෙන්ම මගේ ග්‍රහනෙට නතු කරගත්තා..

ඒ ඇස් වලින් බේරුන කදුලු වල ලවණ රස මගෙ තොල් වලට දැනෙන්න ගද්දි ජීවිතේ පලමුවතාවට හාදුවක රස විදගන්න මට පුලුවන් වුනා..ඒ තොල් හුගක් උණුසුම්..මාස්මෙලෝශ් වගේ මෙලෙකයි..මගෙ තොල් ඒ තොල් උඩ නලියන වාරයක් ගානෙ ඒ මෙලෙක් බව දැනෙනවා වැඩියි..මට ඒක හපන්න හිතෙනවා..දත් වැදෙන වාරයක් ගානෙ මටත් අවනත නොවී මගෙ දත් ඒ තොල් හිරකරගන්න හදනවා..එත් මට ලෝබයි..තොල් ඒ මෙලෙක්බව අතාරින්න  කැමති නෑ..ඒත් ඉවසිල්ලක් නැති තැන ඒ රසවත් යටිතොල මගෙ දත් අතර තදවුනා..

සිද්ද වුනේ මොකද්ද කියලා හිතාගන්න බැරිවුන ඩැඩී තප්පර ගානක් ගල්පිලිමයක් වගේ ඉදපු තැන එ තොල් මගෙ දත් අතර හිරවුන නිසා හරි සිහියට ආව නිසාදො මන්දා පෙරලා මාව සිපගත්තා..ලග තිබුන ටේබල් එක උඩ එයා මාව වාඩිකරවද්දි මන් කකුල් එයාගෙ වටේ යවලා එයාව මගේ ඇගට තෙරපගත්තා..

ඒ තොල් අල්ලගත්තු තප්පරේ මගේ ඇස් පියවුනේ ඇයිද කියන්න මට තේරෙන්නෑ..එත් මන් දැන් මත් වෙලා..පාවෙනවා වගේ මට දැනෙන්නෙ..අපේ තොල් එකට ගැටෙන වාරයක් පාසා මගෙ ඇතුලාන්තය කැලබෙන්න ගන්නවා..දවල් දැකපු මුහුදේ දිය රැලි ඔන්න දැන් මගෙ යටිබඩ ඇතුලේ රැලිගහන්න අරන්..

මගේ ඔලුව පිටිපස්සට අත තියලා මාව පස්සට ඇදපු එයා නිකටෙන් අල්ලලා මගෙ මූන පැත්තට හරවන් තොල් වලට ආයෙත් බරවෙද්දි ඒ ඇගේ බර දරාගන්න ඕන හන්දාම මන් ටේබල් එක උඩින් අත් තියලා හාන්සිනොවෙන්න වග බලාගත්තා..

මේ පාර එයා මගෙ තොල් හොලවන්නවත් ඉඩක් නොදී සිපගත්තේ මන් ඒ මිහිර උපරිමෙන් විඳමින් ඉන්න අතරෙයි..මාරුවෙන් මාරුවට උඩ තොලින් යටි තොලටද ගියපු ඒ  දෙතොල් විටෙක රලු වෙලා තවත් විටෙක සියුම්ව මාව මත් කරන්න ගත්තා..මන් දැන් හරියට සීනි භාජනේක ගිලිලා මත්වෙලා උන්න ඇඹලයෙක් වගේ..එයාගෙ රසින් මත්වෙලා..

ඇතුලාන්තෙන් එන කැලඹීමයි ඇග වෙව්ලායන මේ හැගීමයි අතරේ මන් දෝලනය වෙද්දි බර දරාගන්න ටේබල් එකට තියාගෙන ඉදපු අත් හිමින් සීරුවේ හිරිවැටිලා යනවා දැනෙනවත් එක්කම එයාවයි මාවයි ටේබල් එක උඩට වැටුනා..වැටෙනවත් එක්කම එයාගෙ අතක් හරි පරිස්සමට මගේ ඔලුව වටේ එතුනේ ඔලුව නොවැදී තියෙන්නයි..

පුළුන් වගේ දැනෙන ඒ දෙතොල් මෑත්කරපු එයා මගෙ තොල් දත්වලින් අල්ලලා හපද්දි කෑගැස්සෙන්න ඇරුනු මගේ කට තප්පරෙන් ඒ දිවෙන් වසාගත්තු එයා හරි කලබලෙන් කට ඇතුලේ හැම අස්සක්ම රසබලන්න ගත්තා..ඒ දිව මගෙ දිව එක්ක පටලැවෙන හැම මොහොතකම හිත කිව්වේ "අනේ ඒවා හරි මෘදුයිනේ" කියලා..

තොල හපපු පාර ලේ ආවා කියන සාක්ෂිය අපෙ තොල් අතර දැනුන මලකඩ රසෙන් ඔප්පුවෙද්දි එය ආයෙම වතාවක් එතන හපලා ඒ තොල් මගෙන් ඈතට ගත්තා..මගෙ ඇගෙන් හිමිට බැහැපු එයා මාවත් කෙලින් කරවලා එකපාරට හදිස්සි හාදුවක් ආයෙත් මගේ තොල් අතරින් තියලා මගෙන් ඈත්වෙලා හිනාවුනා..

ඒසී එක අස්සෙ අපි දෙන්නාට දාඩියත් දාලා..දෙන්නාම හති දැම්මේ හත් ගව්වක් පයින් ඇවිදන් ආපු ගාණට..එයා ආයෙමත් හිනාවෙලා ඒ ඇගිලි මගෙ තොල් උඩ එහෙ මෙහෙ යවලා පුපුරු ගහන තොල් කොනට පුංචි හාදුවක් තිබ්බා..

ඩැඩී ඒකටනම් මාව දියවුනා..කන්දෙකෙන් දුං දානවා වගේ දැනෙද්දි කම්මුල් රතුවෙනවා තේරුනා..එයා හරි ආඩම්බරෙන් මගේ දිහා බලන් ඉදලා මගේ නලලින් ඒ නලල හරි හිමීට තියාගත්තා..

"තේජූ..ඔයා නම් පිස්සුවක් බබා..මොකද්ද ඒ කලේ.."

" මන් නෙමෙ ඔයායි ඩැඩී..මන් ඔයාට වෝර්නින්ග් කරා ආයෙ දරුවො කිව්වොත් කට කනවා කියලා..ඉතිම් මන් කෑවා.."

"ම්ම් බලපිය දැන් කවුරු කාගෙ කටද කෑවෙ කියලා.."

"අනෙ යන්න ඩැඩි..ඔයා හරි නරකයි..එකපාරක් නම් කමක් නෑ දෙපාරක්ම හැපුවා..මන් තදට ඇල්ලුවා විතරයිනේ..ම්හ්ක්.."

" මන් ඉවසද්දි උබමනෙ කොල්ලො මගේ සීලේ කඩන්න හදන්නේ..දැන් හරිනෙ අමාරුව..කෝ බලන්න..ආයෙ හාදුවක් තිබ්බොත් දැවිල්ල අඩුවෙයිද ම්ම්ම් උම්මාහ්..දැන් හරිනේ.."

"යාහ් ඩැඩී.."

අනේ මේ යකා එක්ක බෑ කෙල්ලනේ..මන් කොච්චර කේන්ති ගත්තත් එ පපුව උඩ නිවෙනවා කිව්වෙ මේකයි..හැබැයි අද ටිකක් වෙනස්..දැන් නම් හැමදාම කේන්ති ගන්න හිතෙනවා..හේ..හේ..

ඒවුනාට බඩ දගලන ෆීලින්ග් එකට තමා මාව කොර වෙන්නෙ..ඔය දැනුත් එහෙමයි..දැවිල්ල අඩුවෙන්න ආයෙමත් හාදුවක් තියද්දි ගහපු රැල්ල හතරට පහට නැවිලා ඇඹරිලා ගියා..

ඩැඩී...මං ආදරෙයි තමුසෙට සෑහෙන්න..............

" තේජු..අහන්න වස්තුව..මන් ඉල්ලන්නෙ මෙච්චරයි..මේ ප්‍රශ්නෙට ඔයා මැදිහත්වෙන්නෙපා..මන් උපරිම ට්‍රයි කරනවා කසාද නොබැද ඉන්න..එත් බදින්න වුනත් කලබලවෙන්නෙපා..පස්සෙ කාලෙක මට එකිව ඩිවොස් කරන්න බැරි නෑනෙ..මගෙ පැටියා මන් ගාව ඉන්නවා නම් මට ඒ ඇති..ප්ලීස් තේජූ..අම්මා ගැන ඔයා දන්නවා..මන් එයාට ගරුකරන නිසයි මෙච්චර ඉවසුවේ.."

" අනෙ මන් නොදන්නවෑ ඔය අම්මන්ඩිගේ තරම..ඕකට උල්පන්දම් දෙන්නෙ අර මහතැන..මහා තැනීගේ කෙරුවාව මන් ලගදිම දිගාරින්නම්කෝ..ඩැඩී ඕක බදින්න වෙන්නැ..මන් කිව්වොත් කිව්වා..බදින්න වෙන්නෑ..බලපන්කෝ මන් කරන දේ.."

"තේජූ.."

" නෑ නෑ..ඉජු ඉජු ගෑවට වැඩක් නෑ..ඕක වෙන්නෑ..දැන් යන්න ගෙදර ගිහින් ඇතිවෙනකන් හිතන්න..හිතලා අවසාන තීරනේ මට කියන්න..බලමු බැලිලි නෑ..ඔව්ද බෑද කියලා විතරයි මට දැනගන්න ඕනි..දැන් යන්න.."

"හ්ම්..මන් යන්නම්..පරිස්සමට ගෙදර එන්න..මන් හවසට එන්නද ඔයාව ගන්න.."

"නෑ එපා ටිකක් රෑවෙයි මන් ඩයිවර්ව ගෙන්න ගන්නම්..ඔයා රෙස්ට් කරන්න.."

"හ්ම්..පරිස්සමෙන්.."

" පරිස්සමෙන් ඩැඩි..මන් ආදරෙයි.."

"හ්ම්.."

හැමදාම වගෙ අදත් හිනාවෙලා හ්ම් කියලා එයා යන්න ගියා..ඔය කටින් ආදරෙයි කියන වචනේ මට කවදා අහන්න පුලුවන් වෙයිද ඩැඩී...

.

.

.

.

.

ඩැඩී ගියාට පස්සෙ මට ආපු මේල්ස් ටික චෙක් කරලා ටේබල් එක උඩ තිබුන ෆයිල්ස් චෙක් කරන්න ගත්තා..තව ටිකෙන් මහා විනාසයක් වෙන්නෙ..අපි දෙන්නාගෙ කුලප්පුව වැඩි තැන මන් බුදියගෙන තියෙන්නෙ ෆයිල් ටිකත් යටකරන්..සෑහෙන වෙලාවක් ගියා ඒ ටික හරියට හදාගන්න..

ඒ ඔක්කොම ටික උස්සන් දුෂ්මන්තාගෙ කැබින් එකට ගියේ හවසට අර ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න ඕනි කිව්ව නිසයි..

මන් දොර ඇරගෙන ඇතුලට එනවත් එක්කම මාව පිලිගන්න ආපු එයා මගේ අත උඩ තිබුන ෆයිල් ටික අරන් ඒ බරෙන් මාව නිදහස් කරා..අම්මො නිවන් ගියා වගේ..

එයා යද්දි ඒ පස්සෙන් ගියපු මට වැඩිදුර යන්න හම්බුන්නෑ..ලොකු කරගත්තු ඇස් වලින් එයා මන් දිහා බලලා හරි කලබලෙන් මගේ ලගට ආවා..

" බේබි බෝයි මේ මොකද..ඔයාට තුවාල වෙලා..මොකද්ද වුනේ වැටුනාද..ගෝඩ් එතන රතුවෙලා.."

හප්පද බොල මට අමතක වුනානෙ..පිටසක්වල ජිවියෙක්ට පනුගෙඩි දැම්මා වගේ මගෙ තොල ඉදිමිලා කියලා..අනෙ අනෙ දුෂ්මන්තේ උබටත් ඕන් නැති කෙන්ගෙඩියක් නෑනේ..දැන් හොයපන්කො මේකට කෙප්පයක්..

" බේබි බෝයි..කොහොමද තුවාල වුනේ.."

"හැපුවා.."

" වට් කවුද..මොකාද හැපුවේ..."

" අම්මට නෑ නෑ..හැපුනා..මටම තමයි හැපුනේ.."

තව ඩිංගෙන් කපෝතියි පුතේ..උබ මොන ගොනෙක්ද තේජූ..මොකාද උගෙම තොල මේ වගේ හපාගන්නේ..ලප් තැනම ලොප්නේ ඉතිම්..මන් කිව්ව බොරු පිලිගන්න බැරි තැන දුසා අංකල්ගේ ඇහිබැමක් දුන්න වගේ නැවුනා..මේකා මහාභාරතේ අර්ජුන් වෙන්න බැරිද..

" don't lie බේබි බෝයි..මොකක් හපන්න ගිහින්ද තොල හපාගත්තේ.."

" නෑ නෑ..මන් මුකුත් හැපුවෙ නෑ..මී ඇස් පල්ලා..ඔයාට කියන්න දුසා අංකල්..මන් ගෙදරින් ආවේ ඩැඩීව අවුස්සන නොටි වැඩක් කරලා..ඉතින් එයා අද ආවෙ මාව අල්ලගන්න..අනෙ ඉතිම් එයාට මගෙ වැඩේ මාට්ටු වුන පාර..එයා තේජුට ගැහුවා දුසේ..ඉහික්..අත මිටිකරලම කටට ගැහුවා..එතකොට තමා තොල පැලුනේ.."

මන් අධි රංගනේ පාලා ස්වප්නාගේ මීනාක්ශි වගේ දොම්නස් මූනක් ආරූඪ කරගෙන තොල් පෙරලන් අතේ ඇගිලි පූට්ටු කරන් අනික් අතෙ පූට්ටු ඇගිලි වලට කොටන ගමන් බොරු කදුලකුත් නෙතාගින් වැටුණා වගේ ඇක්ට් පාලා බිම බලාගෙනම ඩැඩියා මට කෙලියා කියලා අංකලයට කෙප්පා කෙලියා..

අනේ ඉතින් මිශන් සක්සස් උදාරයි..උදාරයි වගේ එයත් මනා සේ ගොනා විලස මගේ බොරුවට ඇන්දුනා..

යස් තේජු යස්..උබට දැන් පුලුවන්  වේදිකා නාට්‍යක මල්මද බිසෝට රගපාන්න යන්න..

" වට්..ප්‍රාණව් ඔයාට ගැහුවා..හව් කුඩ් හී..බේබි බොයි අනෙ ඔයාට රිදෙනවද.."

" රිදෙනවනම් තමා දුසේ..මොනා කරන්නද ඒ මගෙ ඩැඩානෙ..මන් කාගෙට ගුටිකෑවා..මොනා වුනත් මට ගහන්න අයිතියක් එයාට තියෙනවනේ..ආ නැද්ද.."

ඩැඩියා කටට කෙලියා කිව්වා විතරයි අත මිටිකරන් දත්මිටි කාපු ඒකා මගේ කෙප්පා පිලිඅරන් ඩැඩියට බනීවිදෝ කියලා හිතුන නිසා ඩැඩියට මගේ අයිතිය ඒකාට ඇනෙන්න වගේ පහදා දුන්නා..

හුම්..ආවා මෙතන ඩැඩිට බනින්න..මේ දුසේ උම්බ ඕවට නම් එන්නෙපා හරිද..මොනා වුනත් ඩැඩීව දෙන්නැ කියන්නෙ නෑම තමයි..මන් දැක්කානෙ ඉස්සෙල්ලා ඩැඩී ඇවිත් ගියාම දොර දිහා සම වැදීගෙන බලාගෙන උන් ආකාරය..ඔය හිතේ අදහස ඉටුකරගන්න එක සුම්මා තමා මේ තේජු ඉන්නකන් හරිතේ...

ඊට පස්සෙ ඕන් ඒකාගෙ කෙන්තිය වගේ එක නිවිලා ගිහින් අසරන සරන හිත උඩට ඇවිත් මාව අල්ලගෙන සෝෆා එකෙන් වාඩි කරවලා මොකද්දො මන්දා ක්‍රීම් එකක් උස්සන් ඇවිත් තොලේ ගාන්න ගත්තා..

කොටන් බඩ්ස් එක මගෙ තොලේ ගාවන ගමන් එයා හිමින් සීරුවෙ එතනට පිබින්න ගත්තා..මොනාද දුසේ කරන්නේ මයිලුත් කෙලින් වෙනවා මේකාගෙ වැඩ වලට..

අම්මටසිරි කිව්වලූ..තොල දැවිල්ලයි හුත්තෝ..ඩැඩී..ලෑස්තිවෙලා ඉදපන් මේවට විදවන්න යකෝ මන් හපාගන්න බැරුව ලෝබකමෙන් ඒ තොල ලෙවකද්දි මේකා කිසි රසවින්දනයක් නැති එකා වගේ හපලා දාපු කැත..ශික් ලැජ්ජයි..මුල ඉදලම කිස් කරන්න කියලා දෙන්න වෙයි වගේ..

" දැවිල්ලද.."

ඩැඩියාගෙ පලු ඇර ඇර ඉදපු මාව දුසාගෙ කටහඩින් ගැස්සිලා ගියා..යකො මුන් හන්දා මන් මැරෙන්නෙ හාට් එකේ ෆියුස් ගිහින්..ඒ හේසල් ඇස් අස්සෙන් මට මාවම පේද්දි ඒ රතු තොල් හිමින් සීරුවෙ මට ලංවෙලා තොල් අගට පිබිද්දි මගෙ හාට් ඉබ්බාගෙයි හාවගෙයි රේස් එක දුවන්න පටන් ගත්තා..

"දැන් හරි..තාම දැවිල්ලද.."

එයා අහද්දි මන් නෑ කියන්න මගෙ ඔලුව වැනලා ගැහෙන මගෙ පපුව අත මිටි කරලා තට්ටු කරා..එපා වුත්තො එපා..හැම එකා ඉස්සරහම ඕක ගැහෙන එක නවත්තපන්..

ඉතින් බල්ලො ඕක ගැහුන් නැත්තම් උබ මැරෙනොනේ..අම්මට ඔව්නේ හික්ස් සොරි සොරි..ඔන්නොහේ උබ ගැහියන්..

" හ්ම් ගුඩ්..ඔහොම ඉන්න මන් ෆයිල් ටික අරන් එන්නම්.."

මාව සෝෆා එකෙන්ම තියපු එයා ටේබල් එක ලගට ගිහින් ලැප් එකයි ෆයිල්ස් ටිකයි අරන් ඇවිත් පැත්තකින් තියලා ලැප් එක ඔන් කරලා මට දුන්නා..

" බලන්න බේබි බෝයි..මේ තියෙන්නෙ අපි කලින් හදපු ඩිසයින් එක..මේක තමයි අපෙ කෙනෙක්ගේ වැරැද්දකින් රිජෙක්ට් වුනේ..ඔයා දන්නවද දන්නෑ..එත් මේ ෆීල්ඩ් එකේදි එකම ඩිසයින් එක දෙපාරක් අපි හදන්න අලව් දෙන්නෑ..ඉතිම් අපිට මේක ටිකක් වෙනස් කරන්න වෙනවා..බලන්න මන් අලුතෙන් සාම්පල් ඩිසයින් ටිකක් හදලා ඇති..එයාලා ඉල්ලපු විදියට මේක aesthetic සයිඩ් එකට ටිකක් බර වෙන්න ඕනි..කොහොම හරි අපි අද දවස ඇතුලත මේක හදලා යවන්න ඕනි..එයාලා මේකට අලව් දුන්නොත් අපිට පුලුවන් මීට් වෙලා ඉතුරු ටික ඩිස්කස් කරගන්න..අම්..ඔයාට මන් ටේබල් එකක් ගෙනල්ලා දාගත්තා..අර තීන්නේ..සැරින් සැරෙ යන්න එන්න ගියාම අමාරුයි..අදට විතරක් ඒකෙ වැඩ කරන්න..ඕකේ..එහෙනම් ඔයා මෙතනින් ටිකක් බලන්න..බලලා ඔයාගේ අයිඩියාස් ටිකක් දාලා සාම්පල් එකක් හදන්න බලන්නකෝ.."

" ඕකේ අංකල්..මන් කරන්නම්.."

එතනින් එහාට එයයි මායි පැයගානක් ෆයිල්ස් වලට යටවෙලා ඩිසයින්ස් ඇන්දා..සාම්පල් තේරුවා..අනිත් අයගේ ප්ලෑන්ස් වලින් ඩිටේල්ස් අරන් සමහර එවා චේන්ජ් කරා..ඒ ප්‍රොජෙක්ට් එක ටිකක් බරෑරුම්..ලංකාවෙ නම්බර් වන් බිස්නස්මන් කෙනෙක්ගේ අලුතින් හදන වෙඩින්මෝල් එකක්..ලක්ශ 100 ක..ලේසි වෙන්නෑ..හැම ඩෙකරේශන් එකක්ම අපිම හදපුවා වෙන්න ඕනී..කන්ස්ට්‍රක්ටර්ස්ලාගෙ වැඩේ සක්සස් වුනත් එයාලා ඉල්ලපු ඩිසයින් එකට අපි යවපු ක්ලෝත් මැටීරියල්ස් ටික මාරු වෙච්චි හන්දා ප්‍රජෙක්ට් එකම කැන්සල් කරා..දැන් ඔක්කොම අලුතෙන් හදන්න වෙනවා..හාමු මහත්තයාට සල්ලි වැඩිවෙලා නැති මගුල් මවලා හදල දෙන්න කියද්දි කොරවෙන්නෙ අපි..

එක දිගට පැය පහක් විතර පුටුවෙම ඉදලා ඇගට පන නෑ වගෙ..පව් එයාටත් ඔලුව උස්සල්ලා ඉන්න විදිහක් නෑ..සැරින් සැරේ කෝල්ස් එනවා..මන් මේ බොන අටවෙනි කෝෆි එක..අන්තිම ටික කරන්න තින්නෙ..එත් ස්ක්‍රීන් එක දිහා එක දිගට බලන් ඉදලා නලල පුපුරන්න වගේ..අතේ අල්ලෙන් ඇස් දෙකම කසලා අවසානෙ රතූපාට වෙලා දැවිල්ල ඇල්ලුවා..කොහොම හරි යාන්තමට මේසෙන් ඔලුව ගහගත්තු පාර දන්නෙම නැතුව මට නින්ද ගියා..

මන් නැගිටිද්දි වටේම කලුවර වෙලා..ෆක් අටත් පහුවෙලා..මන්  පැය තුනක් නිදාගෙන..කො ෆයිල් එක..එයත් නෑ..නිදාගෙන නැගිට්ටාම මොලේ නාටුවෙලා ගියා..මන් කෙලින් වෙද්දි කකුල් දෙකම හිරිවැටිලා කටු ඇනෙනවා වගේ..ඒත් එක්කම මගෙ කරේ තිබ්බ දෙයක් බිමට වැටුන නිසා මන් ඒක ඇහිදලා බැලුවා..ඒ දුස්මන්තාගේ කෝට් එක..එයාද මේක මට පෙරෙව්වේ..ඒත් කෝ මිනිහා..

" ඔහ් බේබි බෝයි..ඔයා නැගිටලා..බඩගිනිද..අපි යන ගමන් කමු..ඔහ් ෆයිල් එකද හොයන්නෙ..මන් ඉතුරු ටික බලලා සබ්මිට් කරා..ඔයා ගිහින් මූන ටිකක් හෝදන් එන්න..මන් ඔයාව ඩ්‍රොප් කරන් යන්නම්.."

මන් දොර අරින්න හදනවත් එක්කම දොර ඇරන් ආපු එයා හරි නිවුන ස්වරූපයකින් මට කතා කරලා මූන හෝදන් ඇවිත් යන්න ලෑස්තිවෙන්න කිව්වා..

mama calling...

වොශ්රූම් එකට යද්දිම මමාගෙන් කෝල් එකක් ආවා..

" හෙලො මාම්.."

" හෙලො බෙලො නෙමෙ බල්ලෝ..උබ මොන ලෝකෙද මකබෑවුනේ..ගෙයක් කියලා මගුලක්  තියෙනවා කියලා අමතකද..උබ එන්නැද්ද කොල්ලෝ.."

"ගෝඩ් මාම් ඔහොම කෑගහන්න එපා..දැනුයි වැඩ ඉවර වුනේ.."

"උබ මොනාද මහා රෑවෙනකම් ඔය ගුබ්බෑයමේ කෙරුවේ.."

"පොල් ගෑවා..අනෙ මාම් මන් දැන් එන්න හදන්නෙ බොරුවට කලබල නොකර ඔය මගුල තියන්න.."

"නෑ නෑ උබ එන්න ඕන්නෑ..ගිය මගුලෙම ඉදපන්.."

"මාම්.."

" හරි හරි දැන් එන්නෙ මොකේද..ආ..එන්න ලට්ටමක් තියෙනවද.."

"දුෂ්මන්ත් මාව බස්සන්නම් කිව්වා.."

"මොකක් කිව්වා  දිෂ්ටිය..උබ ඒ ගමන මොන යකාවද අල්ලන් ඉන්නෙ.."

" ගෝඩ් මාම් යකෙක් නෙමෙයි අනේ..ඒ මගෙ බොස්.."

" ඈ බන් කොල්ලෝ..මෙච්චර කාලයක් අර නාකියා මැරෙන්න හැදුවේ උබට බොස් වෙන්න කියල නේද..එහෙව් එකේ උබ නෙමෙද බොස්..කවුද ඒකා.."

" අනෙ මාම්..ප්ලිස් අනේ ඔය මගුල් වලට මන් ඇවිත් උත්තර බදින්නම්..දැන් බෑ මට මහන්සී.."

"ආ හරි හරි එහෙනම් ඔහොම්ම පහලට බැහැපන්..මන් ඉන්නවා.."

"මොකක් ඔයා මෙහෙ.."

"ඔව් ඔව් මන් තමා..වරෙන් දැන්වත් පහලට..ඇවිල්ලත් පැය විසීකොලහක් වෙනෝ..උබ පරක්කු නිසා මම ආවෙ..වරෙන්කො දැන්වත්.."

මාම් නම් ඔහොම්මමයි..දුස්මන්තාත් පල්ලෙහාට එන්න කිව්ව නිසා මන් මුන හෝදගෙන පහලට දිව්වා..මන් යද්දි මාම් ඉන්නො කාර් එකට හෙත්තුවෙලා රටකජු ගොට්ටක් හප හප..

" මාම්..අපි යමු.."

"කොහෙ යන්නද ඔහොම ඉදපන් ටිකක්..කො උබේ මහාලොකු බොසා..ඌවත් බලලම යමූ.."

"ඕන්නෑ මාම් එයාට කෝල් කරලා කියමූ.."

"අනේ උබ නටපන්..මන් අද ඒකාව බලලා මිසක් හෙල්ලෙන්නෑ.."

ආආඅර්හ්හ්..මෙයා නම් වෙලාවකට මල ඇණයක්..එසේ මෙසේ වදයක් නෙමෙ අපිට දෙන්නෙ..

දුෂ්මන්තා ඈතින් එනවා දැකපු නිසා මන් ඒ පැත්තට යන්න හදද්දි එයත් මාව දැකලා දුවගෙන වගේ අවා..අනේ යකූ එන්නෙපා දුවපිය..දුප් දුප්..මාම්ගෙන් බේරිල්ලක් නෑ..අනෙ එන්නෙපෝ..සැක් මේකා කනවනේ ඔක්කොම..එව්ව් දෙන්න හිතයි ලොන්තපොලොස්කට්ටාට..

" බේබි බෝයි..අපි යමුද.."

"අහ්ම්..මේ දුසේ-.."

"ඔහ් හායි..තේජු බබා කවුද මේ ඔයාගේ යාලුවෙක්ද..හායි නයිස්ටූ මීට් යූ..මන් තේජුගේ.............බ්‍රදර්...."

"මාම්..මොකද්ද මේ විකාරෙ.."

මාම් දුසා ඉස්සරහා මගේ සායම වතුරෙ යවන්න හදද්දි ඉක්මන්ට එයාගෙ කනට ලංකරලා විකාර නැතුව ඉන්න කියලා වැන්දා..ඒත් එයා නෙමෙයි කනකට ගත්තේ.....

"පැහෙන්නැතුව ඉදපන් ටිකක්..බලපන්කෝ මේකාගෙ හැන්ඩී..මට ආයෙ බදින්න හිතයි.."

" ඔහ් හායි..අයිම් රාහුල් දුෂ්මන්ත්..නයිස් ටු මීට් යූ ටූ..මන් තේජුගේ බිස්නස් පාර්ට්නර්.."

" ඔහ් වාව්..අනේ ඔයාද ඒ..මන් බැලුවා තේජු කියපු අලුත් බොසා කවුදා කියලා හේ හේ..ඉතින් දුෂ්..හව් හව්..".

මාම් මීට වැඩිය හොදයි කඩුවක් අරන් ඔයා මගෙ බෙල්ල කැපුවානම්..

"මාම් අපි දැන් යමු නේද.."

"මාම්.."

" අහ් නැ නැ පිස්සු කොල්ලා..මෙයා මට ආදරෙට මාම් කියන්නෙ අනේ..අපිනෙ ඉතින් එයාව බලාගත්තේ..මේකා හැදුනේ අපේ අත්වල.."

" ඔහ් අයි සී.."

"යා යා..සී අයි සී තමා..ඉතිම් දුෂ් ඔයා බැදලද.."

" තාම නෑ..එතකොට ඔයා.."

"මාත් නෑ අනෙ ඉතිම්..දන්නැද්ද..තේජුවාව බලාකියාගෙන ඉද්දි ඕවා ගැන හිතන්න වෙලාවක් තිබුනේ නෑ.."

දුසාත් මාම්ගේ බොරුවට රතු ඉන්දියානු හරකා වගේ ඇන්දුනා..

"මාම්..අපි යමු මට බඩගිනි..දුෂ්මන්ත් අංකල් අපි යනවා..ටේක් කෙයාර්..සී යූ ටුමෝරොව්.."

"ඕකේ බේබි බෝයි සී යූ සූන්.."

මාම්ට තවත් කියවන්න නොදී මන් බලෙන්ම ඇදන් ඇවිත් කාර් එකට නැග්ගුවා..අම්මෝ..මේ කට ඇරියොත් විනාසයි..මාම් වගේ තව එකෙක් ඉදියානම් මේ රට විනාසයි වුත්තෝ..

" ඔහොම ඉදපන්..බේබි බෝයි..එයා කිව්වේ බේබි බෝයි කියලාද.."

ආ ඔය කරේ..දැන් දීපන්කෝ උත්තර..

" අඅ මේ ඔව් මාම් එයා මට කතා කරන්නෙ එහෙම.."

"ඔහ් හෝ..ඒකත් එහෙමද..නරකම නෑ.."

"මොනාද මාම් අර කියපු බොරු...මගේ බ්‍රදර්..මාම් නෙමෙයිලූ..මැරිකරලත් නෑ..එතකොට පපා මොකාද..අතදරුවද.."

"එව්ව් එව්ව් ගොඩයා..උබට ඒකවත් තේරෙන්නෑ..බලපන්කො එයාගෙ සෙස්සි...ම්ම්ම්ම්හ්...අම්මො කොහෙන්ද බන් ඒකා ඇවිත් ඉන්නේ..දැක්කත් ඇති ෆෝම් වෙන්න..මරු කද ඕයි..ඔහොම එකක් ඉස්සරහා බැදලා කියන්න ලැජ්ජ නැද්ද..උබත් නොදෝකින් උට ඇහෙන්නම මාම් මාම් ගෑවා..මට දෙන්ඩ හිතුනා කන පැලෙන්න.."

"ගෝඩ් මාම් ඔයා නම්..පපා පව් අනේ.."

"ඇයි ඇයි උගේ මොනා පව්ද..අනෙ මෙ නටාගනිම්..බලපන්කෝ ඒ නම රාහුල් දුෂ්මන්ත්..අනෙව් එහ් දුෂ්මන්තා..මන් සකුන්තලා අඩේහ්..උබව හොයාගෙනව ආවා..අනේයි තේජූ එයා සෝයි බල්ලෝ..."

ආව්..යකෝ..මාම් දුසා හොදයි කියලා මගෙ අතට ගගහා නහින්න හැදුවා..ඩයිවර් අංකලුත් හැරිලා බැලුවා..සැක් වස ලැජ්ජාව බන්..

"පිස්සුද මාම් ඔයාට.."

" ඔව් ඔව්..මන් දැන් දුසා නිසා පිස්සෙක්..අනෙ බලපන්කෝ උබේ daddy වගේද ඒකා..අම්මොහ් daddiest..අනේ එක්කො උබ ඌව බැදලා අපි දෙන්නාම සෙයා කරන් ජීවත් වෙමුකො බන්.."

දෙවියෝ මාම් මවද්දි මොලේ දාන්න අමතක වෙලා..පපා සේව් මී..මට සික් එක වගේ.........

________________________

හෙලො සමයි...

මන් ආවා 🌝❤️💥

අද එක කෝමතේ...

ම්හුක්

කාවද ඕනි

ඩැඩීද

දුසාද

දැන් ඉතිම් මාස්මිලෝස් කාලා හමාරයි පුචේ..😪

තමාල් වගේ මාම් කෙනෙක්  හම්බුනොත් වහාම දැනුන් දෙන්න ඕනි හොදේ😂💥අසරන නුරාග් 😪

හනෙව් තැන්ක්😂💥❤️

ඩැඩීහ්...ඩැඩීහ්...

කමෙන්ට් දාන්නෝ👉👈

එන්නම්

ආතරෙයි❤️

_Gojo_

Share This Chapter