Back
/ 49
Chapter 9

Chapter 9

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

ක්ලබ් එකෙ ප්‍රයිවට් ඒරියා එකට වෙලා ඉස්සරහට එන්න තියෙන ඩීල්ස් ටික ශෙරිල් එරික් එක්ක චෙක් කරපු මම දුෂ්මන්තාගෙ ගෙදරින් උස්සන් ආපු ෆයිල් එකෙ ඩීටෙල්ස් ටික අතට එනකන් මග බලාගෙන ඉදියා..

බලාපොරොත්තුවුන තරම් විස්තරයක් එකේ නොතිබුනත් එයා  කවුද කියන්න තහවුරු කරගන්න ඒ තොරතුරු සෑහුනා..ඒ තොරතුරු වලට අනුව සමාජෙට පෙන්නන් ඉන්න මූණ තමයි එයාගෙ හැබෑ මුහුණ කියලා විශ්වාස කරන්න පුලුවන් වුනා..........ඒත්..ඇයි මට හිතෙන්නේ මේක මගෙ අතට එන්න තිබුන ෆයිල් එකක් කියලා..එයා මේක ඕනකමින් ලොකර් එකේ දැම්මා වෙන්න බැරිද.

නෑ දුෂ්මන්ත්..මේ ඔයා නෙමෙයි..ඔයාට තව මුහුණක් තියෙනවා..මේක නෙමෙයි ඔයාගේ සැබෑ මුහුණ..ඒත් ඇයි ඒක හොයාගන්න මෙච්චර අමාරු..මොකද්ද මේ හැංගුන රහස..

ඇත්තටම ඔයා කවුද??

The Masked Prince...

"තේජු.."

"ම්ම්ම්ම්"

" උබ අපිටත් නොකියා ගිය මගුලෙන් හොයාගත්තුවා වැඩක් වුනාද ඉතින්.."

" හිතුව තරම් දෙයක් තිබුන්නෑ..ඩාර්ක් වර්ල්ඩ් එකට අයිති විස්තර විතරයි තිබුණේ..සමහර එවා අපි දන්නවනෙ..වැඩකට ඇති දේකට වුනේ අර වදකාරයාව අයින් කරලා දාන්න පුලුවන් වුන එක.."

"ඔය ඇටකිජ්ජ හොයාගන්නද තෝ අච්චර ගුටිකෑවෙ..අනෙ අම්මපා උබ නම්..මුරන්ඩු කමේ උල්පත උබ..බලපන් ඇති වැඩක් තියෙනවද ඔය ටිකෙන්.."

" බොරුවට කෑනොගහා ඉදපන්..මන් ගිය එක අපරාදයක් වුනේමත් නෑ.."

" ඒකිව්වේ??.."

" ඒකිව්වෙ මේකයි.. එයාගෙ ලොකර් එක අදිද්දි ඒකෙ තිබුන තව දේකට මගෙ ඇස් ගියා..ඒක.. Black Eagle seal letter එකක්.."

" What..seriously.."

"ම්ම්ම්.. ඒකම ඇති එයා ගැන සැක කරන්න..බලමුකො..විලේ ගැඹුර බලන්න නම් විලට බහින්න ඕනා කියලා කියන්නෙ.."

" ඒ ලෙටර් එක දෙන්නෙ තෝරගත්ත කට්ටියට..ඒකියන්නෙ දුෂ්මන්ත්..."

"හ්ම්..වෙන්න පුලුවන්..අපි බලමුකො.."

" තේජු..මේක සැහැල්ලුවට ගන්න බෑ..උබ පරිස්සම් වෙන්න ඕනි..උබේ මුරණ්ඩුකම් නිසා අනතුරේ වැටෙන්න හැදුවොත් මට සිද්ද වෙනවා සහෝදරකම පැත්තක දාලා උබව හිරකරන්න.."

" බයවෙන්න එපා..උබලවත් පරිස්සම් කරන ගමන් මාත් පරිස්සම් වෙන්නම්.."

.

.

.

.

.

.

.

.

.

" අඩ්ඩාඩ් ඩා..පුංචි බේබියේ ඔයැයි ආවැයි...අනෙ ඉතින් ඇයි බේබියේ ආවෙ..ගිය මගුලෙ තව ජුංගක් ඉන්න තිබුබානෙ ඔහේට.."

" අඩ්ඩ නෙමෙ උබ බඩ්ඩ..අහකට වෙයන්  මට බහින්න..මොකද්ද බන් අයින් වෙයන්කෝ..මේ මිනිහට තව හයර් එකක් තියෙනවලූ..පලයන්කො ගොඩයෝ අහකට..රඹුටන් හිවලා.."

දඩු මොණරි තහනම් වුනත් හරි මගෙ කකුල් දෙක පණ නෑ වගේ..පික් මී එකක් දාගෙන ගෙදර ආපු මට වාහනෙන් බැහැගන්න නොදී එකපාරට කඩන් වැදුන සේපාලයා තාප්පයක් වගේ පාර හරස් කරලා හිටගත්තා..

මොන ලන්සි හිපාටුවෙක්ද මේ..හැටි විතරක්..ඇස් කඩන් යන රතු පාට ශර්ට් එකට තද දම්පාට කලිසමක් ඇදගෙන.. අරලියා මලක් කනේ ගහලා..දිය නයාවගේ එල්ලෙන කරාබු දෙකයි.. කොන්ඩෙ එකතු කරලා ගැටගහපු ඇබිත්තන් පෝනි නැට්ටයි..අතේ දාගෙන ඉන්න සුදු රිදී මාංචු හැඩේ බ්‍රේස්ලට් එකයි..ඒ මදිවට මොඩිසෝරි ලමයෙක් වගේ නේම් ටැග් එක ඉස්සරහා පොකට් එකෙ පින් එකකින් ගහලා..බලාපියකෝ මේකා..

කවුද යකො මේ අඩු මානසික මොංගෝලියන් නිවර්තකයාව සෙකට්‍රි කරපූ මාන්දමා..

"බේබි බේබි..අපි ආපු අතක් බලාගෙන යමු නේද..අනෙ බේබි ආයෙ පලකෝ.."

"මන් කොහෙ යන්නද ඕයි..ගෙට ගොඩ වෙන්න කලින් ඔලුව කන්නෙපා..පලයන්කෝ අහකට..ඇයි ඔයි මැද්දට පනින්නෙ..බලපන් තව ටිකෙන් කකුල පැටලිලා තෝයි මායි බිම..මැරුන් නොකා පලයන්.."

සේපාලයාව අහකට තල්ලු කරලා වාහනෙන් බැහැගත්තු මම ගේට් එකෙන් ඇතුලට යන්න හදද්දි යන්නෙපා ගාගෙන සේපාලයා මැද්දට පැනපු නිසා උගෙ කකුලෙ පැටලිලා වැටෙන්න ගිය පාර තව ටිකෙන් මගෙ ලොම්බ බිම..මේ මොන රතු බූන්දි ලොන්තයෙක්ද යකෝ..අතැරපන් කකුල..අයියෝ මේකා ඒ ගමන මට යන්න බැරිවෙන්න කකුලේ එල්ලුනා..

" අනේ බේබී තිස්තුන්කෝටි දෙවිදේවතාවුන් වහන්සෙලාගෙ නාමෙන් යන්නෙපා බේබි..අරහෙට නම් යන්නෙපා..අනෙ ඔහේට කියන මගුලක් තේරෙන්නෙ නැතෙයි..නතරවෙයල්ලකෝ.."

" සේපාල උබට මොන හූනියමක් වැහිලද යකෝ..පලයන්කො අහකට..මාව අතෑරපන්..මන් ආයෙ කියන්නෑ..කකුල අතෑරපන් සමනලයෝ.."

" අනේ බේබි බටර්ෆ්ලාආආඅයි බටර්ෆ්ලාආඅයි වෙයා ආයූ ගොයින්.."

" යකෝ මගෙ කන..බිජ්ජ තැලුනද හුත්තෝ.. යටි ගිරියෙන් බෙරිහන්දෙන්නෙ ඔහොම.."

"එහාට වෙයන්..මන් ඇතුලට යන එක යනවා..සේපාල උබ අම්බපාලි නොවී මගේ පාරෙන් අයින් වෙයන්.."

අනෙ හුනේ ගගා මේකා පානෙ දාගෙන නහිද්දි මගෙ පාරෙන් හිටන් ඉදපු ඌවත් හරහට උස්සගත්තු මම ගෙට එන්න ආවා.

" අනෙ සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිත්..පිරිත් පැන් වෙනුවට හුජ්ජ වතුර විසික් කරාවි බේබේයේ මාව බිමින් තියහන්කෝ..හනේ මන් මැරෙන්න බයායි.. කන්‍යාකුමාරි මම..අනෙ මම සිල් බිදගත්තේ නැත්තේ  මූල් සිපගත්තෙ නැත්තෙ බේබියෙක් නිසා..අනෙ බෙබියේ මාව තියහන්කෝ..වැටේවිනේ..මම බයයිනේ.."

"කටපියන් වරෙන්..තව  වචනයක් හරි කියෙව්වොත් දානවා අර පොකුනට තෝව.."

"ම්ම්ම්ම්ම්හ් හුම්ම්ම්ම්ම් උම්ම්ම්ම්ම් නුන්ම්ම්ම්ම්ම් කුම්ම්ම් බුම්ම්ම්ම් අම්ම්ම්ම්ම්ම් මුම්ම්ම්ම්ම්ම්.."

"මොකද ඕයි මේ..කියන දෙයක් අත අහකට කරලා කියපන්..මොන මගුලක්ද කට අතින් වහගෙන මුමුනන්නෙ.."

" ඔය ඉතින් ඔයැයිනෙ කිව්වෙ වචනයක් වත් කියන්නෙපාය කියලා..ඉතින් මන් ඒක නිසා කට වහගෙන කියෙව්වා..අනෙ බේබියේ අපි ගෙදර නොයා ඕන රෙද්දස්සක යමුකෝඕ.."

" බෑ බෑ..උබ මෙච්චර යන්නෙපා කියන නිසා දැන් නම් යන්නම ඕනී..උබට ඕනි නම් මන් වෙන වෙලාවක උබව අරන් රෙද්දක් අස්සට යන්නන්..දැන්  කටවහන් වරෙන්කෝ.."

"හීකෙයියා..ශිව ශිව ශිව..මොනාද බේබි මේ කියන අවකැපෙන කතා..දෙයියොත් විසෝප වෙයි.."

" අවකැපෙන කෙසේවෙතත් ගලකැපෙන කතා නම් මන් දන්නවා.."

සේපාලයාගෙ කනට කරලා මන් කියද්දි ඌ අත් දෙකෙන්ම කටවහන් හොල්මනක් දැක්කා වගේ බය වෙන්න ගත්තා..මේකාගෙ මොලේ නැ..ලොද විතරයි..

ඌවත් උස්සගෙන ගේ ඇතුලට අඩිය තියන්න හැදුවා විතරයි..ගේ ඇතුලේ ඉදපු මිනිස්සුන්වයි ගේයි දැක්කට පස්සෙ මගෙ අතින් සේපාලයාව අතෑරුනා..

" කිරි අප්පොච්චියේ මගෙ කොන්ද..අඩ්ඩ්ඩඩ්ඩා..බේබී.

ඔහේ කැත මිනිහා..මාව අතෑරියනෙ ඔහේ..අම්මියෝ මයෙ කොන්ද කැඩුනෝඕඕඕඕ..අකලට හිස කෙස් විතරයි මගෙ හැලුනේ..දැන් කොන්දත් කැඩුනා..අනෙ මේව්වා දෙයියොම බලාපිය.."

"සේපාල..මොකද මේ.."

"අනෙ මයෙ ඇමතිතුමෝ..බේබියා කෙලියා..මගෙ කොන්දට කෙලියා.."

සේපාලයාගෙ කෑගැහිල්ලට ඇතුලේ ඉදපු හැමෝගෙම අවදානෙ අපිට එද්දි මන් දැක්කා එ අය මැද්දෙ මන් බලාගෙන ඉදපු එයාගෙ ඇස් ගැස්සෙනවා..මුන් මොන විකාරයක්ද නටන්න හදන්නේ..මෙහෙන් මුලූ ගේම සරසද්දි..මගෙ ආදරණිය ඇමතිතුමයි..එතුමගෙ පියාණන් එක්ක මෑනියනුයි..ආර්ය සියයි..එයාගෙ පොඩි දුවත් එක්ක ඩෑඩ්ගෙ තාත්තායි අම්මයි..වටේට එකතුවෙලා මගෙ ඇමතියාගෙ වෙන්ඩ මාමණ්ඩියි නැන්දම්මයි එක්ක ලොකු සාකච්ඡාවක..

මාව දැකපු ගමන් මගෙ ඇමතිතුමා වාඩිවෙලා ඉදපු තැනින් කෙලින් වුණා..සේපාලගෙන් විස්තර අහන මුවාවෙන් මගෙ ගාවට ආපු එයාව මන් නොදැක්ක ගානට මගෑරලා කාමරේට යන්න ආවා..

මුන් ඒත් මේ මගුල නවත්තලා නෑ..මට හිතුනා නිකමට මගෙ නාකියා ඇගේ එල්ලීගෙන එද්දිම පිනුමක් ගහන්න තමා හදන්නෙ කියලා..පිට උන් ඉස්සරහා කෑගහලා එයාව ලැජ්ජ කරනවට වඩා..හිතේ ආවේගේ පාලනේ කරගන්න පිහිතලේට අතකපාගන්නවා හොදයි..

" තේජූ..පිස්සුද උබට.."

"මා..ම්.."

"  දීපන් ඕක..දෙයියනේ ලේ..උබේ මොලේ නරක් වේගෙන එනවද ආ..පිස්සු හුත්තා..මෙහෙට වරෙන්.."

මගෙ අතේ තිබුන නයිෆ් එක අතට ගත්තු මාම් මාව පුටුවෙන් වාඩිකරවලා ෆස්ට්ඒඩ් බොක්ස් එක අරන් එතනට බෙහෙත් දාන්න ගත්තා..

"  කැසිල්ලද උබට..බලපන් හොදටම කැපිලා..සැපද දැන් අත් දෙකම නෑ උබට..වරෙන්කො මාම් මාම් ගාගෙන මන් ගාවට.."

"මොකද්ද වුනේ කියපන්..මහා දවාලෙ මහාසෝනා වැහුනද ආ."

"මට..කේන්තියි මාම්.."

" ආ හරි සෝක් වෙරි ගුඩ්..කේන්තී කියලා අත කපාගත්තාම හරිද ආ..මිට වැඩිය හොදයි අහවල් එක කපාගත්තානම්.."

මන්දා...ඒක පුරුද්දට ගිහින්..දරාගන්න බැරි කේන්තියක් ආවම මන් මටත් නොදැනිම self harm කරගන්නවා..හරියට මේ දැන් වගේ..

එයාව පහුකරන් මන් පඩිපෙල නැගන් ආවෙ කොහොමද..පහල ටේබල් එකේ තිබුන නයිෆ් එක මගෙ අතට ආවෙ කොයි වෙලාවෙද කියලාවත් මට මතක නෑ..

" කෝ මගෙ දිහා බලන්න..ඇයි මගෙ පුතේ මෙහෙම කරගන්නෙ.. ආවේගෙටද??..ම්ම්ම්..එහෙම ආවේගයක් ආපු පලියට තමන්ට රිද්දගෙන හරියන්නෑ මගෙ වස්තුවේ..ඔයා මේ විදියට හැසිරෙද්දි මට බයයි..දන්නවද මන් ඔයා ගෙට එනවා උඩ ඉද්දිම දැක්කා..එවෙලෙ මන් හිතුවේ ඔයා ඇතුලට ආපු ගමන් ගේ දෙවනත් කරයි කියලා..ඒත් මෙවගේ දෙයක්..මෙහෙම එකක් මන් බලාපොරොත්තු වුනේ නැ දරුවො..මොකද මේ?? ඇයි මගෙ තේජු නිහඩ..අහන්න මගෙ පුතේ..කෑගහලා වේදනා පිටකරන මිනිස්සු එකපාරටම නිහඩ වෙද්දි හරි බයානකයි..හරියට මේ වගේ..ඔයා ඉපදුන දවසෙ ඉදන් මන් ඔයා දිහා බලාගෙන ඉදියා..මේ මන් දන්න තේජු නෙමෙයි..මට කියන්න ඔයා මෙහෙම කරගන්නෙ කවදා ඉදන් ද?? ම්ම්ම්..කෝ බිම බලන්නෙපා අම්මිගේ මූන දිහා බලන් මට කියන්න.."

" ම..න්..දන්නැ මාම්..පොඩි කාලෙ ඉදන් මට හරියට කේන්ති යනවා..එතකොට මන්..මන්..කේන්තිය නිවාගත්තේ ලග ඉදපු උන්ට ගහලා..ඒත්..ඒක වැඩිවෙන්න ගත්තේ....."

"මීට අවුරුදු තුනකට කලින්..මන් හරිනේ..ඔයා අපෙන් ඈත් වුනාට පස්සේ.."

මාම් අහපු ප්‍රශ්නෙට මන් දීපු අසම්පූර්ණ උත්තරේ එයාම පුරවද්දි ඒක හරී කියන්න මන් ඔලුව වනලා ලොකු හුස්මක් පිටකරලා බෙහෙත් දාපු මගේ අත දිහා බලාගත්තා..

ඇත්ත පොඩිකාලෙ ඉදන් මට පාලනෙ කරගන්න බැරි තරමට කේන්ති යනවා..එවෙලෙට මන් පිස්සෙක් වගේ..ලග ඉන්නෙ මොකාද උට ගහනවා..ගහන්න බැරි වුනොත් බඩුවක් හරි කුඩුකරනවා..පිස්සුවෙන් වගේ කෙන්තියෙන් ඉන්න මාව නිවෙන එකම තැන "ඩැඩී"..එයාගෙ සුවද දැනුනත් මන් නිවෙනවා..මන්දා..එයා හරියට මැජික් එකක් වගේ..මගේ කේන්තිය නිවන්න ආපු සැනසීම එයා..

ඒත් එයා මගෙන් ඈතට යද්දි මට ඒක දරාගන්න බැරිවුනා..එදැයින් පස්සෙ මන් මේ වගේ..හරි සිහිය ආවට පස්සෙයි වුනේ මොකද්ද කියලා තේරුම් යන්නෙ..ඒත් මේ විදියට දරුනු වුන අවස්තා දෙකයි..එකක් මාව තනියෙන් රට යවද්දි..අනිත් එක..එයා මාව රිජෙක්ට් කරපු දවස..මේ තුන්වෙනි වතාව..මන් හිතුවා එයා ගාවට ආවට පස්සෙවත් මේක ඇරිලා යයි කියලා..ඒත්..මට තේරෙන්නෑ..මන් හිතනවා මේක ලොකු දෙයක් නෙමෙයි කියලා..

ටාං..

"ආව් මාම්.."

"මොනාද තෝ හිතන්නෙ..බලාපිය අරුන් මනමාලි නැතුවම මගුල් කන්න යනවා..උබට උස්සන්න තිබ්බෙ මනමාලිව නෙමෙයි මනමාලයාව බන්..නොදෝකින් උබ වැඩක් හරියට කරගන්න බෑ.."

මොකක්..මාම් කොහොමද ඒක දන්නෙ..

" මොකද්ද මාම් ඔයා කිව්වේ..මට ඇහුනා වැරදිද..මනමාලිව ඉස්සුවා මම.."

" ඤඤ ඤාඤිඤ ඤිඤ්ඤුඤා යැයි යැයි තමා..මන් උබෙ අම්මා යකෝ..උබ හැරෙද්දි මන් දන්නවා..ඉෆ් යූ ආර් බෑඩ් අයෑම් යුවර් මාම් හරිත.."

"ක්හැ..ක්හෑ..මාම් ඔයා..කොහොමද.."

" මොකෝ උබ බොරුවට කහින්නේ..මන් කොහොමද දන්නෙ කියලද අහන්නෙ..ඒ පැහිච්චකම් වලින් උබට වැඩක් නෑ..ආන් අරකිව අතෑරලා දාපන්..මුන් ඒකි නෑ කියලා ඒකිගේ අක්කාව බන්දන්න හදනවා ඒ ගමන.."

"මොකාක්!!.."

" ඔව් ඔව්..අර ඇවිත් ඉදියෙ තව තේ උඩැක්කියක්..බලාපන්කෝ හැටි රට වල්ලපට්ට කෑල්ලක් වගේ ඒකිගේ මූන..එව්ව් එව්ව්..මන් කිව්වෙ උබට තිබුනේ අපේ එකාව උස්සන්න..එහෙනම් ඌ වෙනුවට මගේ මිනිහට බන්දනවා ඒකිව..කොමත් මට දෙන්නෙක් වැඩි නෑ..ගෙදර වැඩ ටිකවත් කරගන්න තිබුනා ඒකිට කියලා..දැන් ඉතින් මොනවා කරන්නද..උබේ ගොන් කම..ගොනා කියලා මරන්නද උබව.."

අපේ මාම් කියන්නෙ ලෝකේ කාලා වතුර බීපු මිනිහෙක්..මූඩ් ෆික්ස් කරන්න කියාපු ඉගුරුව..අරකි ගැන කොහෙන් දැනගත්තාද මන්දා..යකෝ සීඅයිඩී එකට හපන් මෙයා.. මාම් කිව්වත් වගේ මට තිබුනේ මගෙ ඇමතියාව උස්සන්න..කොහෙද ඉතින් මාත් හදිස්සි වුනානෙ..

"තේජු..මොකද්ද දැන් කරන්න හදන්නෙ..ඇමති ඇටයාට එහෙම බදින්න දෙන්න බෑනෙ පුතෝ..ඒ වගේ ඩැඩියෙක් නම් උබට ආයෙ ග්‍රහලෝක හතකින්වත් හම්බෙන්නෙ නැති වෙයි හොදේ.."

" අනේ මන්දා..අපි බලමුකෝ.."

"බල බල ඉදලා බෑ පොඩි සුනකයෝ..හිතපන්..අපි ඇටයාව බය කරමූ..ඌ බෑ කිව්වොත් මේ කසාදෙ කෙරෙන්නෑලූ..මොන මගුලට මේකා හා කිව්වද මන්දා..බලපන්..මූත් දිවියා වගේ ගොනෙක්..ඌත් ප්‍රේමබෘන්ග රාජයා වගේ ආදරේ කැප කරලා සපාවත් දාලා රට ගියානේ..ඔය අපේ ආර්ය නාකියා..ආහ් මන් මේ කිව්වේ සීයා පපා වුනත් කැමති නෑ මේකට..කොහෙද උබේ ඩැඩියට ඇටයක් වැඩිවෙලා..ඔන්න ඔහේ ඕකාව අතැරලා වෙන එකෙක් හොයාගනිම්..මුහුදෙ ඉන්නෙ එක මාලුවද..අපි හොයාගමු ලස්සන ඇස් දෙකක් තියෙන පච්ච කොටාපු නලදත් තියෙන මරු කද බොඩිය ඇති සෙස්සි ඩැඩියෙක්..හාද..මන් හොයන්නද.."

" විකාරද මාම්.."

මාම් මගෙ මිනිහාගෙ පලු අරින ගමන් එයාව අතෑරලා වෙන මනුස්සයෙක් හොයාගමු කියද්දි එයා කියපු දේවල් එක්ක මගෙ හිතේ ඇදුනේ දුෂ්මන්තාව..එව්ව්..ඒ මොන විගඩමක්ද..ඔලුව ගිනි ගන්න වෙලේ මාම් ඇවිත් පුලුන් දානවා..

" විකාරද අහන්නෙ යකෝ..නැත්තම් මොක ලබ්බද අපි කරන්නෙ දැන්...එක්කො මන් අරුට දෙකක් ඇනලා  බෑ කියෝලා..කට පුක වහන් පැත්තකට වෙලා ඉන්න කියන්නද.."

" අපි බලමුකො මාම්..මේක වෙන්න දෙන්නෑ..මන් ඉන්නකන්.."

"ඔව් ඔව්..මන් දැන් ටිකකට කලිනුත් ඕකාගේ මූනටම කිව්වා කොච්චර කරත් ඕක බදින්න වෙන්නෑ කියලා..මූන ඔහෙක් කරගෙන ගියේ ඌ.."

.

.

.

.

.

.

.

ගෙදර විකාර බලන් ඉන්න බැරි තැන මන් ඔෆිස් යන්න ලෑස්තිවුනා..එයාවත් තඹේකට ගනන් නොගෙන මාම්ට විතරක් යනවා කියාගෙන සීයාපප්පාගෙ ඩයිවර් එක්ක මන් එන්න ආවා..මනමාලි නැතත් මුන් බන්දන්න හදන එකේ මන් අරකිව යවපන් කියලා අරුන්ට කෝල් කරලා කිව්වා..

ඔලුව පුපුරන්න වගේ..ප්‍රශ්න නැතුවට ප්‍රශ්න..එහෙ ඉන්නකන් ලගට එන්න බැරුව විදෙව්වා..දැන් ඇවිල්ලත් මගේ කරගන්න බැරුව විදවනවා..ඇයි අපේ ජීවත මේතරම් කටුක..සැනසීම හොයන් යන එක හරියට කලුනික හොයනවා වගේ වැඩක්..මුහුන දුන්න හැම ප්‍රශ්නයක්ම අවසානෙ මන් හිත හදාගත්තේ..හිතට වැටෙන්න නොදි අමාරුවෙන් දරාගත්තේ එයා මගේ කියන බලාපොරොත්තුව නිසයි..එත් අද මගේ ඒ බලාපොරොත්තුවම මාව පහතට ඇදලා දාන ප්‍රශ්නේ වෙද්දි මන් කොතනද නතරවෙන්නෙ..මන් කා ගාවද සැනසෙන්නෙ..කවුද මගේ බලාපොරොත්තුව වෙන්නේ..තාත්තී..අනේ ඔයා මන් ගාව ඉදියානම්..ඔයා නැති අඩුව මට දරුණුවටම දැනෙනවා..ඩැඩා මගෙ ලෝකේ හීරෝ..ඔයා යන්න ගියත් හරී ඒ ලෝකේ අවුරුදු දාසයක් තිස්සේ තවමත් විනාශ වුනු තැනමයි..එයා හන්දා මන් ජිවිතේ අමාරුවෙන් ගෙවන් ආවත් ඔය දෙන්නාගෙ අඩුව..ඒ හිස්තැන අදටත් එදා වගේම හිස්..ඒ තැන පාලුවට ගිහින්..

පපුව ඇතුලේ කොහොල්ලා ගුලියක් වගේ ඇලවිලා තියෙන වේදනාව ගලවලා අයින් කරන්න කොච්චර උත්සාහා දැරුවත් මට බැරිවුනා..මේ වෙලාවෙ මට ඕන තාවකාලික සතුටක්..හුස්ම ගන්න මේ තප්පරේ මේ ප්‍රශ්න වලින් ඈත්වෙලා හිනාවෙන්න පුලුවන් හේතුවක් හොයාගන්න ඕනි වුනත්..හේතුවක් මට හම්බුනේ නැහෑ..

ග්ලාස් එක ඇරලා ජනේලෙන් එලියට එබුනේ අපි පහුකරන් යන ඒ මුහුදු තීරේ දිහාවට නෙත් යොමාගෙන සැනසුම් සුසුම් හිතට කාවද්ද ගන්න හිතාගෙනයි..ලවණ මිශ්‍ර පවන වාහනේ යන වේගය කපාගෙන ඇවිත් මගේ නාස් පුඩු අතර රැදුනා..

හේතුවක් නැතුව වෙරල සිපගෙන යන මේ රැල්ල හරි ගුප්තයි..වෙරල සිපගෙන බලාපොරොත්තු දීලා ආයෙ දාලා යනවා..එහෙම ගිහිල්ලත් වෙරලට හිත හදාගන්න ඉඩක් දෙන්නෑ..පෑරුන හිත තවත් පාරන්න ආයෙමත් සැරයක් ඇවිදින් සිපගෙන රවටලා යන්න යනවා..වෙරල හරි පව්..රැල්ල රිද්දන්න රිද්දන්න ඉවසන් දරාගෙන ඉන්නවා..මන් වගේ වේදනාවෙන් ඉන්න කෙනෙක්ට වෙරලත් තමන් හා සමව දැනෙනවා..මොකද තමුනුත් අද වෙරල වගේ..කොච්චර රිදුනත් දරාගෙන ඉන්නවා..

මන් වෙරලට පව් කිව්වට තවත් සමහරෙක්ට මේ රැල්ල හරි ආදරනී ආදරවන්තයෙක් විදිහටත් දකින්න පුලුවන්..ලබාගන්න බැරි ආදරවන්තයෙක්..හිමිවීමක් නෑ කියලා දැන දැනත් ඇවිදින් වෙරළ සනසලා යනවා..පුලුවන් හැම විදියකටම ආදරෙ දෙන්න බලනවා..තව මිනිහෙක් ඒ විදියට මුහුද දකින්න බැරි නෑ..

මුහුද..විශ්වයේ හරි අපූරු නිමැවුමක්..එක එක මිනිස්සුන්ගේ එක එක හැදින්වීම් වලින් එයාලා මුහුදට කතා හදනවා..රැල්ලයි වෙරලයි ආදරෙ කරවනවා..අපි මොන විදිහේ කතා නැගුවත්..මුහුදෙ ඇත්තම කතාව මොකද්ද කියලා ඇත්තටම කවුද දන්නේ??......

කවුරුත්ම නෑ......

ආයෙත් සීට් එකට ඔලුව තියාගෙන මන් එහෙන්ම ඇස් පියාගත්තේ ප්‍රශ්න වලින් ගැලවෙලා ඉන්න පුලුවන් හොදම තැන නින්ද නිසයි..මන් නිදාගෙන ඉන්න තරමට ප්‍රශ්න අඩුයි..මොකද මන් නැගිටලා ඉදියොත්නේ මේ ප්‍රශ්නේ මේ විදිහට අර ප්‍රශ්නෙ අර විදිහට..මේ හැම දෙයක්ම දැනෙන්නෙ ගන්නේ..

" බේබි..අපි ආවා.."

ඇස් පියාගත්තු තප්පරේට අපි ඇවිත්..වාහනෙන් බැහැලා මන් කම්පැනිය ඇතුලට යද්දි රිසෙප්ශින් එකේ ඉදපු ගර්ල් කට පුරවලා හිනාවක් දෙද්දි අමනුස්සයෙක් වගේ එතනින් යන්න බැරි නිසා මන් මවාගත්තු හිනාවක් එයාට දීගෙන එන්න ආවා..

මන් දුෂ්මන්ත්ගේ කැබින් එකට කෙලින්ම ගියා..මන් යද්දි කැබින් එක දෙදරලා යන සද්දෙන් එයා කාටහරි බනිනවා..

" තමුසෙලාට බැරි නම් කියනවා..මට තනියම කරගන්න පුලුවන්..බලනවා කොච්චර ලොකු පාඩුවක්ද ලැජ්ජාවක්ද වුනේ කියලා..තමුසෙලා බබ්බුද ආ..උබලව මන් පත්කරලා තීන්නෙ බකන් නෙලාගෙන බලන් ඉන්නද..බලපන් මේක තමා තිබුන ලොකුම ප්‍රජෙක්ට් එක..එකක් දෙකක් නෙමෙයි මේ උබලා වරද්දපු තුන්වෙනි එක..ජයසාන්ත..මන් තමුසෙව පත්කරලා තියෙන්නෙ යවන්න ඕන ඩීටේල්ස් ඩබල් චෙක් කරලා ඒවා හරියට තියෙනවද කියලා බලන්නනේ..උබ ඒවැට්ව් සෙකට්‍රිට දුන්නාම තමුසෙද ඒකිගේ තේ හදන්නෙ..බලපන් මේ පොඩි ප්‍රශ්නෙට උබලා අවදානෙ නොදී ඔක්කොම විනාස කරලා දැම්මා..අපේ ගාමන්ට්වල ඉන්න ලමයි මැරීගෙන කරන්න ඕන ටික ගානට එකින් එකට හදලා උබලා අතට එව්වාට තමුසෙලාට ඒකෙ අඩුපාඩු බලලා ඩිටේල්ස් දාන වැඩේවත් කරගන්න බැරිද ආ..මේකෙ අමාරුම තැන මුල..පොඩි උන් මුල හදලා දීලත් තමුසෙලට මේ වැඩේ හරියට කරගන්න බැරිවුනා...තමුසෙලට මෙ වැඩේ හරි අවදානෙන් හොයලා බලලා කරන්න බැරිනක් දරුවෙක් බලාගන්නවා වගේ මෙ වැඩ ටික කරන්න බැරිනම් අන්න දොර..යන්න පුලුවන් ඕනි එකෙක්ට.."

මන් හිමින් සීරුවෙ කැබින් එකට ඇතුල් වෙද්දි දුෂ්මන්ත යකෙක් ආරුඪ වෙලා වගේ මෙතන වැඩ කරන අනිත් සේවකයන්ට බැනගෙන ගියේ එයාලා ඔක්කොම බයේ ගැහෙන්න ගද්දියි..එ දිහා හරි මූඩ් එකකින් බලන් ඉන්න බැරි හන්දා මන් හැරිලා යන්න හදද්දි එයා ලග ඉන්න බොඩිගාඩ් ඇවිත් මාව ආයෙත් ඇතුලට එක්කන් ගියා..තවත් මොන මොනාදො මන්දා කියලා බැනපු එයා අවසානෙදි ඒ කට්ටියව එතනින් යවද්දි හැගීමක් දැනීමක් නැති ගානට මන් ඒ දිහා ඔහේ බලාන උන්නා..

" බේබි බෝයි..ඔයා අවුලෙන්.."

කොහෙදෝ මන්දාකිනියක නතර වෙලා උන්නු මම කන ලගින් ඇහුන එයාගෙ හඩින් හරි සිහියට ආවා..එයා ඉදියෙ එදා වගේ මගේ ඉස්සරහින් පුටුවක් තියලා වාඩිවෙලා..ඒ මූන තිබුනේ මගේ මූනෙ වැදෙන්න ඔන්න මෙන්න..ඒ හුස්ම දෙවනි වතාවට මගේ මුහුනේ වැදුන ගමන් මන් ගැස්සිලා පිටිපස්සට වුනා..

" සයිමන් මෙයාට irish coffee එකයි මට latte එකයි අරන් එන්න..කාඩ් එක අරන් යන්න.."

"ඕකෙ බොස්.."

එයා කලු ඇදන් ඉදපු අනිත් මනුස්සයාට එහෙම කියන ගමන් ආයෙත් මගේ දිහා බලලා අර ලස්සන හිනාව මට දුන්නා..ටිකකට කලින් යකෙක් වගේ කෑගහපු මනුස්සයාමද මේ ඉන්නෙ කියලා හිතාගන්න බෑ.. අනික එයා මට ඔර්ඩර් කරපු කෝෆි එක..එයා කොහොමද දන්නෙ irish coffee එකට මන් කැමතී කියලා..

" ඉතින් බේබි බෝයි..දැන් ඔයාට කොහොමද.."

"........හොදයි.."

" ම්ම්ම් හොදයිද..එත් මට අවුලක් වගේ පේනවනේ..කවුද මගෙ බේබි බෝයිගෙ හිත රිද්දුවේ??.."

" එහෙම දෙයක් නෑ..විකාරද.."

"ඕකේ බේබි බෝයී..ආ පොඩ්ඩක් ඉන්න..බේබි බෝයි මන් ඔයාට කේක් කෑල්ලක් අරන් තිබ්බා..මේ බලන්න butterscotch flavour එකෙන්..මන් හිතනවා ඔයා ආස වෙයි කියලා.."

" දැන් කන්න බෑ..තැන්කිව්.."

කේක්ම තමයි දැන් කන්න ඕනි..පොඩි එකෙක් වගේ තිබුන ඒ හිනාමූන මන් කන්න බෑ කියද්දි මැලවිලා ගියා..

" කො දෙන්න.."

"වට් බේබී බෝයි..ඔයා ඕනී කිව්වද.."

" හිත වෙනස් වෙන්න කලින් දෙනවාද..නෑ එක්කො ඔයාම තියාගන්න.."

"නෝ නෝ නෝ බේබි බෝයි..ආ මෙන්න කන්න ඉතිම්.."

මාම් කියලා තීන්නෙ කවුරු හරි හිත සතුටෙන් දෙන දෙයක් ප්‍රතික්ශේප කරන්න එපා කියලයි..මාම් කියපු හන්දා කෑවෙ හරිද..නැතුව වෙන මුකුත් නෑ...

ඒ කේක් කෑල්ලෙන් හිත නැතත් උදේ ඉදන් හිස්ව තිබුන මගේ බඩනම් පිරුනා..ඒත් එක්කම අපේ කෝෆි දෙකක් අරන් ආපු නිසා ඒකත් එහෙන්ම බිව්වා..

" ඉතින් පුංචි කොටි පැටියෝ..බංඩිගෙඩිය පිරුනද.."

මගෙ ඇස් මෙච්චර වෙලා තිබුනේ කෝෆි එක දෙද්දි දැකපු එයාගෙ අතේ තිබුන උකුස්සා ගාවයි..මට කෝමද ඒ ටැටූ එක මිස් වුනේ..එකක් නෙමෙයි එයාගෙ අත් දෙකේම ටැටූස්..

වයිට් ශර්ට් එකෙ උඩු බොත්තම් දෙක ඇරිලා..එයාගෙ මෙසී කොන්ඩේ..විඩාබර ඇස්..කලබලකාරි තොල්..ඝනට වැවිලා තියෙන ඒ රැවුල් කොට..ලගින් හමන dior සුවද..දවසින් දවස මන් එයාගෙන් දකින ස්වරූප වෙනස් වෙද්දි එයාගෙන් දිස්වෙන පෞර්ශයත් වෙනස් වෙනවා..

( phon guitar ignore කරන්න..)

"හේයි බේබි බෝයි..කොහෙද අතරමන් වුනේ.."

" ආහ්..මේ නෑ..මේ.."

" බේබි බෝයි අද nervous වෙලා..ඒක ඇරිලා යන්නත් එක්ක අපි මොනවා හරි කමුද.."

" ආයෙ කන්න..අපි මේ දැන් කේක් කෑවානෙ.."

" ඒ කේක්නෙ බේබි බෝයි..ම්ම්ම් ඔයා කැමති නම් මන් හදපු බත් එකක් තියෙනවා..ලොකු දෙවල් නෑ හදිස්සියට හදපු මික්ස් රයිස් එකක්..ඔයාට කියන්න බේබි බෝයි මන් උදෙ ඉදන් මුකුත්ම කාලා නෑ..අපි කමුද.."

කෝෆි වල උනුහුම යන්නත් කලියෙන් බත් කමු කියලා ඒ ඇස් හරි ආයාචනාත්මක බැල්මෙන් මා දිහා බලද්දි උදේ ඉදන් බඩගින්නෙ ඉදපු එයාට බෑ කියන්න බැරි හන්දාම මන් ඔලුව වැනුවා..

අනේ මේකා පොඩි එකෙක් වගේ..පුංචි ලමයෙක්ට අම්මෙක් මොනවාහරි අරන් දෙන්නම් කියලා රවට්ටද්දි ඒක හිස් මුදුනින් පිලිඅරන් සතුටු වෙන පොඩි ලමයෙක් වගෙයි එයා මන් හා කිව්වාම හැසිරුනේ..

ලොකු ප්ලේට් එකටකට දුං දාන බත් එකක් අරන් ආපු එයා පුටුව තව ටිකක් ලගට අරන් ඇවිත් බත් එක අනලා කවන්න හැදුවා..උදේ හදපු කෑම එකෙ දුං දානවා දැන්???

" ආහ්..බත් එක තාම රස්නෙයි..අරන් ආපු බොක්ස් එක නිසා රස්නෙ පිටින් කන්න පුලුවන්..මට නිවුන බත් කන්න බෑ බේබි බෝයි..කො..ආ කියන්න.."

"හ්ම්..ඇයි මේ..ඔයා කන්න.."

" මගේ බේබි බෝයි රිද්ද ගන්න හරි දක්ෂයිනේ..ඉතින් තුවාල අතකින් ඔයා කන්නෙ කොහොමද..එක නිසා මන් කවන්නම්..අවුල් ගන්නෙපා ...ඔයා කෑවට පස්සෙ මන් ආයෙ බෙදාගෙන කන්නම්.."

" එහෙම විකාර ඕන්නෑ..මටත් කවලා ඔයත් එහෙන්ම කන්න..නැත්තන් මටත් එපා.."

"ඕකේ ඕකේ..කෝ ආ කියන්න.."

ම්ම්ම් ඒක රසයි..සැර අඩුවෙන් නිසාද මන්දා කිරි රසක් දැනෙනවා..දුසා අංකල්ට උයන්නත් පුලුවන්..

" මොනාද බලන් ඉන්නෙ ඔයත් කන්න.."

"ආ මේ..කෑම එක රසයි.."

" Wow..really..you made my day baby boy.."

වෙලාවකට යකෙක් වෙලා තව වෙලාවකට පොඩි එකෙක් වගේ කොහොම හැසිරෙනවද මන්දා..එ වුනාට මන් තේරුම් ගත්තා කෙනෙක්ගේ වචනෙකින් තව කෙනෙක්ගේ මූනකට හිනාවල් ගේන එක මොනවගේ හැගීමක්ද කියලා..

"බේබි බෝයි ආ කියන්න..ආ මෙ ඉස්සවත්  කන්න.."

එයා මට බත් කටක් කවලා ඒ කටටම ඉස්සෙකුත් ඔබද්දි කට පුරෝගෙන ඒටික කාගන්න මන්  ලොකු ගේමක් දෙනකොට එකපාරට කැබින් එකේ දොර ඇරගෙන කවුරු හරි ඇතුලට ආවා..

ආපු එකාට තට්ටු කරලා එන්න බැරි තරම් මැනස් එකක්වත් නැද්ද කියලා බනින්න හදද්දියි මන් දැක්කේ..

ඒ ආපු කෙනා

"තේජූ!!.."

_____________________

හායි සමයි😌❤️

ඔන්න ඉක්කන්ට ආවා😌

ඒ හන්දාවත් කමෙන්ට් එකක් දාන්න හරිත.

දුසා අංකල් කියුට්ටා නෙහ්👉👈🌝

ආවෙ කවුද කියලා හරියටම කියලා දොර දෙකෙ රූපවාහිනියක් දිනාගන්න😌

එන්නම්❤️

වොට් කරලා කමෙන්ට් දාන්න හරිත

ආතරෙයි❤️

_Gojo_

Share This Chapter