Back
/ 49
Chapter 12

Chapter 12

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

Bonus 👉👈

"තාත්තී..රශීට අයීක්කින්..අයික්කීන් ඕනිනේ.."

" දැන් බෑ පුතා..තාත්ති එනගමන් අරන් දෙන්නම්ක්කො.."

"අනේ බෑ මට ඕනි ඕනි ඕනිමයි..අනේ තාත්ති අලන් දෙන්නකෝඕඕ.."

අවුරුදු තුනේ මන් තාත්තිගෙන් අයිස්ක්‍රීම් ඉල්ලලා අඩද්දි  ඩ්‍රයිව් කරගෙන ආපු එයා වාහනේ අයිනකින් නවත්තලා මාව තියලා අයිස්ක්‍රීම් ගේන්න ගියා..

"පුතූ තාත්ති එනකන් ඔහොම ඉන්න දග නොකර..තාත්ති එහාපැත්තට ගිහින් අයිස්ක්‍රීම් අරන් ඉක්මනින් එනවා හොදද.."

" හා තාත්තී රශී ගුඩ් බෝයි..අයික්කීන් ගුඩාලික ගේන්න හොදේ.."

"හරි මගේ රත්තරන් වාහනෙන් ඉන්නකෝ.."

තාත්ති පාර එහාපැත්තේ අයිස්ක්‍රීම් ශොප් එක ඇතුලට ගියා..මන් ඉදියෙ ටැබ් එකේ වීඩියෝස් බල බල..ජුරාසික් වර්ල්ඩ්    ටැබ් එකේ ප්ලේ වෙද්දි පොඩි කමට මන් පන්ඩිතයා වගේ මිනිස්සු කන සත්තු දිහා හිනාවෙවී බලා උන්නා..

ඒත් එකපාරට අපේ වාහනේ ඉස්සරහින් නවත්තපු බයික් එකෙන් බැහැලා ආපු යක්ෂ වෙස් මූනක් දාන් ඉදපු මිනිහෙක් මගේ පැත්තට ඇවිත් තට්ටු කරද්දි ඒ මිනිහාව දැකපු මම ගැස්සිලා බයවුනා..ගල් මිටියක් අතේ තියන් ආපු ඒ ඌ ශටර් එක කුඩුකරන්න ගහපු පාර ග්ලාස් එක ඉරි තැලුවා..ඒත් එක්කම මන් බයේ ඩ්‍රයිවින් සීට් එකට පැන්නා..දෙවනිපාර ගල් මිටිය ග්ලාස් එකෙ වැදෙද්දි වීදුරුව කොටු කෑලි වලට කුඩු වෙලා විසිවුණා..

බයටම මට කෑගැහිලා ඇඩෙද්දි ඌ කැඩුනු වීදුරුවෙන් අතදාලා මාව ඇදලා ගන්න බැරිපාර ලොක් එක පන්නලා දොර ඇරියා..

" තාත්තී..හුවෑ තාත්ති..නකෙක්..තාත්ති නකෙක් ආවෝ..රශී බයයි තාත්තී..එන්නකූ තාත්තී.."

" එපා එපා යන්න..ඌහ්..අතායින්න..තාත්තී එන්නකූ එපානේ..එපානේ..රශීව අල්ලනවා තාත්තී එන්නකූ.."

දොර ඇරපු ඒකා මගේ කකුලෙන් ඇදලා ගද්දි පොඩිකමට මන් ඒකාට ගැහුවා..අතේ තිබුන ටැබ් එකෙන් දමලා ඇරියා..වෙස්මූන නිසා උගේ මූනට ගහපු පාර වැදුන් නෑ..ඌ ඇතුලට ඇවිත් මාව වඩාගෙන යන්න හදද්දි මන් ඒකාගෙ ඇහැට ඇගිල්ලෙන් ඇනගෙන ගියා..ඇහැට ඇනපු පාරට උගෙ අතින් මාව අතෑරුනෙ ස්ටියරින්ග්වීල් එකෙ මගේ ඔලුව වැදෙද්දියි..

එක ඇහැක් අල්ලන් යකෙක් වගේ ඉදපු ඌ අත දිගෑරලා මට ගහන්න හදද්දි ඌව පිටිපස්සට ඇදිලා ගියා..

මන් ඔලුවත් අල්ලන් අඩ අඩා කෙලින් වෙලා බලද්දි උට බිම දාගෙන ඩැඩා ගහනවා..අනිත් පැත්තෙන් දොර ඇරුන පාර බයවුන මම ආයෙම කාර් එකේ ගුලි වෙද්දි හුරුපුරුදු තුරුලකට මාව ඇදිලා ගියා..

"තාත්තී..හුවෑ..රශී බයයිනේ තාත්තී..."

"තාත්තී!!!!!!.."

මන් නැගිට්ටේ කෑගහගෙන..මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා..මන්.දැක්කෙ හීනයක්..පොඩිකාලෙ මගෙ අදුරු මතකවලින් එක සිදුවීමක්..

තාත්තී..එයා ආවා..එදා මාව බේරගත්තේ එයා..ඒ සිද්දිය මතක් වෙද්දිත් ඇග හිරිවැටෙනවා..

හීනෙ සිහියෙන් ඉදපු මන් හොදට ඇස් ඇරලා වටපිට බැලුවා..මන් ඉන්නෙ ඇදක් උඩ..එයාගෙ රූම් එකේ.

කලින් වෙච්චි සිදුවීම් එක පෙළට මතකෙට ගලාගෙන එද්දි මන් හෙව්වෙ මාර බේරගත්තු දුසා අංකල්ව..ගහපු පාරට හක්ක වේදනයි..

බේරගන්නයි ගහන්නයි දෙකක් ඔට්ටු නෑ හරිත..එත් කෝ එයා..මන් මොකද ඩැඩිගේ රූම් එකේ කරන්නෙ..

ඩැඩී....

එයා දැන් මගේ නෙමෙයි නේද..

ආර්හ්..තේජූ එයා ගැන අමතක කරන්න..

අපිට වටිනාකමක් දෙන්නැති මිනිස්සුන්ව අපේ ජීවිතවලට අවශ්‍ය නෑ..

" ඔහ් බේබි බෝයි..ඔයා නැගිටලා.."

දොර ඇරගෙන ආවේ දුසා අංකල්..මාව දැක්කා විතරයි මෑන් මන් ගාවට දුවගෙන ඇවිත් ඇදෙන් වාඩිවුනා..කෙලින් වීගන්න බැරුව ඉදපු මාව එයා කෙලින් කරවලා පිටට කොට්ටයක් තියලා උණ කට්ටක් අරන් මගේ උණ බැලුවා...

හෑ මට උණ තිබුනාද..

"ම්ම් දැන් අඩුයි..බේබි බෝයි ඔයාට අමාරුවක් දැනෙනවද..හුස්ම ගද්දි කොහොමද.."

" මන් හොදින්..අවුලක් නෑ.."

"මන් හොදටම බය වුනා බෙබි බෝයි..ඇයි ඒ වගේ මෝඩ වැඩක් කරේ.."

ආදරෙ නිසානෙ මේ ඔක්කොම..ඔයාට මේවා තේරෙන්නෑ දුසා අංකල්..ප්‍රථම ප්‍රේමය හැමෝටම අමතක කරන්න බෑ කියලා කතාවක් තියෙන්නෙ..මන් ජීවිතේ කරදරේ දාගත්තේ ආදරෙ රැකගන්න..ආදරෙ රකින වෙලාවෙ ස්පන්චියක් එක්ක තේ ටිකක් බිව්වනම් බඩහරි පිරෙනවා..

උදේ ඉදන් බඩගින්නෙ යකෝ මන්..ආදර ගින්නට වඩා ප්‍රභලයි බඩගින්න..මිනිහා නැතිවුනා වගේද ගැස්ටික් ඇවිස්සුනාම..

අවසානෙ මට ස්පන්චියත් නැ ඩැඩියත් නෑ...

ඉපදෙනකොට වාසනාව අතේ තියාගෙන ආපු කොල්ලෙක් විදියට නොමේරී බේරුන එකම සතුටක්..

හැබැයි ඉතිම් එවෙලාවෙ මන් මලානම් අවතාර ස්වරූපෙන් ගිහින් මගුල නවත්තන්න තිබ්බා..සැක් දැන්නෙ මතක් වුනේ..

ඩැඩී නෑ කියලා දුක් වෙන්නෙපා තේජූ..

අර දෙවුන්දරා සන් ඔෂින්ටත් කිව්වෙ මන් නැහැයි කියලා මල් නොපිපී තියෙන්නෑනෙ යුමී සන් කියලා..ආන් ඒ වගේ ඩැඩී නෑ කියලා උබට නගින්නැතුව තියෙන්නෑනෙ දුෂ්මන්තේ..

දුෂ්මන්තේ කිව්වාම මතක් වුනේ..දෙයියනේ මේ මනුස්සයත් දැන් මගේ බෝට්ටුවෙනෙ..හයියෝ සංසාරෙ මට අමතක වුනා..මෙකාත් මගෙ ඩැඩියට මනාපයි කියලා..දැන් එයා උබේ ඩැඩී නෙමෙ තේජු අමතකද..එයා දැන් අන්සතුයි..ලගදිම ජනසතුත් වෙයි..එයා දැන් මගෙ එක්ස් ඩැඩි හෙවත් එක්ස් බඩුව..

එවුනාට ඉතිම් අර කියමනක් තියෙන්නෙ වස්තුව කියපු කටෙන් බඩුව කියලා කියන්න එපාය කියලා..එ නිසා බඩුව කියන්න එපා ඩැඩී පෞ නේ..

නෑ එක්කො මට කරපු සහාගහන අපරාදෙට ඕකාට ඔහොම කියලා මදි..අනෙ ඩැඩී බොට නගින්නම එපා..මන් බොට සීනි ගම ගිහින් ගම්බිරිස් අඹරන් ඇවිත් බිජ්ජට පිබිනවා..බලාගෙන ඉදපන්..

දැන් මන් මොකද්ද හිත හිත ඉදියේ..ආ දුස්මන්තේ..එයාට බැරිවෙයිද මගේ දුක අහන අංකල් වෙන්න..මෝටීවේසන් අප්පච්චි වගේ මගෙ මෝටිවේසන් අංකල් වෙන්න කිව්වොත් කැමති වෙයිද..අහලම බලන්නොනෙ..මොනා වුනත් හොද මනුස්සයා..

හේ..ලුටු පුටු ගයා...ලුටු පුටු ගයා..

තේජූ උබට ඩිප්ප්‍රෙශන්ද වුත්තෝ...

" බේබි බෝයි.."

නෑ ඉතිම් ඇයි දෙයියනේ මේ උත්තමයා මගේ අමාරුකාලේ මන් අසලම උන්නානෙ..අර කියමනක් තින්නෙ අමාරු කාලෙ ලඟ ඉදපු උන්ව රැකගනිම් කියලා..එක්කො උටයි මටයි දෙන්නාටම ඩැඩියා නැතිවුන එකේ අපි දෙන්නා සෙට් වුනොත් මොනවා වෙයිද..

"බේබි බොයි.."

ඒවුනාට එයා ගැන එහෙම කුචියක් දැනෙන්නෑ..දැනෙන්නෙ කොහෙද වුත්තෝ උබ ඩැඩියාගෙන් ෆුල් වෙලා තියෙද්දි..ඒකත් ඇත්ත..ඒකට කමක් නෑ මෙයාවත් අස්සට දාගන්නවා..අර ත්‍රීසම් වල බොටමාගෙ පුපට දෙකම බස්සන අවස්තා තියෙන්නෙ..ආන් ඒවගේ..

එව්ව් එව්ව් වේසයි..මොනාද තේජු උබ මේ හිතන්නෙ..දුසා එහෙම නෑ බන්..උබේ මොලේට ලුණු ගිහිල්ලා...

"බේබි බෝයි.."

" ඕ..ඕ.ඇයි ඇයි..මොකද්ද.."

" ඔයාට අමාරුද..මන් කතා කලාම ඇහුන්නෑවගේ ඉදියනෙ..මන් ඩොක්ටර්ට කතා කරන්නද.."

අනේ බලන්න ඉතිම් මෙයාගේ මහත්මා ගතිය..ඔය ගානට කලබල වුනාම ඇති..පිස්සු අංකල්..මගේනේ..ආ නෑ නෑ වැරදි  දත්තයක්..මොන හරුපයක්ද එ..උබට මෝල්ද වුත්තෝ..

" ප්‍රශ්නයක් නෑ මන් හොදින්..ඔයා මට කතා කරාද..අංකල් මන් ඔයාට තෑන්ක්ස් කරන්න ඕනි ඒවෙලාවේ මාව බේරගත්තාට.."

දුසාගෙ පිහිටෙන් මන් තාම පණ පිටින් එක්ස් බඩ්ඩේ..

" මන් බය වුනා..බේබි බොයි ඇත්තටම ඒවෙලාවෙ මට බ්-.."

"තේජූ.."

ආ..ඔන් එනවා පෙරහැර ගියාට පස්සෙ කලබලෙන් දුවන් එන වල් අලියා..

මන් ඕකාව අදුරන්නෑමයි..මන් එයාව දන්නෑ..දන්නෑ කිව්වොත් දන්නැමයි..ආව් හක්කත් රිදෙනවා..නැ නෑ උබ මගෙව

දුක අහන එකා වෙන්නෝන්නෑ දුස්මන්තේ..තෝ මාව බේරලා මට ගැහුවා..මන් ඕකට පලිගන්නවා..බොටත් නගින්න හොද නෑ..

ඩැඩියා දොර ඇරන් ආපු පාරට..සමාවෙන්න.. එක්ස් ඩැඩියා දොර ඇරන් ආපු පාරට තව ටිකෙන් දොරේ සරනේරුත් ගැලවෙනවා..යකෝ මේවා මගෙ අප්පාගෙ බූදල ඩෝ...

මන් නම් ඇතුලට මොකෙක්වත් ආපු නැති ගානටයි හැසිරුනේ..ටසිරි දැන්නෙ යකෝ දැක්කේ දුසා අංකල් මෙච්චර වෙලා මගෙ අත අල්ලන්නෙ ඉදලා තියෙන්නෙ..යසයි ගොන්පුතේ..වෙලාවට මූ අසහනකාරයෙක් නොවුනේ..එහෙම එකෙක් උන්නානම් උබේ වල්ල අල්ලනවා වත් උබට තෙරෙන්නැති වෙයි..

එක්ස් ඩැඩියා එනවා දැකපු දුසා මගෙ ලගින් අයින් වෙන්න හදද්දි මන් ඒකාගෙ අත තදින් අල්ලන් ඉදියා..අරයා දුසාටත් රවාගෙන මටත් රවන් ඇදෙ අනිත් පැත්තෙන් ඇවිත් වාඩිවුනා..

අනෙ අපි නම් බයවෙයි බඩු රැස් වලට..මන් එ මූන  දිහා බැලුවෙ නෑ..අහක බලාගෙනමයි උන්නේ..

" තේජූ.."

" කන් ඇහෙන්නැද්ද තමුන්ගේ.."

නෑ මගෙ කනේ වංගු..මට ඇහෙන්නෑ ඔව්වා..

"බලපන් මන් දිහා.."

මොනාද දන්නෑ තව බලන්න තියෙන්නෙ..බඹසර තත බිදගත්තා කියලා පෙන්නන්න හදනවද..අනෙ උබ ලබු ගහා ගනිම් නාකි බෙට්ටෝ..මට උබව එපා..මාව අතෑරපූ උබව මට එපා එපාමයි..අඩලා වැලපුන කාලෙ අහවරයි..ඉට්ස් පලිගන්න ටයිම්..බලන් ඉදින්කෝ මන් කසාදෙ මකබෑවෙන්න හූනියම් කරනෝ..

එයා කතාකරත් ඇහුන්නෑ වගේ මන් අහක බලන් ඉද්දි එයා මගේ මූන මිරිකලා අල්ලන් එයාගේ පැත්තට හරව ගත්තා..

ඒ ඇස් රතුවෙලා..නහර පෑදිලා..හකු එකට තද කරන් උන්නු එයා දත්මිටි කෑවා..එයා ඉන්නෙ කේන්තියෙන්..

ආඅ..මන් දැන් බයවෙන්න ඕනිද..

ඕන් මන් බය වුනා හොදෙ..හරිනේ..අම්මොහ් මන් බයවුනෝ..දැන් සතුටු වෙයන් ඉතින්..

"මොකද්ද උබ ඒ කරේ..තමුන්ගෙ මුරන්ඩුකම තමා මට අල්ලන්නෙම නැත්තේ..මරන්න කේන්තී උබව පිස්සු පකයා.."

යකෝ මේකා මේ අසරන මට බනිනවා නේද..එහෙම වුකන්න දෙන්න පුලුවන්ද ඇයි යකෝ දුක්විදින්නයි බැනුම් අහන්නයි දෙකක් බැනේ..එ ඔක්කොටම හේතුව මේකා වෙලා ලැජ්ජ නැතුව මට බනින ලස්සන..

මගෙ මූන අල්ලන් උන්න අත මන් බලෙන් අයින් කරා..දැන් තමුන්ට මාව අල්ලන්න අයිතියක් නෑ..ආවා මෙතන මූන අල්ලගෙන..

මන් ආයෙමත් අහක බලාගත්තා..මාත් දැන් මෙතන කට ඇරියොත් තුන්වන ලෝක යුද්ධය වුනත් ඇති වෙන්න බැරි නෑ...

"තේජූ මන් උබ නිසා මාරෙට ඉවසනවා..උබේ මේ හිතුවක්කාර වැඩවල ඉවරයක් ඇත්තෙම නැද්ද ආ..බලපම් මන් එන්න පරක්කු වුනානම් උබ අද..එහෙනම් අද............මොනාද උබ බලන්නෙ..ඇත්තටම මැරෙන්න ගහන්න හිතෙනවා උබට.."

මන් හින්දා මාරෙට ඉවසනවා කියපු එයා වෙලාවට ආවෙ නැත්තන් මට මොකක් වෙයිද කියන එක නොකියා කියද්දි මන් පුදුම වුනා..බිම බලාන ඉදපු ඇස් ඉබේටම එයාගෙ පැත්තට හැරුනා..

මොකක්..එයා ආවා..මොන විකාරයක්ද ඒ කිව්වේ..මන් එහෙන්ම දුෂ්මන්තා දිහා බැලුවා..මේක ඇත්තක්ද කියලා අහන්න..

" ඔව් බේබි බොයි..මන් ඔයාට කියන්න හැදුවෙ..ඒවෙලාවෙ මට ඔයාව අල්ලගන්න බැරිවුනා..ඇල්ලුවත් ඔයාව ගන්න බැරුව අතෑරුනා..එවෙලේ ප්‍රාණව් තමයි ඔයාගෙ කොන්ඩෙන් අල්ලලා උඩට ගත්තේ..ගොඩට ඇදන් ආවෙත් එයා.."

දුෂ්මන්තාගෙ කතාවට මගෙ හදවත කකියන්න ගත්තා..ඒ දුකකටද නැත්තම් සතුටකටද කියන්න මන් දන්නෑ..ඒක ඇහුවට පස්සෙ මොකද්දො සැහැල්ලුවක් හිතට දැනෙන්න ගත්තා..

ඒකියන්නෙ එයා ඇවිල්ලා..එතකොට..සෙපාල කියපුවා..තැල්ලත් බැදලා වට හත යනවා කිව්වේ..මගෙ මිනිහට ඍදි බලයක්වත් ලැබුනද..වෙන්න බෑ.. ඒක යතාර්තෙට ගෝචර නෑනේ..

දුෂ්මන්තගෙ කතාව අහලා මන් ඩැඩී දිහා බලද්දි එයා මන් දිහා බලන් ඉදලා ගස්සලා අහක බැලුවා..තෙයියනේ මගෙ ඩැඩියා..ම්හූක්..එක්ස් නෑ හරිත..පොඩ්ඩක් ඉදපන් එවුනාට තැල්ල බැන්දයි කිව්වේ..ආයිෂ් මොන හුත්තක්ද මේ..

" ඩැඩී..ඔයා ආවද..ඔයා මන් වෙනුවෙන් ආවද.."

" මන් වෙනුවෙන් ආවද..අනෙ මේ තේජු කතාකරන්නෙපා උබ මාත් එක්ක.."

"අනේ එහෙම බැ හරිත..ඔයාට තරහා වෙන්න ඔට්ටු නෑ..මට විතරයි පුලුවන්..අනෙ ඩැඩී කියපන්කෝ.."

"මොකද්ද.."

"අනේ..මාව පිස්සෙක් නොකර කියපන්කෝ ඩැඩියෝ රෙද්ද..ඔයා ආවද..ආවානම් අරහේ කසාද බැන්දේ කොහොමද..කියපන්කො ඩැඩී මට පිස්සු වගේ මිනිහෝ.."

මන් අත් දෙකෙන් ඩැඩීගේ කොලර් එක අල්ලලා එයාව හොලව හොලව මේ මගුල පැහැදිලි කරපන් කියලා කිව්වාට මේකා ලොකුකම් දාන්න ගත්තා..මන් ඩැඩීව කන්න හදද්දි දුෂ්මන්තා අපි දෙන්නාට ඉඩදීලා රූම් එකෙන් එලියට ගියා..

" ඩැඩී ප්ලීස් ඩැඩී මට කියන්නකෝ..එයාට තැල්ල බැන්දද.."

"ඔව්.."

"මොකක් අනේ වට හතත් ගියාද.."

"ඔව්.."

"අනෙ යකෝ කොහොමද ඩැඩියෙ උබ ඒකි එක්ක වටේ යන ගමන් මන් ගාවට ආවෙ..ඔයාට විශේෂ බලයක් නෑනෙ ඔයි අනේ කියපන්කො ඩැඩී මට පිස්සු වගේ.."

"මොකද එයාව බැන්දෙ මන් නෙමෙයි.."

" මොකක් කිව්වා..ඩැඩී ආයූ කිඩින්ග් මී..සේපාලයා මට කිව්වානෙ ඔයා එතන ඉදියා කියලා..අනික..අනික මන් දැක්කානෙ ඔයා මණ්ඩපෙන් වාඩිවෙනවා.."

" ඔයා දැක්කෙ රූම් එකෙන් ආපු මාව..එත් මණ්ඩපේට ගියේ ශෂී ආදරෙ කරපු කොල්ලා..ප්‍රසංග ඇමතිතුමා.."

ඒ ගමන ශශීට කොල්ලෙක් ඉන්නවලූ..එතකොට ඌද මණ්ඩපේ ඉදියේ..යකෝ මුන්ව මකරාම කන්නෙපැයි..

ඒකියන්නෙ මන් එකිව උස්සලා වැඩෙ දෙල් කරන්නද හැදුවෙ..

" ඒත් ඇයි ඔයාගෙ කසාදෙ ඒ දෙන්නා බැන්දෙ..ඒ දෙන්නාට වෙනම බදින්න තිබ්බානෙ.."

"හ්ම්..එහෙම බදින්න තිබුනා මෙ ප්‍රශ්නෙට අපෙ අම්මා මැදිහත් නොවුනානම්..එතන ලොකු කතාවක් තියෙනවා..මට ඕනි වුනේ මෙ ප්‍රශ්නෙන් මාත් බෙරිලා උන් දෙන්නාව පරිස්සමෙන් බන්දවන්න..අම්මා ඒ වෙද්දිත් ශශී ආදරෙ කරපු කොල්ලාව හොය හොය ඉදියෙ..අන්තිමේදි අසරනයෙක්ව බොරුවට අහුකරන්න වුනා..අපි ප්ලෑන් කරන් ඉදියෙ මන් වෙනුවට ඌ බදින විදියට..ඒකයි මන් හින්දි ස්ටයිල් එකට මේක රෙඩිකරමූ කියලා කිව්වේ..හැමදේම ගානට කෙරුනා..මන් බලාපොරොත්තුවුනා මගෙ මැටි අලේ මොකක් හරි පිස්සුවක් නටයි කියලා..එත් ඔයා කටවහගෙන එතන ඉද්දි මාත් පුදුම වුනා..හැමවෙලේම මන් ඔයාගෙ පස්සෙන් ඉදියා..තේජු උබ වාහනෙ පැදන් ආපු විදියට මට ඌරුජුවල් නැග්ගා..උබට ආයෙ ඔය ලබ්බ පදින්න බෑ හරී...යකො අර බස් එක ගාවින් නවපු නැවිල්ල..මට බ්‍රේක් පෑගුනා ඒක දැකලා..උබට වැඩිය ඔස්තාර්ලා වලේ ඉන්නවා හරිද පුතෝ..උබේ මුරන්ඩුකමට මරලත් මදි..පස්සෙ බීච් එක පැත්තට යද්දි මන් බැලුවා මොන මගුලක් කරන්න හදනවද කියලා..ඒ අස්සේ රාහුල්..ඌ මොකටද උබ යන හැම තැනම ඉන්නේ..හරි ඒක පස්සට දාපන්කෝ..මේ පිටි රැල්ල කාලෙ තෝ අහවල් ලබ්බටද මුහුදට ගියේ..මන් බලාගෙන මගක් දුර ගිහින් කාටද කෝල් කරනවා..අර උලමාටනේ..ඌ අනිත් ගොනා..අවුරුදු ගානක් වැඩ කරලත් උට මාව අදුරගන්න බැරි වුනා..උට නෙමෙ උබටත් බැරිවුනානෙ පුතේ..පිස්සු හුත්තෙක් උබ වෙන කියන්න දෙයක් නෑ..ෆෝන් එකත් විසි කරලා තවත් ඉස්සරහට යද්දි රාහුල් වගේම මාත් කලබල වුනා..රැල්ල උඩ පීනගන්න බැරුව දගලද්දි මට කලින් ඔයාට ලංවුන රාහුල් දැගලුවා ඔයාව ඇදලා ගන්න බැරුව..තව ටිකෙන් එයත් යනවා..යකො උබ ඉදියෙ වලේ..උබ දන්නවනේ ඕකට ගියා කියන්නෙ කෑල්ලක්වත් හොයන්න වෙන්නෑ කියලා..අත පය අල්ලගන්න බැරිතැන වාසනාවට ඔය පෝනි නැට්ට ඇල්ලුනා..උබ ගෑනියෙක් වුනානම් ලේසියෙන්ම කොන්ඩෙන් ඇදලා ගන්න තිබ්බා..කොහෙද අර කෙදිටික අතටත් මදි..ඇත්තමයි එවෙලෙ මට උබව බේරගන්න බැරිවුනානම් යන තැනකට උබ එක්ක යනවා කියලා මාත් එන්න ඉදියේ..

" මන් බය වුන තරම උබ දන්නෑ මැනිකේ..මන්..මන්  ජීවිතේට ඒවගේ බය වෙලා නෑ..උබ අතුරුදහන් වෙද්දිවත් බයවුන්නෑ මොකද මන් දැනගෙන ඉදියා උබ කොහෙ හරි ඉන්නවා කියලා..ඒත්..එත් මෙහෙම මගේ ඇස් පනාපිට ඔයා අමාරුවෙ වැටිලා දගලද්දි මගේ සර්වාංගෙම ගිනිගත්තා කොල්ලෝ.."

" තේජු ඔයා තාම හරියට මන් ගැන දන්නෑ මගෙ පැටියෝ..ඔයා මුරණ්ඩුයි කියලා මන් දැනන් ඉදියා..එත් මේවගේ මෝඩ වැඩක් කරන්න තරම් මෝඩයි කියලා මන් හිතුවෙ නැ..ඔයා වතුර යටට යද්දි මගෙ හදවතත් නැවතෙන්න ආවා..තේජු වස්තුවේ උබ නැති ජීවිතයක් මට මොකටද..මගේ වැරැද්ද උබට මුකුත් නොකියපු එක..එත් ඒක ඔයාටවත් කියන්න බැරි තත්වෙකයි මන් ඉදියේ..අපි ගේම ගැහුවේ පිහිතලයක් උඩ ඉදන්..අවසානෙ මොනවගේද කියලා අපි දැනගෙන ඉදියෙ නෑ..ඒත් තේජු මන් උන්ව රකින්න ගිහින් උබව නැති කරගත්තා නම්..එහෙම වුනානම් අද..එහෙම වුනානම් මන් එතනම මැරෙයි..මන් කොහොමද මන් ආදරෙ කරන එකා මැරෙනවා බලන්නෙ..දෙවියෝ දෙවනි වතාවෙදි මට දුන්න ආදරෙත් රැකගන්න බැරිවුනානම් මන් ජීවත් වෙලා වැඩක් නෑනෙ රත්තරනේ.."

එයා කියපු වචනයක් පාසා මගේ හදපතුලටම කාවැදුනා..හදේ රිදුන තැන් සුවපත් වෙනවා මටට දැනුනා..එයා කියවිල්ල නවත්තපු තැන අපි දෙන්නාම උන්නෙ අඩාගෙන..ඒ ඇස්වල කදුලු හෝගාලා වැටෙද්දි මටත් වාවන්නැතුව ගියා..මගෙ මෝඩ තීරන නිසා සමහර විට එයා ජිවිතෙන් වන්දිගෙවන්නත් ඉඩතිබුනා..ඉතින් දෙවියනෙ මන් බයවුනෙ..මන් උත්සාහා කරේ මගේ ආදරෙ රැකගන්නනේ..එහෙම බැලුවොත් අපි දෙන්නාම හරි..අපි දෙන්නාම වැරදී..

මන් ඒ පපුවට ඔලුව තියාගෙන හැඩුම වාවගන්න උත්සාහා කරා..මට ඇඩෙනවා..එයා හැමවෙලාවෙම මන් වෙනුවෙන් ඉදලා..ඒ හිතේ මට තියෙන තැන මන් හිතුවටත් වඩා ලොකුයි..එයා කිව්වා එයාට හම්බුන දෙවනි අවස්තාව නැතිකරගන්නෑ කිව්වා..මන් ලොකු විනාසයක් කරගන්න හැදුවේ..එවෙලෙ එයා එන්න පරක්කු වුනානම්...එහෙනම්..

එයාගෙ පපුවෙ ඔබාගෙන ඉදපු මුන උස්සපු මන් එයාගෙ ඇස් වලින් ගලපු කදුලු පිහිදැම්මා..ඔයා පව් ඩැඩී..තිබුන ප්‍රශ්න තනියෙන් විසදගත්තා මදිවට ඔයා මාවත් දරන් ඉදියා..මෙච්චර කාලයක් මාව බලාගත්තු මනුස්සයාව මන් අවිශ්වාස කරා..

" ඩැඩී..මට සමාවෙන්න..මන් හිතුවෙ ඔයාව මට නැතිවුනා කියලා..ඔයාව ගෙන්න ගන්න එතනට ගියත් මන් මැරෙන්න හිතුවෙ නෑ..ඇත්තමයි..එත්..ඒත් ඔයා ඒ කෙල්ලට තැල්ල බැන්දා කියලා කියද්දි..මන්..මට දැනුනේ මගෙ ලෝකෙම කඩන් වැටුනා කියලා..එවෙලෙ ආපු කේන්තියට මන් ඉස්සරහට ගියාට මොනාවා වෙයිද කියලා හිතුවෙ නෑනෙ ඩැඩී..තේජු..තේජූ හිතුවෙ ඔය්බ්ම්ම්ම්ම්ම්.."

ඒ මූන අල්ලගෙන එයාගෙන් සමාව ඉල්ලපු මට ආයෙම ඇඩෙද්දි කදුලු පිහිදපු එයා අවසානෙ මගෙ තොල් සීල් කරා..හරි සියුම් විදියට එයා මගේ තොල් සිපගද්දි හැඩුම් අස්සෙ මාත් එයාට එකතු වුනා..

ඒක හරි සැහැල්ලු සිපගැනීමක්..හාදුව පුරාවටම තිබුනේ මාව නිවිලා යන ස්පර්ශයක්..රාගය කියන නාමයක් හොයාගන්න බැරි ඒ හාදුවේ ආදරෙ උතුරන්න තිබුනා..හරි පරිස්සමට ලෝභකමෙන් එයා මගෙ තොල් අයිතිකරන් සංයමයකින් තොල් උඩ රටා මැව්වා..වැඩිපුරම සිපගත්තේ එයා..හාදුව අවසානෙ එයා මගේ නළලටත්..ඇස්වලටත් කම්මුල්  දෙකටත් නහය උඩටත් පුංචි හාදු තියලා මාව තුරුල් කරගත්තා..

" බබා.."

"ම්ම්ම්.."

"ඔක්කොමත් හරි..ඇයි ඔයා ශශීව අතෑරියේ..තිබ්බ කරදර මදිවට අපිට ඔයාගෙන් එයාවත් බේරගන්න සිද්දවෙනවා..අපි ඒකත් ප්ලෑන් කරා..එත් ඇයි එයාව එව්වේ.."

"මොකක්...ඩැඩී ඒක ඔයත් දන්නවද..යකො එ මගුල නොදන්න එකෙක් නෑනේ.."

" මෝඩයොන්ව වැඩවලට එකතුකරගන්න කලින් උබට හිතන්න තිබුනා බබා.."

" මොකක් සේපාලයා..ඌද එතකොට.."

"හ්ම්..ඌ බීපු වෙලේ ඕක නොකිව්වෙ ඔයාගෙ ක්ලියෝට විතරයි.."

යකො මේ වේස පුතාව ලෝදියෙ බස්සලත් මදිනේ..ඇට බේසමා..ඕකා වැරදියට කිව්ව හින්දානෙ මන් මැරෙන්න ගියේ..මූගෙ කටට හොරිදානව්ස කරන තිරිසන් වැඩ වලට..

" කෙල්ලව අතෑරියාම මන් බලන් ඉදියෙ උබ කොයිවෙලේ මාව උස්සයිද කියලා..කො ඉතිම් උබ මාව ඉස්සුවෙ නෑනෙ.."

"අනෙ යන්න ඩැඩී යන්න..සේපාලයාව මරලත් මදිනේ..පුදුම හුත්තෙක් තමා  ඌ..පරයා.."

"හ්ම්..තාම අමාරුද..ඩොක්ටර් කිව්වා රෙස්ට් කරන්න කියලා.."

"නැ දැන් හොදයි.."

ඩැඩියා මාව උකුලට අරන් කම්මුලට චොක් ගාලා හාචියකුත් දුන්නා කෙල්ලනේ..

බලන්නකො ඉතිම් මන් වැඩේ දෙක තුන කරලානෙ අපෙ ඩැඩියාගේ..පව් අසරනයා..වෙලාවට ශශීව මැරුවේ නැත්තේ...එහෙන වුනානම් වසලා හමාරයි...

"තේජූ..කෝ උද්දික පුතා..සිහිය ආවද බොට.."

මන් ඩැඩීගෙ තුරුලේ සනීපෙට නිදාගෙන ඉද්දි වේලුසුමන යෝදයෙක් වගේ මාම් රූම් එකට කඩන් වැදුනා..

" ආ මේ ඉන්නෙ පර දෙස්සා..උබ අලිපුකෙන් ආවා කියලද හිතාන ඉන්නේ..මෙ ඇමතිතුමෝ..මගෙ පුතාගෙන් අහකට වෙයන්..මන් මේ හොදින් වගේම නරකින් මේ කියන්නේ..අහකට වෙයන් මගෙ කොල්ලාගෙන්.."

"මාම්.."

" උබ කටවහපන් ගස් බල්ලා..කො අහකට වෙයන් ඇටයො..පලයන්කෝ.."

මාම් ඇවිත් මාව ඩැඩීගෙන් ඈත් කරලා ඇද උඩ ඉදපු ඩැඩියාව නැගිට්ටවලා පස්සට කරා..

" අවිනාසෙ උබ  මාව විනාසෙ නොකර සාවදානෙන් මන් මේ කියන ටික අහගෙන ඉදපන් හරිද..අදින් පස්සේ..අද අද අදින් පස්සෙ උබට මගෙ කොල්ලාට ලංවෙන්න බෑ..කොටින්ම උබෙ හුලගක්වත් උට වදින්න බෑ හරී..මගේ එකා ජිවිතේ නැතිකරගන්න තැනට වැඩකරපු උබව ආයේ උගෙ ජිවිතේට ඕන්නෑ කිව්වොත් ඕන්නෑමයි..මන් උබට කලින්ම කිව්වා..මගෙ කොල්ලාට හීරිමක්වත් වෙන්න බෑ කියලා..කො උබ ඇහුවද නෑනේ බලපන් අද ඌ කරගත්තූ දේ..බලපන්.."

"මාම් ඇයි මේ.."

"ඇයි ඇයි දැන් උබ කට අරින්නෙ..මන් උබෙන් මොනාහරි ඇහුවද ආ..මට කියලා කට පුක කරගන්නැතුව කටවහන් ඉදින්..මු උබට පන ඇරලා නිසයි උබට කැමතිවුනේ හරිද ඇමතියො..නැත්තම් මන් උබට එකාලෙ ඉදන්ම කැමති නෑ..පොඩ්ඩක්වත් නෑ..ඇත්තටම නෑ...සත්තයි නෑ..මිනිහා බල්ලා නෑ මයි..ඒත් මන් අද තීරනේ කරා ආයෙ මගෙ කොල්ලාට උබව ඕනි නෑ කියලා හරී..මේක ජෝක් එකක් නෙමෙ තමාල් සීරියස් ඕකේ..තේජු උබට ආයෙ මෙ ඩැඩී නෑ හරි..ඌව ඕනිම නෑ..ඕන්නැ කියන්නෙ ඕන්නැමයි..

උබ පොඩි එකා..ආදරෙ දරාගන්න බැරිතැන මැරෙන්න ගියා ඒක හරි..හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැරිද..එත් එත් මූ මූ..ඌ දැනගන්න ඕනි උබව ඒ තත්වෙට වැටෙන්න නොදී බලාගන්න හරි..වැඩක්.නෑ..ඌව උබටත් එපා මටත් එපා...මන් උබට හරියන එකෙක් හොයාගත්තා..ඌව තමා බොට හරියන්නෙ..ලැස්තිවෙයන් ඌ එක්ක දීග කන්න..ඇමතිතුමෝ මේ තමාල්ව නරක එකා කරගන්නෙපා හරී..මගේ කොල්ලාගෙන් ඈත්වෙයන්..එච්චරයි.."

__________________________

ඕන් බොනස් දුන්නා හරී😌❤️

කො දැන් කියන්න  බලන්න

ඩැඩීට කීයද

දුසාට කීයද

😌

එවුනාට තේජූ පෞ..

ඩැඩීත් පෞ

දුසාත් පෞ

මාත් පෞ....👉👈

ඩැඩි හොදයි අනෙ 😌 තේජුට ආතරෙයි..ආ නැත්ත😌

ඒවුනාට තමාල් එක්ක බෑ එයි😪😪

තේජූව බන්දයිද ලමයි 😪

එන්නම්😍

කමෙන්ට් දාන්න..❤️

ආතරෙයි❤️

_Gojo_

Share This Chapter