Back
/ 49
Chapter 15

Chapter 15.

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"ෆක්..ෆක්..ෆක්..කොහොමද යකෝ එහෙම වෙන්නෙ.."

"ආර්හ්හ්හ්...ඉවරයි ඔක්කොම විනාසයි.."

" දැන් කොහොමද...ආඅර්හ්හ්...ෆක්.."

" ඇයි උබලට බැරිවුනේ ඒක පරිස්සම් කරගන්න..උන් ඇවිත් ඒක කුඩු කරලා යනකම් උබලා කොහෙද #&&$& නි ඉදියෙ..මැරියන්..උබලා ජීවත් වෙලා වැඩක් නෑ..මැරියන්.."

" ආආආර්..එපා බොස්..අපෙ උන් අහිංසකයි.."

" සමාවෙන්න බොස්..අපි අපි..ආර්හ්.."

"එපාහ්..ආර්හ්..බොස්..අපි නෙමෙයි.."

" කටවහපා.....න්!!!.... මන් දන්නවා ඒ තොපි නෙමෙයි කියලා..උබලට මන් දුන්නෙ එක වැඩයි..ඒක බලාගන්නවත් බැරි තොපි ඉදලා වැඩක් නෑ මැරියන්..ඇයි යකෝ ඒක බේරගන්න බැරිවුනේ..ඇයි.."

" තේජු..මචං එපා අඩො..උන් අහිංසකයි.."

" මාව අතෑරපන් ශෙරිල්..උන් අහිංසක නෑ..උන්..උන්..ෆක්..මුන්‍ට බැරිවුනා..මාව අතෑරපන්.."

" තේජු කාම්ඩවුන් මචං..ගැහුවා ඇති මුන් මැරෙයි යකෝ ශෙරිල් ඔය සයිලංසරෙ ගනින් මාරාන්තික ගැහිලි මූ ගහන්නේ.."

"එරික් අතෑරපම් සහෝදරයා කියලා බලන්නෑ උබටත් කෙලිනවා...ඕක දීපන් ශෙරිල් උබ මැරුම්කන්න හදන්නෙ ඔය.."

"  රෙදි පටි කෑල්ලක් ගෙනෙම් මුගෙ කට වහන්න...තෙජූ කෑගැහුවා කියලා බයික් එක තිබුනා වගේ හැදෙන්නෑනෙ..ඒක නෙමෙයි තියෙන එකම බයික් එක..තව තුනක්ම තියෙනවා..එකක් තෝරගනිම් තව විනාඩි විස්සයි රේස් එකට.."

" වෙන ලබ්බවල් වැඩක් නෑ බල්ලො මගෙ කැමි නැතුව..මැරෙන්න හිතෙනවා ඒක දැක්කාම..ආයෙ හදන්නවත් බැ බන්..වෙන එකක් වැඩක් නැ යකො මට.

අවුරුදු දෙකක් චැම්පියන් වුනේ මෙකෙන්..ඒක නැතුව මට සෙල්ලම්කරන්න බෑ.."

මන් ඉන්න වේදනාව විස්තර කරන්න වචන මවන්න වෙනවා..මගෙ ලෝකෙම කඩාගෙන වැටුනා වගෙ දැනෙද්දි මෙතනින් එහාට මොකද්ද කරන්න ඕනි කියලා හිතාගන්න බැරුව ඉන්නෙ මන්..

හිතට අවුල් වගේ දැනුන නිසා ඊයෙ මන් ගාර්ඩ් එක වැඩිකරලත් වැඩක් වෙලා නැ..මොකා උනත් කරේ තිරිසන් වැඩක්..කොන්ද පන නැති අවජාතකයෙක්..ට්‍රැක් එකෙ තරග කරලා දිනන්න බැරි නිසාද උඹ දෙකයි පනාහෙ වැඩක් කරේ..

උදෙ බලාපොරොත්තු පොදි බැදගෙන ආපු මම ශොව්රූම් එක ඇතුලට අඩිය තියද්දිම වටවෙලා ඉදපු කට්ටියවත් තල්ලුකරගෙන ගිහින් දැකපු දෙයින් ඇගෙ තිබුන පණත් මාව අතෑරලා දැම්මා..

ගස් කදක් වගේ බිමට කඩාගෙන වැටුන මම ඇතුලාන්තෙන් එන වේදනාවත් කාගෙන බිම දිගේ ඇදීගෙන එතනට ගියා..මගේ ඇගේම කොටසක් වගේ පරිස්සම් කරපු එයා කුඩුපට්ටම් කරලා තියෙද්දි මගේ මුලු ලෝකෙම කඩන් වැටුනා..

මන් මුන්ට කිව්වෙ එයාව පරිස්සමට බලාගන්න කියලා විතරයි..මෙච්චර දෙයක් වෙනකම් උන් බුදියගෙනද උන්නේ..මුන් බීරොද..

දැනුන ආවේගෙට ඇතුලාන්තෙන් කඩාවැටුන මම තැලිලා දෙකට කැඩිලා ගිය සයිලන්සරේ අරන් ඊයේ ගාඩ්කරපු අට දෙනාව  පෙළගස්වලා උන් ඔක්කොටම නෙලාගෙන ගියා..මන් ගහන්නෙ මගේම උන්ට කියන සිහියවත් මගේ මනස තිබුන්නෑ..උන්ව දැක්කාම මට මැවුනේ උන් ටික එකතුවෙලා මගේ බයික් එක කුඩුකරන විදිහ..උන් ටික නිර්දෝෂි වුනත් නොවුනත් පවරපු රාජකාරිය හරියට කරගන්න බැරි ආරක්ෂකයොන්ගෙන් ඇති වැඩේ මොකද්ද..

ගහපු පලවෙනි පාරෙන්ම සමහර උන් බිම වැටෙද්දි තව උන් ගහන පාර කාගෙන ඉදියා..උන්ට මුකුත් කරන්න බෑ..මන් මැරෙන්න කිව්වොත් උන් මැරෙන්න ඕනි..එහෙමයි මුන් ට්‍රේන් වෙලා තියෙන්නෙ..පැය කිහිපයකට කලින් මොනා වුනාද කවුද කරේ කියන එක මේවෙලාවෙ මට වැදගත් වුනේ නෑ..මට තියෙන කේන්තිය මුන්ට උන්ගෙ වැඩෙ කරන්න බැරිවුන එක..අට දෙනාම එකපාර කලන්තෙ දැම්මාද ඒක කුඩු කරද්දි..

ගාඩ්ලට මැරෙන්න ගහද්දි එතනට දුවන් ආපු ශෙරිල් එරික් දෙන්නා මාව ඇදලා නතර කරන්න හැදුවත් මගෙ අතේ තිබුන සයිලන්සරේ ඇදලා ගත්තු ශෙරිල්ටත් මන් ආපිට ගහාලා ඒක උදුරගත්තා..මට පාලනේ වෙන්න ඕනි වුනත් ආවේගේ මට ඒකට ඉඩ දුන්නෑ..මේ වෙලාවෙ මට ඕනි වුනේ මුන්ට ගහලා හරි ඒක ආපහු තිබුනා වගේ හදාගන්න..ඒක මෝඩ වැඩක්..මුන්ට ගැහුවාම බයික් එක හැදෙයිද..නෑ කොහෙත්ම නෑ..මන් එක දන්නවා එත් මට ඕනි ලබාගන්න බැරි දේ  කොහොම හරි ලබාගන්න..

" ආව්හ්..තේජු.."

" තේජු එපා යකෝ..ශෙරිල් උබ හොදින්ද.."

" කැහ්..ඔව්..ප්‍රශ්නයක් නෑ..තේජුව නවත්තපන්.."

" උට කේන්ති ගියාම මුර්ගයෙක් වගේ..දැන් ඌව නවත්තන්න බෑ.."

" මූ උන්ව මරයි යකෝ..මොකක් හරි කරපන්.."

" කියපන් ඒක කුඩුකරනකම් උබලා මොන හුත්තෙද ඉදියේ..කියපන් බල්ලො.."

ඩාං..

"බ්..බො..ස්..අ..පි..සිහිය..නැත්..ක්හැ..ක්හැ..බ්වොක්.."

" ආර්හ්..නැගිටපන්..තොපිට මොකද්ද වුනේ..නැගිටලා කියපන්..මන් උබලාව මරන්න කලින් කියපන්.."

" තේජු!!!!!!!!!!!!"

" බබා මොකද මේ..තේජූ.."

" අංකල්..තෑන්ක් ගෝඩ් අංකල් ඔයා ආවා..ප්ලීස් තේජුව නවත්තන්න නැත්තම් අරුන් ටික මැරෙයි.."

එරික්ව තල්ලු කරන් ගියපු මන් ආයෙත් ගාඩ්ලාව අල්ලගෙන ප්‍රශ්න කරද්දි එකෙක් අමාරුව වැඩිකමටම ලේ වමනෙ දාලා වැටුනා..උගෙ මූන බලන්න බැ..පැත්තක් තැලිලා..උගෙ නෙමෙයි උන් ඔක්කොගෙම..මූනවල් ගන්න දෙයක් නෑ..සමහර උන්ගේ දත් කැඩුනා..පැත්තක් ඉදිමිලා..ඔලු පැලිලා ලේ එනවා..තව උන්ගෙ බෙල්ල කෙලින් කරගන්න බැරුව කෙදිරිගානවා..එච්චර හරියක් වෙලා තියෙද්දිත් මන් වැටුන එකාට ගගහා නැගිටින්න කියනවා..ඌ මැරිලද සිහිය නැතිවෙලාද කියලා හිතාගන්න බෑ..ඌ මැරුනත් වෙච්චි දේ කියලා මැරෙන්න ඕනී..මරණෙන් නැගිටලා හරි උන් මට උත්තර බදින්න ඕනි..

මැරිලා වගේ වැටිලා උන්නු එකාට ගහපු මන් උට එහාපැත්තෙ එකාටත් ගහද්දි ඌ අමාරුවෙන් වකුටු වුනා..උන් බේරෙන්න දැගලුවත් ඇඩුවෙ නෑ..කෑගැහලා මන් ගහන පාරවල් දරාගෙන උන්නා..උගෙ ඔලුවට වැදුනු පාරකට ඒකාගෙ නලල පැලිලා මගේ මූනට ලේ විසික්වෙද්දිම ඩැඩීගෙ කටහඩ හෝල් එක ඇතුලෙ රැව්දුන්නා..

මගෙ පිටිපස්සෙන් එයාගෙ අඩිසද්දෙ ඇහෙද්දි නාස් පුඩුවලට සදුන් සුවද දැනුනා..හිත තප්පරේකට ගැස්සුනත් අරූට ගහන එක නැවතුන්නෑ..ඩැඩි එනවත් එක්කම අරුන් දෙන්නාත් එයාට මොනවදෝ කියනවා ඇහෙද්දි අරූට ගහන එක නවත්තපු මම කුඩුවෙලා තිබ්බ වාහනේ තවත් කුඩු කරා..

යකඩ කෑල්ලක් වුනත් මන් ඒකට සැලකුවෙ මගෙ පන වගේ..එයා කොහොමද මාව දාලා යන්නෙ..මගේ කෙනෙක්ට මාව අතාරින්නත් මගේ අවසරේ ඕනී..බලෙන් යන්න හැදුවොත් උගෙ අවසානෙත් මගෙ අතින්ම සිද්ද වෙයි..

" තේජූ.."

කාට වුනත් එච්චරයි..මට අහිමි වුනේ දෙන්නයි..තව අය  අහිමිකරගන්න මන් කැමති නෑ..බයයි..එහෙම අහිමිවෙන්නත් බෑ..මාව අතාරිනවනම් ඒ කෙනාට ජීවිතෙත් අතාරින්න සිද්ද වෙයි..

" තේජු..ඕක නවත්තපන්.."

චටාස්..💥

" මොකද්ද මේ විකාර..තේජු..තේජු..හරි සිහියට වරෙන් කොල්ලෝ..."

මගෙ පිටිපස්සෙන්  බදාගත්තු එයා අතේ තිබුන සයිපන්සර් කෑල්ල ඇදලා ගන්න හැදුවත් මන් ගන්න දුන්නෑ..මගේ වටේ එතුන ඒ අත් ගලවලා දාපු මන් එයාගෙන් ඈත් වෙන්න හදද්දි මගෙ කම්මුලට ගහපු එයා මාව ඇදලා පපුවට තුරුල් කරගන්නකොට අතේ තිබුන යකඩ කෑල්ල බිමට වැටුනා වෙද්දි එයා ඒක පයින් තල්ලු කරලා එහාට කරා.

" බබා..හරියට හුස්ම ගන්න ලමයෝ..කෝ  ඩැඩී දිහා බලන්න..ඩැඩිගේ පැටියාට ඇයි මේ කේන්ති ගිහිම්..මගෙ වස්තුව ඇයි රත්තරනෙ..ඔක්කොම හරි..ඒක ගැන හිතන්න එපා.."

" මගේ දිහා බලන්න..කෝ ඉතිම් මගෙ නෙළුම මන් දිහා බලන්නකො.."

" ඒක ගැන අමතක කරන්න..මන් ඉන්නවනෙ..මන් ඔක්කොම බලාගන්නම්..ඩැඩී ඉන්නවානෙ.."

" ඩැ..ඩිහ්.."

මාව බදාගත්තු ඩැඩී ඒ බෙල්ල අස්සෙ මූන හංගන් උන්න මට එයා දිහා බලන්න කියද්දි දරන් උන්නු පීඩනය දරාගන්න බැරි තැන මන් වෙව්ලන්න ගත්තා..මගෙ වෙව්ලීම එයාටත් දැනිලද කොහෙද මාව කෙලින් කරලා මූන දෙපැත්තෙන් අල්ලගත්තු එයා කඩුලු බිදන් එලියට පැනපු කදුලු වැල් හිමින් සීරුවේ පිහින ගමන් එයා ඉන්නවානෙ එයා ඔක්කොම බලාගන්නම් කියලා කිව්වා..

තව විනාඩි පහලවක්වත් නැතුව ඇති.. ඒ අස්සෙ ප්‍රාතිහාරපාලාවත් මගේ කැමීව යථාතත්වෙට පත්කරන්න බැරිබව දැනන් උන්නු මම හිත රවට්ටගන්න ඩැඩී කියපු දේ විශ්වාස කරා..එයා හැමදෙයක්ම බලාගනී කියන වචනේ මේ තප්පරේදි මන් විශ්වාස කරන්න ගත්තා..

මාව තාමත් ගැහෙනවා..ඇග ඇතුලෙන් තෙරපෙන පීඩනේට මාව පුපුරන්න වගේ දැනෙන්නෙ..මොකක් කරගන්නද කියලා හිතාගන්න බෑ..රේස් එකට ප්ලේ කරන්න තව බයික් තිබුනත් මන් කැමතිම මට හුරු වාහනේ නැතුව මන් කොහොමද තරගෙට මුහුන දෙන්නෙ..

රයිඩර්ට එයාගෙ වාහනෙත් එක්ක තීයෙන්නෙ ආත්මීය බැදීමක්..මගෙ දරුවා වගේ ආදරෙ කරපු කැමේලී..මගේ මල උන් තලලා පොඩිකරලා දාලා තිබුනා..රෙඩ් මන් ආස කලර් එක නොවුනත් ඒ කැමේලි හන්දාම මන් ඒකට කැමති වුනා..

මෙතෙක් කාලෙකට මන් තරග වැදුන හැම රේස් එකක්ම වින් කරේ එයත් එක්ක..අද එකත් වින් කරනවා කියන බලාපොරොත්තුව මගෙ හිතේ ලොකුවට තිබුනා..ඊයේ හවස මන් එන්න ආවෙත් කැමේලිව බිමට පෙරලලා ඒක උඩ නැගලා එයාව බදාගෙනයි..ඒ මගේ ෆේවරිට් හග් එක..ඒ වගේම එයත් එක්ක බෙදාගත්තු අවසාන හග් එක..

" What happen baby boy....Damn..wht the fuck.."

මාව පැත්තකින් වාඩිකරවපු ඩැඩී කොහෙටද මන්දා ගියා වෙද්දි කොහෙදො ඉදන් ආපු දුෂ්මන්ත් අංකල් මගෙ දිහාවට දුවන් ඇවිත් වාහනේ දැකලා ඉද්ද ගැහුවා වගේ නැවතුනා..මාවත් අමතක වුන එයා ගියේ කුඩුපට්ටන් වුන වාහනේ ගාවට..

මන් හිතන්නෙ එයත් ශොක් වුනා..වාහනේ ගාව දණ ගහපු එයා කෑලි අතගාද්දි ඒ මූනෙ ඇදුන වේදනාව මන් දැක්කා වෙද්දි එයා මා දිහා බලලා අත් මිටිකරන් නැගිටලා මන් ගාවට ආවා..

රයිඩර් කෙනෙක්ගේ වේදනාව තේරුම් ගන්න පුලුවන් තවත් රයිඩර් කෙනෙක්ටම විතරයි..

" බේබි බෝයි..මෙහෙම ඩවුන් වෙලා බෑ..ඔයා රේස් එක වින් කරන්නම ඕනී..මන් පොරොන්දු වෙනවා..ඌව ඔයාගෙ කකුල් දෙකට ගෙනත් දෙනවා කියලා.."

" මන් ඉන්නවා බේබි බෝයි..ඔයාට මේක පුලුවන්..ඌ හැදුවේ මේ රේස් එකෙන් ඔයාව අයින් කරන්න..ඉතින් ඔයා ඌට දිනුම දෙනවද..ඔයාගෙ කැමේලියා නෑ කියලා රේස් එක අත්හරිනවද.."

මන් ලගට ඇවිදන් ආව දුෂ්මන්තා මගෙ දනිස් උඩ තිබුන අත් දෙක අල්ලන් මේ තරගේ අතෑරලා ඌට දිනුම දීලා පැත්තකට වෙනවද කියලා අහද්දි අතාරින්න හදපු මට තරගේ දිනන්නම ඕනී කියන ආශාව ඇතිවුනා..ඔව් එයා හරි..ඌට ඕනි වුනේ මාව මේකෙන් අයින් කරන්න..මේක කරේ මන් හිතන කෙනා නොවුනොත් හොදයි..මොකද එ ඌ නම්..මේ ගෙවෙන්නෙ ඌ ජීවත් වෙන අන්තිම තප්පර කිහිපයයි...

"අංකල්..මට මේක වින් කරන්න ඕනි.."

" යස් බේබි බෝයි..අපි වින් කරමූ..කැමති වාහනකයක් ඉල්ලන්න..මගේ කලෙක්ශන් එකම දැන් ඔයාගෙ අතේ..නම කියන්න..විනාඩි පහකින් ඒක ඔයාගෙ කකුල් ගාව තියෙයි.."

"මට්-.."

" තේජූ...එයා ආවා.."

"ඩැඩිහ්.."

දුෂ්මන්ත් අංකල් එයාගෙ කලෙක්ශන් එකෙන් කැමති වාහනකය් ඉල්ලන්න කියද්දි එයාගෙ නින්ජාට ඇහැ ගහන් උන්නු මට මේ වෙලාවෙ ඒක මැච්වෙයි කියලා හිතුන නිසා  එයාගෙන් ඒක ඉල්ලද්දි නොකියාම අතුරුදහන් වුන ඩැඩී එකපාරටම කඩාගෙන ආවා..

එයා ආවෙ නිකම් නෙමෙයි..

එයා බයික් එකකුත් අරගෙනමයි ආවේ..

kawasaki ninja..

The king of all sport bikes...

මන් දකින්නෙ හීනයක්ද..

උන්නු තැනින් ඉබේටම නැගිට්ටවුන මන් හීනෙන් ඇවිදිනෝ වගේ ඩැඩී ගාවට ගිහින් හිටගත්තා..

" ඩ්..ඩැඩී..මේක.."

" මන් මේක ගත්තේ ඔයා රේස් එක වින්කරාම දෙන්න කියලා හිතාගෙන..හැබැයි...  මේකෙන්ම ඔයාට  තරගෙට යන්න වෙයි කියලා හිතුවෙ නෑ..........මොකද කියන්නෙ..ඔයා කැමතිද.."

bugatti තමයි fastest ම මොටර්සයිකල් එක..දෙවනියට ninja තුන්වෙනියට මගේ කැමේලී ducati...වාහ් මේක පිස්සුවක්..

"කැමතිද..කැමතිද නෙමෙ ඩැඩී..මන් මේකට  ආදරෙයි..වොහ්..i can't believe this..දුසා අංකල්..දැන් මන් ගාවත් නින්ජෙක් ඉන්නවා.."

"ඉතිම් බේබි බෝයි..දැන්වත් ඔයා රෙඩිද.."

" yeah..i'm ready.."

" අනේ උබ අච්චර ඩාන්ස් දැම්මෙ මෙහෙම හිනාවෙන්නද..උබ යකෙක් මචං..කමක් නැ..මන් උන්ව හොස්පිටල් ගිහින් දැම්මා..හොදට කරපන්..best of luck.."

" තව ටිකෙන් උබට රේස් එකට නෙමෙයි කෝර්ට් එකටයි යන්න වෙන්නෙ..තොගෙ ඔය නහුතෙට තද වෙන ගතිය කවදා නැතිවෙයිද දන්නැ මල්ලි..ශෙරිල්ටත් ගැහුව එකේ වින් කරලාම වරෙන් ආ.. good luck.."

" හරි බන්..ශෙරිල් සොරි මචං..ඒවෙලාවෙ මන් out of mind ඉදියේ.."

" ඔව් ඔව් අතිශය ප්‍රථම වතාවට අපි ඒක හොදට දැක්කා.."

මට පාලම්බොක්කේ රටේ රාල ආවේස වෙලා තලාපු මිනිස්සු ටිකව ශෙරිල් එරික් දෙන්නා හොස්පිටල් යවලා..දන්නැද්ද චුට්ටක් ඕවර් ගියා..නින්ජා හම්බුනාට කැමේලි නැති අඩුව පිරෙන්නැතිවෙයි..මට හම්බුන මුල්ම බයික් එක..

කමක් නැ තේජු..වෙන්න තිබුන දේ වුනා කියලා කියපම්..එවුනාට වෙන්න තිබ්බ දේයි කියලා හැම මගුලක්ම නැතිකරගන්න බෑ..

නින්ජාට ගැලපෙන්න ටීම් එකේ සෙට් එක ගෙනත් දුන්න  ට්‍රැක් කිට් එකක් ඇදගත්තු මම ඩැඩීගෙන් ආශිර්වාද අරන් වාහනේට නැග්ගා..

" මට අනුව ඔයා දැනටමත් දිනලා බබා..හොදට කරන්න.."

" අරක ආයෙත් කියන්න.."

"මොකද්ද.."

"මගෙ නෙළුම කියලා.."

" ..දිනලා එන්න මගෙ නෙළුම.."

වෙඩි හඩට තරගය ආරම්භ කරන්න විදානය ලැබෙද්දි නින්ජාගෙ උඩ ඉදපු මට කවදාවත් දැනිලා නැති විදිහේ ජවයක් දැනුනා..ජියර් කඩලා ස්පීඩ් ලෙවල් එක අප්කරපු මන් හැමෝටම ඉදිරියෙන් තරග වදිද්දි ගෙදර හා සමාන ට්‍රැක් එකේ ජීවය මට දැනෙන්න ගත්තා..නින්ජා අලුත් වුනත් අවුරුදු ගානක් මන් එක්ක රයිඩ් කරපු එකක් වගෙයි මට දැනුනේ..

එදා වගේම අදත් මට පිටිපස්සෙන් තරග වැදුනේ රිචඩ්..වෙලාවකට එයා මන් එක්ක කරට කර දාවනය වුනා..එත් එයාට මාව පහුකරන්න හදන්න හැම වෙලාවකම මන් ඉස්සර කරපු නිසා මිනිහාට මල පැන්නා..මන් වමෙන් ඉස්සර කරන්න යද්දි මිනිහා ඒකට හරස් කැපුවා...වමෙන් ඉස්සර කරන වාහනයක්  පසුපස වාහනයක වැදුනොත් ඒක crash වෙන්නත් පුලුවන්..එහෙම වෙලා මෝටර්බයිසිකල් ඉතිහාසෙ සිද්දවුන ජීවිත හානි ගොඩක් තියෙනවා...

විනාඩි තිහකට ආසන්න වෙලාවක් අපි දාවනේ යෙදිලා අවසන් වටේට පිවිසුනා..තාමත් රිචඩ් මාත් එක්ක කරට කර ආවා මිසක් මාව පහුකරන් යන්න පුලුවන් කමක් ලැබුන්නෑ...

තරගේ ආරම්භේදි උන්න රයිසර්ස්ලාගෙන් භාගෙටකට වඩා හැලිලා..laps එක ගද්දි හුගක් අය සමබරතාවෙ ගිලිහිලා වැටෙනවා..අවසානෙ එක ලග රයිඩර්ස්ලා ටික වැටෙද්දි තරගට තවත් උනුසුම් වුනා..රිචඩ් ඌව ඉස්සර කරන්න ආපු දෙන්නෙක්වම වැට්ටුවා..අවසානෙ වට්ටපු එකාගෙ බයික් එකේ වැදිලා දෙතුන් දෙනෙක්ම අයින් වුනා..

මොනදෙ  වුනත් උබට මාව ඉස්සර කරන්න ඉඩ දෙන්නෑ..දිනුම් කනුවට කිලෝමිටරයක් වගේ තියෙද්දි රිචඩ් බැලුවෙම මගෙ ඇගට කපන්න..මුලදි මන් අහකට වෙලා බේරුනත් මූ ඒක දිගටම කරලා මගේ යකා ඇවිස්සුව හන්දා මේපාර ඌ කපද්දි මාත් ආපිට කපලා ඌව අයින්ටම තල්ලු කරා..බයික් එක වැදීගෙන වගේ ඉදිරියට ඇදෙද්දි ඌ හැදුවේ පයින් ගහන්න..එත් උට කලින් ඉස්සර වුන මම රේස් කරලා ඉස්සරහට පැන්නායින් මීටර් සීයක් දුර තියෙද්දි ඌ බිමට ඇදන් වැටෙනවත් එක්කම දිනුම් කනුව පන්නගෙන මන් ඉදිරියට ගියා..

යස් තේජු යස්..ඔයා ඒක කරා..

තාත්ති..ඩැඩා..රශී ඒක කරා....

වාහනය මගක් දුර අරන් ගිහින් මන් නවත්තනවත් එක්කම අපේ ටිම් එකෙ උන් ඇවිත් මාව වටකරගද්දි ස්ටෑන්ඩ් එක ගහපු මන් බිමට බහින්නත් කලින් කාගෙ හරි අත් දෙකකින් උඩට ඉස්සුනා..

" බබා ඔයා ඒක කරා..මගේ කොල්ලා.."

*kiss..*

මන් ඇදිලා ගිහින් නතර වුනේ හැමදාම මාව නිවෙන ඒයාගෙ තුරුලට..ඩැඩී මාව උස්සලා අරන් වටයක් කරකවලාමයි බදාගත්තේ..බදාගත්තා මදිවට හැමෝම ඉස්සරහා කම්මුලට තඩි හාච්චියකුත් දුන්නා..

යොහ් වඩාගන්නෙ..ම්හුක්

හරිනම් මන් නෙමෙයිද වඩාගන්න ඕනි..

කිත් එකනම් ඉතින් ලිප්ස් වලට දුන්නා නම් තමා වඩාත් හොද..කමක් නෑ කට්ටිය නැති වෙලාවක ඉල්ලගන්න බැරියෑ....

ඩැඩී මාව බිමින් තිබ්බා විතරයි ආයෙමත් මන් උඩට පාවුනා..යාහ්..කැරකිල්ල වගෙ දැන්නම්..

" Baby boy You did it.."* kiss *

සද වට තරු කැට කිව්වලූ...ඒගමන මාව කැරකෙව්වෙ දුසා අංකලයා..

ඩැඩී ගහයි සයිලන්සරෙන්..

කැරකෙව්වා මදිවට පොර මාව බදාගෙන ඩැඩියා වගේ කම්මුලට හාච්චුවක් දුන්නා කියහංකෝ..

යොහ් දුසේ..උබ මාව කෑවනම් මීට වැඩිය හොදයි යකො.....

දුසා වඩාගෙන බිමින් තියද්දි මන් දැක්කා ගිනි ඇවිලෙන ඇස් දෙකක්..තේජු උබ අද එලියේ පුතේ..

මන් නෙමෙ ඩැඩී..මන් නෙමෙ..දුසා තමා..අනේ මන් නොතරුවානෙ අප්පාවෙ..

හක්කෙ සද රැස් බොක්කෙ දඩමස් කිව්වලූ..

යොහ් ආන් රවනවා..

හනේ මන් නිර්දෝශීයි ස්වාමීනී.....

.

.

.

trophy එකත් අරන් ගෙදර යන අතරමග මමා වාහනේ ඇතුලෙ මාව හූරගෙන කන්න හදනවා..

"ඌයි..හ් රිදෙනවනෙ.."

" රිදෙන්න තමා ඇන්නෙ..ඇත්ත කියපන්..හිම්බිජි මාපිලා වගේ ඉන්න උබ මාපුතා ඩැඩියලා දෙන්නාවම රන් කරනවා නේද..ඇත්ත කියපන් මට.."

තේජුවො අද දවසනම් නිර්මලයි පවිත්‍රයි අකලංකයි අමරණීයයි පට්ටයි යකෝ..උදේ ඉදන් මට වෙන්නෙම කොතල හිඹටු වැඩ..

දිනලා ඉවර වෙලා ඩැඩිගෙයි  අංකල්ගෙයි අතෙ භ්‍රමනය වුන මගෙ කෙරුවාව මාම්ගෙ තික්ෂන උකුසු නෙත් දෙකෙන් දැකලා, දැකපු වෙලේ ඉදන් මාව හූරන් කනවා..අනෙ අම්මෙ මන් ඕවට නෑ අනෙ..ම්හුක්..මන් අම්මිගේ වහුපැටියානෙ..

" යො නැ නැ මාම්..එහෙම එකක් නෑ.."

" නැත්තන් දෙකම උබව  උඩ දාන් ඉම්බෙ..තෙජු දෙකක් බෑ එකයි හරි..මට නැති දෙක උබටත් එපා..එච්චරයි..එකක් කියපන් මට.."

" යොහ් මාම් දෙකක් නෑ..ඩැඩි විතරයි..කැපුවත් ඩැඩියා එච්චරයි.."

" එව්ව් ඩැඩියද..අනෙ මන්දා ගන්දබ්බ වස්සා කියලා මරන්නද උබව..අපරාදෙ අර ඩැඩියස්..මිනිහාව මන්වත් දාගන්නවා එක්කො..උබ ඉදපන්..ශුවර්නෙ ඩැඩී කියලා..ආයෙ වෙනස් වෙන්න බෑ  සරී.."

" අනෙ ඩැඩී විතරයි..එයා විතරයි..නවත්තගන්නකො මාම් ඔලුව පැලෙන්න වගේ.."

" හරි හරි.. හුගක් රිදෙනොද.."

" ඔව් මාම් නලල පුපුරන්න වගේ.."

" කෝ එනවා අතගාන්න ටිකක්.."

" ම්හ්ක්..හොද මමා..තේජූ ආදරෙයිනේ..ගොඩක්..ඌහ්..අනින්නෙ.."

" අනේ මන් නොදන්න උබේ ආදරෙ..නිදාගනින්..පලස්තීන බූරුවා මගෙ.."

මමාවයි මාවයි බස්සපු ඩැඩියි පපායි ආපිට වැඩට යද්දි වොෂ්දාන් මහන්සියට මන් ඇදට වැටුනා..

"අයියෝ..............සාමී..........."

ඇදට වැටුනා විතරයි ඇස් අරිද්දි පැය දෙකකුත් ගෙවිලා..ඇස් ඇරියෙ නෑ ඇරුනා..ඒකත් මමා යටිගිරියෙන් කෑගහපු නිසා..

හුටා මමා කෑගැහුවා නේද..

අඩියට දෙකට කාමරෙන් එලියට දුවපු මන් මමාව හොයාගෙන වටේම දිව්වා..කිචන් එකේද..එත් නෑ..සාලෙත් නැ..එලියෙත් නෑ..රූම් එකෙත් නෑ..බාතෲම් එකේද කෝ නෑනේ..

දැන් මට කෑගහනවා ඇහුනානෙ..

" තේජූ..ඉක්මන්ට වරෙන් පුතේ මමා මැරෙන්නයි යන්නෙ.."

අම්මටසිරි උඩ ඉදන් කෑගහන්නේ..යොහ් එයා ඉදලා තීන්නෙ රූම් එකට එහාපැත්තේ බැල්කනියෙනේ...

" ඇයි ඇයි මමා මොකද වුනේ.."

"අනේ තේජූ..මන් ඉදලා වැඩක් නෑ පුතේ..මාව ඉදලා වැඩක් නෑ.."

"අනේ මමා තේරෙන්න කියන්නකො..මොකද්ද වුනේ.."

"හයියෝ බලපන්..කවුද දන්නෑ මොකා වුනත් පට්ටි හරකෙක්..අනේ ඒකා මගේ පෝච්චිය විසික් කරලා හයි යූ හයි හයි යූ..අල්ලපු ගෙදර පොල්මුඩුක්කු පිච්ච වැස්සි මෙ දැන් මට කතා කරලා බනිද්දියි මන් දන්නේ..හයියෝ...මගේ පැලේ..අතේ තිබ්න පිච්චිය වියදන් කොරලයි මන් ඔය පැල ටික ගත්තේ..අනෙ බලාම් සව්කන්ජියෝ මගේ පැලේට හෙන ගහලා..අනේ කවුද ඒ ලොන්ත බැහැපු පරැයියා මගේ පැලේ විනාස කරපූ.."

වෙන කවුරුත් නෙමෙ මමා එ පරැයියා මේ මම..සමාවෙන්ම රත්තරනේ වරද මගෙ අතෙ..තේජූ උබ වහා කෑවත් මදි යකෝ..ජීවිතය අනියතයි දැන් නම් මරනය නියතයි..වට් ටු ඩූ තේජූ..අද උබ ඉවරායි..

" පැලෙ..ආ..මමා..ඔව්මයි..ආන් බිත්තිය ලෙප්ට්..හෙ හෙ..කවුද..දන්නැ නේද..අපෙ ක්ලියෝ වෙන්න බැරිද.."

මේ ඩබල් සිග්නල් බේසිකයට සමාව දියම් ක්ලියෝ වස්තුවේ...උබ නැත්තම් තාත්තා වලේ..

" නැ නෑ..ක්ලියෝ දන්නවා මේ පැලේ මගේ කියලා..ඌ මොක කරත් මගේ දේවල් අල්ලන්නැ.."

ඔව් ඉතිම් බල්ලා වුනත් දන්නවා මමාගෙ දේවල් ඇල්ලුවාම සද බොද වෙලා වල ඇද වෙන්නම සොට් එක හම්බෙනවා කියලා..

" හරියන්නෑ  මන් යනවා සාත්තරයක් බලන්න.."

" සාත්තරයක්..ඒ ඒ මොකටද.."

" මොකටද අහන්නෙ..පැලෙ වට්ටපු එකාව බලාගන්න..එහෙම ලේසියෙන් අතාරින්න පුලුවන් දෙයක් නෙමෙයි මේක...කො අහකට වෙයම්..මන් ගිහින් එන්නම් ඔම්ලට් එකක් හැදුවා එකත් එක්ක බත් කාපම්.."

" මාම්..යොහ් බොරුවට ඔය මගුල් අහන්න ඕන්නැනෙ..මෙ මන් ගේන්නම් අනෙ ඔයාට පැල එකට දෙකක්ම..ඕකට දුක් වෙන්නෙපා හරී.."

" උබ හිටපන් ඒජන්තඋන්වහසේ නොවී..මන් බලාගන්නම් ඕකෙහ්...සාස්තරේ බලලා ඔක කරපු එකාගෙ අත කැඩිලා යන්නම කරනවා මම ඉදිම්කො.."

යොහ් තාත්තේ..තේජූගේ දසාව කොරවෙලා සිකුරු බුජ වෙන්නයි යන්නෙහ්හ්...

මගෙ පුතා බත් කාපන් කියලා මාම් යන්න ගියා..බත් නෙමෙ උබට දැන් කන්න වෙන්නෙ පස්...

.

.

.

.

.

.

අවුරුදු ගාණකට පස්සෙ මන් අද සතුටෙන්..පොඩි දුකකුත් තියෙනවා..එත් ඒක හන්දා අද ලබාපු සතුට නැතිකරගන්න හිත කැමති නෑ..

පලවෙනි වතාවට මන් ඩැඩී එක්ක මගේ ජයග්‍රහණය සමරනවා..මෙදාපාර මන් තනිවෙලා නෑ..

ඩැඩි ගෙනාපු රෙඩ් වයින් එකත් අරන් මන් බැල්කනියට ආවා..

මමා හවස බලාපු සාත්තරෙන් කියලා තියෙන්නෙ ඒක විසික් කරෙ ගෑනියෙක් කියලා..ලෙච්චමී තමා හොදටම කරේ..ගැනුනැති ගෙදර ගැනියෙක් ආවා කියලා මාම් පරසක්වල ගහලා..අවසානෙ තොයිලයක් නටන්නත් ලෑස්තිවුනා..

මගෙ මනුස්සයා තාම රවාගෙන...තේජූ අහිංසකයිනේ අප්පා..ම්හුක් හොද නෑ ඩැඩී..

ස්ටූල් එක උඩ ග්ලාස් වලට වයින් පුරවල පැත්තකින් තියද්දි ඩැඩී ග්‍රේප්ස් බොව්ල් එකක් ගෙනල්ලා එතනින් තිබ්බා.

මිදි වයින් සමග මිදී..

බොත්තම් දාපු නැති වයිට් ශර්ට්  එකට සරමක් ඇදන් උන්නු එයාගෙ කඩවසම් බව අද වෙනදටත් වඩා වැඩියෙන් පෙනුනා..

සුදු පාටට පිරිමි සරාගී වැඩීයි කියන කතාව ඇත්තක්...

ඩැඩී සෝෆා එකේ එහා කොනෙන් වාඩිවෙද්දි ගිටාර් එක අතට ගත්තු මන් එයා දිහා බැලුවේ සින්දුවක් කියන්නද කියලා අහන්න වගේ..ඔලුව වනපු එයාගෙන් අවසරය ලැබෙද්දි මේ වෙලාවේ මගේ හිතේ තියන හැගීම් වලට ගැලපෙන විදිහේ සින්දුවක් මන් තෝරගත්තා..

මත් මල් සේනා පාවේ පාවේ

දෑසේ දැවටේ මා

සිත්තම් වීලා මා නෙත් මානේ

සෙනෙහේ සුව සේමා

ලා ඉරේ රන් ගෑවිලා

සදා ස්නේහයේ

මල් වැහි වෑහුනා

ටාර රාරා ටාරාර රරරා //////

පිපි හාදු සුළඟේ මුව ගාව ගැවසේ

දෙතොලේ ළැගුම් සොය සොයා

සඳ රේණු යායේ මුදු සීත පෙලුනේ

ලං වෙන්නමයි නෙත් පියා

උදා වේ මා.....

සැබෑ වේ මුදා

නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ

ටාර රාරා ටාරාර රරරා //////

ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ

රෑ තුන් යමේ හිත් පුරා

නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ

දෙතොලේ සුසුම් උතුරලා

උදා වේ මා...

සැබෑ වේ මුදා

නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ.....

ටාර රාරා ටාරාර රරරා //////

සීත සුළං හමන මේ සුන්දර රාත්‍රිය සින්දුවට ගානට ගැලපෙද්දි   සින්දුව කියන ගමන් ඇස් පියාගෙන මන් ඒක වින්දා..හැබැහින් ඈතට වෙලා උන්නු අපි දෙන්නා ඇස් වහන් මවන් ඉද්දි මන් උන්නෙ ඩැඩීගෙ තුරුලේ..ඇස් අරින්න ලෝභ හිතුනා..මොකද මන් ඇස් ඇරියොත් එයා ආයෙමත් මගෙන් ඈත ඉදියි කියලා හිත දන්න හන්දා..යතාර්ථය ඒකනෙ තේජූවො..

සින්දුව  අවසන් වෙද්දි ඇස් ඇරපු මම එයා දිහාවට බැල්මක් දෙද්දි එයා එතන උන්නෙ නෑ..කෝ එයා..

" මාවද හොයන්නෙ.."

කන ගාවින් ඇහුන උනුසුම් සුසුම් මිශ්‍ර කඩහඩට මගේ ඇස් ලොකු වෙලා ඇගේ රෝමත් කෙලින් වුනා..

" ඩැඩි.."

සෝෆා එක කෙලවරේ උන්නු එයා මගෙ එහාපැත්තට ඇවිත් ඉද්දි සත්තයි මන් පුදුම වුනා..

" මගේ නෙළුම කවදා ඉදන්ම මෙච්චර ලස්සනට සින්දු කියන්න පුරුදු වුනේ ම්ම්.."

" ඩ්..ඩැ...ඩ්ඩී..හ්"

" යස් බේබි.."

කනේ ස්පර්ශ වෙමින් මුමුණන එයා ඒ තොල් හිමින් සීරුවෙ එතන ගාවද්දි මගේ ඇග දිගේ ගලපු හිරියට ඇතුලාන්තය උනුසුම් වෙන්න ගත්තා..

ඒ සීත ඇගිලි මගේ කනේ ගෑවෙද්දි දැනුන කිතියට මගේ බෙල්ල ඒ පැත්තට නැමුනා..

කන දිගේ කම්මුලෙ ඇතිල්ලීගෙන ආපු ඒ දිග ඇගිලී මගේ කම්මුලේ රටා මවන්න ගත්තා..වයින් බොන්නත් කලින් මන් මත්වීගෙන එනවා..වයින් මොකටද ඩැඩී ඉන්නකොට..

"ඌහ්.."

" අරූ ඇයි මෙතන කිස් කරේ.."

ඇගිලි වලින් රටා මවපු එයා එකපාරට වල ගැහෙන තැන මිරිකද්දි මට කෑගැස්සුනා..

" මන්..ද.න්නෑ..ඩැ..ඩිහ්.."

" ඌ දන්නැද්ද ඔයා මගේ කියලා.."

" දන්..නවා..ඔයා ඩැඩී කිය..ලා"

" හොදටම ශුවර් ද ඌ දන්නවා කියල.."

" මන් දන්නෑ ඉතින්.."

" මගෙ නෙළුම දන්නවද ඔයා මගේ කියලා.."

" ම්ම්..ඔව් මන් දන්නවා.."

" දැනගෙනත් උට ඉඹින්න දුන්නෙ.."

"මන් දුන්න්-..ඌ....යිහ්.."

එයා දුෂ්මන්ත් එක්ක ඉරිසියාවෙන් ඉන්න වග ඇස් වලින් උතුරලා පෙනෙද්දි ඇගිලි වලින් මිරිකපු කම්මුලේ තොල් ගෑවී නොගෑවී මන් එයාගෙ කියලා දැන ගෙනත් ඉඹින්න දුන්නෙ ඇයි කියලා අහපු එයා මන් උත්තර බදින්නත් කලින්ම එතන හපාකද්දි යටිඅන්තෙ අකුනුසැර වදින්න ගත්තා....

____________________

හායි ලමයි😌💚

තේජු ආවා 🌝❤️

අදහස් කියම් යන්න හොදෙ 🌝❤️

ආදරෙයි..

එන්නම්❤️

_Gojo_

Share This Chapter