Back
/ 49
Chapter 16

Chapter 16

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

එයාම හපපු කම්මුල මහාපටැගිල්ලෙන් හිමින් සීරුවේ පිරිමදිද්දි ඒ අඩවන්වෙලා තියෙන ඇස් වයින් රසයෙන් මත්වෙලා තිබුනේ මින් පෙර නොවූ හැගීම් රාශියක් හදමඩලේ තෙරපෙන්න පටන් ගනිද්දියී..

කම්මුලේ ස්පර්ශ වෙන ඒ දිගැටි නහයත් උනුසුම්ව දැනෙන සුසුමත්  මගේ යටිගිය හැගීම් උඩට මතුවෙන්න දරන උත්සාහයත් එක්ක නොවිඳූ අන්දමේ ආශ්වාදයක් මගෙ ආත්මය වටේ වෙලාගත්තා..

ඒ එක අතක් මගේ  අධි සංවේදී කනක් අග ස්පර්ශ කරමින් මාව දරාගත නොහැකි මන්දාකිනියක හිරකරා..

සියුම් ස්පර්ශ සංවේදනයේ අන්ත තරලයටම දැනෙන්න සලස්වද්දි ඒ කෙහෙරැලි අතරින් ගිය මගේ දෑඟිලි එයාව තවත් මාවෙත තෙරපගන්න උදව්කරා..

"ම්..හ්ම්..ඩ්ඩැ..ඩී.හ්.."

උකුලේ රැදුන ගිටාර් එකත් නොදැනිම ගිලිහී යද්දි ඒ ශක්තිමත් බාහු අතර රැඳි මගේ ඉන එයාගේ උකුල මතට ඇදී ගියා..ආයෙත් වතාවක් කම්මුල දසන් අතරට අල්ලගෙන එක අතකින් මගේ ඉන මිරිකෙද්දි අනිත් අත කන් පෙත්ත මෘදුව තෙරපද්දි යටිපතුල් වල ඉදන් ගලන් ආපූ හැඟීම් දහරාවක් බඩ ඇතුලේ  තෙරපිලා පිටාරගලන්න බැරුව ලතවුනා..

වෙලාවක හපපු කම්මුල එයා තවත් වෙලාවක තොල්වලින් උරා බොන්න හැදුවා..එයා ගාවින් හමන් එන රතු වයින්  සුවඳ මගේ නාස්පුඩු අගින් මනසටම කා වැද්දුවා..

" බබා*kiss* දන්නවද *kiss*මං ආසම *kiss*ඔයාගෙ මේ*kiss* වල ගැහෙන*kiss* කම්මුලට*kiss*..ඌ කොහොමද*kiss* මගේ දෙයක්*kiss* අල්ලන*kiss* හිතුවෙ*kiss*ඔයා *kiss* මගේ..*kiss*..මගේ විතරමයි**.."

හපාකාලා අවසානෙ තප්පර ගානක් ඒ නහය මගේ කම්මුලේ තදකරන් උන්නු එයා කතා කරන වචනයක් පාසා හාදු තියන්න ගද්දි ඒ උරහිස් අග රැදුන මගේ දෑත් හිරිවැටී ඉබේටම මිරිකුනා..

" අ.හ්හ්ම්..ඩැඩිහ්..ම්හ්.."

සින්දුව කියන අතරවාරෙ ඇස් වහගත්තු ටිකට එයා වයින් බෝතලෙන් භාගෙකට වඩා බීලා කියලා මං දැක්කෙ දැනුයි..

මන්දා..කම්මුලට දෙන හාදුවකට මාව මෙච්චරක් අවුස්සන්න පුළුවන් නම්......................

නෑ ඒ ගැන හිතන්නවත් එපා තේජූ..අනිවාරෙන් එයා මාව ඒ මොහොතෙදි ශෘංගාරයෙන් මරලා දායි..

කොච්චර වෙලාවක් ඒ තොල් මගේ කම්මුල් අග රැදුනද කියන්න මන් දන්නෑ..එන්න එන්නම මත්වෙන මගේ ශරීරාංගේ ඒ ස්පර්ශ දරාගන්න බැරුව මිරිකුනා..සිල්ක් ශර්ට් එකට උඩින් දැනෙන ඒ රලු අත් පහස ශර්ට් එක යටින් දැනෙද්දි මන් උත්සාහා කරේ ඒ ඇගට තවත් තද වෙන්න..

එයාගේ සීතල දෑඟිලි ඉන මත උඩට පල්ලෙහාට ගෙනියමින් මුළු ඇගම රත්කරවද්දි බැලිකනියට හමා ආ සිසිල් සුලග මාව එයාට ඈදගන්න තව උත්තේජනයන් ලබා දුන්නා..

පුංචි හාදුවලින් එක් කම්මුලක් පමනක් සනසද්දි අනිත් කම්මුල ඒ පහස ඉල්ලමින් වේලේන්න ගද්දි මන් එයාගෙ එක් අතක් ඒ කම්මුල උඩින් තිබ්බා..තවත් එක් හාදුවකින් වලගැහුන සිපගත්තු එයා මගෙ අතක් අරගෙන පිට අල්ල උඩ ඒ තොල් එහාට මෙහාට ගාවමින් එක තැනක් තදින් සිපගත්තා..හරියට තොල් මතට දෙන හාදුවක් වගේ..

ඒ හැම හාදුවක්ම රෝමාන්තික බවෙන්  පිරිලයි තිබුනේ..දැනෙන හැම සංවේදනයක්ම දෑස් මතින් බේරායන්න දගලද්දි තෙත්වුන දෑස් පියවෙවී ඇරුනා..

වෙන්දට දැනුන්නැති අනිරාගී හැගීම් අද ඒ හුස්මක පවා ගැබ්වෙලා තියෙද්දි  ලමයෙක්ට දෙන ආදරෙකට වඩා දෙයක් ඒ හිත පුරා පිරිලා තියෙන බව සාක්ෂි පිටම ඔප්පුවුනා..

එයාට කලින් ඉස්සර වෙන්න පොරකාපු හැගීම් සීමා මායිම් දාගෙන හිරකරන් උන්නු මට අදින් පස්සෙ මායිම් වැටවල් ගලවලා දාන්න එයා නොකියාම අවසර දුන්නා..

නලලට හාදුවක් තියපු එයා ආයෙම වතාවක් කම්මුලට දීර්ඝ හාදුවක් තියලා මාව ඒ පපුවට තුරුල් කරගත්තා...

හැගීම් මෝදුවන මනරම්  සීත රාත්‍රියක පපුවේ කොටාපු මනුස්සයා එක්ක තුරුල් වෙලා එකට ඉද්දි දැනෙන හැගීම කියාගන්න බැරිතරම් සුන්දරයි..මාරයි..මාරාන්තිකයි..

මේ විදියට ඒ තුරුලේ සදහටම ඉන්න පුලුවන් වෙන්න කාලය නැවතිලා යනවා නම්.....

" බබා.."

උරහිසේ මූන ඔබන් උන්නු මගේ ඔලුව අතගාමින් උන්න එයා පුංචි හාදුවක් ඔලුවට දීලා මගේ මූනට එබුනා..

" කෝ ඉතිම්..බබා අහන්නකෝ.."

"ම්ම්ම්.."

මන් ආයෙත් ඒ පපුවට මූන ඔබාගත්තා..සුවදයි අප්පා....

" බබා..ඔයා මුරණ්ඩුවැඩ නොකර පරිස්සමෙන් ඉන්න ඔනී..තේරුනාද.."

" මොකක්..ඒ මොකෝ.."

මෙයා මොකද කවදත් මුරණ්ඩු වැඩ කරපු මට ඒදේවල් නොකර පරිස්සමෙන් ඉන්න කියන්නෙ..මගේ නාකි හෝන්තුව මට සපත්තුවෙන් ගහලා පැනලා යන්න හදනවාවත්ද..ඕනාවට වඩා උම්මා දෙද්දි උබට හිතන්න තිබ්බා තේජූවො....

මූන ඔබන් ඉදපු මන් ඒ උකුලේ හරියට වාඩිවුනා..මගේ කකුල් තිබුනේ එයාගෙ දෙපැත්තෙ එතිලා..

" කලබල වෙන්නෙපා බබා.."

" අනෙ මෙ ඩැඩී..කලබල වෙන මගුල් කියලා කලබල නොවී ඉන්න කියන්නෙ ඔයාට දෝදුද.."

"කොල්ලෝ.."

"මොකද.."

"අහපන්කෝ.."

"කියපන්කෝ.."

"තේජූ!!!..."

"හරි වදේ කියන්නකො ඉතිම්..මෙතන ලත වෙන්නැතුව.."

.

.

.

.

.

.

.

" බබා.."

"ම්ම්ම්ම්.."

"මන් එනකම් පරිස්සමෙන් ඉන්නවා නේද.."

"ම්ම්ම්ම්ම්.."

මගේ වටු බඩ්ඩ ත්‍රිලෝකසුන්දරියෙක් වඩම්මන්න ඉන්දියාවට යනවා..ගිහින් වරෙම්කෝ උබ..බලාගන්න බැරියෑ...

අගමැති ලබ්බාටත් මගෙ මිනිහා නැතුව ගමනක් යන්න බෑනේ..මේක හරි කෙලියක්නේ යකෝ..ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඉන්න එකම අමාත්‍යවරයා වගේ හැම ලබ්බටම රෙද්ද උස්සන් යන්නෙ මගේ මිනිහා..ඔහොම රෙද්ද උස්සන්න ගිහින් අනාතවෙලා ආවදාට තමා ඕකා මේ තේජු කවුද කියලා හරියටම දැනගන්නෙ..

මගේ ඩබල් සිග්නල් බේසමාටත් පුක නොදා ඉන්නම බෑ..පක්ෂේ වැඩ කොහෙද මූ එතන..අනෙ ඇත්තමයි මේ ඇමති පට්ටම මට පේන්න බෑ අප්පා..ඇයි යකෝ මේකා මැරෙන මැරිල්ලා..දැන් දැන් රට දාලා යන ගමනුත් පටන් අරන්..හරි උබ ගිහින් වරෙන්කො අපි බලාගමූ..

" මොනාද එහෙන් ගේන්න ඕනී.."

"මුකුත් එපා.."

අපි උන්නෙ ඇද උඩ...බැල්කනි එකේදි එයා හෙට ඉන්දියා යනවා කියලා කිව්වට පස්සෙ මන් පැගිරි ඩාන්ස් නටලා එයා එක්ක තරහා වෙලා බැල්කනි එකෙන් පනින්න හදද්දි උස්සන් ආපු මනුස්සයා ඇදේ නිදාගෙන මාව ඇග උඩට අරන් නලවන්න ගත්තා..

මාව දාලා යනවා මදිවට මොනවද ගේන්න ඕනි කියලත් අහන ලස්සන..ගේන්න..ගෙනෙම් මට කිරි බොන්න කුඩම්මෙක්..මෙච්චර කාලෙකට අඩුවකට උන්නෙ කිරි එරෙන අම්මෙක් විතරනේ..

අනේ මට ඕන්නෑ මේ නිවර්තන මීමාපිලාව...

උබ එහෙම ඉදපන් ඩැඩී..ඇටලොකු පයිපයිසුප්පා...

කනවා මේකාව මන් අව්ව්ව්ව්..

"ඌයි..හ්..මොකද බන් හපන්නෙ.."

" මටෝන්නිසා.."

"හොදයි හොදයි..උබට ඕන ඕන විදියට හපලා මාව හපයක් කරපන්කෝ.."

" ඔව් ඔව් හපයක් කරලා වඩයක් වගේ කැන්ද කොලේක ඔතලා උඩ යවනවා"

"මොනාද ඔය කුටුකුටු ගාන්නෙ.."

"මුකුන්නෑ.."

"ම්න්..නිදාගන්න.."

අනේ මට මේකාව චප්ප චුරුප්පන් කරලා කෝප්පෙක දාලා බොන්න ඕනි..ම්හුක්..යොහ් ඩැඩියේ..මට කේන්තියි අඩොව්...

දැන් මේකා ගියාම මන් හෙට රෑට තනියෙන්නෙ බුදියන්නොනේ..ඉදපන්කෝ මන් යනවා දුසා අංකල් ගාවට..මන් දන්නවා ඒකාත් මාව පුතාකරගන්න බලාගෙන ඉන්නෙ කියලා..හෙටට විතරක් එක්ස්කියුස් එකක් දීලා එයා ගාවට යනවා..ඉදපන්කෝ ඩැඩී මන් යන එක යනවාමයි..

හනෙව් මේ චුච්චුවා හෙට අල්ලන්න වෙන්නෑනෙ..හෙට මදිනොවෙන්න ඔන්නොහේ අද බොනවා..

"ඩැඩී.."

නිදාගෙන උන්නු එයාට මන් කරාකරපු පාර ඇස් ඇරලා මගෙන් ඇයි කියලා අහපු එයා මන් දිහා බලාන ඉද්දි ශර්ට් එක උස්සපු මන් අත්දෙකෙන්ම ස්වර්න හංස ජොඩුව මිරිකලා හංස තුඩු දෙක ඇගිලිවලින් අල්ල අල්ල ඒ මූන දිහා බැලුවේ එයාව ටිකක් අවුස්සලා අවසරේ ගන්නයි..

ඒත් ඒක ගානකටවත් නොගෙන එයා ඇස් වහන් නිදාගද්දි මන් මැරෙන්න හැදුවා..

"යෝඕඔහ්..ම්හ්ක්..."

"මොකද බන්..මන් දැන් උබට එපා කිව්වෙ නැනෙ...බීපන්..බීලා ඕන රෙද්දක් ඕකට කරපන්.."

"හී..හී..බොන්නම් ඉචිම්👉👈.."

" ඉදපන්කෝ මන් හෙට අනිද්දාම මේ දෙක ගලවලා අරන් මාලෙක අමුනලා  උබේ බෙල්ලෙ එල්ලනවා..එතකොට උබට ඕන වෙලාවක ඕක කටේ ඔබා ගන්න බැරියෑ.."

එයා එහෙම කියද්දි මන් ඉක්මන්ට එයාගෙ ඇගෙන් බහින්න හැදුවා..

" ඒගමන කොහෙද බන් මේ යන්නෙ.."

"පිහියක් ගේන්න.."

" මොකටද උබට දැන් පිහියක්.."

"ඇයි දැන් කපලා දෙනෝ කිව්වෙ.."

" උබට මම.....තේජුවෝ...මට කියලා කට තලාගන්නැතුව මෙන්න මේක  ඔබන් නිදාගනින්.."

.

.

.

.

.

.

.

.

අගමැතිතුමත් එක්ක ප්‍රයිවට් ප්ලේන් එකේ එයා යන දිහා බලන් උන්නු මන් ආපිට කම්පැනියට එන්න ආවා....

මගෙ මනුස්සයා උදේ ඉදන් කම්පැනියට නොයා ගෙදර ඉදින් කියලා අඩලා වැන්දෙ නැති ටික විතරයි...

එහෙම කරන්න බෑනේ සුදුතාත්තී..සුදාප්පච්චීට මාව ඕනෙමලූ..

දුසා ඉතිම් ඩැඩියාව අල්ලගන්න මාන හෙලන් ඉන්නෙකේ එයාටත් ඉතිම් මන් දැන් සලකන්නෙපැයි..අපෙ ඩැඩීව බැන්දොත් මාත් එයාගේ දෝනිනෙ..ආ නැ..මන් මොකාද එතකොට..දෝනිගේ පිරිමි සතා කවුද..දෝනාද..

එහ් උබලාවත් දන්නවද කෙල්ලනි????.

කම්පැනියට ඕන්නම් කිලෝමීටරයක දුරක් ඇති..දුසා කෝල්ම ගන්නවා ඉවරයක් නෑ..ලග හින්දා ආන්සර් කරේ නෑ ඉතිම් ගිහිල්ලම හම්බෙනවනේ..පැය භාගෙකට කලිම් කෝල් කරලා මන් එනවා කියන පනිවිඩේ දුන්නාටත් පස්සෙ කොහෙද ඉන්නෙ තව ලේට් වෙයිද ගගා මැසෙජ් එවනවා..

ඉදපන්කෝ මිනිහෝ ටිකක්..

පියාඹලා එන්න උඹ දුෂ්මන්තා වුනාට මන් හනුමන්තා නෙමේ යකෝ..

විනාඩි පහකින් විතර ඔෆිස් එකට ලගට ආපු මන් වාහනෙන් බැහැලා උඩට දිව්වා..මේ මනුස්සයා මෙච්චර තදියම් කරන එකේ දුවලා ගිහිම් බලන්න ඕනි..කවුද දන්නේ ජුන්ඩානන්දව සිප්පයියාවේ හිරකරන්ද කියලා..අනෙ ඉතිම් කදේ තරමට කොකා පොල්කදා වගේ ඇතිනේ...

දුසාගෙ කැබින් එකේ දොර ඇරන් ගියපු මාව දැකපු එයා දුවලා ඇවිත් මාව වඩාගෙන කරකවලා අරන් කාවාඩි නැතුවෙ නැති ටික විතරයි..යොහ්හ් මූනෙ සතුට..මන් වගේ උදාර පුතෙක් දැක්කාම එහෙම වෙන එක සාදාරනයි බොල..

" තෑන්ක් ගෝඩ් බේබි බෝයී..ඔයා ආවා.."

" වට් හැපන් අන්කල්..මොකක් හරි ප්‍රශ්නයක්ද.."

"ප්‍රශ්නයක්..නැ එහෙම කියන්නම බෑ..බට් අපි ඉක්මන් නොවුනොත් නැති ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්.."

"එකිව්වේ..මට තේරුන්නෑ.."

" අපේ ප්‍රජෙක්ට් එකට එයාලා කැමති වෙලා..Mr.නුගවෙලබණ්ඩාරගේ පුතා තමයි දැන් ඉන්න chairman..එයා මට කෝල් කරලාම කිව්වා අපේ ප්‍රජෙක්ට්  එක තෝරගත්තා කියලා..He is a world famous businessman..So this our fortune baby boy.."

"Wow..amazing..Congratulations uncle..ඒක හොද ආරංචියක්..එත් ඔයා මොකද්ද නැති ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන් කියලා කිව්වෙ.."

"ම්න්...මේකයි බේබී..මිස්ටර් නුගවෙලබණ්ඩාර හෙට රෑට ලන්ඩන් යනවා..එයා යන්න කලිම් කන්ට්‍රැක්ට් එකට සයින් කරන්න ඕනී..මෑන් ගියාට පස්සේ මල්ලිට පාලනේ ගියොත්  මේක කරන්න වෙන්නෑ.. ඉතිම් අපිට අද ගිහින් එයාව අල්ලගන්න වෙනවා..බේබී බෝයි තව පරක්කු නොවී  අපි මේ දැන් නුවර යන්න ඕනී.."

" දැන්!!..."

" Yes Thejan..This is More Important to our company..We can't  miss this..So would you please  come with me.??..........baby boy........."

""sure..අපි යමු.."

හනුමන්තා අංකල් එක්ක ගෙදරට ගිහිම් මාම්ටත් කියලා ඇදුමක් දෙකක් දාගෙන අපි එන්න ආවා...අද එහෙ ඉන්න වෙයිලූ..වෙලාවට සුදුතාත්ති රට ගියේ.. එයා ඉදියත් ඉතිම් මන් මේ ගමන නොයා ඉන්නෑ..

හනුමා ගෙදරට ආවත් හරි මාම්ගේ මූන නිකම් බහුමාන මලක් වගේ තැඹිලි පාට වුනා..හනුමා මාම්ගෙන් පර්මිශන් ඉල්ලන්නත් කලින්ම මාම් මාව ඒකාගෙ ඇගේ ගැහුවා..අපෙ අප්පේ මමා ඔයා නම්..දුසා එක්ක මාව අපායටත් යවයි...

ඔක්කොමත් හරි මමා අහපු ලොන්ත පොලොස් ප්‍රශ්නනෙ මට රුස්සන්නෙම නැත්තේ..දෙන්නා එක්ක ඩබල් දාලා නුවර යන්නෙ පැනිසමේටද අහනවා..අම්මපා මාම් නෙමේ නම් දනී කියන දේ..

පැය හතරක ගමනින් අපි සුද්දා විදපු ගල ඇතුලෙන් නුවරට ඇතුල් වුනා..මන් ආවෙම නිදාගෙන..කියන්න වරදක් නෑ දුසා ආයෙ හොද වදුරා..හනුමාම තමා..යන්න කලින් ෆැබ් එකම කාර් එක ඇතුලේ..මන් නින්දගියේ ගත්තුවා කාලා මත්වෙලා..වැඩිපුරම තිබුනේ කේක්..යොහ් කන්න දෙන අංකල්ලා ලබන්නත් පිං කරන්න ඕනී..

අපි දෙන්නා එයාගෙ කාර් එකේ එද්දි මට නොදැනි එයාගේ ගාඩ්ස්ලත් එයාට නොදැනි මගේ ගාඩ්ස්ලත් අපේ පිටිපස්සෙන් ආවා...

නුවරට ආපු අපි වටේ ටිකක් ඇවිදලා නුගවෙල වලව්වට ගියෙ පැයකටත් පස්සේ..වලව්වට තවත් හාමුවෙක් වඩිනවා ඕන්...

ඉඩ දීපන්..

මන් මීගස්තැන්නෙ පුංචි හාමු බොලව්...

කොහෙද අපේ ආර්ය සීයාපපා නිලමේකම පැත්තක තියලා කොළඹ ඇවිත් මුදලාලිකම අරගත්තානෙ..එහෙමයි කියලා ලේ නැතිවෙනවද..ආ නෑ..හාමුවා හාමුමයි..ඒකේ වෙනසක් වෙන්නෑ..සීයාපපා නැතිවුනාට මොකද මයේ තාත්තිසීයා දැන් මීගස්තැන්නෙ අරක්ගෙන ඉන්නේ..එව්ව් කුහකයා..මට පේන්න බෑ..නාකියෝ ඔක්කොම එකයි...

ලොකු ද්වාරෙකින් ඇතුලට ආපු වාහනේ ඇතුලෙන් නවත්තද්දි එලියට බැහැපු මම වත්ත වටේ ඇවිදලා බැලුවා..වැඩ කරන මිනිස්සු නම් බෝමයි..එයාලා කුදුවෙලා හොරෙන් හොරෙන් අපි දිහා බලාගෙන වැඩ කරනවා..සමහර අය තව කෙනෙක්ට මොනාදෝ මුමුනනවා

හනුමෑන් වාහනෙන් බහිද්දි  කමිසන් ශර්ට් ගහන් ආපු කොල්ලෙක් එයා ගාවට ඇවිත් මොනාහරි කතාවුනා..ඇතියාන්තම් අපි වගේ එකෙක්ව දැක්කා..ආවත් හරි දැකපු හැම එකාම  සරම් කෑල්ලක් විතරනේ ගහන් උන්නේ..මේ ගිනිගහන අව්කාෂ්ඨකේ..

හනුමෑන් පස්සෙන් එද්දි මන් හිමීට වලව්ව පැත්තට අඩිය තියලා යද්දි වල්ලට ටිකක් මෙහාට වෙන්න පුංචි මල්වත්තක් වගේ එකක බංකුවට කවුරුහරි කෙනෙක් වාඩිවෙලා පොතක් කියවමින් ඉන්නවා දුර තියාම දැක්කා..

මගේ කකුල් මටත් වඩා මුරණ්ඩුයි කියන්නෙ කට කහනවට නම් නෙමෙයි..හිමින් සීරුවේ මටත් නොදැනිම මන් ඒ පැත්තට යද්දි මන් දැක්කා එතන උන්නු කෙනා පොත වහලා අහස දිහා බලන් මොනවදෝ මුමුනලා බංකුවෙන් නැගිටලා මගේ පැත්තට ඇවිදන් එනවා..පටු මල් පාර දිගේ එයයි මායි දෙන්නාට දෙන්නා ඉස්සරහට ඇදිලා එද්දි මීටර් සීයටක් විතර දුරින් උන්නු කෙනා හරි ලස්සන මනුස්සයෙක් කියලා නම් තේරුනා..මූන හරියට පෙනුන්නැතත් ඒ ඇගේ අමුතු ලාලිත්‍යක් තිබුනේ..පිරිමි ඇගක දකින්න බැරි ගැහැනු හැඩයක් එයාට තිබුනා..එත් එයා ඇවිදන් ආවේ නියම පිරිමියෙක් වගේ..ඒක හරියට ශ්‍රේෂ්ඨ චරිත දෙකක එකතුවක් වගේ..

ටික ටික ලන්වෙද්දි මට එයාවත් එයාව මටත් හරියාකාරව පේන්න පුලුවන් විදියට අපි කිට්ටු වුනා..ඉහට උඩින් ගියපු මල් වැල් වල අන්දකාරයට වැහිලා තිබුන ඒ මූනේ හැඩය හරියටම පෙනුනේ එයා මල් යායෙන් එලියට ආවමයි..

එත්

එකපාරට ඔලුව උඩට අහස කඩන්වැටුනා වගේ ලොකු ශොක් එකක් මගේ ඇගේ දුවන් යද්දි ඉදිරියට යාගන්නට බැරුව මගෙ කකුල් එකතැන ඇලිලා ගියේ මගෙ සිහිය මට නැතිවෙන්න යනවා වගේ දැනෙද්දියි..නෑ මට ඇස් වහගන්න බැ..එයා..එයා කොහොමද..

මන් දකින්නෙ හීනයක්ද..මේ..මේ එයාමද..නෑ වෙන්න බෑ..එත් අනේ..එහෙම වෙන්නේ කොහොමද..

ඒ එයා...

"ත්..ත්.තා..ත්තී!!!.."

මන්දා මන් කෑගැහුවා..හඩට කලින් මගෙ  කදුලු එලියට පනිද්දි මන් එයා ගාවට දුවලා ගියේ මගෙ කකුල් පැටලිලා වැටෙන්න නොයා අනූනමයෙ බේරෙද්දියී..

දුවගෙන එන මන් දිහා ඒ ඇස් මහා පුදුමෙකින් ලොකු කරලා බලද්දි මන් දෙපාරක් නොහිතාම එයාව තදින් වැලදගත්තේ මේක හීනයක් නොවී ඇත්තක් නම්..එයාට මගෙන් ඈතට යන්න දෙන්න බෑ කියලා දැනුන නිසයි..

මේ තාත්තිමයි..ඔව් ඒ මූන..ඒ රූපේ එදා තිබුන විදියටම..ෆොටෝ එකේ විදියටම..මන්දා මට වැරදිලාද කියන්න..එයා තාමත් එදා ඉදපු තරුණයාමයි...

"ත්..තාත්තී..ඔයා ආවද..තාත්..තී..මේ ඔයානේද..මන් මන් ඔයාගෙ රශීනේ තාත්තී..මන් ඔයාගේ පුතා රශී..තාත්තී.."

මන් එයාව හයියෙන් බදන් කෑගගහා අඩද්දි  එයා පර්වතයක් වගේ නොසෙල්වී ඉදියා..පුදුම හිතුන ස්වභාවයක් එයාගෙන් දිස්වෙද්දි මන් කවුද කියලා අහන ගමන් මගේ ඔලුව හිමීට අතගාන්න ගත්තා..

" ඔයා කවුද ලමයෝ.."

එත්.....ඒ කටහඩ..ඒක කොහොමද වෙනස් වෙන්නෙ..නැ මේ ඉන්නේ තාත්තිමයි..මේ එයාමනෙ..එහෙම වෙද්දි කොහොමද කටහඩ..නැ මට අදටත් ඒ කටහඩ හොදටම මතකයි..විඩියෝස් වලට රෙකෝඩින්ග්ස් වල තියෙන්න කටහඩ..ඒ තාත්තිගෙ කටහඩ මට කාටත් වඩා හුරුයි...එත් මේ..මන්දා මට මුකුත් තේරෙන්නෑ...

"එයාගෙන් අහකට යනවා..කවුද තමුසේ.."

තාත්තිගේ රූපෙම තියෙන මේ මනුස්සයා අස්සෙ දෝලනේ වෙමින් උන්නු මාව පිටිපස්සෙන් ආපු එකෙක් එයාගෙන් අහකට ඇදලා අරන් මට ගහන්න හදද්දි තාත්තිගෙ රුපෙන් උන්නු එයා මට ගහන්න නොදී අරයාව වැලැක්කුවා..

" එපා රතු අයියේ එ ලමයට ගහන්නෙපා.."

" කවුද තමුසේ.. මේ වලව්වෙ සුදු බේබිව අල්ලන්න උබට කොහෙන් ආපු හයියක්ද..කියපන් මට.."

" අනේ අයියේ එපා.."

එයා එපා කියලා ඩැඩා වගේ උස මහත ඇගක් තිබුන කෙනාගෙ ඇගෙ එල්ලෙද්දි තාත්තිවගේ උන්නු කෙනාව එහාට කරලා මාව තල්ලු කරපු පාර බිමට ඇදන් වැටෙද්දි ඒ මනුස්සයා මගෙ ඇග උඩ නැගන් මට ගහන්න අත උස්සද්දි උකුස්සෙක් වෙලාගත් මන් අදුරන අතක් ඇවිත් එයාව ඇදලා අරන් පැත්තකට කරේ මාව අල්ලලා කෙලින් කරද්දියි...

" සොරි මිස්ටර් නුගවෙල..මන් හිතන්නෙ මගේ බේබිට පොඩි වැරදි වැටහීමක් ඇතිවෙලා..අපිට සමාවෙන්න....බේබි බෝයි කෝ මන් දිහා බලන්න..කොහෙහරි රිදෙනවද..ඇයි ඇස්වල කදුලූ..බේබි බය නොකර කියන්නකෝ ලමයෝ.."

" මේ වලව්වෙ බේබි කෙනෙක්ව බදාගන්න එකද කොලබ බබාලගේ අලුත්ම අත්වැරදිම වෙන්නේ..මේකා අත තිබ්බේ වැරදි කෙනෙක්ට.."

"අයියේ.."

"මිස්ටර් නුගවෙල.!!!!..

මන් ඔයාට කිව්වා...එයාට..වැ.ර.දී.මක්..වුනේ..හරි...මන් කිව්වා ඒක වැරදීමක්.."

" මිස්ටර් රාහුල් තමුනුත් දැන් මට-.."

"මට සමාවෙන්න..මන්..මන් හිතුවෙ එයා..නෑ..මට වැරදුනා..සමාවෙන්න මිස්ටර් නුගවෙල මේ..මේ ස්සුදු බේබිගෙනුත් මන්..සමාව ඉල්ලනවා.."

මන් හන්දා කලබල වුන දුෂ්මන්ත් නුගවෙල හාමුත් එක්ක රන්ඩුවෙන්න  කලින් ඉස්සර වුන මම එයාලාගෙන් සමාව ඉල්ලුවා..දුෂ්මන්තා ඉදපු කේන්තියට මන් හිතුවෙම පිටිපස්සෙ ගහන් උන්න ගන් එක අරන් අර මිනිහාගෙ නලලට තියයි කියලාමයි..කේන්තිය බේරුන එ මූනේ තිබුනෙම හාමුවාම මරන් කන්න පුලුවන්  සයිස් එකක්..අත් වල ඉලිප්පුන නහර එයාගේ කේන්තිය පාලනේ කරන්න දගලද්දි ඒ හකු එකට එක තද වෙලා දත්මිටි කන සද්දෙත් මට යාන්තමට ඇහුනා..

මන් සමාව ඉල්ලුවැයින් පස්සෙ සුදු බේබි කියන තාත්ති වගේ මනුස්සයා මන් ගාවට ඇවිදින් ඔලුවට අත තියලා මන් එක්ක හිනාවුනා..

.

.

.

.

.

.

.

.

.

.

"ඒකියන්නෙ ඔයාගෙ තාත්තිත් මන් වගේමයි..ඔයා හිතුවෙ මන් තාත්ති කියලා.."

"ම්න්..."

" අනෙ සමාවෙන්න පැටියෝ..ඔයාගෙ කතාව ඇහුවාම මට දරාගන්න බැරුව ගියා..ඔයාට කැමති නම් මට තාත්ති කියන්න..කවුරුත් ඔයාට මුකුත් කියන එකක් නැහැ.."

"ම්ම්ම්..ඔයාගෙ වයස කීයද.."

" දැන් 23 කුත් වෙනවා..හේහේ..තාම දාඅටේ කෑල්ල වගේ නේද.."

"ම්ම්ම්..එච්චර වයසක් කියන්න බෑ තමයි.."

මන් උන්නේ මුලදි දැකපු මල් වත්ත මැද තිබුන පුංචි කොටේජ් එකේ තාත්ති වගේ ඉන්න සුදු බේබි එක්ක බංකුවක වාඩිවෙලා..දුසා අංකල් එයාට මන් ගැන එහෙන් මෙහෙන් කියද්දි සුදු බේබි මාවත් එක්කන් මෙතනට ඇවිත් මගෙ කතාව අහගත්තා..

මන් හිතන්නෙ මට වැරදුනා..මේ ඉන්නෙ නුගවෙල වලව්වෙ අනාගත බෑනා වෙච්චි සුදු බේබි මිසක් මගේ තාත්ති වෙච්චි සප්ත අභිරු මනමේකල නම් නෙමෙයි..

ඒ රූපෙම ඒ විදියට එයාට පිහිටද්දි මේක තාත්තිගේ පුනරුප්පත්තිය කියලාවත් හිතාගන්න බැරි එයාගෙ වයස් පරතරේ ඒකට ගැලපුන්නැති නිසයි..

රූපය විතරයි..කටහඩ..හැසිරීම් ඔක්කොම වෙනස්..නිවුන දගකාර මනුස්සයෙක් එයා..වෙලාවකට එයා තාත්තිටත් වඩා ලස්සනද මන්දා..

මොකක් වුනත් මේ තාත්ති නෙමෙයි..කමක් නැ ඉතිම්..කාලෙකට පස්සෙ මන් තාත්තිව හැබැහින් දැක්කා වගෙයි දැනෙන්නෙ..එක අතකින් මට සතුටුයි..

මන් බලාගෙන සුදු බේබි එක්ක මන් මෙතන වාඩිවෙලා ඉද්දි රතු අයියා කියාපු ගිනි කුකුලා හනුමෑන් එක්ක කතාකරන් ඉද්දි එයාටත් හොරෙන් ඈත ඉදන් කරමල් පුප්පන් මට රවනවා..එව්ව්..

එකා හරියට moanaගේ හෙයි හෙයි වගේ නිකම්..වපර කුකුලා..

" මේ සුදු බේබි.."

"යාහ්..පැටියෝ බේබී ගාන්නෙපා අනේ..ඔය කෑල්ල ඇහිලාම එපා වෙලා අයියා කියාපිය..අනෙ මන්දා දැන් මන් තාත්ති කියලා හිතාගන්න කිව්වා නේද..පැහෙන්නැතුව කියාපු දේ කරපියකෝ කොලුවෝ.."

"ආ..ආ..හරි හරි..මේ..අර ඉස්සෙල්ලා මට ගහන්න හැදුවෙ ඔයාගෙ නිළමෙද.."

" කවුරු රතු අයියා..අනේ දළදා හාමුදුරුවනේ ඒකාව නම් මට එපා..අපේ විහාර හාමුට ඉන්නවා ලස්සන මැනිකෙක්..මගේ නිළමේ එයාගෙ අයියා..නිහාර හාමු.."

"ආහ්..විහාරහාමු..නිහාර හාමු..නම් ටිකක් එකවගේ නේද.."

" ඔව් එ එයාලා නිවුන්නු නිසානේ චූටි පැටියෝ."

යාහ් සුදු බේබියා පැටියා කියද්දි අමුතුයි අප්පා..

"එක්කෙනෙක් විහාර වෙද්දි අනිත්  කෙනා නිහාර වුනා..

මිනුද විහාර අභින්ස දූරංග නුගවෙලබණ්ඩාර

මිනුද නිහාර රවින්ස දූරංග නුගවෙලබණ්ඩාර ..."

" ඕහ්..එතකොට ඔයාගෙ කෙනා..නිහාර නේ..හ්ම්..එයා කෝ.."

"හවසට එයි..පැටියා ආසද එයාව බලන්න.."

" ආ නැ නැ එහෙම එකක් නෑ.."

අනෙ මන්දා තේජූ උබට වෙන්නෙම මේ වගේ පතල හිඹටු වැඩ..එව්ව්ව් මට වෙන වැඩ නෑනෙ නිහාරිකා බලනවා ඇරෙන්න..ඒකා කොහොම එකෙක්ද කවුද දන්නෙ..අර පේන්නැද්ද..නම විහාර ඒත් හැසිරීම වපර ගිනි කුකුලෙක් වගේ..ඇවිලෙන්න බලාගෙනමයි....මට පේන්න බෑ ඔය වගේ උන්ව..

___________________

හායි සමයි🌝❤️

දෑගිලි 50K

කේක් ගෙනාවා කන්ඩෝ

අදහස් කොටන් යන්න ඉටිම්❤️

මොකද හිතෙන්නෙ අද එක 👉👈

එන්නම්❤️

ආදරෙයි❤️

_Gojo_

Share This Chapter