Back
/ 49
Chapter 19

Chapter 19

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

" හ්ම්..එකියන්නෙ මේ වෙනකම් ඔයාව බලාගත්තෙ එයා..ඔයාගෙ අම්මා තාත්තා දෙන්නාම උනෙත් එයා.."

" ඔව් එයා මගෙ හැමදේම..ඉතින් මන් එයාට ආදරෙ කරන එක වරදක්ද.."

" නෑ දරුවො ආදරේ වරදක් වෙන්නෙ කොහොමද..ආදරෙ කියන්නෙ හරි උත්තරීතර බැදීමක්..ඒක මේ විදියයි කියලා විස්තර කරන්න බැරි තරම් විශේෂ හැගීමක්..ආදරෙන් බැදෙද්දි කාලය , වයස , තරාතිරම , පෙනුම , වත් පොහොසත්කම් බැලෙන්නෙ නෑ..හදවතට දැනෙන්නෙ කොතනද අන්න එතන අපි නතර වෙනවා..දැන් ඔයා නතර වුනෙත් ඔයාගෙ හදවතට දැනුන තැන..ඉතිම් ඒකේ මොන වරදක්ද පැටියෝ.."

" හ්ම්..ඔයා කියන එක ඇත්ත..ඔයා නැවතුනෙත් ඔයාගෙ හිත නතර වුන තැන..මට ප්‍රශ්නයක් තියෙනවා..ඔය හදවතේ ඇතිවෙන තැන නැතිවෙන්න බැරිද..එහෙම වෙන්න පුලුවන් නේද.."

" ඒක මෙහෙමයි..හරියටම ආදරෙ කරපු කෙනෙක්ට ඒ ආදරෙ නැති වුනත් අර හදවතෙ ඇතිවුන පැල්ලම මකාදාන්න බැහැ..සමහර අයට පුලුවන් සමහරක් අයට බෑ..මිනිස්සු ඉන්නවා එහෙම අයගේ හිතේ ආදරෙ ඇති වෙන්නෙ ජීවිතේට එකවතාවයි..ලැබුනා හෝ නැතා ඒ ආදරෙ කවදාවත් වෙනස් නොවෙන හිත් තියෙන මිනිස්සු ඉන්නවා..හැබැයි එහෙම අය හරි දුර්ලභයි..

අපෙ හදවත නැවතෙන තැන හරිම තැන නොවෙන්නත් පුලුවන් පැට්ටො..සමහර අය ඒක තමා එ තැන කියලා හිතල එතන නතර වෙනවා..එත් කල් යන්න ඒ ආදරෙ තියෙ කලු පැල්ලම් හිස් අවකාශ දකිද්දි අර තැනෙන් ටිකෙන් ටික ඈත් වෙලා අයින් වෙලාම යනවා..රැවටීම් බලාපොරොත්තු බිදීම් ඔය අතරෙ තියෙනවා..හදවතට දැනුන පමණින් අපි එතන නතර වෙන්නත් හොද නෑ..අපි ඒ ගැන හිතලා තීරණ ගන්න ඕනී..ඕන් ඔය හන්දා තමයි ස්වභාදහම මනුස්සයා මවද්දි හදවතක් එක්ක මොලයකුත් මවලා දුන්නෙ..මොකද හදවතෙන් ගන්න හැමතීරනයක්ම හරි නොවෙන්න පුලුවන් ...තේරුනාද.."

"ආ තව දෙයක්..හැම බැදීමක්ද සදාකාලික නෑ හොදෙ.."

"හ්ම්.."

අපි උන්නෙ මැයි මාර ගහ යට බංකුවෙ ඉදගෙන..ඩැඩි ඇවිත් හනුමන්තයි දුසයි එක්ක ලොකු කයියක..එතන මට වැඩකට ඇති දෙයක් කතාවුන්නැති තැන මන් ආවා එලියට..තව ටිකකින් අපී ආපහු යන්න යයි..එක දවසට මේ පරිසරය මගෙ හිතට ඇල්ලුවා..ඒවගේම සුදු බේබිවත්..අනෙ එයාවත් ගෙදර එක්කරන් යන්න ඇත්නම්..

ආයෙ අපි හමුවේවිද නැද්ද කියන්න මන් දන්නෑ..එත් හිත කියනවා අනිවාරෙම් දවසක ආයෙ අපි මුනගැහෙයි කියලා..බලමුකො..

හිතුනොත් මන් සුදු බේබියාවත් උස්සනො..ඒකාවයි විහාරයවයි උස්සලා එක කාමරේ හිර කරලා බලනවා ඔය කියන තරමට සහෝදරකම තියෙනවද කියලා..

සුදු බෙබි නම් කියන්නෙ ඒකා හොද අයියෙක් සහෝදරයෙක් විතරයි කියලා..අර පේන්නැද්ද ඒකාගෙ මල්සර බැල්ම වැටෙන හැටි..සුදූ බේබිටත් ඕන මගුල නැතුව අනිත් හැම කෙන්ගෙඩියක්ම හොදට පේනවා..

මගෙ ඩැඩියත් මාර මුනියා..ගාඩ්ලට හොරෙන් කැබ් එකක් අරන් නුවර ඇවිත්..අරහේ සිරිපාල ආරූඪ වෙලා ඇති ඇමතියා නැතුව..අනෙ මන්දා මේකා කරන වැඩ..දහ අටෙ කොලු කෑල්ලක් කියලද දන්නැ හිතන් ඉන්නෙ..

" අන්න ඔයාගෙ ඩැඩීලා එනවා.."

මෙච්චර වෙලා තනි මනෝපාරක උන්නු මගෙ අවදානෙ බිදුනේ සුදු බේබිගෙ කටහඩට..තුන්පත් රෑන වගේ ඈතින් එන ත්‍රිබල දැකලා සුදු බේබියා මැරෙන්න හැදුවා..ඩැඩීලා..මගේ..තුනම මගේද දැන්..ඉස්සෝකේ..නෝ ප්‍රොබ්ලම්..එක මොකෝ තුන මොකෝ..සමගියෙන් ඉන්නවනම් එච්චරයි..

" මොකද්ද ඩැඩීලා..දැන් විහාරයත් මගේද.."

" පිස්සුද කොල්ලො..මන් කිව්වෙ දෙපැත්තෙ එන දෙන්නාර..ප්‍රාණව්..රාහුල්..ආන් ඒ දෙන්නා...නැතුව විහාර හාමුට නෙමෙ.."

අමොර් අමොර්..ඇයි මේ පයර් වෙලා..සහෝදරයොනෙ..මන් පිලිගත්තා ඈ...

" ආ ඒ දෙන්නා..ඔව් මගෙ ඩැඩීලා දෙන්නා තමයි..හිතුනොත් මන් විහාර හාමුවත් ටෝක් කරගන්නවා.."

"පෙනේද මේකා..හරි සෝක් වෙරි ගුඩ් ආ..එයා මෙ හෙට අනිද්දා බදින්න ඉන්නෙ..ඕවා කෙරෙන හීන නෙමෙයි ඒක නිසා ඇහැරියන් ඕකෙන්.."

"හරි හරි බදින්න ඉදියට බැන්දෙ නෑනෙ..ඒකියන්නෙ තාම චාන්ස් එක තියෙනවා.."

දඩාං..

"අනේ නිකම් ඉදපන්.."

"ආව්....යොහ් ගහන්නෙ මොකද බෙබියෙ.."

" කට කට..වයසටද උබේ කෙරුවාවන්.."

මේක මාර පිට්ටු බම්බුවක්නේ..විහාරයට මිසක් නිහාරයට ටෝක දානො කිව්වෙ නෑනෙ..කෙලියානෙ වලව්වෙ පුංචිබේබි මගේ කොන්දට..එක්කො එකගෙයි කන්නෝනේ නැත්තම් අපිට හරි දෙන්නෝනේ..ඇයි යකුනේ මාර බඩ්ඩක්නේ මේකාත්..

" බබා.."

බේබියට දෙහි කප කප ඉන්නැද්දි ගහපු එයාම හිමිට පිට අතගාද්දි එයාලා අපි ගාවට ආවා..

"බේබි බෝයි අපි යමු..එහෙනම් විහාර අපි යන්නම්..සුදු බේබි අපි යන්නම්.."

" යන්නම් කියන්නෙපා රාහුල් අයියේ ගිහින් එන්නම් කියන්න.."

" හරි එහෙනම් අපි ගිහින් එන්නම්කෝ.."

ඌහ්..බෙබියා බලපම්කො...දුසා ඇවිත් අපි යන්නම් සුදු බේබියෙ කියද්දි ඒකා වේලපු මිරිස් කරලක් වගේ රතු වුනා..මල කෝලම් බෝල සබන්..ගිහින් එන්නම් කියන්නලු...යැයි යැයි තමා...

මෙන්න මෙහෙ වරෙම් බේබි සමු දෙන්න..

" බේබියෙ මාත් ගොයින් එන්නම් නෙහ්..පරිස්සමෙන් ඉන්න හාද..නෝටි වැඩ කරන්න යන්නෙපා..බැන්නොත් ගහන්න..ගැහුවොත් මරන්න හරි..උම්මාහ්..එන්නම් හොදේ.."

"අනෙව්ව්..මගෙ පැට්ටා..ආදරෙයි ආදරෙයි මැට්ටො පැලෙන්න මන්..ඉක්කන්ට මාව බලන්න එන්න හාද..උම්මාහ්..උම්මාහ්..පරිස්සමෙන් රත්තරන් මට ඉන්නෙ උබ විතරනේ..පුතෙක්ට..හරි මන් ඔයා කියන විදියටම කරන්නම්.. මැරුවොත් ගහලා ගැහුවොත් බනින්නම් නේ.."

"යෝහ් සුදාම්මි..මෙ පැටියටත් ඉන්නෙ ඔයා විතරනේ..මනාපනම් තොලට හාද්දක් තියන්නද.."

"සුදු.."

"බේබි බෝයි.."

"බබා.."

සුදු බේබිට සුදාම්මි ආරූඪ වෙලා මම මල්ලි බබා වගේ හිච්චි ඩැඩී වර්සන් එකක් මවාගෙන සමුගැනීම පට්ට රොමෑන්ටික් විදියට කරගෙන යනගමන් බෙබියාව බදන් දෙන්නා එක්ක උඩ පැන පැන වටේ කැරකුනා..ආදරෙ උත්සන්න වේගෙන ඇවිත් බේබියවත් බදාගෙන උම්මා දිදී මුකුලු කරාපු මම අවසානෙදි තොලට හාද්දක් දෙන්නද කියලා අහනවත් එක්කම පිදුරුතලාගලට හෙනයක් ගැහුවා වගෙ අපිට විශාල ශබ්දයක් ඇහෙනවත් එක්කම බේබියයි මාවයි දෙපැත්තට ඇදිලා ගියා..එහෙන් රතු කුකුලා බේබිව ඇදලා ගද්දි ඩැඩියයි දුසයි මාව මේ පැත්තට ඇදලා ගත්තා..

" යොහ් උම්මේකක් දෙන්න ගියේ.."

"මෙහෙ වරෙම් බබා යන්න.."

" අනේ පවන්.."

" දම්සා.....රී...."

දුසාගෙනුත් මාව ඇදලා ගත්ත ඩැඩියා ඉනවටේ අත දාල මාව කිහිල්ලෙ ගහන් වාහනේට යන්න හදද්දි කුකුලා මරනෙට නරියෙක් ඇදන් යනවා වගේ වලව්ව පැත්තට යන බේබියා දිගුගෑස ලයිට් වර්ශන් එක වගෙ එහෙන් පවන් ගාද්දි මන් දම්සාරි කියලා කෑගැහුවා..

මොනාවුනත් බේබි මගේකා..මටම ගැලපෙන පොර..

බේබියා එහෙම්ම වලව්ව ඇතුලට යද්දි කාර් එක ගාවට ආපු ඩැඩියටයි දුසාටයි කෙප්පයක් බාලා මන් හීන් සීරුවෙ වලව්වෙ පිටිපස්සට ගෑටුවා..

" ආ..මෙන්න..මතකයිනෙ..වැඩේ වරදින්න බෑ.."

" හරි මහත්තයෝ..මට තේරුනා.."

" දෙන්නාගෙන් හරි එකා තෝරගන්න බැරිනම් දෙකටම දාපන්.."

"හරි මහත්තයො.."

" හා දැන් පලයම්..මන් මෙතන ඉදන් බලාගෙන ඉන්නෙ හරි..කිව්ව ගානට වැඩියෙනුත් මන් උබට ගෙව්වා..එක නිසා හරියට කරපන්.."

" හරි මහත්තයා බලාගෙන ඉන්නකෝ.."

වලව්ව පිටිපස්සට ගාටපු මන් ගාඩ් කෙනෙක්ට කියලා ගෙන්න ගත්තු බෙහෙත කුස්සියෙ වැඩ කරන එකෙක්ට පගාව ගෙවලා විහාර හාමුවට පොවන්න යැව්වා..මන් කිව්වානෙ ඕකාගෙන් පලිගන්නොමයි කියලා..

අර මනුස්සයා හදාපු බිම තුනෙන් දොඩම් වීදුරු දෙකට කුඩු එකෙන් බාගෙ බාගෙ දැම්මා..දෙකෙන් එකක් බොයිනේ..ඕක බිව්වා කියලා මැරෙන්නෑ..ඊට හපන් දෙයක් වෙයි..උබ අත තිබ්බෙ වැරදි එකාට රතු කුකුලෝ...

ස්ට්‍රෝබෙරි එක මන් හිතන්නෙ සුදු බේබියට වෙන්නැති..

අර මනුස්සයා ටේ එක අරන් ගිහින් සාලෙ උන්න නිවුන්නු ඩබලට අල්ලද්දි ජනේලෙන් ඉස්සිලා මන් බලාගෙන ඉදියා..බෙබිට තමා ස්ට්‍රෝබෙරි එක..කන්නාඩි දාගෙන ඉන්නෙ නිහාර..ඒකා බීම එක අතට අරන් පැත්තකින් තියද්දි විහාරයා එක හුස්මට බීම එක ගහලා දැම්මා..

වැඩෙ හරි..තව පැය තුනකින් බෙහෙත වැඩ කරන්න ගනී..ඉතිම් විහාර උබට ගෞරවයෙන් bs dp...අනිත් පැත්තෙන් අද රෑ බේබියට හුගක් දිගු වෙයි..බඹසර සිල් බිදෙන පලමු රැය අද වෙන්නත් බැරි නෑ..සමාවෙන්න බෙබි..කමක්නෑ ඉතිම් ඒ ඔයාගේ ආදරවන්තයානේ..විහාර තනිවෙද්දි නිහාරයා වැඩ අල්ලයි...

" බේබි බොයි ෆෝන් එක හම්බුනාද.."

" ආ ඔව් ඔව් සාලෙ තිබුනා.."

"ම්ම් ඉස්සරහින් නගින්න.."

" තේජු එන්න ඩැඩි ලගට.."

විහාරයට බඩු සෙට් කරලා ලග තියෙන ෆොන් එක හොයන්න ගියපු මම වාහනේ ගාවට එද්දි කතාකරපු දුසා ඉස්සරා දොර ඇරලා නගින්න කියද්දි පිටිපස්සෙ ඉදපු ඩැඩියා දොර ඇරගෙන එයා ගාවට එන්න කිව්වා..

දැන් මන් කා ගාවටද යන්නේ??

එහෙන් දුසා බලන් ඉද්දි මෙහෙන් ඩැඩියා බලාගෙන ඉන්නවා..

යොහ් කඩවුලේ...මන් ඔත්තොකේ...

ඉස්සරහා දොර ඇරන් උන්න දුසාව පහුකරන් මන් ඩැඩී ලගට එද්දි එයාගෙ මූන මැලවෙලා ඩැඩීගේ මූන හිනාවෙන් බර වෙන විදිහ මට පෙනෙද්දි ඩැඩිගෙ අත අල්ලගත්තු මන් ඉස්සරහා දොර වහන්න හදපු දුෂ්මන්තාගෙත් අත අල්ලගත්තා..

දෙන්නාට දෙන්නා මගේ මූන දිහා බලාන ඉදලා එකිනෙකාට රවාගන්න හැටි මන් දැක්කා..

යොහ් පුචේ..ඔහොම නම් බෑ අනේ..සමගියෙන් ඉදපියව්..ආහ්හ්..ස්ට්‍රෙස් වගේ තාත්තේහ්...

" ඩැඩි ඔයා අංකල් එක්ක ඉස්සරහින් එන්න..මන් පිටිපස්සට යන්නම්.."

" ඇයි බබා ඒ.."

" කියන දෙ අහපන්කො ඩැඩී.."

" හරි බෙබි බෝයි.."

" බබා..!!!"

මන් එහෙම කියනවත් එක්කම හිනා කැකුලක් මූනෙ ඉපදුනු දුසා ඩ්‍රයිවින්ග් සීට් එකට යද්දි ඩැඩියා මැරෙන්න හදනවා..යො..මේ අලගෙඩියා පොඩි එකෙක් වගේනේ..තාත්තාලා දෙන්නෙක්ව හාන්බාන් කරන එක ලේසි නෑ..හුයි පුතා..ඇතුලට හුයි..

නහයෙන් අඩන ඩැඩියාව ඉස්සරහා ශිට් එකට තල්ලු කරලා පිටිපස්සෙ ශිට් එකට ගිහින් මන් වාඩිගත්තා...

දුසා එහෙන් රේඩියෝව ඔන් කරලා හෙන චිල් එකේ වාහනේ ස්ටාර්ට් කරද්දි මගෙ මිනිහා ඒක නවත්තපන් කියලා මැරෙන්න හැදුවා..

" රෙඩියොව ඔෆ් කරන්න.."

" ඇයි ප්‍රාණව්.."

" ඒක ඔයාට වැඩක් නෑනේ..මන් කිව්වෙ ඕෆ් කරන්න කියලා.."

"සොරි..මේක මගේ වාහනේ..මන් කරන්නෙ මට ඕන දේ.."

" ආ ඒකත් එහෙමද..බබා බහින්න අපි කැබ් එකක් දාන් යමු.."

" නැ බෙබි බෝයි කොහෙවත් යන්නෑ..ප්‍රාණව් මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ.."

" මුකුත් වෙලා නෑ..රේඩියො එක ඕෆ් කරන්න ."

" මට බෑ.."

"බැරිනම් ඉදපන්..තේජු බැහැපන් වාහනෙන්.."

" නෑ එයා බහින්නෙ නෑ.."

" තේජු බහින්න නේද කිව්වේ..."

" බෙබි බෝයි ඔයා හෙල්ලුනොත් බලාගමු.."

" තේජූ.."

" අනේ ඕක නවත්තපල්ලා..ඩැඩී දුසෙ මගෙ මාරයා අවුස්ස ගන්නෙපා..දෙන්නාවම දාලා මන් දැන් යනවා යන්න..මොන මගුලක්ද යකෝ මේ..පිස්සුද..පොඩි උන් වගේ..ආආආඅ...ස්ට්‍රෙස් යකෝ.."

අනේ මුන් දෙන්නා එක්ක බෑ කෙල්ලනේ...

වාහනේ දෙදරන්නම මන් කෑගැහුවට පස්සෙ ඩබල මීක් නෑ..කනවා යකො මුන් දෙනනව මන්...ආහ්...ඔලුවත් කැක්කුමයි..

රේඩියෝ එක ඔහේ ප්ලේ වෙද්දි ඩැඩියා ෆෝන් එක කාගෙන ඉද්දි දුසා වාහනේ ඩ්‍රයිව් කරා..

සසර කල කිරිලා උන්නු මම ශීට් එකට හේත්තුවෙලා මූණත් බෙරි කරන් ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව උන්නා..

ආදරෙ කියලා හිත පිලිගන්නට

නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද

තණ්හා ආශා නුඹ ගැන මොකටද

එහෙම දේවල් නෑ හිතේ මගේ...🎶

ආහ්...ආදරෙ බඩයනවා වගේ දැන්..දුසාට මොන යකෙක් ගහලද මන්දා..එකම සිංදුව අහලා අහලම මට දැන් වමනෙට වගේ..දුසා සින්දුවේ පද මුමුණන ගමන් ඩැඩී දිහා හිනාවෙවි බල බල මිරර් එකෙන් මන් දිහාත් බලනවා..

උබ ඔහොම නටපන්කො දුසේ..හම්බෙයි බොට ඩැඩීව..මට දැන් සාදාරන සැකයක් එනවා මේකා මට ඉස්සරහට අඩගහලා ඩැඩියාව ඉස්සරහට ගන්න ප්ලෑනක්වත් ගැහුවද කියලා..

ආර්හ්හ්...මගෙ අතින් අනාත වුන හන්දා ඉවසනෝ මිසක් වෙන එකෙක්නම් ගඩ්ඩ ගලවල අරන් ඩෙවල් දානවා..

ඇති යාන්තම් ඕන් වෙන එකක් දැම්මා...ඒ ගමන මොකද්ද...

අහසට සොඳුරුද සඳ කෙතරම්

ගසකට සොඳුරුද මල කෙතරම්

සයුරට සොඳුරුද රළ කෙතරම්

එතරම් මිහිරියි ඔබ මට නම්

හිත මැද පෙම්බර කම්‌ සඟවා

යන එන මග ඉඟිබිඟි කරමින්‌

හොඳ නැහැ කරනා ඔය දඟකම්‌

දුටුවොත්‌ වෙන අය වෙයි නපුරක්‌

සුන්දර ඔය වත හින්දම තුන්යම

නින්දක්‌ මට නැතුවා නැතුවා

තිස්සෙම මං වට දැවටෙනු කුමටද

අහන්න මට හිතුනා හිතුනා

සොඳුරුද මා හට ඔබ කෙතරම්

අන්සතු මලකට ඇයි ලොබකම්

සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්‌

හිමි නැතිවූ සඳ වෙයි ළතැවුල්‌..

තැල්ලක්‌ කර බැඳ කැන්දන්‌ යන්නට

සත්තයි සිහිනෙක මා සිටියා

කන්දක්‌ තරමට හිතුවේ ඇයි නුඹ

බිළිඳුන්‌ නිදි නෑ මං යනවා

."හාහ්..හාහ්..හා..හි..හ්..හි...අම්මොහ්..කැහ් කැහ්..හාහ්හ්..හිහ්.."

දුසා දාපු සින්දුව හෙන ලස්සනට එයා විදින ගමන් ඩැඩි දිහයි මන් දිහයි බල බල ඩ්‍රයිව් කරද්දි සින්දුවෙ ලස්සනට ඒකෙ පද දිහා හෙන උවමනාවකින් අහන් උන්නු මට අවසාන හරියෙ තිබුන පද පේලිය ඇහුන ගමන් විදුරු පිහිනව වගේ හරි කැත හිනාවක් එලියට පැන්නා...

බිලිදුන් නිදි නෑ මන් යනවා...අම්මොහ්..ඒක දුසාටම ගහපු සින්දුව.. දුසා දුසා උබට ඩැඩීව හම්බෙන්නෑ දුසො...අනෙ අම්මෙහ්...හිනාව නතර කරගන්න බෑ...ශීට් එකේ පෙරලි පෙරලි හිනාවුන මන් කෙලින් වෙලා බලද්දි යක්කෙ දැකපු ගානට ඩැඩියි දුසයි වාහනේ නවත්තගෙන මන් දිහා බලාන උන්නා..

අපි දළදාවට ඇවිත්..

කොන්ඩෙයි ඇදුමයි හදාගත්තු මම වාහනෙන් බහිද්දි ඒ දෙන්නාත් එලියට ආවා..

" අපි මාළිගාවට යනවද.."

" බේබිට ඕන්නම් යමු.."

" බබා ඉන්න මන් මල් අරන් එන්නම්.."

" බේබි බොයි තනියෙන් ඉන්නෙපා එන්න අපි ගිහින් මල් බලමු.."

මාළිගාව දිහා බලන් උන්නු මම අපි එකට යනවද කියලා අහද්දි මට ඉන්න කියලා මල් ගේන්නම් කියලා ඩැඩි යන්න හදද්දි අනිත් පැත්තෙන් දුසා මල් ගන්න යන්න එන්නලූ..

දැන් මන් මෙතන ඉන්න ඕනිද නැත්තම් මල් ගන්න යන්න ඕනිද...යොහ්..අනෙ මුන් දෙන්නා එක්ක බෑ දළදා හාමුදුරුවනේ...

"නැ ඔය දෙන්නා ඉන්න මන් ගිහින් මල් අරන් එන්නම්.."

දුෂ්මන්තාගෙ අත පැත්තකට කරපු මම දෙන්නාවම එතන තියලා පාර පැනලා ඇවිත් මල් කඩෙ ලගට යද්දි අර ඩබලත් මගෙ අඩිපාරෙ ඇවිත් තිබුනා..

ඒ එද්දි දුසාගෙ ඇගෙ හැප්පීගෙන ඩැඩියා ඉස්සර වුනා...

මේ දෙන්නාගෙ පූර්ව ලමාවිය සංවර්ධනය වේවා කියලා පඬුරක් ගැට ගැහුවානම් හරි....

" එන්න අපෙනුත් මල් ගන්න මා...ල්..මහත්තයා මල් තියෙනවා..ගන්ඩ ගන්ඩ මල්.."

" මල් පහම සීයයි මහත්තයා..එන්ඩ ගන්ඩ මල්..මාත්තයා මොන මලද බැලුවා.."

" බබා රතු නෙළුම් ගන්න .."

" සුදු නෙළුම් ගන්න බේබිබෝයි.."

"නැ තේජු ගන්නෙ රත් නෙළුම්.."

" බේබි ගන්නෙ සුදු නෙළුම්.."

"මන් කිව්වානෙ එයා ගන්නෙ-.."

" නවත්තගන්න අනේ...අයියෝ ආයෙත් පටන් ගත්තා..මොන විකාරක්ද මේ..ආ දෙන්නාගෙ ඔලුගෙඩි දෙක හැප්පුනාද..මන් ගන්නෙ මට ඕනි එක..ඔයාලා දෙන්නා ඔය කියපුවා ගන්න..අක්කෙ නිල්මානෙල් පොකුරක් දෙන්න.."

ආ....ස්ට්‍රෙස් වුත්තො ස්ට්‍රෙස්...මුන් දෙන්නාට මොන හුලං ස්පන්චියක් කැවිලාද මන්දා...මල් වලටත් මරාගන්නවා..යකො මේක මාර කෙලියක් වුනානෙ..අලි බබ්බු දෙන්නාට මොනා වෙලාද..එකට එක කරන්න හදන්නෙ..ලගක් වෙනකම් හොදට ඉදියනෙ..අයියෝ...කඩවලේ..සාමි සාමී.

මගෙ මල් පොකුරත් අරන් අර දෙන්නාව දාලා මන් එද්දි ඒ ඩබලත් මල් අරන් දුවලා දුවලා මන් ගාවට ඇවිත් මගෙ දෙපැත්තෙන් ඇවිදින්න ගත්තා..බලන්නෙපැයි ඩබලගෙ සිල්වත් පාට..එකෙක් සුදු රෙදි හොරෙක් වෙද්දි අනිකා සිවුරු හොරා වෙලා..මට මැවිලා පේනවා කුරුල්ලො දෙන්නා වගෙ දෙපැත්තෙන් එන විදිය...

මන් මල් පූජ කරලා පැත්තකට වෙද්දි ඩැඩිත් එයා ගෙනාපු මල් ටික හිමින් සීරුවෙ මල් යහනෙ පැත්තකින් හදනකොට නැටි කඩපු මල් ටික අතේ තියාගෙන ඉදපු දුෂ්මන්තා හිනාවෙලා මට ඒ ටික දික් කරා..

" ඇයි පූජ කරන්නැද්ද.."

නැ කියන්න වගේ ඔලුව වනපු එයා හිමීට මා ගාවට ලංවෙලා මට මල් ටික දුන්නා..

" ඇයි ඒ.."

" මෙ...මන් කැතලික්නේ බේබි..මීට කලින් මන් පන්සල් ඇවිත් නැහැ.."

මගෙ අතට මල් දුන්න එයාගෙන් මන් ආයෙම ඇයි කියලා අහද්දි බිම බලාගෙන බෙල්ල පිටිපස්සෙ පිරිමැදපු එයා මගෙ කනට ලංවෙලා එයා කැතලික් මීට කලින් පන්සල් ගිහින් නෑ කියලා කිව්වා..

මන්දා...එයාට මෙහෙම හුරතල් වෙන්න පුලුවන් ද කියලත් සැකයි..පුංචි එකෙක් වැරැද්දක් කරපු ගානට එයා මන් ගාව හැසිරුනේ..

මගෙ අතේ තිබ්බ මල් ටික මන් ඒ අතින් තියලා ඒ අත අල්ලගෙන එයත් එක්ක මල් පූජා කරද්දි එ ඇස් ලොකු වෙලා මූනත් රතු කරන් මන් දිහා බලාන උන්නා..

" බුදුන්ට මල් පූජා කරන්න ආගම බුද්ධාගම වෙන්නම ඕනි නෑ..හිතේ ශ්‍රද්දහාවෙන් මල් පූජ කරාම හොදටෝම ඇති..බුදුරජුන්ට මල් පූජා කරන එකත් ලොකු පිනක්..හිතේ ශ්‍රද්ධාව තිබුනම ඇති..තේරුනාද.."

"හ්ම්...තැන්ක් යූ බේබි බොයි.."

පිස්සු කොල්ලා...අ නැ අංකලයා..මල් අතගහලා අත් එකතු කරලා වදිද්දි දුසාත් මන් කරපු විදියටම කරලා වැන්දා..එහෙන්ම අනිත් පැත්ත බලද්දියි ඩැඩිව දැක්කෙහ්...

යොහ්..අනෙ ඩැඩියේ..උබද බේබි මමද බේබී..

මේකා අත් දෙකෙන් මලක් අල්ලන් මගේ දිහාවට දික් කරන් මූණත් නාටු කරන් බලාගෙන ඉන්නවා..

අනේ මනුස්පියො මෙ පැත්තෙ නෙමෙයි අර පැත්තෙයි මල් ආසනේ තියෙන්නෙ..

"ඇයි ඩැඩි.."

" බබා..මේක පූජ කරන්න ඕනි.."

" ඉතිම් පූජ කරන්න.."

" ඒක තමා පූජ කරන්න ඕනි..කරමුකො.."

" හැහ්.."

මේන් බොලේ මේකා ඒ ගමන මට රවනවා..හප්පද බොල දැන්නෙ තේරුනේ..මන් දුසාගෙ අත අල්ලන් පූජ කරනවා මෙයා දකින්නැති..අනෙව් මගෙ බබාඋකුන් පැටිකිරිය..මුන් දෙන්නාට මෝහිනීගෙ බබා ආවේස වෙලාද මන්දා..

" ආ..එහෙමද..කො එන්නකො පූජකරමු ඉතිම්.."

අනේ දළදා හාමුදුරුවනේ මට පෙසර් වගේ...නාටු කරන් ඉදලා මට රවාපු මනුස්සයා මේන් ඒ ගමන හිනාවෙනවා..මේවා දරාගන්ඩ බෑ අයියෝ...

මල් පූජ කරලා පහනුත් පත්තුකරලා ගාථා කියපු අපි පැයක් විතර මාළිගාවෙ ඉදලා එලියට ආවා..

දුසා පිටට නපුරා වගේ උන්නාට හෙන කෝලමක්..කෝමලියා..අනිත් මනුස්සයා මගෙ මිනිහා..ඒ සිකුරුලියා..

යෝහ් කෝමලියයි සිකුරුලියයි මැද්දෙ තේජූ හිරවෙලා..

අපි වැව රවුම වටේ ඇවිදගෙන ඇවිත් බංකුවකින් වාඩිවෙද්දි මගේ කෝමල සිකුරුලියා ඩබල එකපාරට අතුරුදහන් වුනා..ඒ ගමන මොන නෛයාඩගමක් නටන්න හදනවද දන්නෑ...

මන් බංකුවේ වාඩි වෙලා ඇස් පියාගෙන මේ මොහොත විදින්න ගත්තා..මාව පහුකරන් යන ඇගට සුවදායි හුලං රැල්ල ඇගේ වැදෙන විදිහත්..පිටිපස්සෙන් ඇහෙන වාහන සද්දෙත්..කුරුල්ලන්ගේ කෑගහන නාදයත් එහාට මෙහාට යන මිනිස්සුන්ගෙ කසුකුසුවත් වෙන් වෙන් කරලා හඳුන ගන්න උත්සාහා කරා..

ආහ්..ඇගට හරි සනීපයි..හරි සනීප සීතලක්..මහන්සිය නැතිකරලා දාන්න පුලුවන් හුලං රැල්ලක්..මේ හුලං හමද්දි පහුගිය අවුරුදු තුනේ හවස් වරුවල සූරියමල්වතු යායෙ ඉදන් හුලග විදින ගමන් සතුට වුන හැටි මතකෙට නැගුනා..

ඒකාලෙ..තප්පරයක් පාසා මට එයාව මතක් වුනා..හුස්ම ගන්න මොහොතක් ගානේ ඒ මූන මනසේ ඇදුනා..එයා ලග නැති පාලුව මට හුගක් තදින් දැනුනා..තනිකම කාංසිය දරාගන්න බැරි වෙලාවලට මල් යායක් ගාවට ගිහින් බිම දිගාවෙලා හමාගෙන යන හුලගෙන් මන් සතුටු වුනා..මන් හිතුවා මේ හමන් යන සුලග එයාගෙ ඇගෙ වැදීගෙන මන් ගාවට එන්නැතියි කියලා..මන් හිතුවා මගේ ඇගේ වැදිගෙන යන මේ හුලග එයා ගාවටත් යනවා ඇති කියලා..මන් හුලගට කිව්වා එයා නැති පාලුව කොයිතරම් නම් වේදනාවක්ද කියලා..මන් වේදනාව බෙදාගත්තා..මේ හමන සුලග එක්ක...

මන් ආපහු ඇස් අරද්දි දැක්කෙ රටකජු ගොටු තුනක් උස්සන් එන ඩැඩීවයි සීනිවලාකුලු පැකට් දෙකක් උස්සන් එන දුසාවයි...

යොහ්..මොන්ඩිසෝරි බබ්බු පරාදයි..

" ආ බේබි බොයි.."

" බබා මේක ඔයාට.."

දෙන්නා දෙපැත්තෙ ඉදන් ගෙනාපුවා මට දික් කරද්දි විරිත්තපු මම අත් දෙකෙන්ම ඒවා ගත්තා..කාටහරි මුල දුන්නොත් අද මේ දෙන්නා මරාගෙන මැරෙන්නත් බැරි නෑ..වැඩිහොදට දෙපැත්තෙන්ම එකපාර ගත්තා..

ඩැඩි මට කජු ගොට්ටක් දික් කරලා තව එකක් දුසාට දුන්නා..දුසා එයාගෙනාපු රෝස පාටයි නිල් පාටයි බොම්බයිමොටයි දෙකම මගෙ අතට දුන්නා..

" ඇයි මේ දෙකක්.."

" එකක් ප්‍රාණව්ට.."

හනෙව් හිච්චි සමන්තයා...කන්න හිතෙනවා මැටි පැටියාව..

"එතකොට ඔයාට.."

" මට ශුගර් හොද නැ බේබි..ඔයාලා කන්න.."

ඌප්ස්..ශුගර් ඩැඩීට ශුගර්ලූ..

පැයකට වඩා එතන උන්නු අපි ආපිට ගෙදර එන්න පිටත් වෙලා ආවා..මගදි මාරුවෙන් මාරුවට ඒ දෙන්නා ඩ්‍රයිව් කරා..මන් නම් ආතල් එකේ ශීට් එකේ දිගෑදිලා නිදාගෙන ආවා..

.

.

.

.

.

.

" තමුසෙගෙ ලොක්කා කීයක පගාවක් ගෙව්වද අපේ ඩීටේල්ස් පිටට යවන්න...හ්ම්.."

" මන් කියන්නැ..කැහ්..කැහ්.."

"ම්ම්ම්..කියන්නැද්ද..කියන්නෙපා..මොකද මන් දැනටමත් හැමදෙයක්ම දන්නවා.."

"මොකක්..ඒ කොහොමද.."

"ටක්ස්...මන් තේජු බන්..මේ වගේ පොඩි දෙයක්වත් හොයාගන්න බැරිනම් ඇති වැඩක් නෑ..මන් තමුසෙට යන්න දෙන්නම්..ගිහින් කියපන් උඹගේ මහා ලොකු බොසාට..හැංගි හැංගි තෝල්කයෝ ලවා ගේම ගහන්නැතුව කොන්ද පණ ඇති පිරිමියෙක් වගේ මූණට මූණ ගේමට වරෙම් කියලා..විකී..මූව යවපන්.................අත් දෙක කඩලා.."

කෝමලීයා & සිකුරුලියා

ම්හුක් මටත් ඩැඩියෝ දෙන්නෙක් ඕනෙව්... 😗

ම්හුක්..👉👈 සමෝසයක්ද මන්තා..

___________________

හෙලොව් සමයි😌

තේජූ ඊස් බැක් 😗❤️

👉👈

කොමත කතාව..මක්කත හිතෙන්නෙ..

කොමෙන්ට් දාන්න හරිත....🌝💓

රුද්දෙස්සෙ එක්ක.එන්නම්...😗👉👈

ආතරෙයි😗👉👈

එන්නම්❤️

_Gojo_

Share This Chapter