Back
/ 49
Chapter 20

Chapter 20

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

හවස් වරුවෙම නුවර වැව රවුම වටේ ඇවිදපු අපි ගෙදර ආවෙ කීයටද කියන්නවත් මන් ඇදට ආවේ කොහොමද කියලවත් මගේ ඇගේ තිබුන ඇදුම් මාරුවුනෙ කොහොමද කියලාවත් මන් දන්නෙ නැහැ..

වෙන්දා වෙලාවටත් කලින් ඇහැරුන මම මගේ එහාපැත්තෙ නිදාගෙන ඉන්න කොච්චර දැක්කත් එපා වෙන්නැති මන් ආසම රූපෙ දිහා ඇස් පිය නොහෙලා බලාගෙන ඉදියා..

තමන්ගෙ ආදරණීයා උදේ ඇහැරෙන වෙලාවට තමන්ගෙ එහාපැත්තෙන් නිදන් ඉන්නවා දකිද්දි දැනෙන හැගීම වචනෙන් මෙහෙමයි කියලා කියාගන්න නොතේරෙන හැගීමක්..හරියට මලක් පිපෙන දිහා හරි සංයමයකින් බලාගෙන ඉන්නවා වගේ...

මට සිංදුවක් මතකෙට එනවා..ගෙවුනු අවුරුදු තුනෙ හැම රෑකම  මගෙ හිත හදපු ඒ සිංදුව..ඒකෙ මන් ආසම කෑල්ල..

Memories with me and you...

All these lights are colored in by you

All these times are precious due to you

Four sеasons have passed with you

Four scents wеre left 'cause of you

All the reasons why I can laugh out

All the reasons why I sing this song

Thankful to be by your side now

I'll try to shine brighter than now

jungkookගෙ My You මගෙ ලග නැති මෙයාගෙ වටිනාකම එයා නැති තනිකමෙන් වැටුන හිත හදාගන්න උදව්වක් වුනා..අහම්බෙන් හමුවුන ඒ සිංදුව අවුරුදු තුනට ගණන් කරන්න බැරි වාරගණනක් මගේ කන්දෙක අස්සෙ රැව් දෙන්නැති..

ගෙවුනු ඍතුවන් මන් තනියෙන් දරාගෙන  අමාරුවෙන් හරි ගතකරා දැම්මා..අපේ මතකයන් හරි පරිස්සමට රැකගෙන ජීවත් වුනා..ඉතින් පාලුවෙන් ගෙවාපු ඍතූන් ලස්සන කරන කාලය ආයෙත් ඇවිදින්..ඉදිරියේදි අමතක නොවන මතකයන් එක්ක ජීවත් වෙන්න මන් පොරොන්දු වෙනවා..ගෙවෙන හැම තප්පරේකම මගෙ හදවතේ ඔයා ගැන තියෙන ආදරෙ වැඩි වෙනවා මිසක් අඩුවක් නම් වෙන්නෑ ඩැඩී..

පුංචි හාදුවක් ඒ නහය මතින් තියලා එයාගෙ නළලට වැටුන කෙස් ටික උඩට කරලා හිමින් සීරුවෙ මගෙ ඇගිලි ඒ කෙහෙරැලි අතරේ ටික වෙලාවක් එහාට මෙහාට අරන් ගිහින් අත අයින් කරන්න හැදුවත් එයාගෙ ශක්තිමත් අතක් මගේ අත එහාට වෙන එක නවත්තලා ආයෙමත් ඔලුවෙන් තියාගත්තා..

" අතගාන්නකො බබා...සනීපයි.."

එයා ඇහැරිලා..සමහර විට මගෙ ස්පර්ශෙට ඇහැරෙන්නැති..

එයාගෙ පපුව උඩ උන්නු මාව එකපාරට  එහාට කරපු එයා මාව ඇදේ පෙරලන් මගෙ පපුව උඩින් ඔලුව තියාගෙන එයාගෙ  ලොකු අතයි කකුලයි මගෙ ඇගට දාගෙන මට තුරුලු වුනා..

අනේ...මගෙ ආදරණීය අලි හුරතලේ..

.

.

.

.

.

.

" ආන් ඒකනෙ සභාපතිතුමෝ..මන් කිව්වා ඒයි..කොහෙද මෙයැයි අහන එකක්‍යෑ..ඒ ලකුණෙන් ජන්දේ ඉල්ලුවානම් ගොඩ..අපි ඉතිම් පොඩි ඈයොනේ..ඒකයි මෙයැයිලා අපේ වදන් ගනම් ගන්නෙ නැත්තෙ..අනේ ඔහේටවත් බැරිද සභෝ අපෙ මන්ත්‍රියට චුට්ටක් පැහැදිලි කරන්න.."

"........."

" ආ...ඒකනේ...ඔව් ඔව්..පොඩ්ඩක් ඉන්න ඒයි මන් මේ බිත්තර කඩනවා..ආ නැ නැ..මොන කිකිලියොද..බිත්තරේ රත්තරන් වගේනේ..දැන් කාලෙ ඉන්න කිකිලියෝ බිත්තර දාන්නෙ රත්තරන් පුකෙන් ඒකයි..මන් මොකද්ද දැන් කිය කිය ඉදියේ..ආ ලකුන..ඇත්තටම සභෝ කොමඩ් එක කියන්නෙ හොද සලකුනක්..ආ නැද්ද..ඔව් කියන්නකො ඒයි..ඔහේට කියන්න කොමඩ් එකට යන වාරයක් ගානෙ මට මේ අදහස පහල වෙනවා..දැන් හිතන්නකො ලැට් නැති ගෙවල් වලට කොමඩ් හයිකරාම ඒ ගෙදර මිනිස්සු ඕකට යන වාරයක් ගානෙ අපේ ඇමතියාව මතක් කරනවනෙ..ඕකේ වාඩිවෙලා තටමද්දි අපේ ඇමතියාට චන්දේ දාන්න ඕනි කියලා හිතෙනවානෙ..ආ නැද්ද මන් කියන්නෙ .."

".............."

" අහන්නකො ඉතිම්..ඔව් ඔව්..උන් බොක දාන වාරයක් පාසා හිතෙන්නෝනේ මෙහෙම හරි තටමන්න ලැට් එකක් හම්බුනේ අපේ ඇමතියා නිසානෙ කියලා.."

"......"

" වැඩක් නැ වැඩක් නැ..ඇමතියාට මොල තුනක්නෙ..කකුල් තුනක් මදිවට මොල තුනකුත් තිබ්බා..ඔයාට කියන්න ඔය කකුල් තුනේ කතාව මට කිව්වෙ අපේ තමාල් අයියානෙ..ඔය අපෙ පුංචි බේබි දවසක ඇදපු චිත්තරේක ඇමතියාට කකුල් තුනක් තියෙනො කියලා ඇදලා..ඔය කිව්වට තුන්වෙනි කකුල මන් දැකලත් නෑ..කකුල් තුනක් තියෙන එකෙ මොල තුනක් තියෙන එක හිතන්න දෙයක් නැනෙ ..ආ නෑනෙ..."

"........"

"ආ එකනෙ..හරි හරි එයි මන් පස්සෙ ගන්නම්..මේක බීට් කරන්න ඕනි..අපි දවසක සෙට් වෙමුකො ඒයි..අපිටද කතා කරන්න ඒවා නැත්තේ..තිබ්බා ඈ.."

කිචන් එකට එන්න ආපු මන් දොර ගාව නැවතිලා ඔලුවට අත ගහගත්තේ සේපාලයාගෙ කතාව අහලා..මූ කා එක්ක කතා කරනවද දන්නෑ..ඌ කියපුවා අහන් ඉදලා ඔලුවෙ පැත්තකුත් කැක්කුම් ඇල්ලුවා..

මූත් එක්ක වැඩ කරොත් නම් ඇමති පට්ටම බල්ලාටම වැටෙනවා..එව්ව්..තිරිසන්නු වගේ...

මේකා මගෙ මනුස්සයාගෙ සායමත් එක්ක මගේ සායමත් යවනවා..මමාටත් කට තියන් ඉන්න බෑනෙ..පොඩි කාලෙ නොදරුකමට කරපුවා මුට කියන්න ගියෙ මොකටද..ඔය කකුල් තුනේ කතාව මන් දවසක් ඇදපු චිත්‍රයක පපාවයි මමාවයි මායි එක්ක ඩැඩියාවත් ඇදලා ඩැඩියාගේ එක කකුලක් වැඩිකරලා..දැන් අහන්නෙපා ඒක කොහොමද මන් දන්නෙ ඒමොකද්ද කියලත්..උබලා බබ්බු නෙමෙයිනේ කෙල්ලනෙ..වට්ටියේ අතගහලා උබලත් ගානට හැදිලානෙ ඉන්නෙ..

මන් බලාගෙන ෆෝන් එක තියපු සේපාලයා ලහි ලහියේ බැටර් එකක් හදනවා..මූනේ හැමතැනම පිටි උලාගෙන..ඒප්‍රන් එකෙ කලරින්ග්ස්..කිචන් එකෙ හැමතැනමත් පිටි හලලා..වෙලාවට මේක ඩැඩීගෙ කාර්යාලෙ කිචන් එක වුනේ..ගෙදර වුනානම් මේකාව මමා කීතූ කරයි..

සේපාලයා වැඩ කරද්දි ඇතුලට ගියපු මම  දෙහි බෑයක් අරන් උණුවතුර කෝප්පෙට දාගෙන බොන්න ගත්තා..දෙහි බිංදු දෙක තුනක් දාලා වතුර බොන එක ඇගට ගොඩක් ගුණයි..විටමින් සී නිසා සෙමටත් හොදයි..ඔලුවෙ කැක්කුමක් ඇල්ලුව වෙලාවට ටිකක් රස්නෙ වතුරට දෙහි බිංදු දෙක තුනක් දාගෙන බිව්වට පස්සෙ නම් සැහැල්ලුවක් දැනෙනවා..

" අනෙව් බේබියේ තරහ නැතුව ඔය වැනිලා එක දෙන්න ඒයි.."

"මේකද.."

" නැ නෑ කොල්ලො ඔය ඩෙටෝල් එක යකො...සමන්දෙවියනේ..මාව හිරේ යවන්න හදනවා මේකා..අර උඩ තට්ටුවේ දෙවනි බෝතලේ..ආ න් ඕක..."

"ආ ගන්නවා.."

" කබ්කුන් කාබ්.."

"මොකක්..කකුල කෑවා...කවුද උබේ කකුල කෑවේ සේපාලයො.."

"අයියයියෝ නෑ බේබියේ..ඔහොම තමා තායි කොල්ලො ස්තුති කරන්නෙ..කොහෙද පුංචි බේබි කතා බලනවයෑ.."

" අනෙ මන් දන්න මගුලක් නෑ..මොකද්ද උබ ඔය හදන්න යන්නෙ.."

" ආ...මන් මෙ කැවුම් හදනවා  අර බුරිය එන්නෙ උලට..ආන් එක..මේවා කෑවම බුරි උල් වෙනවා.."

"කැවුම් බිත්තර දාලා..??"

" අනේ බේබි ඔහේ දන්න  මගුලක් නෑ..ආ ඒගමන මොකාද..අනේ හොද බේබියේ ඕන් ඔය කෝල් එක ආන්සර් කොරලා ලවුස්පීකර් දාන්න.."

මුට නම් හොදටම පිස්සු..මන් ඒකාගෙ ෆොන් එකට ආපු කොල් එක ආන්සර් කරලා අවන් එක උඩින් තියලා ස්පීකර් ඔන් කරා..

අනෙ උබගෙ ලව් ඉස් පීකර්...මල්ලි බබා..පුහ්..

" හෙලෝ බබා.."

" හායි මල්ලි බබෝ..ඉක්මන් කරලා ඇයි කියන්න ඒයි මන් මෙ වැඩක්.."

" ඇහුවොත් ඇත්තම් ඔයා වැඩක්නේ අයියේ..ඇයි බබා ඔයා මාව මගාරින්නේ.."

"අනේ මේ මල්ලි..විකාර අහන්න වෙලාවක් නෑ මන් ලොකු වැඩක මැනික.."

එව්ව්...මොන කුනුහරුපයක්ද මේ..නිවර්තන ගවයෙකුයි හෝමෝසේපියන්වරයෙකුයි ලව් කරනවා..ඈයියා...

මන් මේ කල්පනා කරේ මේකා මෙ ලගදි බොතලයක් බදාගෙන බිව්වෙ කොල්ලා දාලා ගියා කියලා නේද..සතියක් යන්න කලිම් මූ තව එකක් දාගෙන..යකෝ මෙන්න වැඩ්ඩෝ..අවුරුදු ගානක් ට්‍රයිකරනෝ මට තාම බැරිවුනා මගෙ මනුස්සයාව දාගන්න..

" ඇයි බබා ඔයා මෙහම..දැන් ඔයාට මන් වෙනුවෙන් වෙලාවක් නැද්ද..ආ..ඇයි මට මෙහෙම කරන්නෙ.."

" අයියෝ..මොකද මල්ලියො මේ..බොරුවට හිත රිද්දගන්නෙපා අම්මනම්කැටේ..අහන්නකො.."

අම්මනම්කැටේ??? ඒ මොන ජාතියේ කැටයක්ද..එව්ව් එව්ව් සේපාලගේ අමන කැටේ...

" ම්ම්ම් කියන්නකො.......බබා..."

"මල්ලියො මන් හිතන්නෙ අපේ සම්බන්දෙ නවත්තන්න කාලෙ ඇවිත්. ".

" මොකක්..ඇයි බබා මේ..මොකද්ද ඔයාට එකපාරටම වුනේ..මගෙ අයියා බබෝ..ඇයි ඔහොම කියන්නේ..අනේ..දෝනියෝ.."

අනේ මුන් වගේ  බිජ්ජො සාපයක්..ඈක්කා වමනෙටත් වගේ..අනෙ සේපාල ඕන් ඕකාට දෙකක් ඇනපන්..

"අහපියකො මල්ලි..පෘථිවියේ භ්‍රමන වෙගය වැඩිවෙලාලු අන්න..ඒවගේ තත්වයක් උඩ මට බෑ ඔයාට ආදරෙ කරන්න..අපේ ගෙදරින් මේකට කැමති වෙන්නෙත් නෑ කැරකෙන වේගෙ වැඩිනිසා..ඔයාට වේගෙ වැඩිවුනාම මට වඩා හොද කෙනෙක් හම්බෙයි මල්ලි හබෝ..ගුන බුස ටකරෙ කරේ...තිබ්බා.."

"එපා..හෙල්-.."

" යස් වුත්තො යස්..ඒ කරදරෙත් ඉවරයි..දාන්න බේබි පහක්.."

" අනේ පලයම් යන්න.."

" හනෙව්..ඕන්නෑ මන් තනියෙන් පහා දාගන්නම්..නරක බේබියා.."

මේවගේ ගොටුකල වන්දෙක්ව මාත් වැඩට ගත්තානෙ..ඔලුවත් මොකද්ද වුනා මේ විගඩම් දැකලා...

.

.

.

.

.

.

කම්පැනියට ගිහින් දුසා අංකල්ගේ මූනත් බලන්න ඕනි කියලා හිතුනත් ඊට කලින් අඟේ ඉදන් කන කාපු එකාව අල්ලගෙන උපහාර දෙන්න ගියා..

දැනටමත් ඌව මගේ අය අල්ලගෙන..අවුරුදු ගානක් අපේ හොදම ප්‍රජෙක්ට්ස් ටික අපේ ඇස් වහලා පිටට යවපු උට මෙදාපාර වැරදුනා..සියාපප්ලාගෙ වම් අත වගේ උන්නු මුගේ තාත්තාත් ඒකාලෙ අපේ ඩීටෙල්ස් පිටට යවලා අවසානෙ කම්පැනිය වහන තත්වෙටම පත් කරලා..ආන් එහෙම තිබුන කම්පැනිය අපෙ ඩැඩා තමයි ගොඩ අරන් තියෙන්නෙ..ඒ කාලෙ ඩැඩාට දුසාගෙ කම්පැනියත් උදව්වට ඇවිත්..හරියටම බැලුවොත් ඩැඩාගෙන් පස්සෙ මේක යන්න ඕනි රාහුල් දුෂ්මන්තට..උරුමක්කාරකමෙන් ඒක මට ආවත් කම්පැනි ඔක්කොම එකක් කරලා එක බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙන්නෙ එයා..

මේක ඩැඩාට දීලා රට ගිහින්..ඩැඩා නැතිවුනාට පස්සෙ මේක භාරගන්න කෙනෙක් නැතිවෙද්දි එයා කම්පැනි එක ආයෙත් සීයට දීලා..සීයාගෙ ඇස්වහල වැලි ගහලා මිස්ටර් නානායක්කාරයි ඒකාගෙ පුත්‍රයයි අපේ ඔක්කොම පිටට යවලා..අවුරුදු තුනක් අපි පාඩු ලැබුවා..හොදම ප්‍රජෙක්ට් ටික නැති කරගෙන..

එක දිගට ප්‍රජෙක්ට් කැන්සල් වුන හන්දා අලුතෙන් ගෙන්නලා දාපු සිස්ටම් එකට අපරාදකාරයාව අහුවුනා..සිස්ටම් එකට ඇතුල් වෙන පාස් වර්ඩ් එක මන් විතරයි දැනගෙන ඉදියේ..දුසා අංකල්ට පවා දුන්නෙ බොරු පාස්වර්ඩ් එකක්..ඉදපු මැනෙජර්ස්ලා පස් දෙනාටත් දුන්නෙ පාස් වර්ඩ් පහක්..ගහන පාස් වර්ඩ් එකට උන්ට ඕන වෙන දේ ලැබුනත් එතනින් එහාට වෙන හැමදෙයක්ම අපිට වාර්තා වෙනවා..පාස්වර්ඩ් එකට අනුව ඒක කරේ කවුද කියලත් යැව්වෙ කාටද කියලත් අපිට දැනගන්න පුලුවන් වෙනවා..

ඔන්න ඔය විදිහටයි අපි මේකාව අල්ලගත්තේ..

" බොස්..ඌව ගෙනාව.."

"ම්ම්ම්.. යමු.."

"මිස්ටර් ගවේෂන් නානායක්කාර..ම්ම්ම්ම්...දැන් සනීපද.."

"තමුන්.."

" යාහ්..ඉට්ස් මී..තේජූ..තේජාන් රශිල්‍ය..ඉතින් ඉතින්..කීයන්නකො බලන්න ඔයාගේ ආගමනය මුල ඉදන්ම.."

" ඇයි මාව හිරකරන් ඉන්නේ..තේජාන්..තමුසෙට පිස්සු හැදිලද..උබ මොනා කරනවා කියලද්-..ආහ්ව්.."

"කාටද තො ඔය කතාකරන්නෙ..කටවහපම්.."

" ඩේව්..එපා..ගැහුවා මදිද බන් ඔය.."

මාව දැකපු හිච්චි නානායක්කාර පුදුමයෙනුත් පුදුම වෙලා..උබ වැරැද්දක් කරේ මචන්..

මාව දැකලා ඉහෙන් කටෙන් ලේ පෙරන් උන්න නානාට ආවේස වුනා..මිනිහා මට සද්දෙ දාන් එද්දිම දතක් ගැලවෙන්න සනිප කම්මුල් පාරක් වැදුනා..කොහෙද..මන් වගේම කුකුල් කේන්තිකාරයො ටිකක්නේ මට ඉන්නෙත්...

" තමුසෙගෙ ලොක්කා කීයක පගාවක් ගෙව්වද අපේ ඩීටේල්ස් පිටට යවන්න...හ්ම්.."

" මන් කියන්නැ..කැහ්..කැහ්.."

"ම්ම්ම්..කියන්නැද්ද..කියන්නෙපා..මොකද මන් දැනටමත් හැමදෙයක්ම දන්නවා.."

"මොකක්..ඒ කොහොමද.."

"ටක්ස්...මන් තේජු බන්..මේ වගේ පොඩි දෙයක්වත් හොයාගන්න බැරිනම් ඇති වැඩක් නෑ..මන් තමුසෙට යන්න දෙන්නම්..ගිහින් කියපන් උඹගේ මහා ලොකු බොසාට..හැංගි හැංගි තෝල්කයෝ ලවා ගේම ගහන්නැතුව කොන්ද පණ ඇති පිරිමියෙක් වගේ මූණට මූණ ගේමට වරෙම් කියලා..විකී..ඩේව්...මූව යවපන්.................අත් දෙක කඩලා.."

.

.

.

.

.

.

.

.

මන් නානායක්කාරව ඒකාගෙ මහා ලොක්කා ගාවට පැක් කරලා යවලා කම්පැනි එකට එන්න ආවා..ම්ම්ම් දැනටමත් දුසා අංකල් දැනගෙන ඇති..විහාර හාමු මට මේල් එක එවද්දිම මන් ඒක දැනගත්තා..මට එවපු මේල් එකම දුෂා අංකල්ටත් යන්න ඇති..මන් හිතන්නෑ එයා හොදින් ඇති කියලා..පොතේ හැටියට දුශ්මන්ත නානායක්කාර කියන්නෙ අවුරුදු ගානක යාලුකමක්..එකට ඉදපු මනුස්සයා මෙහෙම කරද්දි එයාට කොහොම දැනෙනවා ඇතිද..ඒකත් අවුරුදු ගාණක්ම රැවටිලා...

මන් කම්පැනියට ඇවිත් එයාගෙ කැබින් එක පැත්තට ඇවිදන් යද්දි එදාවගෙ අදත් එයා සේවකයන්ට කෑගහලා බනිනවා ඇහුනා..කැබින් එකේ දොරගාවට ගිහින් ඉදපු මන් එයා කට්ටියව එලියට යවනකම් බලන් උන්නා..

"Now get lost..තමුසෙලාට මන් දෙන අවසාන warning එක..මගේ විදියට ඉන්න බැරිනම් දන්නවානෙ වෙන දෙ...දැන් යනවලා..අස්කරපු උන් ගෙදර යනවා..අනිත් උන් වැඩට යනවා..තවත් මොනවද බලාගෙන ඉන්නෙ..යනවා..f@ck off.."

කැබින් එක දෙදරලා යන සද්දෙන් එයා කෑගහනවත් එක්කම ඇතුලෙ ඉදපු අය දුව දුව යන්න ගියා..

වැහිලා ගිය දොරට තට්ටු නොදා මන් ඇරගෙන ඇතුලට යද්දි එයා ආවෙ කවුද කියලාවත් නොබලා මට බැනගෙන ගියා..

" Fuck..who the hell..මැනස් දන්නැද්ද..තමුසෙට මොක්-.........බ්බේබි බෝයි.!!!.."

ෆයිල් එකකට මූන ඔබන් උන්නු එයා බැනගෙනම මගෙ පැත්ත බලද්දි ආවෙ මන් කියල දකිනවත් එක්කම අර රෞද්‍ර ස්වරුපයක් නැතිවෙලා අමුතු විදිහක කනස්සලු බවක් ආරුඩ කරගත්තා..හරියට බුරාගෙන උන්නු බල්ලෙක් එයා ආදරේ කරන කෙනෙක් දැකලා කන්පාත්කරන් ඇස් බෝල ලොකු කරන් දුක කියන්න හදනවා වගේ..

මාව දැකපු එයා ශිට් එකෙන් නැගිටලා දුවන් ඇවිත් එකපාරට මාව තදින්  වැළදගද්දි වෙච්චි දේ ප්‍රොසෙස් කරගන්න මන් උත්සාහා කරා..

මාව තදින් වැලදගත්තු එයා ඉනවටේ තිබුන අතින් මාව උස්සලා අරන් එහාට මෙහාට පැද්දෙන ගමන් සෝෆා එක දිහාවට ඇවිදගෙන ගිහින් මාව උඩට හිටින විදියට ඔඩොක්කුවෙන් වාඩිකරවගත්තෙත් බදාගෙන ඉන්නැද්දිමයි..

"විනාඩියක් මෙහෙම ඉන්න දීපන් මැනික.................God i miss this scent.."

මගේ බෙල්ල අස්සෙන් මූන ඔබන් උන්නු එයා මාව තවත් තදින් වැලදගන්න ගමන් එයාට විනාඩියක් දෙන්න කියලා ඉල්ලුවා..ඒ පපුව ගැහෙන වේගෙ මගෙ පපුවට දැනෙනවා..මුලදි හයියෙන් හුස්ම ගත්තු එයා දැන් හිමීට යතාතත්වෙට පත්වෙන බවක් දැනෙනවා..

මට තුරුල් වෙලා උන්නු එයාට කිසි බාදාවක් නොකර එහෙන්ම ඉන්න දිලා හිමින් සීරුවෙ එ පිට උඩට පහලට පිරිමැද්දෙ එයාව තවත් සංසුන්කරන්න හිතාගෙනයි...

විනාඩි දහයක් විතර මාව බදන් උන්නු එයා ක්ෂනිකව මාව ඈත් කරලා සෝෆා එකෙන් නැගිටලා හරි කලබලෙන් එහාට මෙහාට ඇවිදින්න ගත්තා..එයා මගෙ මූන බැලුවෙත් නෑ..අපහසුතාවෙකින් එ මූන ඇබරෙමිනුයි උන්නේ..

" සොරි බ්- තේජාන්..මන් පොඩ්ඩක් ඕවර් ගියා සොරි..ටිකක් ඉන්න මන් එලියට ගිහින් එන්නම්.."

කැබින් එකෙන් එලිය බලාගෙන මට කතාකරපු එයාගෙ ඇසුත් හරි කලබලෙන් දගලද්දි මගෙන් සමාව ඉල්ලපු එයා එලියට යන්න ගියා..

එයා ගිහින් පැය දෙකකටත් වැඩියි දැන්..මෙ මනුස්සයාට මොන යකෙක් ගහලද..එයා මට තුරුල් වෙලා ඉද්දි මට නොදැනුනත් එයා ගියාට පස්සෙයි මගේ ශර්ට් කර තෙත් වෙලා තියෙනවා කියලා මන් දැක්කේ..සමහර විට එයාට අවුල් ඇති මගෙ ඉස්සරහා එහෙම හැසිරු අ එක...පිස්සුනේ..මලෛකාර..මොකො මාව බදාගත්තා කියලා බඩවෙනවයෑ..

කරන්න දෙයක් නොතිබුන හන්දා එයා බල බල උන්නු ෆයිල්ස් ටික චෙක් කරලා සයින් එකයි සීල් එකයි ගහලා යවන්න ඕනි කම්පැනිස් වලටත් යවලා ආපු මේල්ස්වලට රිප්ලයිත් කරා..

එයා තාම නැ..දැන් පැය තුනකටත් වැඩී මයෙහිතේ..ආ....කම්මැලී...ඉන්ස්ටා

පැත්තට පොඩ්ඩක් ගිහින් එන්න ඕනි...

අපි නුවර වැව රවුම වටේ ගිහින් ගහපු කමෙන්ට්ස් එකකට Devil deju කමෙන්ට් දාලා තිබුනා..

මේකාගෙ වැඩේ මගෙ ඇක් එක හාන එකමයි..එව්ව් හරිම ඒසයි..

"qt 😛"

ක්කිව් ටි..මොකද්ද ඒකෙ තේරුම..කිව්..එක්ක ටි ආවාම..අනෙ මේකාගෙ සරල බස් වහර මට තේරෙන්නෑ.. එ කමෙන්ට් එක ඩිලිට් කරන්නත් හදලා මන් ආයෙමත් ඒක කියෙව්වා...

යකො..මේකා cute කියලානෙ මේ කියලා තියෙන්නෙ...උගේ අම්මාගෙ කියුට් කීමක් ඒක..එව්ව් එව්ව් මුන් එක්ක කොහොම ජිවත් වෙන්නද මන්දා..ඩෙවිල් නෙමෙ ඕකා ඩෙවල්..ද්‍රෙජු නෙමේ ඕකා දෝදු..

හත පහුවෙනකම් මන් හනුමන්තා එනකම් බලන් උන්නා..කෝ යකො මූ..වැඩකරන අයත් ගෙදර ගිහිම්..

"අයිසෙ පියල්.."

"ඔව් පොඩි මහත්තයො .."

" කෝ බන් අපෙ දුසා බොසා.."

"ඇයි මහත්තයෝ..රාහුල් මහත්තය යන්න ගියානෙ.."

"මොකක් ගියා.."

"ඔව් නෙ..මහත්තයා තුනට විතර යන්න ගියා..පොඩි මහත්තයාව බලාගන්න කියලත් කිව්වා.."

මුගෙ අප්පට...ටීක් ටීක්...ආර්හ්...ස්ට්‍රෙස් වගේ..දැන් එතකොට මන් මෙච්චර වෙලා නොඑන එකෙක් වෙනුවෙන්ද බලන් උන්නේ..මූ මාර බඩුවක්නෙ..යකො මට ඉන්න කියලා යන්න ගිහින්..මදිවට මුරට ඉන්න කොල්ලාට මාව බලාගන්නත් කියලා..දුසා දුසා දුසා..උබට මට සාදු සාදු කියලා තමා දැන් කියන්න වෙන්නෙ..

මන් නම් ආයෙ ඕකාගෙ මූනවත් බලන්නෑ..මාව බදාගත්තත් එක්ක..මන් පොදු දේපලක්ද හිතුන ගමන් බදගන්න..දුසා මන් මේකට පලියගන්නවාමයි .අනේ මන් කනවා යකෝ...දුසා දුසා දුසා...ආආආආර්හ්හ්හ්..මට කේන්තී යකෝ...මූ මාව දාලා ගිහින්නේ..

උබට ඩැඩීව දෙන්නෙම නෑ..දෙන්නෑමයි..ඩැඩිලා දෙන්නෙක් තියාගන්න අදහස දැන් නෑ..උබ ඒක නැතිකරගත්තා..උබට ඩැඩීව දෙන්නෑ...වරෙම්කො බේජි ජෝයි ගාගෙන...ආආආආ....ස්ට්‍රෙස් වගේ.....

ගෙදරට නොයා කෙලින්ම ක්ලබ් එකට ගියපු මම සෙට් එකත් එක්කම කනමදයා වගේ ගැහුවා..මන් අද දවසට කැමති නෑ..මොකද අද වගේ දවසක තමයි ඒ දෙන්නා මාව දාලා යන්න ගියේ..හෙටම යනවා ඒ දෙන්නාව බලන්න..හෙට දවසත් මගෙ ජිවිතේ නිකම්ම දවසක් වෙලා...

" තේජුවො..උබ ගෙදර යන්නැද්ද.."

"හ්ම්..දොලහාටත් කිට්ටුයි නේද..මන් යන්නම් බන්..බොලා පරිස්සමට ගෙවල් වලට පල..ශෙරිල් උබ අද අපෙ ගෙදර නවතිනවද.."

" නැ මචං මන් උබව දාලා එහෙන්ම යනවා.."

"හ්ම් යමු.."

ශෙරිල්ට බයික් එක පදින්න දීලා මන් උගෙ පිටිපස්සෙන් එල්ලිලා ආවා..කෙලින් ඉන්නවත් පන නෑ..හැබැයි ගෙවල් ගාවට ආවත් හරි කරන්ට් එක වැදුනා වගේ මන් කෙලින් වුනා..

මොකද මමාගෙන් වැදෙන කොසු පාරට වෙරිමතත් පරිදියි....

" පරිස්සමෙන් පලයම්..යන්න ඔනි ගමනක් ගිහිල්ලා පරිස්සමට බයික් එක අරන් වරෙන් ගුඩ්නයිට්..උම්මාහ්..ආදරෙයි බල්ලො.."

" ආදරෙයි ටූ යු මචං..උම්මාහ්..උම්මාහ්..තොලටත් එකක් දෙන්නද.."

"පලයම් වුට්ටා.."

"ඇයි ඇයි අපි දුන්නොත් කිස් වෙන්නෑද..බොරු මරිසි එපා..උබලත් මිනිස්සු අපිත් මිනිස්සු..."

"🖕මේක තමා..පල.."

ශෙරිල්ව යවලා ගේදිහාවට හැරුනු මට දැකගන්න පුලුවන් වුනේ කට්ට කරුවලේ ලයිට් එකක්වත් නැතුව පාලුවට ගියපු ගෙදර..මෙ මොකද..අනිත් ගෙවල් වල ලයිට් තියෙනවා..

වෙන්දට කීයවුනත් මන් එනකම් ඇහැරන් ඉන්න මමාත් නෑ..මෙයාලට මොකක් වෙලාද..

වොච්මන් හොදට නිදි..ගේ හොරු කැඩුවත් මුන් බුජි..මුන් ඔක්කොම මගෙ ඇමතියා වගේ හොරු..

වහලා තියෙන දොරත් ඇරන් ගෙ ඇතුලට ගියපු මම කලුවරෙ අත ගගා ලයිට් ඔන් කරන්න හැදුවා..ෆක් ඕනි වෙලාවටමයි ෆෝන් එකත් ඕෆ් වෙන්නෙ..කොහෙද මේ ස්විච් එක..ආව්..කකුලත් වැදුනා.

ආහ්..ෆක්..දැන් නම් ඔක්කොම එපා වෙලා..

බිත්තිය අතගගා ස්විච් එක හොයන් දාන්න යද්දිම ලයිට්ස් ඔන් වෙනවත් එක්කම ඇහැකඩාගෙන යන කොල පාටකින් මගේ මුන එලිය වුනා..

වට්........එයාලා.....

Happy birthday to you

Happy birthday to you

Happy birthday dear thejuu

Happy birthday to you...

👏👏👏👏👏👏

දොලහා පහුවෙලා..ඔව් අද මගෙ උපන්දිනෙ..අදට දහනමයක්..

එයාලා මාව දාලා ගිහින් අවුරුදු දාසයක්...

ගේම සරසලා..

ඒක තනිකරම කොලපාට ලොකයක්..බැලූන්ස් ඩෙකරේශන් වලින් පිරිලා..එතන මමා, පපා ,ඩැඩි , සේපාල එක්ක හවස දාලා ගියපු දුසාත් ඉදියා..මේ දැන් මාව ගෙට දාලා ගියපු ශෙරිලත් මෙතන..යකො මුන් ටික..ඒත් එක්කම කාලෙකින් දැකපු ඇස් දෙකක් කේක් එකක් අතේ තියාගෙන මන් දිහා බලාගෙන උන්නා..

අයියා.....

"යොහ් මගෙ කොලූ..දේශු ඉස් බෑක්..හැපිබර්ත්ඩෙ චූ කොල්ලෝ..දැන් මේකා ලොකුයිනේ.."

" දෙශු  අයියා ඔයා..කවද්ද ආවෙ.."

" අද අද කොලූ..කො කම් කම්..ඇවිත් මේ කේක් එක කපපම්.."

"කො ඉතිම් මෙච්චර කල් කේක් නොකපා ඉදියා ඇති අදවත් කපපම්.."

මගෙ අතෙන් ඇදන් ආපු දේශු අයියා ඉටිපන්දම මාත් එක්කම නිවලා මගෙ අතින් අල්ලගෙන කේක් කපන්න ගත්තා..පලවෙනි කෑල්ල එයා මට කවලා හග් එකක් එක්ක කම්මුලට  හාදුවකුත් දුන්නා..

" මගෙ පොඩ්ඩා දැන් ලොකුයි...පරිස්සමෙන් ඉදපන් වස්තුව.."

"තෑන්ක්ස් අයියා.."

මන් කේක් කෑල්ලක් අරන් මාම්ට කවලා පපාටයි ඩැඩීටයි සේපාලටයි කවල අනිතිමට දුසේටත් කේක් කවන මුවාවෙන් කෑල්ලම ඒකාගෙ මූනෙ ඉලුවා..

ඔය මාව නොකියාම දාලා ගිය එකට..

" යොහ් තේජුවෝ..මොකද්ද යකො එ කරෙ..හයියෝ කෝ එන්න රාහුලේ කො මේ කොල්ලාට පිස්සු තදවෙලා දහනමයයිනේ දැන්..නමය නපුරු වේ කියනවනේ..කො එන්ඩ අනෙ වොශ්රූම් යන්න..මුට කුලප්පුවනේ.."

ඩැඩී ලගට ඇවිදින් හාදුවත් දීලා විශ්කරද්දි මමා දුසාව අල්ලගෙන මට දෙහිකපලා එයාව එක්කන් ගියා..

" පොඩි එකෝ..උබ දැන්වත් අපෙ අයියාව ටෝක් කරගත්තෙ නැද්ද බන්..සැක්..ලැජ්ජයි ආ..උබ මගේ එකෙක් කියන්නත් ලැජ්ජයි.."

"අනෙ අයියෙ මේ ලැජ්ජනම් නොකිය ඉදපන්..උබ කියලා දුන්න ඒවා කරලා කවද්ද මට හරිගියේ..අර මතකනෙ පොඩි එකා කාලෙ චොක්ලට් කෑල්ලක් කැවොත් ඩැඩි මාව මැරිකරයි කියලා..ඒකාලෙම විසපෙරෙව්වා මගෙ කුඩා මොලේට..දුප් දුප්..ලග ඉන්නත් බයයි..."

මේකා ඩැඩියාගෙ ඇට මල්ලියා..මු තමා පොඩි එකා කාලෙදි මගෙ ඔලුවට ආදරෙ විස පෙව්වේ..උගෙ අදහස් වලට වැඩ කරන්න ගිහින් හැමදාම කෙලවුනා..

සාක්කුවලට අත් ඔබන් දුර ඉදන් මන් දිහා බලන් උන්නු ඩැඩි ලගට යද්දි මමා මාව ඇදගෙන යන්න ගියා..

" මෙහෙ වරෙන් බලපන් අරයට මොකද කියලා..උ ගියා ගියාමයි එලියට ආවෙ නැ..ලැජ්ජාවට ලැට් කටේ මූන ඔබන් මැරේන්න හදනවද දන්නෑ..කියන්න බැනෙ අද කාලෙ උන්ව..අපො ඕකා ඒකෙ මලොත් අපි ගූ දාලත් ඉවරයි..විනාසයි යකො විනාසයි.."

"යොහ් මොනාද මමා මෙ කියවන්නෙ ඔයා..ඉන්න ඉන්න මන් බලන්නම්..."

දුසා තාම ආවෙ නෑලු..මමා කිව්ව හන්දා ලොක් එක ඇරගෙන ඇතුලට ගිය මාව ඇතුලෙන් ආව අත්දෙකක් ඇදලා අරන් බිත්තියට හේත්තු කරගන්නවත් එක්කම දොර වැහිලා යනවා ඇහෙද්දි ඒ පැත්ත බලනකොටම දුසා අයිසිං ගෑවුන කම්මුල මගේ මූනේ උලාගෙන ගියා..

කම්මුලෙයු තොලෙයි හැමතැනම අයිසින් ගාවපු එයා අවසානෙ මාව අතෑරලා ඈත් වෙලා හිනාවෙන්න ගත්තා...

මේකාට....ආ....මන් කනවා යකෝ..බයවෙච්චි පාර පපුව තාම ගැහෙනවා..

ලග තිබ්බ මොප් එක උස්සන් එයාට ගහන්න හදපු පාර මගෙ අත අල්ලගත්තු එයා මොප් එක බිමට තල්ලු කරලා මාව හරවලා අරන් මූන බිත්තියේ හිටින විදියට හිර කරලා අනිත් කම්මුලෙත් අයිසින් ගාන්න  ගත්තා.....

"දැන් හරි.."

"මොකද්ද මෝඩයො ඒ කරෙ.."

" revenge එක බේබි බොයි.."

"ආර්හ්...අයින් වෙනවා..මූනම ඉවරයි..ඇවිත් හෝදගන්නවා..බලනවා තෙල්  වගේ මූන.."

"හාහාහා..ඔයා හරි හුරතල් බේබි බෝට්- ඌහ්.."

"කටවහගන්නවා..මන් කනවා තමුසෙව..අහකට වෙනවා මට හෝදගන්න.."..

දුසාට බැන බැන මූන හෝදපු මම එකාගෙ මුනත් හෝදලා දෙන්න කියද්දි මමා කකුල් අතුල්ලන එක අරන් දුසාගෙ මූන හයියෙන් ඇතිල්ලුවා..ආවා මෙතන ආතල් ගන්න..

ඒත් ඒකාට හිනා..එව්ව්..අනෙ මේකාව මරන්න ඇත්තම්...

දුසේටත් බැන බැන එකා එක්ක බාත්රුම් එකෙන් එද්දි අපි ඉස්සරහට ආපු දේශුවා  දුසා දිහා ඇසිපිය නොහේලා බලාගෙන ඉදියා.

" අයියේ..මොකො උබ.."

" ආ..මෙ ඒකනෙමෙ පොඩ්ඩො මන් අහන්නමයි ඉදියේ..කවුද අරයා.."

"දුසා අංකල්..ඇයි ඇයි මොකද.."

" අංකල්ද..ම්ම්ම් නයිස්...ආහ්..බලපන්කො එයාගෙහ් හිනාව....oh..theju...He is smiling..I'm melting කොල්ලෝ..අඩො එයා සිංගල්ද.."

"නැ ඇයි අහන්නෙ ඇයි.."

මෙ මේ දේශාන්..උබ ඕවට එන්නෙපා හරිද..හිනාවට දියවෙනෝනම් ඉදින් තොට බාස්කට් එකක් අල්ලන්න...මේකා දැන් සුගර් ඩැඩීලා කීයක් නම් අනාතකරාද..උබට දුසේව නම් දෙන්නෑ..දෙන්නෙම නෑමයි..

දෙන්න බෑ අඩොව්...

දේශාන් හිරුනික මීගස්තැන්න

____________

හෙලොව් ලමයි....මන් ආවො...

දුසේවනම් දෙන්නෑ දේසූ..කුමාරයට අත තියන්නෙපා...

අදහස් කියන්න යන්න ඉතිම්...

ආතරෙයි...❤️

එන්නම්❤️

නුවර වැව රවුම වටේ වාඩිවෙලා හිතන්න දේවල්ද නැත්තේ නෙහ්❤️❤️❤️❤️

එන්නම්..

_Gojo_

Share This Chapter