Back
/ 49
Chapter 31

Chapter 31

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

මෙ හැම දෙයක්ම පටන් ගත්තේ මීට අවුරුදු තුනකට විතර කලින්..

මනුස්සයෙක්ට හිතාගන්න බැරි විදිහේ වෙනස් වීමකට මුහුණ දෙන්න සිද්ද වුනොත් එයාලා ඒක කොහොම දරාගනිවිද.....එ අත්දැකීම මොනවගේද කියන්න මන් ගෙවුනු අවුරුදු තුනේ හොදින් තෙරුම් ගත්තා.....

ආර්ය සීයා එදා ඉගෙනගන්න කියලා මාව Uk යවපු එකෙන් මන් හීනෙකින්වත් හිතුවෙ නැති විදිහට ජිවිතේ වෙනස් වෙන්න ගත්තා..

ඒකත් එක් අහඹු හමුවීමකින්....

රට යන්න කලින් දවසෙ මට දැනගන්න ලැබුන දේත් එක්ක මන් එහෙ ගිහින් ජීවත් වුනේ කේන්තිය මිශ්‍ර පසු තැවීමකින්...

වැරදීමකින් එදා ආර්ය සීයා එක්ක පපා කතා කරපු ඒ දේ මගේ ජිවිතේම කණපිට හැරෙන්න හේතුවක් වුනා..

එදා එයාලා කියපු විදිහට මගේ තාත්තිගෙයි ඩැඩාගෙයි මරණය නිකම්ම නිකම් ඇක්සිඩන්ට් එකක් නෙමෙයි ඒක සැලැසුම් සහගතව කරපු මරණයක්...

ඒ ඇත්ත දැනගන්නකම් මන් හිතන් ඉදියේ ඒ දෙන්නා....මන් හිතුවේ දෙවියො ඒ දෙන්නාව අරගත්තා කියලා..එත්..ඇත්ත නම් ඒ දෙන්නාව බලෙන්ම දෙවියොගාවට යවලා...

අවුරුදු දාසයක පොඩි එකෙක් වුන මට ඒක එදා දරාගන්න බැරිවුනා..මගෙ දෙමාව්පියන්ව මට නැති කරපු නරුමයා පණ පිටින් ඉන්නවා කියලා දැනගෙන මට සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වුනෙ නෑ...

ගෙදරින් ඈත් වුන දුකට වඩා මාව කඩන් වැටුනේ ඒ දෙන්නාට සිද්ද වුණ අසාදාරනය නිසා..ඒ දෙන්නා ජීවිතේ පටන් ගන්න පළවෙනි අඩිය තියලා අනිත් අඩිය ගන්නත් කලින්ම උන් ඒ දෙන්නාව විනාශ කරා..දරාගන්න බැරි වුනත් මට ඒ වේදනාව දරාගෙන ජීවත් වෙන්න සිද්ද වුනා..

දවස් ගණන්  කල්පනා කරා..මට  කරන්න පුළුවන් කිසිම දෙයක් තිබුන්නෑ..මම නිකම්ම නිකම් නිකමෙක්..සල්ලිකාර මුනුබුරෙක් වුනාට මට කෝ බලයක්..ඇරත් හැම සේසතම තාම අයිති සීයාට..ඉතින් අවුරුදු දාසයක පොඩි එකෙක් මොනා කියලා කරන්නද...

එත් එහෙමයි කියලා මම නිකම් ඉදියෙත් නෑ..එරික් අයියාගෙ මාර්ගෙන් ලංකාවෙ ලොක්කොන්ගේ ඩීටේල්ස් අරන් එයාලාගෙ සපෝර්ට් එක ඉල්ලගන්න ලොකු ට්‍රයි එකක් දුන්නා..එත් අවාසනාවට ආර්ය සීයාට හොරෙන් කරන්න කිසිම දෙයක් කරන්න පුලුවන්කම තිබුනෙ නෑ..මුලු ලංකාවම එයාගේ ඔත්තුකාරයොන්ගෙන් පිරිලා..එයාගෙ ඇස් වහලා මැස්සෙක්ටවත් පියාගන්න බෑ...

ගත්තු හැම උත්සාහයක්ම අසාර්ථක වුනා..මට එ දෙන්නාව නැති කරපු තරහයි , ඩැඩි මාව තනියෙන් එවපු නිසා එ තරහයි , මාම් ලග නැති දුකට වැඩිකමට දැනුන තරහයි , හැමදේම දැනගෙනත් මුකුත් කරගන්න බැරිවුන එකෙ තරහයි එක්ක මම ජීවත් වුනේ හැමදෙයක්ම එපා වෙලා...

මන් හිතුවා සුරංගනා කතාවල වගේ දූතයෙක් ඇවිත් මට උදව් කරයිදත් කියලා...

යුනි එකෙන් ගෙදරටයි ගෙදරින් යුනි එකටයි ඇරුනම මම ඇවිදින්න කියලා ගියෙ පරන බංගලාවක තියෙන ඩැෆඩිල් මල් වත්තට විතරයි...එකත් මට අහම්බෙන් පාර වැරදිලා ගිය වෙලාවක හම්බුන මල් වත්තක්..

කාගෙත් ඇස් වලට වහන් වෙලා තිබුන ඩැෆඩිල් යාය මගෙ දුක් වේදනා දියකරලා හරින්න මට ලොකු උදව්වක් වුනා..

ඒ පාලුවට ගියපු වත්තේ අයිනට වෙන්න තිබුනේ දිරාගියපු බංග්ලෝ එකක්..ඒ ගෙදර ඉන්න වයසක මනුස්සයා තමා ඒ යායම බලාගන්නෙ..

ඩැෆඩිල් මල් බලාපොරොත්තුව නැවත ඉපදීම සංකේතවත් කරනවා...

ඒ මල් යාය අස්සෙ නිදාගෙන හැමදාම මන් බලාගෙන ඉදියා කවද්ද මට බලාපොරොත්තුවක් හම්බෙන්නෙ කියලා...

විකාරයි වගේ තමා..

එත් මන් කල්පනා කරා..මොකක්ම හරි දෙයක් හොයාගන්න පුලුවන් වෙයි කියලා..

ඔහොම ඉන්න ගමන් දවසක් මාම්ට මල් වල ෆොටෝස් යවපු වෙලාවක එයා මට සිංදුවක් එව්වා..

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ

හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ

මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ

ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

දුර ඈත ගං තෙරේ

සැඩ සීත මාරුතේ

වෙලී ගත ඈ

දැත ගෙන මා

හීන් වැහි කෝඩයේ

මුව කමල ආදරෙන්

සිප ගතිමි සීරුවෙන්

හැඟුම් සොඳුරුයී

රැඳුන නෙතඟේ

එවන් සැන්දැ කලේ

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ

හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ

මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ

ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

විලෝතුරු මං පෙතේ

සඳ උවන පිපි රැයේ

කෝල ලෙස ඈ

දෑස සැලුවේ

දෑල වැල් පාලමේ

හද විලම ආදරෙන්

සසල විය මුදු සරින්

හැඟුම් සොඳුරුයි

රැඳුන මතකේ

එවන් සැන්දෑ කලේ

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ

හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ

මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ

ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ

කහාපාට අහසක් යට ඩැෆඩිල් මල් යායක ඉදන් ඩැෆඩිල් මලකට ලියවුන සිංදුවක් අහන් ඉන්න එක මිහිපිට දෙව්ලොවක සුවයක සතුට හදවතේ කපාටවලටම ස්පර්ශ කරවනවා.......

එ වයිබ් එක පිස්සුවක්...

ඒක අහන හැමවාරෙකම දවසක මන් ආදරෙ කරන කෙනා ඔය සිංදුව මට කියනකොට දැනෙන්න කොහොමද කියලා බලන්න ආස හිතුනා...ඒක පොඩි හීනයක් වගෙ හිතේ අරක් ගත්තා...මොකද එ වෙද්දි මන් දන්නවා එයාගෙන් ඇරුනාම වෙන කෙනෙක් ගාවට මගෙ හිත යන එකක් නැති වෙයි කියලා..විශේෂයෙන් කෙල්ලෙක් ගාවට..

මන් ගේ කියලාම කියන්නත් බැහැ..මොකද එ කාලේ හීනියට කෙල්ලො ටෝක් කරපු අවස්ථා නැතුව නෙමෙයි..මතකයි අට වසරෙදි මැත්ස් ක්ලාස් එක පිටිපස්සෙ කෙල්ලෙක්ගේ අතක් අල්ලගෙන ඒකිට හෙන රොමෑන්ටික් ටෝක් දුන්නා..

එකාලෙ ඉදන්ම මට මල්සරා විදලා තිබුනේ..කොල්ලා හෙන රෝමාන්තිකයි එකාලෙත්..ඒකට තෑන්ක්ස් කරන්නොනේ පපාට තමයි..එයා මාම්ට දෙන ටෝක් පාරවල් කොපි පේස්ට් කල්ලා මන් කෙල්ලො ඉස්සරහා දිගාරිද්දි සමහර කෙල්ලො තොල හපාගෙන ප්‍රතිචාර දැක්වුවේ..

ඒත් හරියටම ආදරෙ මොකද්ද කියලා මම අදුන ගත්තේ ඩැඩි නිසා..පොඩි කාලෙ ආතල් එකට කියපු කතාව අවසානෙදි  මගෙ හිතට තදින්ම වැදෙන්න ගත්තා..එයාව තව කෙනෙක්ට අයිතිකරගන්න දෙන්න බෑ කියන ලෝභකම දැනුනෙ එයාට මුලින්ම ප්‍රපෝසල් එකක් ආපු දවසෙ...

නෙදකින් ඒ ජාතියේ කිරි මව..එළ වැස්සියෙක් වගෙව් තං දෙක..බ්වෑක්...ඒකාලෙ පුලුවන් කම තිබුනානම් මන් ඒකිව මරනවා..

හැම හවස් වරුවකම මන් ඩැෆඩිල් යායට එන්න පුරුදු වුනා..ඇවිත් යන්නෙ අදුරු වැටුනාටත් පස්සෙ...

දවසක් අර පරන බංගලාවට මිනිස්සු වගයක් ආවා..දවස් ගානක් එයාලා එහෙ ඉදලා යන්න ගියා..එ ආවෙ ඉස්සර මෙහෙ ඉදපු අයිතිකාරයාගෙ පුතාලු...

ආයෙත් දවසක එ කට්ටිය ආපු වෙලාවක අයිතිකාරයාගෙ පුතා මාව දවසක් දැකලා මා එක්ක කතා කරා...

පලවෙනි දවසෙ එච්චර හොදට කතා නොකරත් දවස් දෙක තුන ගෙවෙද්දි එයා මාත් එක්ක හුගක් ෆිට් වුනා..ලෝකප්‍රකට ව්‍යාපාරුකයෙක් කියලා නම් තමයි එයා මට කිව්වේ..එත් එහෙමයි කියලා මෑන්ගෙ ලොකුකමක් නම් තිබුනෙ නැ..

හැමදාම වගේ මාත් එක්ක මල් යායෙ බිම වැතිරිලා ජිවිතේ ගැන කියව කියව ඉදියා..එයා මුහුන දීපු අත්දැකීම් ගැන දවසගානෙම කියෙව්වා..

දවසින් දවස අපි හුගක් ක්ලෝස් වුනා..ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකෙ ඉදන් උදේට කෑවෙ මොනාද කියන එක වෙනකම් අපි දේවල් බෙදාගත්තා..

කෙවින් නුගාර්..දවසක් මගෙ කටින් පිට වුනා තාත්තිවයි ඩැඩීවයි මරපු අයගෙන් පලිගන්න ඕනි කියලා...එදා එයා මගෙන් වැඩි විස්තර හාර ඇවිස්සුවෙ නැ..එත් පහුවදා එයා මට යෝජනාවක් කරා..

එ..

එයා මිනිමරුවාගෙන් පලිගන්න මට උදව්කරොත් එයා එක්ක එකතුවෙන්න කැමතිද කියලා..

එවෙද්දි මන් ලාවට වගේ දන්නවා එයාට  අන්ඩර්වර්ල්ඩ් එකත් එක්ක කනෙක්ෂන් එකක් තියෙන බව..

ඉතිම් මට ඕන වුනෙත් ඒ වගේ සහයක්..අවසානෙදි මට බලාපොරොත්තුවක් හම්බුනා..

එයා මාව තෝරගත්තා..එයාගෙ වැඩවලට එකතුවෙන පොරොන්දුව පිට...

උදේට යුනි එකට ගිහින් ඇවිත් හවසට පාර්ට් ටයිම් ජොබ් එකක් කරන මුවාවෙන් මට එරික්ගේ ගෙදරින් එලියට බැහැගන්න පුලුවන් වුනා..

එයා මාව මුලින්ම එයාගෙ මැන්ශන් එකට එක්කන් ගියා..එහෙ ඉන්න හැම කෙනෙක්වම අදුන්වලා දීලා අවසානෙ මාව එතන ඉදපු මනුස්සයෙක්ට භාරදුන්නා..

එ හැමදෙයක්ම මට අලුත් අත්දැකීම්..දැකපු නැති දේවල්..හිතාගන්න බැරි මිනිස්සු...

එදා මම විතරක් සුදු බොටමකට කහාපාට හූඩියක් ඇදන් ඉදියේ..තනිකලු ඇදන් ඉන්න මිනිස්සු අතරේ මාව කැපිලා පෙනුනා..මැන්ශන් එකට ආපු වෙලාවෙ ඉදන් දැකපු හැම මනුස්සයාම කෙවින්ට ආචාර කරා..මට එවෙලාවෙ තේරුනා එයාට මෙතන ලොකු බලයක් තියෙන බව..එවගේම එයා මාෆියාවල ලොක්කා වග..

යක්කු වගේ මිනිස්සු අතරේ එයා විතරයි හිනාවුන මනුස්සයෙක්ට මම දැක්කෙ..එතකොට මාව භාරදුන්න මනුස්සයා..ඒකා මගේ කොච් වුනා..

ඌ මගෙ ඇදුම දිහා අප්පිරියාවෙන් වගේ බලලා මට කලුපාට කිට් එකක් දුන්නා ඇදගන්න..ඒකත් ඇදගෙන මම ඒකා එක්ක shooting range එකට ගියා..එතනට යද්දි කන් ආවරණය කරගන්න ගාඩ් දෙකක් දැම්මා..

එතන එක ටීම් එකක් rifle වලින් ප්ලේ කරා..

මල් යායක ඉදන් ආපු මම වෙඩි මල් දැකලා පුදුම වුනේ ගමරාලයා දිව්‍යලොකේ දැක්කා හා සමානව..

ඩැඩිගේ ගාඩ්ස්ලාගෙ අතෙ තියෙන අර පොඩි ගන් එක ඇරුනාම මේ වගේ ලොකු එකක් දැකපු මට මාව හෙන පොඩියටයි දැනුනෙ..

කෝච් මාව එතනින් තව පොඩි රූම් එකකට එක්කන් ආවා..එතනත් පොඩියට ගන් ශුටින්ග්ස් වලට හදලා තිබුන ප්ලේස් එකක්..

මුලින්ම පොඩි ටෙස්ට් එකක් කරලා ඉමු කියපු නිසා මාත් හා කියලා එකග වුනා..

මගෙ ඉස්සරහා ටේබල් එකක් උඩ පිහි කැති ගන් පේලියට තියලා තිබුනා..එයා මගෙන් ඇහුවා ගන් එකක් යූස් කරලා තියෙනවද කියලා..මම නැහැ කියද්දි ඒකා මට හිනාවෙලා ගන් එක අතට දීලා ශූට් කරන හැටි පෙන්නලා දුන්නා..

මට ගන් එක දීලා එයා කරේ දාගෙන ඉදපු විසිල් එකෙන් පිබලා කාටහරි කතා කරා..

කලු ඇදගත්තු මිනිස්සු දෙන්නෙක් බොක්ස් එකක් ඇතුලෙ පූසෙලුයි හාවෙකුයි බල්ලෙකුයි අරන් ඇවිත් එතනින් තියලා යන්න ගියා..කොච් මගෙන් වැඩිපුරම කැමති මොකාටද කියලා අහද්දි මම හිම බෝලයක් වගේ ඉදපු පොඩි පූස් පැටියාව පෙන්නුවාම ඌව තියලා අනිත් සත්තු දෙන්නාව අයින් කරා..

කොච් මට පූසාව පෙන්නලා ඌට ගන් එකෙන් ශූට් කරන්න කියලා කමාන්ඩ් කරා....

ඒක මහා දෙකයි පනහේ අණ කිරීමක්...

පූසෙක්ව මරන්න..ඒකත් පැටියෙක්ව..

ඒ අහිංසකයාව දැක්කාම මරන්න කෙසේවෙතත් ලගට අරන් මිරිකන්න හිතෙනවා...

මන් කෝච්ගෙන් ආයෙත් ඇහුවා ඌව මරන්නම ඕනිද කියලා..එතකොට ඌ කියාපිය..

"මේ වගේ පොඩි දෙයක්වත් තමුන්ට බැරිනම් මාෆියා වලට සම්බන්ද වෙන එක හීනයක් තමයි.."

" මෙතරම් දෙයක්වත් බැරි එකෙක්ව අපි එකතුකරගන්නෙ නැ..තමුන් හිතනවද තමුන් මෙ ෆීල්ඩ් එකට සුදුසුයි කියලා.."

" තමුන්ට බැරිනම් ආපහු යන්න පුලුවන්.."

"නැ මම හැරිලා යන්නෙ නැ.."

" Ok then show me.."

ගන් එක අතට ගත්තු මම දෙපාරක් නොහිතා ගුට් කරාට පස්සෙ මන් ඒකෙන් සමත් කියලා කෙවින් තහවුරු කරා..

හැබැයි එතන පොඩි කොස්සක් තිබුනා...මන් ශුට් කරාට පස්සෙ උන් මාව අල්ලගෙන බිම දාගෙන ගහන්න හැදුවා..කෙවින් ආපු නිසා ශොට් දෙකෙන් බේරුනා...

" පොඩ්ඩා what happen..ඇයි එහෙම කරෙ.."

" සොරි කෙව්- මන් කිව්වෙ මාස්ටර්..මට කෝච් කිව්වා එ පූසාව පෙන්නලා ශුට් කරන්න කියලා.."

"පුසෙක්ව.. So So..???.."

"Um...මෙහෙමයි.."

ආයිෂ්...බෙල්ල ගහලා යයිද මන්දා..

" He command me to shoot that innocent kitten..So i shoot him..i mean...the coach.."

ඔව් ඔව් යකුනේ මම ශූට් කරේ මහා පගයට..බේසිකයා අහිංසක සතාව මරන්න කිව්වා..නරුමයා..මම සත්ව හිංසනය හෙළාදකින කොල්ලෙක්..

මන් එහෙම කියද්දි කෙවින් බැරෑරුම් සහගත මූණකින් මගේ දිහාගෙන ඉදලා බෙල්ල පිටිපස්ස අතගගා එහාට මෙහාට ඇවිදින්න ගත්තා..

මේකා මාව එල්ලයිද...එවුනාට කෙවින් වුනත් තෙරුම් ගන්නොනේ පූසෙක්ව මරන එක කොයිතරම් නම් තුප්පැහි නාට්ටාම්බි වැඩක්ද කියලා...

"පුසා..කො දැන්.."

ආහ්..මන් ඌව හැංගුවා..වෙඩි සද්දෙට පැටියා එතන තිබුන කවුච් එක අස්සට රිංගනවා මම දැක්කා..කෙවින් ආව ගමන් කාටත් හොරෙන් මන් උව පෙන්නැති වෙන්න බොක්ස් එකෙන් කවර් කරා...

මන් පූසාව ඉන්න තැන ඇගිල්ලෙන් පෙන්නද්දි කෙවින් ගාව ඉදපු මනුස්සයා බොක්ස් එකෙන් පූසාව අරන් එද්දි කෙවින් පූසා දිහා ටිකක් උනන්දුවෙන් බලාගෙන ඉදලා ඉක්මන්ට ඌව අතට අරගෙන චෙක් කරා..

" මෙයා කොහොමද මෙතන..කවුද එයාව ගත්තේ.."

"මාස්ටර් මන් හිතන්නෙ.."

"හ්ම්...මෙයාව අරන් යන්න.."

කෙවින් පූසාව අර මනුස්සයා අතේ යවලා මගේ දිහාවට හැරෙද්දි මම අද නම් පුතෝ උබ ඉවරයි කියලා මටම කියාගෙන දත් පේන්න සිරික්කිය දැම්මා..

" චන්ඩි පැටියෙක්වනෙ මන් එක්කන් ඇවිත් තියෙන්නෙ..එයාව මරන්නැතුව  බේරගත්ත එකෙන් ඔයා ලොකු හොදක් කරේ..ඔයාගෙ කොච්ට වැඩිය ඔයාගෙ පූසාව අපිට වටිනවා.."

"එතකොට.."

"එතකොට ඉතිම් ඔයා මරලා තියෙන්නෙ..........අපේ ඇතුලේ ඉන්න හතුරෙක්ව..ම්ම්ම්ම්...වෙල්ඩන්..ඔයා හොදට කරලා..ඒත් ඒක නෙමෙයි..කොහොමද එකපාර  මනුස්සයෙක්ට ශූට් කරෙ..ඔයා එයාගෙ නළලටම තිබ්බා..මීට කලින් කාව හරි.."

" නෑ!!... මට කේන්ති ගියා..මිනියක් මරන්න තරම් ආවේගයක් ආවට පලවෙනි වතාවටයි ඒක පිට කරේ.."

"හ්ම්..දක්ෂයි...එ කියන්නෙ මීට කලින් කාව හරි මරන්න හිතිලා තියෙනව.."

" නැත්තෙමත් නැහැ.."

"හරි හරි අපි මැන්ෂන් එකට යමු..යන ගමන් මට ඔය කතාව කියන්නකෝ.."

එයා එක්ක මගදිගට යන ගමන් මන් මීට කලින් මරන්න හිතුන මිනිස්සුන්ගෙ ලිස්ට් එක දිගෑරියා..

නෑයොන්ගෙන් භාගයක්ම ලිස්ට් එකෙ ඉදියා..

පිට එකෙක්ට ඉදියේ ඩැඩීට ආපු පලවෙනි ප්‍රපෝසල් එකෙ ගෑනී..

ඒකිට ඩැඩි බැ කියලා තෙරුම් කරලත් මෙකි පස්සෙන් ගාටලා..බැරිම තැන බැනලා එකිව එලවලා..පස්සෙ එකිගේ තාත්තන්ඩියා ඇවිත් ඩැඩිගේ කම්මුලට ගහලා බැන්නා..ඒකාලෙ මගෙ මනුස්සයා නිකම් මන්ත්‍රී කෙනෙක් විතරයි..මට ඕන්නම් අවුරුදු දොලහක් වගෙ ඇති..

ඌ අපෙ ගෙදරටම ඇවිත් ඩැඩිට ගහලා ගියා..මන් හැංගිලා බලන් ඉද්දි..ජිවිතේ පලවෙනි වතාවට එච්චරට කේන්ති ගියාමයි..

පහුවෙනිද අරකි ලැජ්ජ නැතුව ඩැඩිව හොයන් ආවා..ඩැඩි ගුටිකෑවෙ එකි කේලම් කියපු නිසානෙ කියලා මතක් වෙලා මම ගැනිව පඩිපෙලින් පහලට තල්ලු කරලා වැට්ටුවා..

මට ඕනි වුනේ නම් මරන්න..එත් මැරුනේ නෑ.. කොමා වුනා..මන් හිතන්නෙ අවුරුදු දෙකක් වගේ ඇදෙ  ඉදියා..

අනිත් එකා එකිගෙ තාත්තා..ඩැඩි උගෙ ගෙදර යන වෙලාවක් බලලා එයා එක්ක ගිහින් අරහට පාඩමක් ඉගැන්නුවා..

එදා ජන්දෙ වැඩකට උගෙ ගෙදර මිනිස්සුන්ගෙන් පිරිලා තිබුනා..ඒක මට වාසිවුනා...ගෙ ඇතුලේ සීසීටිවි වලට අහුවෙන්නැති තැනක් බලලා මන් අරුගෙ ඔලුව කලු රෙද්දකින් ගැටගහලා  බ්ලෙඩ් එකක් අරන් අරූගෙ අතෙන් මස් තීරු තීරු කපලා  දිව්වා...

ඌව කපනකන්ම මගෙ හිතේ තිබුන කේන්තිය නිවුන්නෑ...

අවසානෙ මම ඌව කැපුවා කියලා කවුරුත් දැනගත්තෙත් නැ..උගෙ අත ආයෙ වැඩ කරෙත් නෑ..

මන් කපලා තියෙන්නෙ බල නහරයක්...මොනාකරන්නද ඉතිම්..එ අතින් ඩැඩීට ගහන්න කලින් උට හිතන්න තිබුනා..

" අහම්බෙන් හරි මට හම්බෙලා තියෙන්නෙ හරිම කෙනාව...Welcome to my dark world පොඩි යෝදයෝ.."

එතනින් එහාට මම දිගින් දිගටම එයාගෙ යටතේ ට්‍රේනින්ග් වුනා..කෙවින් මාව පර්සනලිම ට්‍රේන්කරා...

ඩ්‍රග්ස්..ගන්ස්..හැම ඩීල් එකකටම එයා මාව එක්කන් ගියා..

අවසාන කාලෙදි මාෆියා වල ඉන්න බුලට් එක ඩ්‍රැගංස් ටිම් එක..මාව එයාලා එක්කත් ට්‍රේන් කරා..

ඩ්‍රැගන්ස්ලා..

එයාලාගෙ මාස්ටර් බෙල්ල කපාගෙන මැරෙන්න කිව්වත් එයාලා දෙපාරක් නොහිතාම කපාගනි..

එයාලා වෙනම පවර් එකක්..මාෆියා කින්ගේ හොදම ගෝලයො ටික..එයාලගේ මාස්ටර් ඇරෙන්න වෙන කාටවත් එයාලාව පාලනේ කරන්න බැහැ...

එයාලගෙන් පස්සෙ මොන්ස්ටර් ටීම් එක..එයාලත් ඒ හා සමානයි..අමානුෂික ඝාතකයො ටිකක්..

අවුරුදු දෙකක් වෙද්දි එරිකුත් මගේ මාර්ගෙන් මෙ ෆීල්ඩ් එකට බැදුනා..

අපේ ඇවිදින කම්පියුටර් එක..මන් හිතන්නෙ දැනට ඉන්නෙ බෙස්ට්ම හැකර් ඌ...

මන් ලංකාවට එද්දි ටිම් එකක් නැතුව ආපු නිසා ලංකාවෙ ඉදපු ගාඩ්ල්සා එක්ක මගෙ තනියට එරික්ව එව්වා..

" ඉතිම් පොඩි යෝදයෝ..ඔයා රෙඩිද.."

" මාස්ටර්...ඔව්..මම රෙඩි.."

තාත්තෙක් හා සමාන තැනක් මෙ මනුස්සයාට මගෙ හිතේ තියෙන්නෙ..

ගෙවුන අවුරුදු තුනේදි එයා මට සැලකුවෙ එයාගෙ ලමයෙක්ට වගේ..

මගේ ජිවිතේ හැරවුම් ලක්ෂයට මූලිකම හේතුව එයා..එයා නොහිටින්න අද මට මෙතන ෆීනික්ස් විදිහට හිටන් ඉන්න බැරිවෙයි..

" මෙ පාර ඔට්ටු අල්ලලා තියෙන්නෙ imperial jade එක කොල්ලෝ..දැනට හම්බුන expensive  ම jade එක..කිලො එකක් බරයි...ඒක මගෙ අතට එන්නම ඕනි පොඩ්ඩො..."

"As your wish.."

" ආ..ආපු කාරනාව අමතකවුනා..ඒක ඔයාට නම් ගුඩ් නිව්ස් එකක්..එත් මටනම් බෑඩ් කොල්ලෝ..."

"මොකද්ද මාස්ටර්.."

" අද රේස් එකට එයත් ඉන්නවා....king.."

"What..are you sure..??..wohh..yes...finally..එයාව හම්බෙන්න චාන්ස් එකක් හම්බුනා..වොහ්..."

මේක බලාපොරොත්තු නොවුන දෙයක්..එත් කොහොම හරි මට එයා ඉන්න රේස් එකෙ ප්ලේ කරන්න චාන්ස් එක හම්බුනා..යස්...යස්...yaaahooo

"බයක් නැද්ද. He is the legend.."

" මාස්ටර් බෘස්ලි කියලා තියෙනවා 'මම පහර 1000 දන්න කෙනෙක්ට බය වෙන්නෙ නැහැ, එහෙත් එකම පහර 1000වතාවක් පුරුදු වු කෙනෙක්ට මම ඇත්තටම බයයි' කියලා...ඉතිම් මට බය වෙන්නෙ බැරිද...කිව්වත් වගේ he is the legend..වෙන මැච් එකක වගේනම් මම බය වෙන්න තිබුනා මොකද මම ඒකට එන්නෙ එයා එනවා කියලා දැනගෙන හිතේ චකිතෙන්..එත් අද..මම දැනගන්නෙ ට්‍රැක් එකට බහින්න ඔන්න මෙන්න තියලා...අද බය කියන චේතනාවට වඩා එයා ආවා කියන සිතුවිල්ල ප්‍රභලයි..මට අද මාව විශ්වාසයි..මෙ හැම දේම මික්ස් වුන ෆීලින්ග් එකක මන් දැන් ඉන්නෙ..මන් මේක බලාපොරොත්තුවෙන් ඉදපු දෙයක්..අද මගේ ටැලන්ට් එක හරියටම බලාගන්න පුලුවන්...ඒක පුදුම සහගත සතුටක්..."

" ඔයා අද දිනනවා...මට ශුවර්..හරි එහෙනම් පොඩ්ඩො..මම එලියට යනවා තව විනාඩි පහයි..Blast it..."

මාස්ටර් ගියාට පස්සෙ මම බයික් එකට නැගලා ස්ටාර්ට් කරා..පලවෙනි විදානය වැදුනා..මුල් හතර දැන් යන්නැති..king ගෙ නම්බර් එක 07..මම 09 ..එයා ආපු නිසා අද ප්ලේසස් වෙනස් වෙලා..දෙවනියට යන්න ඕන මට තුන්වෙනි විදානයට ගෙට් එක ඔපන් වුනා..

Game start..now..

ට්‍රැක් එකට වැටුන ගමන් හැමෝම එහෙට මෙහෙට විසිරිලා යනවා..මුලින්ම ගිය අය තියෙන බැරියර් වලට කවර් වෙලා පස්සෙ එන අයට ඇටෑක්ට් කරන්න බලාගෙන ඉන්නෙ..

අක්කර දෙකක කවයක් ඇතුලේ බැරියර් පාස් කරගෙන ආබාධ නැතුව මුලින්ම එලියට පිටට යන ප්ලේයර්ට වින් කරන්න පුලුවන්..එත් එහෙම එලියට යන්නත් මෙ හැම කෙනෙක්වම වට්ටලා දාන්න ඔනි..

මාත් එක්කම එලියට ආපු ප්ලේයර්කෙනෙක්ට කලින් ගිය ප්ලේයර් කෙනෙක් ඇටෑක් කරා..මගෙත් එක්ක ආපු ප්ලේයර කෙයාලස් විදිහට ප්ලෙ කරේ..ඇටෑක් කරපු ප්ලෙයර් අරුගේ උරහිසට ඇනපු නිසා ඌව බිමට ඇදගෙන වැටුනා..එත් බිමට වැටෙන්න ගිය ප්ලේයර් ගේම අතාරියෙ නෑ..ඌ වැටෙන්න යද්දි නින්ජා ස්ටාර් එකකින් ඇටැක් කරපු එකාගේ කකුලට ඇනලා වැටෙද්දි මග දුරක් ගියපු ඇටැක් කරපු එකාගෙ බැලන්ස් එක නැතුව වැටෙන්න ගිය නිසා උගෙ ඉස්සරහින් ආව තව එකෙක් උගෙ පිටට කිනිස්සකින් ඇන්නා..

කිනිස්සෙන් ඇනපු එකා ඊලගට ඇටෑක් කරන්නෙ මට කියල ඉවෙන් වගේ තෙරුන නිසා උගෙ ඉස්සරහා තිබුන බැරියර් එක ගාවට ගිහින් බ්‍රේක් අල්ලපු පාර බයික් එකෙ ඉස්සරහින්  පිටිපස්ස රෝදෙ උස්සලා උට ඇටෑක් කරා..

තුනක් බිම..තව දාසයක් ඉන්නවා..නෑ මන් හිතන්නෙ තව දොලහයි....

මන් ඉස්සරහට යනවත් එක්කම මගෙ ඉස්සරහා ඉදියෙ කින්ග්..එයාගෙ නින්ජා ස්ටාර් එකට ඉස්සරහා ඉදපු ප්ලේයර්ස්ලා හතර දෙනාව එකපාරින් බිම වැට්ටුවා..ෆක්...ඒ ශොට් එක..ඒකේ තලේ අර හතර දෙනාගෙන බෙල්ල කපලා දැම්මා...

කින්ග් මගෙ පැත්තට හැරෙනවත් එක්කම මම ඉස්සරහා වංගුවෙන් හරවලා maze එක ඇතුලට දැම්මා..

දැන් ඉතිම් කොයි පැත්තෙන් ඇටෑක් කරයිද කියලා දන්නෙ දෙවියොම තමයි... වංකගිරිය ඇතුලට එන්න කලින්ම අටක් වැටුනා ඉතුරු එකොලහා මෙක ඇතුලෙ ඇති..

මන් ඉස්සරහට යද්දි දෙන්නෙක් වැටිලා ඉදියා..එකියන්නෙ ලගම ඇති..පිටිපස්සෙන් කින්ග් කරට කර තව එකෙක් එක්ක තරග වදිනවා සයිඩ් කන්නාඩියෙන් බලන් එකපාරට ඉද්දි ඉස්සරහින් මතුවුන එකා පොරවෙන් මට ගහද්දි හැන්ඩ්ල් එක අතෑරලා මම පිටිපස්සෙ සීට් එකට බරවුනා..එ තප්පරේට මම වැලමිටේ හංගන් ඉදපු නින්ජා ස්ටාර් එක උගෙ පැත්තට යවද්දි මගෙ ඇස් මානෙන් පාස් කරන් ගිය තව ස්ටාර් නින්ජා එකක් ඇවිත් මගෙ ස්ටාර් එකෙ වැදුන පාර මගෙ එක බිමට වැටිලා අර ආපු එක ඉස්සරහා ඉදපු ප්ලේයර්ගේ හෙල්මට් එකෙ ඉස්සරහා ග්ලාස් එකේ වැදිලා කුඩුවුනා..

ඒක කින්ගේ..එයා ඒක එව්වෙ මටද?.. කින්ගේ ඉලක්කයක් එහෙම වරදින්න පුලුවන් ද..මට ඇටැක් කරන්න ආපු එකා  බැලන්ස් නැතුව වැටෙන්න යද්දි දශමෙන් ඒකෙ නොවැදී මන් ඉස්සරහට ආවත් උ ආයෙ නැගිටලා කිනිස්සකින් පිටිපස්සෙ රෝදෙට ගැහුවා...

සාමාන්‍යෙන් මේ රේස් එකේදි කවුරුත් වාහනවලට ඩැමේජ් කරන්නෙ නෑ..එහෙමත් කරන්නෙ අධමයෙක්..මොකද මෙතනට එන හුගක් දෙනා දන්නවා බයික් එකේ තියෙන වටිනාකම..එක හරියට දෙකයි පනාහෙ වැඩක් වගේ..උ දැන් කරෙත් ඒකමයි..

කිනිස්ස ඇවිත් පිටිපස්සෙ ටයර් එකේ රිම් එකෙ වැදුන නිසා මගෙ බැලන්ස් එක නැතිවෙලා පැත්තට ඇලවෙන්න ගියත් කින්ග් මාව ඉස්සර කරන් යන්න ගියේ මගෙ වාහනේ වැදීගෙන නිසා මාව අනිත් පැත්තට විසිවෙන්න ගියා..

ලොකු අවුලක් නෑ..බිම නොවැටී බෙරුනා..කින්ග්ගේ අප්පට..තව ටිකෙක් බෙල්ල ගහලා යනවා..

ඉස්සරහට යද්දි කින්ග් තව පස් දෙනෙක්ව අයින් කරලා..එයාගෙ ශොට් එකට කෙලින්ම බිම..ආයෙ නැගිටින්න වෙන්නෙ හොස්පිටල් එකෙන් නැත්තම් මල ඇදෙන්...

මාත් එක්ක තව හතරයි...මගෙ පිටිපස්සෙන් තව එකෙක් ඇටැක් කරගෙන ආවා..උගෙ ස්ටාර්ස් දෙක තුනක් මගේ පැත්තට එද්දි මම මාරුවෙන් මාරුවට දෙපැත්තට නැවිලා බෙරිලා වංකගිරියෙන් එලියට ආවා..

දැන් බැරියර් නෑ..ෆේස්ටූ ෆේස්...පිටිපස්සෙන් ආපු ප්ලේයර් මගෙ ඇගට කපාගෙන ඉස්සර කරන් ගිහින් ඉස්සරහි හරස් කරලා නවත්තලා උගෙ අතේ තිබුන කඩුව මගේ පැත්තට විසිකරා..ඒක කඩුවක් නෙමෙ උලක්..

ඒක මගෙ පැත්තට එද්දි මන් රේස් කරගෙන  කකුලක් බිමින් තියලා එක තැන පහත්වෙලා වටයක් කැරකෙන ගමන් දණහිසෙ ගහල තිබුන කිනිස්ස අරූගෙ පැත්තට විසික් කරද්දි ඌ ඒකෙන් බේරිලා ඉස්සරහට ගියා..

කින්ග් එක්ක තව එකෙක් කරට කර ෆයිට් එකක්..එයාලා දෙන්නාම කඩුවලින් ෆයිට් කරනවා..එතන අනිත් එකාව මම ගිය පාර වැට්ටුවා..

මට ඇටෑක් කරපු එකා ඉස්සරහට ගිහින් හරවගෙන මගේ දිහාවට වේගෙන් එද්දි මාත් වේගෙ වැඩිකරලා උගේ පැත්තට රේස් කරන් යන ගමන් සපත්තුව අස්සෙ ගහන් ඉදපු පොඩි පොරවෙ තලෙ අන්ති පැත්ත හරවලා උ මට ඇටෑක් කරන්න එද්දිම උගෙ උරහිසට ගැහුවා..

අත කැපුන්නැති වුනත් ඒ පහරෙ හැටියට අත උස්සගන්න බැරිවෙයි..උ ටිකදුරක් පිටිපස්සට ගිහින් බිම ඇදගෙන වැටෙද්දි කින්ග්ට ඇටැක් කරපු අනිත් එකා මගේ ඉස්සරහට එනවත් එක්කම කින්ග් පිටිපස්සෙන් ඇවිත් උගෙ උරහිසකට අනිනවත් එක්කම මන් එ දෙන්නාවම පාස් කරගෙන ඉස්සරහට ඇදුනා..මීටර් තුන්සියක ට්‍රැක් එක අවසානෙ දිනුම් කනුව පෙනෙද්දි කින්ග්ට ඉස්සර වුන  මම දිනුම් කනුව ලගටම ආවා...කින්ග් අරුව වට්ටලා මගෙ පස්සෙන් එනවා..එයා මීටර් පනහක දුර..මට තව ටිකයි..

කින්ග් මගෙ ලගටම ඇවිත්..තව ටිකක් ආවොත් අපි කරට කර..මම ස්පීඩ් එක වැඩිකරලා ඉස්සරහට යද්දි එයත් ඒ හා සමානව ඉස්සරහට ආවා..සයිඩ් කන්නාඩියෙන් මන් අහම්බෙන් දැක්කා එයාගෙ අතේ නින්ජා ස්ටාර් එකක් තියෙනවා..දිනුම් කනුවට තව මීටර් පනහයි..බෙල්ල ගියත් අද දිනලාමයි නතර වෙන්නෙ...

අවසාන තප්පර ගානෙදි කින්ග් මාත් එක්ක කරට කර ආවා..එයාගෙ අතෙ නින්ජා ස්ටාර් එකක් තියාගෙනත් එයා ගැහුවෙ නෑ..දිනුම් කනුවට ඔන්න මෙන්න තියෙද්දි මම දශමෙකින් එයාට ඉස්සර වීගෙන රේස් එක ෆිනිශ් කරා....

අවසාන ප්‍රතිඵලයට අනුව දිනුම..............................මගේ.....

Yes...Finally...කින්ග්ව දශම ගානෙන් මන් පැරැද්දුවා.......

ඩැඩා ඔයාගේ චෑම්ප් වින් කරා.....

___________________

හෙලො සමයි😌

තෙජු දින්නා..

ඕතරි දැන් නිදහස්..

මොකත හිතෙන්නෙ..

අදහස් කියන්නකො.😗❤️❤️

කින්ග් ගැන මොකත හිතන්නෙ 😌

😌තේජු දස්සයා..

.එන්නම්❤️

ආදරෙයි ❤️

ස්තුතියි සහයෝගෙට 🤎

_Gojo_

Share This Chapter