Back
/ 49
Chapter 33

Chapter 33

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

ඔලුවට බර දෙයක් තදකරන් ඉන්නවා වගේ දැනෙන වේදනාවත් එක්ක ඔලුව පුපුරන්න ඔන්න මෙන්න වගේ දැනෙද්දි රිදුම් දෙන ඇස් පියන් ඇරගන්න බැරුව මම තප්පර ගානක් හුස්ම ගත්තා..මගෙ වටපිටාවෙන් කීන්....සද්දයක් විතරක් ඇහෙද්දි ඇස් පියන් අමාරුවෙන් අරින්න උත්සාහයක් දෙන ගමන් වේලුම් කාපු උගුර අල්ලගත්තා..වටේම අන්දකාරෙන් වැහිලා තියෙද්දි කහාපාට පොඩි එලියක් මගේ මූණ දිහාවට වැටිලා තිබුනා...

"තේජූ..ඇස් ඇරියද..Thank you God..මන් බය වුන තරමක්..කො නැගිටගන්න පුලුවන් ද මචං..මෙ වතුර පොඩ්ඩක් බොමු.."

ඇස් ඇරලා තප්පර ගානක් යද්දි මගේ වටේ ඉදපු එරික්ගේ කටහඩ කන් අස්සෙ රැව් දුන්නා..අපි ඉන්නෙ එනකොට ආපු වාහනේ නෙමෙයි..මගෙ වටේම මගේ ගාඩ්ස්ලා වටවෙලා බලන් ඉන්නවා..

මන් නැගිටිනවා දැකපු එරික් කෑගහගෙන මාව බදාගෙන හිමින් සැරෙ කෙලින් කරලා සීට් එකට හේත්තු කරලා වතුර බෝතලයක් දික් කරා..

"ක්හැ..ක්හෑ..ක්හැ.."

උගුර වේලුම් කාපු හින්දද මන්දා එකපාරට කටට දාගත්තු වතුර ටික හිරවේගෙන ආවා..

" හිමීට මාස්ටර්..ඔය ශටර් ටික අරින්න මාස්ටර්ට අමාරුයි වගේ.."

" නැ අවුලක් නැ..මන් හොදින්..එරික් මට මොකද්ද වුනේ.."

උගුරු දෙකකට වඩා බීපු නැති වතුර බෝතලේ මන් ආපිට එරික්ට දීලා මට සිද්ද වුනේ මොකද්ද කියලා ඇහුවා..මන් කොහොමද එතන ඉදන් මෙයාලා ගාවට ආවෙ...මට අන්තිමට මතක..ආර්හ්..ඔලුව..නහර පුපුරන්න වගේ..

ඒ වැදුන ස්ප්‍රේ එකට නහරත් අඩපන කරන්න පුලුවන්ද මන්දා..

" එරික් උබේ කටෙ පිට්ටු ද?..මට වුනේ මොකද්ද කියපල්ලා..මෙ මොකද..උබේ මූණට මොකද වුනේ..ඇයි අනිත් උන්ටත්..මොකද්ද වුනේ කියපල්ලා මට..මොකක්ද යකෝ වුනේ.."

එකපාරට වෙච්චි දේවල් හිතාගන්න බැරුව ඉද්දි එරික්ගේ මූණ දැක්කාම මට ඔක්කොම අමතක වුනා..උගෙ විතරක් නෙමෙයි මාත් එක්ක ආපු අනිත් ගාඩ්ලාටත් තුවාල..එරිකාගෙ මූන නිල්වෙන්න වැදිලා නළලත් පැලිලා..

" කාම් ඩවුන් මචං..උන් උබට ඇටෑක් කරද්දිම අපේ කනෙක්ෂන් එකත් ඩිසේබල් වුනා..ඒක නිසා අපි සෙට් එක ඇතුලට පැන්නා..අපි යනකොට ගාඩ්ලා වටෙවෙලා..හෙඩ් මාස්ටර් බලෙන්ම දුන්න මොන්ස්ටර්ස්ලා පස් දෙනා ඉදපු නිසා අපි අද බේරුනා..නැත්තම් වෙන දේ දන්නෙ ගෝඩ්ම තමයි...."

" ශිට්..මට වෙච්චි කිසිම දෙයක් මතක නැහ්..ඇයි මොන්ස්ටර්ස්ලාව එලියට ගත්තේ.."

මාස්ටර් යන්න කලින් බලෙන්ම මොන්ස්ටර්ස්ලාගේ ගාඩ් එක මට දුන්නා..ශිට්..එයාලා එලියට බැස්සා කියන්නෙ මගේ රහස දුෂ්මන්ත්ට එලිවෙන්න තියෙන සම්බාවිතාව වැඩියි..මොන්ස්ටර්ස්ලා කියන්නෙ යක්කු වගේ මිනිස්සු..දැනටමත් දුසේගේ ගාඩ්ස්ලා එයාලව අදුරගෙන ඇති..

"උබ දන්නවනෙ උබට ඇරෙන්න උන් ටික කන්ට්‍රෝල් කරන්න අපිට බැ කියලා..සිරාවට උන් හිටියේ නැත්තම් අද අපිත් නැහැ මචං..පනහක් විතර එකපාර ඇටෑක් කරා..මොන්ස්ටර්ස්ලා ඉස්සර කරන් මන් යද්දි උබව උස්සන් යන සෙට් එකත් එක්ක ෆයිට් කරලා උන් තමා උබව බේරන් ආවේ...."

"මොන්ස්ටර්ස්ලා වෙන වෙලාවක එලියට ආවට එක ප්‍රශ්නයක් වෙන්නැහැ..එත් එයාලා එලියට ආවෙ දුෂ්මන්ත්ගේ මැන්ශන් එක ඇතුලෙ වුන එකයි තියෙන ලොකුම අවුල.."

"දැනටමත් උන් හොයාගෙන ඇති ඇතුලට ආවේ මාෆියා ගැන්ග් එකක් කියලා..එහෙමයි කියලා ඒ ආවෙ උබ කියලා හිතන්න චාන්ස් එකක් නැහැ..ඒක නිසා දැනට අවුලක් නෑ මචං"

අවුලක් නැතිවෙන්න බැහැ..කොතන හරි වැරදුනා..නෑ..පොඩ්ඩක් ඉන්න..මාව ෆේන්ට් වෙන්න කලින් මම දැක්කෙ..හොලි ශිට්..දුසේ අංකල්...

"එරික් දුසේ..ඒ එයා..මාව අල්ලගත්තේ එයා.."

ඔව් ඒ සුවද..එ කටහඩ..මම ගත් තැනම අනාගෙන ශිට්....

" නො වේ තේජූ..දැන් ටිකකට කලින් අපේ කට්ටිය දුන්න රෙකෝඩ්ස් වලට අනුව මේ වෙද්දි දුෂ්මන්ත් ඉන්නෙ uk වල එයාගේ මැන්ශන් එකේ.."

"අපේ උන්ට වැරදෙන්නැති..එ ඉදියේ එයා..ඇස් වැහෙන තප්පරේට මම දැකපු රූපේ එයාගෙ.."

"මෝඩයෝ..අපේ උන්ට වරදින්න විදිහක් නෑ..උබ කොහොමද කියන්නෙ එ දුෂ්මන්ත්මයි කියලා.. අපි එද්දි එතන ඉදියෙ දුෂ්මන්ත්ගේ මේන් සෙකට්‍රි..මෝන්ස්ටර්ස්ලා ෆයිට් කරේ එ මනුස්සයා එක්ක..උට හොදටම ඉන්ජර්ඩ් වුනා..බ්ලැක් කිට් එකෙන් ඉදපු එයාටද දන්නැ උබ දුෂ්මන්ත් කියලා රැවටුනේ මචං..''

" නැ..මට වැරදෙන්න විදිහක් නැහැ.."

"..ඒ ආවෙ දුෂ්මන්ත්..මාව අල්ලගත්තේ එයා..එයාගෙ සුවද..එ කටහඩ..ඒ එයාමයි..එ එයා තමයි..කො..කො මන් ගෙනාපු ෆයිල්ස් දෙක.."

ශිට්..ගෙනාපු ෆයිල්ස් දෙකෙන් එකයි තියෙන්නෙ..කො අනිත් එක..ආර්හ්..ඔක්කොම විනාසයි..

"උබව බේරගන්න වෙලාවෙ අපිට ඒක මගෑරුනා මල්ලි..ජැකට් එක අස්සෙ තිබුන විසිල් එකත් උන් අරගෙන..අපිට ගන්න පුලුවන් වුනේ එක ෆයිල් එකයි.."

"ආර්හ්..ෆක්..සේරම වතුරෙ ගියා..සේරම..මේ තියෙන්නෙ ප්‍රොපටීස් එක..දුෂ්මන්ත්ට ඩාර්ක් වර්ල්ඩ් එකත් එක්ක තියෙන කනෙක්ෂන් එක එලියට ගන්න තිබුන චාන්ස් එක මිස් වුනා..එයා එහෙනම් ඒක අරගෙන..රාහුල් දුෂ්මන්ත්..මන් තමුන්ව මරනවා.."

" තේජු උබ කියන්නෙ ඒ දුෂ්මන්ත් කියලද..ඒ ඉදියේ දුෂ්මන්ත් නම් එයා උබව මරන්න අණ කරයිද..උන් හැදුවෙ ඔයාව අර ඩෙවිල් පැටවුන්ට කන්න දාන්න..මේ බලපන් උබව බෙරගන්න ගිහින් දඩෝරියෙක් මගෙ කකුලෙ ගාතෙකුත් කාලා දැම්මා.."

එ ඉදියේ දුසෙ අංකල් නෙමෙයි කියලා එරික් සැරින් සැරෙ ඔප්පු කරන්න හදලා අවසානෙ ඇදගෙන ඉදපු ට්‍රවුසර් එක උස්සලා දනිස්සෙන් පහලට වෙන්න ලේ ගලන තුවාලෙ පෙන්නුවා..ගැඹුරු වලක් වගේ හෑරුන තුවාලයක්..කිව්වා වගෙම එතන හම නෑ..මස් එල්ලෙනවා..එච්චර දෙයක් වෙලත් ඌ ගානක් නැතුව ඉන්නවා..එ මදිවට එල්ලෙන හමකෑල්ලක් ඌ අතින් ඇදලා විසික් කරා..ඌ විතරක් නෙමෙයි අනිත් උන්ටත් හොදටම තුවාල..

"හරි හරි උබ කියන්නෙ ඒ දුෂ්මන්ත නෙමෙ කියලනේ..ඒක පස්සෙ බලාගන්න බැරියැ..ඔක්කොටම කලින් උබලට බෙහෙත් දාගන්න යමන්..කො මගෙ මොන්ස්ටර් පැටව්.."

පව් ඔක්කොම හෙම්බත් වෙලා..දෙතුන් දෙනෙක්ගෙම නළල පැලිලා..එරික්ට වැඩි අලාභ..

" එයාලා පිටිපස්සෙ තියෙන අනිත් වාහනේ.."

"හ්ම්..අපි මේ කොහෙද ඉන්නෙ.."

" මන් හිතන්නෙ මේ මොරවක පැත්ත..උන් මගක් වෙනකන් අපිව ෆලොව් කරා..දැන් අපි සේෆ්..එත් දැන්ම කොලඹ පැත්තට යන එක ඩේන්ජරස්.."

"හරි එහෙනම් මෙහෙන්ම දෙනියායෙ බංගලාවට යමු..එහෙ කවුරුත් නැති නිසා මොන්ස්ටර්ස්ලාව එහෙ තියාගන්න පුලුවන්.."

රට වටේම ගෙවල් තියෙන එක මේ වගේ වෙලාවට හුගක් ප්‍රයොජනවත්..අද ගෙදර එන්න වෙන්නැ කියලා මාම්ට කියලා ඩැඩීටත් ලෝකෙ නැති බොරුවක් ගැහුවා..එයාගෙන් තමයි බේරෙන්න අමාරුම..මෙ රෑ මාව හොයාගෙන එන්නමයි හැදුවෙ..කොහොමහරි රෑ එන එක නවත්තගෙන පාන්දර වෙද්දි එන්න කිව්වා..මුන් ටිකට පැය දෙක තුනකවත් රෙස්ට් එකක් දුන්නැත්තම් අමාරුවෙනවා..

දෙනියායෙ බංගලාවට ඇවිත් ඔක්කොටම බෙහෙත් දාලා පේන්කිලර් එකක් බිලා මාත් ඇලවුනා..

හෙට උදෑසනම අවදි වී යායුතුය.....

.

.

.

.

.

සතියක් සාමකාමී නොවන වාතාවරණයකින් ගෙවිලා යද්දි දුසේ අංකලුත් සිරිබරනිට වැඩියා..

පොර ආවත් හරි වැඩ කන්දරාවම එයාගෙ ඔලුවෙ ගහලා මම නිදහස් වුනා..ඊයේ නිදාගත්තෙත් ඔෆිස් එකේ ප්‍රයිවට් රුම් එකෙ..මගෙ මනුස්ස පරානයාගේ ජන්ද කටයුතු අහවර වෙලා නිසා එයත් ඇවිල්ලා මට උදව් කරා..උදව් කිරිම අවසානෙ තව රසබර දේවලුත් සිද්ද වුනා ඒක වෙනම කතාවක්..

අලුතෙන් හදන හෝටල් එකේ වැඩෙ නම් හිසරදයක්..එ මදිවට ක්ලබ් එකෙත් රෙපෙයාර් එකක්..දෙයියනේ කියලා හොස්පිටල් දෙකෙන් නම් එ හැටි කරදරයක් නැහැ..මේ ඔක්කොම මගෙ ඔලුවෙ ගහපු නාකි මලහිලව්වගේ ආයුෂ තවත් වැඩිවෙන්නොනේ...එ මනුස්සයාට හෙන ඉල්ලුවොත් තනි වෙන්නෙ මගෙ මංජු බබා..

ආර්ය සීයාපප්පේ ඔයා බේරුනේ මංජු බබා නිසා හරිත..නැත්තම් මන් ඔයාගෙනුත් පලිගන්නවා..

මෙහෙන් යද්දි ඉදපු දුසෙව් අංකල් නෙමෙද මන්දා දැන් ඉන්නෙ..අමුතු නිහඩ බවක්..අනික එයා මට තේජාන් කියලාත් කිව්වා..මෙ යකාට මාව එපා වෙලාවත්ද..එහෙම වුනොත් නම් මගෙ ප්ලෑන්ස් ඔක්කොම විනාශ වෙනවා..

උදේටත් හරියට කෑමක් වැටුනෙ නැති නිසා දවස් දෙකකින් මන් ගෙදර ආවා...

බලන්න ඉතිම් මේ ගස් වැල් පවා මන් නැතුව මලානික වෙලා ගිහින්...

" ආ සෙපාලේ..ගුඩුම් ගුඩුම්.."

" අනේ සමන්දෙයිහාමුදුරුවනේ මෙ අපෙ චූටි බේබියා නොවැ..කොහෙද බේබියේ ඔයැයි ගොයින් ඉදියේ.."

"මම ගොයින් වැඩට..අද කමින් ගෙදර..මොකද්දොයි ගුඩුම් කිව්වාම දෙයියො සිහිකරන්නෙ..ගුඩුම් බැරිනම් සිංහලෙන්වත් කියපන්කො.."

" අපෙ අප්පො තේජාන් බේබියේ..මක්කැයි මේ ඔහෙ දොඩන්නෙ ගුඩුම් ගුඩුම් ගගා..මම දන්න ගුඩුමක් නෑනෙ අනේහ්..අර නෙස්ටමෝල් එකේ නම් දඩම් ගාන මෙව්වෙක නම් ඕන් දන්නවා.."

" මොකද්ද උබ කියන්නෙ..තේජාන්..මම තෙජාන් තමයි යකො..එක එකා සැරින් සැරෙ මගෙ නම මතක් කරන්න ඕන්නෑ..තොපි ඔක්කොම එකයි..පර හැත්ත..පහු වෙද්දි පුස් වෙනවා කියන්නෙ ඕකට තමා..මොකද්ද යකො නෙස්ටමොල් එකෙ දඩම් ගාන්නෙ..තොට මෝල්සන්නිපාතෙද..දඩම් දඩම්..මම ගුඩුම් කිව්වෙ ගුඩ්මෝනින්ග් කියන එකට.."

මුන් ඔක්කොටම ඉන්ෆ්ලූවන්සාද කොහෙද..ඇයි යකො සැරින් සැරෙ මගෙ නම මතක් කරන්නෙ..නැ අර මනුස්සයා තේජාන් කිව්වා කියලා මට අවුලක් නැ..එක වෙනම කතාවක්..අවුලක් නැ ඇත්තමයි..එත් එහෙමයි කියලා සෙපාලයත් චුටි බෙබි කම අතෑරලා තේජාන් ගාද්දි..අම්මපා මෙවට තමා මට නගින්නෙ..

" මොකටැයි මේහැටි කේන්ති අරන්..කාම් ඩවුන් බේබි කාම් ඩවුන්..දඩම් ගාන්නෙ අර කතාව පටන් ගද්දිනෙ බෙබියේ..අර ඇප් එක නෙස්ටමොල්ද නෙස්ප්‍රේද මන්දා..ආන් එකෙන් තමා එදා ඇමතිතුමා ෆිල්ම් එක පෙන්නුවේ..අර ඔයැයිලා සල්ලි ගෙවලා බලන්නෙ.."

" අනෙ අම්මපා ගොනො..සේපාල තෝ අත උස්සලාද මගෙ මිනිහාගෙ සෙකට්‍රි වුනේ..තොට ඩිග්‍රියකුත් තියෙනවා නෙද..හොර උපාදිද බන් ඒ..යකො නෙස්ප්‍රේ නෙමෙ බූරු පැටියෝ එක නෙටිෆ්ලික්ස්.."

"ආන් ආන්..එහෙම නමක් තමා..බේබි දස්සයා.."

" ඥේඥි ඤස්සයා යැයි යැයි.....මෙ මගෙ මිනිහා තාම ගෙදරද.."

" ඔව් ඇමතිතුමා ඇතුලේ.."

" තමුසෙ කාලාද ඉන්නෙ.."

"ඔව් බේබි තමාල් අයියා මට උදෙන්ම කන්න දුන්නා.."

"හ්ම්..මන් යනවා ඇතුලට..යකෙක් කන්න බඩගිනි.."

සිරාවට සෙපාලයා මහා අමුතු ජීවියෙක්..දකුනෙ උන්ගෙ හැටිද මන්දා..මෙ මුගෙ හැටිද නැත්තම් මේකා රගපානවද කියලාත් වෙලාවකට සැකයි..මන් මේ මොනවද හිතන්නෙ..ඌව සැක කරන එක මොඩ වැඩක්..උට පුලුවන්ද බොරුවක්වත් කියාගන්න..පිස්සු යකා..

"මාම්...දෝනීහ්..මිණි පහන ගෙදර ආවොහ්.."

"මාම්..ඔයා කොහෙද.."

" දිලූප..මේ ගාණ වැරදි ආයෙ හදන්න.."

"මාම්.."

"සර් කවුද බබෙක් ඇවිල්ලා.."

" කටහඩ නම් බබෙක් වගේ නෙමෙයි..නේත සෑර්.."

"අම්මාව හොයන දරුවෙක්..හික්ස්.."

" කට වහගෙන දුන්න වැඩේ කරනවා.."

" අනෙ අම්මපා..මේකාගෙ කට..මන් මෙහෙ ලමයෝ.."

සාලේ පැත්තෙන් කෑගහාගෙන යද්දි සාලෙට අනිත් පැත්තේන් තියෙන ඉස්තෝප්පුවෙන් මාම්ගෙ කටහඩත් එක්ක නාදුනන කටහඩවල් දෙක තුනක්ම ඇහුන නිසා කුතුහලෙන් මන් එ පැත්තට අඩිය තිබ්බා..

මේ පැත්ත ඉස්සරහා ඉස්තෝපුපුවෙන් වෙන් වුන කෑල්ලක්..මේක මාම් එයා කැමති විදිහට ටෙබල් එකක් දාලා වටේම පැල වලින් වහගෙන ඉන්නෙ..

ඉස්සර මන් පාඩම් කරේ ඕක ඇතුලේ..

"මාම්.."

"මොකද මගෙ වසවර්ති යස්සයො කෑගහන්නේ..ආ..කියපන් බලන්න...."

මන් ඉස්තොප්පු කෑල්ලට බෙල්ල දාලා කෑගහද්දි මාම්ගෙ වටේට පොඩි ඇච්චො ටිකක් වාඩිවෙලා පොතුත් දිගෑරගෙන මගෙ දිගා බලාගෙන ඉන්නවා..එකෙක් පෑනක් හප හප මුන අමුතු කරන් මන් දිහා බලද්දි අනිත් දෙතුන් දෙනත් ඒ සමාන බැල්මක් මට දුන්නා.. මන් උන්ව ගනන් ගන්නැතුව ඇවිත් මාම්ව හග් කරලා කිස් එකකුත් දුන්නාම එයා මගෙ පිටට දඩොන් ගාලා ගැහුවා..

අනෙ ඉතිම් වුට්ට..ගහන එකනේ එපා වෙන්නෙ..

" ඇයි අප්පා මට ගහන්නෙ.."

" ගහන්න නෙමෙ උබව හම ගහන්නොනේ..බලපන් මන් මෙතන මොකද්ද කරන්නෙ කියලා.."

"ඇයි මොකද කරන්නෙ..කවුද මේ.."

"මෙ මගෙ ලමයි.."

"මොකක්..මාම්..කවද්ද ඔයාට මෙච්චර ලමයි ගොඩක් හම්බුනේ..මාම් මන් ආවෙ නැත්තෙ දවස් දෙකයි ඔයා එ ටිකට මාව අමතක කරාද..ආව් ගහන්නෙ.."

" ඒව්ව්..මගෙ කුඩා මෝඩයා..මන් මෙතන ක්ලාස් එකක් බූරුවො..මෙ මගෙ පන්තියේ ලමයි..මෙ යක්ස පැටව් ඉස්සරහා මගෙ සායම යවන්නැතුව කුස්සියට ගිහින් මොනවා හරි කාපන්කො පුතේ.."

හප්පද බොල මාම් ක්ලාස් කරනවලු..

"මාම් ඔයා ක්ලාසුත් කරනවද.."

"ඇයි යකො මම නැතුව උබේ පපා ක්ලාස් කරන්නද..මෙ මගෙන් මුකුත් නාහා මෙතනින් යනවා.."

"ඉතිම් මාම් මන් දන්නැනෙ..ඔයා ක්ලාස් කරනවා කියලා..මීට කලින් කරාද.."

" ඔව් ඔව් කලිනුත් කරා..දකින්න උබ ගෙදර ඉන්න එකක්ද ආ..යනවා ගිහින් බත් බෙදාගෙන කනවා..අර ඇමති පරානෙත් ඇති.."

"තමාල් සර් බැදලද බන්.."

" ඒකනෙ බන්..අපිටත් වඩා ලොකු පුතෙකුත් ඉන්නවනේ.."

"පිස්සුද බන් එයා බැදලා නැ..සර් සර් ඔයා බැදලද සෑර්.."

"බදින්නැතුව ලමයි ඉන්නොද බන්.."

"එවුනාට සර්ට ඇයි බන් අම්මා කියලා කියන්නෙ.."

" අදකාලෙ ඕවා සාමාන්‍යයි යකො..උබ දොන්තයෙක් නොවී ඉදපන්.."

"අඩො සර් මගෙ හාට් එක බින්දා බන්..සර් ඇයි ඔයා බැන්දෙ..අයියෝ..වාවන්නෑ.."

"හරිනෙ මීට හොදයි උබ හෙලුවෙන් දිව්වා නම්..කටවහගන්නවලා..රනුප මන් කියපු වැඩෙද උබලා ඔය කරන්නෙ ආ..දිලුප ගන්නවා බලන්න මම ගිය සතියෙ කරන් එන්න දුන්න ගෙදර වැඩෙ.."

" හප්පටූඩූ සෑර්.."

"ඇයි ඒගමන මොකද.."

" මන් ගෙදර වැඩ කරලා පොත අස්සට පෑනත් දාලාමයි වැහුවෙ..බලන්නකො සර් පොත මේසෙ උඩ දාලා ඇවිත්නේ..අපරාදෙ ගණන් ඔක්කොම හැදුවා.."

"ආ...ඇත්තද පුතේ..උබ වැඩ කරලම ඇති..ඔය බොරු මදි මාව තම්බන්න..හැම එකාගෙම ජාතික බොරුව ඕක..ගහපිය මෙතන දණ.."

"කෝ තව කවුද කරන් ආවෙ නැත්තේ..චමිදු රනුප කො ගන්නවලා බලන්න.."

"අයියෝ සෑර් මගෙ පොත බල්ලා කෑවනෙ.."

"අනෙ සැර් ගෙදර වැඩ කරන්න කියලා බල්ලට කියන්න අමතක වුනා"

"මොකද්ද තොපි කියන්නෙ..මෙහෙ වරෙන්..බල්ලාට..ඈ බොල උබේ වැඩෙ බල්ලාද කරන්නෙ..උබට මම අද.........."

මාම් පිස්සු පූසාරියා වගේ අර යස්ස පැටවුන්ට නෙලද්දි මන් ශේප් එකේ මාරුවෙලා ආවා..ඔතන මන් ඉදියොත් මටත් කන්න වෙනවා..මුන් ටික යකො මාම්ට ලව්ද..මට දෙකක් කියන්න හිතුනා..මාම්ට හරිනැති නිසා නිකම් ඉදියා..පපාට කියන්නොනේ එයාගේ කප්කේක් එකට ඇඹලයො වහන්න හදන්නෙ කියලා..

මන් එහෙන්ම කිචන් එක පැත්තට බඩගාද්දි ඩැඩි ඉන්නවා මේසේ උඩ ලැප් එකත් දිගෑරගෙන ඒක ඇතුලේ ගිලිලා..

මන් එයා ගාවට ගිහින් පිටිපස්සෙන් බදාගෙන ඉස්සිලා නල්ලට හාදුවක් තිබ්බා.. ආයෙම එයා බලන්නැති තැන උරහිස මිරිකලා හපාගෙන ඉද්දි එයා මාව එහාට කරා..

මන් එයා ගාවින් පුටුව ඇදගෙන වාඩිවෙලා කම්මුල් වලට අත් තියන් මේසෙට බරවෙලා එයා දිහා බලාගෙන ඉදියා..එයාගෙ ඇස් ස්ක්‍රීන් එකට බද්ද වෙලා තිබුනා..

ලග තියෙන පෑනක් අරන් එයාගේ අතේ ඉරි අදිද්දි එයා පෑන උදුරලා අරන් පැත්තකින් තිබ්බා..ඒ කරෙත් ස්ක්‍රීන් එක දිහා බලාගෙන..

ඔන්න ඉතිම් මට දැන් යකා නගිනවා..

"ඩැඩි බඩගිනියි.."

"විනාඩියක් දෙන්න බබා.."

එච්චරයි..එයාට මටත් වැඩිය ඒ වැඩෙ වටිනවා..

එයා කියපු විනාඩිය ගෙවෙනකම් මන් බිත්තියේ තියෙන ඔරලෝසුව දිහා ඇහිපිල්ලම් නොගහා බලාගෙන ඉදියා..

හරි තප්පර හැටයි..එත් එයා ස්ක්‍රින් එක දිහා බලන් ලග තියෙන කොලේ මොනාද ලියනවා..

මට දැනෙනවා මන් හයියෙන් හුස්ම ගන්නවා..

එයා ඉල්ලුවේ විනාඩියයි..ඒක ගියා..එත් එයාට ගානක් නෑ..

මගෙ අත නලියනවා..ඇස් ආයෙත් ඔරලෝසුව දිහාවට යනවා..විනාඩිය ඉවරයි..ඩැඩී ඩැඩී ඩැඩී....

මන් මේසෙට තට්ටු දදා කකුල් හොල්ල හොල්ල කෙන්තිය පාලනෙ කරන්න හදනවා..මේක කෙන්ති ගන්න දෙයක් නෙමෙයි..එත් කේන්තියි මට..

මන් ඇස් පියාගෙන ආයෙත් හැටට ගණන් කරා..එත් එයා එහෙමයි..ඇස් ඇරපු තප්පරේ එයා ලියන පෑන උදුරගත්තු මන් පෑනෙන් අතට ඇනගෙන ඇනගෙන ගියා...

චටාස්................

" පිස්සුද බබා!!!!!!!!!!!!!.."

"බබා..බබා..මගේ දිහා බලනවා..තේජූ..දෙවියනේ ලේත් එනවා..මෙහෙ දිපන් ඕක.."

"තේජූඌඌඌ..."

මන් හිතන්නෙ සිද්ද වෙච්චි දේ එයාටත් හිතාගන්න බැරුව යන්නැති..එයා මගෙ කම්මුලට ගහනකම්ම මන් අතට ඇනගත්තා..

මගෙ වම් අතෙ අල්ල මැදින් ලේ ගලද්දි කලබල වුන එයා පෑන මගෙන් උදුරලා අරන් මාවත් ඇදගෙන ගිහින් අත ටැප් එකට ඇල්ලුවා..

එයා මාව ආයෙත් වාඩිකරවලා කබඩ් එක ඇරලා ෆස්ට් ඒඩ් බොක්ස් එක අරන් ඇවිත් මගේ අතට බෙහෙත් දාන්න ගත්තා..

තුවාලෙ පිහිදද්දි එයාව අත ගැහෙන විදිහ මට දැනෙනවා..

" ඇයි.."

"ඇයි එහෙම කරේ.."

"මට උත්තර ඕනි තේජු..ඇයි මන් බලපු නැති නිසාද..ආ..මම ටිකක් ඉන්න කියලා කිව්වනෙ.."

" විනාඩිය ඉවර වුනා.."

"ආහ්.."

"ඔයා ඉල්ලුව විනාඩිය ඉවර වෙලා දැනටමත් විනාඩි පහක් වෙනවා ඩැඩි.."

" දෙවියනේ දරුවො..එහෙමයි කියලා..තමන්ටම..මොකද්ද තෙජු මේකෙ තෙරුම.."

තෙරුම මමත් දන්නෙ නෑ ඩැඩි..ඔයා මාව ගණන් නොගත්ත විනාඩි ගානෙදි මට මාවම මරාගන්න හිතුනා..එවෙලෙ පෑනක් නැතුව පිහිටක් තිබුනත් මන් ඒකම කරයි..මටත් තෙරෙන්නැ ඩැඩි..මට තෙරෙන්නෑ..ඔයා මාව නොසලකා හරිද්දි මට රිදෙනවා..ඒක වෙන අයට වගේ නෙමෙයි..ඔයා..ඔයා එහෙම කරද්දි මට විශේෂයෙන් දැනෙනවා..

එයා මගේ අත බැන්ඩෙජ් කරේ ලොකු තුවාලයක් බැන්ඩෙජ් කරනවා වගේ..සම්පූර්න අතම ඔතලා..

"අම්මපා බබා උබ ආයෙ උබටම රිද්ද ගත්තොත් උබට මම.....කොහෙද යන්නෙ..තේජු..ඔහොම ඉන්නවා..බඩගිනියි කිව්වා නෙද..තේජු..තේජූ..ඔහොම ඉන්නවා.තේජූ..ඉදපන්කො මැනිකේ..තේජූ.."

එයා මගෙ අත බැන්ඩෙජ් කරලා.ඉවර වෙනවත් එක්කම මුකුත් නොකියා මම ගෙයින් එලියට එද්දි එයා මගෙ පස්සෙන් ඇවිත් මාව නවත්ත ගන්න හැදුවා..මන් බයික් එකට නැගලා ස්ටාර්ට් කරලා වත්තෙ එලියට දාද්දි එයා බලාගෙන ඉන්නවා සයිඩ් මිරර් එකෙන් දැක්කත් මන් එන්න ආවා.........

ගාලු පාරට වාහනේ දාලා පැත්තකින් නවත්තපු මම ෆොන් එක අරන් කොල් එකක් ගත්තා..

"හෙලො චෑම්ප්...මොකද මේ අපිව මතක් වෙලා.."

"හෙ..ලො..අකි..ත්..පපා..."

දුකක් තරහක් දැනුන හැමදාකම මම කතා කරපු එයාගේ කටහඩ ගාව අදත් මාව උනුවෙද්දි කැඩිච්ච වචන වලින් හැමදාම වගේ එයා මාව තේරුම් ගත්තා..

" ඇයි පැටියො..ආයෙත් කේන්ති ගියාද.."

"ම්ම්ම්ම්.."

"මන් එන්නද.."

"එපා..මන් එන්නම්..."

"හ්ම්..පරිස්සමෙන් එන්න චූටියො..අද යසස් පපාත් චීස් කේක් හැදුවා..ඔයා ආසයිනේ නේද...හිමීට එන්නකො.."

"ම්ම්ම්ම්ම්..."

කොල් එක කට් කරපු මන් යසස් පපාගෙ ගෙදර පැත්තට හැරෙව්වා..අම්මලා තාත්තලා නැතුව අසරන වෙච්චි ලමයි අතරේ..මගේ නොවන මගේම අයගෙන් මන් අම්මගෙ තාත්තාගෙ ආදරෙ නොඅඩුව විදගත්තා..මාම් පපා විතරක්ම නෙමෙයි මාම්ගේ නෑදෑ අයියලා ඔක්කොමත් මට එයාලගෙම දරුවා වගේ සැලකුවා..විශේෂයෙන් අකීයසස් දෙන්නා..එ දෙන්නාගෙ ලමයා මම වුනා..ඩැඩී මගෙ භාරකාරයා විදිහට ඉදියට මොකද එ හැමෝම මාව බලාගත්තා..තාත්තිගෙයි ඩැඩාගෙයි අඩුව නැතිකරන්න බැරිබව ඇත්ත..එත් ඒ අය ඒ අඩුව මට මතක් නොවෙන විදිහට මට ආදරෙ දුන්නා..

මාම් ගාවදිවත් ඕපන් වෙන්නැති මාව අකි පපා ඉස්සරහාදි ඉබේටම ඕපන් වෙනවා..ඒක ඉස්සර ඉදන්ම එහෙමයි..ස්කොලවලදි ප්‍රශ්න ආවත්..පාලුවක් තනිකමක් දැනුනත්..මන් කතා කරේ එයාට..කොටින්ම ඩැඩි ගැන මගෙ හිතේ තියෙන්නෙ වෙනස් විදිහේ ආදරයක් කියලා දැනුන පලවෙනි වතාවෙම මන් කතා කරේ අකිත් පපාට..

ටිකෙන් ටික ඩැඩි මාව රිජෙක්ට් කරද්දි එන කේන්තිය පාලනේ කරගන්න කියලා දුන්නෙත් අකිත් පපා..

එයා කියන විදිහට අනිත් අයට වඩා ටිකක් වැඩියෙන් මට කෙන්ති යනවලු..ඒකත් එක්කෙනෙක් සම්බන්ද දේවල් වලදි විතරක්..

බෙහෙත් බොන්න ඕන තරමට දරුනු නොවුනත් counseling දෙන්න ඕන මට්ටමක්ලු..

අතිතෙ ගැන කල්පනාවෙන් එද්දි දුසෙ අංකල්ගෙන් ආපු කෝල් එක දැකලා මට ආයෙත් කේන්ති ගියා..

ඒ ගමන මොකද දන්නෑ

"ඇයි මොකද...."

" එන්නම්..."

ආයිෂ්..පුදුම වදයක්..

අකිත් පපාට මන් එන්න ටිකක් පරක්කු වෙනවා කියලා මැසෙජ් එකක් දාලා මන් කම්පැනියට ආවා..

මට දැන් මේක දැකලාම අප්පිරියයි..එව්ව්..එච්චරටම එපා වුනා..

දුසෙ අංකල්ගේ කැබින් එක ගාවට ඇවිත් එක්ස්කියුස් නොකරම දොර ඇරගෙන මන් ඇතුලෙන් වාඩිවෙද්දි එයා මගෙ පැත්තට ෆයිල් එකක් දික් කරා..

" මේකෙ පොඩි ප්‍රශ්නයක් තිබුනා..රීචෙක් කරද්දි අහුවුනේ..මන් ඒක හරියට හැදුවා..මෙතනින් ඔයාගෙ සයින් එක දාන්න.."

එයා මට පෙන්නපු තැන් වල සයින් එක දාපු මන් ලග තිබුන වතුර බොතලේ කඩලා බිව්වා..

" මේක අපිට යවන්න පුලුවන්..අලුතෙන් හදන හොටෙල් එකේ මිටින්ග් එකක් අපි කලින් තිබ්බා..ඔයා ගිය වෙලේ..අපි අලුත් අයිටම් එකක් ඇඩ් කරා..මෙ තියෙන්නෙ ඒක..හැමොම ඇග්‍රී වුනා..ඔයා මොකද්ද කියන්නෙ.."

දුසේ ඊලගට දික් කරපු මැගසින් එකෙ පිටු ඕනාවට එපාවට පෙරලලා බලපු මම ඒක ආපහු එයාට දුන්නා..

" මන් කැමතියි.."

ඇත්තටම ඒකෙ අවුලක් නැහැ..

"ගුඩ්..එහෙනම් ඒක පටන් ගමු.."

"හ්ම්..එච්චරද.."

"ම්ම්.."

ලොකු දෙයක්..තව ඉදියොත් නම් මාව පුපුරන්න බැරි නෑ..

මන් පුටුවෙන් නැගිටලා ආපහු එන්න ආවා..බඩත් කෑගහනවා..යසස් පපා ගාවට ගියානම් මේ වෙද්දි බඩපැලෙන්න කනවා..

"බේබි බෝයි.."

"ආහ්..."

යසස් පපා හදන චීස් පැස්තා එක මැවි මැවි පෙනෙද්දි දුසෙ අංකල්ගේ සුපුරුදු ආමන්ත්‍රයෙන් මගෙ චිත්‍තරූපේ බිදිලා ගියා..

"ඇයි.."

දොරගාවට ගියපු මන් ආපහු හැරුලා එයාගෙන් අහද්දි එයා සීට් එකේ තිබ්බ කෝට් එක අතට දාගෙන මගෙ දිහාවට ඇවිදන් ආවා..

" බේබි බෝයිට කේන්ති ගිහින්ද.."

"ආහ්...නැ...ඇයි.."

ඇයි මට කේන්ති ගිහින් නම් ඔයා නිවන්නද..අනෙ නිකන් ඉදපන් දුෂ්මන්තේ..

" ම්ම්ම්ම්ම්..මට පේන්නෙ නම් බේබි බෝයි ඉන්නෙ කේන්තියෙන්.."

"අනේ මේ දුසේ.....මන් දැන් සැරයක් කිව්වානෙ මට කෙන්ති ගියෙ නෑ කියලා..ඔයා දෙමලද..සිංහල තෙරියුමා..නැ..නෑ කියන්නෙ නෑ.."

" හරි ඉතිම් ඇයි බේබි බෝයි මේ කේන්ති අරන්.."

අනේ මේකාට මම...

"මන් දැන් නෑ කිව්වා නේද..මට කෙන්ති ගිහින් නෑ..නෑ..නෑ..නෑ..නැ කිව්වාම නෑ..තේරෙන්නැද්ද.."

"ම්ම්ම් තේරෙන්නෑනේ..තෙරුම් කරලා දෙන්න බැරිද.."

"මොකද්ද.."

"ඔයා කේන්තියෙන් නෙමෙයි කියලා.."

අනේ හත්තො...මේන් මේකාට ගහපන්කෝ...ආර්හ්..යසස් පපා පාස්තා එක ඕනීහ්හ්හ්...

" ඔයාට මම-..."

ආයිශ්..මෙ බඩත් දැන්ම කෑගහුවානෙ...කාපන් තෝ මාව...ආර්හ්....ඩැඩී..අයි ෆක් යූ...අම්මපා අද මන් තමුසෙව බොටම් කරනවා ඩැඩී...

"ආහ්..මට තේරුනා..බේබි බෝයි..මට බඩගිනියි..මාත් එක්ක කන්න එනවානෙද ඔයා.."

මේ මේ දුසේ අංකල්..ඔයාට ඔය නලවන බාසාව සෙට් නැ හරි..හිමිට ඇහෙන්නැති ගානට මුමුණන මිනිස්සු මට පේන්න බෑ..වුට්ට මයිලුත් කෙලින් වෙනවා..මට කන්නොන්නෑ...මට පාස්තා ඕනේ..

"සොරි..මට ගමනක් යන්න තියෙනවා..එන්ජෝයි යුවර්සෙල්ෆ්.."

"හව් සෑඩ්...තනියෙන් කන්න බෑනෙ බේබි බෝයි..ප්ලීස් එන්නකො..අපි කාලෙකින් මෙ හම්බුනේ.."

අනෙ මට මේකාට දෙකක් අනින්න ඔනි..

" කෝ ඉතිම්..එනවා නේද.."

"හ්ම්.."

"හ්ම් කිව්වේ ඇයි බේබි බොයි..එකිව්වෙ එනවා කියලද.."

"ම්ම්ම්.."

"ම්ම්ම් කියලා කිව්වෙ..එනවා කියලද.."

"ඔව් ඔව්..මේ එනවනම් එන්න නැත්තම් මන් යනවා.."

"හාහ්..හරි හරි යමු බේබි බොයී.."

මේකාට හිනා..උබර් හිනාවෙයන් දුසේ..එරිකා සාක්ශි පිට කිව්වත් එදා මාව අල්ලගත්තේ තමුන්මයි..cctv වලට අහුනොවුනට ඒ ආවෙ ඔයා..මට සීයට දාහක් ශුවර්..එරික්ට පිස්සු ඌ හිතන්නෙ දුසේ නැති සාංකාවට මට එයාව මැවිලා පෙනුනා කියලා..අනේ එරික්ගේ අම්මාට එලකිරි දොවන්න..මන් කියන්නෑ තව..මට වෙන වැඩ නෑනේ මේ මගුල නැතුව සාංකාව හැදෙන්න..එව්ව් එව්ව්..මොන ඒසකමක් ද ඒඑ...මට මේකාව පේන්න බෑ...මොනාවුනත් දුසෙ අංකල් උබර්ගෙන් මන් පලිගන්නවා එච්චරයි......

"බෙබි බොයි.."

"ඇයි??.."

"ඔයත් හරියට ඩැෆඩිල් මලක් වගේ.."

"ඇයි එහෙම කිව්වෙ..???"

________________________

හායි..මිහිරාව ආවා...😗

ඔයාලා මන් නැතුව පාලුවෙන්ද ඉදියේ ඉචිම් 😗👉👈

ඕන් මාත් ආවා...දුසේත් ආවා...😾

කමෙන්ට් දාන්න හරිත..😾 ඊලග එක ඔන්නම්..😾

එන්නම් 😾😗

ආදරෙයි😗❤️

_Gojo_

Share This Chapter