Back
/ 49
Chapter 34

Chapter 34

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

ඒක aesthetic type එකට ඉදිවුන restaurant එකක්..කොලඹින් ටිකක් එහාට වෙන්න දුෂ් අංකල් මාව එක්කගෙන ආපු restaurant එකට ආවත් හරි මගෙ හිත හිමින් සිරුවේ නිවෙන්න ගත්තා..

බීච් එක පැත්තට වෙන්න තිබුන පොඩි කුටියක අපි දෙන්නා වාඩි වෙද්දි ඒක වටේට කහා සුදු කලු පාටවල් වලින් හැඩ වෙලා තිබුනා..අමුතු ලියවැල් තාලෙකට හැඩ ගැසිලා තිබුන ඒ කුටියේ කනු වටෙට කොලපාට වැල් වලින් එතිලා ගිහින්..

තැනින් තැන පුංචි පොසීලේන් පොච්චිවල දාලා තිබුන ඩැෆඩිල් මල් ටික මුහුදු හුලං වලට ලතාවකට පැද්දි පැද්දි ඉදියා...

මුහුදයි ඩැෆඩිල් මලුයි.....

ඒක වෙනස්ම විදිහේ ගැලපීමක් නොමැති එකතුවීමක්..

අපි ඉදපු හරිය හවස් නොවුනත් අදුරට බර වෙලා තියෙද්දි ඒ අදුර නැති කරන්න වේවැල් වලින් වියුන බෝල හැඩැති අමුතු කූඩු වර්ගයක් ඇතුලේ තිබුන කහාපාට බල්බ් එකකට පුලුවන් වුනා...

මෙතන restaurant  එකේම කෑල්ලක් වුනත් දුඹුරු පාට සරත් සුවදින් වැහිලා තිබුන restaurant එකේ ඉදිරිපසට වඩා නැවුම් විදිහෙ සුන්දරත්වයකින් වෙනස් වෙලා තිබුනා..

වටේ ලොකුවට කවර් කරලා තිබුනේ නැති නිසා එලියෙන් හමාගෙන ආපු මුහුදු සුලගත් අපේ ඇගේ වැදිලා යද්දි තැනින් තැන පත්තු කරලා තියෙන කුරුදු සුවද ඉටිපන්දම් වලින් දැනෙන උනුසුමෙන් හා නැවුම් බවෙන් මනස සැහැල්ලු වෙනවා...

"බේබි බොයි..ඔයා මොනවද කන්න කැමති.."

මෙනුපතට ඇස් යොමාගෙන ඉදපු එයා වටේට ඇස් යවමින් ඉන්න මට කතා කරා..

" මොනවා හරි සිම්පල් දෙයක්..මට ගමනක් යන්න තියෙනවා..එ නිසා ඉක්මන්ට කාලා යමු.."

බර දෙයක් කන්න බෑ යසස් පපාගේ පාස්ටා එක මන් එනකන් බලාගෙන ඉන්නවා..එවුනාට ඉක්මනින් කාලා යමු කිව්වට මගේ හිත යන්න කැමති නෑ වගේ..

එයා මටත් එක්ක මොනවා හරි තෝරලා ලග ඉදපු කොල්ලාට මෙනු එක දීලා යැව්වා..

පරණ කාලේ සීඩි තැටි දෙක තුනක් බිත්තියේ එල්ලලා තියෙද්දි ඊට යටින් වයිලින් එකක් තිබුනා...පරණ ආරෙට හැදුන ගිටාර් එකක් එල්ලලා තියෙනවා දැකපු දුෂ් අංකල් ඒක ගාවට ගිහින් ගිටාර් එක දිගේ එයාගෙ ඇගිලි ගිනිච්චා..

වයිට් ෂර්ට් එක වැලමිට ගාවට වෙනකම් නවලා ඇදගෙන ඉදපු එයා උඩ බොත්තම විතරක් ඔපන් කරන් ඉදියා..එයාගේ පිට අල්ලෙ තියෙන උකුස්සෙක් ඉන්න ටැටූ එකේ කියාගන්න නොතේරෙන ආකර්ෂණීය බවක් දැනෙනවා..

ගිටාර් එක අතට ගත්තු එයා ඒක උඩ තිබුන ඩස්ට් එක ගසලා දාලා ඒකත් අරන් ඇවිත් පුටුවෙන් වාඩිවෙලා තත් දිගේ ඇගිලි ගෑව්වා..

එයා හරියට ඉන්නෙ ගිටාර් එකට වෂීවෙලා වගේ..ඒකෙන් ඇස් අහකට ගත්තෙම නැහැ..

පොඩි තනුවක් එයා ඒකෙන් ප්ලේ කරද්දි ඉබේටම එයාගෙ ඇස් වැහිලා ගියා..තප්පර ගානක් තත් වලින් සංසුන් තනුවක් වයපු එයාගෙ මූනෙන් හිනාවක් ඇදෙනවත් එක්කම එයා ආයෙත් ඇස් ඇරියා..

කලාතුරකින් දකින්න පුලුවන් නිවුන හිනාවක්.......

එයා එහෙමත් හිනාවෙන්න දන්නවද..පුදුමයි........

එයා ඇස් ඇරපු ගමන් බැලුවේ මන් දිහා..නොහිතපු විදිහට එ ඇස් මගෙ දිහාවට එල්ල වෙද්දි පොඩ්ඩක් ගැස්සුනත් මන් එක නොපෙන්වාගෙන එයා දිහා හිස් හැගිමකින් බලාගෙන ඉදියා...

එ ඇස් වල තියුනු බව කොච්චරක්ද කියනවානම් එයා සංසුන්ව මගේ දිහා බැලුවත් ඒ ඇස් වල ගැබ්වෙලා තියෙන හැගීම් වලින් අනිත් කෙනාව හිරකරලා දාන්න පුලුවන්...

එත් තප්පර ගානකට මට හිතෙනවා එ ඇස් වල නපුරු කම අස්සෙ හැංගුන අහිංසක බවකුත් තියෙනවා කියලා...

අහිංසක...තේජූ...උබට අමු කැවිලාද...මොනාද උබ මෙ හිතන්නෙ..දුෂ් අංකල් අහිංසක වෙන්න...නෝ වේ..එදා මට ගහපු එකෙගෙ අතක් කිසිම අනුකම්පාවක් නැතුව කපලා දාපු එයා අහිංසකයි නම් ඒක විහිලුවක්...

" බෙබි බෝයි.."

"ආහ්.."

අපෙ ඇස් එකිනෙකාට යාවෙලා තියෙද්දි එයා මට කතාකරපු නිසා මම එ ඇස් වල හැගීම් කියවන එක ටිකකට නතර කරා..

"If you don't mind..Can I play you a song?...."

"hm..go ahead.."

සිංදුවක් මේ මොහොතට ලස්සනට ගැලපෙනවා......

මගෙ අවසරය හම්බෙනවත් එක්කම ආයෙත් හිනාවුන එයා ගිටාර් එක ආයෙත් ප්ලේ කරන්න ගත්තා...

මෙතනට ගැලපෙනම සිංදුව අපි ආපු  වෙලාවෙ ඉදන් මගෙ හිතේ වැයෙද්දි ඒ හුරුවටද මන්දා එයා ගිටාර් එකෙන් වයන තනුව මට හුරුවට දැනුනා...

(මෙක අහන්න)

ලාවට ඇගේ වැදීගෙන යන ඒ මුහුදු හුලගයි..හුලගට එහාට මෙහාට පැද්දෙන කූඩු වගේ එල්ලුන දැල්වෙන බල්බ් වල එලියයි..කුරුදු සුවද වටේටම පතුරන ඉටිපන්දමුයි..ඒ සුවද අස්සෙන් ගලාගෙන එන ඩැෆඩිල් මල් වල සුවදයි එක්ක එයා මුමුණන වචනයක් ගානෙ මගෙ කන්වල රැව් දෙන්න ගත්තා...

හිරිගඩුත් පිපිලා..මන් හිතන්නෙ මුහුදු හුලගට..

කන් රතුවෙනවා දැනෙනවා..එ අස්සෙ හාට් එකත් ගැහෙනවා..

එයාගෙ ගැඹුරු කටහඩ අපි ඉන්න පොඩි කුටිය ඇතුලෙ රැව් දෙද්දි එ සිංදුව මගෙ ඉස්සරහා කියන්නෙ එයාමද කියලා මට තාමත් හිතාගන්න බෑ...

මන් තාමත් ඉන්නෙ ඇහෙන සිංදුව අදහාගන්න බැරුව..

මගෙ ඇස් වලට කදුලු පිරෙනවා...

ඇයි එ...

ඇයි ඔයාම...

ඇයි එයා නොවි ඔයාම වුනේ..

මන් බලාපොරොත්තු වුනේ මෙ සිංදුව එයා මට කියනවා අහන්න..

එත්...ඔයාගෙන් මෙහෙම දෙයක්...

මෙහෙම කරන්න එපා..

ඇස් අගින් බේරෙන්න දගලන කදුලු වැල් පිටවෙන්න නොදි මන් දරාගෙන ඉද්දි එයා ඇස් පියාගෙන සිංදුව ඇතුලේ ජිවත් වෙන ගමන් ගිටාර් එක වාදනය කරනවා..

මගේ අත් කිටි කිටියේ තද කරන් මෙ දැනෙන හැගීම මගෙ හිතෙන් උදුරලා විසික් කරන්න උත්සාහා කරා..

මට හිත හදාගෙන ඔයාගෙන් පලිගන්න දෙන්න දුෂ් අංකල්..මන් කැමති නැ මට ආදරෙ දෙන අයව රිද්දන්න..එත් ඔයාව....ඔයාව නොරිද්දලා බැ...එත්..රිද්දන්නත් බෑ......

මට එයාලව නැති කරපු ඔයාට මන් සමාවක් දෙන්නෙ කොහොමද??..

මෙ දේවල් තවත් අමාරු කරන්න එපා..

ඔයා මොනදේ කරත් ඔයාට සමාවක් නැහැ...

එත් මගෙ හිත..........

ඇස් අගින් බෙරිලා යන කදුල පිහිදගත්තු මන් ලග තිබුන වතුර බෝතලේ කඩලා බිව්වා...

එත් එක්කම සිංදුව ඉවර කරපු එයා ඇස් වලින් හිනාවෙලා මගෙ දිහා බැලුවා..

"how is it?.."

"ahm..its good..and perfectly match to this vibe.."

" බේබි බෝයි ඒකට කැමතිද.."

" ඔව්..එක ලස්සන සිංදුවක්.."

"ම්ම්ම්...බෙබි බොයි දන්නවද ඩැෆඩිල් කියන්නෙ මගෙ ජීවිතේට වසන්තෙ අරගෙන ආපු මලක්...My favorite.. "

"හ්ම්.. ලස්සන මලක්..දුෂ් ඇයි ඒකට ඔච්චර කැමති.."

මන් එහෙම අහද්දි අද දවසට කීවෙනි වතාවටද මන්දා මන් දැකපු ඒ නිවුනු හිනාව මට දීගෙන එයා ගිටාර් එක පැත්තකින් තියලා වාස් එකෙ තිබුන එක මලක් අතර අරන් සුවද බැලුවා..

"බේබි බෝයි දන්නවද...සීතල ඍතුවෙ අවසානෙට පිපෙන ඩැෆඩිල් මල බලාපොරොත්තු අත්හැරගන්න හදන මිනිස්සුන්ට කියනවා බලාපොරොත්තු අත් නොහැර තව ටිකක් දරාගෙන ඉන්න , වසන්ත සමය ඉක්මන්ටම එනවා කියලා..සීතල අදුරු දවස් වල අවසානය කියලා දෙන ඩැෆඩිල් මල වසන්තයට පාර පෙන්වනවා.....

දවසක් එක ඩැෆඩිල් මලක් මටත් පාර පෙන්නුවා.."

"මලක්??.."

"හ්ම්..පුංචි ඩැෆඩිල් මලක්..එයාටම ආවෙණික වුන වෙනස් කහා පාටක් තිබුන මලක්.."

"ආහ්..එහෙමද.."

දුෂ් 'එයා' කිව්වෙ මලටද.....

"බෙබි බෝයි කැමති මලක් නැද්ද.."

"නැ..මන් කිව්වෙ එකක් කියලා නෑ.."

මන් කැමතිත් ඔයා කැමති මලටම තමයි දුෂ්....

"බෙබි බොයි.."

"ආහ්..ඇයි??.."

"ඔයත් හරියට ඩැෆඩිල් මලක් වගේ.."

"ඇයි එහෙම කිව්වෙ..???"

"සර් ඔයාලාගෙ ඕර්ඩර් එක රෙඩී.."

"ගේන්න..."

මොන හරුපයක්ද..මාත් ඩැෆඩිල් වගේලු..මන් එයාගෙන් ඇයි කියලා අහද්දිම වේටර් අපෙ කෑම එක අරගෙන ආපු නිසා අපෙ කතාව එතනින් නතර වුනා..

.

.

.

.

.

.

"යසස් පපා ඔයාලගෙ සුනාමිය ආවා...."

දුෂ් එක්ක කෑම කාලා ඉවර වෙලා එයා මන් ආයෙ බයික් එකෙ නැගලා යසස් පපාගෙ ගෙදර ආවා..මන් කම්පැනිය එකගාවට යන්න ලැස්ති වෙද්දි දුෂ් අංකල් එයාගේ ගාර්ඩ් කෙනෙක්ට මගේ වාහනේ අරන් එන්නත් කියලා..කොහොමහරි හය පහුවෙන්න කලින් යසස් පපාගෙ ගෙදරට වැඩගන්න මට පුලුවන් වුනා...

"අනේ සූටි කුකූ...ඔයා ආවද.."

"ආයිෂ් යසස් පපා ඔය විකාර නම මට කියන්නෙපා.."

"ආ..එහෙම කොහොමද..චුටි කුකූටනෙ අපි චූටි කුකු කියන්නෙ..

අයියේ මෙන්න අපෙ චුටි කුකූ ඇවිත් පහලට එන්නකො.."

" එන්නකො කුකූ..මන් ඔයාට කෑමක් හැදුවා..."

මාව දැකපු යසස් පපා දුවගෙන ඇවිත් මාව වඩාගෙන උස්සලා තියද්දි කම්මුල මිරිකලා චුටිකුකූ කිව්වා..එව්ව් මන් ආසම නෑ ඕකට..යසස් පපා ඕක මට කියන්නෙ පොඩිකාලෙ දවසක් මම ජිම්පප්පාගේ චුටි කුකූව ඕනෙ කියලා අඩපු නිසා..අවසානෙ එයාලා මට චුටිකුකුවෙක් අරන් දුන්නා...එදා ඉදන් යසස් පපා මට කියන්නෙත් චුටි කුකූ කියලා..එ බොනික්කා තාමත් මගෙ ටෙබල් එක උඩ ඉන්නවා...

මන් එයා එක්ක කිචන් එකට යද්දි මුලු කිචන් එකම පාස්තා සුවදෙන් පිරිලා තිබුනා..එයා ෆිජ් එකෙන් ගත්ත රෙඩ් වෙල්වට් කේක් කෑල්ලකුත් කපලා මට චුට්ටක් කැව්වා..

" රසද?...."

"ම්ම්ම්..රසයි පපා..වාව්..කාලෙකින් ඔයා හදපු කේක් කෑල්ලක රස බැලුවේ.."

"ඔයා රසයි කිව්වනම් මේක රසයි තමා.."

" චෑම්ප්..ඔයා ආවද.."

යසස් පපා මට කවපු කේක් කෑල්ලෙක් තව කැල්ලක් කිචන් එකට ආපු අකිත් ඩැඩාටත් කවද්දි එයා කෑල්ලක් කාලා කේක් එක රසයි කියලා යසස් පපාගෙ කම්මුලට හාදුවක් දුන්නාම යසස් පපා මූණත් රතු කරගෙන උරහිසින් ගස්සලා අහක බලාගත්තා..

"ඉතින්..අද දවස කොහොමද.."

"නරකක් නැ පොඩි හොදක් තියෙනවා.."

"අපි නරක අමතක කරමු..මන් කැමති අර පොඩි හොද දෙ ඔයාගෙන් අහලා දැනගන්න.."

අපි ඉදියේ ඉස්සරහා වැරැන්ඩා එකෙ...බුරිය උල් වෙන්නම යසස් පපාගෙ පාස්තා එක කාලා පැය භාගයක් යන්නත් කලින් එයා අපිට කේක් එක්ක ටී හදලා දුන්නා..ටී එකෙන් හමන එනසාල් සුවදින් නාස් පුඩු පිරිලා ගියා..

"කාලෙකට පස්සෙ මම ආස විදිහේ වයිබ් එකක් තියෙන රෙස්ටුරන්ට් එකකින් ලන්ච් එක ගත්තා..ලන්ච් එක කිව්වට තුනත් පහු කද්දි.."

"ම්ම්..ඉතිම්..කෑම හොදයිද.."

"ඔව්..කෑම රසයි..ඒ හරියේ වීව් එකත් මරු..බීච් සයිඩ් එකට aesthetic vibe එක හොදට යා වුණා.."

"තනියෙන්ද ගියේ.."

"නෑ.."

"මම අහන්නද ඒ කවුද කියලා.."

"දුෂ් අංකල්.."

"ඔහ්..රාහුල් දුෂ්මන්ත්.."

"හ්ම්..එයා තමයි..අනෙ මන්දා.."

"ඇයි??.."

" එයා ගුප්තයි..වෙලාවකට අමුතුයි..නැ හැමතිස්සෙම අමුතුයි..මට පෙන්නන මූණ නෙමෙයි වෙන අයට පෙන්නන්නෙ.."

"හ්ම්..දිගටම කියන් යන්න.."

"දැනගෙනද නැත්තම් අහම්බෙන්ද කියන්න මන් දන්නෑ..එත් එයා කරන හුගක් දෙවල් මට ගැලපුනා..ඔයා දන්නවනෙ අකිත් ඩැඩා දුෂ්මන්ත් කියන්නෙ කවුද කියලා..එයාට විරුද්දව සාක්ෂිත් මට හම්බුනා..එත් කරුමෙට නැතිවුනා..එයා නිසයි මෙ හැම දෙයක්ම වුනේ..ආර්හ්..එයා ගැන හිතද්දි පිස්සු වගේ..මෙච්චර එයාට විරුද්දව සාක්ෂි හම්බෙද්දිත් මගෙ යටි හිත තාම කියන්නෙ එයා නිර්දොශියි කියලා..මට ඒක හරි අමාරුයි..ඩැඩා එයා මට ආදරෙයි..ද මන්දා..මට ඒක දැනෙනවා..ඩැඩා මන් කැමති නැහැ මට ආදරෙ කරන කෙනෙක්ව රිද්දන්න..එත් මට එයාව විශ්වාස නැහැ.."

"එයාගේ ආදරෙ දැනෙද්දි ඔයාගෙ හිත ඒක පිලිගන්නවද..."

"ම්ම්ම්..හිත පිලිගන්නවා..අමුතු සතුටකුත් දැනෙනවා..එහෙමයි කියලා මම ඩැඩීගෙ තැන එයාට දෙන්න හදනවා නෙමෙයි මෙ..මන් එයාට ආදරෙ නැහැ..එත් මගෙ හිත එයාට කැමති..කැමැත්තයි ආදරයයි දෙකක් නේද..ඔයා මට දවසක් කිව්වා..මන් කැමති එයා මගෙ පැත්තෙ ඉන්නවට..ලවර් කෙනෙක් විදිහට නෙමෙයි..එත් මගෙ ලගින් ඉන්න ඔනි..හැබැයි ඩැඩි ඉන්න තැනට එයාට එන්න බෑ..ඩැඩි මගේ ලොකෙම..මන් කැමති මගේ සර්කල් එක වටේ ඉන්න මිනිස්සු ගොඩට දුෂ් අංකල්වත් ගන්න..එත් ඒක තාම නිශ්චිත නෑ..එක්කො එයා පෙන්වන තරම් හොද නෑ..එයා මන් ඉස්සරහා රඟපානවා...ආර්හ්..මට තෙරෙන්නෑ.."

මන් කෙස් ගස් තදින් අල්ලගෙන කකුල් දෙක පුටුව උඩට අරන් එ අස්සෙ මූන ඔබාගත්තා..

"හ්ම් ඇති...දැන් එතකොට ඔයා එයාට ආදරෙ නැනෙ.."

"නැ.."

"එවුනාට එයා ඔයා ලගින් ඉන්න ඔනි..එහෙමනෙ.."

"ඔව්.."

"හ්ම්..කමක් නෑ..දැනට ඔය විදිහට ඉන්න දෙන්නකො එහෙනම්..ලොකුවට හිතන්න යන්නෙපා චෑම්ප්..මන් දන්නවා ඔයා මෙ ටිකේ ඉන්නෙ ලොකූ පිඩනේක..ඉතින් එ අස්සට තව කරුනු දාගෙන ලොකු කරගන්න හොද නෑ..හැමදෙටම වෙලාවක් තියෙනවා..දැනට වෙන දෙවල් වෙන්න අරින්න..හරි වෙලාව ආවම අල්ලගන්න..ඔයාට දකින්න සිද්ද වෙන දෙවල් ගැන ඔනාවට වඩා හිතන්න යන්න එපා..එතකොට දෙවල් තවත් අමාරු වෙනවා මගෙ දරුවො..සමහර වෙලාවට අපි නොහිතනවට වඩා දෙයක් අපේ යටිහිතට දැනෙනවා..එයා දන්නවා..අපි හුගක් වෙලාවට යටි හිතට ඇහුන්කන් දෙන්නෙ නැ..අපි මොකක් හරි දෙයක් කරන්න කලින් සමහර වෙලාවට මයින්ඩ් එකට එනවා මෙක කරොත් අරවගේ නරක විපාකයක් එන්න බැරි නැ කියලා..එත් අපි ඒ සිතුවිල්ල ගනන් ගන්නෙ නැතුව මගාරිනවා..අවසානෙ අපි වරද්දගත්ත වෙලාවට මතක් වෙනවා...ආ මට හිතුනා මෙහෙම දෙයක් වෙයි කියලා..අපිට වැරදෙන්නෙ මනස අපිට සිග්නල් එක දෙන වෙලාවෙදි ඒක හරියට ග්‍රහණය කරගන්නෙ නැති නිසයි..අපි හුගක් අයට වෙන්නෙ ඕක.."

"ඒක නිසා දකින අහන දෙවල් ගැන මනසින් විතරක්ම නෙමෙයි හදවතිනුත් හිතන්න..එ දෙකටම ඇහුන්කන් දෙන්න..එ දෙන්නාගෙන් එකක් අපි තොරගෙන ඒකට අනුව මෙ ගමන යන්න ගත්තොත් යම් තැනකදි වැරදෙන්න පුලුවන්..එක නිසා අපිට මනසයි හදවතයි දෙන්නාගෙම සහය ඕනි..මනසින් අහලා හදවතට ඇහුන්කන් දීලා ගන්න තිරනයක් ගන්න.."

"හ්ම්..මන් දැන් යන්නද.."

"චෑම්ප්ට යන්න ඔනි කියලා හිතෙනවා නම් යන්න පුලුවන්.."

එයාට හිතේ හිරකරන් ඉදපු දෙවල් කියලා දැම්මාට පස්සෙ ලොකු බරක් නැතිවුනා වගෙ දැනුනා..ඩැඩිගෙ කාරණාවලදිත් ඔනාවට වඩා හිතන්න යන්න එපා කියපු එක නම් මටත් ඇත්ත කියලා තෙරුනා..මන් ඩැඩිවත් බය කරලා කරෙ මෝඩ වැඩක්..එතන කලබල කරන්න තරම් දෙයක් සිද්ද වුනේ නැහැ..

.

.

.

.

.

.

ගෙදර යන්න හිතක් නැතිවුනත් ඩැඩි බලන් ඉන්න නිසාම ගෙදරට ආවෙ රෙස්ටුරන්ට් එකෙදි දුෂ් දුන්න ඩැෆඩිල් මල් පොකුරත් අරගෙන....

එයා තාම ඇවිත් නැහැ...

මමාත් පේන්න නැහැ..වත්තෙ වැඩ කරන කෙනෙක් කිව්වේ මාම් එයාගෙ pottery studio එකට දවල් ගියාට පස්සෙ ආපහු එලියට ආවෙ නැ කියලා..එ කියන්නෙ මාම් ඩිනර් අරගෙනත් නැ..

මොකක් හරි ප්‍රශ්නයක්..අද එයාගෙ pottery day එකත් නෙමෙයි..මෙච්චර වෙලා ඉදියා කියන්නෙ ලොකු අවුලක්...

ගේ පිටිපස්සට වෙන්න හදලා තියෙන මාම්ගේ pottery studio එකට ගියපු මම සද්ද නෑහෙන්න දොර ඇරලා බෙල්ල දාලා බැලුවා...

මන් ගෙදරින් තවත් ආසම තැනක් තමයි මේ....

මාම් මෙතන ලස්සනට තියාගෙන ඉන්නවා

ස්ටූඩියෝ එකේ එක පැත්තක් පිරෙන්න එයාගෙ කලෙක්ශන්ස් ගොඩක් තියෙනවා..

එයා ඉන්නවා..ඒප්‍රන් එකෙ මැටි නාගෙන කිරිමැටි ගුලියක් අරන් වාස් එකක් හදනවා..හරියට හදාගෙන එද්දි වාස් එකේ පැත්තක පොඩි ඇදයක් ගිය නිසා එයා වාස් එකම චප්ප කරලා පැත්තකට විසික් කරා...

එයා තව මැටි ගුලියක් අරන් ඒකට වතුර දාලා අනන්න යද්දි මන් තව චුට්ටක් බෙල්ල ඇතුලට දැම්මා

"ආවා නම් ඇතුලට එන්න.."

මාම්ට පිටිපස්සට ඇස් තියෙනවද..යකො මන් සද්දයක්වත් කරේ නෑ..කොහොම දැනගත්තාද මන්දා...

මන් හිමිට මට නෙමෙයි වගේ ඇදුමත් හදාගෙන ඇතුලට ගියා..

"හෙ..හායි මාම්..මන් ඔයාව හෙව්වා..බැලින්නම් ඔයා මෙතනනේ.."

"......"

යොහ් ලොවම නිහඩයි...

"මාම්..ආර් යූ ඔකේ??.."

"පපා එක්ක වලියක්ද.."

මන් අහන ඒවා කනකටවත් නොගෙන එයා එයාගෙ වැඩ..මාම්ට මොන මගුලක්ද වුනේ...ශුවර් ශොට් පපා එක්ක ඇරගෙන..පපා...කො ඔයා..

"ගෝඩ් මාම්..පපා ඔයාට බැන්නාද..ඔයා ඉතිම් බොරුවටනේ එයාව සැකකරන්නෙ හැමතිස්සෙම..මෙ පාර මොකද්ද වුනේ..පපා ඔයාට පට්ට ලෞනෙ අනේ..මොකද්ද අප්පා..හැමදාම කොනක් අල්ලන් ඔයා දගලනවා..පෞ අනෙ පපාව සැක කරන්නෙපා ඔහොම.."

මන් කියවගෙන කියවගෙන යද්දි මාම් මැටි ගුලිය අතෑරලා මගෙ දිහා බැලුවා...යොහ් තේජූ..කන්න වෙයි වගේ..

"මට එයාව සැක නැහැ.."

මාම් එහෙම කියාගෙන ආයෙත් මැටි අනන්න ගත්තා..

මාම් මාව මිරිකනො කියලා හිතාගෙනද මන්දා මැටි ටික මිරිකද්දි ඇගිලි කරු අස්සෙන් කිරිමැටි එලියට පැන්නා..

හරි ඉතිම් ඔයා කියන දෙයක් තමයි..

"මම හැමදාම බොරු හේතුවක් හදන් එයාට කෑගැහුවා මිසක් කවදාවත් එයාව අවිශ්වාස කරෙ නැහැ..මෙ ලෝකේ කාටත් වැඩිය එයා මට ආදරෙයි..මේ ලෝකෙ කාටත් වැඩියෙන් එයාව මට විශ්වාසයි..මන් ඕවර් යද්දි පොඩ්ඩක් සැරකරොත් මිසක් එයා කවදාවත් මට රිදෙන්න කෑගහලා නැහැ..මමයි හැමදාම බොරුවට රිද්දගත්තේ..ඔයාගෙ පපා මට දෙන ආදරෙ උස්මුරුත්තාවෙනුත් උඩට ඇවිත් තියෙන්නෙ..කොච්චර දුන්නත් එයාට මදිලු..එහෙම කෙනෙක්ව මන් ඇයි සැක කරන්නෙ තෙජූ..එයාවගේ පර්ෆෙක්සට් හස්බන්ඩ් කෙනෙක් මට ලැබුනේ මොකද්දො පිනකට..වෙලාවකට මටත් සැකයි ඒ තරම් ආදරයක් ලබන්න මම සුදුසුද කියලත්..මන් කොච්චර ගොන් වැඩ කරලා ඇද්ද..එ හැම එකකදිම එයා මගෙ පස්සෙන් ඉදියා..මගෙ ගොන්වැඩ වලට මාත් එක්කම හිනාවුනා..මන් අඩද්දි මාව සැනසුවා..මන් දුකින් ඉද්දි මාව හිනැස්සුවා..මන් අතෝරක් නැතුව කියවද්දි එයා හැමදෙයක් ගැනම සාවදානෙන් අහගෙන ඉදියා..මන් නිහඩ වෙද්දි එයා මටත් වැඩිය කියවන්න ගන්නවා..මට පණට වඩා ආදරෙ කරන එයාව මන් ඇයි පුතෙ සැක කරන්නෙ..මට හැමතිස්සෙම ඔනි වුනේ එයාගෙ අවදානෙ..එයත් ඒක දන්නවා..මන් ඉල්ලන්නත් කලින් එයා මට අවදානෙ දෙනවා..එයා වැඩක හිරවුනත් මන් ගැන හොයනවා..බැරිම වුන තැනකදි තමයි මන් එයාව කන්න හදන්නෙ..එත් එයා ඒකත් ඉවසනවා..

දවසක් එයා ගැන හිතලා මන් එයාට වද නොදි ඉන්න බැලුවා..එදා එයා හුගක් වැඩ වලට හිරවුන දවසක්..ඕනම කෙනෙක්ට  සීමාවක් තියෙනවනෙ පුතේ..මන් බය වුනා එයාට  මාව එපාවෙයිද කියලා..එ නිසාම මන් එදා එයාට වදයක් නොවි ඉදියා.. එදා හවස් වෙන්න කලින් එයා මාව හොයන් ආවා..ලොකු හදිස්සියකින්..හොදටම බයවෙලා..ආපු ගමන් මාව හග්කරලා ඇහුවා මන් අසනිපේන්ද කියලා..මාව එහාට මෙහාට හරවලා චෙක් කරලත් බැලුවා..ඊටපස්සෙ එකපාරටම අඩන්න වගේ මූණ හදාගත්තා..මන් එයාව අමතක කරාද ඇහුවා..එයාට ආදරෙ නැද්ද ඇහුවා..ඉස්සර වගේ එයාව ඔනි නැද්ද ඇහුවා..මගෙ ඔඩොක්කුවේ ඔලුව ගහගෙන පිස්සෙක් වගේ අඩන්න ගත්තා..මන් එයාට කිව්වාම වද නොදි ඉන්න හිතුවා කියලා..එතකොට එයා කිව්වේ මන් එවන එක විකාර මැසෙජ් එකකට පුලුවන්ලු එයාගෙ දවසම සතුටින් තියන්න..මගෙ විකාර වොයිස් රෙකෝඩින්ග්..හෑලි මැසෙජ් දැක්කාම ඒයාට වැඩ අස්සෙත් හිනායනවලු..එතකොට එයාට දැනෙනවාලු එයා ජිවත් වෙනවා කියලා..සමහරෙක්ට විකාරයි වගේ තමයි...එත් එයා වැඩිපුරම ආදරෙ කරන්නෙ මගෙ විකාර වැඩ වලට..එයා හුගක් වෙලාවට මට කියන්නෙ මම එයාගෙ හිනා මල කියලා...

සමහරුන්ගේ ආදරෙ හරි වෙනස් පුතේ..මන් කැමති නැහැ ඔයාගෙ පපා මට ආදරෙ කරන හැටි වෙන අය දැනගන්නවට..මට ඉරිසියයි...මන් දන්නවා එයාගෙ ආදරේ රෝමාන්තික භාවය දරාගන්න බැරුවයි මම දවසක මැරෙන්නෙ කියලා..වෙලාවකට මට මාත් එක්කම ඉරිසියයි..ඔයාගෙ පපාගෙ ආදරණීය පැත්ත මටම දරාගන්න බෑ..එයාව ලබන්න මම කොහොම වාසනාවන්ත වුනාද මන්දා..

මේ ලෝකේ වෙනස්වීමත් දවසක වෙනස් වුනත් මම විශ්වාස කරනවා එයා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියලා..කවුරු මාව දාලා ගියත් මගෙ නුරාග් මගේ ගාව මගේ පැත්තෙන් හිටගෙන ඉදීවී.....

වෙලාවකට මටම බයයි..එයාගෙ ආදරෙ දරාගන්න බැරුම මම පුපුරලා මැරෙයිද කියලත්...

ඉතින් මන් එයාව සැක කරන්නෙ ඇයි??....."

මාම්ගෙ කටින් 'පුතා' කියන වචනෙ පිටවෙන්නෙත් නැති තරම්..එහෙම කියවෙන්නෙත් මෙ වගේ සීරියස් වෙලාවකදි විතරයි..මාම් සිරියස් වෙනවා නම් වෙන්නෙ පපා සම්බන්ද මේවගෙ දෙවල් වලදි තමයි..වැඩිපුරම..මාම් කිව්වත් වගේ පපාගෙ ආදරෙ ගැන කියන්න වචනත් මදි..මම දැකලා තියෙනවා එයා ආදරෙ දෙන විදිහ..වචනාර්ථයෙන්ම එයා පිස්සුවක්..මාම් සෝ ලකී...

හරි පොඩ්ඩක් ඉදපන්..මාම් අවුලෙන් ඉන්නෙ පපා නිසාත් නෙමෙයි නම්..මොකද්ද මෙයා වුනේ..එකපාරටම....

"මන් දන්නවා මාම්..පපා ඔයාට ආදරෙයි..ඔයත් පපාට ආදරෙයිනේ..එවුනාට ඔයා වැඩිපුරම ආදරෙ මට..එහෙමනේද....මන් හරිනේ.."

"ඔව් ඔව් ආදරෙ කරන්නම උබර් බඩුව..පලයන් කොල්ලො යන්න.."

බලන්න ඉතිම් නුරාග් ගැන පත හෑල්ලක් දෙසුවට පස්සෙ මාම්ගෙ මූඩ් ෆික්ස්..

"අනෙ යන්න මාම්..හරි හරි..පපාත් නෙමෙයි නම්..මොකද්ද කියන්නකො ඔයා අවුල් ගිය හේතුව.."

ආන් ඒ ගමන ආයෙත් නිහඩ වුනා..

අයියො මට දැන් පිස්සු වගේ දෙයියෝ...

"මාම් අනේ කියන්නකො මාම්.."

"මෙතනින් වාඩිවෙන්න.."

එයා මට එතන තිබුන බංකුව පෙන්නලා වාඩි වෙන්න කිව්වා..මාත් ඒප්‍රන් එකක් ඇදගෙන වාඩිවුනා..එයා එහෙන්ම තව මැටි ගුලියක් අරන් මගෙ අතට දුන්නා...මන් ඒ ගුලිය pottery wheel එක උඩ එහෙමත් නැත්තම් සකපෝරුව උඩින් තියලා වතුර පොඩ්ඩක් ගාගෙන යට තියෙන පැඩල් එක පාගලා මැටිගුලිය වටේට අත ගෙනිච්චා...

මැටි ගුලිය අපේ අතෙන් දෙන සියුම් තෙරපීමෙන් ලස්සන හැඩයන් මවද්දි ඒක දිහා භාවනා කරනවා වගේ බලාගෙන ඉන්න හිතෙනවා..හිතේ අවදානේ ගානට හදාගෙන යන මැටි ගුලියට දෙන ගමන් හිතේ ඇදුන භාජනෙ ගුලියෙන් මවන්න උත්සාහා ගන්නවා..wheel එක කැරකෙන වේගෙට අත වටෙන් එන තෙරපුමයි මැටි ගුලියයි එකතුවෙලා අවසානෙ සුන්දර නිර්මාණයක් බිහි කරනවා...

මැටි මිශ්‍රණයයි සකපෝරුවයි කඩවසම් පිරිමි දෑතයි...මට අනුව තවත් එක් සරාගී එකතුවක්..

මාම්ට ඉස්සෙල්ලා හදන්න බැරිවුන පෝච්චිය එයා මේ පාර හරියට හදාගෙන තිබුණා..

එයා ඒක හදලා පැත්තකින් තියලා තව මැටි ගුලියක් අරන් ඒක වහන්න පියනක් හදන්න පටන් ගත්තා...

පොඩි කාලෙ මාම් මටත් මේ සාස්තරේ උගන්නලා තිබුන නිසා එයා තරන්ම පර්ෆෙක්ට් නොවුනත් මන් හදපු දීසියෙත් ලස්සනක් තිබුනා...

"මාම්....ඇ..ඇයි මේ???.."

මන් වයර් ක්ලේ කටර් එකෙන් දීසිය කපලා අරන් පැත්තකින් තියලා හැරෙද්දිම මාම්ගේ ඇස් වලින් බේරෙන කදුලු වලින් පොට් එක හේදිලා යනවා දැක්කා..එයා එත් පොට් එක හදනවා..මගෙ සද්දෙ ඇහිලා කලබල වුන පාර මැටි ගැවුන අතින්ම ඇස් පිහදගන්න හදපු පාර මම ඉක්මන් වෙලා ඇදන් ඉදපු ඒප්‍රන් එකෙන්ම අත් දෙක පිහිදන් මාම්ගේ ඇස් වල කදුලු පිහිදුවා...

" ඇයි මගෙ අම්මි මේ..ඇයි ඔයා අඩන්නෙ..මට කියන්නකෝ..හිරකරන් ඉන්නෙපා.."

මගෙ අත් අතරට ඒ මූණ හිරකරගෙන මන් අහද්දි එයා මගෙ අල්ලකට පුංචි හාදුවක් දීලා අඩන්න ගත්තා..

" මං....මං හොද අම්මෙක් නෙමෙයි පුතේ....."

" මොනාද අම්මි මෙ කියන්නෙ..ඇයි ඔහොම හිතන්නෙ..තාත්ති නැතිවුනාට පස්සෙ මාව බලාගත්තෙ ඔයා..තාත්තිගෙ අඩුව මට දැනෙන්න නොදි මාව ලොකු වෙනකන් පරිස්සම් කරෙත් ඔයා..කවුද මගෙ අම්මිට මොනාද කිව්වෙ..මට කියන්න..මන් ඌව මකවනවා..අනෙ අඩන්න එපා මාම්...මට රිදෙනවා.."

එයාගෙ ඇස් වලින් නැවතිමක් නැතුව කදුලු ගලාගෙන යද්දි එ සුදු මූන චෙරි ගෙඩියක් වගේ රතුවෙන්න වැඩි වෙලාවක් ගියෙ නැහැ..

"මම්..මම කියන්නෙ..මම හොද අම්මෙක් නෙමෙයි පුතේ..කොහොමත් මම ඔයාගේ..."

"මොන මගුලක්ද මාම්!!!!..රෙද්දක් කියන්නෙපා..ඔයා මගෙ මාම්..අම්මා..අම්මි මේ හැම දෙයක්ම..මන් දැකපු හොදම අම්මා ඔයා..අම්මපා ආයෙ ඔය මගුල මට ඇහෙන්න කිව්වොත් මම යනවා යන්න මේ ගෙදරින්.."

"අනෙ...ඉහික්..ඉතිම්..හ්හ්..බනින්නැතුව..කියනෙක අහපන්...කො..පුතේ.."

මලපනිනවා මට රෙද්ද..එ අස්සෙ බනින්නෙපා අහන් ඉන්නලු..කේන්ති යන්නෙත් නැහැ ඒ හුරතල් මූන දකිද්දි..දැන් තමා තෙරෙන්නේ මාම් අඩද්දි පපා මාම්ගෙ මූණ කිස් කරලාම හපයක් කරන්නෙ ඇයි කියලා..එයා අඩද්දිත් හුරතයි..ලස්සනයි...තොල් උල් වෙලා..කන් රතුවෙලා..නහය රොස පාට වෙනවා..

"හ්ම්..කියන්නකො එහෙනම්.."

මන් එයාගේ කදුලු ආයෙත් පිහිදලා නලලට හාදුවක් තියලා එයා ගාවින් දණ  ගැහුවා...

"මන්...හොද අම්මෙක් නෙමෙ...ඉන්නකො ටිකක්..හුහ්..කියනකම්..මැද්දෙන් පනින්නෙ..පා..මන් ඒම කිඋවේ..හික්..මම ඔයාගෙ අම්මා වෙලත්..ඔයා ගැන මුකුත්.ම..හික්..දන්නැ..හික්...නිසානේ..හික්..ඇයි...මට..මුකුත්..හික්..කියන්න්..හික්..නැත්තේ...ඔයා..මාව...විශ්වාස...නැද්ද..හික්."

"මාම්..යසස් පපා අද කතා කරාද.."

"නෑ..හික්"

"මාම්!!.."

"හරි ඉතින්..මමයි ඇඋවෙ..හික්..එයා කිඋවෙ නැ.."

ඔය කොරෙ..මේ නිසා තමයි මන් කිසිම දෙයක් කාටවත් කියන්න කැමති නැත්තේ...අකිත් ඩැඩ් එක්ක කතා කරගෙන ඉද්දි යසස් පපා එහාට මෙහාට ඇවිදන් ගියේ ඒකයි එහෙනම්..හොර ගෙඩියා මාම්ගේ කනේ ගිනි ගෙඩිය තිබ්බා..

" දැන්..දැන්...එයාට බනින්නෙපා..හික්..හොදද...මම අහපු..නිසා කිඋවෙ..ඇයි පුතේ මට කියන්න බැරි..ඇයි..මන් හොද අම්මෙක් නෙමෙයි නේද..හික්...ඒකනෙ..මගෙ ලමයා එයාගෙ...හික්..හිතෙ තියෙන දෙවල් බෙදාගන්නෙ නැත්තේ..මට තෙරුම්..ගන්න බැරිද තෙජුවො..."

" නෑ..අම්මියෝ..අහන්නකෝ..ඔයා මන් වෙනුවෙන් කොච්චර දෙවල් කරනවද..මන් ගැන හොයනවා..මට කවනවා..තාමත් මගෙ රෙදි හොදන්නෙ ඔයානේ..මන් එපා කිව්වත්..ඉතිම් මේ පොඩි දේත් ඔයාගෙ ඔලුවට දාන්න මට ඕනි වුනේ නැහැ..මේක එච්චර දෙයක් නෙමෙයි මාම්..මට පොඩ්ඩක් වැඩියෙන් කෙන්ති යනවා එච්චරයි..ගෙදර හැමෝගෙම බර ඔලුව උඩ දරන් ඉන්න ඔයාට තවත් බරක් දෙන්න ඕනි වුනේ නෑ මාම්...මන් පොඩි බබෙක් නෙමෙයි..මට පුලුවන් දැන් මාවත් බලාගෙන අම්මිවත් බලාගන්න හරිද..කො අඩන්නෙපා දැන්..මට කාටත් වඩා ඔයාව විශ්වාසයි..ඔයා මගෙ අම්මානේ..මගේ painkiller එක ඔයා..."

පිස්සු කෝලම..දැන් අඩන ගමන් ලාවට හිනාත් වෙනවා..නහයත් බර වෙලාද කොහෙ...

"හ්ම්....මන් නාඩා ඉන්නම්..එත් තෙජු ඔයා මට අදින් පස්සෙ හැම දෙයක්ම කියන්න හොදද..මට මගෙ ලමයාගෙ දෙවල් බරක් නෙමෙයි..ඔයා ඒවා නොකිය ඉදියොත් අන්න ඒක මට බරක්...එ තරම් දුකක් මට තවත් නැතිවෙයි..එක නිසා..මට..කියන්න...හොදද..."

"හ්ම්..මන් කියන්නම්.."

"මමා ප්‍රොමිස්.."

"යෙප්..මමා ප්‍රොමිස්.."

එයා හිනාවෙලා සුලගිල්ල දික් කරලා ප්‍රොමිස් වෙන්න කියද්දි මන් මගේ සුලැගිල්ලෙන් එ සුලැගිල්ල අල්ලගෙන ප්‍රොමිස් වුනා..

ඇසුත් ඉදිමිලා..මාම් ටැප් එක ගාවට ගිහින් අත් හෝදගෙන මුනත් හෝදගත්තා....

"My darling..බේබ්..ඔයා ඉන්නවද..My little cute pumpkin..අද මොකද්ද මන් කරපු වැරැද්ද..මට සුමතිපාල කිව්වා ඔයා දවසෙම මෙතන කියලා..මගෙ රත්තරනේ මම ඇතුලට එනවා ඔන්න...."

"මළා...පපා ඇවිත්.."

මාම්ව ඇඩෙව්වා කියලා දැනගත්තොත් මාත් ලෙප්ට්..

" තෙජුවො මන් ඇඩුවා කියලා පෙනවද බන්.."

"නැ ඇඩුවා කියලා පේන්නෑ..ඔයා අඩලා හෙම්බත් වෙලා ඉන්නවා කියලා නම් පේනවා.."

"ඔහ් ශිට්...දැන් මොකද කරන්නෙ.."

වෙන මොනා කරන්නද සුරදූත පපා යකෙක් වෙන හැටි බලන්න විතරයි තියෙන්නෙ..

"එක්කො පපාට මන් නෑ කියපන්කො පුතේ.."

"පිස්සුද මාම්..එයා දන්නවා ඔයා ඉන්නවා කියලා.."

"බේබ්..කො ඔයා.."

මාම් ස්ටූඩියෝ එකෙ එහාට මෙහාට දුව දුව හැංගෙන්න හදද්දි පපා දොර ඇරගෙන ඇතුලට ආවා විතරයි මාම් මගෙ පිටිපස්සෙ හැංගුනා...

දැන් නම් මටත් බයයි...

"පපා.."

මන් දත් සැට් එක පෙන්නගෙන පපාව පිලිගත්තා..

"ඔහ්..පැටියත් ඉන්නවනේ.. පැටියගේ අම්මා මොකද හැංගිලා..."

ම්ම්ම් තව ටිකකින් පැටියත් ලෙප්ට්..පැටියාගෙ අම්මත් ලෙප්ට්...

" අනේ  තේජුවෝ..මාවත් අරන් මෙතනින් අතුරුදහන් වෙයන්කෝ.."

"ඔයා හිතුවද මාම් මන් වෙස්ගත්ත පිටසක්වල ජිවියෙක් කියලා.."

"හිතන්න දෙයක් නැ උබ පිටසක්වලයෙක් තමයි.."

මාම් මගේ කන අස්සෙ කුටු කුටු ගාද්දි මාත් පපාට ඇහෙන්නැතිවෙන්න එයාට උත්තර බැන්දා...

පපා බ්ලූ රෝස් බොකට් එකක් අරන් හිනාවෙවී අපෙ පැත්තට ඇවිත් මට චොකලට් එකක් දික් කරලා එතනින් අහකට වෙන්න කිව්වා..

මන් හෙල්ලෙන්නැතුව මාම් ගාව ඉද්දි පපා ආයෙත් ඔලුවෙන් මට එහාට වෙන්න කියද්දි මමත් බෑ කියපු නිසා එයා ඇහිබැමක් උස්සලා මන් දිහා බලාගෙන එකපාරට මාව එහාට කරලා මාම්ව ඇදලා ගත්තා...

" WTF..ඇයි මේ!!!.."

හිනාව පිරිලා ඉදපු පපාගෙ මූන මාම්ව දැක්කා විතරයි බලන් ඉද්දි අදුරු වුනා..එයාගෙ කටහඩ ස්ටූඩියෝ එකෙ රැව් දෙද්දි මාම්ගෙ ඇස් වලට ආයෙත් කදුලු පිරෙද්දි පපා මල් බොකට් එක පැත්තකට කරලා මාම්ගේ උරහිස දෙපැත්තෙන් අත් යවලා එයාව ලගට අරන් මූණට එබිලා බැලුවේ ගිනි ගන්න ඇස් වලින්...

එයා එහෙම්ම මගේ දිහාත් අලු කරන බැල්මක් පා කරද්දි මම මූණ නාටු කරගත්තේ "අනෙ ඉතිම් මන් මොනා කරන්නද" කියලා එයාට කියන්න වගේ..

"යනවා.."

"පපා.."

"හබී..."

"Shut up මනූ..තේජූ leave us..මන් ඔයාව පස්සෙ අල්ලගන්නන්..බබී..තමුන්ට මගේ අවසරය නැතුව අඩන්න බෑ කියලා දන්නැද්ද...ආ..."

පපා මාම්ව අතෑරලා මට දුන්න චොක්ලට් එකත් උදුරගෙන මාව එලවද්දි කන්ෆියුස් වුන මමයි මාමුයි දෙන්නාට දෙන්නා මූණ බලාගත්තා..

පපා චොක්ලට් එකත් බොකට් එක ගාවට විසි කරා..

අනෙ මගෙ චොකලට් එක....

මන් හැරිලා යනවත් එක්කම පපා මාම්ට සැරකරනවා අහගෙන දොර ඇරගෙන එලියට ආවා..

පපා මාම්ට බනියිද..ටිකක් බනිවි හැබැයි..ගහන එකක් නෑ..මටවත් අතක් තියලා නැති එකේ එයා මාම්ට ගහයිද අනෙ..

මන් ගෙ ඇතුලට එන්න ඇවිත් ආපහු හැරිලා මාම්ව බලන්න ආවා..මාම් මාත් එක්කත් ඇඩුවා..දැන් පපා බැනලා අඩන්න ගත්තොත් එයා අසනීප වෙයි..

ශිට්... මෙ ඔක්කොම මන් නිසානෙ..

දොරෙන් එබිලා බලන එක නුවණට හූරු මදි නිසා පැත්තෙ තියෙන ජනෙලෙ පොඩ්ඩක් තල්ලු කරලා ඇරලා බැලුවා..

ආහ් ..අර ඉන්නෙ මාම්..

පපා මාම්ව ඔඩොක්කුවට අරගෙන කම්මුලක් හපාගෙන ඉද්දි මාම් පපා මගෙන් උදුරගත්ත චොක්ලට් එක රස කර කර කනවා..යකූ..මගේනේ ඒක..

පපා මාම්ගේ චොක්ලට් ගෑවුන ලිප්ස් වලට පෙක් එකක් තියද්දි මාම් පපාටත් චොක්ලට් කෑල්ලක් කැව්වා..පපා මාම්ව තද කරලා හග් කරන් ඉදලා ආයෙත් කම්මුලක් හපා කෑවා..

ආර්හ්..මගේ ලමා මනස දූසනය වෙනවා මේවා දැක්කාම..

මට තියෙන ලොකුම දුක පපා මගෙ චොක්ලට් එක මාම්ට දුන්නෙක...

" ඇයි හබී ඔයා පොඩි එකාව බය කරේ..පව් අතේ තිබ්බ චොක්ලට් එකත් උදුරගත්තා.."

" පොඩ්ඩා ඇඹරෙනවා දැක්කාම මන් දැනගත්තා ඔයා ඇඩුවේ ඒකා නිසා කියලා..මට පොඩ්ඩක් කේන්ති ගියාට පැටියා එක්ක තරහක් නෑ..අනික මම එයා ඔයා එක්ක ඉදිවි කියලා හිතුවෙ නෑ..මන් චොක්ලට් ගෙනාවෙ ඔයාට..ඔයාට විතරක් දෙනකොට එයාට මුකුත් නොදි ඉන්නෙක හරි නැනෙ බබා..එක නිසා මල් ටික ඔයාට දෙන්න වගේ ඇවිත් කොල්ලාට චොක්ලට් එක දුන්නා...පස්සෙ ඔයාට අරන් දෙන්න තමා මන් හිතන් ඉදියේ..බට්...ඔයා අඩපු නිසා එයාගෙන් උදුරගන්න ලේසි වුනා.."

" අනෙ මගෙ කපටි චූටි බූටියා..එහෙම කරන්නෙපා මගෙ පොඩි එකා පෞනේ.."

"හ්ම්..පව්නේන්නම්..මන් ඊලග දවසෙ තුන හතරක්ම ගේන්නන්..එතකොට හරිනේ බබා.."

"මගෙ හොද හබී..ආදරෙයි චොකලට් ෆැක්ටරියක් තරම්.."

" මාත් ආදරෙයි..විලිවොන්කා චොක්ලට් වලට ආදරෙ තරමටම.."

ආන් දැක්කාද..බලාපල්ලකො මුන්ගේ ප්‍රෝඪාව..දෙවියනේ මන් රැවටුන තරමක්..පපා ඔයා තමයි දවසකට හරි බඩුව..මටෝන්නෑ එකෙක්වත්..මගෙ මනුස්සයා විතරයි මට ආදරෙ..මුන් ඔක්කොම කපටි බඩු..හුම්...

ඩැඩී..ඩැඩී..අනෙ ඔයා කොහෙදෝ.....

මන් ගෙ ඇතුලට ඇවිත් වොෂ් එකක් දාගෙන ඩැඩිගෙ රුම් එක පැත්තට යද්දි ලයිට් ඔන් වෙලා තියෙනවා දැක්කා..එකියන්නෙ එයා ඇවිත්..හුගක් වෙලාද දන්නැහැ..මන් මාම්ගේ වොෂ් රූම් එකෙන් වොෂ් දාගත්තු නිසා උඩට ගියෙත් නැහැ..සමහර විට දැන් එන්න ඇත්තෙ...

උදෙ ගස්සගෙන ගනන් ගන්නැතුව ගියා වගෙ නෙමෙයි..දැන් එයා ගාවට යන්න ටිකක් අවුල් වගේ..එයාගේ රිඇක්ශන් එක මොනවගෙ එකක් වෙයිද..ශුවර් ශොට්..මන් නිසා  අද එයත් දුකින්..

බූරු පැටියා..ඕක හිතන්නත් දෙයක්ද..මාම් කියන්නෙ ඇත්ත..මන් මහා ගොන් කදක්...

_____________________

හායි මගෙ සුකුටු බුකුටු සුලං කුරුල්ලනී................

දන්සැල් පොලිමේ ඉදන් කොටන මට ඔයාලා බිම ටිකක් වත් දෙන්ඩ ඉචිම්😪...

තේජුගෙයි ඩැඩිගෙයි කෑල්ල ඊලාගේකට දාන්නම් හාත...😌❤️.

අදහස් කියන් යන්න හරිත 😌

අද එපියෙ හුගක් අය ඉදියා නෙහ්..හෙ හෙ ඩැඩි ටමා නැට්ටෙ..

ඉතින් වෙන්දා වගෙම අදත් අහනවා දුසෙ ගැන මොකට හිටෙන්නෙ 😌😌❤️❤️

වොට් දාන්න කමෙන්ට් දාන්න...ආතරෙයි😌..

එන්නම්ම්...😌

_Gojo_

Share This Chapter